2. සෙතකෙතුජාතකවණ්ණනා 377 අට්ඨකථා
2. සෙතකෙතුජාතකවණ්ණනා (377)
2. සේතකේතු ජාතකය (377)
මා තාත කුජ්ඣි න හි සාධු කොධොති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො කුහකභික්ඛුං ආරබ්භ කථෙසි, පච්චුප්පන්නවත්ථු උද්දාලජාතකෙ (ජා· 1.14.62 ආදයො) ආවි භවිස්සති.
‘මා තාත කුජ්ඣි නහි සාධු කොධො’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථා වස්තුව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවසන සේක්, එක් කුහක භික්ෂුවක අරබයා වදාළ සේක. මෙහි වර්තමාන කථා වස්තුව, ‘කුද්දාල’ ජාතකයේ දැක්වේ.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො බාරාණසියං දිසාපාමොක්ඛො ආචරියො හුත්වා පඤ්චසතෙ මාණවෙ මන්තෙ වාචෙසි. තෙසං ජෙට්ඨකො සෙතකෙතු නාම උදිච්චබ්රාහ්මණකුලෙ නිබ්බත්තමාණවො, තස්ස ජාතිං නිස්සාය මහන්තො මානො අහොසි. සො එකදිවසං අඤ්ඤෙහි මාණවෙහි සද්ධිං නගරා නික්ඛමන්තො නගරං පවිසන්තං එකං චණ්ඩාලං දිස්වා “කොසි ත්ව”න්ති පුච්ඡිත්වා “චණ්ඩාලොහමස්මී”ති වුත්තෙ තස්ස සරීරං පහරිත්වා ආගතවාතස්ස අත්තනො සරීරෙ ඵුසනභයෙන “නස්ස, චණ්ඩාල, කාළකණ්ණී, අධොවාතං යාහී”ති වත්වා වෙගෙන තස්ස උපරිවාතං අගමාසි. චණ්ඩාලො සීඝතරං ගන්ත්වා තස්ස උපරිවාතෙ අට්ඨාසි. අථ නං සො “නස්ස කාළකණ්ණී”ති සුට්ඨුතරං අක්කොසි පරිභාසි. තං සුත්වා චණ්ඩාලො “ත්වං කොසී”ති පුච්ඡි. “බ්රාහ්මණමාණවොහමස්මී”ති . “බ්රාහ්මණො හොතු, මයා පන පුට්ඨපඤ්හං කථෙතුං සක්ඛිස්සසී”ති. “ආම, සක්ඛිස්සාමී”ති. “සචෙ න සක්කොසි, පාදන්තරෙන තං ගමෙමී”ති. සො අත්තානං තක්කෙත්වා “ගමෙහී”ති ආහ.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, බෝසත් තෙමේ බරණැස් නුවර දිසාපාමොක් ආචාර්ය ව ඉපිද පන්සියයක් මානවකයන්ට වේදය උගන්වයි. ඒ මානවකයන් අතුරෙන් ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයා උසස් බ්‍රාහ්මණ කුලයක උපන් ‘සේත කේතු’ නම් වූ තරුණ මානවකයෙකි. ඔහු තමාගේ කුලය හේතු කොටගෙන, මහත් අභිමානයකින් යුක්තව කටයුතු කරයි. එක් දවසක් අන් මානවකයින් සමග නගරයට යන සේතකේතු නගරයට පිවිසෙනවාත් සමගම, එක් චණ්ඩාලයකු දැක ‘නුඹ කවරෙක් දැ’යි ඔහුගෙන් විචාළේය. ‘මම චණ්ඩාලයෙක් මි’යි ඔහු උත්තර දුන්නේය. එවිට සේතකේතු තරුණයා, එම චණ්ඩාලයාගේ ඇඟේ වැදී එන සුළඟ තමාගේ සිරුර ස්පර්ශ කෙරේ යැයි බියෙන් ‘කාලකණ්ණි චණ්ඩාලය, තෝ නැසෙව. මෙතැනින් ඉවත්ව, යටි සුළඟෙන් ගමන් කරව’යි, කියා එම චණ්ඩාලයා සිටි දිසාවට උඩු පැත්තෙන් ගමන් කරන්නට පටන් ගත්තේය. එවිට චණ්ඩාලයා ද වහා දිවැ ගොස් සේතකේතුගේ ගමන් මගෙහි උඩු පැත්තෙන් ගමනට ඇරඹීය. ඉක්බිති ඒ දුටු සේතකේතු ‘වසල කාලකණ්ණිය, තෝ නැසෙව’යි පෙර ද වඩා වැඩියෙන්, ආක්‍රෝශ පරිභව කෙළේය. ඒ ඇසූ චණ්ඩාලයා ‘ඔබ කවරෙක් වෙහිදැ’යි ප්‍රශ්න කෙළේය. ‘මම වූ කලී බ්‍රාහ්මණයෙක් මි.’ ‘ඔබ බ්‍රාහ්මණයෙක් වී නම්, මා අසන ප්‍රශ්නයට පිළිතුරු දිය හැකිද?’ ‘එසේය. මම ඊට පිළිතුරු දෙන්නෙමි.’ ‘ඔබ එසේ කීවත්, යම් විදියකින් පිළිතුරු දීමට අපොහොසත් වුවහොත්, මාගේ දෙපා අතරින් දණ ගාගෙන යා යුතු යැ’යි චණ්ඩාලයා කීය. ඒ ප්‍රකාශය ගැන තර්ක කොට බලා, අභියෝගය බාර ගැනීමට සේතකේතු තීරණය කෙළේය.
