අසෙවනාචාතිගාථාවණ්ණනා අට්ඨකථා
අසෙවනාචාතිගාථාවණ්ණනා
අසෙවනාචාතිගාථාවණ්ණනා
එවමෙතං දෙවපුත්තස්ස වචනං සුත්වා භගවා “අසෙවනා ච බාලාන”න්ති ගාථමාහ.
මෙසේ දේවපුත්රයාගේ ඒ වචනය අසා භාග්‍යවතුන් වහන්සේ “අසේවනාච බාලානං” යන ගාථාව වදාළහ.
තත්ථ අසෙවනාති අභජනා අපයිරුපාසනා. බාලානන්ති බලන්ති අස්සසන්තීති බාලා, අස්සසිතපස්සසිතමත්තෙන ජීවන්ති, න පඤ්ඤාජීවිතෙනාති අධිප්පායො. තෙසං බාලානං. පණ්ඩිතානන්ති පණ්ඩන්තීති පණ්ඩිතා, සන්දිට්ඨිකසම්පරායිකෙසු අත්ථෙසු ඤාණගතියා ගච්ඡන්තීති අධිප්පායො. තෙසං පණ්ඩිතානං. සෙවනාති භජනා පයිරුපාසනා තංසහායතා තංසම්පවඞ්කතා තංසමඞ්ගිතා පූජාති සක්කාරගරුකාරමානනවන්දනා. පූජනෙය්යානන්ති පූජාරහානං. එතං මඞ්ගලමුත්තමන්ති යා ච බාලානං අසෙවනා, යා ච පණ්ඩිතානං සෙවනා, යා ච පූජනෙය්යානං පූජා, තං සබ්බං සම්පිණ්ඩෙත්වා ආහ “එතං මඞ්ගලමුත්තම”න්ති. යං තයා පුට්ඨං “බ්රූහි මඞ්ගලමුත්තම”න්ති, එත්ථ තාව එතං මඞ්ගලමුත්තමන්ති ගණ්හාහීති වුත්තං හොති. අයමෙතිස්සා ගාථාය පදවණ්ණනා.
එහි “අසෙවනා” යනු භජනය නොකිරීම, සේවනය නොකිරීමයි. “බාලානං” යනු ජීවත් වෙති. ආශ්වාස කෙරෙතියි “බාලා” වේ. ආශ්වාස ප්රාශ්වාස පමණකින් ජීවත් වෙති. ප්‍රඥා සහගත ජීවිතයක් නොවේ යන අදහසයි. ඒ බාලයන්ගේ, “පණ්ඩිතානං” යනු යෙතිනුයි පණ්ඩිතා වේ. සාන්දෘෂ්ටික සම්පරායික අර්ථයන්හි ඥාන ගතියෙන් යෙති”යි යන අදහසයි. ඒ පණ්ඩිතයන්ගේ, “සෙවනා” යනු භජනය කිරීම, ඇසුරු කිරීම, ඔහු සහාය කොට ඇති බව, ඔහු හා හිතවත්භාවය පැවැත්වීමයි. “පූජා” යනු සත්කාර කිරීම, ගරු කිරීම, බුහුමන් කිරීම, වැඳීමයි. “පූජනෙය්යානං” යනු පූජාවට සුදුසු අයට “එතං මඞ්ගල මුත්තමං” යනු නුඹ විසින් “බ්‍රෑහි මඞ්ගල මුත්තමං” යයි යමක් විමසන ලද්දේ මෙහිදී පළමු කොට උතුම් මඞ්ගලයකැයි ගනුව”යි දේශනා කරන ලද්දේ වෙයි. මේ මෙම ගාථාවෙහි පද වර්ණනාවයි.
අත්ථවණ්ණනා පනස්සා එවං වෙදිතබ්බා – එවමෙතං දෙවපුත්තස්ස වචනං සුත්වා භගවා “අසෙවනා ච බාලාන”න්ති ඉමං ගාථමාහ. තත්ථ යස්මා චතුබ්බිධා ගාථා පුච්ඡිතගාථා, අපුච්ඡිතගාථා, සානුසන්ධිකගාථා, අනනුසන්ධිකගාථාති. තත්ථ “පුච්ඡාමි තං, ගොතම, භූරිපඤ්ඤ, කථඞ්කරො සාවකො සාධු හොතී”ති (සු· නි· 378) ච “කථං නු ත්වං, මාරිස, ඔඝමතරී”ති (සං· නි· 1.1) ච එවමාදීසු පුච්ඡිතෙන කථිතා පුච්ඡිතගාථා. “යං පරෙ සුඛතො ආහු, තදරියා ආහු දුක්ඛතො”ති එවමාදීසු (සු· නි· 767) අපුච්ඡිතෙන අත්තජ්ඣාසයවසෙන කථිතා අපුච්ඡිතගාථා. සබ්බාපි බුද්ධානං ගාථා “සනිදානාහං, භික්ඛවෙ, ධම්මං දෙසෙස්සාමී”ති (අ· නි· 3.126; කථා· 806) වචනතො සානුසන්ධිකගාථා. අනනුසන්ධිකගාථා ඉමස්මිං සාසනෙ නත්ථි. එවමෙතාසු ගාථාසු අයං දෙවපුත්තෙන පුච්ඡිතෙන භගවතා කථිතත්තා පුච්ඡිතගාථා. අයඤ්ච යථා ඡෙකො පුරිසො කුසලො මග්ගස්ස කුසලො අමග්ගස්ස මග්ගං පුට්ඨො පඨමං විජහිතබ්බං ආචික්ඛිත්වා පච්ඡා ගහෙතබ්බං ආචික්ඛති “අසුකස්මිං නාම ඨානෙ ද්වෙධාපථො හොති, තත්ථ වාමං මුඤ්චිත්වා දක්ඛිණං ගණ්හථා”ති, එවං සෙවිතබ්බාසෙවිතබ්බෙසු අසෙවිතබ්බං ආචික්ඛිත්වා සෙවිතබ්බං ආචික්ඛති. භගවා ච මග්ගකුසලපුරිසසදිසො. යථාහ –
