නික්ඛෙපප්පයොජනං අට්ඨකථා
නික්ඛෙපප්පයොජනං
නික්ඛෙපප්පයොජනං
ඉදානි යානීධ භූතානීතිඑවමාදිනා මඞ්ගලසුත්තානන්තරං නික්ඛිත්තස්ස රතනසුත්තස්ස අත්ථවණ්ණනාක්කමො අනුප්පත්තො. තස්ස ඉධ නික්ඛෙපප්පයොජනං වත්වා තතො පරං සුපරිසුද්ධෙන තිත්ථෙන නදිතළාකාදීසු සලිලජ්ඣොගාහණමිව සුපරිසුද්ධෙන නිදානෙන ඉමස්ස සුත්තස්ස අත්ථජ්ඣොගාහණං දස්සෙතුං –
දැන් “යානීධ භූතානි” යන මේ ආදී වශයෙන් මංගල සූත්‍රයෙන් අනතුරුව ඇතුළත් කර ඇති රතන සූත්‍රයෙහි අර්ථ වර්ණනා ක්‍රමය පැමිණියේය. එම සූත්‍රය මෙහි ඇතුළත් කිරීමේ ප්‍රයෝජනය කියා ඉන් අනතුරුව සුපිරිසිදු තොටකින් ගඞ්ගා විල් ආදියෙහි ජලයට බැස ගැනීමක් මෙන් පිරිසිදු නිදාන කථාවෙන් මෙම සූත්‍රයේ අර්ථයට බැස ගැනීම දැක්වීම සඳහා,
“යෙන වුත්තං යදා යත්ථ, යස්මා චෙතං ඉමං නයං; පකාසෙත්වාන එතස්ස, කරිස්සාමත්ථවණ්ණනං”.
මේ රතන සූත්‍රය යමෙකු විසින් යම් දිනක යම් තැනක දී යම් හෙයිකින් කියන ලද්දේ ද යන මේ පිළිවෙළ කියා මේ සූත්‍රයට අර්ථ වර්ණනාව කරන්නෙමි,
තත්ථ යස්මා මඞ්ගලසුත්තෙන අත්තරක්ඛා අකල්යාණකරණකල්යාණාකරණපච්චයානඤ්ච ආසවානං පටිඝාතො දස්සිතො, ඉමඤ්ච සුත්තං පරාරක්ඛං අමනුස්සාදිපච්චයානඤ්ච ආසවානං පටිඝාතං සාධෙති, තස්මා තදනන්තරං නික්ඛිත්තං සියාති.
එහි යම් හෙයකින් මංගල සූත්‍රයෙන් ආත්මාරක්ෂාවත්, අයහපත් දේ කිරීම හා යහපත් දේ නොකිරීමට හේතු වන උපද්‍රවයන්ගේ නැසීම දක්වන ලද්දේ ද මේ රතන සූත්‍රය ද පරාරක්ෂාවත් අමනුෂ්යාදි හේතුන්ගෙන් වන උපද්‍රවය නැසීම සිදු කෙරේ ද එහෙයින් ඒ මංගල සූත්‍රයෙන් අනතුරුව ඇතුළත් කළේ වන්නේය
ඉදං තාවස්ස ඉධ නික්ඛෙපප්පයොජනං.
යන මේ කරුණ පළමුකොට මේ සූත්‍රය මෙහි ඇතුළත් කිරීමේ ප්‍රයෝජනයයි.
වෙසාලිවත්ථු
වෙසාලිවත්ථු
ඉදානි “යෙන වුත්තං යදා යත්ථ, යස්මා චෙත”න්ති එත්ථාහ “කෙන පනෙතං සුත්තං වුත්තං, කදා කත්ථ, කස්මා ච වුත්ත”න්ති. වුච්චතෙ – ඉදඤ්හි භගවතා එව වුත්තං, න සාවකාදීහි. තඤ්ච යදා දුබ්භික්ඛාදීහි උපද්දවෙහි උපද්දුතාය වෙසාලියා ලිච්ඡවීහි රාජගහතො යාචිත්වා භගවා වෙසාලිං ආනීතො, තදා වෙසාලියං තෙසං උපද්දවානං පටිඝාතත්ථාය වුත්තන්ති. අයං තෙසං පඤ්හානං සඞ්ඛෙපවිස්සජ්ජනා. විත්ථාරතො පන වෙසාලිවත්ථුතො පභුති පොරාණෙහි වණ්ණීයති.
දැන් “යෙන යදා යත්ථ යස්මා චෙතං” යයි යමක් මෙහි කීවේද (එයට පිළිතුරු කියනු ලැබේ) කවරෙකු විසින් වනාහි මේ සූත්‍රය කියන ලද්දේ ද? කවදා, කොහිදී, කුමක් හෙයින් කියන ලද්දේ ද? මෙය වනාහී භාග්‍යවතුන් වහන්සේ විසින්ම දේශනා කරන ලදී. ශ්‍රාවකාදීන් විසින් නොවේ. එයද යම් දිනක දුර්භීක්ෂාදී උපද්‍රවයන්ගෙන් පීඩාවට පත් විශාලාවේ ලිච්ඡවීන් විසින් ආරාධනා කරනු ලැබ භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සිට විශාලා මහනුවරට වැඩම කරවන ලද්දාහු එකල්හි විශාලා නුවරදී ඔවුන්ගේ උපද්‍රව නැති කරනු සඳහා දේශනා කරන ලදී. මේ ඒ ප්රශ්නයන්ගේ කෙටියෙන් විසඳීමයි. විස්තර වශයෙන් වනාහි විශාලා වස්තුවේ සිට පෝරාණයන් විසින් වර්ණනා කරනු ලැබේ.
තත්රායං වණ්ණනා – බාරාණසිරඤ්ඤො කිර අග්ගමහෙසියා කුච්ඡිම්හි ගබ්භො සණ්ඨාසි, සා තං ඤත්වා රඤ්ඤො නිවෙදෙසි, රාජා ගබ්භපරිහාරං අදාසි. සා සම්මා පරිහරියමානගබ්භා ගබ්භපරිපාකකාලෙ විජායනඝරං පාවිසි. පුඤ්ඤවතීනං පච්චූසසමයෙ ගබ්භවුට්ඨානං හොති. සා ච තාසං අඤ්ඤතරා, තෙන පච්චූසසමයෙ අලත්තකපටලබන්ධුජීවකපුප්ඵසදිසං මංසපෙසිං විජායි. තතො “අඤ්ඤා දෙවියො සුවණ්ණබිම්බසදිසෙ පුත්තෙ විජායන්ති, අග්ගමහෙසී මංසපෙසින්ති රඤ්ඤො පුරතො මම අවණ්ණො උප්පජ්ජෙය්යා”ති චින්තෙත්වා තෙන අවණ්ණභයෙන තං මංසපෙසිං එකස්මිං භාජනෙ පක්ඛිපිත්වා අඤ්ඤතරෙන පටිකුජ්ජිත්වා රාජමුද්දිකාය ලඤ්ඡිත්වා ගඞ්ගාය සොතෙ පක්ඛිපාපෙසි. මනුස්සෙහි ඡඩ්ඩිතමත්තෙ දෙවතා ආරක්ඛං සංවිදහිංසු. සුවණ්ණපට්ටකඤ්චෙත්ථ ජාතිහිඞ්ගුලකෙන “බාරාණසිරඤ්ඤො අග්ගමහෙසියා පජා”ති ලිඛිත්වා බන්ධිංසු. තතො තං භාජනං ඌමිභයාදීහි අනුපද්දුතං ගඞ්ගාසොතෙන පායාසි.
මේ එහි වර්ණනාවයි - බරණැස රජුගේ අගමෙහෙසියගේ කුසෙහි ගැබක් පිහිටීය. ඇය එය දැන රජුට දැන්වීය. රජ ගැබ් පෙළහර දුනි. ඇය මැනවින් පරිහරණය කරන ගැබ් ඇත්තී ගැබ පිරිපුන් කල්හි සූතිකාගාරයට පිවිසියාය. පිනැත්තියන්ගේ දරුවා බිහිවීම අළුයම් කාලයෙහි වෙයි. ඇයද පිනැත්තියන්ගෙන් කෙනෙකි. එමනිසා අළුයම් වේලාවෙහි ලාකඩ වැස්මක් සහිත බදු වද මලක් බඳු මාංශ පේශියක් බිහි කළාය. ඉන්පසු “අනෙක් දේවීහු රන් පිළි රූ සමාන පුතුන් බිහි කරති. අග මෙහෙසිය බිහි කළේ මස් වැදැල්ලකැ”යි රජු ඉදිරියෙහි මා පිළිබඳව දෝෂාරෝපණ උපදින්නේ යයි සිතා ඒ දෝෂාරෝපණයන්ට බියෙන් ඒ මස් වැදැල්ල එක් භාජනයක දමා වෙනෙකකින් වසා රාජ මුද්‍රාවෙන් මුද්‍රා තබා ගඞ්ගා දියෙහි පා කර හැරියාය. මිනිසුන් මුදාහළ කෙණෙහිම දෙවියෝ ආරක්ෂාව සැපයූහ. රන් පටක රත්හිරියල්වලින් “බරණැස් රජුගේ අග මෙහෙසියගේ දරුවෝ යයි ලියා එහි බැන්දාහ. ඉක්බිති දියරැලි බිය ආදියෙන් උවදුරට පත් නොවූ ඒ භාජනය ගඟදිය පහරින් ගසාගෙන ගියේය.
