1. අවාරියජාතකවණ්ණනා 376 අට්ඨකථා
1. අවාරියජාතකවණ්ණනා (376)
1. අවාරිය ජාතකය (376)
මාසු කුජ්ඣ භූමිපතීති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො එකං තිත්ථනාවිකං ආරබ්භ කථෙසි. සො කිර බාලො අහොසි අඤ්ඤාණො, නෙව සො බුද්ධාදීනං රතනානං, න අඤ්ඤෙසං පුග්ගලානං ගුණං ජානාති, චණ්ඩො ඵරුසො සාහසිකො. අථෙකො ජානපදො භික්ඛු “බුද්ධුපට්ඨානං කරිස්සාමී”ති ආගච්ඡන්තො සායං අචිරවතීතිත්ථං පත්වා තං එවමාහ “උපාසක, පරතීරං ගමිස්සාමි, නාවං මෙ දෙහී”ති. “භන්තෙ, ඉදානි අකාලො, එකස්මිං ඨානෙ වසස්සූ”ති. “උපාසක, ඉධ කුහිං වසිස්සාමි, මං ගණ්හිත්වා ගච්ඡා”ති. සො කුජ්ඣිත්වා “එහි රෙ සමණ, වහාමී”ති ථෙරං නාවං ආරොපෙත්වා උජුකං අගන්ත්වා හෙට්ඨා නාවං නෙත්වා උල්ලොළං කත්වා තස්ස පත්තචීවරං තෙමෙත්වා කිලමෙත්වා තීරං පත්වා අන්ධකාරවෙලායං උය්යොජෙසි. අථ සො විහාරං ගන්ත්වා තං දිවසං බුද්ධුපට්ඨානස්ස ඔකාසං අලභිත්වා පුනදිවසෙ සත්ථාරං උපසඞ්කමිත්වා වන්දිත්වා එකමන්තං නිසීදිත්වා සත්ථාරා කතපටිසන්ථාරො “කදා ආගතොසී”ති වුත්තෙ “හිය්යො, භන්තෙ”ති වත්වා “අථ කස්මා අජ්ජ බුද්ධුපට්ඨානං ආගතොසී”ති වුත්තෙ තමත්ථං ආරොචෙසි. තං සුත්වා සත්ථා “න ඛො භික්ඛු ඉදානෙව, පුබ්බෙපෙස චණ්ඩො ඵරුසො සාහසිකො, ඉදානි පන තෙන ත්වං කිලමිතො, පුබ්බෙපෙස පණ්ඩිතෙ කිලමෙසී”ති වත්වා තෙන යාචිතො අතීතං ආහරි.
‘මාස්සු කුජ්ඣි භූමිපති’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවෙසෙන සේක්, එක් තීර්ථ නාවිකයකු අරබයා වදාළ සේක. සැබවින්ම මෝඩයකු වු ඔහු අනුවණ තැනැත්තෙකි. බුද්ධාදි රත්නත්‍රයෙහි ගුණ නොදන්නා ඔහු, අන් කිසිදු පුද්ගලයෙකුගේ ගුණයක් ද නොහඳුනයි. එසේම ඔහු චණ්ඩියෙකි. පරුෂය. සාහසික පුද්ගලයෙකි. කිසියම් දිනක දනව් වැසි එක් භික්ෂුවක් බුදුරදුන්ට උපස්ථාන කිරීම සඳහා එමින් සිටියේය. මේ ගමනේ දී සැඳෑ සමයක, ‘අචිරවතී’ ගංතෙරට පැමිණි ඒ භික්ෂු නම ඉහත කී සැරපරුෂ නාවිකයා වෙත එළඹ, ‘උපාසකය, එගොඩට යාමට කැමැත්තෙමි. ඒ සඳහා ඔබේ නැව යොදවනු මැනවැ’යි කීයේය. ‘හිමියනි, එගොඩට යෑමට, දැන් මේ සුදුසු වේලාවක් නොවේ. එබැවින් කොතැනක හෝ, නවාතැන් ගෙන, හෙට