එවමිච්චාදිපාඨවණ්ණනා අට්ඨකථා
එවමිච්චාදිපාඨවණ්ණනා
එවමිච්චාදිපාඨවණ්ණනා
ඉදානි “එවමිච්චාදිපාඨස්ස, අත්ථං නානප්පකාරතො”ති එවමාදිමාතිකාය සඞ්ගහිතත්ථප්පකාසනත්ථං වුච්චතෙ –
දැන් “එවමිච්චාදිපාඨස්ස අත්ථං නානප්පකාරතො” යන මේ ආදී මාතෘකාවෙන් සංග්‍රහ කළ අර්ථය ප්‍රකාශ කිරීම සඳහා කියනු ලැබේ.
එවන්ති අයං සද්දො උපමූපදෙසසම්පහංසනගරහණවචනසම්පටිග්ගහාකාරනිදස්සනාවධාරණාදීසු අත්ථෙසු දට්ඨබ්බො. තථා හෙස “එවං ජාතෙන මච්චෙන, කත්තබ්බං කුසලං බහු”න්ති එවමාදීසු (ධ· ප· 53) උපමායං දිස්සති. “එවං තෙ අභික්කමිතබ්බං, එවං තෙ පටික්කමිතබ්බ”න්තිආදීසු (අ· නි· 4.122) උපදෙසෙ. “එවමෙතං භගවා, එවමෙතං සුගතා”ති එවමාදීසු (අ· නි· 3.66) සම්පහංසනෙ. “එවමෙවං පනායං වසලී යස්මිං වා තස්මිං වා තස්ස මුණ්ඩකස්ස සමණකස්ස වණ්ණං භාසතී”ති එවමාදීසු (සං· නි· 1.187) ගරහණෙ. “එවං, භන්තෙති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසු”න්ති එවමාදීසු (ම· නි· 1.1) වචනසම්පටිග්ගහෙ. “එවං බ්යා ඛො අහං, භන්තෙ, භගවතා ධම්මං දෙසිතං ආජානාමී”ති එවමාදීසු (ම· නි· 1.398) ආකාරෙ. “එහි ත්වං, මාණවක, යෙන සමණො ආනන්දො තෙනුපසඞ්කම, උපසඞ්කමිත්වා මම වචනෙන සමණං ආනන්දං අප්පාබාධං අප්පාතඞ්කං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡ. ‘සුභො මාණවො තොදෙය්යපුත්තො භවන්තං ආනන්දං අප්පාබාධං අප්පාතඞ්කං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡතී’ති, එවඤ්ච වදෙහි සාධු කිර භවං ආනන්දො යෙන සුභස්ස මාණවස්ස තොදෙය්යපුත්තස්ස නිවෙසනං, තෙනුපසඞ්කමතු අනුකම්පං උපාදායා”ති එවමාදීසු (දී· නි· 1.445) නිදස්සනෙ. “තං කිං මඤ්ඤථ කාලාමා, ඉමෙ ධම්මා කුසලා වා අකුසලා වාති? අකුසලා, භන්තෙ. සාවජ්ජා වා අනවජ්ජා වාති? සාවජ්ජා, භන්තෙ. විඤ්ඤුගරහිතා වා විඤ්ඤුප්පසත්ථා වාති? විඤ්ඤුගරහිතා, භන්තෙ. සමත්තා සමාදින්නා අහිතාය දුක්ඛාය සංවත්තන්ති නො වා, කථං වො එත්ථ හොතීති? සමත්තා, භන්තෙ, සමාදින්නා අහිතාය දුක්ඛාය සංවත්තන්ති, එවං නො එත්ථ හොතී”ති එවමාදීසු (අ· නි· 3.66) අවධාරණෙ. ඉධ පන ආකාරනිදස්සනාවධාරණෙසු දට්ඨබ්බො.
“එවං” යන මේ ශබ්දය උපමා, උපදේශ, සම්පහංසන (සතුට ප්‍රකාශ කිරීම), ගරහන (නින්දා කිරිම), වචන සම්පටිච්ඡන (වචන පිළිගැනීම) ආකාර, නිදර්ශන, අවධාරණ ආදි වූ අර්ථයන්හි දත යුතුය. ඒ එසේමය. “එවං ජාතෙන මච්චෙන කත්තබ්බං කුසලං බහුං” යන මේ ආදි තන්හි උපමාවෙහි පෙනේ. “එවං තෙ අභික්කමිතබ්බං එවං පටික්කමිතබ්බං” යන මේ ආදී තන්හි උපදේශයෙහිය. “එවමෙතං භගවා එවමෙතං සුගත” යන මේ ආදී තන්හි සම්ප්රහර්ෂණයෙහිය. “එවමෙවං පනායං වසල යස්මිං වා තස්මිං වා තස්ස මුණ්ඩකස්ස සමණකස්ස වණ්ණං භාසති” මේ ආදි තන්හි ගර්හායෙහිය. “එවමහන්තෙති ඛො තෙ භික්ඛු භගවතො පච්චස්සොසුං” ආදි තන්හි වචන පිළිගැනීමෙහිය. “එවං ව්යා ඛො අහං භන්තෙ භගවතා ධම්මං දෙසිතං ආජානාමි” මේ ආදී තන්හි ආකාරයෙහි ය. “එහි ත්වං මාණවක යෙන සමණො ආනන්දො තෙනුපසඞ්කම, උපසඞ්කමිත්වා මම වචනෙන සමනං ආනන්දං අප්පාබාධං අප්පාතඞ්කං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡ, සුභො මාණවො තොදෙය්‍ය පුත්තො භවන්තං ආනන්දං අප්පාබාධං අප්පාතඞ්කං ලහුට්ඨානං බලං ඵාසු විහාරං පුච්ඡතීති. එවඤ්ච වදෙහි සාධු කිර භවං ආනන්දො යෙන සුභස්ස මාණවස්ස තොදෙය්‍ය පුත්තස්ස නිවෙසනං තෙනුපසඞ්කමතු අනුකම්පං උපාදාය” යන මේ ආදී තන්හි නිදර්‍ශනයෙහිය. “තං කිං මඤ්ඤාථ කාලාමා ඉමෙ ධම්මා කුසලාවා අකුසලාවාති? අකුසලා භන්තෙ, සාවජ්ජාවා අනවජ්ජාවාති? සාවජ්ජා භන්තෙ, විඤ්ඤුගරහිතා වා, විඤ්ඤුප්පසත්ථාවාති?, විඤ්ඤු ගරහිතා භන්තෙ, සමත්තා සමාදින්නා අහිතාය දුක්ඛාය සංවත්තන්ති නො වා කථං වො එත්ථ හොතීති? සමත්තා භන්තෙ සමාදින්නා අහිතාය දුක්ඛාය සංවත්තන්ති. එවං නො හෙත්ථ හොතී” මේ ආදී තන්හි අවධාරණයෙහිය. මෙහි වනාහී ආකාර නිදර්ශන අවධාරණ අර්ථයන්හි දත යුතුය.
තත්ථ ආකාරත්ථෙන එවං-සද්දෙන එතමත්ථං දීපෙති – නානානයනිපුණමනෙකජ්ඣාසයසමුට්ඨානං අත්ථබ්යඤ්ජනසම්පන්නං විවිධපාටිහාරියං ධම්මත්ථදෙසනාපටිවෙධගම්භීරං සබ්බසත්තානං සකසකභාසානුරූපතො සොතපථමාගච්ඡන්තං තස්ස භගවතො වචනං සබ්බප්පකාරෙන කො සමත්ථො විඤ්ඤාතුං, සබ්බථාමෙන පන සොතුකාමතං ජනෙත්වාපි එවං මෙ සුතං, මයාපි එකෙනාකාරෙන සුතන්ති.
එහි ආකාරාර්ථය ඇති “එවං” ශබ්දයෙන් මේ අර්ථය ප්‍රකට වෙයි. නොයෙක් න්‍යායයෙන් නිපුණ වූ නොයෙක් අදහස්වලින් හටගත් අර්ථ ව්‍යඤ්ජනයෙන් යුක්ත වූ විවිධ පෙළහර ඇති ධර්මාර්ථ දේශනා ප්‍රතිවේධ වශයෙන් ගැඹුරු වූ සියලු සත්ත්වයන්ගේ තම තමන්ගේ භාෂාවන්ට අනුරූප වශයෙන් ශ්‍රවණ පථයට එන්නා වූ ඒ භාග්‍යවතුන් වහන්සේගේ වචනය සර්වප්රකාරයෙන් දැනගන්නට කවරෙක් සමත්වේද? “එවං මෙ සුතං” යනු කිමෙක්ද? මා විසින් ද එක් ආකාරයකින් අසන ලදී යනුයි.
නිදස්සනත්ථෙන “නාහං සයම්භූ, න මයා ඉදං සච්ඡිකත”න්ති අත්තානං පරිමොචෙන්තො “එවං මෙ සුතං, මයාපි එවං සුත”න්ති ඉදානි වත්තබ්බං සකලසුත්තං නිදස්සෙති.
නිදර්ශනාර්ථයෙන් - මම තෙමේම වටහා ගන්නා ලද්දේ නොවෙමි. මා විසින් මෙය ප්රත්යක්ෂ නොකරන ලදැයි තමා (වගකීමෙන්) මිදෙමින් “එවං මෙ සුතං” මා විසින් මෙසේ අසන ලදැයි දැන් කිවයුතු සියලු සූත්‍රය දක්වයි.
අවධාරණත්ථෙන “එතදග්ගං, භික්ඛවෙ, මම සාවකානං භික්ඛූනං බහුස්සුතානං යදිදං ආනන්දො, ගතිමන්තානං, සතිමන්තානං, ධිතිමන්තානං, උපට්ඨාකානං යදිදං ආනන්දො”ති (අ· නි· 1.219-223) එවං භගවතා පසත්ථභාවානුරූපං අත්තනො ධාරණබලං දස්සෙන්තො සත්තානං සොතුකම්යතං ජනෙති “එවං මෙ සුතං, තඤ්ච ඛො අත්ථතො වා බ්යඤ්ජනතො වා අනූනමනධිකං, එවමෙව, න අඤ්ඤථා දට්ඨබ්බ”න්ති.
අවධාරණාර්ථයෙන් - “එතදග්ගං භික්ඛවෙ මම සාවකානං භික්ඛුනං බහුස්සුතානං යදිදං ආනන්දො ගතිමන්තානං සතිමන්තානං ධිතිමන්තානං උපට්ඨාකානං යදිදං ආනන්දො” යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් පසස්නා ලද බවට යෝග්‍ය වූ තමන්ගේ ධාරණ ශක්තිය දක්වන්නේ මා විසින් මෙසේ අසන ලදී. එයද අර්ථ වශයෙන් හෝ ඛ්‍යඤ්ජන වශයෙන් හෝ නොඅඩුය. නොවැඩිය. මෙසේම මිස අන් අයුරකින් නොදත යුතු යයි සත්ත්වයන්ගේ අසනු කැමැත්ත උපදවයි.
මෙ-සද්දො තීසු අත්ථෙසු දිස්සති. තථා හිස්ස “ගාථාභිගීතං මෙ අභොජනෙය්ය”න්ති එවමාදීසු (සු· නි· 81) මයාති අත්ථො. “සාධු මෙ, භන්තෙ, භගවා සංඛිත්තෙන ධම්මං දෙසෙතූ”ති එවමාදීසු (සං· නි· 4.88) මය්හන්ති අත්ථො. “ධම්මදායාදා මෙ, භික්ඛවෙ, භවථා”ති එවමාදීසු (ම· නි· 1.29) මමාති අත්ථො. ඉධ පන “මයා සුත”න්ති ච “මම සුත”න්ති ච අත්ථද්වයෙ යුජ්ජති.
“මෙ” ශබ්දය අර්ථ තුනෙක්හි දක්නා ලැබේ. ඒ එසේමැයි. “ගාථාභිගීතං මෙ අභොජනෙය්යං” යන මේ ආදි තන්හි “මා විසින්” යන අර්ථයි. “සාධු මෙ භන්තෙ භගවා සඞ්ඛිත්තෙන ධම්මංදෙසෙතු” යන මේ ආදී තන්හි “මට” යන අර්ථයි. “ධම්මදායාදා මෙ භික්ඛවෙ භවථ” යන මේ ආදි තන්හි “මගේ” යන අර්ථයි. මෙහි වනාහි “මා විසින් අසන ලදැයි ද මාගේ ඇසීමයි ද යන අර්ථ දෙකෙහි පවතී.
සුතන්ති අයං සුතසද්දො සඋපසග්ගො අනුපසග්ගො ච ගමනඛ්යාතරාගාභිභූතූපචිතානුයොගසොතවිඤ්ඤෙය්යසොතද්වාරවිඤ්ඤාතාදිඅනෙකත්ථප්පභෙදො. තථා හිස්ස “සෙනාය පසුතො”ති එවමාදීසු ගච්ඡන්තොති අත්ථො. “සුතධම්මස්ස පස්සතො”ති එවමාදීසු ඛ්යාතධම්මස්සාති අත්ථො. “අවස්සුතා අවස්සුතස්සා”ති එවමාදීසු (පාචි· 657) රාගාභිභූතා රාගාභිභූතස්සාති අත්ථො. “තුම්හෙහි පුඤ්ඤං පසුතං අනප්පක”න්ති එවමාදීසු (ඛු· පා· 7.12) උපචිතන්ති අත්ථො. “යෙ ඣානප්පසුතා ධීරා”ති එවමාදීසු (ධ· ප· 181) ඣානානුයුත්තාති අත්ථො. “දිට්ඨං සුතං මුත”න්ති එවමාදීසු (ම· නි· 1.241) සොතවිඤ්ඤෙය්යන්ති අත්ථො. “සුතධරො සුතසන්නිචයො”ති එවමාදීසු (ම· නි· 1.339) සොතද්වාරානුසාරවිඤ්ඤාතධරොති අත්ථො. ඉධ පන සුතන්ති සොතවිඤ්ඤාණපුබ්බඞ්ගමාය විඤ්ඤාණවීථියා උපධාරිතන්ති වා උපධාරණන්ති වාති අත්ථො.
“සුතං” යන යන මේ “සුත” ශබ්දය උපසර්ග සහිත වූයේ ද උපසර්ග රහිත වූයේ ද ගමන, ප්‍රසිද්ධ, තෙත්, රැස්කළ, යෙදීම, කනින් දතයුතු, ශ්‍රෝත ද්වාරයෙන් දක්නා ලද ආදි නොයෙක් අර්ථ ප්‍රභේද ඇත්තේය. ඒ එසේමය. මේ ශබ්දයාගේ “සෙනාය පසුතො” යන මේ ආදි තන්හි “ගමන් කරන්නේ” යන අර්ථය. “සුත ධම්මස්ස පස්සතො” යන මේ ආදි තන්හි “ප්‍රකට ධර්මයාගේ” යන අර්ථයි. “අවස්සුතාවස්සුතස්ස” යන මේ ආදි තන්හි “රාගයෙන් මඩනා ලද (තෙත් වූ) තැනැත්තාගේ” යන අර්ථයි. “තුම්මෙහි පුඤ්ඤං පසුතං අනප්පකං” යන මේ ආදි තන්හි “රැස්කළ” යන අර්ථයි. “යෙ ඣානපසුතා ධීරා” යන මේ ආදි තන්හි “ධ්‍යානයෙහි යෙදුණු” යන අර්ථයි. “දිට්ඨං සුතං මුතං” යන මේ ආදි තන්හි “ශ්‍රෝත විඥානයෙන් දත යුතු” යන අර්ථයි. “සුතධරො සුත සන්නිචයො” යන මේ ආදි තන්හි “ශ්‍රෝත ද්වාරානුසාරයෙන් දතයුතු දේ දරන්නා වූ” යන අර්ථයි. මෙහි වනාහි ‘සුතං’ යනු “ශ්‍රෝත විඥාන වීථියෙන් සලකා බැලූ” හෝ “සලකා බැලීම” හෝ යන අර්ථයි.
