යෙදුමෙන් කියවන්න

ඛයං විරාගන‍්තිගාථාවණ‍්ණනා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

ඛයං විරාගන‍්තිගාථාවණ‍්ණනා

ඛයං විරාගන්තිගාථාවණ්ණනා

එවං බුද‍්ධගුණෙන සච‍්චං වත්‍වා ඉදානි නිබ‍්බානධම‍්මගුණෙන වත‍්තුමාරද‍්ධො “ඛයං විරාග”න‍්ති. තත්‍ථ යස‍්මා නිබ‍්බානසච‍්ඡිකිරියාය රාගාදයො ඛීණා හොන‍්ති පරික‍්ඛීණා, යස‍්මා වා තං තෙසං අනුප‍්පාදනිරොධක‍්ඛයමත‍්තං, යස‍්මා ච තං රාගාදිවිප‍්පයුත‍්තං සම‍්පයොගතො ච ආරම‍්මණතො ච, යස‍්මා වා තම‍්හි සච‍්ඡිකතෙ රාගාදයො අච‍්චන‍්තං විරත‍්තා හොන‍්ති විගතා විද‍්ධස‍්තා, තස‍්මා ඛයන‍්ති ච විරාගන‍්ති ච වුච‍්චති. යස‍්මා පනස‍්ස න උප‍්පාදො පඤ‍්ඤායති, න වයො, න ඨිතස‍්ස අඤ‍්ඤථත‍්තං තස‍්මා තං න ජායති න ජීයති න මීයතීති කත්‍වා අමතන‍්ති වුච‍්චති. උත‍්තමත්‍ථෙන පන අතප‍්පකට‍්ඨෙන ච පණීතන‍්ති. යදජ‍්ඣගාති යං අජ‍්ඣගා වින්‍දි පටිලභි, අත‍්තනො ඤාණබලෙන සච‍්ඡාකාසි. සක්‍යමුනීති සක්‍යකුලප‍්පසුතත‍්තා සක්‍යො, මොනෙය්‍යධම‍්මසමන‍්නාගතත‍්තා මුනි, සක්‍යො එව මුනි සක්‍යමුනි. සමාහිතොති අරියමග‍්ගසමාධිනා සමාහිතචිත‍්තො. න තෙන ධම‍්මෙන සමත්‍ථි කිඤ‍්චීති තෙන ඛයාදිනාමකෙන සක්‍යමුනිනා අධිගතෙන ධම‍්මෙන සමං කිඤ‍්චි ධම‍්මජාතං නත්‍ථි. තස‍්මා සුත‍්තන‍්තරෙපි වුත‍්තං – “යාවතා, භික‍්ඛවෙ, ධම‍්මා සඞ‍්ඛතා වා අසඞ‍්ඛතා වා, විරාගො තෙසං අග‍්ගමක‍්ඛායතී”තිආදි (අ· නි· 4.34; ඉතිවු· 90).

මෙසේ බුද්ධ ගුණය කරණ කොට ගෙන සත්‍යය වදාරා දැන් නිර්වාණ ධර්ම ගුණය කරණ කොට ගෙන “ඛයං විරාගං” යයි දේශනා කිරීමට ආරම්භ කළහ. එහි යම් හෙයකින් නිර්වාණය අවබෝධ කිරීමෙන් රාගාදිය ක්ෂය වීමක් හාත්පසින් ක්‍ෂයවීමක් වේ ද යම්හෙයකින් ඒ නිර්වාණය ඒ රාගාදියෙහි නැවත නූපදින ලෙස ක්ෂයවීම් පමණක්ම වේ ද, යම් හෙයකින් ඒ නිර්වාණ එකට යෙදීම් වශයෙන් හා ආරම්මන වශයෙන් රාගාදියෙන් වියුක්ත වේ ද, යම් හෙයකින් එම නිර්වාණය අවබෝධ කරගත් කල්හි රාගාදීහු අත්‍යන්තයෙන් නොඇලුණාහු, පහ වූවාහු, විනාශ කළාහු වෙත්ද එහෙයින් “ඛයං” යයි ද “විරාගං” යයි ද කියනු ලැබේ. යම් හෙයකින් මේ නිවනෙහි පහළ වීමක් නොපෙනේද ගෙවී යාමක් නොපෙනේද, පැවතුනහුගේ වෙනත් ස්වභාවයකට පත්වීමක් නොපෙනේද, එහෙයින් එම නිර්මාණය නොහටගනී. නොදිරයි. මිය නොයයි යන අර්ථයෙන් “අමත” යයි කියනු ලැබේ. උත්තමාර්ථයෙන් මෙන්ම අනල්පාර්ථයෙන් ද “පණීතං” වේ. “යදජ්ඣඞ්ගා” යනු යමකට පැමිණියේ ද යමක් වින්දේ ද, ලබා ගත්තේ ද තමාගේ ඥාන බලයෙන් අවබෝධ කර ගත්තේ ද, “සක්‍යමුනි” යනු ශාක්‍ය කුලයෙහි උපන් බැවින් “සක්‍යො” වේ. මෝනෙය්‍ය ධර්මයෙන් යුක්ත වන බැවින් “මුනි” වේ. සක්‍යො එව මුනි “සක්‍යමුනි; “සමාහිතො” යනු ආර්ය මාර්ග සමාධියෙන් සන්සුන් සිත් ඇත්තේ, “න තෙන ධම්මෙන සමත්‍ථි කිඤ්චි” යනු ශාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේ විසින් අවබෝධ කරගත් ඒ “ඛය” ආදී නම් ඇති ධර්මය හා සමාන කිසි ධර්ම ජාතියක් නැත. එහෙයින් සූත්‍රාන්තරයෙහි ද “මහණෙනි, සංඛත වූ හෝ අසංඛත වූ හෝ යම්තාක් ධර්මයෝ වෙත් ද විරාගය ඒ ධර්මයන්ට අග්‍ර යයි කියනු ලැබේ” ආදිය වදාරන ලදී.

එවං භගවා නිබ‍්බානධම‍්මස‍්ස අඤ‍්ඤෙහි ධම‍්මෙහි අසමතං වත්‍වා ඉදානි තෙසං සත‍්තානං උප‍්පන‍්නඋපද‍්දවවූපසමත්‍ථං ඛයවිරාගාමතපණීතතාගුණෙහි නිබ‍්බානධම‍්මරතනස‍්ස අසදිසභාවං නිස‍්සාය සච‍්චවචනං පයුඤ‍්ජති “ඉදම‍්පි ධම‍්මෙ රතනං පණීතං, එතෙන සච‍්චෙන සුවත්‍ථි හොතූ”ති. තස‍්සත්‍ථො පුරිමගාථාය වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බො. ඉමිස‍්සාපි ගාථාය ආණා කොටිසතසහස‍්සචක‍්කවාළෙසු අමනුස‍්සෙහි පටිග‍්ගහිතාති.

මෙසේ භාග්‍යවතුන් වහන්සේ නිර්වාණ ධර්මයට අන්‍ය ධර්මයන්ගේ ඇති අසමාන බව වදාරා දැන් ඒ සත්ත්වයන්ට උපන් උපද්‍රව සංසිඳවීමට සමත් බය, විරාග, අමත, පණීත ආදී ගුණයන්ගෙන් නිර්වාණ ධර්ම රත්නයෙහි අසමාන බව නිසා සත්‍ය වචනය “ඉදම්පි ධම්මෙ රතනං පණීතං එතෙන සච්චෙන සුවත්‍ථි හොතු” යයි යොදති. එහි අර්ථය පෙර ගාථාවේ කියන ලද අයුරින්ම දත යුතුය. මේ ගාථාවේ අණ ද කෙළ ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයන් විසින් පිළිගන්නා ලදී.

යං බුද‍්ධසෙට‍්ඨොතිගාථාවණ‍්ණනා

යං බුද්ධසෙට්ඨොතිගාථාවණ්ණනා

එවං නිබ‍්බානධම‍්මගුණෙන සච‍්චං වත්‍වා ඉදානි මග‍්ගධම‍්මගුණෙන වත‍්තුමාරද‍්ධො “යං බුද‍්ධසෙට‍්ඨො”ති. තත්‍ථ “බුජ‍්ඣිතා සච‍්චානී”තිආදිනා නයෙන බුද‍්ධො, උත‍්තමො පසංසනීයො චාති සෙට‍්ඨො, බුද‍්ධො ච සො සෙට‍්ඨො චාති බුද‍්ධසෙට‍්ඨො, අනුබුද‍්ධපච‍්චෙකබුද‍්ධසුතබුද‍්ධඛ්‍යෙසු වා බුද‍්ධෙසු සෙට‍්ඨොති බුද‍්ධසෙට‍්ඨො. සො බුද‍්ධසෙට‍්ඨො යං පරිවණ‍්ණයී “අට‍්ඨඞ‍්ගිකොව මග‍්ගානං, ඛෙමං නිබ‍්බානපත‍්තියා”ති (ම· නි· 2.215) ච “අරියං වො, භික‍්ඛවෙ, සම‍්මාසමාධිං දෙසිස‍්සාමි සඋපනිසං සපරික‍්ඛාර”න‍්ති (ම· නි· 3.136) ච එවමාදිනා නයෙන තත්‍ථ තත්‍ථ පසංසි පකාසයි. සුචින‍්ති කිලෙසමලසමුච‍්ඡෙදකරණතො අච‍්චන‍්තවොදානං. සමාධිමානන‍්තරිකඤ‍්ඤමාහූති යඤ‍්ච අත‍්තනො පවත‍්තිසමනන‍්තරං නියමෙනෙව ඵලපදානතො “ආනන‍්තරිකසමාධී”ති ආහු. න හි මග‍්ගසමාධිම‍්හි උප‍්පන‍්නෙ තස‍්ස ඵලුප‍්පත‍්තිනිසෙධකො කොචි අන‍්තරායො අත්‍ථි. යථාහ –

මෙසේ නිර්වාණ ධර්ම ගුණය කරන කොට ගෙන සත්‍යය වදාරා දැන් මාර්ග ධර්ම ගුණය කරණ කොට ගෙන දේශනා කිරීමට “යං බුද්ධ සෙට්ඨො” යයි ආරම්භ කරන ලදී. එහි “සත්‍යය අවබෝධ කර ගත්තේනුයි” ආදී වශයෙන් බුද්ධ වේ. උත්තම වූයේ ශ්‍රේෂ්ඨ වූයේනුයි “සෙට්ඨො”වේ; (බුද්ධො ච සො සෙට්ඨො චා ති) බුදු වූයේත් හෙතෙමේය, ශ්‍රේෂ්ඨ වූයේත් හෙතෙමේනුයි, බුද්ධසෙට්ඨො වේ. නැතහොත් අනුබුද්ධ ප්‍රත්‍යෙක බුද්ධ සඞ්ඛ්‍යාත බුදුවරුන් අතුරෙහි ශ්‍රේෂ්ඨ වූයේනුයි බුද්ධසෙට්ඨො වේ; ඒ බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ “යං පරිවණ්ණයී” යනු “නිවනට පැමිණීම සඳහා ඇති මාර්ගයන් අතුරෙනුදු අෂ්ටාඞ්ගික මාර්ගය ක්ෂේම වේ” යයි ද “මහණෙනි, නුඹලාට නිර්දෝෂ වූ මාර්ග සමාධිය සප්‍රත්‍යකොට සපරිවාර කොට දෙසන්නෙමි” යයි ද මේ ආදී ක්‍රමයෙන් ඒ ඒ තන්හි ප්‍රශංසා කළහ. ප්‍රකාශ කළහ යනුයි. “සුචිං” යනු කෙලෙස් මල මුලිනුපුටා දැමූ හෙයින් අතිශයින් පිරිසිදු වූ; “සමාධිමානන්තරිකඤ්ඤමාහු” යනු තමාගේ පැවැත්මට අනතුරුව ඒකාන්ත වශයෙන්ම ඵලය ගෙන දෙන හෙයින් යමක් ආනන්තරිය සමාධි යයි කීවාහුද, මාර්ග සමාධිය උපන් කල්හි එහි ඵලය නැති කරන කිසිම අනතුරක් නැත්තේමය. යම්සේ කියන ලද්දේ ද;

“අයඤ‍්ච පුග‍්ගලො සොතාපත‍්තිඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නො අස‍්ස, කප‍්පස‍්ස ච උඩ‍්ඩය‍්හනවෙලා අස‍්ස, නෙව තාව කප‍්පො උඩ‍්ඩය‍්හෙය්‍ය, යාවායං පුග‍්ගලො න සොතාපත‍්තිඵලං සච‍්ඡිකරොති, අයං වුච‍්චති පුග‍්ගලො ඨිතකප‍්පී. සබ‍්බෙපි මග‍්ගසමඞ‍්ගිනො පුග‍්ගලා ඨිතකප‍්පිනො”ති (පු· ප· 17).

“මේ පුද්ගලයාද සෝවාන් ඵලය අවබෝධ කර ගැනීමට පිළිපන්නේ වේ ද මේ කල්පයාගේ දැවෙන වේලාව වේ ද යම්තාක් මේ පුද්ගලයා සෝවාන් ඵලය අවබෝධ නොකරයිද ඒ තාක් කල්පය නොදැවෙන්නේය. මේ පුද්ගලයා “ඨිත කප්පී” යයි කියනු ලැබේ. සියලුම මාර්ගස්ථ පුද්ගලයෝ ඨිත කල්පීහු වෙති” යනුයි.

සමාධිනා තෙන සමො න විජ‍්ජතීති තෙන බුද‍්ධසෙට‍්ඨපරිවණ‍්ණිතෙන සුචිනා ආනන‍්තරිකසමාධිනා සමො රූපාවචරසමාධි වා අරූපාවචරසමාධි වා කොචි න විජ‍්ජති. කස‍්මා? තෙසං භාවිතත‍්තා තත්‍ථ තත්‍ථ බ්‍රහ‍්මලොකෙ උපපන‍්නස‍්සාපි පුන නිරයාදීසුපි උපපත‍්තිසම‍්භවතො, ඉමස‍්ස ච අරහත‍්තසමාධිස‍්ස භාවිතත‍්තා අරියපුග‍්ගලස‍්ස සබ‍්බූපපත‍්තිසමුග‍්ඝාතසම‍්භවතො. තස‍්මා සුත‍්තන‍්තරෙපි වුත‍්තං – “යාවතා, භික‍්ඛවෙ, ධම‍්මා සඞ‍්ඛතා…පෙ… අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො, තෙසං අග‍්ගමක‍්ඛායතී”තිආදි (අ· නි· 4.34; ඉතිවු· 90).

“සමාධිනා තෙන සමො න විජ්ජති” යනු ඒ බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ විසින් වර්ණනා කරන ලද සුපිරිසිදු ආනන්තරික සමාධිය හා සමාන රූපාවචර සමාධියක් හෝ අරූපාවචර සමාධියක් හෝ කිසිවක් විද්‍යාමාන නොවේ. කුමක් හෙයින්ද? ඒ සමාධීන් වැඩු තැනැත්තේ ඒ ඒ බඹ ලොව උපන්නේ නමුදු නැවත නිරයාදීන්හි උපත ලැබිය හැකි බැවින් ද මේ ආර්‍ය්‍ය සමාධියෙහි වැඩු සිත් ඇති ආර්‍ය්‍ය පුද්ගලයා සියලු උත්පත්තීන් මුලින්ම සිඳලූ බැවින් ද වේ. එබැවින් සූත්‍රාන්තරයෙහි ද “මහණෙනි, සඞ්ඛත ධර්මයෝ යම් පමණ වෙත්ද ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය ඔවුනතුරෙන් අග්‍ර යයි කියනු ලැබේ” යනාදිය වදාරන ලදී.