මෙහි එනු මැනවි’. ‘උපාසකය, මෙහි කොතැනක වසන්නෙම්ද? ඒ නිසා මා එතෙර කරනු මැනවැ’යි, ඒ භික්ෂුව නාවිකයාට කීයේය. ඉන් කිපුණු නාවිකයා ‘බොල මහණ, මෙහි එව, එතොරට දමන්නෙමැ’යි කියා, තෙරුන් නැවට නංවාගෙන කෙළින්ම එතෙරට නොගොස්, ගඟ පහළට නැව පදවා, එසේම නැව තදින් ඒ මේ අත පැද්දෙන්නට සලස්වා, තෙරුන්ගේ පාසිවුරු තෙමා, උන්වහන්සේ මහත් වෙහෙසට පත්කොට එතැනින් ඉවුර වෙත නැව පදවාගෙන ඇවිත්, අඳුර වැටුණු පසු තෙරුන් නැවෙන් බස්වා පිටත් කෙළේය. ඉක්බිති, ඒ භික්ෂුව විහාරයට ගොස් එදවස බුදුරදුන්ට උපස්ථාන කිරීමට අවකාශයක් නොලැබුණු බැවින්, පසුදා බුදුරදුන් වෙත එළඹ, උන්වහන්සේට වැඳ එකත්පස්ව හුන්නේය. කරන ලද පිළිසඳර ඇති, බුදුරජාණන් වහන්සේ ‘මහණ, ඔබ පැමිණියේ කවදා දැ’යි ඇසූ සේක. ‘ස්වාමීනි, මම ඊයේ මෙහි පැමිණියෙමි.’ ‘එසේ නම් කුමක් හෙයින් බුද්ධ උපස්ථානයට අද පැමිණියෙහිදැ’යි බුදුරජාණන් වහන්සේ භික්ෂුවගෙන් ඇසී සේක. එවිට භික්ෂුව ගත වූ රාත්‍රියෙහි සැදෑ සමයෙහි සිදුවූ සියල්ල තත්ත්වාකාරයෙන්ම බුදුරදුන් ඉදිරියෙහි දී විස්තර කෙළේය. ඒ ඇසූ බුදුරජාණන් වහන්සේ, ‘මහණ, ඔය නාවිකයා සැඩපරුෂ පුද්ගලයෙක් වූයේ දැන් පමණක් නොවේ. පෙර ද ඔහු පඬිවරුන් වෙහෙසට පත් කෙළේ යැ’යි වදාරා, ඒ භික්ෂුවගේම අයැදුමෙන් මේ අතීත කථා පුවත දේශනාකොට වදාළ සේක.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො බ්රාහ්මණකුලෙ නිබ්බත්තිත්වා වයප්පත්තො තක්කසිලායං සබ්බසිප්පානි උග්ගණ්හිත්වා ඉසිපබ්බජ්ජං පබ්බජිත්වා දීඝමද්ධානං හිමවන්තෙ ඵලාඵලෙන යාපෙත්වා ලොණම්බිලසෙවනත්ථාය බාරාණසිං පත්වා රාජුය්යානෙ වසිත්වා පුනදිවසෙ නගරං භික්ඛාය පාවිසි. අථ නං රාජඞ්ගණප්පත්තං රාජා දිස්වා තස්ස ඉරියාපථෙ පසීදිත්වා අන්තෙපුරං ආනෙත්වා භොජෙත්වා පටිඤ්ඤං ගහෙත්වා රාජුය්යානෙ වසාපෙසි, දෙවසිකං උපට්ඨානං අගමාසි. තමෙනං බොධිසත්තො “රඤ්ඤා නාම, මහාරාජ, චත්තාරි අගතිගමනානි වජ්ජෙත්වා අප්පමත්තෙන ඛන්තිමෙත්තානුද්දයසම්පන්නෙන හුත්වා ධම්මෙන රජ්ජං කාරෙතබ්බ”න්ති වත්වා දෙවසිකං ඔවදන්තො –
