යෙදුමෙන් කියවන්න

පඤ‍්හවණ‍්ණනා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

පඤ්හවණ්ණනා

එකං නාම කින‍්තිපඤ‍්හවණ‍්ණනා

එකං නාම කින්තිපඤ්හවණ්ණනා

ඉදානි තෙසං අත්‍ථවණ‍්ණනා හොති – එකං නාම කින‍්ති භගවා යස‍්මිං එකධම‍්මස‍්මිං භික‍්ඛු සම‍්මා නිබ‍්බින්‍දමානො අනුපුබ‍්බෙන දුක‍්ඛස‍්සන‍්තකරො හොති, යස‍්මිං චායමායස‍්මා නිබ‍්බින්‍දමානො අනුපුබ‍්බෙන දුක‍්ඛස‍්සන‍්තමකාසි, තං ධම‍්මං සන්‍ධාය පඤ‍්හං පුච‍්ඡති. “සබ‍්බෙ සත‍්තා ආහාරට‍්ඨිතිකා”ති ථෙරො පුග‍්ගලාධිට‍්ඨානාය දෙසනාය විස‍්සජ‍්ජෙති. “කතමා ච, භික‍්ඛවෙ, සම‍්මාසති? ඉධ, භික‍්ඛවෙ, භික‍්ඛු කායෙ කායානුපස‍්සී විහරතී”ති (සං· නි· 5.8) එවමාදීනි චෙත්‍ථ සුත‍්තානි එවං විස‍්සජ‍්ජනයුත‍්තිසම‍්භවෙ සාධකානි. එත්‍ථ යෙනාහාරෙන සබ‍්බෙ සත‍්තා “ආහාරට‍්ඨිතිකා”ති වුච‍්චන‍්ති, සො ආහාරො තං වා නෙසං ආහාරට‍්ඨිතිකත‍්තං “එකං නාම කි”න‍්ති පුට‍්ඨෙන ථෙරෙන නිද‍්දිට‍්ඨන‍්ති වෙදිතබ‍්බං. තඤ‍්හි භගවතා ඉධ එකන‍්ති අධිප‍්පෙතං, න තු සාසනෙ ලොකෙ වා අඤ‍්ඤං එකං නාම නත්‍ථීති ඤාපෙතුං වුත‍්තං. වුත‍්තඤ‍්හෙතං භගවතා –

දැන් ඒ ප්‍රශ්නයන්ගේ අර්‍ථ වර්‍ණනාව වේ. “එක නාම කිං” (එක නම් කිම?) යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ “භික්ෂුව යම් එක් ධර්‍මයෙක්හි මැනවින් කලකිරෙන්නේ පිළිවෙළින් දුක් කෙළවර කරන්නේ වේ ද ආයුෂ්මත් සෝපාක තෙමේ යමෙක්හි කලකිරෙන්නේ පිළිවෙලින් දුක් කෙළවර කළේ ද ඒ ධර්‍මය අරමුණු කොට ප්‍රශ්නයක් විමසති. “සබ්බෙසත්තා ආහාරට්ඨිතිකා” (සියලු සත්ත්වයෝ ආහාර ස්ථිතිකයෝය) යනුවෙන් තෙරුන් වහන්සේ පුද්ගලාධිෂ්ඨාන දේශනාවෙන් විසඳති. “මහණෙනි, සම්මා සතිය නම් කවරේද? මහණෙනි මේ ශාසනයෙහි භික්ෂුව කයෙහි කය අනුව දකිමින් වාසය කරයිද?” (සතිපට්ඨාන සුත්ත) යන මේ ආදී සූත්‍රයෝ මෙසේ විසඳීමෙහි සාධාරණ බවට සාධකයෝ වෙති. මෙහි යම් ආහාරයකින් සියලු සත්ත්වයෝ ආහාරස්ථිතික යයි කියනු ලැබෙත් ද ඒ ආහාරය හෝ ඔවුන්ගේ ඒ ආහාර ස්ථිතික බව “එක නම් කිමෙක්දැ”යි විචාරණ ලද තෙරුන් වහන්සේ විසින් දක්වන ලද්දේ යයි දත යුතුය. භාග්‍යවතුන් වහන්සේ විසින් එයම මෙහි “එක” යන්නෙන් අදහස් කරන ලදී. ශාසනයෙහි හෝ ලෝකයෙහි හෝ වෙනත් ‘එක’ නම් වූ දෙයක් නැත්තේ නොවේ යයි හැඟවීමට කියන ලදී. භාග්‍යවතුන් වහන්සේ විසින්

“එකධම‍්මෙ, භික‍්ඛවෙ, භික‍්ඛු සම‍්මා නිබ‍්බින්‍දමානො සම‍්මා විරජ‍්ජමානො සම‍්මා විමුච‍්චමානො සම‍්මා පරියන‍්තදස‍්සාවී සම‍්මත‍්තං අභිසමෙච‍්ච දිට‍්ඨෙව ධම‍්මෙ දුක‍්ඛස‍්සන‍්තකරො හොති. කතමස‍්මිං එකධම‍්මෙ? සබ‍්බෙ සත‍්තා ආහාරට‍්ඨිතිකා. ඉමස‍්මිං ඛො, භික‍්ඛවෙ, එකධම‍්මෙ භික‍්ඛු සම‍්මා නිබ‍්බින්‍දමානො…පෙ… දුක‍්ඛස‍්සන‍්තකරො හොති. ‘එකො පඤ‍්හො එකො උද‍්දෙසො එකං වෙය්‍යාකරණ’න‍්ති ඉති යං තං වුත‍්තං, ඉදමෙතං පටිච‍්ච වුත‍්ත”න‍්ති (අ· නි· 10.27).

“මහණෙනි, එක් ධර්‍මයෙක්හි භික්ෂුව මැනවින් උකටලී වන්නේ මැනවින් නොඇලෙන්නේ මැනවින් මිදෙන්නේ මැනවින් කෙළවර දකින්නෙක් වන්නේ සම සභාගත්වය දැන මෙලොවදීම දුක් කෙළවර කරන්නෙක් වෙයි. කවර එක් ධර්‍මයෙක්හි ද යත්? සියලු සත්ත්වයෝ ආහාර ස්ථිතිකයහ. මහණෙනි, මේ එක් ධර්‍මයෙහි භික්ෂු තෙම මොනවට උකටලී වනුයේ -පෙ- දුක් කෙළවර කරන්නේ වේ. එක් ප්‍රශ්නයකි, එක් උදෙසුමෙකි, එක් විසඳුමෙකියි මෙසේ යමක් කියන ලද නම් එය මේ පිණිස කියන ලදී. (අංගුත්තර දසක නිපාත) යන මෙය දේශනා කරන ලදී.

ආහාරට‍්ඨිතිකාති චෙත්‍ථ යථා “අත්‍ථි, භික‍්ඛවෙ, සුභනිමිත‍්තං. තත්‍ථ අයොනිසො මනසිකාරබහුලීකාරො, අයමාහාරො අනුප‍්පන‍්නස‍්ස වා කාමච‍්ඡන්‍දස‍්ස උප‍්පාදායා”ති එවමාදීසු (සං· නි· 5.232) පච‍්චයො ආහාරොති වුච‍්චති, එවං පච‍්චයං ආහාරසද‍්දෙන ගහෙත්‍වා පච‍්චයට‍්ඨිතිකා “ආහාරට‍්ඨිතිකා”ති වුත‍්තා. චත‍්තාරො පන ආහාරෙ සන්‍ධාය – “ආහාරට‍්ඨිතිකා”ති වුච‍්චමානෙ “අසඤ‍්ඤසත‍්තා දෙවා අහෙතුකා අනාහාරා අඵස‍්සකා අවෙදනකා”ති වචනතො (විභ· 1017) “සබ‍්බෙ”ති වචනමයුත‍්තං භවෙය්‍ය.

“ආහාරට්ඨිතිකා” යන මෙහි යම්සේ “මහණෙනි, සුභ නිමිත්තක් ඇත්තේ ද එහි නුනුවණින් මෙනෙහි කිරීම බහුලව කරන සුලු වූයේ වේ ද නූපන් හෝ කාමච්ඡාඡන්දයාගේ පහළවීමට මෙය ආහාරයක් වේ (අංගුත්තර නිකාය) යන මේ ආදී තන්හි ප්‍රත්‍යය ආහාර යයි කියනු ලැබේ. මෙසේ ආහාර ශබ්දයෙන් ප්‍රත්‍යයන් ගෙන ප්‍රත්‍යය කරණ කොට ගෙන පවතින්නෝ ආහාර ස්ථිතිකයෝ යයි කියන ලදී. සතර ආහාරයන් අරමුණු කොට ආහාර ස්ථිතිකයෝ යයි කියනු ලබන කල්හි “අසංඥසත්ව දෙවියෝ අහේතුකයෝය. අනාහාරයෝය. අස්පර්‍ශකයෝ ය. අවේදනිකයෝය” (විභඞ්ගප්පකරණ) යයි කීහෙයින් සියල්ලෝ” යන වචනය නුසුදුසු වන්නේය.

තත්‍ථ සියා – එවම‍්පි වුච‍්චමානෙ “කතමෙ ධම‍්මා සපච‍්චයා? පඤ‍්චක‍්ඛන්‍ධා – රූපක‍්ඛන්‍ධො…පෙ… විඤ‍්ඤාණක‍්ඛන්‍ධො”ති (ධ· ස· 1089) වචනතො ඛන්‍ධානංයෙව පච‍්චයට‍්ඨිතිකත‍්තං යුත‍්තං, සත‍්තානන‍්තු අයුත‍්තමෙවෙතං වචනං භවෙය්‍යාති. න ඛො පනෙතං එවං දට‍්ඨබ‍්බං. කස‍්මා ? සත‍්තෙසු ඛන්‍ධොපචාරසිද‍්ධිතො. සත‍්තෙසු හි ඛන්‍ධොපචාරො සිද‍්ධො. කස‍්මා? ඛන්‍ධෙ උපාදාය පඤ‍්ඤාපෙතබ‍්බතො. කථං? ගෙහෙ ගාමොපචාරො විය. සෙය්‍යථාපි හි ගෙහානි උපාදාය පඤ‍්ඤාපෙතබ‍්බත‍්තා ගාමස‍්ස එකස‍්මිම‍්පි ද‍්වීසු තීසුපි වා ගෙහෙසු දඩ‍්ඪෙසු “ගාමො දඩ‍්ඪො”ති එවං ගෙහෙ ගාමොපචාරො සිද‍්ධො, එවමෙව ඛන්‍ධෙසු පච‍්චයට‍්ඨෙන ආහාරට‍්ඨිතිකෙසු “සත‍්තා ආහාරට‍්ඨිතිකා”ති අයං උපචාරො සිද‍්ධොති වෙදිතබ‍්බො. පරමත්‍ථතො ච ඛන්‍ධෙසු ජායමානෙසු ජීයමානෙසු මීයමානෙසු ච “ඛණෙ ඛණෙ ත්‍වං භික‍්ඛු ජායසෙ ච ජීයසෙ ච මීයසෙ චා”ති වදතා භගවතා තෙසු සත‍්තෙසු ඛන්‍ධොපචාරො සිද‍්ධොති දස‍්සිතො එවාති වෙදිතබ‍්බො.

මෙසේ කියනු ලබන කල්හි “කවර ධර්‍මයෝ සප්‍රත්‍ය වෙත්ද? රූපස්කන්ධය -පෙ- විඥානස්කන්‍ධය යන පංචස්කන්‍ධයෝය”යි කී හෙයින් ස්කන්‍ධයන්ගේම ප්‍රත්‍යස්ථිතික බව සුදුසුය. සත්ත්වයන් සම්බන්ධයෙන් වනාහි මේ වචනය නුසුදුසුම වන්නේය යයි අදහසක් විය හැකිය. මෙය මෙසේ නොදත යුතුය. කුමක් හෙයින්ද යත්? සත්ත්වයන් කෙරෙහි ස්කන්‍ධයන්ගේ උපචාරය සිද්ධ හෙයිනි. සත්ත්වයන් කෙරෙහි ද ස්කන්‍ධොපචාරය සිද්ධ වේ. කුමක් හෙයින්ද යත්? ස්කන්‍ධයන් අරමුණු කොට පැනවිය යුතු හෙයිනි. කෙසේද? ගෘහයන්ට ගාමෝපචාරය මෙනි. ගෙවල් අරමුණු කොට පැනවිය යුතු හෙයින් ගමක එක් ගෙයක් හෝ දෙකක් හෝ තුනක් හෝ ගෙවල් දැවුණු කල්හි “ගම දැවුණේ” යයි ප්‍රකාශ කරන්නේ යම්සේද මෙසේ ගෙය අරමුණු කොට ගාමෝපචාරය සිද්ධ වේ. ඒ ආකාරයට ප්‍රත්‍යවීම් අර්‍ථයෙන් ස්කන්‍ධයන් ආහාරයෙන් පැවති කල්හි “සත්වයෝ ආහාරස්ථිතිකයහ” යන මේ උපචාරය සිද්ධ වීයයි දත යුතුය. පරමාර්‍ථ වශයෙන් ද “භික්ෂුව නුඹ, ස්කන්ධයන් උපදින කල්හි ද දිරන කල්හි ද මිය යන කල්හි ද ක්‍ෂණයක් ක්ෂණයක් පාසා උපදින්නේ ද දිරන්නේ ද මිය යන්නේ ද වේ” යයි දේශනා කරන භාග්‍යවතුන් වහන්සේ විසින් ඒ සත්ත්වයන් කෙරෙහි ස්කන්‍ධොපචාරය සිද්ධ වේ යයි දක්වන ලද්දේම යයි දත යුතුය.

