මඞ්ගලපඤ්හසමුට්ඨානකථා අට්ඨකථා
මඞ්ගලපඤ්හසමුට්ඨානකථා
මඞ්ගලපඤ්හසමුට්ඨානකථා
තත්ථ යස්මා “එවමිච්චාදිපාඨස්ස, අත්ථං නානප්පකාරතො. වණ්ණයන්තො සමුට්ඨානං, වත්වා”ති මාතිකා ඨපිතා, තස්ස ච සමුට්ඨානස්ස අයං වත්තබ්බතාය ඔකාසො, තස්මා මඞ්ගලපඤ්හසමුට්ඨානං තාව වත්වා පච්ඡා ඉමෙසං ගාථාපදානමත්ථං වණ්ණයිස්සාමි. කිඤ්ච මඞ්ගලපඤ්හසමුට්ඨානං?
එහිදී යම් හෙයකින් “එවමිච්චාදි පාඨස්ස අත්ථං නානප්පකාරතො වණ්ණයන්තො සමුට්ඨානං වත්ථා” යයි මාතෘකා තබන ලද්දේ ද ඒ සමුට්ඨානය හෙවත් මඞ්ගල ප්රශ්නයේ හටගැනීම කීම සඳහා මේ අවස්ථාවයි. එබැවින් පළමුකොට මඞ්ගල ප්රශ්නයේ හටගැනීම කියා පසුව මේ ගාථාවෙහි පදයන්ගේ අර්ථය වර්ණනා කරන්නෙමි. මඞ්ගල ප්රශ්නයේ හට ගැනීම නම් කිම?
ජම්බුදීපෙ කිර තත්ථ තත්ථ නගරද්වාරසන්ථාගාරසභාදීසු මහාජනො සන්නිපතිත්වා හිරඤ්ඤසුවණ්ණං දත්වා නානප්පකාරං සීතාහරණාදිකථං කථාපෙති, එකෙකා කථා චතුමාසච්චයෙන නිට්ඨාති. තත්ථ එකදිවසං මඞ්ගලකථා සමුට්ඨාසි “කිං නු ඛො මඞ්ගලං, කිං දිට්ඨං මඞ්ගලං, සුතං මඞ්ගලං, මුතං මඞ්ගලං, කො මඞ්ගලං ජානාතී”ති.
දඹදිව වනාහි ඒ ඒ නගර දොරටු රැස්වීම්ශාලා සහා ආදියෙහි මහජනයා රැස් වී අමුරන් හා රත්රන් දී නොයෙක් ආකාරයේ සීතා පැහැර ගැනීම ආදී බාහිර ආඛ්‍යාන කථා කියවති. එක් එක් කථාවක් මාස හතරකින් නිමාවේ. එහිදී එක් දිනක් මඞ්ගල කථාව හටගත්තේය. කුමක් නම් මඞ්ගල වේද? කිම දුටුදේ මඞ්ගලද? ඇසු දේ මඞ්ගලද? මුතය (හෙවත් අඝ්‍රාණය කළ දේ හෝ රස විඳි දේ හෝ ස්පර්ශ කළ දේ) මඞ්ගල වේ ද? කවරෙක් මඞ්ගලය දනිත්ද? වශයෙනි.
අථ දිට්ඨමඞ්ගලිකො නාමෙකො පුරිසො ආහ “අහං මඞ්ගලං ජානාමි, දිට්ඨං ලොකෙ මඞ්ගලං දිට්ඨං නාම අභිමඞ්ගලසම්මතං රූපං. සෙය්යථිදං – ඉධෙකච්චො කාලස්සෙව වුට්ඨාය චාතකසකුණං වා පස්සති, බෙලුවලට්ඨිං වා ගබ්භිනිං වා කුමාරකෙ වා අලඞ්කතපටියත්තෙ පුණ්ණඝටෙ වා අල්ලරොහිතමච්ඡං වා ආජඤ්ඤං වා ආජඤ්ඤරථං වා උසභං වා ගාවිං වා කපිලං වා, යං වා පනඤ්ඤම්පි කිඤ්චි එවරූපං අභිමඞ්ගලසම්මතං රූපං පස්සති, ඉදං වුච්චති දිට්ඨමඞ්ගල”න්ති. තස්ස වචනං එකච්චෙ අග්ගහෙසුං, එකච්චෙ න අග්ගහෙසුං. යෙ න අග්ගහෙසුං, තෙ තෙන සහ විවදිංසු.
ඉක්බිති දිට්ඨ මඞ්ගලික නම් එක් පුරුෂයෙක් “මම මඞ්ගල දනිමි. ලෝකයෙහි දුටු දේ මඞ්ගල වේ. දුටු දේ නම් විශිෂ්ට මඞ්ගල සම්මත රූපයයි. ඒ කවරේද යත්? මෙලොව සමහරෙක් කලින්ම තැගිට කථා කරන කුරුල්ලෙකු හෝ දකියි. තරුණ බෙලි ගසක් හෝ ගැබිනියක හෝ ළමයින් හෝ අලංකාර ලෙස සැරසු පුන් කලස් හෝ තෙත් රෝහිත මත්ස්‍යයකු හෝ ආජානේය අශ්වයෙකු හෝ ආජානේය අශ්වයන් යෙදූ රථයක් හෝ වෘෂභයෙකු හෝ ගව දෙනක හෝ කිඹුලෙකු හෝ වෙනත් මෙබඳු කිසියම් මඞ්ගල සම්මත රූපයක් දකී ද මෙය දිට්ඨ මඞ්ගල යයි කියනු ලැබේ යයි කීය. ඔහුගේ කීම සමහරෙක් පිළිගත්හ. සමහරෙක් නොපිළිගත්හ. යමෙක් නොපිළිගන්නාහුද ඔවුහු ඔහු (දිට්ඨ මඞ්ගලිකයා) සමග වාද කළහ.