තත්ථ යදා මෙ-සද්දස්ස මයාති අත්ථො, තදා “එවං මයා සුතං, සොතවිඤ්ඤාණපුබ්බඞ්ගමාය විඤ්ඤාණවීථියා උපධාරිත”න්ති යුජ්ජති. යදා මෙ-සද්දස්ස මමාති අත්ථො, තදා “එවං මම සුතං සොතවිඤ්ඤාණපුබ්බඞ්ගමාය විඤ්ඤාණවීථියා උපධාරණ”න්ති යුජ්ජති.
එහි - “මෙ” ශබ්දයට “මා විසින්” යන අර්ථය ඇති කල්හි “මෙසේ මා විසින් අසන ලදී, ශ්‍රෝත විඥාන පූර්වාඞ්ගම විඥාන වීථියෙන් සලකා බලන ලදී යනුවෙන් යෙදෙයි. යම්විටෙක “මෙ” ශබ්දයෙහි “මගේ” යන අර්ථය වේ ද එකල්හි “මෙසේ මාගේ ඇසීමයි, ශ්‍රෝත විඥාන පූර්වාඞ්ගම විඥාන වීරියෙන් සලකා බැලීමයි යනුවෙන් යෙදේ.
එවමෙතෙසු තීසු පදෙසු එවන්ති සොතවිඤ්ඤාණකිච්චනිදස්සනං. මෙති වුත්තවිඤ්ඤාණසමඞ්ගීපුග්ගලනිදස්සනං. සුතන්ති අස්සවනභාවප්පටික්ඛෙපතො අනූනානධිකාවිපරීතග්ගහණනිදස්සනං. තථා එවන්ති සවනාදිචිත්තානං නානප්පකාරෙන ආරම්මණෙ පවත්තභාවනිදස්සනං. මෙති අත්තනිදස්සනං. සුතන්ති ධම්මනිදස්සනං.
මෙසේ මේ පද තුන අතුරෙන් “එවං” යනු ශ්‍රෝත විඥාන කෘත්‍යය දැක්වීමයි. “මෙ” යනු කියන ලද විඥානයෙන් යුත් පුද්ගලයා දැක්වීමයි. “සුතං” යනු නොඅඩුව නොවැඩිව මුළා නොවී ග්‍රහණය කිරීම දැක්වීමයි. එසේම “එවං” යනු ශ්‍රවණ ආදී චිත්තයන්ගේ නොයෙක් ආකාරයෙන් අරමුණෙහි පැවති බව දැක්වීමයි. “මෙ” යනු තමන් දැක්වීමයි. “සුතං” යනු ධර්මය දැක්වීමයි.
තථා එවන්ති නිද්දිසිතබ්බධම්මනිදස්සනං. මෙති පුග්ගලනිදස්සනං. සුතන්ති පුග්ගලකිච්චනිදස්සනං.
එසේම “එවං” යනු දැක්විය යුත්ත ප්‍රකාශ කිරීමයි “මෙ” යනු පුද්ගලයා ප්‍රකාශ කිරීමයි. “සුතං” යනු පුද්ගලයාගේ කෘත්‍යය ප්‍රකාශ කිරිමයි.
තථා එවන්ති වීථිචිත්තානං ආකාරපඤ්ඤත්තිවසෙන නානප්පකාරනිද්දෙසො. මෙති කත්තාරනිද්දෙසො. සුතන්ති විසයනිද්දෙසො.
එසේම “එවං” යනු චිත්තයන්ගේ නොයෙක් ආකාරයෙන් පැවැත්ම හේතුකොටගෙන ඒ නොයෙක් ආකාර දැක්වීමයි. “මෙ” යනු කරන්නා දැක්වීමයි. “සුතං” යනු විෂය දැක්වීමයි.
තථා එවන්ති පුග්ගලකිච්චනිද්දෙසො. සුතන්ති විඤ්ඤාණකිච්චනිද්දෙසො. මෙති උභයකිච්චයුත්තපුග්ගලනිද්දෙසො.
එසේම “එවං” යනු පුද්ගල කෘත්‍යය දැක්වීමයි. “සුතං” යනු විඥාන කෘත්‍යය දැක්වීමයි. “මෙ” යනු උභය කෘත්‍යයෙන් යුත් පුද්ගලයා දැක්වීමයි.
තථා එවන්ති භාවනිද්දෙසො. මෙති පුග්ගලනිද්දෙසො. සුතන්ති තස්ස කිච්චනිද්දෙසො.
එසේම “එවං” යනු භාව නිර්දේශයයි. “මෙ” යනු පුද්ගල නිර්දේශයයි. “සුතං” යනු ඔහුගේ කෘත්‍යය නිර්දේශයයි.
තත්ථ එවන්ති ච මෙති ච සච්ඡිකට්ඨපරමත්ථවසෙන අවිජ්ජමානපඤ්ඤත්ති. සුතන්ති විජ්ජමානපඤ්ඤත්ති. තථා එවන්ති ච මෙති ච තං තං උපාදාය වත්තබ්බතො උපාදාපඤ්ඤත්ති. සුතන්ති දිට්ඨාදීනි උපනිධාය වත්තබ්බතො උපනිධාපඤ්ඤත්ති .
එහි “එවං” යනුද “මෙ” යනුද ප්රත්යක්ෂ කළ පරමාර්ථ වශයෙන් අවිද්‍යාමාන ප්රඥප්තියි. “සුතං” යනු විද්‍යාමාන ප්රඥප්තියි. එසේම “එවං” යනුද “මෙ” යනුද ඒ ඒ (ධර්මයන්) ග්‍රහණය කොට කිවයුතු හෙයින් උපාදාය ප්රඥප්තියි. “සුතං” යනු දිට්ඨසුත ආදිය සමාන කොට කිවයුතු බැවින් උපනිධාය ප්රඥප්තියි.
එත්ථ ච එවන්ති වචනෙන අසම්මොහං දීපෙති, සුතන්ති වචනෙන සුතස්ස අසම්මොසං. තථා එවන්ති වචනෙන යොනිසොමනසිකාරං දීපෙති අයොනිසො මනසිකරොතො නානප්පකාරප්පටිවෙධාභාවතො. සුතන්ති වචනෙන අවික්ඛෙපං දීපෙති වික්ඛිත්තචිත්තස්ස සවනාභාවතො. තථා හි වික්ඛිත්තචිත්තො පුග්ගලො සබ්බසම්පත්තියා වුච්චමානොපි “න මයා සුතං, පුන භණථා”ති භණති. යොනිසොමනසිකාරෙන චෙත්ථ අත්තසම්මාපණිධිං පුබ්බෙ කතපුඤ්ඤතඤ්ච සාධෙති, අවික්ඛෙපෙන සද්ධම්මස්සවනං සප්පුරිසූපනිස්සයඤ්ච. එවන්ති ච ඉමිනා භද්දකෙන ආකාරෙන පච්ඡිමචක්කද්වයසම්පත්තිං අත්තනො දීපෙති, සුතන්ති සවනයොගෙන පුරිමචක්කද්වයසම්පත්තිං. තථා ආසයසුද්ධිං පයොගසුද්ධිඤ්ච, තාය ච ආසයසුද්ධියා අධිගමබ්යත්තිං, පයොගසුද්ධියා ආගමබ්යත්තිං.
මෙහිද “එවං” යන වචනයෙන් මුළා නොවීම දක්වයි. “සුතං” යන වචනයෙන් අසන ලද දෙයෙහි සිහි ඇති බව දක්වයි. එසේම “එවං” යන වචනයෙන් යෝනිසෝ මනසිකාරය දක්වයි. නුනුවණින් සිහි කරන්නහුට නොයෙක් ආකාරයෙන් වැටහීම නොවන බැවිනි. “සුතං” යන වචනයෙන් අවික්‍ෂේපය (නොවිසුරුණු බව) දක්වයි. විසුරුණු සිත් ඇත්තාහට ඇසීමක් නොවන බැවිනි. ඒ එසේය. වික්ෂිප්ත සිත් ඇති පුද්ගල තෙමේ සියලු සැපතින් කියනු ලබන කල්හි ද “මා විසින් නොඅසන ලදී. නැවත කිව යුතුය”යි කියයි. මෙහි යෝනිසෝමනසිකාරයෙන් ආත්ම සම්‍යක් ප්‍රණිධිය හෙවත් තමා මනාකොට පිහිටුවා ගැනීම හා පෙර කළ පින් ඇති බව සිද්ධ කෙරෙයි. අවික්ෂේපයෙන් හෙවත් නොවිසුරුණු සිතින් සද්ධර්ම ශ්‍රවණය ද සත්පුරුෂ ආශ්‍රය ද සිද්ධ කෙරෙයි. “එවං” යන මේ යහපත් ආකාරයෙන් තමාගේ (අත්තසම්මා පණිධි පුබ්බෙ කත පුඤ්ඤතා) යන පශ්චිම චක්රද්වය සම්පත්තිය දක්වයි. “සුතං” යන ශ්‍රවණ යෝගයෙන් පූර්ව චක්රද්වය සම්පත්තිය (පතිරූපදෙසවාසය, සප්පුරිස සේවනය) සිද්ධ කෙරේ. එසේ ආශය ශුද්ධිය හා ප්‍රයෝග ශුද්ධිය ද වේ. ඒ ආශය ශුද්ධියෙන් අධිගම ව්‍යක්ති සිද්ධිය වේ. ප්‍රයෝග ශුද්ධියෙන් ආගම ව්‍යක්ති සිද්ධිය වේ.
එවන්ති ච ඉමිනා නානප්පකාරපටිවෙධදීපකෙන වචනෙන අත්තනො අත්ථපටිභානපටිසම්භිදාසම්පදං දීපෙති. සුතන්ති ඉමිනා සොතබ්බභෙදපටිවෙධදීපකෙන ධම්මනිරුත්තිපටිසම්භිදාසම්පදං දීපෙති. එවන්ති ච ඉදං යොනිසොමනසිකාරදීපකං වචනං භණන්තො “එතෙ මයා ධම්මා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටිවිද්ධා”ති ඤාපෙති. සුතන්ති ඉදං සවනයොගදීපකවචනං භණන්තො “බහූ මයා ධම්මා සුතා ධාතා වචසා පරිචිතා”ති ඤාපෙති. තදුභයෙනපි අත්ථබ්යඤ්ජනපාරිපූරිං දීපෙන්තො සවනෙ ආදරං ජනෙති.
“එවං” යන මේ නානාප්‍රකාර ප්රතිවේදයන් ප්‍රකට කෙරෙන වචනයෙන් තමන් වහන්සේගේ අර්ථ ප්‍රතිභාන ප්‍රතිසම්භිදා සම්පත්තිය ඇති බව ප්‍රකට කරයි. “සුතං” යන මේ ශ්රෝතව්යභේද ප්‍රතිවේද දීපක වචනයෙන් ධර්ම නිරුක්ති ප්‍රතිසම්භිදා සම්පත්ති ඇති බව ප්‍රකට කරයි. “එවං” යන මේ යෝනිසෝමනසිකාරය හඟවන්නා වූ වචනය කියන්නේ “මා විසින් මේ ධර්මයෝ මනසින් විමසා බලන ලදහ. දෘෂ්ටියෙන් මනාව වටහාගන්නා ලදහ”යි ප්‍රකට කෙරෙයි. “සුතං” යන මේ ශ්‍රවණ යෝගය හඟවන වචනය කියන්නේ “මාවිසින් බොහෝ ධර්මයෝ අසන ලදහ. දරන ලදහ. වචනයෙන් පුරුදු කරන ලදහ’යි ප්‍රකට කරයි. ඒ දෙකෙන්ම අර්ථව්යඤ්ජන පූර්ණත්වය හඟවන්නේ ඇසීමෙහි ආදරය ඇති කරවයි.
එවං මෙ සුතන්ති ඉමිනා පන සකලෙනපි වචනෙන ආයස්මා ආනන්දො තථාගතප්පවෙදිතං ධම්මං අත්තනො අදහන්තො අසප්පුරිසභූමිං, අතික්කමති, සාවකත්තං පටිජානන්තො සප්පුරිසභූමිං ඔක්කමති. තථා අසද්ධම්මා චිත්තං වුට්ඨාපෙති, සද්ධම්මෙ චිත්තං පතිට්ඨාපෙති. “කෙවලං සුතමෙවෙතං මයා, තස්සෙව තු භගවතො වචනං අරහතො සම්මාසම්බුද්ධස්සා”ති ච දීපෙන්තො අත්තානං පරිමොචෙති, සත්ථාරං අපදිසති, ජිනවචනං අප්පෙති, ධම්මනෙත්තිං පතිට්ඨාපෙති.
“එවං මෙ සුතං” යන මේ සියලු වචනයෙන් ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේ තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලද ධර්මය තමන්ගේ වශයෙන් (මේ මාගේ ධර්මයයි) නොපිළිගන්නාහු අසත්පුරුෂ භූමිය ඉක්මවති. ශ්‍රාවක බව පිළිගනිමින් සත්පුරුෂ භූමියට බැස ගනිති. එසේම අසත්ධර්මයෙන් සිත ඔසවාලති. සද්ධර්මයෙහි සිත පිහිටුවති. හුදෙක් මෙය මා විසින් අසන ලද්දේමය. ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේගේම වචන යයි ප්‍රකට කරන්නාහු තමා (දේශක භාවයෙන්) මිදෙති. ශාස්තෲන් වහන්සේ සාක්ෂ්‍ය කොට දක්වති. ජිනවචනය නංවාලති. ධර්මයේ මාර්ගදේශකත්වය පිහිටුවති.
