යංකිඤ්චීතිගාථාවණ්ණනා අට්ඨකථා
යංකිඤ්චීතිගාථාවණ්ණනා
යංකිඤ්චීතිගාථාවණ්ණනා
එවං දෙවතාසු මනුස්සානං උපකාරකභාවං දස්සෙත්වා තෙසං උපද්දවවූපසමනත්ථං බුද්ධාදිගුණප්පකාසනෙන ච දෙවමනුස්සානං ධම්මස්සවනත්ථං “යංකිඤ්චි විත්ත”න්තිආදිනා නයෙන සච්චවචනං පයුඤ්ජිතුමාරද්ධො. තත්ථ යංකිඤ්චීති අනියමිතවසෙන අනවසෙසං පරියාදියති යංකිඤ්චි තත්ථ තත්ථ වොහාරූපගං. විත්තන්ති ධනං. තඤ්හි විත්තිං ජනෙතීති විත්තං. ඉධ වාති මනුස්සලොකං නිද්දිසති. හුරං වාති තතො පරං අවසෙසලොකං, තෙන ච ඨපෙත්වා මනුස්සෙ සබ්බලොකග්ගහණෙ පත්තෙ “සග්ගෙසු වා”ති පරතො වුත්තත්තා ඨපෙත්වා මනුස්සෙ ච සග්ගෙ ච අවසෙසානං නාගසුපණ්ණාදීනං ගහණං වෙදිතබ්බං.
මෙසේ දෙවියන් කෙරෙහි මිනිසුන්ගේ උපකාරක බව දක්වා ඔවුන්ගේ උවදුරු සංසිඳවීම සඳහා ද බුද්ධාදී ගුණ ප්‍රකාශ කිරීමෙන් දෙව් මිනිසුන්ට ධර්ම ශ්‍රවණය සඳහා ද “යං කිඤ්චි විත්තං” ආදී වශයෙන් සත්‍ය වචනය ප්‍රයෝග කිරීම ඇරඹූහ. එහි “යං කිඤ්චි” යනු අනියමිත වශයෙන් ඉතිරියක් නැතිව සියල්ල හාත්පසින් ගනී; ඒ ඒ තන්හි ව්‍යවහාරයට ගිය යම්කිසි “විත්තං” යනු ධනය; එහි වනාහී සතුට උපදවානුයි = විත්තං වේ. “ඉධ වා” යන්නෙන් මනුෂ්‍ය ලෝකය දක්වා “හුරං වා” යනු එයින් අන්‍ය වූ අවශේෂ ලෝකයයි. එයින් මිනිසුන් හැර සියලු ලෝකය ගැනීම පැමිණි කල්හි “සග්ගෙසු වා” යයි වෙනම කී බැවින් මිනිසුන්ද ස්වර්ගය ද හැර සෙසු නාගසුපර්ණ ආදීන්ගේ ගැනීම දත යුතුය.
එවං ඉමෙහි ද්වීහි පදෙහි යං මනුස්සානං වොහාරූපගං අලඞ්කාරපරිභොගූපගඤ්ච ජාතරූපරජතමුත්තාමණිවෙළුරියපවාළලොහිතඞ්කමසාරගල්ලාදිකං, යඤ්ච මුත්තාමණිවාලුකත්ථතාය භූමියා රතනමයවිමානෙසු අනෙකයොජනසතවිත්ථතෙසු භවනෙසු උප්පන්නානං නාගසුපණ්ණාදීනං විත්තං, තං නිද්දිට්ඨං හොති. සග්ගෙසු වාති කාමාවචරරූපාවචරදෙවලොකෙසු. තෙ හි සොභනෙන කම්මෙන අජීයන්තීති සග්ගා. සුට්ඨු අග්ගාතිපි සග්ගා. යන්ති යං සසාමිකං වා අසාමිකං වා. රතනන්ති රතිං නයති වහති ජනයති වඩ්ඪෙතීති රතනං. යංකිඤ්චි චිත්තීකතං මහග්ඝං අතුලං දුල්ලභදස්සනං අනොමසත්තපරිභොගඤ්ච, තස්සෙතං අධිවචනං. යථාහ –
මෙසේ මේ පද දෙකෙන් මිනිසුන් අතර ව්‍යවහාරයට පත් යම් අලඞ්කාරද පරිභෝගයට පත් රන්, රිදී, මුතු, මැණික්, වෙරළු, පබළු, පත්මරාග, මැසිරිගල් ආදියක් වේ ද නැතහොත් මුතුමැණික් වැලි අතුරූ භූමියෙහි රත්නමය විමානයන්හි නොයෙක් යොදුන් සිය ගණන් පළල් වු විමානයන්හි උපන් නාග සුපර්ණාදීන්ගේ යම් ධනයක් වේ ද එය දැක්වූයේ වෙයි. “සග්ගෙසුවා” යනු කාමාවචර රූපාවචර දේව ලෝකයන්හි; ඔවුන් විසින් ශෝභන වූ (කුශල) කර්මයෙන් ඉරියව් පවත්වනු ලැබේ, යනු ලැබේනුයි “සග්ග” නම් වේ. යහපත් හෝ අග්‍ර වූයේ ද “සග්ග” වේ. “යං” යනු ස සස්වාමික වූ හෝ අසස්වාමික වූ යම්; “රතනං” යනු ඇල්ම හෙවත් රතිය ගෙන යයි. උසුලයි, උපදවයි, වඩයිනුයි = “රතන” වේ. ගෞරව කළ ඉතා වටිනා, අසමාන දුර්ලභ දර්ශන ඇති, උසස් සත්ත්වයන් පරිභෝග කරන යම් කිසිවක් වේ නම් එයට මෙය නමකි. යම්සේ කීවේද,
“චිත්තීකතං මහග්ඝඤ්ච, අතුලං දුල්ලභදස්සනං; අනොමසත්තපරිභොගං, රතනං තෙන වුච්චතී”ති.
“ගෞරව කළ ඉතා වටිනා අනිකකට සමාන නොවන නිතර දැකිය නොහැකි, උසස් පුද්ගලයන් පරිහරණය කරන යමක් වේ ද එයට එහෙයින් රතන යයි කියනු ලැබේ” යනුයි.
පණීතන්ති උත්තමං සෙට්ඨං අතප්පකං. එවං ඉමිනා ගාථාපදෙන යං සග්ගෙසු අනෙකයොජනසතප්පමාණසබ්බරතනමයවිමානසුධම්මවෙජයන්තප්පභුතීසු සසාමිකං, යඤ්ච බුද්ධුප්පාදවිරහෙන අපායමෙව පරිපූරෙන්තෙසු සත්තෙසු සුඤ්ඤවිමානප්පටිබද්ධං අසාමිකං, යං වා පනඤ්ඤම්පි පථවිමහාසමුද්දහිමවන්තාදිනිස්සිතමසාමිකං රතනං, තං නිද්දිට්ඨං හොති.
“පණීතං” යනු උතුම්, ශ්‍රේෂ්ඨ, අල්ප නොවූ; මෙසේ මේ ගාථා පදයෙන් ස්වර්ගයෙහි සුධර්ම, වෛජයන්ත, ආදී කොට ඇති නොයෙක් යොදුන් සිය ගණන් පමණ වූ සියල්ල රත්නයෙන් කළ විමානයන්හි ස සස්වාමික වූ ද, බුද්ධෝත්පාදයෙන් තොර කාලයෙහි සත්ත්වයන්ගෙන් අපායම පිරෙන කල්හි ශුන්‍ය විමානයන් හා සම්බන්ධ වූ අස්වාමික වූ ද, නැතහොත් පොළොව, මහා සමුද්‍රය, හිමාලය ආදිය ඇසුරු කොට ඇති අස්වාමික යම් රත්නයක් වේ ද එය දැක්වූයේ වෙයි.