අථ සුතමඞ්ගලිකො නාම එකො පුරිසො ආහ – “චක්ඛුනාමෙතං, භො, සුචිම්පි පස්සති අසුචිම්පි, තථා සුන්දරම්පි, අසුන්දරම්පි, මනාපම්පි, අමනාපම්පි. යදි තෙන දිට්ඨං මඞ්ගලං සියා, සබ්බම්පි මඞ්ගලං සියා. තස්මා න දිට්ඨං මඞ්ගලං, අපිච ඛො පන සුතං මඞ්ගලං. සුතං නාම අභිමඞ්ගලසම්මතො සද්දො. සෙය්යථිදං? ඉධෙකච්චො කාලස්සෙව වුට්ඨාය වඩ්ඪාති වා වඩ්ඪමානාති වා පුණ්ණාති වා ඵුස්සාති වා සුමනාති වා සිරීති වා සිරිවඩ්ඪාති වා අජ්ජ සුනක්ඛත්තං සුමුහුත්තං සුදිවසං සුමඞ්ගලන්ති එවරූපං වා යංකිඤ්චි අභිමඞ්ගලසම්මතං සද්දං සුණාති, ඉදං වුච්චති සුතමඞ්ගල”න්ති. තස්සාපි වචනං එකච්චෙ අග්ගහෙසුං, එකච්චෙ න අග්ගහෙසුං. යෙ න අග්ගහෙසුං, තෙ තෙන සහ විවදිංසු.
ඉක්බිති සුත මඞ්ගලික නම් එක් පුරුෂයෙක් “පින්වත, ඇස නම් වූ මෙය පිරිසිදු දේ ද දකී. අපිරිසිදු දේ ද දකී, එසේම සුන්දර දේ ද අසුන්දර දේ ද මනාප දේ ද අමනාප දේ ද දකී. ඉදින් ඔහු විසින් දුටු දේ මඞ්ගල වන්නේ නම් සියල්ල මඞ්ගල විය යුතුය. එබැවින් දුටු දේ මඞ්ගල නොවේ. එසේද වුවත් වනාහි ඇසූ දේ මඞ්ගලවේ. ශ්‍රැතය හෙවත් ඇසු දේ නම් උසස් මඞ්ගල සම්මත ශබ්දයයි. ඒ කවරේද යත්? මෙලොව සමහර පුද්ගලයෙක් කලින්ම නැගිට වැඩෙව (වඩ්ඪ) කියා හෝ වැඩෙන (වඩ්ඪමාන) කියා හෝ (ආශිර්වාද වචන වශයෙන්ද) පුණ්ණ කියා හෝ ඵුස්ස කියා හෝ සුමන කියා හෝ සිරි කියා හෝ සිරිවඩ්ඪ කියා හෝ (මඞ්ගල සම්මත නාම වශයෙන්ද) අද හොඳ නැකතකි. සුභ මුහුර්තියකි, හොඳ දවසකි. යහපත් මඞ්ගලයකි. යන මේ ආකාරයේ හෝ යම් කිසි උසස් මඞ්ගල සම්මත ශබ්දයක් අසයිද මෙය සුත මඞ්ගල යයි කියනු ලැබේ යයි පැවසීය. ඔහුගේ වචනය ද සමහරෙක් පිළිගත්හ. සමහරෙක් නොපිළිගත්හ. යමෙක් නොපිළිගත්තාහුද ඔවුහු ඔහු (සුත මඞ්ගලිකයා) සමඟ වාද කළහ.
අථ මුතමඞ්ගලිකො නාමෙකො පුරිසො ආහ “සොතම්පි හි නාමෙතං, භො, සාධුම්පි අසාධුම්පි මනාපම්පි අමනාපම්පි සද්දං සුණාති. යදි තෙන සුතං මඞ්ගලං සියා, සබ්බම්පි මඞ්ගලං සියා. තස්මා න සුතං මඞ්ගලං, අපිච ඛො පන මුතං මඞ්ගලං. මුතං නාම අභිමඞ්ගලසම්මතං ගන්ධරසඵොට්ඨබ්බං. සෙය්යථිදං – ඉධෙකච්චො කාලස්සෙව වුට්ඨාය පදුමගන්ධාදිපුප්ඵගන්ධං වා ඝායති, ඵුස්සදන්තකට්ඨං වා ඛාදති, පථවිං වා ආමසති, හරිතසස්සං වා අල්ලගොමයං වා කච්ඡපං වා තිලං වා පුප්ඵං වා ඵලං වා ආමසති, ඵුස්සමත්තිකාය වා සම්මා ලිම්පති, ඵුස්සසාටකං වා නිවාසෙති, ඵුස්සවෙඨනං වා ධාරෙති. යං වා පනඤ්ඤම්පි කිඤ්චි එවරූපං අභිමඞ්ගලසම්මතං ගන්ධං වා ඝායති, රසං වා සායති, ඵොට්ඨබ්බං වා ඵුසති, ඉදං වුච්චති මුතමඞ්ගල”න්ති. තස්සාපි වචනං එකච්චෙ අග්ගහෙසුං, එකච්චෙ න අග්ගහෙසුං.