මෙම ගාථාවෙහි අර්ථ වර්ණනාව වනාහි මෙසේ දත යුතුය. මෙසේ දේව පුත්‍රයාගේ මේ වචනය අසා භාග්‍යවතුන් වහන්සේ “අසේවනාච බාලානං” යන මේ ගාථාව වදාළහ. එහි යම් හෙයකින් කථාවෝ පුච්ඡිත කථා, අපුච්ඡිත කථා, සානුසන්ධි කතා, අනනුසන්ධි කථා යයි සතරාකාර වෙත් ද එහි “පුච්ඡාමි තං ගොතම භූරිපඤ්හ කථංකරො සාවකො සාධු හොති” යයි ද “කථන්නු ත්වං මාරිස ඔඝමතරි” යයි ද මේ ආදි තන්හි (මෙන්) යමෙකු විසින් විමසන ලද්දේ කළ දේශනා “පුච්ඡිත කථා” වේ. “යං පරෙ සුඛතො ආහු තදරියාආහු දුක්ඛතො” යන මේ ආදී තන්හි (මෙන්) යමෙකු විසින් විමසීමක් නොමැතිව තමන් වහන්සේගේ අදහස් වශයෙන් කළ දේශනා අපුච්ඡිත කථා නම් වේ. බුදුවරුන්ගේ සියලුම කථා “සතිදානාහං භික්ඛවෙ ධම්මං දෙසෙමි” යයි වදාළ බැවින් සානුසන්ධි කථා වේ. අනනුසන්ධි කථා මේ ශාසනයෙහි නොමැත. මෙසේ මේ කථා අතුරෙන් මේ දේශනාව දේව පුත්‍රයා විසින් විමසන ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කළ බැවින් පුච්ඡිත කථා වේ. විමසන ලද (පුච්ඡිත) කථාවෙහි ද යම්සේ මග නොමඟ මැනවින් දත් දක්ෂ පුරුෂයෙක් මග විමසනු ලැබුවේ “අසවල් තැන දෙමංසන්ධියක් ඇත. එහි වම්පස මග අත්හැර දකුණු පස මග ගනිවු” යයි පළමුව දුරු කළ යුතු මග කියා පසුව ගත යුතු මග කියයි ද ඒ අයුරින් සේවනය කළ යුතු හා සේවය නොකළ යුතු පුද්ගලයන් අතුරෙන් සේවනය නොකළ යුතු (පුද්ගලයන්) කියා සේවනය කළ යුතු අය කිව යුතුය. භාග්‍යවතුන් වහන්සේ ද මාර්ගයෙහි දක්ෂ වූ පුරුෂයාට සමානය. යම්සේ කීවේද
“පුරිසො මග්ගකුසලොති ඛො, තිස්ස, තථාගතස්සෙතං අධිවචනං අරහතො සම්මාසම්බුද්ධස්ස. සො හි කුසලො ඉමස්ස ලොකස්ස, කුසලො පරස්ස ලොකස්ස, කුසලො මච්චුධෙය්යස්ස, කුසලො අමච්චුධෙය්යස්ස, කුසලො මාරධෙය්යස්ස, කුසලො අමාරධෙය්යස්සා”ති.
“තිස්සය, මාර්ගයෙහි දක්ෂ වූ පුරුෂයා යනු අර්හත් සම්මා සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේට නාමයකි.” “උන්වහන්සේ වනාහි මේ ලෝකය පිළිබඳ දක්ෂයෙකි. පරලොව පිළිබඳ දක්ෂයෙකි. මරණයට අයත් දේ පිළිබඳ දක්ෂයෙකි. මරණයට අයත් නොවන දේ පිළිබඳ දක්ෂයෙකි. මාරයාට අයත් දේ පිළිබඳ දක්ෂයෙකි. මාරයාට අයත් නොවන දේ පිළිබඳ දක්ෂයෙකි.” යනුවෙනි.
තස්මා පඨමං අසෙවිතබ්බං ආචික්ඛන්තො ආහ – “අසෙවනා ච බාලානං, පණ්ඩිතානඤ්ච සෙවනා”ති. විජහිතබ්බමග්ගො විය හි පඨමං බාලා න සෙවිතබ්බා න පයිරුපාසිතබ්බා, තතො ගහෙතබ්බමග්ගො විය පණ්ඩිතා සෙවිතබ්බා පයිරුපාසිතබ්බාති. කස්මා පන භගවතා මඞ්ගලං කථෙන්තෙන පඨමං බාලානමසෙවනා පණ්ඩිතානඤ්ච සෙවනා කථිතාති? වුච්චතෙ – යස්මා ඉමං දිට්ඨාදීසු මඞ්ගලදිට්ඨිං බාලසෙවනාය දෙවමනුස්සා ගණ්හිංසු, සා ච අමඞ්ගලං, තස්මා තෙසං තං ඉධලොකපරලොකත්ථභඤ්ජකං අකල්යාණමිත්තසංසග්ගං ගරහන්තෙන උභයලොකත්ථසාධකඤ්ච කල්යාණමිත්තසංසග්ගං පසංසන්තෙන භගවතා පඨමං බාලානමසෙවනා පණ්ඩිතානඤ්ච සෙවනා කථිතාති.
