යෙදුමෙන් කියවන්න

5. කපොතජාතකවණ‍්ණනා 375 අට‍්ඨකථා

5. කපොතජාතකවණ‍්ණනා (375)

5. කපෝත ජාතකය (375)

ඉදානි ඛොම‍්හීති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො එකං ලොලභික‍්ඛුං ආරබ‍්භ කථෙසි. ලොලවත්‍ථු අනෙකසො විත්‍ථාරිතමෙව. තං පන සත්‍ථා “සච‍්චං කිර ත්‍වං භික‍්ඛු, ලොලො”ති පුච‍්ඡිත්‍වා “ආම, භන‍්තෙ”ති වුත‍්තෙ “න ඛො භික‍්ඛු ඉදානෙව, පුබ‍්බෙපි ත්‍වං ලොලොසි, ලොලතාය පන ජීවිතක‍්ඛයං පත‍්තො”ති වත්‍වා අතීතං ආහරි.

‘ඉදානි ඛොම්හි’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවාසය කරන සේක්, ආශාවෙන් ලොල් වූ භික්‍ෂුවක අරබයා වදාළ සේක. මින් පෙර මෙවැනි අය ගැන කොතෙකුත් විස්තර කරන ලදි. ඉහත කී භික්‍ෂුව ළඟට කැඳවූ බුදුරජාණන් වහන්සේ ඔහුගෙන් ලෝලත්වය ගැන ප්‍රශ්නකොට විස්තර දැන, ‘මහණ, ඔබ ලෝලයකු වූයේ දැන් පමණක් නොවේ. පෙරද ලෝලභාවය නිසාම දිවි පුද කරන්නට ඔබට සිදුවී යැ’යි වදාරා, මේ අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො පාරාවතයොනියං නිබ‍්බත‍්තිත්‍වා බාරාණසිසෙට‍්ඨිනො මහානසෙ නීළපච‍්ඡියං වසති. අථෙකො කාකො මච‍්ඡමංසලුද‍්ධො තෙන සද‍්ධිං මෙත‍්තිං කත්‍වා තත්‍ථෙව වසි. සො එකදිවසං බහුං මච‍්ඡමංසං දිස‍්වා “ඉමං ඛාදිස‍්සාමී”ති නිත්‍ථුනන‍්තො නීළපච‍්ඡියංයෙව නිපජ‍්ජිත්‍වා පාරාවතෙන “එහි, සම‍්ම, ගොචරාය ගමිස‍්සාමා”ති වුච‍්චමානොපි “අජීරකෙන නිපන‍්නොම‍්හි, ගච‍්ඡ ත්‍ව”න‍්ති වත්‍වා තස‍්මිං ගතෙ “ගතො මෙ පච‍්චාමිත‍්තකණ‍්ටකො, ඉදානි යථාරුචි මච‍්ඡමංසං ඛාදිස‍්සාමී”ති චින‍්තෙන‍්තො පඨමං ගාථමාහ –

පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, අප බෝසත් තෙමේ පරෙවි ජාතියෙහි ඉපිද බරණැස් නුවර ප්‍රධාන සිටුවරයාගේ මුළුතැන්ගෙයි විවෘත කූඩුවක ජීවත් වේ. මේ අතර මස්-මාලුවලට කෑදර වූ එක් කාක්කෙක් පරෙවියා සමග මිතුරු වී ඌත් සමග එකට ජීවත් වන්නට කැමති කරවා ගත්තේය. මේ දෙදෙනාම දැන් මුළුතැන්ගෙයි ඇති පරෙවි කූඩුවේ වාසය කරති. එක් දවසක් කපුටා කුස්සිය තුළ මස්-මාලු සකස් කරනු දැක, ඒවා කෑමට කෑදරව හදිසියේ ලෙඩ වූවාක් මෙන්, කෙඳිරිගාමින් කූඩුවට ම වී වැද හොත්තේය. එදින පරෙවියා කෑම සොයා යන්නට සිතා ‘හිතවත, එනු මැනවි. අපි ගොදුරු සඳහා පිටත්ව යමුදැ’යි ඇසීය. එවිට කපුටා කථාකොට, ‘මිතුර, නුඹ යනු මැනවි. මම අජීර්ණයක් නිසා වැදහොත්තේ වෙමි’යි, කියා නිශ්ශබ්ද විය. පරෙවියා කූඩුවෙන් නික්ම ගිය පසු, කපුටා ‘මොහු මාගේ මිතුරෙක් නොව සතුරෙකි. විෂ කටුවෙකි. ඔහු මෙහෙන් ගිය එකම හොඳය. ඒ නිසා මට කැමති හැටියට මස්-මාලු කන්නට හැකි යැ’යි සිතා, මෙසේ පැවසීය.