ඉක්බිති මුත මඞ්ගලික නම් එක් පුරුෂයෙක් “පින්වත” ඇසීම නම් වූ මෙයද යහපත් වූ ද අයහපත් වූ ද මනාප වූ ද අමනාප වූ ද (ශබ්ද) අසයි. ඉදින් ඔහු විසින් අසන ලද දෙය මඞ්ගල වන්නේ නම් සියල්ල මඞ්ගල විය යුතුය. එබැවින් ඇසූ දෙය මඞ්ගල නොවේ. එසේද වුවත් මුතය (ආඝ්‍රාණය කළ දේ හෝ, ආස්වාදනය කළ දේ හෝ ස්පර්ශ කළ දේ) මඞ්ගල වේ. මුත නම් උසස් මඞ්ගල යයි සම්මත ගන්ධ, රස ස්පර්ශයි. ඒ කවරේද යත්? මෙලොව සමහර පුද්ගලයෙක් කලින්ම නැගිට පියුම් සුවඳ වැනි මල් සුවඳක් හෝ ආඝ්‍රාණය කරයි ද මඞ්ගල සම්මත දැහැටි දණ්ඩක් හෝ වළදයිද පොළොව හෝ ස්පර්ශ කරයි ද කොළ පැහැ ධාන්‍ය හෝ අළුත් ගොම හෝ ඉදිබුවෙකු හෝ තල පිරුණු ගැලක් හෝ මලක් හෝ ගෙඩියක් හෝ ස්පර්ශ කරයි ද මඞ්ගල සම්මත මැටි හෝ ආලේප කරයි ද මඞ්ගල සම්මත සළුවක් හෝ හඳියි ද මඞ්ගල සම්මත හිස් වෙළුමක් හෝ දරයි ද නැතහොත් යම් කිසි වෙනත් මෙබඳු උසස් මඞ්ගල සම්මත සුවඳක් හෝ ආඝ්‍රාණය කරයි ද රසයක් හෝ විඳී ද ස්පර්ශයක් හෝ ස්පර්ශ කෙරේද මෙය මුත මඞ්ගල යයි කියනු ලැබේ යයි පැවසීය. ඔහුගේ වචනය ද සමහරෙක් පිළිගත්හ. සමහරක් නොපිළිගත්හ.
තත්ථ න දිට්ඨමඞ්ගලිකො සුතමුතමඞ්ගලිකෙ අසක්ඛි ඤාපෙතුං, න තෙසං අඤ්ඤතරො ඉතරෙ ද්වෙ. තෙසු ච මනුස්සෙසු යෙ දිට්ඨමඞ්ගලිකස්ස වචනං ගණ්හිංසු, තෙ “දිට්ඨංයෙව මඞ්ගල”න්ති ගතා. යෙ සුතමුතමඞ්ගලිකානං, තෙ “සුතංයෙව මුතංයෙව මඞ්ගල”න්ති ගතා. එවමයං මඞ්ගලකථා සකලජම්බුදීපෙ පාකටා ජාතා.
එහිදී දිට්ඨ මඞ්ගලිකයා සුත මඞ්ගලිකයාට (තම මතය) අවබෝධ කරවීමට අසමත් විය. ඔවුන් අතුරෙන් කිසිවෙකුට අනෙක් දෙදෙනාට අවබෝධ කරවීමට නොහැකි විය. ඒ මිනිසුන් අතර ද යමෙක් දිට්ඨ මඞ්ගලිකයාගේ වචනය පිළිගත්තාහුද ඔවුහු දුටුදේම මඞ්ගල යයි නිගමනයට ගියහ. යමෙක් සුත මුත මඞ්ගලිකයන්ගේ වචනය පිළිගත්තාහුද ඔවුහු ශ්රැතයම, මුතයම මඞ්ගල යයි නිගමනයට ගියහ. මෙසේ මේ මඞ්ගල කථාව සියලු දඹදිව ප්‍රකට විය.
අථ සකලජම්බුදීපෙ මනුස්සා ගුම්බගුම්බා හුත්වා “කිං නු ඛො මඞ්ගල”න්ති මඞ්ගලානි චින්තයිංසු. තෙසං මනුස්සානං ආරක්ඛදෙවතා තං කථං සුත්වා තථෙව මඞ්ගලානි චින්තයිංසු. තාසං දෙවතානං භුම්මදෙවතා මිත්තා හොන්ති, අථ තතො සුත්වා භුම්මදෙවතාපි තථෙව මඞ්ගලානි චින්තයිංසු, තාසං දෙවතානං ආකාසට්ඨදෙවතා මිත්තා හොන්ති, ආකාසට්ඨදෙවතානං චතුමහාරාජිකා දෙවතා මිත්තා හොන්ති, එතෙනුපායෙන යාව සුදස්සීදෙවතානං අකනිට්ඨදෙවතා මිත්තා හොන්ති, අථ තතො සුත්වා අකනිට්ඨදෙවතාපි තථෙව ගුම්බගුම්බා හුත්වා මඞ්ගලානි චින්තයිංසු. එවං යාව දසසහස්සචක්කවාළෙසු සබ්බත්ථ මඞ්ගලචින්තා උදපාදි. උප්පන්නා ච “ඉදං මඞ්ගලං ඉදං මඞ්ගල”න්ති විනිච්ඡයමානාපි අප්පත්තා එව විනිච්ඡයං ද්වාදස වස්සානි අට්ඨාසි. සබ්බෙ මනුස්සා ච දෙවා ච බ්රහ්මානො ච ඨපෙත්වා අරියසාවකෙ දිට්ඨසුතමුතවසෙන තිධා භින්නා. එකොපි “ඉදමෙව මඞ්ගල”න්ති යථාභුච්චතො නිට්ඨඞ්ගතො නාහොසි, මඞ්ගලකොලාහලං ලොකෙ උප්පජ්ජි.