එහෙයින් පළමුව සේවනය නොකළ යුතු පුද්ගලයන් දේශනා කරන්නාහු “අසෙවනාච බාලානං පණ්ඩිතානඤ්ච සේවනා” යයි වදාළහ. අත්හළ යුතු මාර්ගය මෙන් පළමුව බාලයෝ සේවනය නොකළ යුත්තාහ. ආශ්‍රය නොකළ යුත්තාහ. ඉන් පසුව ගත යුතු මග මෙන් පණ්ඩිතයෝ සේවනය කළ යුත්තාහ. ආශ්‍රය කළ යුත්තාහ. කුමක් හෙයින් මඞ්ගලයන් පිළිබඳ දේශනා කරන භාග්‍යවතුන් වහන්සේ විසින් පළමුව බාලයන් සේවනය නොකිරීමත් පණ්ඩිතයන් සේවනය කිරීමත් දේශනා කරන ලද්දේ ද? කියනු ලැබේ. යම් හෙයකින් දෙවි මිනිස්සු බල සේවනය නිසා දිට්ඨ මඞ්ගලාදිය අතුරෙන් මේ මඞ්ගල දෘෂ්ටිය ගත්තාහු ද එය ද අමඞ්ගලයකි. එහෙයින් මෙළොව පරලොව අර්ථය සිඳින ඔවුන්ගේ ඒ අකල්යාණමිත්ර සංසර්ගයට ගරහන, උභය ලෝකාර්ථ සිද්ධිය ඇති කරන කල්‍යාණ මිත්‍ර සංසර්ගයට පසසන භාග්‍යවතුන් වහන්සේ විසින් පළමුව බාලයන්ගේ සේවය නොකිරීමත් පණ්ඩිතයන්ගේ සේවනයත් දේශනා කළ සේක. (එහෙයිනි)
තත්ථ බාලා නාම යෙ කෙචි පාණාතිපාතාදිඅකුසලකම්මපථසමන්නාගතා සත්තා, තෙ තීහාකාරෙහි ජානිතබ්බා. යථාහ “තීණිමානි, භික්ඛවෙ, බාලස්ස බාලලක්ඛණානී”ති සුත්තං (අ· නි· 3.3; ම· නි· 3.246). අපිච පූරණකස්සපාදයො ඡ සත්ථාරො, දෙවදත්තකොකාලිකකටමොදකතිස්සඛණ්ඩදෙවියාපුත්තසමුද්දදත්තචිඤ්චමාණවිකාදයො අතීතකාලෙ ච දීඝවිදස්ස භාතාති ඉමෙ අඤ්ඤෙ ච එවරූපා සත්තා බාලාති වෙදිතබ්බා.
එහි “බාලා” බාලයෝ නම් ප්‍රාණඝාත ආදී අකුශල කර්ම පථයන්ගෙන් යුත් යම්කිසි සත්ත්වයෝය. ඔවුහු තුන් ආකාරයකින් දත යුත්තාහ. යම්සේ වදාළේ ද “මහණෙනි, බාලයාගේ මේ බාල ලක්ෂණ තුනකි.” යන සුත්‍රයයි. තවද පූරණ කාශ්‍යප ආදී ෂට් ශාස්තෲවරු ද දේවදත්ත, කෝකාලික, කටමෝරක තිස්ස, ඛණ්ඩදෙවියාපුත්ත, සමුද්ද දත්ත, චිඤ්චමානවිකා ආදීහු ද අතීත කාලයේ දීඝ විදගේ සහෝදරයා ද යන මොවුහුද වෙනත් මෙබඳු වූ සත්ත්වයෝ බාලයෝ යයි දත යුතුය.
තෙ අග්ගිපදිත්තමිව අගාරං අත්තනා දුග්ගහිතෙන අත්තානඤ්චෙව අත්තනො වචනකාරකෙ ච විනාසෙන්ති. යථා දීඝවිදස්ස භාතා චතුබුද්ධන්තරං සට්ඨියොජනමත්තෙන අත්තභාවෙන උත්තානො පතිතො මහානිරයෙ පච්චති, යථා ච තස්ස දිට්ඨිං අභිරුචනකානි පඤ්ච කුලසතානි තස්සෙව සහබ්යතං උපපන්නානි මහානිරයෙ පච්චන්ති. වුත්තඤ්චෙතං භගවතා –
ඔවුහු ගින්නෙන් දැවුණු ගෙයක් මෙන් තමා විසින් වැරදි ලෙස ගත් දෙයින් තමන් මෙන්ම තමන්ගේ වචනය අනුගමනය කරන්නන් ද විනාශ කරති. යම්සේ දීඝ විදගේ සහෝදරයා බුද්ධාන්තර හතරක් සැට යොදුන් පමණ වූ සිරුරක් ඇතිව උඩුකුරුව වැටුණේ මහා නරකයෙහි පැසෙනු ලබත් ද යම්සේ ඔහුගේ දෘෂ්ටිය කැමතිවන පන්සීයක් කුලයෝ ඔහුගේම සහාය බවට පත් වෙමින් උපන්නාහු මහා නරකයෙහි පැසෙනු ලබත් ද (එලෙසිනි) භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරන ලදි.
“සෙය්යථාපි, භික්ඛවෙ, නළාගාරා වා තිණාගාරා වා අග්ගි මුත්තො කූටාගාරානිපි ඩහති උල්ලිත්තාවලිත්තානි නිවාතානි ඵුසිතග්ගළානි පිහිතවාතපානානි, එවමෙව ඛො, භික්ඛවෙ, යානි කානිචි භයානි උප්පජ්ජන්ති, සබ්බානි තානි බාලතො උප්පජ්ජන්ති, නො පණ්ඩිතතො. යෙ කෙචි උපද්දවා උප්පජ්ජන්ති…පෙ… යෙ කෙචි උපසග්ගා…පෙ… නො පණ්ඩිතතො. ඉති ඛො, භික්ඛවෙ, සප්පටිභයො බාලො, අප්පටිභයො පණ්ඩිතො. සඋපද්දවො බාලො, අනුපද්දවො පණ්ඩිතො, සඋපසග්ගො බාලො, අනුපසග්ගො පණ්ඩිතො”ති (අ· නි· 3.1).
“මහණෙනි, බටලීයෙන් කළ ගෙයක් හෝ තණවලින් කළ ගෙයක් හෝ ගිනි ඇවිළ ගත්තේ ඇතුළත පිටත සුණුවලින් ගල්වන ලද වැළකු සුළං ඇති කාවද්දන ලද අගුල් ඇති වැසූ වාකවුළු ඇති කුළු ගෙවල් ද යම්සේ දවා ද මහණෙනි එලෙසින්ම යම් කිසි බිය කනෙක් උපදිත් නම් ඒ සියල්ලම බාලයා කෙරෙන් උපදිති. පණ්ඩිතයා කෙරෙන් නූපදියි. යම් කිසි උපද්‍රව කෙනෙක් උපදිත් නම් -පෙ - යම්කිසි විපත් කෙනෙක් - පෙ - පණ්ඩිතයා කෙරෙන් නූපදියි. මහණෙනි, මෙසේ වනාහි බාල තෙමේ භය සහිත වේ. පණ්ඩිත තෙමේ භය රහිත වේ. බාලයා විපත්ති සහිත වේ. පණ්ඩිතයා විපත්ති රහිත වේ. යනුවෙනි.
