2. සෙතකෙතුජාතකං
855. මා තාත කුජ්ඣි න හි සාධු කොධො බහුම්පි තෙ අදිට්ඨං අස්සුතඤ්ච, මාතා පිතා දිසතා සෙතකෙතු ආචරියමාහු දිසතං පසත්ථා.
855. දරුව සේතකේතු, නො කිපෙන්න. කෝප වීම මනා නො වේ. තා නොදුටු නො ඇසූ දේ බොහෝ ය. මවුපියෝ පූර්ව දිසාව වශයෙන් ද ගුරුවරු දකුණු දිසාව වශයෙන් ද බුද්ධාදි ආර්‍ය්‍යයෝ කියත්.
856. අගාරිනො අන්නදපාණවත්ථදා අව්හායිකා තම්පි දිසං වදන්ති එසා දිසා පරමා සෙතකෙතු යං පත්වා දුක්ඛී සුඛිනො භවන්ති.
856. සේතකේතුව, ආහාරපාන හා රෙදිපිළි දෙන (එසේ ම) දන් පිණිස කැඳවන ගෘහස්ථයෝ වෙත් ද එය ද දිසාවකැ යි බුද්ධාදි උතුමෝ කියති. යම් දිසාවකට පැමිණ දුක්පත් ජනයා සුවපත් වෙත් ද මේ දිසාව උතුම් වේ,
857. ඛරාජිනා ජටිලා පඞ්කදන්තා දුමුක්ඛරූපා යෙ මෙ ජපන්ති මන්තෙ, කච්චි නු තෙ මානුසිකෙ පයොගෙ ඉදං විදූ පරිමුත්තා අපායා.
857. රළු අඳුන්දිවිසම් අඳින ජටාමඬුලු අපවිත්‍ර දත් යන මේවා නිසා කිලිටි පෙනුම ඇති යම් තවුස් කෙනෙක් වෙත් ද ඔවුහු මතුරු දපත් (නම්) කෙසේ ද මෙය දන්නා මොවුහු අපායෙන් මිදුණෝ ද?
858. පාපානි කම්මානි කරිත්ව රාජ බහුස්සුතො නෙව චරෙය්ය ධම්මං, සභස්සවෙදාපි න තං පටිච්ච දුක්ඛා පමුඤ්චෙ චරණං අපත්වා
858. රජතුමනි, උගතකු වුවත් පාපක්රියාහි නිරත වෙමින් පුණ්‍ය ක්‍රියාහි නො යෙදේ නම්, දහස් ගණන් වේදමන්ත්‍ර දත්තේ වුව ද සීලයට හා අටසමවතට නො පැමිණ අවාදුකින් නො මිදෙන්නේ ය.
859. සහස්සවෙදොපි න තං පටිච්ච දුක්ඛා පමුඤ්චෙ චරණං අපත්වා, මඤ්ඤාමි වෙදා අඵලා භවන්ති සසඤ්ඤමං චරණඤ්ඤෙව සච්චං.
859. බහුශ්‍රැතකම ඇත්තේ වුව ද සිල්සපන් නො වී ඒ බහුශ්‍රැතකම හේතුකොටගෙන අපායාදි දුකෙන් නො මිදෙන්නේ ය. එහෙයින් වේදය නිෂ්ඵලය යි සිතමි. සීලය සහිත චරණය ම සත්‍යයකි.
860. නහෙව වෙදා අඵලා භවන්ති සසංයමං චරණඤ්චෙව සච්චං, කිත්තිං හි පප්පොති අධිච්ච වෙදෙ සන්තං පුතොති චරණෙන දන්තොති.
860. වේදය නිෂ්ඵල වූයේ නො වෙයි. සීලය සහිත සමාපත්තිය උතුමි. එය එසේ ම ය. වේදය හදාරා කීර්තියට පැමිණේ නැවත චරණධර්මයන් නිසා දමිත වැ නිවනට පැමිණේ.