යෙදුමෙන් කියවන්න

1. අවාරියජාතකං

848. මාස‍්සු කුජ‍්ඣි භූමිපති මාස‍්සු කුජ‍්ඣි රථෙසභ, කුද‍්ධං අප‍්පටිකුජ‍්ඣන‍්තො රාජා රට‍්ඨස‍්ස පූජිතො.

848. භූමිපාලයාණෙනි, නො කිපෙන්නේ මැනැවි. රජතුමනි, කෝප නො කරන්නේ මැනැවි. කිපියා වූ තැනැත්තහුට පෙරළා කෝප නො කරන රජ රටවැසියා විසින් පුදනු සුදුසු ය.

849. ගාමෙ වා යදි වාරඤ‍්ඤෙ නින‍්නෙ වා යදි වා ථලෙ, සබ‍්බත්‍ථමනුසාසාමි මාස‍්සු කුජ‍්ඣි රථෙසභ.

849. ගමෙහි හෝ වනයෙහි හෝ වලතන්හි හෝ ගොඩ බිමෙහි හෝ අනුශාසනා කරමි. රජතුමනි, නො කිපුන මැනැවි.

850. අවාරියපිතා නාම අහු ගඞ‍්ගාය නාවිකො, පුබ‍්බෙ ජනං තාරයිත්‍වා පච‍්ඡා යාචති වෙතනං තෙනස‍්ස භණ‍්ඩනං හොති න ච භොගෙහි වඩ‍්ඪති.

850. අවාරියපිතු නැමැති තොටියෙක් ගඟෙහි විය. හේ පළමු වැ ජනයා ගඟින් එතෙර පමුණුවා පසුව කුලිය ඉල්ලයි. එයින් ඔහුට කලහ ඇති වෙයි. ධනයෙන් හේ නො වැඩේ.

851. අතිණ‍්ණංයෙව යාචස‍්සු අපාරං තාත නාවික, අඤ‍්ඤො හි තිණ‍්ණස‍්ස මනො අඤ‍්ඤො හොති තරෙසිනො.

851. දරුව, තොටිය, ජනයා ගඟෙන් තරණය කරවන්නට පළමු ව කුලිය ඉල්ලන්න. ගඟ තරණය කළවුන්ගේ සිත අනෙකෙකි. (වෙනස් වේ) එතෙරවීම සොයන්නහුගේ සිත අනෙකකි.

852. ගාමෙ වා යදි වාරඤ‍්ඤෙ නින‍්නෙ වා යදි වා ථලෙ, සබ‍්බත්‍ථ අනුසාසාමි මාස‍්සු කුජ‍්ඣිත්‍ථ නාවික.

852. ගමෙහි හෝ වනයෙහි හෝ වලතන්හි හෝ ගොඩබිමෙහි හෝ අනුශාසනා කරමි. තොටිය නොකිපුන මැනැවි.

853. යා යෙවානුසාසනියා රාජා ගාමවරං අදා, තායෙවානුසාසනියා නාවිකො පහරී මුඛං.

853. යම් අනුශාසනාවක් නිසා රජතුමා තවුසාට ගම්වරක් දුන්නේ ද ඒ අනුශාසනාව ම නිසා තොටියා තවුසාගේ කටට ගැසූවේ ය.

854. භත‍්තං භින‍්නං හතා භරියා ගබ‍්භො ච පතිතො ඡමා, මිගොව ජාතරූපෙන න තෙනත්‍ථං අවඩ‍්ඪිතුන‍්ති.

854. බත් බඳුන බිඳින ලදී. බිරිඳ නසන ලදී. ගැබ ද බිම හෙලන ලදී. මුතුමැණික ආදිය මැඩ ගෙන ගියේ වුව ද එයින් මුවකුට ප්‍රයෝජනයක් ලද නොහැක්කා සේ මෝඩයෙක් පඬිවරයකුගේ ඔවා අසා ද එයින් ප්‍රයෝජනයක් ගන්නට නො හැකි වේ.

1. අවාරියජාතකං.

1. අවාරිය ජාතක යි.