පඨමමහාසඞ්ගීතිකථා අට්ඨකථා
පඨමමහාසඞ්ගීතිකථා
පඨමමහාසඞ්ගීතිකථා
එවං නික්ඛිත්තස්ස පනස්ස අත්ථවණ්ණනත්ථං අයං මාතිකා –
මෙසේ ඇතුළත් කළ මෙම සූත්‍රයෙහි අර්ථ වර්ණනාව සඳහා මේ මාතෘකාවයි.
“වුත්තං යෙන යදා යස්මා, චෙතං වත්වා ඉමං විධිං; එවමිච්චාදිපාඨස්ස, අත්ථං නානප්පකාරතො.
“යමෙකු විසින් යම්දිනක යම් හෙයකින් මේ සූත්‍රය දේශනා කරන ලද්දේ ද යන මේ විස්තරය කියා “එවං” යන ආදි පාඨයේ අර්ථය නොයෙක් ආකාරයෙන් වර්ණනා කරන්නේ යම් තැනෙක්හි යම් මඞ්ගලයක් හටගත්තේ ද එය වෙන්කොට දක්වා එහි මඞ්ගලභාවය ද පැහැදිලි කරන්නේය” යනුයි.
“වණ්ණයන්තො සමුට්ඨානං, වත්වා යං යත්ථ මඞ්ගලං; වවත්ථපෙත්වා තං තස්ස, මඞ්ගලත්තං විභාවයෙ”ති.
තත්ථ “වුත්තං යෙන යදා යස්මා, චෙතං වත්වා ඉමං විධි”න්ති අයං තාව අද්ධගාථා යදිදං “එවං මෙ සුතං එකං සමයං භගවා…පෙ… භගවන්තං ගාථාය අජ්ඣභාසී”ති, ඉදං වචනං සන්ධාය වුත්තා. ඉදඤ්හි අනුස්සවවසෙන වුත්තං, සො ච භගවා සයම්භූ අනාචරියකො, තස්මා නෙදං තස්ස භගවතො වචනං අරහතො සම්මාසම්බුද්ධස්ස. යතො වත්තබ්බමෙතං “ඉදං වචනං කෙන වුත්තං, කදා, කස්මා ච වුත්ත”න්ති. වුච්චතෙ – ආයස්මතා ආනන්දෙන වුත්තං, තඤ්ච පඨමමහාසඞ්ගීතිකාලෙ.
එහි “වුත්තං යෙන යදා යස්මා චෙතං වත්වා ඉමං විධිං” යන ගාථාර්ධය පළමුකොට “එවම්මෙ සුතං එකං සමයං භගවා -පෙ- භගවන්තං ගාථාය අජ්ඣභාසි” යන මේ ප්‍රකාශය අරමුණු කොට කියන ලදී. මේ ප්‍රකාශය වනාහි අනුශ්‍රව වශයෙන් කියන ලද්දකි. ඒ භාග්‍යවතුන් වහන්සේ වනාහි තමන් වහන්සේ විසින්ම අවබෝධ කරගත් හෙයින් ස්වයංභූය. ආචාර්ය්යවරයෙකු නොමැත්තෙකි. එහෙයින් මෙය ඒ භාග්‍යවත් අරහත් සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේගේ ප්‍රකාශයක් නොවේ. එහෙයින් මේ ප්‍රකාශය කවරෙකු විසින් කියන ලද්දේ ද? කවදා කුමක් හෙයින් කියන ලද්දේ ද? යන මෙය කිව යුතුය. කියනු ලැබේ :- ආයුෂ්මත් ආනන්ද හිමියන් විසින් කියන ලදී. එයද ප්‍රථම මහා සඞ්ගීති කාලයෙහිය.
පඨමමහාසඞ්ගීති චෙසා සබ්බසුත්තනිදානකොසල්ලත්ථමාදිතො පභුති එවං වෙදිතබ්බා. ධම්මචක්කප්පවත්තනඤ්හි ආදිං කත්වා යාව සුභද්දපරිබ්බාජකවිනයනා, කතබුද්ධකිච්චෙ කුසිනාරායං උපවත්තනෙ මල්ලානං සාලවනෙ යමකසාලානමන්තරෙ විසාඛපුණ්ණමදිවසෙ පච්චූසසමයෙ අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බුතෙ, භගවති ලොකනාථෙ භගවතො පරිනිබ්බානෙ සන්නිපතිතානං සත්තන්නං භික්ඛුසතසහස්සානං සඞ්ඝත්ථෙරො ආයස්මා මහාකස්සපො සත්තාහපරිනිබ්බුතෙ භගවති සුභද්දෙන වුඩ්ඪපබ්බජිතෙන “අලං, ආවුසො, මා සොචිත්ථ, මා පරිදෙවිත්ථ, සුමුත්තා මයං තෙන මහාසමණෙන, උපද්දුතා ච හොම ‘ඉදං වො කප්පති ඉදං වො න කප්පතී’ති, ඉදානි පන මයං යං ඉච්ඡිස්සාම තං කරිස්සාම, යං න ඉච්ඡිස්සාම න තං කරිස්සාමා”ති (චූළව· 437; දී· නි· 2.232) වුත්තවචනමනුස්සරන්තො “ඨානං ඛො පනෙතං විජ්ජති යං පාපභික්ඛූ ‘අතීතසත්ථුකං පාවචන’න්ති මඤ්ඤමානා පක්ඛං ලභිත්වා න චිරස්සෙව සද්ධම්මං අන්තරධාපෙය්යුං. යාව ච ධම්මවිනයො තිට්ඨති, තාව අනතීතසත්ථුකමෙව පාවචනං හොති. යථාහ භගවා –
මේ ප්‍රථම සඞ්ගීතිය ද සියලු සූත්‍රයන්ගේ නිදාන කෞශල්‍ය සඳහා ආරම්භයේ සිට මෙසේ දත යුතුය. ලෝක නාථ වූ භාග්‍යවතුන් වහන්සේ ධම්මචක්කපවත්තන සූත්‍ර දේශනාවේ සිට සුභද්‍ර පරිබ්‍රාජක හික්මවීම දක්වා කළ බුද්ධ කෘත්‍ය ඇත්තාහු කුසිනාරා නුවර උපවත්තන නම් වූ මල්ලයන්ගේ සල් වනයෙහි සල්ගස් දෙකක් අතර වෙසක් පසළොස්වක් දින අළුයම් වේලෙහි අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑ කල්හි භාග්‍යවතුන් වහන්සේගේ පරිනිර්වාණය වෙනුවෙන් රැස් වූ හත් ලක්ෂයක් භික්ෂූන් අතර සංඝස්ථවිර වූ ආයුෂ්මත් මහා කාශ්‍යප හිමියෝ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පා සත්වෙනි දින සුභද්‍ර නම් මහළු පැවිද්දා විසින් “ඇවැත්නි, ඇති. ශෝක නොකරමු. නොවැළපෙමු. අපි ඒ මහා ශ්‍රමණයාගෙන් මැනවින් මිදුණෝ වෙමු. “මෙය නුඹලාට කැපය. මෙය නුඹලාට අකැප යයි අපි වෙහෙසන ලද්දෝ ද වෙමු. දැන් වනාහි අපි යමක් කැමති වන්නෙමුද එය කරන්නෙමු. යමක් අකමැති වන්නෙමුද එය නොකරන්නෙමු”යි කී වචන සිහි කරමින් “පාප භික්ෂූහු බුද්ධ ධර්මය ශාස්තෲවරයෙකු නොමැති එකකැයි සිතමින් (අලජ්ජි) පක්ෂ ලැබ නොබෝ කලක්ම සද්ධර්මය අතුරුදහන් කරන්නේය” යන යම් කාරණයක් වේ ද මේ කාරණය විද්‍යාමාන වෙයි. යම්තාක් ධර්ම විනය තිබේද ඒ තාක් බුද්ධ ධර්මය නොඉක්ම සිටි ශාස්තෲවරයෙකු ඇත්තක් වෙයි. භාග්‍යවතුන් වහන්සේ
“යො වො, ආනන්ද, මයා ධම්මො ච විනයො ච දෙසිතො පඤ්ඤත්තො, සො වො මමච්චයෙන සත්ථා”ති (දී· නි· 2.216).
“ආනන්දය, මවිසින් තොපට යම් ධර්මයක් හා විනයක් දේශනා කරන ලද්දේ ද පනවන ලද්දේ ද එය තොපට මාගේ ඇවෑමෙන් ශාස්තෲවරයා යයි වදාළහ.
“යංනූනාහං ධම්මඤ්ච විනයඤ්ච සඞ්ගායෙය්යං, යථයිදං සාසනං අද්ධනියං අස්ස චිරට්ඨිතිකං”.
