යෙදුමෙන් කියවන්න

අසුභභාවනා අට‍්ඨකථා

අසුභභාවනා

අසුභභාවනා

අසුභභාවනාවසෙන පනස‍්ස එවං වණ‍්ණනා වෙදිතබ‍්බා – එවමෙතස‍්මිං පාණාතිපාතාවෙරමණිසික‍්ඛාපදාදිභෙදෙ සීලෙ පතිට‍්ඨිතෙන පයොගසුද‍්ධෙන ආදිකම‍්මිකෙන කුලපුත‍්තෙන ආසයසුද‍්ධියා අධිගමනත්‍ථං ද‍්වත‍්තිංසාකාරකම‍්මට‍්ඨානභාවනානුයොගමනුයුඤ‍්ජිතුකාමෙන පඨමං තාවස‍්ස ආවාසකුලලාභගණකම‍්මද‍්ධානඤාතිගන්‍ථරොගඉද‍්ධිපලිබොධෙන කිත‍්තිපලිබොධෙන වා සහ දස පලිබොධා හොන‍්ති. අථානෙන ආවාසකුලලාභගණඤාතිකිත‍්තීසු සඞ‍්ගප‍්පහානෙන, කම‍්මද‍්ධානගන්‍ථෙසු අබ්‍යාපාරෙන, රොගස‍්ස තිකිච‍්ඡායාති එවං තෙ දස පලිබොධා උපච‍්ඡින්‍දිතබ‍්බා, අථානෙන උපච‍්ඡින‍්නපලිබොධෙන අනුපච‍්ඡින‍්නනෙක‍්ඛම‍්මාභිලාසෙන කොටිප‍්පත‍්තසල‍්ලෙඛවුත‍්තිතං පරිග‍්ගහෙත්‍වා ඛුද‍්දානුඛුද‍්දකම‍්පි විනයාචාරං අප‍්පජහන‍්තෙන ආගමාධිගමසමන‍්නාගතො තතො අඤ‍්ඤතරඞ‍්ගසමන‍්නාගතො වා කම‍්මට‍්ඨානදායකො ආචරියො විනයානුරූපෙන විධිනා උපගන‍්තබ‍්බො, වත‍්තසම‍්පදාය ච ආරාධිතචිත‍්තස‍්ස තස‍්ස අත‍්තනො අධිප‍්පායො නිවෙදෙතබ‍්බො. තෙන තස‍්ස නිමිත‍්තජ‍්ඣාසයචරියාධිමුත‍්තිභෙදං ඤත්‍වා යදි එතං කම‍්මට‍්ඨානමනුරූපං, අථ යස‍්මිං විහාරෙ අත‍්තනා වසති, යදි තස‍්මිංයෙව සොපි වසිතුකාමො හොති, තතො සඞ‍්ඛෙපතො කම‍්මට‍්ඨානං දාතබ‍්බං. අථ අඤ‍්ඤත්‍ර වසිතුකාමො හොති, තතො පහාතබ‍්බපරිග‍්ගහෙතබ‍්බාදිකථනවසෙන සපුරෙක‍්ඛාරං රාගචරිතානුකුලාදිකථනවසෙන සප‍්පභෙදං විත්‍ථාරෙන කථෙතබ‍්බං. තෙන තං සපුරෙක‍්ඛාරං සප‍්පභෙදං කම‍්මට‍්ඨානං උග‍්ගහෙත්‍වා ආචරියං ආපුච‍්ඡිත්‍වා යානි තානි –

අශුභ භාවනා වශයෙන් වනාහී මෙහි වර්‍ණනාව මෙසේ දත යුතුය. මෙසේ මේ ප්‍රාණඝාතයෙන් වැළකීමේ ශික්ෂාපදය ආදී ප්‍රභේද ඇති ශීලයෙහි පිහිටීමෙන් ප්‍රයෝග ශුද්ධියෙන් ආශය ශුද්ධිය ලැබීම සඳහා ද්වත්තිංසාකාර කර්‍මස්ථාන භාවනාවෙහි යෙදෙනු කැමති ආදිකම්මික කුලපුත්‍රයා විසින් - පළමුව ඔහු ආවාස, කුල, ලාභ, ගණ (සමූහයා), කම්ම (නව කර්‍මාන්ත) අද්ධාන (දිගු ගමන්), ඥාති, ආබාධ, ගන්‍ථ (පොත්), ඉද්ධි යන පළිබෝධයන්ගෙන් (බාධකයන්ගෙන්) හෝ නැතහොත් (ඉද්ධි පළිබෝධය වෙනුවට) කීර්ති පළිබෝධය සමග පළිබෝධයෝ දහයක් වෙත්ද ඉක්බිති මේ ආවාස, කුල, ලාභ, ගණ, ඥාති, කීර්ති යන පළිබෝධයන්හි නොයෙදීමෙන් ද රෝගයට පිළියම් කිරීමෙන් ද මෙසේ දශ පළිබෝධ සිඳ දැමිය යුතුය. ඉක්බිති සිඳින ලද පළිබෝධ ඇති නොසිඳින ලද නෛෂ්ක්‍රම්‍ය අභිලාෂය ඇති මොහු විසින් කෙළවරට පත් සැහැල්ලු පැවැත්ම හාත්පසින් ගෙන කුඩා වූ ද අනුකුඩා වූ ද විනයාචාරයක් අත් නොහරිමින් ආගම අධිගමයෙන් යුක්ත වූ හෝ එයින් එක්තරා අඞ්ගයගෙන් යුක්ත වූ හෝ කමටහන් දෙන ඇඳුරුතුමෙකු වෙත විනයානුකූල ක්‍රමයට එළඹිය යුතුය. වත් පිහිටුවීමෙන් සතුටු කරන ලද සිත් ඇති එතුමන්ට තම අදහස දැන්විය යුතුය. ඒ ඇඳුරුතුමා විසින් ඔහුගේ නිමිත්ත, අධ්‍යාශය, චරියා, අධිමුත්ති ආදිය දැන ඉදින් මේ කමටහන සුදුසු වේද ඉක්බිති යම් විහාරයක තමා වසයි ද ඉදින් ඔහු ද එහිම වසනු කැමැත්තේ නම් එහිදී කෙටියෙන් කමටහන දිය යුතුය. වෙනත් තැනක වසනු කැමැත්තේ නම් එහිදී දුරුකළ යුතු දේ හා ගත යුතු දේ කීම් වශයෙන් අභිමුඛ කිරීම් සහිතව ද රාග චරිතාදී වශයෙන් (ඒ ඒ චරිතයට අනුකූලව) කීම් වශයෙන් ප්‍රභේද සහිතව ද විස්තර සහිතව කිව යුතුය. ඔහු විසින් ඒ පුරෂ්කාර සහිත ප්‍රභේද සහිත කමටහන ඉගෙන ආචාර්‍ය්‍යයන් වහන්සේ විමසා යම් ඒ :

“මහාවාසං නවාවාසං, ජරාවාසඤ‍්ච පන්‍ථනිං; සොණ‍්ඩිං පණ‍්ණඤ‍්ච පුප‍්ඵඤ‍්ච, ඵලං පත්‍ථිතමෙව ච.

මහා විහාර, අභිනව විහාර, දිරාපත් විහාර, මාර්‍ගාසන්න විහාර, ගල් පොකුණු ඇති විහාර, පලාකොළ ඇති විහාර, මල් ඇති විහාර, ඵල ඇති විහාර, බොහෝ දෙනා ප්‍රාර්ථනා කරන විහාර ද

“නගරං දාරුනා ඛෙත‍්තං, විසභාගෙන පට‍්ටනං; පච‍්චන‍්තසීමාසප‍්පායං, යත්‍ථ මිත‍්තො න ලබ‍්භති.

නගර ආශ්‍රිත විහාර, දැව ඇති විහාර, කුඹුරු සීමා ඇසුරු කළ විහාර, විසභාග පුද්ගලයන් ඇති විහාර, සමුද්‍ර තීර ඇසුරු කළ විහාර, ප්‍රත්‍යන්ත ඇසුරු කළ විහාර, රාජ්‍ය සීමා ඇසුරු කළ විහාර, සප්පාය නැති විහාර, යම් විහාරයක කල්‍යාණ මිත්‍රයන් නැත්තේ ද එබඳු විහාරය ද

“අට‍්ඨාරසෙතානි ඨානානි, ඉති විඤ‍්ඤාය පණ‍්ඩිතො; ආරකා පරිවජ‍්ජෙය්‍ය, මග‍්ගං සප‍්පටිභයං යථා”ති. (විසුද‍්ධි· 1.52) –

යන මේ අටළොස් විහාරයන් මෙසේ දොස් සහිත යයි දැන පණ්ඩිත තෙමේ බිය සහිත මාර්‍ගයක් මෙන් දුරින්ම දුරු කරන්නේය.

එවං අට‍්ඨාරස සෙනාසනානි පරිවජ‍්ජෙතබ‍්බානීති වුච‍්චන‍්ති. තානි වජ‍්ජෙත්‍වා, යං තං –

මෙසේ දහ අටක් සේනාසනයෝ දුරුකළ යුත්තාහ”යි කියනු ලැබෙත් ද ඒවා දුරුකොට යම් ඒ

“කථඤ‍්ච, භික‍්ඛවෙ, සෙනාසනං පඤ‍්චඞ‍්ගසමන‍්නාගතං හොති? ඉධ, භික‍්ඛවෙ, සෙනාසනං නාතිදූරං හොති, නච‍්චාසන‍්නං, ගමනාගමනසම‍්පන‍්නං, දිවා අප‍්පාකිණ‍්ණං, රත‍්තිං අප‍්පසද‍්දං අප‍්පනිග‍්ඝොසං අප‍්පඩංසමකසවාතාතපසරීසපසම‍්ඵස‍්සං. තස‍්මිං ඛො පන සෙනාසනෙ විහරන‍්තස‍්ස අප‍්පකසිරෙන උප‍්පජ‍්ජන‍්ති චීවරපිණ‍්ඩපාතසෙනාසනගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරා. තස‍්මිං ඛො පන සෙනාසනෙ ථෙරා භික‍්ඛූ විහරන‍්ති බහුස‍්සුතා ආගතාගමා ධම‍්මධරා විනයධරා මාතිකාධරා, තෙ කාලෙන කාලං උපසඞ‍්කමිත්‍වා පරිපුච‍්ඡති පරිපඤ‍්හති ‘ඉදං, භන‍්තෙ, කථං, ඉමස‍්ස කො අත්‍ථො’ති? තස‍්ස, තෙ ආයස‍්මන‍්තො අවිවටඤ‍්චෙව විවරන‍්ති, අනුත‍්තානීකතඤ‍්ච උත‍්තානිං කරොන‍්ති, අනෙකවිහිතෙසු ච කඞ‍්ඛාඨානියෙසු ධම‍්මෙසු කඞ‍්ඛං පටිවිනොදෙන‍්ති. එවං ඛො, භික‍්ඛවෙ, සෙනාසනං පඤ‍්චඞ‍්ගසමන‍්නාගතං හොතී”ති (අ· නි· 10.11). –

“මහණෙනි, සෙනසුන කෙසේ නම් අඞ්ග පහකින් යුක්ත වන්නේ වේද මහණෙනි, මේ ශාසනයෙහි සෙනසුන ගමට ඉතා දුර නොවේද ඉතා ආසන්නද නොවේද ගමනාගමන පහසුකම් සහිතවේද, දහවල් (මිනිසුන්) නොගැවසුණේ රාත්‍රියට අල්ප ශබ්ද ඇත්තේ නිර්ඝෝෂ වූයේ වේද මැසි මදුරු සුළං අව් සර්පයන්ගෙන් ස්පර්ශය අල්ප වූයේ වේද ඒ සෙනසුනෙහි වසන්නන්ට නිදුකින් චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්‍රත්‍ය, බෙහෙත් පිරිකර උපදනේ වේද එම සෙනසුනෙහි බොහෝ ඇසූ පිරූ තැන් ඇති හසළ ආගම ඇති, ධර්‍මධර, විනයධර, මාතිකාධර, ස්ථවිර භික්ෂූහු වෙසෙත්ද කලින් කල උන්වහන්සේලා වෙත එළඹ “ස්වාමීනි, මෙය කෙසේද? මෙහි කවර අර්‍ථ ඇත්තේදැයි විමසයිද ප්‍රශ්න කරයිද ඔහුට ඒ ආයුෂ්මත්හු විවෘත නොවූ අර්‍ථ විවර කෙරෙත් ද ප්‍රකට නොවූ අර්‍ථය ප්‍රකට කෙරෙත් ද නොයෙක් ආකාර සැකයට කරුණු වූ ධර්‍මයන්හි සැක දුරු කෙරෙත් ද මහණෙනි, මෙසේ සෙනසුන අඞ්ග පහකින් යුක්ත වූයේ වෙයි.” යනුවෙන්

එවං පඤ‍්චඞ‍්ගසමන‍්නාගතං සෙනාසනං වුත‍්තං. තථාරූපං සෙනාසනං උපගම‍්ම කතසබ‍්බකිච‍්චෙන කාමෙසු ආදීනවං, නෙක‍්ඛම‍්මෙ ච ආනිසංසං පච‍්චවෙක‍්ඛිත්‍වා බුද‍්ධසුබුද‍්ධතාය ධම‍්මසුධම‍්මතාය සඞ‍්ඝසුප‍්පටිපන‍්නතාය ච අනුස‍්සරණෙන චිත‍්තං පසාදෙත්‍වා යං තං –

මෙසේ අඞ්ග පහකින් යුත් සේනාසනයක් කියන ලද්දේ ද එබඳු වූ සෙනසුනකට එළඹ කළ සියලු කිසෙන් කාමයන්හි ආදීනවත් නෛෂ්ක්‍රම්‍යයෙහි ආනිසංසත් සිහිකොට බුදුරජාණන් වහන්සේ චතුරාර්‍ය්‍ය සත්‍ය මැනවින් අවබෝධ කරගත් හෙයින් ද ධර්‍මය යහපත් ධර්‍මයක් වන හෙයින් ද සංඝයා මනා පිළිවෙතට පිළිපන් හෙයින් ද ඒ බව සිහි කිරීමෙන් සිත පහදවාගෙන යම් ඒ :

“වචසා මනසා චෙව, වණ‍්ණසණ‍්ඨානතො දිසා; ඔකාසතො පරිච‍්ඡෙදා, සත‍්තධුග‍්ගහණං විදූ”ති. –

“වචනයෙන්, සිතින්, වර්‍ණ වශයෙන්, සණ්ඨාන වශයෙන්, දිශා වශයෙන්, අවකාශ වශයෙන්, පරිච්ඡේද වශයෙන් යන සප්ත ආකාරයෙන් උද්ග්‍රහයන් දත යුතුය’යි

එවං සත‍්තවිධං උග‍්ගහකොසල‍්ලං; අනුපුබ‍්බතො, නාතිසීඝතො, නාතිසණිකතො, වික‍්ඛෙපප‍්පටිබාහනතො, පණ‍්ණත‍්තිසමතික‍්කමතො, අනුපුබ‍්බමුඤ‍්චනතො, අප‍්පනාතො, තයො ච සුත‍්තන‍්තාති එවං දසවිධං මනසිකාරකොසල‍්ලඤ‍්ච වුත‍්තං. තං අපරිච‍්චජන‍්තෙන ද‍්වත‍්තිංසාකාරභාවනා ආරභිතබ‍්බා. එවඤ‍්හි ආරභතො සබ‍්බාකාරෙන ද‍්වත‍්තිංසාකාරභාවනා සම‍්පජ‍්ජති නො අඤ‍්ඤථා.

මෙසේ සප්තවිධ උද්ග්‍රහ කෞශල්‍ය ද අනුපූර්‍ව වශයෙන්, අතිශීඝ්‍ර නොවීම් වශයෙන්, අතිසනික නොවීම් වශයෙන්, වික්ෂේප දුරු කිරීම් වශයෙන් ප්‍රඥප්ති ඉක්මීම් වශයෙන්, අනුපූර්‍ව මුඤ්චන වශයෙන්, අර්‍පණා වශයෙන්, ත්‍රිවිධ සූත්‍ර (අධිචිත්ත, සීති භාව, බොජ්ඣඞගකොසල්ල) වශයෙන් යන මේ දශවිධ මනසිකාර කෞශල්‍යයක් කියන ලද්දේ ද එය දුරු නොකරමින් ද්වත්තිංසාකාර භාවනාව ආරම්භ කළ යුතුය. මෙසේ ආරම්භ කරන තැනැත්තාටම සියලු ආකාරයෙන් ද්වත්තිංසාකාර භාවනාව සමෘද්ධ වේ. වෙනත් අයුරකින් නොවේ.

තත්‍ථ ආදිතොව තචපඤ‍්චකං තාව ගහෙත්‍වා අපි තෙපිටකෙන “කෙසා ලොමා”තිආදිනා නයෙන අනුලොමතො, තස‍්මිං පගුණීභූතෙ “තචො දන‍්තා”ති එවමාදිනා නයෙන පටිලොමතො, තස‍්මිම‍්පි පගුණීභූතෙ තදුභයනයෙනෙව අනුලොමප‍්පටිලොමතො බහි විසටවිතක‍්කවිච‍්ඡෙදනත්‍ථං පාළිපගුණීභාවත්‍ථඤ‍්ච වචසා කොට‍්ඨාසසභාවපරිග‍්ගහත්‍ථං මනසා ච අද‍්ධමාසං භාවෙතබ‍්බං. වචසා හිස‍්ස භාවනා බහි විසටවිතක‍්කෙ විච‍්ඡින්‍දිත්‍වා මනසා භාවනාය පාළිපගුණතාය ච පච‍්චයො හොති, මනසා භාවනා අසුභවණ‍්ණලක‍්ඛණානං අඤ‍්ඤතරවසෙන පරිග‍්ගහස‍්ස, අථ තෙනෙව නයෙන වක‍්කපඤ‍්චකං අද‍්ධමාසං, තතො තදුභයමද‍්ධමාසං, තතො පප‍්ඵාසපඤ‍්චකමද‍්ධමාසං, තතො තං පඤ‍්චකත‍්තයම‍්පි අද‍්ධමාසං, අථ අන‍්තෙ අවුත‍්තම‍්පි මත්‍ථලුඞ‍්ගං පථවීධාතුආකාරෙහි සද‍්ධිං එකතො භාවනත්‍ථං ඉධ පක‍්ඛිපිත්‍වා මත්‍ථලුඞ‍්ගපඤ‍්චකං අද‍්ධමාසං, තතො පඤ‍්චකචතුක‍්කම‍්පි අද‍්ධමාසං, අථ මෙදඡක‍්කමද‍්ධමාසං, තතො මෙදඡක‍්කෙන සහ පඤ‍්චකචතුක‍්කම‍්පි අද‍්ධමාසං, අථ මුත‍්තඡක‍්කමද‍්ධමාසං, තතො සබ‍්බමෙව ද‍්වත‍්තිංසාකාරමද‍්ධමාසන‍්ති එවං ඡ මාසෙ වණ‍්ණසණ‍්ඨානදිසොකාසපරිච‍්ඡෙදතො වවත්‍ථපෙන‍්තෙන භාවෙතබ‍්බං. එතං මජ‍්ඣිමපඤ‍්ඤං පුග‍්ගලං සන්‍ධාය වුත‍්තං. මන්‍දපඤ‍්ඤෙන තු යාවජීවං භාවෙතබ‍්බං තික‍්ඛපඤ‍්ඤස‍්ස න චිරෙනෙව භාවනා සම‍්පජ‍්ජතීති.

