යානීධාතිගාථාත්තයවණ්ණනා අට්ඨකථා
යානීධාතිගාථාත්තයවණ්ණනා
යානීධාතිගාථාත්තයවණ්ණනා
අථ සක්කො දෙවානමින්දො “භගවතා රතනත්තයගුණං නිස්සාය සච්චවචනං පයුඤ්ජමානෙන නාගරස්ස සොත්ථි කතා, මයාපි නාගරස්ස සොත්ථිත්ථං රතනත්තයගුණං නිස්සාය කිඤ්චි වත්තබ්බ”න්ති චින්තෙත්වා අවසානෙ ගාථාත්තයං අභාසි “යානීධ භූතානී”ති තත්ථ යස්මා බුද්ධො යථා ලොකහිතත්ථාය උස්සුක්කං ආපන්නෙහි ආගන්තබ්බං, තථා ආගතතො යථා ච තෙහි ගන්තබ්බං, තථා ගතතො යථා ච තෙහි ආජානිතබ්බං, තථා ආජානනතො, යථා ච ජානිතබ්බං, තථා ජානනතො, යඤ්ච තථෙව හොති, තස්ස ගදනතො ච “තථාගතො”ති වුච්චති. යස්මා ච සො දෙවමනුස්සෙහි පුප්ඵගන්ධාදිනා බහි නිබ්බත්තෙන උපකාරකෙන, ධම්මානුධම්මපටිපත්තාදිනා ච අත්තනි නිබ්බත්තෙන අතිවිය පූජිතො, තස්මා සක්කො දෙවානමින්දො සබ්බං දෙවපරිසං අත්තනා සද්ධිං සම්පිණ්ඩෙත්වා ආහ “තථාගතං දෙවමනුස්සපූජිතං, බුද්ධං නමස්සාම සුවත්ථි හොතූ”ති.
ඉක්බිති ශක්‍ර දේවේන්ද්‍ර තෙමේ - භාග්‍යවතුන් වහන්සේ විසින් රත්නත්‍රය ගුණය ඇසුරු කොට සත්‍යය වචනය යොදනු ලබන්නේ නගරයට යහපත කරන ලදී. මා විසින් ද නගරයට යහපත සඳහා රත්නත්‍රය ගුණය ඇසුරු කොට යම් කිසිවක් කිව යුතුයයි සිතා අවසාන ගාථා තුන “යානීධ භූතානි” යයි කීය. එහි යම්හෙයකින් බුදුරජාණන් වහන්සේ ලෝකයාට හිත පිණිස උත්සාහවත් භාවයට පැමිණියවුන් විසින් යම්සේ ආ යුතු ද එසේ පැමිණි හෙයින් ද එබඳු පුද්ගලයන් විසින් යම්සේ යා යුතු ද එසේ ගිය බැවින් ද එබඳු පුද්ගලයන් විසින් යම්සේ නාම රූපයන්ගේ නියම ස්වභාවය දත යුතු ද එසේ දැන ගන්නා හෙයින් ද චතුරාර්‍ය්‍ය සත්‍යය යම්සේ දත යුතු ද එසේ දැන ගන්නා හෙයින් ද යමක් යම් අයුරකින් වේ ද එය එලෙසම ප්‍රකාශ කරන හෙයින් ද “තථාගත” යයි කියනු ලැබේ. යම් හෙයකින් උන්වහන්සේ දෙවි මිනිසුන් විසින් මල්, සුවඳ ආදී බාහිරව හටගත් උපකරණයෙන් ද ධර්මානුධර්ම ප්‍රතිපත්ති ආදී තමා තුළ හටගත් ගුණයෙන් ද අතිශයින් පුදන ලද්දාහු වෙත් ද එහෙයින් ශක්රදේවේන්ද්ර තෙමේ සියලු දේව පිරිස තමා සමඟ එක් කොට “තථාගතං දෙවමනුස්ස පූජිතං බුද්ධං නමස්සාම සුවත්ථි හොතු” යයි කීය.
යස්මා පන ධම්මෙ මග්ගධම්මො යථා යුගනද්ධසමථවිපස්සනාබලෙන ගන්තබ්බං කිලෙසපක්ඛං සමුච්ඡින්දන්තෙන, තථා ගතොති තථාගතො. නිබ්බානධම්මොපි යථා ගතො පඤ්ඤාය පටිවිද්ධො සබ්බදුක්ඛප්පටිවිඝාතාය සම්පජ්ජති, බුද්ධාදීහි තථා අවගතො, තස්මා “තථාගතො”ත්වෙව වුච්චති. යස්මා ච සඞ්ඝොපි යථා අත්තහිතාය පටිපන්නෙහි ගන්තබ්බං තෙන තෙන මග්ගෙන, තථා ගතොති “තථාගතො”ත්වෙව වුච්චති. තස්මා අවසෙසගාථාද්වයෙපි තථාගතං ධම්මං නමස්සාම සුවත්ථි හොතු, තථාගතං සඞ්ඝං නමස්සාම සුවත්ථි හොතූති වුත්තං. සෙසං වුත්තනයමෙවාති.