එබැවින් යම්සේ මේ ශාසනය බොහෝ කල් පැවැත්මට සුදුසු වූයේ කල් පවතින්නක් වේ ද එලෙසින් මම ධර්මයත් විනයත් සඞ්ගායනා කරන්නෙම් නම් මැනවි,
යඤ්චාහං භගවතා –
යම් හෙයකින් භාග්‍යවතුන් වහන්සේ විසින් මම
“ධාරෙස්සසි පන මෙ ත්වං, කස්සප, සාණානි පංසුකූලානි නිබ්බසනානී”ති වත්වා චීවරෙ සාධාරණපරිභොගෙන චෙව –
“කාශ්‍යපය, ඔබ පරිභෝගයෙන් දිරාගිය හණ වැහැරියෙන් කළ පාංසුකූල චීවරය දරන්නෙහිය’යි වදාරා චීවරයෙහි සාධාරණ පරිභෝගයෙන් ද
“අහං, භික්ඛවෙ, යාවදෙ ආකඞ්ඛාමි විවිච්චෙව කාමෙහි…පෙ… පඨමං ඣානං උපසම්පජ්ජ විහරාමි, කස්සපොපි, භික්ඛවෙ, යාවදෙව ආකඞ්ඛති විවිච්චෙව කාමෙහි…පෙ… පඨමං ඣානං උපසම්පජ්ජ විහරතී”ති –
“මහණෙනි, මම යම්තාක් කැමති වෙම්ද ඒ තාක් කාමයන්ගෙන් වෙන්ව -පෙ- ප්‍රථම ධ්‍යානයට එළඹ වෙසෙම්ද මහණෙනි, කාශ්‍යප ද යම්තාක් කැමති වේ ද ඒ තාක් කාමයන්ගෙන් වෙන්ව -පෙ- ප්‍රථම ධ්‍යානයට එළඹ වෙසේය’යි
එවමාදිනා නයෙන නවානුපුබ්බවිහාරඡළභිඤ්ඤාප්පභෙදෙ උත්තරිමනුස්සධම්මෙ අත්තනා සමසමට්ඨපනෙන ච අනුග්ගහිතො, තස්ස මෙ කිමඤ්ඤං ආණණ්යං භවිස්සති? “නනු මං භගවා රාජා විය සකකවචඉස්සරියානුප්පදානෙන අත්තනො කුලවංසප්පතිට්ඨාපකං පුත්තං ‘සද්ධම්මවංසප්පතිට්ඨාපකො මෙ අයං භවිස්සතී’ති මන්ත්වා ඉමිනා අසාධාරණෙන අනුග්ගහෙන අනුග්ගහෙසී”ති චින්තයන්තො ධම්මවිනයසඞ්ගායනත්ථං භික්ඛූනං උස්සාහං ජනෙසි? යථාහ –
මේ ආදී ක්‍රමයෙන් නවානුපූර්ව විහාර ෂඩ් අභිඥා ආදි ප්‍රභේද ඇති උත්තම මනුෂ්‍ය ධර්මයෙහි තමන් වහන්සේ හා සම තන්හි තැබීමෙන් මම අනුග්‍රහ කරන ලද්දෙම් වෙම් ද එසේ අනුග්‍රහ කරන ලද මට ධර්ම විනය සඞ්ගායනාව හැර අන් කිනම් මගකින් ණය නැති බවක් වන්නේ ද සක්විති රජෙක් තමන්ගේ සන්නාහයත් ඓශ්චර්ය්යයත් දීමෙන් ස්වකීය කුලවංශය පිහිට වූ පුතුට මෙන් භාග්‍යවතුන් වහන්සේ “මෙතෙමේ මාගේ සද්ධර්ම වංශය පිහිටුවනෙක් වන්නේය”යි දැන මේ අසාධාරණ අනුග්‍රහයෙන් මට අනුග්‍රහ කළසේක් වන්නැයි සිතන්නාහු ධර්ම විනය සඞ්ගායනා කරනු පිණිස භික්ෂූන්ට උත්සාහ ඉපිද වූහ. යම්සේ කීවේද :-
“අථ ඛො ආයස්මා මහාකස්සපො භික්ඛූ ආමන්තෙසි – එකමිදාහං, ආවුසො, සමයං පාවාය කුසිනාරං අද්ධානමග්ගප්පටිපන්නො මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං පඤ්චමත්තෙහි භික්ඛුසතෙහී”ති (දී· නි· 2.231; චූළව· 437) සබ්බං සුභද්දකණ්ඩං විත්ථාරෙතබ්බං.
“ඉක්බිති ආයුෂ්මත් මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ භික්ෂූන් ඇමතූහ, “ඇවැත්නි, මෙහි එක් කාලයක මම පන්සීයක් පමණ වූ මහත් භික්ෂු සංඝයා සමග පාවා නුවරින් නික්ම කුසිනාරා නුවර දික්මඟට පිළිපන්නෙම්”යයි (පඤ්ච සතිකක්ඛන්ධකයෙහි) සියලු සුභද්‍ර කාණ්ඩය විස්තර කළ යුතුය.
තතො පරං ආහ –
ඉක්බිති උන්වහන්සේ
“හන්ද මයං, ආවුසො, ධම්මඤ්ච විනයඤ්ච සඞ්ගායෙය්යාම, පුරෙ අධම්මො දිප්පති, ධම්මො පටිබාහිය්යති, අවිනයො දිප්පති, විනයො පටිබාහිය්යති, පුරෙ අධම්මවාදිනො බලවන්තො හොන්ති, ධම්මවාදිනො දුබ්බලා හොන්ති, අවිනයවාදිනො බලවන්තො හොන්ති, විනයවාදිනො දුබ්බලා හොන්තී”ති (චූළව· 437).
“ඇවැත්නි ඉදිරියෙහි අධර්මය බබලන්නේය, ධර්මය යටපත් කරනු ලබන්නේය, අවිනය බබලන්නේය, විනය යටපත් කරනු ලබන්නේය, ඉදිරියෙහි අධර්මවාදීහු බලවත් වන්නාහුය. ධර්මවාදීහු දුර්වල වන්නාහුය. අවිනයවාදීහු බලවත් වන්නාහුය, විනයවාදීහු දුර්වල වන්නාහුය. එබැවින් අපි ධර්මයත් විනයත් සඞ්ගායනා කරන්නෙමු”යි දන්වා සිටියහ.
භික්ඛූ ආහංසු “තෙන හි, භන්තෙ, ථෙරො භික්ඛූ උච්චිනතූ”ති. ථෙරො සකලනවඞ්ගසත්ථුසාසනපරියත්තිධරෙ පුථුජ්ජනසොතාපන්නසකදාගාමිඅනාගාමිසුක්ඛවිපස්සකඛීණාසවභික්ඛූ අනෙකසතෙ අනෙකසහස්සෙ ච වජ්ජෙත්වා තිපිටකසබ්බපරියත්තිප්පභෙදධරෙ පටිසම්භිදාප්පත්තෙ මහානුභාවෙ යෙභුය්යෙන භගවතා එතදග්ගං ආරොපිතෙ තෙවිජ්ජාදිභෙදෙ ඛීණාසවභික්ඛූයෙව එකූනපඤ්චසතෙ පරිග්ගහෙසි. යෙ සන්ධාය ඉදං වුත්තං “අථ ඛො ආයස්මා මහාකස්සපො එකෙනූනපඤ්චඅරහන්තසතානි උච්චිනී”ති (චූළව· 437).
භික්ෂූහු “ස්වාමීනි, එසේනම් ස්ථවිරයන් වහන්සේ භික්ෂූන් තෝරා ගන්නා සේක්වා”යි කීහ. තෙරුන් වහන්සේ සියලු නවඞ්ග සත්ථුසාසන සඞ්ඛ්‍යාත පර්‍ය්‍යාප්තිධර වූ නොයෙක් සිය ගණන් නොයෙක් දහස් ගණන් පෘථග්ජන, සෝතාපන්න, සකදාගාමි, අනාගාමි, ශුෂ්ක විදර්ශක, ක්ෂීණාශ්රව භික්ෂූන් හැරපියා ත්‍රිපිටකය හා සියලු පර්‍ය්‍යාප්ති ප්රභේදයන් දරණ සිව් පිළිසිඹියා පත් මහත් ආනුභාව ඇති බොහෝ සෙයින් භාග්‍යවතුන් වහන්සේ විසින් එතදග්රයට නගන ලද ත්‍රිවිද්‍යා ආදී භේද ඇති ක්ෂීණාශ්රව භික්ෂූන්ම එකුන් පන්සීයයක් (499) තෝරාගත්හ. “අථඛො ආයස්මා මහා කස්සපො එකෙනූනපඤ්ච අරහන්ත සතානි උච්චිනි” යයි යම් කෙනෙකුන් සඳහා මෙය කියන ලද්දේ ද එහෙයිනි.
කිස්ස පන ථෙරො එකෙනූනමකාසීති? ආයස්මතො ආනන්දත්ථෙරස්ස ඔකාසකරණත්ථං. තෙන හායස්මතා සහාපි විනාපි න සක්කා ධම්මසඞ්ගීති කාතුං. සො හායස්මා සෙඛො සකරණීයො, තස්මා සහ න සක්කා, යස්මා පනස්ස කිඤ්චි දසබලදෙසිතං සුත්තගෙය්යාදිකං භගවතො අසම්මුඛා පටිග්ගහිතං නාම නත්ථි, තස්මා විනාපි න සක්කා. යදි එවං සෙඛොපි සමානො ධම්මසඞ්ගීතියා බහූකාරත්තා ථෙරෙන උච්චිනිතබ්බො අස්ස, අථ කස්මා න උච්චිනිතොති? පරූපවාදවිවජ්ජනතො. ථෙරො හි ආයස්මන්තෙ ආනන්දෙ අතිවිය විස්සත්ථො අහොසි. තථා හි නං සිරස්මිං පලිතෙසු ජාතෙසුපි “න වායං කුමාරකො මත්තමඤ්ඤාසී”ති (සං· නි· 2.154) කුමාරකවාදෙන ඔවදති. සක්යකුලප්පසුතො චායං ආයස්මා තථාගතස්ස භාතා චූළපිතු පුත්තො, තත්ර භික්ඛූ ඡන්දාගමනං විය මඤ්ඤමානා “බහූ අසෙඛපටිසම්භිදාප්පත්තෙ භික්ඛූ ඨපෙත්වා ආනන්දං සෙඛපටිසම්භිදාප්පත්තං ථෙරො උච්චිනී”ති උපවදෙය්‍යුං. තං පරූපවාදං පරිවිවජ්ජෙන්තො “ආනන්දං විනා සඞ්ගීති න සක්කා කාතුං, භික්ඛූනංයෙව අනුමතියා ගහෙස්සාමී”ති න උච්චිනි.
