පතිරූපදෙසවාසොචාතිගාථාවණ්ණනා අට්ඨකථා
පතිරූපදෙසවාසොචාතිගාථාවණ්ණනා
පතිරූපදෙසවාසොචාතිගාථාවණ්ණනා
එවං භගවා “බ්රූහි මඞ්ගලමුත්තම”න්ති එකං අජ්ඣෙසිතොපි අප්පං යාචිතො බහුදායකො උළාරපුරිසො විය එකාය ගාථාය තීණි මඞ්ගලානි වත්වා තතො උත්තරිපි දෙවතානං සොතුකාමතාය මඞ්ගලානමත්ථිතාය යෙසං යෙසං යං යං අනුකුලං, තෙ තෙ සත්තෙ තත්ථ තත්ථ මඞ්ගලෙ නියොජෙතුකාමතාය ච “පතිරූපදෙසවාසො චා”තිආදීහි ගාථාහි පුනපි අනෙකානි මඞ්ගලානි වත්තුමාරද්ධො.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ “බ්‍රෑහි මඞ්ගල මුත්තමං” යනුවෙන් එක් මඞ්ගල කරුණක් බලාපොරොත්තු වූයේ නමුදු ස්වල්පයක් ඉල්ලා සිටි කෙනෙකුහට බොහෝ දෙන උදාර පුරුෂයෙකු මෙන් එක් ගාථාවකින් මඞ්ගල කරුණු තුනක් දේශනා කොට එයින් මතුවටත් දෙවියන්ගේ අසනු කැමැත්ත ඇති නිසාත් මඞ්ගල කරුණු ද ඇති නිසාත් යම් යම් කෙනෙකුට යම් යම් මඞ්ගල කරුණක් අනුකුල වේ ද ඒ ඒ සත්ත්වයන් ඒ ඒ මඞ්ගල කරුණෙහි යොදනු කැමැත්ත නිසාත් “පතිරූපදෙස වාසෝච” ආදී ගාථාවන්ගෙන් නැවත ද නොයෙක් මඞ්ගල කාරණයන් දේශනා කිරීමට ආරම්භ කළහ.
තත්ථ පඨමගාථාය තාව පතිරූපොති අනුච්ඡවිකො. දෙසොති ගාමොපි නිගමොපි නගරම්පි ජනපදොපි යො කොචි සත්තානං නිවාසො ඔකාසො. වාසොති තත්ථ නිවාසො. පුබ්බෙති පුරා අතීතාසු ජාතීසු. කතපුඤ්ඤතාති උපචිතකුසලතා. අත්තාති චිත්තං වුච්චති සකලො වා අත්තභාවො, සම්මාපණිධීති තස්ස අත්තනො සම්මා පණිධානං නියුඤ්ජනං, ඨපනන්ති වුත්තං හොති. සෙසං වුත්තනයමෙවාති. අයමෙත්ථ පදවණ්ණනා.
එහි පළමු ගාථාවෙහි පළමුකොට “පතිරූපො” යනු සුදුසු වූ, “දෙසො” යනු ගම ද නියම්ගම ද, නගරය ද, ජනපදය ද යන සත්ත්වයන්ට නිවාස වූ යම් කිසි ආවකාශයයි. “වාසො” යනු එහි විසීමයි. “පුබ්බෙ” යනු පෙර අතීත ජාතීන්හි, “කත පුඤ්ඤතා” යනු රැස්කල කුශල් ඇති බව “අත්තා” යන්නෙන් සිත කියනු ලැබේ. නැතහොත් සියලු ආත්මභාවයයි. “සම්මා පණිධි” යනු ඒ සිත හෙවත් ආත්මභාවය මැනවින් යෙදවීමයි. යෙදීම තැබීම යයි කියන ලද්දේ වෙයි. ඉතිරි පද කියන ලද අයුරින්මය. මේ මෙහි පද වර්ණනාවයි.
අත්ථවණ්ණනා පන එවං වෙදිතබ්බා – පතිරූපදෙසවාසො නාම යත්ථ චතස්සො පරිසා විචරන්ති, දානාදීනි පුඤ්ඤකිරියවත්ථූනි වත්තන්ති, නවඞ්ගං සත්ථු සාසනං දිබ්බති, තත්ථ නිවාසො සත්තානං පුඤ්ඤකිරියාය පච්චයත්තා මඞ්ගලන්ති වුච්චති. සීහළදීපපවිට්ඨකෙවට්ටාදයො චෙත්ථ නිදස්සනං.
අර්ථ වර්ණනාව වනාහි මෙසේ දත යුතුය. “පතිරූපදෙසවාසො” නම් යම් තැනක සිව් පිරිස හැසිරෙන්නේ ද දානාදී පුණ්‍ය ක්‍රියා වස්තු පවතී ද නවාඞ්ග ශාස්තෲ ශාසනය බබලයි ද එහි විසීම සත්ත්වයන්ගේ පුණ්‍ය ක්‍රියා සඳහා ප්‍රත්‍ය වන බැවින් මඞ්ගල යයි කියනු ලැබේ. සිංහල දිවයිනට පිවිසි කේවට්ටාදීහු මෙහි නිදසුන් වෙති.
අපරො නයො – පතිරූපදෙසවාසො නාම භගවතො බොධිමණ්ඩප්පදෙසො ධම්මචක්කවත්තිතප්පදෙසො ද්වාදසයොජනාය පරිසාය මජ්ඣෙ සබ්බතිත්ථියමතං භින්දිත්වා යමකපාටිහාරියදස්සිතකණ්ඩම්බ රුක්ඛමූලප්පදෙසො දෙවොරොහණප්පදෙසො, යො වා පනඤ්ඤොපි සාවත්ථිරාජගහාදි බුද්ධාධිවාසප්පදෙසො, තත්ථ නිවාසො සත්තානං ඡඅනුත්තරියප්පටිලාභපච්චයතො මඞ්ගලන්ති වුච්චති.
තවත් අදහසකි. පතිරූප දේශය නම් භාග්‍යවතුන් වහන්ගේ බෝ මැඩ පෙදෙස දම්සක් පැවැත්වූ පෙදෙස දොළොස් යොදුනක් පිරිස් මැද සියලු තිර්ථක මත සිඳ යමා මහ පෙළහර දැක්වූ ගණ්ඩම්බ රුක් මුල පෙදෙස, දෙව්ලොව සිට (මිනිස් ලොවට) වැඩම කළ පෙදෙස හෝ වෙනත් යම් ඒ සාවත්ථි රාජගහ ආදී බුදුන් වහන්සේ වැඩ විසූ ප්රදේශයි, එහි විසීම සත්ත්වයන්ට අනුත්තරිය ධර්ම හය ලැබීමට ප්‍රත්‍ය වන හෙයින් මඞ්ගල යයි කියනු ලැබේ.
අපරො නයො (මහාව· 259) – පුරත්ථිමාය දිසාය ගජඞ්ගලං නාම නිගමො, තස්ස පරෙන මහාසාලා, තතො පරං පච්චන්තිමා ජනපදා, ඔරතො මජ්ඣෙ. දක්ඛිණපුරත්ථිමාය දිසාය සල්ලවතී නාම නදී, තතො පරං පච්චන්තිමා ජනපදා, ඔරතො මජ්ඣෙ. දක්ඛිණාය දිසාය සෙතකණ්ණිකං නාම නිගමො, තතො පරං පච්චන්තිමා ජනපදා, ඔරතො මජ්ඣෙ. පච්ඡිමාය දිසාය ථූණං නාම බ්රාහ්මණගාමො, තතො පරං පච්චන්තිමා ජනපදා, ඔරතො මජ්ඣෙ. උත්තරාය දිසාය උසීරද්ධජො නාම පබ්බතො, තතො පරං පච්චන්තිමා ජනපදා, ඔරතො මජ්ඣෙ. අයං මජ්ඣිමදෙසො ආයාමෙන තීණි යොජනසතානි, විත්ථාරෙන අඩ්ඪතෙය්යානි, පරික්ඛෙපෙන නව යොජනසතානි හොන්ති. එසො පතිරූපදෙසො නාම.
තවත් අදහසකි. (මහ බෝ මැඩට) පෙර දිගින් කජඞ්ගල නම් නියම් ගමය. ඉන් පිටත මහා ශාලයෝය, ඉන් ඔබ්බෙහි ප්‍රත්‍යන්ත ජනපදයෝය. ඉන් මොබ මධ්‍ය දේශයයි, දක්ෂිණ පූර්ව දිශාවෙන් (ගිණිකොනින්) සල්ලවතී නම් ගඞ්ගාවය, ඉන් ඔබ්බෙහි ප්‍රත්‍යන්ත ජනපදයෝය, ඉන් මොබ මධ්‍ය දේශයයි. අපර (බටහිර) දිගින් ථූණ නම් බමුණු ගමය. එයින් ඔබ්බෙහි ප්‍රත්‍යන්ත ජනපදයෝය. ඉන් මොබ මධ්‍ය දේශයයි. උතුරු දිගින් උශීර ද්වජ නම් පර්වතයයි, ඉන් ඔබ්බෙහි ප්‍රත්‍යන්ත ජනපදයෝය. ඉන් මොබ මධ්‍ය දේශයයි, දිගින් යොදුන් තුන් සීයකි. පළලින් යොදුන් දෙසිය පනහකි. වට ප්‍රමාණයෙන් යොදුන් නවසීයකි. මෙය ප්රතිරූප දේශ නමි,
එත්ථ චතුන්නං මහාදීපානං ද්විසහස්සානං පරිත්තදීපානඤ්ච ඉස්සරියාධිපච්චකාරකා චක්කවත්තී උප්පජ්ජන්ති, එකං අසඞ්ඛ්යෙය්යං කප්පසතසහස්සඤ්ච පාරමියො පූරෙත්වා සාරිපුත්තමොග්ගල්ලානාදයො මහාසාවකා උප්පජ්ජන්ති, ද්වෙ අසඞ්ඛ්යෙය්යානි කප්පසතසහස්සඤ්ච පාරමියො පූරෙත්වා පච්චෙකබුද්ධා, චත්තාරි අට්ඨ සොළස වා අසඞ්ඛ්යෙය්යානි කප්පසතසහස්සඤ්ච පාරමියො පූරෙත්වා සම්මාසම්බුද්ධා උප්පජ්ජන්ති. තත්ථ සත්තා චක්කවත්තිරඤ්ඤො ඔවාදං ගහෙත්වා පඤ්චසු සීලෙසු පතිට්ඨාය සග්ගපරායණා හොන්ති. තථා පච්චෙකබුද්ධානං ඔවාදෙ පතිට්ඨාය, සම්මාසම්බුද්ධානං පන බුද්ධසාවකානං ඔවාදෙ පතිට්ඨාය සග්ගපරායණා නිබ්බානපරායණා ච හොන්ති. තස්මා තත්ථ වාසො ඉමාසං සම්පත්තීනං පච්චයතො මඞ්ගලන්ති වුච්චති.
මෙහි සතර මහා දිවයින්වලටත් දෙදහසක් කුඩා දිවයින්වලටත් ඓශ්චර්යාධිපත්ය කරන්නා වූ සක්විති (රජවරු) උපදිති. එක් අසංඛ්‍යයක් හා කල්ප ලක්ෂයක් පාරමී පුරා සාරිපුත්ත, මොග්ගල්ලාන ආදී මහා ශ්‍රාවකයෝ උපදිත්, අසඞ්ඛ්‍ය දෙකක් හා කල්ප ලක්ෂයක් පාරමී පුරා පසේ බුදුවරු උපදිති. අසඞ්ඛ්‍ය හතරක් අටක්, හෝ දහසයක් හා කල්ප ලක්ෂයක් පාරමී පුරා සම්මා සම්බුදුවරු උපදිති. එහි සත්ත්වයෝ සක්විති රජුන්ගේ අවවාද පිළිගෙන පඤ්ච ශිලයෙහි පිහිටා ස්වර්ග පරායණ වෙති. එසේම පසේ බුදුවරුන්ගේ අවවාදයෙහි පිහිටා (ස්වර්ග පරායණ වෙති) සම්මා සම්බුදුවරුන්ගේ හා බුද්ධ ශ්‍රාවකයන්ගේ අවවාදයෙහි පිහිටා ස්වර්ග පරායණද නිර්වාණාමෘත පරායණද වෙති. එහෙයින් එහි විසීම මේ සම්පත්තීන්ට ප්‍රත්‍ය වන බැවින් “මඞ්ගල” යයි කියනු ලැබේ.
පුබ්බෙ කතපුඤ්ඤතා නාම අතීතජාතියං බුද්ධපච්චෙකබුද්ධඛීණාසවෙ ආරබ්භ උපචිතකුසලතා, සාපි මඞ්ගලං. කස්මා? බුද්ධපච්චෙකබුද්ධසම්මුඛතො දස්සෙත්වා බුද්ධානං බුද්ධසාවකානං වා සම්මුඛා සුතාය චතුප්පදිකායපි ගාථාය පරියොසානෙ අරහත්තං පාපෙතීති කත්වා. යො ච මනුස්සො පුබ්බෙ කතාධිකාරො උස්සන්නකුසලමූලො හොති, සො තෙනෙව කුසලමූලෙන විපස්සනං උප්පාදෙත්වා ආසවක්ඛයං පාපුණාති යථා රාජා මහාකප්පිනො අග්ගමහෙසී ච. තෙන වුත්තං “පුබ්බෙ ච කතපුඤ්ඤතා මඞ්ගල”න්ති.
“පුබ්බෙ කතපුඤ්ඤතා” නම් අතීත ජාතියෙහි බුදු, පසේබුදු, මහරහතුන් අරබයා රැස්කළ කුශල් ඇති බවයි, එයද මඞ්ගලයකි. කුමක් හෙයින්ද යත්? බුදු පසේ බුදුවරුන් සම්මුඛ වශයෙන් දැක බුදුවරුන්ගේ හෝ බුද්ධ ශ්‍රාවකයන්ගේ සම්මුඛයෙන් අසන ලද සතර පාද ඇති ගාථාවක නමුදු අවසානයෙහි රහත් ඵලයට පමුණුවන හෙයිනි. යම් මිනිසෙක් වනාහි පෙර කළ පින් ඇත්තේ උත්සන්න වූ කුසල් මුල් ඇත්තේ වේ ද හෙතෙම ඒ කුශල මූලය කරණ කොට ගෙන විදර්ශනා උපදවා ආශ්රවක්ෂයට (රහත් ඵලයට) පැමිණේ. මහා කප්පින රජ ද අග මෙහෙසිය ද මෙනි. පෙර කරන ලද පින් ඇති බව මඞ්ගලයකැයි එහෙයින් දේශනා කරන ලදි.
අත්තසම්මාපණිධි නාම ඉධෙකච්චො අත්තානං දුස්සීලං සීලෙ පතිට්ඨාපෙති, අස්සද්ධං සද්ධාසම්පදාය පතිට්ඨාපෙති, මච්ඡරිං චාගසම්පදාය පතිට්ඨාපෙති. අයං වුච්චති “අත්තසම්මාපණිධී”ති, එසො ච මඞ්ගලං. කස්මා? දිට්ඨධම්මිකසම්පරායිකවෙරප්පහානවිවිධානිසංසාධිගමහෙතුතොති.
“අත්තසම්මාපණිධි” නම් මේ ලෝකයෙහි ඇතමෙක් දුසිල් වූ තමන් ශීලයෙහි පිහිටුවති. අශ්රද්ධාවත් තමන් ශ්‍රද්ධාවෙහි පිහිටුවති. මසුරු වූ තමන් ත්‍යග සම්පදාවෙහි පිහිටුවති. මෙය “අත්ත සම්මා පණිධි” යයි කියනු ලැබේ. එයද මඞ්ගලයකි. කුමක් හෙයින්ද යත්? දිට්ඨ ධම්මික හා සම්පරායික වෛරය ප්‍රහාණයට හා විවිධ ආනිසංස ලැබීමට හේතු වන හෙයිනි.
එවං ඉමිස්සාපි ගාථාය පතිරූපදෙසවාසො ච, පුබ්බෙ ච කතපුඤ්ඤතා, අත්තසම්මාපණිධී චාති තීණියෙව මඞ්ගලානි වුත්තානි. මඞ්ගලත්තඤ්ච නෙසං තත්ථ තත්ථ විභාවිතමෙවාති.
මෙසේ මේ ගාථාවෙන් ද සුදුසු ප්‍රදේශයක විසීම, පෙර කළ පින් ඇති බව, තමා මනාකොට පිහිටීම යයි මඞ්ගල කරුණු තුනක්ම දේශනා කරන ලදි. ඒවායේ මඞ්ගලභාවය ඒ ඒ තැන්වලදී පැහැදිලි කරන ලද්දේමය.
නිට්ඨිතා පතිරූපදෙසවාසො චාති ඉමිස්සා ගාථාය අත්ථවණ්ණනා.
“පතිරූප දෙස වාසොච” යන මේ ගාථාවෙහි අර්ථ වර්ණනාව නිමියෝය.
බාහුසච්චඤ්චාතිගාථාවණ්ණනා
බාහුසච්චඤ්චාතිගාථාවණ්ණනා
ඉදානි බාහුසච්චඤ්චාති එත්ථ බාහුසච්චන්ති බහුස්සුතභාවො. සිප්පන්ති යං කිඤ්චි හත්ථකොසල්ලං. විනයොති කායවාචාචිත්තවිනයනං. සුසික්ඛිතොති සුට්ඨු සික්ඛිතො. සුභාසිතාති සුට්ඨු භාසිතා. යාති අනියතනිද්දෙසො. වාචාති ගිරා බ්යප්පථො. සෙසං වුත්තනයමෙවාති. අයමෙත්ථ පදවණ්ණනා.
දැන් “බාහුසච්චඤ්ච” යන මේ ගාථාවෙහි “බාහු සච්චං” යනු බහුශ්‍රැත භාවයයි. “සිප්පං” යනු යම්කිසි හස්ත (කර්මාන්තයන්හි) දක්ෂ බවයි. “විනයො” යනු කය, වචනය, සිතෙහි හික්මීමයි. “සුසික්ඛිතො” යනු මැනවින් හික්මුණේ. “සුභාසිතා” යනු මැනවින් කියන ලද “යා” යනු අනියමින් දැක්වීමයි, වාචා යනු වචනය, වචන මාර්ගය, සෙස්ස කියන ලද ක්‍රමයටමය. මේ මෙහි පද වර්ණනාවයි.
අත්ථවණ්ණනා පන එවං වෙදිතබ්බා – බාහුසච්චං නාම යං තං “සුතධරො හොති සුතසන්නිචයො”ති (ම· නි· 1.339; අ· නි· 4.22) ච “ඉධෙකච්චස්ස බහුකං සුතං හොති, සුත්තං ගෙය්යං වෙය්‍යාකරණ”න්ති ච (අ· නි· 4.6) එවමාදිනා නයෙන සත්ථුසාසනධරත්තං වණ්ණිතං, තං අකුසලප්පහානකුසලාධිගමහෙතුතො අනුපුබ්බෙන පරමත්ථසච්චසච්ඡිකිරියාහෙතුතො ච මඞ්ගලන්ති වුච්චති. වුත්තඤ්හෙතං භගවතා –
අර්ථ වර්ණනාව වනාහි මෙසේ දත යුතය. “බාහුසච්ච” නම් යම් ඒ පුද්ගලයෙක් “ශ්රැතධරයෙක් වෙයි. රැස් කරගත් ශ්‍රැත ඇත්තෙක් වෙයි” යයි ද මේ ශාසනයෙහි යමෙකු විසින් සූත්‍ර, ගෙය්ය, ව්‍යාකරණ බොහෝ කොට අසන ලද්දේ වෙයි යයි ද මේ ආදී ක්‍රමයට ශාස්තෲ ශාසනධාරි බව වර්ණනා කරන ලද්දේ වේද එය අකුසල් දුරු කිරීමට හා කුසල් ලබා ගැනීමට හේතු වන බැවින්ද පිළිවෙළින් පරමාර්ථය ප්රත්යක්ෂ කිරීමට හේතු වන බැවින්ද මඞ්ගල යයි කියනු ලැබේ. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය දේශනා කරන ලදි.
“සුතවා ච ඛො, භික්ඛවෙ, අරියසාවකො අකුසලං පජහති, කුසලං භාවෙති, සාවජ්ජං පජහති, අනවජ්ජං භාවෙති, සුද්ධමත්තානං පරිහරතී”ති (අ· නි· 7.67).
“මහණෙනි ශ්‍රැතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙමේ අකුසලය දුරු කරයි. කුසලය වඩයි, සාවද්‍ය දේ බැහැර කරයි, නිරවද්‍ය දේ වඩයි, තමා පිරිසිදුව පරිහරණය කරයි” යනුවෙනි.
අපරම්පි වුත්තං –
තවෙකක් ද දේශනා කරන ලදි.
“ධතානං ධම්මානං අත්ථමුපපරික්ඛති, අත්ථං උපපරික්ඛතො ධම්මා නිජ්ඣානං ඛමන්ති, ධම්මනිජ්ඣානක්ඛන්තියා සති ඡන්දො ජායති, ඡන්දජාතො උස්සහති, උස්සහන්තො තුලයති, තුලයන්තො පදහති පදහන්තො කායෙන චෙව පරමත්ථසච්චං සච්ඡිකරොති, පඤ්ඤාය ච අතිවිජ්ඣ පස්සතී”ති (ම· නි· 2.432).