න නො සමං අත්ථි තථාගතෙනාති න-ඉති පටිසෙධෙ. නො-ඉති අවධාරණෙ. සමන්ති තුල්යං. අත්ථීති විජ්ජති. තථාගතෙනාති බුද්ධෙන. කිං වුත්තං හොති? යං එතං විත්තඤ්ච රතනඤ්ච පකාසිතං, එත්ථ එකම්පි බුද්ධරතනෙන සදිසං රතනං නෙවත්ථි. යම්පි හි තං චිත්තීකතට්ඨෙන රතනං, සෙය්යථිදං – රඤ්ඤො චක්කවත්තිස්ස චක්කරතනං මණිරතනඤ්ච, යම්හි උප්පන්නෙ මහාජනො න අඤ්ඤත්ථ චිත්තීකාරං කරොති, න කොචි පුප්ඵගන්ධාදීනි ගහෙත්වා යක්ඛට්ඨානං වා භූතට්ඨානං වා ගච්ඡති, සබ්බොපි ජනො චක්කරතනමණිරතනමෙව චිත්තීකාරං කරොති පූජෙති, තං තං වරං පත්ථෙති, පත්ථිතපත්ථිතඤ්චස්ස එකච්චං සමිජ්ඣති, තම්පි රතනං බුද්ධරතනෙන සමං නත්ථි. යදි හි චිත්තීකතට්ඨෙන රතනං, තථාගතොව රතනං. තථාගතෙ හි උප්පන්නෙ යෙ කෙචි මහෙසක්ඛා දෙවමනුස්සා න තෙ අඤ්ඤත්ර චිත්තීකාරං කරොන්ති, න කඤ්චි අඤ්ඤං පූජෙන්ති. තථා හි බ්රහ්මා සහම්පති සිනෙරුමත්තෙන රතනදාමෙන තථාගතං පූජෙසි, යථාබලඤ්ච අඤ්ඤෙ දෙවා මනුස්සා ච බිම්බිසාරකොසලරාජඅනාථපිණ්ඩිකාදයො. පරිනිබ්බුතම්පි භගවන්තං උද්දිස්ස ඡන්නවුතිකොටිධනං විස්සජ්ජෙත්වා අසොකමහාරාජා සකලජම්බුදීපෙ චතුරාසීති විහාරසහස්සානි පතිට්ඨාපෙසි, කො පන වාදො අඤ්ඤෙසං චිත්තීකාරානං. අපිච කස්සඤ්ඤස්ස පරිනිබ්බුතස්සාපි ජාතිබොධිධම්මචක්කප්පවත්තනපරිනිබ්බානට්ඨානානි පටිමාචෙතියාදීනි වා උද්දිස්ස එවං චිත්තීකාරගරුකාරො පවත්තති යථා භගවතො. එවංචිත්තීකතට්ඨෙනාපි තථාගතසමං රතනං නත්ථි.
“න නො සමං අත්ථි තථාගතෙන” යන්නෙහි “න” යනු වැළැක්වීමෙහියි; “නො” යනු අවධාරණයෙහියි; “සමං” යනු සමාන: “අත්ථි” යනු පවතියි; “තථාගතෙන” යනු බුදුන් වහන්සේ හා (සමාන); කුමක් දේශනා කරන ලද්දේ වේද? යම් මේ ධනයක් ද රත්නයක් ද ප්‍රකාශ කරන ලද්දේ ද මෙහි බුද්ධ රත්නය හා සමාන එකකුදු රත්නයක් නැත්තේමය. ඒ යමක් වනාහී ගෞරව කළ හෙයින් රත්නයක් වේද? ඒ කවරේද යත්? චක්‍රවර්ති රජුගේ චක්‍ර රත්නය හා මණි රත්නය ද වේ. යම් රත්නයක් පහළ වූ කල්හි මහජනයා වෙනත් තැනකට ගෞරව නොකරයි ද? කිසිවෙක් මල් සුවඳ ආදිය ගෙන යකුන් (අරක්ගත්) තැනකට හෝ භූතයන් (අරක්ගත්) තැනකට හෝ නොයයිද සියලුම ජනයා ඒ චක්‍රරත්නයට හා මණිරත්නයටම ගෞරව කරයි ද, පූජා කරයි ද, ඒ ඒ වර ප්‍රාර්ථනා කරයිද ඔවුන්ගේ පතන පතන ලද වරයන් අතුරින් සමහරක් සමෘද්ධ වෙයි ද ඒ චක්‍රරත්නය හා මනි රත්නය ද බුද්ධ රත්නය හා සම නොවේ. යම් හෙයකින් වනාහී ගෞරව කළ අර්ථයෙන් රත්නයක් වේ ද එහිදී තථාගතයන් වහන්සේම රත්නය වේ. තථාගතයන් වහන්සේ උපන් කල්හි වනාහී සමහර මහේශාක්‍ය දෙවියෝ සහ මනුෂ්‍යයෝ වෙනත් තැනකට ගෞරව නොකරති. කිසිම වෙනත් කෙනෙකුට පූජා නොකරති. ඒ එසේමය. සහම්පති මහා බ්‍රහ්මයා සිනේරු පර්වතය තරම් වූ රුවන් දමකින් තථාගතයන් වහන්සේ පිදීය. අනෙක් දෙවි මිනිස්සු ද බිම්බිසාර, කොසොල් රජවරු ද, අනාථපිණ්ඩිකාදීහු ද ශක්ති පමණින් පිදූහ. පිරිනිවන් පෑ භාග්‍යවතුන් වහන්සේ උදෙසා අනූහය කෝටියක් ධනය වියදම් කොට අශෝක මහරජතුමා සියලු දඹදිව අසූහාර දහසක් විහාරය පිහිටුවීය. අන්‍යයන්ගේ ගෞරව කිරීම් ගැන කවර කථාද? තවද භාග්‍යවතුන් වහන්සේට මෙන් පිරිනිවන් පෑ අන් කවරෙකුගේ උපන්, බුදු වූ, දම්සක් පැවැත් වූ, පිරිනිවන් පෑ තැන් ද ප්‍රතිමා චෛත්‍යාදිය හෝ උදෙසා මෙබඳු ගෞරව කිරීම්, ගරු කිරීම් පවතීද? මෙසේ ගෞරව කිරීම් අර්ථයෙන් ද තථාගතයන් වහන්සේ සමාන රත්නයක් නැත.
තථා යම්පි තං මහග්ඝට්ඨෙන රතනං. සෙය්යථිදං – කාසිකං වත්ථං. යථාහ – “ජිණ්ණම්පි, භික්ඛවෙ, කාසිකං වත්ථං වණ්ණවන්තඤ්චෙව හොති සුඛසම්ඵස්සඤ්ච මහග්ඝඤ්චා”ති (අ· නි· 3.100), තම්පි බුද්ධරතනෙන සමං නත්ථි. යදි හි මහග්ඝට්ඨෙන රතනං, තථාගතොව රතනං. තථාගතො හි යෙසං පංසුකම්පි පටිග්ගණ්හාති, තෙසං තං මහප්ඵලං හොති මහානිසංසං සෙය්යථාපි අසොකරඤ්ඤො, ඉදමස්ස මහග්ඝතාය. එවං මහග්ඝතාවචනෙන චෙත්ථ දොසාභාවසාධකං ඉදං සුත්තපදං වෙදිතබ්බං –
එසේම කසීරට වස්ත්‍රයක් මෙන් යමක් ඉතා වටිනා අර්ථයෙන් රත්නයක් වේද? යම් සේ වදාළේද? “මහණෙනි, දිරාගිය ද කසී සළුව වර්ණවත් ද සැප ස්පර්ශ ඇත්තේ ද ඉතා වටිනා ද වේ” යනුවෙනි. එය ද බුද්ධ රත්නය හා සම නොවේ. ඉදින් ඉතා වටිනා අර්ථයෙන් රත්නයක් වේ ද තථාගතයන් වහන්සේම රත්නය වේ. තථාගතයන් වහන්සේ වනාහී යමෙකුගේ පාංශුකූල වස්ත්‍රයක් වුව ද පිළිගනිත්ද ඔවුන්ට එය මහත් ඵල ද මහානිසංස ද වේ. අශෝක රජුට මෙය මහාර්ඝතාවය සඳහා හේතූ වූවාක් මෙනි. මෙසේ “මහග්ඝතා” වචනයෙහි මෙහි දොස් රහිත බවට සාධක වශයෙන් මේ සුත්‍ර පදය දත යුතුය.
“යෙසං ඛො පන සො පටිග්ගණ්හාති චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං, තෙසං තං මහප්ඵලං හොති මහානිසංසං. ඉදමස්ස මහග්ඝතාය වදාමි. සෙය්යථාපි තං, භික්ඛවෙ, කාසිකං වත්ථං මහග්ඝං, තථූපමාහං, භික්ඛවෙ, ඉමං පුග්ගලං වදාමී”ති (අ· නි· 3.100).
“යම් කෙනෙකුන්ගේ චීවර -පෙ පරිෂ්කාර පිළිගනී ද, ඔවුනට එය මහත්ඵල වෙයි. මහත් අනුසස් ඇතියේ වෙයි. මෙය ඔහුගේ මාහැඟි බැව්හිලා වදාරමි. මහණෙනි, යම් පරිදි ඒ කසීවත මාහැඟි වේද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැයි වදාරමි” යනුයි.
එවං මහග්ඝට්ඨෙනපි තථාගතසමං රතනං නත්ථි.
මෙසේ මාහැඟි අරුතින් ද තථාගතයන් වහන්සේ සමාන රත්නයක් නොමැත.