එවං භගවා ආනන‍්තරිකසමාධිස‍්ස අඤ‍්ඤෙහි සමාධීහි අසමතං වත්‍වා ඉදානි පුරිමනයෙනෙව මග‍්ගධම‍්මරතනස‍්ස අසදිසභාවං නිස‍්සාය සච‍්චවචනං පයුඤ‍්ජති “ඉදම‍්පි ධම‍්මෙ…පෙ… හොතූ”ති. තස‍්සත්‍ථො පුබ‍්බෙ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බො. ඉමිස‍්සාපි ගාථාය ආණා කොටිසතසහස‍්සචක‍්කවාළෙසු අමනුස‍්සෙහි පටිග‍්ගහිතාති.

මෙසේ භාග්‍යවතුන් වහන්සේ ආනන්තරික සමාධියෙහි අනෙක් සමාධීන්ට වඩා ඇති අසමාන බව වදාරා දැන් පෙර අයුරින්ම මාර්ග ධර්ම රත්නයෙහි අසමාන බව ඇසුරු කොට සත්‍ය වචනය “ඉදම්පි ධම්මේ” යයි යොදති. එහි අර්ථය පෙර කියන ලද ක්‍රමයටම දත යුතුය. මේ ගාථාවේ ද අණ කෙළ ලක්‍ෂයක් සක්වළ අමනුෂ්‍යයන් විසින් පිළිගන්නා ලදී.

යෙ පුග‍්ගලාතිගාථාවණ‍්ණනා

යෙ පුග්ගලාතිගාථාවණ්ණනා

එවං මග‍්ගධම‍්මගුණෙනාපි සච‍්චං වත්‍වා ඉදානි සඞ‍්ඝගුණෙනාපි වත‍්තුමාරද‍්ධො “යෙ පුග‍්ගලා”ති. තත්‍ථ යෙති අනියමෙත්‍වා උද‍්දෙසො. පුග‍්ගලාති සත‍්තා. අට‍්ඨාති තෙසං ගණනපරිච‍්ඡෙදො. තෙ හි චත‍්තාරො ච පටිපන‍්නා චත‍්තාරො ච ඵලෙ ඨිතාති අට‍්ඨ හොන‍්ති. සතං පසත්‍ථාති සප‍්පුරිසෙහි බුද‍්ධපච‍්චෙකබුද‍්ධබුද‍්ධසාවකෙහි අඤ‍්ඤෙහි ච දෙවමනුස‍්සෙහි පසත්‍ථා. කස‍්මා? සහජාතසීලාදිගුණයොගා. තෙසඤ‍්හි චම‍්පකවකුලකුසුමාදීනං සහජාතවණ‍්ණගන්‍ධාදයො විය සහජාතා සීලසමාධිආදයො ගුණා, තෙන තෙ වණ‍්ණගන්‍ධාදිසම‍්පන‍්නානි විය පුප‍්ඵානි දෙවමනුස‍්සානං සතං පියා මනාපා පසංසනීයා ච හොන‍්ති. තෙන වුත‍්තං “යෙ පුග‍්ගලා අට‍්ඨසතං පසත්‍ථා”ති.

මෙසේ මාර්ග ධර්ම ගුණය කරණ කොට ගෙන ද සත්‍යය වදාරා දැන් සංඝ ගුණය කරණ කොට ගෙන ද දේශනා කිරීමට “යෙ පුග්ගලා” යයි අරඹන ලදී. එහි “යෙ” යනු නියම නොකොට දැක්වීමයි. “පුග්ගලා” යනු සත්ත්වයෝය. “අට්ඨ” යනු ඔවුන්ගේ සඞ්ඛ්‍යාව වෙන් කොට දැක්වීමයි. ඔවුහු වනාහි (මාර්ගයට) පිළිපන් පුද්ගලයෝ සතර දෙනෙක් ද ඵලයෙහි පිහිටි පුද්ගලයෝ සතර දෙනෙක් ද වශයෙන් අටක් වෙති. “සතං පසත්ථා” යනු සත් පුරුෂයන් විසින් ද බුද්ධ, ප්‍රත්‍යෙක බුද්ධ ශ්‍රාවකයන් විසින් ද අනෙකුත් දෙවි මිනිසුන් විසින් ද ප්‍රශංසා කරන ලද; කුමක් හෙයින්ද? සහජශීලාදි ගුණයන්ගෙන් යුක්ත හෙයිනි. ඔවුන්ට වනාහී සපු, මූනමල් ආදී මල සහජාත වර්ණ ගන්ධ ආදිය මෙන් සහජාත ශීලසමාධි ආදී ගුණයෝ වෙති. එහෙයින් වර්ණයෙන් හා සුවඳින් යුත් මල් මෙන් ඔවුහු දෙවි මිනිසුන් ආදී සත් පුරුෂයන්ට ප්‍රිය වූවෝ ද මනාප වූවෝ ද ප්‍රශංසා ලැබුවෝ ද වෙති. එහෙයින් “යෙ පුග්ගලා අට්ඨසතං පසත්ථා” යි කියන ලදී.

අථ වා යෙති අනියමෙත්‍වා උද‍්දෙසො. පුග‍්ගලාති සත‍්තා. අට‍්ඨසතන‍්ති තෙසං ගණනපරිච‍්ඡෙදො. තෙ හි එකබීජී කොලංකොලො සත‍්තක‍්ඛත‍්තුපරමොති තයො සොතාපන‍්නා. කාමරූපාරූපභවෙසු අධිගතඵලා තයො සකදාගාමිනො. තෙ සබ‍්බෙපි චතුන‍්නං පටිපදානං වසෙන චතුවීසති. අන‍්තරාපරිනිබ‍්බායී, උපහච‍්චපරිනිබ‍්බායී, සසඞ‍්ඛාරපරිනිබ‍්බායී, අසඞ‍්ඛාරපරිනිබ‍්බායී, උද‍්ධංසොතො, අකනිට‍්ඨගාමීති අවිහෙසු පඤ‍්ච. තථා අතප‍්පසුදස‍්සසුදස‍්සීසු. අකනිට‍්ඨෙසු පන උද‍්ධංසොතවජ‍්ජා චත‍්තාරොති චතුවීසති අනාගාමිනො. සුක‍්ඛවිපස‍්සකො සමථයානිකොති ද‍්වෙ අරහන‍්තො. චත‍්තාරො මග‍්ගට‍්ඨාති චතුපඤ‍්ඤාස. තෙ සබ‍්බෙපි සද‍්ධාධුරපඤ‍්ඤාධුරානං වසෙන දිගුණා හුත්‍වා අට‍්ඨසතං හොන‍්ති. සෙසං වුත‍්තනයමෙව.

නැතහොත් “යෙ” යනු අනියමින් දැක්වීමයි. “පුග්ගලා” යනු සත්ත්වයෝය. “අට්ඨසතං” යනු ඔවුන්ගේ ගණන වෙන් කොට දැක්වීමයි. ඔවුහු වනාහී ඒකබීජ, කෝලං කෝල, සත්තක්ඛත්තුපරම යයි සෝවාන් පුද්ගලයෝ තිදෙනෙක් ද කාම, රූප, අරූප, භවයන්හි අවබෝධ කරගත් ඵල ඇති සකෘදාගාමීහු තිදෙනෙක් ද වෙති. ඒ සියලු දෙනාම ප්‍රතිපදා හතරට අනුව විසි හතරකි. අන්තරා පරිනිබ්බායී, උපහච පරිනිබ්බායී, සඞ්ඛාර පරිනිබ්බායී, අසඞ්ඛාර පරිනිබ්බායී, උද්ධංසෝත අකනිට්ඨගාමී වශයෙන් අවිහ බ්‍රහ්ම ලෝකයන්හි අනාගාමී පුද්ගලයෝ පස් දෙනෙක් ද අතප්ප, සුදස්ස, සුදස්සී බ්‍රහ්ම ලෝකයන්හි පස් දෙනෙක් බැගින් ද අකනිටා බ්‍රහ්ම ලෝකයන්හි උද්ධංසෝත හැර අනාගාමීහු සතර දෙනෙක් ද වශයෙන් අනාගාමීහු විසි හතර දෙනෙකි. ශුෂ්ක විදර්ශක, සමථයානික වශයෙන් රහත්හු දෙදෙනෙකි. මාර්ගස්ථයෝ සතර දෙනෙකු වශයෙන් සියල්ල පනස් හතර දෙනෙකි. ඒ සියලු දෙනාම ශ්‍රද්ධාධුර, ප්‍රඥා ධූර වශයෙන් දෙගුණ වී එකසිය අටක් වෙති. ඉතිරිය කියන ලද පරිදිමය.

චත‍්තාරි එතානි යුගානි හොන‍්තීති තෙ සබ‍්බෙපි අට‍්ඨ වා අට‍්ඨසතං වාති විත්‍ථාරවසෙන උද‍්දිට‍්ඨපුග‍්ගලා සඞ‍්ඛෙපවසෙන සොතාපත‍්තිමග‍්ගට‍්ඨො ඵලට‍්ඨොති එකං යුගං, එවං යාව අරහත‍්තමග‍්ගට‍්ඨො ඵලට‍්ඨොති එකං යුගන‍්ති චත‍්තාරි යුගානි හොන‍්ති. තෙ දක‍්ඛිණෙය්‍යාති එත්‍ථ තෙති පුබ‍්බෙ අනියමෙත්‍වා උද‍්දිට‍්ඨානං නියමෙත්‍වා නිද‍්දෙසො. යෙ පුග‍්ගලා විත්‍ථාරවසෙන අට‍්ඨ වා, අට‍්ඨසතං වා, සඞ‍්ඛෙපවසෙන චත‍්තාරි යුගානි හොන‍්තීති වුත‍්තා, සබ‍්බෙපි තෙ දක‍්ඛිණං අරහන‍්තීති දක‍්ඛිණෙය්‍යා. දක‍්ඛිණා නාම කම‍්මඤ‍්ච කම‍්මවිපාකඤ‍්ච සද‍්දහිත්‍වා “එස මෙ ඉදං වෙජ‍්ජකම‍්මං වා ජඞ‍්ඝපෙසනිකං වා කරිස‍්සතී”ති එවමාදීනි අනපෙක‍්ඛිත්‍වා දිය්‍යමානො දෙය්‍යධම‍්මො, තං අරහන‍්ති නාම සීලාදිගුණයුත‍්තා පුග‍්ගලා, ඉමෙ ච තාදිසා, තෙන වුච‍්චන‍්ති “තෙ දක‍්ඛිණෙය්‍යා”ති.

“චත්තාරි එතානි යුගානි හොන්ති” යනු ඒ අටක් හෝ එකසිය අටක් යයි විස්තර වශයෙන් දක්වන ලද පුද්ගලයෝ සියල්ලෝම කෙටියෙන් “සෝවාන් මාර්‍ගස්ථ ඵලස්ථ වශයෙන් එක් යුගලයකි.” යන්නෙහි සිට අරහත් මාර්‍ගස්ථ ඵලස්ථ වශයෙන් එක් යුගලයකි යන්න දක්වා යුගල හතරක් වෙති. “තෙ දක්ඛිණෙය්‍යා” යන මෙහි “තෙ” යනු පෙර අනියමින් දැක්වූ පුද්ගලයන් නියම කොට දැක්වීමයි; යම් පුද්ගලයෝ විස්තර වශයෙන් අටක් හෝ එකසිය අටක් වෙතියි කියා හෝ කෙටියෙන් යුගල හතරක් වෙතියි කියන ලද්දාහු ද ඒ සියල්ලෝම දක්‍ෂිණාවට සුදුසු වෙතියි දක්ඛිණෙය්‍ය වේ. දක්‍ෂිණා නම් කර්මය ද කර්ම විපාකය ද අදහා “මෙතෙමේ මාගේ මේ වෛද්‍ය කර්මය හෝ පණිවිඩ ගෙන යාම කරන්නේ යයි මේ ආදිය බලාපොරොත්තු නොවී දෙනු ලබන දෙය්‍ය ධර්‍මයයි. ඒ “අරහ” නම් වූ ශීලාදි ගුණයෙන් යුත් පුද්ගලයෝය. මොවුහුද එබඳු වෙති. එහෙයින් “දක්ඛිණෙය්‍ය” යයි කියනු ලැබේ.

සුගතස‍්ස සාවකාති භගවා සොභනෙන ගමනෙන යුත‍්තත‍්තා, සොභනඤ‍්ච ඨානං ගතත‍්තා, සුට‍්ඨු ච ගතත‍්තා, සුට‍්ඨු එව ච ගදත‍්තා සුගතො, තස‍්ස සුගතස‍්ස. සබ‍්බෙපි තෙ වචනං සුණන‍්තීති සාවකා. කාමඤ‍්ච අඤ‍්ඤෙපි සුණන‍්ති, න පන සුත්‍වා කත‍්තබ‍්බකිච‍්චං කරොන‍්ති, ඉමෙ පන සුත්‍වා කත‍්තබ‍්බං ධම‍්මානුධම‍්මප‍්පටිපත‍්තිං කත්‍වා මග‍්ගඵලානි පත‍්තා, තස‍්මා “සාවකා”ති වුච‍්චන‍්ති. එතෙසු දින‍්නානි මහප‍්ඵලානීති එතෙසු සුගතසාවකෙසු අප‍්පකානිපි දානානි දින‍්නානි පටිග‍්ගාහකතො දක‍්ඛිණාවිසුද‍්ධිභාවං උපගතත‍්තා මහප‍්ඵලානි හොන‍්ති. තස‍්මා සුත‍්තන‍්තරෙපි වුත‍්තං –

“සුගතස්ස සාවකා” යන්නෙහි භාග්‍යවතුන් වහන්සේ ශෝභන වූ ගමනින් යුක්ත බැවින් ද, ශෝභන වු තැනට ගිය බැවින් ද, මැනවින් ගිය බැවින් ද, මනාවූම තෙපුල් ඇති බැවින් ද, “සුගතො” වේ. ඒ සුගතයන් වහන්සේගේ; ඒ සියල්ලෝම (සුගතයන් වහන්සේගේ) වචනය අසත්නුයි = සාවක වේ. ඒකාන්තයෙන්ම අන්‍යයෝ ද අසති. එහෙත් අසා කළ යුතු කාර්‍ය්‍ය නොකරති. මොවුහු වනාහී අසා කළ යුතු ධර්‍මානුධර්‍ම ප්‍රතිපත්තිය අනුගමනය කොට මාර්‍ග ඵලයන්ට පත් වූවෝය. එහෙයින් “ශ්‍රාවකයෝ” යයි කියනු ලැබෙත්. “එතෙසු දින්නානි මහප්ඵලානි” යනු මේ සුගත ශ්‍රාවකයන් කෙරෙහි දුන්නා වූ ස්වල්ප වූ දානය පවා ප්‍රතිග්‍රාහක වශයෙන් දක්‍ෂිණා විසුද්ධිභාවයට එළඹි හෙයින් මහත්ඵල වේ. එහෙයින් සූත්‍රාන්තරයෙහි ද

“යාවතා, භික‍්ඛවෙ, සඞ‍්ඝා වා ගණා වා තථාගතසාවකසඞ‍්ඝො, තෙසං අග‍්ගමක‍්ඛායති, යදිදං චත‍්තාරි පුරිසයුගානි අට‍්ඨ පුරිසපුග‍්ගලා, එස භගවතො සාවකසඞ‍්ඝො …පෙ… අග‍්ගො විපාකො හොතී”ති (අ· නි· 4.34; 5.32; ඉතිවු· 90).

“මහණෙනි, සංඝයා හෝ සමූහයා හෝ යම් පමණ වේ ද ඔවුන් අතුරින් යම් මේ පුරුෂ යුගල වශයෙන් හතරක් ද පුරුෂ පුද්ගල වශයෙන් අටක් ද වූ තථාගත ශ්‍රාවක සංඝයා අග්‍ර යයි කියනු ලැබෙත්. භාග්‍යවතුන් වහන්සේගේ මේ ශ්‍රාවක සංඝයා - පෙ - අග්‍ර විපාක ඇත්තේ වේ” යයි වදාරන ලදී.