“දරන ලද ධර්මයන්ගේ අර්ථය නුවණින් පරීක්ෂා කරයි, අර්ථය පරික්ෂා කරන්නේ ධර්මය ප්‍රතිවේධයට යෝග්‍ය වේ. ධර්මය ස්වකීය ප්‍රතිවේධයට ගැළපීම ඇති කල්හි ඇල්ම ඇති වේ. හටගත් ඇල්ම ඇත්තේ වෑයම් කරයි. වෑයම් කරන්නේ සසඳයි. සසදන්නේ (සිත) පිහිටුවයි. (සිත) පිහිටුවන්නේ කයින් ද පරම සත්‍යය ප්රත්යක්ෂ කරයි. නුවණින් ද විනිවිද දකියි යනුයි.
අපිච අගාරිකබාහුසච්චම්පි යං අනවජ්ජං, තං උභයලොකහිතසුඛාවහනතො මඞ්ගලන්ති වෙදිතබ්බං.
තවද යම් අගාරික බහුශ්‍රැත බවක් නිවැරදි වේ ද එය දෙලොව හිතසුව ගෙන දෙන හෙයින් මඞ්ගල යයි දත යුතුය.
සිප්පං නාම අගාරිකසිප්පඤ්ච අනගාරිකසිප්පඤ්ච. තත්ථ අගාරිකසිප්පං නාම යං පරූපරොධවිරහිතං අකුසලවිවජ්ජිතං මණිකාරසුවණ්ණකාරකම්මාදිකං, තං ඉධලොකත්ථාවහනතො මඞ්ගලං. අනගාරිකසිප්පං නාම චීවරවිචාරණසිබ්බනාදිසමණපරික්ඛාරාභිසඞ්ඛරණං, යං තං “ඉධ, භික්ඛවෙ, භික්ඛු යානි තානි සබ්රහ්මචාරීනං උච්චාවචානි කිං කරණීයානි, තත්ථ දක්ඛො හොතී”තිආදිනා (දී· නි· 3.345; 360; අ· නි· 10.17) නයෙන තත්ථ තත්ථ සංවණ්ණිතං, යං “නාථකරො ධම්මො”ති ච වුත්තං, තං අත්තනො ච පරෙසඤ්ච උභයලොකහිතසුඛාවහනතො මඞ්ගලන්ති වෙදිතබ්බං.
සිප්ප (ශිල්ප) නම් අගාරිය ශිල්පය ද අනගාරිය ශිල්පය ද වේ, එහි අගාරිය ශිල්පය යනු පරපණ නැසීමෙන් තොරවූ, අකුසලය දුරුකළ මණිකාර (මැණික්කරු) සුවණ්ණකාර (රන්කරු) ආදී කර්මාන්තයි, එය මෙහි ලෝකාර්ථය ගෙන දෙන හෙයින් මඞ්ගල වේ. අනගාරිය ශිල්පය නම් සිවුරු පිළියෙළ කිරීම, මැසීම ආදී ශ්‍රමණ පරිෂ්කාර සකස් කිරීමයි, යම් ඒ කාර්ය්යයක් “මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව සබ්‍රහ්මචාරීන්ගේ යම් ඒ උස් පහත් කළ යුතු කාර්‍ය්‍යයෝ වෙත්ද එහි දක්ෂ වූයේ වෙයි. ආදී ක්‍රමයට ඒ ඒ තන්හි වර්ණනා කරන ලද්දේ වේ ද යමක් නාථකරණ ධර්මයයි දේශනා කරන ලද්දේ වේ ද එය තමාගේ ද අනුන්ගේ ද දෙලොව හිත සුව ගෙන දෙන හෙයින් මඞ්ගල යයි දත යුතුය.
විනයො නාම අගාරිකවිනයො ච අනගාරිකවිනයො ච. තත්ථ අගාරිකවිනයො නාම දසඅකුසලකම්මපථවිරමණං, සො තත්ථ සුසික්ඛිතො අසංකිලෙසාපජ්ජනෙන ආචාරගුණවවත්ථානෙන ච උභයලොකහිතසුඛාවහනතො මඞ්ගලං. අනගාරිකවිනයො නාම සත්තාපත්තික්ඛන්ධඅනාපජ්ජනං, සොපි වුත්තනයෙනෙව සුසික්ඛිතො, චතුපාරිසුද්ධිසීලං වා අනගාරිකවිනයො, සො යථා තත්ථ පතිට්ඨාය අරහත්තං පාපුණාති, එවං සික්ඛනෙන සුසික්ඛිතො ලොකියලොකුත්තරසුඛාධිගමහෙතුතො මඞ්ගලන්ති වෙදිතබ්බො.
“විනය” නම් අගාරිය විනය හා අනගාරිය විනයයි, එහි අගාරිය විනය නම් දශ අකුශල කර්ම පථයෙන් වෙන් වීමයි. හෙතෙම එහි නොකෙලෙසෙන අයුරින් පිළිපැදීමෙන් ද ආචාර ගුණ නියම කර ගැනීමෙන් ද මැනවින් හික්මුණේ දෙලොව හිතසුව ගෙන දෙන හෙයින් මඞ්ගල වේ. අනගාරිය විනය ද සප්ත ආපත්ති ස්කන්ධයෙහි නොයෙදීමයි, හෙතෙමේද කියන ලද ආකාරයට මැනවින් හික්මුණේ වෙයි. නැතහොත් චතුපාරිශුද්ධි ශීලය අනගාරිය විනයයි. හෙතෙම යම්සේ එහි පිහිටීමෙන් රහත් ඵලයට පැමිණේද එසේ හික්මීමෙන් මැනවින් සුශික්ෂිත වූයේ ලෞකික ලෝකෝත්තර සැපය ලැබිමට හේතුවන හෙයින් “මඞ්ගල” යයි දත යුතුය.
සුභාසිතා වාචා නාම මුසාවාදාදිදොසවිරහිතා. යථාහ “චතූහි, භික්ඛවෙ, අඞ්ගෙහි සමන්නාගතො වාචා සුභාසිතා හොතී”ති (සු· නි· සුභාසිතසුත්තං). අසම්ඵප්පලාපා වාචා එව වා සුභාසිතා. යථාහ –
“සුභාසිතාවාචා” (සුභාෂිත වචන) නම් මුසාවාද ආදී දෝෂයන්ගෙන් තොර වූ (වචනයයි) “මහණෙනි අඞ්ග හතරකින් යුක්ත වූ වචනය සුභාෂිත වේ යයි යම්සේ වදාළේද (එහෙයිනි) නැතහොත් සම්ඵප්ඵලාප (හිස් වචන) නොවන වචනම සුභාෂිත වේ. යම්සේ වදාළේද,
“සුභාසිතං උත්තමමාහු සන්තො, ධම්මං භණෙ නාධම්මං තං දුතියං; පියං භණෙ නාප්පියං තං තතියං, සච්චං භණෙ නාලිකං තං චතුත්ථ”න්ති. (සු· නි· 452);
“බුද්ධාදී සත්පුරුෂයෝ සුභාෂිතය උතුම් යයි කීහ. (පළමු අඞ්ගයයි) ධර්මයම කියන්නේය. අධර්මය නොකියන්නේය යන එය දෙවන අඞ්ගයයි. ප්‍රිය වචනම කියන්නේය. අප්‍රිය වචන නොකියන්නේය යන එය තෙවන අඞ්ගයයි. සත්‍යය කියන්නේය බොරු නොකියන්නේය යන එය සතරවන අඞ්ගයයි යනුවෙනි.
අයම්පි උභයලොකහිතසුඛාවහනතො මඞ්ගලන්ති වෙදිතබ්බා. යස්මා ච අයං විනයපරියාපන්නා එව, තස්මා විනයග්ගහණෙන එතං අසඞ්ගණ්හිත්වා විනයො සඞ්ගහෙතබ්බො. අථ වා කිං ඉමිනා පරිස්සමෙන පරෙසං ධම්මදෙසනාදිවාචා ඉධ සුභාසිතා වාචාති වෙදිතබ්බා. සා හි යථා පතිරූපදෙසවාසො, එවං සත්තානං උභයලොකහිතසුඛනිබ්බානාධිගමපච්චයතො මඞ්ගලන්ති වුච්චති. ආහ ච –
මෙයද දෙලොව හිතසුව ගෙන දෙන හෙයින් මඞ්ගල යයි දත යුතුය. මේ සුභාෂිත වචනය ද විනයටම අන්තර්ගත වූයේ වුවත් සුභාෂිත වචනය විනය හා එක් නොකොට විනය සංග්‍රහ කළ යුතුය. නැතහොත් මේ උත්සාහයෙන් කවර ප්‍රයෝජනයක්ද? අනුන්ට ධර්ම දේශනා කරන වචන මෙහි සුභාෂිත වචනයයි දත යුතය. එය වනාහි පතිරූපදේශ වාසය යම් සේද එසේම සත්ත්වයන්ට දෙලොව හිත සුවයට හා නිර්වාණාධිගමයට හේතුවන හෙයින් මංගල යයි කියනු ලැබේ. මෙසේද කීවේය.
“යං බුද්ධො භාසති වාචං, ඛෙමං නිබ්බානපත්තියා; දුක්ඛස්සන්තකිරියාය, සා වෙ වාචානමුත්තමා”ති. (සු· නි· 456);
නිර්වාණයට පැමිණීම සඳහා ද දුක් කෙළවර කිරීම සඳහා ද යම් නිරුපද්‍රව වචනයක් බුදුරජාණන් වහන්සේ වදාරත් නම් එය වචනයන් අතරින් උත්තම වේ” යනුයි.
එවං ඉමිස්සා ගාථාය බාහුසච්චං, සිප්පං, විනයො සුසික්ඛිතො, සුභාසිතා වාචාති චත්තාරි මඞ්ගලානි වුත්තානි. මඞ්ගලත්තඤ්ච නෙසං තත්ථ තත්ථ විභාවිතමෙවාති.
මෙසේ මේ ගාථාවෙන් “බාහුසච්චං, සිප්පං, විනයෝ සුසික්ඛිතෝ, සුභාසිතා වාචා, යයි මඞ්ගලයෝ සතරක් දේශනා කරන ලදහ. ඔවුන්ගේ මඞ්ගලභාවය ඒ ඒ තන්හි පැහැදිලි කළේමය.
නිට්ඨිතා බාහුසච්චඤ්චාති ඉමිස්සා ගාථාය අත්ථවණ්ණනා.
“බාහු සච්චඤ්ච” යන මේ ගාථාවේ අර්ථ වර්ණනාව නිමියේය.
මාතාපිතුඋපට්ඨානන්තිගාථාවණ්ණනා
මාතාපිතුඋපට්ඨානන්තිගාථාවණ්ණනා
ඉදානි මාතාපිතුඋපට්ඨානන්ති එත්ථ මාතු ච පිතු චාති මාතාපිතු. උපට්ඨානන්ති උපට්ඨහනං. පුත්තානඤ්ච දාරානඤ්චාති පුත්තදාරස්ස සඞ්ගණ්හනං සඞ්ගහො. න ආකුලා අනාකුලා. කම්මානි එව කම්මන්තා. සෙසං වුත්තනයමෙවාති අයං පදවණ්ණනා.
දැන් “මාතාපිතු උපට්ඨානං” යන මේ ගාථාවෙහි මාතුච පිතුච (මවද පියාද) මාතාපිතු වේ. උපට්ඨානං යනු උවටැන් කිරීමයි. පුත්තානංච දාරානංච (දරුවන්ටද බිරියන්ටද පුත්තදාරස්ස වේ. සඞ්ග්‍රහ කිරීම “සංගහොයි” න ආකුලා (වියවුල් නොවූයේ) අනාකුලායි. කර්මයෝම කම්මන්තා වේ. ඉතිරිය කියන ලද පරිදිමය. මේ පද වර්ණනාවයි.
අත්ථවණ්ණනා පන එවං වෙදිතබ්බා – මාතා නාම ජනිකා වුච්චති, තථා පිතා. උපට්ඨානං නාම පාදධොවනසම්බාහනුච්ඡාදනන්හාපනෙහි චතුපච්චයසම්පදානෙන ච උපකාරකරණං. තත්ථ යස්මා මාතාපිතරො බහූපකාරා පුත්තානං අත්ථකාමා අනුකම්පකා, යෙ පුත්තකෙ බහි කීළිත්වා පංසුමක්ඛිතසරීරකෙ ආගතෙ දිස්වා පංසුං පුඤ්ඡිත්වා මත්ථකං උපසිඞ්ඝායන්තා පරිචුම්බන්තා ච සිනෙහං උප්පාදෙන්ති, වස්සසතම්පි මාතාපිතරො සීසෙන පරිහරන්තා පුත්තා තෙසං පතිකාරං කාතුං අසමත්ථා. යස්මා ච තෙ ආපාදකා පොසකා ඉමස්ස ලොකස්ස දස්සෙතාරො, බ්රහ්මසම්මතා පුබ්බාචරියසම්මතා, තස්මා තෙසං උපට්ඨානං ඉධ පසංසං, පෙච්ච සග්ගසුඛඤ්ච ආවහති. තෙන මඞ්ගලන්ති වුච්චති. වුත්තඤ්හෙතං භගවතා –
අර්ථ වර්ණනාව වනාහි මෙසේ දත යුතුය. “මාතා” මව නම් උපදවන්නිය කියනු ලැබේ. “පිතා” පියා ද එසේමය. උපස්ථානය නම් පා සේදීම, සම්බාහනය, ඇඟ ඉලීම හා නැවීමෙන්ද සිව්පසය සපයා දීමෙන්ද උපකාර කිරීමයි. එහිදී යම් හෙයකින් මව්පියවරු දරුවන්ට බොහෝ උපකාර ඇත්තාහුද අර්ථය කැමැත්තෝ ද අනුකම්පා කරන්නෝ ද වෙත්ද දරුවන් පිටත ක්‍රීඩා කොට පස්වලින් ගැවසුණු ශරීර ඇතිව පැමිණි කල්හි දැක පස් පිසදමා හිස් මුදුන සිඹින්නාහු හාත්පසින් සිඹින්නාහු සෙනෙහස උපදවත්ද ඒ දරුවෝ වසර සියයක් නමුදු මව්පියවරුන් විසින් දරන්නාහු ඒ මව්පියන්ට ප්‍රත්‍යූපකාර කිරීමට අසමත් වෙති. යම් හෙයකින් ඒ දෙමව්පියෝ (දරුවන්) ඇතිදැඩි කරන්නෝ පෝෂණය කරන්නෝ ලෝකය දක්වන්නෝ ‘බ්‍රහ්ම’ යයි සම්මත වූවෝ පූර්වාචාර්ය්යයයි සම්මත වූවෝ වෙත්ද එහෙයින් ඔවුන්ට උපස්ථාන කිරීම මෙලොව ප්‍රශංසාවද පරලොව ස්වර්ග සැපය ද ගෙන දෙයි. එහෙයින් මඞ්ගල යයි කියනු ලැබේ. භාග්‍යවතුන් වහන්සේ විසින්,
“බ්‍රහ්මාති මාතාපිතරො, පුබ්බාචරියාති වුච්චරෙ; ආහුනෙය්යා ච පුත්තානං, පජාය අනුකම්පකා.
“මව්පියෝ දරුවන්ට බ්‍රහ්මය හයිද පූර්වාචාර්ය්යහයිද ආහුනෙය්යහයිද දරුවන්ට අනුකම්පා කරන්නාහු යයි ද කියනු ලැබෙත්.
“තස්මා හි නෙ නමස්සෙය්ය, සක්කරෙය්ය ච පණ්ඩිතො; අන්නෙන අථ පානෙන, වත්ථෙන සයනෙන ච;
“එහෙයින් නුවණැත්තා ඔවුන්ට නමස්කාර කරන්නේය. ආහාරයෙන්ද යලි පානයෙන්ද වස්ත්‍රයෙන්ද යහනින්ද ඇඟ ඉලීමෙන්ද නෑවීමෙන්ද පා දෙවීමෙන්ද ඔවුන්ට සත්කාර කරන්නේය.
උච්ඡාදනෙන න්හාපනෙන, පාදානං ධොවනෙන ච. “තාය නං පාරිචරියාය, මාතාපිතූසු පණ්ඩිතා; ඉධෙව නං පසංසන්ති, පෙච්ච සග්ගෙ පමොදතී”ති. (ඉතිවු· 106; ජා· 2.20.181-183);
මව්පියන් කෙරෙහි ඒ සේවය කිරීමෙන් පණ්ඩිතයෝ මෙලොවදී ප්‍රශංසා ලබත්. හේ පරලොව ගොස් සවර්ගයෙහි සතුටු වේ යන මෙය දේශනා කරන ලදි.
අපරො නයො – උපට්ඨානං නාම භරණකිච්චකරණකුලවංසට්ඨපනාදිපඤ්චවිධං, තං පාපනිවාරණාදිපඤ්චවිධදිට්ඨධම්මිකහිතසුඛහෙතුතො මඞ්ගලන්ති වෙදිතබ්බං. වුත්තඤ්හෙතං භගවතා –
තවත් අර්ථකථනයක් ඇත. උපස්ථානය නම් භරණ (පෝෂණය කිරීම) කිච්චකරණ (කළ යුතු කාර්ය්ය කිරීම), කුලවංසට්ඨපන (කුල පරම්පරාව පවත්වාගෙන යාම) ආදී වශයෙන් පස් ආකාර වේ. එය පවින් වැලැක්වීම ආදී පස් වැදෑරුම් දිට්ඨ ධම්මික (මෙලොවට අයත්) යහපතට හේතුවන බැවින් මඞ්ගල යයි දත යුතය. භාග්‍යවතුන් වහන්සේ විසින්
“‘පඤ්චහි ඛො, ගහපතිපුත්ත, ඨානෙහි පුත්තෙන පුරත්ථිමා දිසා මාතාපිතරො පච්චුපට්ඨාතබ්බා භතො නෙ භරිස්සාමි, කිච්චං නෙසං කරිස්සාමි, කුලවංසං ඨපෙස්සාමි, දායජ්ජං පටිපජ්ජිස්සාමි, අථ වා පන පෙතානං කාලකතානං දක්ඛිණං අනුප්පදස්සාමී’ති. ඉමෙහි ඛො, ගහපතිපුත්ත, පඤ්චහි ඨානෙහි පුත්තෙන පුරත්ථිමා දිසා මාතාපිතරො පච්චුපට්ඨිතා පඤ්චහි ඨානෙහි පුත්තං අනුකම්පන්ති, පාපා නිවාරෙන්ති, කල්‍යාණෙ නිවෙසෙන්ති, සිප්පං සික්ඛාපෙන්ති, පතිරූපෙන දාරෙන සංයොජෙන්ති, සමයෙ දායජ්ජං නිය්යාදෙන්තී”ති (දී· නි· 3.267).
“ගෘහපති පුත්‍රය පුත්‍රයා විසින් කරුණු පහකින් පෙරදිග නම් වූ මව්පියෝ උපස්ථාන කළ යුත්තාහ. ඔවුන් විසින් පෝෂිත වූ මම ඔවුන් පෝෂණය කරන්නෙමි. ඔවුනට පැමිණී කටයුතු කරන්නෙමි. කුල පරපුර රැකගන්නෙමි. මව්පියන්ගෙන් ලැබූ දෑවැද්ද (ඔවුන්ගේ අවවාද පරිදි) පවත්වන්නෙමි. කළුරිය කළ පරලොව ගිය මාපියනට පින් දෙන්නෙමි යනුයි. ගෘහපති පුත්‍රය මේ කරුණු පහෙන් පුතු විසින් පෙරදිග වූ මව්පියෝ උවටන් කරන ලදහු කරුණු පහකින් යුතුව අනුකම්පා කෙරෙත්. (මව්පියෝ) පුතු පවින් වළක්වත්, පිනෙහි යොදවත්, ශිල්ප හදාරවත්, සුදුසු ස්ත්‍රියක පාවාදෙත්, සුදුසු කල්හි දෑවැද්ද පවරා දෙත්” යන මෙය දේශනා කරන ලදි.
අපිච යො මාතාපිතරො තීසු වත්ථූසු පසාදුප්පාදනෙන, සීලසමාදාපනෙන, පබ්බජ්ජාය වා උපට්ඨහති, අයං මාතාපිතුඋපට්ඨාකානං අග්ගො. තස්ස තං මාතාපිතුඋපට්ඨානං මාතාපිතූහි කතස්ස උපකාරස්ස පච්චුපකාරභූතං අනෙකෙසං දිට්ඨධම්මිකානං සම්පරායිකානඤ්ච අත්ථානං පදට්ඨානතො මඞ්ගලන්ති වුච්චති.
තවද යමෙක් මව්පියන් තුළ තෙරුවන් කෙරෙහි ප්‍රසාදය ඉපිදවීමෙන් ද ශීල සමාදානයෙහි යෙදවීමෙන් ද නැතහොත් පැවිද්දට යොමු කිරීමෙන් ද උපස්ථාන කෙරෙයි. මෙතෙම මව්පියන්ට උපස්ථාන කරන්නන් අතර ශ්රේෂ්ඨයාය. ඔහුගේ ඒ මව්පිය උපස්ථානය මව්පියන් විසින් කළ උපකාරයට ප්‍රත්‍යුපකාර වූයේ නොයෙක් ආකාරයේ දිට්ඨධම්මික වූ ද සම්ප්‍රදායික (පරලොවට අයත්) වූ ද අර්ථයන්ට පදනම් වන හෙයින් මඞ්ගල යයි කියනු ලැබේ.
