යෙදුමෙන් කියවන්න

3. හිරිජාතකවණ‍්ණනා 363 අට‍්ඨකථා

3. හිරිජාතකවණ‍්ණනා (363)

3. හිරි ජාතකය (363)

හිරිං තරන‍්තන‍්ති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො අනාථපිණ‍්ඩිකස‍්ස සහායං පච‍්චන‍්තවාසිසෙට‍්ඨිං ආරබ‍්භ කථෙසි. ද‍්වෙපි වත්‍ථූනි එකකනිපාතෙ නවමවග‍්ගස‍්ස පරියොසානජාතකෙ විත්‍ථාරිතානෙව. ඉධ පන “පච‍්චන‍්තවාසිසෙට‍්ඨිනො මනුස‍්සා අච‍්ඡින‍්නසබ‍්බසාපතෙය්‍යා අත‍්තනො සන‍්තකස‍්ස අස‍්සාමිනො හුත්‍වා පලාතා”ති බාරාණසිසෙට‍්ඨිස‍්ස ආරොචිතෙ බාරාණසිසෙට‍්ඨි “අත‍්තනො සන‍්තිකං ආගතානං කත‍්තබ‍්බං අකරොන‍්තා නාම පටිකාරකෙ න ලභන‍්තියෙවා”ති වත්‍වා ඉමා ගාථා අභාසි –

‘හිරිං තරන්තං’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවසන සේක්, අනේපිඬු සිටුතුමාගේ සහායක වූ පසල් දනව් වැසි සිටුවරයකු අරබයා වදාළ සේක. මෙහි වර්තමාන කථා වස්තුවත් අතීත කථා වස්තුවත් යන කථා දෙකම ඒකක නිපාතයෙහි නව වැනි වර්ගයේ අවසාන ජාතකයෙහි (අකතඤ්ඤු ජාතකයෙහි) දක්වා ඇත. මේ ජාතකයට අනුව ‘පසල් දනව් වැසි සිටුවරයාගේ මිනිස්සු සියලු සම්පත් පැහැර ගන්නා ලදුව, ස්වකීය ඇඳිවත පවා අහිමිව පැන දිවූහ’යි බරණැස් සිටුතුමාට ආරංචි විය. එවිට බරණැස් සිටු තෙමේ ‘තමා වෙත පැමිණි අයට කළයුතු උදව් උපකාර නොකරන උදවිය, කිසිදා ප්‍රත්‍යුපකාර නොලබත් යැ’යි කියා, මේ ගාථා ප්‍රකාශ කෙළේය.

“හිරිං තරන‍්තං විජිගුච‍්ඡමානං, තවාහමස‍්මී ඉති භාසමානං; සෙය්‍යානි කම‍්මානි අනාදියන‍්තං, නෙසො මමන‍්ති ඉති නං විජඤ‍්ඤා.

හිරිං තරන්තං විජිගුච්ඡ මානං, තවා හමස්මි ඉති භාසමානං, සෙය්‍යානි කම්මානි අනාදියන්තං, නෙ සො මමන්ති ඉති නං විජඤ්ඤා

ලජ්ජාව ඉක්මවා කටයුතු කරන, මිතුරන් පිළිකුල් කරන, එහෙත් ‘මම ඔබේ මිත්‍රයෙක්මි’යි කියන, උතුම් කටයුත්තක් නොකරන, එවැනි පුද්ගලයකු ගැන ‘මොහු මාගේ මිතුරෙක් නොවේ යැ’යි තේරුම් ගන්නේය.

“යඤ‍්හි කයිරා තඤ‍්හි වදෙ, යං න කයිරා න තං වදෙ; අකරොන‍්තං භාසමානං, පරිජානන‍්ති පණ‍්ඩිතා.

2. යමක් කරන්නේ ද, එය කියන්නේය. යමක් නො කරන්නේ නම්, එය නො කියන්නේය. නොකර කියන දෑ පඬිවරු හොඳින් හඳුනති.

“න සො මිත‍්තො යො සදා අප‍්පමත‍්තො, භෙදාසඞ‍්කී රන්‍ධමෙවානුපස‍්සී; යස‍්මිඤ‍්ච සෙතී උරසීව පුත‍්තො, ස වෙ මිත‍්තො යො අභෙජ‍්ජො පරෙහි.

