යෙදුමෙන් කියවන්න

3. දරීමුඛජාතකවණ‍්ණනා 378 අට‍්ඨකථා

3. දරීමුඛජාතකවණ‍්ණනා (378)

3. දරීමුඛ ජාතකය (378)

පඞ‍්කො ච කාමාති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො මහාභිනික‍්ඛමනං ආරබ‍්භ කථෙසි. පච‍්චුප‍්පන‍්නවත්‍ථු හෙට‍්ඨා කථිතමෙව.

‘පංචා ච කාමා’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වසන සේක්, මහා අභිනිෂ්ක්‍රමණය නිමිති කොටගෙන වදාළ සේක. මෙහි වර්තමාන කථා වස්තුව මීට ඉහතින් විස්තර කරන ලදි. එහි අතීත කථාව පහත පළවේ.

අතීතෙ රාජගහනගරෙ මගධරාජා නාම රජ‍්ජං කාරෙසි. තදා බොධිසත‍්තො තස‍්ස අග‍්ගමහෙසියා කුච‍්ඡිම‍්හි නිබ‍්බත‍්ති, බ්‍රහ‍්මදත‍්තකුමාරොතිස‍්ස නාමං අකංසු. තස‍්ස ජාතදිවසෙයෙව පුරොහිතස‍්සපි පුත‍්තො ජායි, තස‍්ස මුඛං අතිවිය සොභති, තෙනස‍්ස දරීමුඛොති නාමං අකංසු. තෙ උභොපි රාජකුලෙයෙව සංවඩ‍්ඪා අඤ‍්ඤමඤ‍්ඤං පියසහායා හුත්‍වා සොළසවස‍්සකාලෙ තක‍්කසිලං ගන‍්ත්‍වා සබ‍්බසිප‍්පානි උග‍්ගණ‍්හිත්‍වා “සබ‍්බසමයසිප‍්පඤ‍්ච සික‍්ඛිස‍්සාම, දෙසචාරිත‍්තඤ‍්ච ජානිස‍්සාමා”ති ගාමනිගමාදීසු චරන‍්තා බාරාණසිං පත්‍වා දෙවකුලෙ වසිත්‍වා පුනදිවසෙ බාරාණසිං භික‍්ඛාය පවිසිංසු. තත්‍ථ එකස‍්මිං කුලෙ “බ්‍රාහ‍්මණෙ භොජෙත්‍වා වාචනකං දස‍්සාමා”ති පායාසං පචිත්‍වා ආසනානි පඤ‍්ඤත‍්තානි හොන‍්ති. මනුස‍්සා තෙ උභොපි භික‍්ඛාය චරන‍්තෙ දිස‍්වා “බ්‍රාහ‍්මණා ආගතා”ති ගෙහං පවෙසෙත්‍වා මහාසත‍්තස‍්ස ආසනෙ සුද‍්ධවත්‍ථං පඤ‍්ඤාපෙසුං, දරීමුඛස‍්ස ආසනෙ රත‍්තකම‍්බලං. දරීමුඛො තං නිමිත‍්තං දිස‍්වා “අජ‍්ජ මය‍්හං සහායො බාරාණසිරාජා භවිස‍්සති, අහං සෙනාපතී”ති අඤ‍්ඤාසි. තෙ තත්‍ථ භුඤ‍්ජිත්‍වා වාචනකං ගහෙත්‍වා මඞ‍්ගලං වත්‍වා නික‍්ඛම‍්ම තං රාජුය්‍යානං අගමංසු. තත්‍ථ මහාසත‍්තො මඞ‍්ගලසිලාපට‍්ටෙ නිපජ‍්ජි, දරීමුඛො පනස‍්ස පාදෙ පරිමජ‍්ජන‍්තො නිසීදි.

පෙර රජගහ නුවර ‘මගධ’ නම් රජෙක් රාජ්‍යය කරවීය. එකල අප බෝසත් තෙමේ, ඒ රජුගේ අග මෙහෙසියගේ කුසෙහි උපන්නේය. බෝසත් කුමරාට නම් තබන දිනයෙහිදී, ‘බ්‍රහ්මදත්ත’ කුමාරයා යැයි නම් තැබූහ. බෝසතුන් උපන් දවසේදීම, පුරෝහිතතුමාගේ බිරියට ද පුතෙක් උපන්නේය. ඔහුගේ මුහුණ අතිශයින් බබළයි. ඒ නිසාම ඒ කුමරුවාට ‘දරීමුඛ’ යැයි නම් කළහ. මේ කුමාරවරු දෙදෙනාම රජ මාලිගය තුළම ඇති දැඩි වෙති. මේ දෙදෙනාම ඔවුනොවුන්ට ප්‍රිය-මනාප වූහ. වයස සොළොස් වන වියේදී දෙමාපියන්ගේ අනුදැනුමෙන් තක්‍ෂිලාවට ගිය කුමාරවරු දෙදෙනා, එහිදී සියලු ශිල්ප-ශාස්ත්‍ර උගෙන නිමාකොට ඉන් සෑහීමකට පත් නොවී ‘සියලු සමයයන් හා ඉගෙන නොගත් වෙනත් ශිල්පයන් සොයා ඉගෙන ගන්නෙමු’ එපමණක් නොව, අපේ දේශයට අයත් සියලු කුල චාරිත්‍ර විධි ද, උගත යුතුයැ’යි, තීරණය කොට, ගම්-නියම්ගම් ආදියෙහි සැරිසරන්නට පටන් ගත්හ. මෙසේ චාරිකාවෙහි යෙදුනු මේ කුමාරවරු දෙදෙනා, බරණැසට පැමිණ එදා කිසියම් දේවස්ථානයක වැස පසුදින, බරණැස් නුවර පිඬු පිණිස ඇවිද්දාහ. මේ අතර බරණැස් නුවර කිසියම් නිවෙසක ජීවත්වන උදවිය, ‘අපි බමුණන්ට ආරාධනාකොට මෙහි ගෙන්වා ඔවුන් ලවා වේද පාඨ සජ්ඣායනා කරවා, ඔවුන්ට පඬුරු දී කිරිබත් ද පූජා කරමු’යි කියා, ඊට සූදානම් වී කිරිබත් ද පිස, බමුණන් සඳහා අසුන් පනවා, බමුණන් එන මග බලා සිටියාහුය. එදිනම, ඉහත කී කුමාරවරු දෙදෙනා, පිඬු පිණිස චාරිකාවේ යෙදුණේ. කලින් කී නිවසේ සිටි මිනිස්සු, මේ කුමාරවරුන් දෙදෙනා පිඬු පිණිස පැමිණෙනු දුටු වහාම ‘බමුණු උතුමෝ පැමිණියාහු’ යැයි, ඉදිරියට ගොස් ඔවුන් පිළිගෙන ගේ ඇතුළට කැඳවාගෙන අවුත්, බෝසතුන් සඳහා සුදු වතක් එලූ ආසනයක් පනවා, දරීමුඛ කුමරුට රතු කම්බිලියක් එලන ලද ආසනයක් පිළිගැන්වූහ. එවිට දරීමුඛ කුමරා ඒ නිමිත්ත දැක, ‘අද මාගේ මිත්‍රයා මේ බරණැස් නුවර මහරජු බවට පත්වන්නේය. මමද එතුමාගේ සේනාපති වන්නේ යැ’යි ස්ථිරව දැන ගත්තේය. ඒ කෙසේ වෙතත් කුමාරවරු දෙදෙනා එහිදී දානය අනුභව කොට පූජා ද පිළිගෙන, නිවැසියන්ට සෙත් වඩා, එතැනින් නික්ම රාජකීය උද්‍යානයට ගියහ. එම උයනෙහි මඟුල් ගල් තලාවට පැමිණ බෝසත් කුමරා, එහි වැද හොත්තේය. වැදහොත් කුමරුගේ දෙපා පිරිමදිමින් දරීමුඛ කුමරු එහි හුන්නේය.