චණ්ඩාලපුත්තො තස්ස කථං පරිසං ගාහාපෙත්වා “මාණව, දිසා නාම කතරා”ති පඤ්හං පුච්ඡි. “දිසා නාම පුරත්ථිමාදයො චතස්සො දිසා”ති. චණ්ඩාලො “නාහං තං එතං දිසං පුච්ඡාමි, ත්වං එත්තකම්පි අජානන්තො මම සරීරෙ පහටවාතං ජිගුච්ඡසී”ති තං ඛන්ධට්ඨිකෙ ගහෙත්වා ඔනමෙත්වා අත්තනො පාදන්තරෙන ගමෙසි. මාණවා තං පවත්තිං ආචරියස්ස ආචික්ඛිංසු. තං සුත්වා ආචරියො “සච්චං කිර, තාත, සෙතකෙතු චණ්ඩාලෙනාසි පාදන්තරෙන ගමිතො”ති? “ආම, ආචරිය, සො මං චණ්ඩාලදාසිපුත්තො දිසාමත්තම්පි න ජානාසී”ති අත්තනො පාදන්තරෙන ගමෙසි, ඉදානි දිස්වා කත්තබ්බං අස්ස ජානිස්සාමීති කුද්ධො චණ්ඩාලපුත්තං අක්කොසි පරිභාසි. අථ නං ආචරියො ‘තාත, සෙතකෙතු මා තස්ස කුජ්ඣි, පණ්ඩිතො චණ්ඩාලදාසිපුත්තො , න සො තං එතං දිසං පුච්ඡති, අඤ්ඤං දිසං පුච්ඡි, තයා පන දිට්ඨසුතවිඤ්ඤාතතො අදිට්ඨාසුතාවිඤ්ඤාතමෙව බහුතර”න්ති ඔවදන්තො ද්වෙ ගාථා අභාසි –
අනතුරුව චණ්ඩාල පුත්‍රයා එතැන සිටි පිරිසට මේ සියල්ල පැහැදිලි කොට දී, වාදය මෙසේ ආරම්භ කෙළේය. ‘මානවකය, ලොව ‘දිසා’ නම් කවරේද? ‘චණ්ඩාලය, දිසා යනු පෙරදිග ආදිකොට ඇති, සිව් දිසාවන්ය.’ බමුණු තරුණයාගේ මේ පිළිතුරෙන් සෑහීමකට පත් නොවූ, චණ්ඩාලයා ‘තරුණය, මම ඔබගෙන් විචාළේ, ඔය කියන දිසාවන් ගැන නොවේ. මට පුදුම මෙපමණක්වත් නොදන්නා ඔබ, මාගේ ඇඟේ වැදී එන සුළඟත් පිළිකුල් කිරීම යැ’යි, කියා බමුණු තරුණයාගේ පිටට අත තබා, තමා සිටි දිශාවට නමා, තමාගේ පා අතරින් ගමන් කරන්නට සැලැස්වීය. මේ සියල්ල බලා සිටි සෙසු තරුණයෝ, එපුවත සිය ගුරුවරයා වෙත වාර්තා කළහ. ඒ ඇසූ ගුරුතුමා තම පිරිස සමග වහා එතැනට ගොස් සේතකේතු ශිෂ්‍යයා තමා වෙතට කැඳවා, ‘පුත, සේතකේතු, චණ්ඩාලයකු විසින් තමාගේ පා අතරින් ඔබ ගමන් කරවන ලද්දෙහිය, යනු සැබෑවක්දැ’යි ප්‍රශ්න කෙළේය. ‘එසේය, ඇදුරුතුමනි, ඔහු මට ‘දිසාවක්වත් නොදන්නා චණ්ඩාල දාසියකගේ පුතා යැ’යි, බැන ඔහුගේ පා අතරින් මා යැවීය. එබැවින් මම දැන් ඔහුට කළ යුතු දේ දනිමි’යි කියූ සේතකේතු මහත් සේ කිපී, ඉහත කී චණ්ඩාල පුත්‍රයාට තම ගුරුවරයා ඉදිරිපටදීම, ආක්‍රෝශ පරිභව කරන්නට පටන් ගත්තේය. එවිට ඇදුරුතුමා ‘පුත සේතකේතු, ඔහුට නො කිපෙව. ඔය චණ්ඩාල පුත්‍රයා පණ්ඩිතයෙකි. ඔහු ඔබෙන් විචාළේ ඔබ කියන දිසාවන් ගැන නොවේ. ඔහු අපේක්ෂා කෙළේ වෙනත් දිසාවකි. ඔබ විසින් දක්නා ලද, අසන ලද, අවබෝධ කොට ගන්නා ලද දේට වඩා, නොදුටු නො ඇසූ නොදත් දේ බොහෝ යැ’යි, තම ගෝලයාට අවවාද කරමින් මෙසේ ප්‍රකාශ කෙළේය.