කුමක් සඳහා තෙරුන් වහන්සේ එකකින් අඩුවක් කළ සේක්ද? ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේ ඉඩ සලසනු සඳහාය. ඒ ආයුෂ්මතුන් වහන්සේ ඇතිවද නොමැතිවද ධර්ම සංගායනාව කිරීමට නොහැකිය. ඒ ආයුෂ්මතුන් වහන්සේ තවදුරටත් පුහුණුවීම් කළ යුත්තෙකි. (ශෛක්ෂයෙකි) කළයුතු කාර්ය්ය ඇත්තෙකි. එබැවින් එක්වද (සංගායනා කරන්නට) නොහැකිය. යම් හෙයකින් වනාහි උන්වහන්සේ විසින් බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද සූත්‍ර, ගෙය්ය ආදී භාග්‍යවතුන් වහන්සේ හමුවෙන් නොපිළිගත් කිසිවක් නම් නැත්තේ ද එබැවින් (උන්වහන්සේ) නොමැතිවද (සංගායනා කිරීමට) නොහැකිය. ඉදින් මෙසේ ශෛක්ෂයෙක් වූයේ නමුදු සඞ්ගායනාවට බොහෝ උපකාර ඇති බැවින් තෙරුන් වහන්සේ විසින් තෝරාගත යුත්තෙක් වන්නේය. එසේනම් කුමක් හෙයින් තෝරා නොගන්නා ලද්දේ ද? අනුන්ගෙන් නැගෙන දොස් දුරුකිරීම් වශයෙනි. තෙරුන් වහන්සේ වනාහි ආයුෂ්මත් ආනන්ද තෙරුන් කෙරෙහි බොහෝ සෙයින් විශ්වාස ඇත්තෙක් වූහ. ඒ එසේමය, හිසෙහි පැසුණු කෙස් හටගෙන තිබෙද්දීත් “මේ කුමාරතෙම තරමවත් නොදත්තේය”යි කුමාරක වාදයෙන්ම අවවාද කරති. ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේ ශාක්‍යකුල පුත්‍රයෙක් ද තථාගතයන් වහන්සේගේ සුළුපියාගේ පුතා ද වෙති. එහිදී භික්ෂූහු (මා) ඡන්දයෙන් අගතියට ගිය අයෙකු මෙන් හඟින්නාහු. “අශෛක්ෂ ප්‍රතිසම්භිදාවට පත් බොහෝ භික්ෂූන් හැරදමා ශෛක්ෂ ප්‍රතිසම්භිදාවට පත් ආනන්ද තෙරුන් තෝරාගත් සේකැ”යි චෝදනා නගන්නෙහුනම් එම පරූපවාදය දුරු කරමින් “ආනන්ද තෙරුන් නොමැතිව සඞ්ගායනා කරන්නට නොහැකිය. භික්ෂූන්ගේම අනුමැතියෙන් ගන්නෙමි”යි ඒ (ආනන්ද) තෙරුන් වහන්සේ තෝරා නොගත් සේක.
අථ සයමෙව භික්ඛූ ආනන්දස්සත්ථාය ථෙරං යාචිංසු. යථාහ –
ඉක්බිති භික්ෂූන් වහන්සේලා තමාම ආනන්ද තෙරුන් වහන්සේ (තෝරාගැනීම) සඳහා (මහා කාශ්‍යප) තෙරුන් වහන්සේට ඉල්ලීම් කළහ. එය (සඞ්ගීතික්ඛන්ධකයෙහි) මෙසේ කීයේය.
“භික්ඛූ ආයස්මන්තං මහාකස්සපං එතදවොචුං – ‘අයං, භන්තෙ, ආයස්මා ආනන්දො කිඤ්චාපි සෙඛො, අභබ්බො ඡන්දා දොසා මොහා භයා අගතිං ගන්තුං, බහු චානෙන භගවතො සන්තිකෙ ධම්මො ච විනයො ච පරියත්තො, තෙන හි, භන්තෙ, ථෙරො ආයස්මන්තම්පි ආනන්දං උච්චිනතූ’ති. අථ ඛො ආයස්මා මහාකස්සපො ආයස්මන්තම්පි ආනන්දං උච්චිනී”ති (චූළව· 437).
“හික්ෂූන් වහන්සේලා ආයුෂ්මත් මහා කාශ්‍යප තෙරුන් වහන්සේට මෙය කීහ - “සවාමීනි මේ ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේ ශෛක්ෂයෙක් වුව ද ඡන්දයෙන් ද්වේෂයෙන්, බියෙන්, මුළාවෙන් අගතියට යන්නට නුසුදුස්සෙකි. බොහෝසෙයින්ම මුන්වහන්සේ විසින් භාග්‍යවතුන් වහන්සේගේ සමීපයේ දී ධර්මයත් විනයත් හදාරන ලදී. එනිසාම තෙරුන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේ ද තෝරා ගනු මැනවි’ යනුවෙනි. ඉක්බිති ආයුෂ්මත් මහා කාශ්‍යප තෙරුන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේ ද තෝරාගත් සේක.
එවං භික්ඛූනං අනුමතියා උච්චිනිතෙන තෙනායස්මතා සද්ධිං පඤ්චථෙරසතානි අහෙසුං.
මෙසේ භික්ෂූන්ගේ අනුමැතියෙන් තෝරාගන්නා ලද ඒ ආයුෂ්මත් ආනන්ද තෙරුන් සමග තෙරුන් වහන්සේලා පන්සිය නමක් වූහ.
අථ ඛො ථෙරානං භික්ඛූනං එතදහොසි – “කත්ථ නු ඛො මයං ධම්මඤ්ච විනයඤ්ච සඞ්ගායෙය්යාමා”ති. අථ ඛො ථෙරානං භික්ඛූනං එතදහොසි “රාජගහං ඛො මහාගොචරං පහූතසෙනාසනං, යංනූන මයං රාජගහෙ වස්සං වසන්තා ධම්මඤ්ච විනයඤ්ච සඞ්ගායෙය්යාම, නඤ්ඤෙ භික්ඛූ රාජගහෙ වස්සං උපගච්ඡෙය්යු”න්ති. කස්මා පන නෙසං එතදහොසි? ඉදං අම්හාකං ථාවරකම්මං, කොචි විසභාගපුග්ගලො සඞ්ඝමජ්ඣං පවිසිත්වා උක්කොටෙය්යාති. අථායස්මා මහාකස්සපො ඤත්තිදුතියෙන කම්මෙන සාවෙසි. තං සඞ්ගීතික්ඛන්ධකෙ (චූළව· 437) වුත්තනයෙනෙව ඤාතබ්බං.
ඉක්බිති ස්ථවිර භික්ෂූන්ට “අපි ධර්මයත් විනයත් කොහිනම් සඞ්ගායනා කරන්නෙමුදැයි මෙය (සිත්) විය. ඉක්බිති ස්ථවිර භික්ෂූන්ට “රජගහ නුවර භික්ෂාව පිණිස හැසිරීමට ඉතා සුදුසු තැනකි. බොහෝ සෙනසුන් ඇති තැනකි, අපි රජගහ නුවර වස් වසමින් ධර්මයත් විනයත් සඞ්ගායනා කරන්නෙමු නම් අනෙක් භික්ෂූහු රජගහ නුවර වස් නොඑළඹෙන්නාහු නම් ඉතා යෙහෙක” යන මෙය සිත් විය. කුමක් හෙයින් නම් උන්වහන්සේලාට මෙය (සිත්) වීද? මෙය අපගේ බොහෝ කල් පවත්නා කටයුත්තකි. කිසියම් විරුද්ධ පුද්ගලයෙක් සඟ මැදට පිවිස වළකයි කියාය. ඉක්බිති ආයුෂ්මත් මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ ඤත්ති දුතිය කර්මයෙන් ඇස්වූ සේක. ඒ කර්මය (චුල්ලවග්ග පාලි) සඞ්ගීතික්ඛන්ධකයේ කී අයුරින්ම දත යුතුය.
අථ තථාගතස්ස පරිනිබ්බානතො සත්තසු සාධුකීළනදිවසෙසු සත්තසු ච ධාතුපූජාදිවසෙසු වීතිවත්තෙසු “අඩ්ඪමාසො අතික්කන්තො, ඉදානි ගිම්හානං දියඩ්ඪො මාසො සෙසො, උපකට්ඨා වස්සූපනායිකා”ති මන්ත්වා මහාකස්සපත්ථෙරො “රාජගහං, ආවුසො, ගච්ඡාමා”ති උපඩ්ඪං භික්ඛුසඞ්ඝං ගහෙත්වා එකං මග්ගං ගතො. අනුරුද්ධත්ථෙරොපි උපඩ්ඪං ගහෙත්වා එකං මග්ගං ගතො, ආනන්දත්ථෙරො පන භගවතො පත්තචීවරං ගහෙත්වා භික්ඛුසඞ්ඝපරිවුතො සාවත්ථිං ගන්ත්වා රාජගහං ගන්තුකාමො යෙන සාවත්ථි, තෙන චාරිකං පක්කාමි. ආනන්දත්ථෙරෙන ගතගතට්ඨානෙ මහාපරිදෙවො අහොසි, “භන්තෙ ආනන්ද, කුහිං සත්ථාරං ඨපෙත්වා ආගතොසී”ති? අනුපුබ්බෙන සාවත්ථිං අනුප්පත්තෙ ථෙරෙ භගවතො පරිනිබ්බානසමයෙ විය මහාපරිදෙවො අහොසි.