තදා බාරාණසිරඤ‍්ඤො මතස‍්ස සත‍්තමො දිවසො හොති. පුරොහිතො රඤ‍්ඤො සරීරකිච‍්චං කත්‍වා අපුත‍්තකෙ රජ‍්ජෙ සත‍්තමෙ දිවසෙ ඵුස‍්සරථං විස‍්සජ‍්ජෙසි. ඵුස‍්සරථවිස‍්සජ‍්ජනකිච‍්චං මහාජනකජාතකෙ (ජා· 2.22.123 ආදයො) ආවි භවිස‍්සති. ඵුස‍්සරථො නගරා නික‍්ඛමිත්‍වා චතුරඞ‍්ගිනියා සෙනාය පරිවුතො අනෙකසතෙහි තූරියෙහි වජ‍්ජමානෙහි උය්‍යානද‍්වාරං පාපුණි. දරීමුඛො තූරියසද‍්දං සුත්‍වා “සහායස‍්ස මෙ ඵුස‍්සරථො ආගච‍්ඡති, අජ‍්ජෙවෙස රාජා හුත්‍වා මය‍්හං සෙනාපතිට‍්ඨානං දස‍්සති, කො මෙ ඝරාවාසෙනත්‍ථො, නික‍්ඛමිත්‍වා පබ‍්බජිස‍්සාමී”ති බොධිසත‍්තං අනාමන‍්තෙත්‍වාව එකමන‍්තං ගන‍්ත්‍වා පටිච‍්ඡන‍්නෙ අට‍්ඨාසි. පුරොහිතො උය්‍යානද‍්වාරෙ රථං ඨපෙත්‍වා උය්‍යානං පවිට‍්ඨො බොධිසත‍්තං මඞ‍්ගලසිලාපට‍්ටෙ නිපන‍්නං දිස‍්වා පාදෙසු ලක‍්ඛණානි ඔලොකෙත්‍වා “අයං පුඤ‍්ඤවා සත‍්තො ද‍්විසහස‍්සදීපපරිවාරානං චතුන‍්නම‍්පි මහාදීපානං රජ‍්ජං කාරෙතුං සමත්‍ථො, ධිති පනස‍්ස කීදිසා”ති සබ‍්බතූරියානි පග‍්ගණ‍්හාපෙසි. බොධිසත‍්තො පබුජ‍්ඣිත්‍වා මුඛතො සාටකං අපනෙත්‍වා මහාජනං ඔලොකෙත්‍වා පුන සාටකෙන මුඛං පටිච‍්ඡාදෙත්‍වා ථොකං නිපජ‍්ජිත්‍වා පස‍්සද‍්ධදරථො උට‍්ඨාය සිලාපට‍්ටෙ පල‍්ලඞ‍්කෙන නිසීදි. පුරොහිතො ජාණුකෙන පතිට‍්ඨාය “දෙව, රජ‍්ජං තුම‍්හාකං පාපුණාතී”ති ආහ. “අපුත‍්තකං භණෙ රජ‍්ජ”න‍්ති. “ආම, දෙවා”ති. “තෙන හි සාධූ”ති සම‍්පටිච‍්ඡි. තෙ තස‍්ස උය්‍යානෙයෙව අභිසෙකං අකංසු. සො යසමහන‍්තතාය දරීමුඛං අසරිත්‍වාව රථං අභිරුය‍්හ මහාජනපරිවුතො නගරං පවිසිත්‍වා පදක‍්ඛිණං කත්‍වා රාජද‍්වාරෙ ඨිතොව අමච‍්චානං ඨානන‍්තරානි විචාරෙත්‍වා පාසාදං අභිරුහි.

එදා බරණැස් රජතුමා මරණයට පත්වී, සත්වන දිනයයි. ඒ රජුගේ පුරෝහිත බමුණා, රජුගේ ආදාහන කටයුතු සියල්ල නිමාකොට රජුට දරුවන් නොමැති නිසා, අපුත්‍රක රාජ්‍යයට රජකු සොයාගැනීමට අවශ්‍ය බැවින්, මේ සත්වන දිනයෙහි, ‘රාජ රථය’ සරසා මුදා හැරියේය. මේ රාජ රථයෙන් (ඵුස්ස රථයෙන්) කෙරෙන රාජකාරිය, ‘මහා ජනක’ ජාතකයෙහි විස්තර වශයෙන් දැක්වේ. නගරයෙන් නික්මුණු රාජ රථය සිව්රඟ සෙනග පිරිවරා නොයෙක් සිය ගණන් පසඟතුරු නාදය මැද, උයන් දොරටුවට පැමිණුනේය. පසඟතුරු නද ශ්‍රවණය කළ දරීමුඛ කුමරු ‘මාගේ මිත්‍රයා වෙනුවෙන් රාජ රථය පැමිණේ. ඔහු අදම මේ රටේ රජතුමා වී, මට සේනාපති තනතුර දෙන්නේය. මේ ගිහිගෙයි විසීමෙන් මට කවර ප්‍රයෝජනයක් වන්නේද? එබැවින් මම මෙතැනින් නික්ම පැවිදි වන්නෙමි’යි සිතා, බෝසතුන් නො පුබුදුවා එතුමාට නො දන්වාම, එක් පැත්තකින් පැන, මඟුල් ගල්තලාව අවට ආරක්‍ෂිත ස්ථානයක සැඟවී බලා සිටියේය. උයන් දොරටුව වෙතට රථය සමීප වූ වහාම, පුරෝහිතතුමා රථය එතැනින් නවත්වා, උයනට පිවිසියේය. මඟුල් ගල් තලාව මත වැදහෙව නිදන බෝසතුන් දුටු පුරෝහිත තුමා, බෝසතුන්ගේ පා ලකුණු පරීක්‍ෂා කොට බලා, ‘මහ පිනැති කුමරෙකි. දෙදහසක් දිවයින්වලින් පිරිවරන ලද සතර මහාද්වීපයන්ට රජකම් කිරීමට තරම් සමත් වූ, උත්තමයෙකි’යි සිතා ‘බෝසතුන්ගේ දෛර්යය සම්පන්නභාවය කෙබඳු දැ’යි පරීක්‍ෂා කිරීම සඳහා, සියලු තූර්යනාද පවත්වන්නට අණ කෙළේය. එයින් පිබිදුන බෝසත් කුමරා මුහුණ වසා තිබූ ආවරණ සළුව ඉවත්කොට, එහි රැස්ව සිටි මහජනකාය දෙස බලා, නැවත සළුවෙන් මුහුණ වසාගෙන මඳ වේලාවක් වැතිරී සිට සන්සුන් වූ පීඩා ඇතිව නැගිට ගල්තලාව මත පලක් බැඳ වැඩ හුන්නේය. එවිට පුරෝහිතයා දණින් හිඳ, ‘දේවයන් වහන්ස, ඔබතුමා වෙත රජකම පැමිණියේ යැ’යි පැවසීය. ‘කිමෙක්ද හිතවත? රජයට ඔටුන්න හිමි කුමරකු නැද්දැ’යි කුමරා ඇසීය. ‘එසේය දේවයන් වහන්ස,’ ‘එසේ වී නම් යහපතැ’යි කියා, කුමරා රජකම පිළිගත්තේය. එහි සිටි පුරෝහිත තුමා ඇතුළු රාජකීය පිරිස, කුමරා උයනෙහිදීම අභිෂේක කළහ. මෙසේ රජකමට පත් මේ අලුත් රජතුමාට සිය මහත් වූ යසඉසුරු නිසාම තම මිතුරා දරීමුඛ අමතක විය. මඟුල් රථයට නැගුණු රජතුමා මහජනයා පිරිවරාගෙන නුවරට පිවිස මුළු නුවර පැදකුණු කොට, රාජකීය දොරටුව සමීපයේදී ම ඇමතිවරුන්ගේ තනතුරු ගැන විචාරා, මාලිගාවට පිවිසුණේය.

තස‍්මිං ඛණෙ දරීමුඛො “සුඤ‍්ඤං දානි උය්‍යාන”න‍්ති ආගන‍්ත්‍වා මඞ‍්ගලසිලාය නිසීදි, අථස‍්ස පුරතො පණ‍්ඩුපලාසං පති. සො තස‍්මිංයෙව පණ‍්ඩුපලාසෙ ඛයවයං පට‍්ඨපෙත්‍වා තිලක‍්ඛණං සම‍්මසිත්‍වා පථවිං උන‍්නාදෙන‍්තො පච‍්චෙකබොධිං නිබ‍්බත‍්තෙසි. තස‍්ස තඞ‍්ඛණඤ‍්ඤෙව ගිහිලිඞ‍්ගං අන‍්තරධායි, ඉද‍්ධිමයපත‍්තචීවරං ආකාසතො ඔතරිත්‍වා සරීරෙ පටිමුඤ‍්චි. තාවදෙව අට‍්ඨපරික‍්ඛාරධරො ඉරියාපථසම‍්පන‍්නො වස‍්සසට‍්ඨිකත්‍ථෙරො විය හුත්‍වා ඉද‍්ධියා ආකාසෙ උප‍්පතිත්‍වා හිමවන‍්තපදෙසෙ නන්‍දමූලකපබ‍්භාරං අගමාසි. බොධිසත‍්තොපි ධම‍්මෙන රජ‍්ජං කාරෙසි, යසමහන‍්තතාය පන යසෙන පමත‍්තො හුත්‍වා චත‍්තාලීස වස‍්සානි දරීමුඛං න සරි, චත‍්තාලීසෙ පන සංවච‍්ඡරෙ අතීතෙ තං සරිත්‍වා “මය‍්හං සහායො දරීමුඛො නාම අත්‍ථි, කහං නු ඛො සො”ති තං දට‍්ඨුකාමො අහොසි. සො තතො පට‍්ඨාය අන‍්තෙපුරෙපි පරිසමජ‍්ඣෙපි “කහං නු ඛො මය‍්හං සහායො දරීමුඛො , යො මෙ තස‍්ස වසනට‍්ඨානං කථෙති, මහන‍්තමස‍්ස යසං දස‍්සාමී”ති වදති. එවං තස‍්ස පුනප‍්පුනං තං සරන‍්තස‍්සෙව අඤ‍්ඤානි දස සංවච‍්ඡරානි අතික‍්කන‍්තානි.