අපිච පූතිමච්ඡසදිසො බාලො, පූතිමච්ඡබන්ධපත්තපුටසදිසො හොති තදුපසෙවී, ඡඩ්ඩනීයතං ජිගුච්ඡනීයතඤ්ච පාපුණාති විඤ්ඤූනං. වුත්තඤ්චෙතං –
තවද බාලයා කුණු වු මාළුවෙකු හා සමානය. ඔහු ඇසුරු කරන්නා කුණු මාළුවෙකු දැමු කොළ ගොටුවක් සමාන වෙයි. නුවණැත්තන් විසින් ඉවත දැමිය යුතු පිළිකුල් කෙනෙකු බවට පත්වෙයි. මෙය ද වදාරණ ලදි.
“පූතිමච්ඡං කුසග්ගෙන, යො නරො උපනය්හති; කුසාපි පූතී වායන්ති, එවං බාලූපසෙවනා”ති. (ජා· 1.15.183; 2.22.1257);
“යම් මිනිසෙක් කුණු මසෙකු කුස තණ අගින් බඳියි ද ඒ කුස තණ ද ගඳ වහනය කරයි. බාලයන් ඇසුරු කිරීමත් එසේමය.”
අකිත්තිපණ්ඩිතො චාපි සක්කෙන දෙවානමින්දෙන වරෙ දිය්යමානෙ එවමාහ –
අකිත්ති පණ්ඩිත තෙමේද සක්දෙව් රජු විසින් වර දෙනු ලබන කල්හි මෙසේ කීය.
“බාලං න පස්සෙ න සුණෙ, න ච බාලෙන සංවසෙ; බාලෙනල්ලාපසල්ලාපං, න කරෙ න ච රොචයෙ.
“බාලයකු නොදකීවා, ඔහු ගැන අසන්නට නොලැබේවා. බාලයකු සමග එක්ව වාසයක් නොලැබේවා, බාලයන් හා ප්‍රිය බස් හෝ කථා කරන්නට නොලැබේවා, එය කැමති නොවේවා.”
“කින්නු තෙ අකරං බාලො, වද කස්සප කාරණං; කෙන කස්සප බාලස්ස, දස්සනං නාභිකඞ්ඛසි.
“කාශ්‍යපය, බාලයා තොපට කුමක් කළේද? කාශ්‍යපය, බාලයා දැකීම නොරුස්සන්නේ කවර කරුණක් නිසාද? ඒ හේතුව මට කියව.”
“අනයං නයති දුම්මෙධො, අධුරායං නියුඤ්ජති; දුන්නයො සෙය්‍යසො හොති, සම්මා වුත්තො පකුප්පති; විනයං සො න ජානාති, සාධු තස්ස අදස්සන”න්ති. (ජා· 1.13.90-92);
“බාලයා (ඇසුරු කරන්නන්) අනභිවෘද්ධියට පමුණුවයි. අකටයුතු දෙයෙහි යොදයි. උපිළිවෙල උසස් සේ ගනී. ළෙන්ගතුව කී දෙයට කිපෙයි. ආචාර විනය නොදනී. එබැවින් ඔහුගේ දසුන නොමැනවි.”
එවං භගවා සබ්බාකාරෙන බාලූපසෙවනං ගරහන්තො “බාලානමසෙවනා මඞ්ගල”න්ති වත්වා ඉදානි පණ්ඩිතසෙවනං පසංසන්තො “පණ්ඩිතානඤ්ච සෙවනා මඞ්ගල”න්ති ආහ.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ සියලු ආකාරයෙන් බාලයන් ඇසුරු කිරීම ගරහන සේක් බාලයන් සේවනය නොකිරීම මඞ්ගලයකැයි වදාරා දැන් පණ්ඩිතයන් සේවනය කිරීම ප්‍රශංසා කරන සේක්” පණ්ඩිතානඤ්ච සෙවනා මඞ්ගලං” යයි වදාළ සේක.
තත්ථ පණ්ඩිතා නාම යෙ කෙචි පාණාතිපාතාවෙරමණිආදිදසකුසලකම්මපථසමන්නාගතා සත්තා, තෙ තීහාකාරෙහි ජානිතබ්බා. යථාහ “තීණිමානි, භික්ඛවෙ, පණ්ඩිතස්ස පණ්ඩිතලක්ඛණානී”ති (අ· නි· 3.3; ම· නි· 3.253) සුත්තං. අපිච බුද්ධපච්චෙකබුද්ධඅසීතිමහාසාවකා අඤ්ඤෙ ච තථාගතස්ස සාවකා සුනෙත්තමහාගොවින්දවිධුරසරභඞ්ගමහොසධසුතසොමනිමිරාජ- අයොඝරකුමාරඅකිත්තිපණ්ඩිතාදයො ච පණ්ඩිතාති වෙදිතබ්බා.
එහි “පණ්ඩිතා” පණ්ඩිතයෝ නම් ප්‍රාණඝාතයෙන් වෙන්වීම ආදී දශ කුශල කර්ම පථයෙන් සමන්විත වූ යම්කිසි සත්ත්වයෝය. ඔවුහු තුන් ආකාරයකින් දත යුත්තාහ. යම්සේ වදාළේද - “මහණෙනි පණ්ඩිතයාගේ නම් පණ්ඩිත ලක්ෂණ තුනකි” යන සුත්‍රයයි. තවද බුදු, පසේ බුදු, අසූමහ සව්වෝ ද අනෙකුත් තථාගත ශ්‍රාවකයෝ ද සුනෙත්ත, මහා ගෝවින්ද, විධුර, සරභඞ්ග, මහොසධ, සුතසෝම, නිමිරාජ, අයොඝර කුමාර, අකිත්ති පණ්ඩිත ආදීහුද පණ්ඩිතයෝ යයි දත යුත්තාහ.