ඉක්බිති සියලු දඔදිව මිනිස්සු සමූහ සමූහ වශයෙන් රැස් වී “මඞ්ගල නම් කවරේදැයි” මඞ්ගලයන් පිළිබඳව සිතූහ. ඒ මිනිසුන්ගේ ආරක්ෂක දේවතාවෝ ඒ කථාව අසා එසේ මඞ්ගලයන් පිළිබදව සිතූහ. භූම්‍යස්ථ දේවතාවෝ ඒ (ආරක්ෂක) දේවතාවන්ගේ මිත්‍රයෝ වෙති. ඉක්බිති ඒ ආරක්ෂක දෙවියන්ගෙන් අසා භූම්‍යස්ථ දේවතාවෝ ද එසේම මඞ්ගලයන් පිළිබදව සිතූහ. ආකාශස්ථ දේවතාවෝ ඒ (භූම්‍යස්ථ) දේවතාවගේ ද මිත්‍රයෝ වෙති. චාතුම්මහාරාජික දේවතාවෝ ඒ ආකාශස්ථ දේවතාවන්ගේ මිත්‍රයෝ වෙති. මේ ක්‍රමයට පිළිවෙළින් අකනිටා බඹලොව දේවතාවෝ සුදස්සී දේවතාවන්ගේ මිත්‍රයෝ වෙත්ද ඒ සුදස්සී දේවතාවගෙන් අසා අකනිටා දේවතාවෝ ද සමූහ සමූහ වශයෙන් රැස් වී මඞ්ගලයන් පිළිබඳව සිතූහ. මෙසේ දස දහසක් සක්වළ දක්වා සියලු තන්හි මඞ්ගලයන් පිළිබඳව සිතීම ඇති විය. එසේ සිතීම ඇති වුයේ නමුදු මෙය මඞ්ගලය. මෙය මඞ්ගල යයි” විනිශ්චය කරන්නේ. තීරණයකට නොපැමිණම දොළොස් වසරක් සිටියේය. සියලු මිනිස්සු ද දෙවියෝ ද බ්‍රහ්මයෝ ද ආර්‍ය්‍ය ශ්‍රාවකයන් හැර දිට්ඨ, සුත, මුත, වශයෙන් කොටස් තුනකට බෙදුණහ. එක් අයෙක්වත් “මෙයම මඞ්ගල යයි” සත්‍ය වශයෙන් නිගමනයකට ගියේ නොවීය. ලෝකයෙහි මඞ්ගල කෝලහලයක් උපනි.
කොලාහලං නාම පඤ්චවිධං කප්පකොලාහලං, චක්කවත්තිකොලාහලං, බුද්ධකොලාහලං, මඞ්ගලකොලාහලං, මොනෙය්යකොලාහලන්ති. තත්ථ කාමාවචරදෙවා මුත්තසිරා විකිණ්ණකෙසා රුදම්මුඛා අස්සූනි හත්ථෙහි පුඤ්ඡමානා රත්තවත්ථනිවත්ථා අතිවිය විරූපවෙසධාරිනො හුත්වා “වස්සසතසහස්සච්චයෙන කප්පුට්ඨානං හොහිති, අයං ලොකො විනස්සිස්සති, මහාසමුද්දො සුස්සිස්සති, අයඤ්ච මහාපථවී සිනෙරු ච පබ්බතරාජා උඩ්ඪය්හිස්සති විනස්සිස්සති, යාව බ්රහ්මලොකා ලොකවිනාසො භවිස්සති, මෙත්තං මාරිසා භාවෙථ, කරුණං මුදිතං උපෙක්ඛං මාරිසා භාවෙථ, මාතරං උපට්ඨහථ, පිතරං උපට්ඨහථ, කුලෙ ජෙට්ඨාපචායිනො හොථ, ජාගරථ මා පමාදත්ථා”ති මනුස්සපථෙ විචරිත්වා ආරොචෙන්ති. ඉදං කප්පකොලාහලං නාම.
කෝලහලය නම් කල්ප කෝලහලය, චක්‍රවර්ති කෝලහලය, බුද්ධ කෝලහලය, මඞ්ගල කෝලහලය. මොනෙය්‍ය කෝලහලය යයි පස් වැදැරුම් වේ. එහි කාමාවචර දේවතාවෝ මිදූ හිස් ඇත්තාහු විසුරුණු කෙස් ඇත්තාහු හැඬු මුහුණු ඇත්තාහු අත්වලින් කදුළු පිසිමින් රතු වත් හැඳ අතිශයින් විරුපී වෙස් දරන්නෝ වී - වර්ෂ සිය දහසක් ඇවෑමෙන් කල්පාන්තයට අයත් වීම වන්නේය. මේ ලෝකය විනාශ වන්නේය. මහා සමුද්‍රය සිඳී යන්නේය. මේ මහ පොළොව ද මහා මේරු පර්වත රාජයා ද දැවී අළු වන්නේය. විනාශ වන්නේය. බ්‍රහ්ම ලෝකය දක්වා ලෝක විනාශය වන්නේය. ශ්රේෂ්ඨයෙනි, මෛත්‍රිය වඩවු, උත්තමයෙනි, කරුණාව, මුදිතාව, උපේක්ෂාව වඩවු, මවට උපස්ථාන කරවු, පියාට උපස්ථාන කරවු, කුලදෙටුවන් පුදන්නෝ වවු. නිදි වරනු. පමා නොවවු යයි මිනිස් පියසෙහි හැසිර දැනුම් දෙති. මෙය කල්ප කෝලාහලය නමි.
කාමාවචරදෙවායෙව “වස්සසතස්සච්චයෙන චක්කවත්තිරාජා ලොකෙ උප්පජ්ජිස්සතී”ති මනුස්සපථෙ විචරිත්වා ආරොචෙන්ති. ඉදං චක්කවත්තිකොලාහලං නාම.
