නික්ඛෙපප්පයොජනං අට්ඨකථා
නික්ඛෙපප්පයොජනං
නික්ඛෙපප්පයොජනං
ඉදානි කුමාරපඤ්හානන්තරං නික්ඛිත්තස්ස මඞ්ගලසුත්තස්ස අත්ථවණ්ණනාක්කමො අනුප්පත්තො, තස්ස ඉධ නික්ඛෙපප්පයොජනං වත්වා අත්ථවණ්ණනං කරිස්සාම. සෙය්යථිදං – ඉදඤ්හි සුත්තං ඉමිනා අනුක්කමෙන භගවතා අවුත්තම්පි ය්වායං සරණගමනෙහි සාසනොතාරො, සික්ඛාපදද්වත්තිංසාකාරකුමාරපඤ්හෙහි ච සීලසමාධිපඤ්ඤාප්පභෙදනයො දස්සිතො, සබ්බොපෙස පරමමඞ්ගලභූතො, යතො මඞ්ගලත්ථිකෙන එත්ථෙව අභියොගො කාතබ්බො, සො චස්ස මඞ්ගලභාවො ඉමිනා සුත්තානුසාරෙන වෙදිතබ්බොති දස්සනත්ථං වුත්තං.
දැන් කුමාර ප්‍රශ්නයෙන් අනතුරුව ඇතුළත් කරන ලද මඞ්ගල සූත්‍රයෙහි වර්ණනාව පිළිවෙළින් පැමිණියේය. එය මෙහි ඇතුළත් කිරීමේ ප්‍රයෝජනය කියා අර්ථ වර්ණනාව කරන්නෙමු. ඒ කෙසේද යත්? මේ සූත්‍රය වනාහි මේ පිළිවෙළින් භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා නොකරන ලද්දේ නමුදු සරණාගමනයන්ගෙන් යම් මේ ශාසනයට බැස ගැනීම ද සික්ඛාපද ද්වත්තිංසාකාර, කුමාර පඤ්හයන්ගෙන් පිළිවෙළින් සීල, සමාධි, පඤ්ඤා ප්‍රභේද ද දක්වන ලද්දේය. මේ සියල්ල උතුම් මඞ්ගල වූයේ මඞ්ගලයෙන් ප්‍රයෝජන ඇත්තා විසින් මෙහිම නැවත නැවත යෙදීම යම්හෙයකින් කළයුතු වන්නේ ද හෙතෙමේ මෙහි මඞ්ගලභාවය මේ සූත්‍රය අනුසාරයෙන් දතයුතු යයි දැක්වීම සඳහා දේශනා කරන ලදී.
ඉදමස්ස ඉධ නික්ඛෙපප්පයොජනං.
මේ මෙම සූත්‍රය මෙහි ඇතුළත් කිරීමේ ප්‍රයෝජනයයි.