තෙ භයෙ විය රක්ඛා අන්ධකාරෙ විය පදීපො ඛුප්පිපාසාදිදුක්ඛාභිභවෙ විය අන්නපානාදිප්පටිලාභො අත්තනො වචනකරානං සබ්බභයුපද්දවූපසග්ගවිද්ධංසනසමත්ථා හොන්ති. තථා හි තථාගතං ආගම්ම අසඞ්ඛ්යෙය්යා අපරිමාණා දෙවමනුස්සා ආසවක්ඛයං පත්තා, බ්රහ්මලොකෙ පතිට්ඨිතා, දෙවලොකෙ පතිට්ඨිතා, සුගතිලොකෙ උප්පන්නා, සාරිපුත්තත්ථෙරෙ චිත්තං පසාදෙත්වා චතූහි ච පච්චයෙහි ථෙරං උපට්ඨහිත්වා අසීති කුලසහස්සානි සග්ගෙ නිබ්බත්තානි. තථා මහාමොග්ගල්ලානමහාකස්සපප්පභුතීසු සබ්බමහාසාවකෙසු, සුනෙත්තස්ස සත්ථුනො සාවකා අප්පෙකච්චෙ බ්රහ්මලොකෙ උප්පජ්ජිංසු, අප්පෙකච්චෙ පරනිම්මිතවසවත්තීනං දෙවානං සහබ්යතං…පෙ… අප්පෙකච්චෙ ගහපතිමහාසාලානං සහබ්යතං උපපජ්ජිංසු. වුත්තම්පි චෙතං –
ඔවුහු භයේදී ආරක්ෂාව මෙන්ම අන්ධකාරයේ දී පහනක් මෙන්ද සාපිපාසාදි දුකෙන් යුක්ත වූ විට ආහාර පාන ලැබීමක් මෙන්ද තමාගේ වචනය අනුගමනය කරන්නන්ට සියලු භය උපද්‍රව, විපත්, දුරුකිරීමට සමත් වෙති. ඒ එසේමය. තථාගතයන් වහන්සේ වෙත එළඹ අසඞ්ඛෙය්‍ය අප්‍රමාණ දෙවිමිනිස්සු රහත්භාවයට පැමිණියහ. බ්‍රහ්ම ලෝකයෙහි පිහිටියහ. දෙව්ලොව පිහිටියහ. සුගති ලෝකයෙහි උපන්නාහ. සැරියුත් තෙරුන් කෙරෙහි සිත පහදවා සිව්පසයෙන්ද තෙරුන්ට උපස්ථාන කොට අසු දහසක් කුලයෝ ස්වර්ගයෙහි උපන්නාහ. මහා මොග්ගල්ලාන, මහා කාශ්‍යප ආදී කොට ඇති සියලු මහා ශ්‍රාවකයන් කෙරෙහිද එසේමය. සුනෙත්ත ශාස්තෲහුගේ ශ්‍රාවකයෝ “සමහරෙක් බ්‍රහ්ම ලෝකයෙහි උපන්හ. සමහරෙක් පර නිම්මිත වසවත්ති දෙවියන්ගේ සහභාවයට පැමිණියහ. -පෙ- සමහරෙක් ගෘහපති මහා සාලකුලයන්ගේ සහභාවයට එළඹියහ.” මෙයද වදාරන ලදී.
“නත්ථි, භික්ඛවෙ, පණ්ඩිතතො භයං, නත්ථි පණ්ඩිතතො උපද්දවො, නත්ථි පණ්ඩිතතො උපසග්ගො”ති (අ· නි· 3.1).
“මහණෙනි පණ්ඩිතයා කෙරෙන් බියක් නැත. පණ්ඩිතයා කෙරෙන් උපද්‍රවයක් නැත. පණ්ඩිතයා කෙරෙන් විපතක් නැත. යනුවෙනි.
අපිච තගරමාලාදිගන්ධසදිසො පණ්ඩිතො, තගරමාලාදිගන්ධබන්ධපලිවෙඨනපත්තසදිසො හොති තදුපසෙවී, භාවනීයතං මනුඤ්ඤතඤ්ච ආපජ්ජති විඤ්ඤූනං. වුත්තම්පි චෙතං –
තවද පණ්ඩිත තෙමේ තුවරලා මල්මාලා ආදී සුවඳ භාණ්ඩ හා සමානය. පණ්ඩිතයන් ඇසුරු කරන්නා තුවරලා මල්මාලා ආදී සුවඳ භාණ්ඩ ඔතන ලද කොළ හා සමානය. නුවණැත්තන්ගේ ගරුකටයුතු බවටද මනොඥ බවටද පැමිණේ. මෙයද දේශනා කරන ලදී.
“තගරඤ්ච පලාසෙන, යො නරො උපනය්හති; පත්තාපි සුරභී වායන්ති, එවං ධීරූපසෙවනා”ති. (ඉතිවු· 76; ජා· 1.15.184; 2.22.1258);
“යම් මිනිසෙක් තුවරලා කොළපතකින් බඳී නම් කොළපත ද සුවඳ විහිදුවයි. පණ්ඩිතයන් සේවනය කිරීම ද එබඳුය.”
අකිත්තිපණ්ඩිතො චාපි සක්කෙන දෙවානමින්දෙන වරෙ දිය්යමානෙ එවමාහ –
අකිත්ති පණ්ඩිත තෙමේද සක්දෙව් රජු විසින් වර දෙනු ලබන කල්හි මෙසේ කීහ:-
“ධීරං පස්සෙ සුණෙ ධීරං, ධීරෙන සහ සංවසෙ; ධීරෙනල්ලාපසල්ලාපං, තං කරෙ තඤ්ච රොචයෙ.
“නැණවතා දකිම්වා, නැණවතා ගැන අසම්වා, නැණවතා හා එක්ව වෙසෙම්වා, නැණවතා හා ප්‍රියබස් බෙණෙම්වා. එය කැමති වෙම්වා”යි (කීය)
“කින්නු තෙ අකරං ධීරො, වද කස්සප කාරණං; කෙන කස්සප ධීරස්ස, දස්සනං අභිකඞ්ඛසි.