“ඉදානි ඛොම‍්හි සුඛිතො අරොගො, නික‍්කණ‍්ටකො නිප‍්පතිතො කපොතො; කාහාමි දානී හදයස‍්ස තුට‍්ඨිං, තථා හි මං මංසසාකං බලෙතී”ති.

ඉදානි ඛෙම්හි සුඛිතො අරොගො, නික්කණ්ටකො නිප්පතිතො කපොතො, කාහා මිදානි භදයස්ස තුට්ඨිං, තථාහිමං මංසසාකං බලෙතී ති.

පරෙවියා නික්ම ගියේය. කරදරය පහ විය. දැන් මම සුවපත් ද, නිරෝගී ද වෙමි. එසේම මේ මස් කෑල්ල ද මට බලපෑම් කරයි. එබැවින් දැන් මම හදවතට සතුට ගෙන දෙන්නක් කරන්නෙමි.

තත්‍ථ නිප‍්පතිතොති නිග‍්ගතො. කපොතොති පාරාවතො. කාහාමි දානීති කරිස‍්සාමි දානි. තථා හි මං මංසසාකං බලෙතීති තථා හි මංසඤ‍්ච අවසෙසං සාකඤ‍්ච මය‍්හං බලං කරොති, උට‍්ඨෙහි ඛාදාති වදමානං විය උස‍්සාහං මමං කරොතීති අත්‍ථො.

මෙහි ‘නිප්පතිතො’ යනු ‘නික්මුණේය’ යන අර්ථයි. ‘කපොතො’ යනු ‘පරෙවියා’ය. ‘කාහාමිදානි’ යනු ‘දැන් කරන්නෙමි’ යන අර්ථයි. ‘තථා හි මං මංසසාකං බලෙති’ යනු ‘එසේම මස් ද, සෙසු දෑ ද, මට බල කරයි. එනම් නැගිටුව, කවයි, කියන්නාක් මෙන් මා උත්සාහ කරයි’ යන අර්ථයි.

සො භත‍්තකාරකෙ මච‍්ඡමංසං පචිත්‍වා මහානසා නික‍්ඛම‍්ම සරීරතො සෙදං පවාහෙන‍්තෙ පච‍්ඡිතො නික‍්ඛමිත්‍වා රසකරොටියං නිලීයිත්‍වා “කිරි කිරී”ති සද‍්දමකාසි. භත‍්තකාරකො වෙගෙනාගන‍්ත්‍වා කාකං ගහෙත්‍වා සබ‍්බපත‍්තානි ලුඤ‍්ජිත්‍වා අල‍්ලසිඞ‍්ගීවෙරඤ‍්ච සිද‍්ධත්‍ථකෙ ච පිසිත්‍වා ලසුණං පූතිතක‍්කෙන මද‍්දිත්‍වා සකලසරීරං මක‍්ඛෙත්‍වා එකං කඨලං ඝංසිත්‍වා විජ‍්ඣිත්‍වා සුත‍්තකෙන තස‍්ස ගීවායං බන්‍ධිත්‍වා නීළපච‍්ඡියංයෙව තං පක‍්ඛිපිත්‍වා අගමාසි. පාරාවතො ආගන‍්ත්‍වා තං දිස‍්වා “කා එසා බලාකා මම සහායස‍්ස පච‍්ඡියං නිපන‍්නා, චණ‍්ඩො හි සො ආගන‍්ත්‍වා ඝාතෙය්‍යාපි න”න‍්ති පරිහාසං කරොන‍්තො දුතියං ගාථමාහ –