එහි මුලින්ම තච පඤ්චකය ගෙන ත්‍රිපිටකධරයෙකු විසින් වුවද ‘කෙසා, ලොමා’ යන මේ ආදී ක්‍රමයට අනුලෝම වශයෙන් ද එය ප්‍රගුණ වූ පසු “තචො, දන්තා” යන මේ ආදී ක්‍රමයට පටිලෝම වශයෙන් ද පිටත විසිරී ගිය සිතුවිලි සිඳීම සඳහා මෙන්ම පාඨය ප්‍රගුණවීම සඳහා වචනයෙන් ද ඒ ඒ කොටස්වල ස්වභාවය වටාගැනීම සඳහා මනසින් ද අඩමසක් වැඩිය යුතුය. ඔහුගේ වචනයෙන් කරන භාවනාව පිටත විසිරී ගිය සිතුවිලි සිඳ මනසින් කරන භාවනාවෙන් පාඨය ප්‍රගුණ වීමට ද ප්‍රත්‍යය වෙයි. මනසින් කරන භාවනාව අශුභවර්‍ණ ලක්‍ෂණයන්ගේ වෙන් වෙන් වශයෙන් අවබෝධ කරගැනීමට ද උපකාර වන්නේය. ඉක්බිති ඒ ක්‍රමයටම වක්ක පඤ්චකය ද අඩමසක් වැඩිය යුතුය. ඉන්පසු පප්ඵාස පඤ්චකය අඩමසක් ද ඉන්පසු ඒ පඤ්චක තුනම අඩමසක් ද ඉක්බිති මත්‍ථලුඞ්ගය (මොළය) අගට කියන ලද්දේ නමුදු (පෘථිවි ධාතු බහුල බැවින්) පෘථිවි ධාතු ආකාරයන් සමග එක්වන බැවින් භාවනාව සඳහා මෙහි ඇතුළත් කොට ඒ මත්‍ථලුඞ්ග පඤ්චකය අඩමසක් ද ඉන්පසු පඤ්චක හතරම අඩමසක් ද ඉක්බිති මේද ඡක්කය (හයේ කොටස) අඩ මසක් ද අනතුරුව මේද ඡක්කය සමඟ පඤ්චක හතරම අඩ මසක් ද ඉක්බිති මුත්ත ඡක්කය අඩමසක් ද අනතුරුව සියලුම ද්වත්තිංසාකාරය අඩ මසක් ද වශයෙන් මෙසේ සය මසක් වර්ණ, සණ්ඨාන, දිසා, ඔකාස, පරිච්ඡේද වශයෙන් නියම කරමින් වැඩිය යුතුය. මෙය මධ්‍යම ප්‍රාඥ පුද්ගලයා සඳහා කියන ලදී. මන්ද ප්‍රාඥයා විසින් වනාහි දිවි ඇති තෙක් වැඩිය යුතුය. තීක්‍ෂණ ප්‍රඥාවන්තයාට නොබෝ කලකින්ම භාවනාව සමෘද්ධ වන්නේය යනුයි.

එත්‍ථාහ – “කථං පනායමිමං ද‍්වත‍්තිංසාකාරං වණ‍්ණාදිතො වවත්‍ථපෙතී”ති? අයඤ‍්හි “අත්‍ථි ඉමස‍්මිං කායෙ කෙසා”ති එවමාදිනා නයෙන තචපඤ‍්චකාදිවිභාගතො ද‍්වත‍්තිංසාකාරං භාවෙන‍්තො කෙසා තාව වණ‍්ණතො කාළකාති වවත්‍ථපෙති, යාදිසකා වානෙන දිට‍්ඨා හොන‍්ති. සණ‍්ඨානතො දීඝවට‍්ටලිකා තුලාදණ‍්ඩමිවාති වවත්‍ථපෙති. දිසතො පන යස‍්මා ඉමස‍්මිං කායෙ නාභිතො උද‍්ධං උපරිමා දිසා අධො හෙට‍්ඨිමාති වුච‍්චති, තස‍්මා ඉමස‍්ස කායස‍්ස උපරිමාය දිසාය ජාතාති වවත්‍ථපෙති. ඔකාසතො නලාටන‍්තකණ‍්ණචූළිකගලවාටකපරිච‍්ඡින‍්නෙ සීසචම‍්මෙ ජාතාති. තත්‍ථ යථා වම‍්මිකමත්‍ථකෙ ජාතානි කුණ‍්ඨතිණානි න ජානන‍්ති “මයං වම‍්මිකමත්‍ථකෙ ජාතානී”ති; නපි වම‍්මිකමත්‍ථකො ජානාති “මයි කුණ‍්ඨතිණානි ජාතානී”ති; එවමෙව න කෙසා ජානන‍්ති “මයං සීසචම‍්මෙ ජාතා”ති, නපි සීසචම‍්මං ජානාති “මයි කෙසා ජාතා”ති. ආභොගපච‍්චවෙක‍්ඛණවිරහිතා හි එතෙ ධම‍්මා අචෙතනා අබ්‍යාකතා සුඤ‍්ඤා පරමදුග‍්ගන්‍ධජෙගුච‍්ඡප‍්පටිකූලා, න සත‍්තො න පුග‍්ගලොති වවත්‍ථපෙති.

මෙහිදී කීය :- මෙතෙම වනාහි මේ ද්වතිංසාකාරය වර්‍ණාදි වශයෙන් කෙසේ ව්‍යවස්ථා කෙරේද? මෙතෙම වනාහී “අත්‍ථි ඉමස්මිං කායෙ කෙසා” යයි මේ ආදී ක්‍රමයට තචපඤ්චකාදි බෙදීම් ක්‍රම අනුව ද්වත්තිංසාකාරය වඩන්නේ පළමුකොට “කෙසෙ” කෙස් පිළිබඳව වර්‍ණ වශයෙන් කළු පාට යයි නියම කෙරේ. නැතහොත් ඔහු විසින් දකින ලද කෙස් වර්‍ණ වශයෙන් යම්බදු වේද එසේ නියම කෙරේ. සණ්ඨාන වශයෙන් දිස් වටකුරු තරාදි දඬු වැනි යයි නියම කෙරේ. දිශා වශයෙන් වනාහි යම් හෙයකින් මේ ශරීරයෙහි නාභියෙන් උඩ උපරිම දිශාවය (නාභියෙන්) යට හෙට්ඨිම දිශාවයි කියනු ලැබේද එහෙයින් මේ කයෙහි උපරිම දිශාවෙහි හටගත්තේ යයි කියනු ලැබේ. අවකාශ වශයෙන් නළල කෙළවරින් ද කන් සිළුවෙන් ද ගලවටුවෙන් ද සීමාවූ හිසෙහි සමේ හටගත්තේ යයි තීරණය කෙරේ. එහි යම් සේ තුඹස මත හටගත් කුන්තතණ “අපි තුඹස මත හටගත්තෙමු”යි නොදනී ද එසේම තුඹස මුදුන “මා මත කුන්ත තණ හටගත්තේය’යි නොදනීද එසේම කෙස්, “අපි හිසේ සම මත හට ගත්තෙමු”යි නොදනී, හිස් සම ද මා මත කෙස් හටගන්නා ලද්දේය”යි නොදනී. මෙනෙහි කිරීමෛත් ප්‍රත්‍යවේක්‍ෂා කිරීමෙන් තොරවූ මේ ධර්‍ම අචේතනිකය, අව්‍යාකෘතය, ශූන්‍යය, ඉතා දුගඳින්, ජුගුප්සාවෙන් පිළිකුලෙන් යුක්තය. සත්ත්වයෙක් නොවේ, පුද්ගලයෙක් නොවේ යයි තීරණය කෙරේ.

පරිච‍්ඡෙදතොති දුවිධො පරිච‍්ඡෙදො සභාගවිසභාගවසෙන. තත්‍ථ කෙසා හෙට‍්ඨා පතිට‍්ඨිතචම‍්මතලෙන තත්‍ථ වීහග‍්ගමත‍්තං පවිසිත්‍වා පතිට‍්ඨිතෙන අත‍්තනො මූලතලෙන ච උපරි ආකාසෙන තිරියං අඤ‍්ඤමඤ‍්ඤෙන පරිච‍්ඡින‍්නාති එවං සභාගපරිච‍්ඡෙදතො, කෙසා න අවසෙසඑකතිංසාකාරා. අවසෙසා එකතිංසා න කෙසාති එවං විසභාගපරිච‍්ඡෙදතො ච වවත්‍ථපෙති. එවං තාව කෙසෙ වණ‍්ණාදිතො වවත්‍ථපෙති.

පරිච්ඡේද වශයෙන් සැලකීමේ දී සභාග, විසභාග වශයෙන් පරිදය දෙආකාර වේ. එහි කෙස් හිස වසා සිටි සමෙහි වියනක් පමණ ඇතුළුව පිහිටි ඒ කේශයන්ගේ මුල් තලයෙන් යට ද උඩින් අහසින් ද සරස ඒ ඒ කෙස් ගසින් ද පරිච්ඡින්න වේ යයි මෙසේ සභාග පරිච්ඡේද වශයෙන් ද කෙස් සෙසු එක් තිස් කොටස් බඳු නොවේ. සෙසු එක් තිස් කොටස් කෙස් බඳු නොවේ යයි මෙසේ විසභාග පරිච්ඡේද වශයෙන් ද තීරණය කෙරේ. මෙසේ පළමුකොට කෙස් වර්‍ණාදී වශයෙන් තීරණය කරේ.

අවසෙසෙසු ලොමා වණ‍්ණතො යෙභුය්‍යෙන නීලවණ‍්ණාති වවත්‍ථපෙති, යාදිසකා වානෙන දිට‍්ඨා හොන‍්ති. සණ‍්ඨානතො ඔණතචාපසණ‍්ඨානා, උපරි වඞ‍්කතාලහීරසණ‍්ඨානා වා, දිසතො ද‍්වීසු දිසාසු ජාතා, ඔකාසතො හත්‍ථතලපාදතලෙ ඨපෙත්‍වා යෙභුය්‍යෙන අවසෙසසරීරචම‍්මෙ ජාතාති.

සෙසු කොටස් අතුරෙන් “ලොමා” ලෝමයෝ වර්‍ණ වශයෙන් බොහෝ සෙයින් නීල වර්‍ණයයි හෝ ඔහු විසින් දන්නා ලද්දේ යම් ආකාරයකට ද එලෙස තීරණය කෙරේ. සණ්ඨාන වශයෙන් පහතට නැමුණු දුන්නක හැඩය ඇත්තේය. නැතහොත් අග නැමීගිය තල්මලක හැඩය ඇත්තේය. දිශා වශයෙන් උඩ, යට, යන දිශාවන් දෙකෙහි හටගත්තේය. අවකාශ වශයෙන් අතුල් පතුල් හැර බොහෝ සෙයින් සෙසු ශරීර සමෙහි හටගත්තේය.

තත්‍ථ යථා පුරාණගාමට‍්ඨානෙ ජාතානි දබ‍්බතිණානි න ජානන‍්ති “මයං පුරාණගාමට‍්ඨානෙ ජාතානී”ති, න ච පුරාණගාමට‍්ඨානං ජානාති “මයි දබ‍්බතිණානි ජාතානී”ති, එවමෙව න ලොමා ජානන‍්ති “මයං සරීරචම‍්මෙ ජාතා”ති, නපි සරීරචම‍්මං ජානාති “මයි ලොමා ජාතා”ති. ආභොගපච‍්චවෙක‍්ඛණවිරහිතා හි එතෙ ධම‍්මා අචෙතනා අබ්‍යාකතා සුඤ‍්ඤා පරමදුග‍්ගන්‍ධජෙගුච‍්ඡපටිකූලා, න සත‍්තො න පුග‍්ගලොති වවත්‍ථපෙති. පරිච‍්ඡෙදතො හෙට‍්ඨා පතිට‍්ඨිතචම‍්මතලෙන තත්‍ථ ලික‍්ඛාමත‍්තං පවිසිත්‍වා පතිට‍්ඨිතෙන අත‍්තනො මූලෙන ච උපරි ආකාසෙන තිරියං අඤ‍්ඤමඤ‍්ඤෙන පරිච‍්ඡින‍්නාති වවත්‍ථපෙති. අයමෙතෙසං සභාගපරිච‍්ඡෙදො, විසභාගපරිච‍්ඡෙදො පන කෙසසදිසො එවාති එවං ලොමෙ වණ‍්ණාදිතො වවත්‍ථපෙති.

එහි යම්සේ පැරණි ගමක් පිහිටි තැනක හටගත් කුස තණ “අපි පරණ ගමක් පිහිටි ස්ථානයක හටගත්තෙමු”යි නොදනීද එසේම පැරණි ගම පිහිටි ස්ථානය “මා කෙරෙහි කුස තණ හටගත්තේය”යි නොදනීද ඒ අයුරින් ලෝමයෝ “අපි ශරීර සමෙහි හටගත්තෙමු”යි නොදනී. ශරීර සම ද “මා කෙරෙහි ලෝමයෝ හට ගත්හ”යි නොදනී. මෙනෙහි කිරීම් ප්‍රත්‍යවේක්‍ෂ කිරීම් විරහිත මේ ධර්‍ම වනාහී අචේතනිකය. අව්‍යකෘතය. ශුන්‍යය. ඉතා දුඟදින් ජුගුප්සාවෙන් පිළිකුලෙන් යුක්තය. සත්ත්වයෙක්, නොවේ. පුද්ගලයෙක් නොවේ යයි තීරණය කෙරේ. පරිච්ඡේද වශයෙන් යටින් සිරුර වසා සිටි සමෙහි ලේඩිත්තෙකු පමණ ඇතුළට පිවිස පිහිටි තමන්ගේ මුල් තලයෙන් ද උඩින් ආකාශයෙන් ද සරසින් ඒ ඒ රෝමයන්ගෙන් ද පරිච්ජින්නව (සීමා වී) පිහිටියේ යයි තීරණය කෙරේ. මේ මොවුන්ගේ සභාග පරිච්ඡේදයයි. විසභාග පරිච්ඡේදය වනාහි කෙස් හා සමානමය. මෙසේ ලෝමයන් වර්‍ණාදි වශයෙන් තීරණය කෙරේ.

තතො පරං නඛා යස‍්ස පරිපුණ‍්ණා, තස‍්ස වීසති. තෙ සබ‍්බෙපි වණ‍්ණතො මංසවිනිමුත‍්තොකාසෙ සෙතා, මංසසම‍්බන්‍ධෙ තම‍්බවණ‍්ණාති වවත්‍ථපෙති. සණ‍්ඨානතො යථාසකපතිට‍්ඨිතොකාසසණ‍්ඨානා, යෙභුය්‍යෙන මධුකඵලට‍්ඨිකසණ‍්ඨානා, මච‍්ඡසකලිකසණ‍්ඨානා වාති වවත්‍ථපෙති. දිසතො ද‍්වීසු දිසාසු ජාතා, ඔකාසතො අඞ‍්ගුලීනං අග‍්ගෙසු පතිට‍්ඨිතාති.

ඉන් අනතුරුව “නඛා” නියයි. යමෙකුට සම්පූර්‍ණ වූයේ නම් ඔහුට (නිය) විස්සක් වේ. ඒ සියල්ලම වර්‍ණ වශයෙන් මසින් තොර ප්‍රදේශයෙහි සුදු වර්‍ණ ද මස් හා සම්බන්ධ කොටස තඹ වර්‍ණ ද වේ යයි තීරණය කෙරේ. සණ්ඨාන වශයෙන් තම තමාට අයත් පරිදි පිහිටි අවකාශ සටහන් ඇත්තේය. බොහෝ සෙයින් මී ගෙඩියේ ඇටයක සටහන් ඇත්තේය. නැතහොත් මසුන්ගේ කොරපොතු සටහන් ඇත්තේ යයි තීරණය කෙරේ. දිශා වශයෙන් දිශා දෙකෙහි හට ගත්තේය. අවකාශ වශයෙන් ඇඟිලි අග්හි පිහිටියේය.

තත්‍ථ යථා නාම ගාමදාරකෙහි දණ‍්ඩකග‍්ගෙසු මධුකඵලට‍්ඨිකා ඨපිතා න ජානන‍්ති “මයං දණ‍්ඩකග‍්ගෙසු ඨපිතා”ති, නපි දණ‍්ඩකා ජානන‍්ති “අම‍්හෙසු මධුකඵලට‍්ඨිකා ඨපිතා”ති; එවමෙව නඛා න ජානන‍්ති “මයං අඞ‍්ගුලීනං අග‍්ගෙසු පතිට‍්ඨිතා”ති, නපි අඞ‍්ගුලියො ජානන‍්ති “අම‍්හාකං අග‍්ගෙසු නඛා පතිට‍්ඨිතා”ති. ආභොගපච‍්චවෙක‍්ඛණවිරහිතා හි එතෙ ධම‍්මා අචෙතනා…පෙ… න පුග‍්ගලොති වවත්‍ථපෙති. පරිච‍්ඡෙදතො හෙට‍්ඨා මූලෙ ච අඞ‍්ගුලිමංසෙන, තත්‍ථ පතිට‍්ඨිතතලෙන වා උපරි අග‍්ගෙ ච ආකාසෙන, උභතොපස‍්සෙසු අඞ‍්ගුලීනං උභතොකොටිචම‍්මෙන පරිච‍්ඡින‍්නාති වවත්‍ථපෙති. අයමෙතෙසං සභාගපරිච‍්ඡෙදො, විසභාගපරිච‍්ඡෙදො පන කෙසසදිසො එවාති එවං නඛෙ වණ‍්ණාදිතො වවත්‍ථපෙති.

එහිදී යම්සේ ගම් දරුවන් විසින් දඬු අග්හි මී ඵල ඇට තබන ලද්දේ “අපි දඬු අග්හි තබන ලද්දාහු වෙමු”යි නොදනී ද දඬු ද අප මත මී ඵල ඇට තබන ලද්දේ යයි නොදනීද ඒ අයුරින් නිය “අපි ඇඟිලි අග පිහිටියෙමු”යි නොදනී. ඇඟිලි ද අපගේ කෙළවර නිය පිහිටියේ යයි නොම දනී. මෙනෙහි කිරීමෙන් ප්‍රත්‍යවේක්ෂා කිරීමෙන් තොර මේ ධර්‍මයෝ වනාහි අචේතනිකය. -පෙ- පුද්ගලයෙක් නොවේ යයි තීරණය කෙරේ. පරිච්ඡේද වශයෙන් යට සහ මුල ඇඟිලි මසින් ද උඩ හා අග අහසින් ද දෙපසින් ඇඟිලිවලින් ද දෙකෙළවරින් සමෙන් ද පරිච්ඡන්න යයි තීරණය කෙරේ. මේ මෙම නියවල සභාග පරිච්ඡේදයයි. විසභාග පරිච්ඡේදය වනාහි කෙස් හා සමානමය. මෙසේ නිය වර්‍ණාදි වශයෙන් තීරණය කෙරේ.

