යෙදුමෙන් කියවන්න

1. මණිකුණ‍්ඩලජාතකං

සම්පූර්ණ පරිච්ඡේදය

708. ජිනො රථස‍්සමණිකුණ‍්ඩලෙ ච පුත‍්තෙ ච දාරෙ ච තථෙව ජීනො, සබ‍්බෙසු භොගෙසු අසෙසිතෙසු කස‍්මා න සන‍්තප‍්පසි සොකකාලෙ.

708. (මහරජ, තෙපි) රථ අශ්ව මිණිකොඬොල් යන මෙයින් පිරිහුණුහු. එසෙයින් ම දූදරුවන්ගෙන් හා බිරිඳගෙන් පිරිහුණුහු. සියලු ඉසුරු ඉතුරු නැතිව නැතිව ගිය කල්හි ශෝක වියයුතු අවස්ථායෙහි කවර හෙයින් ශෝක නොවන්නහු ද?

709. පුබ‍්බෙ ව මච‍්චං විජහන‍්ති භොගා මච‍්චො වා තෙ පුබ‍්බතරං ජහාති, අසස‍්සතා භොගිනො කාමකාමී තස‍්මා න සොචාමහං සොකකාලෙ.

709. කාමකාමිය, (කාමය කැමැත්තාණෙනි) වස්තු සම්පත් සත්ත්‍වයා පළමු ව හැරයයි. (නැති වෙයි) සත්ත්‍වයා ද පළමු කොට ම වස්තු සම්පත් හැරයයි. (මැරෙයි) වස්තු සම්පත් ඇත්තෝ සදාකාලික නො වෙති. එහෙයින් ශෝක කටයුතු කල්හි මම ශෝක නො කරමි.

710. උදෙති ආපූරති වෙති චන්‍දො අත්‍ථං තපෙත්‍වාන පලෙති සූරියො, විදිතා මයා සත‍්තුක ලොකධම‍්මා තස‍්මා න සොචාමහං සොකකාලෙ.

710. සත්තුකය, චන්‍ද්‍රයා උදාවී ක්‍රමයෙන් පිරී බැසයයි. සූර්‍ය්‍යා ද ලොව උණුසුම් කොට බැස යයි. මා විසින් ලෝක ධර්‍මයන් (අටලෝ දහම) දන්නා ලදී. එහෙයින් ශෝක කටයුතු කල්හි මම ශෝක නො කරමි.

711. අලසො ගිහී කාමභොගී න සාධු අසඤ‍්ඤතො පබ‍්බජිතො න සාධු, රාජා න සාධු අනිසම‍්මකාරි යො පණ‍්ඩිතො කොධනො තං න සාධු.

711. පස්කම් සුවයට ගිජු අලස ගිහියා නො මැනැවැ. හික්මීමක් නැති පැවිද්දා නො මැනැවැ. නො විමසා ක්‍රියා කරන රජ නො මැනැවැ. යම් පණ්ඩිතයෙක් කිපෙන සුලු ද ඒ කිපීම නො මැනැවි.

712. නිසම‍්ම ඛත‍්තියො කයිරා නානිසම‍්ම දිසම‍්පති, නිසම‍්ම කාරිනො රඤ‍්ඤො යසො කින‍්ති ච වඩ‍්ඪතීති.

712. නරදේවයාණෙනි, ක්‍ෂත්‍රිය තෙමේ විමසා කටයුතු කරන්නේ ය. නො විමසා කටයුතු නො කරන්නේ ය. විමසා කටයුතු කරන්නහුගේ පිරිවර ද කීර්තිය ද වඩනේ යි.

1. මණිකුණ‍්ඩලජාතකං.

1. මණිකුණ්ඩල ජාතක යි.

713. කින‍්නු සන‍්තරමානොව ලායිත්‍වා හරිතං තිණං, ඛාද ඛාදාති විලපි ගතසත‍්තං ජරග‍්ගව.

713. නිල්තණ වහා කපා ගෙන අවුත් මළ මහලු ගොනාට කව කවැ යි කියන්නේ කිම?

714. න හි අන‍්නෙන පානෙන මතො ගොණො සමුට‍්ඨහෙ, ත්‍වඤ‍්ච තුච‍්ඡං විලපසි යථා තං දුම‍්මතී තථා.

714. ආහාරපානයෙන් මළ ගොනා නොම නැගිටියි. මෝඩයකු මෙන් තෝ නිෂ්ඵල දැයක් කියමින් හඬනෙහි.

715. තථෙව තිට‍්ඨති සීසං හත්‍ථපාදා ච වාළධි, සොතා තථෙව තිට‍්ඨන‍්ති මඤ‍්ඤෙ ගොණො සමුට‍්ඨහෙ.

715. හිස අත්පා හා වලග එසේ ම (පෙර පරිදි) ඇත්තේ ය දෙකන් ද එලෙසින් ම ඇත්තේ ය. එහෙයින් ගොනා නැගීසිටි යයි සිතමි.

716. නෙවය්‍යකස‍්ස සීසං වා හත්‍ථපාදා න දිස‍්සරෙ, රුදං මත‍්තිකථූපස‍්මිං නනු ත්‍වඤ‍්ඤෙව දුම‍්මති.

716. අපේ මිය ගිය මුත්තාගේ හිස වේවයි අත් පා වේවයි දක්නට නැත. මැටිසෑය අභිමුඛයෙහි හඬන තෙපි මැ අඥාන නො වහු ද?