3-4 මිත්‍රත්වය වූ කලී ප්‍රමෝදය ඇතිකිරීමට හේතු වේ. ප්‍රශංසාව හා සැපය ගෙනදේ. එබැවින් මනා වූ පෞරුෂත්වයක් ඇති තැනැත්තා, මිත්‍රත්වයේ ඵලය හා ආනිසංස වර්ධනය කරයි.

“පාමොජ‍්ජකරණං ඨානං, පසංසාවහනං සුඛං; ඵලානිසංසො භාවෙති, වහන‍්තො පොරිසං ධුරං.

“පවිවෙකරසං පිත්‍වා, රසං උපසමස‍්ස ච; නිද‍්දරො හොති නිප‍්පාපො, ධම‍්මප‍්පීතිරසං පිව”න‍්ති.

5. ධර්මප්‍රීති රසය බොන තැනැත්තා, කාය-චිත්ත විවේක රසයද, කෙලෙස් සංසිඳීමේ රසය ද, පානය කොට කෙලෙස් උවදුරු නැත්තෙක් ද, නිෂ්පාපියෙක් ද වේ.

තත්‍ථ හිරිං තරන‍්තන‍්ති ලජ‍්ජං අතික‍්කන‍්තං. විජිගුච‍්ඡමානන‍්ති මිත‍්තභාවෙන ජිගුච‍්ඡයමානං. තවාහමස‍්මීති “තව අහං මිත‍්තො”ති කෙවලං වචනමත‍්තෙනෙව භාසමානං. සෙය්‍යානි කම‍්මානිති “දස‍්සාමි කරිස‍්සාමී”ති වචනස‍්ස අනුරූපානි උත‍්තමකම‍්මානි. අනාදියන‍්තන‍්ති අකරොන‍්තං. නෙසො මමන‍්ති එවරූපං පුග‍්ගලං “න එසො මම මිත‍්තො”ති විජඤ‍්ඤා.

මෙහි ‘හිරිං තරන්තං’ යනු ‘ලජ්ජාව ඉක්ම වූ’ යන අර්ථයි. ‘විජිගුච්ඡමානං’ යනු ‘මෛත්‍රී හැඟීමක් නැති බැවින් මිතුරන් පිළිකුල් කරන’, යන අර්ථයි. ‘තවාහමස්මි’ යනු ‘මම ඔබේ මිතුරෙක්මි’යි හුදු වචන මාත්‍රයක් පමණක් කියන’ යන අර්ථයි. ‘සෙය්‍යානි කම්මානි’ යනු ‘දෙන්නෙමි, කරන්නෙමි යන වචනවලට අනුරූප වූ උතුම් ක්‍රියා’ යන අර්ථයි. ‘අනාදියන්තං’ යනු ‘නොකරන’ යන අර්ථයි. ‘නෙසො මම’ යන අර්ථයි.

පාමොජ‍්ජකරණං ඨානන‍්ති දානම‍්පි සීලම‍්පි භාවනාපි පණ‍්ඩිතෙහි කල්‍යාණමිත‍්තෙහි සද‍්ධිං මිත‍්තභාවොපි. ඉධ පන වුත‍්තප‍්පකාරං මිත‍්තභාවමෙව සන්‍ධායෙවමාහ. පණ‍්ඩිතෙන හි කල්‍යාණමිත‍්තෙන සද‍්ධිං මිත‍්තභාවො පාමොජ‍්ජම‍්පි කරොති, පසංසම‍්පි වහති. ඉධලොකපරලොකෙසු කායිකචෙතසිකසුඛහෙතුතො “සුඛ”න‍්තිපි වුච‍්චති, තස‍්මා එතං ඵලඤ‍්ච ආනිසංසඤ‍්ච සම‍්පස‍්සමානො ඵලානිසංසො කුලපුත‍්තො පුරිසෙහි වහිතබ‍්බං දානසීලභාවනාමිත‍්තභාවසඞ‍්ඛාතං චතුබ‍්බිධම‍්පි පොරිසං ධුරං වහන‍්තො එතං මිත‍්තභාවසඞ‍්ඛාතං පාමොජ‍්ජකරණං ඨානං පසංසාවහනං සුඛං භාවෙති වඩ‍්ඪෙති, න පණ‍්ඩිතෙහි මිත‍්තභාවං භින්‍දතීති දීපෙති.