කාමාවචර දෙවියෝම වර්ෂ සියයක් ඇවෑමෙන් චක්රචර්ති රජෙක් ලෝකයෙහි උපදින්නේ යයි මිනිස් පියසෙහි හැසිර දැනුම් දෙති. මෙය චක්‍රවර්ති කෝලාහලය නමි.
සුද්ධාවාසා පන දෙවා බ්රහ්මාභරණෙන අලඞ්කරිත්වා බ්රහ්මවෙඨනං සීසෙ කත්වා පීතිසොමනස්සජාතා බුද්ධගුණවාදිනො “වස්සසහස්සච්චයෙන බුද්ධො ලොකෙ උප්පජ්ජිස්සතී”ති මනුස්සපථෙ විචරිත්වා ආරොචෙන්ති. ඉදං බුද්ධකොලාහලං නාම.
සුද්ධාවාස දෙවියෝ වනාහි බ්රහ්මාභරණයෙන් අලඞ්කාර වී බ්‍රහ්ම හිස් වෙළුමක් හිසෙහි දරා හටගත් ප්රිති සොම්නස් ඇත්තාහු බුදුගුණ කියන්නෝ වී වර්ෂ දහසක් ඇවෑමෙන් බුදුන් වහන්සේ ලෝකයෙහි උපදින සේකැයි මිනිස් පියසෙහි හැසිර දැනුම් දෙති. මෙය බුද්ධ කෝලාහලය නමි.
සුද්ධාවාසා එව දෙවා දෙවමනුස්සානං චිත්තං ඤත්වා “ද්වාදසන්නං වස්සානං අච්චයෙන සම්මාසම්බුද්ධො මඞ්ගලං කථෙස්සතී”ති මනුස්සපථෙ විචරිත්වා ආරොචෙන්ති. ඉදං මඞ්ගලකොලාහලං නාම. සුද්ධාවාසා එව දෙවා “සත්තන්නං වස්සානං අච්චයෙන අඤ්ඤතරො භික්ඛු භගවතා සද්ධිං සමාගම්ම මොනෙය්යප්පටිපදං පුච්ඡිස්සතී”ති මනුස්සපථෙ විචරිත්වා ආරොචෙන්ති. ඉදං මොනෙය්යකොලාහලං නාම. ඉමෙසු පඤ්චසු කොලාහලෙසු දෙවමනුස්සානං ඉදං මඞ්ගලකොලාහලං ලොකෙ උප්පජ්ජි.
සුද්ධාවාස දෙවියෝම දෙවිමිනිසුන්ගේ සිත් දැන දොළොස් වසරක ඇවෑමෙන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ “මඞ්ගල” දේශනා කරන සේකැයි මිනිස් පියසෙහි හැසිර දැනුම් දෙති. මෙය මඞ්ගල කෝලාහලය නමි. සුද්ධාවාස දෙවියෝම සත් වසක් ඇවෑමෙන් එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ සමග එක්වැ මොනෙය්‍ය ප්‍රතිපදාව විමසන්නේ යයි මිනිස් පියසෙහි හැසිර දැනුම් දෙති. මෙය මොනෙය්‍ය කෝලහලය නමි. මේ කෝලාහලයන් පහ අතුරෙන් මේ මඞ්ගල කෝලාහලය දෙවි මිනිසුන් දිට්ඨ මඞ්ගල ආදී වශයෙන් කොටස් තුනකට බෙදුන කල්හි ලෝකයෙහි උපන්නේය.
අථ දෙවෙසු ච මනුස්සෙසු ච විචිනිත්වා විචිනිත්වා මඞ්ගලානි අලභමානෙසු ද්වාදසන්නං වස්සානං අච්චයෙන තාවතිංසකායිකා දෙවතා සඞ්ගම්ම සමාගම්ම එවං සමචින්තෙසුං “සෙය්යථාපි නාම ඝරසාමිකො අන්තොඝරජනානං, ගාමසාමිකො ගාමවාසීනං, රාජා සබ්බමනුස්සානං, එවමෙව අයං සක්කො දෙවානමින්දො අම්හාකං අග්ගො ච සෙට්ඨො ච යදිදං පුඤ්ඤෙන තෙජෙන ඉස්සරියෙන පඤ්ඤාය ද්වින්නං දෙවලොකානං අධිපති, යංනූන මයං සක්කං දෙවානමින්දං එතමත්ථං පුච්ඡෙය්යාමා”ති. තා සක්කස්ස සන්තිකං ගන්ත්වා සක්කං දෙවානමින්දං තඞ්ඛණානුරූපනිවාසනාභරණසස්සිරිකසරීරං අඩ්ඪතෙය්යකොටිඅච්ඡරාගණපරිවුතං පාරිච්ඡත්තකමූලෙ පණ්ඩුකම්බලවරාසනෙ නිසින්නං අභිවාදෙත්වා එකමන්තං ඨත්වා එතදවොචුං “යග්ඝෙ, මාරිස, ජානෙය්යාසි, එතරහි මඞ්ගලපඤ්හා සමුට්ඨිතා, එකෙ ‘දිට්ඨං මඞ්ගල’න්ති වදන්ති, එකෙ ‘සුතං මඞ්ගල’න්ති, එකෙ ‘මුතං මඞ්ගල’න්ති, තත්ථ මයඤ්ච අඤ්ඤෙ ච අනිට්ඨඞ්ගතා, සාධු වත නො ත්වං යාථාවතො බ්යාකරොහී”ති. දෙවරාජා පකතියාපි පඤ්ඤවා “අයං මඞ්ගලකථා කත්ථ පඨමං සමුට්ඨිතා”ති ආහ. “මයං, දෙව, චාතුමහාරාජිකානං අස්සුම්හා”ති ආහංසු. තතො චාතුමහාරාජිකා ආකාසට්ඨදෙවතානං, ආකාසට්ඨදෙවතා භුම්මදෙවතානං, භුම්මදෙවතා මනුස්සාරක්ඛදෙවතානං, මනුස්සාරක්ඛදෙවතා “මනුස්සලොකෙ සමුට්ඨිතා”ති ආහංසු.