“මා තාත කුජ්ඣි න හි සාධු කොධො, බහුම්පි තෙ අදිට්ඨමස්සුතඤ්ච; මාතා පිතා දිසතා සෙතකෙතු, ආචරියමාහු දිසතං පසත්ථා.
මා තාත කුජ්ඣි න භි සාධු කො ධො, බහුම්පි තෙ අදිට්ඨං අස්සුතඤ්ච, මා තා පිතා දිසතා සෙත කෙතු, ආචරියමාහු දිසතං පසිත්ථා
දරුව සේතකේතු, නො කිපෙව. ක්‍රෝධ කිරීම යහපත් නොවේ. ඔබ නොදුටු, නොඇසූ දේ බොහෝය. මව්පියන් එක් දිසාවකියි ද, ගුරුවරුන් තවත් දිසාවකියි ද උතුමෝ කියති.
“අගාරිනො අන්නදපානවත්ථදා, අව්හායිකා තම්පි දිසං වදන්ති; එසා දිසා පරමා සෙතකෙතු, යං පත්වා දුක්ඛී සුඛිනො භවන්තී”ති.
අගාරිනො අනන ද පාණවත්ථදා, අව්හායිකා තම්පි දිසං වදන්ති, එසා දිසා පරමා සෙත කෙතු, යා පත්වා දුක්ඛි සුඛිනො භවන්තී ති
සේතකේතු, ආහාර-පාන-වස්ත්‍ර දන් දෙන ගෘහපතිවරු යම් කෙනකු කැඳවා දන් දෙත්ද? ඒ (මහණ බමුණු) උදවිය ද දිසා යැ යි කියති. දුකට පත් අය යමක් වෙත පැමිණ සැප ඇත්තෝ වෙත්ද? එය (නිවන) උතුම් ම දිශාව යැයි කියති.
තත්ථ න හි සාධු කොධොති කොධො නාම උප්පජ්ජමානො සුභාසිතදුබ්භාසිතං අත්ථානත්ථං හිතාහිතං ජානිතුං න දෙතීති න සාධු න ලද්ධකො. බහුම්පි තෙ අදිට්ඨන්ති තයා චක්ඛුනා අදිට්ඨං සොතෙන ච අස්සුතමෙව බහුතරං. දිසතාති දිසා. මාතාපිතරො පුත්තානං පුරිමතරං උප්පන්නත්තා පුරත්ථිමදිසා නාම ජාතාති වදති. ආචරියමාහු දිසතං පසත්ථාති ආචරියා පන දක්ඛිණෙය්යත්තා දිසතං පසත්ථා දක්ඛිණා දිසාති බුද්ධාදයො අරියා ආහු කථෙන්ති දීපෙන්ති.
මෙහි ‘නහී සාධු කොධො’ යනු ‘ක්‍රෝධය හටගත් විට හොඳ වචන - නරක වචන, යහපත-අයහපත, හිත-අහිත නො වැටහේ. එබැවින් ක්‍රෝධය යහපත් එකක් නොවේ’ යන අර්ථයි. ‘බහුම්පි තෙ අදිට්ඨං’ යනු ‘නුඹ විසින් ඇසින් නො දුටු කණින් නො ඇසූ දේ ඉතා බොහෝ ය’ යන අර්ථයි. ‘දිසතා’ යනු දිශාවන්ය. මවුපියවරුන් දරුවන්ට කලින් ලොව පහළ වූ අය බැවින් පූර්ව ‘දිශාව’ නම් වන බව කියයි’ යන අර්ථයි. ‘ආචරියමාහු දිසතං පසත්ථා’ යනු ‘ගුරුවරුන් දක්ෂිණාර්භ බැවින් ප්රශස්ත වූ බුද්ධාදී ආර්යයෝ ඔවුන් දකුණු දිශාව යැයි කියති. දක්වති.’ යන අර්ථයි.