‘පාමොජ්ජකරණං ඨානං’ යනු දානයත් ශීලයත් භාවනාවත් පණ්ඩිත වූ කල්‍යාණ මිත්‍රයන් සමග ඇති මිත්‍රභාවයත්ය.’ මෙය කියන ලද්දේ ඉහත සඳහන් මිත්‍රභාවය සඳහාමය. පණ්ඩිත වූ කල්‍යාණ මිත්‍රයකු සමග වූ මිත්‍රභාවය ප්‍රමෝදය ද ඇතිකරයි. ප්‍රශංසාව ද ගෙන දේ. මෙලෝ පරලෝ දෙක්හි කායික-චෛතසික සැපයට හේතුවන බැවින් මිත්‍රයාට ‘සකි’ යන වචනය කියනු ලැබේ. එබැවින් මේ ඵලයත් ආනිසංසයත් දකින්නා, ඒ දෙකටම හිමිකම් ඇති කුලපුත්‍රයෙකි. මනුෂ්‍යයන් විසින් දාන-ශීල-භාවනා-මිත්‍රධර්මය යන මේ සිවුවැදෑරුම් පෞරුෂත්වය ඉසිලිය යුතුය. මේ මිත්‍රභාව සංඛ්‍යාත පෞරුෂත්වය උසුලන්නා, සතුට ඇති කිරීමට හේතුවන ප්‍රශංසාව හා සැපය ගෙන දෙන මිත්‍රත්වය වඩයි. වර්ධනය කරයි. පණ්ඩිතයන් විසින් මිත්‍රභාවය නොබිඳිනු ලැබේ යැයි දක්වයි.

පවිවෙකරසන‍්ති කායචිත‍්තඋපධිවිවෙකානං රසං තෙ විවෙකෙ නිස‍්සාය උප‍්පන‍්නං සොමනස‍්සරසං. උපසමස‍්ස චාති කිලෙසූපසමෙන ලද‍්ධසොමනස‍්සස‍්ස. නිද‍්දරො හොති නිප‍්පාපොති සබ‍්බකිලෙසදරථාභාවෙන නිද‍්දරො, කිලෙසාභාවෙන නිප‍්පාපො හොති. ධම‍්මප‍්පීතිරසන‍්ති ධම‍්මපීතිසඞ‍්ඛාතං රසං, විමුත‍්තිපීතිං පිවන‍්තොති අත්‍ථො.

‘පවිවෙකරසං’ යනු ‘කාය-චිත්ත-උපධි විවේකයෙන්ගේ රසය යි.’ ඒ විවේකයන් නිසා උපන් සොම්නස් රසය මින් අදහස් කෙරේ. ‘උපසමස්සච’ යනු ‘කෙලෙස් සංසිඳීමෙන් ලබන ලද සොම්නසේ’ යන අර්ථයි. ‘නිද්දරො හොති නිප්පාපො’ යනු ‘සියලු කෙලෙස් උවදුරු නැති බැවින් ‘නිද්දර’ නම් වේ. කෙලෙස් නැති බැවින් ‘නිප්පාප’ නම් වේ. ‘ධම්මපීතිරසං’ යනු ‘ධර්මප්‍රීති සංඛ්‍යාත රසයයි. එනම් විමුක්ති ප්‍රීතිය බොන්නා’ යන අර්ථයි.

ඉති මහාසත‍්තො පාපමිත‍්තසංසග‍්ගතො උබ‍්බිග‍්ගො පවිවෙකරසෙන අමතමහානිබ‍්බානං පාපෙත්‍වා දෙසනාය කූටං ගණ‍්හි.

මෙසේ බෝසත් තෙමේ පාපමිත්‍රයන් හා එක්වීම ගැන කලකිරුණේය. පසුව බුදුරජාණන් වහන්සේ සත්ත්වයන් විවේක රසය කරණ කොටගෙන අමා මහ නිවනට පමුණුවා මේ ජාතක කථා ධර්ම දේශනාව කුළුගැන්වූ සේක.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “තදා පච‍්චන‍්තවාසී ඉදානි පච‍්චන‍්තවාසීයෙව, තදා බාරාණසිසෙට‍්ඨි අහමෙව අහොසි”න‍්ති.

බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා, ජාතකය නිමවා වදාළ සේක. එදා පසල් දනව් වැසි සිටුවරයා නම්, මෙදා ද පසල් දනව් වැසි සිටුවරයාම ය. එදා බරණැස් සිටුතුමා වූ කලී, ‘මම ම වීමි’යි බුදුරජාණන් වහන්සේ වදාළ සේක.

හිරිජාතකවණ‍්ණනා තතියා.