ඉන්පසු තථාගතයන් වහන්සේගේ පරිනිර්වාණයෙන් ධාතු ක්‍රීඩා දින සත ද ධාතු පූජා දින සත ද ඉක්ම ගිය කල්හි අඩමසක් ගෙවී ගියේය. “දැන් ග්‍රීෂ්ම සෘතුවෙහි මාස එකහමාරක් ඉතිරිය. වස් එළඹෙන සමය ළංවී යයි සිතා මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ “ඇවැත්නි, රජගහ නුවරට යමු” යයි භික්ෂූන් අඩක් ගෙන එක් මගකින් වැඩි සේක. අනුරුද්ධ තෙරුන් වහන්සේ ද (භික්ෂූන්) අඩක් ගෙන එක් මගකින් වැඩි සේක. ආනන්ද තෙරුන් වහන්සේ වනාහි භාග්‍යවතුන් වහන්සේගේ පාසිවුරු ගෙන භික්ෂු සංඝයා විසින් පිරිවරන ලද සැවැත් නුවරට වැඩම කොට රජගහ නුවරට වඩිනු කැමති සේක් සැවැත් නුවර බලා චාරිකාවෙහි වැඩි සේක. ආනන්ද තෙරුන් විසින් වැඩි වැඩි තැන “ස්වාමීනි, ආනන්ද තෙරුන් වහන්ස, ශාස්තෲන් වහන්සේ කොහි තබා පැමිණි සේක් දැ”යි මහත් වැලපීමක් ඇති විය. තෙරුන් වහන්සේ පිළිවෙළින් සැවැත් නුවරට පැමිණි කල්හි භාග්‍යවතුන් වහන්සේගේ පරිනිර්වාණ කාලයෙහි මෙන් මහත් වැළපීමක් ඇති විය.
තත්ර සුදං ආයස්මා ආනන්දො අනිච්චතාදිපටිසංයුත්තාය ධම්මියා කථාය තං මහාජනං සඤ්ඤාපෙත්වා ජෙතවනං පවිසිත්වා දසබලෙන වසිතගන්ධකුටියා ද්වාරං විවරිත්වා මඤ්චපීඨං නීහරිත්වා පප්ඵොටෙත්වා ගන්ධකුටිං සම්මජ්ජිත්වා මිලාතමාලාකචවරං ඡඩ්ඩෙත්වා මඤ්චපීඨං අතිහරිත්වා පුන යථාඨානෙ ඨපෙත්වා භගවතො ඨිතකාලෙ කරණීයං වත්තං සබ්බමකාසි.
එහිදී ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේ අනිත්‍යතා ප්‍රතිසංයුක්ත ධර්ම කථාවෙන් ඒ මහජනයාට (කරුණු) හඟවා දෙව්රම් වෙහෙරට පිවිස බුදුරජාණන් වැඩ විසූ ගඳකිළියෙහි දොර විවරකොට ඇඳ පුටු බැහැරට ගෙන ගසා දමා ගඳකිළිය හැමද (මැළවුණු) මල්මාලා සහ කසළ හැරදමා ඇඳපුටු ඇතුළට ගෙන ගොස් නැවත සුදුසු තැන තබා භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි කාලයෙහි කළ යුතු සියලු වතාවත් කළ සේක.
අථ ථෙරො භගවතො පරිනිබ්බානතො පභුති ඨානනිසජ්ජබහුලත්තා උස්සන්නධාතුකං කායං සමස්සාසෙතුං දුතියදිවසෙ ඛීරවිරෙචනං පිවිත්වා විහාරෙයෙව නිසීදි, යං සන්ධාය සුභෙන මාණවෙන පහිතං මාණවකං එතදවොච –
ඉක්බිති තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ පරිනිර්වාණයේ පටන් සිටීම් හිඳීම් බහුල බැවින් (සෙම් පිත් ආදී) ධාතු උත්සන්න වූ කය අස්වසන්නට දෙවන දිනයෙහි කිරි විරේකයක් පානය කොට විහාරයෙහිම හුන්සේක. “යම්හෙයකින් සුභ මාණවකයා විසින් යවන ලද මාණවකයාට
“අකාලො ඛො, මාණවක, අත්ථි මෙ අජ්ජ භෙසජ්ජමත්තා පීතා, අප්පෙව නාම ස්වෙපි උපසඞ්කමෙය්යාමා”ති (දී· නි· 1.447).
“මාණවකය, (මෙයට නුසුදුසු වේලාවකි. මා විසින් අද බෙහෙත් ටිකක් පානය කරන ලදී. හෙටවත් එළඹෙන්නෙමු නම් මැනවැ”යි මෙය වදාළ සේක්ද ඒ ඒ නිසාය.
දුතියදිවසෙ චෙතකත්ථෙරෙන පච්ඡාසමණෙන ගන්ත්වා සුභෙන මාණවෙන පුට්ඨො දීඝනිකායෙ සුභසුත්තං නාම දසමං සුත්තමභාසි.
දෙවන දිනයෙහි පසුපසින් යන ශ්‍රමණ වන චේතක තෙරුන් සමග වැඩම කොට සුභ නම් මාණවකයා විසින් විචාරන ලද සේක් දීඝ නිකායෙහි සුභ සූත්‍රය නම් වන දසවැනි සූත්‍රය වදාළ සේක.
අථ ඛො ථෙරො ජෙතවනෙ විහාරෙ ඛණ්ඩඵුල්ලප්පටිසඞ්ඛරණං කාරාපෙත්වා උපකට්ඨාය වස්සූපනායිකාය රාජගහං ගතො. තථා මහාකස්සපත්ථෙරො අනුරුද්ධත්ථෙරො ච සබ්බං භික්ඛුසඞ්ඝං ගහෙත්වා රාජගහමෙව ගතා.
අනතුරුව තෙරුන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි කැඩුණු තැන් පැළී ගිය තැන් ප්‍රතිසංස්කරණය කරවා වස් එළඹෙන සමය එළඹ සිටි හෙයින් රජගහ නුවරට වැඩි සේක. එසේම මහා කාශ්‍යප තෙරුන් වහන්සේ ද අනුරුද්ධ තෙරුන් වහන්සේ ද සියලු භික්ෂු සමූහයා ගෙන රජගහ නුවරටම වැඩි සේක.
තෙන ඛො පන සමයෙන රාජගහෙ අට්ඨාරස මහාවිහාරා හොන්ති. තෙ සබ්බෙපි ඡඩ්ඩිතපතිතඋක්ලාපා අහෙසුං. භගවතො හි පරිනිබ්බානෙ සබ්බෙ භික්ඛූ අත්තනො අත්තනො පත්තචීවරං ගහෙත්වා විහාරෙ ච පරිවෙණෙ ච ඡඩ්ඩෙත්වා අගමංසු. තත්ථ ථෙරා භගවතො වචනපූජනත්ථං තිත්ථියවාදපරිමොචනත්ථඤ්ච “පඨමං මාසං ඛණ්ඩඵුල්ලප්පටිසඞ්ඛරණං කරොමා”ති චින්තෙසුං. තිත්ථියා හි වදෙය්යුං “සමණස්ස ගොතමස්ස සාවකා සත්ථරි ඨිතෙයෙව විහාරෙ පටිජග්ගිංසු, පරිනිබ්බුතෙ ඡඩ්ඩෙසු”න්ති. තෙසං වාදපරිමොචනත්ථඤ්ච චින්තෙසුන්ති වුත්තං හොති. වුත්තම්පි චෙතං –
එසමයෙහි වනාහි රජගහ නුවර දහඅටක් මහා විහාරයෝ වෙති. ඒ සියලුම විහාරයෝ ඉවත දැමුවාවූද වැටුණාවූද කසල ඇත්තාහු වූහ. භාග්‍යවතුන් වහන්සේගේ පරිනිර්වාණයේ දී සියලු භික්ෂූහු තම තමන්ගේ පා සිවුරු ගෙන විහාරයන් ද පිරිවෙන් ද හැරදමා ගියහ. එහිදී තෙරුන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේගේ වචනයට පුද පිණිස ද තීර්ථක වාදයෙන් මිදෙනු සඳහා ද පළමු මාසයෙහි කැඩුණු තැන් පැළුණු තැන් පිළිසකර කිරිම කරමු”යි සිතූහ. ඒකාන්තයෙන්ම තීර්ථකයෝ “ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවකයෝ ශාස්තෲන් සිටි කල්හි පමණක් විහාරයන් පිළිදැගුම් කළහ. පිරිනිවි කල්හි අත්හැරියාහුය”යි යනුවෙන් මෙසේ කියන්නාහුය. ඔවුන්ගේ උපවාදයෙන් මිදීම සඳහා ද සිතුවාහු යයි කියන ලද්දේ වෙයි. මෙයද කියන ලදී :-
“අථ ඛො ථෙරානං භික්ඛූනං එතදහොසි – භගවතා ඛො, ආවුසො, ඛණ්ඩඵුල්ලප්පටිසඞ්ඛරණං වණ්ණිතං, හන්ද මයං, ආවුසො, පඨමං මාසං ඛණ්ඩඵුල්ලප්පටිසඞ්ඛරණං කරොම, මජ්ඣිමං මාසං සන්නිපතිත්වා ධම්මඤ්ච විනයඤ්ච සඞ්ගායිස්සාමා”ති (චූළව· 438).