තතො පරං දන‍්තා යස‍්ස පරිපුණ‍්ණා, තස‍්ස ද‍්වත‍්තිංස. තෙ සබ‍්බෙපි වණ‍්ණතො සෙතවණ‍්ණාති වවත්‍ථපෙති. යස‍්ස සමසණ‍්ඨිතා හොන‍්ති, තස‍්ස ඛරපත‍්තච‍්ඡින‍්නසඞ‍්ඛපටලමිව සමගන්‍ථිතසෙතකුසුමමකුළමාලා විය ච ඛායන‍්ති. යස‍්ස විසමසණ‍්ඨිතා, තස‍්ස ජිණ‍්ණආසනසාලාපීඨකපටිපාටි විය නානාසණ‍්ඨානාති සණ‍්ඨානතො වවත්‍ථපෙති. තෙසඤ‍්හි උභයදන‍්තපන‍්තිපරියොසානෙසු හෙට‍්ඨතො උපරිතො ච ද‍්වෙ ද‍්වෙ කත්‍වා අට‍්ඨ දන‍්තා චතුකොටිකා චතුමූලිකා ආසන්‍දිකසණ‍්ඨානා, තෙසං ඔරතො තෙනෙව කමෙන සන‍්නිවිට‍්ඨා අට‍්ඨ දන‍්තා තිකොටිකා තිමූලිකා සිඞ‍්ඝාටකසණ‍්ඨානා. තෙසම‍්පි ඔරතො තෙනෙව කමෙන හෙට‍්ඨතො උපරිතො ච එකමෙකං කත්‍වා චත‍්තාරො දන‍්තා ද‍්විකොටිකා ද‍්විමූලිකා යානකූපත්‍ථම‍්භිනීසණ‍්ඨානා. තෙසම‍්පි ඔරතො තෙනෙව කමෙන සන‍්නිවිට‍්ඨා චත‍්තාරො දාඨාදන‍්තා එකකොටිකා එකමූලිකා මල‍්ලිකාමකුළසණ‍්ඨානා. තතො උභයදන‍්තපන‍්තිවෙමජ‍්ඣෙ හෙට‍්ඨා චත‍්තාරො උපරි චත‍්තාරො කත්‍වා අට‍්ඨ දන‍්තා එකකොටිකා එකමූලිකා තුම‍්බබීජසණ‍්ඨානා. දිසතො උපරිමාය දිසාය ජාතා. ඔකාසතො උපරිමා උපරිමහනුකට‍්ඨිකෙ අධොකොටිකා, හෙට‍්ඨිමා හෙට‍්ඨිමහනුකට‍්ඨිකෙ උද‍්ධංකොටිකා හුත්‍වා පතිට‍්ඨිතාති.

ඉන් පසුව “දන්තා” දත්ය. යමෙකුගේ දත් සම්පූර්‍ණ ද ඔහුට දත් තිස් දෙකකි. ඒ සියල්ලම වර්‍ණ වශයෙන් සුදු පාටයයි තීරණය කෙරේ. යමෙකුගේ දත් සමව පිහිටා ඇත්නම් තියුණු පතකින් සිඳින ලද සක් පටලක් මෙන් ද සමව ගොතන ලද සුදු මල් කැකුළු මාලාවක් මෙන් ද හැඟෙත්. යමෙකුගේ දත් විසමව පිහිටියේ නම් ඔහුගේ දත් දිරාගිය ආසන ශාලාවක පුටු පේළියක් මෙන් නොයෙක් සටහන් ඇත්තේ යයි සණ්ඨාන වශයෙන් තීරණය කෙරේ. ඔවුන්ගේ දත් පේළි දෙකෙළවර යටින් සහ උඩින් ද දෙක දෙක වශයෙන් දත් අටක් කෙළවරවල් හතරක් හා මුල් හතරක් ඇත්තේ ඇඳි පුටුවක සටහන් ඇත්තේය. ඔවුන්ට පූර්‍වයෙන් ඒ ක්‍රමයටම පිහිටි දත් අටක් කෙළවරවල් තුනක් හා මුල් තුනක් ඇත්තේ කෙකටිය අලයක සටහන් ඇත්තේය. ඔවුන්ගේ ද පූර්‍වයෙන් ඒ පිළිවෙළින්ම යටින් හා උඩින් එක එක වශයෙන් පිහිටි දත් හතරක් කෙළවරවල් දෙකක් හා මුල් දෙකක් ඇත්තේ නැව් බඳනා කණුවක සටහන් ඇත්තේය. ඔවුන්ගේ ද පූර්‍වයෙන් ඒ ක්‍රමයෙන් පිහිටි සතර දළ දත්හු එක් කෙළවරක් හා එක් මුලක් ඇත්තාහු දැසමන් කැකුලක සටහන් ඇත්තාහ. අනතුරුව දත්පේලි දෙකෙහි මැද පිහිටි යටි පෙලෙහි හතරක් ද උඩ පෙලෙහි හතරක් ද වශයෙන් වූ දත් අට එක් කෙළවරක් හා එක් මුලක් ඇත්තේ ලබු ඇට බඳු සටහන් ඇත්ත්ය. දිශා වශයෙන් උඩ දිශාවෙන් පිහිටියේය. අවකාශ වශයෙන් උඩ දත් උඩ හනු ඇටයෙහි යටට කෙළවර ඇතිව ද යට දත් යටහනු ඇටයෙහි උඩට කෙළවර ඇතිව ද වී පිහිටියේය.

තත්‍ථ යථා නවකම‍්මිකපුරිසෙන හෙට‍්ඨා සිලාතලෙ පතිට‍්ඨාපිතා උපරිමතලෙ පවෙසිතා ථම‍්භා න ජානන‍්ති “මයං හෙට‍්ඨාසිලාතලෙ පතිට‍්ඨාපිතා, උපරිමතලෙ පවෙසිතා”ති, න හෙට‍්ඨාසිලාතලං ජානාති “මයි ථම‍්භා පතිට‍්ඨාපිතා”ති, න උපරිමතලං ජානාති “මයි ථම‍්භා පවිට‍්ඨා”ති; එවමෙව දන‍්තා න ජානන‍්ති “මයං හෙට‍්ඨාහනුකට‍්ඨිකෙ පතිට‍්ඨිතා, උපරිමහනුකට‍්ඨිකෙ පවිට‍්ඨා”ති, නාපි හෙට‍්ඨාහනුකට‍්ඨිකං ජානාති “මයි දන‍්තා පතිට‍්ඨිතා”ති, න උපරිමහනුකට‍්ඨිකං ජානාති “මයි දන‍්තා පවිට‍්ඨා”ති. ආභොගපච‍්චවෙක‍්ඛණවිරහිතා හි එතෙ ධම‍්මා…පෙ… න පුග‍්ගලොති. පරිච‍්ඡෙදතො හෙට‍්ඨා හනුකට‍්ඨිකූපෙන හනුකට‍්ඨිකං පවිසිත්‍වා පතිට‍්ඨිතෙන අත‍්තනො මූලතලෙන ච උපරි ආකාසෙන තිරියං අඤ‍්ඤමඤ‍්ඤෙන පරිච‍්ඡින‍්නාති වවත්‍ථපෙති. අයමෙතෙසං සභාගපරිච‍්ඡෙදො, විසභාගපරිච‍්ඡෙදො පන කෙසසදිසො එවාති එවං දන‍්තෙ වණ‍්ණාදිතො වවත්‍ථපෙති .

එහි යම්සේ - නව කර්‍මාන්තයක් කරන පුරුෂයෙකු විසින් යට ගල් තලාවේ පිහිටුවන ලද උඩ තලයෙහි පිවිසවන ලද කණු “අපි යට ගල් තලාවේ පිහිටුවන ලද්දාහු උඩ ගල් තලාවේ පිවිසවන ලද්දෝ වෙමු”යි නොදනී ද යට ගල් තලාව “මා කෙරෙහි කණු පිහිටුවන ලද්දේ යයි නොදනීද ඒ අයුරින්ම දත් “අපි යට හනු ඇටයෙහි පිහිටියාහු උඩ හනු ඇටයෙහි පිවිසියාහු වෙමු”යි නොදනී. යට හනු ඇටය ද “මා කෙරෙහි දත් පිහිටියේ යයි නොදනී. උඩ හනු ඇටය ද “මා කෙරෙහි දත් පිවිසියේය”යි නොදනී. මෙනෙහි කිරීමෙන් ප්‍රත්‍යවේක්‍ෂා කිරීමෙන් තොර වූ මේ ධර්‍මයෝ -පෙ- පුද්ගලයෙක් නොවේය. පරිච්ඡේද වශයෙන් යට හනු ඇට කුහරයෙන් හනු ඇටයට පිවිස පිහිටි තම මුල් තලයෙන් ද මතු අහසින් ද සරසින් ඔවුනොවුන් විසින් ද පරිච්ජින්න යයි තීරණය කෙරේ. මේ මෙම දත් පිළිබඳ සභාග පරිච්ඡේදයයි. විසභාග පරිච්ඡේදය වනාහි කෙස් හා සමමය. මෙසේ දත් පිළිබඳ වර්‍ණාදි වශයෙන් තීරණය කෙරේ.

තතො පරං අන‍්තොසරීරෙ නානාකුණපසඤ‍්චයප‍්පටිච‍්ඡාදකං තචො වණ‍්ණතො සෙතොති වවත්‍ථපෙති. සො හි යදිපි ඡවිරාගරඤ‍්ජිතත‍්තා කාළකොදාතාදිවණ‍්ණවසෙන නානාවණ‍්ණො විය දිස‍්සති, තථාපි සභාගවණ‍්ණෙන සෙතො එව. සො පනස‍්ස සෙතභාවො අග‍්ගිජාලාභිඝාතපහරණපහාරාදීහි විද‍්ධංසිතාය ඡවියා පාකටො හොති. සණ‍්ඨානතො සඞ‍්ඛෙපෙන කඤ‍්චුකසණ‍්ඨානො, විත්‍ථාරෙන නානාසණ‍්ඨානොති. තථා හි පාදඞ‍්ගුලිත‍්තචො කොසකාරකකොසසණ‍්ඨානො, පිට‍්ඨිපාදත‍්තචො පුටබද‍්ධූපාහනසණ‍්ඨානො, ජඞ‍්ඝත‍්තචො භත‍්තපුටකතාලපණ‍්ණසණ‍්ඨානො, ඌරුත‍්තචො තණ‍්ඩුලභරිතදීඝත්‍ථවිකසණ‍්ඨානො, ආනිසදත‍්තචො උදකපූරිතපටපරිස‍්සාවනසණ‍්ඨානො, පිට‍්ඨිත‍්තචො ඵලකොනද‍්ධචම‍්මසණ‍්ඨානො, කුච‍්ඡිත‍්තචො වීණාදොණිකොනද‍්ධචම‍්මසණ‍්ඨානො, උරත‍්තචො යෙභුය්‍යෙන චතුරස‍්සසණ‍්ඨානො, ද‍්විබාහුත‍්තචො තූණීරොනද‍්ධචම‍්මසණ‍්ඨානො, පිට‍්ඨිහත්‍ථත‍්තචො ඛුරකොසසණ‍්ඨානො ඵණකත්‍ථවිකසණ‍්ඨානො වා, හත්‍ථඞ‍්ගුලිත‍්තචො කුඤ‍්චිකාකොසසණ‍්ඨානො, ගීවත‍්තචො ගලකඤ‍්චුකසණ‍්ඨානො, මුඛත‍්තචො ඡිද‍්දාවඡිද‍්දකිමිකුලාවකසණ‍්ඨානො, සීසත‍්තචො පත‍්තත්‍ථවිකසණ‍්ඨානොති.

ඉන් අනතුරුව ඇතුළු ශරීරයෙහි නොයෙක් කුණප සමූහය වසා සිටින “තචං” සම වර්‍ණ වශයෙන් සුදු පාට යයි තීරණය කෙරේ. ඒ සම වනාහි ඉදින් කළු සුදු ආදී වශයෙන් සිටියේ වර්‍ණයෙන් වර්‍ණවත් වීම නිසා නොයෙක් වර්‍ණයෙන් දිස්වන්නේ නමුදු ස්වභාවික වශයෙන් සුදු පාටමය. එම සමෙහි සුදු බව ගිනිදැල්වලින් පහර ලැබුවා වූ ද අවි ප්‍රහාරයන්ගෙන් සිවිය විනාශ වූ ද කල්හි ප්‍රකට වේ. සණ්ඨාන වශයෙන් සැකෙවින් ශරීර කූඩුවෙහිම සටහන් ඇත්තේය. විස්තර වශයෙන් නොයෙක් සටහන් ඇත්තේය. ඒ එසේමය. පා ඇඟිලි සම පටපණු කෝෂ බඳුය. පිටිපා සම සියලු පිටිපතුල වැසෙන සේ සෑදූ පාවහනක සටහන් ඇත්තේය. කෙණ්ඩයේ සම බත් ගොටුවක තල් කොළයේ සටහන් ඇත්තේය. කලවේ සම හාල් පිරුණු දිග පසුම්බියක සටහන් ඇත්තේය. ආනිසද (තට්ටම) සම ජලය පිරුණු රෙදි පෙරහනක සටහන් ඇත්තේය. පිටෙහි සම පුවරුවක් වැසූ සමක සටහන් ඇත්තේය. කුසෙහි සම වීණා ඔරුව වැසූ සමක සටහන් ඇත්තේය. පපුවෙහි සම බොහෝ සෙයින් සතරැස් සටහන් ඇත්තේය. දෙබාහුවේ සම හියවුරක් වැසූ සමක සටහන් ඇත්තේය. පිටි අල්ලෙහි සම දැලිපිහියා කොපුවක සටහන් ඇත්තේය. නැතහොත් පණාවැස්මක (පෙණයක් මෙන් කළ උපකරණයක වැස්ම) සටහන් ඇත්තේය. දෙඅත් ඇඟිලි සම යතුරු පසුම්බියක සටහන් ඇත්තේය. ගෙලෙහි සම ග්‍රීවා සැට්ටයක සටහන් ඇත්තේය. මුවෙහි සම කුඩා මහත් සිදුරු ඇති දිමි ගොටුවක සටහන් ඇත්තේය. හිසෙහි සම පාත්‍ර ථවිකයක සටහන් ඇත්තේය.

තචපරිග‍්ගණ‍්හකෙන ච යොගාවචරෙන උත‍්තරොට‍්ඨතො පට‍්ඨාය තචස‍්ස මංසස‍්ස ච අන‍්තරෙන චිත‍්තං පෙසෙන‍්තෙන පඨමං තාව මුඛත‍්තචො වවත්‍ථපෙතබ‍්බො, තතො සීසත‍්තචො, අථ බහිගීවත‍්තචො, තතො අනුලොමෙන පටිලොමෙන ච දක‍්ඛිණහත්‍ථත‍්තචො. අථ තෙනෙව කමෙන වාමහත්‍ථත‍්තචො, තතො පිට‍්ඨිත‍්තචො, අථ ආනිසදත‍්තචො, තතො අනුලොමෙන පටිලොමෙන ච දක‍්ඛිණපාදත‍්තචො, අථ වාමපාදත‍්තචො, තතො වත්‍ථිඋදරහදයඅබ‍්භන‍්තරගීවත‍්තචො, තතො හෙට‍්ඨිමහනුකත‍්තචො, අථ අධරොට‍්ඨත‍්තචො. එවං යාව පුන උපරි ඔට‍්ඨත‍්තචොති. දිසතො ද‍්වීසු දිසාසු ජාතො. ඔකාසතො සකලසරීරං පරියොනන්‍ධිත්‍වා ඨිතොති.

සම අරමුණු කොට භාවනා වඩන යෝගාවචරයා විසින් උඩු තොල පටන් සමට හා මස් වලට අතරින් සිත මෙහෙයවමින් පළමුකොට මුහුණ වසා සිටි සම ව්‍යවස්ථා කට යුතුය. ඉන්පසු හිසෙහි සම ද ඉක්බිති පිටත බෙල්ලෙහි සම ද ඉන්පසු අනුලෝම වශයෙන් හා පටිලෝම වශයෙන් දකුණු අතෙහි සම ද ඉක්බිති ඒ ක්‍රමයටම වම් අතෙහි සම ද ඉන්පසු පිටෙහි සම ද ඉක්බිති තට්ටමේ සම ද ඉන්පසු අනුලෝම වශයෙන් හා පටිලෝම වශයෙන් දකුණු පාදයේ සම ද ඉක්බිති වම් පාදයේ සම ද ඉන්පසු වස්ති සම ද උදර සම ද හෘදය සම ද ඇතුළත ග්‍රීවා සම ද ඉන්පසු යටි හනුවේ සම ද මෙසේ නැවත යටිතොල දක්වා සම ව්‍යවස්ථා කට යුතුය. දිශා වශයෙන් (උඩ යට වශයෙන්) දෙදිශාවෙහි හට ගන්නේය. අවකාශ වශයෙන් සියලු ශරීරය වසා පිහිටියේය.

තත්‍ථ යථා අල‍්ලචම‍්මපරියොනද‍්ධාය පෙළාය න අල‍්ලචම‍්මං ජානාති “මයා පෙළා පරියොනද‍්ධා”ති, නපි පෙළා ජානාති “අහං අල‍්ලචම‍්මෙන පරියොනද‍්ධා”ති; එවමෙව න තචො ජානාති “මයා ඉදං චාතුමහාභූතිකං සරීරං ඔනද‍්ධ”න‍්ති, නපි ඉදං චාතුමහාභූතිකං සරීරං ජානාති “අහං තචෙන ඔනද‍්ධ”න‍්ති. ආභොගපච‍්චවෙක‍්ඛණවිරහිතා හි එතෙ ධම‍්මා…පෙ… න පුග‍්ගලොති. කෙවලං තු –

එහි යම් සේ පෙට්ටියක් තෙත් සමකින් හාත් පසින් වසා ඇති විට තෙත් සම “මවිසින් පෙට්ටිය හාත්පසින් වසන ලදැයි නොදනී පෙට්ටිය ද “මම තෙත් සමකින් වටකරන ලද්දේ වෙමි”යි නොමදනීද ඒ අයුරින් සම “ම විසින් මේ සතර මහා භූතයන්ගෙන් හටගත් ශරීරය හාත්පසින් වටකරන ලදැයි නොදනී. මේ චාතුම්මහාභූතික ශරීරය ද මම සමෙන් හාත්පසින් වසන ලද්දේ වෙමි”යි නොදනී. මේ ධර්‍මයෝ වනාහී මෙනෙහි කිරීම් ප්‍රත්‍යවේක්ෂා කිරිම් විරහිත වෙති. -පෙ පුද්ගලයෙක් නැත. හුදෙක් වනාහී:

“අල‍්ලචම‍්මපටිච‍්ඡන‍්නො, නවද‍්වාරො මහාවණො; සමන‍්තතො පග‍්ඝරති, අසුචිපූතිගන්‍ධියො”ති.

තෙත් සමකින් වසන ලද්දේ දොරටු නමයක් ඇත්තේ මහා වණයක් වූයේ හාත්පසින් කුණු ගඳ ඇත්තේ අශූචි වැගිරේ” යි.

පරිච‍්ඡෙදතො හෙට‍්ඨා මංසෙන තත්‍ථ පතිට‍්ඨිතතලෙන වා උපරි ඡවියා පරිච‍්ඡින‍්නොති වවත්‍ථපෙති. අයමෙතස‍්ස සභාගපරිච‍්ඡෙදො, විසභාගපරිච‍්ඡෙදො පන කෙසසදිසො එවාති එවං තචං වණ‍්ණාදිතො වවත්‍ථපෙති.

පරිච්ඡේද වශයෙන් යටින් මසින් ද නැතහොත් එහි පිහිටි තලයෙන් ද උඩින් සිවියෙන් ද පරිච්ඡින්න යැයි තීරණය කෙරේ. මේ මෙහි සභාග පරිච්ඡේදයයි. විසභාග පරිච්ඡේදය වනාහී කෙස් හා සමානමය. මෙසේ සම වර්‍ණාදි වශයෙන් තීරණය කෙරේ.