මේ අතර දරීමුඛ කුමරා ‘දැන් උයන මිනිසුන්ගෙන් හිස්වී ඇතැ’යි සිතා, හුන් තැනින් නික්ම අවුත් මඟුල් ගල්තලාවේ හිඳ ගත්තේය. එවිටම ගසෙකින් ඉදී වැටුණු කොළයක් එතුමාගේ ඉදිරිපිට, බිම පතිත විය. කුමරා කහ පැහැති වූ ඒ කොළයෙහි වෙනස්වීම, විනාශය ගැන සිත යොමුකොට, තිලකුණු මෙනෙහි කොට පොළොව කම්පා කරමින් ‘පසේ බුදු’ බවට පත්විය. එකෙණෙහිම එතුමාගේ ගිහි ලක්‍ෂණ මුළුමනින්ම අතුරුදහන් විය. සෘද්ධිමය වූ පාසිවුරු අහසින් අවුත්, එතුමාගේ සිරුර හා සම්බන්ධ විය. එකෙණෙහිම අටපිරිකරින් සම්පූර්ණ වූ, ඉරියව්වලින් පරිපූර්ණ වූ එතුමා වස් සියයක මහතෙරුන් වහන්සේ නමක්ව, පෙනුණි. උන්වහන්සේ සෘද්ධියෙන් අහසට පැන නැග, හිමාල පෙදෙසෙහි ‘නන්‍දමූලක’ පර්වත ප්‍රාන්තයට වැඩි සේක. මේ අතර බෝසත් රජතුමා දැහැමින් රාජ්‍යය කරවීය. මහත් යසඉසුරු නිසා එයින්ම ප්‍රමාදයට පත්වී, අවුරුදු සතළිහක් තුරාවට රජුට දරීමුඛ නම් වූ සිය මිතුරා මතකයට නැගුණේ නැත. අභිෂේකයෙන් වසර හතළිහක් ඉක්ම ගියපසු රජුට අහම්බෙන් මෙන් අතීතය සිහි වීමෙන් තම සහායකයා මතක් විය. එවිට රජතුමා ‘මගේ මිතුරු දරීමුඛ කොහි වෙසේද? ඔහු දැකගන්නට ඇත්නම් යෙහෙකැ’යි සිතීය. එදා සිට රජතුමා මාලිගාව තුළ දීත් සභාව මැද දීත් ‘මගේ මිතුරු දරීමුඛ කොහිද? ඔහු වෙසෙන තැනක් සොයා බලා මට දැනුම් දෙවු. එසේ කරන්නකුට මහත් යසඉසුරු ලබා දෙන්නෙමි’යි නිතර නිතර කියයි. රජතුමා මෙසේ තම මිතුරා නිතර නිතර සිහි කරමින් පසුවෙද්දී තවත් වසර දහයක කාලයක් ඉකුත් විය.

දරීමුඛපච‍්චෙකබුද‍්ධොපි පඤ‍්ඤාසවස‍්සච‍්චයෙන ආවජ‍්ජෙන‍්තො “මං ඛො සහායො සරතී”ති ඤත්‍වා “ඉදානි සො මහල‍්ලකො පුත‍්තධීතාදීහි වුද‍්ධිප‍්පත‍්තො, ගන‍්ත්‍වා ධම‍්මං කථෙත්‍වා පබ‍්බාජෙස‍්සාමි න”න‍්ති ඉද‍්ධියා ආකාසෙන ආගන‍්ත්‍වා උය්‍යානෙ ඔතරිත්‍වා සුවණ‍්ණපටිමා විය සිලාපට‍්ටෙ නිසීදි. උය්‍යානපාලො තං දිස‍්වා උපසඞ‍්කමිත්‍වා “භන‍්තෙ, කුතො තුම‍්හෙ එථා”ති පුච‍්ඡි. “නන්‍දමූලකපබ‍්භාරතො”ති. “කෙ නාම තුම‍්හෙ”ති? “දරීමුඛපච‍්චෙකබුද‍්ධො නාමාහං, ආවුසො”ති. “භන‍්තෙ, අම‍්හාකං රාජානං ජානාථා”ති? “ආම ජානාමි, ගිහිකාලෙ නො සහායො”ති. “භන‍්තෙ, රාජා තුම‍්හෙ දට‍්ඨුකාමො, කථෙස‍්සාමි තස‍්ස තුම‍්හාකං ආගතභාව”න‍්ති. “ගච‍්ඡ කථෙහී”ති. සො “සාධූ”ති වත්‍වා තුරිතතුරිතොව ගන‍්ත්‍වා තස‍්ස සිලාපට‍්ටෙ නිසින‍්නභාවං රඤ‍්ඤො කථෙසි. රාජා “ආගතො කිර මෙ සහායො, පස‍්සිස‍්සාමි න”න‍්ති රථං ආරුය‍්හ මහන‍්තෙන පරිවාරෙන උය්‍යානං ගන‍්ත්‍වා පච‍්චෙකබුද‍්ධං වන්‍දිත්‍වා පටිසන්‍ථාරං කත්‍වා එකමන‍්තං නිසීදි. අථ නං පච‍්චෙකබුද‍්ධො “කිං, බ්‍රහ‍්මදත‍්ත, ධම‍්මෙන රජ‍්ජං කාරෙසි, අගතිගමනං න ගච‍්ඡසි, ධනත්‍ථාය ලොකං න පීළෙසි, දානාදීනි පුඤ‍්ඤානි කරොසී”තිආදීනි වදන‍්තො පටිසන්‍ථාරං කත්‍වා “බ්‍රහ‍්මදත‍්ත, මහල‍්ලකොසි, එතරහි කාමෙ පහාය පබ‍්බජිතුං තෙ සමයො”ති වත්‍වා තස‍්ස ධම‍්මං දෙසෙන‍්තො පඨමං ගාථමාහ –

දරීමුඛ පසේබුදුරජාණන් වහන්සේ ද, අවුරුදු පනහක් ඇවෑමෙන් තම මිතුරු රජුට තමන් වහන්සේ සිහිපත් වූ වග ආවර්ජනා කිරීමෙන් දැන, ‘දැන් මේ වනවිට ඔහු මහල්ලෙකි. ඔහුගේ දූ දරුවන් ද නිසි වියට පත් වී ඇතුවාට සැක නැත. එබැවින් ඔහු වෙත ගොස් දහම් දෙසා ඔහු පැවිදි කරවන්නෙමි’යි කල්පනා කොට සෘද්ධි බලය උපයෝගී කොටගෙන අහසට පැන නැගී, බරණැසට අවුත් රාජකීය උද්‍යානයට බැස, එහි මඟල් ගල් තලාවෙහි රන් පිළිමයක් මෙන් වැඩහුන් සේක. පසේ බුදුරදුන් දුටු උයන්පල්ලා උන්වහන්සේ වෙත එළඹ, ‘ස්වාමීනි, ඔබවහන්සේ කොහි සිට වැඩි සේක්දැ’යි විචාළේය. ‘ඇවැත්නි, නන්‍දමූලක පර්වත ප්‍රාන්තයේ සිට මෙහි පැමිණියෙමි. ස්වාමීනි, ඔබවහන්සේ කිනම් වන සේක්ද?’ ‘ඇවැත්නි, මම දරීමුඛ නම් වූ පසේ බුදුවරයා වෙමි.’ ‘ස්වාමීනි, ඔබවහන්සේ අපේ රජතුමා හඳුනන සේක්ද?’ ‘එසේය. ඔහු මාගේ ගිහි කළ මිතුරෙකි’, ‘ස්වාමීනි, අපේ රජතුමා ඔබවහන්සේ දකිනු රිසියෙන් නිතර ඒ ගැන කථා කරමින් සිටියේය. දැන් ඔබවහන්සේගේ පැමිණීම ගැන එතුමාට කියන්නදැ’යි උයන්පල්ලා ඇසීය. ‘යන්න, ඔබ ගොස් ඒ ගැන රජුට කියන්නැ’යි, පසේ බුදුරජාණන් වහන්සේ උයන්පල්ලාට අවසර දුන් සේක. ‘යහපතැ’යි පිළිගත් උයන්පල්ලා වහ වහා දිවැ ගොස් සියලු විස්තර රජුට දැන්වීය. ඉමහත් සන්තෝෂයට පත් රජතුමා ‘මගේ මිතුරා පැමිණියේය, එතුමා දැක ගන්නෙමි’යි, වහාම රථයට නැගී මහත් පිරිවර සහිතව උයනට ගොස්, පසේ බුදුරදුන් දැක, නමස්කාර කොට පිළිසඳර කථා නිමවා, එකත්පසෙක හිඳ ගත්තේය. ඉක්බිති රජු ඇමතූ පසේ බුදුරජාණන් වහන්සේ ‘බ්‍රහ්මදත්ත රජතුමනි, කිමෙක්ද? දැහැමින් රාජ්‍යය විචාරන්නෙහිද? සතර අගතියට නොගොස් පාලන කටයුතු කරන්නෙහිද? ධනය අපේක්‍ෂාවෙන් ලෝ වැස්සා නො පෙළන්නෙහිද? දානාදී පින්දහම්වල නිතර වන්නෙහි දැ’යි මෙසේ ප්‍රශ්නකොට, ඒ පිළිසඳර කථා නිමාවීමෙන් අනතුරුව, ‘රජතුමනි, ඔබ දැන් මහල්ලෙකි. දැන් මේ එළඹ ඇත්තේ කාම සම්පත් හැර දමා, පැවිදිවීමට සුදුසු කාලය යැ’යි, වදාරා රජුට දහම් දෙසමින් මෙසේ ද පැවසූ සේක.

“පඞ‍්කො ච කාමා පලිපො ච කාමා, භයඤ‍්ච මෙතං තිමූලං පවුත‍්තං; රජො ච ධූමො ච මයා පකාසිතා, හිත්‍වා තුවං පබ‍්බජ බ්‍රහ‍්මදත‍්තා”ති.