තෙන ච සමයෙන අඤ්ඤතරො තාපසො ගොපාලකුලං නිස්සාය ගඞ්ගාතීරෙ විහරති. සො පාතොව ගඞ්ගං ඔතරන්තො භාජනං ආගච්ඡන්තං දිස්වා පංසුකූලසඤ්ඤාය අග්ගහෙසි. තතො තත්ථ තං අක්ඛරපට්ටකං රාජමුද්දිකාලඤ්ඡනඤ්ච දිස්වා මුඤ්චිත්වා තං මංසපෙසිං අද්දස, දිස්වානස්ස එතදහොසි “සියා ගබ්භො, තථා හිස්ස දුග්ගන්ධපූතිභාවො නත්ථී”ති. තං අස්සමං නෙත්වා සුද්ධෙ ඔකාසෙ ඨපෙසි. අථ අඩ්ඪමාසච්චයෙන ද්වෙ මංසපෙසියො අහෙසුං. තාපසො දිස්වා සාධුතරං ඨපෙසි, තතො පුන අඩ්ඪමාසච්චයෙන එකමෙකිස්සා පෙසියා හත්ථපාදසීසානමත්ථාය පඤ්ච පඤ්ච පිළකා උට්ඨහිංසු. තාපසො දිස්වා පුන සාධුතරං ඨපෙසි. අථ අඩ්ඪමාසච්චයෙන එකා මංසපෙසි සුවණ්ණබිම්බසදිසො දාරකො, එකා දාරිකා අහොසි. තෙසු තාපසස්ස පුත්තසිනෙහො උප්පජ්ජි. අඞ්ගුට්ඨකතො චස්ස ඛීරං නිබ්බත්ති. තතො පභුති ච ඛීරභත්තං ලභති, සො භත්තං භුඤ්ජිත්වා ඛීරං දාරකානං මුඛෙ ආසිඤ්චති. තෙසං යං යං උදරං පවිට්ඨං, තං සබ්බං මණිභාජනගතං විය දිස්සති. එවං ලිච්ඡවී අහෙසුං. අපරෙ පනාහු “සිබ්බෙත්වා ඨපිතා විය නෙසං අඤ්ඤමඤ්ඤං ලීනා ඡවි අහොසී”ති. එවං තෙ නිච්ඡවිතාය වා ලීනච්ඡවිතාය වා ලිච්ඡවීති පඤ්ඤායිංසු.
එකල්හි එක්තරා තාපසයෙක් ගොපලු කුලයක් ඇසුරු කොට ගං තෙර වසයි. හෙතෙම උදැසනම ගඟට බැස්සේ ඒ භාජනය ගසාගෙන එනු දැක පාංශුකූල සංඥාවෙන් හෙවත් අයිතිකරුවෙකු නැතැයි යන හැඟීමෙන් ගත්තේය. ඉක්බිති එහි අක්ෂර පත්‍රිකාවත් රාජ මුද්‍රිකා ලාඤ්ඡනයත් දැක විවෘත කොට එහි ඇති ඒ මස් වැදැල්ල දිටීය. දැක ඔහුට මෙසේ සිත් විය. “දරු ගැබක් විය යුතුය. එසේ වුවත් මෙහි දුගඳක් හෝ කුණු වූ බවක් හෝ නොමැත.” යනුවෙනි. අසපුවට ගෙන ගොස් පිරිසිදු තැනක තැබීය. ඉක්බිති අඩමසක් ඇවෑමෙන් එය මස් වැදලි දෙකක් බවට පත්විය. තාපසයා එය දැක වඩාත් හොඳින් තැන්පත් කර තැබීය. ඉක්බිති නැවත අඩ මසක් ඇවෑමෙන් එක් එක් වැදැල්ලක අත් පා හිස සඳහා බිබිලි පහ බැගින් පැන නැංගේය. ඉක්බිති තවත් අඩ මසක් ඇවෑමෙන් එක් මස් වැදැල්ලක් රන් පිළිමයක් සමාන දරුවෙක් විය. අනෙක දැරියක් වූවාය. ඔවුන් කෙරෙහි තාපසයාට දරු සෙනෙහස පහළ විය. ඔහුගේ ඇඟිල්ලෙන් කිරි එරුණි. එතැන් පටන් කිරි හා බත් ලබයි ද හෙතෙම බත් අනුභව කොට කිරි දරුවන්ට පොවයි. ඒ දරුවන්ගේ උදරයට යමක් යමක් පිවිසෙයිද ඒ සියල්ල මැණික් බඳුනක දැමූවක් සේ පෙනෙන්නේය. මෙසේ ඡවි හෙවත් උඩ සම නැත යන අර්ථයෙන් නිච්ඡවී වූහ. සමහරු මෙසේ කීහ. මසා තැබුවාක් මෙන් ඔවුනොවුන්ගේ සම අප්‍රකට විය. මෙසේ ඔවුහු සමෙන් තොර වූ නිසා හෝ අප්‍රකට සම ඇති බැවින් හෝ “ලිච්ඡවී” යයි ප්‍රකට වූහ. යනුවෙනි.
තාපසො දාරකෙ පොසෙන්තො උස්සූරෙ ගාමං පිණ්ඩාය පවිසති, අතිදිවා පටික්කමති. තස්ස තං බ්යාපාරං ඤත්වා ගොපාලකා ආහංසු, “භන්තෙ, පබ්බජිතානං දාරකපොසනං පලිබොධො, අම්හාකං දාරකෙ දෙථ, මයං පොසෙස්සාම, තුම්හෙ අත්තනො කම්මං කරොථා”ති. තාපසො “සාධූ”ති පටිස්සුණි. ගොපාලකා දුතියදිවසෙ මග්ගං සමං කත්වා පුප්ඵෙහි ඔකිරිත්වා ධජපටාකං උස්සාපෙත්වා තූරියෙහි වජ්ජමානෙහි අස්සමං ආගතා. තාපසො “මහාපුඤ්ඤා දාරකා, අප්පමාදෙන වඩ්ඪෙථ, වඩ්ඪෙත්වා ච අඤ්ඤමඤ්ඤං ආවාහවිවාහං කරොථ, පඤ්චගොරසෙන රාජානං තොසෙත්වා භූමිභාගං ගහෙත්වා නගරං මාපෙථ, තත්ථ කුමාරං අභිසිඤ්චථා”ති වත්වා දාරකෙ අදාසි. තෙ “සාධූ”ති පටිස්සුණිත්වා දාරකෙ නෙත්වා පොසෙසුං.
තාපස තෙම දරුවන් පෝෂණය කරන්නේ හිරු නැගි කල්හි ගමට පිඬු පිණිස පිවිසෙයි. දහවල බොහෝ ඉක්ම ගිය පසු ආපසු පැමිණෙයි. තවුසාගේ මේ ක්‍රියා කලාපය දැන ගොපල්ලෝ “ස්වාමීනි, පැවිද්දන්ට දරුවන් පෝෂණය කරදරයකි. දරුවන් අපට දෙනු මැනව. අපි පෝෂණය කරන්නෙමු. නුඹ වහන්සේ තමන්ගේ කාර්ය්යයන් කරනු මැනවැ”යි කීහ. තාපසයා යහපතැයි පිළිතුරු දුනි. ගොපල්ලෝ දෙවන දවස්හි මාර්ගය සමකොට මල් විසුරුවා ධජපතාක ඔසවා තූර්ය වාදනය කරන කල්හි අසපුවට පැමිණියහ. තාපස තෙමේ “දරුවෝ මහ පිනැත්තෝය. සැළකිල්ලෙන් හදා වඩා ගනිවු. එසේ කොට ඔවුනොවුන් ආවාහ විවාහ කරවු. පස්ගෝ රසයෙන් රජු සතුටු කරවා භූමි භාගයක් ලබාගෙන එහි නගරයක් නිර්මාණය කරවු. එම නගරයෙහි කුමාරයා අභිෂේක කරවු” යයි කියා දරුවන් බාරදුනි. ඔවුහු යහපතැයි පිළිතුරු දී දරුවන් ගෙන ගොස් පෝෂණය කළහ.
දාරකා වුඩ්ඪිමන්වාය කීළන්තා විවාදට්ඨානෙසු අඤ්ඤෙ ගොපාලදාරකෙ හත්ථෙනපි පාදෙනපි පහරන්ති, තෙ රොදන්ති. “කිස්ස රොදථා”ති ච මාතාපිතූහි වුත්තා “ඉමෙ නිම්මාතාපිතිකා තාපසපොසිතා අම්හෙ අතීව පහරන්තී”ති වදන්ති. තතො තෙසං මාතාපිතරො “ඉමෙ දාරකා අඤ්ඤෙ දාරකෙ විහෙඨෙන්ති දුක්ඛාපෙන්ති, න ඉමෙ සඞ්ගහෙතබ්බා, වජ්ජිතබ්බා ඉමෙ”ති ආහංසු. තතො පභුති කිර සො පදෙසො “වජ්ජී”ති වුච්චති, තියොජනසතං පරිමාණෙන. අථ තං පදෙසං ගොපාලකා රාජානං තොසෙත්වා අග්ගහෙසුං. තත්ථෙව නගරං මාපෙත්වා සොළසවස්සුද්දෙසිකං කුමාරං අභිසිඤ්චිත්වා රාජානං අකංසු. තාය චස්ස දාරිකාය සද්ධිං වාරෙය්යං කත්වා කතිකං අකංසු “න බාහිරතො දාරිකා ආනෙතබ්බා, ඉතො දාරිකා න කස්සචි දාතබ්බා”ති. තෙසං පඨමසංවාසෙන ද්වෙ දාරකා ජාතා ධීතා ච පුත්තො ච, එවං සොළසක්ඛත්තුං ද්වෙ ද්වෙ ජාතා. තතො තෙසං දාරකානං යථාක්කමං වඩ්ඪන්තානං ආරාමුය්යානනිවාසට්ඨානපරිවාරසම්පත්තිං ගහෙතුං අප්පහොන්තං තං නගරං තික්ඛත්තුං ගාවුතන්තරෙන ගාවුතන්තරෙන පාකාරෙන පරික්ඛිපිංසු, තස්ස පුනප්පුනං විසාලීකතත්තා වෙසාලීත්වෙව නාමං ජාතං. ඉදං වෙසාලිවත්ථු.