එවං භගවා සබ‍්බෙසම‍්පි මග‍්ගට‍්ඨඵලට‍්ඨානං වසෙන සඞ‍්ඝරතනස‍්ස ගුණං වත්‍වා ඉදානි තමෙව ගුණං නිස‍්සාය සච‍්චවචනං පයුඤ‍්ජති “ඉදම‍්පි සඞ‍්ඝෙ”ති. තස‍්සත්‍ථො පුබ‍්බෙ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බො. ඉමිස‍්සාපි ගාථාය ආණා කොටිසතසහස‍්සචක‍්කවාළෙසු අමනුස‍්සෙහි පටිග‍්ගහිතාති.

මෙසේ භාග්‍යවතුන් වහන්සේ මාර්ගස්ථ, ඵලස්ථ සියල්ලගේ ද වශයෙන් සංඝ රත්නයෙහි ගුණ දේශනා කොට දැන් ඒ ගුණයම ඇසුරු කොට සත්‍ය වචනය “ඉදම්පි සංඝෙ” යයි යොදති. එහි අර්‍ථය පෙර කියන ලද ක්‍රමයටම දත යුතුය. මේ ගාථාවේ ද අණ කෙළ ලක්‍ෂයක් සක්වළ අමනුෂ්‍යයන් විසින් පිළිගන්නා ලදී.

යෙ සුප‍්පයුත‍්තාතිගාථාවණ‍්ණනා

යෙ සුප්පයුත්තාතිගාථාවණ්ණනා

එවං මග‍්ගට‍්ඨඵලට‍්ඨානං වසෙන සඞ‍්ඝගුණෙන සච‍්චං වත්‍වා ඉදානි තතො එකච‍්චානං ඵලසමාපත‍්තිසුඛමනුභවන‍්තානං ඛීණාසවපුග‍්ගලානංයෙව ගුණෙන වත‍්තුමාරද‍්ධො “යෙ සුප‍්පයුත‍්තා”ති. තත්‍ථ යෙති අනියමිතුද‍්දෙසවචනං. සුප‍්පයුත‍්තාති සුට‍්ඨු පයුත‍්තා, අනෙකවිහිතං අනෙසනං පහාය සුද‍්ධාජීවිතං නිස‍්සාය විපස‍්සනාය අත‍්තානං පයුඤ‍්ජිතුමාරද‍්ධාති අත්‍ථො. අථ වා සුප‍්පයුත‍්තාති සුවිසුද‍්ධකායවචීපයොගසමන‍්නාගතා, තෙන තෙසං සීලක‍්ඛන්‍ධං දස‍්සෙති. මනසා දළ‍්හෙනාති දළ‍්හෙන මනසා, ථිරසමාධියුත‍්තෙන චෙතසාති අත්‍ථො. තෙන තෙසං සමාධික‍්ඛන්‍ධං දස‍්සෙති. නික‍්කාමිනොති කායෙ ච ජීවිතෙ ච අනපෙක‍්ඛා හුත්‍වා පඤ‍්ඤාධුරෙන වීරියෙන සබ‍්බකිලෙසෙහි කතනික‍්කමනා. තෙන තෙසං වීරියසම‍්පන‍්නං පඤ‍්ඤක‍්ඛන්‍ධං දස‍්සෙති.

මෙසේ මාර්‍ගස්ථ ඵලස්ථ වශයෙන් සඟ ගුණ කරණ කොටගෙන සත්‍යය වදාරා දැන් එම සංඝයා අතුරින් ඵල සමාපත්ති අනුභව කරන ක්‍ෂීණාශ්‍රව පුද්ගලයන්ගේම ගුණය කරණ කොට ගෙන “යෙ සුප්පයුත්තා” යි දේශනා කිරීමට ආරම්භ කළහ. එහි “යෙ” යනු අනියමින් දැක්වීම කරන වචනයකි. “සුප්පයුත්තා” යනු මැනවින් යෙදුණු; නොයෙක් ආකාර වූ අනෙසනයන් (අයෝග්‍ය ජීවිකාව) අත් හැර පිරිසිදු ජීවිතය ඇසුරු කොට විදර්ශනාව සඳහා සිත යෙදීමට ආරම්භ කළ යන අර්‍ථයයි. නැතහොත් “සුප්පයුත්තා” යනු සුපිරිසිදු කායවචී ප්‍රයෝගයන්ගෙන් යුක්ත වූවෝ; එයින් ඔවුන්ගේ ශීලස්කන්ධය දක්වයි. “මනසා දළ්හෙන” යනු දැඩි වූ මනසින් ස්ථිර සමාධියෙන් යුත් සිතින් යන අර්‍ථයයි. එයින් ඔවුන්ගේ සමාධි ස්කන්ධය දක්වයි. “නික්කාමිනො” යනු කයෙහි හා ජීවිතයෙහි අපේක්ෂා නැත්තෙක්ව ප්‍රඥාව මූලික වූ වීර්‍ය්‍යයෙන් සියලු ක්ලේශයන්ගෙන් කළ නික්මීම් ඇත්තේ, එයින් ඔවුන්ගේ වීර්‍ය්‍ය සම්පන්න ප්‍රඥා ස්කන්ධය දක්වයි.

ගොතමසාසනම‍්හීති ගොත‍්තතො ගොතමස‍්ස තථාගතස‍්සෙව සාසනම‍්හි. තෙන ඉතො බහිද‍්ධා නානප‍්පකාරම‍්පි අමරතපං කරොන‍්තානං සුප‍්පයොගාදිගුණාභාවතො කිලෙසෙහි නික‍්කමනාභාවං දස‍්සෙති. තෙති පුබ‍්බෙ උද‍්දිට‍්ඨානං නිද‍්දෙසවචනං. පත‍්තිපත‍්තාති එත්‍ථ පත‍්තබ‍්බාති පත‍්ති, පත‍්තබ‍්බා නාම පත‍්තුං අරහා, යං පත්‍වා අච‍්චන‍්තයොගක‍්ඛෙමිනො හොන‍්ති, අරහත‍්තඵලස‍්සෙතං අධිවචනං, තං පත‍්තිං පත‍්තාති පත‍්තිපත‍්තා. අමතන‍්ති නිබ‍්බානං. විගය‍්හාති ආරම‍්මණවසෙන විගාහිත්‍වා. ලද‍්ධාති ලභිත්‍වා. මුධාති අබ්‍යයෙන කාකණිකමත‍්තම‍්පි බ්‍යයං අකත්‍වා. නිබ‍්බුතින‍්ති පටිප‍්පස‍්සද‍්ධකිලෙසදරථං ඵලසමාපත‍්තිං. භුඤ‍්ජමානාති අනුභවමානා. කිං වුත‍්තං හොති? යෙ ඉමස‍්මිං ගොතමසාසනම‍්හි සීලසම‍්පන‍්නත‍්තා සුප‍්පයුත‍්තා, සමාධිසම‍්පන‍්නත‍්තා මනසා දළ‍්හෙන, පඤ‍්ඤාසම‍්පන‍්නත‍්තා නික‍්කාමිනො, තෙ ඉමාය සම‍්මාපටිපදාය අමතං විගය‍්හ මුධා ලද‍්ධා ඵලසමාපත‍්තිසඤ‍්ඤිතං නිබ‍්බුතිං භුඤ‍්ජමානා පත‍්තිපත‍්තා නාම හොන‍්තීති.

“ගොතම සාසනම්හි” යනු ගෝත්‍ර වශයෙන් ගෝතම වූ තථාගතයන් වහන්සේගේම ශාසනයෙහි; එයින් මේ ගෞතම ශාසනයෙන් බාහිර නොයෙක් ආකාර වූ අමර තපස් කරන්නවුන්ගේ සුප්‍රයෝග ආදී ගුණ නොමැති බැවින් කෙලෙස්වලින් නික්මීමක් නොමැති බව දක්වයි “තෙ” යනු පෙර සඳහන් කළ අය දක්වන වචනයයි; “පත්ති පත්තා” යන මෙහි පැමිණිය යුතු බැවින් පත්ති වේ. පැමිණිය යුතු යනු යම් තත්ත්වයකට පැමිණ අත්‍යන්තයෙන් ක්ලේශ ඕඝයන්ගෙන් නිදහස් වූවෝ වෙත් ද ඒ තත්ත්වයට පැමිණීමට සුදුසු යනුයි. මෙය අර්හත්ඵලයට නමකි. ඒ පැමිණිය යුතු තැනට පැමිණියේනුයි. “පත්තිපත්තා” වේ. “අමතං” යනු නිර්‍වාණයයි. “විගය්හ” යනු අරමුණු වශයෙන් බැසගෙන; ‘ලද්ධා’ යනු ලැබ, ‘මුධා’ යනු වැය නොකිරීමෙන්, තුට්ටුවක්වත් වැය නොකොට; නිබ්බුතිං යනු සංසිඳවාලන ලද කෙලෙස් දාහය ඇති ඵල සමාපත්තිය; “භුඤ්ජමානා” යනු අනුභව කරමින්; කුමක් කියන ලද්දේ වේ ද? යමෙක් මේ ගෞතම ශාසනයෙහි ශීල සම්පන්නභාවයෙන් එහි මැනවින් යෙදුණේ වී; සමාධි සම්පන්න භාවයෙන් දැඩි වූ මනසින්, ප්‍රඥා සම්පන්න භාවයෙන් ක්ලේශයන්ගෙන් තොර වූවෝ වෙත්ද ඔවුහු මේ යහපත් ප්‍රතිපදාවෙන් නිවනට බැස නොමිලේ ලැබූ ඵල සමාපත්ති සඞ්ඛ්‍යාත නිර්මාණ සැපය අනුභව කරන්නාහු “පත්තිපත්තා” (පැමිණිය යුතු තැනට පැමිණි) නම් වෙති යනුයි.

එවං භගවා ඵලසමාපත‍්තිසුඛමනුභවන‍්තානං ඛීණාසවපුග‍්ගලානමෙව වසෙන සඞ‍්ඝරතනස‍්ස ගුණං වත්‍වා ඉදානි තමෙව ගුණං නිස‍්සාය සච‍්චවචනං පයුඤ‍්ජති “ඉදම‍්පි සඞ‍්ඝෙ”ති. තස‍්සත්‍ථො පුබ‍්බෙ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බො. ඉමිස‍්සාපි ගාථාය ආණා කොටිසතසහස‍්සචක‍්කවාළෙසු අමනුස‍්සෙහි පටිග‍්ගහිතාති.

මෙසේ භාග්‍යවතුන් වහන්සේ ඵල සමවත් සුවය අනුභව කරන ක්ෂීණාශ්‍රව පුද්ගලයන්ගේම වශයෙන් සංඝ රත්නයෙහි ගුණ දේශනා කොට දැන් එම ගුණයම ඇසුරු කොට සත්‍යය වචනය “ඉදම්පි සංඝෙ” යයි යොදති. එහි අර්‍ථය පෙර කී ක්‍රමයටම දත යුතුය. මේ ගාථාවෙහි ද අණ කෙළ ලක්‍ෂයක් සක්වල අමනුෂ්‍යයන් විසින් පිළිගන්නා ලදී.

යථින්‍දඛීලොතිගාථාවණ‍්ණනා

යථින්දඛීලොතිගාථාවණ්ණනා

එවං ඛීණාසවපුග‍්ගලානං ගුණෙන සඞ‍්ඝාධිට‍්ඨානං සච‍්චං වත්‍වා ඉදානි බහුජනපච‍්චක‍්ඛෙන සොතාපන‍්නස‍්සෙව ගුණෙන වත‍්තුමාරද‍්ධො “යථින්‍දඛීලො”ති. තත්‍ථ යථාති උපමාවචනං. ඉන්‍දඛීලොති නගරද‍්වාරවිනිවාරණත්‍ථං උම‍්මාරබ‍්භන‍්තරෙ අට‍්ඨ වා දස වා හත්‍ථෙ පථවිං ඛණිත්‍වා ආකොටිතස‍්ස සාරදාරුමයථම‍්භස‍්සෙතං අධිවචනං. පථවින‍්ති භූමිං. සිතොති අන‍්තො පවිසිත්‍වා නිස‍්සිතො. සියාති භවෙය්‍ය. චතුබ‍්භි වාතෙහීති චතූහි දිසාහි ආගතෙහි වාතෙහි. අසම‍්පකම‍්පියොති කම‍්පෙතුං වා චාලෙතුං වා අසක‍්කුණෙය්‍යො. තථූපමන‍්ති තථාවිධං. සප‍්පුරිසන‍්ති උත‍්තමපුරිසං. වදාමීති භණාමි. යො අරියසච‍්චානි අවෙච‍්ච පස‍්සතීති යො චත‍්තාරි අරියසච‍්චානි පඤ‍්ඤාය අජ‍්ඣොගාහෙත්‍වා පස‍්සති. තත්‍ථ අරියසච‍්චානි කුමාරපඤ‍්හෙ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බානි.

මෙසේ ක්ෂීණාශ්‍රව පුද්ගලයන්ගේ ගුණය කරණ කොට ගෙන සංඝයා මූලික කොට ගත් සත්‍යය දේශනා කොට දැන් බොහෝ ජනයාට ප්‍රත්‍යක්‍ෂ වූ සෝවාන් ඵලයට පත් තැනැත්තාගේ ගුණය කරණ කොටගෙන “යථින්ද ඛීලො” යයි දේශනා කිරීම ආරම්භ කළහ. එහි “යථා” යනු උපමාවාචී පදයකි. “ඉන්ද්‍රඛීලො” යනු නගරයේ දොර රැඳවීම සඳහා එළිපත්ත ඇතුළත රියන් අටක් හෝ දහයක් පොළොව සාරා සිටුවන ලද හරවත් දාරුමය ටැඹකට නමකි. “පඨවිං” යනු භූමියයි, “සිතො” යනු ඇතුළට පිවිස සිටි; “සියා” යනු වන්නේය; “චතුබ්හි වාතෙහි” යනු සතර දිශාවෙන් පැමිණි සුළඟින්, “අසම්පකම්පියො” යනු කම්පා කිරීමට හෝ සෙලවීමට හෝ නොහැකිවන්නේ, “තථූපමං” යනු එබඳු වූ ‘සප්පුරිසං’ යනු උත්තම පුරුෂයා; ‘වදාමි’ යනු කියමි; “යො අරිය සච්චානි අවෙච්ච පස්සති” යනු යමෙක් චතුරාර්‍ය්‍ය සත්‍යය ප්‍රඥාවෙන් බැස බලත්ද; එහි ආර්‍ය්‍ය සත්‍යයන් කුමාර ප්‍රශ්නයෙහි කී අයුරින්ම දත යුතුය.