අපිච “එවං මෙ සුත”න්ති අත්තනා උප්පාදිතභාවං අප්පටිජානන්තො පුරිමස්සවනං විවරන්තො “සම්මුඛා පටිග්ගහිතමිදං මයා තස්ස භගවතො චතුවෙසාරජ්ජවිසාරදස්ස දසබලධරස්ස ආසභට්ඨානට්ඨායිනො සීහනාදනාදිනො සබ්බසත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මාධිපතිනො ධම්මදීපස්ස ධම්මප්පටිසරණස්ස සද්ධම්මවරචක්කවත්තිනො සම්මාසම්බුද්ධස්ස. න එත්ථ අත්ථෙ වා ධම්මෙ වා පදෙ වා බ්යඤ්ජනෙ වා කඞ්ඛා වා විමති වා කාතබ්බා”ති සබ්බදෙවමනුස්සානං ඉමස්මිං ධම්මෙ අස්සද්ධියං විනාසෙති, සද්ධාසම්පදං උප්පාදෙතීති වෙදිතබ්බො. හොති චෙත්ථ –
තවද “එවං මෙ සුතං” යනුවෙන් තමා විසින් උපදවන ලද බව ප්‍රතිඥා නොකරමින් පෙර ඇසූ බව ප්‍රකට කරන සේක් “මා විසින් මේ ධර්මය චතුර් වෛශාරද්‍ය විශාරද වූ, දශබලධාරී වූ, උත්තම ස්ථානයෙහි පිහිටියා වූ, සිංහනාද සමාන නාද ඇත්තා වූ, සියලු සත්ත්වයන්ට උත්තම වූ, ධර්මේශ්වර වූ, ධර්මරාජ වූ, ධර්මාධිපති වූ, ධර්මද්වීප වූ, ධර්මශරණ වූ, සද්ධර්මවර චක්‍රවර්ති වූ, සම්මා සම්බුද්ධ වූ භාග්‍යවතුන් වහන්සේගේ සම්මුඛයෙන් පිළිගන්නා ලදී. මෙහි අර්ථයෙහි හෝ ධර්මයෙහි හෝ පදයෙහි හෝ ව්යාඤ්ජනයෙහි හෝ සැකයක් හෝ විමතියක් හෝ නොකළ යුතු යයි සියලු දෙවි මිනිසුන්ගේ මේ ධර්මයෙහි අශ්රද්ධාව නසන සේක. ශ්‍රද්ධා සම්පත්තිය උපදවන සේක. මෙහි (මෙසේද) වෙයි :-
“විනාසයති අස්සද්ධං, සද්ධං වඩ්ඪෙති සාසනෙ; එවං මෙ සුතමිච්චෙවං, වදං ගොතමසාවකො”ති.
“එවං මෙසුතං” යනුවෙන් මෙසේ කියන්නා වූ ගෞතම ශ්‍රාවක තෙමේ ශාසනයෙහි අශ්රද්ධාව නසයි. ශ්‍රද්ධාව වඩවයි.”
එකන්ති ගණනපරිච්ඡෙදනිද්දෙසො. සමයන්ති පරිච්ඡින්නනිද්දෙසො. එකං සමයන්ති අනියමිතපරිදීපනං. තත්ථ සමයසද්දො –
“එකං” යනු සඞ්ඛ්‍යා සීමාව නිර්දේශ කිරීමයි. “සමයං” යනු කාලය වෙන් කිරිමේ නිර්දේශයයි. “එකං සමයං” යනු අනියමින් දැක්වීමයි. එහි “සමය” ශබ්දය :-
සමවායෙ ඛණෙ කාලෙ, සමූහෙ හෙතුදිට්ඨිසු; පටිලාභෙ පහානෙ ච, පටිවෙධෙ ච දිස්සති.
“සමවායෙහි (එක්වීමෙහි), ක්ෂණයෙහි, කාලයෙහි, සමුහයෙහි, හේතුවෙහි, දෘෂ්ටියෙහි, ප්‍රතිලාභයෙහි, ප්රහාණයෙහි, ප්‍රතිවේධයෙහි (යන මේ අර්ථයන්හි) දක්නා ලැබේ.”
තථා හිස්ස “අප්පෙව නාම ස්වෙපි උපසඞ්කමෙය්යාම කාලඤ්ච සමයඤ්ච උපාදායා”ති එවමාදීසු (දී· නි· 1.447) සමවායො අත්ථො. “එකොව ඛො, භික්ඛවෙ, ඛණො ච සමයො ච බ්රහ්මචරියවාසායා”ති එවමාදීසු (අ· නි· 8.29) ඛණො. “උණ්හසමයො පරිළාහසමයො”ති එවමාදීසු (පාචි· 358) කාලො. “මහාසමයො පවනස්මි”න්ති එවමාදීසු සමූහො. “සමයොපි ඛො තෙ, භද්දාලි, අප්පටිවිද්ධො අහොසි, භගවා ඛො සාවත්ථියං විහරති, සොපි මං ජානිස්සති, ‘භද්දාලි, නාම භික්ඛු සත්ථුසාසනෙ සික්ඛාය අපරිපූරකාරී’ති, අයම්පි ඛො තෙ භද්දාලි සමයො අප්පටිවිද්ධො අහොසී”ති එවමාදීසු (ම· නි· 2.135) හෙතු. “තෙන ඛො පන සමයෙන උග්ගාහමානො පරිබ්බාජකො සමණමුණ්ඩිකාපුත්තො සමයප්පවාදකෙ තින්දුකාචීරෙ එකසාලකෙ මල්ලිකාය ආරාමෙ පටිවසතී”ති එවමාදීසු (ම· නි· 2.260) දිට්ඨි.
ඒ එසේමය “අප්පෙවනාම ස්වෙපි උපසඞ්කමෙය්යාම, කාලඤ්ච සමයඤ්ච උපාදාය” යන මේ ආදී තන්හි එක්වීම් අර්ථයයි. “එකොව ඛො භික්ඛවෙ ඛණොච සමයො ච බ්රහ්මචරියවාසාය” මේ ආදී තන්හි ක්ෂණයයි. (අවස්ථාවයි) “උණ්හ සමයො පරිළාහ සමයො” යන මේ ආදි තන්හි කාලයයි. “මහා සමයො පවනස්මිං” යන මේ ආදී තන්හි සමූහයයි. “සමයොපි ඛොතෙ භද්දාලි අප්පටිවිද්ධො අහොසි, භගවා ඛො සාවත්ථියං විහරති සොපි මං ජානිස්සති භද්දාලිනාම භික්ඛු සත්ථු සාසනෙ සික්ඛාය අපරිපූරකාරීති, අයම්පි ඛො තෙ භද්දාලි සමයො අප්පටිවිද්ධො අහොසි” යන මේ ආදි තන්හි හේතුවයි. “තෙන ඛොපන සමයෙන උග්ගාහමානො පරිබ්බාජකො සමණමණ්ඩිකා පුත්තො සමයප්පවාදකෙ තින්දුකාචීරෙ එකසාලකෙ මල්ලිකාය ආරාමෙ පටිවසති” යන මේ ආදී තන්හි දෘෂ්ටියයි.
“දිට්ඨෙ ධම්මෙ ච යො අත්ථො, යො චත්ථො සම්පරායිකො; අත්ථාභිසමයා ධීරො, පණ්ඩිතොති පවුච්චතී”ති. (සං· නි· 1.129) –
“දිට්ඨෙව ධම්මෙ යො අත්ථො යො චත්ථො සම්පරායිකො අත්ථාභිසමයා ධීරො පණ්ඩිතොති පවුච්චති”
එවමාදීසු පටිලාභො. “සම්මා මානාභිසමයා අන්තමකාසි දුක්ඛස්සා”ති එවමාදීසු (ම· නි· 1.28) පහානං. “දුක්ඛස්ස පීළනට්ඨො සඞ්ඛතට්ඨො සන්තාපට්ඨො විපරිණාමට්ඨො අභිසමයට්ඨො”ති එවමාදීසු (පටි· ම· 2.8) පටිවෙධො. ඉධ පනස්ස කාලො අත්ථො. තෙන එකං සමයන්ති සංවච්ඡරඋතුමාසඅඩ්ඪමාසරත්තිදිවපුබ්බණ්හමජ්ඣන්හිකසායන්හපඨමමජ්ඣිම- පච්ඡිමයාමමුහුත්තාදීසු කාලඛ්යෙසු සමයෙසු එකං සමයන්ති දීපෙති.
යන මේ ආදී තන්හි ප්‍රතිලාභයයි. “සම්මා මානාභිසමයා අන්තමකාසි දුක්ඛස්ස” යන මේ ආදී තන්හි ප්‍රහාණයයි. “දුක්ඛස්ස පීළනට්ඨො සඞ්ඛතට්ඨො සන්තාපට්ඨො විපරිණාමට්ඨො අභිසමයට්ඨො” යන මේ ආදී තන්හි ප්‍රතිවේධයයි. මෙහි වනාහී කාලය යන අර්ථයයි. එහෙයින් “එකං සමයං” යනු සංවත්සර, සෘතු, මාස, අධි මාස, රාත්‍රි, දහවල්, පූර්වාහ්න, මධ්‍යාහ්න, සායහ්න, ප්‍රථම, මධ්‍යම, පශ්චිමයාම, මුහුර්ති ආදී කාලය ප්‍රකාශ වන සමයන් අතුරෙන් “එක් සමයක” යයි දක්වති.
යෙ වා ඉමෙ ගබ්භොක්කන්තිසමයො ජාතිසමයො සංවෙගසමයො අභිනික්ඛමනසමයො දුක්කරකාරිකසමයො මාරවිජයසමයො අභිසම්බොධිසමයො දිට්ඨධම්මසුඛවිහාරසමයො දෙසනාසමයො පරිනිබ්බානසමයොති එවමාදයො භගවතො දෙවමනුස්සෙසු අතිවිය පකාසා අනෙකකාලඛ්යා එව සමයා. තෙසු සමයෙසු දෙසනාසමයසඞ්ඛාතං එකං සමයන්ති වුත්තං හොති. යො චායං ඤාණකරුණාකිච්චසමයෙසු කරුණාකිච්චසමයො, අත්තහිතපරහිතප්පටිපත්තිසමයෙසු පරහිතප්පටිපත්තිසමයො, සන්නිපතිතානං කරණීයද්වයසමයෙසු ධම්මීකථාසමයො, දෙසනාපටිපත්තිසමයෙසු දෙසනාසමයො, තෙසුපි සමයෙසු යං කිඤ්චි සන්ධාය “එකං සමය”න්ති වුත්තං හොති.
නැතහොත් ගර්භාචක්රාන්ති සමය (මව්කුස පිළිසිඳ ගන්නා කාලය), ජාති සමය, සංවෙග සමය, අභිනිෂ්ක්‍රමණ සමය, දුෂ්කර ක්‍රියා සමය, මාර විජය සමය, අභිසම්බෝධි සමය, දිට්ඨධම්ම සුඛ විහාර සමය, දේශනා සමය, පරිනිර්වාණ සමය යන මේ ආදී වූ භාග්‍යවතුන් වහන්සේ දෙවි මිනිසුන් අතර අතිශයින් ප්‍රකාශ වූ නොයෙක් කාලයක් ප්‍රකාශ වන සමයයෝ වෙත්ද ඒ, සමයයන් අතර දේශනා සමය සඞ්ඛ්‍යාත “එක් සමයක” යයි කියන ලද්දේ වෙයි. ඥාන, කරුණා කෘත්‍ය සමයයන් අතර යම් කරුණා කෘත්‍ය සමයක් වේ ද ආත්මහත, පරහිත, ප්‍රතිපත්ති සමයයන් අතර පරහිත ප්‍රතිපත්ති සමයක් වේ ද, රැස්වූවන්ගේ කෘත්යද්වය සමයයන් අතර ධර්ම කථා සමයක් වේ ද, දේශනා ප්‍රතිපත්ති සමයයන් අතර දේශනා සමයක් වේ ද ඒ සමයයන් අතුරෙහි යම්කිසි සමයක් සඳහා “එක් සමයකැ”යි කියන ලද්දේ වෙයි.
එත්ථාහ – අථ කස්මා යථා අභිධම්මෙ “යස්මිං සමයෙ කාමාවචර”න්ති ච ඉතො අඤ්ඤෙසු සුත්තපදෙසු “යස්මිං සමයෙ, භික්ඛවෙ, භික්ඛු විවිච්චෙව කාමෙහී”ති ච භුම්මවචනෙන නිද්දෙසො කතො, විනයෙ ච “තෙන සමයෙන බුද්ධො භගවා”ති කරණවචනෙන, තථා අකත්වා ඉධ “එකං සමය”න්ති උපයොගවචනනිද්දෙසො කතොති. තත්ථ තථා, ඉධ ච අඤ්ඤථා අත්ථසම්භවතො. තත්ථ හි අභිධම්මෙ ඉතො අඤ්ඤෙසු සුත්තපදෙසු ච අධිකරණත්ථො භාවෙනභාවලක්ඛණත්ථො ච සම්භවති. අධිකරණඤ්හි කාලත්ථො සමූහත්ථො ච සමයො, තත්ථ වුත්තානං ඵස්සාදිධම්මානං ඛණසමවායහෙතුසඞ්ඛාතස්ස ච සමයස්ස භාවෙන තෙසං භාවො ලක්ඛීයති, තස්මා තදත්ථජොතනත්ථං තත්ථ භුම්මවචනනිද්දෙසො කතො.
මෙහි (මෙසේ) කීය :- ඉක්බිති කුමක් හෙයින් යම්සේ අභිධර්මයෙහි “යස්මිං සමයෙ කාමාවචරං” යනුවෙන්ද මෙයින් අන්‍ය වූ සූත්‍ර පදයන්හි “යස්මිං සමයෙ භික්ඛවෙ භික්ඛු විවිච්වෙව කාමෙහි” යනුවෙන් සත්තමී විභක්තියෙන් ද නිර්දේශය කරන ලද්දේ ද? විනයෙහි ද “තෙන සමයෙන බුද්ධො භගවා” යනුවෙන් කරණ විභක්තියෙන් (නිර්දේශය කරන ලද්දේ ද) එසේ නොකොට මෙහි “එකං සමයං” යනුවෙන් දුතියා විභක්තියෙන් නිර්දේශය කරන ලද්දේ ද? එහි එසේද මෙහි වෙනත් අයුරකින්ද අර්ථය ලැබෙන හෙයිනි. ඒ අභිධර්මයෙහි ද මෙයින් අන්‍ය වූ සූත්‍ර පදයන්හි ද (අධිකරණ) ආධාර අර්ථය ද භාව සඞ්ඛ්‍යාත ක්‍රියාවෙන් භාවලක්ෂණාර්ථය ද හටගනී. අධිකරණය වනාහි කාලාර්ථය හා සමූහාර්ථය ඇති සමයයි. එහි කියන ලද ස්පර්ශාදී ධර්මයන්ගේ ක්ෂණ සමවාය හේතු සඞ්ඛ්‍යාත වූ සමයාගේ ස්වභාවයෙන් ඒ ඵස්සාදීන්ගේ ස්වභාවය සලකුණු වනු ලැබේ. එහෙයින් එම අර්ථය ජෝතිමත් කරනු සඳහා එහි ආධාර විභක්ති අර්ථය නිර්දේශ කරන ලදී.
විනයෙ ච හෙත්වත්ථො කරණත්ථො ච සම්භවති. යො හි සො සික්ඛාපදපඤ්ඤත්තිසමයො සාරිපුත්තාදීහිපි දුබ්බිඤ්ඤෙය්යො, තෙන සමයෙන හෙතුභූතෙන කරණභූතෙන ච සික්ඛාපදානි පඤ්ඤපෙන්තො සික්ඛාපදපඤ්ඤත්තිහෙතුඤ්ච අපෙක්ඛමානො භගවා තත්ථ තත්ථ විහාසි, තස්මා තදත්ථජොතනත්ථං තත්ථ කරණවචනනිද්දෙසො කතො.
විනයෙහි හෙත්වාර්ථය ද කරණාර්ථය ද ලැබේ. යම්හෙයකින් යම් ඒ ශික්ෂාපද ප්රඥප්ති සමයයක් ශාරිපුත්‍රාදී මහරහතන් වහන්සේලා විසින් පවා වටහාගැනීම දුෂ්කර වන්නේ ද හේතු වූ ද කරණ වූ ද එසමයෙහි ශික්ෂාපද පනවමින් ශික්ෂාපද ප්රඥප්ති හේතුව ද විමසා බලන භාග්‍යවතුන් වහන්සේ ඒ ඒ තන්හි වාසය කළ සේක. එබැවින් එම අර්ථය බබුළුවනු සඳහා එහි කරණ විභක්ති වචනයෙන් නිර්දේශය කරන ලදී.