ඉක්බිති දෙවියන් අතරද මිනිසුන් අතර ද සොයා සොයා මඞ්ගලයන් නොලැබෙන කල්හි දොළොස් වසක් ඇවෑමෙන් තව්තිසා වැසි දේවතාවෝ එක්රැස් වි මෙසේ සමව සිතුභ. “ශ්රේෂ්ඨයෙනි, ඇතුල්ගෙයි ජනයාට ගෙහිමියා යම්සේද ගම් වැසියන්ට ගම්පතියා යම්සේද සියලු මිනිසුන්ට රජ යම්සේද ඒ අයුරින්ම මේ ශක්‍ර දේවේන්ද්‍ර තෙමේ අපට පිනෙන් ද තේජසින් ද ඓශ්චර්‍ය්‍යයෙන් ද ප්‍රඥාවෙන් ද අග්‍රය, ශ්‍රේෂ්ඨය, දෙදෙව්ලොවට අධිපතිය. එබැවින් අපි ශක්‍ර දේව්වේන්ද්රයන්ගෙන් මේ කාරණය විමසන්නෙමු නම් යෙහෙකියි” යනුවෙනි. ඒ දේවතාවෝ ශක්‍රයාගේ සමීපයට ගොස් ඒ අවස්ථාවට ගැළපෙන වස්ත්‍රාභරණයෙන් සශ්‍රික වූ ශරීර ඇති දෙකෝටි පනස් ලක්ෂයක් අප්සරා සමුහයා විසින් පිරිවරන ලද පරසතු රුක් මුල උතුම් පඬුපුල් අස්නෙහි හුන් සක් දෙවිඳුන්ට වැඳ එකත් පසෙක සිට මෙසේ කීහ. “නිඳුකානෙනි, දන්නෙහිද? දැන් මඞ්ගල ප්‍රශ්නයෝ හට ගත්හ. සමහරු දුටු දේ මඞ්ගල යයි කියති, සමහරු ඇසු දේ මඞ්ගල යයි (කියති). සමහරු මුතය මඞ්ගල යයි (කියති). එහිදි සෙසු අයද අපි ද තිරණයකට පත් නොවුමු. නුඹ වහන්සේ අපට ඒකාන්තයෙන් තත් වු පරිද්දෙන් ප්‍රකාශ කරන්නෙහු නම් යෙහෙකි” යනුවෙනි. දෙව් රජ ස්වභාවයෙන්ම ප්‍රඥාවන්තය. (එබැවින්) මේ මඞ්ගල කථාව පළමුව කොහි හටගත්තේ දැයි විමසීය. “දේවයන් වහන්ස, අපි චාතුම්මහාරාජික දෙවියන්ගෙන් ඇසුවෙමු”යි කීහ. ඉන්පසු චාතුම්මහාරාජික දෙවියෝ ආකාශස්ථ දෙවියන්ගෙන් ද ආකාශසථ දෙවියෝ භූම්‍යස්ථ දෙවියන්ගෙන් ද භූම්‍යස්ථ දෙවියෝ මනුෂ්යාරක්ෂක දෙවියන්ගෙන් ද, මනුෂ්යාරක්ෂක දෙවියෝ මනුෂ්‍ය ලෝකයෙහි හට ගත්තේ යයි කීහ.
අථ දෙවානමින්දො “සම්මාසම්බුද්ධො කත්ථ වසතී”ති පුච්ඡි. “මනුස්සලොකෙ දෙවා”ති ආහංසු. තං භගවන්තං කොචි පුච්ඡීති, න කොචි දෙවාති. කින්නු නාම තුම්හෙ මාරිසා අග්ගිං ඡඩ්ඩෙත්වා ඛජ්ජොපනකං උජ්ජාලෙථ, යෙන තුම්හෙ අනවසෙසමඞ්ගලදෙසකං තං භගවන්තං අතික්කමිත්වා මං පුච්ඡිතබ්බං මඤ්ඤථ, ආගච්ඡථ මාරිසා, තං භගවන්තං පුච්ඡාම, අද්ධා සස්සිරිකං පඤ්හවෙය්යාකරණං ලභිස්සාමාති එකං දෙවපුත්තං ආණාපෙසි “තං භගවන්තං පුච්ඡා”ති. සො දෙවපුත්තො තඞ්ඛණානුරූපෙන අලඞ්කාරෙන අත්තානං අලඞ්කරිත්වා විජ්ජුරිව විජ්ජොතමානො දෙවගණපරිවුතො ජෙතවනමහාවිහාරං ගන්ත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං ඨත්වා මඞ්ගලපඤ්හං පුච්ඡන්තො ගාථාය අජ්ඣභාසි “බහූ දෙවා මනුස්සා චා”ති.