පංකොච කාම පලිපොච කාමා, භයඤ්ච මෙතං තිමුලං පවුත්තං, රජො ච ධූමොච මාය පකාසිතා, භිත්‍වා තුවං පබ්බජ බ්‍රහ්මදත්තාති

බ්‍රහ්මදත්තය, කාමයෝ කිලුටුය. කාමය මඩවගුරකි. මුල් තුනක් ඇති එය බිහිසුණු යැ’යි මා විසින් කියන ලදි. කෙලෙස් හා උවදුරු ගැන මා විසින් කියන ලදි. එබැවින් ඔබ මේවා අත්හැර පැවිදි වන්න.

තත්‍ථ පඞ‍්කොති උදකෙ ජාතානි තිණසෙවාලකුමුදගච‍්ඡාදීනි අධිප‍්පෙතානි. යථා හි උදකං තරන‍්තං තානි ලග‍්ගාපෙන‍්ති සජ‍්ජාපෙන‍්ති, තථා සංසාරසාගරං තරන‍්තස‍්ස යොගාවචරස‍්ස පඤ‍්ච කාමගුණා සබ‍්බෙ වා පන වත්‍ථුකාමකිලෙසකාමා ලග‍්ගාපනවසෙන පඞ‍්කො නාම. ඉමස‍්මිඤ‍්හි පඞ‍්කෙ ආසත‍්තා විසත‍්තා දෙවාපි මනුස‍්සාපි තිරච‍්ඡානාපි කිලමන‍්ති රොදන‍්ති පරිදෙවන‍්ති. පලිපො ච කාමාති පලිපො වුච‍්චති මහාකද‍්දමො, යම‍්හි ලග‍්ගා සූකරමිගාදයොපි සීහාපි වාරණාපි අත‍්තානං උද‍්ධරිත්‍වා ගන‍්තුං න සක‍්කොන‍්ති, වත්‍ථුකාමකිලෙසකාමාපි තංසරික‍්ඛතාය “පලිපා”ති වුත‍්තා. පඤ‍්ඤවන‍්තොපි හි සත‍්තා තෙසු කාමෙසු සකිං ලග‍්ගකාලතො පට‍්ඨාය තෙ කාමෙ පදාලෙත්‍වා සීඝං උට‍්ඨාය අකිඤ‍්චනං අපලිබොධං රමණීයං පබ‍්බජ‍්ජං උපගන‍්තුං න සක‍්කොන‍්ති. භයඤ‍්ච මෙතන‍්ති භයඤ‍්ච එතං, ම-කාරො බ්‍යඤ‍්ජනසන්‍ධිවසෙන වුත‍්තො. තිමූලන‍්ති තීහි මූලෙහි පතිට‍්ඨිතං විය අචලං. බලවභයස‍්සෙතං නාමං. පවුත‍්තන‍්ති මහාරාජ, එතෙ කාමා නාම දිට‍්ඨධම‍්මිකසම‍්පරායිකස‍්ස අත‍්තානුවාදභයාදිකස‍්ස චෙව ද‍්වත‍්තිංසකම‍්මකරණඡනවුතිරොගවසප‍්පවත‍්තස‍්ස ච භයස‍්ස පච‍්චයට‍්ඨෙන බලවභයන‍්ති බුද‍්ධපච‍්චෙකබුද‍්ධබුද‍්ධසාවකෙහි චෙව සබ‍්බඤ‍්ඤුබොධිසත‍්තෙහි ච පවුත‍්තං කථිතං, දීපිතන‍්ති අත්‍ථො. අථ වා භයඤ‍්ච මෙතන‍්ති භයඤ‍්ච මයා එතං තිමූලං පවුත‍්තන‍්ති එවඤ‍්චෙත්‍ථ අත්‍ථො දට‍්ඨබ‍්බොයෙව.

මෙහි ‘පංකො’ යනු ‘ජලයේ හටගත් තෘණ-සෙවෙල්, තෘණබට, කුමුදු ආදි පැලෑටි සමූහය’යි. ඒවා ජලයෙහි පීනන අයගේ සිරුරුවල ඇලේ. එසේම සසර සයුරේ තරණය කරන යෝගාවචරයාගේ සිරුරේ පඤ්චකාම ගුණයන් සියල්ලම හෝ වස්තුකාම, ක්ලේශකාම වශයෙන් හෝ, ඇලෙන බැවින් ‘පංක’ නම් වේ. මේ මඩෙහි ඇලුණු-පැටලුණු දෙව්-මිනිස්-තිරිසන් සත්ත්වයෝ වෙහෙසෙති. හඬති. වැලපෙති’ යන අර්ථයි. ‘පලිපො ච කාමා’ යන මෙහි ‘පලිප’ යනු ‘මහා මඩ වගුර’යි. මඩ වගුරෙහි එරුණු, ඌරු-මුව-සිංහ-ඇත් ආදීහු ස්වෝත්සාහයෙන් බේරී යන්නට අපොහොසත් වෙති. වස්තුකාම හා ක්ලේශකාම ද, ඒ හා සමාන බැවින් ‘පලිපා’ යැයි කියන ලදි. ප්‍රඥාව ඇතත් සත්ත්වයෝ ඒ කාමයන්හි එක් වරක් ඇලුණු තැන් පටන්, ඒ කාමයන් දෙපලුකොට වහා නැගිට ඇල්මක් නැති පළිබෝධ රහිත රමණීය වූ පැවිද්දට එළඹෙන්නට අපොහොසත් වෙති’ යන අර්ථයි. ‘භයඤ්ච මෙතං’ යන මෙහි ‘භයංච එතං’ යන තැන ඇති ‘ම’ කාරය ව්‍යඤ්ජන සන්‍ධි වශයෙන් කියන ලද්දකි. ‘තිමූලං’ යනු ‘මුල් තුනකින් පිහිටි බැවින් ගලක් මෙන් හක්තිමත් ද, බිහිසුණු ද වේ’ යන අර්ථයි. ‘පවුත්තං’ යනු ‘මහරජ, මේ කාමයෝ නම් මෙලොව, පරලොව අත්තානුවාද භය ආදි කොට ඇති, තිස්දෙකක් කම්කටොලු, අට අනූවක් රෝගාදි වශයෙන් පවතින බියට වඩා වැඩි බියකට, ප්‍රත්‍යය වන බැවින් ම අතිශයින් බියජනක යැයි බෝධිසත්ත්වයන් විසින් ද වදාරන ලදි. කියන ලදි. දක්වන ලදි’ යන අර්ථයි. නැතහොත් ‘භයඤ්ච මෙතං’ යනු ‘මා විසින් මේ මුල් තුනක් ඇති බිය ගැන කියන ලදි, යන මේ ආකාරයෙන් ද මෙහි අර්ථය දත යුතුය’ යන අර්ථයි.

රජො ච ධූමො චාති රජධූමසදිසත‍්තා “රජො”ති ච “ධූමො”ති ච මයා පකාසිතා. යථා හි සුන‍්හාතස‍්ස සුවිලිත‍්තාලඞ‍්කතස‍්ස පුරිසස‍්ස සරීරෙ සුඛුමරජං පතිතං, තං සරීරං දුබ‍්බණ‍්ණං සොභාරහිතං කිලිට‍්ඨං කරොති, එවමෙව ඉද‍්ධිබලෙන ආකාසෙන ආගන‍්ත්‍වා චන්‍දො විය ච සූරියො විය ච ලොකෙ පඤ‍්ඤාතාපි සකිං කාමරජස‍්ස අන‍්තො පතිතකාලතො පට‍්ඨාය ගුණවණ‍්ණගුණසොභාගුණසුද‍්ධීනං උපහතත‍්තා දුබ‍්බණ‍්ණා සොභාරහිතා කිලිට‍්ඨායෙව හොන‍්ති. යථා ච ධූමෙන පහටකාලතො පට‍්ඨාය සුපරිසුද‍්ධාපි භිත‍්ති කාළවණ‍්ණා හොති, එවං අතිපරිසුද‍්ධඤ‍්ඤාණාපි කාමධූමෙන පහටකාලතො පට‍්ඨාය ගුණවිනාසප‍්පත‍්තියා මහාජනමජ‍්ඣෙ කාළකාව හුත්‍වා පඤ‍්ඤායන‍්ති. ඉති රජධූමසරික‍්ඛතාය එතෙ කාමා “රජො ච ධූමො චා”ති මයා තුය‍්හං පකාසිතා, තස‍්මා ඉමෙ කාමෙ හිත්‍වා තුවං පබ‍්බජ බ්‍රහ‍්මදත‍්තාති රාජානං පබ‍්බජ‍්ජාය උස‍්සාහං ජනෙති.

