යෙදුමෙන් කියවන්න

අට‍්ඨුප‍්පත‍්ති අට‍්ඨකථා

අට‍්ඨුප‍්පත‍්ති

අට්ඨුප්පත්ති

ඉදානි එකං නාම කින‍්ති එවමාදීනං කුමාරපඤ‍්හානං අත්‍ථවණ‍්ණනාක‍්කමො අනුප‍්පත‍්තො. තෙසං අට‍්ඨුප‍්පත‍්තිං ඉධ නික‍්ඛෙපප‍්පයොජනඤ‍්ච වත්‍වා වණ‍්ණනං කරිස‍්සාම –

දැන් “එක නාම කිං” යන මේ ආදී කුමාර ප්‍රශ්නයන්ගේ අර්‍ථ වර්‍ණනාව පිළිවෙළින් පැමිණියේය. එම කුමාර ප්‍රශ්නයගේ ඇති වීමට හේතුවක් මේ ඛුද්දක පාඨයෙහි ඇතුළත් කිරීමේ ප්‍රයෝජනයත් කියා වර්‍ණනාව කරන්නෙමි.

අට‍්ඨුප‍්පත‍්ති තාව නෙසං සොපාකො නාම භගවතො මහාසාවකො අහොසි. තෙනායස‍්මතා ජාතියා සත‍්තවස‍්සෙනෙව අඤ‍්ඤා ආරාධිතා, තස‍්ස භගවා පඤ‍්හබ්‍යාකරණෙන උපසම‍්පදං අනුඤ‍්ඤාතුකාමො අත‍්තනා අධිප‍්පෙතත්‍ථානං පඤ‍්හානං බ්‍යාකරණසමත්‍ථතං පස‍්සන‍්තො “එකං නාම කි”න‍්ති එවමාදිනා පඤ‍්හෙ පුච‍්ඡි. සො බ්‍යාකාසි. තෙන ච බ්‍යාකරණෙන භගවතො චිත‍්තං ආරාධෙසි. සාව තස‍්සායස‍්මතො උපසම‍්පදා අහොසි.

ඔවුන්ගේ පහළ වීමට හේතුව පළමුකොට (කියමි) : භාග්‍යවතුන් වහන්සේගේ සෝපාක නම් මහා ශ්‍රාවකයෙක් විය. ඒ අයුෂ්මතුන් වහන්සේ විසින් උපතින් සත්වන වියේදීම රහත්ඵලය අවබෝධ කරගන්නා ලදී. භාග්‍යවතුන් වහන්සේ උන්වහන්සේට ප්‍රශ්න විසඳීම තුළින් උපසම්පදාව අනුදැනීමට කැමැත්තාහු තමන් වහන්සේ විසින් අදහස් කරන ලද අර්‍ථ ඇති ප්‍රශ්නයක් විසඳීමට සමත් බව බලන්නාහු “එකං නාම කිං” යන මේ ආදී වශයෙන් ප්‍රශ්නයක් විචාළහ. උන්වහන්සේ විසඳුහ. ඒ විසඳීමෙන් භාග්‍යවතුන් වහන්සේගේ සිත සෑහීමට පත් කළහ. එයම ඒ ආයුෂ්මතුන් වහන්සේට උපසම්පදාව විය.

අයං තෙසං අට‍්ඨුප‍්පත‍්ති.

මේ ඒ කුමාර ප්‍රශ්නයන්ගේ පහළ වීමට හේතුවයි;