ඉක්බිති දෙව්රජ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කොහි වසන සේක්දැයි විමසීය. “දේවයන් වහන්ස, මිනිස් ලොව යයි කීහ. ඒ භාග්‍යවතුන් වහන්සේගෙන් කිසිවෙක් වීමසී දැයි (ඇසීය) දේවයන් වහන්ස, කිසිවෙක් නැතැයි (කීහ) ශ්රේෂ්ඨයෙනි, යමෙක් නිරවශේෂ මඞ්ගල දේශක ඒ භාග්‍යවතුන් වහන්සේ ඉක්මවා මාගෙන් ඇසිය යුතුයයි සිතන්නෙහුද ඒ තෙපි කුමක් හෙයින් ගිනි අත් හැර කලාමැදිරියෙක් දල්වහුද? “ශ්රේෂ්ඨයෙනි, එව්, ඒ භාග්‍යවතුන් වහන්සේගෙන් විමසමු. ඒකාන්තයෙන් සාරවත් පැන විසඳුමක් ලබන්නෙමු”යි එක් දේවපුත්රයකුහට “නුඹ භාග්‍යවතුන් වහන්සේගෙන් විමසව”යි අණ කළේය. ඒ දේව පුත්‍රතෙමේ එම අවස්ථාවට ගැළපෙන ආභරණයෙන් තමා සැරසී විදුලියක් මෙන් බබලමින් දේව සමූහයා විසින් පිරිවරන ලද්දේ දෙව්රම් මහ වෙහෙරට පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත් පසෙක සිට මඞ්ගල ප්රශ්නය විමසන්නේ “බහු දෙවා මනුස්සාච” යන ගාථාව කීය.
ඉදං මඞ්ගලපඤ්හසමුට්ඨානං.
මේ මඞ්ගල ප්රශ්නයේ හට ගැනීමයි.
බහූදෙවාතිගාථාවණ්ණනා
බහූදෙවාතිගාථාවණ්ණනා
ඉදානි ගාථාපදානං අත්ථවණ්ණනා හොති. බහූති අනියමිතසඞ්ඛ්යානිද්දෙසො, තෙන අනෙකසතා අනෙකසහස්සා අනෙකසතසහස්සාති වුත්තං හොති. දිබ්බන්තීති දෙවා, පඤ්චහි කාමගුණෙහි කීළන්ති, අත්තනො වා සිරියා ජොතෙන්තීති අත්ථො. අපිච දෙවාති තිවිධා දෙවා සම්මුතිඋපපත්තිවිසුද්ධිවසෙන. යථාහ –
දැන් ගාථා පදයන්ගේ අර්ථ වර්ණනාව වේ. “බහූ” යනු අනියමින් සඞ්ඛ්‍යාව දැක්වීමයි. එයින් නොයෙක් සිය ගණන්, නොයෙක් දහස් ගණන්, නොයෙක් ලක්ෂ ගණන් යැයි කියන ලද්දේ වෙයි. ක්‍රීඩා කෙරෙත්නුයි = දෙවා වේ. පඤ්චකාම ගුණයන්ගෙන් ක්‍රීඩා කෙරෙත්, නැතහොත් තමාගේ සම්පත්තියෙන් බබලත් යන අර්ථයයි. තවද “දෙවා” යනු සම්මුති, උප්පත්ති, විසුද්ධි වශයෙන් දෙවියෝ ත්‍රිවිධ වෙති. යම්සේ කීවේද?
“දෙවාති තයො දෙවා – සම්මුතිදෙවා, උපපත්තිදෙවා, විසුද්ධිදෙවා. තත්ථ සම්මුතිදෙවා නාම රාජානො දෙවියො රාජකුමාරා. උපපත්තිදෙවා නාම චාතුමහාරාජිකෙ දෙවෙ උපාදාය තදුත්තරිදෙවා. විසුද්ධිදෙවා නාම අරහන්තො වුච්චන්තී”ති (චූළනි· ධොතකමාණවපුච්ඡානිද්දෙස 32, පාරායනානුගීතිගාථානිද්දෙස 119).
දෙවා යනු සම්මුති දෙව උප්පත්ති දෙව විසුද්ධි දෙව යයි දෙවියෝ තිදෙනෙකි යි. එහි සම්මුති දේව නම් රජවරු, බිසෝවරු, රාජ කුමාරවරුයි. උප්පත්ති දේව නම් චාතුම්මහාරාජිකයෙහි දෙවියන් පටන් ඉන් ඉහළ දෙවියෝය. විසුද්ධි දේව නම් රහතන් වහන්සේලා කියනු ලැබෙත් යනුයි.
තෙසු ඉධ උපපත්තිදෙවා අධිප්පෙතා. මනුනො අපච්චාති මනුස්සා. පොරාණා පන භණන්ති – මනසො උස්සන්නතාය මනුස්සා. තෙ ජම්බුදීපකා, අපරගොයානකා, උත්තරකුරුකා, පුබ්බවිදෙහකාති චතුබ්බිධා, ඉධ ජම්බුදීපකා අධිප්පෙතා. මඞ්ගලන්ති මහන්ති ඉමෙහි සත්තාති මඞ්ගලානි, ඉද්ධිං වුද්ධිඤ්ච පාපුණන්තීති අත්ථො. අචින්තයුන්ති චින්තෙසුං ආකඞ්ඛමානාති ඉච්ඡමානා පත්ථයමානා පිහයමානා. සොත්ථානන්ති සොත්ථිභාවං, සබ්බෙසං දිට්ඨධම්මිකසම්පරායිකානං සොභනානං සුන්දරානං කල්යාණානං ධම්මානමත්ථිතන්ති වුත්තං හොති. බ්රූහීති දෙසෙහි පකාසෙහි, ආචික්ඛ විවර විභජ උත්තානීකරොහි. මඞ්ගලන්ති ඉද්ධිකාරණං වුද්ධිකාරණං සබ්බසම්පත්තිකාරණං. උත්තමන්ති විසිට්ඨං පවරං සබ්බලොකහිතසුඛාවහන්ති අයං ගාථාය අනුපුබ්බපදවණ්ණනා.