යතො යෙන පච‍්චයාඛ්‍යෙන ආහාරෙන සබ‍්බෙ සත‍්තා තිට‍්ඨන‍්ති, සො ආහාරො තං වා නෙසං ආහාරට‍්ඨිතිකත‍්තං එකන‍්ති වෙදිතබ‍්බං. ආහාරො හි ආහාරට‍්ඨිතිකත‍්තං වා අනිච‍්චතාකාරණතො නිබ‍්බිදාට‍්ඨානං හොති. අථ තෙසු සබ‍්බසත‍්තසඤ‍්ඤිතෙසු සඞ‍්ඛාරෙසු අනිච‍්චතාදස‍්සනෙන නිබ‍්බින්‍දමානො අනුපුබ‍්බෙන දුක‍්ඛස‍්සන‍්තකරො හොති, පරමත්‍ථවිසුද‍්ධිං පාපුණාති. යථාහ –

යම් හෙයකින් යම් ප්‍රත්‍ය නම් වූ ආහාරයකින් සියලු සත්ත්වයෝ පවතිත්ද ඒ ආහාරය හෝ ඔවුන්ගේ ඒ ආහාරයෙන් පවතින බව “එකං” (එක) යයි දත යුතුය. ආහාරය හෝ ආහාරයෙන් පවතින බව වනාහි අනිත්‍යයට කරුණු වන හෙයින් කලකිරීමට හේතුවක් වේ. ඉක්බිති ඒ සියලු සත්ත්ව සංඛ්‍යාත සංස්කාරයන්හි අනිත්‍ය වශයෙන් දැකීමෙන් කලකිරෙන්නේ පිළිවෙළින් දුක් කෙළවර කරන්නේ වේ. පරමාර්ථ විසුද්ධියට පැමිණේ. යම්සේ වදාළේද? -

“සබ‍්බෙ සඞ‍්ඛාරා අනිච‍්චාති, යදා පඤ‍්ඤාය පස‍්සති; අථ නිබ‍්බින්‍දති දුක‍්ඛෙ, එස මග‍්ගො විසුද‍්ධියා”ති. (ධ· ප· 277);

“යමෙක් යම් දිනෙක සියලු සංස්කාරයන් අනිත්‍ය යයි නුවණින් දකීද ඉක්බිති දුකෙහි කලකිරේ. මෙය විසුද්ධිය හෙවත් නිවනට මග වේ” යනුයි.

එත්‍ථ ච “එකං නාම කි”න‍්ති ච “කිහා”ති ච දුවිධො පාඨො, තත්‍ථ සීහළානං කිහාති පාඨො. තෙ හි “කි”න‍්ති වත‍්තබ‍්බෙ “කිහා”ති වදන‍්ති. කෙචි භණන‍්ති “හ-ඉති නිපාතො, ථෙරියානම‍්පි අයමෙව පාඨො”ති උභයථාපි පන එකොව අත්‍ථො. යථා රුච‍්චති, තථා පඨිතබ‍්බං. යථා පන “සුඛෙන ඵුට‍්ඨො අථ වා දුඛෙන (ධ· ප· 83), දුක‍්ඛං දොමනස‍්සං පටිසංවෙදෙතී”ති එවමාදීසු කත්‍ථචි දුඛන‍්ති ච කත්‍ථචි දුක‍්ඛන‍්ති ච වුච‍්චති, එවං කත්‍ථචි එකන‍්ති, කත්‍ථචි එක‍්කන‍්ති වුච‍්චති. ඉධ පන එකං නාමාති අයමෙව පාඨො.

මෙහිද “එකනාම කිං” යයි ද “කිහා” යයි ද පාඨ දෙකකි. එහි සිංහලයන්ගේ “කිහා” යන පාඨයයි. ඔවුහු “කිං” යයි කිවයුතු කල්හි “කිහා” යයි කියති. සමහරු මෙසේ කියති. “හ” යනු නිපාතයකි. ථේරවාදීන්ගේ ද මෙම පාඨයම වේ” යනුවෙනි. දෙආකාරයෙන්ම එකම අර්‍ථයකි. එබැවින් යම්සේ රුචිකෙරේද එසේ ශබ්ද කළ යුතුය. යම්සේ වනාහි “සුඛෙන ඵුට්ඨා අථවා දුඛෙන” “දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති” යන මේ ආදී තන්හි කිසියම් තැනක “දුබං” කියාද කිසියම් තැනක “දුක්ඛං” කියාද කියනු ලැබේ. එසේ කිසියම් තැනක “එකං” කියාද කිසියම් තැනක “එක” කියාද කියනු ලැබේ. මෙහි වනාහි “එකනාම” යන පාඨයම වේ.

ද‍්වෙ නාම කින‍්තිපඤ‍්හවණ‍්ණනා

ද්වෙ නාම කින්තිපඤ්හවණ්ණනා

එවං ඉමිනා පඤ‍්හබ්‍යාකරණෙන ආරද‍්ධචිත‍්තො සත්‍ථා පුරිමනයෙනෙව උත‍්තරිං පඤ‍්හං පුච‍්ඡති ද‍්වෙ නාම කින‍්ති? ථෙරො ද‍්වෙති පච‍්චනුභාසිත්‍වා “නාමඤ‍්ච රූපඤ‍්චා”ති ධම‍්මාධිට‍්ඨානාය දෙසනාය විස‍්සජ‍්ජෙති. තත්‍ථ ආරම‍්මණාභිමුඛං නමනතො, චිත‍්තස‍්ස ච නතිහෙතුතො සබ‍්බම‍්පි අරූපං “නාම”න‍්ති වුච‍්චති. ඉධ පන නිබ‍්බිදාහෙතුත‍්තා සාසවධම‍්මමෙව අධිප‍්පෙතං රුප‍්පනට‍්ඨෙන චත‍්තාරො ච මහාභූතා, සබ‍්බඤ‍්ච තදුපාදාය පවත‍්තමානං රූපං “රූප”න‍්ති වුච‍්චති, තං සබ‍්බම‍්පි ඉධාධිප‍්පෙතං. අධිප‍්පායවසෙනෙව චෙත්‍ථ “ද‍්වෙ නාම නාමඤ‍්ච රූපඤ‍්චා”ති වුත‍්තං, න අඤ‍්ඤෙසං ද‍්වින‍්නමභාවතො. යථාහ –

මෙසේ මේ ප්‍රශ්න විසඳීමෙන් සතුටු වූ සිත් ඇති ශාස්තෲන් වහන්සේ පෙර ක්‍රමයටම “ද්වෙ නාම කිං” (දෙක නම් කිම?) යයි තවත් ප්‍රශ්නයක් විමසති. තෙරුන් වහන්සේ “ද්වෙ” යයි නැවත ඒ අනුව කියා “නාමඤ්ච රූපඤ්ච” (නාමය ද රූපය ද වේ) යයි ධර්‍මාධිෂ්ඨාන දේශනයෙන් විසඳති. එහි අරමුණට අභිමුඛව නැමෙන හෙයින් සිතට ද නැමීමට හේතුවන බැවින් සියලුම අරූප නාම යයි කියනු ලැබේ. මෙහි වනාහි කලකිරීමට හේතුවන බැවින් ආශ්‍රව සහිත ධර්‍මයම අදහස් කරන ලදී. වෙනස් වීම් අර්‍ථයෙන් සතර මහා භූතයෝ ද එය උපාදාය කොට පවතින සියලු රූප ද රූප යයි කියනු ලැබේ. ඒ සියල්ලම මෙහි අදහස් කරන ලදී. අදහස් කළ දේ වශයෙන්ම මෙහි දෙක නම් “නාමයත් රූපයත්” යයි කියන ලදී. අනෙකුත් දෙකක් නොමැති නිසා නොවේ. යම්සේ වදාළේ ද :-

“ද‍්වීසු, භික‍්ඛවෙ, ධම‍්මෙසු භික‍්ඛු සම‍්මා නිබ‍්බින්‍දමානො…පෙ… දුක‍්ඛස‍්සන‍්තකරො හොති. කතමෙසු ද‍්වීසු? නාමෙ ච රූපෙ ච. ඉමෙසු ඛො, භික‍්ඛවෙ, ද‍්වීසු ධම‍්මෙසු භික‍්ඛු සම‍්මා නිබ‍්බින්‍දමානො…පෙ… දුක‍්ඛස‍්සන‍්තකරො හොති. ‘ද‍්වෙ පඤ‍්හා, ද‍්වෙ උද‍්දෙසා, ද‍්වෙ වෙය්‍යාකරණානී’ති ඉති යං තං වුත‍්තං, ඉදමෙතං පටිච‍්ච වුත‍්ත”න‍්ති (අ· නි· 10.27).

“මහණෙනි, ධර්‍ම දෙකෙක්හි භික්ෂුව මැනවින් කලකිරෙන්නේ -පෙ- දුක් කෙළවර කරන්නේ වෙයි. කවර දෙකෙක්හිද යත්? නාමයෙහි හා රූපයෙහියි. මහණෙනි, මේ ධර්‍ම දෙකෙක්හි භික්ෂුව මනාව කලකිරෙන්නේ -පෙ- දුක් කෙළවර කරන්නේ වෙයි. ප්‍රශ්න දෙකෙකි. උදෙසුම් දෙකෙකි. විමසුම් දෙකෙකැයි මෙසේ යමක් කියන ලද්දේ ද එය මේ සඳහා කියන ලදී. (අංගුත්තර දසක නිපාත) යනුවෙනි.

එත්‍ථ ච නාමරූපමත‍්තදස‍්සනෙන අත‍්තදිට‍්ඨිං පහාය අනත‍්තානුපස‍්සනාමුඛෙනෙව නිබ‍්බින්‍දමානො අනුපුබ‍්බෙන දුක‍්ඛස‍්සන‍්තකරො හොති, පරමත්‍ථවිසුද‍්ධිං පාපුණාතීති වෙදිතබ‍්බො. යථාහ –

මෙහිද නාමරූප මාත්‍ර වශයෙන් දැක්වීමෙන් ආත්ම දෘෂ්ටිය අත්හැර අනාත්මානුස්සනා මුඛයෙන්ම කලකිරෙන්නේ පිළිවෙළින් දුක් කෙළවර කරන්නේ වේ. පරමාර්‍ථ විසුද්ධියට පැමිණේ යයි දත යුතුය. යම්සේ වදාළේ ද :-

“සබ‍්බෙ ධම‍්මා අනත‍්තාති, යදා පඤ‍්ඤාය පස‍්සති; අථ නිබ‍්බින්‍දති දුක‍්ඛෙ, එස මග‍්ගො විසුද‍්ධියා”ති. (ධ· ප· 279);

“යමෙක් යම් විටෙක සියලු ධර්‍ම අනාත්ම යයි නුවණින් දැකගනී ද එවිට දුක ගැන කලකිරේ. එයම විසුද්ධියට මග වේ” යනුයි.