අයං පනෙත්‍ථ සඞ‍්ඛෙපත්‍ථො – යථා හි ඉන්‍දඛීලො ගම‍්භීරනෙමතාය පථවිස‍්සිතො චතුබ‍්භි වාතෙහි අසම‍්පකම‍්පියො සියා, ඉමම‍්පි සප‍්පුරිසං තථූපමමෙව වදාමි, යො අරියසච‍්චානි අවෙච‍්ච පස‍්සති. කස‍්මා? යස‍්මා සොපි ඉන්‍දඛීලො විය චතූහි වාතෙහි සබ‍්බතිත්‍ථියවාදවාතෙහි අසම‍්පකම‍්පියො හොති, තම‍්හා දස‍්සනා කෙනචි කම‍්පෙතුං වා චාලෙතුං වා අසක‍්කුණෙය්‍යො. තස‍්මා සුත‍්තන‍්තරෙපි වුත‍්තං –

මේ වනාහි මෙහි කෙටි අදහසයි. යම්සේ ඉන්ද්‍රඛීලය ගැඹුරු බිමට පිවිසි නිමාව ඇතිව පොළොවෙහි පිහිටියේ සිවු දිගින් එන සුළඟින් කම්පා කිරීමට නොහැකි වන්නේ ද යමෙක් චතුරාර්‍ය්‍ය සත්‍යය ප්‍රඥාවෙන් දැන දකී ද ඒ මේ සත් පුරුෂයා ද ඒ ඉන්ද්‍රඛීලයට සමානම යයි කියමි. කුමක් හෙයින් ද යත්? යම් හෙයකින් ඒ ඉන්ද්‍ර ඛීලය සතර දිගින් හමන සුළගින් කම්පා නොවන්නා සේ සියලු තිර්ථකවාද නැමති සුළඟින් ඔහු ද කම්පා කළ නොහැක්කෙක් වෙයි. කිසිවෙක් එම දර්ශනයෙන් කම්පා කිරීමට හෝ සෙලවීමට හෝ නොහැකි වන්නේය. එහෙයින් සූත්‍රාන්තරයෙහි ද

“සෙය්‍යථාපි, භික‍්ඛවෙ, අයොඛීලො වා ඉන්‍දඛීලො වා ගම‍්භීරනෙමො සුනිඛාතො අචලො අසම‍්පකම‍්පී, පුරත්‍ථිමාය චෙපි දිසාය ආගච‍්ඡෙය්‍ය භුසා වාතවුට‍්ඨි, නෙව නං සඞ‍්කම‍්පෙය්‍ය න සම‍්පකම‍්පෙය්‍ය න සම‍්පචාලෙය්‍ය. පච‍්ඡිමාය…පෙ… දක‍්ඛිණාය, උත‍්තරායපි චෙ…පෙ… න සම‍්පචාලෙය්‍ය. තං කිස‍්ස හෙතු? ගම‍්භීරත‍්තා, භික‍්ඛවෙ, නෙමස‍්ස, සුනිඛාතත‍්තා ඉන්‍දඛීලස‍්ස. එවමෙව ඛො, භික‍්ඛවෙ, යෙ ච ඛො කෙචි සමණා වා බ්‍රාහ‍්මණා වා ‘ඉදං දුක‍්ඛන‍්ති…පෙ… පටිපදා’ති යථාභූතං පජානන‍්ති, තෙ න අඤ‍්ඤස‍්ස සමණස‍්ස වා බ්‍රාහ‍්මණස‍්ස වා මුඛං ඔලොකෙන‍්ති ‘අයං නූන භවං ජානං ජානාති, පස‍්සං පස‍්සතී’ති. තං කිස‍්ස හෙතු? සුදිට‍්ඨත‍්තා, භික‍්ඛවෙ, චතුන‍්නං අරියසච‍්චාන”න‍්ති (සං· නි· 5.1109).

“මහණෙනි, යම්සේ ගැඹුරු බිමකට පිවිසි නිමාව ඇති මැනවින් සිටුවන ලද නොසෙලවෙන කම්පා කළ නොහැකි අයෝමය ඛීලයක් (උගුලක්) හෝ ඉන්ද්‍ර ඛීලයක් වේ ද ඉදින් පෙරදිගින් බලවත් කුණාටුවක් එන්නේ නම් එය නොම සෙලවෙන්නේය. විශේෂයෙන් නොම සෙලවෙන්නේය. නොම වෙවුළුවන්නේය. බටහිර දිශාවෙන් - දකුණු දිශාවෙන් - උතුරු දිශාවෙන් වුව ද - පෙ - බලවත් කුණාටුවක් එන්නේ නම් නොම සෙලවෙන්නේය. කවර හෙයින්ද යත්? මහණෙනි, මුල ගැඹුරු බැවිනි. ඉන්ද්‍රඛීලය මැනවින් සිටුවන ලද බැවිනි. මහණෙනි, එලෙසින්ම යම්කිසි මහණ කෙනෙක් බමුණු කෙනෙක් හෝ මේ දුක යයි තතු සේ දනී ද -පෙ- මේ පිළිවෙතැයි තතු සේ දනී ද ඔහු “භවත්තෙමේ ඒකාන්තයෙන් දන්නේ දනී. දක්නේ දකී”යි අන් මහණෙකුගේ හෝ බමුණෙකුගේ හෝ අදහස නොබලත්. ඒ කවර හෙයින් ද යත්? මහණෙනි, චතුරාර්ය සත්‍යය මැනවින් දුටු බැවිනි’යි වදාරන ලදී.

එවං භගවා බහුජනපච‍්චක‍්ඛස‍්ස සොතාපන‍්නස‍්සෙව වසෙන සඞ‍්ඝරතනස‍්ස ගුණං වත්‍වා ඉදානි තමෙව ගුණං නිස‍්සාය සච‍්චවචනං පයුඤ‍්ජති “ඉදම‍්පි සඞ‍්ඝෙ”ති. තස‍්සත්‍ථො පුබ‍්බෙ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බො. ඉමිස‍්සාපි ගාථාය ආණා කොටිසතසහස‍්සචක‍්කවාළෙසු අමනුස‍්සෙහි පටිග‍්ගහිතාති.

මෙසේ භාග්‍යවතුන් වහන්සේ බොහෝ ජනයාට ප්‍රත්‍යක්‍ෂ සෝවාන් තැනැත්තාගේ වශයෙන් සංඝරත්නයෙහි ගුණය දේශනා කොට දැන් එම ගුණයම ඇසුරු කොට සත්‍යය වචනය “ඉදම්පි සංඝෙ” යයි යොදති. එහි අර්‍ථය පෙර කී පරිදි දත යුතුය. මේ ගාථාවන්ගේ ද අණ කෙළ ලක්ෂයක් සක්වළ අමනුෂ්‍යයන් විසින් පිළිගන්නා ලදී.

යෙ අරියසච‍්චානීතිගාථාවණ‍්ණනා

යෙ අරියසච්චානීතිගාථාවණ්ණනා

එවං අවිසෙසතො සොතාපන‍්නස‍්ස ගුණෙන සඞ‍්ඝාධිට‍්ඨානං සච‍්චං වත්‍වා ඉදානි යෙ තෙ තයො සොතාපන‍්නා එකබීජී කොලංකොලො සත‍්තක‍්ඛත‍්තුපරමොති. යථාහ – “ඉධෙකච‍්චො පුග‍්ගලො තිණ‍්ණං සංයොජනානං පරික‍්ඛයා සොතාපන‍්නො හොති…පෙ… සො එකංයෙව භවං නිබ‍්බත‍්තිත්‍වා දුක‍්ඛස‍්සන‍්තං කරොති, අයං එකබීජී. තථා ද‍්වෙ වා තීණි වා කුලානි සන්‍ධාවිත්‍වා සංසරිත්‍වා දුක‍්ඛස‍්සන‍්තං කරොති, අයං කොලංකොලො. තථා සත‍්තක‍්ඛත‍්තුං දෙවෙසු ච මනුස‍්සෙසු ච සන්‍ධාවිත්‍වා සංසරිත්‍වා දුක‍්ඛස‍්සන‍්තං කරොති, අයං සත‍්තක‍්ඛත‍්තුපරමො”ති (පු· ප· 31-33).

මෙසේ අවිශේෂයෙන් සෝවාන් පුද්ගලයාගේ ගුණය කරණ කොට ගෙන සංඝාධිෂ්ඨාන සත්‍යය දේශනා කොට දැන් යම් ඒ ඒකබීජි, කොලං කෝල, සත්තක්ඛත්තුපරම යයි සෝතාපන්න පුද්ගලයෝ තිදෙනෙක් වෙත්ද, යම්සේ මේ ශාසනයෙහි සමහර පුද්ගලයෙක් සංයෝජන ධර්ම තුනක් ක්ෂය කිරීමෙන් සෝතාපන්න වේ ද හෙතෙම එකම භවයක පමණක් ඉපිද දුක් කෙළවර කරයි ද ඔහු ඒකබීජි වේ. එසේම යමෙක් ආත්ම දෙකක හෝ තුනක ගමන් කොට සැරිසරා දුක් කෙළවර කරයි ද හෙතෙම කෝලංකෝල වේ. එසේ යමෙක් සත්වරක් දෙවියන් අතර ද මිනිසුන් අතර ද ගමන් කොට සැරිසරා දුක් කෙළවර කරයි ද හෙතෙම සත්තක්ඛත්තු පරම වේ යයි කීවේද

තෙසං සබ‍්බකනිට‍්ඨස‍්ස සත‍්තක‍්ඛත‍්තුපරමස‍්ස ගුණෙන වත‍්තුමාරද‍්ධො “යෙ අරියසච‍්චානී”ති. තත්‍ථ යෙ අරියසච‍්චානීති එතං වුත‍්තනයමෙව. විභාවයන‍්තීති පඤ‍්ඤාඔභාසෙන සච‍්චප‍්පටිච‍්ඡාදකං කිලෙසන්‍ධකාරං විධමිත්‍වා අත‍්තනො පකාසානි පාකටානි කරොන‍්ති. ගම‍්භීරපඤ‍්ඤෙනාති අප‍්පමෙය්‍යපඤ‍්ඤතාය සදෙවකස‍්ස ලොකස‍්ස ඤාණෙන අලබ‍්භනෙය්‍යප‍්පතිට‍්ඨපඤ‍්ඤෙන, සබ‍්බඤ‍්ඤුනාති වුත‍්තං හොති. සුදෙසිතානීති සමාසබ්‍යාසසාකල්‍යවෙකල්‍යාදීහි තෙහි තෙහි නයෙහි සුට‍්ඨු දෙසිතානි. කිඤ‍්චාපි තෙ හොන‍්ති භුසං පමත‍්තාති තෙ විභාවිතඅරියසච‍්චා පුග‍්ගලා කිඤ‍්චාපි දෙවරජ‍්ජචක‍්කවත‍්තිරජ‍්ජාදිප‍්පමාදට‍්ඨානං ආගම‍්ම භුසං පමත‍්තා හොන‍්ති, තථාපි සොතාපත‍්තිමග‍්ගඤාණෙන අභිසඞ‍්ඛාරවිඤ‍්ඤාණස‍්ස නිරොධෙන ඨපෙත්‍වා සත‍්ත භවෙ අනමතග‍්ගෙ සංසාරෙ යෙ උප‍්පජ‍්ජෙය්‍යුං නාමඤ‍්ච රූපඤ‍්ච, තෙසං නිරුද‍්ධත‍්තා අත්‍ථඞ‍්ගතත‍්තා න අට‍්ඨමං භවං ආදියන‍්ති, සත‍්තමභවෙ එව පන විපස‍්සනං ආරභිත්‍වා අරහත‍්තං පාපුණන‍්ති.

ඔවුන්ගෙන් සියල්ලන්ට කණිටු වූ සත්තක්ඛත්තු පරම පුද්ගලයාගේ ගුණය කරණ කොට ගෙන “යෙ අරියසච්චානි” යයි දේශනා කිරීමට ආරම්භ කළහ. එහි “යෙ අරියසච්චානි” යන මෙය (ඉහත) කියන ලද අයුරින්මය. “විභාවයන්ති” යනු සත්‍ය වසාලන කෙලෙස් අඳුර ප්‍රඥා ආලෝකයෙන් දුරු කොට තමාට ප්‍රකාශ වූවක් ප්‍රකට වූවක් කෙරෙත්, “ගම්භීර පඤ්ඤෙන” යනු ප්‍රමාණ කළ නොහැකි ප්‍රඥාව ඇති හෙයින් දෙවියන් සහිත ලෝකයාට ඥානය කරණ කොට ගෙන ලැබිය නොහැකි ස්ථිර ප්‍රඥාවෙන්, “සර්‍වඥයන් වහන්සේ විසින්” යයි කියන ලද්දේ වෙයි. “සුදෙසිතානි” යනු සමාස, ව්‍යාස, සාකල්‍ය, වෛකල්‍යාදි ඒ ඒ න්‍යායන්ගෙන් මැනවින් දේශනා කළ; “කිඤ්චාපි තෙ හොන්ති භුසප්පමත්තා” යනු ඒ වැඩූ ආර්‍ය්‍ය සත්‍ය ඇති පුද්ගලයෝ යම්කිසි දේව රාජ්‍ය චක්‍රවර්ති රාජ්‍ය ආදී ප්‍රමාදස්ථානයක උපත ලබා බොහෝ සෙයින් ප්‍රමාද වූවෝ වෙත් ද එසේ වුවද සෝතාපත්ති මාර්‍ග ඥානයෙන් අභිසංස්කාර විඥානය නිරුද්ධ කළ හෙයින් ආත්මභාව හතක හැර නොදත් කෙළවර ඇති සසරෙහි යම් නාමයක් හා රූපයක් උපදින්නේ ද ඒවා නිරුද්ධ කළ හෙයින් විනාශයට ගිය හෙයින් “න අට්ඨමං භවං ආදියන්ති” අටවෙනි භවයක් නොගනිති; සත්වෙනි භවයේදීම විදර්ශනා වඩා අරහත් ඵලයට පැමිණෙති යනුයි.

එවං භගවා සත‍්තක‍්ඛත‍්තුපරමවසෙන සඞ‍්ඝරතනස‍්ස ගුණං වත්‍වා ඉදානි තමෙව ගුණං නිස‍්සාය සච‍්චවචනං පයුඤ‍්ජති “ඉදම‍්පි සඞ‍්ඝෙ”ති. තස‍්සත්‍ථො පුබ‍්බෙ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බො. ඉමිස‍්සාපි ගාථාය ආණා කොටිසතසහස‍්සචක‍්කවාළෙසු අමනුස‍්සෙහි පටිග‍්ගහිතාති.

මෙසේ භාග්‍යවතුන් වහන්සේ සත්තක්ඛත්තුපරම වශයෙන් සංඝරත්නයෙහි ගුණය දේශනා කොට දැන් එම ගුණය ඇසුරු කොට “ඉදම්පි සංඝෙ” යයි සත්‍ය වචනය යොදති. එහි අර්ථය පෙර කී අයුරින්ම දත යුතුය. මේ ගාථාවෙහි ද අණ කෙළ ලක්ෂයක් සක්වළ අමනුෂ්‍යන් විසින් පිළිගන්නා ලදී.

සහාවස‍්සාතිගාථාවණ‍්ණනා

සහාවස්සාතිගාථාවණ්ණනා

එවං සත‍්තක‍්ඛත‍්තුපරමස‍්ස අට‍්ඨමං භවං අනාදියනගුණෙන සඞ‍්ඝාධිට‍්ඨානං සච‍්චං වත්‍වා ඉදානි තස‍්සෙව සත‍්ත භවෙ ආදියතොපි අඤ‍්ඤෙහි අප‍්පහීනභවාදානෙහි පුග‍්ගලෙහි විසිට‍්ඨෙන ගුණෙන වත‍්තුමාරද‍්ධො “සහාවස‍්සා”ති. තත්‍ථ සහාවාති සද‍්ධිංයෙව. අස‍්සාති “න තෙ භවං අට‍්ඨමමාදියන‍්තී”ති වුත‍්තෙසු අඤ‍්ඤතරස‍්ස. දස‍්සනසම‍්පදායාති සොතාපත‍්තිමග‍්ගසම‍්පත‍්තියා. සොතාපත‍්තිමග‍්ගො හි නිබ‍්බානං දිස‍්වා කත‍්තබ‍්බකිච‍්චසම‍්පදාය සබ‍්බපඨමං නිබ‍්බානදස‍්සනතො “දස‍්සන”න‍්ති වුච‍්චති, තස‍්ස අත‍්තනි පාතුභාවො දස‍්සනසම‍්පදා, තාය දස‍්සනසම‍්පදාය සහ එව. තයස‍්සු ධම‍්මා ජහිතා භවන‍්තීති එත්‍ථ අස‍්සු-ඉති පදපූරණමත‍්තෙ නිපාතො “ඉදං සු මෙ, සාරිපුත‍්ත, මහාවිකටභොජනස‍්මිං හොතී”තිආදීසු (ම· නි· 1.156) විය. යතො සහාවස‍්ස දස‍්සනසම‍්පදාය තයො ධම‍්මා ජහිතා භවන‍්ති පහීනා හොන‍්තීති අයමෙත්‍ථ අත්‍ථො.

