4. චුල‍්ලධනුග‍්ගහජාතකං
835. සබ‍්බං භණ‍්ඩං සමාදාය පාරං තිණ‍්ණොසි බ්‍රාහ‍්මණ, පච‍්චාගච‍්ඡ ලහුං ඛිප‍්පං මම‍්පි තාරෙහිදානිතො.
835. බමුණ සියලු භාණ්ඩ ගෙන එතෙරට ගියෙහි. වහා නැවත එව. මේ නදියෙන් මා ද වහා එතෙර කරව.
836. අසන්‍ථුතං මං චිරසන්‍ථුතෙන නිමින‍්නි භොතී අධුවං ධුවෙන, මයාපි භොතී නිමිනෙය්‍ය අඤ‍්ඤං ඉතො අහං දූරතරං ගමිස‍්සං.
836. පින්වතිය, ඇසුරක් නැති අලුතෙන් හමු වූ මා වෙත හැරුණී, දිගු කලක් ඇසුරු කළ ස්ථිර සැමියාගෙන් වෙනස් වූවා ය. තී මා කෙරෙනු දූ අනෙකකු පාවා ගන්නී ය. මම මෙතැනිනුත් ඉතා ඈතට යන්නෙමි.
837. කායං ඵළගලාගුම‍්බෙ කාරොති අහුහාසියං, නයිධ නච‍්චං වා ගීතං වා තාලං වා සුසමාහිතං අනම‍්හි කාලෙ සුස‍්සොණි කින‍්නු ජග‍්ඝසි සොභනෙ.
837. තුවරලා ලැහැබෙක කවර තැනැත්තියක් මහහඬින් සිනාසේ ද නැටුමක් ගැයුමක් හෝ කුලුතාලමක් මෙහි නැත සුන්‍දර ඌරු යුග්මයක් ඇති රුසිරූ, තැනැත්තිය හැඬියයුතු අවස්ථාවෙහි සෙන්නේ කුමක් හෙයින් ද?
838. සිගාල බාල දුම‍්මෙධ අප‍්පපඤ‍්ඤොසි ජම‍්බුක, ජිනො මච‍්ඡඤ‍්ච පෙසිඤ‍්ච කපණො විය ඣායසි.
838. මෝඩ වූ නුවණ රහිත වූ ජම්බුකය, තෝ ඥානය නැත්තෙහි මාළුවා ද මස්වැදැල්ල ද යන දෙක ම නැති වූයේ අසරණයකු සේ සිතිවිලි සිතන්නෙහි.
839. සුදස‍්සං වජ‍්ජං අඤ‍්ඤෙසං අත‍්තනො පන දුද‍්දසං, ජිනා පතිඤ‍්ච ජාරඤ‍්ච මම‍්පි ත්‍වඤ‍්ඤෙව ඣායසි.
839. මෙරමාගේ වරද දකින්නට පහසු ය, තමාගේ වරද දකින්නට අපහසු ය. තෝ සැමියා සහ සොර සැමියා යන දෙදෙනාගෙන් පිරිහුනෙහි ය, මා මෙන් තො ද සිතන්නෙහි ය.
840. එවමෙතං මිගරාජ යථා භාසසි ජම‍්බුක, සා නූනාහං ඉතො ගන‍්ත්‍වා භත‍්තු හෙස‍්සං වසානුගා.
840. මෘගරාජය, ඔබ යමක් කීහු ද මෙය මෙසේ ම ය. ඒ ඒ මම මෙතැනින් ගොස් ඒකාන්තයෙන් අනික් හිමියකු ලැබැ ඔහු අනුව යන්නෙමි.
841. යො හරෙ මත‍්තිකං ථාලං කංසථාලම‍්පි සො හරෙ, කතංයෙව තයා පාපං පුනපෙවං කරිස‍්සසීති.
841. යමෙක් මැටිතලියක් සොරා ගනී ද හේ ඒ පුරුද්දෙන් රන්තලියක් සොරකම් කරන්නේ ය. තෝ පාපකර්‍මය කළා ය. නැවත ද මෙසේ කරන්නී ය.