යම් හෙයකින් වනාහී ධර්මයෙහි මාර්ග ධර්මය - එකට සම්බන්ධ සමථ විදර්ශනා බලයෙන් ක්ලේශ පක්ෂය සහමුලින් සිඳ යම්සේ යා යුතු ද එසේ ගිය බැවින් = තථාගත වේ. නිර්වාණ ධර්මය ද ඒ වූ පරිද්දෙන් ප්‍රඥාවෙන් අවබෝධ කරන ලද්දේම සියලු දුක් නැසීම පිණිස පවතී ද බුද්ධාදී උතුමන් විසින් එසේ අවබෝධ කර ගන්නා ලදී. එහෙයින් ධර්මය “තථාගත” යයි කියනු ලැබේ. යම් හෙයකින් සංඝයා ද යම්සේ ආත්ම හිත පිණිස පිළිපන්නවුන් විසින් යා යුතු ද ඒ ඒ මාර්ගයෙන් එසේ ගියේය. එනිසා “තථාගත” යයිම කියනු ලැබේ. එමනිසා අවසාන ගාථා දෙකෙහි ද “තථාගතං ධම්මං නමස්සාම සුවත්ථි හොතු - තථාගතං සංඝං නමස්සාම සුවත්ථි හොතු” (තථාගත ධර්මය වඳින්නෙමු; යහපතක් වේවා; තථාගත සංඝයා වඳින්නෙමු; යහපතක් වේවා) යයි කියන ලදී. ඉතිරිය කියන ලද අයුරින්මය.
එවං සක්කො දෙවානමින්දො ඉමං ගාථාත්තයං භාසිත්වා භගවන්තං පදක්ඛිණං කත්වා දෙවපුරමෙව ගතො සද්ධිං දෙවපරිසාය. භගවා පන තදෙව රතනසුත්තං දුතියදිවසෙපි දෙසෙසි, පුන චතුරාසීතියා පාණසහස්සානං ධම්මාභිසමයො අහොසි, එවං යාව සත්තමදිවසං දෙසෙසි, දිවසෙ දිවසෙ තථෙව ධම්මාභිසමයො අහොසි. භගවා අඩ්ඪමාසමෙව වෙසාලියං විහරිත්වා රාජූනං “ගච්ඡාමා”ති පටිවෙදෙසි. තතො රාජානො දිගුණෙන සක්කාරෙන පුන තීහි දිවසෙහි භගවන්තං ගඞ්ගාතීරං නයිංසු. ගඞ්ගාය නිබ්බත්තා නාගරාජානො චින්තෙසුං “මනුස්සා තථාගතස්ස සක්කාරං කරොන්ති, මයං කිං න කරිස්සාමා”ති සුවණ්ණරජතමණිමයා නාවායො මාපෙත්වා සුවණ්ණරජතමණිමයෙ එව පල්ලඞ්කෙ පඤ්ඤපෙත්වා පඤ්චවණ්ණපදුමසඤ්ඡන්නං උදකං කරිත්වා “අම්හාකං අනුග්ගහං කරොථා”ති භගවන්තං යාචිංසු. භගවා අධිවාසෙත්වා රතනනාවමාරූළ්හො, පඤ්ච ච භික්ඛුසතානි පඤ්චසතං නාවායො අභිරූළ්හා. නාගරාජානො භගවන්තං සද්ධිං භික්ඛුසඞ්ඝෙන නාගභවනං පවෙසෙසුං. තත්ර සුදං භගවා සබ්බරත්තිං නාගපරිසාය ධම්මං දෙසෙසි. දුතියදිවසෙ දිබ්බෙහි ඛාදනීයභොජනීයෙහි මහාදානං අකංසු, භගවා අනුමොදිත්වා නාගභවනා නික්ඛමි.