පුත්තදාරස්සාති එත්ථ අත්තතො ජාතා පුත්තාපි ධීතරොපි පුත්තාඉච්චෙව සඞ්ඛ්‍යං ගච්ඡන්ති. දාරාති වීසතියා භරියානං යා කාචි භරියා. පුත්තා ච දාරා ච පුත්තදාරං, තස්ස පුත්තදාරස්ස. සඞ්ගහොති සම්මානනාදීහි උපකාරකරණං. තං සුසංවිහිතකම්මන්තතාදිදිට්ඨධම්මිකහිතසුඛහෙතුතො මඞ්ගලන්ති වෙදිතබ්බං. වුත්තඤ්හෙතං භගවතා – “පච්ඡිමා දිසා පුත්තදාරා වෙදිතබ්බා”ති එත්ථ උද්දිට්ඨං පුත්තදාරං භරියාසද්දෙන සඞ්ගණ්හිත්වා “පඤ්චහි ඛො, ගහපතිපුත්ත, ඨානෙහි සාමිකෙන පච්ඡිමා දිසා භරියා පච්චුපට්ඨාතබ්බා සම්මානනාය, අනවමානනාය, අනති චරියාය, ඉස්සරියවොස්සග්ගෙන, අලඞ්කාරානුප්පදානෙන. ඉමෙහි ඛො, ගහපතිපුත්ත, පඤ්චහි ඨානෙහි සාමිකෙන පච්ඡිමා දිසා භරියා පච්චුපට්ඨිතා පඤ්චහි ඨානෙහි සාමිකං අනුකම්පති, සුසංවිහිතකම්මන්තා ච හොති, සඞ්ගහිතපරිජනා ච, අනතිචාරිනී ච, සම්භතඤ්ච අනුරක්ඛති දක්ඛා ච හොති අනලසා සබ්බකිච්චෙසූ”ති (දී· නි· 3.269).
“පුත්තදාරස්ස” යන මෙහි තමාගෙන් උපන් පුත්තු ද දූවරුද “පුත්‍රයෝ” යයි ගණන් ගැනෙත්. “දාර” යනු විසි වැදෑරුම් භාර්ය්යාවන් අතුරින් යම්කිසි භාර්‍ය්‍යාවක්, පුත්තාච දාරාච (දරුවෝ ද බිරිඳ ද) පුත්තදාරං වේ. ඒ අඹුදරුවන්ට “සඞ්ගහො” යනු සම්මානන (බුහුමන් කිරීම) ආදී උපකාර කිරීමයි. එය සුසංවිහිත කම්මන්ත (මැනවින් සංවිධානය කළ කටයුතු ඇති) ආදී දිට්ඨධම්මික (මෙලොවට අයත් හිත සුවයට හේතුවන බැවින් මඞ්ගලය දත යුතුය. භාග්‍යවතුන් වහන්සේ විසින් “බටහිර දිශාව අඹුදරුවෝ යයි දත යුතුය යන මේ කාරණය දේශනා කරන ලදි. මෙහි දක්වන ලද අඹුදරුවන් “හරිය” ශබ්දයෙන් සංග්‍රහ කොට “ගෘහපති පුත්‍රය කාරණා පහකින් සැමියා විසින් බටහිර දිශාව වූ භාර්‍ය්‍යාවට උපස්ථාන කළ යුතුය. බුහුමන් කිරීමෙන්, අවමන් නොකිරිමෙන් බිරිද ඉක්මවා කටයුතු නොකිරිමෙන් ඓශ්වර්‍ය්‍ය පැවරිමෙන්, වස්ත්රාභරණ පරිත්‍යාග කිරිමෙන් යන මේ කරුණු පහෙනි. ගෘහපති පුත්‍රය, මේ කරුණු පහෙන් සැමියා විසින් උපස්ථාන කරනු ලැබූ බටහිර දිශාව වූ භාර්‍ය්‍යාව කරුණු පහකින් සැමියාට අනුකම්පා කරයි. මනා ලෙස සංවිධානය කළ කටයුතු ඇත්තී වෙයි. මනාකොට සංග්‍රහ කළ පරිජනයා (දැසිදස්සන්) ඇත්තී වෙයි. සැමියා ඉක්මවා කටයුතු නොකරයි. උපයන ධනය ආරක්ෂා කරයි. සියලු කාර්‍ය්‍යයන්හි දක්ෂ වූ අනලස් වූ තැනැත්තියක් වෙයි යනුවෙන් වදාළහ.
අයං වා අපරො නයො – සඞ්ගහොති ධම්මිකාහි දානපියවාචාත්ථචරියාහි සඞ්ගණ්හනං. සෙය්යථිදං – උපොසථදිවසෙසු පරිබ්බයදානං, නක්ඛත්තදිවසෙසු නක්ඛත්තදස්සාපනං, මඞ්ගලදිවසෙසු මඞ්ගලකරණං, දිට්ඨධම්මිකසම්පරායිකෙසු අත්ථෙසු ඔවාදානුසාසනන්ති. තං වුත්තනයෙනෙව දිට්ඨධම්මිකහිතහෙතුතො සම්පරායිකහිතහෙතුතො දෙවතාහිපි නමස්සනීයභාවහෙතුතො ච මඞ්ගලන්ති වෙදිතබ්බං. යථාහ සක්කො දෙවානමින්දො –
නැතහොත් මේ තවත් ක්රමයකි. (අර්ථකථනයකි) “සංගහො” යනු ධාර්මික දාන ප්‍රියවචන අර්ථචරියා ආදියෙන් සංග්‍රහ කිරීමයි. ඒ කෙසේද යත්? පොහොය දිනයන්හි පිරිවැය පරිත්‍යාගය නැකැත් දිනයන්හි නැකැත් දැක්වීම මඞ්ගල දිනයන්හි මඞ්ගල කිරිම දිට්ඨ ධම්මික සම්පරායික අර්ථයන්හි අවවාද අනුශාසනා කිරීම ආදියයි. එය කියන ලද ආකාරයට දිට්ඨ ධම්මික යහපතට හේතුවන බැවින්ද සම්පරායික යහපතට හේතුවන බැවින්ද දෙවියන් විසින් ද වැඳිය යුතු බවට හේතු වන බැවින් ද මඞ්ගල යයි දත යුතුය. සක්දෙව් රජ,
“යෙ ගහට්ඨා පුඤ්ඤකරා, සීලවන්තො උපාසකා; ධම්මෙන දාරං පොසෙන්ති, තෙ නමස්සාමි මාතලී”ති. (සං·නි·1.1.264);
“මාතලිය, පින් කරන සිත් යම් ගිහි උපාසකයෙක් දැහැමෙන් අඹුදරුවන් පෝෂණය කරයිද (මම) ඔවුන්ට නමස්කාර කරන්නෙමි”යි යම්සේ ප්‍රකාශ කළේද (එහෙයිනි).
අනාකුලා කම්මන්තා නාම කාලඤ්ඤුතාය පතිරූපකාරිතාය අනලසතාය උට්ඨානවීරියසම්පදාය, අබ්යසනීයතාය ච කාලාතික්කමනඅප්පතිරූපකරණසිථිලකරණාදිආකුලභාවවිරහිතා කසිගොරක්ඛවාණිජ්ජාදයො කම්මන්තා. එතෙ අත්තනො වා පුත්තදාරස්ස වා දාසකම්මකරානං වා බ්යත්තතාය එවං පයොජිතා දිට්ඨෙව ධම්මෙ ධනධඤ්ඤවුද්ධිපටිලාභහෙතුතො මඞ්ගලන්ති වුච්චන්ති. වුත්තඤ්හෙතං භගවතා –
“අනාකුලා කම්මන්තා” (නිරවුල් කර්මාන්ත) නම් සුදුසු කාලය දැන යෝග්‍යතාවට අනුව නොඅලස්ව, නැගී සිටි වීර්‍ය්‍යයෙන් යුතුව විපත්තීන්ගෙන් තොරව (නියමිත) කාලය ඉක්මවා කිරීම, නොමනා කොට කිරිම, නොකිරිම. ලිහිල් කිරීම ආදී අකුශලභාවයන්ගෙන් තොරව කරන ගොවිතැන්, ගව පාලනය, වෙළදාම ආදී කර්මාන්තයෝය. මේවා තමාගේ හෝ අඹුදරුවන්ගේ හෝ දැසිදස් කම්කරුවන්ගේ හෝ දක්ෂතාවය මත [missing trans]
“පතිරූපකාරී ධුරවා, උට්ඨාතා වින්දතෙ ධන”න්ති ච (සු· නි· 185; සං· නි· 1.246).
“ලෞකික ලෝකෝත්තර ධන ලාභය සඳහා උපකාරී වූ චෛතසික වීර්‍ය්‍ය ඇති කායික වීර්‍ය්‍ය සම්පන්න ජනයා ලෞකික හා ලෝකෝත්තර ධනය ලබයි”.
“න දිවා සොප්පසීලෙන, රත්තිමුට්ඨානදෙස්සිනා; නිච්චං මත්තෙන සොණ්ඩෙන, සක්කා ආවසිතුං ඝරං.
දහවල් නිදන සුලු රාත්‍රී පිබිද සිටීම කැමති නොවන නිතර මත් වූ සොඬ වූ තැනැත්තා විසින් ගෙයි වසන්නට නොහැකිය.
“අතිසීතං අතිඋණ්හං, අතිසායමිදං අහු; ඉති විස්සට්ඨකම්මන්තෙ, අත්ථා අච්චෙන්ති මාණවෙ.
ධනයෝ “දැන් ඉතා ශීතය, ඉතා උණය, ඉතා සවස් යයි හරන ලද කර්මාන්ත ඇති මිනිසුන් ඉක්ම යති.
“යොධ සීතඤ්ච උණ්හඤ්ච, තිණා භිය්යො න මඤ්ඤති; කරං පුරිසකිච්චානි, සො සුඛං න විහායතී”ති. (දී· නි· 3.253);
මෙහි යමෙක් ශීතයක්, උෂ්ණයක් තණ පතකට වැඩියෙන් නොතකාද පුරුෂ කාර්ය්යයන් කරන හෙතෙම සැපය අතනොහරී.
“භොගෙ සංහරමානස්ස, භමරස්සෙව ඉරීයතො; භොගා සන්නිචයං යන්ති, වම්මිකොවූපචීයතී”ති. ච එවමාදි (දී· නි· 3.265);
මල් පැණි රැස් කොට මී බඳින බඹරකු සෙයින් (මෙරමා නොපෙළා) භෝග රැස් කරන්නහුගේ භෝග සම්පත්හු වැඩීමට යෙත්. ක්‍රමයෙන් තුඹසක් පස්කැට රැස් කොට බඳිනු ලබන්නාක් මෙනි යනු මේ ආදියයි.
එවං ඉමිස්සා ගාථාය මාතුඋපට්ඨානං, පිතුඋපට්ඨානං, පුත්තදාරස්ස සඞ්ගහො, අනාකුලා ච කම්මන්තාති චත්තාරි මඞ්ගලානි වුත්තානි, පුත්තදාරස්ස සඞ්ගහං වා ද්විධා කත්වා පඤ්ච, මාතාපිතුඋපට්ඨානං වා එකමෙව කත්වා තීණි. මඞ්ගලත්තඤ්ච නෙසං තත්ථ තත්ථ විභාවිතමෙවාති.
මෙසේ මේ ගාථාවෙහිදි “මවට උපස්ථාන කිරීම, පියාට උපස්ථාන කිරිම, අඹුදරුවන්ට සංග්‍රහ කිරීම, නිරවුල් කර්මාන්ත ඇති බව යන මඞ්ගලයෝ හතරක් දේශනා කරන ලදහ. නැතහොත් අඹුදරුවන්ට සංග්‍රහ කිරිම දෙකඩ කොට පහක් වශයෙන් ද නැතහොත් මව්පිය උපස්ථානය එකක්ම කොට තුනක් වශයෙන් ද දේශනා කරන ලදි. ඔවුන්ගේ මඞ්ගලභාවය ඒ ඒ තන්හි පැහැදිලි කළේමය.
නිට්ඨිතා මාතාපිතුඋපට්ඨානන්ති ඉමිස්සා ගාථාය අත්ථවණ්ණනා.
“මාතා පිතු උපට්ඨානං” යන මේ ගාථාවේ අර්ථ වර්ණනාව නිමියේය.
දානඤ්චාතිගාථාවණ්ණනා
දානඤ්චාතිගාථාවණ්ණනා
ඉදානි දානඤ්චාති එත්ථ දීයතෙ ඉමිනාති දානං, අත්තනො සන්තකං පරස්ස පටිපාදීයතීති වුත්තං හොති. ධම්මස්ස චරියා, ධම්මා වා අනපෙතා චරියා ධම්මචරියා. ඤායන්තෙ “අම්හාකං ඉමෙ”ති ඤාතකා. න අවජ්ජානි අනවජ්ජානි, අනින්දිතානි අගරහිතානීති වුත්තං හොති. සෙසං වුත්තනයමෙවාති අයං පදවණ්ණනා.
දැන් “දානඤ්ච” යන මේ ගාථාවෙහි මෙය කරණ කොට ගෙන දෙනු ලැබෙනුයි = දානං වේ. තමා සතු දෙය අනෙකෙකුට පිළියෙළ කර දෙනු ලැබේ යයි කියන ලද්දේ වෙයි. ධර්මයෙහි හැසිරීම හෝ ධර්මයෙන් තොර නොවූ හැසිරිම ධම්මචරියා වේ. මොවුහු අපව දනිත්නුයි “ඤාතකා” වේ. වැරදි නොවන්නේ = අනවජ්ජා වේ. නින්දා නොකරන ලද්දේ ගර්හා නොකරන ලද්දේ යයි කියන ලද්දේ වෙයි. ඉතිරිය කියන ලද ක්‍රමයටමය. මේ පද වර්ණනාවයි.
අත්ථවණ්ණනා පන එවං වෙදිතබ්බා – දානං නාම පරං උද්දිස්ස සුබුද්ධිපුබ්බිකා අන්නාදිදසදානවත්ථුපරිච්චාගචෙතනා, තංසම්පයුත්තො වා අලොභො. අලොභෙන හි තං වත්ථුං පරස්ස පටිපාදෙති, තෙන වුත්තං “දීයතෙ ඉමිනාති දාන”න්ති. තං බහුජනපියමනාපතාදීනං දිට්ඨධම්මිකසම්පරායිකානං ඵලවිසෙසානං අධිගමහෙතුතො මඞ්ගලන්ති වුච්චති. “දායකො, සීහ දානපති, බහුනො ජනස්ස පියො හොති මනාපො”ති එවමාදීනි (අ· නි· 5.34) චෙත්ථ සුත්තානි අනුස්සරිතබ්බානි.
අර්ථ වර්ණනාව වනාහි මෙසේ දත යුතුය. දානය නම් අනුන් උදෙසා සතුට පෙරදැරිව ආහාර ආදී දශ දාන වස්තූන් පරිත්‍යාග කිරීමේ චේතනාවයි. නැතහොත් එම චේතනාවෙන් සමන්විත අලෝභයයි. අලෝභය කරණ කොට ගෙනම ඒ වස්තුව අනෙකාට පිළියෙල කර දෙයි. එහෙයින් මෙය කරණකොට ගෙන දෙනු ලැබෙනුයි = දානය යයි කියන ලදි. එය බොහෝ දෙනාගේ ප්‍රිය මනාප බව ආදී මෙලොවට අයත් හා පරලොවට අයත් ඵල විශේෂයන් ලබා ගැනීමට හේතුවන බැවින් මඞ්ගල වේ. “සීහය, දානපති දායකයා බොහෝ ජනයාට ප්‍රියමනාප වේය”යි එහෙයින් දේශනා කරන ලදී. මේ ආදී සූත්‍රයෝ මෙහිදී සිහිකළ යුත්තාහ.
අපරො නයො – දානං නාම දුවිධං ආමිසදානං, ධම්මදානඤ්ච, තත්ථ ආමිසදානං වුත්තප්පකාරමෙව. ඉධලොකපරලොකදුක්ඛක්ඛයසුඛාවහස්ස පන සම්මාසම්බුද්ධප්පවෙදිතස්ස ධම්මස්ස පරෙසං හිතකාමතාය දෙසනා ධම්මදානං , ඉමෙසඤ්ච ද්වින්නං දානානං එතදෙව අග්ගං. යථාහ –
තවත් ක්රමයකි. (අර්ථකථනයකි) දානය නම් ආමිසදාන, ධර්මදාන වශයෙන් දෙආකාර වේ. එහි ආමිෂ දානය කියන ලද ආකාරමය. මෙලොව පරලොව දුක නැතිකොට සැප ගෙන දෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශිත ධර්මය අන්‍යයන්ට හිත කැමැත්තෙන් දේශනා කිරිම ධර්ම දානය වේ. මේ දානයන් දෙක අතරින්ද ධර්ම දානයම ශ්‍රේෂ්ඨ වේ. යම්සේ වදාළේද
“සබ්බදානං ධම්මදානං ජිනාති, සබ්බරසං ධම්මරසො ජිනාති; සබ්බරතිං ධම්මරති ජිනාති, තණ්හක්ඛයො සබ්බදුක්ඛං ජිනාතී”ති. (ධ· ප· 354);
“සියලු දානයන් අතරින් ධර්ම දානය ජයගනී සියලු රසයන් අතරින් ධර්ම රසය ජයගනී සියලු ඇලීම් අතරින් ධර්මයෙහි ඇලීම ජයගනී තණ්හාව නැති කිරීම සියලු දුක් ජයගනී යයි” ඒ නිසාය.
තත්ථ ආමිසදානස්ස මඞ්ගලත්තං වුත්තමෙව. ධම්මදානං පන යස්මා අත්ථපටිසංවෙදිතාදීනං ගුණානං පදට්ඨානං, තස්මා මඞ්ගලන්ති වුච්චති. වුත්තඤ්හෙතං භගවතා –
එහි ආමිස දානයාගේ මඞ්ගලභාවය කියන ලද්දේමය. ධර්ම දානය වනාහි යම් හෙයකින් අර්ථය අවබෝධ කර ගැනීම ආදී ගුණයන්ට ආසන්න කාරණය වේ ද එහෙයින් මඞ්ගල යයි කියනු ලැබේ. භාග්‍යවතුන් වහන්සේ විසින්
“යථා යථා, භික්ඛවෙ, භික්ඛු යථාසුතං යථාපරියත්තං ධම්මං විත්ථාරෙන පරෙසං දෙසෙති, තථා තථා සො තස්මිං ධම්මෙ අත්ථපටිසංවෙදී ච හොති ධම්මපටිසංවෙදී චා”ති එවමාදි (අ· නි· 5.26).
“මහණෙනි, භික්ෂුතෙමේ ඇසූ පරිදි ඉගෙන ගත් පරිදි ධර්මය විස්තර වශයෙන් අනුන්ට දේශනා කරයිද හෙතෙම එසේ එසේ එම ධර්මයෙහි අර්ථය අවබෝධ කර ගත්තෙක්ද ධර්මය අවබෝධ කර ගත්තෙක්ද වෙයි යන මේ ආදිය දේශනා කරන ලදි.
ධම්මචරියා නාම දසකුසලකම්මපථචරියා. යථාහ – “තිවිධා ඛො ගහපතයො කායෙන ධම්මචරියා සමචරියා හොතී”ති එවමාදි. සා පනෙසා ධම්මචරියා සග්ගලොකූපපත්තිහෙතුතො මඞ්ගලන්ති වෙදිතබ්බා. වුත්තඤ්හෙතං භගවතා – “ධම්මචරියාසමචරියාහෙතු ඛො ගහපතයො එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්තී”ති (ම· නි· 1.439).
ධම්ම චරියා (දහම්හි හැසිරීම) නම් දශ කුශල කර්ම පථ ක්රියාවෝය. “ගෘහපතියෙනි, කයින් කෙරෙන ධර්මචර්ය්යා සමචර්‍ය්‍යා ත්‍රිවිධ වේ” යන මේ ආදිය යම්සේ වදාළේද එහෙයිනි. ඒ මේ ධර්ම චර්‍ය්‍යාව ස්වර්ග ලෝකයෙහි උපත ලැබීමට හේතුවන බැවින් මඞ්ගල යයි දත යුතුය. භාග්‍යවතුන් වහන්සේ විසින් “ගෘහපතියෙනි, ධර්ම චර්ය්යා, සම චර්ය්යා හේතුවෙන් මේ ලෝකයෙහි සමහර සත්ත්ව කෙනෙක් කය බිඳීමෙන් මරණින් පසු සුගතිය වූ ස්වර්ග ලෝකයෙහි උපදිත්” යන මෙය දේශනා කරන ලදි.