‘රජො ච ධූමො ච’ යනු ‘රජස්-ධූම හා සමාන වන බැවින් ‘රජො’ යැයිද ‘ධූමො’ යැයි ද මා විසින් කියන ලදි. යම්සේ වතුර නා විලවුන් ගල්වා සැරසුණු මිනිසකුගේ සිරුරෙහි සියුම් දුහුවිලි වදීද? එවිට ඒ සිරුර දුර්වර්ණ වේ. ශෝභා රහිත වේ. කිලිටි වේ. එපරිද්දෙන් ම සෘද්ධි බලයෙන් අහසින් අවුත්, සඳු මෙන් ද, හිරු මෙන් ද ලොව ප්‍රකට වුවත්, එක් වරක් කාම රජස් ඔහු තුළට පිවිසි කල්හි, එතැන් පටන් ‘ඤාණ’ නමැති වර්ණයත්, ශෝභාවත්, පිරිසිදු භාවයත් නැසෙන බැවින් දුර්වර්ණ වේ. ශෝභා රහිත වේ. කිලිටි වේ. එසේම දුම් වැදුණු තැන් පටන් ඉතා පිරිසිදු බිත්තියක වුවත්, කළුපැහැ වේ. එපරිද්දෙන් ඉතා පිරිසිදු ඤාණය්ක වුවත්, කාම නමැති දුම් වැදුණු තැන් පටන්, ගුණ විනාශ වීමෙන් මහජනයා මැද දුර්වර්ණයෙන් පෙනේ යැ යි, මෙසේ කාමයන් රජස් හා දුමට සමාන යැයි මා විසින් ඔබට කියන ලදි. එබැවින් බ්‍රහ්මදත්තය, ඔබ මේ කාමයන් අත්හැර පැවිදි වෙව’යි රජු පැවිද්දට උනන්දු කරවීය’ යන අර්ථයි.

තං සුත්‍වා රාජා කිලෙසෙහි අත‍්තනො බද‍්ධභාවං කථෙන‍්තො දුතියං ගාථමාහ –

මේ දේශනාව අසා සිටි රජතුමා, තමා කෙලෙස්වලින් වෙළී සිටින බව පැහැදිලි කරමින්, මෙසේ ප්‍රකාශ කෙළේය.

“ගධිතො ච රත‍්තො ච අධිමුච‍්ඡිතො ච, කාමෙස‍්වහං බ්‍රාහ‍්මණ භිංසරූපං; තං නුස‍්සහෙ ජීවිකත්‍ථො පහාතුං, කාහාමි පුඤ‍්ඤානි අනප‍්පකානී”ති.

2. උතුමාණෙනි, මම කාමයන්හි ඇලුනෙමි. රත් වූයෙමි. මුළා වූයෙමි. ජීවිතයට ආශා ඇති මම, බිහිසුණු ස්වරූප ඇති, ඒ කාමයන් දුරු කරන්නට අපොහොසත් වෙමි. එහෙත් අනල්පව පින් කරන්නෙමි.

තත්‍ථ ගධිතොති අභිජ‍්ඣාකායගන්‍ථෙන බද‍්ධො. රත‍්තොති පකතිජහාපනෙන රාගෙන රත‍්තො. අධිමුච‍්ඡිතොති අතිවිය මුච‍්ඡිතො. කාමෙස‍්වහන‍්ති දුවිධෙසුපි කාමෙසු අහං. බ්‍රාහ‍්මණාති දරීමුඛපච‍්චෙකබුද‍්ධං ආලපති. භිංසරූපන‍්ති බලවරූපං. තං නුස‍්සහෙති තං දුවිධම‍්පි කාමං න උස‍්සහාමි න සක‍්කොමි. ජීවිකත්‍ථො පහාතුන‍්ති ඉමාය ජීවිකාය අත්‍ථිකො අහං තං කාමං පහාතුං න සක‍්කොමීති වදති. කාහාමි පුඤ‍්ඤානීති ඉදානි දානසීලඋපොසථකම‍්මසඞ‍්ඛාතානි පුඤ‍්ඤානි අනප‍්පකානි බහූනි කරිස‍්සාමීති.

මෙහි ‘ගථිතො’ යනු ‘විෂම ලෝභය නමැති බැම්මෙන් බැඳුනෙමි.’ යන අර්ථයි. ‘රත්තො’ යනු ‘රාගය විසින් ප්‍රකෘතිය දුරුකිරීම නිසා, එයින් රත් වූයෙමි, යන අර්ථයි. ‘අධිමුච්ඡිතො’ යනු ‘අතිශයින් මුළා වූයෙමි’ යන අර්ථයි. ‘කාමෙස්වාහං’ යනු ‘මම දෙවැදෑරුම් කාම වස්තුන්හි යන අර්ථයි. ‘බ්‍රාහ්මණ’ යනුවෙන් ‘දරීමුඛ’ නම් වූ පසේ බුදුරදුන් එසේ අමතයි. ‘භිංසරූපං’ යනු ‘බලවත් ස්වරූප ඇති’ යන අර්ථයි. ‘තං නුස්සහෙ’ යනු ‘ඒ දෙවැදෑරුම් කාමය ගැන උත්සාහ නොකරමි. ඊට අපොහොසත් වෙමි’ යන අර්ථයි. ‘ජීවිකත්‍ථො පහාතුං’ යනු මේ ජීවිතයට ආශා ඇති මම, ඒ කාමයන් දුරු කරන්නට අපොහොසත් වෙමි’යි කියයි’ යන අර්ථයි. ‘කාහාමි පුඤ්ඤානි’ යනු ‘දාන-ශීල-උපොසථ ශීල ආදී වශයෙන් අනල්ප වූ පින් බොහෝ සේ කරන්නෙමි’යි,

එවං කිලෙසකාමො නාමෙස සකිං අල‍්ලීනකාලතො පට‍්ඨාය අපනෙතුං න සක‍්කොති, යෙන සංකිලිට‍්ඨචිත‍්තො මහාපුරිසො පච‍්චෙකබුද‍්ධෙන පබ‍්බජ‍්ජාය ගුණෙ කථිතෙපි “පබ‍්බජිතුං න සක‍්කොමී”ති ආහ. යොයං දීපඞ‍්කරපාදමූලෙ අත‍්තනි සම‍්භවෙන ඤාණෙන බුද‍්ධකරධම‍්මෙ විචිනන‍්තො තතියං නෙක‍්ඛම‍්මපාරමිං දිස‍්වා –

මෙසේ ක්ලේශ කාමයෙන් කිලිටි වූ තැන් පටන්, එය ඉවත් කරන්නට නොහැකි යැයි ද ප්‍රකාශ කරන, එයින්ම කිලිටි සිත් ඇති බෝසත් තෙමේ, පසේ බුදුවරුන් විසින් පැවිද්දෙහි ගුණ කියද්දීත්, පැවිදි වීමට නොහැක්කෙමි’යි කීය’ යන අර්ථයි. බෝසත් තෙමේ පැවිදි වීමට අකමැති බව, මෙසේ ප්‍රකාශ කළත් ඔහුම දීපංකර පාද මූලයේ දී තමා තුළ හටගත් ඤාණයෙන්, බුද්ධ කාරක ධර්මයන් සොයනවිට, තුන්වැනි ‘නෙක්ඛම්ම පාරමිතාව’ දැක, එහි ගුණ මෙසේ වර්ණනා කෙළේය.

“ඉමං ත්‍වං තතියං තාව, දළ‍්හං කත්‍වා සමාදිය; නෙක‍්ඛම‍්මපාරමිතං ගච‍්ඡ, යදි බොධිං පත‍්තුමිච‍්ඡසි.

3. ඉදින් ඔබ බුදුවීමට කැමැත්තෙහි නම්, මේ තෙවන පාරමිතාව පළමුකොට දැඩිව සමාදන් වී නෙක්ඛම්මයෙහි කෙළවරට යන්න.

“යථා අන්‍දුඝරෙ පුරිසො, චිරවුත්‍ථො දුඛට‍්ටිතො; න තත්‍ථ රාගං ජනෙති, මුත‍්තිංයෙව ගවෙසති.

4. යම්සේ සිරගෙයක බොහෝ කලක් විසූ දුකෙන් පීඩිත වූ මිනිසෙක් එහි නො ඇල්ම වෙසෙසින් ඇතිකර ගනියිද? ඉන් මිදීම ම සොයා ද?

“තථෙව ත්‍වං සබ‍්බභවෙ, පස‍්ස අන්‍දුඝරෙ විය; නෙක‍්ඛම‍්මාභිමුඛො හුත්‍වා, සම‍්බොධිං පාපුණිස‍්සසී”ති. –

5. එසේම ඔබ සියලු භවයන් සිරකුටි සේ දකින්න. නෙක්ඛම්ම පාරමිතාවෙන් ඉදිරියට ගොස් සම්බෝධියට පැමිණෙන්න.

එවං නෙක‍්ඛම‍්මෙ ගුණං පරිකිත‍්තෙසි, සො පච‍්චෙකබුද‍්ධෙන පබ‍්බජ‍්ජාය වණ‍්ණං වත්‍වා “කිලෙසෙ ඡඩ‍්ඩෙත්‍වා සමණො හොහී”ති වුච‍්චමානොපි “නාහං කිලෙසෙ ඡඩ‍්ඩෙත්‍වා සමණො භවිතුං සක‍්කොමී”ති වදති.

පසේබුදුරජාණන් වහන්සේ විසින් පැවිද්දෙහි ගුණ කියා, ‘කෙලෙස් හැර දමා ‘මහණ, වන්න යැ’යි කියද්දීත්, බෝසත් තෙමේ එසේ කිරීමට තමා අසමත් බව ම කියයි. මේ ලෝකයෙහි උම්මත්තකයෝ අටදෙනෙකි. ඒ ගැන පැරණි ආචාර්යවරු මෙසේ කියති.