“කාශ්‍යපය, නැණවතා නුඹට කුමක් කළේද ? කාශ්‍යපය, නැණවතා දැකීම කැමති වන්නේ කුමක් නිසාද? ඒ හේතුව මට කියව”
“නයං නයති මෙධාවී, අධුරායං න යුඤ්ජති; සුනයො සෙය්‍යසො හොති, සම්මා වුත්තො න කුප්පති; විනයං සො පජානාති, සාධු තෙන සමාගමො”ති. (ජා· 1.13.94-96);
“නැණවතා (ඇසුරු කරන්නන්) අභිවෘද්ධියට පමුණුවයි. නොකළයුතු දෙයෙහි නොයොදවයි. මනා පිළිවෙල උසස් සේ ගනී. ළෙන්ගතුව කී දෙයින් නොකිපෙයි. ආචාර විනය දනී. එහෙයින් ඔහු හා එක්වීම යහපති.
එවං භගවා සබ්බාකාරෙන පණ්ඩිතසෙවනං පසංසන්තො “පණ්ඩිතානං සෙවනා මඞ්ගල”න්ති වත්වා ඉදානි තාය බාලානං අසෙවනාය පණ්ඩිතානං සෙවනාය ච අනුපුබ්බෙන පූජනෙය්යභාවං උපගතානං පූජං පසංසන්තො “පූජා ච පූජනෙය්යානං මඞ්ගල”න්ති ආහ. තත්ථ පූජනෙය්යා නාම සබ්බදොසවිරහිතත්තා සබ්බගුණසමන්නාගතත්තා ච බුද්ධා භගවන්තො, තතො පච්ඡා පච්චෙකබුද්ධා, අරියසාවකා ච. තෙසඤ්හි පූජා අප්පකාපි දීඝරත්තං හිතාය සුඛාය හොති, සුමනමාලාකාරමල්ලිකාදයො චෙත්ථ නිදස්සනං.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ සියලු ආකාරයෙන් පණ්ඩිතයන් ඇසුරු කිරීම ප්‍රසංශා කරන සේක්. පණ්ඩිතයන් සේවනය කිරීම මඞ්ගල යයි වදාරා දැන් ඒ බාලයන් සේවනය නොකිරීමෙන් ද පණ්ඩිතයන් සේවනය කිරීමෙන්ද පිළිවෙලින් පූජනීයභාවයට පැමිණි අයට කරන පූජාව ප්‍රශංසා කරන සේක් “පූජාච පූජනීයානං මඞ්ගලං” යයි වදාළහ. එහි “පූජනීයා” පිදිය යුත්තෝ නම් සියලු දෝෂයන්ගෙන් තොර වූ හෙයින්ද සියලු ගුණයන්ගෙන් යුක්ත වූ හෙයින්ද භාග්‍යවත් බුදුරජාණන් වහන්සේලාය. එයින් පසුව පසේ බුදුවරු ද ආර්‍ය්‍ය ශ්‍රාවකයෝ ද වෙති. උන්වහන්සේලා විෂයෙහි කරන ස්වල්ප වූ පූජාව ද බොහෝ කලක් හිත සුව පිණිස වේ. සුමන මල්කරු, මල්ලිකා ආදීහු මෙහි නිදසුන් වෙති. එහි එක් නිදර්ශන මාත්‍රයක් පමණක් කියමු:
තත්ථෙකං නිදස්සනමත්තං භණාම – භගවා හි එකදිවසං පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය රාජගහං පිණ්ඩාය පාවිසි. අථ ඛො සුමනමාලාකාරො රඤ්ඤො මාගධස්ස සෙනියස්ස බිම්බිසාරස්ස පුප්ඵානි ගහෙත්වා ගච්ඡන්තො අද්දස භගවන්තං නගරද්වාරමනුප්පත්තං පාසාදිකං පසාදනීයං ද්වත්තිංසමහාපුරිසලක්ඛණාසීතානුබ්යඤ්ජනප්පටිමණ්ඩිතං බුද්ධසිරියා ජලන්තං, දිස්වානස්ස එතදහොසි “රාජා පුප්ඵානි ගහෙත්වා සතං වා සහස්සං වා දදෙය්ය, තඤ්ච ඉධලොකමත්තමෙව සුඛං භවෙය්ය, භගවතො පන පූජා අප්පමෙය්යඅසඞ්ඛ්යෙය්යඵලා දීඝරත්තං හිතසුඛාවහා හොති, හන්දාහං ඉමෙහි පුප්ඵෙහි භගවන්තං පූජෙමී”ති පසන්නචිත්තො එකං පුප්ඵමුට්ඨිං ගහෙත්වා භගවතො පටිමුඛං ඛිපි, පුප්ඵානි ආකාසෙන ගන්ත්වා භගවතො උපරි මාලාවිතානං හුත්වා අට්ඨංසු. මාලාකාරො තමානුභාවං දිස්වා පසන්නතරචිත්තො පුන එකං පුප්ඵමුට්ඨිං ඛිපි, තානිපි ගන්ත්වා මාලාකඤ්චුකො හුත්වා අට්ඨංසු. එවං අට්ඨ පුප්ඵමුට්ඨියො ඛිපි, තානි ගන්ත්වා පුප්ඵකූටාගාරං හුත්වා අට්ඨංසු.
භාග්‍යවතුන් වහන්සේ වනාහි එක් දිනක් පෙරවරු කාලයෙහි සිවුරු හැඳ පොරවා පාසිවුරු ගෙන රජගහ නුවරට පිඬු පිණිස පිවිසි සේක. ඉක්බිති සුමන මල්කරු මගධාධිපති සේනිය බිම්බිසාර රජුට මල් රැගෙන යන්නේ නගර දොරටුව වෙත වැඩම කළ, පැහැදීම ඇතිකරන පැහැදීමට සුදුසු, දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් හා අසූවක් අනුඛ්යඤ්ජනයන්ගෙන් යුක්ත වූ බුද්ධ ශ්‍රියාවෙන් බබලන්නා වූ භාග්‍යවතුන් වහන්සේ දිටීය. දැක ඔහුට මෙසේ සිත් විය. “රජතෙමේ මල් රැගෙන සීයක් හෝ දහසක් හෝ දෙන්නේය. එයද මේ ලෝකයට පමණක් සීමා වූ සැපය සඳහා වන්නේය. භාග්‍යවතුන් වහන්සේට වනාහි කරන පූජාව අප්‍රමාණ අසඞ්ඛෙය්‍ය ඵල ඇත්තේ බොහෝ කලක් හිත සුව ගෙන දෙන්නේ වේ. එහෙයින් මම මේ මල්වලින් භාග්‍යවතුන් වහන්සේ පුදමි”යි පහන් සිත් ඇත්තේ එක් මල් මිටක් ගෙන භාග්‍යවතුන් වහන්සේගේ පිටුපසට දැමීය. මල් අහසින් ගොස් භාග්‍යවතුන් වහන්සේ මත මල් වියනක් වී සිටියේය. මල්කරු ඒ ආනුභාවය දැක වඩාත් පැහැදුණු සිත් ඇත්තේ නැවත එක් මල්මිටක් දැමීය. ඒවාද ගොස් මාලා කඤ්චුකයක් (වට තිරයක්) වී සිටියේය. මෙසේ අට මිටක් දැමීය. ඒවා ගොස් මල් කුළුගෙයක් වී සිටියේය.