ඤාතකා නාම මාතිතො වා පිතිතො වා යාව සත්තමා පිතාමහයුගා සම්බන්ධා. තෙසං භොගපාරිජුඤ්ඤෙන වා බ්යාධිපාරිජුඤ්ඤෙන වා අභිහතානං අත්තනො සමීපං ආගතානං යථාබලං ඝාසච්ඡාදනධනධඤ්ඤාදීහි සඞ්ගහො පසංසාදීනං දිට්ඨධම්මිකානං සුගතිගමනාදීනඤ්ච සම්පරායිකානං විසෙසාධිගමානං හෙතුතො මඞ්ගලන්ති වුච්චති.
ඤාතකා (නෑයෝ) නම් මව් පසින් හෝ පිය පසින් හෝ සත්වෙනි පිතාමහ (සීයා) යුගය දක්වා සම්බන්ධය. භෝගයෙන් පිරිහීමෙන් හෝ ව්‍යාධියෙන් පිරිහීමෙන් හෝ පහර ලැබ තමා සමීපයට පැමිණි ඒ ඥාතීන්ට ශක්ති පමණින් ආහාර වස්ත්‍ර ධන ධාන්‍ය ආදියෙන් සංග්‍රහ කිරීම ප්‍රශංසා ආදී දිට්ඨධම්මික (මෙලොවට අයත්) වූ ද සුගතියට යාම ආදී සම්පරායික (පරලොවට අයත්) වූ ද විශේෂයන් ලැබීමට හේතු වන බැවින් මඞ්ගල යයි කියනු ලැබේ.
අනවජ්ජානි කම්මානි නාම උපොසථඞ්ගසමාදානවෙය්යාවච්චකරණආරාමවනරොපනසෙතුකරණාදීනි කායවචීමනොසුචරිතකම්මානි. තානි හි නානප්පකාරහිතසුඛාධිගමහෙතුතො මඞ්ගලන්ති වුච්චන්ති. “ඨානං ඛො පනෙතං, විසාඛෙ, විජ්ජති යං ඉධෙකච්චො ඉත්ථී වා පුරිසො වා අට්ඨඞ්ගසමන්නාගතං උපොසථං උපවසිත්වා කායස්ස භෙදා පරං මරණා චාතුමහාරාජිකානං දෙවානං සහබ්යතං උපපජ්ජෙය්යා”ති එවමාදීනි චෙත්ථ සුත්තානි (අ· නි· 8.43) අනුස්සරිතබ්බානි.
“අනවජ්ජ කම්මානි” (නිවැරදි කර්මාන්ත) නම් පෙහෙවස් සමාදන් වීම, වතාවත් කිරීම, උයන් හා වන වගාව, ඒ දඬු පාලම් ඉදිකිරීම ආදී කාය වචී මනෝ සුචරිත කර්මයි. ඒවා වනාහි නොයෙක් ආකාරයේ හිත සුව ලැබීමට හේතු වන බැවින් මඞ්ගල යයි කියනු ලැබේ. “විශාඛයෙනි, යම් හෙයකින් මෙලොව සමහර ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ අටඟින් යුත් පෙහෙවස් වැස කාබුන් මරණින් මතු චතුර්මහාරාජික වැසි දෙවියන්ගේ සහභාවයට එළඹෙන්නේය. යන මේ කරුණ ඇත. (උපොසථසුත්ත) යන මේ ආදී සුත්‍ර මෙහිදී සිහිකළ යුතුය.
එවං ඉමිස්සා ගාථාය දානඤ්ච, ධම්මචරියා ච, ඤාතකානඤ්ච සඞ්ගහො, අනවජ්ජානි කම්මානීති චත්තාරි මඞ්ගලානි වුත්තානි. මඞ්ගලත්තඤ්ච නෙසං තත්ථ තත්ථ විභාවිතමෙවාති.
මෙසේ මේ ගාථාවෙහි දානය, ධර්මචර්ය්යාව, ඥාති සංග්‍රහය, නිවැරදි කර්මාන්ත යයි මඞ්ගලයෝ හතරක් දේශනා කරන ලදහ. ඔවුන්ගේ මඞ්ගලභාවය ඒ ඒ තන්හි පැහැදිලි කරන ලද්දෝමය.
නිට්ඨිතා දානඤ්චාති ඉමිස්සා ගාථාය අත්ථවණ්ණනා.
“දානඤ්ච” යන මේ ගාථාවේ අර්ථ වර්ණනාව නිමියේය.
ආරතීතිගාථාවණ්ණනා
ආරතීතිගාථාවණ්ණනා
ඉදානි ආරතී විරතීති එත්ථ ආරතීති ආරමණං, විරතීති විරමණං, විරමන්ති වා එතාය සත්තාති විරති. පාපාති අකුසලා. මදනීයට්ඨෙන මජ්ජං, මජ්ජස්ස පානං මජ්ජපානං, තතො මජ්ජපානා. සංයමනං සංයමො අප්පමජ්ජනං අප්පමාදො. ධම්මෙසූති කුසලෙසු. සෙසං වුත්තනයමෙවාති අයං පදවණ්ණනා.
දැන් “ආරතී විරති” යන මෙහි ආරති යනු ඇලීමයි. විරති යනු වෙන්වීමයි. නැතහොත් සත්ත්වයෝ මේවායින් වැළකෙතියි = විරති වේ. පාපා යනු අකුශලයෝය. මත්විය යුතු අර්ථයෙන් “මජ්ජ” වේ. මජ්ජස්ස පානං (මත්වීමට හේතුවන පානය) “මජ්ජපානං” වේ. එයින් යන අර්ථයෙන් මජ්ජපානා වේ. සංවරය = “සංයමො” වේ. නොපමා වීම = අප්පමාදො වේ. ධම්මෙසු යනු කුශලයන්හි, ඉතිරිය කියන ලද ක්‍රමයටමය. මේ පද වර්ණනාවයි.
අත්ථවණ්ණනා පන එවං වෙදිතබ්බා – ආරති නාම පාපෙ ආදීනවදස්සාවිනො මනසා එව අනභිරති. විරති නාම කම්මද්වාරවසෙන කායවාචාහි විරමණං, සා චෙසා විරති නාම සම්පත්තවිරති, සමාදානවිරති, සමුච්ඡෙදවිරතීති තිවිධා හොති, තත්ථ යා කුලපුත්තස්ස අත්තනො ජාතිං වා කුලං වා ගොත්තං වා පටිච්ච “න මෙ එතං පතිරූපං, ය්වාහං ඉමං පාණං හනෙය්යං, අදින්නං ආදියෙය්‍ය”න්තිආදිනා නයෙන සම්පත්තවත්ථුතො විරති, අයං සම්පත්තවිරති නාම. සික්ඛාපදසමාදානවසෙන පවත්තා සමාදානවිරති නාම, යස්සා පවත්තිතො පභුති කුලපුත්තො පාණාතිපාතාදීනි න කරොති. අරියමග්ගසම්පයුත්තා සමුච්ඡෙදවිරති නාම, යස්සා පවත්තිතො පභුති අරියසාවකස්ස පඤ්ච භයානි වෙරානි වූපසන්තානි හොන්ති. පාපං නාම යං තං “පාණාතිපාතො ඛො, ගහපතිපුත්ත, කම්මකිලෙසො, අදින්නාදානං…පෙ… කාමෙසුමිච්ඡාචාරො…පෙ… මුසාවාදො”ති එවං විත්ථාරෙත්වා –
අර්ථ වර්ණනාව වනාහි මෙසේ දත යුතුය. “ආරති” නම් පාපයෙහි ආදීනව දකින්නේ මනසින්ම නොඇලීමයි. “විරති” නම් කර්මද්වාර වශයෙන් කය වචනය කරණ කොට ගෙන වෙන් වීමයි. ඒ මේ විරතිය නම් “සම්පත්ත විරති, සමාදාන විරති, සමුච්ඡෙද විරති” යයි ත්‍රිවිධ වේ. එහි කුල පුත්‍රයෙකුහට තමාගේ ජාතිය හෝ කුලය හෝ ගෝත්‍රය හෝ හේතු කොට ගෙන “ඉදින් මම මේ ප්‍රාණය නසන්නෙම් නම් මේ නුදුන් දෙය ගන්නෙම් නම් එය මට සුදුසු නොවේ.” ආදී ක්‍රමයට පැමිණි කටයුත්තෙන් යම් වෙන්වීමක් වේ නම් මෙය සම්පත්ත විරති නම් වේ. ශික්ෂාපද සමාදන් වීම් වශයෙන් පැවති වෙන්වීම සමාදාන විරති නම් වේ. යම් මාර්ග ඵලයකට පත් වීමේ පටන් කුල පුත්‍රයා, ප්‍රාණඝාතාදිය නොකරයිද යම් මාර්ග ඵලයකට පත් වීමේ පටන් ආර්‍ය්‍ය ශ්‍රාවකයාගේ භය වෛර පහක් සංසිඳුනේ වේ ද ඒ ආර්‍ය්‍ය මාර්ගය හා එක්ව යෙදුණු විරතිය සමුච්ඡෙද විරති නම් වේ. “පාපං” යනු ගෘහපති පුත්‍රය, ප්‍රාණඝාතය කර්ම ක්ලේශයකි. අදින්නාදානය පෙ- කාම මිථ්‍යාචාරය මුසාවාදය (කර්ම ක්ලේශයකි) යි මෙසේ විස්තර කොට .
“පාණාතිපාතො අදින්නාදානං, මුසාවාදො ච වුච්චති; පරදාරගමනඤ්චෙව, නප්පසංසන්ති පණ්ඩිතා”ති. (දී· නි· 3.245) –
“ප්‍රාණඝාතය, අදින්නාදානය, මුසාවාද යයි යමක් කියනු ලැබේ නම් එය ද පරඹුවන් කරා යාම ද යන මේ දේ නුවණැත්තෝ නොපසසත්”යි (සිගාලෝවාද සූත්‍රය)
එවං ගාථාය සඞ්ගහිතං කම්මකිලෙසසඞ්ඛාතං චතුබ්බිධං අකුසලං, තතො පාපා. සබ්බාපෙසා ආරති ච විරති ච දිට්ඨධම්මිකසම්පරායිකභයවෙරප්පහානාදිනානප්පකාරවිසෙසාධිගමහෙතුතො මඞ්ගලන්ති වුච්චති. “පාණාතිපාතා පටිවිරතො ඛො, ගහපතිපුත්ත, අරියසාවකො”තිආදීනි චෙත්ථ සුත්තානි අනුස්සරිතබ්බානි.
මෙසේ ගාථාවෙන් සංග්‍රහ කළ කර්මක්ලේශ සඞ්ඛ්‍යාත යම් ඒ සතරාකාර වු අකුශලයක් වේ ද එයයි. එයින් (යන අර්ථයෙන්) පාපා වේ. මේ සියලුම ඇලීම්ද වෙන් වීම ද දිට්ඨ ධම්මික පුද සම්පරායික වූ ද භය වෛර දුරු කිරීම් ආදී නොයෙක් ආකාර විශේෂයන් ලැබීමට හේතු වන බැවින් මඞ්ගල යයි කියනු ලැබේ. “ගෘහපති පුත්‍රය, ප්‍රාණඝාතයෙන් වෙන් වූ ආර්‍ය්‍ය ශ්රාවකයා” (සිගාලෝවාද සුත්ත) ආදී සූත්‍ර මෙහිදී සිහිකළ යුතුය.
මජ්ජපානා සංයමො නාම පුබ්බෙ වුත්තසුරාමෙරයමජ්ජප්පමාදට්ඨානා වෙරමණියා එවෙතං අධිවචනං. යස්මා පන මජ්ජපායී අත්ථං න ජානාති, ධම්මං න ජානාති, මාතු අන්තරායං කරොති, පිතු බුද්ධපච්චෙකබුද්ධතථාගතසාවකානම්පි අන්තරායං කරොති, දිට්ඨෙව ධම්මෙ ගරහං සම්පරායෙ දුග්ගතිං අපරාපරියෙ උම්මාදඤ්ච පාපුණාති. මජ්ජපානා පන සංයමො තෙසං දොසානං වූපසමං තබ්බිපරීතගුණසම්පදඤ්ච පාපුණාති. තස්මා අයං මජ්ජපානා සංයමො මඞ්ගලන්ති වෙදිතබ්බො.
“මජ්ජපානා සංයමො” (මද්‍ය පානයෙන් වැළකීම) නම් පෙර කියන ලද මදයට හා ප්‍රමාදයට හේතු වන රහ මෙරින් වෙන් වීමට මෙය නමකි. යම් හෙයකින් වනාහි මද්‍යපානය කරන්නා අර්ථය නොදනී ද, ධර්මය නොදනීද, මවට අනතුරු කරයි ද, පියාට, බුදුන් වහන්සේට, පසේ බුදුන් වහන්සේට තථාගත ශ්‍රාවකයන්ට අනතුරු කරයි ද මෙලොවදීම ගර්හාවට ද පරලොව දුගතියට ද සසර මතු මත්තෙහි උම්මාදයට ද පමුණුවයි. මද්‍යපානයෙන් වැළකුණු තැනැත්තේ වනාහි එකී දෝෂයන්ගේ සංසිදීමෙන් එහි විපරීතය (අනෙක් පැත්ත) වු ගුණ සම්පත්තියට ද පැමිණෙයි. එබැවින් මේ මද්‍ය පානයෙන් සංයම වීම මඞ්ගල යයි දත යුතුය.
කුසලෙසු ධම්මෙසු අප්පමාදො නාම “කුසලානං වා ධම්මානං භාවනාය අසක්කච්චකිරියතා, අසාතච්චකිරියතා, අනට්ඨිතකිරියතා, ඔලීනවුත්තිතා, නික්ඛිත්තඡන්දතා, නික්ඛිත්තධුරතා, අනාසෙවනා, අභාවනා, අබහුලීකම්මං, අනධිට්ඨානං, අනනුයොගො, පමාදො. යො එවරූපො පමාදො පමජ්ජනා පමජ්ජිතත්තං, අයං වුච්චති පමාදො”ති (විභ· 846). එත්ථ වුත්තස්ස පමාදස්ස පටිපක්ඛවසෙන අත්ථතො කුසලෙසු ධම්මෙසු සතියා අවිප්පවාසො වෙදිතබ්බො. සො නානප්පකාරකුසලාධිගමහෙතුතො අමතාධිගමහෙතුතො ච මඞ්ගලන්ති වුච්චති. තත්ථ “අප්පමත්තස්ස ආතාපිනො”ති ච (ම· නි· 2.18; අ· නි· 5.26), “අප්පමාදො අමතං පද”න්ති ච, එවමාදි (ධ· ප· 21) සත්ථු සාසනං අනුස්සරිතබ්බං.
“කුසලෙසු ධම්මෙසු අප්පමාදො” (කුශල ධර්මයන්හි නොපමා වීම) නම් “කුශල ධර්මයන්ගේ වැඩීම පිණිස නොසලකා කරන බවෙක්, නොනැවතී ක්‍රියා නොකරන බවෙක්, නොනිමි ක්‍රියා ඇති බවක් හකුළුණු පැවතුම් ඇති බවෙක්, බහා තැබු කැමැත්ත ඇති බවෙක්, බහා තැබු ධුර ඇති බවෙක්, සේවනය නොකිරීමෙක්, නො වැඩීමෙක්, බහුල නොකිරිමෙක්, නොපිහිටීමෙක්, අනුයෝග රහිත වීමෙක්, ප්‍රමාදයෙක් වේ ද, මෙබඳු වූ යම් ප්‍රමාදයක්, පමාවීමක්, පමා වූ බවක් වේ ද මෙය “ප්‍රමාදය” යයි කියනු ලැබේ. (විභඞ්හ) මෙහි කියන ලද ප්‍රමාදයට විරුද්ධ ක්‍රමයට අර්ථ වශයෙන් කුශල ධර්මයන්හි සිහියෙන් තොර නොවී විසීම යයි දත යුතුය. එය විවිධාකාර කුශලයන් අධිගමයට හේතු වන බැවින් හෝ නිවන අවබෝධ කර ගැනීමට හේතුවන බැවින් මඞ්ගල යයි කියනු ලැබේ. එහිදී “කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුත් අප්රමාදී තැනැත්තාට (අට්ඨනාගර සුත්ත) යයි ද “නොපමාවීම නිවනට මගය” (ධම්මපදය) යයි ද මේ ආදී ශාස්තෲ අනුශාසනයන් සිහි කළ යුතුය.
එවං ඉමිස්සා ගාථාය පාපා විරති, මජ්ජපානා සංයමො, කුසලෙසු ධම්මෙසු අප්පමාදොති තීණි මඞ්ගලානි වුත්තානි. මඞ්ගලත්තඤ්ච නෙසං තත්ථ තත්ථ විභාවිතමෙවාති.
මෙසේ මේ ගාථාවෙන් පවෙන් වැළකීම, මද්‍ය පානයෙහි සංයමය, කුශල ධර්මයන්හි අප්රමාදී වීම යයි මඞ්ගලයෝ තුනක් දේශනා කරන ලදහ. ඔවුන්ගේ මඞ්ගලභාවය ද ඒ ඒ තන්හි පැහැදිලි කරන ලද්දේමය.
නිට්ඨිතා ආරතීති ඉමිස්සා ගාථාය අත්ථවණ්ණනා.
“ආරති විරති පාපා” යන මේ ගාථාවෙහි අර්ථ වර්ණනාව නිමියේය.
ගාරවොචාතිගාථාවණ්ණනා
ගාරවොචාතිගාථාවණ්ණනා
ඉදානි ගාරවො චාති එත්ථ ගාරවොති ගරුභාවො. නිවාතොති නීචවුත්තිතා. සන්තුට්ඨීති සන්තොසො. කතස්ස ජානනතා කතඤ්ඤුතා. කාලෙනාති ඛණෙන සමයෙන. ධම්මස්ස සවනං ධම්මස්සවනං. සෙසං වුත්තනයමෙවාති අයං පදවණ්ණනා.
දැන් “ගාරවොච” යන මේ ගාථාවෙහි “ගාරවො” යනු ගරු කටයුතු බවයි. “නිවාතො” යනු යටහත් පැවතුම් ඇති බවයි. සන්තුටඨි යනු සන්තෝෂයයි. කළ දේ දන්නා බව කතඤ්ඤුතා වේ. “කාලෙන” යනු ක්ෂණයෙන්, කාලයෙන්, ධම්මස්ස සවණං (ධර්මයාගේ ශ්‍රවණය) = ධම්ම සවණං වේ. ඉතිරිය කියන ලද ක්‍රමයටමය. මේ පද වර්ණනාවයි.
අත්ථවණ්ණනා පන එවං වෙදිතබ්බා – ගාරවො නාම ගරුකාරප්පයොගාරහෙසු බුද්ධපච්චෙකබුද්ධතථාගතසාවකආචරියුපජ්ඣායමාතාපිතුජෙට්ඨකභාතිකභගිනීආදීසු යථානුරූපං ගරුකාරො ගරුකරණං සගාරවතා. ස චායං ගාරවො යස්මා සුගතිගමනාදීනං හෙතු. යථාහ –
අර්ථ වර්ණනාව වනාහි මෙසේ දත යුතුය. “ගාරවො” නම් ගුරු බුහුමන් කිරීමට සුදුසු බුදු, පසේ බුදු, තථාගත ශ්‍රාවක, ආචාර්ය්ය උපාධ්‍යාය, මව, පියා, දෙටු සොහොයුරු සොහොයුරිය ආදීන් කෙරෙහි සුදුසු පරිදි ගරු කිරීම, ගරුකරණය, ගෞරව ඇති බවයි. ඉදින් මේ ගෞරවය යම් හෙයකින් සුගති ගමනාදියට හේතු වේ ද,
“ගරුකාතබ්බං ගරුං කරොති, මානෙතබ්බං මානෙති, පූජෙතබ්බං පූජෙති. සො තෙන කම්මෙන එවං සමත්තෙන එවං සමාදින්නෙන කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති. නො චෙ කායස්ස…පෙ… උපපජ්ජති, සචෙ මනුස්සත්තං ආගච්ඡති, යත්ථ යත්ථ පච්චාජායති, උච්චාකුලීනො හොතී”ති (ම· නි· 3.295).
“ගරු කළ යුත්තන්ට ගරු කෙරේද, බුහුමන් කළ යුත්තන්ට බුහුමන් කෙරේද, පිදිය යුත්තන්ට පුදයිද හෙතෙම ඒ කර්මය හේතු කොට ගෙන මෙසේ පිදීම හේතු කොට ගෙන, මෙසේ සමාදන් වීම හේතු කොට ගෙන කාබුන් මරණින් මතු සුගති සඞ්ඛ්‍යාත ස්වර්ග ලෝකයෙහි උපදියි. ඉදින් කයෙහි -පෙ- නූපදියිද ඉදින් මිනිස් බවට පැමිණියේ ද යම් යම් තැනක උපදී ද උසස් කුලවන්තයෙක් වේ (චූල කම්ම විභඞ්ග සුත්ත) යයි ද,
යථා චාහ – “සත්තිමෙ, භික්ඛවෙ, අපරිහානියා ධම්මා. කතමෙ සත්ත? සත්ථුගාරවතා”තිආදි (අ· නි· 7.33), තස්මා මඞ්ගලන්ති වුච්චති.
“මහණෙනි, අපරිහානිය ධර්මයෝ සත් දෙනෙක් වෙති. කවර සතක් ද යත්, ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව ඇති බව (සත්ත කඞ්ගුත්තර) ආදිය ද යම්සේ වදාළේද එහෙයිනි. එහෙයින් මඞ්ගල යයි කියනු ලැබේ.