තීණි නාම කින‍්තිපඤ‍්හවණ‍්ණනා

තීණි නාම කින්තිපඤ්හවණ්ණනා

ඉදානි ඉමිනාපි පඤ‍්හබ්‍යාකරණෙන ආරද‍්ධචිත‍්තො සත්‍ථා පුරිමනයෙනෙව උත‍්තරිං පඤ‍්හං පුච‍්ඡති තීණි නාම කින‍්ති? ථෙරො තීණීති පච‍්චනුභාසිත්‍වා පුන බ්‍යාකරිතබ‍්බස‍්ස අත්‍ථස‍්ස ලිඞ‍්ගානුරූපං සඞ‍්ඛ්‍යං දස‍්සෙන‍්තො “තිස‍්සො වෙදනා”ති විස‍්සජ‍්ජෙති. අථ වා “යා භගවතා ‘තිස‍්සො වෙදනා’ති වුත‍්තා, ඉමාසමත්‍ථමහං තීණීති පච‍්චෙමී”ති දස‍්සෙන‍්තො ආහාති එවම‍්පෙත්‍ථ අත්‍ථො වෙදිතබ‍්බො. අනෙකමුඛා හි දෙසනා පටිසම‍්භිදාපභෙදෙන දෙසනාවිලාසප‍්පත‍්තානං. කෙචි පනාහු “තීණීති අධිකපදමිද”න‍්ති. පුරිමනයෙනෙව චෙත්‍ථ “තිස‍්සො වෙදනා”ති වුත‍්තං, න අඤ‍්ඤෙසං තිණ‍්ණමභාවතො. යථාහ –

දැන් මේ ප්‍රශ්න විසඳීමෙන් ද සතුටු වූ සිත් ඇති ශාස්තෲන් වහන්සේ පෙර අයුරින්ම “තීණි නාම කිං” (තුන නම් කිම) යයි තවත් ප්‍රශ්නයක් විමසති. තෙරුන් වහන්සේ “තීණි” යයි පිළිවදන් දී නැවත විසඳිය යුතු අර්‍ථයෙහි ලිඞ්ගයට අනුව සඞ්ඛ්‍යාව දක්වන්නාහු “තිස්සො වෙදනා” (වේදනා තුනය) යයි විසඳති. නැතහොත් භාග්‍යවතුන් වහන්සේ විසින් යමක් “වේදනා තුන” යයි දේශනා කරන ලද්දේ ද මේ අර්‍ථය මම “තීණි” යයි විශ්වාස කරමි’යි දක්වමින් වදාළේ යයි මෙසේද මෙහි අර්‍ථය දත යුතුය. පටිසම්භිදා ප්‍රභේද වශයෙන් දේශනා විලාසයන්ට පැමිණී ඇත්තන්ගේ දේශනාවෝ විවිධ ස්වරූප ඇත්තාහ. සමහරු වනාහි “තීණි”යන මෙය අධික පදයකැයි කීහ. පෙර ක්‍රමයටම මෙහි “තිස්සො වෙදනා” (වේදනා තුනකි) යි දේශනා කරන ලදී. වෙනත් තුනක් නොමැති හෙයින් නොවේ. යම්සේ වදාළේද :-

“තීසු, භික‍්ඛවෙ, ධම‍්මෙසු භික‍්ඛු සම‍්මා නිබ‍්බින්‍දමානො…පෙ… දුක‍්ඛස‍්සන‍්තකරො හොති. කතමෙසු තීසු? තීසු වෙදනාසු. ඉමෙසු ඛො, භික‍්ඛවෙ, තීසු ධම‍්මෙසු භික‍්ඛු සම‍්මා නිබ‍්බින්‍දමානො…පෙ… දුක‍්ඛස‍්සන‍්තකරො හොති. ‘තයො පඤ‍්හා, තයො උද‍්දෙසා, තීණි වෙය්‍යාකරණානී’ති ඉති යං තං වුත‍්තං, ඉදමෙතං පටිච‍්ච වුත‍්ත”න‍්ති (අ· නි· 10.27).

“මහණෙනි, ධර්‍ම තුනෙක්හි මහණතෙම මොනොවට උකටලී වනුයේ -පෙ- දුක් කෙළවර කරනුයේ වෙයි. කවර තුනෙක්හි ද යත්? වේදනා තුනෙහිය. මහණෙනි, මේ ධර්‍ම තුනෙහි මහණතෙම මොනොවට උකටලී වනුයේ -පෙ- දුක් කෙළවර කරනුයේ වෙයි. ප්‍රශ්න තුනෙකි, උදෙසුම් තුනෙකි, විමසුම් තුනෙකියි මෙසේ යමක් කියන ලද්දේ ද එය මේ සඳහා කියන ලදී” යනුයි.

එත්‍ථ ච “යංකිඤ‍්චි වෙදයිතං, සබ‍්බං තං දුක‍්ඛස‍්මින‍්ති වදාමී”ති (සං· නි· 4.259) වුත‍්තසුත‍්තානුසාරෙන වා. –

මෙහිදී ද “විදිය යුතු යම් කිසිවක් වේ ද ඒ සියල්ලම දුකෙහි ඇතුළත් යයි කියමි”යි වදාළ සූත්‍රානුසාරයෙන් හෝ

“යො සුඛං දුක‍්ඛතො අද‍්ද, දුක‍්ඛමද‍්දක‍්ඛි සල‍්ලතො; අදුක‍්ඛමසුඛං සන‍්තං, අද‍්දක‍්ඛි නං අනිච‍්චතො”ති. (ඉතිවු· 53) –

“යම් ආර්‍ය්‍ය ශ්‍රාවකයෙක් සැප වේදනාව දුක් වශයෙන් දුටුවේ වේ ද දුක්ඛ වේදනාව ශල්‍යයක් මෙන් දුටුවේ වේ ද ශාන්ත වූ ඒ උපේක්ෂා වේදනාව අනිත්‍ය වශයෙන් දුටුවේ වේ ද (ඉතිවුත්තක පාලි) යනුවෙන්

එවං දුක‍්ඛදුක‍්ඛතාවිපරිණාමදුක‍්ඛතාසඞ‍්ඛාරදුක‍්ඛතානුසාරෙන වා තිස‍්සන‍්නං වෙදනානං දුක‍්ඛභාවදස‍්සනෙන සුඛසඤ‍්ඤං පහාය දුක‍්ඛානුපස‍්සනාමුඛෙන නිබ‍්බින්‍දමානො අනුපුබ‍්බෙන දුක‍්ඛස‍්සන‍්තකරො හොති, පරමත්‍ථවිසුද‍්ධිං පාපුණාතීති වෙදිතබ‍්බො. යථාහ –

මෙසේ දුඛදුක්ඛතා, විපරිණාම දුක්ඛතා, සංඛාර දුක්ඛතා යන මේවායේ අනුසාරයෙන් හෝ ත්‍රිවිධ වේදනාවන්ගේ දුක් සහිත බව දැකීමෙන් සැපය යන හැඟීම අත්හැර දුක අනුව බැලීම අනුසාරයෙන් කලකිරෙන්නේ පිළිවෙළින් දුක් කෙළවර කරන්නේ වේ. පරමාර්ථ විසුද්ධියට පැමිණේ යයි දත යුතුය. යම්සේ වදාළේද :-

“සබ‍්බෙ සඞ‍්ඛාරා දුක‍්ඛාති, යදා පඤ‍්ඤාය පස‍්සති; අථ නිබ‍්බින්‍දති දුක‍්ඛෙ, එස මග‍්ගො විසුද‍්ධියා”ති. (ධ· ප· 278);

“යමෙක් යම්විටෙක සියලු සංස්කාර දුක් යයි නුවණින් දැනගනී ද එවිට දුක ගැන කලකිරේ. එයම පිරිසිදුවීමට (නිවන් ලැබීමට) මගය.” (ධම්ම පදය)

චත‍්තාරි නාම කින‍්තිපඤ‍්හවණ‍්ණනා

චත්තාරි නාම කින්තිපඤ්හවණ්ණනා

එවං ඉමිනාපි පඤ‍්හබ්‍යාකරණෙන ආරද‍්ධචිත‍්තො සත්‍ථා පුරිමනයෙනෙව උත‍්තරිං පඤ‍්හං පුච‍්ඡති චත‍්තාරි නාම කින‍්ති? තත්‍ථ ඉමස‍්ස පඤ‍්හස‍්ස බ්‍යාකරණපක‍්ඛෙ කත්‍ථචි පුරිමනයෙනෙව චත‍්තාරො ආහාරා අධිප‍්පෙතා. යථාහ –

මෙසේ මේ ප්‍රශ්න විසඳීම කරණකොට ගෙන සතුටු වූ සිත් ඇති ශාස්තෲන් වහන්සේ පෙර ක්‍රමයටම තවත් ප්‍රශ්නයක් “චත්තාරි තාම කිං” (සතර නම් කිම?) යයි විමසති. එහිදී මේ ප්‍රශ්නයට විසඳුම් සෙවීමේ දී කිසියම් තැනක පෙර සඳහන් අයුරින්ම සතර ආහාරයෝ අදහස් කරන ලදහ. යම්සේ වදාළේද :-

“චතූසු, භික‍්ඛවෙ, ධම‍්මෙසු භික‍්ඛු සම‍්මා නිබ‍්බින්‍දමානො…පෙ… දුක‍්ඛස‍්සන‍්තකරො හොති. කතමෙසු චතූසු? චතූසු ආහාරෙසු. ඉමෙසු ඛො, භික‍්ඛවෙ, චතූසු ධම‍්මෙසු භික‍්ඛු සම‍්මා නිබ‍්බින්‍දමානො…පෙ… දුක‍්ඛස‍්සන‍්තකරො හොති. ‘චත‍්තාරො පඤ‍්හා චත‍්තාරො උද‍්දෙසා චත‍්තාරි වෙය්‍යාකරණානී’ති ඉති යං තං වුත‍්තං, ඉදමෙතං පටිච‍්ච වුත‍්ත”න‍්ති (අ· නි· 10.27).

“මහණෙනි, භික්ෂුතෙම සතර ධර්‍මයෙක්හි මොනොවට උකටලී වන්නේ -පෙ- දුක් කෙළවර කරන්නේ වේ ද, කවර සතරෙක්ද යත්? සතර ආහාරයන්හිය; මහණෙනි, මේ සතර ධර්‍මයන්හි භික්ෂුතෙම මොනවට උකටලී වන්නේ -පෙ- දුක් කෙළවර කරන්නේ වේ. සතර ප්‍රශ්නයකි, සතර උදෙසුමකි සතර විසඳුමකියි මේ යමක් කියන ලද්දේ ද එය මේ සඳහා දේශනා කරන ලදී. (අංගුත්තර නිකාය) යනුයි.

කත්‍ථචි යෙසු සුභාවිතචිත‍්තො අනුපුබ‍්බෙන දුක‍්ඛස‍්සන‍්තකරො හොති, තානි චත‍්තාරි සතිපට‍්ඨානානි. යථාහ කජඞ‍්ගලා භික‍්ඛුනී –

කිසියම් තැනෙක්හි යම් ධර්‍මයන්හි මැනවින් වැසූ සිත පිළිවෙළින් දුක් කෙළවර කරන්නේ වේ ද ඒ සතර සතිපට්ඨානයෝ (අදහස් කරන ලදහ) කජඞ්ගලා භික්ෂුණිය යම්සේ වදාළේද?:

“චතූසු, ආවුසො, ධම‍්මෙසු භික‍්ඛු සම‍්මා සුභාවිතචිත‍්තො සම‍්මා පරියන‍්තදස‍්සාවී සම‍්මත‍්තං අභිසමෙච‍්ච දිට‍්ඨෙව ධම‍්මෙ දුක‍්ඛස‍්සන‍්තකරො හොති. කතමෙසු චතූසු? චතූසු සතිපට‍්ඨානෙසු. ඉමෙසු ඛො, ආවුසො, චතූසු ධම‍්මෙසු භික‍්ඛු සම‍්මා සුභාවිතචිත‍්තො…පෙ… දුක‍්ඛස‍්සන‍්තකරො හොති. ‘චත‍්තාරො පඤ‍්හා චත‍්තාරො උද‍්දෙසා චත‍්තාරි වෙය්‍යාකරණානී’ති ඉති යං තං වුත‍්තං භගවතා, ඉදමෙතං පටිච‍්ච වුත‍්ත”න‍්ති (අ· නි· 10.28).

“ඇවැත්නි, සතර ධර්‍මයෙක්හි භික්ෂුතෙම මොනොවට වැඩු සිත් ඇත්තේ මොනොවට පර්‍ය්‍යන්තය දක්නා සුලු වූයේ සම සභාගත්වයට පැමිණ ඉහාත්මයෙහිම දුක් කෙළවර කරනුයේ වෙයි. කවර සතරෙක යත්? සතර සතිපට්ඨානයන්හිය. ඇවැත්නි, මේ සතර ධර්‍මයන්හි භික්ෂුතෙම මොනොවට වැඩු සිත් ඇත්තේ -පෙ- දුක් කෙළවර කරන්නේ වේ. සතර ප්‍රශ්නයෙකි. සතර උදෙසුමකි. සතර විසඳුමෙකැයි මෙසේ යමක් කියන ලද එය මේ සඳහා දේශනා කරන ලදී. (අංගුත්තර නිකාය) යනුයි.