මෙසේ ශක්‍ර දේවේන්ද්‍ර තෙමේ මේ තුන ප්‍රකාශ කොට භාග්‍යවතුන් වහන්සේ ප්රදක්ෂිණා කොට දෙව් පිරිස සමඟ දේව පුරයටම ගියේය. භාග්‍යවතුන් වහන්සේ වනාහී ඒ රතන සූත්‍රයම දෙවන දවසෙහි ද දේශනා කළහ. නැවත අසූහාර දහසක් ප්‍රාණීන්ට ධර්මාවබෝධය විය. මෙසේ සත්වන දවස දක්වා දේශනා කළහ. දවසක් දවසක් පාසා දේශනාව අවසානයෙහි එලෙසින්ම ධර්මාවබෝධය සිදුවිය. භාග්‍යවතුන් වහන්සේ අඩ මසක්ම විශාලා නුවර වැඩ වාසය කොට “යමු”යි රජුන්ට දැන්වූහ. ඉක්බිති රජවරු දෙගුණයක් වූ සත්කාර සහිතව නැවත දවස් තුනකින් භාග්‍යවතුන් වහන්සේ ගං තෙරට පැමිණ වූහ. ගඟෙහි උපන් නා රජවරු ද මෙසේ සිතූහ; “මිනිස්සු ශාස්තෲන් වහන්සේට සත්කාර කරති; අපි කුමක් හෙයින් නොකරන්නෙමුදැ යි සිතා රන්, රිදී, මැණික් මුවා නැව් මවා රන්, රිදී, මැණික් මුවාම අසුන් පනවා ජලය පස්වන් පියුමෙන් ගැවසුණක් කොට අපට අනුග්‍රහ කරනු මැනැවැයි භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. භාග්‍යවතුන් වහන්සේ ඉවසා වදාරා රුවන් මුවා නැවට නැංගාහ. පන්සීයක් භික්ෂුහු ද පන්සීයක් නැව්වලට නැංගාහ. නා රජවරු භික්ෂු සංඝයා සහිත භාග්‍යවතුන් වහන්සේ නාග භවනට පිවිසවූහ. එහිදී භාග්‍යවතුන් වහන්සේ සියලු රාත්‍රියෙහි නාග පිරිසට ධර්මය දේශනා කළහ. දෙවන දවසෙහි දිව්‍යමය කෑ යුතු දෙයින් හා බුදිය යුතු දෙයින් මහ දන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ අනුමෝදනා ධර්මය දේශනා කොට නාග භවනයෙන් නික්මුණහ.
භූමට්ඨා දෙවා “මනුස්සා ච නාගා ච තථාගතස්ස සක්කාරං කරොන්ති, මයං කිං න කරිස්සාමා”ති චින්තෙත්වා වනප්පගුම්බරුක්ඛපබ්බතාදීසු ඡත්තාතිඡත්තානි උක්ඛිපිංසු. එතෙනෙව උපායෙන යාව අකනිට්ඨබ්රහ්මභවනං, තාව මහාසක්කාරවිසෙසො නිබ්බත්ති. බිම්බිසාරොපි ලිච්ඡවීහි ආගතකාලෙ කතසක්කාරතො දිගුණමකාසි. පුබ්බෙ වුත්තනයෙනෙව පඤ්චහි දිවසෙහි භගවන්තං රාජගහං ආනෙසි.
භූම්‍යස්ථ දෙවියෝ ද, මිනිස්සු ද, නාගයෝ ද තථාගතයන් වහන්සේට සත්කාර කරති. අපි කුමක් හෙයින් නොකරන්නෙමුදැයි සිතා වන ලැහැබ් ගස් පර්වත ආදියෙහි කුඩ මත කුඩ එසවූහ. මේ ක්‍රමයට අකනිටා බඹලොව තෙක් මහත් සත්කාර විශේෂයක් හටගති. බිම්බිසාර රජතුමා ලිච්ඡවීන් විසින් ආපසු වඩින කල්හි කරන ලද සත්කාරයන්ට වඩා දෙගුණයක් කොට සත්කාර කළේය. පෙර කී අයුරින්ම දින පහකින් භාග්‍යවතුන් වහසේ රජගහ නුවරට වැඩම කරවීය.