තතො පරං සරීරෙ නවපෙසිසතප‍්පභෙදං මංසං වණ‍්ණතො රත‍්තං පාලිභද‍්දකපුප‍්ඵසන‍්නිභන‍්ති වවත්‍ථපෙති. සණ‍්ඨානතො නානාසණ‍්ඨානන‍්ති. තථා හි තත්‍ථ ජඞ‍්ඝමංසං තාලපත‍්තපුටභත‍්තසණ‍්ඨානං, අවිකසිතකෙතකීමකුළසණ‍්ඨානන‍්තිපි කෙචි. ඌරුමංසං සුධාපිසනනිසදපොතකසණ‍්ඨානං, ආනිසදමංසං උද‍්ධනකොටිසණ‍්ඨානං, පිට‍්ඨිමංසං තාලගුළපටලසණ‍්ඨානං, ඵාසුකද‍්වයමංසං වංසමයකොට‍්ඨකුච‍්ඡිපදෙසම‍්හි තනුමත‍්තිකාලෙපසණ‍්ඨානං, ථනමංසං වට‍්ටෙත්‍වා අවක‍්ඛිත‍්තද‍්ධමත‍්තිකාපිණ‍්ඩසණ‍්ඨානං, ද‍්වෙබාහුමංසං නඞ‍්ගුට‍්ඨසීසපාදෙ ඡෙත්‍වා නිච‍්චම‍්මං කත්‍වා ඨපිතමහාමූසිකසණ‍්ඨානං, මංසසූනකසණ‍්ඨානන‍්තිපි එකෙ. ගණ‍්ඩමංසං ගණ‍්ඩප‍්පදෙසෙ ඨපිතකරඤ‍්ජබීජසණ‍්ඨානං, මණ‍්ඩූකසණ‍්ඨානන‍්තිපි එකෙ. ජිව‍්හාමංසං නුහීපත‍්තසණ‍්ඨානං, නාසාමංසං ඔමුඛනික‍්ඛිත‍්තපණ‍්ණකොසසණ‍්ඨානං, 0.අක‍්ඛිකූපමංසං අද‍්ධපක‍්කඋදුම‍්බරසණ‍්ඨානං, සීසමංසං පත‍්තපචනකටාහතනුලෙපසණ‍්ඨානන‍්ති. මංසපරිග‍්ගණ‍්හකෙන ච යොගාවචරෙන එතානෙව ඔළාරිකමංසානි සණ‍්ඨානතො වවත්‍ථපෙතබ‍්බානි. එවඤ‍්හි වවත්‍ථාපයතො සුඛුමානි මංසානි ඤාණස‍්ස ආපාථං ආගච‍්ඡන‍්තීති. දිසතො ද‍්වීසු දිසාසු ජාතං. ඔකාසතො සාධිකානි තීණි අට‍්ඨිසතානි අනුලිම‍්පිත්‍වා ඨිතන‍්ති.

ඉන් අනතුරුව ශරීරයෙහි නවසියයක් වූ මස් පිඬු ඇති “මංසං” මස් වර්‍ණ වශයෙන් එරබදු මල් සමාන රතු පැහැය ඇත්තේ යයි තීරණය කෙරේ. සණ්ඨාන වශයෙන් නොයෙක් සටහන් ඇත්තේය. ඒ එසේමය: එහි කෙණ්ඩා මස් තල්පත වැසූ බත්මුලක සටහන් ඇත්තේය. සමහරු විකසිත නොවූ වැටකෙයියා කැකුලක සටහන් ඇත්තේ යයි ද කියති. කලවා මස ඇඹරුම් ගලෙහි දූගලෙහි සටහන් ඇත්තේය. තට්ටමේ මස ලිප් කෙළවර සටහන් ඇත්තේය. පිටිමස තල් හකුරු පට්ටයක සටහන් ඇත්තේය. ඉලඇට දෙකෙහි මස් පෙතැලි රූ කුසෙක තුනී කොට ඇලවූ මැටි ආලේපයක සටහන් ඇත්තේය. පියයුරෙහි මස සිටගෙන බිම හෙලූ තෙල් මැටි පිඬක සටහන් ඇත්තේය. බාහු දෙකෙහි මස නගුට, හිස, පා සිඳ හම ගසා තබන ලද මහ මීයෙකුගේ සටහන් ඇත්තේය. සමහරු ලොඹුවක සටහන් ඇත්තේ යයි කියති. කම්මුලෙහි මස් කම්මුල ප්‍රදේශයෙහි තබන ලද කරඳ බීජයක සටහන් ඇත්තේය. සමහරු මැඩියෙකුගේ සටහන් ඇත්තේ යයි ද කියති. දිවේ මස දළුක් පත්‍රයක සටහන් ඇත්තේය. නාසයෙහි මස් යටිකුරුව තබන ලද කොළ කොපුවක සටහන් ඇත්තේය. ඇස්වළෙහි මස් අඩක් පැසුණු දිවුලක සටහන් ඇත්තේය. හිසෙහි මස් පාත්‍ර පුළුස්සන කටාරමෙහි තුනී ආලේපයක සටහන් ඇත්තේය. මාංශ පිළිබඳව පරීක්ෂා කරන යෝගාවචරයා විසින් මේ ඕලාරික මාංශයන්ම සටහන් වශයෙන් ව්‍යවස්ථා කටයුතුය. මෙසේ ව්‍යවස්ථා කරන්නාහට සියුම් මස් ඥානයට අරමුණු වශයෙන් පැමිණෙන්නේය. දිශා වශයෙන් (උඩ යට) යන දෙදිශාවෙහි හටගත්තේය. අවකාශ වශයෙන් තුන්සීයකට අධික ඇටවල තැවරී සිටියේය.

තත්‍ථ යථා ථූලමත‍්තිකානුලිත‍්තාය භිත‍්තියා න ථූලමත‍්තිකා ජානාති “මයා භිත‍්ති අනුලිත‍්තා”ති, නපි භිත‍්ති ජානාති “අහං ථූලමත‍්තිකාය අනුලිත‍්තා”ති, එවමෙවං න නවපෙසිසතප‍්පභෙදං මංසං ජානාති “මයා අට‍්ඨිසතත‍්තයං අනුලිත‍්ත”න‍්ති, නපි අට‍්ඨිසතත‍්තයං ජානාති “අහං නවපෙසිසතප‍්පභෙදෙන මංසෙන අනුලිත‍්ත”න‍්ති. ආභොගපච‍්චවෙක‍්ඛණවිරහිතා හි එතෙ ධම‍්මා…පෙ… න පුග‍්ගලොති. කෙවලං තු –

එහිදී යම්සේ බිත්තියක ගනකමට මැටිවලින් ආලේප කර ඇති කල්හි ඒ ගනකම් මැටි “මවිසින් බිත්තිය ආලේප කරන ලද්දේය”යි නොදනී ද බිත්තිය ද මම ගනකම් මැටියෙන් ආලේප කරන ලද්දේ වෙමි” යි නොදනීද ඒ ආකාරයට මාංශ පේශි නවසීයකින් යුත් මස් “ම විසින් තුන්සීයක් අස්ථීහු ඇලී සිටින ලද්දාහු වෙතියි නොදනී. තුන් සියයක් අස්ථීහු ද “මම පේශි නවසියයකින් යුත් මසෙන් ඇලෙන ලද්දෙම් වෙමි”යි නොදනී. ආවර්ජන ප්‍රත්‍යවේක්ෂාවෙන් තොරවූ මේ ධර්‍මයෝ වනාහි -පෙ පුද්ගලයෙක් නොවෙයි. හුදෙක් වනාහී

“නවපෙසිසතා මංසා, අනුලිත‍්තා කළෙවරං; නානාකිමිකුලාකිණ‍්ණං, මීළ‍්හට‍්ඨානංව පූතික”න‍්ති.

“ශරීරය නවසියයක් මාංශ පේශීන්ගෙන් යුත් මාංශයෙන් ආලේපිතය. නොයෙක් කෘමි වර්‍ගයාගෙන් ගැවසීගත්තේ අපවිත්‍ර වූ අශූචින්ට ස්ථානයකි”යි.

පරිච‍්ඡෙදතො හෙට‍්ඨා අට‍්ඨිසඞ‍්ඝාටෙන තත්‍ථ පතිට‍්ඨිතතලෙන වා උපරි තචෙන තිරියං අඤ‍්ඤමඤ‍්ඤෙන පරිච‍්ඡින‍්නන‍්ති වවත්‍ථපෙති. අයමෙතස‍්ස සභාගපරිච‍්ඡෙදො, විසභාගපරිච‍්ඡෙදො පන කෙසසදිසො එවාති එවං මංසං වණ‍්ණාදිතො වවත්‍ථපෙති.

පරිච්ඡේද වශයෙන් යටින් ඇට සැකිලෙන් හෝ එහි පිහිටි තලයෙන් ද උඩින් සමෙන් ද සරස ඔවුනොවුන්ගෙන් ද පිරිසිඳියේ යයි තීරණය කෙරේ. මේ මෙහි සභාග පරිච්ඡේදයයි. විසභාග පරිච්ඡේදය වනාහී කෙස් හා සමානමය. මෙසේ මස් වර්‍ණාදී වශයෙන් තීරණය කෙරේ.

තතො පරං සරීරෙ නවසතප‍්පභෙදා න‍්හාරූ වණ‍්ණතො සෙතාති වවත්‍ථපෙති, මධුවණ‍්ණාතිපි එකෙ. සණ‍්ඨානතො නානාසණ‍්ඨානාති. තථා හි තත්‍ථ මහන‍්තා මහන‍්තා න‍්හාරූ කන්‍දලමකුළසණ‍්ඨානා, තතො සුඛුමතරා සූකරවාගුරරජ‍්ජුසණ‍්ඨානා, තතො අණුකතරා පූතිලතාසණ‍්ඨානා, තතො අණුකතරා සීහළමහාවීණාතන‍්තිසණ‍්ඨානා, තතො අණුකතරා ථූලසුත‍්තකසණ‍්ඨානා, හත්‍ථපිට‍්ඨිපාදපිට‍්ඨීසු න‍්හාරූ සකුණපාදසණ‍්ඨානා, සීසෙ න‍්හාරූ ගාමදාරකානං සීසෙ ඨපිතවිරළතරදුකූලසණ‍්ඨානා, පිට‍්ඨියා න‍්හාරූ තෙමෙත්‍වා ආතපෙ පසාරිතමච‍්ඡජාලසණ‍්ඨානා, අවසෙසා ඉමස‍්මිං සරීරෙ තංතංඅඞ‍්ගපච‍්චඞ‍්ගානුගතා න‍්හාරූ සරීරෙ පටිමුක‍්කජාලකඤ‍්චුකසණ‍්ඨානාති. දිසතො ද‍්වීසු දිසාසු ජාතා. තෙසු ච දක‍්ඛිණකණ‍්ණචූළිකතො පට‍්ඨාය පඤ‍්ච කණ‍්ඩරනාමකා මහාන‍්හාරූ පුරතො ච පච‍්ඡතො ච විනන්‍ධමානා වාමපස‍්සං ගතා, වාමකණ‍්ණචූළිකතො පට‍්ඨාය පඤ‍්ච පුරතො ච පච‍්ඡතො ච විනන්‍ධමානා දක‍්ඛිණපස‍්සං ගතා, දක‍්ඛිණගලවාටකතො පට‍්ඨාය පඤ‍්ච පුරතො ච පච‍්ඡතො ච විනන්‍ධමානා වාමපස‍්සං ගතා, වාමගලවාටකතො පට‍්ඨාය පඤ‍්ච පුරතො ච පච‍්ඡතො ච විනන්‍ධමානා දක‍්ඛිණපස‍්සං ගතා, දක‍්ඛිණහත්‍ථං විනන්‍ධමානා පුරතො ච පච‍්ඡතො ච පඤ‍්ච පඤ‍්චාති දස කණ‍්ඩරනාමකා එව මහාන‍්හාරූ ආරුළ‍්හා. තථා වාමහත්‍ථං, දක‍්ඛිණපාදං, වාමපාදඤ‍්චාති එවමෙතෙ සට‍්ඨි මහාන‍්හාරූ සරීරධාරකා සරීරනියාමකාතිපි වවත්‍ථපෙති. ඔකාසතො සකලසරීරෙ අට‍්ඨිචම‍්මානං අට‍්ඨිමංසානඤ‍්ච අන‍්තරෙ අට‍්ඨීනි ආබන්‍ධමානා ඨිතාති.

ඉන් අනතුරුව ශරීරයෙහි ප්‍රභේද නවසියයක් වූ “නහාරු” නහර වර්‍ණ වශයෙන් සුදු යයි තීරණය කෙරේ. සමහරු මීපැණි පාට යයි කියති. සටහන් වශයෙන් නොයෙක් සටහන් ඇත්තේය. ඒ එසේය. එහි මහත් මහත් නහර කැණහිල්මල් කැකුළුවල සටහන් ඇත්තේය. ඊට වඩා සියුම් වූ නහර ඌරු වරදැල් රැහැන් බඳුය. ඊටත් වඩා සියුම් වූ නහර රසකිඳ වැල් බඳුය. ඊටත් වඩා සියුම් වූ නහර සිංහලයන්ගේ මහ වීණාවේ තතක් බඳුය. ඊටත් වඩා සියුම් නහර දළ නූල් බඳුය. අත්, පිටි පා, පිට, යන මේ තන්හි නහර කුරුළු පා බඳුය. හිසෙහි නහර ගම් දරුවන්ගේ හිසෙහි දමන ලද ඉතා විරල දුහුල්පිළි බඳුය. පිටෙහි නහර තෙමා අවුවෙහි දැමූ මාළු දැලක් බඳුය. මේ ශරීරයෙහි ඒ ඒ අඟ පසඟ අනුව ගිය සෙසු නහර ශරිරයෙහි දැමූ දැල් සැට්ටයක් බඳුය. දිශා වශයෙන් (උඩ යට) දෙදිශාවෙහි පිහිටියේය. ඔවුන් අතුරෙන් ද දකුණු කණ සිළුවේ පටන් කණ්ඩර නම් වූ මහ නහර පහක් ඉදිරියෙන්ද පිටුපසින්ද ශරීරය වෙළමින් වම් පසට ගියේය. වම් කණ සිළුවේ පටන් ඉදිරියෙන් සහ පිටුපසින් නහර පහක් ශරීරය වෙළමින් දකුණු පසට ගියේය. දකුණු ගෙල වැළේ පටන් ඉදිරියෙන් සහ පිටුපසින් නහර පහක් ශරීරය වෙළමින් වම් පසට ගියේය. වම් ගෙල වළේ පටන් ඉදිරියෙන් සහ පිටුපසින් නහර පහක් ශරීරය වෙළමින් දකුණු පසට ගියේය. දකුණු අත වෙළමින් ඉදිරියෙන්ද පිටුපසින්ද පහක් පහක් බැගින් කණ්ඩර නම් වූ මහ නහර දහයක් මෙසේ නැංගේය. වම් අත ද දකුණු පාදය ද වම් පාදය ද එසේමය. මෙසේ මේ හැටක් වූ මහ නහර ශරීරය දරන, ශරීරය මෙහෙයවන නහර යයි තීරණය කෙරේ. අවකාශ වශයෙන් සියලු ශරීරයෙහි ඇට හා සම ද ඇට හා මස් ද අතර ඇට හා බද්ධවෙමින් සිටියේය.

තත්‍ථ යථා වල‍්ලිසන‍්තානබද‍්ධෙසු කුට‍්ටදාරූසු න වල‍්ලිසන‍්තානා ජානන‍්ති “අම‍්හෙහි කුට‍්ටදාරූනි ආබද‍්ධානී”ති, නපි කුට‍්ටදාරූනි ජානන‍්ති “මයං වල‍්ලිසන‍්තානෙහි ආබද‍්ධානී”ති; එවමෙව න න‍්හාරූ ජානන‍්ති “අම‍්හෙහි තීණි අට‍්ඨිසතානි ආබද‍්ධානී”ති, නපි තීණි අට‍්ඨිසතානි ජානන‍්ති “මයං න‍්හාරූහි ආබද‍්ධානී”ති. ආභොගපච‍්චවෙක‍්ඛණවිරහිතා හි එතෙ ධම‍්මා…පෙ… න පුග‍්ගලොති. කෙවලං තු –

එහි යම්සේ බිත්තියක වරිච්චි දැව වැල් සමූහයකින් බඳින ලද කල්හි වැල් සමූහය “අප විසින් වරිච්චි දැව බැඳගන්නා ලද්දේ යයි නොදනීද වරිච්චි දඬු ද “අපි වැල් සමූහය විසින් බැඳගන්නා ලද්දේ වෙමු”යි නොදනීද මේ ආකාරයට නහර “අප විසින් තුන් සියයක් ඇට බඳනා ලද්දේ යයි නොදනී. තුන් සියයක් ඇට ද “අපි නහර විසින් බඳින ලද්දෝ වෙමු”යි නොදනී. මෙනෙහි කිරීම් ප්‍රත්‍යවේක්‍ෂා කිරීම්වලින් තොර මේ ධර්‍මයෝ වනාහී -පෙ- පුද්ගලයෙක් නොවේ. හුදෙක් වනාහී :

“නවන‍්හාරුසතා හොන‍්ති, බ්‍යාමමත‍්තෙ කළෙවරෙ; බන්‍ධන‍්ති අට‍්ඨිසඞ‍්ඝාටං, අගාරමිව වල‍්ලියො”ති.

“බඹයක් පමණ වූ ශරීරයෙහි නහර නවසියයක් වේ. ගෙයක් වැල්වලින් බඳින්නාක් මෙන් ඒ නහර ඇට සැකිල්ල බඳිත්”ය.

පරිච‍්ඡෙදතො හෙට‍්ඨා තීහි අට‍්ඨිසතෙහි තත්‍ථ පතිට‍්ඨිතතලෙහි වා උපරි තචමංසෙහි තිරියං අඤ‍්ඤමඤ‍්ඤෙන පරිච‍්ඡින‍්නාති වවත්‍ථපෙති. අයමෙතෙසං සභාගපරිච‍්ඡෙදො, විසභාගපරිච‍්ඡෙදො පන කෙසසදිසො එවාති එවං න‍්හාරූ වණ‍්ණාදිතො වවත්‍ථපෙති.

පරිච්ඡේද වශයෙන් යටින් තුන්සියයක් ඇටවලින් හා එහි පිහිටි තලයන්ගෙන් හෝ උඩින් හමෙන් හා මස්වලින් ද සරස ඔවුනොවුන්ගෙන් ද පරිච්ඡින්න යයි තීරණය කෙරේ. මේ මොවුන්ගේ සභාග පරිච්ඡේදයයි. විසභාග පරිච්ඡේදය වනාහී කෙස් හා සමානමය. මෙසේ නහර වර්‍ණාදි වශයෙන් ව්‍යවස්ථා කෙරේ.

