යෙදුමෙන් කියවන්න

නික‍්ඛෙපප‍්පයොජනං අට‍්ඨකථා

නික‍්ඛෙපප‍්පයොජනං

නික්ඛෙපප්පයොජනං

යස‍්මා පන සරණගමනෙහි බුද‍්ධධම‍්මසඞ‍්ඝානුස‍්සතිවසෙන චිත‍්තභාවනා, සික‍්ඛාපදෙහි සීලභාවනා, ද‍්වත‍්තිංසාකාරෙන ච කායභාවනා පකාසිතා, තස‍්මා ඉදානි නානප‍්පකාරතො පඤ‍්ඤාභාවනාමුඛදස‍්සනත්‍ථං ඉමෙ පඤ‍්හබ්‍යාකරණා ඉධ නික‍්ඛිත‍්තා. යස‍්මා වා සීලපදට‍්ඨානො සමාධි, සමාධිපදට‍්ඨානා ච පඤ‍්ඤා; යථාහ – “සීලෙ පතිට‍්ඨාය නරො සපඤ‍්ඤො, චිත‍්තං පඤ‍්ඤඤ‍්ච භාවය”න‍්ති (සං· නි· 1.23, 192), තස‍්මා සික‍්ඛාපදෙහි සීලං ද‍්වත‍්තිංසාකාරෙන තංගොචරං සමාධිඤ‍්ච දස‍්සෙත්‍වා සමාහිතචිත‍්තස‍්ස නානාධම‍්මපරික‍්ඛාරාය පඤ‍්ඤාය පභෙදදස‍්සනත්‍ථං ඉධ නික‍්ඛිත‍්තාතිපි විඤ‍්ඤාතබ‍්බා.

යම් හෙයකින් වනාහි සරණාගමනයන්ගෙන් බුද්ධ, ධම්ම, සංඝානුස්සති වශයෙන් චිත්ත භාවනාව ද ශික්ෂාපදයන්ගෙන් ශීල භාවනාව ද ද්වතිංසාකාරයෙන් කාය භාවනාව ද දේශනා කරන ලද්දේ ද එහෙයින් දැන් නොයෙක් ආකාරයෙන් ප්‍රඥා භාවනාවේ ආරම්භය දැක්වීමට මේ ප්‍රශ්න විසඳීම මෙහි ඇතුළත් කරන ලදී. නැතහොත් යම්හෙයකින් සමාධිය ශීලය පදනම් කොට වේ ද ප්‍රඥාව සමාධිය පදනම් කොට වේ ද ප්‍රඥාවන්ත මිනිසා ශීලයෙහි පිහිටා සිත හා ප්‍රඥාව වඩන්නේය”යයි යම්සේ වදාළේ ද එහෙයින් ශික්ෂාපදයන්ගෙන් ශීලයත් ද්වත්තිංසාකාරයෙන් එයට ගෝචර වූ සමාධියත් දක්වා සන්සුන් සිත් ඇත්තාගේ නොයෙක් ධර්‍මයන් පිරික්සන ප්‍රඥාවගේ ප්‍රභේද දැක්වීම සඳහා (කුමාර ප්‍රශ්නය) මෙහි ඇතුළත් කරන ලද්දේ යයි දත යුතුය.

ඉදං තෙසං ඉධ නික‍්ඛෙපප‍්පයොජනං.

මේ කුමාර ප්‍රශ්නයන් මෙහි ඇතුළත් කිරිමේ ප්‍රයෝජනයයි.