පකිණ්ණකනයො අට්ඨකථා
පකිණ්ණකනයො
පකිණ්ණකනයො
ඉදානි ඉමස්මිංයෙව ද්වත්තිංසාකාරෙ වණ්ණනාපරිචයපාටවත්ථං අයං පකිණ්ණකනයො වෙදිතබ්බො –
දැන් මේ ද්වත්තිංසාකාරයෙහිම වර්ණනා පරිචය හා දක්ෂතාව සඳහා මේ ප්රකීර්ණක න්‍යාය ද දත යුතුය.
“නිමිත්තතො ලක්ඛණතො, ධාතුතො සුඤ්ඤතොපි ච; ඛන්ධාදිතො ච විඤ්ඤෙය්යො, ද්වත්තිංසාකාරනිච්ඡයො”ති.
“නිමිති වශයෙන් ද ලක්ෂණ වශයෙන් ද ධාතු වශයෙන් ද ශූන්‍යතා වශයෙන් ද ස්කන්ධාදි වශයෙන් ද ද්වත්තිංසාකාර නිශ්චය දත යුතුය” යනුයි.
තත්ථ නිමිත්තතොති එවං වුත්තප්පකාරෙ ඉමස්මිං ද්වත්තිංසාකාරෙ සට්ඨිසතං නිමිත්තානි හොන්ති, යෙසං වසෙන යොගාවචරො ද්වත්තිංසාකාරං කොට්ඨාසතො පරිග්ගණ්හාති. සෙය්යථිදං – කෙසස්ස වණ්ණනිමිත්තං, සණ්ඨානනිමිත්තං, දිසානිමිත්තං, ඔකාසනිමිත්තං, පරිච්ඡෙදනිමිත්තන්ති පඤ්ච නිමිත්තානි හොන්ති. එවං ලොමාදීසු.
එහි නිමිති වශයෙන් යනු යෝගාවචරයා යමකගේ වශයෙන් ද්වතතිංසාකාරය කොට්ඨාස වශයෙන් පරීක්ෂා කර බලයිද ඒ කවරේද යත්? කේශයෙහි වර්ණ නිමිත්ත, සණ්ඨාන නිමිත්ත, දිශා නිමිත්ත, අවකාශ නිමිත්ත, පරිච්ඡේද නිමිත්ත යයි නිමිති පහක් වේ ද ලෝමාදියෙහි ද මෙසේම වේ ද ඒ ආකාරයට කියන ලද මේ ද්වතිංසාකාරයෙහි එකසිය හැටක් නිමිති වේ.
ලක්ඛණතොති ද්වත්තිංසාකාරෙ අට්ඨවීසතිසතං ලක්ඛණානි හොන්ති, යෙසං වසෙන යොගාවචරො ද්වත්තිංසාකාරං ලක්ඛණතො මනසි කරොති. සෙය්යථිදං – කෙසස්ස ථද්ධලක්ඛණං, ආබන්ධනලක්ඛණං, උණ්හත්තලක්ඛණං, සමුදීරණලක්ඛණන්ති චත්තාරි ලක්ඛණානි හොන්ති. එවං ලොමාදීසු.
ලක්ෂණ වශයෙන් යනු යමකගේ වශයෙන් යෝගාවචර තෙම ද්වත්තිංසාකාරය ලක්ෂණ වශයෙන් මෙනෙහි කරයිද ඒ කෙසේද යත් ? කේශයෙහි ථද්ධ ලක්ෂණය, ආබන්ධන ලක්ෂණය, උෂ්ණත්ව ලක්ෂණය, සමුදීරණ ලක්ෂණය යයි ලක්ෂණ හතරක් වේ ද ලෝමාදියෙහි ද එසේම වේ ද මෙසේ ද්වත්තිංසාකාරයෙහි එකසිය විසි අටක් ලක්ෂණයෝ වෙති.
ධාතුතොති ද්වත්තිංසාකාරෙ “ඡධාතුරො, භික්ඛවෙ, අයං පුරිසපුග්ගලො”ති (ම· නි· 3.343-344) එත්ථ වුත්තාසු ධාතූසු අට්ඨවීසතිසතං ධාතුයො හොන්ති, යාසං වසෙන යොගාවචරො ද්වත්තිංසාකාරං ධාතුතො පරිග්ගණ්හාති. සෙය්යථිදං – යා කෙසෙ ථද්ධතා, සා පථවීධාතු; යා ආබන්ධනතා, සා ආපොධාතු; යා පරිපාචනතා, සා තෙජොධාතු; යා විත්ථම්භනතා, සා වායොධාතූති චතස්සො ධාතුයො හොන්ති. එවං ලොමාදීසු.
ධාතු වශයෙන් යනු යමකගේ වශයෙන් යෝගාවචර තෙම ද්වත්තිංසාකාරය ධාතු වශයෙන් පරික්ෂා කෙරේද ඒ කවරේද යත් ? කේශයන්හි යම් තද බවක් වේද ඒ පඨවි ධාතුවයි. යම් එකිනෙකට බැඳෙන ස්වභාවයක් වේ ද ඒ ආපෝ ධාතුවයි. යම් පැසවන බවක් වේ ද ඒ තේජෝ ධාතුවයි. යම් පිම්බවීම් ස්වභාවයක් වේ ද ඒ වායෝ ධාතුවයි යනුවෙන් මෙසේ ධාතු හතරක් වේ ද ලොම් ආදියේ ද එසේම වේ ද මෙසේ ද්වතිංසාකාරයෙහි “මහණෙනි, මේ පුරුෂ පුද්ගල තෙම ධාතු සයකින් යුක්ත වේ” යයි දේශනා කළ ධාතු අතරින් එකසිය විසි අටක් ධාතුහු වෙති. ලෝමාදියෙහි ද මෙසේමය.