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, අප බෝසත් තෙමේ බ්‍රාහ්මණ පවුලක ඉපිද, තරුණවියට පත්වූ පසු, තක්ෂිලා නගරයට ගොස් එහිදී සියලු ශිල්ප-ශාස්ත්‍ර උගෙන, සෘෂි පැවිද්දෙන් පැවිදිව, දීර්ඝ කාලයක් හිමාල වනයෙහි පලවැලින් යැපෙමින් සිට, පසුකලෙක ලුණු-ඇඹුල් සේවනය පිණිස, බරණැසට පැමිණියේය. බරණැස් නුවර රජුට අයත් උයනෙහි නවාතැන් ගත්, මේ තාපසතුමා පසුදා පිඬු පිණිස නුවර හැසිර, අවසානයේදී රජගෙදරට ද, පැමිණියේය. රජතුමා රජමිදුලෙහි සිටි තාපසතුමා දැක, ඔහුගේ ඉරියව්හි පැහැදී මාලිගය ඇතුළට තවුස්තුමා කැඳවාගෙන ගොස්, දානය වළඳවා රාජකීය උයනෙහිම වසනු සඳහා එතුමා කැමති කරවා ගත්තේය. එදා සිට රජතුමා දිනකට වරක් තාපසතුමා හමුවීමට උයනට යාම සිරිතක් කොට ගත්තේය. බෝසත් තවුසා ද රජුට ‘මහරජතුමනි, සතර අගතියෙන් තොරව එසේම අප්‍රමාදයෙන් යුක්තව ශාන්ති-මෛත්‍රී-දයා යන මේ උතුම් ගුණයන්ගෙන් යුතුව, දැහැමින් රාජ්‍යය කරවිය යුතු යැ’යි දිනපතාම ඔවදන් දෙමින් මේ ගාථා දෙක දේශනා කරයි.
“මාසු කුජ්ඣ භූමිපති, මාසු කුජ්ඣ රථෙසභ; කුද්ධං අප්පටිකුජ්ඣන්තො, රාජා රට්ඨස්ස පූජිතො.
මාස්සු කුජ්ඣි භූමිපති - මාස්සුකුජ්ඣි රථෙසහ, කුද්ධං අප්පටි කජ්ඣන්තො - රාජා රට්ඨස්ස පූජිතො
රජතුමනි, නොකිපෙනු මැනවි. දේවයිනි, තරහ නොගනු මැනවි. කිපුනකුට, නො කිපෙන රජතුමා රටකට පූජනීය වස්තුවකි.
“ගාමෙ වා යදි වාරඤ්ඤෙ, නින්නෙ වා යදි වා ථලෙ; සබ්බත්ථ අනුසාසාමි, මාසු කුජ්ඣ රථෙසභා”ති. – ද්වෙ ගාථා අභාසි;
ගාමෙ වා යදි වා රඤ්ඤො - භින්නෙ වා යදි වා ථලෙ, සබ්බති මනුසාසාමි - මාස්සුකුජ්ඣි රථෙසභාති
ගමේ හෝ අරණෙහි හෝ නිම්නයක හෝ, උස්බිමෙක හෝ, සැම තන්හි දී අනුශාසනා කරමි. රජතුමනි, නො කිපෙනු මැනවි.
තත්ථ රට්ඨස්ස පූජිතොති එවරූපො රාජා රට්ඨස්ස පූජනීයො හොතීති අත්ථො. සබ්බත්ථ අනුසාසාමීති එතෙසු ගාමාදීසු යත්ථ කත්ථචි වසන්තොපාහං මහාරාජ, ඉමාය එව අනුසිට්ඨියා තමනුසාසාමි, එතෙසු වා ගාමාදීසු යත්ථ කත්ථචි එකස්මිම්පි එකසත්තෙපි අනුසාසාමි. මාසු කුජ්ඣ රථෙසභාති එවමෙවාහං තං අනුසාසාමි, රඤ්ඤා නාම කුජ්ඣතුං න වට්ටති. කිංකාරණා? රාජානො නාම වාචාවුධා, තෙසං කුද්ධානං වචනමත්තෙනෙව බහූ ජීවිතක්ඛයං පාපුණන්තීති.