ඉමස‍්මිං කිර ලොකෙ අට‍්ඨ උම‍්මත‍්තකා නාම. තෙනාහු පොරාණා “අට‍්ඨ පුග‍්ගලා උම‍්මත‍්තකසඤ‍්ඤං පටිලභන‍්ති, කාමුම‍්මත‍්තකො ලොභවසං ගතො , කොධුම‍්මත‍්තකො දොසවසං ගතො, දිට‍්ඨුම‍්මත‍්තකො විපල‍්ලාසවසං ගතො, මොහුම‍්මත‍්තකො අඤ‍්ඤාණවසං ගතො, යක‍්ඛුම‍්මත‍්තකො යක‍්ඛවසං ගතො, පිත‍්තුම‍්මත‍්තකො පිත‍්තවසං ගතො, සුරුම‍්මත‍්තකො පානවසං ගතො, බ්‍යසනුම‍්මත‍්තකො සොකවසං ගතො”ති. ඉමෙසු අට‍්ඨසු උම‍්මත‍්තකෙසු මහාසත‍්තො ඉමස‍්මිං ජාතකෙ කාමුම‍්මත‍්තකො හුත්‍වා ලොභවසං ගතො පබ‍්බජ‍්ජාය ගුණං න අඤ‍්ඤාසි.

මෙලොව පුද්ගලයෝ අටදෙනෙක් උම්මත්තක සංඥාව ලබති. එනම්, ලෝභයෙහි වසඟයට පත් ‘කාම උම්මත්තකයා’ය, විහිංසාවේ වසඟයට පත් ‘ක්‍රෝධ උම්මත්තකයා’ය. විපර්යාසයෙහි වසඟයට පත් ‘දිට්ඨි උම්මත්තකයා’ය. මෝඩකමෙහි වසඟයට පත් ‘මෝහ උම්මත්තකයා’ය. යකුන්ගේ වසඟයට පත් ‘යක්‍ෂ උම්මත්තකයා’ය. පිතේ වසඟයට පත් ‘මෝහ උම්මත්තකයා’ය. සුරාවෙහි වසඟයට පත් ‘සුරා උම්මත්තකයා’ය. ශෝකයෙහි වසඟයට පත් ‘ව්‍යසන උම්මත්තකයා’ වශයෙනි. බෝසත් තෙමේ මේ ජාතකයට අනුව ඉහත කී උම්මත්තකයන් අතුරෙන් ලෝභයෙහි වසඟයට පත් වූ කාම උම්මත්තකයෙකි. එබැවින් මොහු පැවිද්දෙහි ගුණ තේරුම් නො ගත්තේය.

එවං අනත්‍ථකාරකං පන ඉමං ගුණපරිධංසකං ලොභජාතං කස‍්මා සත‍්තා පරිමුඤ‍්චිතුං න සක‍්කොන‍්තීති? අනමතග‍්ගෙ සංසාරෙ අනෙකානි කප‍්පකොටිසතසහස‍්සානි එකතො බන්‍ධිතභාවෙන. එවං සන‍්තෙපි තං පණ‍්ඩිතා “අප‍්පස‍්සාදා කාමා”තිආදීනං අනෙකෙසං පච‍්චවෙක‍්ඛණානං වසෙන පජහන‍්ති. තෙනෙව දරීමුඛපච‍්චෙකබුද‍්ධො මහාසත‍්තෙන “පබ‍්බජිතුං න සක‍්කොමී”ති වුත‍්තෙපි ධුරනික‍්ඛෙපං අකත්‍වා උත‍්තරිම‍්පි ඔවදන‍්තො ද‍්වෙ ගාථා ආහ.

මෙසේ අනර්ථය ඇතිකරන ගුණ මකන මේ ලෝභ සිතිවිලිවලින් මිදීමට, කුමක් හෙයින් සත්ත්වයෝ අපොහොසත් වෙත්ද? කෙළවරක් නැති සසර දී, නොයෙක් කෝටි සියදහස් ගණනක් කල්පයන්හි එකට එක්ව විසීම නිසාය. එක්ව වැඩීම නිසාය. මෙබඳු දිග සම්බන්ධයක්, සසර බැඳීමක් ඇති නමුත් පඬිවරු ‘කාම වස්තූන් අල්ප වූ ආශ්වාද ඇත්තේ යැ’යි ආදී වශයෙන්, ප්‍රත්‍යවේක්‍ෂ ඥානය උපයෝගී කොටගෙන, ඒ කාමයන් දුරු කෙරෙති. එනිසාම දරීමුඛ පසේ බුදුරජාණන් වහන්සේ බෝසතුන් විසින් පැවිද්දට ඇතුළුවීමට නොහැකි බව කියනු ලබද්දීත්, ස්වකීය අපේක්‍ෂාව බැහැර නොකොට තවදුරටත් රජුට අවවාද වශයෙන්, මෙසේ වදාළහ.

“යො අත්‍ථකාමස‍්ස හිතානුකම‍්පිනො, ඔවජ‍්ජමානො න කරොති සාසනං; ඉදමෙව සෙය්‍යො ඉති මඤ‍්ඤමානො, පුනප‍්පුනං ගබ‍්භමුපෙති මන්‍දො.

6. අවවාද ලැබ යමෙක් වැඩ කැමති හිත අදහසින් අනුකම්පා කර තැනැත්තාගේ අවවාදානුශාසනය අනුව කටයුතු නො කෙරේද? අනුවණ වූ ඔහු ‘මෙය ම උතුම් යැ’යි, යන හැඟීමෙන් යුතුව, යළි-යළිත් මවුකුසට පිවිසෙයි.

“සො ඝොරරූපං නිරයං උපෙති, සුභාසුභං මුත‍්තකරීසපූරං; සත‍්තා සකායෙ න ජහන‍්ති ගිද‍්ධා, යෙ හොන‍්ති කාමෙසු අවීතරාගා”ති.

7. හේ සුභ හැඟීම් ඇත්තන්ට අසුභ වූ, මළ-මුත්‍රවලින් පිරුණු බිහිසුණු ස්වරූප ඇති, නිරය (මවුකුස)ට පිවිසෙයි. යම් කෙනෙක් කාමවස්තූන්හි රාගය දුරු නොකළාහු වෙත්ද? ඒ සත්ත්වයෝ ස්වකීය ශරීරයන් ගැන ගිජුකම් අත් නොහරිති.

තත්‍ථ අත්‍ථකාමස‍්සාති වුඩ‍්ඪිකාමස‍්ස. හිතානුකම‍්පිනොති හිතෙන මුදුචිත‍්තෙන අනුකම‍්පන‍්තස‍්ස. ඔවජ‍්ජමානොති ඔවදියමානො. ඉදමෙව සෙය්‍යොති යං අත‍්තනා ගහිතං අසෙය්‍යං අනුත‍්තමම‍්පි සමානං, තං ඉදමෙව සෙය්‍යො ඉති මඤ‍්ඤමානො. මන්‍දොති සො අඤ‍්ඤාණපුග‍්ගලො මාතුකුච‍්ඡියං වාසං නාතික‍්කමති, පුනප‍්පුනං ගබ‍්භං උපෙතියෙවාති අත්‍ථො.

‘අත්‍ථකාමස්ස’ යනු ‘දියුණුව කැමැත්තාගේ’ යන අර්ථයි. ‘ඔවජ්ජමානො’ යනු ‘අවවාද දෙන’ යන අර්ථයි. ‘ඉදමෙව සෙය්‍යො’ යනු ‘තමා විසින් දන්නා ලද, ශ්‍රේෂ්ඨ නොවන-උතුම් නොවන, යමක් මෙයම උතුම් යැයි සිතන්නා’ යන අර්ථයි. ‘මන්‍දො’ යු ‘ඒ අනුවණ පුද්ගලයා මවුකුස වාසය නොඉක්මවයි, මවුකුසට පිවිසේමය’ යන අර්ථයි.

සො ඝොරරූපන‍්ති මහාරාජ, සො මන්‍දො තං මාතුකුච‍්ඡිං උපෙන‍්තො ඝොරරූපං දාරුණජාතිකං නිරයං උපෙති නාම. මාතුකුච‍්ඡි හි නිරස‍්සාදට‍්ඨෙන ඉධ “නිරයො”ති වුත‍්තො, “චතුකුට‍්ටිකනිරයො”ති වුච‍්චති. “චතුකුට‍්ටිකනිරයො නාම කතරො”ති වුත‍්තෙ මාතුකුච‍්ඡිමෙව වත‍්තුං වට‍්ටති. අවීචිමහානිරයෙ නිබ‍්බත‍්තසත‍්තස‍්ස හි අපරාපරං ආධාවනපරිධාවනං හොතියෙව, තස‍්මා තං “චතුකුට‍්ටිකනිරයො”ති වත‍්තුං න ලබ‍්භති, මාතුකුච‍්ඡියං පන නව වා දස වා මාසෙ චතූහිපි පස‍්සෙහි ඉතො චිතො ච ධාවිතුං නාම න සක‍්කා, අතිසම‍්බාධෙ ඔකාසෙ චතුකොටෙන චතුසඞ‍්කුටිතෙනෙව හුත්‍වා අච‍්ඡිතබ‍්බං, තස‍්මා එස “චතුකුට‍්ටිකනිරයො”ති වුච‍්චති.