දරුවෝ වැඩි වියට පත්වීමත් සමගම ක්‍රීඩා කරන්නාහු විවාද ස්ථානයන්හි අනෙක් ගොපලු දරුවන්ට පහර දෙති. ඔවුහු හඬති. “කුමකට හඩවුදැයි මව්පියන් විසින් අසන ලද්දාහු “මේ මව්පියන් නැති, තාපසයා විසින් පෝෂණය කරන ලද දරුවෝ අපට අතිශයින් පහර දෙති”යි කියති. ඉන්පසු ඔවුන්ගේ මව්පියෝ - “මේ දරුවෝ අනෙක් දරුවන් වෙහෙසට පත් කරති. දුකට පත් කරති. මොවුන්ට සංග්‍රහ නොකළ යුතුය. මොවුන් දුරු කළ යුතුය. මොවුන් දුරු කළ යුතු යයි කීහ. එතැන් පටන් ඒ ප්‍රදේශය “වජ්ජි” යයි කියනු ලැබේ. ප්‍රමාණයෙන් යොදුන් තුන් සීයකි. ඉක්බිති ගොපල්ලෝ රජු සතුටු කොට ඒ ප්‍රදේශය ලබා ගත්හ. එහි නගරයක් නිර්මාණය කොට සොළොස් හැවිරිදි කුමාරයා අභිෂේක කොට රජ කළහ. ඔහුට ඒ දැරිය සමග විවාහ නියම කොට “පිටතින් දැරියන් නොගෙනා යුතුය. මෙහෙන් දැරියන් කිසිවෙකුට නොදිය යුතුයැයි කතිකාවක් කළහ. ඔවුන්ගේ පළමු සංවාසයෙන් දුවක හා පුතෙකු වශයෙන් දරුවෝ දෙදෙනෙක් වූහ. මෙසේ සොළොස් වතාවක්ම දෙදෙනා බැගින් ම උපන්නහ. ඉන්පසු ක්‍රමයෙන් වැඩෙන ඒ දරුවන්ට ආරාම, උද්‍යාන, නිවාසස්ථාන, පරිවාර සම්පත්ති ගැනීමට ප්‍රමාණවත් නොවන ඒ නගරය තෙවරක් අතරත ගව්වක් පමණවූ, අතරත ගව්වක් පමණ වූ පවුරකින් වට කළහ. ඒ නගරය නැවත නැවත මෙසේ විශාල කළ බැවින් “වෙසාලී” යයි නමක් ඇතිවිය. මේ වෙසාලී කථා වස්තුවයි.
භගවතො නිමන්තනං
භගවතො නිමන්තනං
අයං පන වෙසාලී භගවතො උප්පන්නකාලෙ ඉද්ධා වෙපුල්ලප්පත්තා අහොසි. තත්ථ හි රාජූනංයෙව සත්ත සහස්සානි සත්ත සතානි සත්ත ච රාජානො අහෙසුං. තථා යුවරාජසෙනාපතිභණ්ඩාගාරිකප්පභුතීනං. යථාහ –
මේ වේසාලී නුවර භාග්‍යවතුන් වහන්සේ උපන් කාලයෙහි සමෘද්ධිමත් වූ විශාල නගරයක් විය. එහි රජවරුම හත් දහස් හත්සිය හතක් වූහ. යුවරාජ, සේනාපති, භාණ්ඩාගාරික ආදීහු ද එපමණ වූහ. එහෙයින් කීය.
“තෙන ඛො පන සමයෙන වෙසාලී ඉද්ධා චෙව හොති ඵීතා ච බහුජනා ආකිණ්ණමනුස්සා සුභික්ඛා ච, සත්ත ච පාසාදසහස්සානි සත්ත ච පාසාදසතානි සත්ත ච පාසාදා, සත්ත ච කූටාගාරසහස්සානි සත්ත ච කූටාගාරසතානි සත්ත ච කූටාගාරානි, සත්ත ච ආරාමසහස්සානි සත්ත ච ආරාමසතානි සත්ත ච ආරාමා, සත්ත ච පොක්ඛරණිසහස්සානි සත්ත ච පොක්ඛරණිසතානි සත්ත ච පොක්ඛරණියො”ති (මහාව· 326).
“එසමයෙහි වේසාලී නගරය සමෘද්ධිමත් වූයේ ද සැපතින් පිරී ගියේ ද වේ. බොහෝ ජනයා ඇත්තේ මිනිසුන්ගෙන් ගැවසී ගත්තේ සුවසේ ලැබිය හැකි ආහාරපාන ඇත්තේ ද වේ. හත්දහස් හත්සිය හතක් ප්‍රාසාදයෝ වෙති. හත් දහස් හත්සිය හතක් කුළු ගෙවල් වෙයි. ආරාම හෙවත් මල්වතු, උයන් වතු ද හත් දහස් හත්සිය හතකි. පොකුණු ද හත් දහස් හත්සිය හතකි.” (මහාවග්ගපාලි)
සා අපරෙන සමයෙන දුබ්භික්ඛා අහොසි දුබ්බුට්ඨිකා දුස්සස්සා. පඨමං දුග්ගතමනුස්සා මරන්ති, තෙ බහිද්ධා ඡඩ්ඩෙන්ති. මතමනුස්සානං කුණපගන්ධෙන අමනුස්සා නගරං පවිසිංසු, තතො බහුතරා මරන්ති. තාය පටිකූලතාය සත්තානං අහිවාතරොගො උප්පජ්ජි. ඉති තීහි දුබ්භික්ඛඅමනුස්සරොගභයෙහි උපද්දුතා වෙසාලිනගරවාසිනො උපසඞ්කමිත්වා රාජානං ආහංසු, “මහාරාජ, ඉමස්මිං නගරෙ තිවිධං භයමුප්පන්නං, ඉතො පුබ්බෙ යාව සත්තමා රාජකුලපරිවට්ටා එවරූපං අනුප්පන්නපුබ්බං, තුම්හාකං මඤ්ඤෙ අධම්මිකත්තෙන තං එතරහි උප්පන්න”න්ති. රාජා සබ්බෙ සන්ථාගාරෙ සන්නිපාතාපෙත්වා “මය්හං අධම්මිකභාවං විචිනථා”ති ආහ. තෙ සබ්බං පවෙණිං විචිනන්තා න කිඤ්චි අද්දසංසු.
ඒ වේසාලී නගරය පසු කාලයක වර්ෂාව නොමැති ධාන්‍ය නොමැති දුර්භීක්ෂ හෙවත් ආහාරපාන හිඟ නගරයක් විය. පළමුව දුප්පත් මිනිස්සු මැරෙති. ඔවුහු පිටත බැහැර කරති. මළ මිනිසුන්ගේ කුණු ගඳින් අමනුෂ්‍යයෝ නගරයට පිවිසියහ. එයින් වැඩි වැඩියෙන් මිය යති. ඒ පිළිකුල නිසා සත්ත්වයන්ට අහිවාතක නම් වූ රෝගය වැළඳුණි. මෙසේ දුර්භික්ෂ, අමනුෂ්‍ය, රෝග යන තුන් බියෙන් උපද්‍රවයට පත් වේසාලී නගරවාසීහු රජු වෙත එළඹ මෙසේ කීහ. “මහරජතුමනි, මේ නගරයෙහි තුන් බියක් උපනි. මෙයින් පෙර සත්වෙනි රාජ කුල පරම්පරාව දක්වා මෙබඳු වූවක් නොවූ විරූය. නුඹ වහන්සේගේ අධාර්මික බව නිසා දැන් ඒ තුන්බිය හට ගත්තේ යයි හඟිමු” යනුවෙනි. රජතුමා සියල්ලන් රැස්වීම් ශාලාවෙහි රැස් කරවා “මාගේ අධාර්මික බව සොයවු” යයි කීහ. ඔවුහු සියලු ප්‍රවේණිය (පරම්පරාව) සොයන්නාහු කිසිවක් නොදුටුවහ.
තතො රඤ්ඤො දොසමදිස්වා “ඉදං භයං අම්හාකං කථං වූපසමෙය්යා”ති චින්තෙසුං. තත්ථ එකච්චෙ ඡ සත්ථාරෙ අපදිසිංසු “එතෙහි ඔක්කන්තමත්තෙ වූපසමෙස්සතී”ති. එකච්චෙ ආහංසු – “බුද්ධො කිර ලොකෙ උප්පන්නො, සො භගවා සබ්බසත්තහිතාය ධම්මං දෙසෙති මහිද්ධිකො මහානුභාවො, තෙන ඔක්කන්තමත්තෙ සබ්බභයානි වූපසමෙය්යු”න්ති. තෙන තෙ අත්තමනා හුත්වා “කහං පන සො භගවා එතරහි විහරති, අම්හෙහි පෙසිතො න ආගච්ඡෙය්‍යා”ති ආහංසු. අථාපරෙ ආහංසු – “බුද්ධා නාම අනුකම්පකා, කිස්ස නාගච්ඡෙය්යුං, සො පන භගවා එතරහි රාජගහෙ විහරති, රාජා බිම්බිසාරො තං උපට්ඨහති, සො ආගන්තුං න දදෙය්යා”ති. “තෙන හි රාජානං සඤ්ඤාපෙත්වා ආනෙය්යාමා”ති ද්වෙ ලිච්ඡවිරාජානො මහතා බලකායෙන පහූතං පණ්ණාකාරං දත්වා රඤ්ඤො සන්තිකං පෙසිංසු “බිම්බිසාරං සඤ්ඤාපෙත්වා භගවන්තං ආනෙථා”ති.