ඉධ පන යෙසං චතුන‍්නං අනුබොධප‍්පටිවෙධතො භවතණ‍්හාඡෙදො හොති, යස‍්මා තානි චත‍්තාරි අරියසච‍්චානි අධිප‍්පෙතානි. යස‍්මා වා ඉමිනා පරියායෙන බ්‍යාකතං සුබ්‍යාකතමෙව හොති, තස‍්මා ථෙරො චත‍්තාරීති පච‍්චනුභාසිත්‍වා “අරියසච‍්චානී”ති විස‍්සජ‍්ජෙති. තත්‍ථ චත‍්තාරීති ගණනපරිච‍්ඡෙදො. අරියසච‍්චානීති අරියානි සච‍්චානි, අවිතථානි අවිසංවාදකානීති අත්‍ථො. යථාහ –

මෙහි වනාහි යම් ධර්‍මයක් අවබෝධ කරගැනීමෙන් ප්‍රතිවේධ කරගැනීමෙන් භව තෘෂ්ණාවගේ සිඳීම වේ ද යම්හෙයකින් ඒ චතුරාර්‍ය්‍ය සත්‍යයෝ අදහස් කරන ලද්දාහු වෙත්ද නැතහොත් යම් හෙයකින් මේ ආකාරයෙන් විසඳන ලද්දේ මැනවින් විසඳන ලද්දේම වේ ද එහෙයින් තෙරුන් වහන්සේ “චත්තාරි” (සතර) යයි නැවත පිළිවදන් දී “අරිය සච්චානි” (ආර්‍ය්‍ය සත්‍යයෝ) යයි විසඳති. මෙහි ‘චත්තාරි’ යනු සඞ්ඛ්‍යාව වෙන්කොට දැක්වීමයි. “අරිය සච්චානි” යනු ආර්‍ය්‍ය වූ සත්‍යයෝය. වෙනස් නොවන, විසංවාද නොවන යන අර්‍ථයයි. යම්සේ වදාළේ ද :-

“ඉමානි ඛො, භික‍්ඛවෙ, චත‍්තාරි අරියසච‍්චානි තථානි අවිතථානි අනඤ‍්ඤථානි, තස‍්මා අරියසච‍්චානීති වුච‍්චන‍්තී”ති (සං· නි· 5.1097).

“මහණෙනි, මේ චතුරාර්‍ය්‍ය සත්‍යයෝ ස්වභාවය, නොඉක්මවන හෙයින් “තථ” වෙති. එයට විරුද්ධ නොවන හෙයින් “අවිතථ” වෙති. අන්‍ය සත්‍යයකට නොපෙරළෙන හෙයින් “අනඤ්ඤථ” වෙති. එහෙයින් ආර්‍ය්‍ය සත්‍ය යයි කියනු ලැබේ’’ යනුයි.

යස‍්මා වා සදෙවකෙන ලොකෙන අරණීයතො අභිගමනීයතොති වුත‍්තං හොති, වායමිතබ‍්බට‍්ඨානසඤ‍්ඤිතෙ අයෙ වා ඉරියනතො, අනයෙ වා න ඉරියනතො, සත‍්තතිංසබොධිපක‍්ඛියඅරියධම‍්මසමායොගතො වා අරියසම‍්මතා බුද‍්ධපච‍්චෙකබුද‍්ධබුද‍්ධසාවකා එතානි පටිවිජ‍්ඣන‍්ති, තස‍්මාපි “අරියසච‍්චානී”ති වුච‍්චන‍්ති. යථාහ –

නැතහොත් දෙවියන් සහිත ලෝකයා විසින් අවබෝධ කළයුතු හෙයින් එළඹිය යුතු හෙයින් (ආර්‍ය්‍ය සත්‍යය යයි) කියන ලද්දේ වෙයි. උත්සාහ කළයුතු තැන් ලෙස හැඳින්වෙන යහපතෙහි පවතින හෙයින් හෝ අයහපතෙහි නොපවතින හෙයින් හෝ සත්තිස් බෝධි පාක්‍ෂික ධර්‍මයන් හා එක්වන හෙයින් හෝ ආර්‍ය්‍ය සම්මත බුදු, පසේබුදු, බුද්ධ ශ්‍රාවකයෝ මේවා අවබෝධ කරගනිත්. එම නිසා හෝ ආර්‍ය්‍ය සත්‍ය යයි කියනු ලැබෙත්. යම්සේ වදාළේද

“චත‍්තාරිමානි, භික‍්ඛවෙ, අරියසච‍්චානි…පෙ… ඉමානි ඛො, භික‍්ඛවෙ, චත‍්තාරි අරියසච‍්චානි, අරියා ඉමානි පටිවිජ‍්ඣන‍්ති, තස‍්මා අරියසච‍්චානීති වුච‍්චන‍්තී”ති.

මහණෙනි, මේ ආර්‍ය්‍ය සත්‍යයෝ සතර දෙනෙකි. -පෙ-මහණෙනි, මේ චතුරාර්‍ය්‍ය සත්‍යයෝය. ආර්‍ය්‍යයෝ මේවා අවබෝධ කර ගනිති. එහෙයින් ආර්‍ය්‍ය සත්‍යයයි කියනු ලැබෙත්.” යනුයි.

අපිච අරියස‍්ස භගවතො සච‍්චානීතිපි අරියසච‍්චානි. යථාහ –

තවද ආර්‍ය්‍ය වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යයෝය යන අර්‍ථයෙන් ද ආර්‍ය්‍ය සත්‍ය වේ. යම්සේ වදාළේද? :-

“සදෙවකෙ, භික‍්ඛවෙ…පෙ… සදෙවමනුස‍්සාය තථාගතො අරියො, තස‍්මා අරියසච‍්චානීති වුච‍්චන‍්තී”ති (සං· නි· 5.1098).

“මහණෙනි, දෙවියන් සහිත ලෝකයෙහි) -පෙ දෙවි මිනිසුන්ට තථාගතයන් වහන්සේ ආර්‍ය්‍ය වෙති. එහෙයින් ආර්‍ය්‍ය සත්‍යයයි කියනු ලැබෙත්.” යනුයි.

අථ වා එතෙසං අභිසම‍්බුද‍්ධත‍්තා අරියභාවසිද‍්ධිතොපි අරියසච‍්චානි. යථාහ –

නැතහොත් මේවා අවබෝධ කළ හෙයින් ආර්‍ය්‍යභාවය සිද්ධ වන නිසාද ආර්‍ය්‍ය සත්‍ය වේ. යම්සේ වදාළේ ද? –

“ඉමෙසං ඛො, භික‍්ඛවෙ, චතුන‍්නං අරියසච‍්චානං යථාභූතං අභිසම‍්බුද‍්ධත‍්තා තථාගතො අරහං සම‍්මාසම‍්බුද‍්ධොති වුච‍්චතී”ති (සං· නි· 5.1093).

“මහණෙනි, මේ චතුරාර්‍ය්‍ය සත්‍ය ඇති සැටියෙන් අවබෝධ කළ හෙයින් තථාගතයන් වහන්සේ අර්හත් සම්මා සම්බුද්ධ යයි කියනු ලැබේ” යනුයි.

අයමෙතෙසං පදත්‍ථො. එතෙසං පන අරියසච‍්චානං අනුබොධප‍්පටිවෙධතො භවතණ‍්හාඡෙදො හොති. යථාහ –

මේ මෙහි පදාර්ථයයි. මේ ආර්‍ය්‍ය සත්‍යයන්ගේ අවබෝධයෙන් හා ප්‍රතිවේදයෙන් භව තෘෂ්ණාවෙහි සිදීම වේ. යම්සේ වදාළේද

“තයිදං, භික‍්ඛවෙ, දුක‍්ඛං අරියසච‍්චං අනුබුද‍්ධං පටිවිද‍්ධං…පෙ… දුක‍්ඛනිරොධගාමිනිපටිපදා අරියසච‍්චං අනුබුද‍්ධං පටිවිද‍්ධං, උච‍්ඡින‍්නා භවතණ‍්හා, ඛීණා භවනෙත‍්ති, නත්‍ථි දානි පුනබ‍්භවො”ති (සං· නි· 5.1091).

“මහණෙනි, ඒ මේ දුක්ඛාර්‍ය්‍ය සත්‍යය දක්නා ලදී. පිළිවිදුනා ලදී. -පෙ- දුක්ඛ නිරෝධ ගාමිණී ප්‍රතිපදාර්‍ය්‍ය සත්‍ය දන්නා ලදී. පිළිවිදුනා ලදී. -පෙ- දුක්ඛ නිරෝධ ගාමිණී ප්‍රතිපදාර්‍ය්‍ය සත්‍ය දන්නා ලදී. පිළිවිදුනා ලදී. භව තෘෂ්ණාව සිඳින ලදී. භව රැහැන ගෙවිණ. දැන් පුනර්භවයක් නැත” යනුවෙනි.

පඤ‍්ච නාම කින‍්තිපඤ‍්හවණ‍්ණනා

පඤ්ච නාම කින්තිපඤ්හවණ්ණනා

ඉමිනාපි පඤ‍්හබ්‍යාකරණෙන ආරද‍්ධචිත‍්තො සත්‍ථා පුරිමනයෙනෙව උත‍්තරිං පඤ‍්හං පුච‍්ඡති පඤ‍්ච නාම කින‍්ති? ථෙරො පඤ‍්චාති පච‍්චනුභාසිත්‍වා “උපාදානක‍්ඛන්‍ධා”ති විස‍්සජ‍්ජෙති. තත්‍ථ පඤ‍්චාති ගණනපරිච‍්ඡෙදො. උපාදානජනිතා උපාදානජනකා වා ඛන්‍ධා උපාදානක‍්ඛන්‍ධා. යංකිඤ‍්චි රූපං, වෙදනා, සඤ‍්ඤා, සඞ‍්ඛාරා, විඤ‍්ඤාණඤ‍්ච සාසවා උපාදානියා, එතෙසමෙතං අධිවචනං. පුබ‍්බනයෙනෙව චෙත්‍ථ “පඤ‍්චුපාදානක‍්ඛන්‍ධා”ති වුත‍්තං, න අඤ‍්ඤෙසං පඤ‍්චන‍්නමභාවතො. යථාහ –

මේ ප්‍රශ්න සතර විසදීමෙන් ද සතුටු වූ සිත් ඇති ශාස්තෲන් වහන්සේ පෙර අයුරින්ම තවත් ප්‍රශ්නයක් “පඤ්ච නාම කිං” (පහ නම් කිම) යයි විමසති. තෙරුන් වහන්සේ ‘පඤ්ච’ යයි පිළිවදන් දී “උපාදානක්ඛන්ධා” (උපාදානස්කන්ධයෝය) යයි විසඳති. එහි ‘පඤ්ච’ යනු ගණන වෙන්කොට දැක්වීමයි. උපාදානයෙන් හටගත් හෝ උපාදාන උපදවන හෝ ස්කන්ධයෝ “උපාදානක්ඛන්ධා” වේ. යම්කිසි රූප, වේදනා, සඤ්ඤා, සඞ්ඛාර, විඤ්ඤාණයක් ආශ්‍රව සහිත වේ ද දැඩිව අල්වා ගනු ලැබේ. මොවුන්ට මෙය නමකි. පෙර ක්‍රමයටම මෙහිදී “‘පඤ්චුපාදානක්ඛන්ධා” යයි කියන ලදී. වෙනත් පහකගේ නොමැතිවීම නිසා නොවේ. යම්සේ වදාළේද :-

“පඤ‍්චසු, භික‍්ඛවෙ, ධම‍්මෙසු භික‍්ඛු සම‍්මා නිබ‍්බින්‍දමානො…පෙ… දුක‍්ඛස‍්සන‍්තකරො හොති. කතමෙසු පඤ‍්චසු? පඤ‍්චසු උපාදානක‍්ඛන්‍ධෙසු. ඉමෙසු ඛො, භික‍්ඛවෙ, පඤ‍්චසු ධම‍්මෙසු භික‍්ඛු සම‍්මා නිබ‍්බින්‍දමානො…පෙ… දුක‍්ඛස‍්සන‍්තකරො හොති. ‘පඤ‍්ච පඤ‍්හා, පඤ‍්ච උද‍්දෙසා, පඤ‍්ච වෙය්‍යාකරණානී’ති ඉති යං තං වුත‍්තං, ඉදමෙතං පටිච‍්ච වුත‍්ත”න‍්ති (අ· නි· 10.27).

“මහණෙනි, භික්ෂුතෙම ධර්‍ම පහෙක්හි මැනවින් කලකිරෙන්නේ - පෙ- කෙළවර කරන්නේ වේ. කවර පහෙක්හි ද යත්? පඤ්ච උපාදානස්කන්ධයෙහිය. මහණෙනි, මේ ධර්‍ම පහෙහි භික්ෂුතෙම මැනවින් කලකිරෙන්නේ -පෙ- කෙළවර කරන්නේ වේ. ප්‍රශ්න පහෙකි. උදෙසුම් පහෙකි, විසඳුම් පහෙකි යයි යමක් කියන ලද්දේ ද එය මේ සඳහා දේශනා කරන ලදී” යනුයි.