මෙහි ‘රට්ඨස්ස පූජිතො’ යනු ‘මෙබඳු රජතුමා රටකට පූජනීය වස්තුවක් වේ යන අර්ථයි. ‘සබ්බත්ථ මනුසාසාමි’ යනු ‘මහරජතුමනි, ඒ ගම් ආදී වූ කිසියම් තැනෙක වසන මම, මේ අනුශාසනාවෙන් ම ඔබට අනුශාසනා කරමි. ඒ ගම් ආදී වූ කිසියම් තැනෙක වුවද එක් අයෙකුට, එක් පුද්ගලයෙකුට වුවද අනුශාසනා කරමි’ යන අර්ථයි. ‘මාස්සු කුජ්ඣි රථෙසභ’ යනු ‘කිපීම රජවරුන්ට නුසුදුසු දෙයකි. මක්නිසාද? රජවරුන්ගේ වචන ආයුධ වැනිය. කිපුණු ඔවුන්ගේ වචන මාත්‍රයෙන්ම, බොහෝ අය ජීවිතක්ෂයට පත්වෙති’ යන අර්ථයි.
එවං බොධිසත්තො රඤ්ඤො ආගතාගතදිවසෙ ඉමා ද්වෙ ගාථා අභාසි. රාජා අනුසිට්ඨියා පසන්නචිත්තො මහාසත්තස්ස සතසහස්සුට්ඨානකං එකං ගාමවරං අදාසි, බොධිසත්තො පටික්ඛිපි. ඉති සො තත්ථෙව ද්වාදසසංවච්ඡරං වසිත්වා “අතිචිරං නිවුත්ථොම්හි, ජනපදචාරිකං තාව චරිත්වා ආගමිස්සාමී”ති රඤ්ඤො අකථෙත්වාව උය්යානපාලං ආමන්තෙත්වා “තාත, උක්කණ්ඨිතරූපොස්මි, ජනපදං චරිත්වා ආගමිස්සාමි, ත්වං රඤ්ඤො කථෙය්යාසී”ති වත්වා පක්කන්තො ගඞ්ගාය නාවාතිත්ථං පාපුණි. තත්ථ අවාරියපිතා නාම නාවිකො අහොසි. සො බාලො නෙව ගුණවන්තානං ගුණං ජානාති, න අත්තනො ආයාපායං ජානාති, සො ගඞ්ගං තරිතුකාමං ජනං පඨමං තාරෙත්වා පච්ඡා වෙතනං යාචති, වෙතනං අදෙන්තෙහි සද්ධිං කලහං කරොන්තො අක්කොසප්පහාරෙයෙව බහූ ලභති, අප්පං ලාභං, එවරූපො අන්ධබාලො. තං සන්ධාය සත්ථා අභිසම්බුද්ධො හුත්වා තතියං ගාථමාහ –
මෙසේ බෝසත් තෙමේ රජු පැමිණි-පැමිණි සෑම විටෙකදීම, මේ ගාථාවලින් අනුශාසනා කෙළේය. තවුස්තුමා කෙරෙහි පැහැදුණු සිත් ඇති රජතුමා, ලක්ෂයක ආදායම උපදින එක් ගමවරයක් බෝසතුන්ට පූජා කෙළේය. බෝසත්තුමා එය එක් වරම ප්‍රතික්ෂේප කෙළේය. මෙසේ බෝසත් තවුසා රජතුමාගේ මේ රාජකීය උයනෙහි වසර දොළහක්ම, වාසය කෙළේය. දිනක් බෝසත් තෙමේ ‘මම මෙහිම දොළොස් වසරක් විසුවෙමි. එබැවින් මෙහෙන් පිටත්ව ගොස්, නැවත මෙහි පෙරළා එන බව රජතුමාට කියව’යි දැනුම් දී පිටත් ව ගියේය. මෙසේ ගිය එතුමා අනුක්රමයෙන් ගංගා නදියෙහි නැව් තොටට පැමිණියේය. එහි ‘අවාරිය පිතා’ නම් වූ නාවිකයෙක් විය. පියෙවින්ම මෝඩපහේ පුද්ගලයකු වූ ඔහු, ගුණවතුන්ගේ කිසිදු ගුණයක් නොදනී. එපමණක් නොව තමාගේ යහපත-අයහපත ගැන ද, කිසිවක් ඔහු නොදත්තේය. ඔහු ගඟ තරණය කිරීමට පැමිණෙන උදවිය පළමුවෙන් එතෙර කොට, ගමනාන්තයේ දී ඔවුන්ගෙන් කුලිය ඉල්ලයි. එසේකොට කුලිය දීමට අකමැති අය සමග නිතර කලහ කරන ඔහු බැණ අඬගැසීම් හා පහරදීම්වලටද, පෙළඹෙයි. ඔහු මේ නිසා ලබන අලාභ බොහෝය. ලාභ මොහු ඒකාන්ත වශයෙන් ම මට යමක් දෙන්නේ යැ’යි තමාම තීරණය කොට ගෙන, තවුසා නැවට නංවාගෙන එතුමා පරතෙරට පමුණුවා, ‘මගේ නැව් කුලිය මට දෙව’යි කීය. ඒ ඇසූ තවුසා ‘ඇවැත්නි, මැනවැ’යි, කියා පළමුකොට භෝග වෘද්ධිය නාවිකයාට පැහැදිලි කරමින්, මේ ගාථාව පැවසුවේය.