මෙසේ ඒ කපුටා අරක්කැමියා මස්-මාලු පිස මුළුතැන්ගෙයින් නික්ම එළිමහනට වී දහදිය වියළමින් සිටින කල්හි, කූඩුවෙන් නික්ම, කුළුබඩු රැස්කොට තබා ඇති බේසමට බැස, එහි සැඟවෙන්නට උත්සාහ කෙළේය. එහෙත් කපුටාගේ නිය පහරවල් වැදුණු බේසම ‘කිරි කිරි’ යන හඬ නැංවීය. මේ ශබ්දය ශ්‍රවණය කළ අරක්කැමියා, ‘ඒ කුමක්දැ’යි දැනගනු රිසියෙන් වේගයෙන් මුළුතැන්ගෙට අවුත් බලා, කපුටා දැක එක පහරින්ම ඌ අල්ලා ගත්තේය. කපුටා ග්‍රහණයට ගත් අරක්කැමියා, පළමුකොට උගේ සියලු පිහාටු ගලවා දැමීය. අනතුරුව ඌ පැත්තකින් තැබූ අරක්කැමියා, අමුඉඟුරු ඉස්ම ගෙන, එයින් අබ අඹරා, එයට අඹරා ගන්නා ලද සුදුලූනු ද එක්කොට, කුණු වූ කිරිමෝරුවලින් සියල්ල කලතා කපුටාගේ මුළු සිරුර පුරා මැනවින් තවරා, එක් කැබිලිති කටුවක් බිම අතුල්ලා රවුම්කොට, එහි කෙළවරකින් සිදුරක් කොට නූලක් දමා, එය කපුටාගේ බෙල්ලෙහි එල්ලා, කපුටා, ඌ නිදාගන්නා කූඩුවෙහි සුපුරුදු තැනම තැබීය. මේ අතර කෑම සොයා ගොස් ආපසු පැමිණි පරෙවියා කපුටා දැක, ඌට සිදුවූ හදිය සිතින් සිතා ගත්තේය. එහෙත් කිසිත් නොදන්නාක් මෙන්, පරෙවියා කපුටා දෙසට හැරී, ‘මේ කෙකින්න කවරියක්ද? මාගේ මිතුරාගේ නවාතැනට කුමට පැමිණියාද? කෙකින්න, මගේ මිතුරා චණ්ඩියෙකි. ඌ මෙහි පැමිණියහොත් සිදු වන්නේ මහා විපතකි. ඌ නුඹ මරා දමනු ඇතැ’යි කපුටා විහිළුවට ලක් කරමින් මෙසේ ද පැවසීය.

“කායං බලාකා සිඛිනී, චොරී ලඞ‍්ඝිපිතාමහා; ඔරං බලාකෙ ආගච‍්ඡ, චණ‍්ඩො මෙ වායසො සඛා”ති.

2. මේඝය, මුත්තණුවන් කොට ඇති, සෙරක් වූ, ශිඛා ඇති, මේ කෙකින්න කවරියක්ද? කෙකින්න, ඉවතට යන්න. මගේ මිතුරු කපුටා චණ්ඩියෙකි.

සා හෙට‍්ඨා (ජා· අට‍්ඨ· 2.3.70) වුත‍්තත්‍ථායෙව.

ඉහත සඳහන් ගාථාවෙහි අර්ථ මීට පෙර කියන ලදි.

තං සුත්‍වා කාකො තතියං ගාථමාහ –

පරෙවියාගේ විහිළු කථාව ඇසූ කපුටා, මෙසේ පැවසීය.

“අලඤ‍්හි තෙ ජග‍්ඝිතායෙ, මමං දිස‍්වාන එදිසං; විලූනං සූදපුත‍්තෙන, පිට‍්ඨමණ‍්ඩෙන මක‍්ඛිත”න‍්ති.

3. අරක්කැමියා විසින් පියාපත් සිඳින ලද, අබ පිටි කල්කය තවරන ලද, එවැනි මා දැක සිනාසෙන තාගේ ඒ සිනාසීම නවතුව.