එත්‍ථ ච පඤ‍්චක‍්ඛන්‍ධෙ උදයබ‍්බයවසෙන සම‍්මසන‍්තො විපස‍්සනාමතං ලද‍්ධා අනුපුබ‍්බෙන නිබ‍්බානාමතං සච‍්ඡිකරොති. යථාහ –

මෙහිදී ද පංචස්කන්ධයෙහි උදයව්‍යය වශයෙන් සිහිපත් කරන්නේ විදර්‍ශනාමෘතය ලැබුයේ පිළිවෙළින් නිර්‍වානාමෘතය ප්‍රත්‍යක්‍ෂ කරයි. යම්සේ වදාළේද :-

“යතො යතො සම‍්මසති, ඛන්‍ධානං උදයබ‍්බයං; ලභතී පීතිපාමොජ‍්ජං, අමතං තං විජානත”න‍්ති. (ධ· ප· 374);

“යමෙක් යම් යම් විටෙක ස්කන්‍ධයන්ගේ හටගැනීම හා විනාශයත් ගැන නුවණින් මෙනෙහි කරයිද ඒ හැමවිටම ඔහුට ප්‍රීති ප්‍රමෝදයක් ඇති වේ. කරුණු වැටහෙන්නන්ට එය අමෘතයකි. (නිවනකි) (ධම්මපදය) යනුයි.

ඡ නාම කින‍්තිපඤ‍්හවණ‍්ණනා

ඡ නාම කින්තිපඤ්හවණ්ණනා

එවං ඉමිනාපි පඤ‍්හබ්‍යාකරණෙන ආරද‍්ධචිත‍්තො සත්‍ථා පුරිමනයෙනෙව උත‍්තරිං පඤ‍්හං පුච‍්ඡති “ඡ නාම කි”න‍්ති? ථෙරො ඡඉති පච‍්චනුභාසිත්‍වා ‘අජ‍්ඣත‍්තිකානි ආයතනානී’ති විස‍්සජ‍්ජෙති. තත්‍ථ ඡඉති ගණනපරිච‍්ඡෙදො, අජ‍්ඣත‍්තෙ නියුත‍්තානි, අත‍්තානං වා අධිකත්‍වා පවත‍්තානි අජ‍්ඣත‍්තිකානි. ආයතනතො, ආයස‍්ස වා තනනතො, ආයතස‍්ස වා සංසාරදුක‍්ඛස‍්ස නයනතො ආයතනානි, චක‍්ඛුසොතඝානජිව‍්හාකායමනානමෙතං අධිවචනං. පුබ‍්බනයෙන චෙත්‍ථ “ඡ අජ‍්ඣත‍්තිකානි ආයතනානී”ති වුත‍්තං, න අඤ‍්ඤෙසං ඡන‍්නමභාවතො. යථාහ –

මෙසේ මේ ප්‍රශ්න විසඳීමෙන් ද සතුටු වූ සිත් ඇති ශාස්තෲන් වහන්සේ පෙර අයුරින්ම තවත් ප්‍රශ්නයක් ‘ඡ නාම කිං’ (හය නම් කිම) යයි විමසති. තෙරුන් වහන්සේ ‘ඡ’ (හය) යයි නැවත පිළිවදන් දී “අජ්ඣත්තිකානි ආයතනානි” (ආධ්‍යාත්මික ආයතන) යයි විසඳති. එහි “ඡ” (හය) යනු ගණන වෙන්කොට දැක්වීමයි. ආධ්‍යාත්මිකව පැවතියා වූ, තමා ප්‍රධාන කොට පැවතියා වූ = “අජ්ඣත්තිකානි” වේ. රැස්කරගන්නා දෙයට (දුකට) උත්පත්ති ස්ථාන වන හෙයින් හෝ රැස්කරගත් දෙය පතුරුවන නිසා හෝ සංසාර දුකට ගෙන යන හෙයින් = ආයතනානි වේ. මෙය චක්ඛු, සෝත, ඝාණ, ජිව්හා, කාය, මන (ඇස, කණ, නාසය, දිව, ශරීරය, සිත) යන මේවාට නමකි. පෙර අයුරින්ම මෙහි “ඡ අජ්ඣත්තිකානි ආයතනානි” (ආධ්‍යත්මික ආයතන සය) යයි කියන ලදී. අන්‍ය වූ සයකගේ නොමැතිවීම නිසා නොවේ. යම්සේ වදාළේද

“ඡසු, භික‍්ඛවෙ, ධම‍්මෙසු භික‍්ඛු සම‍්මා නිබ‍්බින්‍දමානො…පෙ… දුක‍්ඛස‍්සන‍්තකරො හොති. කතමෙසු ඡසු? ඡසු අජ‍්ඣත‍්තිකෙසු ආයතනෙසු. ඉමෙසු ඛො, භික‍්ඛවෙ, ඡසු ධම‍්මෙසු භික‍්ඛු සම‍්මා නිබ‍්බින්‍දමානො…පෙ… දුක‍්ඛස‍්සන‍්තකරො හොති. ‘ඡ පඤ‍්හා ඡ උද‍්දෙසා ඡ වෙය්‍යාකරණානී’ති ඉති යං තං වුත‍්තං, ඉදමෙතං පටිච‍්ච වුත‍්ත”න‍්ති (අ· නි· 10.27).

“මහණෙනි, භික්ෂුතෙම ධර්‍ම සයෙක්හි මැනවින් කලකිරෙන්නේ -පෙ- කෙළවර කරන්නේ වේ. කවර සයෙක්හිද යත්? ආධ්‍යාත්මික ආයතන සයෙහිය; මහණෙනි, මේ ධර්‍ම සයෙහි භික්ෂුතෙම මැනවින් කලකිරෙන්නේ -පෙ- කෙළවර කරන්නේ වේ. ප්‍රශ්න සයෙකි. උදෙසුම් සයෙකි. විසඳුම් සයෙකි’යි යමක් කියන ලද්දේ ද එය මේ සඳහා දේශනා කරන ලදී යනුයි.

එත්‍ථ ච ඡ අජ‍්ඣත‍්තිකානි ආයතනානි, “සුඤ‍්ඤො ගාමොති ඛො, භික‍්ඛවෙ, ඡන‍්නෙතං අජ‍්ඣත‍්තිකානං ආයතනානං අධිවචන”න‍්ති (සං· නි· 4.238) වචනතො සුඤ‍්ඤතො පුබ‍්බුළකමරීචිකාදීනි විය අචිරට‍්ඨිතිකතො තුච‍්ඡතො වඤ‍්චනතො ච සමනුපස‍්සං නිබ‍්බින්‍දමානො අනුපුබ‍්බෙන දුක‍්ඛස‍්සන‍්තං කත්‍වා මච‍්චුරාජස‍්ස අදස‍්සනං උපෙති. යථාහ –

මෙහිද ආධ්‍යාත්මික ආයතන සය “මහණෙනි, ශුන්‍ය (හිස්) ගම යනු මේ ආධ්‍යාත්මික ආයතන සයට නමකි.” (සංයුත්ත නිකාය) යි වදාළ හෙයින් ශුන්‍ය වශයෙන් ද දිය බුබුළ, මිරිඟුව ආදිය මෙන් වැඩිකල් නොපවත්නා හෙයින් හිස් වශයෙන් ද වංචා කරන්නෙකු වශයෙන් ද මැනවින් දකිමින් කලකිරෙන්නේ පිළිවෙළින් දුක් කෙළවර කොට මාරයාගේ නොදැකීමට එළඹේ. යම්සේ වදාළේද :-

“යථා පුබ‍්බුළකං පස‍්සෙ, යථා පස‍්සෙ මරීචිකං; එවං ලොකං අවෙක‍්ඛන‍්තං, මච‍්චුරාජා න පස‍්සතී”ති. (ධ· ප· 170);

ලෝකය දිය බුබුළක් සේත්, මිරිගුවක් සේත් දකින තැනැත්තා මරුවාට නොපෙනේ හෙවත් මරුවා එබඳු තැනැත්තා නොදකී” (ධම්මපදය) යනුයි.

සත‍්ත නාම කින‍්තිපඤ‍්හවණ‍්ණනා

සත්ත නාම කින්තිපඤ්හවණ්ණනා

ඉමිනාපි පඤ‍්හබ්‍යාකරණෙන ආරද‍්ධචිත‍්තො සත්‍ථා උත‍්තරිං පඤ‍්හං පුච‍්ඡති සත‍්ත නාම කින‍්ති? ථෙරො කිඤ‍්චාපි මහාපඤ‍්හබ්‍යාකරණෙ සත‍්ත විඤ‍්ඤාණට‍්ඨිතියො වුත‍්තා, අපිච ඛො පන යෙසු ධම‍්මෙසු සුභාවිතචිත‍්තො භික‍්ඛු දුක‍්ඛස‍්සන‍්තකරො හොති, තෙ දස‍්සෙන‍්තො “සත‍්ත බොජ‍්ඣඞ‍්ගා”ති විස‍්සජ‍්ජෙති. අයම‍්පි චත්‍ථො භගවතා අනුමතො එව. යථාහ –

මේ ප්‍රශ්න විසඳීමෙන් සතුටු වූ සිත් ඇති ශාස්තෲන් වහන්සේ “සත්ත නාම කිං” (සත නම් කිම) යනුවෙන් තවත් ප්‍රශ්නයක් විමසති. තෙරුන් වහන්සේ - හුදෙක් මහා ප්‍රශ්න විසඳීමේ දී (අංගුත්තර නිකාය - පඨම මහා පඤ්හ සුත්ත) සප්ත විඥාන ස්ථිතීන් දේශනා කරන ලද්දේ නමුදු යම් ධර්‍මයන්හි මැනවින් වැඩූ සිත් ඇති භික්ෂු තෙම දුක් කෙළවර කරන්නේ වේ ද එම ධර්‍මයන් දක්වන්නාහු “සත්ත බොජ්ඣඞ්ගා” (සප්ත බොජ්ඣඞ්ගයෝ) යයි විසඳති. මේ අර්‍ථය ද භාග්‍යවතුන් වහන්සේ විසින් අනුමත කරන ලද්දේම වෙයි. යම්සේ වදාළේද -

“පණ‍්ඩිතා ගහපතයො කජඞ‍්ගලිකා භික‍්ඛුනී, මහාපඤ‍්ඤා ගහපතයො කජඞ‍්ගලිකා භික‍්ඛුනී, මඤ‍්චෙපි තුම‍්හෙ ගහපතයො උපසඞ‍්කමිත්‍වා එතමත්‍ථං පටිපුච‍්ඡෙය්‍යාථ, අහම‍්පි චෙතං එවමෙව බ්‍යාකරෙය්‍යං, යථා තං කජඞ‍්ගලිකාය භික‍්ඛුනියා බ්‍යාකත”න‍්ති (අ· නි· 10.28).

“ගෘහපතියෙනි, කජඞගලා භික්ෂුණිය පණ්ඩිතය, කජඞගලා භික්ෂුණිය මහ පැණැතියක, ගැහැවියෙනි, ඉදින් තෙපි මා කරා එළඹ මේ අර්‍ථය විමසන්නහු නම් යම් පරිද්දෙකින් එය කජඞගලා භික්ෂුණිය විසින් විසඳන ලද නම් මම ද එපරිද්දෙන්ම විසඳන්නෙමි” යනුවෙනි.

තාය ච එවං බ්‍යාකතං –

එම භික්ෂුණිය විසින් ද මෙසේ ප්‍රකාශ කරන ලදී.

“සත‍්තසු, ආවුසො, ධම‍්මෙසු භික‍්ඛු සම‍්මා සුභාවිතචිත‍්තො…පෙ… දුක‍්ඛස‍්සන‍්තකරො හොති. කතමෙසු සත‍්තසු? සත‍්තසු බොජ‍්ඣඞ‍්ගෙසු. ඉමෙසු ඛො, ආවුසො, සත‍්තසු ධම‍්මෙසු භික‍්ඛු සම‍්මා සුභාවිතචිත‍්තො…පෙ… දුක‍්ඛස‍්සන‍්තකරො හොති. ‘සත‍්ත පඤ‍්හා සත‍්ත උද‍්දෙසා සත‍්ත වෙය්‍යාකරණානී’ති ඉති යං තං වුත‍්තං භගවතා, ඉදමෙතං පටිච‍්ච වුත‍්ත”න‍්ති (අ· නි· 10.28).

“ඇවැත්නි, භික්ෂුතෙම ධර්‍ම සතෙක්හි මොනොවට වැඩු සිතැතියේ -පෙ- ඉහාත්මයෙහිම දුක් කෙළවර කරනුයේ වෙයි. කවර සතෙක්හිද යත්? සප්ත බොජ්ඣඞ්ගයන්හිය. ඇවැත්නි, මේ ධර්‍ම සතෙහි මොනොවට වැඩූ සිත් ඇති භික්ෂුතෙම දුක් කෙළවර කරන්නේ වේ. ප්‍රශ්න සතෙකි. උදෙසුම් සතෙකි. විසඳුම් සතෙකියි භාග්‍යවතුන් වහන්සේ විසින් යමක් දේශනා කරන ලද්දේ ද එය මේ සඳහා දේශනා කරන ලදී” යනුවෙනි.