ඉන්පසු රජුගේ දෝෂයක් නොදැක “අපගේ මේ භය කෙසේ සංසිඳවන්නේදැයි සිතූහ. එහි සමහරෙක් “මොවුන් පැමිණි පමණින්ම භය සන්සිදේ යයි ෂට් ශාස්තෲන් දැක්වූහ. සමහරු “බුදුරජාණන් වහන්සේ වනාහී ලෝකයෙහි උපන්නහ. ඒ මහත් සෘද්ධිමත් මහානුභාව සම්පන්න භාග්‍යවතුන් වහන්සේ සියලු සත්ත්වයන්ට හිත පිණිස ධර්මය දේශනා කරති. උන්වහන්සේ පැමිණි පමණින්ම සියලු භය සන්සිඳෙන්නේ යයි කීහ. ඔවුහු එයින් සතුටු සිත් ඇත්තන් වී “ඒ භාග්‍යවතුන් වහන්සේ දැනට කොහි වැඩ වෙසෙත්ද? අප (කිසිවෙකු) යැවූ කල්හි වැඩම කරන්නාහු දැයි ඇසූහ. ඉක්බිති සමහරෙක් “බුදුවරු නම් අනුකම්පා ඇත්තෝය. කුමක් හෙයින් නොපැමිණිනෙන්නාහුද? ඒ භාග්‍යවතුන් වහන්සේ වනාහී දැනට රජගහ නුවර වැඩ වෙසෙති. බිම්බිසාර රජ උන්වහන්සේට උපස්ථාන කරයි. ඒ රජතුමා උන්වහන්සේට වැඩම කිරීමට සමහර විට ඉඩ නොදෙන්නේ යයි” කීහ. එසේ නම් රජතුමාට කරුණු අවබෝධ කරවා වැඩම කරවන්නෙමුයි ලිච්ඡවී රජවරුන් දෙදෙනෙක් මහත් බලකාය සමග බොහෝ තුටු පඬුරු දී “බිම්බිසාර රජුට කරුණු අවබෝධ කරවා භාග්‍යවතුන් වහන්සේ වැඩම කරවාගෙන එවු” යයි කියා රජු සමීපයට යැවූහ.
තෙ ගන්ත්වා රඤ්ඤො පණ්ණාකාරං දත්වා තං පවත්තිං නිවෙදෙත්වා, “මහාරාජ, භගවන්තං අම්හාකං නගරං පෙසෙහී”ති ආහංසු. රාජා න සම්පටිච්ඡි, “තුම්හෙයෙව ජානාථා”ති ආහ. තෙ භගවන්තං උපසඞ්කමිත්වා වන්දිත්වා එවමාහංසු – “භන්තෙ, අම්හාකං නගරෙ තීණි භයානි උප්පන්නානි, සචෙ භගවා ආගච්ඡෙය්ය, සොත්ථි නො භවෙය්යා”ති. භගවා ආවජ්ජෙත්වා “වෙසාලියං රතනසුත්තෙ වුත්තෙ සා රක්ඛා කොටිසතසහස්සං චක්කවාළානං ඵරිස්සති, සුත්තපරියොසානෙ චතුරාසීතියා පාණසහස්සානං ධම්මාභිසමයො භවිස්සතී”ති අධිවාසෙසි. අථ රාජා බිම්බිසාරො භගවතො අධිවාසනං සුත්වා “භගවතා වෙසාලිගමනං අධිවාසිත”න්ති නගරෙ ඝොසනං කාරාපෙත්වා භගවන්තං උපසඞ්කමිත්වා ආහ – “කිං, භන්තෙ, සම්පටිච්ඡථ වෙසාලිගමන”න්ති? ආම, මහාරාජාති. තෙන හි, භන්තෙ, තාව ආගමෙථ, යාව මග්ගං පටියාදෙමීති.
ඔවුහු ගොස් රජුට පඬුරු පිරිනමා එම පුවත දන්වා “මහරජ, භාග්‍යවතුන් වහන්සේ අපගේ නගරයට එවනු මැනවැයි” කීහ. රජතුමා එය නොපිළිගත්තේය. “නුඹලාම දැන ගනිවු” යයි කීය. ඔවුහු භාග්‍යවතුන් වහන්සේ සමීපයට ගොස් වැඳ මෙසේ කීහ. “ස්වාමීනි, අපගේ නගරයෙහි ත්‍රිවිධ භයක් උපනි. ඉදින් භාග්‍යවතුන් වහන්සේ වැඩම කරන්නාහු නම් අපට යහපතක් වන්නේය” යනුවෙනි. භාග්‍යවතුන් වහන්සේ ආවර්ජනා කොට (නුවණින් විමසා) “වෙසාලියේ දී රතන සූත්‍රය දේශනා කළ කල්හි ඒ ආරක්ෂාව කෙළ ලක්ෂයක් සක්වල පැතිරෙන්නේය. සූත්‍ර දේශනාව අවසානයෙහි අසූහාර දහසක් ප්‍රාණින්ට ධර්මාවබෝධය වන්නේය”යි දැන ඉවසා වදාළහ. ඉක්බිති බිම්බිසාර රජතුමා භාග්‍යවතුන් වහන්සේගේ (ආරාධනාව) පිළිගැනීම අසා “භාග්‍යවතුන් වහන්සේ විසින් වේසාලියට වැඩම කිරිම පිළිගන්නා ලද්දේ යයි නගරයෙහි ප්‍රචාරය කරවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ “ස්වාමීනි, වේසාලී නගරයට වැඩම කිරීම පිළිගත්තෙහුදැ”යි ඇසීය. “මහරජ, එසේය,” ස්වාමීනි, එසේ නම් මාර්ගය පිළියෙල කරන තෙක් බලාපොරොත්තුවෙන් සිටිනු මැනවි.
අථ ඛො රාජා බිම්බිසාරො රාජගහස්ස ච ගඞ්ගාය ච අන්තරා පඤ්චයොජනභූමිං සමං කත්වා යොජනෙ යොජනෙ විහාරං මාපෙත්වා භගවතො ගමනකාලං පටිවෙදෙසි. භගවා පඤ්චහි භික්ඛුසතෙහි පරිවුතො පායාසි. රාජා පඤ්චයොජනං මග්ගං පඤ්චවණ්ණෙහි පුප්ඵෙහි ජාණුමත්තං ඔකිරාපෙත්‍වා ධජපටාකපුණ්ණඝටකදලිආදීනි උස්සාපෙත්වා භගවතො ද්වෙ සෙතච්ඡත්තානි එකමෙකස්ස ච භික්ඛුස්ස එකමෙකං උක්ඛිපාපෙත්වා සද්ධිං අත්තනො පරිවාරෙන පුප්ඵගන්ධාදීහි පූජං කරොන්තො එකෙකස්මිං විහාරෙ භගවන්තං වසාපෙත්වා මහාදානානි දත්වා පඤ්චහි දිවසෙහි ගඞ්ගාතීරං නෙසි. තත්ථ සබ්බාලඞ්කාරෙහි නාවං අලඞ්කරොන්තො වෙසාලිකානං සාසනං පෙසෙසි “ආගතො භගවා, මග්ගං පටියාදෙත්වා සබ්බෙ භගවතො පච්චුග්ගමනං කරොථා”ති. තෙ “දිගුණං පූජං කරිස්සාමා”ති වෙසාලියා ච ගඞ්ගාය ච අන්තරා තියොජනභූමිං සමං කත්වා භගවතො චත්තාරි එකමෙකස්ස ච භික්ඛුස්ස ද්වෙ ද්වෙ සෙතච්ඡත්තානි සජ්ජෙත්වා පූජං කුරුමානා ගඞ්ගාතීරං ආගන්ත්වා අට්ඨංසු.
ඉක්බිති බිම්බිසාර රජතුමා රජගහ නුවරටත්, ගංගා නදියටත් අතර යොදුන් පහක් වූ භූමිය සමතලා කොට යොදුනක් යොදුනක් පාසා විහාරය බැගින් කරවා භාග්‍යවතුන් වහන්සේට වැඩම කිරීමට සුදුසු කාලය බව දැන්වීය. භාග්‍යවතුන් වහන්සේ පන්සීයක් භික්ෂූන් විසින් පරිවරන ලද්දාහු ගමනට පිටත් වූහ. රජතුමා පස් යොදුන් මග පස් පැහැති මල් දණක් පමණ විසුරුවා ධජ පතාක පුන් කලස් කෙසෙල් ආදිය ඔසවා භාග්‍යවතුන් වහන්සේට සේසත් දෙකක් ද එක් එක් භික්ෂුවට එක් එක් සේසත බැගින් ද ඔසවා තමාගේ පිරිවර සමග මල් සුවඳ ආදියෙන් පූජා පවත්වමින් එක් එක් විහාරයෙහි භාග්‍යවතුන් වහන්සේ වඩා හිඳුවා මහ දන් දී පස් දිනකින් ගං තෙරට වැඩම කරවා එහිදී සර්වාලංකාරයෙන් නැවක් සරසන්නේ වේසාලියේ රජවරුන්ට “භාග්‍යවතුන් වහන්සේ වැඩම කළහ. මාර්ගය පිළියෙල කරවා සියල්ලෝ භාග්‍යවතුන් වහන්සේට පෙර ගමන් කරවු” යයි පණිවිඩයක් යැවීය. ඔවුහු (බිම්බිසාර රජුට වඩා) දෙගුණයක් පූජා කරන්නෙමු”යි වේසාලියටත් ගංගා නදියටත් අතර තුන් යොදුන් බිම සම කොට භාග්‍යවතුන් වහන්සේට හතරක් ද එක් එක් භික්ෂුවට දෙක බැගින් ද සේසත් සූදානම් කොට පූජා පවත්වමින් ගං තෙරට පැමිණ සිටියහ.