නිවාතො නාම නීචමනතා නිවාතවුත්තිතා, යාය සමන්නාගතො පුග්ගලො නිහතමානො නිහතදප්පො පාදපුඤ්ඡනකචොළසදිසො ඡින්නවිසාණඋසභසමො උද්ධටදාඨසප්පසමො ච හුත්වා සණ්හො සඛිලො සුඛසම්භාසො හොති, අයං නිවාතො. ස්වායං යසාදිගුණප්පටිලාභහෙතුතො මඞ්ගලන්ති වුච්චති. ආහ ච “නිවාතවුත්ති අත්ථද්ධො, තාදිසො ලභතෙ යස”න්ති එවමාදි (දී· නි· 3.273).
“නිවාතො” නම් යටහත් සිත් ඇති බවයි. යටහත් පැවතුම් ඇති බවයි. යමකින් යුක්ත පුද්ගලයා නිහතමානී වූයේ නැසූ එඩි ඇත්තේ පාපිසින රෙදි කඩක් හා සමවූයේ බිඳුණු අං ඇති ගොනෙකුට සමවූයේ උගුලා දැමූ දළ ඇති සර්පයෙකුහට සම වූයේ ද වී මෘදු වූයේ මෘදු වචන ඇත්තේ සුවදායක කථාබස් ඇත්තේ වේද මෙතෙම නිවාත නම් වේ. ඒ මේ නිවාත ගුණය යශ ආදී ගුණ ලාභය සඳහා හේතුවන බැවින් මඞ්ගල යයි කියනු ලැබේ. යමෙක් “යටහත් පැවතුම් ඇත්තේ උඩගු නොවූයේ වේ ද එබඳු තැනැත්තා යශය ලබයි” (ජාතක පාලි) යන මේ ආදිය වදාළේ එහෙයිනි.
සන්තුට්ඨි නාම ඉතරීතරපච්චයසන්තොසො, සො ද්වාදසවිධො හොති. සෙය්යථිදං – චීවරෙ යථාලාභසන්තොසො, යථාබලසන්තොසො, යථාසාරුප්පසන්තොසොති තිවිධො. එවං පිණ්ඩපාතාදීසු.
“සන්තුට්ඨි” නම් ඉතරීතර (අනෙක් අනෙක් හෙවත් ලැබෙන අයුරින්) ප්‍රත්‍යයෙන් සතුටු වීමයි. එය දොළොස් ආකාර වේ. ඒ කවරේද යත්? සිවුරෙහි - යථාලාභ සන්තොස, යථා බල සන්තොස, යථා සාරුප්ප සන්තොස වශයෙන් ත්‍රිවිධ වේ. පිණ්ඩපාත ආදියෙහි ද එසේමය.
තස්සායං පභෙදවණ්ණනා – ඉධ භික්ඛු චීවරං ලභති සුන්දරං වා අසුන්දරං වා. සො තෙනෙව යාපෙති, අඤ්ඤං න පත්ථෙති, ලභන්තොපි න ගණ්හාති, අයමස්ස චීවරෙ යථාලාභසන්තොසො. අථ පන භික්ඛු ආබාධිකො හොති, ගරුං චීවරං පාරුපන්තො ඔණමති වා කිලමති වා, සො සභාගෙන භික්ඛුනා සද්ධිං තං පරිවත්තෙත්වා ලහුකෙන යාපෙන්තොපි සන්තුට්ඨොව හොති, අයමස්ස චීවරෙ යථාබලසන්තොසො. අපරො භික්ඛු පණීතපච්චයලාභී හොති, සො පට්ටචීවරාදීනං අඤ්ඤතරං මහග්ඝං චීවරං ලභිත්වා “ඉදං ථෙරානං චිරපබ්බජිතානං බහුස්සුතානඤ්ච අනුරූප”න්ති තෙසං දත්වා අත්තනා සඞ්කාරකූටා වා අඤ්ඤතො වා කුතොචි නන්තකානි උච්චිනිත්වා සඞ්ඝාටිං කරිත්වා ධාරෙන්තොපි සන්තුට්ඨොව හොති, අයමස්ස චීවරෙ යථාසාරුප්පසන්තොසො.
මේ ඒ ප්රභේදයන්ගේ වර්ණනාවයි. මේ ශාසනයෙහි භික්ෂුවක් සුන්දර හෝ අසුන්දර සිවුරක් ලබයි. හෙතෙම එම සිවුරෙන්ම යැපෙයි. වෙනත් සිවුරක් නොපතයි. ලැබෙන්නේ නමුදු නොගනියි. මේ ඔහුගේ සිවුර පිළිබඳ යථාලාභ සන්තෝෂයයි. ඉක්බිති වනාහි (හෙතෙම) ආබාධ සහිත වේ ද බර සිවුරක් පොරවන්නේ නැමෙයි හෝ ක්ලාන්ත වේයි ද හෙතෙම සභාග (සමාන පැවතුම් ඇති) භික්ෂුවක සමඟ එම සිවුර මාරු කොට සැහැල්ලු සිවුරකින් යැපෙන්නේ නමුදු සතුටු වුවෙක්ම වේද මෙය මොහුගේ සිවුර පිළිබඳ යථාබල සන්තෝෂයයි. වෙනත් භික්ෂුවක් ප්‍රණීත ප්‍රත්‍ය ලාභියෙක් වෙයි. හෙතෙම පට සිවුරු ආදියෙන් එක්තරා මාහැගි සිවුරක් ලැබ මෙය ස්ථවිර වූ ද, පැවිදි වී බොහෝ කල් ගත වූ ද, බහුශ්‍රැත වූ ද භික්ෂුන්ට සුදුසු යැයි උන්වහන්සේලාට දී තමා කුණු ගොඩකින් හෝ වෙනත් තැනකින් හෝ කිසියම් තැනකින් රෙදි කඩක් තෝරා ගෙන සඟල සිවුරක් කොට දරන්නේ නමුදු සතුටු වූවෙක් වෙයි ද මෙය මොහුගේ සිවුරෙහි යථා සාරුප්ප සන්තෝෂයයි.
ඉධ පන භික්ඛු පිණ්ඩපාතං ලභති ලූඛං වා පණීතං වා, සො තෙනෙව යාපෙති, අඤ්ඤං න පත්ථෙති, ලභන්තොපි න ගණ්හාති, අයමස්ස පිණ්ඩපාතෙ යථාලාභසන්තොසො. අථ පන භික්ඛු ආබාධිකො හොති, ලූඛං පිණ්ඩපාතං භුඤ්ජිත්වා ගාළ්හං රොගාතඞ්කං පාපුණාති, සො තං සභාගස්ස භික්ඛුනො දත්වා තස්ස හත්ථතො සප්පිමධුඛීරාදීනි භුඤ්ජිත්වා සමණධම්මං කරොන්තොපි සන්තුට්ඨොව හොති, අයමස්ස පිණ්ඩපාතෙ යථාබලසන්තොසො. අපරො භික්ඛු පණීතං පිණ්ඩපාතං ලභති, සො “අයං පිණ්ඩපාතො ථෙරානං චිරපබ්බජිතානං අඤ්ඤෙසඤ්ච පණීතපිණ්ඩපාතං විනා අයාපෙන්තානං සබ්රහ්මචාරීනං අනුරූපො”ති තෙසං දත්වා අත්තනා පිණ්ඩාය චරිත්වා මිස්සකාහාරං භුඤ්ජන්තොපි සන්තුට්ඨොව හොති, අයමස්ස පිණ්ඩපාතෙ යථාසාරුප්පසන්තොසො.
මේ ශාසනයෙහි භික්ෂුවක් රළු හෝ ප්‍රණීත හෝ පිණ්ඩපාතයක් ලබයි ද හෙතෙම එයින්ම යැපෙයිද වෙනත් ආහාරයක් නොපතයිද ලැබෙන්නේ නමුදු නොගනී ද මෙය මේ භික්ෂුවගේ පිණ්ඩපාතයෙහි යථා ලාභ සන්තෝෂයයි. ඉක්බිති වනාහි හේ (ඒ භික්ෂුව) ආබාධ සහිත වූවෙක් වෙයිද රථ පිණ්ඩපාතයක් වළඳා රෝගාබාධය දැඩි බවට පත් වේ ද හෙතෙම සභාග භික්ෂුවකට එය දී එම භික්ෂුවගේ අතින් ගිතෙල් මී පැණි කිරි ආදිය වළදා ශ්‍රමණ ධර්ම කරන්නේ නමුදු සතුටු වුවෙක් ම වෙයි ද මෙය එම භික්ෂවගේ පිණ්ඩපාතයෙහි යථා බල සන්තෝෂයයි. තවත් භික්ෂුවක් ප්‍රණීත පිණ්ඩපාතයක් ලබයි ද හෙතෙම මේ පිණ්ඩපාතය ස්ථවිර වූ පැවිදි වී බොහෝ කල් ගත වූ ප්රණිත පිණ්ඩපාතයකින් තොරව යැපිය නොහැකි අනෙකුත් සබ්‍රහ්මචාරීන් වහන්සේලාට ද සුදුසු යැයි උන්වහන්සේලාට දී තමා පිණ්ඩපාතයේ හැසිර මිශ්‍ර වූ ආහාරය වළදන්නේ නමුදු සතුටු වූවෙක් වෙයි ද මෙය උන්වහන්සේගේ පිණ්ඩපාතයෙහි යථා සාරුප්ප සන්තෝෂයයි.
ඉධ පන භික්ඛුනො සෙනාසනං පාපුණාති. සො තෙනෙව සන්තුස්සති, පුන අඤ්ඤං සුන්දරතරම්පි පාපුණන්තං න ගණ්හාති, අයමස්ස සෙනාසනෙ යථාලාභසන්තොසො. අථ පන භික්ඛු ආබාධිකො හොති, නිවාතසෙනාසනෙ වසන්තො අතිවිය පිත්තරොගාදීහි ආතුරීයති. සො තං සභාගස්ස භික්ඛුනො දත්වා තස්ස පාපුණනෙ සවාතෙ සීතලසෙනාසනෙ වසිත්වා සමණධම්මං කරොන්තොපි සන්තුට්ඨොව හොති, අයමස්ස සෙනාසනෙ යථාබලසන්තොසො. අපරො භික්ඛු සුන්දරං සෙනාසනං පත්තම්පි න සම්පටිච්ඡති “සුන්දරසෙනාසනං පමාදට්ඨානං, තත්ර නිසින්නස්ස ථිනමිද්ධං ඔක්කමති, නිද්දාභිභූතස්ස ච පුන පටිබුජ්ඣතො කාමවිතක්කො සමුදාචරතී”ති. සො තං පටික්ඛිපිත්වා අජ්ඣොකාසරුක්ඛමූලපණ්ණකුටීසු යත්ථ කත්ථචි නිවසන්තොපි සන්තුට්ඨොව හොති, අයමස්ස සෙනාසනෙ යථාසාරුප්පසන්තොසො.
මේ ශාසනයෙහි වනාහි භික්ෂුවකට සෙනසුනක් ලැබේ ද හෙතෙම එයින්ම සතුටු වෙයි. නැවත වෙනත් ඉතාමත් සුන්දර වු (සෙනසුනක්) ලැබෙන්නේ නමුදු නොගනියි. මේ උන්වහන්සේගේ සේනාසනය පිළිබඳ යථාලාභ සන්තෝෂයයි. ඉක්බිති වනාහි ආබාධ සහිත භික්ෂුවක් වේ ද ඉඩ පහසුකම් නොමැති සෙනසුනක වසන්නේ අතිශයින් පිත් රෝගාදියෙන් රෝගාතුර වන්නේ ද ඒ භික්ෂුව සභාග භික්ෂුවකට ඒ සෙනසුන දී තමාට ලැබුණු හමන සුළං ඇති සිසිල් සෙනසුනෙහි වැස ශ්‍රමණ ධර්ම කරන්නේ නමුදු සතුටු වන්නෙක්ම වෙයි. මෙය උන්වහන්සේගේ සෙනසුන පිළිබඳ යථා බල සන්තෝෂයයි. තවත් භික්ෂුවක් සුන්දර සේනාසනයක් ලැබුණේ නමුදු නොපිළිගනී. සුන්දර සෙනසුන ප්‍රමාදයට තැනකි. එහි සුන් කල්හි ථීන මිද්ධයට (කයේ හා සිතේ අකර්මන්‍ය ස්වභාවය) බැස ගනී. නින්දට බැස ගත් තැනැත්තාට නැවත පිබිදෙන්නේ කාම විතර්කයෝ හැසිරෙති”යි හෙතෙම ඒ සෙනසුන ප්‍රතික්ෂේප කොට විවෘත ප්‍රදේශ - රුක්මුල් පන්සල් ආදී යම් කිසි තැනක වසන්නේ නමුදු සතුටු වූවෙක්ම වෙයි ද මෙය එම භික්ෂුවගේ සේනාසනයෙහි යථා සාරුප්ප සන්තෝෂයයි.
ඉධ පන භික්ඛු භෙසජ්ජං ලභති හරීතකං වා ආමලකං වා. සො තෙනෙව යාපෙති, අඤ්ඤෙහි ලද්ධසප්පිමධුඵාණිතාදිම්පි න පත්ථෙති, ලභන්තොපි න ගණ්හාති, අයමස්ස ගිලානපච්චයෙ යථාලාභසන්තොසො. අථ පන භික්ඛු ආබාධිකො හොති, තෙලෙනත්ථිකො ඵාණිතං ලභති, සො තං සභාගස්ස භික්ඛුනො දත්වා තස්ස හත්ථතො තෙලෙන භෙසජ්ජං කත්වා සමණධම්මං කරොන්තොපි සන්තුට්ඨොව හොති, අයමස්ස ගිලානපච්චයෙ යථාබලසන්තොසො. අපරො භික්ඛු එකස්මිං භාජනෙ පූතිමුත්තහරීතකං ඨපෙත්වා එකස්මිං චතුමධුරං “ගණ්හථ, භන්තෙ, යදිච්ඡසී”ති වුච්චමානො සචස්ස තෙසං ද්වින්නමඤ්ඤතරෙනපි බ්යාධි වූපසම්මති, අථ “පූතිමුත්තහරීතකං නාම බුද්ධාදීහි වණ්ණිත”න්ති ච “පූතිමුත්තභෙසජ්ජං නිස්සාය පබ්බජ්ජා, තත්ථ තෙ යාවජීවං උස්සාහො කරණීයොති වුත්ත”න්ති (මහාව· 128) ච චින්තෙන්තො චතුමධුරභෙසජ්ජං පටික්ඛිපිත්වා පූතිමුත්තහරීතකෙන භෙසජ්ජං කරොන්තොපි පරමසන්තුට්ඨොව හොති. අයමස්ස ගිලානපච්චයෙ යථාසාරුප්පසන්තොසො.
මේ ශාසනයෙහි භික්ෂුවක් අරළු හෝ නෙල්ලි හෝ බෙහෙතක් ලබයි ද හෙතෙම එයින්ම යැපෙයි. අන්‍යයන් විසින් ලැබු ගිතෙල් මී පැණි ආදිය වුවද නොපතයි. ලැබුණේ නමුදු නොපිළිගනී. මෙය මේ භික්ෂුවගේ ගිලන්පසෙහි යථා ලාභ සන්තෝෂයයි. ඉක්බිති වනාහි රෝගාතුර වු භික්ෂුවක් තල තෙලින් ප්‍රයෝජන ඇත්තේ පැණි ලබයි ද හෙතෙම එය සභාග භික්ෂුවකට දී ඔහුගේ අතින් (ලැබූ) තල තෙලින් බෙහෙත් කොට ශ්‍රමණ ධර්ම කරන්නේ නමුදු සතුටු වුවෙක්ම වෙයි. මෙය එම භික්ෂුවගේ ගිලන්පස පිළිබද යථා බල සන්තෝෂයයි. වෙනත් භික්ෂුවක් එක් භාජනයක ගව මුත්‍රවල බහාලු අරළු තබා එක් භාජනයක චතු මධුර තබා “ස්වාමිනි, කැමති දෙයක් ගනු මැනවැයි” කියනු ලබන්නේ “ඉදින් ඔහුගේ අසනීපය ඒ දෙකෙන් ඕනම එකකින් සුව වන්නේද ඉක්බිති “ගව මුත්‍රවල බහාලූ අරළු බුදුරජාණන් වහන්සේ විසින් වර්ණනා කරන ලදි. “පැවිද්ද ප්‍රතිමුත්ත භෙසජ්ජය සඳහාය. එහි දිවිතෙක් උත්සාහ කළ යුතුය” යන මෙයද වදාරන ලදී යයි සිතන්නේ චතුමධුර බෙහෙත ප්‍රතික්ෂේප කොට ගවමුත්ර සහිත අරළුයෙන් බෙහෙත් කරන්නේ උතුම් සතුටින් යුත් කෙනෙක්ම වේ ද මෙය එම භික්ෂුවගේ ගිලන් පස පිළිබඳ යථා සාරුප්ප සන්තෝෂයයි.
එවංපභෙදො සබ්බොපෙසො සන්තොසො සන්තුට්ඨීති වුච්චති. සා අත්රිච්ඡතාමහිච්ඡතාපාපිච්ඡතාදීනං පාපධම්මානං පහානාධිගමහෙතුතො, සුගතිහෙතුතො, අරියමග්ගසම්භාරභාවතො, චාතුද්දිසාදිභාවහෙතුතො ච මඞ්ගලන්ති වෙදිතබ්බා. ආහ ච –
මෙසේ ප්‍රභේද ගත මේ සියලුම සන්තෝෂයෝ “සන්තුට්ඨි” යයි කියනු ලැබෙත්. එය අත්‍රිච්ඡතා (අධික ආශා ඇති බව) මහිච්ඡතා (බොහෝ දේ ඕනෑ බව), පාපිච්ඡතා (පවට කැමති බව) ආදී පාප ධර්මයන්ගේ ප්රහාණය ලැබීමට හේතුවන බැවින් ද සුගතියට හේතුවන බැවින් ද ආර්‍ය්‍ය මාර්ගයට උපකරණ වන බැවින් ද (සතර බඹ විහරණයෙන් පතළ) සිවු දිගට මුල්වීම් හේතුවෙන් ද මඞ්ගල යයි දත යුතුය.
“චාතුද්දිසො අප්පටිඝො ච හොති, සන්තුස්සමානො ඉතරීතරෙනා”ති. එවමාදි (සු· නි· 42);
“ඉතරීතර” (කුදු මහත්) ප්‍රත්‍යයෙන් සතුටු වනුයේ සතර බඹ විහරණයෙන් පතළ සිවු දිග ඇත්තේ ප්‍රතිඝ රහිත වුයේ (සුත්ත නිපාත) යන මේ ආදිය වදාළහ.
කතඤ්ඤුතා නාම අප්පස්ස වා බහුස්ස වා යෙන කෙනචි කතස්ස උපකාරස්ස පුනප්පුනං අනුස්සරණභාවෙන ජානනතා. අපිච නෙරයිකාදිදුක්ඛපරිත්තාණතො පුඤ්ඤානි එව පාණීනං බහූපකාරානි, තතො තෙසම්පි උපකාරානුස්සරණතා කතඤ්ඤුතාති වෙදිතබ්බා. සා සප්පුරිසෙහි පසංසනීයාදිනානප්පකාරවිසෙසාධිගමහෙතුතො මඞ්ගලන්ති වුච්චති. ආහ ච “ද්වෙමෙ, භික්ඛවෙ, පුග්ගලා දුල්ලභා ලොකස්මිං. කතමෙ ද්වෙ? යො ච පුබ්බකාරී යො ච කතඤ්ඤූ කතවෙදී”ති (අ· නි· 2.120).
“කතඤ්ඤුතා” (කළ ගුණ දන්නා බව) නම් යමෙකු විසින් කරන ලද ස්වල්ප වූ හෝ බොහෝ වූ හෝ උපකාරය නැවත නැවත සිහි කිරීම් වශයෙන් දන්නා බවයි. තවද නරකයට අයත් දුකින් ආරක්ෂා කරන හෙයින් ප්‍රාණීන්ට පිනම බොහෝ උපකාරි වේ. එබැවින් (මියගිය) ඔවුන්ගේ ද උපකාරයන් සිහි කරන බව “කතඤ්ඤුතා” යයි දත යුතුය. එය සත්පුරුෂයන් විසින් ප්‍රශංසා කරන බව ආදී නොයෙක් ආකාරයේ විශේෂයන් ලැබීමට හේතුවන බැවින් මඞ්ගල යයි දේශනා කරන ලදි. “මහණෙනි, මේ පුද්ගලයෝ දෙදෙනෙක් ලෝකයෙහි දුර්ලභ වෙති. කවර දෙදෙනෙක් ද යත්? යමෙක් පළමුව උපකාර කරන්නේ වේ ද යමෙක් කෘතඥ වූයේ ද කෘතවේදී වූයේ ද ඒ දෙදෙනාය. (අංගුත්තර නිකාය) යනුවෙන් ද වදාළහ.