“ඉක්බිති ස්ථවිර භික්ෂූන්ට “ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් කැඩුණු පැළුණ තැන් පිළිසකර කිරීම වර්ණනා කරන ලදී. ඇවැත්නි, එබැවින් අපි පළමු මාසය කැඩුණු පැළුණු තැන් පිළිසකර කිරීම කරමු. මැද මාසය රැස්වී ධර්මයත් විනයත් සඞ්ගායනා කරන්නෙමු”යි මෙය (සිත්) විය යනුවෙනි.
තෙ දුතියදිවසෙ ගන්ත්වා රාජද්වාරෙ අට්ඨංසු. අජාතසත්තු රාජා ආගන්ත්වා වන්දිත්වා “අහං, භන්තෙ, කිං කරොමි, කෙනත්ථො”ති පවාරෙසි. ථෙරා අට්ඨාරසමහාවිහාරප්පටිසඞ්ඛරණත්ථාය හත්ථකම්මං පටිවෙදෙසුං. “සාධු, භන්තෙ”ති රාජා හත්ථකම්මකාරකෙ මනුස්සෙ අදාසි.
උන්වහන්සේලා දෙවන දවසෙහි ගොස් රජ මැදුරෙහි දොරටුව අසල සිටියාහුය. අජාසත් රජතෙමේ අවුත් වැඳ “ස්වාමීනි, මම කුමක් කරම්ද? කුමකින් ප්‍රයෝජන ඇත්දැයි පැවරීය. තෙරුන් වහන්සේලා අටළොස් මහා විහාරයන් පිළිසකර කිරීම සඳහා අත්කම් දන්වා සිටියහ. රජතෙමේ “ස්වාමීනි, මැනවැයි අත්කම් කරන මිනිසුන් දුන්නේය.
ථෙරා පඨමං මාසං සබ්බවිහාරෙ පටිසඞ්ඛරාපෙසුං. අථ රඤ්ඤො ආරොචෙසුං – “නිට්ඨිතං, මහාරාජ, විහාරප්පටිසඞ්ඛරණං, ඉදානි ධම්මවිනයසඞ්ගහං කරොමා”ති. “සාධු, භන්තෙ, විස්සත්ථා කරොථ, මය්හං ආණාචක්කං, තුම්හාකං ධම්මචක්කං හොතු. ආණාපෙථ, භන්තෙ, කිං කරොමී”ති? “ධම්මසඞ්ගහං කරොන්තානං භික්ඛූනං සන්නිසජ්ජට්ඨානං මහාරාජා”ති. “කත්ථ කරොමි, භන්තෙ”ති? “වෙභාරපබ්බතපස්සෙ සත්තපණ්ණිගුහාද්වාරෙ කාතුං යුත්තං මහාරාජා”ති.
තෙරුන් වහන්සේලා පළමු මාසය සියලු විහාරයන් පිළිසකර කරවා මහරජ, විහාර පිළිසකර කිරීම නිමාවිය. දැන් ධර්මවිනය සඞ්ගායනාව කරමු”යි රජුට දැන්වූහ. “ස්වාමීනි, මැනවි. විශ්වාස ඇත්තෝව කරනු මැනවි. මාගේ අණසකයි. ඔබවහන්සේලාගේ දම්සක වේවා. ස්වාමීනි, කුමක් කරම්ද අණ කරනු මැනවි යනුවෙන් කීය. “මහරජ, ධර්ම සඞ්ගායනාව කරන්නාවූ භික්ෂූන්ට වැඩහිඳිනා තැනකැයි කීහ. “ස්වාමීනි, කොහි කරම්දැයි (ඇසීය) “මහරජ, වේහාර පර්වතයෙහි පැත්තක පිහිටි සප්ත පර්ණි ගුහා ද්වාරයෙහි කරන්නට සුදුසුය”යි (කීහ)
“සාධු, භන්තෙ”ති ඛො, රාජා අජාතසත්තු, විස්සකම්මුනා නිම්මිතසදිසං සුවිභත්තභිත්තිථම්භසොපානං නානාවිධමාලාකම්මලතාකම්මවිචිත්රං මහාමණ්ඩපං කාරාපෙත්වා විවිධකුසුමදාමඔලම්බකවිනිග්ගලන්තචාරුවිතානං රතනවිචිත්රමණිකොට්ටිමතලමිව ච නං නානාපුප්ඵූපහාරවිචිත්රං සුපරිනිට්ඨිතභූමිකම්මං බ්රහ්මවිමානසදිසං අලඞ්කරිත්වා තස්මිං මහාමණ්ඩපෙ පඤ්චසතානං භික්ඛූනං අනග්ඝානි පඤ්චකප්පියපච්චත්ථරණසතානි පඤ්ඤාපෙත්වා දක්ඛිණභාගං නිස්සාය උත්තරාභිමුඛං ථෙරාසනං, මණ්ඩපමජ්ඣෙ පුරත්ථාභිමුඛං බුද්ධස්ස භගවතො ආසනාරහං ධම්මාසනං පඤ්ඤාපෙත්වා දන්තඛචිතං චිත්තබීජනිඤ්චෙත්ථ ඨපෙත්වා භික්ඛුසඞ්ඝස්ස ආරොචාපෙසි “නිට්ඨිතං, භන්තෙ, කිච්ච”න්ති.
අජාසත් රජතෙමේ වනාහි “ස්වාමීනි, මැනවැයි විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා විසින් නිමවන ලද්දක් හා සමාන වූ ද මැනවින් බෙදන ලද බිත්ති ඇති, ටැම් ඇති, පියගැටපෙළ ඇති, නන් වැදෑරුම් මල්කම්, ලියකම්වලින් විසිතුර වූ ද මහා මණ්ඩපයක් කරවා නොයෙක් මල්දම් එල්ලීම නිසා වෑහෙන්නාක් වැනි වූ මනහර වියනක් ඇත්තා වූ රුවනින් විසිතුරු වූ මැණික් ඔබ්බවන ලද තලයක් වැනි වූ ද නොයෙක් පුෂ්පෝපහාරයෙන් විසිතුරු වූ ද මැනවින් නිමවන ලද භූමි කර්මාන්ත ඇත්තාවූද එම මණ්ඩපය බ්‍රහ්ම විමානයක් හා සමාන වන සේ සරසා ඒ මහා මණ්ඩපයෙහි පන්සීයක් භික්ෂූන්ට අනගි වූ පන්සියයක් කැප පසතුරුණු පණවා දකුණු පැත්ත ඇසුරු කොට උතුරු දෙසට මුහුණ ලා ථෙරාසනය ද මණ්ඩපය මැද නැගෙනහිරට මුහුණ ලා භාග්‍යවත් වූ බුදුන් වහන්සේට වැඩ හිඳීමට සුදුසු වූ ධර්මාසනය ද පනවා ඇත්දළ එබ්බ වූ විසිතුරු විජිනිපතක් තබා “ස්වාමීනි, මගේ කටයුත්ත නිමවන ලදී”යි භික්ෂු සංඝයාට දන්වා සිටියේය.
භික්ඛූ ආයස්මන්තං ආනන්දං ආහංසු “ස්වෙ, ආවුසො ආනන්ද, සඞ්ඝසන්නිපාතො, ත්වඤ්ච සෙඛො සකරණීයො, තෙන තෙ න යුත්තං සන්නිපාතං ගන්තුං, අප්පමත්තො හොහී”ති.
භික්ෂුහු “ඇවැත් ආනන්දයෙනි, හෙට සංඝ රැස්වීමයි. ඔබ ද ශෛක්ෂයෙකි. (රහත්වීම සඳහා) කළ යුතු කටයුතු ඇත්තෙකි. එබැවින් ඔබ විසින් රැස්වීමට යන්නට නුසුදුසුය. (රහත්වීම සඳහා) පමා නොවූවෙක් වන්න” යයි ආනන්ද තෙරුන් වහන්සේට කීහ.
අථ ඛො ආයස්මා ආනන්දො “ස්වෙ සන්නිපාතො, න ඛො පන මෙතං පතිරූපං, ය්වාහං සෙඛො සමානො සන්නිපාතං ගච්ඡෙය්ය”න්ති බහුදෙව රත්තිං කායගතාය සතියා වීතිනාමෙත්වා රත්තියා පච්චූසසමයෙ චඞ්කමා ඔරොහිත්වා විහාරං පවිසිත්වා “නිපජ්ජිස්සාමී”ති කායං ආවජ්ජෙසි. ද්වෙ පාදා භූමිතො මුත්තා, අප්පත්තඤ්ච සීසං බිම්බොහනං, එතස්මිං අන්තරෙ අනුපාදාය ආසවෙහි චිත්තං විමුච්චි. අයඤ්හි ආයස්මා චඞ්කමෙන බහි වීතිනාමෙත්වා විසෙසං නිබ්බත්තෙතුං අසක්කොන්තො චින්තෙසි “නනු මං භගවා එතදවොච – ‘කතපුඤ්ඤොසි ත්වං, ආනන්ද, පධානමනුයුඤ්ජ, ඛිප්පං හොහිසි අනාසවො’ති (දී· නි· 2.207). බුද්ධානඤ්ච කථාදොසො නාම නත්ථි, මම පන අච්චාරද්ධං වීරියං, තෙන මෙ චිත්තං උද්ධච්චාය සංවත්තති, හන්දාහං වීරියසමතං යොජෙමී”ති චඞ්කමා ඔරොහිත්වා පාදධොවනට්ඨානෙ ඨත්වා පාදෙ ධොවිත්වා විහාරං පවිසිත්වා මඤ්චකෙ නිසීදිත්වා “ථොකං විස්සමිස්සාමී”ති කායං මඤ්චකෙ උපනාමෙසි. ද්වෙ පාදා භූමිතො මුත්තා, සීසඤ්ච බිම්බොහනමසම්පත්තං, එතස්මිං අන්තරෙ අනුපාදාය ආසවෙහි චිත්තං විමුච්චි. චතුඉරියාපථවිරහිතං ථෙරස්ස අරහත්තං. තෙන “ඉමස්මිං සාසනෙ අනිසින්නො අනිපන්නො අට්ඨිතො අචඞ්කමන්තො කො භික්ඛු අරහත්තං පත්තො”ති වුත්තෙ “ආනන්දත්ථෙරො”ති වත්තුං වට්ටති.