තතො පරං සරීරෙ ද‍්වත‍්තිංසදන‍්තට‍්ඨිකානං විසුං ගහිතත‍්තා සෙසානි චතුසට‍්ඨි හත්‍ථට‍්ඨිකානි චතුසට‍්ඨි පාදට‍්ඨිකානි චතුසට‍්ඨි මුදුකට‍්ඨිකානි මංසනිස‍්සිතානි ද‍්වෙ පණ‍්හිකට‍්ඨීනි එකෙකස‍්මිං පාදෙ ද‍්වෙ ද‍්වෙ ගොප‍්ඵකට‍්ඨිකානි ද‍්වෙ ජඞ‍්ඝට‍්ඨිකානි එකං ජණ‍්ණුකට‍්ඨි එකං ඌරුට‍්ඨි ද‍්වෙ කටිට‍්ඨීනි අට‍්ඨාරස පිට‍්ඨිකණ‍්ටකට‍්ඨීනි චතුවීසති ඵාසුකට‍්ඨීනි චුද‍්දස උරට‍්ඨීනි එකං හදයට‍්ඨි ද‍්වෙ අක‍්ඛකට‍්ඨීනි ද‍්වෙ පිට‍්ඨිබාහට‍්ඨීනි ද‍්වෙ බාහට‍්ඨීනි ද‍්වෙ ද‍්වෙ අග‍්ගබාහට‍්ඨීනි සත‍්ත ගීවට‍්ඨීනි ද‍්වෙ හනුකට‍්ඨීනි එකං නාසිකට‍්ඨි ද‍්වෙ අක‍්ඛිට‍්ඨීනි ද‍්වෙ කණ‍්ණට‍්ඨීනි එකං නලාටට‍්ඨි එකං මුද‍්ධට‍්ඨි නව සීසකපාලට‍්ඨීනීති එවමාදිනා නයෙන වුත‍්තප‍්පභෙදානි අට‍්ඨීනි සබ‍්බානෙව වණ‍්ණතො සෙතානීති වවත්‍ථපෙති.

ඉන් අනතුරුව ශරීරයෙහි දෙතිසක් දත් ඇට වෙනම ගත් නිසා සෙසු ඇටය - හැට හතරක් අත් ඇටය, හැට හතරක් පා ඇටය, මස් ඇසුරු කොට ඇති හැට හතරක් මෘදු ඇටය, විලුඹ ඇට දෙකය, එක් එක් පාදයක දෙක බැගින් ගොප් ඇටය, දෙක බැගින් කෙණ්ඩා ඇටය, එක බැගින් දණිස් ඇටය, එක බැගින් කලවා ඇටය, උකුළු ඇට දෙකය, දහ අටක් පිට කටු ඇටය, විසි හතරක් ඉල ඇටය, දහ හතරක් ළය ඇටය, එකක් හෘද ඇටය, දෙකක් අකු ඇටය, දෙකක් පතු ඇටය, දෙකක් බාහු ඇටය, දෙක බැගින් අග්බාහු ඇටය, හතක් උගුරු ඇටය, දෙකක් හණු ඇටය, එකක් නාසා ඇටය, එකක් නලල් ඇටය, නවයක් හිස් කබල් ඇටය යන මේ ආදී වශයෙන් කියන ලද ප්‍රභේද ඇති “අට්ඨිනි” ඇට සියල්ලම වර්‍ණ වශයෙන් ස්වේත (සුදු) වර්‍ණ යයි තීරණය කෙරේ.

සණ‍්ඨානතො නානාසණ‍්ඨානානි. තථා හි තත්‍ථ අග‍්ගපාදඞ‍්ගුලියට‍්ඨීනි කතකබීජසණ‍්ඨානානි, තදනන‍්තරානි අඞ‍්ගුලීනං මජ‍්ඣපබ‍්බට‍්ඨීනි අපරිපුණ‍්ණපනසට‍්ඨිසණ‍්ඨානානි, මූලපබ‍්බට‍්ඨීනි පණවසණ‍්ඨානානි, මොරසකලිසණ‍්ඨානානීතිපි එකෙ. පිට‍්ඨිපාදට‍්ඨීනි කොට‍්ටිතකන්‍දලකන්‍දරාසිසණ‍්ඨානානි පණ‍්හිකට‍්ඨීනි එකට‍්ඨිතාලඵලබීජසණ‍්ඨානානි, ගොප‍්ඵකට‍්ඨීනි එකතොබද‍්ධකීළාගොළකසණ‍්ඨානානි, ජඞ‍්ඝට‍්ඨිකෙසු ඛුද‍්දකං ධනුදණ‍්ඩසණ‍්ඨානං, මහන‍්තං ඛුප‍්පිපාසාමිලාතධමනිපිට‍්ඨිසණ‍්ඨානං, ජඞ‍්ඝට‍්ඨිකස‍්ස ගොප‍්ඵකට‍්ඨිකෙසු පතිට‍්ඨිතට‍්ඨානං අපනීතතචඛජ‍්ජූරීකළීරසණ‍්ඨානං, ජඞ‍්ඝට‍්ඨිකස‍්ස ජණ‍්ණුකට‍්ඨිකෙ පතිට‍්ඨිතට‍්ඨානං මුදිඞ‍්ගමත්‍ථකසණ‍්ඨානං ජණ‍්ණුකට‍්ඨි එකපස‍්සතො ඝට‍්ටිතඵෙණසණ‍්ඨානං, ඌරුට‍්ඨීනි දුත‍්තච‍්ඡිතවාසිඵරසුදණ‍්ඩසණ‍්ඨානානි, ඌරුට‍්ඨිකස‍්ස කටට‍්ඨිකෙ පතිට‍්ඨිතට‍්ඨානං සුවණ‍්ණකාරානං අග‍්ගිජාලනකසලාකාබුන්‍දිසණ‍්ඨානං, තප‍්පතිට‍්ඨිතොකාසො අග‍්ගච‍්ඡින‍්නපුන‍්නාගඵලසණ‍්ඨානො, කටිට‍්ඨීනි ද‍්වෙපි එකාබද‍්ධානි හුත්‍වා කුම‍්භකාරෙහි කතචුල‍්ලිසණ‍්ඨානානි, තාපසභිසිකාසණ‍්ඨානානීතිපි එකෙ. ආනිසදට‍්ඨීනි හෙට‍්ඨාමුඛඨපිතසප‍්පඵණසණ‍්ඨානානි, සත‍්තට‍්ඨට‍්ඨානෙසු ඡිද‍්දාවඡිද‍්දානි අට‍්ඨාරස පිට‍්ඨිකණ‍්ටකට‍්ඨීනි අබ‍්භන‍්තරතො උපරූපරි ඨපිතසීසකපට‍්ටවෙඨකසණ‍්ඨානානි, බාහිරතො වට‍්ටනාවලිසණ‍්ඨානානි, තෙසං අන‍්තරන‍්තරා කකචදන‍්තසදිසානි ද‍්වෙ තීණි කණ‍්ටකානි හොන‍්ති, චතුවීසතියා ඵාසුකට‍්ඨීසු පරිපුණ‍්ණානි පරිපුණ‍්ණසීහළදාත‍්තසණ‍්ඨානානි, අපරිපුණ‍්ණානි අපරිපුණ‍්ණසීහළදාත‍්තසණ‍්ඨානානි, සබ‍්බානෙව ඔදාතකුක‍්කුටස‍්ස පසාරිතපක‍්ඛද‍්වයසණ‍්ඨානානීතිපි එකෙ. චුද‍්දස උරට‍්ඨීනි ජිණ‍්ණසන්‍දමානිකඵලකපන‍්තිසණ‍්ඨානානි, හදයට‍්ඨි දබ‍්බිඵණසණ‍්ඨානං, අක‍්ඛකට‍්ඨීනි ඛුද‍්දකලොහවාසිදණ‍්ඩසණ‍්ඨානානි, තෙසං හෙට‍්ඨා අට‍්ඨි අද‍්ධචන්‍දසණ‍්ඨානං, පිට‍්ඨිබාහට‍්ඨීනි ඵරසුඵණසණ‍්ඨානානි, උපඩ‍්ඪච‍්ඡින‍්නසීහළකුදාලසණ‍්ඨානානීතිපි එකෙ. බාහට‍්ඨීනි ආදාසදණ‍්ඩසණ‍්ඨානානි, මහාවාසිදණ‍්ඩසණ‍්ඨානානීතිපි එකෙ. අග‍්ගබාහට‍්ඨීනි යමකතාලකන්‍දසණ‍්ඨානානි, මණිබන්‍ධට‍්ඨීනි එකතො අල‍්ලියාපෙත්‍වා ඨපිතසීසකපට‍්ටවෙඨකසණ‍්ඨානානි, පිට‍්ඨිහත්‍ථට‍්ඨීනි කොට‍්ටිතකන්‍දලකන්‍දරාසිසණ‍්ඨානානි, හත්‍ථඞ‍්ගුලිමූලපබ‍්බට‍්ඨීනි පණවසණ‍්ඨානානි, මජ‍්ඣපබ‍්බට‍්ඨීනි අපරිපුණ‍්ණපනසට‍්ඨිසණ‍්ඨානානි, අග‍්ගපබ‍්බට‍්ඨීනි කතකබීජසණ‍්ඨානානි, සත‍්ත ගීවට‍්ඨීනි දණ‍්ඩෙ විජ‍්ඣිත්‍වා පටිපාටියා ඨපිතවංසකළීරඛණ‍්ඩසණ‍්ඨානානි, හෙට‍්ඨිමහනුකට‍්ඨි කම‍්මාරානං අයොකූටයොත‍්තකසණ‍්ඨානං, උපරිමහනුකට‍්ඨි අවලෙඛනසත්‍ථකසණ‍්ඨානං, අක‍්ඛිනාසකූපට‍්ඨීනි අපනීතමිඤ‍්ජතරුණතාලට‍්ඨිසණ‍්ඨානානි, නලාටට‍්ඨි අධොමුඛඨපිතභින‍්නසඞ‍්ඛකපාලසණ‍්ඨානං, කණ‍්ණචූළිකට‍්ඨීනි න‍්හාපිතඛුරකොසසණ‍්ඨානානි, නලාටකණ‍්ණචූළිකානං උපරි පට‍්ටබන්‍ධනොකාසෙ අට‍්ඨිබහලඝටපුණ‍්ණපටපිලොතිකඛණ‍්ඩසණ‍්ඨානං, මුද‍්ධනට‍්ඨි මුඛච‍්ඡින‍්නවඞ‍්කනාළිකෙරසණ‍්ඨානං, සීසට‍්ඨීනි සිබ‍්බෙත්‍වා ඨපිතජජ‍්ජරාලාබුකටාහසණ‍්ඨානානීති. දිසතො ද‍්වීසු දිසාසු ජාතානි.

සටහන් වශයෙන් නොයෙක් සටහන් ඇත්තේය. ඒ එසේමය. පා ඇඟිලි අග ඇට ඉඟිනි ඇට බඳුය. ඉන් අනතුරුව ඇති ඇඟිලිවල මැද පුරුකෙහි ඇට සම්පූර්ණ නොවූ කොස් ඇට බඳුය. මුල් පුරුකෙහි ඇට පණාබෙර බඳුය. සමහරු මිහිඟු බෙර බඳු යැයි ද කියති. පිටි පතුලෙහි ඇට කෙටූ කැණහිල්ල අල රැසක් බඳුය. විලුඹේ ඇට එකට සිටි තල් ගෙඩියක ලොඳ බඳුය. ගොප් ඇට එකට බැඳි ක්‍රීඩා ගෝලයක් බඳුය. ජඞ්ඝා ඇට අතුරින් කුඩා ඇටය දුනු දණ්ඩක් බඳුය. විශාල ඇටය සා පිපාසාවෙන් වැහැරී ගිය ගැරඩි පිටක් බඳුය. කෙණ්ඩා ඇට ගොප් ඇටයන්හි පිහිටි තැන පොතු නොගැලවූ ඉදි ගොබයක් බඳුය. කෙණ්ඩා ඇට දණහිස් ඇටයෙහි පිහිටි තැන මිහිඟු බෙරයක මුදුන බඳුය. දණහිස් ඇටය එක් පැත්තකින් නැමුණු පෙණ පිඩක් බඳුය. කලවා අට නපුරු ලෙස සසින ලද වෑපොරෝ දණ්ඩක් බඳුය. කලවා ඇටය කටී ඇටයෙහි පිහිටි තැන රන්කරුවන්ගේ ගිනි දල්වන කුරු සමූහයක් බඳුය. එය පිහිටි අවකාශය අග කැපූ දොඹ ගෙඩියක් බඳුය. ඒකාබද්ධව පිහිටි කටී ඇට දෙක කුඹල්කරුවන් විසින් කරන ලද උඳුනක් බඳුය. සමහරු තවුසන්ගේ කුඩා බිස්සක් බඳු යැයි කියති. ආනිසදයෙහි (තට්ටමෙහි) ඇට යටිකුරු කර තබන ලද සර්‍ප පෙණයක් බඳුය. සත් තැනෙක්හි කුඩා සිදුරු සහ මහත් සිදුරු ඇති දහ අටක් වූ පිට කටුවෙහි ඇට ඇතුළතින් මතු මතුයෙහි තබන ලද හිස් වෙළුම් පටි බඳුය. පිටතින් නව ගුණ වැලක් බඳුය. ඔවුන්ගේ තැනින් තැන කියත් දත් බඳු කටු දෙක තුනක් ඇත. සූවිසි ඉල ඇට අතුරෙන් සම්පූර්‍ණ වූ ඇට සම්පූර්‍ණ සිංහල දෑකැතක් බඳුය. අසම්පූර්‍ණ ඇට අසම්පූර්‍ණ සිංහල දෑකැත්තක් බඳුය. සියල්ලම සුදු කුකුලෙකුගේ විදහාගත් පියාපත් දෙක බඳුයයි ද සමහරු කියති. තුදුස් ලය ඇට දිරා ගිය රළු කූඩුවක් බඳුය. හෘදය ඇට හැඳි පොලොත්තක් බඳුය. අකු ඇට කුඩා ලෝහ වෑයක දණ්ඩක් බඳුය. ඔවුන්ගේ යටින් පිහිටි ඇට අඩ සඳක් බඳුය. පිටිබා ඇට පොරෝ තලයක් බඳුය. භාගයක් ගෙවුණු සිංහල උදැල්ලක් බඳු යයි සමහරු කියති. බාහුවෙහි ඇට කැටපත් මිටක් බඳුය. සමහරු මහ වෑයක දණ්ඩක් බඳුයයි ද කියති. බාහුවේ අග ඇට යුග්ම (දෙක) වූ තල් කඳක් බඳුය. වළලුකර ඇට එක්කොට අලවා තැබූ හිස් වෙළුම් පටක් බඳුය. පිටි අල්ලේ ඇට තැළු කැණහිල්ල අල රැසක් බඳුය. අතැඟිලිවල මුල් පුරුකේ ඇට පණාබෙර බඳුය. මැද පුරුකේ ඇට නොපිරිපුන් කොස් ඇට බඳුය. අග පුරුකේ ඇට ඉඟිනි ඇට බඳුය. උගුරු ඇට හත දණ්ඩෙහි විද පිළිවෙළින් තැබූ උණ ගොබ කැබලි බඳුය. යටි හණු ඇටය ලෝකරුවන්ගේ යකුලක බැඳි වළල්ලක් බඳුය. උඩ හනු ඇටය ලියන සැතක් බඳුය. නළල් ඇට යටිකුරු කර තබන ලද බිඳුණු හක් කබලක් බඳුය. කන්සිළු ඇට කරණවෑමියාගේ දැලිපිහි කොපුවක් බඳුය. නළලින් හා කන්සිළුවෙන් උඩ පට බඳනා තන්හි ඇට ගිතෙල් පිරුණු පටරෙදි කඩක් බඳුය. මුදුනෙහි ඇට මුහුණ ඇද පොල් ගෙඩියක් බඳුය. හිසෙහි ඇට මසා තැබූ දිරා ගිය ලබු කබල් බඳුය. දිශා වශයෙන් උඩ යට යන දෙදිශාවෙහි පිහිටියේය.

ඔකාසතො අවිසෙසෙන සකලසරීරෙ ඨිතානි, විසෙසෙන තු සීසට‍්ඨීනි ගීවට‍්ඨිකෙසු පතිට‍්ඨිතානි, ගීවට‍්ඨීනි පිට‍්ඨිකණ‍්ටකට‍්ඨීසු පතිට‍්ඨිතානි, පිට‍්ඨිකණ‍්ටකට‍්ඨීනි කටිට‍්ඨීසු පතිට‍්ඨිතානි, කටිට‍්ඨීනි ඌරුට‍්ඨිකෙසු පතිට‍්ඨිතානි, උරුට‍්ඨීනි ජණ‍්ණුකට‍්ඨිකෙසු, ජණ‍්ණුකට‍්ඨීනි ජඞ‍්ඝට‍්ඨිකෙසු, ජඞ‍්ඝට‍්ඨීනි ගොප‍්ඵකට‍්ඨිකෙසු, ගොප‍්ඵකට‍්ඨීනි පිට‍්ඨිපාදට‍්ඨිකෙසු පතිට‍්ඨිතානි, පිට‍්ඨිපාදට‍්ඨිකානි ච ගොප‍්ඵකට‍්ඨීනි උක‍්ඛිපිත්‍වා ඨිතානි, ගොප‍්ඵකට‍්ඨීනි ජඞ‍්ඝට‍්ඨීනි…පෙ… ගීවට‍්ඨීනි සීසට‍්ඨීනි උක‍්ඛිපිත්‍වා ඨිතානීති එතෙනානුසාරෙන අවසෙසානිපි අට‍්ඨීනි වෙදිතබ‍්බානි.

අවකාශ වශයෙන් සාමාන්‍යයෙන් සියලු ශරීරයෙහි පිහිටියේය. විශේෂයෙන් වනාහී හිසෙහි ඇට උගුරු ඇට මත පිහිටියේය. උගුරු ඇට පිට කටු ඇට මත පිහිටියේය. පිට කටු ඇට කටී ඇට මත පිහිටියේය. කටී ඇට කලවා ඇට මත පිහිටියේය. කලවා ඇට දණ ඇට මත ද දණ ඇට කෙණ්ඩා ඇට මත ද කෙණ්ඩා ඇට ගොප් ඇට මත ද ගොප් ඇට පිටිපතුල් ඇට මත ද පිහිටියේය. පිටිපතුල් ඇට ද ගොප් ඇට ඔසවා සිටියේය. ගොප් ඇට කෙණ්ඩා ඇට ද -පෙ- උගුරේ ඇට හිසෙහි ඇට ඔසවා සිටියේ යයි මේ අනුසාරයෙන් සෙසු ඇට ද දත යුතුය.