තථා යම්පි තං අතුලට්ඨෙන රතනං. සෙය්යථිදං – රඤ්ඤො චක්කවත්තිස්ස චක්කරතනං උප්පජ්ජති ඉන්දනීලමණිමයනාභි සත්තරතනමයසහස්සාරං පවාළමයනෙමි රත්තසුවණ්ණමයසන්ධි, යස්ස දසන්නං දසන්නං අරානමුපරි එකං මුණ්ඩාරං හොති වාතං ගහෙත්වා සද්දකරණත්ථං, යෙන කතො සද්දො සුකුසලප්පතාළිතපඤ්චඞ්ගිකතූරියසද්දො විය හොති, යස්ස නාභියා උභොසු පස්සෙසු ද්වෙ සීහමුඛානි හොන්ති, අබ්භන්තරං සකටචක්කස්සෙව සුසිරං. තස්ස කත්තා වා කාරෙතා වා නත්ථි, කම්මපච්චයෙන උතුතො සමුට්ඨාති. යං රාජා දසවිධං චක්කවත්තිවත්තං පූරෙත්වා තදහුපොසථෙ පුණ්ණමදිවසෙ සීසංන්හාතො උපොසථිකො උපරිපාසාදවරගතො සීලානි සොධෙන්තො නිසින්නො පුණ්ණචන්දං විය සූරියං විය ච උට්ඨෙන්තං පස්සති, යස්ස ද්වාදසයොජනතො සද්දො සුය්යති, යොජනතො වණ්ණො දිස්සති, යං මහාජනෙන “දුතියො මඤ්ඤෙ චන්දො සූරියො වා උට්ඨිතො”ති අතිවිය කොතූහලජාතෙන දිස්සමානං නගරස්ස උපරි ආගන්ත්වා රඤ්ඤො අන්තෙපුරස්ස පාචීනපස්සෙ නාතිඋච්චං නාතිනීචං හුත්වා මහාජනස්ස ගන්ධපුප්ඵාදීහි පූජෙතුං, යුත්තට්ඨානෙ අක්ඛාහතං විය තිට්ඨති.
එසේම යම් ඒ අසමාන අර්ථයෙන් රත්නයක් වේද? ඒ කවරේද යත්? සක්විති රජුට ඉඳුනිල්මිණි නාභියක් හා සත් රුවන්මය අර දහසක් ඇති පබළුමය නිම්වළලු ඇති රත් රනින් කළ සන්ධි ඇති, එසේ යමකගේ දහයක් දහයක් අරයන් මත වාතය රැගෙන ශබ්ද කරනු සඳහා එක් මුදුන් අරයක් වේද යමක් විසින් කළ ශබ්දය ඉතාමත් දක්ෂ වාදකයකු වාදනය කළ පසඟතුරු නාදයක් මෙන් වේද යමකගේ නාභියෙහි දෙපැත්තෙහි සිංහ මුහුණු වේද රිය සකෙහි මෙන් ඇතුළත සිදුරු සහිත වේද එහි කරන්නෙක් හෝ කරවන්නෙක් නැත්තේද කර්මය හේතු කොට ගෙන සෘතු වශයෙන් හට ගනීද රජ යම් දස වැදෑරුම් සක්විති වත් පුරා ඒ පසළොස්වක් පුන් පොහෝ දින හිස සෝදා නෑවේ පෙහෙවස් දරන්නෙක් වූයේ උතුම් පහයේ මතු මහලට ගියේ සිල් පිරිසිදු කරමින් හුන්නේ පුන් සඳ මෙන් ද හිරු මෙන් ද නැගෙන (චක්‍ර රත්නය) දකී ද යමකගේ හඬ දොළොස් යොදුනක සිට අසනු ලැබේද යොදුනක සිට වර්ණය පෙනේද සඳ හෝ හිරු නැගී සිටියේ යයි ඉතාමත් කුතුහලයට පත් මහජනයා විසින් යමක් අද්විතීය යයි හඟීද සියල්ලන්ට පෙනෙමින් නගරය මතින් පැමිණ රජුගේ ඇතුල් පුරයට පෙරදිගින් වඩා උස් පහත් නොවී මහජනයාට සුවඳ මල් ආදියෙන් පූජා කිරීමට සුදුසු ස්ථානයක අකුර ගැසූ කලක මෙන් සිටීද එබඳ චක්‍ර රත්නයක් සක්විති රජුට පහළ වේ.
තදෙව අනුබන්ධමානං හත්ථිරතනං උප්පජ්ජති, සබ්බසෙතො රත්තපාදො සත්තප්පතිට්ඨො ඉද්ධිමා වෙහාසඞ්ගමො උපොසථකුලා වා ඡද්දන්තකුලා වා ආගච්ඡති, උපොසථකුලා ච ආගච්ඡන්තො සබ්බජෙට්ඨො ආගච්ඡති, ඡද්දන්තකුලා සබ්බකනිට්ඨො සික්ඛිතසික්ඛො දමථූපෙතො, සො ද්වාදසයොජනං පරිසං ගහෙත්වා සකලජම්බුදීපං අනුසංයායිත්වා පුරෙපාතරාසමෙව සකං රාජධානිං ආගච්ඡති.
ඒ චක්‍ර රත්නයම අනුව යමින් හස්ති රත්නයක් පහළ වේ. හෙතෙම සියල්ල සුදු වූයේ රතු වූ පා ඇත්තේ සත් තැනක පොළොවෙහි පිහිටියේ සෘද්ධිමත් වූයේ අහසින් ගමන් කරන්නේ උපෝසථ කුලයෙන් හෝ ඡද්දන්ත කුලයෙන් හෝ පැමිණේ. උපොසථ කුලයෙන් එන්නේ වනාහී සියල්ලන්ගේ වැඩිමලා පැමිණේ. ඡද්දන්ත කුලයෙන් සියලු ඇතුන්ට බාල වූ හික්මුණු ශික්ෂා ඇති දමනයෙන් යුක්ත වූ ඇතා පැමිණේ. හෙතෙම දොළොස් යොදුනක පැතිර සිටි පිරිස රැගෙන සියලු දඹදිව සංචාරය කොට උදේ ආහාරයට පෙරම සිය රාජධානියට පැමිණේ.
තම්පි අනුබන්ධමානං අස්සරතනං උප්පජ්ජති, සබ්බසෙතො රත්තපාදො කාළසීසො මුඤ්ජකෙසො වලාහකස්සරාජකුලා ආගච්ඡති. සෙසමෙත්ථ හත්ථිරතනසදිසමෙව.
ඔහු අනුව යමින් අශ්ව රත්නය පහළ වේ. හෙතෙම සියල්ල සුදු වූයේ රතු පා ඇත්තේ කළුවන් හිස ඇත්තේ, මෘදු තණ බඳු කෙස් ඇත්තේ වලාහක අශ්ව රාජකුලයෙන් පැමිණෙයි. මෙහි ඉතිරිය හස්ති රත්නය හා සමානය.
තම්පි අනුබන්ධමානං මණිරතනං උප්පජ්ජති. සො හොති මණි වෙළුරියො සුභො ජාතිමා අට්ඨංසො සුපරිකම්මකතො ආයාමතො චක්කනාභිසදිසො, වෙපුල්ලපබ්බතා ආගච්ඡති. සො චතුරඞ්ගසමන්නාගතෙපි අන්ධකාරෙ රඤ්ඤො ධජග්ගං ගතො යොජනං ඔභාසෙති, යස්සොභාසෙන මනුස්සා “දිවා”ති මඤ්ඤමානා කම්මන්තෙ පයොජෙන්ති, අන්තමසො කුන්ථකිපිල්ලිකං උපාදාය පස්සන්ති.
ඒ අශ්ව රත්නය අනුව යමින් මාණික්‍ය රත්නය පහළ වේ. ඒ මැණික වෙරළුමිණි වේ. යහපත්ය. ජාති සම්පන්නය. පැති අටක් ඇත්තේය. මැනවින් කළ පිරියම් ඇත්තේය. දිගින් රියසකක නැබ හා සමානය. වේපුල්ල පර්වතයෙන් පැමිණේ. එය අඞ්ග හතරක් සම්පූර්ණ වූ (අමාවක, මැදියම, වර්ෂාව, වනය) අන්ධකාරයේ ද රජුගේ ධජය අගට ගියේ යම් ආලෝකයකින් මිනිස්සු දිවා කාලය යයි හඟිමින් කර්මාන්තයෙහි යෙදෙත්ද යටත් පිරිසෙන් කුරු කුහුඹුවන් පවා දකිත්ද යොදුනක් ප්‍රදේශය එබඳු ආලෝකයකින් ආලෝකවත් කරයි.