අථ බිම්බිසාරො ද්වෙ නාවායො සඞ්ඝටෙත්වා මණ්ඩපං කත්වා පුප්ඵදාමාදීහි අලඞ්කරිත්වා තත්ථ සබ්බරතනමයං බුද්ධාසනං පඤ්ඤපෙසි, භගවා තත්ථ නිසීදි. පඤ්ච සතා භික්ඛූපි නාවං ආරුහිත්වා යථානුරූපං නිසීදිංසු. රාජා භගවන්තං අනුගච්ඡන්තො ගලප්පමාණං උදකං ඔගාහෙත්වා “යාව, භන්තෙ, භගවා ආගච්ඡති, තාවාහං ඉධෙව ගඞ්ගාතීරෙ වසිස්සාමී”ති වත්වා නිවත්තො. උපරි දෙවතා යාව අකනිට්ඨභවනා පූජං අකංසු. හෙට්ඨාගඞ්ගානිවාසිනො කම්බලස්සතරාදයො නාගරාජානො පූජං අකංසු. එවං මහතියා පූජාය භගවා යොජනමත්තං අද්ධානං ගඞ්ගාය ගන්ත්වා වෙසාලිකානං සීමන්තරං පවිට්ඨො.
බිම්බිසාර රජතුමා නැව් දෙකක් එක් කොට මණ්ඩපයක් කරවා මල් දම් ආදියෙන් අලංකාර කරවා එහි සියල්ල රත්නමය වූ බුද්ධාසනයක් පැනවීය. භාග්‍යවතුන් වහන්සේ එහි වැඩ සිටියහ. පන්සීයක් භික්ෂූහු නැවට නැගී සුදුසු පරිදි හිඳ ගත්හ. රජතුමා භාග්‍යවතුන් වහන්සේ අනුව යන්නේ කරවටක් දියට බැස “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ ආපසු වඩින තුරු මම මේ ගං ඉවුරෙහි වසන්නෙමි” යි කියා නැවතුනි. උඩ (අහසෙහි) අකනිටා බඹලොව තෙක් දේවතාවෝ පූජා කළහ. යට ගඞ්ගා නිවැසි කම්බලස්සතර ආදී නා රජවරු පූජා කළහ. මෙසේ මහත් පූජා සහිතව භාග්‍යවතුන් වහන්සේ යොදුනක් පමණ මග ගඟෙහි වැඩම කොට වේසාලි වැසියන්ගේ සීමාවට පිවිසියහ.
තතො ලිච්ඡවිරාජානො බිම්බිසාරෙන කතපූජාය දිගුණං කරොන්තා ගලප්පමාණෙ උදකෙ භගවන්තං පච්චුග්ගච්ඡිංසු. තෙනෙව ඛණෙන තෙන මුහුත්තෙන විජ්ජුප්පභාවිනද්ධන්ධකාරවිසටකූටො ගළගළායන්තො චතූසු දිසාසු මහාමෙඝො වුට්ඨාසි. අථ භගවතා පඨමපාදෙ ගඞ්ගාතීරෙ නික්ඛිත්තමත්තෙ පොක්ඛරවස්සං වස්සි. යෙ තෙමෙතුකාමා, තෙ එව තෙමෙන්ති, අතෙමෙතුකාමා න තෙමෙන්ති. සබ්බත්ථ ජාණුමත්තං ඌරුමත්තං කටිමත්තං ගලප්පමාණං උදකං වහති, සබ්බකුණපානි උදකෙන ගඞ්ගං පවෙසිතානි, පරිසුද්ධො භූමිභාගො අහොසි.
එතැන් සිට ලිච්ඡවි රජවරු ඒ බිම්බිසාර රජු කළ පූජාවට වඩා දෙගුණයක් පූජා කරන්නාහු කරවටක් දියට බැස භාග්‍යවතුන් වහන්සේ පෙර ගමන් ගියහ. එකෙණෙහිම ඒ මොහොතෙහිම විදුලිය ආලෝකයෙන් පහ වූ අන්ධකාර ඇත්තේ විසුරුණු මුදුන් ඇත්තේ ගඩ ගඩ ශබ්දය ඇති කරමින් සතර දිශාවන්හි මහ වැස්සක් පැන නැංගේය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පළමු පියවර ගංතෙර තැබූ පමණින්ම පොකුරු වැසි වැටුණි. යමෙක් තෙමෙනු කැමැත්තාහු නම් ඔවුහුම තෙමෙති. නොතෙමෙනු කැමැත්තෝ නොතෙමෙති. සියලු තන්හි දණක් පමණ, කලවා පමණ, ඉණ පමණ ගෙල පමණ ජලය ගලයි. සියලු කුණුපයෝ ජලය විසින් ගඟට පිවිස වන ලදහ. භූමි භාගය පිරිසිදු විය.
ලිච්ඡවිරාජානො භගවන්තං අන්තරා යොජනෙ යොජනෙ වාසාපෙත්වා මහාදානානි දත්වා තීහි දිවසෙහි දිගුණං පූජං කරොන්තා වෙසාලිං නයිංසු. වෙසාලිං සම්පත්තෙ භගවති සක්කො දෙවානමින්දො දෙවසඞ්ඝපුරක්ඛතො ආගච්ඡි. මහෙසක්ඛානං දෙවතානං සන්නිපාතෙන අමනුස්සා යෙභුය්යෙන පලායිංසු. භගවා නගරද්වාරෙ ඨත්වා ආනන්දත්ථෙරං ආමන්තෙසි – “ඉමං, ආනන්ද, රතනසුත්තං උග්ගහෙත්වා බලිකම්මූපකරණානි ගහෙත්වා ලිච්ඡවිරාජකුමාරෙහි සද්ධිං වෙසාලියා තිපාකාරන්තරෙ විචරන්තො පරිත්තං කරොහී”ති රතනසුත්තං අභාසි. “එවං කෙන පනෙතං සුත්තං වුත්තං, කදා, කත්ථ, කස්මා ච වුත්ත”න්ති එතෙසං පඤ්හානං විස්සජ්ජනා විත්ථාරෙන වෙසාලිවත්ථුතො පභුති පොරාණෙහි වණ්ණීයති.
ලිච්ඡවි රජවරු භාග්‍යවතුන් වහන්සේ අතරමඟ යොදුනක් යොදුනක් තන්හි වඩා හිඳුවා මහ දන් දී තුන් දිනකින් දෙගුණ කොට පූජා පවත්මින් වේසාලී නගරයට වැඩම කරවූහ. භාග්‍යවතුන් වහන්සේ වේසාලී නගරයට වැඩම කළ කල්හි සක්දෙව් රජ දෙව් පිරිස පෙරටුකොට පැමිණියේය. මහේශාක්‍ය දෙවියන්ගේ රැස්වීමෙන් අමනුෂ්‍යයෝ බොහෝ සෙයින් පලා ගියහ. භාග්‍යවතුන් වහන්සේ නගර දොරටුවේ සිට ආනන්ද තෙරුන් ඇමතූහ. “ආනන්දය, මේ රතන සූත්‍රය ඉගෙන ගෙන බලිකර්ම උපකරණ රැගෙන ලිච්ඡවි කුමාරයන් සමඟ වේසාලි නගරයෙහි ප්‍රාකාර තුන අතර හැසිරෙමින් මේ පිරිත් දේශනා කරව”යි රතන සූත්‍රය වදාළහ. මෙසේ “කවරෙකු විසින් මේ සූත්‍රය කවදා කොහිදී කුමක් නිසා දේශනා කරන ලද්දේ ද යන මේ ප්රශ්නයන්ගේ විසඳීම විස්තර වශයෙන් වේසාලී වස්තුවේ සිට පොරාණයන් විසින් වර්ණනා කරනු ලබයි.
එවං භගවතො වෙසාලිං අනුප්පත්තදිවසෙයෙව වෙසාලිනගරද්වාරෙ තෙසං උපද්දවානං පටිඝාතත්ථාය වුත්තමිදං රතනසුත්තං උග්ගහෙත්වා ආයස්මා ආනන්දො පරිත්තත්ථාය භාසමානො භගවතො පත්තෙන උදකමාදාය සබ්බනගරං අබ්භුක්කිරන්තො අනුවිචරි. යං කිඤ්චීති වුත්තමත්තෙ එව ථෙරෙන යෙ පුබ්බෙ අපලාතා සඞ්කාරකූටභිත්තිප්පදෙසාදිනිස්සිතා අමනුස්සා, තෙ චතූහි ද්වාරෙහි පලායිංසු, ද්වාරානි අනොකාසානි අහෙසුං. තතො එකච්චෙ ද්වාරෙසු ඔකාසං අලභමානා පාකාරං භින්දිත්වා පලාතා. අමනුස්සෙසු ගතමත්තෙසු මනුස්සානං ගත්තෙසු රොගො වූපසන්තො. තෙ නික්ඛමිත්වා සබ්බපුප්ඵගන්ධාදීහි ථෙරං පූජෙසුං. මහාජනො නගරමජ්ඣෙ සන්ථාගාරං සබ්බගන්ධෙහි ලිම්පිත්වා විතානං කත්වා සබ්බාලඞ්කාරෙහි අලඞ්කරිත්වා තත්ථ බුද්ධාසනං පඤ්ඤපෙත්වා භගවන්තං ආනෙසි.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ වේසාලී නගරයට වැඩම කළ දවසේම වේසාලී නගර දොරටුවේ දී ඒ උපද්‍රවයන් නැසීම සඳහා දේශනා කරන ලද මේ රතන සූත්‍රය ඉගෙන ගෙන ආයුෂ්මත් ආනන්ද හිමියෝ ආරක්ෂාව සඳහා දේශනා කරමින් භාග්‍යවතුන් වහන්සේගේ පාත්‍රයට පැන් රැගෙන සියලු නගරයෙහි ඉසිමින් හැසිරුණහ. තෙරුන් වහන්සේ විසින් “යං කිඤ්චි” යයි දේශනා කළ මොහොතේම කුණු ගොඩවල් සහ බිත්ති ප්‍රදේශ ඇසුරු කොට සිටි පෙර පලා නොගිය යම් අමනුෂ්‍ය කෙනෙක් වී නම් ඔවුහු සතර දොරටුවලින් පලා ගියහ. දොරටු ඉඩ නොමැති විය. එයින් සමහරෙක් දොරටුවල ඉඩ නොලැබුවාහු පවුරු බිඳගෙන පලා ගියහ. අමනුෂ්‍යයන් ගිය ඇසිල්ලෙහිම මිනිසුන්ගේ ශරීරගත රෝග සුව විය. ඔවුහු නික්ම සියලු සුවඳ මල් ආදියෙන් තෙරුන් පිදුහ. මහජනයා නගරය මැද රැස්වීම් ශාලාව සියලු සුවඳින් ආලේප කොට වියන් බැඳ සියලු අලඞ්කාරයන්ගෙන් අලඞ්කාර කොට එහි බුද්ධාසනයක් පනවා භාග්‍යවතුන් වහන්සේ වැඩමාගෙන ආහ.