තත්‍ථ අලන‍්ති පටිසෙධත්‍ථෙ නිපාතො. ජග‍්ඝිතායෙති හසිතුං. ඉදං වුත‍්තං හොති – ඉදානි මං එදිසං එවං දුක‍්ඛප‍්පත‍්තං දිස‍්වා තව අලං හසිතුං, මා එදිසෙ කාලෙ පරිහාසකෙළිං කරොහීති.

මෙහි ‘අලං’ යනු ‘ප්‍රතිෂේධනාර්ථයෙහි නිපාතයකි. ‘ජග්ඝිතායෙ’ යනු ‘සිනාසී’, යන අර්ථයි. මින් කියන ලද්දේ මේ අර්ථය යි. එනම් ‘මෙසේ දුකට පත් වී සිටින මෙබඳු මා දැක ඔබට සිනාසීමට සුදුසු නොවේ. මෙවැනි අවස්ථාවක නුඹ මෙවැනි කෙළි-කවටකම් නොකරව යි යනුවෙනි.

සො පරිහාසකෙළිං කරොන‍්තොව පුන චතුත්‍ථං ගාථමාහ –

පරෙවියා නැවතත් කපුටාට විහිළු කරමින් මෙසේ කීවේය.

“සුන‍්හාතො සුවිලිත‍්තොසි, අන‍්නපානෙන තප‍්පිතො; කණ‍්ඨෙ ච තෙ වෙළුරියො, අගමා නු කජඞ‍්ගල”න‍්ති.

4. හොඳට නාපු බව පෙනේ. මැනවින් සුවඳ ගල්වා ඇත. ආහාර පානයෙන්ද සන්තර්පිතය. ඔබගේ බෙල්ලේ ද විදුරු මැණිකකි. කිමෙක්ද? බරණැසවත් ගියාද?

තත්‍ථ කණ‍්ඨෙ ච තෙ වෙළුරියොති අයං තෙ වෙළුරියමණිපි කණ‍්ඨෙ පිළන්‍ධො, ත්‍වං එත‍්තකං කාලං අම‍්හාකං එතං න දස‍්සෙසීති කපාලං සන්‍ධායෙවමාහ. කජඞ‍්ගලන‍්ති ඉධ බාරාණසීයෙව “කජඞ‍්ගලා”ති අධිප‍්පෙතා. ඉතො නික‍්ඛමිත්‍වා කච‍්චි අන‍්තොනගරං ගතොසීති පුච‍්ඡති.

මෙහි ‘කණ්ඨෙ ච තෙ වෙළුරියො’ යනු ‘ඔබේ ගෙලෙහි මේ විදුරුමිණකි. මෙතුවක් කල්, ඔබ එය අපට නොපෙන්නුවෙහි යැ’යි කැබිලිති කටුව සඳහා කී ය යන අර්ථයි. ‘අජංගලං’ යන්නෙන් මෙහිදී ‘බරණැස් නුවර’ අදහස් කෙරේ. ‘කිමෙක්ද? මෙතැනින් නික්ම බරණැස් නුවරටවත් ගියා දැ’යි විචාරායි’ යන අර්ථයි.

තතො කාකො පඤ‍්චමං ගාථමාහ –

ඉක්බිති කාක්කා ඊට මෙසේ පිළිතුරු දුන්නේය.

“මා තෙ මිත‍්තො අමිත‍්තො වා, අගමාසි කජඞ‍්ගලං; පිඤ‍්ඡානි තත්‍ථ ලායිත්‍වා, කණ‍්ඨෙ බන්‍ධන‍්ති වට‍්ටන”න‍්ති.

5. තාගේ මිතුරෙක් හෝ හතුරෙක් හෝ බරණැසට නො ගියේය. එහි පියාපත් සිඳ ගෙලෙහි කැබිලිති කටු බඳිති.

තත්‍ථ පිඤ‍්ඡානීති පත‍්තානි. තත්‍ථ ලායිත්‍වාති තස‍්මිං බාරාණසිනගරෙ ලුඤ‍්චිත්‍වා. වට‍්ටනන‍්ති කඨලිකං.