“අවාරියපිතා නාම, අහු ගඞ්ගාය නාවිකො; පුබ්බෙ ජනං තාරෙත්වාන, පච්ඡා යාචති වෙතනං; තෙනස්ස භණ්ඩනං හොති, න ච භොගෙහි වඩ්ඪතී”ති.
4. නාවික දරුව, තරණයට පෙර මෙතෙරදීම, කුලිය ඉල්ලනු. එතෙර යනු පිණිස මග සොයන්නාගේ සිත එකකි. තරණය කළ තැනැත්තාගේ සිත අනෙකකි.
තත්ථ අවාරියපිතා නාමාති අවාරියා නාම තස්ස ධීතා, තස්සා වසෙන අවාරියපිතා නාම ජාතො. තෙනස්ස භණ්ඩනන්ති තෙන කාරණෙන, තෙන වා පච්ඡා යාචියමානෙන ජනෙන සද්ධිං තස්ස භණ්ඩනං හොති.
[missing trans]
බොධිසත්තො තං නාවිකං උපසඞ්කමිත්වා “ආවුසො, පරතීරං මං නෙහී”ති ආහ. තං සුත්වා සො ආහ “සමණ, කිං මෙ නාවාවෙතනං දස්සසී”ති? “ආවුසො, අහං භොගවඩ්ඪිං අත්ථවඩ්ඪිං ධම්මවඩ්ඪිං නාම තෙ කථෙස්සාමී”ති. තං සුත්වා නාවිකො “ධුවං එස මය්හං කිඤ්චි දස්සතී”ති තං පරතීරං නෙත්වා “දෙහි මෙ නාවාය වෙතන”න්ති ආහ. සො තස්ස “සාධු, ආවුසො”ති පඨමං භොගවඩ්ඪිං කථෙන්තො –
[missing trans]
“අතිණ්ණංයෙව යාචස්සු, අපාරං තාත නාවික; අඤ්ඤො හි තිණ්ණස්ස මනො, අඤ්ඤො හොති පාරෙසිනො”ති. – ගාථමාහ;
[missing trans]
තත්ථ අපාරන්ති තාත, නාවික පරතීරං අතිණ්ණමෙව ජනං ඔරිමතීරෙ ඨිතඤ්ඤෙව වෙතනං යාචස්සු, තතො ලද්ධඤ්ච ගහෙත්වා ගුත්තට්ඨානෙ ඨපෙත්වා පච්ඡා මනුස්සෙ පරතීරං නෙය්යාසි, එවං තෙ භොගවඩ්ඪි භවිස්සති. අඤ්ඤො හි තිණ්ණස්ස මනොති තාත නාවික, පරතීරං ගතස්ස අඤ්ඤො මනො භවති, අදත්වාව ගන්තුකාමො හොති. යො පනෙස පාරෙසී නාම පරතීරං එසති, පරතීරං ගන්තුකාමො හොති, සො අතිරෙකම්පි දත්වා ගන්තුකාමො හොති, ඉති පාරෙසිනො අඤ්ඤො මනො හොති, තස්මා ත්වං අතිණ්ණමෙව යාචෙය්යාසි, අයං තාව තෙ භොගානං වඩ්ඪි නාමාති.