මෙසේ සත්තක්ඛත්තු පරම පුද්ගලයාන්ගේ අටවෙනි ආත්මභාවයක උපත නොලබන ගුණය කරණ කොට ගෙන සංඝාධිෂ්ඨාන සත්‍ය වදාරා දැන් ආත්ම භාව හතක උපත ලැබීමට ද වඩා ප්‍රහීණ නොකළ භවාදාන ඇති සෙසු පුද්ගලයන්ට වඩා විශිෂ්ට වූ ඔහුගේම ගුණයන් කරණ කොට ගෙන දේශනාව කිරීමට “සහාවස්ස” යයි ආරම්භ කළහ. එහි “සහාව” යනු සමගම, ‘අස්ස’ යනු ‘න තෙ භවං අට්ඨමං ආදියන්ති’ යයි කියන ලද පුද්ගලයන් අතුරෙන් කෙනෙකුගේ, “දස්සන සම්පදාය” යනු සෝවාන් මඟට පැමිණීමෙන්; සෝවාන් මග වනාහී නිර්වාණය දැක කළ යුතු කෘත්‍ය සම්පදාවෙන් සියල්ලන්ට පළමුව නිර්වාණය දකින හෙයින් “දස්සන” යයි කියනු ලැබේ. එය තමා කෙරෙහි පහළ වීම “දස්සන සම්පදා” වේ. ඒ දර්ශන සම්පත්තිය ද සමගම, “තයස්සු ධම්මා ජහිතා භවන්ති” යනු මෙහි “සු” යනු “ඉදං සු සාරිපුත්තං මහා විකට භොජනස්මිං හොති” යනාදී තන්හි මෙන් පද පුරණ නිපාතයක් පමණි. දර්ශන සම්පත්තියට පැමිණීමත් සමඟම ධර්මයෝ තුනක් දුරු කරන ලද්දාහු වෙත් ද ප්‍රහීණ කළාහු වෙත් ද යන මෙයම මෙහි අර්ථය වේ.

ඉදානි ජහිතධම‍්මදස‍්සනත්‍ථමාහ “සක‍්කායදිට‍්ඨී විචිකිච‍්ඡිතඤ‍්ච, සීලබ‍්බතං වාපි යදත්‍ථි කිඤ‍්චී”ති. තත්‍ථ සති කායෙ විජ‍්ජමානෙ උපාදානක‍්ඛන්‍ධපඤ‍්චකාඛ්‍යෙ කායෙ වීසතිවත්‍ථුකා දිට‍්ඨි සක‍්කායදිට‍්ඨි, සතී වා තත්‍ථ කායෙ දිට‍්ඨීතිපි සක‍්කායදිට‍්ඨි, යථාවුත‍්තප‍්පකාරෙ කායෙ විජ‍්ජමානා දිට‍්ඨීති අත්‍ථො. සතියෙව වා කායෙ දිට‍්ඨීතිපි සක‍්කායදිට‍්ඨි, යථාවුත‍්තප‍්පකාරෙ කායෙ විජ‍්ජමානෙ රූපාදිසඞ‍්ඛාතො අත‍්තාති එවං පවත‍්තා දිට‍්ඨීති අත්‍ථො. තස‍්සා ච පහීනත‍්තා සබ‍්බදිට‍්ඨිගතානි පහීනානෙව හොන‍්ති. සා හි නෙසං මූලං. සබ‍්බකිලෙසබ්‍යාධිවූපසමනතො පඤ‍්ඤා“චිකිච‍්ඡිත”න‍්ති වුච‍්චති, තං පඤ‍්ඤාචිකිච‍්ඡිතං ඉතො විගතං, තතො වා පඤ‍්ඤාචිකිච‍්ඡිතා ඉදං විගතන‍්ති විචිකිච‍්ඡිතං. “සත්‍ථරි කඞ‍්ඛතී”තිආදිනා (ධ· ස· 1008; විභ· 915) නයෙන වුත‍්තාය අට‍්ඨවත්‍ථුකාය විමතියා එතං අධිවචනං. තස‍්සා පහීනත‍්තා සබ‍්බානිපි විචිකිච‍්ඡිතානි පහීනානි හොන‍්ති. තඤ‍්හි නෙසං මූලං. “ඉතො බහිද‍්ධා සමණබ්‍රාහ‍්මණානං සීලෙන සුද‍්ධි වතෙන සුද‍්ධී”ති එවමාදීසු (ධ· ස· 1222; විභ· 938) ආගතං ගොසීලකුක‍්කුරසීලාදිකං සීලං ගොවතකුක‍්කුරවතාදිකඤ‍්ච වතං සීලබ‍්බතන‍්ති වුච‍්චති, තස‍්ස පහීනත‍්තා සබ‍්බම‍්පි නග‍්ගියමුණ‍්ඩිකාදිඅමරතපං පහීනං හොති. තඤ‍්හි තස‍්ස මූලං, තෙනෙව සබ‍්බාවසානෙ වුත‍්තං “යදත්‍ථි කිඤ‍්චී”ති. දුක‍්ඛදස‍්සනසම‍්පදාය චෙත්‍ථ සක‍්කායදිට‍්ඨි සමුදයදස‍්සනසම‍්පදාය විචිකිච‍්ඡිතං, මග‍්ගදස‍්සනනිබ‍්බානදස‍්සනසම‍්පදාය සීලබ‍්බතං පහීයතීති විඤ‍්ඤාතබ‍්බං.

දැන් දුරු කළ ධර්ම දැක්වීමට “සක්කාය දිට්ඨි විචිකිච්ඡිතඤ්ච සීලබ්බතං වා පි යදත්ථි කිඤ්චි” යයි වදාළහ. එහිදි කය ඇති කල්හි පවතින පඤ්ච උපාදානස්කන්ධ සඞ්ඛ්‍යාත කයෙහි විසි වැදෑරුම් දෘෂ්ටිය “සක්කාය දිට්ඨි” වේ. නැතහොත් ඇති කයෙහි දෘෂ්ටිය යන අර්ථයෙන් ද සක්කාය දිට්ඨි වේ. කියන ලද ආකාර ඇති කයෙහි පවතින දෘෂ්ටිය යන අර්ථයයි. නැතහොත් කය ඇති කල්හිම ඇති කර ගන්නා දෘෂ්ටිය යන අර්ථයෙන් ද සක්කාය දිට්ඨි වේ. කියන ලද ආකාරයේ ශරීරය පවත්නා කල්හි “රූපාදිය ආත්මයයි” යනුවෙන් මෙසේ පවත්නා දෘෂ්ටිය යන අර්ථයයි. එම දෘෂ්ටිය ප්‍රහීණ වූ බැවින් දෘෂ්ටි ගත සියල්ල ප්‍රහීණ වූයේම වේ. එම සක්කාය දිට්ඨිය ඒවාට පදනම වන හෙයිනි. සියලු කෙලෙස් රෝග සංසිඳවන හෙයින් ප්‍රඥාවට “චිකිච්ඡිත” යයි කියනු ලැබේ. ඒ ප්‍රඥා චිකිච්ඡාව මෙයින් පහ වූයේ ය, නැතහොත් ඒ ප්‍රඥා චිකිච්ඡාවෙන් මෙය පහ වූයේ ය යන අර්ථයෙන් “විචිකිච්ඡිත” වේ. “සත්ථරි කංඛති” (ශාස්තෲන් කෙරෙහි සැක කෙරේ) ආදී වශයෙන් කියන ලද වස්තූන් අට පිළිබඳ විමතියට මෙය නමකි. එම විචිකිච්ඡාව ප්‍රහීණ වූ බැවින් සියලු විචිකිච්ඡාවන් පහවූයේ වෙයි. විචිකිච්ඡාව වනාහි ඒවාට පදනම වන හෙයිනි. “මේ ශාසනයෙන් බැහැර ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ ශීලයෙන් ශුද්ධිය වේ. ව්‍රතයෙන් ශුද්ධිය වේ” යනුවෙන් මේ ආදී තන්හි සඳහන් වන ගෝශීල කුක්කුර ශීල ආදී ශීලය ද ගෝ ව්‍රත, කුක්කර ව්‍රත ආදී ව්‍රත ද “සීලබ්බත” යයි කියනු ලැබේ. එය ප්‍රහීණ වූ බැවින් සියලුම නග්ගිය, මුණ්ඩිය ආදී සියලුම අමර තපස් ප්‍රහීණ වූයේ වේ. ශීලව්‍රතය වනාහී එයට පදනම වන හෙයිනි. එහෙයින් සියල්ල අවසානයෙහි “යදත්ථි කිඤ්චි”යි වදාරන ලදී. මෙහිදී දුක්ඛදස්සන සම්පදාවෙන් සක්කාය දිට්ඨියත්, සමුදය දස්සන සම්පදාවෙන් විචිකිච්ඡාවත්, මග්ගදස්සන නිබ්බාණ දස්සන සම්පදාවෙන් සීලබ්බතයත් ප්‍රහීණ වේ යයි දත යුතුය.

චතූහපායෙහීතිගාථාවණ‍්ණනා

චතූහපායෙහීතිගාථාවණ්ණනා

එවමස‍්ස කිලෙසවට‍්ටප‍්පහානං දස‍්සෙත්‍වා ඉදානි තස‍්මිං කිලෙසවට‍්ටෙ සති යෙන විපාකවට‍්ටෙන භවිතබ‍්බං, තප‍්පහානා තස‍්සාපි පහානං දීපෙන‍්තො ආහ “චතූහපායෙහි ච විප‍්පමුත‍්තො”ති. තත්‍ථ චත‍්තාරො අපායා නාම නිරයතිරච‍්ඡානපෙත‍්තිවිසයඅසුරකායා. තෙහි එස සත‍්ත භවෙ ආදියන‍්තොපි විප‍්පමුත‍්තොති අත්‍ථො.

මෙසේ මේ සෝවාන් පුද්ගලයාගේ කිලෙසවට්ටප්‍රහාණය දක්වා දැන් එම කිලේස වට්ටය ඇති කල්හිම යම් විපාක වට්ටයකින් යුතු තැනැත්තෙක් විය යුතු ද එම විපාක වට්ටයාගේ ද ප්‍රහාණය දක්වමින් “චතූහි අපායෙහිච විප්පමුත්තො” යයි වදාළහ. එහි සතර අපාය නම්: නිරය, තිරච්ඡාන, පෙත්තිවිසය හා අසුරකායයි. මේ ආත්මභාව සතක උපදින්නේ නමුදු ඒ අපාය හතරෙන් මිදුණේය යන අර්ථයයි.

එවමස‍්ස විපාකවට‍්ටප‍්පහානං දස‍්සෙත්‍වා ඉදානි යමස‍්ස විපාකවට‍්ටස‍්ස මූලභූතං කම‍්මවට‍්ටං, තස‍්සාපි පහානං දස‍්සෙන‍්තො ආහ “ඡච‍්චාභිඨානානි අභබ‍්බ කාතු”න‍්ති. තත්‍ථ අභිඨානානීති ඔළාරිකට‍්ඨානානි, තානි එස ඡ අභබ‍්බො කාතුං. තානි ච “අට‍්ඨානමෙතං, භික‍්ඛවෙ, අනවකාසො, යං දිට‍්ඨිසම‍්පන‍්නො පුග‍්ගලො මාතරං ජීවිතා වොරොපෙය්‍යා”තිආදිනා (අ· නි· 1.271; ම· නි· 3.128; විභ· 809) නයෙන එකකනිපාතෙ වුත‍්තානි මාතුඝාතපිතුඝාතඅරහන‍්තඝාතලොහිතුප‍්පාදසඞ‍්ඝභෙදඅඤ‍්ඤසත්‍ථාරුද‍්දෙසකම‍්මානීති වෙදිතබ‍්බානි. තානි හි කිඤ‍්චාපි දිට‍්ඨිසම‍්පන‍්නො අරියසාවකො කුන්‍ථකිපිල‍්ලිකම‍්පි ජීවිතා න වොරොපෙති, අපිච ඛො පන පුථුජ‍්ජනභාවස‍්ස විගරහණත්‍ථං වුත‍්තානි. පුථුජ‍්ජනො හි අදිට‍්ඨිසම‍්පන‍්නත‍්තා එවංමහාසාවජ‍්ජානි අභිඨානානිපි කරොති, දස‍්සනසම‍්පන‍්නො පන අභබ‍්බො තානි කාතුන‍්ති. අභබ‍්බග‍්ගහණඤ‍්චෙත්‍ථ භවන‍්තරෙපි අකරණදස‍්සනත්‍ථං. භවන‍්තරෙපි හි එස අත‍්තනො අරියසාවකභාවං අජානන‍්තොපි ධම‍්මතාය එව එතානි වා ඡ පකතිපාණාතිපාතාදීනි වා පඤ‍්ච වෙරානි අඤ‍්ඤසත්‍ථාරුද‍්දෙසෙන සහ ඡ ඨානානි න කරොති, යානි සන්‍ධාය එකච‍්චෙ “ඡ ඡාභිඨානානී”තිපි පඨන‍්ති. මතමච‍්ඡග‍්ගාහාදයො චෙත්‍ථ අරියසාවකගාමදාරකානං නිදස‍්සනං.

මෙසේ සෝවාන් පුද්ගලයාගේ විපාක වට්ට ප්‍රහාණය දක්වා දැන් මේ විපාක වට්ටයට මුල් වූ යම් කම්ම වට්ටයක් වේ ද එහිද ප්‍රහාණය දක්වන්නාහු “ඡ චාභිඨානානි අභබ්බො කාතුං” වදාළහ. එහි “අභිඨානානි” යනු ඕලාරික (බරපතල) කරුණුයි ඒ මේ කරුණු හය කිරීමට නුසුදුසුය. ඒවාද “අට්ඨානමෙතං භික්ඛවෙ, අනවකාසො යං දිට්ඨිසමපන්නො පුග්ගලො මාතරං ජීවිතා වොරොපෙය්‍ය” (මහණෙනි, යම් හෙයකින් දෘෂ්ටි සම්පන්න පුද්ගල තෙමේ මව දිවියෙන් තොර කරන්නේය යන ඒ කරුණ විද්‍යාමාන නොවේ. එය හේතු රහිතයෙකි. අවකාශ රහිතයෙකි.) ආදී වශයෙන් ඒකක නිපාතයෙහි කියන ලද මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම (බුද්ධ ශරීරයෙහි) ලේ සෙලවීම, සංඝ භේදය, අන්‍ය ශාසතෲ කෙනෙකුන් උදෙසා සිටීම යයි දත යුතුය. ඒවා වනාහි - හුදෙක් දෘෂ්ටි සම්පන්න ආර්‍ය්‍ය ශ්‍රාවක තෙමේ කුරා කුහුඹියෙකු පවා ජීවිතයෙන් තොර නොකරන්නේය. එසේ ද වුවත් පෘථග්ජනභාවයට ගරහනු සඳහා කියන ලදී. පෘථග්ජන තෙමේ දෘෂ්ටි සම්පන්න නොවන හෙයින් මෙසේ මහා සාවද්‍ය වූ බරපතල පාපයන් පවා කරයි. දර්ශන සම්පන්න පුද්ගලයා වනාහි ඒවා කිරීමට නුසුදුසුය. මෙහි නුදුසුදු බව භවාන්තරයෙහි ද ඒවා නොකිරීම දැක්වීම සඳහාය. භවාන්තරයෙහි වනාහි මෙතෙමේ තමාගේ ආර්‍ය්‍යශ්‍රාවකභාවය නොදන්නේ නමුදු ස්වභාවිකවම මේ හය හෝ ස්වාභාවික ප්‍රාණඝාත ආදී වෛරයන් පහත් අන්‍ය ශාස්තෲ උද්දේශය සමග කරුණු හයක් හෝ නොකරයි. සමහරු “ඡ ඡාභිඨානානි” යයි යමක් අරමුණු කොට ශබ්ද කෙරෙත්ද ඒ ඉහත කරුණ නිසාය. ආර්‍ය්‍ය ශ්‍රාවක ගම් දරුවන්ගේ මැරුණු මාළු ගැනීම් ආදිය ද මෙහි නිදර්ශන වේ.