තත්‍ථ යථා ඉට‍්ඨකගොපානසිචයාදීසු න උපරිමා ඉට‍්ඨකාදයො ජානන‍්ති “මයං හෙට‍්ඨිමෙසු පතිට‍්ඨිතා”ති, නපි හෙට‍්ඨිමා ජානන‍්ති “මයං උපරිමානි උක‍්ඛිපිත්‍වා ඨිතා”ති; එවමෙව න සීසට‍්ඨිකානි ජානන‍්ති “මයං ගීවට‍්ඨිකෙසු පතිට‍්ඨිතානී”ති…පෙ… න ගොප‍්ඵකට‍්ඨිකානි ජානන‍්ති “මයං පිට‍්ඨිපාදට‍්ඨිකෙසු පතිට‍්ඨිතානී”ති, නපි පිට‍්ඨිපාදට‍්ඨිකානි ජානන‍්ති “මයං ගොප‍්ඵකට‍්ඨීනි උක‍්ඛිපිත්‍වා ඨිතානී”ති. ආභොගපච‍්චවෙක‍්ඛණවිරහිතා හි එතෙ ධම‍්මා…පෙ… න පුග‍්ගලොති. කෙවලං තු ඉමානි සාධිකානි තීණි අට‍්ඨිසතානි නවහි න‍්හාරුසතෙහි නවහි ච මංසපෙසිසතෙහි ආබද‍්ධානුලිත‍්තානි, එකඝනචම‍්මපරියොනද‍්ධානි, සත‍්තරසහරණීසහස‍්සානුගතසිනෙහසිනෙහිතානි, නවනවුතිලොමකූපසහස‍්සපරිස‍්සවමානසෙදජල‍්ලිකානි අසීතිකිමිකුලානි, කායොත්‍වෙව සඞ‍්ඛ්‍යං ගතානි, යං සභාවතො උපපරික‍්ඛන‍්තො යොගාවචරො න කිඤ‍්චි ගය‍්හූපගං පස‍්සති, කෙවලං තු න‍්හාරුසම‍්බන්‍ධං නානාකුණපසඞ‍්කිණ‍්ණං අට‍්ඨිසඞ‍්ඝාටමෙව පස‍්සති. යං දිස‍්වා දසබලස‍්ස පුත‍්තභාවං උපෙති. යථාහ –

එහි යම් සේ ගඩොල් පරාල ආදිය ඒකරාශි වූ තන්හි මතු පිටින්ම ඇති ගඩොල් ආදිය “අපි යටින්ම පිහිටි (ගඩොල්) ආදිය මත පිහිටියෙමු”යි නොදනී ද යටින් පිහිටි දේ ද “අපි උඩින් ඇති දේ ඔසවාගෙන සිටියෝ වෙමු” යි නොදනීද ඒ අයුරින්ම හිසෙහි ඇට “අපි යටිපතුල් ඇට මත පිහිටියෝ වෙමු”යි -පෙ- ගොප් ඇට “අපි යටිපතුල් ඇට මත පිහිටියෝ වෙමුයි ද පිටිපතුල් ඇට “අපි ගොප් ඇට ඔසවාගෙන සිටියෝ වෙමු” යි ද නොදනී. මෙනෙහි කිරීම් ප්‍රත්‍යවේක්ෂා කිරීම් විරහිත මේ ධර්‍මයෝ වනාහී -පෙ- පුද්ගලයෙක් නොවේ. හුදෙක් වනාහී මේ තුන්සියයකට අධික වූ ඇට හා නවසියයක් නහරවලින් ද නවසියයක් මාංශපේශිවලින් ද එකට බැඳුණු, එකට ආලේප වූ, ඒක ඝන වූ, සමෙන් හාත්පසින් වටවූ, සත් සියයක් රසනහර අනුව ගිය ස්නේහයෙන් තෙත් වූ අනූ නම දහසක් රෝම කූපයන්ගෙන් වැගිරෙන දහඩිය කුණු තට්ටුවෙන් යුත් අසු කුලයක පණුවගෙන් ගැවසී ගත් යමක් ස්වභාව වශයෙන් පරික්ෂා කරන යෝගාවචරයා ගතයුතු කිසිවක් නොදකී ද හුදෙක් වනාහී නහරවලින් සම්බන්ධ වූ නොයෙක් කුණපයන්ගෙන් ගැවසී ගත් ඇට සැකිල්ලක් පමණක් දකී ද යමක් දැක දශබලධාරින් වහන්සේගේ පුත්‍ර භාවයට එළඹියේ ද එය ශරීරය යයි ව්‍යවහාරයට පත් විය. යම් සේ කීවේද

“පටිපාටියට‍්ඨීනි ඨිතානි කොටියා, අනෙකසන්‍ධියමිතො න කෙහිචි;

“කෙළවර දක්වා පිළිවෙළින් ඇට පිහිටියේය. නොයෙක් සන්ධි ඇත්තේය. කිසිවෙකු විසින් එය ප්‍රමාණ නොකරන ලදී.

බද‍්ධො නහාරූහි ජරාය චොදිතො, අචෙතනො කට‍්ඨකලිඞ‍්ගරූපමො.

එය නහරයන්ගෙන් බැඳුණේය. ජරාව විසින් මෙහෙයවන ලද්දේය. අචේතනික වූ එය ලී කොටයකට සමානය.

“කුණපං කුණපෙ ජාතං, අසුචිම‍්හි ච පූතිනි; දුග‍්ගන්‍ධෙ චාපි දුග‍්ගන්‍ධං, භෙදනම‍්හි ච වයධම‍්මං.

අපවිත්‍ර තැනක හටගත් කුණපයකි. අශූචියෙහි, කුණ වූ තැනක හටගත්තකි. දුගඳ හමන තැනක හටගත් දුගඳ දෙයකි. බිඳෙන තැනක හටගත් වෙනස් වීම ස්වභාව කොට ගත් දෙයකි.

“අට‍්ඨිපුටෙ අට‍්ඨිපුටො, නිබ‍්බත‍්තො පූතිනි පූතිකායම‍්හි; තම‍්හි ච විනෙථ ඡන්‍දං, හෙස‍්සථ පුත‍්තා දසබලස‍්සා”ති ච.

ඇට පොදියක ඇට පොදියක් හටගත්තේය. කුණු වූ ශරිරයෙහි කුණු ගොඩක් උපන්නේය. එබඳු වූ ශරීරයෙහි කැමැත්ත දුරු කරවු. දශබලයන් වහන්සේගේ පුත්‍රයෝ වන්නෙහුයි.

පරිච‍්ඡෙදතො අන‍්තො අට‍්ඨිමිඤ‍්ජෙන උපරිතො මංසෙන අග‍්ගෙ මූලෙ ච අඤ‍්ඤමඤ‍්ඤෙන පරිච‍්ඡින‍්නානීති වවත්‍ථපෙති. අයමෙතෙසං සභාගපරිච‍්ඡෙදො, විසභාගපරිච‍්ඡෙදො පන කෙසසදිසො එවාති එවං අට‍්ඨීනි වණ‍්ණාදිතො වවත්‍ථපෙති.

පරිච්ඡේද වශයෙන් ඇතුළත ඇට මිදුළෙන් ද උසින් මාංශයෙන් ද අගින් සහ මුලින් ඔවුනොවුන්ගෙන් ද පරිච්ඡින්න යයි තීරණය කෙරේ. මේ මොවුන්ගේ සභාග පරිච්ඡේදයයි. විසභාග පරිච්ඡේදය වනාහී කෙස් හා සමානමය. මෙසේ ඇට වර්‍ණාදි වශයෙන් තීරණය කෙරේ.

තතො පරං සරීරෙ යථාවුත‍්තප‍්පභෙදානං අට‍්ඨීනං අබ‍්භන‍්තරගතං අට‍්ඨිමිඤ‍්ජං වණ‍්ණතො සෙතන‍්ති වවත්‍ථපෙති. සණ‍්ඨානතො අත‍්තනො ඔකාසසණ‍්ඨානන‍්ති. සෙය්‍යථිදං – මහන‍්තමහන‍්තානං අට‍්ඨීනං අබ‍්භන‍්තරගතං සෙදෙත්‍වා වට‍්ටෙත්‍වා මහන‍්තෙසු වංසනළකපබ‍්බෙසු පක‍්ඛිත‍්තමහාවෙත‍්තඞ‍්කුරසණ‍්ඨානං, ඛුද‍්දානුඛුද‍්දකානං අබ‍්භන‍්තරගතං සෙදෙත්‍වා වට‍්ටෙත්‍වා ඛුද‍්දානුඛුද‍්දකෙසු වංසනළකපබ‍්බෙසු පක‍්ඛිත‍්තතනුවෙත‍්තඞ‍්කුරසණ‍්ඨානන‍්ති. දිසතො ද‍්වීසු දිසාසු ජාතං. ඔකාසතො අට‍්ඨීනං අබ‍්භන‍්තරෙ පතිට‍්ඨිතන‍්ති.

ඉන් අනතුරුව ශරීරයෙහි ඉහත සඳහන් කළ ප්‍රභේද සහිත අස්ථීන්ගේ ඇතුළත පිහිටි “අට්ඨිමිඤ්ජං” ඇට මිදුළු වර්‍ණ වශයෙන් සුදු පාටයයි තීරණය කෙරේ. සටහන් වශයෙන් තම අවකාශයට අනුකූල වූ සටහන් ඇත්තේය. ඒ කෙසේද යත්? මහත් මහත් ඇටවල ඇතුළත වූ ඇටමිදුළු තම්බා ගුළිගසා මහත් වූ උණ පුරුකක දමන ලද මහා වේවැල් අංකුරයක් බඳුය. කුඩා අණු කුඩා ඇටවල ඇතුළත පිහිටි ඇට මිදුළු තම්බා ගුළි ගසා කුඩා අණු කුඩා උණ පුරුක්හි දමන ලද තුනී වේවැල් අංකුර බඳුය. දිශා වශයෙන් උඩ යට යන දෙදිශාවෙහි හටගත්තේය. අවකාශ වශයෙන් අස්ථින්හි ඇතුළත පිහිටියේය.

තත්‍ථ යථා වෙළුනළකාදීනං අන‍්තොගතානි දධිඵාණිතානි න ජානන‍්ති “මයං වෙළුනළකාදීනං අන‍්තොගතානී”ති, නපි වෙළුනළකාදයො ජානන‍්ති “දධිඵාණිතානි අම‍්හාකං අන‍්තොගතානී”ති; එවමෙව න අට‍්ඨිමිඤ‍්ජං ජානාති “අහං අට‍්ඨීනං අන‍්තොගත”න‍්ති, නපි අට‍්ඨීනි ජානන‍්ති “අට‍්ඨිමිඤ‍්ජං අම‍්හාකං අන‍්තොගත”න‍්ති. ආභොගපච‍්චවෙක‍්ඛණවිරහිතා හි එතෙ ධම‍්මා…පෙ… න පුග‍්ගලොති. පරිච‍්ඡෙදතො අට‍්ඨීනං අබ‍්භන‍්තරතලෙහි අට‍්ඨිමිඤ‍්ජභාගෙන ච පරිච‍්ඡින‍්නන‍්ති වවත්‍ථපෙති. අයමෙතස‍්ස සභාගපරිච‍්ඡෙදො, විසභාගපරිච‍්ඡෙදො පන කෙසසදිසො එවාති එවං අට‍්ඨිමිඤ‍්ජං වණ‍්ණාදිතො වවත්‍ථපෙති.

එහිදී යම් සේ උණ පුරුක් ආදියෙහි ඇතුළට දැමූ දීකිරි මීපැණි ආදිය “අපි උණ පුරුක් ආදියෙහි ඇතුළත පිහිටියෙමු”යි නොදනීද උණ පුරුක් ආදිය ද දී කිරි මීපැණි ආදිය අපගේ ඇතුළත පිහිටියේය”යි නොදනීද ඒ අයුරින්ම ඇට මිදුළු “මම ඇටවල ඇතුළත පිහිටියෙමි”යි නොදනී. ඇට ද ඇට මිඳුළු අපගේ ඇතුළත පිහිටියේ යයි නොදනී. මෙනෙහි කිරීම් ප්‍රත්‍යවේක්ෂා කිරීම් විරහිත මේ ධර්‍මයෝ වනාහී -පෙ- පුද්ගලයෙක් නොවේ. පරිච්ඡේද වශයෙන් ඇටවල ඇතුළත තලයන්ගෙන් ද ඇටමිදුළු කෙළවරින් ද පරිච්ඡින්නය. විසභාග පරිච්ඡේදය වනාහී කෙස් හා සමානමය. මෙසේ ඇටමිදුළු වර්‍ණාදී වශයෙන් තීරණය කෙරේ.

තතො පරං සරීරස‍්ස අබ‍්භන‍්තරෙ ද‍්විගොළකප‍්පභෙදං වක‍්කං වණ‍්ණතො මන්‍දරත‍්තං පාළිභද‍්දකට‍්ඨිවණ‍්ණන‍්ති වවත්‍ථපෙති. සණ‍්ඨානතො ගාමදාරකානං සුත‍්තාවුතකීළාගොළකසණ‍්ඨානං, එකවණ‍්ටසහකාරද‍්වයසණ‍්ඨානන‍්තිපි එකෙ. දිසතො උපරිමාය දිසාය ජාතං. ඔකාසතො ගලවාටකා විනික‍්ඛන‍්තෙන එකමූලෙන ථොකං ගන‍්ත්‍වා ද‍්විධා භින‍්නෙන ථූලන‍්හාරුනා විනිබද‍්ධං හුත්‍වා හදයමංසං පරික‍්ඛිපිත්‍වා ඨිතන‍්ති.

ඉන් අනතුරුව ශරීරය අභ්‍යන්තරයෙහි පිහිටි මස් පිඬු දෙකක් වශයෙන් වූ “වක්කං” වකුගඩුව වර්‍ණ වශයෙන් මඳක් රතු වූයේ එරබදු ඇට පැහැය ඇතැයි තීරණය කෙරේ. සටහන් වශයෙන් ගම් දරුවන්ගේ එක්කොට බැදි ක්‍රීඩා බෝලයක සටහන් ඇත්තේය. සමහරු එක නටුවෙහි හටගත් අඹ ගෙඩි දෙකක් බඳු යැයි කියති. දිශා වශයෙන් උඩ දිශාවෙහි පිහිටියේය. අවකාශ වශයෙන් ගළවළුයෙන් නික්ම එක් මුලක් ඇතිව මඳක් ගොස් දෙකකට බෙදී දළ නහරින් බැදී හෘදය මාංශය වටකොට පිහිටියේය.

තත්‍ථ යථා වණ‍්ටූපනිබද‍්ධං සහකාරද‍්වයං න ජානාති “අහං වණ‍්ටෙන උපනිබද‍්ධ”න‍්ති, නපි වණ‍්ටං ජානාති “මයා සහකාරද‍්වයං උපනිබද‍්ධ”න‍්ති; එවමෙව න වක‍්කං ජානාති “අහං ථූලන‍්හාරුනා උපනිබද‍්ධ”න‍්ති, නපි ථූලන‍්හාරු ජානාති “මයා වක‍්කං උපනිබද‍්ධ”න‍්ති. ආභොගපච‍්චවෙක‍්ඛණවිරහිතා හි එතෙ ධම‍්මා…පෙ… න පුග‍්ගලොති. පරිච‍්ඡෙදතො වක‍්කං වක‍්කභාගෙන පරිච‍්ඡින‍්නන‍්ති වවත්‍ථපෙති. අයමෙතස‍්ස සභාගපරිච‍්ඡෙදො, විසභාගපරිච‍්ඡෙදො පන කෙසසදිසො එවාති එවං වක‍්කං වණ‍්ණාදිතො වවත්‍ථපෙති.

එහි යම්සේ නටුව හා බැඳුණු අඹ ගෙඩි දෙක “මම නටුවෙන් බැදුණේ වෙමි” යි නොදනීද නටුව “මවිසින් අඹ ගෙඩි දෙක බඳින ලද්දේ යයි නොදනීද ඒ අයුරින් වකුගඩුව “මම දළ නහරින් බඳින ලද්දේ යයි නොදනී. දළ නහර මවිසින් වකුගඩුව බඳින ලද්දේ යයි නොදනී. මෙනෙහි කිරීම් ප්‍රත්‍යවේක්ෂා කිරීම් විරහිත මේ ධර්‍මයෝ වනාහී -පෙ- පුද්ගලයෙක් නොවේ. පරිච්ඡේද වශයෙන් වකුගඩු කෙළවරින් පරිච්ඡින්න යයි තීරණය කෙරේ. මේ මෙහි සභාග පරිච්ඡේදයයි. විසභාග පරිච්ඡේදය වනාහී කෙස් හා සමානමය. මෙසේ වකුගඩුව වර්‍ණාදි වශයෙන් තීරණය කෙරේ.

තතො පරං සරීරස‍්ස අබ‍්භන‍්තරෙ හදයං වණ‍්ණතො රත‍්තං රත‍්තපදුමපත‍්තපිට‍්ඨිවණ‍්ණන‍්ති වවත්‍ථපෙති. සණ‍්ඨානතො බාහිරපත‍්තානි අපනෙත්‍වා අධොමුඛඨපිතපදුමමකුළසණ‍්ඨානං, තඤ‍්ච අග‍්ගච‍්ඡින‍්නපුන‍්නාගඵලමිව විවටෙකපස‍්සං බහි මට‍්ඨං අන‍්තො කොසාතකීඵලස‍්ස අබ‍්භන‍්තරසදිසං. පඤ‍්ඤාබහුලානං ථොකං විකසිතං, මන්‍දපඤ‍්ඤානං මකුළිතමෙව. යං රූපං නිස‍්සාය මනොධාතු ච මනොවිඤ‍්ඤාණධාතු ච පවත‍්තන‍්ති, තං අපනෙත්‍වා අවසෙසමංසපිණ‍්ඩසඞ‍්ඛාතහදයබ‍්භන‍්තරෙ අද‍්ධපසතමත‍්තං ලොහිතං සණ‍්ඨාති, තං රාගචරිතස‍්ස රත‍්තං, දොසචරිතස‍්ස කාළකං, මොහචරිතස‍්ස මංසධොවනොදකසදිසං, විතක‍්කචරිතස‍්ස කුලත්‍ථයූසවණ‍්ණං, සද‍්ධාචරිතස‍්ස කණිකාරපුප‍්ඵවණ‍්ණං, පඤ‍්ඤාචරිතස‍්ස අච‍්ඡං විප‍්පසන‍්නමනාවිලං, නිද‍්ධොතජාතිමණි විය ජුතිමන‍්තං ඛායති. දිසතො උපරිමාය දිසාය ජාතං. ඔකාසතො සරීරබ‍්භන‍්තරෙ ද‍්වින‍්නං ථනානං මජ‍්ඣෙ පතිට‍්ඨිතන‍්ති.

ඉන් අනතුරුව ශරිරය අභ්‍යන්තරයෙහි ‘හදයං’ හදවත වර්‍ණ වශයෙන් රක්තවර්‍ණ වූයේ රත්පියුම් පෙත්තක පිටපැත්ත බදු වර්‍ණ ඇත්තේ යයි තීරණය කෙරේ. සටහන් වශයෙන් පිට පෙති ඉවත්කොට යටිකුරු කර තබන ලද පියුම් කැකුළක් බඳුය. එයද අග සිඳි දොඹ ගෙඩියක් මෙන් විවෘත වූ එක් පැත්තක් ඇත්තේ පිටතින් මටසිලුටු වූයේ ඇතුළත වැටකොළු ගෙඩියක ඇතුළත බඳුය. ප්‍රඥා බහුල අයගේ මඳක් විකසිතය. මඳ වූ ප්‍රඥාව ඇත්තන්ගේ මුකුලිතමය. යම් රූපයක් ඇසුරු කොට මනෝ ධාතුව ද මනෝ විඥාන ධාතුව ද පවතීද එය හැර ඉතිරි කොටස මස් පිඩක් බඳුය. එහි ඇතුළත අඩ පතක් පමණ ලෙයක් ඇත. ඒ ලෙය රාග චරිතයාගේ රතු පාටය. ද්වේෂ චරිතයාගේ කළු පාටය. මෝහ චරිතයාගේ මස් සේදූ ජලය හා සමානය. විතර්‍ක චරිතයාගේ කොල්ලු යුෂ පාටය. ශ්‍රද්ධා චරිතයාගේ කිණිහිරිමල් පාටය. ප්‍රඥා චරිතයාගේ පැහැදිලිය. මැනවින් ප්‍රසන්නය. නොකැලඹුණේය. ඔප දැමූ දෑරඟ මිණක් මෙන් ප්‍රභාස්වර යයි හැඟේ. දිශා වශයෙන් උඩ දිශාවෙහි හටගත්තේය. අවකාශ වශයෙන් ශරීරය ඇතුළත දෙතන මැද පිහිටියේය.