මෙහි ‘අපාරං’ යනු ‘පුත, නාවිකය, පරතෙරට යන්නට පෙර ම, මෙතෙර සිටියදීම, මිනිස්සුන්ගෙන් කුලිය ඉල්ලනු. එයින් ලැබූ ධනය ගෙන, ආරක්ෂක ස්ථානයක තබා, නැවතද මිනිසුන් එගොඩ කරන්නේය. මෙසේ ඔබගේ සම්පත් වැඩි වන්නේය’ යන අර්ථයි. ‘අඤ්ඤො හි තිණ්ණස්ස මනො’ යනු ‘නාවික දරුව, එතෙර ගිය අයගේ සිත වෙනස් වන්නේය. යමෙක් කිසිවක් නොදීම යන්නට කැමති වේ. යමෙක් තරණය කරන්නට කැමති වේ නම්, එතෙර යන්නට කැමති වේ නම්, ඊට මගක් සොයයි. එවැනි අවස්ථාවක වැඩිපුර මුදල් දී, හෝ යන්නට කැමති වේ. එබැවින් ඔබ තරණයට පෙරම, මිනිසුන්ගෙන් කුලිය ඉල්ලන්න. මෙය ‘භෝග වර්ධනය’ නම් වේ යන අර්ථයි. ඒ අසා නාවිකයා ‘මේ පළමුවෙන් ම ඔහු මට දෙන අවවාදය විය යුතුය. පසුව අන් කිසිවක් මට දෙනු ඇතැ’යි සිතුවේය.
තං සුත්වා නාවිකො චින්තෙසි “අයං තාව මෙ ඔවාදො භවිස්සති, ඉදානි පනෙස අඤ්ඤං කිඤ්චි මය්හං දස්සතී”ති. අථ නං බොධිසත්තො “අයං තාව තෙ, ආවුසො, භොගවඩ්ඪි, ඉදානි අත්ථධම්මවඩ්ඪිං සුණාහී”ති වත්වා ඔවදන්තො –
ඉක්බිති බෝසත් තෙමේ, නාවිකයාට කථාකොට ‘ඇවැත්නි, මේ මම ඔබට දුන්නේ ‘භෝග වර්ධනය’ නම් වූ පළමු උපදේශයයි. දැන් අර්ථ වෘද්ධියත්, ධර්ම වෘද්ධියත් යන දෙක ඇසුව මැනවැ’යි කියා ඔවදන් දෙනු රිසියෙන්, මේ ගාථාව කීවේය.
“ගාමෙ වා යදි වාරඤ්ඤෙ, නින්නෙ වා යදි වා ථලෙ; සබ්බත්ථ අනුසාසාමි, මාසු කුජ්ඣිත්ථ නාවිකා”ති. – ගාථමාහ;
5. ගමේ හෝ අරණෙක හෝ නිම්නයක හෝ උස්බිමෙක හෝ සියලු තන්හිදී ම, මම අනුශාසනා කරමි. නාවිකය, නො කිපෙනු මැනව.
ඉතිස්ස ඉමාය ගාථාය අත්ථධම්මවඩ්ඪිං කථෙත්වා “අයං තෙ අත්ථවඩ්ඪි ච ධම්මවඩ්ඪි චා”ති ආහ. සො පන දන්ධපුරිසො තං ඔවාදං න කිඤ්චි මඤ්ඤමානො “ඉදං, සමණ, තයා මය්හං දින්නං නාවාවෙතන”න්ති ආහ. “ආමාවුසො”ති. “මය්හං ඉමිනා කම්මං නත්ථි, අඤ්ඤං මෙ දෙහී”ති. “ආවුසො, ඉදං ඨපෙත්වා මය්හං අඤ්ඤං නත්ථී”ති. “අථ ත්වං කස්මා මම නාවං ආරුළ්හොසී”ති තාපසං ගඞ්ගාතීරෙ පාතෙත්වා උරෙ නිසීදිත්වා මුඛමෙවස්ස පොථෙසි.