රාජගහමනුප්පත්තෙ භගවති පච්ඡාභත්තං මණ්ඩලමාළෙ සන්නිපතිතානං භික්ඛූනං අයමන්තරකථා උදපාදි “අහො බුද්ධස්ස භගවතො ආනුභාවො, යං උද්දිස්ස ගඞ්ගාය ඔරතො ච පාරතො ච අට්ඨයොජනො භූමිභාගො නින්නඤ්ච ථලඤ්ච සමං කත්වා වාලුකාය ඔකිරිත්වා පුප්ඵෙහි සඤ්ඡන්නො, යොජනප්පමාණං ගඞ්ගාය උදකං නානාවණ්ණෙහි පදුමෙහි සඤ්ඡන්නං, යාව අකනිට්ඨභවනං, තාව ඡත්තාතිඡත්තානි උස්සිතානී”ති. භගවා තං පවත්තිං ඤත්වා ගන්ධකුටිතො නික්ඛමිත්වා තඞ්ඛණානුරූපෙන පාටිහාරියෙන ගන්ත්වා මණ්ඩලමාළෙ පඤ්ඤත්තවරබුද්ධාසනෙ නිසීදි. නිසජ්ජ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි – “කාය නුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා”ති. භික්ඛූ සබ්බං ආරොචෙසුං භගවා එතදවොච – “න, භික්ඛවෙ, අයං පූජාවිසෙසො මය්හං බුද්ධානුභාවෙන නිබ්බත්තො, න නාගදෙවබ්රහ්මානුභාවෙන, අපිච ඛො පුබ්බෙ අප්පමත්තකපරිච්චාගානුභාවෙන නිබ්බත්තො”ති. භික්ඛූ ආහංසු “න මයං, භන්තෙ, තං අප්පමත්තකං පරිච්චාගං ජානාම, සාධු නො භගවා තථා කථෙතු, යථා මයං තං ජානෙය්යාමා”ති.
භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවරට වැඩම කළ කල්හි සවස් කාලයෙහි මණ්ඩලමාලයෙහි (ධර්ම සභා ශාලාවෙහි) රැස් වූ භික්ෂූන් අතර මේ අතුරු කථාව හටගති. “ගංඟාවේ මෙතෙරින්ද එතෙරින්ද අට යොදුන් භූමි භාගය බෑවුම් සහ ගොඩබිම් සම කොට වැලි විසුරුවා මල්වලින් ගැවසී ගත්තේ අකනිටා බඹලොව දක්වා කුඩ මත කුඩ ඔසවන ලද්දේ යමෙකු උදෙසා ද ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ආනුභාවය අහෝ, පුදුමයි” යනුවෙනි. භාග්‍යවතුන් වහන්සේ ඒ පුවත දැන ගඳ කිළියෙන් නික්ම එම අවස්ථාවන්ට ගැළපෙන පෙළහරින් වැඩම කොට මණ්ඩල මාලයෙහි පනවන ලද උතුම් බුද්ධාසනයෙහි වැඩ හුන්හ. වැඩහිඳ භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූහ. “මහණෙනි, දැන් මෙහි රැස්වූවාහු කවර නම් කථාවකින් යුක්තව හුන්නාහුද? යනුවෙනි. භික්ෂූහු සියල්ල දැනුම් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ; “මහණෙනි, මේ පූජා විශේෂය මාගේ බුද්ධානුභාවයෙන් හටගත්තේ නොවේ. නාග දේව බ්‍රහ්මයන්ගේ ආනුභාවයෙන් ද නොවේ. තවද පෙර ආත්ම භාවයක කළ ස්වල්ප වූ පරිත්‍යාගයක ආනුභාවයෙන් හටගත්තේය යනුයි. භික්ෂූහු මෙසේ කීහ; “ස්වාමීනි, අපි ඒ ස්වල්පමාත්‍ර වූ පරිත්‍යගය නොදනිමු. යම්සේ අපි එය දැන ගනිමුද භාග්‍යවතුන් වහන්සේ අපට එසේ දේශනා කරන්නාහු නම් යහපති” යනුයි.
භගවා ආහ – භූතපුබ්බං, භික්ඛවෙ, තක්කසිලායං සඞ්ඛො නාම බ්රාහ්මණො අහොසි. තස්ස පුත්තො සුසීමො නාම මාණවො සොළසවස්සුද්දෙසිකො වයෙන. සො එකදිවසං පිතරං උපසඞ්කමිත්වා අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. අථ තං පිතා ආහ “කිං, තාත, සුසීමා”ති? සො ආහ “ඉච්ඡාමහං, තාත, බාරාණසිං ගන්ත්වා සිප්පං උග්ගහෙතු”න්ති. “තෙන හි, තාත, සුසීම, අසුකො නාම බ්රාහ්මණො මම සහායකො, තස්ස සන්තිකං ගන්ත්වා උග්ගණ්හාහී”ති කහාපණසහස්සං අදාසි. සො තං ගහෙත්වා මාතාපිතරො අභිවාදෙත්වා අනුපුබ්බෙන බාරාණසිං ගන්ත්වා උපචාරයුත්තෙන විධිනා ආචරියං උපසඞ්කමිත්වා අභිවාදෙත්වා අත්තානං නිවෙදෙසි. ආචරියො “මම සහායකස්ස පුත්තො”ති මාණවං සම්පටිච්ඡිත්වා සබ්බං පාහුනෙය්යවත්තමකාසි. සො අද්ධානකිලමථං විනොදෙත්වා තං කහාපණසහස්සං ආචරියස්ස පාදමූලෙ ඨපෙත්වා සිප්පං උග්ගහෙතුං ඔකාසං යාචි. ආචරියො ඔකාසං කත්වා උග්ගණ්හාපෙසි.