ඉධ පන අඤ්ඤස්මිඤ්ච එවංජාතිකෙ සුත්තන්තපාඨෙ අච්චන්තසංයොගත්ථො සම්භවති. යඤ්හි සමයං භගවා ඉමං අඤ්ඤං වා සුත්තන්තං දෙසෙසි, අච්චන්තමෙව තං සමයං කරුණාවිහාරෙන විහාසි. තස්මා තදත්ථජොතනත්ථං ඉධ උපයොගවචනනිද්දෙසො කතොති විඤ්ඤෙය්යො. හොති චෙත්ථ –
මෙහි වනාහී මෙබඳු වූ අන්‍ය සූත්‍ර පාඨයන්හිත් අත්‍යන්ත සංයෝගාර්ථය ලැබෙයි. යම් සමයක වනාහි භාග්‍යවතුන් වහන්සේ මෙය හෝ වෙනත් සූත්‍රාන්තයක් දේශනා කළ සේක් ද එසමයෙහි නිරන්තරයෙන්ම කරුණා විහාරයෙන් විසූ සේක. එබැවින් එම අර්ථය ප්‍රකාශ කිරීම සඳහා මෙහි දුතියා විභක්ති නිර්දේශය කරන ලද්දේ යයි දත යුතුය. එබැවින් මෙය කියනු ලැබේ.
“තං තං අත්ථමපෙක්ඛිත්වා, භුම්මෙන කරණෙන ච; අඤ්ඤත්ර සමයො වුත්තො, උපයොගෙන සො ඉධා”ති.
“ඒ ඒ අර්ථය සලකා මෙයින් අන්‍ය වූ තැන්හි ආධාරයෙන් ද කරණයෙන් ද සමය ශබ්දය කියන ලදී. එය මෙහි කර්මයෙන් කියන ලදී.”
භගවාති ගුණවිසිට්ඨසත්තුත්තමගරුගාරවාධිවචනමෙතං. යථාහ –
“භගවා” යනු ගුණයෙන් විශිෂ්ට වූ සත්ත්වයන්ට උත්තම වූ, (සියලු සත්ත්වයන්ට) ගරු වූ, ගෞරවාර්ග වූ තථාගතයන් වහන්සේට) පර්යාය නාමයකි. යම්සේ කීවේද :-
“භගවාති වචනං සෙට්ඨං, භගවාති වචනමුත්තමං; ගරු ගාරවයුත්තො සො, භගවා තෙන වුච්චතී”ති.
“භගවා යන වචනය ශ්‍රේෂ්ඨයි. භගවා යන වචනය උතුම්ය. එහෙයින් (සියලු සත්වයන්ට) ගරු වූ ගෞරවයෙන් යුක්ත වූ හෙතෙම “භගවා” යයි කියනු ලැබේ.”
චතුබ්බිධඤ්හි නාමං ආවත්ථිකං, ලිඞ්ගිකං, නෙමිත්තකං, අධිච්චසමුප්පන්නන්ති. අධිච්චසමුප්පන්නං නාම “යදිච්ඡක”න්ති වුත්තං හොති. තත්ථ වච්ඡො දම්මො බලිබද්ධොති එවමාදි ආවත්ථිකං, දණ්ඩී ඡත්තී සිඛී කරීති එවමාදි ලිඞ්ගිකං, තෙවිජ්ජො ඡළභිඤ්ඤොති එවමාදි නෙමිත්තකං, සිරිවඩ්ඪකො ධනවඩ්ඪකොති එවමාදි වචනත්ථමනපෙක්ඛිත්වා පවත්තං අධිච්චසමුප්පන්නං. ඉදං පන භගවාති නාමං ගුණනෙමිත්තකං, න මහාමායාය, න සුද්ධොදනමහාරාජෙන, න අසීතියා ඤාතිසහස්සෙහි කතං, න සක්කසන්තුසිතාදීහි දෙවතාවිසෙසෙහි කතං. යථාහ ආයස්මා සාරිපුත්තත්ථෙරො “භගවාති නෙතං නාමං මාතරා කතං…පෙ… සච්ඡිකා පඤ්ඤත්ති යදිදං භගවා”ති (මහානි· 84).
නාමය වනාහි ආවස්ථික (අවස්ථාවට අනුව කළ නම්), ලිඞ්ගික (ලිඞ්ග-ද්‍රව්‍ය අනුව කළ නම්), නෙමිත්තක (නිමිති අනුව කළ නම්), අධිච්ච සමුපන්න (අහේතුකව කළ නම්) වශයෙන් සිවු වැදෑරුම් වේ. අධිච්ච සමුපන්න නාමයට “යදිච්ඡක” යයි ද කියන ලද්දේ වෙයි. එහි “වච්ඡො (වස්සා), දම්මො (නාඹු වස්සා) බලිවද්දො (ගොනා), යන මේ ආදී නාම ආවත්ථික නාම වේ. දණ්ඩී (දඬු ඇත්තා) ඡත්තී (කුඩ ඇත්තා) සිඛී (සිළුව ඇත්තා) කරී (අත් ඇත්තා) යන මේ ආදිය ලිඞ්ගික නාම වේ. තෙවිජ්ජො (ත්‍රිවිද්‍යා ලාභියා) ඡළභිඤඤො (ෂඩ් අභිඥා ලාභියා) යන මේ ආදිය නෙමිත්තක නාම වේ. සිරිවඩ්ඪකෝ (සිරිවර්ධන) ධන වඩ්ඪකො (ධනවර්ධන) යන මේ ආදී වචනාර්ථය නොසලකා පැවති නාම අධිච්චසමුපන්න නාම නම් වේ. මේ “භගවා” යන නාමය වනාහි (ගුණය නිමිතිකොට පනවන ලද) ගුණ නෙමිත්තක නාමයකි. මහාමායා දේවිය විසින් හෝ සුද්ධෝදන මහරජු විසින් හෝ අසූ දහසක් ඥාතීන් විසින් හෝ කරන ලද නාමයක් නොවේ. ශක්‍ර සන්තුෂිතාදී දේව විශේෂයන් විසින් ද කරන ලද නාමයක් නොවේ. ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ :- (මහා නිද්දෙසයෙහි) “භගවා” යන මේ නම මව විසින් කරන ලද නාමයක් නොවේ. -පෙ- භගවා යන මෙය (අර්හත් ඵලය) ප්රත්යක්ෂ ප්‍රඥප්තියකි”යි යම්සේ කී සේක් ද එහෙයිනි.
යං ගුණනෙමිත්තකඤ්චෙතං නාමං, තෙසං ගුණානං පකාසනත්ථං ඉමං ගාථං වදන්ති –
යම් ගුණයක් නිමිතිකොට මේ නාමය වූයේ ද ඒ ගුණයන් ප්‍රකාශ කිරීම සඳහා මේ ගාථාව කියති.
“භගී භජී භාගී විභත්තවා ඉති, අකාසි භග්ගන්ති ගරූති භාග්‍යවා; බහූහි ඤායෙහි සුභාවිතත්තනො, භවන්තගො සො භගවාති වුච්චතී”ති.
“භගී භජී භාගී විභත්තවා ඉති අකාසි භග්ගන්ති ගරූහි භාග්‍යවා බහූහි ඤායෙහි සුභාවිතත්තනො භවන්තගො සො භගවාති වුච්චති”
“ඒ තුන් ලෝ ගුරු වූ ශාස්තෲන් වහන්සේ ඓශ්චර්ය්යාදී භගධර්ම ඇත්තේය. ප්‍රාන්ත සේනාසන ඇසුරු කළහ. අර්ථ, ධර්ම, විමුක්ති රසභාග ඇත්තාහ. ලෞකික, ලෝකෝත්තර ධර්ම විභාග කළහ. රාගාදිය බිඳීම කළහ. භාග්‍ය ඇත්තාහ. කාය භාවනා ආදී අනේක භාවනා ක්‍රමයෙන් වඩන ලද සිත් ඇත්තාහ. භවයෙහි අන්තයට ගියහ යන අර්ථයෙන් “භගවා” යයි කියනු ලැබේ
නිද්දෙසාදීසු (මහානි· 84; චූළනි· අජිතමාණවපුච්ඡානිද්දෙස 2) වුත්තනයෙනෙව චස්ස අත්ථො දට්ඨබ්බො.
යනුවෙන් නිර්දේශාදියෙහි කී අයුරින්ම මෙහි අර්ථය දත යුතුය.
අයං පන අපරො පරියායො –
මේ වනාහී තවත් ක්රමයකි.
“භාග්‍යවා භග්ගවා යුත්තො, භගෙහි ච විභත්තවා; භත්තවා වන්තගමනො, භවෙසු භගවා තතො”ති.
“භාග්‍යවා භග්ගවා යුත්තො භගෙහි විභත්තවා භත්තවා වන්ත ගමනො භවෙසු භගවා තතො”
1. භාග්‍යවා (පිනැති හෙයින්ද), 2. භග්ගවා (කෙලෙස් නැසූ හෙයින්ද) 3. භගෙහි යුත්තො (භගධර්මයෙන් යුක්ත හෙයින්ද) 4. විභත්තවා (සියලු ධර්මයන් බෙදා ප්‍රකාශ කළ හෙයින්ද) 5. භත්තවා (උතුරු මිනිස් දම් සෙවූ හෙයින්ද) 6. භවෙසු වන්තගමනො (භවයෙහි වමනය කළ ගමන් ඇති හෙයින්ද) යන හේතුවෙන් උන්වහන්සේ “භගවා” නම් වෙති.
තත්ථ “වණ්ණාගමො වණ්ණවිපරියායො”ති එවං නිරුත්තිලක්ඛණං ගහෙත්වා සද්දනයෙන වා පිසොදරාදිපක්ඛෙපලක්ඛණං ගහෙත්වා යස්මා ලොකියලොකුත්තරසුඛාභිනිබ්බත්තකං දානසීලාදිපාරප්පත්තං භාග්යමස්ස අත්ථි, තස්මා භාග්යවාති වත්තබ්බෙ භගවාති වුච්චතීති ඤාතබ්බං. යස්මා පන ලොභදොසමොහවිපරීතමනසිකාරඅහිරිකානොත්තප්පකොධූපනාහමක්ඛපලා- ඉස්සාමච්ඡරියමායාසාඨෙය්යථම්භසාරම්භමානාතිමානමදපමාදතණ්හාවිජ්ජාතිවිධාකුසලමූලදුච්චරිත- සංකිලෙසමලවිසමසඤ්ඤාවිතක්කපපඤ්චචතුබ්බිධවිපරියෙසආසවගන්ථඔඝයොගඅගතිතණ්හුපාදාන- පඤ්චචෙතොඛිලවිනිබන්ධනීවරණාභිනන්දනඡවිවාදමූලතණ්හාකායසත්තානුසය- අට්ඨමිච්ඡත්තනවතණ්හාමූලකදසාකුසලකම්මපථද්වාසට්ඨිදිට්ඨිගත- අට්ඨසතතණ්හාවිචරිතප්පභෙදසබ්බදරථපරිළාහකිලෙසසතසහස්සානි, සඞ්ඛෙපතො වා පඤ්ච කිලෙසක්ඛන්ධඅභිසඞ්ඛාරමච්චුදෙවපුත්තමාරෙ අභඤ්ජි, තස්මා භග්ගත්තා එතෙසං පරිස්සයානං භග්ගවාති වත්තබ්බෙ භගවාති වුච්චති. ආහ චෙත්ථ –
එහි “වණ්ණාගමො වණ්ණ විපරියයෝ’ යයි මෙසේ නිරුක්ති ලක්ෂණය ගෙන ශබ්ද න්‍යය වශයෙන් හෝ “පිසොදර” ආදි ප්රක්ෂේප ලක්ෂණ ගෙන හෝ යම් හෙයකින් ලෞකික ලෝකෝත්තර සැප උපදවන දාන ශීල ආදියෙහි පරතෙරට පත් භාග්‍යය උන්වහන්සේට ඇත්තේද එහෙයින් “භාග්‍යවා” යයි කිවයුත්තෙහි “භගවා” යයි කියනු ලැබේ යයි දත යුතය. යම් හෙයකින් වනාහි ලෝභ, දෝස, මෝහ, විපරීත මනසිකාර (නිත්‍ය සුඛ වශයෙන් වැරදි ලෙස සිහිකිරීම) අහිරික (ලජ්ජා නැතිකම), අනොත්තප්ප (පවට බය නැති කම), කෝධ, උපනාහ (වෛරය), මක්ඛ (ගුණ මැකීම), පලාස (ගුණවතුන් හා සමකොට සිතීම), ඉස්සා (ඊර්ෂ්‍යාව), මච්ඡරිය (මසුරුකම), මායා (පව් සැඟවීම), සාඨෙය්‍ය (නැති ගුණ පෙන්වීම), ථම්භ (නොනැමෙන බව), සාරම්භ (අනුන්ට ඉහළින් සිටිනු කැමැත්ත) මාන, අතිමාන, මද, පමාද, තණ්හා, විචරිත, ත්‍රිවිධ අකුසල මූල, දුශ්චරිත (කාය, වාග්, මනො), සංක්ලේශ (තණ්හා, මාන, දිට්ඨි) මල (රාග, ද්වේෂ, මෝහ), විසම (රාග, ද්වේශ, මෝහ) සංඥා (කාම, භව, විභව), විතර්ක (කාම, ව්‍යාපාද, විහිංසා), ප්‍රපඤ්ච (තණ්හා, දිට්ඨි, මාන) චතුර්විධ විපරීත (නිත්‍ය, සුඛ, ආත්ම, සුභ), චතුරාශ්‍රව (කාම, භව, දිට්ඨි, අවිජ්ජා), චතුර් ග්රන්ථ (අවිජ්ජා, ව්‍යාපාද, සීලබ්බත පරාමාස, ඉදං සච්චාභිනිවෙස), චතුර්ඔඝ, චතුර්යොග, සතර අගති, චතුර් තෘෂ්ණා උප්පාද (සිව්පසය පිළිබඳව) සතර උපාදාන (කාම, දිට්ඨි, සීලබ්බත, අත්තවාද) පඤ්චචෙතො ඛිල (බුද්ධ, ධම්ම, සංඝ, ශික්ෂා පිළිබඳ සැකය, සබ්‍රම්සරුන් පිළිබඳ කිපීම) පඤ්ච විනිබද්ධ (කාමයෙහි අවීතරාග, කායයෙහි අවීතරාග, රූපයෙහි අවීතරාග, නිදිසුව විඳීම, දෙව්සිරි පතා බඹසර විසීම) පඤ්ච නීවරණ (කාමච්ඡාදාදී) පඤ්ච අභිනන්දන (රූපාභිනන්‍දනාදි) ෂට් විවාද මූල (කොධ, මක්ඛ, ඉස්සා, සාඨෙය්‍ය, පාපිච්ඡකා, සන්දිට්ඨි පරාමාස) ෂට් තෘෂ්ණා කාය (රූප තණ්හා ආදී), සප්ත අනුසය (කාමරාග, භව රාග, පටිඝ, මාන, දිට්ඨි, විචිකිච්ඡා, අවිජ්ජා), අට්ඨ මිච්ඡත්ත (මිච්ඡා දිට්ඨි - මිච්ඡා සමාධි), නව තණ්හා මූලක (තණ්හා, පරියෙසන, ලාභ, විනිච්ඡය, ඡන්දරාග, අජ්ඣෙසාන, පරිනාහ, මච්ඡරිය, ආරක්ඛාධිකරණ) දශ අකුසල, දශ කර්ම පථ, ද්වා සට්ඨි දිට්ඨි, අට්ඨසත තණ්හා විචරිත) මේ ආදී ප්‍රභේද ගත සියලු දරථ (දාහයන්) පරිළාහ (බලවත් දාහයන්) ක්ලේශ සිය දහසක් නැතහොත් කෙටියෙන් කියතොත් ක්ලේශ මාර, ස්කන්ධ මාර, අභිසංස්කාර මාර, දේවපුත්ත මාර, මෘත්‍යු මාර යන පස් මරුන් බින්ද සේක. එහෙයින් මේ දොෂයන්, උපද්‍රවයන් බින්ද නිසා “භග්ගවා” යයි කිවයුතු තැන “භගවා” යයි කියනු ලැබේ. එහෙයින් (මෙසේ) කීය.