එවමයමත්‍ථො භගවතා අනුමතො එවාති වෙදිතබ‍්බො.

මෙසේ මේ අර්‍ථය භාග්‍යවතුන් වහන්සේ විසින් අනුමත කරන ලද්දේම යයි දත යුතුය.

තත්‍ථ සත‍්තාති ඌනාධිකනිවාරණගණනපරිච‍්ඡෙදො. බොජ‍්ඣඞ‍්ගාති සතිආදීනං ධම‍්මානමෙතං අධිවචනං. තත්‍රායං පදත්‍ථො – එතාය ලොකියලොකුත‍්තරමග‍්ගක‍්ඛණෙ උප‍්පජ‍්ජමානාය ලීනුද‍්ධච‍්චපතිට‍්ඨානායූහනකාමසුඛත‍්තකිලමථානුයොගඋච‍්ඡෙදසස‍්සතාභිනිවෙසාදි- අනෙකුපද‍්දවප‍්පටිපක‍්ඛභූතාය සතිධම‍්මවිචයවීරියපීතිප‍්පස‍්සද‍්ධිසමාධුපෙක‍්ඛාසඞ‍්ඛාතාය ධම‍්මසාමග‍්ගියා අරියසාවකො බුජ‍්ඣතීති කත්‍වා බොධි, කිලෙසසන‍්තානනිද‍්දාය උට‍්ඨහති, චත‍්තාරි වා අරියසච‍්චානි පටිවිජ‍්ඣති, නිබ‍්බානමෙව වා සච‍්ඡිකරොතීති වුත‍්තං හොති. යථාහ – “සත‍්ත බොජ‍්ඣඞ‍්ගෙ භාවෙත්‍වා අනුත‍්තරං සම‍්මාසම‍්බොධිං අභිසම‍්බුද‍්ධො”ති. යථාවුත‍්තප‍්පකාරාය වා එතාය ධම‍්මසාමග‍්ගියා බුජ‍්ඣතීති කත්‍වා අරියසාවකොපි බොධි. ඉති තස‍්සා ධම‍්මසාමග‍්ගිසඞ‍්ඛාතාය බොධියා අඞ‍්ගභූතත‍්තා බොජ‍්ඣඞ‍්ගා ඣානඞ‍්ගමග‍්ගඞ‍්ගානි විය, තස‍්ස වා බොධීති ලද‍්ධවොහාරස‍්ස අරියසාවකස‍්ස අඞ‍්ගභූතත‍්තාපි බොජ‍්ඣඞ‍්ගා සෙනඞ‍්ගරථඞ‍්ගාදයො විය.

එහි “සත්ත” යනු අඩු වැඩි වලක්වන සංඛ්‍යාව වෙන්කොට දැක්වීමයි. “බොජ්ඣඞ්ගා” යනු සති ආදී ධර්‍මයන්ට පර්‍ය්‍යාය පදයකි. මේ එහි පදාර්ථයයි. ලෞකික ලෝකෝත්තර මාර්‍ගක්‍ෂණයෙහි උපදින ලීන, උද්ධචච, පතිට්ඨාන, ආයූහන, කාම, සුඛ, අත්තකිලමථානුයොග, උච්ඡේද, සස්සත, අභිනිවෙස ආදී නොයෙක් උපද්‍රවයන්ට ප්‍රතිපක්‍ෂ වූ සති, ධම්මවිචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපෙක්ඛා, සඞ්ඛ්‍යාත වූ මේ ධර්‍ම සාමග්‍රියෙන් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙමේ අවබෝධ කෙරෙනුයි බෝධි වේ. ක්ලේශ සන්තාන නිද්‍රාවෙන් නැගිටියි. නැතහොත් චතුරාර්‍ය්‍ය සත්‍යය අවබෝධ කරගනී. නැතහොත් නිර්‍වාණයම ප්‍රත්‍යක්‍ෂ කරයි යයි කියන ලද්දේ වෙයි. යම්සේ වදාළේද :- සත්ත බොජ්ඣඞ්ගයන් වඩා අනුත්තර වූ සම්‍යක් සම්බෝධිය අවබෝධ කරගත්හ” යනුවෙනි. නැතහොත් කියන ලද ආකාරයට මේ ධර්‍ම සාමග්‍රියෙන් අවබෝධ කර ගනියිනුයි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙමේ ද බෝධි නම් වේ. මෙසේ ඒ ධර්‍මසාමග්‍රි සඞ්ඛ්‍යාත බෝධියට අඞ්ග වූ හෙයින්ද “බොජ්ඣඞ්ග වේ. සේනාඞ්ග, රථාඞ්ග ආදිය මෙනි;

අපිච “බොජ‍්ඣඞ‍්ගාති කෙනට‍්ඨෙන බොජ‍්ඣඞ‍්ගා? බොධාය සංවත‍්තන‍්තීති බොජ‍්ඣඞ‍්ගා, බුජ‍්ඣන‍්තීති බොජ‍්ඣඞ‍්ගා, අනුබුජ‍්ඣන‍්තීති බොජ‍්ඣඞ‍්ගා, පටිබුජ‍්ඣන‍්තීති බොජ‍්ඣඞ‍්ගා, සම‍්බුජ‍්ඣන‍්තීති බොජ‍්ඣඞ‍්ගා”ති (පටි· ම· 2.17) ඉමිනාපි පටිසම‍්භිදායං වුත‍්තෙන විධිනා බොජ‍්ඣඞ‍්ගානං බොජ‍්ඣඞ‍්ගට‍්ඨො වෙදිතබ‍්බො. එවමිමෙ සත‍්ත බොජ‍්ඣඞ‍්ගෙ භාවෙන‍්තො බහුලීකරොන‍්තො න චිරස‍්සෙව එකන‍්තනිබ‍්බිදාදිගුණපටිලාභී හොති, තෙන දිට‍්ඨෙව ධම‍්මෙ දුක‍්ඛස‍්සන‍්තකරො හොතීති වුච‍්චති. වුත‍්තඤ‍්චෙතං භගවතා –

තවද “බොජ්ඣඞ්ග යනු කවර අර්‍ථයකින් බොජ්ඣඞ්ග වේද? සම්බෝධිය සඳහා හේතු වෙත්නුයි බොජ්ඣඞ්ග වේ. වටහා ගනිත්නුයි = බොජ්ඣඞ්ග වේ. අවබෝධ කරත්නුයි = බොජ්ඣඞ්ග වේ. පිබිදෙත්නුයි = බොජ්ඣඞ්ග වේ. යන පටිසම්භිදාවෙහි කියන ලද මේ ක්‍රමයෙන් ද බොජ්ඣඞ්ගයන්ගේ බොජ්ඣඞ්ගාර්ථය දත යුතුය. මෙසේ මේ සත්ත බොජ්ඣඞ්ගයන් වඩන්නේ බහුලව කරන්නේ නොබෝ කලකින්ම ඒකාන්ත නිර්‍වේදය ආදී ගුණ ලබන්නෙක් වෙයි. එය කරණකොට ගෙන මේ ආත්ම භාවයේදීම දුක් කෙළවර කරන්නෙක් වේ යයි කියනු ලැබේ. මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලදී -

“සත‍්තිමෙ, භික‍්ඛවෙ, බොජ‍්ඣඞ‍්ගා භාවිතා බහුලීකතා එකන‍්තනිබ‍්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ‍්ඤාය සම‍්බොධාය නිබ‍්බානාය සංවත‍්තන‍්තී”ති (සං· නි· 5.201).

“මහණෙනි, මේ සත්ත බොජ්ඣඞ්ගයෝ වඩන ලද්දාහු බහුලව කළාහු ඒකාන්තයෙන් සසරෙහි කළකිරීම පිණිස විරාගය පිණිස සන්සිඳීම පිණිස මනා දැනගැනීම පිණිස සම්බෝධිය පිණිස නිර්‍වාණය පිණිස හේතු වෙති” යනුයි.

අට‍්ඨ නාම කින‍්තිපඤ‍්හවණ‍්ණනා

අට්ඨ නාම කින්තිපඤ්හවණ්ණනා

එවං ඉමිනාපි පඤ‍්හබ්‍යාකරණෙන ආරද‍්ධචිත‍්තො සත්‍ථා උත‍්තරිං පඤ‍්හං පුච‍්ඡති අට‍්ඨ නාම කින‍්ති? ථෙරො කිඤ‍්චාපි මහාපඤ‍්හබ්‍යාකරණෙ අට‍්ඨ ලොකධම‍්මා වුත‍්තා, අපිච ඛො පන යෙසු ධම‍්මෙසු සුභාවිතචිත‍්තො භික‍්ඛු දුක‍්ඛස‍්සන‍්තකරො හොති, තෙ දස‍්සෙන‍්තො “අරියානි අට‍්ඨ මග‍්ගඞ‍්ගානී”ති අවත්‍වා යස‍්මා අට‍්ඨඞ‍්ගවිනිමුත‍්තො මග‍්ගො නාම නත්‍ථි, අට‍්ඨඞ‍්ගමත‍්තමෙව තු මග‍්ගො, තස‍්මා තමත්‍ථං සාධෙන‍්තො දෙසනාවිලාසෙන අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගොති විස‍්සජ‍්ජෙති. භගවතාපි චායමත්‍ථො දෙසනානයො ච අනුමතො එව. යථාහ –

මෙසේ මේ ප්‍රශ්න විසඳීමෙන් ද සතුටු වූ සිත් ඇති ශාස්තෲන් වහන්සේ “අට්ඨ නාම කිං” (අට නම් කිම) යනුවෙන් තවත් ප්‍රශ්නයක් විමසති. තෙරුන් වහන්සේ - මහා ප්‍රශ්න ව්‍යාකරණයේ දී (අංගුත්තර නිකාය පඨම මහා පඤ්හ සුත්ත) අෂ්ට ලෝක ධර්‍මයෝ කියන ලද්දාහු ද එසේ වුවත් යම් ධර්‍මයන්හි මැනවින් වැසූ සිත් ඇති භික්ෂු තෙම දුක් කෙළවර කරන්නේ වේ ද ඒවා දක්වන්නාහු “අරියානි අට්ඨ මග්ගඞ්ගානි” (ආර්‍ය්‍ය වූ මාර්‍ගඞ්ග අට) යයි දේශනා නොකොට යම්හෙයකින් අෂ්ටාඞ්ගයෙන් විනිර්මුක්ත වූ මාර්‍ගයක් නම් නැත්තේ ද අෂ්ටාඞ්ගයම මාර්‍ගය වේ ද එහෙයින් එම අර්‍ථය ප්‍රකට කරමින් දේශනා විලාසයෙන් “අරියො අට්ඨඞ්ගිකො මග්ගො” (ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ගය) යයි විසඳති. භාග්‍යවතුන් වහන්සේ විසින් ද මෙම අර්‍ථය ද දේශනා ක්‍රමය ද අනුමත කරන ලද්දේමය. යම්සේ වදාළේද?

“පණ‍්ඩිතා ගහපතයො කජඞ‍්ගලිකා භික‍්ඛුනී…පෙ… අහම‍්පි එවමෙව බ්‍යාකරෙය්‍යං, යථා තං කජඞ‍්ගලිකාය භික‍්ඛුනියා බ්‍යාකත”න‍්ති (අ· නි· 10.28).

“ගෘහපතියෙනි, කජඞ්ගලා භික්ෂුණිය පණ්ඩිතය. -පෙ- යම්සේ කජඞ්ගලා භික්ෂුණිය ප්‍රකාශ කළා ද මම ද මෙසේ ප්‍රකාශ කරන්නෙමි” යනුයි. (අංගුත්තර නිකාය)

තාය ච එවං බ්‍යාකතං –

එතුමිය විසින් මෙසේ ප්‍රකාශ කරන ලදී.

“අට‍්ඨසු, ආවුසො, ධම‍්මෙසු භික‍්ඛු සම‍්මා සුභාවිතචිත‍්තො…පෙ… දුක‍්ඛස‍්සන‍්තකරො හොති. ‘අට‍්ඨ පඤ‍්හා, අට‍්ඨ උද‍්දෙසා, අට‍්ඨ වෙය්‍යාකරණානී’ති ඉති යං තං වුත‍්තං භගවතා, ඉදමෙතං පටිච‍්ච වුත‍්ත”න‍්ති (අ· නි· 10.28).

“ඇවැත්නි ධර්‍ම අටෙක්හි භික්ෂුතෙම මැනවින් වැඩු සිත් ඇත්තේ -පෙ- මේ ආත්ම භාවයේදීම දුක් කෙළවර කරන්නේ වේ. ප්‍රශ්න අටෙකි, උදෙසුම් අටෙකි, විසඳුම් අටෙකි”යි යමක් දේශනා කරන ලද්දේ ද එය භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සඳහා දේශනා කරන ලදී” යනුයි.