භාග්‍යවතුන් වහන්සේ වදාළහ - “මහණෙනි, පෙර තක්ෂිලාවෙහි සඞ්ඛ නම් බ්‍රාහ්මණයෙක් විය. ඔහුගේ පුතා වයසින් සොළොස් හැවිරිදි වූ සුසීම නම් මාණවකයා විය. හෙතෙම එක් දිනක් පියා වෙත එළඹ වැඳ එකත් පසෙක සිටියේය. පියා ඔහුට මෙසේ කීය. “දරුව, සුසීම කිමෙක්ද? යනුවෙනි. ඔහු “පියාණෙනි; මම බරණැසට ගොස් ශිල්ප ඉගෙනීමට කැමැත්තෙමි’යි කීය. දරුව සුසීමය, එසේ නම් අසවල් බ්‍රාහ්මණයා මාගේ යහළුවෙකි. ඔහු සමීපයට ගොස් ඉගෙන ගනුවයි කියා කහවණු දහසක් දුනි. ඔහු එය රැගෙන මව්පියන් වැඳ පිළිවෙළින් බරණැසට ගොස් ගරු කටයුතු ආකාරයෙන් ඇදුරුතුමා වෙත එළඹ වැඳ තමා පිළිබඳව දැනුම් දුනි. ඇඳුරුතුමා “මාගේ යහළුවාගේ පුතා” යයි මාණවකයා පිළිගෙන සියලු ආගන්තුක වත් කළේය. හෙතෙම ගමන් වෙහෙස සන්සිඳුවාගෙන ඒ කහවණු දහස ඇඳුරුතුමාගේ පා මුල තබා ශිල්ප ඉගෙනීමට අවසර ඉල්ලීය. ඇඳුරුතුමා අවසර දී ඉගැන්වීය.
සො ලහුඤ්ච ගණ්හන්තො, බහුඤ්ච ගණ්හන්තො, ගහිතගහිතඤ්ච සුවණ්ණභාජනෙ පක්ඛිත්තතෙලමිව අවිනස්සමානං ධාරෙන්තො, ද්වාදසවස්සිකං සිප්පං කතිපයමාසෙනෙව පරියොසාපෙසි. සො සජ්ඣායං කරොන්තො ආදිමජ්ඣංයෙව පස්සති, නො පරියොසානං. අථ ආචරියං උපසඞ්කමිත්වා ආහ “ඉමස්ස සිප්පස්ස ආදිමජ්ඣමෙව පස්සාමි, නො පරියොසාන”න්ති. ආචරියො ආහ “අහම්පි, තාත, එවමෙවා”ති. අථ කො, ආචරිය, ඉමස්ස සිප්පස්ස පරියොසානං ජානාතීති? ඉසිපතනෙ, තාත, ඉසයො අත්ථි, තෙ ජානෙය්යුන්ති. තෙ උපසඞ්කමිත්වා පුච්ඡාමි, ආචරියාති? පුච්ඡ, තාත, යථාසුඛන්ති. සො ඉසිපතනං ගන්ත්වා පච්චෙකබුද්ධෙ උපසඞ්කමිත්වා පුච්ඡි “අපි, භන්තෙ, පරියොසානං ජානාථා”ති? ආම, ආවුසො, ජානාමාති. තං මම්පි සික්ඛාපෙථාති. තෙන හාවුසො, පබ්බජාහි, න සක්කා අපබ්බජිතෙන සික්ඛාපෙතුන්ති. සාධු, භන්තෙ, පබ්බාජෙථ වා මං, යං වා ඉච්ඡථ, තං කත්වා පරියොසානං ජානාපෙථාති. තෙ තං පබ්බාජෙත්වා කම්මට්ඨානෙ නියොජෙතුං අසමත්ථා “එවං තෙ නිවාසෙතබ්බං, එවං පාරුපිතබ්බ”න්තිආදිනා නයෙන ආභිසමාචාරිකං සික්ඛාපෙසුං. සො තත්ථ සික්ඛන්තො උපනිස්සයසම්පන්නත්තා න චිරෙනෙව පච්චෙකබොධිං අභිසම්බුජ්ඣි. සකලබාරාණසියං “සුසීමපච්චෙකබුද්ධො”ති පාකටො අහොසි ලාභග්ගයසග්ගප්පත්තො සම්පන්නපරිවාරො. සො අප්පායුකසංවත්තනිකස්ස කම්මස්ස කතත්තා න චිරෙනෙව පරිනිබ්බායි. තස්ස පච්චෙකබුද්ධා ච මහාජනකායො ච සරීරකිච්චං කත්වා ධාතුයො ගහෙත්වා නගරද්වාරෙ ථූපං පතිට්ඨාපෙසුං.