මෙහි ‘පිඤ්ජානි’ යනු ‘පියාපත්’ය. ‘තත්‍ථ ලායිත්‍වා’ යනු ‘ඒ බරණැස පියාපත් සිඳ’ යන අර්ථයි. ‘වට්ටනං’ යනු ‘කැබිලිති කටුව’ය.

තං සුත්‍වා පාරාවතො ඔසානගාථමාහ –

අවසානයේදී පරෙවියා කපුටා අමතා මෙසේ කීය.

“පුනපාපජ‍්ජසී සම‍්ම, සීලඤ‍්හි තව තාදිසං; න හි මානුසකා භොගා, සුභුඤ‍්ජා හොන‍්ති පක‍්ඛිනා”ති.

6. මිතුර, ඔබ නැවත මේ තත්ත්වයට පැමිණෙන්නෙහිය. නුඹේ ස්වභාවය එවැනිය. පක්‍ෂියකුට මිනිස් ලොව සම්පත් අනුභව කිරීම පහසු නොවේ.

තත්‍ථ පුනපාපජ‍්ජසීති පුනපි එවරූපං ආපජ‍්ජිස‍්සසි. එවරූපඤ‍්හි තෙ සීලන‍්ති.

මෙහි ‘පුනපාපජ්ජසි’ යනු ‘නැවත ද මෙවැනි තත්ත්වයට පැමිණෙන්නෙහිය. නුඹේ ස්වභාවය එබඳුය’ යන අර්ථයි.

ඉති නං සො ඔවදිත්‍වා තත්‍ථ අවසිත්‍වා පක‍්ඛෙ පසාරෙත්‍වා අඤ‍්ඤත්‍ථ අගමාසි. කාකොපි තත්‍ථෙව ජීවිතක‍්ඛයං පාපුණි.

මෙසේ පරෙවියා කපුටාට අවවාද කොට, එහි තවදුරටත් නොවැස පියාපත් විදහාගෙන, වෙනත් නවාතැනක් සොයා පිටත් වී ගියේය. කපුටා එතැනම ජීවිතක්‍ෂයට පත්විය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා සච‍්චානි පකාසෙත්‍වා ජාතකං සමොධානෙසි, සච‍්චපරියොසානෙ ලොලභික‍්ඛු අනාගාමිඵලෙ පතිට‍්ඨහි. තදා කාකො ලොලභික‍්ඛු අහොසි, කපොතො පන අහමෙව අහොසින‍්ති.

බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා සත්‍යය ප්‍රකාශකොට ජාතකය නිමවා වදාළ සේක. දේශනාවසානයෙහි ලෝල භික්‍ෂුව අනාගාමී ඵලයෙහි පිහිටියේය. එදා කපුටා නම්, ලෝල භික්‍ෂුවය. පරෙවියා වූ කලී, ‘මම ම යැ’යි බුදුරජාණන් වහන්සේ වදාළ සේක.

කපොතජාතකවණ‍්ණනා පඤ‍්චමා.

අඩ‍්ඪවග‍්ගො තතියො.

තෙවැනි අඩ්ඪ වර්ගය යි.

ජාතකුද‍්දානං –

මණිකුණ‍්ඩල සුජාතා, වෙනසාඛඤ‍්ච ඔරගං; ඝටං කොරණ‍්ඩි ලටුකි, ධම‍්මපාලං මිගං තථා.

සුයොනන්‍දී වණ‍්ණාරොහ, සීලං හිරී ඛජ‍්ජොපනං; අහි ගුම‍්බිය සාළියං, තචසාරං මිත‍්තවින්‍දං.

පලාසඤ‍්චෙව දීඝිති, මිගපොතක මූසිකං; ධනුග‍්ගහො කපොතඤ‍්ච, ජාතකා පඤ‍්චවීසති.

පඤ‍්චකනිපාතවණ‍්ණනා නිට‍්ඨිතා.

පඤ්චක නිපාත වර්ණනාව නිමියේ ය.