එවමයං අත්‍ථො ච දෙසනානයො ච භගවතා අනුමතො එවාති වෙදිතබ‍්බො.

මෙසේ මේ අර්ථය ද දේශනා ක්‍රමය ද භාග්‍යවතුන් වහන්සේ විසින් අනුමත කරන ලද්දේම යයි දත යුතුය.

තත්‍ථ අරියොති නිබ‍්බානත්‍ථිකෙහි අභිගන‍්තබ‍්බො, අපිච ආරකා කිලෙසෙහි වත‍්තනතො, අරියභාවකරණතො, අරියඵලපටිලාභතො චාපි අරියොති වෙදිතබ‍්බො. අට‍්ඨ අඞ‍්ගානි අස‍්සාති අට‍්ඨඞ‍්ගිකො. ස‍්වායං චතුරඞ‍්ගිකා විය සෙනා, පඤ‍්චඞ‍්ගිකං විය ච තූරියං අඞ‍්ගවිනිබ‍්භොගෙන අනුපලබ‍්භසභාවතො අඞ‍්ගමත‍්තමෙවාති වෙදිතබ‍්බො. මග‍්ගති ඉමිනා නිබ‍්බානං, සයං වා මග‍්ගති, කිලෙසෙ මාරෙන‍්තො වා ගච‍්ඡතීති මග‍්ගො.

එහි “අරියො” යනු නිර්‍වාණයෙන් ප්‍රයෝජන ඇත්තන් විසින් පැමිණිය යුතු තවද කෙලෙස් වලින් දුරින් පවත්නා හෙයින් ආර්‍ය්‍යභාවය කරන හෙයින්ද ආර්‍ය්‍ය ඵල ලබන හෙයින්ද ආර්‍ය්‍ය යයි දත යුතුය. අඞ්ග අටක් ඇත්තේනුයි = අට්ඨඞ්ගිකො වේ. සේනාව අග සතරකින් යුක්ත වීමද තූර්‍ය්‍ය අඞ්ග පහකින් යුක්ත වීමද මෙන් ඒ මේ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ගය අග බෙදා වෙන් කිරීමෙන් නොලැබෙන ස්වභාව ඇති හෙයින් අප මාත්‍රයක් පමණෙකැයි දත යුතුය. මෙය කරණකොට ගෙන නිර්‍වාණය සොයයි හෝ තෙමේ සොයයි හෝ ක්ලේශයන් මරමින් යයි නුයි = මග්ග වේ.

එවමට‍්ඨප‍්පභෙදඤ‍්චිමං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං භාවෙන‍්තො භික‍්ඛු අවිජ‍්ජං භින්‍දති, විජ‍්ජං උප‍්පාදෙති, නිබ‍්බානං සච‍්ඡිකරොති, තෙන දිට‍්ඨෙව ධම‍්මෙ දුක‍්ඛස‍්සන‍්තකරො හොතීති වුච‍්චති. වුත‍්තඤ‍්හෙතං –

මෙසේ අර්‍ථප්‍රභේද සහිත මේ අෂ්ටාඞ්ගික මාර්‍ගය වඩන්නා වූ භික්ෂුව අවිද්‍යාව බිඳියි. විද්‍යාව උපදවයි, නිර්‍වාණය ප්‍රත්‍යක්‍ෂ කරයි. එය කරණකොට ගෙන මෙලොවදීම දුක් කෙළවර කරන්නේ වේ යනුයි. මෙය දේශනා කරන ලද්දේ ද වේ.

“සෙය්‍යථාපි, භික‍්ඛවෙ, සාලිසූකං වා යවසූකං වා සම‍්මා පණිහිතං හත්‍ථෙන වා පාදෙන වා අක‍්කන‍්තං හත්‍ථං වා පාදං වා භෙච‍්ඡති, ලොහිතං වා උප‍්පාදෙස‍්සතීති ඨානමෙතං විජ‍්ජති. තං කිස‍්ස හෙතු? සම‍්මා පණිහිතත‍්තා, භික‍්ඛවෙ, සූකස‍්ස, එවමෙව ඛො, භික‍්ඛවෙ, සො වත භික‍්ඛු සම‍්මා පණිහිතාය දිට‍්ඨියා සම‍්මා පණිහිතාය මග‍්ගභාවනාය අවිජ‍්ජං භෙච‍්ඡති, විජ‍්ජං උප‍්පාදෙස‍්සති, නිබ‍්බානං සච‍්ඡිකරිස‍්සතීති ඨානමෙතං විජ‍්ජතී”ති (අ· නි· 1.42).

“මහණෙනි, යම්සේ හැල් නණ්ඩුවක් හෝ යව නණ්ඩුවක් හෝ මැනවින් තබන ලද්දේ ද (එය) අතින් හෝ පයින් හෝ ඇක්මුණේ අත හෝ පය හෝ බිඳින්නේය. ලේ හෝ උපදවන්නේය යන මේ කරුණ ඇත. ඒ කවර හෙයින්ද යත්? මහණෙනි, නණ්ඩුව තමා මැනවින් තබන ලද බැවිනි. මහණෙනි, එසෙයින්ම ඒ මහණ තෙමේ මැනවින් පිහිටුවන ලද දෘෂ්ටියෙන් මැනවින් පිහිටුවන ලද මාර්‍ග භාවනාවෙන් අවිද්‍යාව බිඳින්නේය. විද්‍යාව උපදවන්නේය. නිවන පසක් කරන්නේය යන මේ කරුණ ඇත. (සංයුත්ත නිකාය) යනුයි.

නව නාම කින‍්තිපඤ‍්හවණ‍්ණනා

නව නාම කින්තිපඤ්හවණ්ණනා

ඉමිනාපි පඤ‍්හබ්‍යාකරණෙන ආරද‍්ධචිත‍්තො සත්‍ථා උත‍්තරිං පඤ‍්හං පුච‍්ඡති නව නාම කින‍්ති? ථෙරො නවඉති පච‍්චනුභාසිත්‍වා “සත‍්තාවාසා”ති විස‍්සජ‍්ජෙති. තත්‍ථ නවාති ගණනපරිච‍්ඡෙදො. සත‍්තාති ජීවිතින්‍ද්‍රියප‍්පටිබද‍්ධෙ ඛන්‍ධෙ උපාදාය පඤ‍්ඤත‍්තා පාණිනො පණ‍්ණත‍්ති වා. ආවාසාති ආවසන‍්ති එතෙසූති ආවාසා, සත‍්තානං ආවාසා සත‍්තාවාසා. එස දෙසනාමග‍්ගො, අත්‍ථතො පන නවවිධානං සත‍්තානමෙතං අධිවචනං. යථාහ –

මේ ප්‍රශ්න විසඳීමෙන්ද සතුටු වූ සිත් ඇති ශාස්තෲන් වහන්සේ “නව නාම කිං” (නවය නම් කිම) යයි මතුවටත් ප්‍රශ්නයක් විමසති. තෙරුන් වහන්සේ ‘නව’ (නවය) යයි පිළිවදන් දී “සත්තාවාසා” (සත්වාවාස) යයි විසඳති. එහි “නව” යනු ගණන වෙන්කොට දැක්වීමයි. “සත්තා” යනු ජීවිතින්ද්‍රිය ප්‍රතිබද්ධ ස්කන්ධයන් අරමුණු කොට පනවන ලද ප්‍රාණීහුය. නැතහොත් ප්‍රඥප්තියයි. “ආවාසා” යනු මේවායෙහි වසත්නුයි = ආවාසා වේ. සත්තානං ආවාසා (සත්ත්වයන්ගේ ආවාසයෝ) = සත්තාවාසා වේ. මේ දේශනා මාර්‍ගයයි. අර්‍ථ වශයෙන් වනාහි නවවිධ වූ සත්ත්වයන්ට මෙය පර්‍ය්‍යාය නාමයකි. යම්සේ වදාළේද :-

“සන‍්තාවුසො, සත‍්තා නානත‍්තකායා නානත‍්තසඤ‍්ඤිනො, සෙය්‍යථාපි මනුස‍්සා එකච‍්චෙ ච දෙවා එකච‍්චෙ ච විනිපාතිකා, අයං පඨමො සත‍්තාවාසො. සන‍්තාවුසො, සත‍්තා නානත‍්තකායා එකත‍්තසඤ‍්ඤිනො, සෙය්‍යථාපි, දෙවා බ්‍රහ‍්මකායිකා, පඨමාභිනිබ‍්බත‍්තා, අයං දුතියො සත‍්තාවාසො. සන‍්තාවුසො, සත‍්තා එකත‍්තකායා නානත‍්තසඤ‍්ඤිනො, සෙය්‍යථාපි, දෙවා ආභස‍්සරා, අයං තතියො සත‍්තාවාසො. සන‍්තාවුසො, සත‍්තා එකත‍්තකායා එකත‍්තසඤ‍්ඤිනො, සෙය්‍යථාපි, දෙවා සුභකිණ‍්හා, අයං චතුත්‍ථො සත‍්තාවාසො. සන‍්තාවුසො, සත‍්තා අසඤ‍්ඤිනො අප‍්පටිසංවෙදිනො, සෙය්‍යථාපි, දෙවා අසඤ‍්ඤසත‍්තා, අයං පඤ‍්චමො සත‍්තාවාසො. සන‍්තාවුසො, සත‍්තා සබ‍්බසො රූපසඤ‍්ඤානං…පෙ… ආකාසානඤ‍්චායතනූපගා, අයං ඡට‍්ඨො සත‍්තාවාසො. සන‍්තාවුසො, සත‍්තා…පෙ… විඤ‍්ඤාණඤ‍්චායතනූපගා, අයං සත‍්තමො සත‍්තාවාසො. සන‍්තාවුසො, සත‍්තා…පෙ… ආකිඤ‍්චඤ‍්ඤායතනූපගා, අයං අට‍්ඨමො සත‍්තාවාසො. සන‍්තාවුසො, සත‍්තා…පෙ… නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනූපගා, අයං නවමො සත‍්තාවාසො”ති (දී· නි· 3.341).

“ඇවැත්නි, නානත්ව කාය, නානත්ව සංඥ සත්ත්වයෝ වෙති. මිනිස්සු ද ඇතැම් දෙවියෝ ද ඇතැම් විනිපාතිකයෝ ද (දුගතියේ උපදින්නෝ) යම් බඳු ද එමෙනි. මේ ප්‍රථම සත්වාවාසයයි. ඇවැත්නි, නානත්වකාය එකත්වසංඥ සත්වයෝ වෙති. පළමුව පහළ වූ බ්‍රහ්මකායික දෙවියෝ යම්බඳු ද එමෙනි. මේ දෙවෙනි සත්වාවාසයයි. ඇවැත්නි, එකත්වකාය නානත්වසංඥ සත්ත්වයෝ වෙති. ආභස්වර දෙවියෝ යම් බඳු ද එමෙනි. මේ තෙවෙනි සත්වාවාසයයි. ඇවැත්නි, එකත්වකාය එකත්වසංඥ සත්ත්වයෝ ඇත. සුභකිණ්ණ දෙවියෝ යම්බඳු ද එමෙනි. මේ සිවුවෙනි සත්වාවාසයයි. ඇවැත්නි, ප්‍රතිසංවේදනා රහිත අසංඥ සත්ත්වයෝ වෙති. අසංඥ සත්ත්ව දෙවියෝ යම් බඳු ද එමෙනි. මේ පස්වෙනි සත්වාවාසයයි. ඇවැත්නි, සම්පූර්‍ණයෙන් රූප සංඥාවන් (ඉක්ම වූ) -පෙ- ආකාසානඤ්චායතනයට පැමිණි සත්ත්වයෝ වෙති. මේ සයවෙනි සත්වාවාසයයි. ඇවැත්නි, විඤ්ඤානඤ්චායතනයට පැමිණි සත්ත්වයෝ වෙති. මේ සත්වෙනි සත්වාවාසයයි. ඇවැත්නි, ආකිඤ්චඤ්ඤායතනයට පැමිණි සත්ත්වයෝ වෙති. මේ අටවෙනි සත්වාවාසයයි. ඇවැත්නි, නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණි සත්ත්වයෝ වෙති. මේ නවවෙනි සත්වාවාසයයි (අංගුත්තර නිකාය) යනුයි

පුරිමනයෙනෙව චෙත්‍ථ “නව සත‍්තාවාසා”ති වුත‍්තං, න අඤ‍්ඤෙසං නවන‍්නමභාවතො. යථාහ –

පෙර අයුරින්ම මෙහි ද “නව සත්තාවාසා” (සත්වාවාස නමයකි) යි කියන ලදී. අන්‍ය වූ නවයකගේ නොමැතිබව නිසා නොවේ. යම් සේ වදාළේද :-

“නවසු, භික‍්ඛවෙ, ධම‍්මෙසු භික‍්ඛු සම‍්මා නිබ‍්බින්‍දමානො…පෙ… දුක‍්ඛස‍්සන‍්තකරො හොති. කතමෙසු නවසු? නවසු සත‍්තාවාසෙසු. ඉමෙසු ඛො, භික‍්ඛවෙ, නවසු ධම‍්මෙසු භික‍්ඛු සම‍්මා නිබ‍්බින්‍දමානො…පෙ… දුක‍්ඛස‍්සන‍්තකරො හොති. ‘නව පඤ‍්හා, නව උද‍්දෙසා, නව වෙය්‍යාකරණානී’ති ඉති යං තං වුත‍්තං, ඉදමෙතං පටිච‍්ච වුත‍්ත”න‍්ති (අ· නි· 10.27).