ඉත්පසු ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේ “හෙට රැස්වීමයි. ඒ මම ශෛක්ෂයෙක්ව රැස්වීමට යන්නෙම් නම් මෙය නුසුදුසුමැ”යි රාත්‍රියෙහි බොහෝ වේලාවක් කය අනුව මෙනෙහි කිරීමෙන් යුතුව කල් යවා රැයෙහි අලුයම් වේලෙහි සක්මනින් බැස විහාරයට පිවිස හොවින්නෙමි”යි කය එළවූ සේක. දෙපාදයෝ පොළොවෙන් මිදුණාහුය. හිස කොට්ටයට නොපැමිණියේද වෙයි. මේ අතරතුර සිත (තෘෂ්ණා දෘෂ්ටි ආදියක්) නොගෙන ආශ්රවයන්ගෙන් මිදුණේය. මේ ආනන්ද තෙරුන් වහන්සේ වනාහි සක්මනින් පිටත කල් යවා විශේෂාධිගමයක් උපදවා ගන්නට නොහැකිවන සේක් “ආනන්දයෙනි, නුඹ කළ පින් ඇත්තෙක් වෙහි. කෙලෙස් නැසීමේ උත්සාහයෙහි යෙදෙන්න. වහා කෙලෙස් නැත්තෙක් වන්න යයි භාග්‍යවතුන් වහන්සේ මට මෙය වදාළ සේක් නොවේද? බුදුවරුන්ගේ කථා දෙකක් නම් නැත. මා විසින් වීර්‍ය්‍යය දැඩි සේ අරඹන ලදී. ඒ නිසා මාගේ සිත නොසන්සුන්කම සඳහා පවතී. එබැවින් මම වීර්‍ය්‍යයෙහි සමබවෙහි (සිත) යොදමි’යි (සිතා) සක්මනින් බැස පා සෝදන ස්ථානයෙහි සිට පාදයන් දොවා විහාරයට පිවිස ඇඳෙහි වැඩ හිඳ ටිකක් විඩා හරින්නෙමි”යි කය ඇඳ වෙත යොමු කළහ. දෙපාදයෝ පොළොවෙන් මිදුණහ. හිස කොට්ටයට නොපැමිණියේය. මේ අතරතුර (තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් කිසිවක්) නොගෙන සිත කෙලෙසුන්ගෙන් මිදුනේය. තෙරුන් වහන්සේගේ රහත් බව සිව් ඉරියව්වෙන් තොර වූවකි. ඒ නිසා මේ ශාසනයෙහි නොහිඳියේ නොවැදහොත්තේ, නොසිටියේ, සක්මන් නොකරනුයේ කවර භික්ෂුවක් රහත් බවට පැමිණියේදැයි කී කල්හි “ආනන්ද තෙරුන් වහන්සේය”යි කීමට වටී.
අථ ථෙරා භික්ඛූ දුතියදිවසෙ භත්තකිච්චං කත්වා පත්තචීවරං පටිසාමෙත්වා ධම්මසභායං සන්නිපතිතා. ආනන්දත්ථෙරො පන අත්තනො අරහත්තප්පත්තිං ඤාපෙතුකාමො භික්ඛූහි සද්ධිං න ගතො. භික්ඛූ යථාවුඩ්ඪං අත්තනො අත්තනො පත්තාසනෙ නිසීදන්තා ආනන්දත්ථෙරස්ස ආසනං ඨපෙත්වා නිසින්නා. තත්ථ කෙහිචි “එතමාසනං කස්සා”ති වුත්තෙ ආනන්දස්සාති. “ආනන්දො පන කුහිං ගතො”ති. තස්මිං සමයෙ ථෙරො චින්තෙසි “ඉදානි මය්හං ගමනකාලො”ති. තතො අත්තනො ආනුභාවං දස්සෙන්තො පථවියං නිමුජ්ජිත්වා අත්තනො ආසනෙයෙව අත්තානං දස්සෙසි. ආකාසෙනාගන්ත්වා නිසීදීතිපි එකෙ.
ඉක්බිති ස්ථවිර භික්ෂූහු දෙවෙනි දවසෙහි බත්කිස කොට පාසිවුරු තැන්පත් කොට තබා දම් සබාවෙහි රැස් වූවාහුය. ආනන්ද තෙරුන් වහන්සේ වනාහි තමන් වහන්සේගේ රහත් බවට පැමිණීම හඟවනු කැමති සේක් (අනෙක්) භික්ෂූන් වහන්සේලා සමඟ නොවැඩි සේක. භික්ෂූහු වැඩිමහලු පිළිවෙල අනුව තම තමාට පැමිණි අසුනෙහි වැඩ හිඳින්නාහු ආනන්ද තෙරුන්ට අසුනක් තබා වැඩ හුන්නාහුය. එහිදී කිසිවෙකුත් විසින් මේ අසුන කවරෙකු සඳහාදැයි කී කල්හි “ආනන්ද තෙරුන් සඳහා”යි (කීහ) ආනන්ද තෙමේ කොහි ගියේදැයි (ඇසූහ) එවේලෙහි (ආනන්ද) තෙරුන් වහන්සේ “දැන් මගේ යාමට කාලය” යයි සිතූ සේක. (ඉන්පසු) තමාගේ ආනුභාවය දක්වමින් පොළොවෙහි කිමිද තමාගේ ආසනයෙහිම තමන් වහන්සේ දැක්වූ සේක.
එවං නිසින්නෙ තස්මිං ආයස්මන්තෙ මහාකස්සපත්ථෙරො භික්ඛූ ආමන්තෙසි, “ආවුසො, කිං පඨමං සඞ්ගායාම ධම්මං වා විනයං වා”ති? භික්ඛූ ආහංසු, “භන්තෙ මහාකස්සප, විනයොනාමබුද්ධසාසනස්ස ආයු, විනයෙ ඨිතෙ සාසනං ඨිතං හොති, තස්මා පඨමං විනයං සඞ්ගායාමා”ති. “කං ධුරං කත්වා විනයො සඞ්ගායිතබ්බො”ති? “ආයස්මන්තං උපාලි”න්ති. “කිං ආනන්දො නප්පහොතී”ති? “නො නප්පහොති, අපිච ඛො පන සම්මාසම්බුද්ධො ධරමානොයෙව විනයපරියත්තිං නිස්සාය ආයස්මන්තං උපාලිං එතදග්ගෙ ඨපෙසි – ‘එතදග්ගං, භික්ඛවෙ, මම සාවකානං භික්ඛූනං විනයධරානං යදිදං උපාලී’”ති (අ· නි· 1.228). තස්මා උපාලිත්ථෙරං පුච්ඡිත්වා විනයං සඞ්ගායාමාති. තතො ථෙරො විනයං පුච්ඡනත්ථාය අත්තනාව අත්තානං සම්මන්නි. උපාලිත්ථෙරොපි විස්සජ්ජනත්ථාය සම්මන්නි. තත්රායං පාළි –
මෙසේ එම තෙරුන් වහන්සේ වැඩ හුන් කල්හි ආයුෂ්මත් මහා කාශ්‍යප තෙරුන් වහන්සේ “ඇවැත්නි, කිම. පළමුව ධර්මය හෝ විනය හෝ සඞ්ගායනා කරමුදැයි භික්ෂූන් ඇමතූ සේක. භික්ෂූන් වහන්සේලා “ස්වාමීනි, මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්ස, විනය නම් බුද්ධ ශාසනයාගේ ආයුෂයයි. විනය පිහිටි කල්හි ශාසනය සිටියේ වෙයි. එබැවින් පළමුව විනය සඞ්ගායනා කරමු”යි කීහ. කවරෙක් ප්‍රධාන කොට විනය සඞ්ගායනා කළ යුතුදැයි (විමසූ සේක) භික්ෂූහු “ආයුෂ්මත් උපාලි තෙරුන් (ප්‍රධාන කොටය) යි කීහ. ඉන්පසු (මහා කාශ්‍යප) තෙරුන් වහන්සේ විනය විචාරීම පිණිස තමන් වහන්සේ විසින්ම තමන් වහන්සේ සම්මත කරගත් සේක. උපාලි තෙරුන් වහන්සේ ද (විනය) විසඳීම සඳහා (තමන් වහන්සේ) සම්මත කරගත් සේක. සම්මත කරගෙන පිළිවෙළින් ධර්මාසනයෙහි වැඩ හුන්හ. සියල්ල විනයට්ඨ කථාවෙහි කියන ලද අයුරින් ගත යුතුය.
අථ ඛො ආයස්මා මහාකස්සපො සඞ්ඝං ඤාපෙසි –
“සුණාතු මෙ, ආවුසො, සඞ්ඝො, යදි සඞ්ඝස්ස පත්තකල්ලං, අහං උපාලිං විනයං පුච්ඡෙය්ය”න්ති.
ආයස්මාපි උපාලි සඞ්ඝං ඤාපෙසි –
“සුණාතු මෙ, භන්තෙ, සඞ්ඝො, යදි සඞ්ඝස්ස පත්තකල්ලං, අහං ආයස්මතා මහාකස්සපෙන විනයං පුට්ඨො විස්සජ්ජෙය්ය”න්ති.