අගාරිනොති ගහට්ඨා. අන්නදපානවත්ථදාති අන්නදා, පානදා, වත්ථදා ච. අව්හායිකාති “එථ දෙය්යධම්මං පටිග්ගණ්හථා”ති පක්කොසනකා. තම්පි දිසං වදන්තීති තම්පි බුද්ධාදයො අරියා එකං දිසං වදන්ති. ඉමිනා චතුපච්චයදායකා ගහට්ඨා පච්චයෙ අපදිසිත්වා ධම්මිකසමණබ්රාහ්මණෙහි උපගන්තබ්බත්තා එකා දිසා නාමාති දීපෙති. අපරො නයො – යෙ එතෙ අගාරිනො අන්නපානවත්ථදා, තෙසං ඡකාමසග්ගසම්පත්තිදායකට්ඨෙන උපරූපරි අව්හායනතො යෙ අව්හායිකා ධම්මිකසමණබ්රාහ්මණා, තම්පි දිසං වදන්ති, බුද්ධාදයො අරියා උපරිමදිසං නාම වදන්තීති දීපෙති. වුත්තම්පි චෙතං –
‘අගාරිනො’ යනු ‘ගෘහස්ථයෝ’ය. ‘අන්නදපාණවත්ථදා’ යනු ‘ආහාර-පාන-වස්ත්‍ර පූජා කරන අය’යි. ‘අව්හායිකා’ යනු ‘එනු මැනවි. මේ දාන වස්තු පිළිගනු මැනවැ’යි කැඳවන අය’යි’. ‘තම්පි දිසං වදන්ති’ යනු ‘බුද්ධාදී ආර්යයෝ ඒ අයද දිශාවෙකැයි කියති’ යන අර්ථයි. මේ සිව්පසය සපයන ගෘහස්ථයේ සිව්පසය සකස් කළ කල්හි, ඒ බව දැනුම් දුන් විට, දැහැමි මහණ බමුණන් විසින් එතැනට එළඹිය යුතු බැවින්, ඒ මහණ බමුණන් එක් දිශාවකැයි දක්වයි. තවද අදහසකි. එනම් ආහාර-පාන-වස්ත්‍ර ලබාදෙන යම් ඒ ගිහියෝ වෙත්ද? ඔවුන්ට සදිව්‍ය ලෝක සම්පත් ලබාගැනීම සඳහා නැවත නැවත කැඳවන බැවින්, ඒ කැඳවීම් ලබන මහණ බමුණෝ දිශා නාමය ලබති. එබැවින් බුද්ධාදී ආර්යයෝ, ඔවුන් උඩ දිශාව යැයි කියති’ යන අර්ථයි. මෙසේ ද කියා ඇත.
“මාතා පිතා දිසා පුබ්බා, ආචරියා දක්ඛිණා දිසා; පුත්තදාරා දිසා පච්ඡා, මිත්තාමච්චා ච උත්තරා.
3-4 මව්පියෝ පූර්ව දිසාවය. ගුරුවරු දකුණු දිශාවය. අඹුදරුවෝ බටහිර දිශාවය. මිත්රාදීහු උතුරු දිශාවය. දැසි දස් කම්කරුවෝ යට දිශාවය. මහණ බමුණෝ උඩ දිශාවය. ගිහි ගෙයි වසන අප්රමාදී පුද්ගලයා, යට කී දිසාවන් නමස්කාර (ආවරණය) කරන්නේය.
“දාසකම්මකරා හෙට්ඨා, උද්ධං සමණබ්රාහ්මණා; එතා දිසා නමස්සෙය්ය, අලමත්තො කුලෙ ගිහී”ති. (දී· නි· 3.273);
එසා දිසාති ඉදං පන නිබ්බානං සන්ධාය වුත්තං. ජාතිආදිනා හි නානප්පකාරෙන දුක්ඛෙන දුක්ඛිතා සත්තා යං පත්වා නිද්දුක්ඛා සුඛිනො භවන්ති, එසා එව ච සත්තෙහි අගතපුබ්බා දිසා නාම. තෙනෙව ච නිබ්බානං “පරමා”ති ආහ. වුත්තම්පි චෙතං –
දෙවන ගාථාවෙහි එන ‘එසා දිසා’ යන මෙය නිවන සඳහා කියන ලද්දකි. ජාති ආදී වූ නන් වැදෑරුම් දුකින් වෙහෙසට පත් සත්ත්වයෝ නිවනට පැමිණ නිදුක්ව සැප ඇත්තේ වෙති. නිවන්මග සත්ත්වයන් පෙර නොගිය විරූ බැවින් ‘දිශාව’ නම් වේ. එහෙයින් ම නිවන වූ කලී උතුම් ම ‘දිශාව’ වේ. මෙසේ ද කියා ඇත.
“සමතිත්තිකං අනවසෙසකං, තෙලපත්තං යථා පරිහරෙය්ය; එවං සචිත්තමනුරක්ඛෙ, පත්ථයානො දිසං අගතපුබ්බ”න්ති. (ජා· 1.1.96);
5. කට ළඟට පිරුණු තෙල් පාත්‍රයක් නො ඉහිරෙන ලෙස, යම්සේ ගෙන යන්නේද? එසේ නොගිය විරූ ‘නිවන’ නමැති දිශාව ප්‍රාර්ථනා කරන්නා, සිය සිත රක්නේය.