මහණෙනි, ධර්‍ම නවයෙක්හි භික්ෂුතෙම මැනවින් කලකිරෙන්නේ -පෙ දුක් කෙළවර කරන්නේ වේ. ප්‍රශ්න නවයෙකි. උදෙසුම් නවයෙකි. විසඳුම් නවයෙකි”යි යමක් කියන ලද්දේ ද එය මේ සඳහා දේශනා කරන ලදී යනුයි.

එත්‍ථ ච “නව ධම‍්මා පරිඤ‍්ඤෙය්‍යා. කතමෙ නව? නව සත‍්තාවාසා”ති (දී· නි· 3.359) වචනතො නවසු සත‍්තාවාසෙසු ඤාතපරිඤ‍්ඤාය ධුවසුභසුඛත‍්තභාවදස‍්සනං පහාය සුද‍්ධසඞ‍්ඛාරපුඤ‍්ජමත‍්තදස‍්සනෙන නිබ‍්බින්‍දමානො තීරණපරිඤ‍්ඤාය අනිච‍්චානුපස‍්සනෙන විරජ‍්ජමානො දුක‍්ඛානුපස‍්සනෙන විමුච‍්චමානො අනත‍්තානුපස‍්සනෙන සම‍්මා පරියන‍්තදස‍්සාවී පහානපරිඤ‍්ඤාය සම‍්මත‍්තමභිසමෙච‍්ච දිට‍්ඨෙව ධම‍්මෙ දුක‍්ඛස‍්සන‍්තකරො හොති. තෙනෙතං වුත‍්තං –

මෙහිදී “ධර්‍මයෝ නවය විශේෂයෙන් දත යුතුය. කවර නවයක්ද යත්? නව සත්වාවාසයෝය” යයි කී හෙයින් නව සත්වාවාසයන් පිළිබඳව ඥාත පරිඥාවෙන් ධුව, (ස්ථිර) සුභ, සුඛ, ආත්මභාව වශයෙන් දැකීම දුරුකොට ශුද්ධ සංස්කාර සමූහයක් පමණකැයි දැකීම කරණකොට ගෙන කලකිරෙන්නේ තීරණ පරිඥාවෙන් අනිත්‍ය වශයෙන් දැකීම කරණකොට ගෙන නොඇලෙන්නේ දුක් වශයෙන් දැකීම කරණකොට ගෙන මිදෙන්නේ අනාත්ම වශයෙන් දැකීම කරණකොට ගෙන මැනවින් කෙළවර දකින්නේ පහාණ පරිඥාවෙන් ආර්‍ය මාර්‍ගයට එළඹ මේ ආත්ම භාවයේදීම දුක් කෙළවර කරන්නේ වේ. එහෙයින් දේශනා කරන ලදී :-

“නවසු, භික‍්ඛවෙ, ධම‍්මෙසු භික‍්ඛු සම‍්මා නිබ‍්බින්‍දමානො…පෙ… දිට‍්ඨෙව ධම‍්මෙ දුක‍්ඛස‍්සන‍්තකරො හොති. කතමෙසු නවසු? නවසු සත‍්තාවාසෙසූ”ති (අ· නි· 10.27).

“මහණෙනි, ධර්‍ම නවයෙක්හි භික්ෂුතෙම මැනවින් කලකිරෙන්නේ -පෙ- මේ ආත්ම භාවයේදීම දුක් කෙළවර කරන්නේ වේ. කවර නවයෙක්හිද යත්? නව සත්වාවාසයන්හිය (අංගුත්තර නිකාය) යනුයි.

දස නාම කින‍්තිපඤ‍්හවණ‍්ණනා

දස නාම කින්තිපඤ්හවණ්ණනා

එවං ඉමිනාපි පඤ‍්හබ්‍යාකරණෙන ආරද‍්ධචිත‍්තො සත්‍ථා උත‍්තරිං පඤ‍්හං පුච‍්ඡති දස නාම කින‍්ති? තත්‍ථ කිඤ‍්චාපි ඉමස‍්ස පඤ‍්හස‍්ස ඉතො අඤ‍්ඤත්‍ර වෙය්‍යාකරණෙසු දස අකුසලකම‍්මපථා වුත‍්තා. යථාහ –

මේ ප්‍රශ්න විසඳීමෙන් ද සතුටු වූ සිත් ඇති ශාස්තෲන් වහන්සේ මතුවටත් “දසනාම කිං” (දහය නම් කිම?) යයි ප්‍රශ්නයක් විමසති. එහිදී හුදෙක් මේ ප්‍රශ්නයට මෙයින් වෙනත් තැන්වල විසඳීම්වල දී දශ අකුශල කර්‍ම පථයෝ දේශනා කරන ලද්දාහුය. යම්සේ වදාළේද -

“දසසු, භික‍්ඛවෙ, ධම‍්මෙසු භික‍්ඛු සම‍්මා නිබ‍්බින්‍දමානො…පෙ… දුක‍්ඛස‍්සන‍්තකරො හොති. කතමෙසු දසසු? දසසු අකුසලකම‍්මපථෙසු. ඉමෙසු ඛො, භික‍්ඛවෙ, දසසු ධම‍්මෙසු භික‍්ඛු සම‍්මා නිබ‍්බින්‍දමානො…පෙ· … දුක‍්ඛස‍්සන‍්තකරො හොති. ‘දස පඤ‍්හා දස උද‍්දෙසා දස වෙය්‍යාකරණානී’ති ඉති යං තං වුත‍්තං, ඉදමෙතං පටිච‍්ච වුත‍්ත”න‍්ති (අ· නි· 10.27).

මහණෙනි ධර්‍ම දහයෙක්හි භික්ෂුතෙම මැනවින් කලකිරෙන්නේ -පෙ- මේ ආත්මභවයේදීම දුක් කෙළවර කරන්නේ වේ. කවර දහයෙක්හිද යත්? දශ අකුශල කර්‍ම පථයන්හිය. මහණෙනි, මේ ධර්‍ම දහයෙහි භික්ෂුතෙම මැනවින් කලකිරෙතේ -පෙ- මේ ආත්ම භාවයේදීම දුක් කෙළවර කරන්නේ වේ. ප්‍රශ්න දහයකි, උදෙසුම් දහයකි. විසඳුම් දහයෙකියි යමක් කියන ලද්දේ ද එය මේ සඳහා දේශනා කරන ලදී යනුයි.

ඉධ පන යස‍්මා අයමායස‍්මා අත‍්තානං අනුපනෙත්‍වා අඤ‍්ඤං බ්‍යාකාතුකාමො, යස‍්මා වා ඉමිනා පරියායෙන බ්‍යාකතං සුබ්‍යාකතමෙව හොති, තස‍්මා යෙහි දසහි අඞ‍්ගෙහි සමන‍්නාගතො අරහාති පවුච‍්චති, තෙසං අධිගමං දීපෙන‍්තො දසහඞ‍්ගෙහි සමන‍්නාගතො අරහාති පවුච‍්චතීති පුග‍්ගලාධිට‍්ඨානාය දෙසනාය විස‍්සජ‍්ජෙති. යතො එත්‍ථ යෙහි දසහි අඞ‍්ගෙහි සමන‍්නාගතො අරහාති පවුච‍්චති, තානි දසඞ‍්ගානි “දස නාම කි”න‍්ති පුට‍්ඨෙන ථෙරෙන නිද‍්දිට‍්ඨානීති වෙදිතබ‍්බානි. තානි ච දස –

මෙහි වනාහි යම් හෙයකින් මේ (සෝපාක) ආයුෂ්මතුන් වහන්සේ තමන් ඉදිරිපත් නොකොට රහත්බව ප්‍රකාශ කරනු කැමැත්තේ වේ ද නැතහොත් යම්හෙයකින් මේ ආකාරයෙන් විසඳන ලද්දේ මැනවින් විසඳන ලද්දේ වේ ද එහෙයින් යම් දශ අඞ්ගයකින් සමන්විත තැනැත්තේ ‘අරහත්’ යයි කියනු ලැබේද එතුමන්ගේ අධිගමය ප්‍රකට කරමින් “දසහඞ්ගෙහි සමන්තාගතො අරහාති වුච්චති” (දශ අඞ්ගයන්ගෙන් යුක්ත වූ රහත්තෙමේ යයි කියනු ලැබේ) යනුවෙන් පුද්ගලාධිෂ්ඨාන දේශනාවෙන් විසඳති. යම් හෙයකින් මෙහි යම් දශ අඞ්ගයන්ගෙන් යුත් තැනැත්තේ “අර්හත්” යයි කියනු ලැබේද ඒ දශ අඞ්ගයෝ “දහය නම් කිම?” යයි විමසනු ලැබූ තෙරුන් වහන්සේ විසින් දක්වන ලද්දාහු යයි දත යුතුය. එම දහය ද

“අසෙඛො අසෙඛොති, භන‍්තෙ, වුච‍්චති, කිත‍්තාවතා නු ඛො, භන‍්තෙ, භික‍්ඛු අසෙඛො හොතීති? ඉධ, භික‍්ඛවෙ, භික‍්ඛු අසෙඛාය සම‍්මාදිට‍්ඨියා සමන‍්නාගතො හොති, අසෙඛෙන සම‍්මාසඞ‍්කප‍්පෙන සමන‍්නාගතො හොති, අසෙඛාය සම‍්මාවාචාය සමන‍්නාගතො හොති, අසෙඛෙන සම‍්මාකම‍්මන‍්තෙන සමන‍්නාගතො හොති, අසෙඛෙන සම‍්මාආජීවෙන සමන‍්නාගතො හොති, අසෙඛෙන සම‍්මාවායාමෙන සමන‍්නාගතො හොති, අසෙඛාය සම‍්මාසතියා සමන‍්නාගතො හොති, අසෙඛෙන සම‍්මාසමාධිනා සමන‍්නාගතො හොති, අසෙඛෙන සම‍්මාඤාණෙන සමන‍්නාගතො හොති, අසෙඛාය සම‍්මාවිමුත‍්තියා සමන‍්නාගතො හොති. එවං ඛො, භික‍්ඛවෙ, භික‍්ඛු අසෙඛො හොතී”ති (අ· නි· 10.111). –

“ස්වාමීනි, අසෙඛයා අසෙඛයා යයි කියනු ලැබේ. ස්වාමීනි, භික්ෂුව කෙතෙක් කරුණින් අසෙඛ වේද? මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂු තෙම අසේඛ වූ සම්‍යක් දෘෂ්ටියෙන් යුක්ත වූයේ වෙයි. අසෙඛ වූ සම්‍යක් සංකල්පයෙන් යුක්ත වූයේ වෙයි. අසෙඛ වූ සම්‍යක් වචනයෙන් යුක්ත වූයේ වෙයි. අසෙඛ වූ සම්‍යක් කර්‍මාන්තයෙන් යුක්ත වූයේ වෙයි. අසෙඛ වූ සම්‍යක් ආජීවයෙන් යුක්ත වූයේ වෙයි. අසේඛ වූ සම්‍යක් ව්‍යායාමයෙන් යුක්ත වූයේ වෙයි. අසේඛ වූ සම්‍යක් ස්මෘතියෙන් යුක්ත වූයේ වෙයි. අසේඛ වූ සම්‍යක් සමාධියෙන් යුක්ත වූයේ වෙයි. අසේඛ වූ සම්‍යක් ඥානයෙන් යුක්ත වූයේ වෙයි. අසේඛ වූ සම්‍යක් විමුක්තියෙන් යුක්ත වූයේ වෙයි. මහණෙනි, භික්ෂු තෙම මෙසේ අසෙඛ වේ.” (අංගුත්තර නිකාය)

එවමාදීසු සුත‍්තෙසු වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බානීති.

යන ආදී සුත්‍රයන්හි දේශනා කරන ලද ආකාරයෙන්ම දත යුතුය.

පරමත්‍ථජොතිකාය ඛුද‍්දකපාඨ-අට‍්ඨකථාය කුමාරපඤ‍්හවණ‍්ණනා නිට‍්ඨිතා.

කුමාර ප්‍රශ්න වර්‍ණනාව නිමියේය.