“භග්ගරාගො භග්ගදොසො, භග්ගමොහො අනාසවො; භග්ගාස්ස පාපකා ධම්මා, භගවා තෙන වුච්චතී”ති.
“භග්ගරාගො භග්ගදොසො භග්ගමොහො අනාසවො භග්ගස්ස පාපකා ධම්මා භගවා තෙන වුච්චති”
“ඒ භාග්‍යවතුන් වහන්සේ බින්ද රාග දෝෂ මෝහ ඇති සේක් ද ආශ්‍රව නැති සේක් ද සියලු පාප ධර්මයන් බිඳින ලද්දේ වේ ද එහෙයින් “භගවා” යයි කියනු ලැබේ.
භාග්යවතාය චස්ස සතපුඤ්ඤලක්ඛණධරස්ස රූපකායසම්පත්ති දීපිතා හොති, භග්ගදොසතාය ධම්මකායසම්පත්ති. තථා ලොකියසරික්ඛකානං බහුමානභාවො, ගහට්ඨපබ්බජිතෙහි අභිගමනීයතා. තථා අභිගතානඤ්ච නෙසං කායචිත්තදුක්ඛාපනයනෙ පටිබලභාවො, ආමිසදානධම්මදානෙහි උපකාරිතා. ලොකියලොකුත්තරසුඛෙහි ච සංයොජනසමත්ථතා දීපිතා හොති.
“භාග්‍ය ඇත්තේ භගවා යන්නෙන් සිය ගණනක් පුණ්‍ය ලක්ෂණ දරන උන්වහන්සේගේ රූපකාය සම්පත්තිය ද “බින්ද ද්වේෂ ඇත්තේ භගවා” යන්නෙන් ධර්ම කාය සම්පත්තිය ද දක්වන ලද්දේ වෙයි. එසේම ලෞකික පරීක්ෂකයන් විසින් බුහුමන් කරනු ලබන බවද ගිහි පැවිද්දන් විසින් එළඹිය යුතු බවද එසේම එළඹි ඔවුන්ගේ කාය චිත්ත පීඩා දුරු කිරීමෙහි සමත් බවද ලෞකික ලෝකෝත්තර සැපයෙහි යෙදවීමට සමත් බවද දක්වන ලද්දේ වෙයි.
යස්මා ච ලොකෙ ඉස්සරියධම්මයසසිරිකාමපයත්තෙසු ඡසු ධම්මෙසු භගසද්දො වත්තති, පරමඤ්චස්ස සකචිත්තෙ ඉස්සරියං, අණිමාලඝිමාදිකං වා ලොකියසම්මතං සබ්බාකාරපරිපූරං අත්ථි, තථා ලොකුත්තරො ධම්මො, ලොකත්තයබ්යාපකො යථාභුච්චගුණාධිගතො අතිවිය පරිසුද්ධො යසො, රූපකායදස්සනබ්යාවටජනනයනමනප්පසාදජනනසමත්ථා සබ්බාකාරපරිපූරා සබ්බඞ්ගපච්චඞ්ගසිරී, යං යං අනෙන ඉච්ඡිතං පත්ථිතං අත්තහිතං පරහිතං වා, තස්ස තස්ස තථෙව අභිනිප්ඵන්නත්තා ඉච්ඡිතත්ථනිප්ඵත්තිසඤ්ඤිතො කාමො, සබ්බලොකගරුභාවප්පත්තිහෙතුභූතො සම්මාවායාමසඞ්ඛාතො පයත්තො ච අත්ථි, තස්මා ඉමෙහි භගෙහි යුත්තත්තාපි භගා අස්ස සන්තීති ඉමිනා අත්ථෙන “භගවා”ති වුච්චති.
යම් හෙයකින් ලෝකයෙහි “භග” ශබ්දය ඓශ්චර්‍ය්‍යය, ධර්ම, යස, ශ්‍රී, කාම, ප්රයත්න, යන ධර්ම හයෙක්හි පවතී ද උන්වහන්සේට සිය සිතෙහි පරම ඊශ්වරත්වය ද ලෞකික සම්මත අණිම (සෘද්ධියෙන් ශරීරය කුඩා කිරීම) ලසිම (ශරීරය සැහැල්ලු කිරිම) ආදිය ද සියලු ආකාරයෙන් පරිපූර්ණව ඇත්තේය. ලෝකෝත්තර ධර්ම ද එසේය. ලෝකත්‍රයෙහි පැතුරුණු විද්‍යාමාන ගුණය කරණකොට ලැබුණු ඉතා පිරිසිදු කීර්තිය ඇත්තේය. රූපකාය දර්ශනයෙහි යෙදුණු ජනයාගේ මනනුවන් පිනවීමෙහි සමත් සියලු ආකාරයෙන් සම්පූර්ණ වූ සියලු අඞ්ග ප්රත්යඞ්ගයන්හි ශ්‍රී ශෝභාව ඇත්තේය. මුන්වහන්සේ කරණකොට ගෙන ආත්ම හිත වූ ද පරහිත වූ ද යම් යම් දෙයක් කැමතිවන ලද්දේ ද ප්‍රාර්ථනා කරන ලද්දේ ද ඒ ඒ අයට එලෙසම සමෘද්ධිමත් වන බැවින් අභිමතාර්ථ සිද්ධි සඞ්ඛ්‍යාත කාම භාග්‍යය ඇත්තේය. සියලු ලෝකයාගේ ගරුභාවයට පත්වීමට හේතුභූත වූ සම්මා වායාම සඞ්ඛ්‍යාත ප්රයත්න භාග්‍යය ද ඇත්තේය. එහෙයින් මේ භාග්‍යයන්ගෙන් යුක්ත හෙයින් ද “භාග්යයෝ මුන් වහන්සේට වෙත්නුය යන මේ අර්ථයෙන් ද “භගවා” යයි කියනු ලැබේ.
යස්මා පන කුසලාදිභෙදෙහි සබ්බධම්මෙ, ඛන්ධායතනධාතුසච්චඉන්ද්රියපටිච්චසමුප්පාදාදීහි වා කුසලාදිධම්මෙ, පීළනසඞ්ඛතසන්තාපවිපරිණාමට්ඨෙන වා දුක්ඛමරියසච්චං, ආයූහනනිදානසංයොගපලිබොධට්ඨෙන සමුදයං, නිස්සරණවිවෙකාසඞ්ඛතඅමතට්ඨෙන නිරොධං, නිය්යානිකහෙතුදස්සනාධිපතෙය්යට්ඨෙන මග්ගං විභත්තවා, විභජිත්වා විවරිත්වා දෙසිතවාති වුත්තං හොති, තස්මා විභත්තවාති වත්තබ්බෙ “භගවා”ති වුච්චති.
යම් හෙයකින් වනාහි සියලු ධර්මයන් කුශලාදී ප්‍රභේදයන්ගෙන් ද, කුශලාදි ධර්මයන් ස්කන්ධ, ආයතන, ධාතු, සත්‍ය, ඉන්ද්රිය පටිචචසමුප්පාද ආදී ප්‍රභේදයන්ගෙන් ද, දුක්ඛාර්‍ය්‍ය සත්‍යය පීළන, සඞ්ඛත, සන්තාප, විපරිනාම යන අර්ථ වශයෙන් ද සමුදයාර්‍ය්‍ය සත්‍යය ආයුහන, නිදාන, සංයෝග පළිබෝධ යන අර්ථ වශයෙන් ද නිරෝධර්ය්ය සත්‍යය නිස්සරණ, විවේක, අසඞ්ඛත, අමත යන අර්ථ වශයෙන් ද මාර්ගාර්ය්ය සත්‍යය නිය්‍යානික, හේතු, දස්සන, ආධිපතෙය්‍ය යන අර්ථ වශයෙන් ද බෙදූ හෙයින් ද බෙදා විවෘත කොට දේශනා කළ හෙයින් ද “භගවා” යයි කියන ලද්දේ වෙයි. එහෙයින් “විභත්තවා” යයි කිවයුතු තන්හි “භගවා” යයි කියනු ලැබේ.
යස්මා ච එස දිබ්බබ්රහ්මඅරියවිහාරෙ කායචිත්තඋපධිවිවෙකෙ සුඤ්ඤතාප්පණිහිතානිමිත්තවිමොක්ඛෙ අඤ්ඤෙ ච ලොකියලොකුත්තරෙ උත්තරිමනුස්සධම්මෙ භජි සෙවි බහුලමකාසි, තස්මා භත්තවාති වත්තබ්බෙ “භගවා”ති වුච්චති.
යම් හෙයකින් මුන්වහන්සේ දිව්‍ය, බ්‍රහ්ම, අරිය, විහරණයන්ද කාය, චිත්ත, උපදි විවේකයන් ද සුඤ්ඤත, අප්පණිහිත, අනිමිත්ත යන විමෝක්ෂයන් ද අන්‍ය වූ ලෞකික ලෝකෝත්තර උත්තරි මනුෂ්‍ය ධර්මයන් භජනය කළ සේක, සේවනය කළ සේක, බහුල වශයෙන් කළ සේක. එබැවින් “භත්තවා” යයි කිවයුතු තන්හි “භගවා” යයි කියනු ලැබේ.
යස්මා පන තීසු භවෙසු තණ්හාසඞ්ඛාතං ගමනං අනෙන වන්තං, තස්මා භවෙසු වන්තගමනොති වත්තබ්බෙ භවසද්දතො භකාරං ගමනසද්දතො ගකාරං වන්තසද්දතො වකාරඤ්ච දීඝං කත්වා ආදාය “භගවා”ති වුච්චති, යථා ලොකෙ “මෙහනස්ස ඛස්ස මාලා”ති වත්තබ්බෙ “මෙඛලා”ති.
යම් හෙයකින් වනාහී මුන් වහන්සේ විසින් භවත්‍රයෙහි වැමෑරූ තෘෂ්ණා සඞ්ඛ්‍යාත ගමන් ඇත්තේ ද එහෙයින් භවයන්හි “වන්තගමනො” යයි කිවයුතු තන්හි ‘භව’ ශබ්දයෙන් භකාරයද ගමන ශබ්දයෙන් ගකාරයද වන්ත ශබ්දයෙන් වකාරයද දීර්ඝකොට ගෙන “භගවා” යයි කියනු ලැබේ. ලෝකයෙහි “මෙහනස්ස ඛස්ස මාලා” යයි කිවයුතු තන්හි “මෙඛලා” යයි කියන්නාක් මෙනි.
එත්තාවතා චෙත්ථ එවං මෙ සුතන්ති වචනෙන යථාසුතං යථාපරියත්තං ධම්මං දෙසෙන්තො පච්චක්ඛං කත්වා භගවතො ධම්මසරීරං පකාසෙති, තෙන “නයිදං අතීතසත්ථුකං පාවචනං, අයං වො සත්ථා”ති භගවතො අදස්සනෙන උක්කණ්ඨිතජනං සමස්සාසෙති.
මෙපමණකින් මෙහි “එවම්මෙසුතං” යන වචනයෙන් ඇසූ පරිදි ඉගෙන ගත් පරිදි ධර්මය දේශනා කරන්නාහු භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම ශරීරය ප්‍රකාශ කරන සේක. එමගින් “මේ බුද්ධ ධර්මය ශාස්තෲවරයෙකු නොමැති එකක් නොවේ. මේ නුඹලාගේ ශාස්තෲවරයාය”යි භාග්‍යවතුන් වහන්සේ නොදැකීමෙන් කළකිරුණු ජනයා අස්වසනු ලබයි.
එකං සමයං භගවාති වචනෙන තස්මිං සමයෙ භගවතො අවිජ්ජමානභාවං දස්සෙන්තො රූපකායපරිනිබ්බානං දස්සෙති. තෙන “එවංවිධස්ස ඉමස්ස අරියධම්මස්ස දෙසෙතා දසබලධරො වජිරසඞ්ඝාතකායො සොපි භගවා පරිනිබ්බුතො, තත්ථ කෙනඤ්ඤෙන ජීවිතෙ ආසා ජනෙතබ්බා”ති ජීවිතමදමත්තං ජනං සංවෙජෙති, සද්ධම්මෙ චස්ස උස්සාහං ජනෙති.
“එකං සමයං භගවා” යන වචනයෙන් එකල්හි භාග්‍යවතුන් වහන්සේගේ අවිද්‍යාමාන බව දක්වමින් රූපකායෙහි පිරිනිවීම දක්වති. එමගින් මේ ආකාර වූ මේ ආර්‍ය්‍ය ධර්මයෙහි දේශකයා වූ දශබලධාරි ඒ භාග්‍යවතුන් වහන්සේ ද වජ්ර සඞ්ඛ්‍යාත කයක් ඇත්තේ නමුදු පිරිනිවන් පෑ සේක. අන්‍යයන් විසින් එබඳු ජීවිතයක කුමන කරුණක් නිසා ජීවිතාශාව ඉපිදවිය යුත්තේදැයි ජීවිත මදයෙන් මත්වූ ජනතාව සංවේගයට පත් කරති. ඔහුට සද්ධර්මයෙහි උත්සාහය උපදවති.
එවන්ති ච භණන්තො දෙසනාසම්පත්තිං නිද්දිසති, මෙ සුතන්ති සාවකසම්පත්තිං, එකං සමයන්ති කාලසම්පත්තිං, භගවාති දෙසකසම්පත්තිං.
“එවං” යයි දේශනා කරන්නාහු දේශනා සම්පත්තිය දක්වති. “මෙ සුතං” යනු ශ්‍රාවක සම්පත්තියයි. “එකං සමයං” යනු කාල සම්පත්තියයි. “භගවා” යනු දේශක සම්පත්තියයි.
සාවත්ථියං විහරතීති එත්ථ සාවත්ථීති සවත්ථස්ස ඉසිනො නිවාසට්ඨානභූතං නගරං, යථා කාකන්දී මාකන්දීති, එවං ඉත්ථිලිඞ්ගවසෙන සාවත්ථීති වුච්චති, එවං අක්ඛරචින්තකා. අට්ඨකථාචරියා පන භණන්ති “යංකිඤ්චි මනුස්සානං උපභොගපරිභොගං සබ්බමෙත්ථ අත්ථී”ති සාවත්ථී. සත්ථසමායොගෙ ච “කිං භණ්ඩමත්ථී”ති පුච්ඡිතෙ “සබ්බමත්ථී”ති වචනමුපාදාය සාවත්ථී.