‘සො සොරරූපං’ යනු ‘මහරජ, ඒ අනුවණයාගේ මවුකුසට පිවිසීම, බිහිසුණු ස්වරූප ඇති, දරුණු උපත් ඇතිකරන නිරයකට පිවිසීම හා සමානය. ආශ්වාද රහිත ස්ථානයක් බැවින්, මවුකුස නිරය යැ’යි මෙහිදී දක්වන ලදි. ‘චතුකුට්ටික නිරය’ යැයිද ඊට කියනු ලැබේ. චතුකුට්ටික නිරය යනු කුමක් දැ’යි ඇසූ කල්හි එය මවු කුස යැයි කීමට සුදුසුය. අවීචි මහා නිරයෙහි උපන් කෙනෙකුට ඉදිරියට වටේට දිවීමට පහසුකම් ඇත. එබැවින් ඊට චතුකුට්ටික නිරය යැයි කිය නොහැකිය. මවු කුස ය වනාහි නවමසක්, දසමසක් පුරාවට ඒ මේ අත යන්නට සතර අතින්ම ඉඩක් නැත. ඉතා කරදර සහිත ඉඩකඩක් ඇති බැවිනි. සතර අතින් ම සතරට ගුළි වී හිඳිය යුතුය. එබැවින් මවුකුසට චතුකුට්ටික නිරය යැයි කියනු ලැබේ’ යන අර්ථයි.

සුභාසුභන‍්ති සුභානං අසුභං. සුභානඤ‍්හි සංසාරභීරුකානං යොගාවචරකුලපුත‍්තානං මාතුකුච‍්ඡි එකන‍්තං අසුභසම‍්මතො. තෙන වුත‍්තං –

‘සුභාසුභං’ යනු ‘සුභයන්ට අසුභය. සුභයන්ට යනු සසර බිය දකින යෝගාවචර කුල පුත්‍රයන්ටය. ඔවුහු මව්කුස ඒකාන්ත අසුභ සම්මත දෙයක් ලෙස දකිති’ යන අර්ථයි. එහෙයින් මෙසේ ද කියන ලදි.

“අජඤ‍්ඤං ජඤ‍්ඤසඞ‍්ඛාතං, අසුචිං සුචිසම‍්මතං; නානාකුණපපරිපූරං, ජඤ‍්ඤරූපං අපස‍්සතො.

8. උසස් බවක් නැති, එහෙත් උසස් සේ ගණන් ගන්නා, අපිරිසිදු වුවත් පිරිසිදු යැයි සම්මත, නොයෙක් කුණපයන්ගෙන් පිරුණු, පිරිසිදු ස්වභාවයක්, ස්වරූපයක් දක්නටවත් නැති,

“ධිරත්‍ථුමං ආතුරං පූතිකායං, ජෙගුච‍්ඡියං අස‍්සුචිං බ්‍යාධිධම‍්මං; යත්‍ථප‍්පමත‍්තා අධිමුච‍්ඡිතා පජා, හාපෙන‍්ති මග‍්ගං සුගතූපපත‍්තියා”ති. (ජා· 1.3.128-129);

9. යම් සිරුරක ඇලී ගැලී එයින් සිහිමුළා වූ අය, සුගතියට එළඹීමේ මග දුරු කරත්ද? දුගඟ හමන, අපිරිසිදු වූ, ව්‍යාධියට මූල හේතුව වන, ආතුර වූ මේ කුණු කයට නින්දා වේවා.

සත‍්තාති ආසත‍්තා විසත‍්තා ලග‍්ගා ලග‍්ගිතා සකායෙ න ජහන‍්තීති තං මාතුකුච‍්ඡිං න පරිච‍්චජන‍්ති . ගිද‍්ධාති ගධිතා. යෙ හොන‍්තීති යෙ කාමෙසු අවීතරාගා හොන‍්ති, තෙ එතං ගබ‍්භවාසං න ජහන‍්තීති.

ඉහත සත්වැනි ගාථාවේ දැක්වෙන ‘සත්තා’ යනු ‘ඇලුණු, පැටලුණු, එල්ලුණු, ලග්න වූ’ යන අර්ථයි. ‘සකායෙ න ජහන්ති’ යනු ‘මව්කුස අත් නොහරිති’ යන අර්ථයි. ‘ගිද්ධා’ යනු ‘ආශාවෙන් යුක්ත වූවාහු වෙති’ යන අර්ථයි. ‘යෙ හොන්ති’ යනු ‘යම් කෙනෙක් කාමයන්හි පහ නොකළ රාගය ඇත්තාහු වෙද්ද, ඔවුහු ඒ ගර්භ වාසය අත් නො හරිති.’ යන අර්ථයි.

එවං දරීමුඛපච‍්චෙකබුද‍්ධො ගබ‍්භඔක‍්කන‍්තිමූලකඤ‍්ච, පරිහාරමූලකඤ‍්ච දුක‍්ඛං දස‍්සෙත්‍වා ඉදානි ගබ‍්භවුට‍්ඨානමූලකං දස‍්සෙතුං දියඩ‍්ඪගාථමාහ.

මෙසේ දරීමුඛ පසේ බුදුරජාණන් වහන්සේ මවුකුස පිළිසිඳ ගැනීමට හේතුවන කරුණත්, එහි දුකක්, ගැබ රැක ගැනීමෙහි සහ එහි විසීමේ දුකත්, පැහැදිලි කිරීමෙන් අනතුරුව, මවුකුසින් බිහිවීමේ දී, විඳින්නට සිදුවන දුක සම්බන්ධව මෙසේ වදාළ සේක.

“මීළ‍්හෙන ලිත‍්තා රුහිරෙන මක‍්ඛිතා, සෙම‍්හෙන ලිත‍්තා උපනික‍්ඛමන‍්ති; යං යඤ‍්හි කායෙන ඵුසන‍්ති තාවදෙ, සබ‍්බං අසාතං දුඛමෙව කෙවලං.

10. අසූචි තවරාගෙන, ලෙයින් නැහැවී, සෙම වැකුණු සිරුරු ඇතිව සත්ත්වයෝ බිහිවෙති.එවේලෙහි කයින් යම් යම් දේ ස්පර්ශ කෙරෙත්ද? ඒ සියල්ල අමිහිරි ය. හුදෙක් ඒවා දුක්ම වේ.

“දිස‍්වා වදාමි න හි අඤ‍්ඤතො සවං, පුබ‍්බෙනිවාසං බහුකං සරාමී”ති.

11. මම අනුන්ගෙන් අසා නො කියමි. පෙර විසූ කඳ පිළිවෙල බොහෝකොට සිහිපත් කරමි. ඒ දැක මෙසේ කියමි.

තත්‍ථ මීළ‍්හෙන ලිත‍්තාති මහාරාජ, ඉමෙ සත‍්තා මාතුකුච‍්ඡිතො නික‍්ඛමන‍්තා න චතුජ‍්ජාතිගන්‍ධෙහි විලිම‍්පිත්‍වා සුරභිමාලං පිළන්‍ධිත්‍වා නික‍්ඛමන‍්ති, පුරාණගූථෙන පන මක‍්ඛිතා පලිබුද‍්ධා හුත්‍වා නික‍්ඛමන‍්ති. රුහිරෙන මක‍්ඛිතාති රත‍්තලොහිතචන්‍දනානුලිත‍්තාපි ච හුත්‍වා න නික‍්ඛමන‍්ති, රත‍්තලොහිතමක‍්ඛිතා පන හුත්‍වා නික‍්ඛමන‍්ති. සෙම‍්හෙන ලිත‍්තාති න චාපි සෙතචන්‍දනවිලිත‍්තා නික‍්ඛමන‍්ති, බහලපිච‍්ඡිලසෙම‍්හලිත‍්තා පන හුත්‍වා නික‍්ඛමන‍්ති. ඉත්‍ථීනඤ‍්හි ගබ‍්භවුට‍්ඨානකාලෙ එතා අසුචියො නික‍්ඛමන‍්ති. තාවදෙති තස‍්මිං සමයෙ. ඉදං වුත‍්තං හොති – මහාරාජ, ඉමෙ සත‍්තා තස‍්මිං මාතුකුච‍්ඡිතො නික‍්ඛමනසමයෙ එවං මීළ‍්හාදිලිත‍්තා නික‍්ඛමන‍්තා යං යං නික‍්ඛමනමග‍්ගපදෙසං වා හත්‍ථං වා පාදං වා ඵුසන‍්ති, තං සබ‍්බං අසාතං අමධුරං කෙවලං අසම‍්මිස‍්සං දුක‍්ඛමෙව ඵුසන‍්ති, සුඛං නාම තෙසං තස‍්මිං සමයෙ නත්‍ථීති.

මෙහි ‘මීළ්හෙන ලිත්තා’ යනු ‘මහරජ, මේ සත්ත්වයෝ මවුකුසින් නික්මෙන්නාහු චතුර්විධ සුවඳ තවරාගෙන, මිහිරි සුවඳැති මල්මාලා පැළඳ, නොනික්මෙත්, අසූචි තවරාගෙන කරදර සහිතවම නික්මෙත්’ යන අර්ථයි. ‘රුහිරෙන මක්ඛිතා’ යනු රතු පැහැති රත්සඳුන් ගාගෙන නො නික්මෙත්, රතු පැහැතිව ලේ තවරාගෙන ම නික්මෙත්’ යන අර්ථයි. ‘සෙම්හෙන ලිත්තා’ යනු ‘සුදු සඳුන් ආලේප කොටගෙන නො නික්මෙත්, ඝන වූ ඇලෙන, ලිස්සන ස්වභාවයෙන් යුක්ත වූ සෙම තවරාගෙන, නික්මෙති. ස්ත්‍රීන් දරුවන් බිහිකරන අවස්ථාවන්හි ඉහත කී අපිරිසිදු දෑ නික්මෙයි’ යන අර්ථයි. ‘තාවදෙ’ යනු ‘එසමයෙහි’ යන අර්ථයි. මින් කියන ලද අර්ථය මෙසේය. එනම්, මහරජතුමනි, මේ සත්ත්වයෝ මවුකුසෙන් නික්මෙන අවස්ථාවේ මෙසේ අසූචි ආදිය තවරාගෙන නික්මෙත්, නික්මෙන ගමන්මගෙහි යම් යම් ස්ථානවල අඟපසඟ ස්පර්ශ වේ. ඒ සියලු ස්ථාන අමිහිරිය. අමධුරය. හුදෙක් අසූචියෙන් වැකී දුකක් ම ලබති. එසමයෙහි සැපයක් නම් ඔවුන්ට නැත’ යන අර්ථයි.