717. ආදිත‍්තං වත මං සන‍්තං ඝතසිත‍්තංව පාවකං, වාරිනා විය ඔසිඤ‍්චං සබ‍්බං නිබ‍්බාපයෙ දරං.

717. ගිතෙලින් ඉසින ලද ගින්නක් මෙන් ශෝකාග්නීන් දැල්වුණු මා දිය ඉසැ නිවන්නකු සෙයින් සියලු පීඩා හැර නිවාලූයේ ය.

718. අබ‍්බූළ‍්හං වත මෙ සල‍්ලං සොකං හදයනිස‍්සිතං, යො මෙ සොකපරෙතස‍්ස පිතුසොකං අපානුදි.

718. පියා මළ සොවින් පෙළුණු මාගේ ශෝකය යමෙක් දුරු කෙළේ ද හේ හදවතේ ඇවිණී තුබූ ශෝක නමැති උල ඇද දැම්මේ ය.

719. සොහං අබ‍්බූළ‍්හසල‍්ලොස‍්මි වීතසොකො අනාවිලො, න සොචාමි න රොදාමි තව සුත්‍වාන මාණව.

719. මම උදුරා ලූ සෝක හුල් ඇති වෙමි, පහව ගිය ශෝක ඇති වෙමි, නො කැලඹුණ සිත් ඇත්තෙම් වෙමි. මාණවය, තොපගේ වචන අසා ශෝක නො වෙමි, නො හඬමි.

720. එවං කරොන‍්ති සප‍්පඤ‍්ඤා යෙ හොන‍්ති අනුකම‍්පකා, විනිවත‍්තයන‍්ති සොකම‍්හා සුජාතො පිතරං යථාති.

720. අනුකම්පාව ඇති නුවණැති යම් කෙනෙක් වෙත් නම් ඔවුහු සොවින් පෙළුණු පියා ශෝක රහිත කළ සුජාත මෙන් ශෝකයෙන් වළකති.

2. සුජාතජාතකං.

2. සුජාත ජාතක යි.

721. නයිදං නිච‍්චං භවිතබ‍්බං බ්‍රහ‍්මදත‍්ත ඛෙමං සුභික‍්ඛං සුඛතා ච කායෙ, අත්‍ථච‍්චයෙ වා අහු සම‍්පමූළ‍්හො භින‍්තප‍්ලවො සාගරස‍්සෙව මජ‍්ඣෙ.

721. බ්‍රහ්මදත්තය, නිරුපද්‍රැත බවත් ආහාරපාන සුලභ වීමත් හැමදා එකසේ නො වේ. මුහුද මැද දී නැව කැඩී ගිය තැනැත්තේ ඉතා දුකට පත්වන්නේ යම්සේ ද එසේ වස්තු විනාශයෙහි දී මුළා වේ.

722. යානි කරොති පුරිසො තානි අත‍්තනි පස‍්සති, කල්‍යාණකාරී කල්‍යාණං පාපකාරී ච පාපකං, යාදිසං වපතෙ බීජං තාදිසං හරතෙ ඵලං.

722. පුරුෂයා යම් ක්‍රියාවක් කෙරේ ද එහි ඵලය තමා දකී. යහපත කරන්නා යහපත ද අයහපත කරන්නා අයහපත ද දකී. යම් වර්‍ගයක බීජයක් රෝපණය කෙරේ ද එබඳු ඵලයක් ලබයි.

723. ඉදං තදාචරියවචො පාරාසරියො යදබ්‍රවි, මාස‍්සු ත්‍වං අකරා පාපං යංතං පච‍්ඡා කතං තපෙ.

723. තෝ පව් නො කරව, යම්බඳු පාපයක් කරන ලද්දෙහි නම් එය තා තවා යයි එකල්හි කීයේ ද මෙය පාරාසරිය නමැති ගුරු ඇදුරුතුමාගේ ප්‍රකාශයයි.

724. අයමෙව සො පිඞ‍්ගිය ධොනසාඛො යම‍්හි ඝාතයිං ඛත‍්තියානං සහස‍්සං, අලඞ‍්කතෙ චන්‍දනසාරලිත‍්තෙ තමෙව දුක‍්ඛං පච‍්චාගතං මමං.

724. පිංගිය බමුණ, සඳුන්කල්ක තවරා සැරසුණු දහස්ගණනක් ක්‍ෂත්‍රියයන් යම් ගසක්මුල දී විනාශ කරවීම් ද, පැතුරුණු අතු ඇති ඒ ගස, දුක මා කරා නැවත පැමිණවී.

725. සාමාපි ඛො චන්‍දන ලිත‍්තගත‍්තා සිඞ‍්ගුව සොහඤ‍්ජනකස‍්ස උග‍්ගතා, අදිස‍්වාව කාලං කරිස‍්සාමි උබ‍්බරිං තං මෙ තතො දුක‍්ඛතරං භවිස‍්සතීති.

725. සඳුන්කල්ක ගල්වා ශෝභමාන වූ සාමා ද මඳ සුළඟේ සැලෙන මුරුංගා ගසක්සේ මනස්කාන්ත උබ්බරී බිසව ද නො දැක මිය යන්නෙමි. මරණ දුකට වඩා ඇය නො දැකීමේ දුක ඉතා වැඩි ය.

3. ධොනසාඛ ජාතකං.

3. ධොනසාඛ ජාතක යි.