තම්පි අනුබන්ධමානං ඉත්ථිරතනං උප්පජ්ජති, පකතිඅග්ගමහෙසී වා හොති, උත්තරකුරුතො වා ආගච්ඡති මද්දරාජකුලතො වා, අතිදීඝතාදිඡදොසවිවජ්ජිතා අතික්කන්තා මානුසවණ්ණං අප්පත්තා දිබ්බවණ්ණං, යස්සා රඤ්ඤො සීතකාලෙ උණ්හානි ගත්තානි හොන්ති, උණ්හකාලෙ සීතානි, සතධා ඵොටිත තූලපිචුනො විය සම්ඵස්සො හොති, කායතො චන්දනගන්ධො වායති, මුඛතො උප්පලගන්ධො, පුබ්බුට්ඨායිනිතාදිඅනෙකගුණසමන්නාගතා ච හොති.
ඒ මාණික්‍ය රත්නය ද අනුව යමින් ස්ත්‍රී රත්නය පහළ වේ. ස්වභාවික අග මෙහෙසිය හෝ වෙයි. උතුරුකුරු දිවයිනෙන් හෝ මැද්ද රාජ කුලයෙන් හෝ පැමිණේ. ඕ තොමෝ අති දීර්ඝ ආදී දෝෂ හයකින් තොර වූවා, මනුෂ්‍ය වර්ණය ඉක්මවා ගිය එහෙත් දිව්‍ය වරණයට නොපැමිණි නැතැත්තියක් වෙති. රජුට ශීත කාලයෙහි යම් මෙහෙසියකගේ ශරීරය උණුසුම් වේද උෂ්ණ කාලයෙහි ශීතල වේද සියවරක් පෙලූ පුළුන් රොදක් මෙන් පහස වේද ශරීරයෙන් සඳුන් සුවඳ හමයිද මුවින් උපුල් සුවඳ හමයි ද කලින් නැගිටීම ආදී නොයෙක් ගුණයෙන් යුක්ත වූවා වේද (එබඳු වූ ස්ත්‍රී රත්නයක් වේ).
තම්පි අනුබන්ධමානං ගහපතිරතනං උප්පජ්ජති රඤ්ඤො පකතිකම්මකාරො සෙට්ඨි, යස්ස චක්කරතනෙ උප්පන්නමත්තෙ දිබ්බං චක්ඛු පාතුභවති, යෙන සමන්තතො යොජනමත්තෙ නිධිං පස්සති අසාමිකම්පි සසාමිකම්පි, සො රාජානං උපසඞ්කමිත්වා පවාරෙති “අප්පොස්සුක්කො ත්වං, දෙව, හොහි, අහං තෙ ධනෙන ධනකරණීයං කරිස්සාමී”ති.
එම ස්ත්‍රී රත්නය අනුව යමින් රජුගේ ස්වාභාවික කාර්ය්යයන් කරන සිටුවරයා ගෘහපති රත්නය බවට පත්වේ. චක්‍රරත්නය පහළ වූ මොහොතෙහි යම් නුවණකින් යුත් තැනැත්තේ යොදුනක් පමණ ප්‍රදේශයෙහි සස්වාමික වූ ද අස්වාමික වූ ද නිධාන දකීද එබඳු දිවැසක් ඔහුට පහළ වේ. ඔහු රජු වෙත එළඹ “දේවයන් වහන්ස, නුඹ වහන්සේ මඳ උත්සාහ ඇත්තාහු වනු මැනව. මම නුඹ වහන්සේට ධනයෙන් කළ යුතු කාර්යයන් කරන්නෙමි”යි ඒ නිධාන පවරයි.
තම්පි අනුබන්ධමානං පරිණායකරතනං උප්පජ්ජති රඤ්ඤො පකතිජෙට්ඨපුත්තො. චක්කරතනෙ උප්පන්නමත්තෙ අතිරෙකපඤ්ඤාවෙය්යත්තියෙන සමන්නාගතො හොති, ද්වාදසයොජනාය පරිසාය චෙතසා චිත්තං පරිජානිත්වා නිග්ගහපග්ගහසමත්ථො හොති, සො රාජානං උපසඞ්කමිත්වා පවාරෙති “අප්පොස්සුක්කො ත්වං, දෙව, හොහි, අහං තෙ රජ්ජං අනුසාසිස්සාමී”ති.
ඔහුද අනුව යමින් පරිනායක රත්නය උපදී. ඒ රජුගේ ස්වභාවික ජ්‍යෙෂ්ඨ පුත්‍රයාය. චක්‍ර රත්නය පහළ වූ මොහොතෙහි හෙතෙම අතිරේක ප්‍රඥාවෙන් හා ව්‍යක්ත භාවයෙන් යුක්ත වූයේ වෙයි. දොළොස් යොදුන් ප්‍රදේශයේ පිරිසගේ සිත තම සිතින් මැනවින් දැන නිග්‍රහ, සංග්‍රහ කිරීමෙහි සමතෙක් වෙයි. ඔහු රජු වෙත එළඹ “දේවයන් වහන්ස, නුඹ වහන්සේ මඳ උත්සාහය ඇත්තාහු වනු මැනවි. මම නුඹ වහන්සේගේ රාජ්‍යය අනුශාසනය කරන්නෙමිය”යි පවරයි යනුයි.
යං වා පනඤ්ඤම්පි එවරූපං අතුලට්ඨෙන රතනං, යස්ස න සක්කා තුලයිත්වා තීරයිත්වා අග්ඝො කාතුං “සතං වා සහස්සං වා අග්ඝති කොටිං වා”ති. තත්ථ එකරතනම්පි බුද්ධරතනෙන සමං නත්ථි. යදි හි අතුලට්ඨෙන රතනං, තථාගතොව රතනං. තථාගතො හි න සක්කා සීලතො වා සමාධිතො වා පඤ්ඤාදීනං වා අඤ්ඤතරතො කෙනචි තුලයිත්වා තීරයිත්වා “එත්තකගුණො වා ඉමිනා සමො වා සප්පටිභාගො වා”ති පරිච්ඡින්දිතුං. එවං අතුලට්ඨෙනපි තථාගතසමං රතනං නත්ථි.
යමක් තුලනය කොට තීරණය කොට ලක්ෂයක් වටී කියා හෝ කෝටියක් වටී කියා හෝ අගය කළ නොහැකි වෙනත් මෙබඳු වූ අසමානාර්ථයෙන් රත්න වූ යමක් වේද ඒ එක් රත්නය කුදු බුද්ධ රත්නය හා සමාන නොවේ. ඉදින් වනාහී අසමානාර්ථයෙන් රත්නයක් වේද එහිදී තථාගතයන් වහන්සේම රත්නය වේ. තථාගතයන් වහන්සේ වනාහී ශීලයෙන් හෝ සමාධියෙන් හෝ ප්‍රඥාවෙන් හෝ වෙනත් යමකින් හෝ තුලනය කොට තීරණය කොට මෙපමණ ගුණ ඇත්තේ කියා හෝ මොහුට සමානයි කියා හෝ සමානව පෙනේ යයි කියා හෝ වෙන් කර දැක්වීමට නොහැකිය. මෙසේ අතුල්යාර්ථයෙන් ද තථාගතයන් වහන්සේට සමාන රත්නයක් නැත.
තථා යම්පි තං දුල්ලභදස්සනට්ඨෙන රතනං, සෙය්යථිදං දුල්ලභපාතුභාවො රාජා චක්කවත්ති, චක්කාදීනි ච තස්ස රතනානි, තම්පි බුද්ධරතනෙන සමං නත්ථි. යදි හි දුල්ලභදස්සනට්ඨෙන රතනං, තථාගතොව රතනං, කුතො චක්කවත්තිආදීනං රතනත්තං. තානි හි එකස්මිංයෙව කප්පෙ අනෙකානි උප්පජ්ජන්ති. යස්මා පන අසඞ්ඛ්යෙය්යෙපි කප්පෙ තථාගතසුඤ්ඤො ලොකො හොති, තස්මා තථාගතොව කදාචි කරහචි උප්පජ්ජනතො දුල්ලභදස්සනො. වුත්තම්පි චෙතං භගවතා පරිනිබ්බානසමයෙ –
එසේම දුර්ලභ වශයෙන් පහළ වන හෙයින් චක්‍රවර්ති රජ ඔහුගේ චක්‍ර රත්නය ආදී රත්නයන් මෙන් යමක් දුර්ලභ දර්ශනාර්ථයෙන් රත්න වේද එය ද බුද්ධ රත්නය හා සම නොවේ. ඉදින් දුර්ලභ දර්ශන ඇති බැවින් යමක් රත්නයක් වේද තථාගතයන් වහන්සේම රත්නය වේ. යම් රත්නයන් එකම කල්පයක අනේකව (එකකට වැඩියෙන්) උපදිත් ද එහිදී චක්‍රවර්ති ආදීන්ගේ රත්න භාවයක් කොයින්ද? යම් හෙයකින් අසඞ්ඛ්‍ය කල්පයෙහිද තථාගතයන් වහන්සේගෙන් ලෝකය හිස් වේ ද එහෙයින් තථාගතයන් වහන්සේම කිසියම් කාලයක උපදින හෙයින් දුර්ලභ දර්ශන ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ විසින් පරිනිර්වාණ සමයෙහි :-
“දෙවතා, ආනන්ද, උජ්ඣායන්ති ‘දූරා ච වතම්හ ආගතා තථාගතං දස්සනාය, කදාචි කරහචි තථාගතා ලොකෙ උප්පජ්ජන්ති අරහන්තො සම්මාසම්බුද්ධා, අජ්ජෙව රත්තියා පච්ඡිමෙ යාමෙ තථාගතස්ස පරිනිබ්බානං භවිස්සති, අයඤ්ච මහෙසක්ඛො භික්ඛු භගවතො පුරතො ඨිතො ඔවාරෙන්තො, න මයං ලභාම පච්ඡිමෙ කාලෙ තථාගතං දස්සනායා’”ති (දී· නි· 2.200).