එවං භගවා සත‍්ත භවෙ ආදියතොපි අරියසාවකස‍්ස අඤ‍්ඤෙහි අප‍්පහීනභවාදානෙහි පුග‍්ගලෙහි විසිට‍්ඨගුණවසෙන සඞ‍්ඝරතනස‍්ස ගුණං වත්‍වා ඉදානි තමෙව ගුණං නිස‍්සාය සච‍්චවචනං පයුඤ‍්ජති “ඉදම‍්පි සඞ‍්ඝෙ”ති. තස‍්සත්‍ථො පුබ‍්බෙ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බො. ඉමිස‍්සාපි ගාථාය ආණා කොටිසතසහස‍්සචක‍්කවාළෙසු අමනුස‍්සෙහි පටිග‍්ගහිතාති.

මෙසේ භාග්‍යවතුන් වහන්සේ ආත්ම හතක උපදින්නේ නමුදු ප්‍රහීණ නොකළ භවාදාන සහිත පුද්ගලයන්ට වඩා ආර්‍ය්‍ය ශ්‍රාවකයාගේ ඇති විශිෂ්ට ගුණ වශයෙන් සංඝ රත්නයෙහි ගුණ වදාරා දැන් ඒ ගුණයම ඇසුරු කොට සත්‍ය වචනය “ඉදම්පි සංඝෙ” යයි යොදති. එහි අර්ථය පෙර කී අයුරින්ම දත යුතුය. මේ ගාථාවන්ගේ ද අණ කෙළ ලක්‍ෂයක් සක්වළ අමනුෂ්‍යයන් විසින් පිළිගන්නා ලදී.

කිඤ‍්චාපි සොතිගාථාවණ‍්ණනා

කිඤ්චාපි සොතිගාථාවණ්ණනා

එවං සත‍්ත භවෙ ආදියතොපි අඤ‍්ඤෙහි අප‍්පහීනභවාදානෙහි පුග‍්ගලෙහි විසිට‍්ඨගුණෙන සඞ‍්ඝාධිට‍්ඨානං සච‍්චං වත්‍වා ඉදානි න කෙවලං දස‍්සනසම‍්පන‍්නො ඡ අභිඨානානි අභබ‍්බො කාතුං, කින‍්තු අප‍්පමත‍්තකම‍්පි පාපකම‍්මං කත්‍වා තස‍්ස පටිච‍්ඡාදනායපි අභබ‍්බොති පමාදවිහාරිනොපි දස‍්සනසම‍්පන‍්නස‍්ස කතප‍්පටිච‍්ඡාදනාභාවගුණෙන වත‍්තුමාරද‍්ධො “කිඤ‍්චාපි සො කම‍්ම කරොති පාපක”න‍්ති.

මෙසේ භාග්‍යවතුන් වහන්සේ ආත්ම භාව හතක උපදින්නේ නමුදු ආර්‍ය්‍ය ශ්‍රාවකයාගේ අනෙකුත් ප්‍රහීණ නොකළ භවාදාත ඇති පුද්ගලයන්ට වඩා ඇති විශිෂ්ට ගුණයන් කරණ කොට ගෙන සංඝාධිෂ්ඨාන සත්‍යය දේශනා කොට දැන් “හුදෙක් දර්ශන සම්පන්න පුද්ගලයා බරපතල පාප කර්ම හය කිරීමට නුසුදුසු වුයේ පමණක් නොවේ. අල්පමාත්‍ර වූ පාප කර්මයක් කොටද එය සැඟවීමට ද නුසුදුසු යයි ප්‍රමාදීව වසන්නේ නමුදු දර්ශන සම්පන්නයාගේ කළ පාප කර්මය නොසැඟවීමේ ගුණය කරණ කොට ගෙන “කිඤ්චාපි සො කම්මං කරොති පාපකං” යයි දේශනා කිරීමට පටන් ගත්හ.

තස‍්සත්‍ථො – සො දස‍්සනසම‍්පන‍්නො කිඤ‍්චාපි සතිසම‍්මොසෙන පමාදවිහාරං ආගම‍්ම යං තං භගවතා ලොකවජ‍්ජං සඤ‍්චිච‍්චාතික‍්කමනං සන්‍ධාය වුත‍්තං “යං මයා සාවකානං සික‍්ඛාපදං පඤ‍්ඤත‍්තං, තං මම සාවකා ජීවිතහෙතුපි නාතික‍්කමන‍්තී”ති (චූළව· 385; උදා· 45) තං ඨපෙත්‍වා අඤ‍්ඤං කුටිකාරසහසෙය්‍යාදිං පණ‍්ණත‍්තිවජ‍්ජවීතික‍්කමසඞ‍්ඛාතං බුද‍්ධප‍්පතිකුට‍්ඨං කායෙන පාපකම‍්මං කරොති, පදසොධම‍්මඋත‍්තරිඡප‍්පඤ‍්චවාචාධම‍්මදෙසනසම‍්ඵප‍්පලාපඵරුසවචනාදිං වා වාචාය, උද චෙතසා වා කත්‍ථචි ලොභදොසුප‍්පාදනං ජාතරූපාදිසාදියනං චීවරාදිපරිභොගෙසු අපච‍්චවෙක‍්ඛණාදිං වා පාපකම‍්මං කරොති. අභබ‍්බො සො තස‍්ස පටිච‍්ඡදාය න සො තං “ඉදං අකප‍්පියමකරණීය”න‍්ති ජානිත්‍වා මුහුත‍්තම‍්පි පටිච‍්ඡාදෙති, තංඛණං එව පන සත්‍ථරි වා විඤ‍්ඤූසු වා සබ්‍රහ‍්මචාරීසු ආවි කත්‍වා යථාධම‍්මං පටිකරොති, “න පුන කරිස‍්සාමී”ති එවං සංවරිතබ‍්බං වා සංවරති. කස‍්මා? යස‍්මා අභබ‍්බතා දිට‍්ඨපදස‍්ස වුත‍්තා, එවරූපම‍්පි පාපකම‍්මං කත්‍වා තස‍්ස පටිච‍්ඡාදාය දිට‍්ඨනිබ‍්බානපදස‍්ස දස‍්සනසම‍්පන‍්නස‍්ස පුග‍්ගලස‍්ස අභබ‍්බතා වුත‍්තාති අත්‍ථො.

එහි අර්ථය : ඒ දර්ශන සම්පන්න පුද්ගල තෙමේ කිසියම් සිහි මුළාවීමකින් ප්‍රමාද විහරණයට පැමිණ භාග්‍යවතුන් වහන්සේ විසින් “මා විසින් ශ්‍රාවකයන්ට යම් ශික්ෂාපදයක් පනවන ලද්දේ ද මාගේ ශ්‍රාවකයෝ එය ජීවිත හේතුවෙන් පවා නොඉක්මවති”යි යම් ලෝක වද්‍යයක් දැන දැන නොඉක්මවීම සඳහා දේශනා කරන ලද්දේ ද එය හැර වෙනත් කුටිකාර සහසෙය්‍යාදී ප්‍රඥප්ති වද්‍යයක් ඉක්මවීම් සඞ්ඛ්‍යාත බුදුන් වහන්සේ විසින් නින්දා කළ පාප කර්මයක් “කායෙන” කයින් කරයි ද ධර්මය පද වශයෙන් වචන පහ හයකට වඩා දේශනා කිරීම හෝ සම්පප්‍රලාප පරුෂ වචන ආදී “වාචා” වචනයෙන් හෝ “උදචෙතසාවා” කිසියම් තැනක ලෝභ, ද්වේශ ඉපදවීම, රන්රිදී ආදිය පිළිගැනීම, සිවුරු ආදිය පරිභෝග කිරීමේ දී ප්‍රත්‍යවේක්ෂා නොකිරීම ආදී වශයෙන් සිතින් හෝ පාප කර්මයක් කරයි ද “අභබ්බො සො තස්ස පටිච්ඡාදාය” හෙතෙම “මෙය අකැපය, නොකළ යුතු දෙයකියි දැන මොහොතකුදු නොසඟවයි. එකෙණෙහිම ශාස්තෲන් වහන්සේට හෝ නුවණැත්තන්ට හෝ සබ්‍රහ්මචාරීන් වහන්සේලාට හෝ ප්‍රකාශ කොට ධර්‍මානුකූලව පිළියම් කෙරේ. නැතහොත් නැවත නොකරන්නෙමි’යි මෙසේ සංවර විය යුතු යයි සිතා සංවර වේ. කුමක් හෙයින්ද යත්? “අභබ්බතා දිට්ඨපදස්ස වුත්තා” මෙබඳු වු පාප කර්මයක් කොට එය සැඟවීම දකින ලද නිර්‍වාණ පදය ඇති දර්ශන සම්පන්න පුද්ගලයාට නුසුදුසුයයි දේශනා කරන ලද්දේය යන අර්ථයයි.

කථං?

කෙසේද?

“සෙය්‍යථාපි, භික‍්ඛවෙ, දහරො කුමාරො මන්‍දො උත‍්තානසෙය්‍යකො හත්‍ථෙන වා පාදෙන වා අඞ‍්ගාරං අක‍්කමිත්‍වා ඛිප‍්පමෙව පටිසංහරති, එවමෙව ඛො, භික‍්ඛවෙ, ධම‍්මතා එසා දිට‍්ඨිසම‍්පන‍්නස‍්ස පුග‍්ගලස‍්ස, කිඤ‍්චාපි තථාරූපිං ආපත‍්තිං ආපජ‍්ජති, යථාරූපාය ආපත‍්තියා වුට‍්ඨානං පඤ‍්ඤායති. අථ ඛො නං ඛිප‍්පමෙව සත්‍ථරි වා විඤ‍්ඤූසු වා සබ්‍රහ‍්මචාරීසු දෙසෙති විවරති උත‍්තානීකරොති, දෙසෙත්‍වා විවරිත්‍වා උත‍්තානීකත්‍වා ආයතිං සංවරං ආපජ‍්ජතී”ති (ම· නි· 1.496).

“මහණෙනි, යම්සේ මන් ද වූ උඩුකුරුව හෝනා ළදරු කුමරෙක් අතින් වේවයි, පයින් වේවයි, ගිනි අඟුරක් ඇක්මෙන්නාහාම අත හකුළාගන්නේ වේ ද මහණෙනි, එපරිද්දෙන්ම දෘෂ්ටි සම්පන්න පුද්ගලයාගේ තෙල ධර්‍මතායෙක් ඇත. යම්බඳු ආපත්තියකින් නැගී සිටීම පැනේද එබඳු ආපත්තියකට පත් වූයේ නමුදු වහාම ඒ ඇවැත ශාස්තෲන් වහන්සේ කෙරෙහි වේවයි නුවණැති සම්බ්‍රම්සරුන් කෙරෙහි වේවයි දෙසන්නේය. විවර කරන්නේය. හෙළි කරන්නේය. දෙසා, විවර කොට හෙළි කොට ආයති සංවරයට පැමිණෙන්නේය” යනුවෙනි.

එවං භගවා පමාදවිහාරිනොපි දස‍්සනසම‍්පන‍්නස‍්ස කතප‍්පටිච‍්ඡාදනාභාවගුණෙන සඞ‍්ඝරතනස‍්ස ගුණං වත්‍වා ඉදානි තමෙව ගුණං නිස‍්සාය සච‍්චවචනං පයුඤ‍්ජති “ඉදම‍්පි සඞ‍්ඝෙ”ති. තස‍්සත්‍ථො පුබ‍්බෙ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බො. ඉමිස‍්සාපි ගාථාය ආණා කොටිසතසහස‍්සචක‍්කවාළෙසු අමනුස‍්සෙහි පටිග‍්ගහිතාති.

මෙසේ භාග්‍යවතුන් වහන්සේ ප්‍රමාදීව වසන්නේ නමුදු දර්ශන සම්පන්නයාගේ කළ පාප කර්මයන් සැඟවීමක් නොමැති ගුණය කරණ කොට ගෙන සංඝ රත්නයෙහි ගුණ වදාරා දැන් වදාරා දැන් - එම ගුණයම ඇසුරු කොට සත්‍ය වචනය “ඉදම්පි සංඝෙ” යයි යොදති. එහි අර්ථය පෙර කී අයුරින්ම දත යුතුය. මේ ගාථාවෙහි ද අණ කෙළ ලක්‍ෂයක් සක්වළ අමනුෂ්‍යයන් විසින් පිළිගන්නා ලදී.

වනප‍්පගුම‍්බෙතිගාථාවණ‍්ණනා

වනප්පගුම්බෙතිගාථාවණ්ණනා

එවං සඞ‍්ඝපරියාපන‍්නානං පුග‍්ගලානං තෙන තෙන ගුණප‍්පකාරෙන සඞ‍්ඝාධිට‍්ඨානං සච‍්චං වත්‍වා ඉදානි ය‍්වායං භගවතා රතනත‍්තයගුණං දීපෙන‍්තෙන ඉධ සඞ‍්ඛෙපෙන අඤ‍්ඤත්‍ර ච විත්‍ථාරෙන පරියත‍්තිධම‍්මො දෙසිතො, තම‍්පි නිස‍්සාය පුන බුද‍්ධාධිට‍්ඨානං සච‍්චං වත‍්තුමාරද‍්ධො “වනප‍්පගුම‍්බෙ යථා ඵුස‍්සිතග‍්ගෙ”ති. තත්‍ථ ආසන‍්නසන‍්නිවෙසවවත්‍ථිතානං රුක‍්ඛානං සමූහො වනං, මූලසාරඵෙග‍්ගුතචසාඛාපලාසෙහි පවුද‍්ධො ගුම‍්බො පගුම‍්බො, වනස‍්ස, වනෙ වා පගුම‍්බො වනප‍්පගුම‍්බො. ස‍්වායං “වනප‍්පගුම‍්බෙ”ති වුත‍්තො, එවම‍්පි හි වත‍්තුං ලබ‍්භති “අත්‍ථි සවිතක‍්කසවිචාරෙ, අත්‍ථි අවිතක‍්කවිචාරමත‍්තෙ, සුඛෙ දුක‍්ඛෙ ජීවෙ”තිආදීසු (දී· නි· 1.174; ම· නි· 2.228) විය. යථාති උපමාවචනං. ඵුස‍්සිතානි අග‍්ගානි අස‍්සාති ඵුස‍්සිතග‍්ගො, සබ‍්බසාඛාපසාඛාසු සඤ‍්ජාතපුප‍්ඵොති අත්‍ථො. සො පුබ‍්බෙ වුත‍්තනයෙනෙව “ඵුස‍්සිතග‍්ගෙ”ති වුත‍්තො. ගිම‍්හානමාසෙ පඨමස‍්මිං ගිම‍්හෙති යෙ චත‍්තාරො ගිම‍්හානං මාසා, තෙසං චතුන‍්නං ගිම‍්හමාසානං එකස‍්මිං මාසෙ. කතරස‍්මිං මාසෙ ඉති චෙ? පඨමස‍්මිං ගිම‍්හෙ, චිත්‍රමාසෙති අත්‍ථො. සො හි “පඨමගිම‍්හො”ති ච “බාලවසන‍්තො”ති ච වුච‍්චති. තතො පරං පදත්‍ථතො පාකටමෙව.