කාලෙන ධම්මස්සවනං නාම යස්මිං කාලෙ උද්ධච්චසහගතං චිත්තං හොති, කාමවිතක්කාදීනං වා අඤ්ඤතරෙන අභිභූතං, තස්මිං කාලෙ තෙසං විනොදනත්ථං ධම්මස්සවනං. අපරෙ ආහු “පඤ්චමෙ පඤ්චමෙ දිවසෙ ධම්මස්සවනං කාලෙන ධම්මස්සවනං නාම. යථාහ ආයස්මා අනුරුද්ධො ‘පඤ්චාහිකං ඛො පන මයං, භන්තෙ, සබ්බරත්තිං ධම්මියා කථාය සන්නිසීදාමා’”ති (ම· නි· 1.327; මහාව· 466).
කාලෙන ධම්මසවණං (සුදුසු කාලයෙහි ධර්ම ශ්‍රවණය) නම් යම් කලෙක්හි සිත කාම විතර්කාදියෙන් හෝ වෙනත් යමකින් මඩින ලද්දේ නොසන්සුන් ස්වභාවයකින් යුක්ත වේ ද ඒ කාලයෙහි ඒවා දුරු කිරීම සඳහා ධර්ම ශ්‍රවණය කිරීමයි. පස්වෙනි දවසෙහි ධර්ම ශ්‍රවණය “සුදුසු කාලයෙහි ධර්ම ශ්‍රවණය” නම් වන බව සමහරු කීහ. “ආයුෂ්මත් අනුරුද්ධ හිමියෝ” ස්වාමීනී, අපි වනාහි පස් දිනකට වරක් මුළු රැය දැහැමි කථාවෙන් එක්ව හිදුම්හ”යි (ම.නිකාය චූලගොසිඞ්ග සුත්ත) යම්සේ ප්‍රකාශ කළාහුද ඒ එම නිසාය.
අපිච යස්මිං කාලෙ කල්යාණමිත්තෙ උපසඞ්කමිත්වා සක්කා හොති අත්තනො කඞ්ඛාවිනොදකං ධම්මං සොතුං, තස්මිං කාලෙපි ධම්මස්සවනං කාලෙන ධම්මස්සවනන්ති වෙදිතබ්බං. යථාහ “තෙ කාලෙන කාලං උපසඞ්කමිත්වා පරිපුච්ඡති පරිපඤ්හතී”තිආදි (දී· නි· 3.358). තදෙතං කාලෙන ධම්මස්සවනං නීවරණප්පහානචතුරානිසංසආසවක්ඛයාදිනානප්පකාරවිසෙසාධිගමහෙතුතො මඞ්ගලන්ති වෙදිතබ්බං. වුත්තඤ්හෙතං –
තවද යම් කිසි කාලයක කල්‍යාණ මිත්‍රයන් වෙත එළඹ තමාගේ සැක දුරු කරන ධර්මයක් ඇසීමට හැකිවේද එබඳු කාලයක ධර්ම ශ්‍රවණය ද “සුදුසු කාලයෙහි ධර්ම ශ්‍රවණය” යයි දත යුතුය. “කලින් කල ඔවුන් වෙත එළඹ පුන පුනා විචාරයි, පුන පුනා ප්‍රශ්න කරයි” (දසුත්තර සුත්ත) යනාදිය දේශනා කළේ එම නිසාය. ඒමේ සුදුසු කාලයෙහි ධර්ම ශ්‍රවණය නීවරණ ප්‍රහාණයෙන් ආනිශංස හතරක් ද ආශ්‍රව ක්ෂය කිරීම් ආදී නොයෙක් ආකාරයේ විශේෂයන් අධිගමයට හේතුවන බැවින් ද මඞ්ගල යයි දත යුතුය. මෙයද දේශනා කරන ලදී :-
“යස්මිං, භික්ඛවෙ, සමයෙ අරියසාවකො අට්ඨිං කත්වා මනසි කත්වා සබ්බං චෙතසා සමන්නාහරිත්වා ඔහිතසොතො ධම්මං සුණාති, පඤ්චස්ස නීවරණා තස්මිං සමයෙ න හොන්තී”ති ච (සං· නි· 5.219).
“මහණෙනි, යම් කලෙක්හි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම බලාපොරොත්තු සහිතව මෙනෙහි කොට මුළු හිතින් මෙහෙයා යොමු කළ කන් ඇතිව දහම් අසාද එසමයෙහි ඔහුට පඤ්ච නීවරණයෝ නොවෙත්” (සංයුත්ත නිකාය) යයි ද
“සොතානුගතානං, භික්ඛවෙ, ධම්මානං…පෙ… සුප්පටිවිද්ධානං චත්තාරො ආනිසංසා පාටිකඞ්ඛා”ති ච (අ· නි· 4.191).
“මහණෙනි, කණ අනුව ගිය නුවණින් මැනවින් ප්‍රතිවේධ කළ ධර්මයන්ගේ -පෙ- ආනිසංස හතරක් කැමති විය යුතුය” යයි ද
“චත්තාරොමෙ, භික්ඛවෙ, ධම්මා කාලෙන කාලං සම්මා භාවියමානා සම්මා අනුපරිවත්තියමානා අනුපුබ්බෙන ආසවානං ඛයං පාපෙන්ති. කතමෙ චත්තාරො? කාලෙන ධම්මස්සවන”න්ති ච එවමාදි (අ· නි· 4.147).
“මහණෙනි, මේ ධර්මයෝ සතර දෙනෙක් කලින් කල මොනවට වඩනු ලබන්නාහු මොනවට අනුව පෙරළීම කරනු ලබන්නාහු පිළිවෙළින් අර්හත්වයට පමුණුවත්. කවර සතර දෙනෙක් යත්? නිසිකල ධර්ම ශ්‍රවණය” යන මේ ආදියයි.
එවං ඉමිස්සා ගාථාය ගාරවො, නිවාතො, සන්තුට්ඨි, කතඤ්ඤුතා, කාලෙන ධම්මස්සවනන්ති පඤ්ච මඞ්ගලානි වුත්තානි. මඞ්ගලත්තඤ්ච නෙසං තත්ථ තත්ථ විභාවිතමෙවාති.
මෙසේ මේ ගාථාවෙහි ගරු කළ යුත්තන්ට ගරු කිරීම, යටහත් පැවතුම් ඇති බව, ලද දෙයින් සතුටුවීම කළ ගුණ දන්නා බව, සුදුසු කාලයෙහි ධර්ම ශ්‍රවණය යන මඞ්ගල කරුණු පහක් දේශනා කරන ලදී. ඒවායේ මඞ්ගලභාවය ඒ ඒ තන්හි පැහැදිළි කළේමය.
නිට්ඨිතා ගාරවො චාති ඉමිස්සා ගාථාය අත්ථවණ්ණනා.
“ගාරවොච” යන මේ ගාථාවේ අර්ථ වර්ණනාව නිමියේය.
ඛන්තීචාතිගාථාවණ්ණනා
ඛන්තීචාතිගාථාවණ්ණනා
ඉදානි ඛන්තී චාති එත්ථ ඛමනං ඛන්ති. පදක්ඛිණග්ගාහිතාය සුඛං වචො අස්මින්ති සුවචො, සුවචස්ස කම්මං සොවචස්සං, සොවචස්සස්ස භාවො සොවචස්සතා. කිලෙසානං සමිතත්තා සමණා. දස්සනන්ති පෙක්ඛනං. ධම්මස්ස සාකච්ඡා ධම්මසාකච්ඡා. සෙසං වුත්තනයමෙවාති. අයං පදවණ්ණනා.
දැන් “ඛන්තීච” යන මෙහි ඉවසීම = ඛන්ති වේ, අවවාද ගෞරවයෙන් පිළිගැනීම නිසා මොහු කෙරෙහි සුව වදන් ඇත්තේනුයි. සුවච වේ. සුවචයාගේ ක්‍රියාව = සොවචස්ස වේ. සොවචස්සයාගේ ස්වභාවය සොවචස්සතා වේ. ක්ලේශයන් සන්සිඳ වූ හෙයින් සමණ වේ. දස්සනං යනු බැලීමයි. ධර්මයාගේ සාකච්ඡාව ධම්මසාකච්ඡා වේ. ඉතිරිය කියන ලද ක්‍රමයටමය. මේ පද වර්ණනාවයි.
අත්ථවණ්ණනා පන එවං වෙදිතබ්බා – ඛන්ති නාම අධිවාසනක්ඛන්ති, තාය සමන්නාගතො භික්ඛු දසහි අක්කොසවත්ථූහි අක්කොසන්තෙ වධබන්ධාදීහි වා විහෙසන්තෙ පුග්ගලෙ අසුණන්තො විය අපස්සන්තො විය ච නිබ්බිකාරො හොති ඛන්තිවාදී විය. යථාහ –
අර්ථ වර්ණනාව වනාහී මෙසේ දත යුතුය. ඛන්ති නම් අධිවාසන ක්ෂාන්තියයි (ඉවසීමයි). යම් ක්ෂාන්තියකින් යුක්ත වූ භික්ෂුව දශ අක්‍රොශ වස්තුන්ගෙන් අපහාස කරන කල්හි හෝ වධබන්ධන ආදියෙන් හිංසා කරන කල්හි හෝ පුද්ගලයා කෙරෙහි නොඅසන්නෙකු මෙන් ද නොදකින්නෙකු මෙන් ද ක්ෂාන්තිවාදී තාපසයා මෙන් වෙනසකට පත් නොවේද එම ක්ෂාන්තියයි. යම්සේ වදාළේද:
“අහු අතීතමද්ධානං, සමණො ඛන්තිදීපනො; තං ඛන්තියායෙව ඨිතං, කාසිරාජා අඡෙදයී”ති. (ජා· 1.4.51);
“අතීත කාලයෙහි ඉවසීමේ අගය ප්‍රකාශ කරන ශ්‍රමණයෙක් විය. කසී රජ ඉවසීමෙහිම පිහිටි ඔහු ඡේදනය කරවීය” (ඛන්තිවාදී ජාතක) යනුයි.
භද්රකතො වා මනසි කරොති තතො උත්තරි අපරාධාභාවෙන ආයස්මා පුණ්ණත්ථෙරො විය. යථාහ සො –
නැතහොත් ආයුෂ්මත් පුණ්ණ තෙරුන් මෙන් කළ අපරාධයට වඩා ඉහළ අපරාධයක් නොවීම හේතුවෙන් යහපත් වශයෙන් සිහි කරයි. යම් සේ වදාළේද:-
“සචෙ මං, භන්තෙ, සුනාපරන්තකා මනුස්සා අක්කොසිස්සන්ති පරිභාසිස්සන්ති, තත්ථ මෙ එවං භවිස්සති ‘භද්දකා වතිමෙ සුනාපරන්තකා මනුස්සා, සුභද්දකා වතිමෙ සුනාපරන්තකා මනුස්සා, යං මෙ නයිමෙ පාණිනා පහාරං දෙන්තී’”තිආදි (ම· නි· 3.396; සං· නි· 4.88).
“ස්වාමීනි, ඉදින් සුනාපරන්ත මිනිස්සු මට ආක්‍රෝශ කෙරෙත් නම් නින්දා කෙරෙත් නම් එහිදී මට මෙසේ සිත්වේ. “සුනාපරන්ත වැසි මේ මිනිස්සු ඒකාන්තයෙන් යහපත්ය, සුනාපරන්ත වැසි මේ මිනිස්සු ඒකාන්තයෙන් ඉතාමත් යහපත්ය. යම් හෙයකින් ඔවුහු මට අතින් පහර නොදෙන්නේ ද එහෙයිනි” ආදියයි.
යාය ච සමන්නාගතො ඉසීනම්පි පසංසනීයො හොති. යථාහ සරභඞ්ගො ඉසි –
යම් ක්ෂාන්තියකින් යුත් තැනැත්තා සෘෂිවරුන්ගේ ද ප්‍රශංසාවට භාජනය වෙයි. සරභඞ්ග සෘෂිවරයා යම්සේ කීවේද:-
“කොධං වධිත්වා න කදාචි සොචති, මක්ඛප්පහානං ඉසයො වණ්ණයන්ති; සබ්බෙසං වුත්තං ඵරුසං ඛමෙථ, එතං ඛන්තිං උත්තමමාහු සන්තො”ති. (ජා· 2.17.64);
“ක්‍රෝධය නිසා කිසිකලෙක ශෝක නොකරයි. ගුණමකු ගතිය ප්රහාණය කිරිම සෘෂීහු වර්ණනා කරති. සියල්ලන්ට කියන ලද ඵරුෂ වචන ඉවසන්නෙහුය. සත්පුරුෂයෝ එය උතුම් ක්ෂාන්තිය යයි කීහ. (සරභඞ්ග ජාතක)
දෙවතානම්පි පසංසනීයො හොති. යථාහ සක්කො දෙවානමින්දො –
නැතහොත් දෙවියන්ගේ ද ප්‍රශංසාවට භාජනය වූවෙක් වෙයි. සක්දෙව් රජ යම්සේ කීවේද?
“යො හවෙ බලවා සන්තො, දුබ්බලස්ස තිතික්ඛති; තමාහු පරමං ඛන්තිං, නිච්චං ඛමති දුබ්බලො”ති. (සං· නි· 1.250-251);
යමෙක් ඒකාන්තයෙන් බලවතෙක් වී දුබලයාට ඉවසනු කැමති වේ ද එය උතුම්ම ක්ෂාන්තිය යයි කියනු ලැබේ. දුබලයා නිතර ඉවසයි. (සක්ක සංයුත්තය)
බුද්ධානම්පි පසංසනීයො හොති. යථාහ භගවා –
බුදුවරුන්ගේ ද ප්‍රශංසාවට භාජනය වෙයි. භාග්‍යවතුන් වහන්සේ යම් සේ වදාළේද?
“අක්කොසං වධබන්ධඤ්ච, අදුට්ඨො යො තිතික්ඛති; ඛන්තීබලං බලාණීකං, තමහං බ්රූමි බ්‍රාහ්මණ”න්ති. (ධ· ප· 399);
“ද්වේෂ රහිත වූ යමෙක් බැණීම් හා වධ බන්ධනත් ඉවසා ද ඉවසීම බලය කොටත් බලඇණිය කොටත් ගත් ඔහු බ්‍රාහ්මණයෙකැයි මම කියමි.” (ධම්ම පද)
සා පනෙසා ඛන්ති එතෙසඤ්ච ඉධ වණ්ණිතානං අඤ්ඤෙසඤ්ච ගුණානං අධිගමහෙතුතො මඞ්ගලන්ති වෙදිතබ්බා.
ඒ මේ ක්ෂාන්තිය මෙහි වර්ණනා කළ මේ ගුණයන්ටද අනෙකුත් ගුණයන්ද ලැබීමට හේතුවන හෙයින් මඞ්ගල යයි දත යුතුයි.
සොවචස්සතා නාම සහධම්මිකං වුච්චමානෙ වික්ඛෙපං වා තුණ්හීභාවං වා ගුණදොසචින්තනං වා අනාපජ්ජිත්වා අතිවිය ආදරඤ්ච ගාරවඤ්ච නීචමනතඤ්ච පුරක්ඛත්වා සාධූති වචනකරණතා. සා සබ්රහ්මචාරීනං සන්තිකා ඔවාදානුසාසනිප්පටිලාභහෙතුතො දොසප්පහානගුණාධිගමහෙතුතො ච මඞ්ගලන්ති වුච්චති.
සොවචස්සතා (සුවචබව) නම් හේතු සහිතව කියනු ලබන කල්හි වික්ෂේපයට (වෙනසකට) හෝ නිශ්ශබ්දතාවයට හෝ ගුණ දොස් සිතීමට හෝ නොපිවිස අතිශයින් ආදරය ද ගෞරවය ද යටහත් සිත ද පෙරටු කොට “යහපතැයි” වචන කරන බවයි. (පිළිගැනීමයි) එය සබ්‍රහ්මචාරීන් සමීපයෙහි අවවාද අනුශාසනා ලැබීමට හේතුවන බැවින් ද ද්වේශ ප්‍රහාණ ගුණ අධිගමනයට හේතුවන බැවින් ද මඞ්ගල යයි කියනු ලැබේ.
සමණානං දස්සනං නාම උපසමිතකිලෙසානං භාවිතකායවචීචිත්තපඤ්ඤානං උත්තමදමථසමථසමන්නාගතානං පබ්බජිතානං උපසඞ්කමනුපට්ඨානානුස්සරණස්සවනදස්සනං, සබ්බම්පි ඔමකදෙසනාය දස්සනන්ති වුත්තං, තං මඞ්ගලන්ති වෙදිතබ්බං. කස්මා? බහූපකාරත්තා. ආහ ච “දස්සනම්පහං, භික්ඛවෙ, තෙසං භික්ඛූනං බහූපකාරං වදාමී”තිආදි (ඉතිවු· 104). යතො හිතකාමෙන කුලපුත්තෙන සීලවන්තෙ භික්ඛූ ඝරද්වාරං සම්පත්තෙ දිස්වා යදි දෙය්යධම්මො අත්ථි, යථාබලං දෙය්යධම්මෙන පතිමානෙතබ්බා. යදි නත්ථි, පඤ්චපතිට්ඨිතං කත්වා වන්දිතබ්බා. තස්මිම්පි අසම්පජ්ජමානෙ අඤ්ජලිං පග්ගහෙත්වා නමස්සිතබ්බා, තස්මිම්පි අසම්පජ්ජමානෙ පසන්නචිත්තෙන පියචක්ඛූහි සම්පස්සිතබ්බා. එවං දස්සනමූලකෙනපි හි පුඤ්ඤෙන අනෙකානි ජාතිසහස්සානි චක්ඛුම්හි රොගො වා දාහො වා උස්සදා වා පිළකා වා න හොන්ති, විප්පසන්නපඤ්චවණ්ණසස්සිරිකානි හොන්ති චක්ඛූනි රතනවිමානෙ උග්ඝාටිතමණිකවාටසදිසානි, සතසහස්සකප්පමත්තං දෙවෙසු ච මනුස්සෙසු ච සම්පත්තීනං ලාභී හොති. අනච්ඡරියඤ්චෙතං, යං මනුස්සභූතො සප්පඤ්ඤජාතිකො සම්මා පවත්තිතෙන සමණදස්සනමයෙන පුඤ්ඤෙන එවරූපං විපාකසම්පත්තිං අනුභවෙය්ය, යත්ථ තිරච්ඡානගතානම්පි කෙවලං සද්ධාමත්තකෙන කතස්ස සමණදස්සනස්ස එවං විපාකසම්පත්තිං වණ්ණයන්ති.
“සමණානංච දස්සනං” (ශ්රමණයන් දැකීම) නම්: සන්සිඳවන ලද කෙළෙස් ඇති, වඩන ලද කාය වචී, චිත්ත, ප්‍රඥා ඇති උතුම් දමනයෙන් හා සන්සිදීමෙන් යුක්ත වූ පැවිද්දන් වෙත එළඹීම, උපස්ථාන කිරීම, සිහි කිරීම, ඇහුම්කන්දීම හා දැකීමයි. සියල්ලම ඔමක දේශනාවෙන් දර්ශනයයි දේශනා කරන ලදී. (“ඔමක” යන වචනයේ අර්ථය නම් වටිනාකමින් අඩු ය යන්නයි. අටුවාවේ “සමණානං දස්සනං නාම උපසමිතකිලෙසානං භාවිතකායවචීචිත්තපඤ්ඤානං උත්තමදමථසමථසමන්නාගතානං පබ්බජිතානං උපසඞ්කමනුපට්ඨානානුස්සරණස්සවනදස්සනං“ යනුවෙන් අර්ථ සමණානං දස්සනං පදයට අර්ථ දී ඇත. ඒ අනුව “සමණානං දස්සනං - ශ්රමණයන් දැකීම” යන මෙයින් සංසිඳුණු කෙළෙස් ඇති, වඩනා ලද සිත්, ප්‍රඥා ඇති, උසස් වූ හික්මීමකින්, සමථයකින් සමන්විත පැවිද්දන් වෙත එළඹීම, උපස්ථානය කිරීම, ගුණ සිහි කිරීම, ශ්‍රවණය, දර්ශනය යන සියල්ල ම සංග්‍රහ වේ. වෙත එළඹීම ආදී උසස් කුසලයන්ට වඩා දර්ශන කුසලය (දැකීමේ කුසලය) වටිනාකමින් අඩු ය. ඒ වටිනාකමෙන් අඩු කුසලයාගේ වශයෙන් සූත්‍ර පාළියෙහි “සමණානඤ්ච දස්සනං“ යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ වදාළහ.) එය මඞ්ගල යයි දත යුතුයි. කුමක් හෙයින්ද යත්; බොහෝ උපකාර ඇති බැවිනි. “මහණෙනි, මම ඒ භික්ෂූන්ගේ දර්ශනය පවා බොහෝ උපකාර යයි කියමි”යි යනාදිය වදාළහ. යම් හෙයකින් හිත කැමති කුල පුත්‍රයා විසින් සිල්වත් භික්ෂූන් ගෙදොරට පැමිණි බව දැක ඉදින් දිය යුතු දෙයක් ඇත්තේ නම් ශක්ති පමණින් දිය යුතු දෙයින් පිදිය යුතුය. ඉදින් (දිය යුතු දෙයක්) නැත්නම් පසඟ පිහිටුවා වැඳිය යුතුය. එයද නොහැකි වන කල්හි ඇඳිලි බැඳ නමස්කාර කළ යුතුය. එයද නොහැකි වන විට පහන් සිතින් ප්‍රිය ඇසින් බැලිය යුතුය. මෙසේ දර්ශනය මූලික වූ පිනෙන් පවා නොයෙක් දහස් ගණන් ජාතීන්හිදී ඇසෙහි රෝගයක් හෝ දාහයක් හෝ ඉදිමුමක් හෝ පිළිකාවක් හෝ නොවේ. ඇස් ප්‍රසන්න වූයේ පඤ්ච වර්ණයෙන් සශ්රීකවත් වූයේ, රුවන් විමනක ගලවා දැමූ මැණික් කවුළුවක් වැනි වේ. කල්ප සිය දහසක් පමණ දෙවියන් අතර ද මිනිසුන් අතර ද සියලු සම්පත් ලබන්නෙක් වෙයි. ප්‍රඥා සම්පන්න මනුෂ්‍යයෙක් මැනවින් පැවැත් වූ ශ්‍රමණ දර්ශනමය පිනෙන් යම් ආකාර වූ විපාක සම්පත්තිය අනුභව කිරිම පුදුමයක් නොවේ. තිරිසන් ගත සත්ත්වයන්ට ද හුදෙක් (යම් ශ්‍රමණයෙකු කෙරෙහි) ශ්‍රද්ධා මාත්‍රයක් උපදී ද ඔහුගේ ශ්‍රමණ දර්ශනයෙහි විපාක සම්පත්තිය මෙසේ වර්ණනා කරති.