“ආනන්දය, අපි වූ කලී තථාගතයන් වහන්සේ දැකීමට දුර සිට ආවෝ වෙමු. අර්හත් සම්මා සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේලා කිසි කලෙකින්ම (බොහෝ කල් ඉක්ම) ලොව පහළ වෙත්. අද රෑ අළුයම් වේලෙහි තථාගතයන් වහන්සේගේ පිරිනිවීම වන්නේය. මේ මහ තෙදැති මහණ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි (උන්වහන්සේ) මුවා කරමින් සිටියේ වෙයි. (එහෙයින්) අපි (මේ) අවසාන කාලයෙහි තථාගතයන් වහන්සේ දැකීමට නොලබමු”යි (දීඝ නිකාය - පරිනිබ්බාන සූත්‍රය) යන මෙය වදාරන ලදී.
එවං දුල්ලභදස්සනට්ඨෙනාපි තථාගතසමං රතනං නත්ථි.
මෙසේ දුර්ලභ දර්ශනාදියෙන්ද තථාගතයන් වහන්සේ සමාන රත්නයක් නොමැත.
තථා යම්පි තං අනොමසත්තපරිභොගට්ඨෙන රතනං. සෙය්යථිදං – රඤ්ඤො චක්කවත්තිස්ස චක්කරතනාදි තඤ්හි කොටිසතසහස්සධනානම්පි සත්තභූමිකපාසාදවරතලෙ වසන්තානම්පි චණ්ඩාලවෙනනෙසාදරථකාරපුක්කුසාදීනං නීචකුලිකානං ඔමකපුරිසානං සුපිනන්තෙපි පරිභොගත්ථාය න නිබ්බත්තති. උභතො සුජාතස්ස පන රඤ්ඤො ඛත්තියස්සෙව පරිපූරිතදසවිධචක්කවත්තිවත්තස්ස පරිභොගත්ථාය නිබ්බත්තනතො අනොමසත්තපරිභොගංයෙව හොති, තම්පි බුද්ධරතනසමං නත්ථි. යදි හි අනොමසත්තපරිභොගට්ඨෙන රතනං, තථාගතොව රතනං. තථාගතො හි ලොකෙ ඔමකසත්තසම්මතානං අනුපනිස්සයසම්පන්නානං විපරීතදස්සනානං පූරණකස්සපාදීනං ඡන්නං සත්ථාරානං අඤ්ඤෙසඤ්ච එවරූපානං සුපිනන්තෙපි අපරිභොගො. උපනිස්සයසම්පන්නානං පන චතුප්පදායපි ගාථාය පරියොසානෙ අරහත්තමධිගන්තුං සමත්ථානං නිබ්බෙධිකඤාණදස්සනානං බාහියදාරුචීරියප්පභුතීනං අඤ්ඤෙසඤ්ච මහාකුලප්පසුතානං මහාසාවකානං පරිභොගො, තෙ හි තං දස්සනානුත්තරියසවනානුත්තරියපාරිචරියානුත්තරියාදීනි සාධෙන්තා තථාගතං පරිභුඤ්ජන්ති. එවං අනොමසත්තපරිභොගට්ඨෙනාපි තථාගතසමං රතනං නත්ථි.
එසේම චක්‍රවර්ති රජුගේ චක්‍ර රත්නාදිය මෙන් යම් රත්නයක් උසස් සත්ත්වයන් විසින් පරිභෝගාර්ථයෙන් රත්න වේද? ඒ චක්රරත්නාදිය වනාහී කෝටි ලක්ෂයක් ධනය ඇත්තාවූද උතුම් සත් මහල් ප්‍රාසාදයෙහි වසන්නා වූ ද සැඩොල්, කුලුපොතු, වැදි, වඩු, කසල ශෝධක ආදී පහත් කුලයන්ට අයත් පහත් පුරුෂයන්ට සිහිනෙන් පවා පරිභෝගය සඳහා නූපදියි. මව්පිය දෙපසින් සුජාත වූ පුරන ලද දස සක්විති වත් ඇති ක්ෂත්රීය රජෙකුටම පරිභෝගය සඳහා උපදින හෙයින් උත්තම සත්ත්ව පරිභෝගම වෙයි. එයද බුද්ධ රත්නය හා සම නොවේ. ඉදින් අනෝම සත්ත්ව පරිභෝගාර්ථයෙන් යමක් රත්න වේද තථාගතයන් වහන්සේම රත්නය වේ. තථාගතයන් වහන්සේ වනාහී ලෝකයෙහි උතුම් සත්ත්වයෝ යයි සම්මත වූද උපනිඃශ්‍රය (හේතු) සම්පත්තියෙන් තොර වූ ද විපරීත දර්ශන ඇති පූරණ කාශ්‍යපාදී ෂට් ශාස්තෲන්ට ද එබඳු වූ අනෙක් අයටද සිහිනෙන් පවා පරිභෝග කළ නොහැකිය. සිව්පද ගාථාවක අවසානයෙහි රහත් ඵලය අවබෝධ කර ගැනීමට සමත් නිර්වේධික ඥාන දර්ශනයෙන් (තියුණු නුවණින්) යුත් බාහිය දාරු චිරිය ආදි කොට ඇත්තා වූ ද අනෙකුත් මහා කුලයන්ට අයත් වූ ද හේතු සම්පත් ඇති මහා ශ්‍රාවකයන්ට පරිභෝග කළ හැකිය. ඔවුහු දස්සනානුත්තරිය (අනුත්තර වූ දර්ශනය) සවණානුත්තරිය (අනුත්තර වූ ශ්‍රවණය) පරිචරියානුත්තරිය (අනුන්තර වූ සේවය කිරීම) ආදිය සදමින් උන්වහන්සේ එසේ එසේ පරිභෝග කරති. මෙසේ උත්තම සත්ත්ව පරිභොගාර්ථයෙන් ද තථාගතයන් වහන්සේ සමාන රත්නයක් නැත.
යම්පි තං අවිසෙසතො රතිජනනට්ඨෙන රතනං. සෙය්යථිදං – රඤ්ඤො චක්කවත්තිස්ස චක්කරතනං. තඤ්හි දිස්වාව රාජා චක්කවත්ති අත්තමනො හොති, එවම්පි තං රඤ්ඤො රතිං ජනෙති. පුන චපරං රාජා චක්කවත්ති වාමෙන හත්ථෙන සුවණ්ණභිඞ්කාරං ගහෙත්වා දක්ඛිණෙන හත්ථෙන චක්කරතනං අබ්භුක්කිරති “පවත්තතු භවං චක්කරතනං, අභිවිජිනාතු භවං චක්කරතන”න්ති. තතො චක්කරතනං පඤ්චඞ්ගිකං විය තූරියං මධුරස්සරං නිච්ඡරන්තං ආකාසෙන පුරත්ථිමං දිසං ගච්ඡති, අන්වදෙව රාජා, චක්කවත්ති චක්කානුභාවෙන ද්වාදසයොජනවිත්ථිණ්ණාය චතුරඞ්ගිනියා සෙනාය නාතිඋච්චං නාතිනීචං උච්චරුක්ඛානං හෙට්ඨාභාගෙන, නීචරුක්ඛානං උපරිභාගෙන, රුක්ඛෙසු පුප්ඵඵලපල්ලවාදිපණ්ණාකාරං ගහෙත්වා ආගතානං හත්ථතො පණ්ණාකාරඤ්ච ගණ්හන්තො “එහි ඛො, මහාරාජා”ති එවමාදිනා පරමනිපච්චකාරෙන ආගතෙ පටිරාජානො “පාණො න හන්තබ්බො”තිආදිනා නයෙන අනුසාසන්තො ගච්ඡති. යත්ථ පන රාජා භුඤ්ජිතුකාමො වා දිවාසෙය්‍යං වා කප්පෙතුකාමො හොති, තත්ථ චක්කරතනං ආකාසා ඔරොහිත්වා උදකාදිසබ්බකිච්චක්ඛමෙ සමෙ භූමිභාගෙ අක්ඛාහතං විය තිට්ඨති. පුන රඤ්ඤො ගමනචිත්තෙ උප්පන්නෙ පුරිමනයෙනෙව සද්දං කරොන්තං ගච්ඡති, තං සුත්වා ද්වාදසයොජනිකාපි පරිසා ආකාසෙන ගච්ඡති. චක්කරතනං අනුපුබ්බෙන පුරත්ථිමං සමුද්දං අජ්ඣොගාහති, තස්මිං අජ්ඣොගාහන්තෙ උදකං යොජනප්පමාණං අපගන්ත්වා භිත්තීකතං විය තිට්ඨති. මහාජනො යථාකාමං සත්ත රතනානි ගණ්හාති. පුන රාජා සුවණ්ණභිඞ්කාරං ගහෙත්වා “ඉතො පට්ඨාය මම රජ්ජ”න්ති උදකෙන අබ්භුක්කිරිත්වා නිවත්තති. සෙනා පුරතො හොති, චක්කරතනං පච්ඡතො, රාජා මජ්ඣෙ. චක්කරතනෙන ඔසක්කිතොසක්කිතට්ඨානං උදකං පරිපූරති. එතෙනෙව උපායෙන දක්ඛිණපච්ඡිමුත්තරෙපි සමුද්දෙ ගච්ඡති.