හෙතෙම ටිකක් ද ඉගෙන ගනිමින් බොහෝ ද ඉගෙන ගනිමින් ඉගෙන ගත් දේ රන් බඳුනක දමන ලද සිංහ තෙල් මෙන් නොනසමින් ධාරණය කර ගන්නේ දොළොස් වසකින් ඉගෙන ගත යුතු ශිල්පය මාස කීපයකින් ම ඉගෙන අවසන් කළේය. හෙතෙම ඉගෙන ගත් දේ සජ්ඣායනා කරන්නේ මුල මැද පමණක් දකී. කෙළවරක් නොදකී. ඉක්බිති ඇඳුරුතුමා වෙත එළඹ “මේ ශිල්පයෙහි මුල මැද පමණක් දකිමි. කෙළවරක් නොදකිමි”යි කීය. ඇඳුරුතුමා “දරුව, මම ද එසේමය”යි කීය. එසේ නම් කවරෙක් නම් මේ ශිල්පයෙහි අවසානය දන්නේද? දරුව, ඉසිපතනයෙහි සෘෂිවරු වෙති. ඔවුහු දන්නෙහුය’යි ඇඳුරුතුමා කීය. “ඇඳුරුතුමනි, ඔවුන් වෙත එළඹ විමසන්නෙමි” දරුව, කැමති පරිදි විමසව. හෙතෙම ඉසිපතනයට ගොස් පසේ බුදුන් වහන්සේලා වෙත එළඹ “මුල, මැද, අග දන්නෙහුදැයි විමසීය. “ඇවැත්නි, එසේය දන්නෙමු”, “එසේනම් මට ද එය උගන්වනු මැනවි” “ඇවැත්නි, එසේනම්, පැවිදි වන්න, පැවිදි නොවූවෙකු හට ඉගෙනීමට නොහැකිය.” “ස්වාමීනි, යහපති, මා පැවිදි කොට හෝ ඔබ වහන්සේලා යමක් කැමති නම් එය කොට හෝ අවසානය අවබෝධ කරවනු මැනවි.” උන්වහන්සේලා ඔහු පැවිදි කරවා කමටහනෙහි යෙදවීමට අසමත් වූවාහු “මෙසේ ඔබ හැඳිය යුතුය. මෙසේ පෙරවිය යුතුයයි ආදී වශයෙන් ආභිසමාචාරිකය (උසස් හැසිරීමට අයත් දේ) ඉගැන්වූහ. හෙතෙම එහි හික්මෙන්නේ හේතු සම්පත් ඇති බැවින් නොබෝ කලකින්ම පසේ බුදු බව අවබෝධ කළේය. සියලු බරණැස “සුසීම පසේ බුදුරජාණන් වහන්සේ” යයි ප්‍රසිද්ධ වූහ. උන්වහන්සේ ආයුෂ අඩු වීමට හේතුවන කර්මයක් (පෙර භවයකදී) කළ බැවින් නොබෝ කලකින්ම පිරිනිවන් පෑහ. පසේ බුදුරජාණන් වහන්සේලා ද මහ ජනකාය ද උන්වහන්සේගේ ශරීර කෘත්‍යය කොට ධාතූන් ගෙන නගර දොරටුවෙහි ස්තූපයක් පිහිට වූහ.