“සාවත්ථියං විහරතී” යන මෙහි “සාවත්ථි” යනු සවත්ථ සෘෂිවරයාගේ නිවාසස්ථානය වූ නගරයයි. “කාකන්දි, මාකන්දි” යන පද යම්සේද එසේ ස්ත්‍රී ලිඞ්ග වශයෙන් “සාවත්ථි” යයි කියනු ලැබේ. අක්ෂර චින්තකයෝ හෙවත් ව්‍යාකරණඥයෝ මෙසේ කියති. අට්ඨකථාචාර්ය්යයෝ වනාහි “මිනිසුන්ගේ උපභෝග පරිභෝග යම් කිසිවක් ඇත්තේ ද ඒ සියල්ල මෙහි ඇත්තේනුයි “සාවත්ථි” නම් වේ යයි ද වෙළඳ ගැල්කරුවන් රැස් වූ කල්හි “කිනම් බඩු ඇත්තේදැ”යි විමසූ විට “සියල්ල ඇතැ”යි යන (පිළිතුරු) වචනය ගෙන “සාවත්ථි” වී යයි ද කියති.
“සබ්බදා සබ්බූපකරණං, සාවත්ථියං සමොහිතං; තස්මා සබ්බමුපාදාය, සාවත්ථීති පවුච්චති.
“සැවැත් නුවර හැමකල්හි සියලු උපකරණ යම්හෙයකින් මොනවට රැස් වූයේ ද එම නිසා “සියල්ල” (සබ්බං) සලකාගෙන “සාවත්ථි” යයි කියනු ලැබේ.
“කොසලානං පුරං රම්මං, දස්සනෙය්යං මනොරමං; දසහි සද්දෙහි අවිවිත්තං, අන්නපානසමායුතං.
කෝශල වාසීන්ගේ රම්‍ය වූ දර්ශනීය වූ සිත්කලු වූ සාවත්ථිපුරය දශවිධ ශබ්දයෙන් තොර නොවූයේ විය. ආහාර පානයෙන් සැදුම් ලද්දේ විය.
“වුඩ්ඪිං වෙපුල්ලතං පත්තං, ඉද්ධං ඵීතං මනොරමං; ආළකමන්දාව දෙවානං, සාවත්ථිපුරමුත්තම”න්ති. (ම· නි· අට්ඨ· 1.14);
සමෘද්ධ වූ පිණා ගියා වූ සිත්කලු වූ උතුම් වූ සාවත්ථි පුරය දෙවියන්ගේ ආලකමන්දාව මෙන් අභිවෘද්ධියට ද විපුල බවට ද පැමිණියේ විය.
තස්සං සාවත්ථියං. සමීපත්ථෙ භුම්මවචනං.
ඒ “සාවත්ථියං” සැවැත් නුවර සමීපාර්ථයෙහි සත්තමී විභක්ති වචනයකි.
විහරතීති අවිසෙසෙන ඉරියාපථදිබ්බබ්රහ්මඅරියවිහාරෙසු අඤ්ඤතරවිහාරසමඞ්ගිපරිදීපනමෙතං. ඉධ පන ඨානගමනාසනසයනප්පභෙදෙසු ඉරියාපථෙසු අඤ්ඤතරඉරියාපථසමායොගපරිදීපනං, තෙන ඨිතොපි ගච්ඡන්තොපි නිසින්නොපි සයානොපි භගවා විහරතිච්චෙව වෙදිතබ්බො. සො හි එකං ඉරියාපථබාධනං අපරෙන ඉරියාපථෙන විච්ඡින්දිත්වා අපරිපතන්තං අත්තභාවං හරති පවත්තෙති. තස්මා විහරතීති වුච්චති.
“විහරති” යන මෙය විශේෂයෙන් ඉරියාපථ, දිව්‍ය, බ්‍රහ්ම, ආර්‍ය්‍ය විහරණයන් අතුරෙන් එක්තරා විහරණයකින් යුක්ත වූ බව ප්‍රකාශ කිරීමයි. මෙහි වනාහි සිටීම, ගමන, හිඳීම, නිදීම යන ප්‍රභේද ඇති ඉරියව් අතරින් එක්තරා ඉරියව්වකින් යුක්ත වීම ප්‍රකාශ කෙරේ. එහෙයින් සිටියේ නමුදු, වඩින්නේ නමුදු, හිඳින්නේ නමුදු, සැතපෙන්නේ නමුදු භාග්‍යවතුන් වහන්සේ වැඩ වාසය කරති” කියාම දත යුතුය. උන් වහන්සේ වනාහි එක් ඉරියව්වක විඩාව වෙනත් ඉරියව්වකින් සිඳ දමා නොබිඳ වැටෙන්නා වූ ආත්මභාවය පරිහරණය කරන සේක් ද පවත්වන සේක් ද එහෙයින් “විහරති” යයි කියනු ලැබේ.
ජෙතවනෙති එත්ථ අත්තනො පච්චත්ථිකජනං ජිනාතීති ජෙතො, රඤ්ඤා වා අත්තනො පච්චත්ථිකජනෙ ජිතෙ ජාතොති ජෙතො, මඞ්ගලකම්යතාය වා තස්ස එවං නාමමෙව කතන්තිපි ජෙතො. වනයතීති වනං, අත්තසම්පදාය සත්තානං භත්තිං කාරෙති, අත්තනි සිනෙහං උප්පාදෙතීති අත්ථො. වනුතෙ ඉති වා වනං, නානාවිධකුසුමගන්ධසම්මොදමත්තකොකිලාදිවිහඞ්ගවිරුතෙහි මන්දමාලුතචලිතරුක්ඛසාඛාවිටපපුප්ඵඵලපල්ලවපලාසෙහි ච “එථ මං පරිභුඤ්ජථා”ති පාණිනො යාචති වියාති අත්ථො. ජෙතස්ස වනං ජෙතවනං. තඤ්හි ජෙතෙන රාජකුමාරෙන රොපිතං සංවඩ්ඪිතං පරිපාලිතං, සො ච තස්ස සාමී අහොසි, තස්මා ජෙතවනන්ති වුච්චති. තස්මිං ජෙතවනෙ.
“ජෙතවනෙ” යන මෙහි තමාගේ සතුරු ජනයා ජයගනීනුයි - ජෙත නම් වේ. නොහොත් රජු තමාගේ පස මිතුරු ජනයා දිනූ කල්හි උපන්නේනුයි ජෙත නමි. මඞ්ගල කැමති බැවින් හෝ ඔහුට මෙසේ නාමය කරන ලදැයිද ජෙත වේ. සේවනය කෙරෙනුයි වන වේ. තම සම්පත්තියෙන් සත්ත්වයන්ට සේවනය කරයි, තමා කෙරෙහි සෙනෙහස උපදවයි යන අර්ථයයි. නැතහොත් ඉල්ලනු ලැබෙනුයි - වන වේ. නොයෙක් ආකාරයේ මල් සුවඳින් සතුටු වූ මත් කොවුලන් ආදී පක්ෂීන්ගේ නාදයෙන් ද මද පවනින් සෙලවෙන ගස්, අතු දෙබල, ගෙඩි, දලු කොළවලින් ද “එවු මා පරිභෝග කරවූ” යයි ප්‍රාණීන්ට ආයාචනා කරන්නාක් වැනිය යන අර්ථයයි. ජේතගේ වනය - ජෙතවනයයි. එය වනාහි ජේත නම් රාජකුමාරයා විසින් රෝපණය කරන ලද්දේ වර්ධනය කරන ලද්දේ පරිපාලනය කරන ලද්දේ වීද හෙතෙම ඒ ජේතවනයෙහි හිමිකරු වීද එබැවින් “ජෙතවන” යයි කියනු ලැබේ. ඒ ජේතවනයෙහි,
අනාථපිණ්ඩිකස්ස ආරාමෙති එත්ථ සුදත්තො නාම සො ගහපති මාතාපිතූහි කතනාමවසෙන, සබ්බකාමසමිද්ධිතාය තු විගතමලමච්ඡෙරතාය කරුණාදිගුණසමඞ්ගිතාය ච නිච්චකාලං අනාථානං පිණ්ඩං අදාසි, තෙන අනාථපිණ්ඩිකොති සඞ්ඛ්‍යං ගතො. ආරමන්ති එත්ථ පාණිනො, විසෙසෙන වා පබ්බජිතාති ආරාමො, තස්ස පුප්ඵඵලපල්ලවාදිසොභනතාය නාතිදූරනාච්චාසන්නතාදිපඤ්චවිධසෙනාසනඞ්ගසම්පත්තියා ච තතො තතො ආගම්ම රමන්ති අභිරමන්ති අනුක්කණ්ඨිතා හුත්වා නිවසන්තීති අත්ථො. වුත්තප්පකාරාය වා සම්පත්තියා තත්ථ තත්ථ ගතෙපි අත්තනො අබ්භන්තරංයෙව ආනෙත්වා රමෙතීති ආරාමො. සො හි අනාථපිණ්ඩිකෙන ගහපතිනා ජෙතස්ස රාජකුමාරස්ස හත්ථතො අට්ඨාරසහිරඤ්ඤකොටිසන්ථාරෙන කිණිත්වා අට්ඨාරසහිරඤ්ඤකොටීහි සෙනාසනං කාරාපෙත්වා අට්ඨාරසහිරඤ්ඤකොටීහි විහාරමහං නිට්ඨාපෙත්වා එවං චතුපඤ්ඤාසාය හිරඤ්ඤකොටිපරිච්චාගෙන බුද්ධප්පමුඛස්ස භික්ඛුසඞ්ඝස්ස නිය්යාතිතො, තස්මා “අනාථපිණ්ඩිකස්ස ආරාමො”ති වුච්චති. තස්මිං අනාථපිණ්ඩිකස්ස ආරාමෙ.
අනාථ පිණ්ඩිකස්ස ආරාමෙ” යනු මව්පියන් විසින් කරවන ලද නම් වශයෙන් මෙහි සුදත්ත නම් වූ ඒ ගෘහපතිතෙම සියලු කාමයෙන් යුක්ත වූ නිසාත් පහවූ මසුරු මල ඇති නිසාත් කරුණා ආදී ගුණයෙන් යුක්ත වූ නිසාත් සියලු කාලයෙහි අනාථයන්ට ආහාර දානය දුන්නේය. එහෙයින් “අනාථ පිණ්ඩික” යයි ව්‍යවහාරයට පත් විය. “ආරාමං” යනු මෙහි ප්‍රාණීහු හෝ විශේෂයෙන් පැවිද්දෝ සිත් අලවා වෙසෙත්නුයි - ආරාම වේ. ඒ ආරාමයෙහි මල් පල දලු ආදී ශෝභන ඇති බැවින්ද ඉතා නොදුරු ඉතා නොළං ආදී පස්වැදෑරුම් සෙනාසනාඞ්ග සම්පත්තිය ඇති බැවින් ද ඒ ඒ තැනින් පැමිණ රමණය කරති, අභිරමණය කෙරෙහි උකටලී නොවී වසති යන අර්ථයි. නැතහොත් කියන ලද ආකාරයේ සම්පත්තිය කරණ කොට ගෙන ඒ ඒ තැන ගියවුන්ද තම අභ්‍යන්තරයටම පමුණුවා රමණය කරවානුයි - ආරාම නම් වේ. එම ආරාමය වනාහි අනාථ පිණ්ඩික ගෘහපතියා ජේත නම් රාජකුමාරයා අතින් දහ අට කෝටියක් අමුරන් ඇතිරීමෙන් මිළදී ගෙන අමු රන් දහ අට කෝටියකින් සෙනසුන් කරවා දහ අට කෝටියක් අමු රනින් විහාර පූජාව නිමවා මෙසේ පනස් හතර කෝටියක් අමු රන් පරිත්‍යාගයෙන් බුද්ධ ප්රමුඛ භික්ෂු සංඝයාට පවරා දුන්නේ ද එබැවින් “අනාථ පිණ්ඩිකගේ ආරාමය” යයි කියනු ලැබේ. ඒ අනාථ පිණ්ඩිකගේ ආරාමයෙහිය.
එත්ථ ච “ජෙතවනෙ”ති වචනං පුරිමසාමිපරිකිත්තනං, “අනාථපිණ්ඩිකස්ස ආරාමෙ”ති පච්ඡිමසාමිපරිකිත්තනං. කිමෙතෙසං පරිකිත්තනෙ පයොජනන්ති? වුච්චතෙ – අධිකාරතො තාව “කත්ථ භාසිත”න්ති පුච්ඡානියාමකරණං අඤ්ඤෙසං පුඤ්ඤකාමානං දිට්ඨානුගතිආපජ්ජනෙ නියොජනඤ්ච. තත්ථ හි ද්වාරකොට්ඨකපාසාදමාපනෙ භූමිවික්කයලද්ධා අට්ඨාරස හිරඤ්ඤකොටියො අනෙකකොටිඅග්ඝනකා රුක්ඛා ච ජෙතස්ස පරිච්චාගො, චතුපඤ්ඤාස කොටියො අනාථපිණ්ඩිකස්ස. යතො තෙසං පරිකිත්තනෙන “එවං පුඤ්ඤකාමා පුඤ්ඤානි කරොන්තී”ති දස්සෙන්තො ආයස්මා ආනන්දො අඤ්ඤෙපි පුඤ්ඤකාමෙ තෙසං දිට්ඨානුගතිආපජ්ජනෙ නියොජෙති. එවමෙත්ථ පුඤ්ඤකාමානං දිට්ඨානුගතිආපජ්ජනෙ නියොජනං පයොජනන්ති වෙදිතබ්බං.
මෙහිද “ජෙතවනෙ” යන වචනය පෙර අයිතිකරු ප්‍රකාශ කිරීමයි. “අනාථ පිණ්ඩිකස්ස ආරාමෙ” යනු පසු අයිතිකරු ප්‍රකාශ කිරීමයි. මේවා ප්‍රකාශ කිරීමෙහි ප්‍රයෝජනය කුමක්ද? කියනු ලැබේ. ප්‍රධාන වශයෙන් පළමුකොට “කොහිදී දේශනා කරන ලද්දේ ද?” යන ප්රශ්නය නිරාකරණය කිරීමයි. අනෙකුත් පුණ්යකාමීන් දිට්ඨානුගතියට පැමිණීමෙහි යෙදවීමයි. ඒ ජේතවනාරාමයෙහි දොරකොරටු ප්‍රාසාද නිර්මාණයෙහි භූමිය විකිණීමෙන් ලැබුණු දහ අට කෝටියක් අමු රන් ද කෝටි ගණන් වටිනා ගස් ද ජේත කුමරුගේ පරිත්යාගයෝය. පනස් හතර කෝටියක් අනේපිඬු සිටුහුගේ පරිත්‍යාගයි. ඒවා ප්‍රකාශ කිරීමෙන් පුණ්යකාමීහු මෙසේ පින් කෙරෙත් යයි දක්වමින් ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේ පින් කැමති අන්‍යයන් ද ඔවුන්ගේ දිට්ඨානුගතියට පැමිණවීමෙහි යොදවති. මෙසේ මෙහි පුණ්යකාමීන් දිට්ඨානුගතියට පැමිණීමෙහි යෙදවීම ප්‍රයෝජන යයි දත යුතුය.