චක්‍රවර්ති රජුගේ චක්‍රරත්නය මෙන් අවිශේෂයෙන් රතිය (ඇල්ම) ඉපදවීම් අර්ථයෙන් යමක් රත්නයක් වේද ඒ චක්‍රරත්නය දැකීමෙන් රජ සතුටු සිත් ඇත්තේ වේ. එසේද එය රජුට ඇල්ම උපදවයි. නැවතද සක්විති රජ වමතින් රන් කෙණ්ඩිය ගෙන “පින්වත් චක්‍රරත්නය පෙරළේවා, පින්වත් චක්‍රරත්නය (සතර මහ දිවයින්) ජය ගනීවා”යි කියා දකුණතින් දිය ඉසියි. ඉක්බිති චක්‍රරත්නය පසඟතුරු නද මෙන් මිහිරි හඬ නිකුත් කරමින් අහසින් පෙර දිගට යයි. සක්විති රජද චක්රානුභාවයෙන් දොළොස් යොදුනක් පැතුරුණු චතුරංගනී සේනාව සමඟ නොඋස්ව නොපහත්ව උස් ගස්වලට යටින් ද මිටි ගස් වලට උඩින් ද ගස්වල මල් ගෙඩි කොළ ආදි පඬුරු රැගෙන පැමිණි අයගේ අතින් පඬුරු ද ගනිමින් “මහරජ වඩිනු මැනවැ”යි මේ ආදී වශයෙන් ඉහළ ගෞරවාදරයෙන් පැමිණි විරුද්ධ රජවරුන්ට “ප්‍රාණය නොනැසිය යුතුය”යි ආදී ක්‍රමයට අනුශාසනා කරමින් ඒ චක්‍රරත්නය අනුව යයි. යම් තැනක රජතුමා අනුභව කරනු කැමැත්තේ ද දිවා සැතපීම කරනු කැමැත්තේ ද එහි චක්‍ර රත්නය අහසින් බැස ජලය ආදී සියලු කෘත්‍ය කිරීමට සුදුසු සම භූමි භාගයක අකුර ගැසුවාක් මෙන් සිටී. නැවත රජුට පිටත් වීමට සිත් උපන් කල්හි යම් ශබ්දයක් අසා දොළොස් ප්‍රදේශයට අයත් පිරිස අහසින් යයි ද පෙර පරිදිම හඬ නගමින් යයි. චක්‍ර රත්නය පිළිවෙලින් පෙරදිග මුහුදට බැස ගනියි. එහි බැස ගන්නා කල්හි යොදුනක් පමණ ප්‍රදේශයේ ජලය ඉවත් වී බිත්තියක් බැන්ඳාක් මෙන් සිටී. මහජනයා කැමති පරිදි සත් රුවන් ගනියි. නැවත රජතුමා කෙණ්ඩිය ගෙන “මෙතැන් පටන් මාගේ රාජ්‍යය” යයි ජලය ඉස නවතී. සේනාව පෙරටුව වේ. චක්‍ර රත්නය පසු පසින් වේ. රජතුමා මැදය. චක්‍ර රත්නය ඉවත් වූ ඉවත් වූ තැන් ජලයෙන් පිරේ. මේ ක්‍රමයට දකුණු, බටහිර, උතුරු මුහුදට යයි.
එවං චතුද්දිසං අනුසංයායිත්වා චක්කරතනං තියොජනප්පමාණං ආකාසං ආරොහති. තත්ථ ඨිතො රාජා චක්කරතනානුභාවෙන විජිතවිජයො පඤ්චසතපරිත්තදීපපටිමණ්ඩිතං සත්තයොජනසහස්සපරිමණ්ඩලං පුබ්බවිදෙහං, තථා අට්ඨයොජනසහස්සපරිමණ්ඩලං උත්තරකුරුං, සත්තයොජනසහස්සපරිමණ්ඩලංයෙව අපරගොයානං, දසයොජනසහස්සපරිමණ්ඩලං ජම්බුදීපඤ්චාති එවං චතුමහාදීපද්විසහස්සපරිත්තදීපපටිමණ්ඩිතං එකං චක්කවාළං සුඵුල්ලපුණ්ඩරීකවනං විය ඔලොකෙති. එවං ඔලොකයතො චස්ස අනප්පකා රති උප්පජ්ජති. එවම්පි තං චක්කරතනං රඤ්ඤො රතිං ජනෙති, තම්පි බුද්ධරතනසමං නත්ථි. යදි හි රතිජනනට්ඨෙන රතනං, තථාගතොව රතනං, කිං කරිස්සති එතං චක්කරතනං? තථාගතො හි යස්සා දිබ්බාය රතියා චක්කරතනාදීහි සබ්බෙහිපි ජනිතා චක්කවත්තිරති සඞ්ඛම්පි කලම්පි කලභාගම්පි න උපෙති, තතොපි රතිතො උත්තරිතරඤ්ච පණීතතරඤ්ච අත්තනො ඔවාදප්පටිකරානං අසඞ්ඛ්යෙය්යානම්පි දෙවමනුස්සානං පඨමජ්ඣානරතිං දුතියතතියචතුත්ථපඤ්චමජ්ඣානරතිං, ආකාසානඤ්චායතනරතිං, විඤ්ඤාණඤ්චායතනආකිඤ්චඤ්ඤායතනනෙවසඤ්ඤානාසඤ්ඤායතනරතිං, සොතාපත්තිමග්ගරතිං, සොතාපත්තිඵලරතිං, සකදාගාමිඅනාගාමිඅරහත්තමග්ගඵලරතිඤ්ච ජනෙති. එවං රතිජනනට්ඨෙනාපි තථාගතසමං රතනං නත්ථීති.
මෙසේ සිව් දිග සංචාරය කොට චක්‍ර රත්නය තුන් යොදුන් පමණ වූ අහසට පැන නගී. එහි සිටි රජතුමා චක්රරත්නයේ ආනුභාවයෙන් පන්සීයක් කුඩා දිවයින්වලින් හොබනා වූ හත් දහසක් යොදුන් වට වූ පූර්ව විදේහ රාජ්‍යය ද එසේම අට දහසක් යොදුන් වට වූ උතුරුකුරු රාජ්‍යය ද සත් දහසක් යොදුනින් වටවූ අපගෝයාන රාජ්‍යය ද දස දහසක් යොදුන් වට වූ ජම්බුද්වීප රාජ්‍යය ද වශයෙන් මෙසේ සතර මහා ද්වීපයන්ගෙන් හා දෙදහසක් කුඩා දිවයින්වලින් සමන්විත වූ සක්වළ මනා ලෙස පිපුණු සුදු නෙළුම් වනයක් මෙන් බලයි. මෙසේ බලන්නේ ඔහුට අනල්ප ඇල්මක් උපදී. මෙසේ ද ඒ චක්‍ර රත්නය රජුට ඇල්ම උපදවයි. එයද බුද්ධ රත්නයට සම නැත. ඉදින් ඇල්ම ඉපදවීම් අර්ථයෙන් රත්නයක් වේද තථාගතයන් වහන්සේම රත්නය වේ. මේ චක්‍ර රත්නය කුමක් කරන්නේද? තථාගතයන් වහන්සේ වනාහි යම් දිව්‍යමය රතියකින් යුක්ත වේද චක්රරත්නදී සියලු රත්නයන්ගෙන් හටගත් චක්‍රවර්ති රතිය එයින් භාගයක් හෝ දහසයෙන් පංගුවක් හෝ එයින් භාගයක් හෝ නොවටී. තමන් වහන්සේගේ අවවාදය අනුව ක්‍රියා කරන අසඞ්ඛ්‍ය වූ දෙවි මිනිසුන්ට ඉහත කී රතියට වඩා උත්තරීතර වූ ද ප්‍රණීතතර වූ ද ප්රථමධ්යන රතිය, දුතිය ධ්‍යාන රතිය, තෘතිය ධ්‍යන රතිය, චතුර්ථ ධ්‍යාන රතිය, පඤ්චමධ්‍යාන රතිය, ආකාසානඤ්චායතන රතිය, විඤ්ඤාණඤ්චායතන රතිය, ආකිඤ්චඤ්ඤායතන රතිය, නෙවසඤ්ඤා නාසඤ්ඤායතන රතිය, සෝතාපත්ති මාර්ග රතිය, සෝතාපත්ති ඵල රතිය, සකදාගාමී, අනාගාමි, අරහත, මාර්ගඵල රතිය ද උපදවයි. මෙසේ රතිය ඉපදවීම් අර්ථයෙන් ද තථාගතයන් වහන්සේ සමාන රත්නයක් නැත යනුයි.