එවං මහාසත්තො මාණවස්ස දිසා කථෙසි. සො පන “චණ්ඩාලෙනම්හි පාදන්තරෙන ගමිතො”ති තස්මිං ඨානෙ අවසිත්වා තක්කසිලං ගන්ත්වා දිසාපාමොක්ඛාචරියස්ස සන්තිකෙ සබ්බසිප්පානි උග්ගණ්හිත්වා ආචරියෙන අනුඤ්ඤාතො තක්කසිලතො නික්ඛමිත්වා සබ්බසමයසිප්පං සික්ඛන්තො විචරි. සො එකං පච්චන්තගාමං පත්වා තං නිස්සාය වසන්තෙ පඤ්චසතෙ තාපසෙ දිස්වා තෙසං සන්තිකෙ පබ්බජිත්වා යං තෙ ජානන්ති සිප්පමන්තචරණං, තං උග්ගණ්හිත්වා ගණසත්ථා හුත්වා තෙහි පරිවාරිතො බාරාණසිං ගන්ත්වා පුනදිවසෙ භික්ඛං චරන්තො රාජඞ්ගණං අගමාසි. රාජා තාපසානං ඉරියාපථෙ පසීදිත්වා අන්තොනිවෙසනෙ භොජෙත්වා තෙ අත්තනො උය්යානෙ වසාපෙසි. සො එකදිවසං තාපසෙ පරිවිසිත්වා “අජ්ජ සායන්හෙ උය්යානං ගන්ත්වා අය්යෙ වන්දිස්සාමී”ති ආහ.
මෙසේ බෝසත් තෙමේ සිය ශිෂ්‍ය මානවකයාට ‘දිශා’ විස්තරකොට දුන්නේය. ඒ මානවකයා චණ්ඩාලය විසින් තමාගේ පා අතරින් ගමන් කරවීය යන ලජ්ජාව නිසා, තවදුරටත් එහි නොවැස එතැනින් පිටත්ව තක්ෂිලාවට ගොස්, එහි දී දිසාපාමොක් ඇදුරුතුමාගේ සමීපයෙහි සියලු ශිල්ප උගෙන, සිය ගුරුතුමාගේ අනුමැතියෙන් තක්ෂිලාවෙන් නික්ම සියලු සමයයන් ද වෙනත් ශිල්ප ද ප්‍රගුණ කරමින් සැරිසරන්නට පටන් ගත්තේය. මෙසේ ඇවිදින ඔහු එක් පසල්ගමකට පැමිණියේය. ඒ ගමේ පන්සියයක් තාපසයෝ තවුස්දම් රකිති. ඔවුන් දුටු ඉහත කී මානවකයා ඔවුන් සමීපයෙහි තවුස් පැවිද්දෙන් පැවිදි විය. මෙසේ ටික කලක් එහි විසූ ඔහු, එම කාලය අතරතුරේදීම, තවුසන් දැන සිටි සියලු ශිල්ප ද, මන්ත්‍ර ද, ඇවතුම් පැවතුම් ද, උගෙන පිරිසේ නායකයා බවට පත්විය. දිනක් ඔහු සියලු තවුසන් පිරිවරාගෙන බරණැසට ගොස්, එදා එහි වැස පසුදා පිඬුසිඟා යමින් රාජ මාලිගයට පිවිසුණේය. ඒ තවුසන්ගේ ඉරියව් ඇවතුම් පැවතුම් කෙරෙහි පැහැදුණු රජතුමා මාලිගාව ඇතුළට ඔවුන් කැඳවාගෙන ගොස්, දානය වළඳවා තමාගේ රාජකීය උයනෙහි නවාතැන් ගන්නට සැලැස්වීය. එක් දවසක් මේ රජතුමා තවුසන්ට මාලිගය තුළදී, දන් පිළිගන්වා තවුසන් අමතා ‘ස්වාමීනි, අද සවස ඔබවහන්සේ දැක වැඳ පුදා ගැනීමට මම උයනට එන්නෙමි’යි පැවසීය.