භගවා සන්ථාගාරං පවිසිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. භික්ඛුසඞ්ඝොපි ඛො රාජානො මනුස්සා ච පතිරූපෙ පතිරූපෙ ආසනෙ නිසීදිංසු. සක්කොපි දෙවානමින්දො ද්වීසු දෙවලොකෙසු දෙවපරිසාය සද්ධිං උපනිසීදි අඤ්ඤෙ ච දෙවා, ආනන්දත්ථෙරොපි සබ්බං වෙසාලිං අනුවිචරන්තො රක්ඛං කත්වා වෙසාලිනගරවාසීහි සද්ධිං ආගන්ත්වා එකමන්තං නිසීදි. තත්ථ භගවා සබ්බෙසං තදෙව රතනසුත්තං අභාසීති.
භාග්‍යවතුන් වහන්සේ රැස්වීම් ශාලාවට පිවිස පනවන ලද ආසනයෙහි වැඩ හුන්හ. භික්ෂු සංඝයා ද රජවරු ද මිනිස්සු ද සුදුසු සුදුසු ඉඩ ඇති තන්හි හුන්හ. දෙව්ලොව දෙව් පිරිස සමඟ සක්දෙව් රජ ද අනෙක් දෙවියෝ ද සමීපව හුන්හ. ආනන්ද තෙරුන් වහන්සේ ද සියලු වේසාලී නගරයෙහි හැසිරෙමින් ආරක්ෂාව ඇති කොට වේසාලි වැසියන් සමග පැමිණ එකත් පසෙක වැඩ හුන්හ. එහිදී භාග්‍යවතුන් වහන්සේ සියල්ලන්ටම එම රතන සූත්‍රය දේශනා කළහ.
එත්තාවතා ච යා “යෙන වුත්තං යදා යත්ථ, යස්මා චෙතං ඉමං නයං. පකාසෙත්වානා”ති මාතිකා නික්ඛිත්තා, සා සබ්බප්පකාරෙන විත්ථාරිතා හොති.
මෙපමණකින් යම් ඒ “යෙන වුත්තං යදා යත්ථ යස්මා චෙතං ඉමං නයං පකාසයිත්වාන” යයි මාතෘකාවක් තබන ලද්දේ ද එය සියලු ආකාරයෙන් විස්තර කරන ලද්දේ වෙයි.
යානීධාතිගාථාවණ්ණනා
යානීධාතිගාථාවණ්ණනා
ඉදානි “එතස්ස කරිස්සාමත්ථවණ්ණන”න්ති වුත්තත්තා අත්ථවණ්ණනා ආරබ්භතෙ. අපරෙ පන වදන්ති “ආදිතො පඤ්චෙව ගාථා භගවතා වුත්තා, සෙසා පරිත්තකරණසමයෙ ආනන්දත්ථෙරෙනා”ති. යථා වා තථා වා හොතු, කිං නො ඉමාය පරික්ඛාය, සබ්බථාපි එතස්ස රතනසුත්තස්ස කරිස්සාමත්ථවණ්ණනං.
දැන් “කරිස්සාමත්ථවණ්ණනං” යයි කී හෙයින් අර්ථ වර්ණනාව ආරම්භ කරනු ලැබේ. සමහරු මෙසේ කියති. (සූත්‍රයෙහි) මුල්ම ගාථා පහ පමණක් භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලදී. සෙසු ගාථා පිරිත් කරන වේලාවෙහි ආනන්ද තෙරුන් විසින් (දේශනා කරන ලදී) යනුවෙනි. එසේ හෝ මෙසේ හෝ වේවා මේ පරීක්ෂාවෙන් අපට කවර ප්‍රයෝජනයක්ද? මේ රතන සූත්‍රයට සර්වප්රකාරයෙන් අර්ථ වර්ණනාවක් කරන්නෙමි.
යානීධ භූතානීති පඨමගාථා. තත්ථ යානීති යාදිසානි අප්පෙසක්ඛානි වා මහෙසක්ඛානි වා. ඉධාති ඉමස්මිං පදෙසෙ, තස්මිං ඛණෙ සන්නිපාතට්ඨානං සන්ධායාහ. භූතානීති කිඤ්චාපි භූතසද්දො “භූතස්මිං පාචිත්තිය”න්ති එවමාදීසු (පාචි· 69) විජ්ජමානෙ. “භූතමිදන්ති, භික්ඛවෙ, සමනුපස්සථා”ති එවමාදීසු (ම· නි· 1.401) ඛන්ධපඤ්චකෙ. “චත්තාරො ඛො, භික්ඛු, මහාභූතා හෙතූ”ති එවමාදීසු (ම· නි· 3.86) චතුබ්බිධෙ පථවීධාත්වාදිරූපෙ. “යො ච කාලඝසො භූතො”ති එවමාදීසු (ජා· 1.2.190) ඛීණාසවෙ. “සබ්බෙව නික්ඛිපිස්සන්ති, භූතා ලොකෙ සමුස්සය”න්ති එවමාදීසු (දී· නි· 2.220) සබ්බසත්තෙ. “භූතගාමපාතබ්යතායා”ති එවමාදීසු (පාචි· 90) රුක්ඛාදිකෙ. “භූතං භූතතො සඤ්ජානාතී”ති එවමාදීසු (ම· නි· 1.3) චාතුමහාරාජිකානං හෙට්ඨා සත්තනිකායං උපාදාය වත්තති. ඉධ පන අවිසෙසතො අමනුස්සෙසු දට්ඨබ්බො.
“යානීධ භූතානි” යනු පළමු ගාථාවයි. එහි ‘යානි’ යනු යම් බඳු වූ අල්පේශාක්‍ය හෝ මහේශාක්‍ය හෝ, ‘ඉධ’ යනු මේ ප්‍රදේශයෙහි; එකෙණෙහි රැස් වූ ස්ථානය සඳහා කියන ලදී. “භූතානි” යනු හුදෙක් “භූත” ශබ්දය “භූතස්මිං පාචිත්තියං” යන මේ ආදී තන්හි විද්යමානාර්ථයෙහි ද “භූතමිදන්ති භික්ඛවෙ, සමනුපස්සාමි” යන මේ ආදී තන්හි පඤ්චස්කන්ධයෙහි ද “චත්තරො ඛො භික්ඛු, මහා භූතා හෙතු” යන මේ ආදී තන්හි චතුර්විධ පඨවිධාතු ආදී රූපයන්හි ද “යොච කාලඝසො භූතො” යන මේ ආදී තන්හි රහතන් වහන්සේ යන අර්ථයෙහි ද “සබ්බෙව නික්ඛිපිස්සන්ති භූතා ලොකෙ සමුස්සයං” යන මේ ආදී තන්හි සියලුම සත්ත්වයන් යන අර්ථයෙහිද “භූතං භූතතො සඤ්ජානාති” යන මේ ආදී තන්හි චාතුම්මහාරාජිකයෙන් යට සත්ත්ව කාය සඳහා ද යෙදේ. මෙහි වනාහී අවිශේෂයෙන් අමනුෂ්‍යයන් යන අර්ථයෙහි දත යුතුය.
සමාගතානීති සන්නිපතිතානි. භුම්මානීති භූමියං නිබ්බත්තානි. වා-ඉති විකප්පනෙ. තෙන යානීධ භුම්මානි වා භූතානි සමාගතානීති ඉමමෙකං විකප්පං කත්වා පුන දුතියවිකප්පං කාතුං “යානි ව අන්තලික්ඛෙ”ති ආහ. අන්තලික්ඛෙ වා යානි භූතානි නිබ්බත්තානි, තානි සබ්බානි ඉධ සමාගතානීති අත්ථො. එත්ථ ච යාමතො යාව අකනිට්ඨං, තාව නිබ්බත්තානි භූතානි ආකාසෙ පාතුභූතවිමානෙසු නිබ්බත්තත්තා “අන්තලික්ඛෙ භූතානී”ති වෙදිතබ්බානි. තතො හෙට්ඨා සිනෙරුතො පභුති යාව භූමියං රුක්ඛලතාදීසු අධිවත්ථානි පථවියඤ්ච නිබ්බත්තානි භූතානි, තානි සබ්බානි භූමියං භූමිපටිබද්ධෙසු ච රුක්ඛලතාපබ්බතාදීසු නිබ්බත්තත්තා “භුම්මානි භූතානී”ති වෙදිතබ්බානි.