මෙසේ තවුස්තුමා නාවිකයාට මේ ගාථාවෙන් අර්ථ-ධර්ම-අභිවෘද්ධිය කියා දී ‘පුත, මේ මම ඔබට දෙන අර්ථ වෘද්ධියත්, ධර්ම වෘද්ධියත් යැ’යි කීවේය. එවිට ඒ දුෂ්ට පුරුෂයා තවුසාගේ අවවාද තුට්ටුවක් තරම්වත්, නොසලකා ‘මහණ, ඔබ ඔය කී ටික මට දෙන නැව් ගාස්තුව දැ’යි ඇසීය. ‘ඇවැත්නි, එසේය.’ ‘ඇවැත්නි, මා ඔබට දුන් මේ අවවාද හැර, අන් යමක් මා ළඟ නැත’ ‘එසේ නම්, තෝ කුමට මගේ නැවට නැග්ගෙහිදැ’යි කෑ ගැසූ, නාවිකයා ගංතෙර දී තවුසාට පහරදී, බිම හෙලා පපුව මත වාඩි වී තවුසාගේ මුහුණටම පහර දෙන්නට, පටන් ගත්තේය.
සත්ථා “ඉති සො, භික්ඛවෙ, තාපසො යං ඔවාදං දත්වා රඤ්ඤො සන්තිකා ගාමවරං ලභි, තමෙව ඔවාදං අන්ධබාලස්ස නාවිකස්ස කථෙත්වා මුඛපොථනං පාපුණි, තස්මා ඔවාදං දෙන්තෙන යුත්තජනස්සෙව දාතබ්බො, න අයුත්තජනස්සා”ති වත්වා අභිසම්බුද්ධො හුත්වා තදනන්තරං ගාථමාහ –
බුදුරජාණන් වහන්සේ ‘මහණෙනි, මෙසේ ඒ තවුසා රජුට අවවාදයක් දී, ගම්වරයක් ලැබුවේය. එහෙත් එවැනිම අවවාදයක් අඳ බාල නාවිකයකුට දී, මුහුණ පොඩිකර ගත්තේය. එබැවින් අවවාද දෙන්නකු විසින්, නුසුදුසු අයට නොව, සුදුසු අයටම දිය යුතු යැ’යි වදාරා මේ ගාථාව දේශනා කළ සේක.
“යායෙවානුසාසනියා, රාජා ගාමවරං අදා; තායෙවානුසාසනියා, නාවිකො පහරී මුඛ”න්ති.
6. යම්බඳු අනුශාසනාවකින් රජතුමා ගම්වරයක් දුන්නේ ද, එවැනි අනුශාසනාවකින් ම, නාවිකයෙක් මුහුණට පහර දුන්නේය.
තස්ස තං පහරන්තස්සෙව භරියා භත්තං ගහෙත්වා ආගතා පාපපුරිසං දිස්වා “සාමි, අයං තාපසො නාම රාජකුලූපකො, මා පහරී”ති ආහ. සො කුජ්ඣිත්වා “ත්වං මෙ ඉමං කූටතාපසං පහරිතුං න දෙසී”ති උට්ඨාය තං පහරිත්වා පාතෙසි. අථ භත්තපාති පතිත්වා භිජ්ජි, තස්සා ච පන ගරුගබ්භාය ගබ්භො භූමියං පති. අථ නං මනුස්සා සම්පරිවාරෙත්වා “පුරිසඝාතකචොරො”ති ගහෙත්වා බන්ධිත්වා රඤ්ඤො දස්සෙසුං. රාජා විනිච්ඡිනිත්වා තස්ස රාජාණං කාරෙසි. සත්ථා අභිසම්බුද්ධො හුත්වා තමත්ථං පකාසෙන්තො ඔසානගාථමාහ –
මෙසේ නාවිකයා තවුසාට පහර දෙන කල්හි, ඔහුගේ ගැබ්බර බිරිඳ, ඔහුට කෑම රැගෙන නැව් තොටට පැමිණියාය. බිම වැටුණු තවුසාට පහර දෙන තම සැමියා දුටු විගස, ඇය ‘හිමියනි, මේ තාපසතුමා රජුගේ කුලුපග උතුමෙකි. එබැවින් නො ගසනු මැනවැ’යි කීවාය. මේ කියමනෙන් තවත් කිපුණු නාවිකයා ‘තෝ මට මේ කූට තාපසයාට පහර දෙන්නට ඉඩ නොදේ දැ’යි කියා වහා නැගිට ඇයට පහර දී, බිම හෙළුවේය. එයින්ම ඇය ගබ්සා විය. හිස මත තිබූ බත් සැළිය ද, වැටී බිඳුණි. මේ දුටු මිනිස්සු නාවිකයා වටකොට ගෙන, ‘මිනීමරු සොරා යැ’යි, කියමින් ඔහු අල්ලා බැඳ, රජු හමුවට ගෙන ගියහ. රජතුමා නඩුව විනිශ්චය කොට, ඔහුට රාජ නීතිය ක්‍රියාත්මක කරවීය. මේ කාරණය පැහැදිලි කරමින් බුදුරජාණන් වහන්සේ, මේ අවසාන ගාථාව වදාළ සේක.