අථ ඛො සඞ්ඛො බ්රාහ්මණො “පුත්තො මෙ චිරගතො, න චස්ස පවත්තිං ජානාමී”ති පුත්තං දට්ඨුකාමො තක්කසිලාය නික්ඛමිත්වා අනුපුබ්බෙන බාරාණසිං ගන්ත්වා මහාජනකායං සන්නිපතිතං දිස්වා “අද්ධා බහූසු එකොපි මෙ පුත්තස්ස පවත්තිං ජානිස්සතී”ති චින්තෙන්තො උපසඞ්කමිත්වා පුච්ඡි “සුසීමො නාම මාණවො ඉධ ආගතො අත්ථි, අපි නු තස්ස පවත්තිං ජානාථා”ති? තෙ “ආම, බ්‍රාහ්මණ, ජානාම, ඉමස්මිං නගරෙ බ්රාහ්මණස්ස සන්තිකෙ තිණ්ණං වෙදානං පාරගූ හුත්වා පච්චෙකබුද්ධානං සන්තිකෙ පබ්බජිත්වා පච්චෙකබුද්ධො හුත්වා අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බායි, අයමස්ස ථූපො පතිට්ඨාපිතො”ති ආහංසු. සො භූමිං හත්ථෙන පහරිත්වා රොදිත්වා ච පරිදෙවිත්වා ච තං චෙතියඞ්ගණං ගන්ත්වා තිණානි උද්ධරිත්වා උත්තරසාටකෙන වාලුකං ආනෙත්වා පච්චෙකබුද්ධචෙතියඞ්ගණෙ ඔකිරිත්වා කමණ්ඩලුතො උදකෙන සමන්තතො භූමිං පරිප්ඵොසිත්වා වනපුප්ඵෙහි පූජං කත්වා උත්තරසාටකෙන පටාකං ආරොපෙත්වා ථූපස්ස උපරි අත්තනො ඡත්තං බන්ධිත්වා පක්කාමීති.
ඉක්බිති සඞ්බ බ්‍රාහ්මණ තෙමේ “මගේ පුතා පිටත්ව ගොස් බොහෝ කල්ය. ඔහුගේ ප්රවෘත්ති ද කිසිවක් නොදනිමි”යි පුතා දකිනු කැමැත්තේ තක්ෂිලාවෙන් නික්ම පිළිවෙළින් බරණැසට පැමිණ මහජනකාය රැස්ව සිටිනු දැක “ඒකාන්තයෙන් මේ බොහෝ දෙනා අතුරෙන් එක් අයෙක් හෝ මගේ පුතාගේ පැවැත්ම දන්නේය”යි සිතා එළඹ “සීසුම නම් තරුණයෙක් මෙහි ආවේ වෙයි. ඔහු ගැන පුවත් දන්නෙහුදැ’යි විචාළේය. ඔවුහු “බ්‍රාහ්මණය, එසේය, දනිමු. මේ නගරයෙහි බ්‍රාහ්මණයාගේ සමීපයෙහි ත්‍රිවේදයෙහි පරතෙරට පත්ව පසේ බුදුවරුන් සමීපයෙහි පැවිදිව පසේ බුදු වී අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑහ. මේ උන්වහන්සේගේ පිහිටුවන ලද ස්තූපයයි කීහ. හෙතෙම භූමියට අතින් පහර දී හඬා වැළපී ඒ සෑ මලුවට ගොස් තණ උදුරා උතුරු සළුවෙන් වැලි ගෙනවිත් පසේ බුදුරජුගේ සෑ මළුවෙහි විසුරුවා කෙණ්ඩියේ ජලයෙන් හාත්පස භූමිය පිරිමැද වනමලින් පූජා කොට උතුරු සළුවෙන් කොඩියක් නංවා ස්තූපය මත තමාගේ කූඩය බැඳ පිටත්ව ගියේය යනුයි.