“සමාගතානි” යනු රැස් වූ; “භුම්මානි” යනු භූමියෙහි උපන්, “වා” යනු විකල්පයෙහි; එයින් මෙහි යම් භූමියට අයත් භූතයෝ රැස්වූවාහු ද යන එක් විකල්පයක් දක්වා නැවත දෙවෙනි විකල්පය දැක්වීමට “යානීව අන්තලික්ඛෙ” යයි කීහ. අහසෙහි හෝ යම් භූතයෝ උපන්නාහු ද ඒ සියල්ලෝම මෙහි රැස්වූවාහුය යන අර්ථයයි. මෙහි යාම දෙව්ලොව සිට අකනිටා බඹලොව දක්වා උපන් භූතයෝ අහසෙහි පහළ වූ විමානයන්හි උපන් බැවින් “අන්තරීක්ෂයෙහි භූතයෝ” යයි දත යුතුය. එයින් යට සිනේරු පර්වතයේ සිට බිම දක්වා වෘක්ෂලතාදියෙහි අධිගෘහිත වූ ද පොළොවෙහි උපන්නා වූ ද භූතයෝ වෙත් ද ඒ සියලූ භූමියෙහි ද භූමිය හා සම්බන්ධ වෘක්ෂලතා පර්වත ආදියෙහි ද උපන් බැවින් භූම්‍යස්ථ (බූමාටු) භූතයෝ යයි දත යුතුය.
එවං භගවා සබ්බානෙව අමනුස්සභූතානි “භුම්මානි වා යානි ව අන්තලික්ඛෙ”ති ද්වීහි පදෙහි විකප්පෙත්වා පුන එකෙන පදෙන පරිග්ගහෙත්වා දස්සෙතුං “සබ්බෙව භූතා සුමනා භවන්තූ”ති ආහ. සබ්බෙති අනවසෙසා. එවාති අවධාරණෙ, එකම්පි අනපනෙත්වාති අධිප්පායො. භූතාති අමනුස්සා. සුමනා භවන්තූති සුඛිතමනා පීතිසොමනස්සජාතා භවන්තු. අථොපීති කිච්චන්තරසන්නියොජනත්ථං වාක්යොපාදානෙ නිපාතද්වයං. සක්කච්ච සුණන්තු භාසිතන්ති අට්ඨිං කත්වා මනසිකත්වා සබ්බං චෙතසා සමන්නාහරිත්වා දිබ්බසම්පත්තිලොකුත්තරසුඛාවහං මම දෙසනං සුණන්තු.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ සියලුම අමනුෂ්‍ය භූතයන් “භුම්මානි වා යානිව අන්තලික්ඛෙ” යයි පද දෙකකින් වෙන් කොට දක්වා නැවත එක් පදයකින් එක්කොට දැක්වීම සඳහා “සබ්බෙව භූතා සුමනා භවන්තු” යයි වදාළහ. “සබ්බෙ” යනු ඉතිරියක් නැතිව; ‘එව’ යනු අවධාරණයයි. එකෙකුදු ඉවත් නොකොට යන අදහසයි. “භූතා” යනු අමනුෂ්‍යයෝ; “සුමනා භවන්තු” යනු සුවපත් වූ සිත් ඇත්තෝ, හටගත් ප්‍රීති සොම්නස් ඇත්තෝ වෙත්වා, “අථොපි” යනු අනතුරු කාර්ය්ය දැනුම් දීම සඳහා වාක්‍ය සම්බන්ධ කිරීමේ නිපාත දෙකකි. “සක්කච්ච සුණන්තු භාසිතං” යනු මනා සේ මෙනෙහි කොට සියලු සිතින් එක් අරමුණක පිහිටුවා දිව්‍ය සම්පත් හා ලෝකෝත්තර සැප ගෙන දෙන මාගේ දේශනාව අසත්වා;
එවමෙත්ථ භගවා “යානීධ භූතානි සමාගතානී”ති අනියමිතවචනෙන භූතානි පරිග්ගහෙත්වා පුන “භුම්මානි වා යානි ව අන්තලික්ඛෙ”ති ද්විධා විකප්පෙත්වා තතො “සබ්බෙව භූතා”ති පුන එකජ්ඣං කත්වා “සුමනා භවන්තූ”ති ඉමිනා වචනෙන ආසයසම්පත්තියං නියොජෙන්තො “සක්කච්ච සුණන්තු භාසිත”න්ති පයොගසම්පත්තියං, තථා යොනිසොමනසිකාරසම්පත්තියං පරතොඝොසසම්පත්තියඤ්ච, තථා අත්තසම්මාපණිධිසප්පුරිසූපනිස්සයසම්පත්තීසු සමාධිපඤ්ඤාහෙතුසම්පත්තීසු ච නියොජෙන්තො ගාථං සමාපෙසි.
මෙසේ මෙහිදී භාග්‍යවතුන් වහන්සේ “යානිධ භූතානි සමාගතානි” යයි අනියමිත වචනයෙන් අමනුෂ්‍යයන් එක්කොට දක්වා නැවත “භුම්මානි වා යානිව අන්තලික්ඛෙ” යයි කොටස් දෙකකට වෙන් කොට දක්වා ඉන්පසු “සබ්බෙවභූතා” යයි නැවත එකක් කොට සළකා “සුමනා භවන්තු” යන මේ වචනයෙන් ආසය සම්පත්තියෙහි යොදවන්නාහු “සක්කච්චං සුණන්තු භාසිතං” යනුවෙන් ප්‍රයෝග සම්පත්තියෙහිද එසේම යෝනිසෝමනසිකාර සම්පත්තියෙහි ද පරතෝඝොස සම්පත්තියෙහි ද එසේම අත්තසම්මා පණිධි හා සප්පුරිස උපස්සය සම්පත්තීන්හිද සමාධි ප්‍රඥා හේතු සම්පත්තීන්හිද යොදවමින් ගාථාව නිම කළ සේක.
තස්මා හීතිගාථාවණ්ණනා
තස්මා හීතිගාථාවණ්ණනා
තස්මා හි භූතාති දුතියගාථා. තත්ථ තස්මාති කාරණවචනං. භූතාති ආමන්තනවචනං. නිසාමෙථාති සුණාථ. සබ්බෙති අනවසෙසා. කිං වුත්තං හොති? යස්මා තුම්හෙ දිබ්බට්ඨානානි තත්ථ උපභොගපරිභොගසම්පදඤ්ච පහාය ධම්මස්සවනත්ථං ඉධ සමාගතා, න නටනච්චනාදිදස්සනත්ථං, තස්මා හි භූතා නිසාමෙථ සබ්බෙති. අථ වා “සුමනා භවන්තු, සක්කච්ච සුණන්තූ”ති වචනෙන තෙසං සුමනභාවං සක්කච්චං සොතුකම්යතඤ්ච දිස්වා ආහ “යස්මා තුම්හෙ සුමනභාවෙන අත්තසම්මාපණිධියොනිසොමනසිකාරාසයසුද්ධීහි සක්කච්චං සොතුකම්යතාය සප්පුරිසූපනිස්සයපරතොඝොසපදට්ඨානතො පයොගසුද්ධීහි ච යුත්තා, තස්මා හි භූතා නිසාමෙථ සබ්බෙ”ති. අථ වා යං පුරිමගාථාය අන්තෙ “භාසිත”න්ති වුත්තං, තං කාරණභාවෙන අපදිසන්තො ආහ “යස්මා මම භාසිතං නාම අතිදුල්ලභං අට්ඨක්ඛණපරිවජ්ජිතස්ස ඛණස්ස දුල්ලභත්තා, අනෙකානිසංසඤ්ච පඤ්ඤාකරුණාගුණෙන පවත්තත්තා, තඤ්චාහං වත්තුකාමො ‘සුණන්තු භාසිත’න්ති අවොචං, තස්මා හි භූතා නිසාමෙථ සබ්බෙ”ති. ඉදං ඉමිනා ගාථාපදෙන වුත්තං හොති.
“තස්මා හි භූතා” යනු දෙවන ගාථාවයි. “තස්මා” යනු හේතු අර්ථය ඇති වචනයකි. “භූතා” යනු ආමන්ත්රණ වචනයකි. “නිසාමෙථ” යනු අසවු; “සබ්බෙ” යනු ඉතිරියක් නැතිව සියල්ලෝ; කුමක් දේශනා කරන ලද්දේ ද? යම් හෙයකින් නුඹලා දිව්‍යස්ථානය ද එහි උපභෝග සම්පත් ද අත්හැර මෙහි රැස්වූවාහු ධර්ම ශ්‍රවණය සඳහාමය. නළු නාටක දැකීම සඳහා නොවේ. එමනිසා සියලු භූතයෙනි, සවන් දෙවු යනුයි. නැතහොත් “සතුටු සිත් ඇත්තෝ වෙත්වා, සකසා අසත්වා” යන වචනය කරණ කොට ගෙන ඔවුන්ගේ සතුටු සිත් ඇති බවත් සකසා අසනු කැමති බවත් දැක වදාළහ. යම් හෙයකින් තෙපි සතුටු සිත් ඇති බව කරණ කොට ගෙන තම සිත මනාකොට පිහිටු වීම ද (අත්තසම්මාපණිධි) නුවණින් සිහි කිරීම ද (යොනිසො මනසිකාර) යන ආශ්‍රව ශුද්ධීන්ගෙන් ද සකසා අසනු කැමති බව නිසා සත් පුරුෂ ආශ්‍රය (සප්පුරිසුපස්සය) අනුන්ගෙන් ඇසීම (පරතොඝොස) ආසන්න කාරණය කොට ඇති බැවින් ප්‍රයෝග ශුද්ධීන්ගෙන් ද යුක්ත වූවාහුද, එහෙයින් භූතයෙනි, සියල්ලෝ කන් යොමු කරවු” යනුයි. නැතහොත් පළමු ගාථාව අවසානයෙහි “භාසිතං” යයි යමක් කියන ලද්දේ ද එය කරුණු වශයෙන් ගෙන හැර දක්වමින් වදාළහ. යම් හෙයකින් සියලු අක්ෂණයන් (අයෝග්‍ය අවස්ථා) දුරුකළ ක්ෂණයාගේ දුර්ලභත්වය නිසා මාගේ දේශනාවන් නම් ඉතාමත් දුර්ලභ වේ ද ප්‍රඥා, කරුණා ගුණයන් කරණකොට ගෙන පැවැත් වූ හෙයින් නොයෙක් ආනිසංස ඇත්තේ වේ ද ඒ ධර්මය දේශනා කරනු කැමැත්තේ මම “සුණන්තු භාසිතං” යයි වදාළෙමි. “තස්මා හි භූතා නිසාමෙථ සබ්බෙ” යන ගාථා පදයෙන් මෙය වදාරන ලද්දේ වෙයි.