අපිච රතනං නාමෙතං දුවිධං හොති සවිඤ්ඤාණකමවිඤ්ඤාණකඤ්ච. තත්ථ අවිඤ්ඤාණකං චක්කරතනං මණිරතනඤ්ච, යං වා පනඤ්ඤම්පි අනින්ද්රියබද්ධසුවණ්ණරජතාදි, සවිඤ්ඤාණකං හත්ථිරතනාදිපරිණායකරතනපරියොසානං, යං වා පනඤ්ඤම්පි එවරූපං ඉන්ද්රියබද්ධං. එවං දුවිධෙ චෙත්ථ සවිඤ්ඤාණකරතනං අග්ගමක්ඛායති. කස්මා? යස්මා අවිඤ්ඤාණකං සුවණ්ණරජතමණිමුත්තාදිරතනං සවිඤ්ඤාණකානං හත්ථිරතනාදීනං අලඞ්කාරත්ථාය උපනීයති.
තවද රතන නම් වූ මෙය සවිඥානක අවිඥානක වශයෙන් දෙආකාර වේ. එහි චක්‍රරත්නය, මාණික්‍ය රත්නය හෝ යම් වෙනත් ඉන්ද්රිය බද්ධ නොවූ රන් රිදී ආදියක් වේ නම් එය අවිඥානක වේ. හස්ති රත්තය ආදී කොට ඇති පරිනායක රත්නය අවසන් කොට ඇති රත්නයෝ හෝ වෙනත් මෙබඳු වූ ඉන්ද්රිය බද්ධ රත්නයෝ වෙත් නම් ඒවා සවිඥානක වෙති. මෙසේ දෙ ආකාර වූ මේ රත්නයක් අතුරෙන් සවිඥානක රත්නය අග්‍ර යයි කියනු ලැබේ. කුමක් හෙයින්ද? අවිඥානක රන්, රිදී, මැණික්, මුතු ආදී රත්නයෝ සවිඥානක හස්ති රත්නාදියගේ අලඞ්කාරය සඳහා එළවන හෙයිනි.
සවිඤ්ඤාණකරතනම්පි දුවිධං තිරච්ඡානගතරතනං, මනුස්සරතනඤ්ච. තත්ථ මනුස්සරතනං අග්ගමක්ඛායති. කස්මා? යස්මා තිරච්ඡානගතරතනං මනුස්සරතනස්ස ඔපවය්හං හොති. මනුස්සරතනම්පි දුවිධං ඉත්ථිරතනං, පුරිසරතනඤ්ච. තත්ථ පුරිසරතනං අග්ගමක්ඛායති. කස්මා? යස්මා ඉත්ථිරතනං පුරිසරතනස්ස පරිචාරිකත්තං ආපජ්ජති. පුරිසරතනම්පි දුවිධං අගාරිකරතනං, අනගාරිකරතනඤ්ච. තත්ථ අනගාරිකරතනං අග්ගමක්ඛායති. කස්මා? යස්මා අගාරිකරතනෙසු අග්ගො චක්කවත්තිපි සීලාදිගුණයුත්තං අනගාරිකරතනං පඤ්චපතිට්ඨිතෙන වන්දිත්වා උපට්ඨහිත්වා පයිරුපාසිත්වා දිබ්බමානුසිකා සම්පත්තියො පාපුණිත්වා අන්තෙ නිබ්බානසම්පත්තිං පාපුණාති.
සවිඥානක රත්නයෝ ද තිරච්ඡානගත (තිරිසන්) රත්න, මනුෂ්‍ය රත්න වශයෙන් දෙආකාර වෙති. එහි මනුෂ්‍ය රත්න අග්‍ර යයි කියනු ලැබේ. කුමක් හෙයින්ද? තිරච්ඡානගත රත්නය මනුෂ්‍ය රත්නයට නැගී යාමට සුදුසුවන හෙයිනි. මනුෂ්‍ය රත්නය ද ස්ත්‍රී රත්න, පුරුෂ රත්න වශයෙන් දෙආකාර වේ. එහි පුරුෂ රත්නය අග්‍ර යයි කියනු ලැබේ. කුමක් හෙයින්ද? ස්ත්‍රී රත්නය, පුරුෂ රත්නයෙහි සේවිකා බවට පත්වන හෙයිනි. පුරුෂ රත්නය ද අගාරික රත්න, අනගාරික රන්න වශයෙන් දෙආකාර වේ. එහි අනගාරික රත්න අග්‍ර යයි කියනු ලැබේ. කුමක් හෙයින්ද? අගාරික රත්නයන් අතර ශ්‍රේෂ්ඨ වූ සක්විති රජතුමා පවා ශීලාදී ගුණයෙන් යුත් අනගාරික රත්නයට පසඟ පිහිටුවා වැඳ උපස්ථාන කොට ඇසුරු කොට දෙව් මිනිස් සැපතට පැමිණ කෙළවර නිවන් සැපතට ද පැමිණෙන හෙයිනි.
එවං අනගාරිකරතනම්පි දුවිධං අරියපුථුජ්ජනවසෙන. අරියරතනම්පි දුවිධං සෙඛාසෙඛවසෙන. අසෙඛරතනම්පි දුවිධං සුක්ඛවිපස්සකසමථයානිකවසෙන. සමථයානිකරතනම්පි දුවිධං සාවකපාරමිප්පත්තමප්පත්තඤ්ච. තත්ථ සාවකපාරමිප්පත්තං අග්ගමක්ඛායති. කස්මා? ගුණමහන්තතාය. සාවකපාරමිප්පත්තරතනතොපි පච්චෙකබුද්ධරතනං අග්ගමක්ඛායති. කස්මා? ගුණමහන්තතාය. සාරිපුත්තමොග්ගල්ලානසදිසාපි හි අනෙකසතා සාවකා එකස්ස පච්චෙකබුද්ධස්ස ගුණානං සතභාගම්පි න උපෙන්ති. පච්චෙකබුද්ධරතනතොපි සම්මාසම්බුද්ධරතනං අග්ගමක්ඛායති. කස්මා? ගුණමහන්තතාය. සකලම්පි හි ජම්බුදීපං පූරෙත්වා පල්ලඞ්කෙන පල්ලඞ්කං ඝටෙන්තා නිසින්නා පච්චෙකබුද්ධා එකස්ස සම්මාසම්බුද්ධස්ස ගුණානං නෙව සඞ්ඛං න කලං න කලභාගං උපෙන්ති. වුත්තඤ්හෙතං භගවතා – “යාවතා, භික්ඛවෙ, සත්තා අපදා වා…පෙ… තථාගතො තෙසං අග්ගමක්ඛායතී”තිආදි (අ· නි· 4.34; 5.32; ඉතිවු· 90). එවං කෙනචි පරියායෙන තථාගතසමං රතනං නත්ථි. තෙනාහ භගවා – “න නො සමං අත්ථි තථාගතෙනා”ති.