එවං අත්තනාව අත්තානං සම්මන්නිත්වා ආයස්මා, උපාලි, උට්ඨායාසනා එකංසං චීවරං කත්වා ථෙරෙ භික්ඛූ වන්දිත්වා ධම්මාසනෙ නිසීදි දන්තඛචිතං බීජනිං ගහෙත්වා.
තතො මහාකස්සපත්ථෙරො උපාලිත්ථෙරං පඨමපාරාජිකං ආදිං කත්වා සබ්බං විනයං පුච්ඡි, උපාලිත්ථෙරො විස්සජ්ජෙසි. සබ්බෙ පඤ්චසතා භික්ඛූ පඨමපාරාජිකසික්ඛාපදං සනිදානං කත්වා එකතො ගණසජ්ඣායමකංසු. එවං සෙසානිපීති සබ්බං විනයට්ඨකථාය ගහෙතබ්බං. එතෙන නයෙන සඋභතොවිභඞ්ගං සඛන්ධකපරිවාරං සකලං විනයපිටකං සඞ්ගායිත්වා උපාලිත්ථෙරො දන්තඛචිතං බීජනිං නික්ඛිපිත්වා ධම්මාසනා ඔරොහිත්වා වුඩ්ඪෙ භික්ඛූ වන්දිත්වා අත්තනො පත්තාසනෙ නිසීදි.
මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ උපාලි තෙරුන් වහන්සේගෙන් පළමු පාරාජිකාව මුල්කොට ඇති සියලු විනය විචාළහ. උපාලි ස්ථවිරයන් වහන්සේ විසඳූහ. සියලු පන්සියයක් භික්ෂූහු පළමු පාරාජිකා ශික්ෂාපදය නිදාන සහිත කොට සියලු දෙනා එකතුව ගණ සජ්ඣායනා කළහ. සෙසු ශික්ෂා පදයෝ ද එසේමය. ඒ සියලු විස්තර විනයට්ඨ කථාවෙන් ගත යුතුය. මේ ක්‍රමයට උභතො විභඞ්ග, ඛන්ධක, පරිවාර සහිත සියලු විනය පිටකය සඞ්ගායනා කොට උපාලි තෙරුන් වහන්සේ ඇත්දළ එබ්බ වූ විජිනිපත බහා තබා ධර්මාසනයෙන් බැස වැඩිහිටි භික්ෂූන්ට වැඳ තමාට පැමිණි අසුනෙහි වැඩ හුන් සේක.
විනයං සඞ්ගායිත්වා ධම්මං සඞ්ගායිතුකාමො ආයස්මා මහාකස්සපත්ථෙරො භික්ඛූ පුච්ඡි – “ධම්මං සඞ්ගායන්තෙහි කං පුග්ගලං ධුරං කත්වා ධම්මො සඞ්ගායිතබ්බො”ති? භික්ඛූ “ආනන්දත්ථෙරං ධුරං කත්වා”ති ආහංසු.
විනය සඞ්ගායනා කොට ධර්මය සඞ්ගායනා කරනු කැමති ආයුෂ්මත් මහා කාශ්‍යප තෙරුන් වහන්සේ “ධර්මය සඞ්ගායනා කරන්නවුන් (වන අප) විසින් කවර පුද්ගලයකු ප්‍රධාන කොට ධර්මය සඞ්ගායනා කළ යුතුදැයි භික්ෂූන්ගෙන් විචාළ සේක. භික්ෂූහු “ආනන්ද තෙරුන් ප්‍රධාන කොට යයි කීහ.
අථ ඛො ආයස්මා මහාකස්සපො සඞ්ඝං ඤාපෙසි – “සුණාතු මෙ, ආවුසො, සඞ්ඝො, යදි සඞ්ඝස්ස පත්තකල්ලං, අහං ආනන්දං ධම්මං පුච්ඡෙය්ය”න්ති.
ඉක්බිති ආයුෂ්මත් මහා කාශ්‍යප තෙරුන් වහන්සේ - “ඇවැත්නි, සංඝයා මාගේ (වචනය) අසාවා. සංඝයාට ඉදින් කාලය සුදුසු නම් ආනන්ද (තෙරුන්) ගෙන් ධර්මය විචාරන්නෙමි”යි සංඝයාට දැන්වූ සේක.
අථ ඛො ආයස්මා ආනන්දො සඞ්ඝං ඤාපෙසි – “සුණාතු මෙ, භන්තෙ, සඞ්ඝො, යදි සඞ්ඝස්ස පත්තකල්ලං, අහං ආයස්මතා මහාකස්සපෙන ධම්මං පුට්ඨො විස්සජ්ජෙය්ය”න්ති.
ඉන්පසු ආනන්ද තෙරුන් වහන්සේ - “ස්වාමීනි, සංඝයා මාගේ (වචනය) අසාවා. සංඝයාට ඉදින් කාලය සුදුසුනම් ආයුෂ්මත් මහා කාශ්‍යප තෙරුන් වහන්සේ විසින් විචාරන ලද්දෙම් මම ධර්මය විසඳන්නෙමි”යි සංඝයාට දැන්වූ සේක.
අථ ඛො ආයස්මා ආනන්දො උට්ඨායාසනා එකංසං චීවරං කත්වා ථෙරෙ භික්ඛූ වන්දිත්වා ධම්මාසනෙ නිසීදි දන්තඛචිතං බීජනිං ගහෙත්වා. අථ මහාකස්සපත්ථෙරො ආනන්දත්ථෙරං ධම්මං පුච්ඡි – “බ්රහ්මජාලං, ආවුසො ආනන්ද, කත්ථ භාසිත”න්ති? “අන්තරා ච, භන්තෙ, රාජගහං අන්තරා ච නාළන්දං රාජාගාරකෙ අම්බලට්ඨිකාය”න්ති. “කං ආරබ්භා”ති ? “සුප්පියඤ්ච පරිබ්බාජකං බ්රහ්මදත්තඤ්ච මාණවක”න්ති. අථ ඛො ආයස්මා මහාකස්සපො ආයස්මන්තං ආනන්දං බ්රහ්මජාලස්ස නිදානම්පි පුච්ඡි, පුග්ගලම්පි පුච්ඡි. “සාමඤ්ඤඵලං; පනාවුසො ආනන්ද, කත්ථ භාසිත”න්ති? “රාජගහෙ, භන්තෙ, ජීවකම්බවනෙ”ති. “කෙන සද්ධි”න්ති? “අජාතසත්තුනා වෙදෙහිපුත්තෙන සද්ධි”න්ති. අථ ඛො ආයස්මා මහාකස්සපො ආයස්මන්තං ආනන්දං සාමඤ්ඤඵලස්ස නිදානම්පි පුච්ඡි, පුග්ගලම්පි පුච්ඡි. එතෙනෙව උපායෙන පඤ්චපි නිකායෙ පුච්ඡි, පුට්ඨො පුට්ඨො ආයස්මා ආනන්දො විස්සජ්ජෙසි. අයං පඨමමහාසඞ්ගීති පඤ්චහි ථෙරසතෙහි කතා –
අනතුරුව ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේ අසුනින් නැගිට සිවුර ඒකාංශ කොට ස්ථවිර භික්ෂුන් වැඳ ඇත්දළ (මිටක්) එබ්බ වූ විජිනිපත ගෙන ධර්මාසනයෙහි වැඩ හුන්සේක. මහා කාශ්‍යප තෙරුන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේගෙන් ධර්මය විචාළ සේක. ඇවැත්නි, ආනන්දය, බ්‍රහ්මජාල සූත්‍රය කොහිදී දේශනා කරන ලදදැයි (විචාළ සේක) ස්වාමීනි, රජගහ නුවරටත් නාලන්දාවටත් අතර අම්බලට්ඨිකා නම් රජ උයනෙහි රාජ ගෘහයේදී යැයි (විසඳූහ) කවරෙකු අරබයා දැයි (විමසූහ) සුප්පිය නම් පරිබ්‍රාජකයා ද බ්‍රහ්ම දත්ත නම් මානවකයා ද (ඇරබ) යයි (විසඳුහ). ඉක්බිති ආයුෂ්මත් මහා කාශ්‍යප තෙරුන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද තෙරුන්ගෙන් බ්‍රහ්මජාල සූත්‍රයෙහි නිදානයද විචාළහ. පුද්ගලයා ද විචාළහ. ඇවැත් ආනන්දයෙනි, සාමඤ්ඤඵල සූත්‍රය වනාහී කොහිදී දෙසන ලදදැයි (විචාළහ) “ස්වාමීනි, රජගහ නුවර ජීවක අඹ වනයේ දී යයි (විසදූහ) කවරෙකු සමඟදැයි (විමසූහ) වේදේහ පුත්‍ර අජාසත් සමඟ යැයි විසඳූහ. ඉක්බිති ආයුෂ්මත් මහා කාශ්‍යප තෙරුන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද තෙරුන්ගෙන් සාමඤ්ඤඵල සූත්‍රයෙහි නිදානය ද විචාළහ. පුද්ගලයාද විචාළහ. මේ ක්‍රමයෙන්ම නිකාය පහද විචාළහ. විචාරන ලද සේක් විචාරන ලද සේක් ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේ විසඳූහ. මේ ප්‍රථම මහා සඞ්ගීතිය පන්සියයක් තෙරවරුන් විසින් කරන ලදී.
“සතෙහි පඤ්චහි කතා, තෙන පඤ්චසතාති ච; ථෙරෙහෙව කතත්තා ච, ථෙරිකාති පවුච්චතී”ති.