දිස‍්වා වදාමි න හි අඤ‍්ඤතො සවන‍්ති මහාරාජ, අහං ඉමං එත‍්තකං වදන‍්තො න අඤ‍්ඤතො සවං, අඤ‍්ඤස‍්ස සමණස‍්ස වා බ්‍රාහ‍්මණස‍්ස වා තං සුත්‍වා න වදාමි, අත‍්තනො පන පච‍්චෙකබොධිඤාණෙන දිස‍්වා පටිවිජ‍්ඣිත්‍වා පච‍්චක‍්ඛං කත්‍වා වදාමීති අත්‍ථො. පුබ‍්බෙනිවාසං බහුකන‍්ති ඉදං අත‍්තනො ආනුභාවං දස‍්සෙන‍්තො ආහ. ඉදං වුත‍්තං හොති – මහාරාජ, අහඤ‍්හි පුබ‍්බෙ නිවුත්‍ථක‍්ඛන්‍ධපටිපාටිසඞ‍්ඛාතං පුබ‍්බෙනිවාසං බහුකං සරාමි, සතසහස‍්සකප‍්පාධිකානි ද‍්වෙ අසඞ‍්ඛ්‍යෙය්‍යානි සරාමීති.

‘දිස්වා වදාමි නහි අඤ්ඤතො සවං’ යනු ‘මහරජ, මම මෙය මේ තරම් කියන්නේ, අනුන්ගෙන් අසා ගෙන නොවේ, එනම් වෙනත් ශ්‍රමණයකුගෙන්, බමුණකුගෙන් අසා නො කියමි. ස්වකීය පච්චේක බුද්ධ ඥානයෙන් දැක අවබෝධ කොටගෙන කියමි’ යන අර්ථයි. ‘පුබ්බෙ නිවාසං බහුකං’ යන මෙය තමාගේ ආනුභාවය දක්වමින් කීය. ඉන් කියන ලද අර්ථය මෙසේය. මහරජ, මම වනාහි පෙර විසූ කඳපිළිවෙල සංඛ්‍යාත පූර්ව උපත් බහුලව සිහි කරමි’ යන අර්ථයි.

ඉදානි සත්‍ථා අභිසම‍්බුද‍්ධො හුත්‍වා “එවං සො පච‍්චෙකබුද‍්ධො රාජානං සුභාසිතකථාය සඞ‍්ගණ‍්හී”ති වත්‍වා ඔසානෙ උපඩ‍්ඪගාථමාහ –

එදා ඒ පසේ බුදුරජාණන් වහන්සේ, ඒ ආකාරයෙන් සුභාෂිත ගාථාවලින් රජුට සංග්‍රහ කළ බව වදාළ, බුදුරජාණන් වහන්සේ අවසානයේ දී මේ ගාථා අර්ථය දේශනා කළ සේක.

“චිත්‍රාහි ගාථාහි සුභාසිතාහි, දරීමුඛො නිජ‍්ඣාපයි සුමෙධ”න‍්ති.

12. දරීමුඛ නම් වූ පසේ බුදුරජාණන් වහන්සේ, විසිතුරු වු යහපත් අදහස් ඇති ගාථාවලින්, නුවණැති රජු නැවත සිතා බලන්නට පෙළඹවූ සේක.

තත්‍ථ චිත්‍රාහීති අනෙකත්‍ථසන‍්නිස‍්සිතාහි. සුභාසිතාහීති සුකථිතාහි. දරීමුඛො නිජ‍්ඣාපයි සුමෙධන‍්ති භික‍්ඛවෙ, සො දරීමුඛපච‍්චෙකබුද‍්ධො තං සුමෙධං සුන්‍දරපඤ‍්ඤං කාරණාකාරණජානනසමත්‍ථං රාජානං නිජ‍්ඣාපෙසි සඤ‍්ඤාපෙසි, අත‍්තනො වචනං ගණ‍්හාපෙසීති අත්‍ථො.

මෙහි ‘චිත්‍රාහි’ යනු ‘නොයෙක් අර්ථයන්ගෙන් සපිරුණු යන අර්ථයි. ‘සුභාසිතාහි’ යනු ‘මැනවින් දේශනා කළ’ යන අර්ථයි. ‘දරීමුඛො නිජ්ඣාපයි සුමෙධං’ යනු ‘මහණෙනි, ඒ දරීමුඛ පසේ බුදුරජ තෙමේ ඒ නුවණැති උසස්, ඥානයෙන් යුතු, කාරණා කාරණා දැනගැනීමට හැකියාව ඇති රජු, නැවත සිතා බලන්නට පෙළඹවීය. දැනුම්වත් කෙළේය. තමාගේ වචන ගැන්වීය’ යන අර්ථයි.

එවං පච‍්චෙකබුද‍්ධො කාමෙසු දොසං දස‍්සෙත්‍වා අත‍්තනො වචනං ගාහාපෙත්‍වා “මහාරාජ, ඉදානි පබ‍්බජ වා මා වා, මයා පන තුය‍්හං කාමෙසු ආදීනවො පබ‍්බජ‍්ජාය ච ආනිසංසො කථිතො, ත්‍වං අප‍්පමත‍්තො හොහී”ති වත්‍වා සුවණ‍්ණරාජහංසො විය ආකාසෙ උප‍්පතිත්‍වා වලාහකගබ‍්භං මද‍්දන‍්තො නන්‍දමූලකපබ‍්භාරමෙව ගතො. මහාසත‍්තො දසනඛසමොධානසමුජ‍්ජලං අඤ‍්ජලිං සිරස‍්මිං ඨපෙත්‍වා නමස‍්සමානො තස‍්මිං දස‍්සනවිසයෙ අතීතෙ ජෙට‍්ඨපුත‍්තං පක‍්කොසාපෙත්‍වා රජ‍්ජං පටිච‍්ඡාපෙත්‍වා මහාජනස‍්ස රොදන‍්තස‍්ස පරිදෙවන‍්තස‍්ස කාමෙ පහාය හිමවන‍්තං පවිසිත්‍වා පණ‍්ණසාලං මාපෙත්‍වා ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා න චිරස‍්සෙව අභිඤ‍්ඤා ච සමාපත‍්තියො ච නිබ‍්බත‍්තෙත්‍වා ආයුපරියොසානෙ බ්‍රහ‍්මලොකූපගො අහොසි.

මෙසේ පසේ බුදුරජාණන් වහන්සේ කාමයන්හි දොස් දක්වා, තමාගේ වචන රජුට ඒත්තු ගන්වා, ‘මහරජ, දැන් පැවිදිවීම හෝ නොවීම ඔබට අයත් කාර්යයකි. මවිසින් ඔබට කාමයන්හි ආදීනවයත්, පැවිද්දෙහි ආනිසංසත් කියන ලදි. එබැවින් ඔබ නොපමාව කටයුතු කරන්නැ’යි වදාරා රන්වන් රාජ හංසයකු මෙන් අහසට පැන නැගී වලාගැබ මතින් නන්‍දමූලක පර්වත ප්‍රාන්තයටම වැඩි සේක. එවිට බෝසත් තෙමේ දසැඟිලි එක්කොට දොහොත් මුදුනෙහි තබා ඇඳිලි බැඳගෙන, පසේ බුදුරදුන්ට නමස්කාර කරමින්ම උන්වහන්සේ ඇසට නොපෙනෙන තුරු, හිටිවනම සිටියේය. උන්වහන්සේ නොපෙනී ගියපසු, මාලිගය තුළට පැමිණි රජතුමා, සිය දෙටු පුතු කැඳවා ඔහු රජයෙහි පිහිටුවා මහජනයා හඬමින්, වැලපෙමින් සිටිද්දී, සියලු සම්පත් හැරදමා, හිමාලයට පිවිසියේය. එහි පන්සලක් සාදා ගත් රජතුමා, සෘෂි පැවිද්දෙන් පැවිදිව නොබෝ කලකින්ම, අභිඥාවන් හා සමාපත්ති ද උපදවාගෙන, කලක් එහි වැස, ආයු කෙළවර මැරී ගොස් බඹලොව උපන්නේය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා සච‍්චානි පකාසෙත්‍වා ජාතකං සමොධානෙසි, සච‍්චපරියොසානෙ බහූ සොතාපන‍්නාදයො අහෙසුං. තදා රාජා අහමෙව අහොසින‍්ති.

බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා, සත්‍යය ප්‍රකාශකොට, ජාතකය නිමවා වදාළ සේක. දේශනාවසානයේදී බොහෝ උදවිය සෝවාන් ආදී මාර්ග ඵලවලට පත්වූහ. එදා රජතුමා නම්, ‘මම ම යැ’යි, බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ දක්වා වදාළ සේක.

දරීමුඛජාතකවණ‍්ණනා තතියා.