එවමෙතං කාරණං නිරොපෙන්තො අත්තනො භාසිතනිසාමනෙ නියොජෙත්වා නිසාමෙතබ්බං වත්තුමාරද්ධො “මෙත්තං කරොථ මානුසියා පජායා”ති. තස්සත්ථො – යායං තීහි උපද්දවෙහි උපද්දුතා මානුසී පජා, තස්සා මානුසියා පජාය මෙත්තං මිත්තභාවං හිතජ්ඣාසයතං පච්චුපට්ඨපෙථාති. කෙචි පන “මානුසිකං පජ”න්ති පඨන්ති, තං භුම්මත්ථාසම්භවා න යුජ්ජති. යම්පි අඤ්ඤෙ අත්ථං වණ්ණයන්ති, සොපි න යුජ්ජති. අධිප්පායො පනෙත්ථ – නාහං බුද්ධොති ඉස්සරියබලෙන වදාමි, අපි තු යං තුම්හාකඤ්ච ඉමිස්සා ච මානුසියා පජාය හිතත්ථං වදාමි “මෙත්තං කරොථ මානුසියා පජායා”ති. එත්ථ ච –
මෙසේ මේ කාරණය දක්වමින් තම දේශනාව ඇසීමෙහි යොදවා ඇසිය යුතු දෙය “මෙත්තං කරොථ මානුසියා පජාය” යනුවෙන් දේශනා කිරීමට ආරම්භ කළහ. එහි අර්ථය උවදුරු තුනකින් පීඩාවට පත් යම් මේ මනුෂ්‍ය ප්‍රජාවක් වේ ද ඒ මනුෂ්‍ය ප්‍රජාවට මිත්රභාවය හිතේෂීභාවය පිහිටුවවු” යනුවෙනි. සමහරු වනාහී “මානුසියං” යයි ශබ්ද කරති. එම සත්තමී අර්ථය නොලැබෙන බැවින් යෝග්‍ය නොවේ. අන්‍යයෝ යම් අර්ථයක් වර්ණනා කරත්ද එයද නොගැළපේ. මෙහි අදහස වනාහී “මම බුදුන් වහන්සේ” යයි අධිපති බලයෙන් දේශනා නොකරමි. එසේ වුවත් නුඹලාගේ ද මේ මනුෂ්‍ය ප්‍රජාවගේ ද හිත සඳහා “මෙත්තං කරොථ මානුසියා පජාය” යයි කියමි. මෙහිද,
“යෙ සත්තසණ්ඩං පථවිං විජෙත්වා, රාජිසයො යජමානානුපරියගා; අස්සමෙධං පුරිසමෙධං, සම්මාපාසං වාජපෙය්යං නිරග්ගළං.
“යම් රාජර්ෂී කෙනෙක් සත්ත්වයන්ගෙන් ගැවසීගත් පොළොව දිනා ගෙදොර නිරගුළු කළ හෙයින් නිරග්ගල නම් වූ සස්සමේධය, පුරිසමේධය, සම්මාපාසය, වාජපෙය්‍යය, යන සිව් සඟරාවතින් යාග කරමින් හැසුරුනාහු වෙත් ද -
“මෙත්තස්ස චිත්තස්ස සුභාවිතස්ස, කලම්පි තෙ නානුභවන්ති සොළසිං; එකම්පි චෙ පාණමදුට්ඨචිත්තො, මෙත්තායති කුසලො තෙන හොති.
ඒ යාගයෝ සුභාවිත මෛත්‍රී සහගත චිත්තයාගේ සොළොස්වන කලාව ද පවා නොඅගිත්. ඉදින් එකද සත්ත්වයෙකු කෙරෙහි දුෂ්ට නොවූ සිතැතියේ මෙත් වඩා නම් ඒ හේතුවෙන් කුසල් වඩන්නෙක් වෙයි.
“සබ්බෙ ච පාණෙ මනසානුකම්පී, පහූතමරියො පකරොති පුඤ්ඤ”න්ති. (ඉතිවු· 27; අ· නි· 8.1) –
සව් සතුන් කෙරෙහි සිතින් අනුකම්පා කරන ආර්ය තෙමේ බොහෝ පිං කෙරෙයි.” (අංගුත්තර නිකාය - අට්ඨක නිපාත)
එවමාදීනං සුත්තානං එකාදසානිසංසානඤ්ච වසෙන යෙ මෙත්තං කරොන්ති, එතෙසං මෙත්තා හිතාති වෙදිතබ්බා.
මේ ආදී සූත්‍රයන්ගේ වශයෙන් ද එකොළොස් ආනිසංස වශයෙන් ද යමෙක් මෛත්‍රී කරත්ද ඔවුන්ගේ මෛත්‍රිය “හිත” යයි දත යුතුය.
“දෙවතානුකම්පිතො පොසො, සදා භද්‍රානි පස්සතී”ති. (උදා· 76; මහාව· 286) –
“දෙවතානුකම්පිතො පොසො සදා භද්‍රානි පස්සති” (දෙවියන්ගේ අනුකම්පාවට යොමු වූ පුරුෂයා හැම කල්හිම යහපත දකී)
එවමාදීනං සුත්තානං වසෙන යෙසු කයිරති, තෙසම්පි හිතාති වෙදිතබ්බා.
යන මේ ආදී වශයෙන් යමෙකු කෙරෙහි (මෛත්‍රිය) කරනු ලැබේද ඔවුන්ටද “හිත” යයි දත යුතුය.
එවං උභයෙසම්පි හිතභාවං දස්සෙන්තො “මෙත්තං කරොථ මානුසියා”ති වත්වා ඉදානි උපකාරම්පි දස්සෙන්තො ආහ “දිවා ච රත්තො ච හරන්ති යෙ බලිං, තස්මා හි නෙ රක්ඛථ අප්පමත්තා”ති. තස්සත්ථො – යෙ මනුස්සා චිත්තකම්මකට්ඨකම්මාදීහිපි දෙවතා කත්වා චෙතියරුක්ඛාදීනි ච උපසඞ්කමිත්වා දෙවතා උද්දිස්ස දිවා බලිං කරොන්ති, කාලපක්ඛාදීසු ච රත්තිං බලිං කරොන්ති, සලාකභත්තාදීනි වා දත්වා ආරක්ඛදෙවතා උපාදාය යාව බ්රහ්මදෙවතානං පත්තිදානනිය්යාතනෙන දිවා බලිං කරොන්ති, ඡත්තාරොපනදීපමාලාය සබ්බරත්තිකධම්මස්සවනාදීනි කාරාපෙත්වා පත්තිදානනිය්යාතනෙන ච රත්තිං බලිං කරොන්ති, තෙ කථං න රක්ඛිතබ්බා? යතො එවං දිවා ච රත්තො ච තුම්හෙ උද්දිස්ස කරොන්ති යෙ බලිං, තස්මා හි නෙ රක්ඛථ; තස්මා බලිකම්මකරණාපි තෙ මනුස්සෙ රක්ඛථ ගොපයථ, අහිතං නෙසං අපනෙථ, හිතං උපනෙථ අප්පමත්තා හුත්වා තං කතඤ්ඤුභාවං හදයෙ කත්වා නිච්චමනුස්සරන්තාති.
මෙසේ දෙපිරිසටම හිත බව දක්වන්නාහු “මෙත්තං කරොථ මානුසියා පජාය”යි වදාරා දැන් (කළ) උපකාරය ද දක්වන්නාහු “දිවාච රත්තොච හරන්ති යෙ බලිං තස්මා හි නෙ රක්ඛථ අප්පමත්තා” යයි වදාළහ. එහි අර්ථය : සමහර මිනිස්සු චිත්‍ර කර්ම දැව කර්ම ආදියෙන් පවා දෙවියන් සාදා චෛත්‍ය වෘක්ෂ ආදිය වෙත එළඹ දෙවියන් උදෙසා දහවල බලි පූජා කරත්ද පහන් පූජා ද කාළ පක්ෂ ආදී දිනවල රාත්‍රියට බලි කරත් ද සලාක බත් ආදිය හෝ දී ආරක්ෂක දෙවියන්ගේ සිට බ්‍රහ්ම දෙවියන් දක්වා ප්‍රාප්තිදාන (පින්දීම) පැවරීම් වශයෙන් දහවල බලි කරත්ද ඡත්රාරෝපණදීපමාලා සහිතව සර්වරාත්‍රික ධර්ම ශ්‍රවණාදිය කරවා ප්රාප්ති දාන පවරාදීමෙන් ද රාත්‍රියෙහි බලි කරත්ද ඔවුහු කෙසේ නම් නොරැකිය යුක්තෝද? යම් හෙයකින් මෙසේ දහවල හා රාත්‍රියෙහි නුඹලා උදෙසා යමෙක් බලි කරත්ද ඒ නිසාම ඔවුන් රකිවු. ඒ නිසා බලි කර්ම කිරීම හේතුවෙන් ඒ මිනිසුන් රකිවු. ආරක්ෂා කරමු. නොපමා වී ඒ කෘතඥ භාවය හදවතෙහි ඇති කොට නිතර සිහි කරමින් ඔවුන්ගේ අහිත දේ ඉවත් කරවු. හිත දේ එළවවු” යනුයි.