ඔවුන් අතුරෙන් මෙහි උප්පත්ති දෙවියෝ අදහස් කරන ලදහ. මනුගේ දරුවෝ වන හෙයින් - මනුස්සා වේ. පෝරාණයෝ වනාහි “මනසින් උසස් බැවින් මනුෂ්‍ය” යයි කියති. ඔවුහු “ජම්බුද්වීපික, අපරගොයානික, උත්තර කුරුක, පුබ්බ විදෙහක” යයි චතුර්විධ වෙති. මෙහි ජම්බුද්වීපකයෝ අදහස් කරන ලදහ. “මඞ්ගලං” යනු මේවා කරණ කොට ගෙන සත්ත්වයෝ ගෞරව කරති’යි = මඞ්ගලානි වේ. සමෘද්ධියට, අභිවෘද්ධියට පැමිණෙත් යන අර්ථයයි. “අචින්තයුං” යනු සිතූහ. “ආකඞ්ඛමානා” යනු කැමැති වන්නාහු, ප්‍රාර්ථනා කරන්නාහු, ප්‍රිය කරන්නාහු, “සොත්ථානං” යනු සුවපත් බවයි. සියලු දිට්ඨධම්මික හා සම්පරායික වූ ද සෝභන වූ ද සුන්දර වූ ද කල්‍යාණ ධර්මයන්ගේ ඇති බව යයි කියන ලද්දේ වෙයි. “බ්‍රෑහි” යනු දේශනා කරනු මැනව. කියනු මැනව, විවරණය කරන මැනව, බෙදා දක්වනු මැනව, විස්තර කරනු මැනව. “මඞ්ගලං” යනු සමෘද්ධියට හේතුවන අභිවෘද්ධියට හේතුවන, සියලු සම්පත්තියට හේතුවන, “උත්තමං” යනු විශිෂ්ට වූ, උතුම් වූ, සියලු ලෝකයාට හිත සුව එළවන යනුයි. මේ ගාථාවෙහි පද පිළිවෙළින් වර්ණනාවයි.
අයං පන පිණ්ඩත්ථො – සො දෙවපුත්තො දසසහස්සචක්කවාළෙසු දෙවතා මඞ්ගලපඤ්හං සොතුකාමතාය ඉමස්මිං චක්කවාළෙ සන්නිපතිත්වා එකවාලග්ගකොටිඔකාසමත්තෙ දසපි වීසම්පි තිංසම්පි චත්තාලීසම්පි පඤ්ඤාසම්පි සට්ඨිපි සත්තතිපි අසීතිපි සුඛුමත්තභාවෙ නිම්මිනිත්වා සබ්බදෙවමාරබ්රහ්මානො සිරියා ච තෙජසා ච අධිග්ගය්හ විරොචමානං පඤ්ඤත්තවරබුද්ධාසනෙ නිසින්නං භගවන්තං පරිවාරෙත්වා ඨිතා දිස්වා තස්මිඤ්ච සමයෙ අනාගතානම්පි සකලජම්බුදීපකානං මනුස්සානං චෙතසා චෙතොපරිවිතක්කමඤ්ඤාය සබ්බදෙවමනුස්සානං විචිකිච්ඡාසල්ලසමුද්ධරණත්ථං ආහ –
මේ වනාහි පිණ්ඩාර්ථයයි. ඒ දේව පුත්‍ර තෙමේ දස දහසක් සක්වළ දේවතාවෝ මඞ්ගල ප්රශ්නය අසනු කැමතිව මේ සක්වළෙහි රැස්වී එක් වලග කෙළවර ඉඩ ප්‍රමාණයෙහි දස දෙනා ද විසිදෙනාද තිස් දෙනාද හතළිස් දෙනාද පනස් දෙනාද හැට දෙනාද හැත්තෑ දෙනාද අසූ දෙනාද වශයෙන් සියුම් ආත්ම භවයන් මවාගෙන සියලු දේව, මාර, බ්‍රහ්මයන් ශ්‍රියාවෙන් ද තේජසින් ද ඉක්මවා බබලමින්, පනවන ලද උතුම් බුද්ධාසනයෙහි වැඩ සිටින භාග්‍යවතුන් වහන්සේ පිරිවරා සිටියාහු දැක එකල්හිද අනාගතයේද සියලු දඹදිවට අයත් මිනිසුන්ගේ සිතේ අදහස තම සිතින් දැන සියලු දෙවි මිනිසුන්ගේ විචිකිච්ඡා (සැකය) උළ උදුරා දැමීම සඳහා
“බහූ දෙවා මනුස්සා ච, මඞ්ගලානි අචින්තයුං; ආකඞ්ඛමානා සොත්ථානං, බ්රූහි මඞ්ගලමුත්තම”න්ති.
“බොහෝ දෙවියෝ ද මිනිස්සු ද මඞ්ගලයන් ගැන සිතූහ. “ආකඞ්ඛමානා සොත්ථානං” තමාගේ සුවපත් බව කැමති වන්නාහු උතුම් වු මඞ්ගලයන් වදාරනු මැනැවැ”යි
තාසං දෙවතානං අනුමතියා මනුස්සානඤ්ච අනුග්ගහෙන මයා පුට්ඨො සමානො යං සබ්බෙසමෙව අම්හාකං එකන්තහිතසුඛාවහතො උත්තමං මඞ්ගලං, තං නො අනුකම්පං උපාදාය බ්රූහි භගවාති.
ඒ දෙවියන්ගේ අනුමැතියෙන් ද මිනිසුන්ගේ අනුග්‍රහයෙන් ද මවිසින් විමසන ලද්දේ යමක් අප සියල්ලන්ටම ඒකාන්ත හිතසුව එළවන උතුම් මඞ්ගලයක් වේ ද එය අපට අනුකම්පා පිණිස භාග්‍යවතුන් වහන්ස, වදාරනු මැනැවැයි කීය.