එත්ථාහ – “යදි තාව භගවා සාවත්ථියං විහරති, ‘ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ’ති න වත්තබ්බං. අථ තත්ථ විහරති, ‘සාවත්ථිය’න්ති න වත්තබ්බං. න හි සක්කා උභයත්ථ එකං සමයං විහරිතු”න්ති. වුච්චතෙ – නනු වුත්තමෙතං “සමීපත්ථෙ භුම්මවචන”න්ති, යතො යථා ගඞ්ගායමුනාදීනං සමීපෙ ගොයූථානි චරන්තානි “ගඞ්ගාය චරන්ති, යමුනාය චරන්තී”ති වුච්චන්ති, එවමිධාපි යදිදං සාවත්ථියා සමීපෙ ජෙතවනං අනාථපිණ්ඩිකස්ස ආරාමො, තත්ථ විහරන්තො වුච්චති “සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ”ති වෙදිතබ්බො. ගොචරගාමනිදස්සනත්ථං හිස්ස සාවත්ථිවචනං, පබ්බජිතානුරූපනිවාසට්ඨානනිදස්සනත්ථං සෙසවචනං.
“ඉදින් භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අනාථපිණ්ඩික සිටුහුගේ ජේතවනාරාමයෙහි වැඩ වසන සේකැයි නොකිව යුතුය. ඉදින් එහි වසන සේක් නම් සැවැත් නුවර යයි නොකිව යුතුය. එක් සමයෙහි දෙතැනක විසීම නොකිව යුතුය. එක් සමයෙක්හි දෙතැනක විසීම නොහැකි හෙයිනි යන අදහසක් වේ. එයට (පිළිතුරු) කියනු ලැබේ. මෙය සමීපාර්ථයෙහි සත්තමී විභක්ති පදයකැයි කියන ලද්දේ නොවේද? යම්සේ ගඞ්ගා, යමුනා නදීන්ගේ සමීපයෙහි හැසිරෙන ගවරැළ “ගඞ්ගාවෙහි හැසිරෙති, යමුනාවෙහි හැසිරෙති (ගඞ්ගාය චරන්ති, යමුනාය චරන්ති) යයි කියනු ලැබේද එසේම මෙහිද සැවැත් නුවර සමීපයෙහි ජේතගේ වනය වූ ද අනාථ පිණ්ඩිකගේ ආරාමය වේ ද එහි වාසය කරන්නේ “සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ” යයි කියනු ලැබේ. මෙහි “සාවත්ථි” යන වචනය ගොදුරුගම දැක්වීම සදහාය. සෙසු වචනය පැවිද්දට යෝග්‍ය නිවාස ස්ථානය දැක්වීම සඳහාය.
තත්ථ සාවත්ථිකිත්තනෙන භගවතො ගහට්ඨානුග්ගහකරණං දස්සෙති, ජෙතවනාදිකිත්තනෙන පබ්බජිතානුග්ගහකරණං. තථා පුරිමෙන පච්චයග්ගහණතො අත්තකිලමථානුයොගවිවජ්ජනං, පච්ඡිමෙන වත්ථුකාමප්පහානතො කාමසුඛල්ලිකානුයොගවජ්ජනූපායදස්සනං. පුරිමෙන ච ධම්මදෙසනාභියොගං, පච්ඡිමෙන විවෙකාධිමුත්තිං. පුරිමෙන කරුණාය උපගමනං, පච්ඡිමෙන ච පඤ්ඤාය අපගමනං. පුරිමෙන සත්තානං හිතසුඛනිප්ඵාදනාධිමුත්තිතං, පච්ඡිමෙන පරහිතසුඛකරණෙ නිරුපලෙපතං. පුරිමෙන ධම්මිකසුඛාපරිච්චාගනිමිත්තං ඵාසුවිහාරං, පච්ඡිමෙන උත්තරිමනුස්සධම්මානුයොගනිමිත්තං. පුරිමෙන මනුස්සානං උපකාරබහුලතං, පච්ඡිමෙන දෙවානං. පුරිමෙන ලොකෙ ජාතස්ස ලොකෙ සංවඩ්ඪභාවං, පච්ඡිමෙන ලොකෙන අනුපලිත්තතන්ති එවමාදි.
එහි “සාවත්ථි” යයි ප්‍රකාශ කිරීමෙන් භාග්‍යවතුන් වහන්සේ ගිහියන්ට අනුග්‍රහ කිරීම දක්වයි. ජේතවනාදිය ප්‍රකාශ කිරීමෙන් පැවිද්දන්ට අනුග්‍රහ කිරීම දක්වයි. එසේම මුල් වචනයෙන් සිව්පසය ගැනීමෙන් අත්තකිලමථානු යෝගයෙන් වෙන් වීමත් පසු වදනින් වස්තු කාම ප්‍රහාණයෙන් කාමසුඛල්ලිකානු යෝගයෙන් වෙන් වීමේ උපායත් දැක්වේ. පළමු වචනයෙන් ධර්ම දේශනයෙහි යෙදීමත් පසු වදනින් විවේක අභිප්‍රායත් පළමු වචනයෙන් කරුණාවෙන් එළඹීමත් පසු වදනින් ප්‍රඥාව හේතු කොට ගෙන ඉවත් වීමත්, මුල් වදනින් සත්ත්වයන්ට හිතසුව ඇති කිරීමේ අදහසත් පසු වදනින් අනුන්ට හිතසුව ඇති කිරීමෙහි නොගැල්වෙන ස්වභාවයත් මුල් වදනින් ධාර්මික සැපය අත් නොහැරීම නිමිති කොට ඇති ඵාසු විහරණයත් පසු වදනින් උත්තරි මනුෂ්යධර්මයෙහි යෙදීම නිමිති කොට ඇති ඵාසු විහරණයත් මුල් වදනින් මිනිසුන්ට බොහෝ උපකාරවත් බවත්, පසු වදනින් දෙවියන්ට බොහෝ උපකාරවත් බවත්, පළමු වදනින් ලෝකයෙහි උපන්නහුගේ ලෝකයෙහි වැඩුණු බවත් පසුවදනින් ලෝකය හා නොඇලුණ බවත් යන මේ ආදිය දැක්වේ.
අථාති අවිච්ඡෙදත්ථෙ, ඛොති අධිකාරන්තරනිදස්සනත්ථෙ නිපාතො. තෙන අවිච්ඡින්නෙයෙව තත්ථ භගවතො විහාරෙ ඉදමධිකාරන්තරං උදපාදීති දස්සෙති. කිං තන්ති? අඤ්ඤතරා දෙවතාතිආදි. තත්ථ අඤ්ඤතරාති අනියමිතනිද්දෙසො. සා හි නාමගොත්තතො අපාකටා, තස්මා “අඤ්ඤතරා”ති වුත්තා. දෙවො එව දෙවතා, ඉත්ථිපුරිසසාධාරණමෙතං. ඉධ පන පුරිසො එව, සො දෙවපුත්තො කින්තු, සාධාරණනාමවසෙන දෙවතාති වුත්තො.
“අථ” යනු නොසිදීම් අර්ථයෙහිය, “ඛො” යනු අනතුරු විශේෂ කාර්යය දැක්වීම් අර්ථයෙහි නිපාතයකි. එයින් එහි භාග්‍යවතුන් වහන්සේගේ විහරණය නොනිමියේම මේ විශේෂ කාර්ය්ය ඇති වී යයි දක්වති. එය කිමෙක්ද යත්? “අඤ්ඤතරා දෙවතා” ආදියයි. එහි “අඤ්ඤතරා” යනු අවිනිශ්චිතව දැක්වීමයි. එම දේවතාවා වනාහි නම් ගොත් වශයෙන් අප්රසිද්ධය. එහෙයින් “අඤ්ඤතරා (එක්තරා) යයි කියන ලදී. දෙවියාම = දෙවතා වේ. මෙය ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම සාධාරණ නාමයකි. මෙහි වනාහි ඒ දේවපුත්‍රයා පුරුෂයෙක්මය. එසේ වුවත් සාධාරණ නාමයක් වශයෙන් “දෙවතා” යයි කියන ලදි.
අභික්කන්තාය රත්තියාති එත්ථ අභික්කන්තසද්දො ඛයසුන්දරාභිරූපඅබ්භනුමොදනාදීසු දිස්සති. තත්ථ “අභික්කන්තා, භන්තෙ, රත්ති, නික්ඛන්තො පඨමො යාමො, චිරනිසින්නො භික්ඛුසඞ්ඝො, උද්දිසතු, භන්තෙ, භගවා භික්ඛූනං පාතිමොක්ඛ”න්ති එවමාදීසු (චූළව· 383; අ· නි· 8.20) ඛයෙ දිස්සති. “අයං ඉමෙසං චතුන්නං පුග්ගලානං අභික්කන්තතරො ච පණීතතරො චා”ති එවමාදීසු (අ· නි· 4.100) සුන්දරෙ.
“අභික්කන්තාය රත්තියා” යන මෙහි “අභික්කන්ත” ශබ්දය ක්ෂය වීම, පූජනීය, සුන්දර, අභිරූප, අනුමෝදන් වීම යනාදී අර්ථයන්හි පෙනේ. එහි “අභික්කන්තා භන්තෙ රත්ති, නික්ඛන්තො පඨමො යාමො, චිර නිසින්නො භික්ඛු සංඝො, උද්දිසතු භන්තෙ භගවා භික්ඛුනං පාතිමොක්ඛං” යන මේ ආදී තන්හි ක්ෂය වීමෙහි පෙනේ. “යා තා රත්තියො අභිඤ්ඤතා අභිලක්ඛිතා අට්ඨමී චාතුද්දසී පඤ්චදසී” යන මේ ආදි තන්හි පූජනීයාර්ථයෙහිය. “අයං ඉමෙසං තිණ්ණං පුග්ගලානං අභික්කන්තතරොච පණිත්තරොච” යන මේ ආදී තන්හි සුන්දරාර්ථයෙහිය.
“කො මෙ වන්දති පාදානි, ඉද්ධියා යසසා ජලං; අභික්කන්තෙන වණ්ණෙන, සබ්බා ඔභාසයං දිසා”ති. (වි· ව· 857); –
“කො මෙ වන්දති පාදානි ඉද්ධියා යසසා ජලං, අභික්කන්තෙන වණ්ණෙන සබ්බා ඔභාසයං දිසා”
එවමාදීසු අභිරූපෙ. “අභික්කන්තං, භො ගොතම, අභික්කන්තං, භො ගොතමා”ති එවමාදීසු (අ· නි· 2.16; පාරා· 15) අබ්භනුමොදනෙ. ඉධ පන ඛයෙ. තෙන අභික්කන්තාය රත්තියාති පරික්ඛීණාය රත්තියාති වුත්තං හොති.
යන මේ ආදි තන්හි අභිරූපාර්ථයෙහිය. “අභික්කන්තං භො ගොතම, අභික්කන්තං භො ගොතම” යන මේ ආදී තන්හි අනුමෝදනාර්ථයෙහිය. මෙහි වනාහි ක්ෂය වීම් අර්ථයෙහිය. එයින් රාත්‍රිය ඉකුත් කල්හි, රාත්‍රිය ගෙවී ගිය කල්හි යයි කියන ලද්දේ වෙයි.
අභික්කන්තවණ්ණාති එත්ථ අභික්කන්තසද්දො අභිරූපෙ, වණ්ණසද්දො පන ඡවිථුතිකුලවග්ගකාරණසණ්ඨානපමාණරූපායතනාදීසු දිස්සති. තත්ථ “සුවණ්ණවණ්ණොසි භගවා”ති එවමාදීසු (ම· නි· 2.399; සු· නි· 553) ඡවියං. “කදා සඤ්ඤූළ්හා පන තෙ ගහපති ඉමෙ සමණස්ස ගොතමස්ස වණ්ණා”ති එවමාදීසු (ම· නි· 2.77) ථුතියං. “චත්තාරොමෙ, භො ගොතම, වණ්ණා”ති එවමාදීසු (දී· නි· 3.115) කුලවග්ගෙ. “අථ කෙන නු වණ්ණෙන, ගන්ධථෙනොති වුච්චතී”ති එවමාදීසු (සං· නි· 1.234) කාරණෙ. “මහන්තං හත්ථිරාජවණ්ණං අභිනිම්මිනිත්වා”ති එවමාදීසු (සං· නි· 1.138) සණ්ඨානෙ. “තයො පත්තස්ස වණ්ණා”ති එවමාදීසු පමාණෙ. “වණ්ණො ගන්ධො රසො ඔජා”ති එවමාදීසු රූපායතනෙ. සො ඉධ ඡවියං දට්ඨබ්බො. තෙන අභික්කන්තවණ්ණාති අභිරූපච්ඡවීති වුත්තං හොති.
“අභික්කන්ත වණ්ණාය” යන මෙහි “අභික්කන්ත” ශබ්දය අභිරූපාර්ථයෙහිය. “වණ්ණ” ශබ්දය වනාහි ඡවි (සිවිය), ස්තුති, කුල වර්ග, කාරණය, සටහන, ප්‍රමාණ, රූපායතන ආදී අර්ථයන්හි පෙනේ. එහි “සුවණ්ණ වණ්ණොසි භගවා” යන මේ ආදි තන්හි ඡවි අර්ථයෙහිය. “කදා සංව්යුළ්හ පන තෙ ගහපති ඉමෙ සමණස්ස ගොතමස්ස වණ්ණා” යන මේ ආදී තන්හි ස්තූතියෙහිය. “චත්තාරොමෙ භො ගොතම වණ්ණා” යන මේ ආදි තන්හි කුල වර්ගයෙහිය. “අථ කෙන නූ වණ්ණෙන ගන්ධත්ථෙනොති වුච්චති” යන මේ ආදී තන්හි කාරණයෙහිය. “මහන්තං හත්ථිරාජවණ්ණං අභිනිම්මිනිත්වා” යන මේ ආදී තන්හි සණ්ඨාන (හැඩරුව) අර්ථයෙහිය. “තයො පත්තස්ස වණ්ණා” ආදී තන්හි ප්රමාණයෙහිය. “වණ්ණො ගන්ධො රසො ඔජා” ය මේ ආදී තන්හි රූපායතනයෙහිය. එය මෙහි සිවිය (සම) යන අර්ථයෙහි බව දත යුතුය. එහෙයින් “අභික්කන්තවණ්ණා” යනු මනා රූ ඇති සිවියෙන් (සමෙන්) යුත් යයි කියන ලද්දේ වෙයි.
කෙවලකප්පන්ති එත්ථ කෙවලසද්දො අනවසෙසයෙභුය්යඅබ්යාමිස්සානතිරෙකදළ්හත්ථවිසංයොගාදිඅනෙකත්ථො. තථා හිස්ස “කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්‍රහ්මචරිය”න්ති එවමාදීසු (පාරා· 1) අනවසෙසතා අත්ථො. “කෙවලකප්පා ච අඞ්ගමාගධා පහූතං ඛාදනීයං භොජනීයං ආදාය උපසඞ්කමිස්සන්තී”ති එවමාදීසු (මහාව· 43) යෙභුය්යතා. “කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොතී”ති එවමාදීසු (විභ· 225) අබ්යාමිස්සතා. “කෙවලං සද්ධාමත්තකං නූන අයමායස්මා”ති එවමාදීසු (මහාව· 244) අනතිරෙකතා. “ආයස්මතො, භන්තෙ, අනුරුද්ධස්ස බාහියො නාම සද්ධිවිහාරිකො කෙවලකප්පං සඞ්ඝභෙදාය ඨිතො”ති එවමාදීසු (අ· නි· 4.243) දළ්හත්ථතා. “කෙවලී වුසිතවා උත්තමපුරිසොති වුච්චතී”ති එවමාදීසු (සං· නි· 3.57) විසංයොගො. ඉධ පනස්ස අනවසෙසත්තමත්ථො අධිප්පෙතො.