“උලූකො මණ්ඩලක්ඛිකො, වෙදියකෙ චිරදීඝවාසිකො; සුඛිතො වත කොසියො අයං, කාලුට්ඨිතං පස්සති බුද්ධවරං.
“බකමුහුණ, වටකුරු ඇස් ඇත්ත! වේදිය (ජනපදයෙහි) දීර්ඝ කාලයක් වසන තැනැත්ත, ආර්‍ය්‍ය, කෝසිය, නුඹ සුවපත් වූවෙක් වෙහි. කලින්ම පිබිදුණු උතුම් බුදුරජුන් දකින හෙයිනි.”
“මයි චිත්තං පසාදෙත්වා, භික්ඛුසඞ්ඝෙ අනුත්තරෙ; කප්පානං සතසහස්සානි, දුග්ගතෙසො න ගච්ඡති.
හෙතෙම මා කෙරෙහිද අනුත්තර වූ භික්ෂු සංඝයා කෙරෙහිද සිත පහදවා කල්ප ලක්ෂයක් දුගතියට නොයයි.
“ස දෙවලොකා චවිත්වා, කුසලකම්මෙන චොදිතො; භවිස්සති අනන්තඤාණො, සොමනස්සොති විස්සුතො”ති. (ම· නි· අට්ඨ· 1.144);
කුශල කර්මයා විසින් මෙහෙයවන ලද්දේ දෙව්ලොවින් චුත වී සොමනස්ස යයි ප්‍රසිද්ධ වූ බුදුන් වහන්සේ වන්නාහ.
කාලෙන ධම්මසාකච්ඡා නාම පදොසෙ වා පච්චූසෙ වා ද්වෙ සුත්තන්තිකා භික්ඛූ අඤ්ඤමඤ්ඤං සුත්තන්තං සාකච්ඡන්ති, විනයධරා විනයං, ආභිධම්මිකා අභිධම්මං, ජාතකභාණකා ජාතකං, අට්ඨකථිකා අට්ඨකථං, ලීනුද්ධතවිචිකිච්ඡාපරෙතචිත්තවිසොධනත්ථං වා තම්හි තම්හි කාලෙ සාකච්ඡන්ති, අයං කාලෙන ධම්මසාකච්ඡා. සා ආගමබ්යත්තිආදීනං ගුණානං හෙතුතො මඞ්ගලන්ති වුච්චතීති.
“කාලෙන ධම්මසාකච්ඡා” (සුදුසු කාලයෙහි ධර්ම සාකච්ඡා කිරීම) නම්, සැන්දෑ කාලයෙහි හෝ උදෑසන හෝ සුත්‍ර උගත් භික්ෂූන් දෙනමක් ඔවුනොවුන් සූත්‍රාන්තයක් සාකච්ඡා කරති. විනයධරයෝ විනය ද අභිධම්මිකයෝ අභිධර්මය ද ජාතක භාණකයෝ ජාතක ද අට්ඨකථිකයෝ අටුවාව ද සැඟවුණ හා මතුවුණු සැකයෙන් යුත් සිත් පිරිසිදු කර ගැනීම සඳහා ඒ ඒ කාලයෙහි සාකච්ඡා කෙරෙත්ද මෙය සුදුසු කාලයෙහි ධර්ම සාකච්ඡාවයි. එය ආගම ව්‍යක්ත ආදී ගුණයන්ට හේතු වන බැවින් මඞ්ගල යයි කියනු ලැබේ.
එවං ඉමිස්සා ගාථාය ඛන්ති, සොවචස්සතා, සමණදස්සනං, කාලෙන ධම්මසාකච්ඡාති චත්තාරි මඞ්ගලානි වුත්තානි. මඞ්ගලත්තඤ්ච නෙසං තත්ථ තත්ථ විභාවිතමෙවාති.
මෙසේ මේ ගාථාවෙන් ඉවසීම, සුවච බව, ශ්රමණයන් දැකීම සුදුසු කාලයෙහි ධර්ම සාකච්ඡාව යයි මඞ්ගල කරුණු හතරක් කියන ලදී. ඒවායේ මඞ්ගලභාවය ඒ ඒ තන්හි පැහැදිලි කළේය.
නිට්ඨිතා ඛන්තී චාති ඉමිස්සා ගාථාය අත්ථවණ්ණනා.
“ඛන්තීච” යන මේ ගාථාවේ අර්ථ වර්ණනාව නිමියේය.
තපොචාතිගාථාවණ්ණනා
තපොචාතිගාථාවණ්ණනා
ඉදානි තපො චාති එත්ථ පාපකෙ ධම්මෙ තපතීති තපො. බ්රහ්මං චරියං, බ්රහ්මානං වා චරියං බ්රහ්මචරියං, සෙට්ඨචරියන්ති වුත්තං හොති. අරියසච්චානං දස්සනං අරියසච්චානදස්සනං, අරියසච්චානි දස්සනන්තිපි එකෙ, තං න සුන්දරං. නික්ඛන්තං වානතොති නිබ්බානං, සච්ඡිකරණං සච්ඡිකිරියා, නිබ්බානස්ස සච්ඡිකිරියා නිබ්බානසච්ඡිකිරියා. සෙසං වුත්තනයමෙවාති අයං පදවණ්ණනා.
දැන් “තපොච” යන ගාථාවෙහි පාපී අකුසල ධර්ම තවානුයි. තපො වේ. ශ්‍රේෂ්ඨ හැසිරීම හෝ බ්‍රහ්මයන්ගේ හැසිරීම බ්රහ්මචරියං වේ. ශ්‍රේෂ්ඨ චර්‍ය්‍යාව යයි කියන ලද්දේ වෙයි. අරියසච්චානං දස්සනං (ආර්‍ය්‍ය සත්‍යයන්ගේ දැකීම) අරිය සච්චාන දස්සනං වේ. සමහරු “අරිය සච්චානි දස්සනං” යයි ද කියති. එය සුන්දර නොවේ. කෙලෙස් වලින් නික්මුණේනුයි =– නිබ්බාණං වේ. ප්රත්යක්ෂ කිරීම = සච්ඡිකිරියා වේ. නිබ්බාණස්ස සච්ඡිකිරියා (නිර්වාණයාගේ ප්රත්යක්ෂ කිරීම) නිබ්බාණසච්ඡිකිරියා වේ. ඉතිරිය කියන ලද අයුරින්මය. මේ පද වර්ණනාවයි.
අත්ථවණ්ණනා පන එවං වෙදිතබ්බා – තපො නාම අභිජ්ඣාදොමනස්සාදීනං තපනතො ඉන්ද්රියසංවරො, කොසජ්ජස්ස වා තපනතො වීරියං, තෙහි සමන්නාගතො පුග්ගලො ආතාපීති වුච්චති. ස්වායං අභිජ්ඣාදිප්පහානඣානාදිප්පටිලාභහෙතුතො මඞ්ගලන්ති වෙදිතබ්බො.
අර්ථ වර්ණනාව වනාහි මෙසේ දත යුතුය. “තපො” (තපස) නම් අභිධ්‍යා දෝමනස්ස ආදීන් තවන හෙයින් ඉන්ද්රිය සංවරයයි; නැතහොත් කුසීතකම තවන හෙයින් වීර්‍ය්‍යයයි. එයින් යුක්ත පුද්ගලයා වනාහි ‘ආතාපී’ යයි කියනු ලැබේ. ඒ මේ තපස අභිධ්‍යාදිය ප්‍රහාණයට හා ධ්‍යානාදිය ලැබීමට හේතුවන හෙයින් මඞ්ගල යයි දත යුතුයි.
බ්රහ්මචරියං නාම මෙථුනවිරතිසමණධම්මසාසනමග්ගානමධිවචනං. තථා හි “අබ්රහ්මචරියං පහාය බ්‍රහ්මචාරී හොතී”ති එවමාදීසු (දී· නි· 1.194; ම· නි· 1.292) මෙථුනවිරති බ්රහ්මචරියන්ති වුච්චති. “භගවති නො, ආවුසො, බ්රහ්මචරියං වුස්සතීති? එවමාවුසො”ති එවමාදීසු (ම· නි· 1.257) සමණධම්මො. “න තාවාහං, පාපිම, පරිනිබ්බායිස්සාමි, යාව මෙ ඉදං බ්රහ්මචරියං න ඉද්ධඤ්චෙව භවිස්සති ඵීතඤ්ච විත්ථාරිකං බාහුජඤ්ඤ”න්ති එවමාදීසු (දී· නි· 2.168; සං· නි· 5.822; උදා· 51) සාසනං.
“බ්‍රහ්ම චරියං” (බ්‍රහ්මචර්‍ය්‍යාව) නම් මෛථුනයෙන් වෙන්වීම, ශ්‍රමණ ධර්ම, ශාසන මාර්ග යන මේවාට නාමයකි. ඒ එසේමය. “අබ්රහ්මචරියං පහාය බ්‍රහ්මචාරී හොති” (චූලහත්ථිපදොපමසුත්ත) යන මේ ආදී තන්හි මෛථුනයෙන් වෙන්වීම බ්‍රහ්මචර්‍ය්‍යාව යයි කියනු ලැබේ. “භගවති නො අවුසො බ්රහ්මචරියං වුස්සතීති, එවමාවුසොති” (රථ විනීතසුත්ත) යන මේ ආදී තන්හි ශ්‍රමණ ධර්මයයි. “න තාවහං පාපිම! පරිනිබ්බායිස්සාමි, යාව මෙ ඉදං බ්රහ්මචරියං න ඉද්ධඤ්චෙව භවිස්සති ඵීතඤ්ච විත්ථාරිකං බාහුජඤ්ඤං” (පරිනිබ්බාණසුත්ත) යන මේ ආදී තන්හි ශාසනයෙහිය.
“අයමෙව ඛො, භික්ඛු, අරියො අට්ඨඞ්ගිකො මග්ගො බ්රහ්මචරියං. සෙය්යථිදං, සම්මාදිට්ඨී”ති එවමාදීසු (සං· නි· 5.6) මග්ගො. ඉධ පන අරියසච්චදස්සනෙන පරතො මග්ගස්ස සඞ්ගහිතත්තා අවසෙසං සබ්බම්පි වට්ටති. තඤ්චෙතං උපරූපරි නානප්පකාරවිසෙසාධිගමහෙතුතො මඞ්ගලන්ති වෙදිතබ්බං.
“අයමෙව ඛො භික්ඛු අරියො අට්ඨඞ්ගිකො මග්ගො බ්රහ්මචරියං, සෙය්යථිදං, සම්මාදිට්ඨි” (සංයුත්ත නිකාය) යන මේ ආදී තන්හි මාර්ගයයි. මෙහි වනාහි “අරියසච්ච දස්සන” යන්නෙන් අන් තැනෙක්හි මාර්ගය සංග්‍රහ කළ බැවින් ඉතිරි සියලුම අර්ථ ගැනීම වටී. එයද මේ මතු මත්තෙහි නොයෙක් ආකාරයේ විශේෂාධිගමයන් ලැබීමට හේතුවන බැවින් මඞ්ගල යයි දත යුතුයි.
අරියසච්චාන දස්සනං නාම කුමාරපඤ්හෙ වුත්තානං චතුන්නං අරියසච්චානං අභිසමයවසෙන මග්ගදස්සනං, තං සංසාරදුක්ඛවීතික්කමහෙතුතො මඞ්ගලන්ති වුච්චති.
“අරිය සච්චාන දස්සනං” (ආර්‍ය්‍ය සත්‍යයන් දැකීම) නම්: කුමාර ප්‍රශ්නයෙහි කියන ලද අර්ථ ඇති චතුරාර්‍ය්‍ය සත්‍යය අවබෝධ කර ගැනීම් වශයෙන් මාර්ග දර්ශනයයි. එය සංසාර දුක දුරු කිරීමට හේතුවන බැවින් මඞ්ගල යයි කියනු ලැබේ.
නිබ්බානසච්ඡිකිරියා නාම ඉධ අරහත්තඵලං නිබ්බානන්ති අධිප්පෙතං. තම්පි හි පඤ්චගතිවානනෙන වානසඤ්ඤිතාය තණ්හාය නික්ඛන්තත්තා නිබ්බානන්ති වුච්චති. තස්ස පත්ති වා පච්චවෙක්ඛණා වා සච්ඡිකිරියාති වුච්චති. ඉතරස්ස පන නිබ්බානස්ස අරියසච්චානං දස්සනෙනෙව සච්ඡිකිරියා සිද්ධා, තෙනෙතං ඉධ නාධිප්පෙතං.
නිබ්බාණ සච්ඡිකිරියා (නිර්වාණය ප්රත්යක්ෂ කිරීම) නම්: මෙහි අර්හත් ඵලය නිර්වාණයයි අදහස් කරන ලදී. එය වනාහි (නරක, තිරිසන්, ප්‍රේත, මනුෂ්‍ය, දේව) යන පඤ්ච ගතිය පිළිබඳ වාන සඞ්ඛ්‍යාත තෘෂ්ණාවෙන් නික්මුණු බැවින් නිර්වාණ යයි කියනු ලැබේ. එයට පැමිණීම හෝ නුවණින් සළකා බැලීම හෝ සච්ඡිකිරියා යයි කියනු ලැබේ.
එවමෙසා නිබ්බානසච්ඡිකිරියා දිට්ඨධම්මිකසුඛවිහාරාදිහෙතුතො මඞ්ගලන්ති වෙදිතබ්බා.
මෙසේ මේ නිර්වාණය ප්රත්යක්ෂ කිරීම මෙලොව සුඛ විහරණාදිය සඳහා හේතුවන බැවින් මඞ්ගල යයි දත යුතුයි.
එවං ඉමිස්සා ගාථාය තපො බ්රහ්මචරියං, අරියසච්චානං දස්සනං, නිබ්බානසච්ඡිකිරියාති චත්තාරි මඞ්ගලානි වුත්තානි. මඞ්ගලත්තඤ්ච නෙසං තත්ථ තත්ථ විභාවිතමෙවාති.
මෙසේ මේ ගාථාවෙන් තපස, බ්‍රහ්මචර්‍ය්‍යාව, ආර්‍ය්‍ය සත්‍යයන් දැකීම, නිර්වාණය ප්රත්යක්ෂ කිරිම යයි මඞ්ගල හතරක් දේශනා කරන ලදී. ඔවුන්ගේ මඞ්ගලභාවය ද ඒ ඒ තන්හි පැහැදිලි කළේය.
නිට්ඨිතා තපො චාති ඉමිස්සා ගාථාය අත්ථවණ්ණනා.
“තපොච” යන මේ ගාථාවේ අර්ථ වර්ණනාව නිමියේය.
ඵුට්ඨස්සලොකධම්මෙහීතිගාථාවණ්ණනා
ඵුට්ඨස්සලොකධම්මෙහීතිගාථාවණ්ණනා
ඉදානි ඵුට්ඨස්ස ලොකධම්මෙහීති එත්ථ ඵුට්ඨස්සාති ඵුසිතස්ස ඡුපිතස්ස සම්පත්තස්ස. ලොකෙ ධම්මා ලොකධම්මා, යාව ලොකප්පවත්ති, තාව අනිවත්තකා ධම්මාති වුත්තං හොති. චිත්තන්ති මනො මානසං. යස්සාති නවස්ස වා මජ්ඣිමස්ස වා ථෙරස්ස වා. න කම්පතීති න චලති න වෙධති. අසොකන්ති නිස්සොකං අබ්බූළ්හසොකසල්ලං. විරජන්ති විගතරජං විද්ධංසිතරජං. ඛෙමන්ති අභයං නිරුපද්දවං. සෙසං වුත්තනයමෙවාති අයං පදවණ්ණනා.
දැන් “ඵුට්ඨස්ස ලොක ධම්මෙහි” යන මේ ගාථාවේ “ඵුට්ඨස්ස” යනු ස්පර්ශ කළහුගේ, ගැටුණු තැනැත්තහුගේ, පැමිණි තැනැත්තහුගේ; ලොකෙ ධම්මා (ලෝකයෙහි ධර්මයෝ) = ලොකධම්මා වේ; යම්තාක් ලෝකය පවතී ද ඒ තාක් නොනවතින ධර්මයෝ යයි කියන ලද්දේ වෙයි. “චිත්තං” යනු මනසයි, සිතයි, යස්ස යනු නවකයාගේ මධ්යමයාගේ හෝ ස්ථවිරයන්ගේ හෝ, න කම්පති යනු නොසෙලවේ, කම්පා නොවේ; අසොකං යනු ශෝක නැති, උදුරා දැමූ ශෝක හුල් ඇති; විරජං යනු පහ වූ (කෙලෙස්) ධූලි ඇති, විනාශ කළ (කෙළෙස්) ධූලි ඇති; ඛෙමං යනු භය නැති, උපද්‍රව නොමැති; ඉතිරිය කියන ලද අයුරින්මය මේ පද වර්ණනාවයි.
අත්ථවණ්ණනා පන එවං වෙදිතබ්බා – ඵුට්ඨස්ස ලොකධම්මෙහි චිත්තං යස්ස න කම්පති නාම යස්ස ලාභාලාභාදීහි අට්ඨහි ලොකධම්මෙහි ඵුට්ඨස්ස අජ්ඣොත්ථටස්ස චිත්තං න කම්පති න චලති න වෙධති, තස්ස තං චිත්තං කෙනචි අකම්පනීයලොකුත්තමභාවාවහනතො මඞ්ගලන්ති වෙදිතබ්බං.
අර්ථ වර්ණනාව වනාහි මෙසේ දත යුතුයි. “ඵුට්ඨස්ස ලොකධම්මෙහි යස්ස චිත්තං න කම්පති” ලාභ අලාභ ආදී අෂ්ට ලෝක ධර්මයන්ගෙන් ස්පර්ශ කළ, මැඬගත් යමෙකුගේ සිත කම්පා නොවේ නොසෙලවේද, ඔහුගේ ඒ සිත කිසිවකින් කම්පා කළ නොහැකි ලෝකයේ උත්තමභාවය ගෙන දෙන හෙයින් මඞ්ගල යයි දත යුතුය.
කස්ස ච එතෙහි ඵුට්ඨස්ස චිත්තං න කම්පතීති? අරහතො ඛීණාසවස්ස, න අඤ්ඤස්ස කස්සචි. වුත්තඤ්හෙතං –
මේවායින් ස්පර්ශ කළ කාගේ නම් සිත කම්පා නොවේද යත්? අර්හත් වූ ක්ෂණාශ්රවයන් වහන්සේලාගේය. වෙනත් කිසිවෙකුගේ නොවේ. මෙයද දේශනා කරන ලදී.
“සෙලො යථා එකග්ඝනො, වාතෙන න සමීරති; එවං රූපා රසා සද්දා, ගන්ධා ඵස්සා ච කෙවලා.
එක ඝන වූ ගල් පර්වතයක් සිවු දිගින් හමන සුළඟින් යම් සේ කම්පා නොවේද එපරිද්දෙන් සියලු රූප ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන අරමුණුද ඉෂ්ට වූ හෝ අනිෂ්ට වූ හෝ ධම්මාරම්මනයෝ ද රහතන් වහන්සේලාගේ සිත කම්පා නොකරත්. ඒ රහත්හුගේ ස්ථිර වූ මැනවින් කෙලෙසුන්ගෙන් මිදුණු සිත විනාශය ද දකී.” (මහාවග්ගපාලි) යනුවෙනි.
“ඉට්ඨා ධම්මා අනිට්ඨා ච, න පවෙධෙන්ති තාදිනො; ඨිතං චිත්තං විප්පමුත්තං, වයඤ්චස්සානුපස්සතී”ති. (මහාව· 244);
අසොකං නාම ඛීණාසවස්සෙව චිත්තං. තඤ්හි ය්වායං “සොකො සොචනා සොචිතත්තං අන්තොසොකො අන්තොපරිසොකො චෙතසො පරිනිජ්ඣායිතත්ත”න්තිආදිනා (විභ· 237) නයෙන වුච්චති සොකො, තස්ස අභාවතො අසොකං. කෙචි නිබ්බානං වදන්ති, තං පුරිමපදෙන නානුසන්ධියති.