සෙතකෙතු උය්යානං ගන්ත්වා තාපසෙ සන්නිපාතෙත්වා “මාරිසා, අජ්ජ රාජා ආගමිස්සති, රාජානො ච නාම සකිං ආරාධෙත්වා යාවතායුකං සුඛං ජීවිතුං සක්කා, අජ්ජ එකච්චෙ වග්ගුලිවතං චරථ, එකච්චෙ කණ්ටකසෙය්යං කප්පෙථ, එකච්චෙ පඤ්චාතපං තප්පෙථ, එකච්චෙ උක්කුටිකප්පධානමනුයුඤ්ජථ, එකච්චෙ උදකොරොහණකම්මං කරොථ, එකච්චෙ මන්තෙ සජ්ඣායථා”ති විචාරෙත්වා සයං පක්කසාලද්වාරෙ අපස්සයපීඨකෙ නිසීදිත්වා පඤ්චවණ්ණරඞ්ගසමුජ්ජලවාසනං එකං පොත්ථකං විචිත්රවණ්ණෙ ආධාරකෙ ඨපෙත්වා සුසික්ඛිතෙහි චතූහි පඤ්චහි මාණවෙහි පුච්ඡිතෙ පුච්ඡිතෙ පඤ්හෙ කථෙසි. තස්මිං ඛණෙ රාජා ආගන්ත්වා තෙ මිච්ඡාතපං කරොන්තෙ දිස්වා තුට්ඨො සෙතකෙතුං උපසඞ්කමිත්වා වන්දිත්වා එකමන්තං නිසින්නො පුරොහිතෙන සද්ධිං සල්ලපන්තො තතියං ගාථමාහ –
සේතකේතු තාපසයා උයනට ගිය විගස සෙසු තවුසන් තමා වෙතට කැඳවා ‘හිතවතුනි, අද සවස රජතුමා මෙහි පැමිණෙන්නේය. රජවරු යනු එක්වරක් පහදවා ගතහොත් මුළු ජීවිත කාලයටම සැපසේ කල්ගත කිරීමට මග පාදාගත හැකි පිරිසකි. එබැවින් රජු පැමිණෙන විට ඔබ අතුරෙන් සමහර කෙනෙක් ‘වවුල් වත’ රැකිය යුතුය. ඇතැමෙක් කටු මැස්සක සැතපිය යුතුය. තවත් කෙනෙක් පංචවිධ තාපයෙන් තැවිය යුතුය. තවත් කෙනෙක් උක්කුටියෙන් හිඳිය යුතුය. තවත් කෙනෙක් කරවටක් ජලයේ බැස සිටිය යුතුය. ඉතිරි කොටස වේද මන්ත්‍ර පාඨ සජ්ඣායනා කළ යුතු යැ’යි මෙසේ නීති පනවා තෙමේ, අසපු දොරටුවෙහි ඇඳි සහිත පුටුවක හිඳ පස්වන් පැහැයෙන් බබළන, සුවඳ කවන ලද එක් පොතක් විසිතුරු ලෙස වර්ණවත් කරන ලද ආධාරකයක තබාගෙන, මැනවින් පුහුණු කළ මානවකයන් හතරපස් දෙනෙකුන් වටේට හිඳුවාගෙන, ඔවුන් ලවා ප්‍රශ්න අස්සවා ඒවා විසඳමින්, පැහැදිලි කරමින් හුන්නේය. මේ අතරතුරේ රජතුමා පිරිවර සහිතව එතැනට පැමිණ, තවුස්ගේ බොරු තපස්කම් දැක එයින් තුටුව, සේතකේතු තවුසා වෙත එළඹ, ඔහුට නමස්කාර කොට පසෙක වාඩි වී පුරෝහිතයා සමග කථා කරමින් මෙසේ කීවේය.
“ඛරාජිනා ජටිලා පඞ්කදන්තා, දුම්මක්ඛරූපා යෙමෙ ජප්පන්ති මන්තෙ; කච්චි නු තෙ මානුසකෙ පයොගෙ, ඉදං විදූ පරිමුත්තා අපායා”ති.
6. රළු අඳුන් දිවිසම් හඳින, ජටා දරන, කිලුටු දත් ඇති, දුර්වර්ණ වූ සිරුරු ඇති, ඒ මේ තාපසවරු මන්ත්‍ර ජප කරති. කිමෙක්ද? ඔවුහු මිනිස් ලොව කටයුතු මැනවින් දැන අපායයන්ගෙන් මිදුණාහු වෙත්ද?
තත්ථ ඛරාජිනාති සඛුරෙහි අජිනචම්මෙහි සමන්නාගතා. පඞ්කදන්තාති දන්තකට්ඨස්ස අඛාදනෙන මලග්ගහිතදන්තා. දුම්මක්ඛරූපාති අනඤ්ජිතාමණ්ඩිතලූඛනිවාසනපාරුපනා මාලාගන්ධවිලෙපනවජ්ජිතා , කිලිට්ඨරූපාති වුත්තං හොති. යෙමෙ ජප්පන්තීති යෙ ඉමෙ මන්තෙ සජ්ඣායන්ති. මානුසකෙ පයොගෙති මනුස්සෙහි කත්තබ්බපයොගෙ ඨිතා. ඉදං විදූ පරිමුත්තා අපායාති ඉමස්මිං පයොගෙ ඨත්වා ඉමං ලොකං විදිත්වා පාකටං කත්වා “කච්චි එතෙ ඉසයො චතූහි අපායෙහි මුත්තා”ති පුච්ඡති.
මෙහි ‘ඛරාජිනා’ යනු ‘නියපොතු සහිත අඳුන් දිවිසම් වලින් යුතු, යන අර්ථයි. ‘පංකදන්තා’ යනු දැහැටි පාවිච්චි නොකිරීමෙන් කිලුටු වූ දත් ඇති’ යන අර්ථයි. ‘දුමුක්ඛරූපා’ යනු ‘බැබළිමෙන්, සැරසීමෙන් තොර, රළු වස්ත්‍ර පොරවන, මල්-ගඳ විලවුන්වලින් තොර, කිලිටි සිරුරු සඳහා කියන ලද්දකි. ‘යෙ මෙ ජපන්ති පයොගෙ’ යනු ‘මිනිසුන් විසින් කළ යුතු ප්‍රයෝගයන්හි පිහිටි’ යන අර්ථයි. ‘ඉදං විදු පරිමුත්තා අපායා’ යනු මේ ප්‍රයෝගයෙහි පිහිටා මෙලොව ගැන දැන ප්‍රකට කොට, කිමෙක්ද? මේ තාපසවරු සිව් අපායෙන් මිදුණාහුදැ’යි විචාරයි යන අර්ථයි.