තත්‍ථ යථා ද‍්වින‍්නං වාතපානකවාටකානං මජ‍්ඣෙ ඨිතො අග‍්ගළත්‍ථම‍්භකො න ජානාති “අහං ද‍්වින‍්නං වාතපානකවාටකානං මජ‍්ඣෙ ඨිතො”ති, නපි වාතපානකවාටකානි ජානන‍්ති “අම‍්හාකං මජ‍්ඣෙ අග‍්ගළත්‍ථම‍්භකො ඨිතො”ති; එවමෙවං න හදයං ජානාති “අහං ද‍්වින‍්නං ථනානං මජ‍්ඣෙ ඨිත”න‍්ති, නපි ථනානි ජානන‍්ති “හදයං අම‍්හාකං මජ‍්ඣෙ ඨිත”න‍්ති. ආභොගපච‍්චවෙක‍්ඛණවිරහිතා හි එතෙ ධම‍්මා…පෙ… න පුග‍්ගලොති. පරිච‍්ඡෙදතො හදයං හදයභාගෙන පරිච‍්ඡින‍්නන‍්ති වවත්‍ථපෙති. අයමෙතස‍්ස සභාගපරිච‍්ඡෙදො, විසභාගපරිච‍්ඡෙදො පන කෙසසදිසො එවාති එවං හදයං වණ‍්ණාදිතො වවත්‍ථපෙති.

එහිදී යම් සේ වාපාන කවුළු දෙකක් මැද පිහිටි අගුල් ටැඹ “මම වාපාන කවුළු දෙකක් මැද පිහිටියේ වෙමි”යි නොදනීද වාපාන කවුළුව ද “අපගේ මැද අගුල් ටැඹ පිහිටියේය”යි නොදනීද ඒ ආකාරයට හදවත “මම දෙතන මැද පිහිටියේ වෙමි” යි නොදනී. දෙතනද “හදවත අපගේ මැද පිහිටියේය”යි නොදනී. මෙනෙහි කිරීම් ප්‍රත්‍යවේක්‍ෂා කිරීම් විරහිත මේ ධර්‍මයෝ -පෙ- පුද්ගලයෙක් නොවේ. පරිච්ඡේද වශයෙන් හදවත හෘදය භාගයෙන් පරිච්ඡන්න යයි තීරණය කෙරේ. මේ මෙහි සභාග පරිච්ඡේදයයි. විභාග පරිච්ඡේදය වනාහී කෙස් හා සමානමය. මෙසේ හදවත වර්‍ණාදි වශයෙන් තීරණය කෙරේ.

තතො පරං සරීරස‍්ස අබ‍්භන‍්තරෙ යකනසඤ‍්ඤිතං යමකමංසපිණ‍්ඩං වණ‍්ණතො රත‍්තං රත‍්තකුමුදබාහිරපත‍්තපිට‍්ඨිවණ‍්ණන‍්ති වවත්‍ථපෙති. සණ‍්ඨානතො එකමූලං හුත්‍වා අග‍්ගෙ යමකං කොවිළාරපත‍්තසණ‍්ඨානං, තඤ‍්ච දන්‍ධානං එකංයෙව හොති මහන‍්තං, පඤ‍්ඤවන‍්තානං ද‍්වෙ වා තීණි වා ඛුද‍්දකානීති. දිසතො උපරිමාය දිසාය ජාතං. ඔකාසතො ද‍්වින‍්නං ථනානං අබ‍්භන‍්තරෙ දක‍්ඛිණපස‍්සං නිස‍්සාය ඨිතන‍්ති.

ඉන් අනතුරුව ශරීරය ඇතුළත “යකනං” අක්මාව නමින් හැඳින්වෙන මස් පිඬු දෙක වර්‍ණ වශයෙන් රතුය. රතු කුමුදු මලක බාහිර පෙත්තක පිට පැත්තෙහි වර්‍ණය බඳු යයි තීරණය කෙරේ. සටහන් වශයෙන් මුලින් එක්වී අගින් දෙකක් වූ කොබෝලීල පත්‍රයක් බඳුය. එයද අඥානයන්ට එකක්ම වූයේ මහත්ව පිහිටියේය. ප්‍රාඥයන්ට කුඩා වූ දෙකක් හෝ තුනක් හෝ පිහිටියේය. දිශා වශයෙන් උඩ දිශාවෙහි හටගත්තේය. අවකාශ වශයෙන් දෙතන අතර දකුණු පස ඇසුරු කොට පිහිටියේය.

තත්‍ථ යථා පිඨරකපස‍්සෙ ලග‍්ගා මංසපෙසි න ජානාති “අහං පිඨරකපස‍්සෙ ලග‍්ගා”ති, නපි පිඨරකපස‍්සං ජානාති “මයි මංසපෙසි ලග‍්ගා”ති; එවමෙව න යකනං ජානාති “අහං ද‍්වින‍්නං ථනානං අබ‍්භන‍්තරෙ දක‍්ඛිණපස‍්සං නිස‍්සාය ඨිත”න‍්ති, නපි ථනානං අබ‍්භන‍්තරෙ දක‍්ඛිණපස‍්සං ජානාති “මං නිස‍්සාය යකනං ඨිත”න‍්ති. ආභොගපච‍්චවෙක‍්ඛණවිරහිතා හි එතෙ ධම‍්මා…පෙ… න පුග‍්ගලොති. පරිච‍්ඡෙදතො පන යකනං යකනභාගෙන පරිච‍්ඡින‍්නන‍්ති වවත්‍ථපෙති. අයමෙතස‍්ස සභාගපරිච‍්ඡෙදො, විසභාගපරිච‍්ඡෙදො පන කෙසසදිසො එවාති එවං යකනං වණ‍්ණාදිතො වවත්‍ථපෙති.

එහිදී යම් සේ මහ සැළියක පැත්තක ඇලුණු මස් කැබැල්ල “මම මහ සැළියක පැත්තක ඇලුණේ වෙමි” යි නොදනී ද මහ සැළිය “මා කෙරෙහි මස් කැබැල්ල ඇලුණේ යයි නොදනී ද ඒ ආකාරයට අක්මාව “මම දෙතන අතර දකුණු පස ඇසුරු කොට පිහිටියේ වෙමි”යි නොදනී. දෙතන අතර දකුණු පස “මා ඇසුරු කොට අක්මාව පිහිටියේ යයි නොදනී. මෙනෙහි කිරීම් ප්‍රත්‍යවේක්ෂා කිරිම් විරහිත මේ ධර්‍මයෝ වනාහී -පෙ- පුද්ගලයෙක් නොවේ. පරිච්ඡේද වශයෙන් වනාහී අක්මාව අක්මා භාගයෙන් පරිච්ඡින්න යයි තීරණය කෙරේ. මේ මෙහි සභාග පරිච්ඡේදයයි. විසභාග පරිච්ඡේදය වනාහී කෙස් හා සමානමය. මෙසේ අක්මාව වර්‍ණාදි වශයෙන් තීරණය කෙරේ.

තතො පරං සරීරෙ පටිච‍්ඡන‍්නාපටිච‍්ඡන‍්නභෙදතො දුවිධං කිලොමකං වණ‍්ණතො සෙතං දුකූලපිලොතිකවණ‍්ණන‍්ති වවත්‍ථපෙති. සණ‍්ඨානතො අත‍්තනො ඔකාසසණ‍්ඨානං. දිසතො ද‍්වීසු දිසාසු ජාතං. ඔකාසතො පටිච‍්ඡන‍්නකිලොමකං හදයඤ‍්ච වක‍්කඤ‍්ච පරිවාරෙත්‍වා, අප‍්පටිච‍්ඡන‍්නකිලොමකං සකලසරීරෙ චම‍්මස‍්ස හෙට‍්ඨතො මංසං පරියොනන්‍ධිත්‍වා ඨිතන‍්ති.

ඉන් අනතුරුව ශරීරයෙහි පටිච්ඡින්න, අප්පටිච්ඡින්න වශයෙන් දෙවැදෑරුම් වූ “කිලොමකං” දලඹුව වර්‍ණ වශයෙන් සුදුය. දුහුල් රෙදි කඩක පාට යයි තීරණය කෙරේ. සටහන් වශයෙන් තමන්ගේ අවකාශයේ සටහන් ඇත්තේය. දිශා වශයෙන් (උඩ යට) දෙදිශාවෙහි හටගත්තේය. අවකාශ වශයෙන් පටිච්ඡින්න දලබුව හදවත හා වකුගඩුව පිරිවරා ද අප්පටිච්ඡින්න දලබුව සියලු ශරීරයෙහි සමට යටින් මස වසා වැළඳ ගෙනද සිටියේය.

තත්‍ථ යථා පිලොතිකාය පලිවෙඨිතෙ මංසෙ න පිලොතිකා ජානාති “මයා මංසං පලිවෙඨිත”න‍්ති, නපි මංසං ජානාති “අහං පිලොතිකාය පලිවෙඨිත”න‍්ති; එවමෙව න කිලොමකං ජානාති “මයා හදයවක‍්කානි සකලසරීරෙ ච චම‍්මස‍්ස හෙට‍්ඨතො මංසං පලිවෙඨිත”න‍්ති. නපි හදයවක‍්කානි සකලසරීරෙ ච මංසං ජානාති “අහං කිලොමකෙන පලිවෙඨිත”න‍්ති. ආභොගපච‍්චවෙක‍්ඛණවිරහිතා හි එතෙ ධම‍්මා…පෙ… න පුග‍්ගලොති. පරිච‍්ඡෙදතො හෙට‍්ඨා මංසෙන උපරි චම‍්මෙන තිරියං කිලොමකභාගෙන පරිච‍්ඡින‍්නන‍්ති වවත්‍ථපෙති. අයමෙතස‍්ස සභාගපරිච‍්ඡෙදො, විසභාගපරිච‍්ඡෙදො පන කෙසසදිසො එවාති එවං කිලොමකං වණ‍්ණාදිතො වවත්‍ථපෙති.

එහි යම්සේ රෙදි කඩකින් මස් වෙළා ඇති කල්හි රෙදිකඩ “මවිසින් මස් වෙළන ලදැයි නොදනීද මස් “මම රෙදිකඩ විසින් වෙළන ලද්දේ වෙමි”යි නොදනීද මේ ආකාරයට දලබුව “මවිසින් වකුගඩුව හා හදවත ද සියලු ශරීරයෙහි සමට යටින් ඇති මස ද වෙළන ලද්දේ යයි නොදනී. වකුගඩුව හා හදවත ද සියලු ශරීරයෙහි මස් ද “මම දලබුව විසින් වෙළන ලද්දේ වෙමි”යි නොදනී. මෙනෙහි කිරීම් ප්‍රත්‍යවේක්ෂා කිරීම් ආදියෙන් තොර මේ ධර්‍මයෝ -පෙ- පුද්ගලයෙක් නොවේ. පරිච්ඡේද වශයෙන් යටින් මසෙන් ද උඩින් සමෙන් ද සරස දලබු භාගයෙන් ද පරිච්ඡින්න යයි තීරණය කෙරේ. මේ මෙහි සභාග පරිච්ඡේදයයි. විසභාග පරිච්ඡේදය වනාහි කෙස් හා සමානමය. මෙසේ දලබුව වර්‍ණාදි වශයෙන් තීරණය කෙරේ.

තතො පරං සරීරස‍්ස අබ‍්භන‍්තරෙ පිහකං වණ‍්ණතො නීලං මීලාතනිග‍්ගුණ‍්ඩීපුප‍්ඵවණ‍්ණන‍්ති වවත්‍ථපෙති. සණ‍්ඨානතො යෙභුය්‍යෙන සත‍්තඞ‍්ගුලප‍්පමාණං අබන්‍ධනං කාළවච‍්ඡකජිව‍්හාසණ‍්ඨානං. දිසතො උපරිමාය දිසාය ජාතං. ඔකාසතො හදයස‍්ස වාමපස‍්සෙ උදරපටලස‍්ස මත්‍ථකපස‍්සං නිස‍්සාය ඨිතං, යම‍්හි පහරණපහාරෙන බහි නික‍්ඛන‍්තෙ සත‍්තානං ජීවිතක‍්ඛයො හොතීති.

ඉන් අනතුරුව ශරීරය ඇතුළත “පිහකං” බඩදිව වර්‍ණ වශයෙන් නිල් වූයේ පරවුණු නිකමලෙහි පාට යයි තීරණය කෙරේ. සටහන් වශයෙන් බොහෝ සෙයින් අඟල් සතක් පමණ වූයේ බැඳුමක් නැති කලු වස්සෙකුගේ දිවක් බඳුය. දිශා වශයෙන් උඩ දිශාවෙහි හට ගත්තේය. අවකාශ වශයෙන් හදවතට වම් පසින් උදර පටලයේ මතු භාගය ඇසුරු කොට සිටියේය. මෙය ආයුධ පහරකින් පිටතට නික්මුණු කල්හි සත්ත්වයන්ගේ මරණය සිදු වේ.

තත්‍ථ යථා කොට‍්ඨකමත්‍ථකපස‍්සං නිස‍්සාය ඨිතා න ගොමයපිණ‍්ඩි ජානාති “අහං කොට‍්ඨකමත්‍ථකපස‍්සං නිස‍්සාය ඨිතා”ති, නපි කොට‍්ඨකමත්‍ථකපස‍්සං ජානාති “ගොමයපිණ‍්ඩි මං නිස‍්සාය ඨිතා”ති; එවමෙව න පිහකං ජානාති “අහං උදරපටලස‍්ස මත්‍ථකපස‍්සං නිස‍්සාය ඨිත”න‍්ති, නපි උදරපටලස‍්ස මත්‍ථකපස‍්සං ජානාති “පිහකං මං නිස‍්සාය ඨිත”න‍්ති. ආභොගපච‍්චවෙක‍්ඛණවිරහිතා හි එතෙ ධම‍්මා…පෙ… න පුග‍්ගලොති. පරිච‍්ඡෙදතො පිහකං පිහකභාගෙන පරිච‍්ඡින‍්නන‍්ති වවත්‍ථපෙති. අයමෙතස‍්ස සභාගපරිච‍්ඡෙදො, විසභාගපරිච‍්ඡෙදො පන කෙසසදිසො එවාති එවං පිහකං වණ‍්ණාදිතො වවත්‍ථපෙති.

එහි යම්සේ කොටුවක මතුභාගය ඇසුරු කොට සිටි ගොම පිඬ “මම කොටුවේ මතුභාගය ඇසුරු කොට සිටියේ වෙමි”යි නොදනී ද කොටු මතුපිට භාගය “ගොම පිඬ මා ඇසුරු කොට සිටියේය”යි නොදනීද මේ ආකාරයට බඩදිව “මම උදර පටලයේ මතුභාගය ඇසුරු කොට සිටියේ වෙමි”යි නොදනී. උදර පටලයාගේ මතුභාගය බඩදිව මා ඇසුරු කොට සිටියේය”යි නොදනී. මෙනෙහි කිරීම් ප්‍රත්‍යවේක්ෂා කිරීම් විරහිත මේ ධර්‍මයෝ වනාහි -පෙ- පුද්ගලයෙක් නොවේ. පරිච්ඡේද වශයෙන් බඩදිව් භාගයෙන් පරිච්ඡින්න යයි තීරණය කෙරේ. මේ මෙහි සභාග පරිච්ඡේදයයි. විසභාග පරිච්ඡේදය වනාහි කෙස් හා සමානමය. මෙසේ බඩදිව වර්‍ණාදි වශයෙන් තීරණය කෙරේ.

තතො පරං සරීරස‍්ස අබ‍්භන‍්තරෙ ද‍්වත‍්තිංසමංසඛණ‍්ඩප‍්පභෙදං පප‍්ඵාසං වණ‍්ණතො රත‍්තං නාතිපරිපක‍්කඋදුම‍්බරවණ‍්ණන‍්ති වවත්‍ථපෙති. සණ‍්ඨානතො විසමච‍්ඡින‍්නපූවසණ‍්ඨානං, ඡදනිට‍්ඨකඛණ‍්ඩපුඤ‍්ජසණ‍්ඨානන‍්තිපි එකෙ. තදෙතං අබ‍්භන‍්තරෙ අසිතපීතාදීනං අභාවෙ උග‍්ගතෙන කම‍්මජතෙජුස‍්මනා අබ‍්භාහතත‍්තා සඞ‍්ඛාදිතපලාලපිණ‍්ඩමිව නිරසං නිරොජං හොති. දිසතො උපරිමාය දිසාය ජාතං. ඔකාසතො සරීරබ‍්භන‍්තරෙ ද‍්වින‍්නං ථනානං අබ‍්භන‍්තරෙ හදයඤ‍්ච යකනඤ‍්ච උපරි ඡාදෙත්‍වා ඔලම‍්බන‍්තං ඨිතන‍්ති.

ඉන් අනතුරුව ශරීරය ඇතුළත මස් කැබලි දෙතිසකින් යුත් “පප්‍ඵාසං” පපු මස වර්‍ණ වශයෙන් රතුය. ඉතා නොඉදුණු දිඹුල් ගෙඩියක පාට යයි තීරණය කෙරේ. සටහන් වශයෙන් නොසමකොට කැපූ කැවුමක සටහන් ඇත්තේය. සමහරු වහල උළු කැබලි ගොඩක සටහන් ඇත්තේ යයි කියති. ඒ මේ පපුමස කෑ බිව් කිසිවක් ඇතුළත නොමැති විට නැගෙන කර්‍මජ තේජෝ උෂ්ණයෙන් මඩින ලද බැවින් මැනවින් සැපූ පිදුරු පිඩක් මෙන් නීරස ඕ රහිත වේ. දිශා වශයෙන් උඩ දිශාවෙහි හටගත්තේය. අවකාශ වශයෙන් ශරීරය ඇතුළත දෙතන අතර හදවත හා අක්මාව මත්තෙන් වසාගෙන එල්බෙමින් සිටියේය.

තත්‍ථ යථා ජිණ‍්ණකොට‍්ඨබ‍්භන‍්තරෙ ලම‍්බමානො සකුණකුලාවකො න ජානාති “අහං ජිණ‍්ණකොට‍්ඨබ‍්භන‍්තරෙ ලම‍්බමානො ඨිතො”ති, නපි ජිණ‍්ණකොට‍්ඨබ‍්භන‍්තරං ජානාති “සකුණකුලාවකො මයි ලම‍්බමානො ඨිතො”ති; එවමෙව න පප‍්ඵාසං ජානාති “අහං සරීරබ‍්භන‍්තරෙ ද‍්වින‍්නං ථනානං අන‍්තරෙ ලම‍්බමානං ඨිත”න‍්ති, නපි සරීරබ‍්භන‍්තරෙ ද‍්වින‍්නං ථනානං අන‍්තරං ජානාති “මයි පප‍්ඵාසං ලම‍්බමානං ඨිත”න‍්ති. ආභොගපච‍්චවෙක‍්ඛණවිරහිතා හි එතෙ ධම‍්මා…පෙ… න පුග‍්ගලොති. පරිච‍්ඡෙදතො පප‍්ඵාසං පප‍්ඵාසභාගෙන පරිච‍්ඡින‍්නන‍්ති වවත්‍ථපෙති. අයමෙතස‍්ස සභාගපරිච‍්ඡෙදො, විසභාගපරිච‍්ඡෙදො පන කෙසසදිසො එවාති එවං පප‍්ඵාසං වණ‍්ණාදිතො වවත්‍ථපෙති.