මෙසේ අනගාරික රත්නය ද ආර්‍ය්‍ය, පෘථග්ජන වශයෙන් දෙ ආකාර වේ. ආර්‍ය්‍ය රත්නය ද සේඛ, අසේඛ වශයෙන් දෙ ආකාර වේ. අසේඛ රත්නය ද ශුෂ්ක විදර්ශක, සමථයානික වශයෙන් දෙ ආකාර වේ. සමථයානික රත්නය ද ශ්‍රාවක පාරමී භාවයට පැමිණි, නොපැමිණි වශයෙන් දෙ ආකාර වේ. එහි ශ්‍රාවක පාරමී භාවයට පැමිණි තැනැත්තාම අග්‍ර යයි කියනු ලැබේ. කුමක් හෙයින්ද? ගුණ මහත්වය නිසාය. ශ්‍රාවක පාරමී භාවයට පත් රත්නයන් අතුරින් පච්චේක බුද්ධ රත්නය අග්‍ර යයි කියනු ලැබේ. කුමක් හෙයින්ද? ගුණ මහත්වය නිසාය. සැරියුත් මුගලන් මහ රහතුන් සමාන නොයෙක් සිය ගණන් ශ්‍රාවකයෝ ද එක් පසේ බුදුවරයෙකුගේ ගුණයන්ගේ සියයෙන් කොටසකට වත් නොඑළඹෙත්. පච්චේක බුද්ධ රත්නයට ද වඩා සම්මා සම්බුද්ධ රත්නය අග්‍ර යයි කියනු ලැබේ. කුමක් හෙයින්ද? ගුණ මහත්වය නිසාය. සියලු දඹදිව අසුනින් අසුන ගටමින් වැඩහුන් පසේ බුදුවරු එක් සම්මා සම්බුදුවරයෙකුගේ ගුණයට සම නොවෙති. ගුණයෙන් දහසයෙන් පංගුවකට හෝ ඉන් භාගයකට හෝ නොඑළඹෙති. භාග්‍යවතුන් වහන්සේ විසින් “මහණෙනි, යම් පමණ පා නැති හෝ - පෙ - සත්ත්වයෝ වෙත් ද තථාගතයන් වහන්සේ ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබෙත්” ආදී මෙය වදාරන ලද්දේමය. මෙසේ කිසිම ආකාරයකින් තථාගතයන් වහන්සේ හා සමාන රත්නයක් නොමැත. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ “තථාගතයන් වහන්සේට සමාන රත්නයක් නැතැ”යි වදාළහ.
එවං භගවා බුද්ධරතනස්ස අඤ්ඤෙහි රතනෙහි අසමතං වත්වා ඉදානි තෙසං සත්තානං උප්පන්නඋපද්දවවූපසමත්ථං නෙව ජාතිං න ගොත්තං න කොලපුත්තියං න වණ්ණපොක්ඛරතාදිං නිස්සාය, අපිච ඛො අවීචිමුපාදාය භවග්ගපරියන්තෙ ලොකෙ සීලසමාධික්ඛන්ධාදීහි ගුණෙහි බුද්ධරතනස්ස අසදිසභාවං නිස්සාය සච්චවචනං පයුඤ්ජති “ඉදම්පි බුද්ධෙ රතනං පණීතං, එතෙන සච්චෙන සුවත්ථි හොතූ”ති.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ අන්‍ය රත්නයන්ට වඩා බුද්ධ රත්නයෙහි ඇති අසමාන බව දේශනා කොට දැන් ඒ සත්ත්වයන්ට උපන් උපද්‍රව සංසිඳවීම සඳහා ජාතිය නිසා හෝ ගෝත්‍රය නිසා හෝ කුලපුත්‍ර භාවය නිසා හෝ වර්ණ හා සුන්දරත්වය නිසා හෝ නොව තවද අවීචියේ පටන් භවාග්‍රය කෙළවර කොට ඇති ලෝකයෙහි ශීල සමාධි ස්කන්ධාදී ගුණයන්ගෙන් බුද්ධ රත්නයෙහි අසමාන බව ඇසුරු කොට සත්‍ය වචනය “ඉදම්පි බුද්ධෙ රතනං පණීතං එතෙන සච්චෙන සුවත්ථි හොතු” යයි යොදති.
තස්සත්ථො – ඉදම්පි ඉධ වා හුරං වා සග්ගෙසු වා යංකිඤ්චි අත්ථි විත්තං වා රතනං වා, තෙන සද්ධිං තෙහි තෙහි ගුණෙහි අසමත්තා බුද්ධෙ රතනං පණීතං. යදි හි එතං සච්චං, අථ එතෙන සච්චෙන ඉමෙසං පාණීනං සුවත්ථි හොතු, සොභනානං අත්ථිතා හොතු අරොගතා නිරුපද්දවතාති. එත්ථ ච යථා “චක්ඛු ඛො, ආනන්ද, සුඤ්ඤං අත්තෙන වා අත්තනියෙන වා”ති එවමාදීසු (සං· නි· 4.85) අත්තභාවෙන වා අත්තනියභාවෙන වාති අත්ථො. ඉතරථා හි චක්ඛු අත්තා වා අත්තනියං වාති අප්පටිසිද්ධමෙව සියා. එවං රතනං පණීතන්ති රතනත්තං පණීතං, රතනභාවො පණීතොති අයමත්ථො වෙදිතබ්බො. ඉතරථා හි බුද්ධො නෙව රතනන්ති සිජ්ඣෙය්ය. න හි යත්ථ රතනං අත්ථි, තං රතනන්ති න සිජ්ඣති. යත්ථ පන චිත්තීකතාදිඅත්ථසඞ්ඛාතං යෙන වා තෙන වා විධිනා සම්බන්ධගතං රතනං අත්ථි, යස්මා තං රතනත්තමුපාදාය රතනන්ති පඤ්ඤාපීයති, තස්මා තස්ස රතනස්ස අත්ථිතාය රතනන්ති සිජ්ඣති. අථ වා ඉදම්පි බුද්ධෙ රතනන්ති ඉමිනාපි පකාරෙන බුද්ධොව රතනන්ති එවමත්ථො වෙදිතබ්බො.
එහි අර්ථය: “ඉදම්පි” මෙලොව හෝ පරලොව හෝ ස්වර්ගයෙහි හෝ යම්කිසි ධනයක් හෝ රත්නයක් වේද එය සමඟ ඒ ඒ ගුණයන් කරණ කොට ගෙන අසමාන වන බැවින් “බුද්ධෙ රතනං පණීතං” බුදුරජාණන් වහන්සේ කෙරෙහි මේ රත්නභාවය ද ශ්‍රේෂ්ඨය. ඉදින් මෙය සත්‍යයක් නම් “එතෙන සච්චෙන” මේ සත්‍යයෙන් මේ ප්‍රාණීන්ට “සුවත්ථි හොතු” යහපත් දෙයෙහි ඇති බවක් වේවා, නිරෝගී බව වේවා, උපද්‍රව නැති බව වේවා” යනුයි. යම්සේ “චක්ඛුං ආනන්ද සුඤ්ඤං අත්තෙනවා අත්තනියෙන වා” (ආනන්දයෙනි, ඇස ආත්මයෙන් හෝ ආත්මය අයත් දෙයින් ශූන්‍යය) යන මේ ආදී තන්හි ආත්ම භාවයෙන් හෝ ආත්මය අයත් දෙයින් හෝ යන අර්ථය වේ ද අනෙක් අතට ඇස ආත්මය හෝ ආත්මය අයත් දෙයය යන අර්ථය ප්‍රකාශ නොකළේම වේ ද මෙහිදී ද “රතනං පණීතං” යන්නෙන් රත්නත්වය ප්‍රණීතය, රත්නභාවය ප්‍රණීතය යන මේ අර්ථය දත යුතුය. අනෙක් අතින් බුදුන් වහන්සේ වනාහී රන්තය නොවන්නේමය යන අර්ථය ලැබීමද සිදු වන්නේ ය. යම් තැනක රත්නයක් නැත්තේද එය රත්නය වේය යන අර්ථය ලැබෙයි. යම් තැනෙක්හි වනාහී ගෞරව කිරීම් ආදී අර්ථය සඞ්ඛ්‍යාත යම් ඒ විධියක් කරණ කොට ගෙන සම්බන්ධ වූ රත්නභාවයක් වේ ද යම් හෙයකින් ඒ රත්නභාවය අරමුණු කොට එය “රතන” යයි පනවනු ලැබේද එහෙයින් ඒ රත්නභාවය ඇති හෙයින් “රතන” යයි අර්ථවත් වේ. නැතහොත් “ඉදම්පි බුද්ධෙ රතනං” යනු මේ කාරණයෙන් ද බුදුන් වහන්සේ රත්නය වේ” යයි මෙසේ ද මෙහි අර්ථය දත යුතුය.
වුත්තමත්තාය ච භගවතා ඉමාය ගාථාය රාජකුලස්ස සොත්ථි ජාතා, භයං වූපසන්තං. ඉමිස්සා ගාථාය ආණා කොටිසතසහස්සචක්කවාළෙසු අමනුස්සෙහි පටිග්ගහිතාති.
භාග්‍යවතුන් වහන්සේ මේ ගාථාව දේශනා කළ පමණකින්ම රාජ කුලයට යහපත විය. බිය සංසිඳුණි. මේ ගාථාවේ අණ කෙළ ලක්ෂයක් සක්වළ අමනුෂ්‍යයන් විසින් පිළිගන්නා ලදී.