“කෙවලකප්පං” යන මෙහි “කෙවල” ශබ්දය අනවශේෂ, යෙභුය්‍ය (බොහෝ වූ) අව්යමිශ්ර අනතිරේක, දළ්හත්ඵ, විසංයෝග ආදී විවිධ අර්ථ ඇත්තේය. ඒ එසේමය. “කෙවල පරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං” යන මේ ආදී තන්හි ඉතිරියක් නැති යන අර්ථයයි. “කෙවලකප්පාච අඞ්ගමගධා පහුතං ඛාදනීයං භොජනීයං ආදාය උපසඞ්කමිස්සන්ති” යන මේ ආදී තන්හි යෙභුය්යතාර්ථයයි. “කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති” යන මේ ආදී තන්හි අව්යාමිශ්ර බවයි. “කෙවලං සද්ධාමත්තකංනූන අයමායස්මා” යන මේ ආදී තන්හි ඉතිරියක් නැතිව යන අර්ථයයි. “අයං ආයස්මතො අනුරුද්ධස්ස බාහිකො නාම සද්ධි විහාරිකො කෙවලකප්පං සංඝභේදාය ඨිතො” යන මේ ආදී තන්හි දළ්හාර්ථයයි. “කෙවලී වුසිතවා උත්තම පුරිසොති වුච්චති” යන මේ ආදී තන්හි විසංයෝගාර්ථයයි. මෙහි වනාහි මෙම පදයෙහි අනවශේෂතා අර්ථය යයි අදහස් කරන ලදි.
කප්පසද්දො පනායං අභිසද්දහනවොහාරකාලපඤ්ඤත්තිඡෙදනවිකප්පලෙසසමන්තභාවාදිඅනෙකත්ථො. තථා හිස්ස “ඔකප්පනීයමෙතං භොතො ගොතමස්ස, යථා තං අරහතො සම්මාසම්බුද්ධස්සා”ති එවමාදීසු (ම· නි· 1.387) අභිසද්දහනමත්ථො. “අනුජානාමි, භික්ඛවෙ, පඤ්චහි සමණකප්පෙහි ඵලං පරිභුඤ්ජිතු”න්ති එවමාදීසු (චූළව· 250) වොහාරො. “යෙන සුදං නිච්චකප්පං විහරාමී”ති එවමාදීසු (ම· නි· 1.387) කාලො. “ඉච්චායස්මා කප්පො”ති එවමාදීසු (සු· නි· 1098; චූළනි· කප්පමාණවපුච්ඡා 117, කප්පමාණවපුච්ඡානිද්දෙස 61) පඤ්ඤත්ති. “අලඞ්කතො කප්පිතකෙසමස්සූ”ති එවමාදීසු (ජා· 2.22.1368) ඡෙදනං. “කප්පති ද්වඞ්ගුලකප්පො”ති එවමාදීසු (චූළව· 446) විකප්පො. “අත්ථි කප්පො නිපජ්ජිතු”න්ති එවමාදීසු (අ· නි· 8.80) ලෙසො. “කෙවලකප්පං වෙළුවනං ඔභාසෙත්වා”ති එවමාදීසු (සං· නි· 1.94) සමන්තභාවො. ඉධ පනස්ස සමන්තභාවො අත්ථො අධිප්පෙතො. යතො කෙවලකප්පං ජෙතවනන්ති එත්ථ අනවසෙසං සමන්තතො ජෙතවනන්ති එවමත්ථො දට්ඨබ්බො.
මේ “කප්ප” ශබ්දය වනාහි අභිසද්දහන (විශ්වාස කිරිම) වෝහාර, කාල, පඤ්ඤත්ති, ඡෙදන, විකප්ප ලෙස (ස්වල්ප) සමන්තභාව (හාත්පස) ආදී විවිධ අර්ථ ඇත්තේය. ඒ එසේමය. “ඔකප්පනියමෙතං භොතො ගොතමස්ස යථා තං අරහතො සම්මා සම්බුද්ධස්ස” යන මේ ආදී තන්හි විශ්වාස කිරීම් අර්ථයයි. “අනුජානාමි භික්ඛවෙ පඤ්චහි සමණ කප්පෙහි ඵලං පරිභුඤ්ජිතුං” යන මේ ආදී තන්හි ව්‍යවහාරයයි. “යෙන සුදං නිච්චකප්පං විහරාමි” යන මේ ආදී තන්හි කාලයයි. “ඉච්චායස්මා කප්පො” යන මේ ආදී තන්හි ප්රඥප්තියයි. “අලඞ්කතො කප්පිත කෙසමස්සු” යන මේ ආදී තන්හි සිදීමයි. “කප්පිත ද්වඞ්ගුල කප්පො” යන මේ ආදී තන්හි විකල්පාර්ථයයි. “අත්ථි කප්පො නිපජ්ජිතුං” යන මේ ආදී තන්හි ස්වල්පාර්ථයයි. “කෙවලකප්පං වෙළුවනං ඔභාසෙත්වා” යන මේ ආදී තන්හි හාත්පස යන අර්ථයයි. මෙහි වනාහි මේ පදයෙහි හාත්පස යන අර්ථය වේ යයි අදහස් කරන ලදි. “කෙවලකප්පංජෙතවනං” යන මෙහි ඉතිරියක් නැතිව හාත්පසින් ජේතවනය යන මේ අර්ථය දත යුතුය.
ඔභාසෙත්වාති ආභාය ඵරිත්වා, චන්දිමා විය සූරියො විය ච එකොභාසං එකපජ්ජොතං කරිත්වාති අත්ථො.
“ඔභාසෙත්වා” යනු ආලෝකය පතුරුවා, චන්ද්‍රයා මෙන්ද සූර්‍ය්‍යයා මෙන්ද එකම ආලෝකයක් එකම පහනක් කොට යන අර්ථයයි.
යෙන භගවා තෙනුපසඞ්කමීති භුම්මත්ථෙ කරණවචනං. යතො යත්ථ භගවා, තත්ථ උපසඞ්කමීති එවමෙත්ථ අත්ථො දට්ඨබ්බො. යෙන වා කාරණෙන භගවා දෙවමනුස්සෙහි උපසඞ්කමිතබ්බො, තෙනෙව කාරණෙන උපසඞ්කමීති එවම්පෙත්ථ අත්ථො දට්ඨබ්බො. කෙන ච කාරණෙන භගවා උපසඞ්කමිතබ්බො? නානප්පකාරගුණවිසෙසාධිගමාධිප්පායෙන, සාදුරසඵලූපභොගාධිප්පායෙන දිජගණෙහි නිච්චඵලිතමහාරුක්ඛො විය. උපසඞ්කමීති ච ගතාති වුත්තං හොති. උපසඞ්කමිත්වාති උපසඞ්කමනපරියොසානදීපනං. අථ වා එවං ගතා තතො ආසන්නතරං ඨානං භගවතො සමීපසඞ්ඛාතං ගන්ත්වාති වුත්තං හොති. භගවන්තං අභිවාදෙත්වාති භගවන්තං වන්දිත්වා පණමිත්වා නමස්සිත්වා.
“යෙන හගවා තෙනුපසඞ්කමි” යනු සත්තමී විභක්ති අර්ථයෙහි කරණ විභක්ති වචනයකි. භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හි ද එතනට එළඹ යයි මෙසේ මෙහි අර්ථය දත යුතුය. නැතහොත් යම් කාරණයක් නිසා භාග්‍යවතුන් වහන්සේ දෙවි මිනිසුන් විසින් එළඹිය යුත්තෙක් වේ ද ඒ කාරණය සඳහාම එළඹියේ යයි මෙසේ ද මෙහි අර්ථය දත යුතුය. කුමන කාරණයක් නිසා භාග්‍යවතුන් වහන්සේ එළඹිය යුත්තෙක් වේද? මිහිරි රස ඇති ගෙඩි අනුභව කිරිමේ අදහසින් පක්ෂි සමුහයා විසින් නිතර ඵලදරන මහ ගසක් (වෙත යන්නාක් මෙන්) නොයෙක් ආකාර වූ ගුණ විශේෂයන්ට පැමිණිමේ අදහසින් “උපසඞ්කමි” ගියේ යයි කියන ලද්දේ වෙයි. “උපසඞ්කමිත්වා” යනු එළඹිමේ අවසානය ප්‍රකාශ කිරීමයි. නැතහොත් මෙසේ ගියේ ඉන් පසු භාග්‍යවතුන් වහන්සේගේ සමීපය සඞ්ඛ්යත ඉතාමත් ආසන්න තැනට ගොස් යයි කියන ලද්දේ වෙයි. “භගවන්තං අභිවාදෙත්වා” යනු භාග්‍යවතුන් වහන්සේට වැඳ ප්‍රණාමය කොට, නමස්කාර කොට
එකමන්තන්ති භාවනපුංසකනිද්දෙසො එකොකාසං එකපස්සන්ති වුත්තං හොති. භුම්මත්ථෙ වා උපයොගවචනං. අට්ඨාසීති නිසජ්ජාදිපටික්ඛෙපො, ඨානං කප්පෙසි, ඨිතා අහොසීති අත්ථො.
“එකමන්තං” යනු භාව නපුංසකයෙන් දැක්වීමයි. එක් අවකාශයක එකත්පසෙක යයි කියන ලද්දේ වෙයි. නැතහොත් සත්තමී විභක්ති අර්ථයෙහි දුතියා විභක්ති පදයකි. “අට්ඨාසි” යනු හිඳීම් ආදිය ප්‍රතික්ෂේප කිරීමයි. සිටිම කළේය, සිටියේ විය යන අර්ථයයි.
කථං ඨිතා පන සා එකමන්තං ඨිතා අහූති?
කෙසේ සිටි ඒ දේවතාවා එකත්පසෙක සිටියේ වේද?
“න පච්ඡතො න පුරතො, නාපි ආසන්නදූරතො; න කච්ඡෙ නොපි පටිවාතෙ, න චාපි ඔණතුණ්ණතෙ; ඉමෙ දොසෙ විවජ්ජෙත්වා, එකමන්තං ඨිතා අහූ”ති.
“පිටුපසින්ද නොවේ, ඉදිරියෙන්ද නොවේ, ආසන්නයේ හෝ දුරින්ද නොවේ, බිත්තියට සමීපවද නොවේ. උඩු සුළඟෙහිද නොවේ. පහත් හෝ උස තැනද නොවේ. මේ දොෂයන් හැර එකත් පසෙක සිටියේ විය” යනුයි.
කස්මා පනායං අට්ඨාසි එව, න නිසීදීති? ලහුං නිවත්තිතුකාමතාය. දෙවතායො හි කඤ්චිදෙව අත්ථවසං පටිච්ච සුචිපුරිසො විය වච්චට්ඨානං මනුස්සලොකං ආගච්ඡන්ති. පකතියා පන තාසං යොජනසතතො පභුති මනුස්සලොකො දුග්ගන්ධතාය පටිකූලො හොති, න එත්ථ අභිරමන්ති, තෙන සා ආගතකිච්චං කත්වා ලහුං නිවත්තිතුකාමතාය න නිසීදි. යස්ස ච ගමනාදිඉරියාපථපරිස්සමස්ස විනොදනත්ථං නිසීදන්ති, සො දෙවානං පරිස්සමො නත්ථි, තස්මාපි න නිසීදි. යෙ ච මහාසාවකා භගවන්තං පරිවාරෙත්වා ඨිතා, තෙ පතිමානෙති, තස්මාපි න නිසීදි. අපිච භගවති ගාරවෙනෙව න නිසීදි. දෙවතානඤ්හි නිසීදිතුකාමානං ආසනං නිබ්බත්තති, තං අනිච්ඡමානා නිසජ්ජාය චිත්තම්පි අකත්වා එකමන්තං අට්ඨාසි.
කුමක් හෙයින් මේ දේවතාවා සිටියේ වේ ද හුන්නේ නොවේද? ඉක්මනින් ආපසු යනු කැමැත්ත නිසාය. දෙවියෝ වනාහී කිසියම් අවශ්‍ය කරුණක් උදෙසා පිරිසිදු පුරුෂයෙක් අසූචි සහිත තැනකට (යන්නාක් මෙන්) මනුෂ්‍ය ලෝකයට පැමිණෙත්. ස්වභාවයෙන්ම වනාහී මොවුන්ට යොදුන් සිය ගණනක සිට මිනිස් ලොව දුගඳවත් බව නිසා පිළිකුල් වේ. එහි නොඇලෙත්. එබැවින් ඒ දෙවියා පැමිණි කාර්යය කොට වහා ආපසු යනු කැමැත්ත නිසා හිඳ නොගත්තේය. යමෙකුගේ යෑම් ආදී ඉරියව් පැවැත්මෙහි වෙහෙස දුරු කිරීම සඳහා හිඳිත් ද ඒ වෙහෙස දෙවියන්ට නැත. ඒ නිසාද නොහුන්නේය. යම් මහා ශ්‍රාවකයෝ භාග්‍යවතුන් වහන්සේ පිරිවරා සිටියාහුද උන්වහන්සේලාට ගරු බුහුමන් දැක්වීය. ඒ නිසාද නොහුන්නේය. තවද භාග්‍යවතුන් වහන්සේට ගෞරවයෙන්ම නොහුන්නේය. හිදිනු කැමති දෙවියන්ට වනාහි අසුනක් පහළ වේ. එය නොකැමති වන්නේ හිඳීමට සිතකුදු නොකොට එකත් පසෙක සිටියේය.
එකමන්තං ඨිතා ඛො සා දෙවතාති එවං ඉමෙහි කාරණෙහි එකමන්තං ඨිතා ඛො සා දෙවතා. භගවන්තං ගාථාය අජ්ඣභාසීති භගවන්තං අක්ඛරපදනියමිතගන්ථිතෙන වචනෙන අභාසීති අත්ථො. කථං?
“එකමන්තං ඨිතා ඛො සා දෙවතා” යනු මෙසේ මේ කරුණු නිසා එකත් පසෙක සිටි ඒ දේවතාවා. “හගවන්තං ගාථාය අජ්ඣභාසි” යනු භාග්‍යවතුන් වහන්සේට අක්ෂර පද නියම ලෙස ගැළපූ වචනයෙන් කීවේය යන අර්ථයයි. කෙසේද?
බහූ දෙවා මනුස්සා ච…පෙ… බ්රූහි මඞ්ගලමුත්තමන්ති.
“බහු දෙවා මනුස්සාච මඞ්ගලානී අචින්තයුං ආකඞ්ඛමානා සොත්ථානං බ්‍රෑහි මඞ්ගල මුත්තමං”
(කුශල ධර්මයන්ගේ පැමිණීම කැමතිවන්නා වූ බොහෝ වූ දෙවියෝ ද මිනිස්සු ද අභිවෘද්ධියට කාරණයන් සිතූහ. ඒ උතුම් මඟුල් කරුණු දෙසා වදාළ මැනව) යනුවෙනි.