මෙසේ සංඝයාට ඇතුළත් පුද්ගලයන්ගේ ඒ ඒ ගුණයන් අනුව සංඝාධිෂ්ඨාන සත්‍යය වදාරා දැන් රත්නත්‍රයේ ගුණ ප්‍රකාශ කරන භාග්‍යවතුන් වහන්සේ විසින් මෙහි කෙටියෙන් ද වෙනත් තැන්වල විස්තර වශයෙන් ද යම් මේ පර්යාප්ති ධර්මයක් දේශනා කරන ලද්දේ ද එය ද ඇසුරු කොට නැවත බුද්ධාධිෂ්ඨාන සත්‍යය “වනප්පගුම්බෙ යථා ඵුස්සිතග්ගෙ” යයි දේශනා කිරීමට පටන් ගත්හ. එහි ආසන්නව පැවතීම ස්වභාව කොට ඇති වෘක්ෂයන්ගේ සමූහය “වන” නම් වේ. මුල්, හර, එළය, පොතු, අතු, කොළ යන මේවායින් ගැවසීගත් පඳුර = පගුම්බ වේ. වනයෙහි වූ පගුම්බය = වනප්පගුම්බො වේ. එයම “වනප්පගුම්බෙ” යයි කියන ලදී. “අත්‍ථි සවිතක්කසවිචාරෙ අත්‍ථි අවිතක්ක විචාර මත්තෙ” “සුඛෙ දුක්ඛෙ ජීවෙ” ආදී තන්හි මෙන් මෙසේ ද කීමට හැකිය. “යථා” යනු උපමාවාචී පදයකි. පිපුණු අග් ඇත්තෙනුයි = ඵුස්සිතග්ගෙ” වේ. සියලු ශාඛා අනුශාඛාවන්හි හටගත් මල් ඇති යන අර්ථයයි. එය පෙර කී අයුරින්ම “ඵුස්සිතග්ගෙ” යයි කියන ලදී. “ගිම්හාන මාසෙ පඨමස්මිං ගිම්හෙ” යනු ගිම්හාන සෘතුවට අයත් යම් මාස හතරක් වේ ද ඒ ගිම්හාන සෘතුවට අයත් මාස හතරෙන් එක් මාසයක; කවර මාසයකද යත්? ගිම්හාන සෘතුවෙහි පළමුවෙනි බක්මස යන අර්ථයයි. එම මාසය වනාහී “පඨම ගිම්හ” යයි ද “බාලවසන්ත” යයි ද කියනු ලැබේ. ඉන් අනතුරු පදයන්ගේ අර්ථය ප්‍රකටමය.

අයං පනෙත්‍ථ පිණ‍්ඩත්‍ථො – යථා පඨමගිම‍්හනාමකෙ බාලවසන‍්තෙ නානාවිධරුක‍්ඛගහනෙ වනෙ සුපුප‍්ඵිතග‍්ගසාඛො තරුණරුක‍්ඛගච‍්ඡපරියායනාමො පගුම‍්බො අතිවිය සස‍්සිරිකො හොති, එවමෙව ඛන්‍ධායතනාදීහි සතිපට‍්ඨානසම‍්මප‍්පධානාදීහි සීලසමාධික‍්ඛන්‍ධාදීහි වා නානප‍්පකාරෙහි අත්‍ථප‍්පභෙදපුප‍්ඵෙහි අතිවිය සස‍්සිරිකත‍්තා තථූපමං නිබ‍්බානගාමිමග‍්ගදීපනතො නිබ‍්බානගාමිං පරියත‍්තිධම‍්මවරං නෙව ලාභහෙතු න සක‍්කාරාදිහෙතු, කෙවලන‍්තු මහාකරුණාය අබ‍්භුස‍්සාහිතහදයො සත‍්තානං පරමහිතාය අදෙසයීති. පරමං හිතායාති එත්‍ථ ච ගාථාබන්‍ධසුඛත්‍ථං අනුනාසිකො. අයං පනත්‍ථො – පරමහිතාය නිබ‍්බානාය අදෙසයීති.

මේ වනාහී පිණ්ඩාර්ථයයි! යම්සේ “පඨමගිම්හ” නම් වූ බාලවසන්ත මාසයෙහි නානාවිධ වෘක්‍ෂයන්ගෙන් ගහණ වූ වනයෙහි මැනවින් පිපුණු අග් ඇති ශාඛාවන්ගෙන් යුත් තරුණ වෘක්‍ෂ පැළෑටියන්ගෙන් සමන්විත පගුම්බය හෙවත් ලැහැබ අතිශයින් සශ්‍රීක වෙයි ද එසේම මේ ස්කන්ධ ආයතන ආදියෙන්ද සතිපට්ඨාන සම්මප්‍රධාන ආදියෙන් ද ශීල සමාධිස්කන්ධ ආදියෙන් ද නැතහොත් නොයෙක් ආකාර වූ අර්ථ ප්‍රභේද පුෂ්පයන්ගෙන් අතිශයින් සශ්‍රීක බැවින් “තථූපමං” ඒ වන ලැහැබට සමාන වූ ද නිර්‍වාණගාමී මාර්ගය හෙළි කරන හෙයින් “නිබ්බාණගාමිං” නිවනට පමුණුවන්නා වූ ද පරියත්ති “ධම්මවරං” උතුම් පර්‍ය්‍යාප්ති ධර්‍මය ලාභ හේතුවෙන් ද නොව සත්කාරාදී හේතුවෙන් ද නොව හුදෙක් මහා කරුණාවෙන් අතිශයින් උත්සාහවන්ත වූ හද ඇත්තාහු සත්ත්වයන්ට “පරමං හිතාය අදෙසයී” ඉහළම යහපත පිණිස දේශනා කළ සේක යනුයි. “පරමං හිතාය” යන මෙහිද අනුනාසිකය ගාථා ප්‍රබන්ධය සුබෝච්චාරණය සඳහාය. එහි අර්ථය මෙසේය. පරම හිත වූ නිර්වාණය පිණිස දේශනා කළ සේක යනුයි.

එවං භගවා ඉමං සුපුප‍්ඵිතග‍්ගවනප‍්පගුම‍්බසදිසං පරියත‍්තිධම‍්මං වත්‍වා ඉදානි තමෙව නිස‍්සාය බුද‍්ධාධිට‍්ඨානං සච‍්චවචනං පයුඤ‍්ජති “ඉදම‍්පි බුද‍්ධෙ”ති. තස‍්සත්‍ථො පුබ‍්බෙ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බො. කෙවලං පන ඉදම‍්පි යථාවුත‍්තපකාරපරියත‍්තිධම‍්මසඞ‍්ඛාතං බුද‍්ධෙ රතනං පණීතන‍්ති එවං යොජෙතබ‍්බං. ඉමිස‍්සාපි ගාථාය ආණා කොටිසතසහස‍්සචක‍්කවාළෙසු අමනුස‍්සෙහි පටිග‍්ගහිතාති.

මෙසේ භාග්‍යවතුන් වහන්සේ මේ සුපිපුණු අග ඇති වන ලැහැබ සමාන පරියාප්ති ධර්මය දේශනා කොට දැන් එයම ඇසුරු කොට බුද්ධාධිෂ්ඨාන සත්‍ය වචනය “ඉදම්පි බුද්ධෙ” යයි යොදති. එහි අර්ථය පෙර කී අයුරින්ම දත යුතුය. හුදෙක් වනාහී කියන ලද ආකාර ඇති පරියාප්ති ධර්ම සඞ්ඛ්‍යාත “ඉදම්පි බුද්ධෙ රතනං පණීතං” මේ රත්නභාවය ද බුදුන් වහන්සේ කෙරෙහි උතුම් වේ යයි මෙසේ යෙදිය යුතුය. මේ ගාථාවන්ගේ ද අණ කෙළ ලක්‍ෂයක් සක්වළ අමනුෂ්‍යයන් විසින් පිළිගන්නා ලදී.

වරො වරඤ‍්ඤූතිගාථාවණ‍්ණනා

වරො වරඤ්ඤූතිගාථාවණ්ණනා

එවං භගවා පරියත‍්තිධම‍්මෙන බුද‍්ධාධිට‍්ඨානං සච‍්චං වත්‍වා ඉදානි ලොකුත‍්තරධම‍්මෙන වත‍්තුමාරද‍්ධො “වරො වරඤ‍්ඤූ”ති. තත්‍ථ වරොති පණීතාධිමුත‍්තිකෙහි ඉච‍්ඡිතො “අහො වත මයම‍්පි එවරූපා අස‍්සාමා”ති, වරගුණයොගතො වා වරො උත‍්තමො සෙට‍්ඨොති අත්‍ථො. වරඤ‍්ඤූති නිබ‍්බානඤ‍්ඤූ. නිබ‍්බානඤ‍්හි සබ‍්බධම‍්මානං උත‍්තමට‍්ඨෙන වරං, තඤ‍්චෙස බොධිමූලෙ සයං පටිවිජ‍්ඣිත්‍වා අඤ‍්ඤාසි. වරදොති පඤ‍්චවග‍්ගියභද‍්දවග‍්ගියජටිලාදීනං අඤ‍්ඤෙසඤ‍්ච දෙවමනුස‍්සානං නිබ‍්බෙධභාගියවාසනාභාගියවරධම‍්මදායීති අත්‍ථො. වරාහරොති වරස‍්ස මග‍්ගස‍්ස ආහටත‍්තා වරාහරොති වුච‍්චති. සො හි භගවා දීපඞ‍්කරතො පභුති සමතිංස පාරමියො පූරෙන‍්තො පුබ‍්බකෙහි සම‍්මාසම‍්බුද‍්ධෙහි අනුයාතං පුරාණමග‍්ගවරමාහරි, තෙන “වරාහරො”ති වුච‍්චති.

මෙසේ භාග්‍යවතුන් වහන්සේ පර්යාප්ති ධර්මය කරණ කොට ගෙන බුද්ධාධිෂ්ඨාන සත්‍ය දේශනා කොට දැන් ලෝකෝත්තර ධර්මය කරණ කොට ගෙන “වරො වරඤ්ඤු” යයි දේශනා කිරීමට පටන් ගත්හ. එහි “වරො” යනු ප්‍රණීතාධිමුත්තිකයන් විසින් “අහෝ ඒකාන්තයෙන් අපිද මෙවැන්නෝ වෙමුයි”යි කැමති වූ; නැතහොත් උතුම් ගුණයෙන් යුක්ත වූ හෙයින් ‘වරො’ වේ. උත්තම වූ ශ්‍රේෂ්ඨ වූ යන අර්‍ථයයි. “වරඤ්ඤු” යනු නිර්‍වාණය දත්, නිර්‍වාණය වනාහි සියලු ධර්‍මයන්ට උත්තම අර්‍ථයෙන් ‘වරං’ වේ. එය බුදුන් වහන්සේ බෝ මුලදී තෙම්ම ප්‍රතිවේධ කොට දැන ගත්හ. ‘වරදො’ යනු පඤ්ච වග්ගිය, භද්ද වග්ගිය, ජටිලාදීන්ට ද අනෙකුත් දෙවි මිනිසුන්ට ද නිර්‍වාණ භාග්‍යය හා වාසනා භාග්‍යය ගෙන දෙන උතුම් ධර්‍මය දෙන යන අර්‍ථයයි. “වරාහරො” යනු උතුම් වූ නිර්‍වාණ ගාමිණී ප්‍රතිදාව ගෙන දෙන හෙයින් “වරාහරො” යයි කියනු ලැබේ. ඒ භාග්‍යවතුන් වහන්සේ වනාහී දීඞ්පකර බුදුරජාණන් වහන්සේගේ පටන් සමතිස් පෙරුම් දම් පුරන්නාහු පැරණි සම්මා සම්බුදුරජාණන් වහන්සේලා විසින් අනුව ගිය පැරණි උතුම් නිවන් මඟ ගෙන වැඩි සේක. එහෙයින් ‘වරාහරො’ යයි කියනු ලැබේ.

අපිච සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණප‍්පටිලාභෙන වරො, නිබ‍්බානසච‍්ඡිකිරියාය වරඤ‍්ඤූ, සත‍්තානං විමුත‍්තිසුඛදානෙන වරදො, උත‍්තමපටිපදාහරණෙන වරාහරො. එතෙහි ලොකුත‍්තරගුණෙහි අධිකස‍්ස කස‍්සචි ගුණස‍්ස අභාවතො අනුත‍්තරො.

තවද සර්‍වඥතා ඥාන ප්‍රතිලාභයෙන් = ‘වරො’ වේ. නිර්‍වාණය ප්‍රත්‍යක්‍ෂ කළ බැවින් ‘වරඤ්ඤු’ වේ. සත්ත්වයන්ට විමුක්ති සැපය දෙන බැවින් = ‘වරදො’ වේ. උතුම් වූ ප්‍රතිපදාව ගෙන වැඩි නිසා = ‘වරාහරො’ වේ. මේ ලෝකොත්තර ගුණයන්ගෙන් භාග්‍යවතුන් වහන්සේට අධික වූ කිසිවෙක් නොමැති හෙයින් ‘අනුත්තරො’ වේ.

අපරො නයො – වරො උපසමාධිට‍්ඨානපරිපූරණෙන, වරඤ‍්ඤූ පඤ‍්ඤාධිට‍්ඨානපරිපූරණෙන, වරදො චාගාධිට‍්ඨානපරිපූරණෙන, වරාහරො සච‍්චාධිට‍්ඨානපරිපූරණෙන, වරං මග‍්ගසච‍්චමාහරීති. තථා වරො පුඤ‍්ඤුස‍්සයෙන, වරඤ‍්ඤූ පඤ‍්ඤුස‍්සයෙන, වරදො බුද‍්ධභාවත්‍ථිකානං තදුපායසම‍්පදානෙන, වරාහරො පච‍්චෙකබුද‍්ධභාවත්‍ථිකානං තදුපායාහරණෙන, අනුත‍්තරො තත්‍ථ තත්‍ථ අසදිසතාය, අත‍්තනා වා අනාචරියකො හුත්‍වා පරෙසං ආචරියභාවෙන, ධම‍්මවරං අදෙසයි සාවකභාවත්‍ථිකානං තදත්‍ථාය ස‍්වාක‍්ඛාතතාදිගුණයුත‍්තස‍්ස ධම‍්මවරස‍්ස දෙසනතො. සෙසං වුත‍්තනයමෙවාති.

තවත් ක්‍රමයකි. උපසම අධිෂ්ඨානය සම්පූර්‍ණ කිරීම් වශයෙන් ‘වරො’ වේ. ප්‍රඥා අධිෂ්ඨානය සම්පූර්ණ කිරීම් වශයෙන් ‘වරඤ්ඤු’ වේ. ත්‍යාග අධිෂ්ඨානය සම්පූර්ණ කිරීම් වශයෙන් ‘වරදො’ වේ. සත්‍ය අධිෂ්ඨානය සම්පූර්ණ කිරීම් වශයෙන් උතුම් මාර්ග සත්‍ය ගෙන වැඩි හෙයින් “වරාහරො” වේ. එසේම පිනෙන් උසස් බැවින් ‘වරො’ වේ. ප්‍රඥාවෙන් උසස් බැවින් “වරඤ්ඤු” වේ. බුදු බව පතන අයට එයට මඟ සළසා දෙන නිසා ‘වරදො’ වේ. පසේ බුදු බව පතන අයට එය මඟ ගෙන වැඩි බැවින් “වරාහරො” වේ. ඒ ඒ තැන තමන් හා සමාන කෙනෙක් නැති බැවින් හෝ තමා ගුරුවරයෙකු නැති කෙනෙක් වී අනුන්ට ගුරුවරයෙකු වන හෙයින් “අනුත්තරො” වේ. ශ්‍රාවක භාවය කැමති අයට ඒ සඳහා ස්වක්ඛාත ආදී ගුණයන්ගෙන් යුත් උතුම් ධර්‍මය දේශනා කරන හෙයින් “ධම්මවරං අදෙසයී” වේ. ඉතිරි පද ඉහත කී අයුරින්මය.