“භත්තං භින්නං හතා භරියා, ගබ්භො ච පතිතො ඡමා; මිගොව ජාතරූපෙන, න තෙනත්ථං අබන්ධි සූ”ති.
7. බත්සැළිය බිඳින ලදි. බිරිඳට පහර දෙන ලදි. දරුගැබ බිම හෙළන ලදි. රත්රන්වල වටිනාකම නොදත් වන සතකු මේන ඒ අවවාදයෙන් දියුණුවක් ඇති කරගන්නට, ඔහු අපොහොසත් විය.
තත්ථ භත්තං භින්නන්ති භත්තපාති භින්නා. හතාති පහතා. ඡමාති භූමියං. මිගොව ජාතරූපෙනාති යථා මිගො සුවණ්ණං වා හිරඤ්ඤං වා මුත්තාමණිආදීනි වා මද්දිත්වා ගච්ඡන්තොපි අත්ථරිත්වා නිපජ්ජන්තොපි තෙන ජාතරූපෙන අත්තනො අත්ථං වඩ්ඪෙතුං නිබ්බත්තෙතුං න සක්කොති, එවමෙව සො අන්ධබාලො පණ්ඩිතෙහි දින්නං ඔවාදං සුත්වාපි අත්තනො අත්ථං වඩ්ඪෙතුං නිබ්බත්තෙතුං නාසක්ඛීති වුත්තං හොති. අබන්ධි සූති එත්ථ අබන්ධි සොති එවමත්ථො දට්ඨබ්බො. ස-ඔඉති ඉමෙසං පදානඤ්හි සූති සන්ධි හොති.
මෙහි ‘භත්තං භින්නං’ යනු ‘බත්සැළිය බිඳින ලදි’ යන අර්ථයි. ‘භතා’ යනු ‘පහර දෙන ලදි’ යන අර්ථයි. ‘ජමා’ යනු ‘බිම’යි. ‘මිගොව ජාතරූපෙන’ යනු ‘යම්සේ මුවෙක් රන් හෝ අමු රන් හෝ මුතු-මැණික් ආදිය හෝ පාගමනින් ගමන් කළත්, ඒවා උඩ නිදා ගත්තත්, ඒ රන් ආදියෙන් තමාට යහපතක් සිදුකර ගැනීමට අපොහොසත් වේද? එපරිද්දෙන් ම, ඒ අඳ බාල පුද්ගලයා පඬිවරුන් දුන් අවවාද ශ්‍රවණය කළ නමුත්, තමාගේ දියුණුව වඩා වර්ධනය කර ගන්නට අපොහොසත් වී යැ’යි කියන ලදි.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා සච්චානි පකාසෙත්වා ජාතකං සමොධානෙසි, සච්චපරියොසානෙ සො භික්ඛු සොතාපත්තිඵලෙ පතිට්ඨහි. තදා නාවිකො ඉදානි නාවිකොව අහොසි, රාජා ආනන්දො, තාපසො පන අහමෙව අහොසින්ති.
බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා, සත්‍යය ප්‍රකාශකොට, ජාතකය නිමවා වදාළ සේක. දේශනාව අවසානයේදී, ඒ භික්ෂු නම සෝවාන් ඵලයෙහි පිහිටියේය. එදා නාවිකයා නම්, මෙදා ද නාවිකයා ම ය. රජතුමා නම්, ආනන්ද තෙරණුවෝය. තවුසා වූ කලී ‘මම ම යැ’යි බුදුරජාණන් වහන්සේ තමන්වහන්සේ දක්වා වදාළ සේක.
අවාරියජාතකවණ්ණනා පඨමා.