තං සුත්වා පුරොහිතො චතුත්ථං ගාථමාහ –
රජුගේ මේ කථාව අසා සිටි පුරෝහිතයා මෙසේ කීවේය.
“පාපානි කම්මානි කරිත්ව රාජ, බහුස්සුතො චෙ න චරෙය්ය ධම්මං; සහස්සවෙදොපි න තං පටිච්ච, දුක්ඛා පමුඤ්චෙ චරණං අපත්වා”ති.
7. රජතුමනි, බහුශ්‍රැතයෙක් පව්කම්කොට ධර්මයෙහි නොහැසිරෙන්නේ නම්, ඔහු දහසක් දේ දත් පුද්ගලයකු වුවත් ශීලයට නොපැමිණ, දැනුමෙන් පමණක් දුකෙන් නොමිදෙන්නේය.
තත්ථ කරිත්වාති කත්වා. චරණන්ති සහ සීලෙන අට්ඨ සමාපත්තියො. ඉදං වුත්තං හොති. මහාරාජ, “අහං බහුස්සුතොම්හී”ති සහස්සවෙදොපි චෙ තිවිධං සුචරිතධම්මං න චරෙය්ය, පාපානෙව කරෙය්ය, සො තානි පාපානි කම්මානි කත්වා තං බාහුසච්චං පටිච්ච සීලසමාපත්තිසඞ්ඛාතං චරණං අප්පත්වා දුක්ඛා න පමුඤ්චෙ, අපායදුක්ඛතො න මුච්චතෙවාති.
මෙහි ‘කරිත්වා’ යනු ‘සිදුකොට’ යන අර්ථයි. ‘චරණං’ යනු ශීලය සහිත අෂ්ට සමාපත්ති, යන අර්ථයි. මින් කියන ලද්දේ මේ අර්ථය යි. එනම් ‘මහරජ, මම බහුශ්‍රැතයෙක් වෙමි. දහසක් දේ දන්නෙක් වෙමි’යි කියා, යමෙක් ප්‍රකාශ කළත් ඔහු ත්‍රිවිධ සුචරිත ධර්මයෙහි නොහැසිරෙන්නේ නම්, පාපයන්ම කරන්නේ නම්, ඔහු එම පව්කර්ම කොට ඒ කියන ලද, බහුශ්‍රැතභාවය නිසා දුකෙන් නොමිදෙන්නේය. එනම් යමෙක් ශීල සමාපත්ති සංඛ්‍යාත චරණයට පත් නොවී, දුකෙන් නොමිදෙන්නේය. අපාය දුකෙන් නොමිදේමය’ යන අර්ථයි.
තං සුත්වා රාජා තාපසෙසු පසාදං හරි. තතො සෙතකෙතු චින්තෙසි “ඉමස්ස රඤ්ඤො තාපසෙසු පසාදො උදපාදි, තං පනෙස පුරොහිතො වාසියා පහරිත්වා විය ඡින්දි, මයා එතෙන සද්ධිං කථෙතුං වට්ටතී”ති. සො තෙන සද්ධිං කථෙන්තො පඤ්චමං ගාථමාහ –
ඒ අසා සිටි රජතුමා තවුසන් කෙරෙහි ඇති කොටගත් ප්‍රසාදය අත්හළේය. ඉක්බිති සේතකේතු තවුසා ‘මේ රජුට තවුසන් කෙරෙහි ප්‍රසාදයක් ඇතිවිය. එහෙත් එය මේ පුරෝහිතයා වෑයෙන් කැපුවාක් මෙන් කපා හෙළී යැ’යි තමාටම කියා ගත්තේය. අනතුරුව ‘පුරෝහිතතුමා සමග සාකච්ඡාවක් කළොත් යහපතැ’යි කියා සිතූ සේතකේතු තවුසා පුරෝහිත බමුණා අමතා මෙසේ කීවේය.
“සහස්සවෙදොපි න තං පටිච්ච, දුක්ඛා පමුඤ්චෙ චරණං අපත්වා; මඤ්ඤාමි වෙදා අඵලා භවන්ති, සසංයමං චරණමෙව සච්ච”න්ති.
8. ‘දහසක් දේ දත් තැනැත්තෙක් වුවත් චරණයට පත් නොවී, උගත් දේ හේතු කොටගෙන දුකෙන් නොමිදෙන්නේය. එබැවින් ‘වේදයන් නිශ්ඵල යැ’යි හඟිමි. ශීලය සහිත වූ මරණය ම සත්‍යය වේ.