“පන්සියයක් දෙනා විසින් කරන ලද හෙයින් “පඤ්චසතා” යයි ද තෙරවරුන් විසින් කළ බැවින් “ථෙරිකා” යයි ද කියනු ලැබේයි.
ඉමිස්සා පඨමමහාසඞ්ගීතියා වත්තමානාය සබ්බං දීඝනිකායං මජ්ඣිමනිකායාදිඤ්ච පුච්ඡිත්වා අනුපුබ්බෙන ඛුද්දකනිකායං පුච්ඡන්තෙන ආයස්මතා මහාකස්සපෙන “මඞ්ගලසුත්තං, ආවුසො ආනන්ද, කත්ථ භාසිත”න්ති එවමාදිවචනාවසානෙ “නිදානම්පි පුච්ඡි, පුග්ගලම්පි පුච්ඡී”ති එත්ථ නිදානෙ පුච්ඡිතෙ තං නිදානං විත්ථාරෙත්වා යථා ච භාසිතං, යෙන ච සුතං, යදා ච සුතං, යෙන ච භාසිතං, යත්ථ ච භාසිතං, යස්ස ච භාසිතං, තං සබ්බං කථෙතුකාමෙන “එවං භාසිතං මයා සුතං, එකං සමයං සුතං, භගවතා භාසිතං, සාවත්ථියං භාසිතං, දෙවතාය භාසිත”න්ති එතමත්ථං දස්සෙන්තෙන ආයස්මතා ආනන්දෙන වුත්තං “එවං මෙ සුතං – එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ…පෙ… භගවන්තං ගාථාය අජ්ඣභාසී”ති. එවමිදං ආයස්මතා ආනන්දෙන වුත්තං, තඤ්ච පන පඨමමහාසඞ්ගීතිකාලෙ වුත්තන්ති වෙදිතබ්බං.
මේ ප්‍රථම මහා සඞ්ගීතිය පවත්නා කල්හි සියලු දීඝ නිකාය, මජ්ඣිම නිකායාදිය විචාරා පිළිවෙලින් ඛුද්දක නිකාය විමසන ආයුෂ්මත් මහා කාශ්‍යප තෙරුන් වහන්සේ විසින් “ඇවැත් ආනන්දයෙනි, “මඞ්ගල සූත්‍රය කොහිදී දේශනා කරන ලද්දේදැයි යනාදී මේ වචන අවසානයෙහි නිදානය ද විචාළහ. පුද්ගලයා ද විචාළහ. මෙහි නිදානය විමසූ කල්හි එම නිදානය විස්තර කොට යම්සේ දෙසන ලද්දේ ද, යමෙකු විසින් අසන ලද්දේ ද, යම් දිනක අසන ලද්දේ ද, යමෙකු විසින් දෙසන ලද්දේ ද යම්තැනක දෙසන ලද්දේ ද යමෙකුට දෙසන ලද්දේ ද යන ඒ සියල්ල කියනු කැමැත්තේ මෙසේ දේශනා කරන ලදී. මවිසින් අසන ලදී. එක් සමයෙක්හි අසන ලදී. සැවැත් නුවර දී දේශනා කරන ලදී. දෙවියෙකු හට දේශනා කරන ලදී යයි. මේ කරුණු දේශනා කරන ආයුෂ්මත් ආනන්ද තෙරුන් විසින් “එවං මෙ සුතං, එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ -පෙ- භගවන්තං ගාථාය අජ්ඣභාසි” යයි වදාරන ලදී. මෙසේ මේ පාඨය ආයුෂ්මත් ආනන්ද තෙරුන් විසින් දේශනා කරන ලදී. එය ද ප්‍රථම මහා සඞ්ගීති කාලයෙහි දේශනා කරන ලද්දේ යයි දත යුතුය.
ඉදානි “කස්මා වුත්ත”න්ති එත්ථ වුච්චතෙ – යස්මා අයමායස්මා මහාකස්සපත්ථෙරෙන නිදානං පුට්ඨො, තස්මානෙන තං නිදානං ආදිතො පභුති විත්ථාරෙතුං වුත්තං. යස්මා වා ආනන්දං ධම්මාසනෙ නිසින්නං වසීගණපරිවුතං දිස්වා එකච්චානං දෙවතානං චිත්තමුප්පන්නං “අයමායස්මා වෙදෙහමුනි පකතියාපි සක්යකුලමන්වයො භගවතො දායාදො, භගවතාපි පඤ්චක්ඛත්තුං එතදග්ගෙ නිද්දිට්ඨො, චතූහි අච්ඡරියඅබ්භුතධම්මෙහි සමන්නාගතො, චතුන්නං පරිසානං පියො මනාපො, ඉදානි මඤ්ඤෙ භගවතො ධම්මරජ්ජදායජ්ජං පත්වා බුද්ධො ජාතො”ති. තස්මා ආයස්මා ආනන්දො තාසං දෙවතානං චෙතසා චෙතොපරිවිතක්කමඤ්ඤාය තං අභූතගුණසම්භාවනං අනධිවාසෙන්තො අත්තනො සාවකභාවමෙව දීපෙතුං ආහ “එවං මෙ සුතං එකං සමයං භගවා …පෙ… අජ්ඣභාසී”ති. එත්ථන්තරෙ පඤ්ච අරහන්තසතානි අනෙකානි ච දෙවතාසහස්සානි “සාධු සාධූ”ති ආයස්මන්තං ආනන්දං අභිනන්දිංසු, මහාභූමිචාලො අහොසි, නානාවිධකුසුමවස්සං අන්තලික්ඛතො පපති, අඤ්ඤානි ච බහූනි අච්ඡරියානි පාතුරහෙසුං, බහූනඤ්ච දෙවතානං සංවෙගො උප්පජ්ජි “යං අම්හෙහි භගවතො සම්මුඛා සුතං, ඉදානෙව තං පරොක්ඛා ජාත”න්ති. එවමිදං ආයස්මතා ආනන්දෙන පඨමමහාසඞ්ගීතිකාලෙ වදන්තෙනාපි ඉමිනා කාරණෙන වුත්තන්ති වෙදිතබ්බං.
දැන් කුමක් නිසා දේශනා කරන ලද්දේ ද? යන්න මෙහි කියනු ලැබේ. යම් හෙයකින් ආයුෂ්මත් මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ විසින් මේ නිදානය විචාරන ලද්දේ ද එහෙයින් ඒ ආනන්ද තෙරුන් විසින් එම නිදානය ආරම්භයේ සිට විස්තර කිරීමට දේශනා කරන ලදී. නැතහොත් යම් හෙයකින් භික්ෂු සමූහයා පිරිවරාගෙන ධර්මාසනයෙහි වැඩසිටි ආනන්ද තෙරුන් දැක සමහර දෙවියන්ට “වේදේහ මුනි (ආනන්ද තෙරුන්) ශාක්‍ය කුලයට අයත් හෙයින් ස්වාභාවිකව භාග්‍යවතුන් වහන්සේගේ උරුමයට හිමිකරුවෙකි. භාග්‍යවතුන් වහන්සේ විසින් ද පස්වරක් එතදග්‍රයෙහි (මේ කාරණයෙහි මෙතෙම අග්‍රයයි පැවසීම) නිර්දිෂ්ටය. ආශ්චර්‍ය්‍ය අද්භුත ධර්ම හතරකින් යුක්තය. සිව් පිරිසට ප්‍රිය මනාපය. දැන් භාග්‍යවතුන් වහන්සේ ධර්ම රාජ්‍ය දායාදයට පැමිණ බුදු වූයේ වන්නේ යයි සිතක් උපන්නේ ද එහෙයින් ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේ ඒ දෙවියන්ගේ සිතුවිල්ල තම සිතින් දැන තමා තුළ නොමැති ඒ ගුණ සම්භාවනාව නොඉවසන්නාහු තමාගේ ශ්රාවකභාවයම පැහැදිලි කිරීමට “එවං මෙසුතං එකං සමයං භගවා -පෙ- අජ්ඣභාසි” යයි වදාළහ. මේ අතරතුර පන්සීයක් රහතන් වහන්සේලා ද නොයෙක් දහස් ගණන් දෙවියෝ ද “සාධු සාධු” යයි ආයුෂ්මත් ආනන්ද තෙරුන්ට සතුට පළකළහ. මහත් භූමිකම්පාවක් ඇතිවිය. නොයෙක් ආකාරයේ මල්වැසි අහසින් වැටිණ. වෙනත් බොහෝ ආශ්චර්ය්යයෝ ද පහල වූහ. බොහෝ දෙවියන්ට “අප විසින් භාග්‍යවතුන් වහන්සේ හමුවෙහි යම් ධර්මයක් අසන ලදද එය මේ මොහොතේ සිට පරෝක්ෂයක් (ඉන්ද්රිය ප්රත්යක්ෂ නොවූවක්) වී යයි සංවේගය උපනි. මෙසේ මෙය ආයුෂ්මත් ආනන්ද තෙරුන් විසින් ප්‍රථම මහා සඞ්ගීති කාලයෙහි දේශනා කරන්නේ නමුදු මේ කාරණය නිසාද දේශනා කරන ලද්දේ යයි දත යුතුය.
එත්තාවතා ච “වුත්තං යෙන යදා යස්මා, චෙතං වත්වා ඉමං විධි”න්ති ඉමිස්සා අද්ධගාථාය අත්ථො පකාසිතො හොති.
මෙපමණකින්ම “වුත්තං යෙන යදා යස්මා වෙතං වත්වා ඉමං විධිං” යන මේ ගාථාර්ධයෙහි අර්ථය ප්‍රකාශ කළේ වෙයි.