භගවා අන්තොකූටාගාරෙ අහොසි, මහාජනකායො සන්නිපති. භගවා මාලාකාරං පස්සන්තො සිතං පාත්වාකාසි. ආනන්දත්ථෙරො “න බුද්ධා අහෙතූ අපච්චයා සිතං පාතුකරොන්තී”ති සිතකාරණං පුච්ඡි. භගවා ආහ “එසො, ආනන්ද, මාලාකාරො ඉමිස්සා පූජාය ආනුභාවෙන සතසහස්සකප්පෙ දෙවෙසු ච මනුස්සෙසු ච සංසරිත්වා පරියොසානෙ සුමනිස්සරො නාම පච්චෙකබුද්ධො භවිස්සතී”ති. වචනපරියොසානෙ ධම්මදෙසනත්ථං ඉමං ගාථං අභාසි –
භාග්‍යවතුන් වහන්සේ කුළුගෙය ඇතුළෙහි වූහ. මහජනයා රැස්විය. භාග්‍යවතුන් වහන්සේ මල්කරු දෙස බලමින් සිනා පහළ කළහ. ආනන්ද තෙරුන් වහන්සේ “බුදුවරු හේතුවක් ප්‍රත්‍යයක් නොමැතිව සිනා පහළ නොකරති”යි (සිතා) සිනාවට කරුණු විමසූහ. භාග්‍යවතුන් වහන්සේ “ආනන්දය, මේ මල්කරු මේ (මල්) පූජාවේ ආනුභාවයෙන් කල්ප ලක්ෂයක් දෙවියන් අතර ද මිනිසුන් අතර ද සැරිසරා කෙළවර “සුමනිස්සර” නම් පසේ බුදු වන්නේය”යි වදාළහ. එසේ වදාරා අවසානයෙහි ධර්මදේශනා සඳහා මේ ගාථාව වදාළහ.
“තඤ්ච කම්මං කතං සාධු, යං කත්වා නානුතප්පති; යස්ස පතීතො සුමනො, විපාකං පටිසෙවතී”ති. (ධ· ප· 68);
“තඤ්ච කම්මං කතං සාධු යං කත්වා නානුතප්පති යස්ස පතීතො සුමනො විපාකං පටිසෙවති”
“යමක් කොට පසුතැවෙන්නට සිදුනොවේද යමක විපාකය ප්‍රීතියෙන් හා සොම්නසින් යුක්තව විඳිය හැකිද එබඳු දේ කිරීම යහපත්ය” යනුයි.
ගාථාවසානෙ චතුරාසීතියා පාණසහස්සානං ධම්මාභිසමයො අහොසි. එවං අප්පකාපි තෙසං පූජා දීඝරත්තං හිතාය සුඛාය හොතීති වෙදිතබ්බා. සා ච ආමිසපූජාව, කො පන වාදො පටිපත්තිපූජාය? යතො යෙ කුලපුත්තා සරණගමනසික්ඛාපදප්පටිග්ගහණෙන උපොසථඞ්ගසමාදානෙන චතුපාරිසුද්ධිසීලාදීහි ච අත්තනො ගුණෙහි භගවන්තං පූජෙන්ති, කො තෙසං පූජාඵලං වණ්ණයිස්සති? තෙ හි තථාගතං පරමාය පූජාය පූජෙන්තීති වුත්තා. යථාහ –
ගාථාවසානයෙහි අසුහාර දහසක් ප්‍රාණීන්ට ධර්මාවබෝධය විය. මෙසේ ඒ පූජනීය උතුමන්ට කරන ස්වල්ප වූ ද පුජාව බොහෝ කලක් හිත සුව පිණිස වේ යයි දත යුතුය. ඒද ආමිස පූජාවය. ප්‍රතිපත්ති පූජාව පිළිබඳව කියනුම කවරේද. යම් හෙයකින් යම් කුල පුත්‍රයෝ සරණාගමන හා ශික්ෂාපද පිළිගැනීමෙන් ද උපොසථාඞ්ග සමාදානයෙන් ද චතුපාරිශුද්ධි ශීලාදියෙන්ද යන තමාගේ ශීල ගුණයන්ගෙන් භාග්‍යවතුන් වහන්සේ පුදත්ද ඔවුන්ගේ පූජාඵලය කවරෙක් නම් වර්ණනා කරන්නෝද? ඔවුන් විසින් තථාගතයන් වහන්සේ උතුම්ම පුජාවෙන් පුදනු ලබත් යයි කියන ලදී
“යො ඛො, ආනන්ද, භික්ඛු වා භික්ඛුනී වා උපාසකො වා උපාසිකා වා ධම්මානුධම්මප්පටිපන්නො විහරති සාමීචිප්පටිපන්නො අනුධම්මචාරී, සො තථාගතං සක්කරොති ගරුං කරොති මානෙති පූජෙති අපචියති පරමාය පූජායා”ති (දී· නි· 2.199).