තස්සත්ථො – සචෙ සහස්සවෙදොපි තං බාහුසච්චං පටිච්ච චරණං අප්පත්වා අත්තානං දුක්ඛා න පමුඤ්චෙ, එවං සන්තෙ අහං මඤ්ඤාමි “තයො වෙදා අඵලා හොන්ති, සසීලං සමාපත්තිචරණමෙව සච්චං හොතී”ති.
දහසක් දේ දන්නා අයෙක් වුවත්, ඒ බහුශ්‍රැතභාවය හේතුකොට ගෙන, චරණයට නොපැමිණ දුකෙන් නොමිදෙන්නේය. එසේ ඇතිකල්හි, ත්රිවේදය නිශ්ඵල යැ’යි මම සිතමි. ශීලය සහිත අෂ්ට සමාපත්ති හේතු කොටගෙන, චරණය අනුගමනය කිරීමම සත්‍යය වේ.
තං සුත්වා පුරොහිතො ඡට්ඨං ගාථමාහ –
ඒ අසා පුරෝහිතයා තවුසාට මෙසේ පිළිතුරු දුන්නේය.
“න හෙව වෙදා අඵලා භවන්ති, සසංයමං චරණමෙව සච්චං; කිත්තිඤ්හි පප්පොති අධිච්ච වෙදෙ, සන්තිං පුණෙති චරණෙන දන්තො”ති.
9. වේද නිශ්ඵල නැත. නමුත් ශීලය සහිත චරණයම උතුම්ය. වේදයන් හදාරා කීර්තියට පැමිණේ. තවද සිල්වතා චරණය කරණ කොටගෙන නිවනට පැමිණේ.
තස්සත්ථො – තයො වෙදා අඵලා න භවන්ති, සසංයමං චරණමෙව සච්චං සෙය්යං උත්තමං පවරං න හෙව හොති. කිංකාරණා? කිත්තිඤ්හි පප්පොති අධිච්ච වෙදෙති තයො වෙදෙ අධිච්ච දිට්ඨධම්මෙ කිත්තිමත්තං යසමත්තං ලාභමත්තං ලභති, ඉතො පරං අඤ්ඤං නත්ථි, තස්මා න තෙ අඵලා. සන්තිං පුණෙති චරණෙන දන්තොති සීලෙ පතිට්ඨාය සමාපත්තියො නිබ්බත්තෙත්වා සමාපත්තිපදට්ඨානං විපස්සනං වඩ්ඪෙන්තො අච්චන්තං සන්තං නිබ්බානං නාම තං එති පාපුණාති.
ත්රිවේදය නිශ්ඵල නොවේ. එහෙත් ශීලය සහිත චරණයම සත්‍යය. ශ්‍රේෂ්ඨය. උතුම්ය. මහාර්ඝය. වේද නිශ්ඵල නොවන්නේ කුමන කරුණක් නිසාද? ත්රිවේදය හදාරා මෙලොවදීම, කීර්ති-යශස්-ලාභ ලබයි. මීට වැඩිමනත් අන් යමක් නැත. එබැවින් වේද නිශ්ඵල නොවේ. ‘සන්තං පුනෙති චරණෙන දන්තො’ යනුවෙන් ශීලයෙහි පිහිටා සමාපත්ති උපදවා සමාපත්ති පදනම් කොටගෙන විදසුන් වඩන්නා ඒකාන්ත වශයෙන්ම ශාන්ත වූ ඒ නිර්වාණයට පැමිණේ’ යන අදහසයි.
ඉති පුරොහිතො සෙතකෙතුනො වාදං භින්දිත්වා තෙ සබ්බෙ ගිහී කාරෙත්වා ඵලකාවුධානි ගාහාපෙත්වා මහන්තතරකෙ කත්වා රඤ්ඤො උපට්ඨාකෙ කාරෙසි. අයං කිර මහන්තතරකානං වංසො.
මෙසේ පුරෝහිතතුමා සේතකේතුගේ වාදය බිඳ දමා, ඔවුන් සියලු දෙනා ගිහියන් බවට පත්කොට අත්වලට පලිහ හා කඩු දී ඔවුන් විශේෂ ආරක්ෂක කටයුතු භාර උසස් රාජ්‍ය නිලධාරීන් බවට පත් කෙළේය.’ මේ මෙම තනතුරේ ආරම්භයයි.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා ජාතකං සමොධානෙසි – “තදා සෙතකෙතු කුහකභික්ඛු අහොසි, චණ්ඩාලො සාරිපුත්තො, රාජා ආනන්දො, පුරොහිතො පන අහමෙව අහොසි”න්ති.
බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා ජාතකය නිමවා වදාළ සේක. එදා සේතකේතු නම්, මෙදා මේ කුහක භික්ෂුවයි. චණ්ඩාල පුත්‍රයා වනාහි, සැරියුත් තෙරණුවෝය. පුරෝහිතතුමා වූ කලී, ‘මම ම යැ’යි බුදුරජාණන් වහන්සේ, තමන් වහන්සේ දක්වා වදාළ සේක.
සෙතකෙතුජාතකවණ්ණනා දුතියා.