සුඤ්ඤතොති ද්වත්තිංසාකාරෙ අට්ඨවීසතිසතං සුඤ්ඤතා හොන්ති, යාසං වසෙන යොගාවචරො ද්වත්තිංසාකාරං සුඤ්ඤතො විපස්සති. සෙය්යථිදං – කෙසෙ තාව පථවීධාතු ආපොධාත්වාදීහි සුඤ්ඤා, තථා ආපොධාත්වාදයො පථවීධාත්වාදීහීති චතස්සො සුඤ්ඤතා හොන්ති. එවං ලොමාදීසු.
ශුන්‍යතා වශයෙන් යනු යමකගේ වශයෙන් යෝගාවචර තෙම ද්වතිංසාකාරය ශුන්‍යතා වශයෙන් දකීද ඒ කෙසේද යත්? පළමුකොට කේශයෙහි පඨවි ධාතුව ආපෝ ධාතු ආදියෙන් ශූන්‍යය. එසේම ආපෝ ධාතු ආදිය පඨවි ධාතු ආදියෙන් ශුන්‍යය ආදි වශයෙන් ශුන්‍යතා හතරක් වේ. ලෝමාදියෙහි ද මෙසේමය.
ඛන්ධාදිතොති ද්වත්තිංසාකාරෙ කෙසාදීසු ඛන්ධාදිවසෙන සඞ්ගය්හමානෙසු “කෙසා කති ඛන්ධා හොන්ති, කති ආයතනානි, කති ධාතුයො, කති සච්චානි, කති සතිපට්ඨානානී”ති එවමාදිනා නයෙන විනිච්ඡයො වෙදිතබ්බො. එවඤ්චස්ස විජානතො තිණකට්ඨසමූහො විය කායො ඛායති. යථාහ –
ස්කන්ධාදි වශයෙන් යනු ද්වත්තිංසාකාරයෙහි කේශාදිය, ස්කන්ධ ආදී වශයෙන් සංග්‍රහ කරන කල්හි කේශයෝ ස්කන්ධ කීයක් වෙත්ද, ආයතන කීයක් වෙත්ද ධාතු කීයක් වෙත්ද? සත්‍ය කීයක් වෙත්ද සතිපට්ඨාන කීයක් වෙත්ද යන මේ ආදී ක්‍රමයෙන් විනිශ්චය දත යුතුය. මෙසේ දැනගන්නා වූ යෝගාවචරයා හට ශරීරය තණවියලි දර සමූහයක් මෙන් හැගේ. යම්සේ කීවේද?
“නත්ථි සත්තො නරො පොසො, පුග්ගලො නූපලබ්භති; සුඤ්ඤභූතො අයං කායො, තිණකට්ඨසමූපමො”ති.
“සත්ත්වයෙක් නැත. මිනිසෙක් පුරුෂයෙක් පුද්ගලයෙක් නොලැබේ. මේ කය ශූන්‍ය වූයේය. තණවියලි දර සමූහයක් වැනිය.”
අථස්ස යා සා –
ඉක්බිති මේ යෝගාවචරයා හට යම් ඒ -
“සුඤ්ඤාගාරං පවිට්ඨස්ස, සන්තචිත්තස්ස තාදිනො; අමානුසී රති හොති, සම්මා ධම්මං විපස්සතො”ති. –
“ශුන්යගාරයකට පිවිසි සන්සුන් සිත් ඇති අටලෝදහමින් කම්පා නොවන මැනවින් ධර්මය විමසා බලන භික්ෂුවට අමානුෂික වූ යම් රතියක් (විදර්ශනාව පිළිබඳ ඇල්මක්) ඇතිවේ” යනුවෙන්
එවං අමානුසී රති වුත්තා, සා අදූරතරා හොති. තතො යං තං –
යම් අමානුෂී රතියක් දේශනා කරන ලද්දේ ද එය නුදුරෙහිම වේ. ඉන් අනතුරුව යම් ඒ
“යතො යතො සම්මසති, ඛන්ධානං උදයබ්බයං; ලභතී පීතිපාමොජ්ජං, අමතං තං විජානත”න්ති. (ධ· ප· 373-374) –
“යමෙක් යම් යම් විටක ස්කන්ධයන්ගේ හට ගැනීම හා විනාශය ගැන නුවණින් මෙනෙහි කරයි ද ඒ හැම විටම ඔහුට ප්‍රීති ප්රමෝදයක් ඇතිවේ. කරුණු වැටහෙන්නට එයම අමෘතයකි’ යි.
එවං විපස්සනාමයං පීතිපාමොජ්ජාමතං වුත්තං. තං අනුභවන්තො න චිරෙනෙව අරියජනසෙවිතං අජරාමරං නිබ්බානාමතං සච්ඡිකරොතීති.
මෙසේ විදර්ශනාමය ප්‍රීති ප්රමෝද්යා අමෘතයක් දේශනා කරන ලද්දේ ද එය අනුභව කරන්නේ නොබෝ කලකින්ම ආර්‍ය්‍ය ජනයා විසින් සේවනය කරන ලද අජරාමර නිර්වාණ අමෘතය ප්රත්යක්ෂ කරන්නේය.
පරමත්ථජොතිකාය ඛුද්දකපාඨ-අට්ඨකථාය ද්වත්තිංසාකාරවණ්ණනා නිට්ඨිතා.
ද්වත්තිංසාකාර වර්ණනාව නිමියේය.