එවං භගවා නවවිධෙන ලොකුත‍්තරධම‍්මෙන අත‍්තනො ගුණං වත්‍වා ඉදානි තමෙව ගුණං නිස‍්සාය බුද‍්ධාධිට‍්ඨානං සච‍්චවචනං පයුඤ‍්ජති “ඉදම‍්පි බුද‍්ධෙ”ති. තස‍්සත්‍ථො පුබ‍්බෙ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බො. කෙවලං පන යං වරං ලොකුත‍්තරධම‍්මං එස අඤ‍්ඤාසි, යඤ‍්ච අදාසි, යඤ‍්ච ආහරි, යඤ‍්ච දෙසෙසි, ඉදම‍්පි බුද‍්ධෙ රතනං පණීතන‍්ති එවං යොජෙතබ‍්බං. ඉමිස‍්සාපි ගාථාය ආණා කොටිසතසහස‍්සචක‍්කවාළෙසු අමනුස‍්සෙහි පටිග‍්ගහිතාති.

මෙසේ භාග්‍යවතුන් වහන්සේ නව විධ වූ ලෝකෝත්තර ධර්‍මය කරණ කොට ගෙන තමන් වහන්සේගේ ගුණ වදාරා දැන් එම ගුණයම ඇසුරු කොට බුද්ධාධිෂ්ඨාන සත්‍යය “ඉදම්පි බුද්ධෙ” යයි යොදති. එහි අර්‍ථය පෙර කී අයුරින්ම දත යුතුය. හුදෙක් වනාහී යම් උතුම් ලෝකෝත්තර ධර්‍මයක් උන්වහන්සේ දැන ගත් සේක් ද යමක් දුන් සේක් ද යමක් ගෙන වැඩි සේක් ද යමක් දේශනා කළ සේක් ද “ඉදම්පි බුද්ධෙ රතනං පණීතං” බුදුන් වහන්සේ කෙරෙහි මේ රත්නභාවය ද උතුම් වේ යයි මෙසේ පද පිළිවෙළ යෙදිය යුතුය. මේ ගාථාවන්ගේ ද අණ කෙළ ලක්ෂයක් සක්වළ අමනුෂ්‍යයන් විසින් පිළිගන්නා ලදී.

ඛීණන‍්තිගාථාවණ‍්ණනා

ඛීණන්තිගාථාවණ්ණනා

එවං භගවා පරියත‍්තිධම‍්මඤ‍්ච නවලොකුත‍්තරධම‍්මඤ‍්ච නිස‍්සාය ද‍්වීහි ගාථාහි බුද‍්ධාධිට‍්ඨානං සච‍්චං වත්‍වා ඉදානි යෙ තං පරියත‍්තිධම‍්මං අස‍්සොසුං, සුතානුසාරෙන ච පටිපජ‍්ජිත්‍වා නවප‍්පකාරම‍්පි ලොකුත‍්තරධම‍්මං අධිගමිංසු, තෙසං අනුපාදිසෙසනිබ‍්බානපත‍්තිගුණං නිස‍්සාය පුන සඞ‍්ඝාධිට‍්ඨානං සච‍්චං වත‍්තුමාරද‍්ධො “ඛීණං පුරාණ”න‍්ති. තත්‍ථ ඛීණන‍්ති සමුච‍්ඡින‍්නං. පුරාණන‍්ති පුරාතනං. නවන‍්ති සම‍්පති වත‍්තමානං. නත්‍ථි සම‍්භවන‍්ති අවිජ‍්ජමානපාතුභාවං. විරත‍්තචිත‍්තාති වීතරාගචිත‍්තා. ආයතිකෙ භවස‍්මින‍්ති අනාගතමද‍්ධානං පුනබ‍්භවෙ. තෙති යෙසං ඛීණං පුරාණං නවං නත්‍ථි සම‍්භවං, යෙ ච ආයතිකෙ භවස‍්මිං විරත‍්තචිත‍්තා, තෙ ඛීණාසවා භික‍්ඛූ. ඛීණබීජාති උච‍්ඡින‍්නබීජා. අවිරූළ‍්හිඡන්‍දාති විරූළ‍්හිඡන්‍දවිරහිතා. නිබ‍්බන‍්තීති විජ‍්ඣායන‍්ති. ධීරාති ධිතිසම‍්පන‍්නා. යථායං පදීපොති අයං පදීපො විය.

මෙසේ භාග්‍යවතුන් වහන්සේ පර්යාප්ති ධර්‍මයත් නව ලෝකෝත්තර ධර්‍මයත් ඇසුරු කොට බුද්ධාධිෂ්ඨාන සත්‍යය වදාරා දැන් යමෙක් ඒ පර්යාප්ති ධර්‍මය ඇසුවාහු ද ඇසූ ධර්‍මය අනුසාරයෙන් පිළිපැද නව ප්‍රකාර වූ ද ලෝකෝත්තර ධර්‍මය අවබෝධ කළාහු ද ඔවුන්ගේ අනුපාදිශේෂ නිර්‍වාණයට පැමිණීමේ ගුණය ඇසුරු කොට නැවත සංඝාධිෂ්ඨාන සත්‍යය “ඛීණං පුරාණං” යයි දේශනා කිරීමට පටන් ගත්හ. එහි “ඛීණං” යනු සිඳින ලද; ‘පුරාණං’ යනු පැරණි වූ; ‘නවං’ යනු දැනට පවතින; ‘නත්‍ථි සම්භවං’ යනු හටගැනීමක් නොමැති; “විරත්ත චින්තා” යනු පහවූ රාග සිත් ඇත්තෝ; ‘ආයතිකෙ භවස්මිං’ යනු අනාගත සංසාරයෙහි නැවත ඉපදීමෛහි; ‘තෙ’ යනු යමෙකුගේ පුරාණ කර්‍ම ක්‍ෂය වූයේ වේ ද වර්තමාන කාලික කර්‍ම හට ගැනීමක් නැත්තේ වේ ද යමෙක් අනාගත භවයෙහි නොඇලුණු සිත් ඇත්තෝ වෙත් ද ඒ ක්ෂීණාශ්‍රව භික්ෂූහු, ‘ඛීණඛීජා’ යනු සිඳින ලද බීජ ඇත්තාහු; ‘අවිරුළ්හිච්ඡන්දා’ යනු නැවත ඉපදීමෙහි කැමැත්තෙන් තොර වූවාහු; ‘නිබ්බන්ති’ යනු නිරුද්ධ වෙති; ‘ධීරා’ යනු ධෛර්‍ය්‍යයෙන් යුක්ත වුවෝ; ‘යථායම්පදීපො’ යනු මේ පහන මෙන්;

කිං වුත‍්තං හොති? යං තං සත‍්තානං උප‍්පජ‍්ජිත්‍වා නිරුද‍්ධම‍්පි පුරාණං අතීතකාලිකං කම‍්මං තණ‍්හාසිනෙහස‍්ස අප‍්පහීනත‍්තා පටිසන්‍ධිආහරණසමත්‍ථතාය අඛීණංයෙව හොති, තං පුරාණං කම‍්මං යෙසං අරහත‍්තමග‍්ගෙන තණ‍්හාසිනෙහස‍්ස සොසිතත‍්තා අග‍්ගිනා දඩ‍්ඪබීජමිව ආයතිං විපාකදානාසමත්‍ථතාය ඛීණං. යඤ‍්ච නෙසං බුද‍්ධපූජාදිවසෙන ඉදානි පවත‍්තමානං කම‍්මං නවන‍්ති වුච‍්චති, තඤ‍්ච තණ‍්හාපහානෙනෙව ඡින‍්නමූලපාදපපුප‍්ඵමිව ආයතිං ඵලදානාසමත්‍ථතාය යෙසං නත්‍ථි සම‍්භවං, යෙ ච තණ‍්හාපහානෙනෙව ආයතිකෙ භවස‍්මිං විරත‍්තචිත‍්තා, තෙ ඛීණාසවා භික‍්ඛූ “කම‍්මං ඛෙත‍්තං විඤ‍්ඤාණං බීජ”න‍්ති (අ· නි· 3.77) එත්‍ථ වුත‍්තස‍්ස පටිසන්‍ධිවිඤ‍්ඤාණස‍්ස කම‍්මක‍්ඛයෙනෙව ඛීණත‍්තා ඛීණබීජා. යොපි පුබ‍්බෙ පුනබ‍්භවසඞ‍්ඛාතාය විරූළ‍්හියා ඡන්‍දො අහොසි. තස‍්සපි සමුදයප‍්පහානෙනෙව පහීනත‍්තා පුබ‍්බෙ විය චුතිකාලෙ අසම‍්භවෙන අවිරූළ‍්හිඡන්‍දා ධිතිසම‍්පන‍්නත‍්තා ධීරා චරිමවිඤ‍්ඤාණනිරොධෙන යථායං පදීපො නිබ‍්බුතො, එවං නිබ‍්බන‍්ති, පුන “රූපිනො වා අරූපිනො වා”ති එවමාදිං පඤ‍්ඤත‍්තිපථං අච‍්චෙන‍්තීති. තස‍්මිං කිර සමයෙ නගරදෙවතානං පූජනත්‍ථාය ජාලිතෙසු පදීපෙසු එකො පදීපො විජ‍්ඣායි, තං දස‍්සෙන‍්තො ආහ “යථායං පදීපො”ති.

කුමක් දේශනා කරන ලද්දේ වේද? සත්ත්වයන් ඉපිද නිරුද්ධ වූයේ නමුදු ඔවුන්ගේ පැරණි අතීතකාලික යම් කර්‍මයක් වේ ද එය තණ්හා සෙනෙහස ප්‍රවීණ නොවූ නිසා ප්‍රතිසන්ධිය ගෙන දීමට සමර්ථ බැවින් ක්‍ෂය නොවූයේම වෙයි. අර්හත් මාර්ගයෙන් යමෙකුගේ තණ්හා සෙනෙහස වියලවන ලද බැවින් ඒ පුරාණ කර්මය ගින්නෙන් දැවුණු බීජයක් මෙන් මත්තෙහි විපාක දීමට අසමත් බැවින් ක්ෂීණ වූයේ වෙයි. ඔවුන්ගේ යම් බුද්ධ පූජා ආදී වශයෙන් දැන් පවත්නා කර්‍මයක් ‘නවං’ යයි කියනු ලැබේද එය ද තණ්හාව ප්‍රහාණය කිරීමත් සමගම සිඳින ලද මුල් ඇති ගසක මල් මෙන් මත්තෙහි ඵල ගෙන දීමෙහි අසමත් බැවින් යමෙකුට නැවත හට ගැනීමක් නැත්තේ ද යමෙක් තණ්හා ප්‍රහාණයත් සමගම මතු භවයෙහි නොඇලුණු සිත් ඇත්තෝ වෙත් ද ඒ ක්‍ෂීණාශ්‍රව භික්ෂූහු “කම්මං ඛෙත්තං විඤ්ඤාණං බීජං” (කර්‍මය කෙතයි, විඥානය බීජයයි) යනුවෙන් මෙහි දේශනා කරන ලද ප්‍රතිසන්ධි විඥානය කර්‍මය ක්‍ෂයවීමත් සමඟම ක්‍ෂය වූ බැවින් “ඛීණඛීජා” වෙති. පෙර පුනර්භව සඞ්ඛ්‍යාත වර්ධනයෙහි යම් කැමැත්තක් වූයේ ද එයද සමුදය ප්‍රහාණය සමගම ප්‍රහීණ වූ බැවින් පෙර මෙන් වු කාලයෙහි හට නොගැනීමෙන් මතු භවයෙහි නොවැඩුණු කැමැත්ත ඇත්තේ වේ. ධෛර්‍ය්‍ය සම්පන්න බැවින් ‘ධීරා’ වේ. යම්සේ මේ පහන නිවුණේ ද එසේම අවසන් විඥානය නිරුද්ධ වීමෙන් නිවෙති. නැවත රූපී වූවෝ හෝ අරූප වූවෝ හෝ යන මේ ආදී පැණවීම් ඉක්මවා යති යනුයි. එකල්හි නගර දේවතාවන්ට පූජා පිණිස දල්වන ලද පහන් අතුරෙන් එක් පහනක් නිවුණේය. එය දක්වමින් “යථායම්පදීපො” යයි වදාළහ.

එවං භගවා යෙ තං පුරිමාහි ද‍්වීහි ගාථාහි වුත‍්තං පරියත‍්තිධම‍්මං අස‍්සොසුං, සුතානුසාරෙන ච පටිපජ‍්ජිත්‍වා නවප‍්පකාරම‍්පි ලොකුත‍්තරධම‍්මං අධිගමිංසු, තෙසං අනුපාදිසෙසනිබ‍්බානපත‍්තිගුණං වත්‍වා ඉදානි තමෙව ගුණං නිස‍්සාය සඞ‍්ඝාධිට‍්ඨානං සච‍්චවචනං පයුඤ‍්ජන‍්තො දෙසනං සමාපෙසි “ඉදම‍්පි සඞ‍්ඝෙ”ති. තස‍්සත්‍ථො පුබ‍්බෙ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බො. කෙවලං පන ඉදම‍්පි යථාවුත‍්තෙන පකාරෙන ඛීණාසවභික‍්ඛූනං නිබ‍්බානසඞ‍්ඛාතං සඞ‍්ඝෙ රතනං පණීතන‍්ති එවං යොජෙතබ‍්බං. ඉමිස‍්සාපි ගාථාය ආණා කොටිසතසහස‍්සචක‍්කවාළෙසු අමනුස‍්සෙහි පටිග‍්ගහිතාති.

මෙසේ භාග්‍යවතුන් වහන්සේ යමෙක් පෙර ගාථා දෙකෙන් ප්‍රකාශිත ඒ පර්‍ය්‍යප්ති ධර්‍මය ඇසුවාහුද අසන ලද ආකාරයෙන්ම පිළිපැද නවප්‍රකාර වූ ද ලෝකෝත්තර ධර්‍මය අවබෝධ කළාහුද උන්වහන්සේලාගේ අනුපාදිශේෂ නිර්‍වාණප්‍රාප්ති ගුණය දේශනා කොට දැන් එම ගුණයම ඇසුරු කොට සංඝාධිෂ්ඨාන සත්‍ය වචනය යොදන්නාහු. “ඉදම්පි සංඝෙ” යයි දේශනාව නිමා කළ සේක. එහි අර්‍ථය පෙර කී අයුරින්ම දත යුතුය. හුදෙක් වනාහී කියන ලද ආකාරයට ක්‍ෂීණාශ්‍රව භික්ෂූන්ගේ නිර්‍වාණ සඞ්ඛ්‍යාත “ඉදම්පි සංඝෙ රතනං පණීතං” මේ රත්නභාවය ද සංඝයා කෙරෙහි උතුම් වේ යයි මෙසේ පද පිළිවෙල යෙදිය යුතුය. මේ ගාථාවන්ගේ ද අණ කෙළ ලක්‍ෂයක් සක්වළ අමනුෂ්‍යයන් විසින් පිළිගන්නා ලදී.

දෙසනාපරියොසානෙ රාජකුලස‍්ස සොත්‍ථි අහොසි, සබ‍්බූපද‍්දවා වූපසමිංසු, චතුරාසීතියා පාණසහස‍්සානං ධම‍්මාභිසමයො අහොසි.

දේශනාව කෙළවර රාජකුළයට යහපත විය. සියලු උපද්‍රවයෝ සංසිඳුණාහ. අසූහාර දහසක් ප්‍රාණීන්ට ධර්‍මාවබෝධය විය.