“ආනන්දය, යම් භික්ෂුවක් හෝ භික්ෂුණියක් හෝ උපාසකයෙක් හෝ උපාසිකාවක හෝ ධම්මානු ධර්ම ප්‍රතිපන්නව සම්‍යක් ප්‍රතිපත්තියෙන් යුක්තව ධර්මයට අනුව හැසිරෙන්නෙක්ව වාසය කෙරේද හෙතෙම තථාගතයන් වහන්සේට උතුම්ම පූජාවෙන් සත්කාර කෙරේ, ගරු කෙරේ, බුහුමන් කෙරේ, පූජා කෙරේයි යම්සේ වදාළේද (එහෙයිනි)
එතෙනානුසාරෙන පච්චෙකබුද්ධඅරියසාවකානම්පි පූජාය හිතසුඛාවහතා වෙදිතබ්බා.
මේ අනුසාරයෙන් පසේ බුදු, ආර්‍ය්‍ය ශ්‍රාවකයන්ට ද කෙරෙන පූජාවෙහි හිතසුව ගෙනදීම දත යුතුය.
අපිච ගහට්ඨානං කනිට්ඨස්ස ජෙට්ඨො භාතාපි භගිනීපි පූජනෙය්යා, පුත්තස්ස මාතාපිතරො, කුලවධූනං සාමිකසස්සුසසුරාති එවමෙත්ථ පූජනෙය්යා වෙදිතබ්බා. එතෙසම්පි හි පූජා කුසලධම්මසඞ්ඛාතත්තා ආයුආදිවුඩ්ඪිහෙතුත්තා ච මඞ්ගලමෙව. වුත්තඤ්හෙතං –
තවද ගිහියන් අතරෙහි බාල සොහොයුරාට දෙටු සොහොයුරා ද සොහොයුරිය ද පූජනීය වේ. පුතාට මව්පියෝ පූජනීය වෙති. කුලකතුන්ට සැමියා ද නැදි මයිලණුවෝ ද යනුවෙන් මෙසේද මෙහි පූජනීය බව දත යුතුය. මොවුන් කෙරෙහිද කරන පූජාවෝ කුල ධර්ම ගණයට ගැනෙන හෙයින්ද ආයුෂ ආදිය වර්ධනයට හේතු වන හෙයින්ද මඞ්ගලම වෙති. මෙය කියන ලද්දේමය :-
“තෙ මත්තෙය්යා භවිස්සන්ති පෙත්තෙය්යා සාමඤ්ඤා බ්රහ්මඤ්ඤා කුලෙ ජෙට්ඨාපචායිනො, ඉදං කුසලං ධම්මං සමාදාය වත්තිස්සන්ති, තෙ තෙසං කුසලානං ධම්මානං සමාදානහෙතු ආයුනාපි වඩ්ඪිස්සන්ති, වණ්ණෙනපි වඩ්ඪිස්සන්තී”තිආදි (දී· නි· 3.105).
යමෙක් වනාහි මවට සත්කාර කරන්නෝ පියාට සත්කාර කරන්නෝ මහණුන්ට සත්කාර කරන්නෝ බමුණන්ට සත්කාර කරන්නෝ කුලයෙහි වැඩිහිටියනට යටත් පැවතුම් දක්වන්නෝ වන්නාහුද මේ කුසල් දහම් සමාදන් කොට ගෙන පවතින්නාහුද ඔවුහු ඒ කුශල ධර්ම සමාදාන හේතුවෙන් ආයුෂයෙන් ද වැඩෙන්නාහ. වර්ණයෙන් ද වැඩෙන්නාහ” ආදියයි.
ඉදානි යස්මා “යං යත්ථ මඞ්ගලං. වවත්ථපෙත්වා තං තස්ස, මඞ්ගලත්තං විභාවයෙ”ති ඉති මාතිකා නික්ඛිත්තා, තස්මා ඉදං වුච්චති – එවමෙතිස්සා ගාථාය බාලානං අසෙවනා, පණ්ඩිතානං සෙවනා, පූජනෙය්යානඤ්ච පූජාති තීණි මඞ්ගලානි වුත්තානි. තත්ථ බාලානං අසෙවනා බාලසෙවනපච්චයභයාදිපරිත්තාණෙන උභයලොකත්ථහෙතුත්තා, පණ්ඩිතානං සෙවනා පූජනෙය්යානං පූජා ච තාසං ඵලවිභූතිවණ්ණනායං වුත්තනයෙනෙව නිබ්බානසුගතිහෙතුත්තා මඞ්ගලන්ති වෙදිතබ්බා. ඉතො පරං තු මාතිකං අදස්සෙත්වා එව යං යත්ථ මඞ්ගලං, තං වවත්ථපෙත්වා තස්ස මඞ්ගලත්තං විභාවයිස්සාමාති.
දැන් යම් හෙයකින් “යං යත්ථ මඞ්ගලං වවත්ථපෙත්වා තං තස්ස මඞ්ගලත්තං විභාවයෙ” යයි මාතෘකා තබන ලද්දේ ද එහෙයින් මෙය කියනු ලැබේ. මෙසේ මේ ගාථාවෙහි බාලයන් සේවනය නොකිරීම, පණ්ඩිතයන් සේවනය කිරීම, පිදිය යුත්තන් පිදීම යන මඞ්ගලයෝ තුනක් දේශනා කරන ලදහ. එහි බාලයන් සේවනය කිරීම හේතුවෙන් ඇතිවන භයෙන් ආරක්ෂ වීම් වශයෙන් බාලයන් සේවනය නොකිරීම ද උභය ලෝකාර්ථ හිත සඳහා හේතුවන බැවින් පණ්ඩිතයන් සේවනය කිරීම හා පිදිය යුත්තන් පිදීම ද ඒවායේ ඵල සම්පත් වර්ණනාවෙහි කියන ලද ආකාරයටම නිර්වාණයට හා සුගතියට හේතු වන බැවින් මඞ්ගල යයි දත යුතුය. මෙයින් මතුවටද මාතෘකා නොදක්වාම යම් තැනක යමක් මඞ්ගල වේ ද එය වෙන්කොට දක්වා එහි මඞ්ගලභාවය පැහැදිලි කරන්නෙමි.
නිට්ඨිතා අසෙවනා ච බාලානන්ති ඉමිස්සා ගාථාය අත්ථවණ්ණනා.
“අසේවනාච බාලානං” යන මේ ගාථාවේ අර්ථ වර්ණනාව නිමියේය.