“අසොකං” (ශෝක රහිත) නම්, රහතන් වහන්සේගේම සිතයි, එය වනාහි “යම් මේ ශෝක කිරීමක් ඇත් ද ශෝක කරන බවය, ශෝක කළ බවය, ශරීරය ඇතුළත වියලන ස්වභාවය, ශරීරය ඇතුළත හාත්පසින් වියලන ස්වභාවය, සිතින් හාත්පසින් පසුතැවිලි වන බවය යන යමක් ඇත්ද ආදී ක්‍රමයට කියනු ලැබේ ද එම ශෝකය උන්වහන්සේට නොමැති හෙයින් “අසොකං” වේ. සමහරු නිර්වාණ යයි කියති. එය පෙර පදය සමඟ නොගැළපේ.
යථා ච අසොකං, එවං විරජං ඛෙමන්තිපි ඛීණාසවස්සෙව චිත්තං. තඤ්හි රාගදොසමොහරජානං විගතත්තා විරජං, චතූහි ච යොගෙහි ඛෙමත්තා ඛෙමං, යතො එතං තෙන තෙනාකාරෙන තම්හි තම්හි පවත්තික්ඛණෙ ගහෙත්වා නිද්දිට්ඨවසෙන තිවිධම්පි අප්පවත්තක්ඛන්ධතාදිලොකුත්තමභාවාවහනතො ආහුනෙය්යාදිභාවාවහනතො ච මඞ්ගලන්ති වෙදිතබ්බං.
අසොකය යම්සේ ද විරජං, ඛෙමං යන පද ද එසේය. රහතන් වහන්සේගේම සිත රාග, දෝෂ, මෝහ කෙලෙස් ධූලි වලින් පහවූ හෙයින් විරජං වේ. සතර ඕඝයන්ගෙන් නිදහස් වූ හෙයින් ඛෙමං වේ. යම් හෙයකින් මෙසේ ඒ ඒ ආකාරයෙන් ඒ ඒ තන්හි පැවති ක්ෂණය ගෙන දැක්වීම් වශයෙන් තුන් ආකාර වූයේ නමුදු නිර්වාණාදී ලෝකයේ උත්තම ස්වභාවයක් ගෙන දෙන හෙයින් ද ආහුණෙය්‍ය ආදී ගුණයන් ගෙන දෙන හෙයින් ද මඞ්ගල යයි දත යුතුයි.
එවං ඉමිස්සා ගාථාය අට්ඨලොකධම්මෙහි අකම්පිතචිත්තං, අසොකචිත්තං, විරජචිත්තං, ඛෙමචිත්තන්ති චත්තාරි මඞ්ගලානි වුත්තානි. මඞ්ගලත්තඤ්ච නෙසං තත්ථ තත්ථ විභාවිතමෙවාති.
මෙසේ මේ ගාථාවෙන් අෂ්ට ලෝක ධර්මයෙන් කම්පා නොවන සිත, අශෝක සිත, විරජ සිත, ඛේම සිත යයි මඞ්ගල කරුණු හතරක් දේශනා කරන ලදී. ඔවුන්ගේ මඞ්ගලභාවය ද ඒ ඒ තන්හි පැහැදිලි කළේමය.
නිට්ඨිතා ඵුට්ඨස්ස ලොකධම්මෙහීති ඉමිස්සා ගාථාය අත්ථවණ්ණනා.
“ඵුට්ඨස්ස ලොක ධම්මෙහි” යන මේ ගාථාවෙහි අර්ථ වර්ණාව නිමියේය.
එතාදිසානීතිගාථාවණ්ණනා
එතාදිසානීතිගාථාවණ්ණනා
එවං භගවා අසෙවනා ච බාලානන්තිආදීහි දසහි ගාථාහි අට්ඨතිංස මහාමඞ්ගලානි කථෙත්වා ඉදානි එතානෙව අත්තනා වුත්තමඞ්ගලානි ථුනන්තො “එතාදිසානි කත්වානා”ති අවසානගාථමභාසි.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ “අසෙවනාච බාලානං” ආදී ගාථා දහයෙන් තිස් අටක් මහා මඞ්ගල කරුණු දේශනා කොට දැන් තමන් වහන්සේ විසින් දේශනා කරන ලද මඞ්ගල කාරණයන් පසසන්නාහු “එතාදිසානි කත්වාන” යන මේ අවසාන ගාථාව වදාළහ.
තස්සායමත්ථවණ්ණනා – එතාදිසානීති එතානි ඊදිසානි මයා වුත්තප්පකාරානි බාලානං අසෙවනාදීනි. කත්වානාති කත්වා. කත්වාන කත්වා කරිත්වාති හි අත්ථතො අනඤ්ඤං. සබ්බත්ථමපරාජිතාති සබ්බත්ථ ඛන්ධකිලෙසාභිසඞ්ඛාරදෙවපුත්තමාරප්පභෙදෙසු චතූසු පච්චත්ථිකෙසු එකෙනාපි අපරාජිතා හුත්වා, සයමෙව තෙ චත්තාරො මාරෙ පරාජෙත්වාති වුත්තං හොති. මකාරො චෙත්ථ පදසන්ධිකරමත්තොති විඤ්ඤාතබ්බො.
මේ එහි අර්ථ වර්ණනාවයි. “එතාදිසානි” යනු මේ ආකාර වූ මා විසින් දේශනා කරන ලද ආකාරයේ මේ බාලයන් සේවනය නොකිරිම් ආදිය; “කත්වාන” කොට, ‘කරිත්වා’ යන අර්ථයෙන් වෙනෙකක් නොවේ. “සබ්බත්ථමපරාජිතා” යනු සියලු තන්හි ස්කන්ධ, ක්ලේශ, අභිසංස්කාර, දේවපුත්තමාර යන ප්‍රභේද ඇති සතුරන් සතර දෙනා අතුරින් එකෙකුදු විසින් අපරාජිතයෙක් වී, තමා විසින් ම ඒ මාරයන් සතර දෙනා පරාජය කොට යයි කියන ලද්දේ වෙයි. මෙහි ‘ම’ කාරය පද සන්ධි කිරීම් මාත්‍රයක් පමණක් බව දත යුතුය.
සබ්බත්ථ සොත්ථිං ගච්ඡන්තීති එතාදිසානි මඞ්ගලානි කත්වා චතූහි මාරෙහි අපරාජිතා හුත්වා සබ්බත්ථ ඉධලොකපරලොකෙසු ඨානචඞ්කමනාදීසු ච සොත්ථිං ගච්ඡන්ති, බාලසෙවනාදීහි යෙ උප්පජ්ජෙය්යුං ආසවා විඝාතපරිළාහා, තෙසං අභාවා සොත්ථිං ගච්ඡන්ති, අනුපද්දුතා අනුපසට්ඨා ඛෙමිනො අප්පටිභයා ගච්ඡන්තීති වුත්තං හොති. අනුනාසිකො චෙත්ථ ගාථාබන්ධසුඛත්ථං වුත්තොති වෙදිතබ්බො.
“සබ්බත්ථ සොත්ථිං ගච්ඡන්ති” යනු මේ ආකාර වූ මඞ්ගලයන් කොට සතර මාරයන් විසින් අපරාජිතයෙකු වී මෙලොව පරලොව සියලු තන්හිද සිටීම් සක්මන් කිරීම් ආදියෙහි ද යහපතකට යෙති. බාලයන් සේවනය කිරීම් ආදියෙන් යම් ආශ්‍රව, විඝාත (සිතේ කරදර) පරිදාහ උපදින්නේ ද ඒවායේ අභාවයෙන් යහපතකට යෙති. උපද්‍රව රහිත බවට කරදර නොමැති බවට ආරක්ෂා සහිත බවට එය රහිත බවට යෙතියි කියන ලද්දේ වෙයි. මෙහි ද අනුනාසිකය ගාථාබන්ධය සුඛෝච්චාරණය සඳහා කියන ලද්දේ යයි දත යුතුයි.
තං තෙසං මඞ්ගලමුත්තමන්ති ඉමිනා ගාථාපදෙන භගවා දෙසනං නිට්ඨාපෙසි. කථං? එවං, දෙවපුත්ත, යෙ එතාදිසානි කරොන්ති, තෙ යස්මා සබ්බත්ථ සොත්ථිං ගච්ඡන්ති, තස්මා තං බාලානං අසෙවනාදිඅට්ඨතිංසවිධම්පි තෙසං එතාදිසකාරකානං මඞ්ගලමුත්තමං සෙට්ඨං පවරන්ති ගණ්හාහීති.
“තං තෙසං මඞ්ගලමුත්තමං” යන මේ ගාථා පදයෙන් භාග්‍යවතුන් වහන්සේ දේශනාව නිමා කළ සේක. කෙසේද? දේවපුත්‍රය! මෙසේ යමෙක් මෙබඳු දේ කරත් ද ඔවුහු යම් හෙයකින් සියලු තන්හි යහපතට යෙත්ද එහෙයින් බාලයන් සේවනය නොකිරීම ආදී මඞ්ගලයන් අටතිස් ආකාර වූයේ නමුදු මෙබඳු වූ මඞ්ගලයන් අනුගමනය කරන ඔවුන්ට එය උත්තම වූ ශ්‍රේෂ්ඨ වූ පවර වූ මඞ්ගලයක් ලෙස ගනුව” යනුවෙනි.
එවඤ්ච භගවතා නිට්ඨාපිතාය දෙසනාය පරියොසානෙ කොටිසතසහස්සදෙවතායො අරහත්තං පාපුණිංසු, සොතාපත්තිසකදාගාමිඅනාගාමිඵලසම්පත්තානං ගණනා අසඞ්ඛ්යෙය්යා අහොසි.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් නිමවන ලද දේශනාව අවසානයෙහි කෙළ ලක්ෂයක් දේවතාවෝ රහත් ඵලයට පැමිණියහ. සෝවාන්, සකදාගාමී, අනාගාමී ඵලයට පත් වූවන්ගේ ගණන අසඞ්ඛ්‍ය වේ.
අථ භගවා දුතියදිවසෙ ආනන්දත්ථෙරං ආමන්තෙසි – “ඉමං පන, ආනන්ද, රත්තිං අඤ්ඤතරා දෙවතා මං උපසඞ්කමිත්වා මඞ්ගලපඤ්හං පුච්ඡි, අථස්සාහං අට්ඨතිංස මඞ්ගලානි අභාසිං, උග්ගණ්හාහි, ආනන්ද, ඉමං මඞ්ගලපරියායං, උග්ගහෙත්වා භික්ඛූ වාචෙහී”ති. ථෙරො උග්ගහෙත්වා භික්ඛූ වාචෙසි. තයිදං ආචරියපරම්පරාය ආභතං යාවජ්ජතනා පවත්තති, “එවමිදං බ්රහ්මචරියං ඉද්ධඤ්චෙව ඵීතඤ්ච විත්ථාරිකං බාහුජඤ්ඤං පුථුභූතං යාව දෙවමනුස්සෙහි සුප්පකාසිත”න්ති වෙදිතබ්බං.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ දෙවන දවස්හි ආනන්ද තෙරුන් ඇමතූහ. “ආනන්ද, මේ රාත්‍රියෙහි එක්තරා දේවතාවෙක් මා වෙත එළඹ මඞ්ගල ප්රශ්නය විචාළේය. මම ඔහුට අටතිසක් මඞ්ගල කරුණු දේශනා කළෙමි. ආනන්දය, මඞ්ගල පරියාය උගනුව; ඉගෙන ගෙන භික්ෂූන්ට උගන්වව” යනුයි. තෙරුන් වහන්සේ ඉගෙන ගෙන භික්ෂූන්ට ඉගැන්වූහ. ආචාර්ය්ය පරම්පරාවෙන් ගෙනෙන ලද ඒ මේ (මඞ්ගල සූත්‍රය) අද දක්වා පවතී. මෙසේ මේ බ්‍රහ්මචර්‍ය්‍යාව (ශාසනය) සමෘද්ධ වූයේ ද වැඩීමට පැමිණියේද පැතුරුණේද, බොහෝ දෙනා විසින් දැන ගනු ලැබුවේද ප්‍රකට වූයේ ද දෙවි මිනිසුන් විසින් මැනවින් ප්‍රකාශ කරන ලද්දේ ද වන්නේ යයි දත යුතුය.
ඉදානි එතෙස්වෙව මඞ්ගලෙසු ඤාණපරිචයපාටවත්ථං අයමාදිතො පභුති යොජනා – එවමිමෙ ඉධලොකපරලොකලොකුත්තරසුඛකාමා සත්තා බාලජනසෙවනං පහාය, පණ්ඩිතෙ නිස්සාය, පූජනෙය්යෙ පූජෙත්වා, පතිරූපදෙසවාසෙන පුබ්බෙ ච කතපුඤ්ඤතාය කුසලප්පවත්තියං චොදියමානා අත්තානං සම්මා පණිධාය, බාහුසච්චසිප්පවිනයෙහි අලඞ්කතත්තභාවා, විනයානුරූපං සුභාසිතං භාසමානා, යාව ගිහිභාවං න විජහන්ති, තාව මාතාපිතූපට්ඨානෙන පොරාණං ඉණමූලං විසොධයමානා, පුත්තදාරසඞ්ගහෙන නවං ඉණමූලං පයොජයමානා, අනාකුලකම්මන්තතාය ධනධඤ්ඤාදිසමිද්ධිං පාපුණන්තා, දානෙන භොගසාරං ධම්මචරියාය ජීවිතසාරඤ්ච ගහෙත්වා, ඤාතිසඞ්ගහෙන සකජනහිතං අනවජ්ජකම්මන්තතාය පරජනහිතඤ්ච කරොන්තා, පාපවිරතියා පරූපඝාතං මජ්ජපානසංයමෙන අත්තූපඝාතඤ්ච විවජ්ජෙත්වා, ධම්මෙසු අප්පමාදෙන කුසලපක්ඛං වඩ්ඪෙත්වා, වඩ්ඪිතකුසලතාය ගිහිබ්යඤ්ජනං ඔහාය පබ්බජිතභාවෙ ඨිතාපි බුද්ධබුද්ධසාවකූපජ්ඣායාචරියාදීසු ගාරවෙන නිවාතෙන ච වත්තසම්පදං ආරාධෙත්වා, සන්තුට්ඨියා පච්චයගෙධං පහාය, කතඤ්ඤුතාය සප්පුරිසභූමියං ඨත්වා, ධම්මස්සවනෙන චිත්තලීනතං පහාය, ඛන්තියා සබ්බපරිස්සයෙ අභිභවිත්වා, සොවචස්සතාය සනාථං අත්තානං කත්වා, සමණදස්සනෙන පටිපත්තිපයොගං පස්සන්තා, ධම්මසාකච්ඡාය කඞ්ඛාට්ඨානියෙසු ධම්මෙසු කඞ්ඛං විනොදෙත්වා, ඉන්ද්රියසංවරතපෙන සීලවිසුද්ධිං සමණධම්මබ්රහ්මචරියෙන චිත්තවිසුද්ධිං තතො පරා ච චතස්සො විසුද්ධියො සම්පාදෙන්තා, ඉමාය පටිපදාය අරියසච්චදස්සනපරියායං ඤාණදස්සනවිසුද්ධිං පත්වා අරහත්තඵලසඞ්ඛ්යං නිබ්බානං සච්ඡිකරොන්ති, යං සච්ඡිකරිත්වා සිනෙරුපබ්බතො විය වාතවුට්ඨීහි අට්ඨහි ලොකධම්මෙහි අවිකම්පමානචිත්තා අසොකා විරජා ඛෙමිනො හොන්ති. යෙ ච ඛෙමිනො හොන්ති, තෙ සබ්බත්ථ එකෙනපි අපරාජිතා හොන්ති, සබ්බත්ථ සොත්ථිං ගච්ඡන්ති. තෙනාහ භගවා –
දැන් මේ මඞ්ගල කාරණයන් පිළිබඳවම දැනුම, පුරුද්ද, දක්ෂතාව සඳහා මේ මුල් කාරණයේ පටන් යෙදීමයි. මෙසේ මේ මෙලොව, පරලොව හා ලෝකෝත්තර සැප කැමති සත්ත්වයෝ බාල ජනයා සේවනය කිරීම අත්හැර පණ්ඩිතයන් (ඇසුරු කිරීම) නිසා පිදිය යුත්තන් පුදමින් සුදුසු ප්‍රදේශයක විසීම හා පෙර කළ පින් ඇති බව නිසා කුශල ප්‍රවෘත්තියෙන් මෙහෙයවනු ලබන්නාහු තමාගේ සිත මැනවින් පිහිටුවාගෙන බහුශ්‍රැත බව, දන්නා ශිල්ප ඇති බව, විනය යන මේවායින් අලඞ්කාර කළ ආත්මභාව ඇත්තාහු විනයට අනුකූල වූ සුභාෂිත වචන කථා කරන්නාහු යම්තාක් ගිහි ස්වරූපය අත් නොහරින්නාහුද ඒ තාක් මව්පිය උපස්ථානයෙන් පැරණි ණය මුදලක් නිදහස් කරමින් අඹු දරුවන්ට සංග්‍රහ කිරීමෙන් නව ණය මුදල් යොදවනු ලබන්නාහු නිරවුල් කර්මාන්ත ඇති බැවින් ධන ධාන්‍ය ආදියෙහි සමෘද්ධියට පැමිණෙන්නාහු දානයෙන් භෝග සාරයත් ධර්ම චර්‍ය්‍යාවෙන් ජීවිත සාරයත් ගෙන ඥාතී සංග්‍රහයෙන් සිය ජනයාගේ යහපතද නිවැරදි කර්මාන්ත ඇති බැවින් අන්‍ය ජනයාගේ යහපත ද කරන්නාහු පවෙන් වැළකීමෙන් අනුන් නැසීම ද මද්‍ය පානයෙහි සංයමයෙන් ආත්ම ඝාතනය ද දුරු කොට ධර්මයන්හි නොපමාවීමෙන් කුශල පක්ෂය වඩන්නාහු වැඩූ කුශල් ඇති බව නිසා ගිහි සළකුණු අත්හැර පැවිදි ස්වභාවයෙහි සිටියාහු නමුදු බුද්ධ, බුද්ධ ශ්‍රාවක, උපාධ්‍යාය, ආචාර්ය්ය ආදීන් කෙරෙහි ගෞරවයෙන් ද යටහත් පැවැත්මෙන් ද වත් සම්පතින් සතුටු කොට ලද දෙයින් සතුටු වීමෙන් සිව් පසය පිළිබඳ ආශාව අත්හැර කළගුණ දන්නා බව නිසා සත්පුරුෂ භූමියෙහි පිහිටා ධර්ම ශ්‍රවණයෙන් සිතෙහි කුසීත බව අත්හැර ඉවසීමෙන් සියලු උවදුරු මැඩ පවත්වන්නාහු සුවචභාවය නිසා තමා සනාථයෙකු කොට ශ්රමණයන් දැකීමෙන් ප්රතිපත්තියෙහි යෙදීම දකින්නාහු ධර්ම සාකච්ඡාවෙන් සැක සහිත ධර්මයන්හි සැකය දුරු කොට ඉන්ද්රිය සංවර තපසින් ශීල විසුද්ධිය ද, ශ්‍රමණ ධර්ම බ්‍රහ්ම චර්‍ය්‍යාවෙන් චිත්ත විසුද්ධිය ද එයින් මත්තෙහි වූ සතර විසුද්ධීන් ද සම්පදනය කරන්නාහු මේ ප්‍රතිපදාවෙන් ආර්‍ය්‍ය සත්‍ය දර්ශනය අවසන් කොට ඇති ඥාන දර්ශන විසුද්ධියට පත්ව යමක් ප්රත්යක්ෂ කිරීමෙන් මහාමේරු පර්වතය සුළඟින් කම්පා නොවන්නා සේ අෂ්ට ලෝක ධර්මයෙන් කම්පා නොවන සිත් ඇත්තාහු ශෝක නැත්තෝ කෙලෙස් ධූලි නැත්තෝ බියෙන් තොර වූවෝ වෙත්ද ඒ අර්හත් ඵල සඞ්ඛ්‍යාත නිර්වාණය ප්රත්යක්ෂ කරති. යමෙක් බිය නැත්තාහුද ඔවුහු සියලු තන්හි අපරාජිත වූවාහු වෙති. සියලු තන්හි යහපතට ද යෙති. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ වදාළහ.
“එතාදිසානි කත්වාන, සබ්බත්ථමපරාජිතා; සබ්බත්ථ සොත්ථිං ගච්ඡන්ති, තං තෙසං මඞ්ගලමුත්තම”න්ති.
“එතාදිසානි කත්වාන සබ්බත්ථ මපරාජිතා සබ්බත්ථ සොත්ථි ගච්ඡන්ති තං තෙසං මඞ්ගල මුත්තමං” යනුයි.
පරමත්ථජොතිකාය ඛුද්දකපාඨ-අට්ඨකථාය මඞ්ගලසුත්තවණ්ණනා නිට්ඨිතා.
මහාමඞ්ගල සූත්‍ර වර්ණනාව නිමියේය.