එවං අතීතං දෙසෙත්වා ජාතකං පච්චුප්පන්නෙන අනුසන්ධෙන්තො භික්ඛූනං ධම්මකථං කථෙසි. “සියා ඛො පන වො, භික්ඛවෙ, එවමස්ස ‘අඤ්ඤො නූන තෙන සමයෙන සඞ්ඛො බ්රාහ්මණො අහොසී’ති, න ඛො පනෙතං එවං දට්ඨබ්බං, අහං තෙන සමයෙන සඞ්ඛො බ්රාහ්මණො අහොසිං, මයා සුසීමස්ස පච්චෙකබුද්ධස්ස චෙතියඞ්ගණෙ තිණානි උද්ධටානි, තස්ස මෙ කම්මස්ස නිස්සන්දෙන අට්ඨයොජනමග්ගං විගතඛාණුකණ්ටකං කත්වා සමං සුද්ධමකංසු. මයා තත්ථ වාලුකා ඔකිණ්ණා, තස්ස මෙ නිස්සන්දෙන අට්ඨයොජනමග්ගෙ වාලුකං ඔකිරිංසු. මයා තත්ථ වනකුසුමෙහි පූජා කතා, තස්ස මෙ නිස්සන්දෙන නවයොජනෙ මග්ගෙ ථලෙ ච උදකෙ ච නානාපුප්ඵෙහි පුප්ඵසන්ථරමකංසු. මයා තත්ථ කමණ්ඩලුදකෙන භූමි පරිප්ඵොසිතා, තස්ස මෙ නිස්සන්දෙන වෙසාලියං පොක්ඛරවස්සං වස්සි. මයා තස්මිං චෙතියෙ පටාකා ආරොපිතා, ඡත්තඤ්ච බද්ධං, තස්ස මෙ නිස්සන්දෙන යාව අකනිට්ඨභවනා පටාකා ච ආරොපිතා, ඡත්තාතිඡත්තානි ච උස්සිතානි. ඉති ඛො, භික්ඛවෙ, අයං මය්හං පූජාවිසෙසො නෙව බුද්ධානුභාවෙන නිබ්බත්තො, න නාගදෙවබ්රහ්මානුභාවෙන, අපිච ඛො අප්පමත්තකපරිච්චාගානුභාවෙන නිබ්බත්තො”ති. ධම්මකථාපරියොසානෙ ඉමං ගාථමභාසි –
මෙසේ අතීතය දක්වා එම ජාතකය වර්තමානය සමඟ ගළපන්නාහු භික්ෂූන්ට ධර්ම කථාව වදාළහ. “මහණෙනි, නුඹලාට මෙබඳු අදහසක් වන්නේද? ඒකාන්තයෙන් එකල්හි සඞ්ඛ බ්‍රාහ්මණයා වුයේ අනෙකෙකැයි. මහණෙනි, එසේ නොදත යුතුය. මම එකල සඞ්ඛ බ්‍රාහ්මණයා වීමි. මවිසින් සුසීම පසේ බුදුරජාණන් වහන්සේගේ සෑ මළුවෙහි තණ උදුරන ලදී. මාගේ ඒ කර්මයාගේ විපාක වශයෙන් අට යොදුන් මග පහ වූ කටු කොහොල් ඇත්තක් කොට සමව පිරිසිදු කළහ. මවිසින් එහි වැලි විසුරුවන ලදී. මාගේ එහි විපාකයෙන් අට යොදුන් මග වැලි විසුරු වූහ. ම විසින් එහි වනමලින් පූජා කරන ලදී. මාගේ එහි විපාක වශයෙන් නව යොදුන් මග ගොඩ බිම ද ජලයෙහි ද නොයෙක් මල්වලින් මල් ඇතිරීම කළහ. මවිසින් එහි කෙණ්ඩියේ ජලයෙන් බිම පිරිමදින ලදී. මාගේ ඒ කර්මයෙහි විපාක වශයෙන් වේසාලියෙහි පොකුරු වැසි වැස්සේය. මවිසින් එම සෑයෙහි පතාක ඔසවන ලදී. කූඩය ද බඳින ලදී. මාගේ ඒ කර්මයෙහි විපාක වශයෙන් අකනිටා බඹලොව දක්වා පතාක නංවන ලදී. කුඩ මත කුඩ ඔසවන ලදී. “මහණෙනි, මෙසේ මේ මාගේ පූජා විශේෂය බුද්ධානුභාවයෙන් හට ගත්තේ නොවේ. නාග දේව බ්රාහ්මානු භාවයෙන් ද නොවේ. තවද අප මාත්‍ර වූ පරිත්‍යාගයේ ආනුභාවයෙන් හට ගත්තේය යනුයි. ධර්ම කථාව අවසානයෙහි මේ ගාථාව වදාළහ.
“මත්තාසුඛපරිච්චාගා, පස්සෙ චෙ විපුලං සුඛං; චජෙ මත්තාසුඛං ධීරො, සම්පස්සං විපුලං සුඛ”න්ති. (ධ· ප· 290);
“මත්තා සුඛ පරිච්චාගා පස්සෙ චෙ විපුලං සුඛං චජෙ මත්තාසුඛං ධීරො සම්පස්සං විපුලං සුඛං”
“මඳ සැපයක් හැර දැමීමෙන් මහත් සැපයක් ලැබෙන බව පෙනේ නම් බුද්ධිමතා ඒ විපුල සැපය බලාපොරොත්තුවෙන් සුළු සැපය අත් හරි”
පරමත්ථජොතිකාය ඛුද්දකපාඨ-අට්ඨකථාය රතනසුත්තවණ්ණනා නිට්ඨිතා.
රතන සූත්‍ර වර්ණනාව නිමියේය.