එහි යම් සේ දිරා ගිය කොටුවක් ඇතුළත එලෙන කුරුළු කූඩුවක් “මම දිරූ කොටුවක් තුළ එලෙමින් සිටියේ වෙමි”යි නොදනීද දිරූ කොටු ඇතුළත ද “කුරුළු කූඩුව මා කෙරෙහි එල්ලෙමින් සිටියේ වෙමි”යි නොදනී ද මේ අයුරින් පපුමස “මම ශරීරය ඇතුළත දෙතන අතර එල්ලෙමින් සිටියේ වෙමියි නොදනී. ශරීරය ඇතුළත දෙතන අතර ද “මා කෙරෙහි පපුමස එල්ලෙමින් සිටියේය”යි නොදනී. මෙනෙහි කිරීම් ප්‍රත්‍යවේක්ෂා කිරීම් විරහිත මේ ධර්‍මයෝ වනාහි -පෙ පුද්ගලයෙක් නොවේ. පරිච්ඡේද වශයෙන් පපුමස පපුමස් භාගයෙන් පරිච්ජින්න යයි තීරණය කෙරේ. මේ මෙහි සභාග පරිච්ඡේදයයි. විසභාග පරිච්ඡේදය වනාහී කෙස් හා සමානමය. මෙසේ පපුමස වර්‍ණාදි වශයෙන් තීරණය කෙරේ.

තතො පරං අන‍්තොසරීරෙ පුරිසස‍්ස ද‍්වත‍්තිංසහත්‍ථං, ඉත්‍ථියා අට‍්ඨවීසතිහත්‍ථං, එකවීසතියා ඨානෙසු ඔභග‍්ගං අන‍්තං වණ‍්ණතො සෙතං සක‍්ඛරසුධාවණ‍්ණන‍්ති වවත්‍ථපෙති. සණ‍්ඨානතො සීසං ඡින්‍දිත්‍වා ලොහිතදොණියං සංවෙල‍්ලෙත්‍වා ඨපිතධම‍්මනිසණ‍්ඨානං. දිසතො ද‍්වීසු දිසාසු ජාතං. ඔකාසතො උපරි ගලවාටකෙ හෙට‍්ඨා ච කරීසමග‍්ගෙ විනිබන්‍ධත‍්තා ගලවාටකකරීසමග‍්ගපරියන‍්තෙ සරීරබ‍්භන‍්තරෙ ඨිතන‍්ති.

ඉන් අනතුරුව ශරීරය ඇතුළත පුරුෂයාගේ දෙතිස් රියන් පමණ වූ ද ස්ත්‍රියගේ අටවිසි රියන් පමණ වූ ද එක් විසි තැනකින් නැමුණු “අන්තං” බඩවැල වර්‍ණ වශයෙන් සුදුය. වැලි මුසු කළ හුණු බදාමයක පාට යයි තීරණය කෙරේ. සටහන් වශයෙන් හිස සිඳ ලේ ඔරුවක නමා දැමූ සර්‍ප සිරුරක් බඳුය. දිශා වශයෙන් (උඩ යට) දෙදිශාවෙහි පිහිටියේය. අවකාශ වශයෙන් උඩ ගලවළුයෙහි ද යට මල මාර්‍ගයෙහි ද බැඳී සිටි බැවින් ගලවළු හා ගුද පියස කෙළවර කොට ඇති ශරීරාභ්‍යන්තරයෙහි පිහිටියේය.

තත්‍ථ යථා ලොහිතදොණියං ඨපිතං ඡින‍්නසීසං ධම‍්මනිකළෙවරං න ජානාති “අහං ලොහිතදොණියං ඨිත”න‍්ති, නපි ලොහිතදොණි ජානාති “මයි ඡින‍්නසීසං ධම‍්මනිකළෙවරං ඨිත”න‍්ති; එවමෙව න අන‍්තං ජානාති “අහං සරීරබ‍්භන‍්තරෙ ඨිත”න‍්ති, නපි සරීරබ‍්භන‍්තරං ජානාති “මයි අන‍්තං ඨිත”න‍්ති. ආභොගපච‍්චවෙක‍්ඛණවිරහිතා හි එතෙ ධම‍්මා…පෙ… න පුග‍්ගලොති. පරිච‍්ඡෙදතො අන‍්තං අන‍්තභාගෙන පරිච‍්ඡින‍්නන‍්ති වවත්‍ථපෙති. අයමෙතස‍්ස සභාගපරිච‍්ඡෙදො, විසභාගපරිච‍්ඡෙදො පන කෙසසදිසො එවාති එවං අන‍්තං වණ‍්ණාදිතො වවත්‍ථපෙති.

එහිදී යම් සේ ලේ ඔරුවක නමා දමන ලද හිස සිඳි සර්‍ප සිරුර “මම ලේ ඔරුවක සිටියේ වෙමි”යි නොදනීද ලේ ඔරුව ද මා කෙරෙහි හිස සිඳි සර්‍ප සිරුර පිහිටියේය”යි නොදනීද ඒ අයුරින් බඩවැල “මම ශරීරය ඇතුළත පිහිටියේ වෙමි”යි නොදනී. අභ්‍යන්තර ශරීරය ද මා කෙරෙහි බඩවැල පිහිටියේය”යි නොදනී. මෙනෙහි කිරීම් ප්‍රත්‍යවේක්‍ෂා කිරීම් විරහිත මේ ධර්‍මයෝ වනාහී -පෙ- පුද්ගලයෙක් නොවේ. පරිච්ඡේද වශයෙන් බඩවැල බඩවැල් භාගයෙන් පරිච්ඡින්නය. මේ මෙහි සභාග පරිච්ඡේදයයි. විසභාග පරිච්ඡේදය වනාහී කෙස් හා සමානමය. මෙසේ බඩවැල වර්‍ණාදී වශයෙන් තීරණය කෙරේ.

තතො පරං අන‍්තොසරීරෙ අන‍්තන‍්තරෙ අන‍්තගුණං වණ‍්ණතො සෙතං දකසීතලිකමූලවණ‍්ණන‍්ති වවත්‍ථපෙති. සණ‍්ඨානතො දකසීතලිකමූලසණ‍්ඨානමෙවාති, ගොමුත‍්තසණ‍්ඨානන‍්තිපි එකෙ. දිසතො ද‍්වීසු දිසාසු ජාතං. ඔකාසතො කුදාලඵරසුකම‍්මාදීනි කරොන‍්තානං යන‍්තාකඩ‍්ඪනකාලෙ යන‍්තසුත‍්තකමිව යන‍්තඵලකානි අන‍්තභොගෙ එකතො අග‍්ගළන‍්තෙ ආබන්‍ධිත්‍වා පාදපුඤ‍්ඡනරජ‍්ජුමණ‍්ඩලකස‍්ස අන‍්තරා තං සිබ‍්බිත්‍වා ඨිතරජ‍්ජුකා විය එකවීසතියා අන‍්තභොගානං අන‍්තරා ඨිතන‍්ති.

ඉන් අනතුරුව ශරීරය ඇතුළත අතරතුරෙහි “අනන්තගුණං” අතුණුබහන් වර්‍ණ වශයෙන් සුදුය. හෙල්මැලි මුලක් බඳු යයි තීරණය කෙරේ. සටහන් වශයෙන් ද හෙල්මැලි මුලක් බඳුමය. සමහරු ගෝ මුත්‍රයක් (මැණික් වර්‍ගයක්) බඳු යයි කියති. දිශා වශයෙන් (උඩ යට) දෙදිසාවෙහි පිහිටියේය. අවකාශ වශයෙන් උදලු පොරෝ ආදී කර්‍මාන්ත කරන්නවුන්ගේ යන්ත්‍ර අදිනා කල යන්ත්‍ර පෝරු බැඳගෙන සිටින යන්ත්‍ර නූල් මෙන් අතුනු වැටි ගිලිහිය නොදී එකොට බැඳගෙන පා පිස්නා බිස්සෙහි දරන මඩුල්ල අතර මසා සිටින රැහැන් මෙන් එක් විසි අතුනු වැටි අතරෙහි පිහිටියේය.

තත්‍ථ යථා පාදපුඤ‍්ඡනරජ‍්ජුමණ‍්ඩලකං සිබ‍්බිත්‍වා ඨිතරජ‍්ජුකා න ජානාති “මයා පාදපුඤ‍්ඡනරජ‍්ජුමණ‍්ඩලකං සිබ‍්බිත”න‍්ති, නපි පාදපුඤ‍්ඡනරජ‍්ජුමණ‍්ඩලකං ජානාති “රජ‍්ජුකා මං සිබ‍්බිත්‍වා ඨිතා”ති, එවමෙව අන‍්තගුණං න ජානාති “අහං අන‍්තං එකවීසතිභොගබ‍්භන‍්තරෙ ආබන්‍ධිත්‍වා ඨිත”න‍්ති, නපි අන‍්තං ජානාති “අන‍්තගුණං මං ආබන්‍ධිත්‍වා ඨිත”න‍්ති. ආභොගපච‍්චවෙක‍්ඛණවිරහිතා හි එතෙ ධම‍්මා…පෙ… න පුග‍්ගලොති. පරිච‍්ඡෙදතො අන‍්තගුණං අන‍්තගුණභාගෙන පරිච‍්ඡින‍්නන‍්ති වවත්‍ථපෙති. අයමෙතස‍්ස සභාගපරිච‍්ඡෙදො, විසභාගපරිච‍්ඡෙදො පන කෙසසදිසො එවාති එවං අන‍්තගුණං වණ‍්ණාදිතො වවත්‍ථපෙති.

එහි දී යම් සේ පා පිස්නා බිස්සෙහි රැහැන් සමූහය මසා සිටින රැහැන “ම විසින් පා පිස්නා බිස්සෙහි රැහැන් සමූහය මසා සිටින ලද්දේ යයි නොදනී ද පාපිස්නා රැහැන් මඩුල්ල “රැහැන මා මසා සිටින ලදැයි නොදනීද ඒ අයුරින් අතුනුබහන් “මම බඩවැල එක්විසි අතුනුවැටි අතරෙහි බැඳ සිටියේ වෙමි”යි නොදනී. බඩවැල ද “අතුනුබහන් මා බැඳගෙන සිටියේය”යි නොදනී. මෙනෙහි කිරීම් ප්‍රත්‍යවේක්ෂා කිරීම් විරහිත මේ ධර්‍මයෝ වනාහී -පෙ- පුද්ගලයෙක් නොවේ. පරිච්ඡේද වශයෙන් අතුනුබහන් භාගයෙන් පරිච්ඡින්න යයි තීරණය කෙරේ. මේ මෙහි සභාග පරිච්ඡේදයයි. විසභාග පරිච්ඡේදය කෙස් හා සමානමය. මෙසේ අතුනුබහන් වර්‍ණාදි වශයෙන් තීරණය කෙරේ.

තතො පරං අන‍්තොසරීරෙ උදරියං වණ‍්ණතො අජ‍්ඣොහටාහාරවණ‍්ණන‍්ති වවත්‍ථපෙති. සණ‍්ඨානතො පරිස‍්සාවනෙ සිථිලබද‍්ධතණ‍්ඩුලසණ‍්ඨානං. දිසතො උපරිමාය දිසාය ජාතං. ඔකාසතො උදරෙ ඨිතන‍්ති. උදරං නාම උභතො නිප‍්පීළියමානස‍්ස අල‍්ලසාටකස‍්ස මජ‍්ඣෙ සඤ‍්ජාතඵොටකසදිසං අන‍්තපටලං, බහි මට‍්ඨං, අන‍්තො මංසකසම‍්බුපලිවෙඨිතං, කිලිට‍්ඨපාවාරපුප‍්ඵසදිසං, කුථිතපනසඵලස‍්ස අබ‍්භන‍්තරසදිසන‍්තිපි එකෙ. තත්‍ථ තක‍්කොලකා ගණ‍්ඩුප‍්පාදකාතාලහීරකාසූචිමුඛකාපටතන‍්තුසුත‍්තකාති එවමාදිද‍්වත‍්තිංසකුලප‍්පභෙදා කිමයො ආකුලබ්‍යාකුලා සණ‍්ඩසණ‍්ඩචාරිනො හුත්‍වා නිවසන‍්ති, යෙ පානභොජනාදිම‍්හි අවිජ‍්ජමානෙ උල‍්ලඞ‍්ඝිත්‍වා විරවන‍්තා හදයමංසං අභිතුදන‍්ති පානභොජනාදීනි අජ‍්ඣොහරණවෙලායඤ‍්ච උද‍්ධංමුඛා හුත්‍වා පඨමජ‍්ඣොහටෙ ද‍්වෙ තයො ආලොපෙ තුරිතතුරිතා විලුම‍්පන‍්ති. යං එතෙසං කිමීනං පසූතිඝරං වච‍්චකුටි ගිලානසාලා සුසානඤ‍්ච හොති, යත්‍ථ සෙය්‍යථාපි නාම චණ‍්ඩාලගාමද‍්වාරෙ චන්‍දනිකාය සරදසමයෙ ථූලඵුසිතකෙ දෙවෙ වස‍්සන‍්තෙ උදකෙන ආවූළ‍්හං මුත‍්තකරීසචම‍්මට‍්ඨින‍්හාරුඛණ‍්ඩඛෙළසිඞ‍්ඝාණිකාලොහිතප‍්පභුතිනානාකුණපජාතං නිපතිත්‍වා කද‍්දමොදකාලුළිතං සඤ‍්ජාතකිමිකුලාකුලං හුත්‍වා ද‍්වීහතීහච‍්චයෙන සූරියාතපසන‍්තාපවෙගකුථිතං උපරි ඵෙණපුප‍්ඵුළකෙ මුඤ‍්චන‍්තං අභිනීලවණ‍්ණං පරමදුග‍්ගන්‍ධජෙගුච‍්ඡං උපගන‍්තුං වා දට‍්ඨුං වා අනරහරූපතං ආපජ‍්ජිත්‍වා තිට‍්ඨති, පගෙව ඝායිතුං වා සායිතුං වා; එවමෙව නානප‍්පකාරපානභොජනාදි දන‍්තමුසලසංචුණ‍්ණිතං ජිව‍්හාහත්‍ථසම‍්පරිවත‍්තිතං ඛෙළලාලාපලිබුද‍්ධං තඞ‍්ඛණවිගතවණ‍්ණගන්‍ධරසාදිසම‍්පදං කොලියඛලිසුවානවමථුසදිසං නිපතිත්‍වා පිත‍්තසෙම‍්හවාතපලිවෙඨිතං හුත්‍වා උදරග‍්ගිසන‍්තාපවෙගකුථිතං කිමිකුලාකුලං උපරූපරි ඵෙණපුප‍්ඵුළකානි මුඤ‍්චන‍්තං පරමකසම‍්බුදුග‍්ගන්‍ධජෙගුච‍්ඡභාවමාපජ‍්ජිත්‍වා තිට‍්ඨති. යං සුත්‍වාපි පානභොජනාදීසු අමනුඤ‍්ඤතා සණ‍්ඨාති, පගෙව පඤ‍්ඤාචක‍්ඛුනා ඔලොකෙත්‍වා. යත්‍ථ ච පතිතං පානභොජනාදි පඤ‍්චධා විවෙකං ගච‍්ඡති, එකං භාගං පාණකා ඛාදන‍්ති, එකං භාගං උදරග‍්ගි ඣාපෙති, එකො භාගො මුත‍්තං හොති, එකො භාගො කරීසං හොති, එකො භාගො රසභාවං ආපජ‍්ජිත්‍වා සොණිතමංසාදීනි උපබ්‍රූහයතීති.

අනතුරුව ඇතුළත ශරීරයෙහි “උදරියං” උදරයෙහි වූ අනුභව කළ දේ වර්‍ණ වශයෙන් වැළඳු ආහාරයන්ගේ පාට යයි තීරණය කෙරේ. සටහන් වශයෙන් පෙරහනෙක ලිහිල් ලෙස බඳනා ලද සහල් බඳුය. දිශා වශයෙන් උඩ දිශාවෙහි හටගත්තේය. අවකාශ වශයෙන් උදරයෙහි පිහිටියේය. උදරය නම් දෙකොණින් මිරිකනු ලබන තෙත වස්ත්‍රයක මැද හටගත් බුබුලක් හා සමාන අන්තස්ථානයයි. පිටතින් සිලිටි ඇතුළ මස් කසළ වෙළන ලද පොරෝනා කඩක් බඳුය. සමහරු කුණු වූ කොස් ගෙඩියක ඇතුළත හා සමාන යයි කියති. එහි තක්කොටක, ගණ්ඩුප්පාදක, තාලහීරක, සුචිමුඛ, පටතන්තුක, සුත්තක යන මේ ආදී දෙතිස් කුලයකට අයත් පණුවෝ ආකූල ව්‍යාකූලව සමූහ සමූහව හැසිරෙන්නෝව වසති. ඔවුහු ආහාරපාන නොමැති කල්හි පැන පැන ශබ්ද කරමින් හෘදය මාංශයට පීඩා කරති. පාන භෝජන ආදිය අනුභව කරන වේලාවෙහි ද උඩුකුරු කළ මුව ඇත්තාහු පළමුව අනුභව කළ දෙතුන් පිඩ වහ වහා පැහැර ගනිති. යමක් මේ පණුවන්ගේ තිඹිරිගෙය ද, වැසිකිළිය ද, ගිලන්හල ද, සොහොන ද වන්නේ ද ඒ එම උදරයම වන්නේය. යම් සේ යම් සැඩොල්ගම් දොරටුවක ගවර වළක (අපවිත්‍ර දේ දමන වළ) සරත් කාලයක මහ පොද ඇති වැසි වසිනා කල ජලයෙන් ගෙනවිත් දැමූ මූත්‍ර, මල, සම්, ඇට, නහර කොටස්, කෙළ, සොටු, ලේ ආදී නොයෙක් කුණු කන්දල් වැටී මඩ දියෙන් කැළඹී, හටගත් පණු කැලගෙන් ගැවසී ගත්තේ වී දෙතුන් දිනක් අවෑමෙන් සූර්‍ය්‍ය රශ්මි වේගයෙන් තැවී කැකෑරී මතුයෙහි පෙණ බුබුලු නගිමින් ඉතා නිල්වන්ව දැඩි දුගඳින් යුක්තව දැඩි පිළිකුල් සහගතව ආඝ්‍රාණය කිරීම හෝ රස විඳීම, තිබියේවා සමීපයට යාමට හෝ දැක ගැනීමට හෝ නුසුදුසු බවට පත්ව සිටින්නේ ද ඒ ආකාරයට නොයෙක් ආකාරයේ පාන භෝජනාදිය දත් නැමති මෝලෙන් අඹරා දිව නැමති අතින් පෙරළා කෙළවලින් කලතා ඇසිල්ලෙන් පහ වූ වර්‍ණ ගන්ධ, රසාදිය ඇත්තේ රෙදි වියන්නන්ගේ නානු සේ ද බල්ලන්ගේ වමනයක් සේ ද වැටී පිත් සෙම් වායෙන් වෙළන ලද්දේ වී ජඨරාග්නි තාප වේගයෙන් කැකෑරී පණු කුලයෙන් ගැවසී ගත්තේ මතු මතුයෙහි පෙණ බුබුළු නගිමින් දැඩි කසල බවට, දුගඳ හමන බවට, පිළිකුල් බවට පැමිණ සිටී. මෙය නුවණැසින් බලන කල ඇතිවන අමනොඥත්වය කියනුම කවරේද කියනු ඇසෙන විටද ආහාර පානාදියෙහි අමනෝඥත්වය වන්නේය. මේ උදරයෙහි වැටුණු පානභෝජනාදිය පස් ආකාරයකට බෙදී යයි. එක් කොටසක් පණුවෝ කති. එක් කොටසක් උදරයේ ගින්නෙන් දැවී යයි. එක් කොටසක් මූත්‍ර බවට පත්වෙයි. එක් කොටසක් මල බවට පත්වෙයි. එක් කොටසක් රස බවට පැමිණ ලේ මස් ආදිය වඩයි.

තත්‍ථ යථා පරමජෙගුච‍්ඡාය සුවානදොණියා ඨිතො සුවානවමථු න ජානාති “අහං සුවානදොණියා ඨිතො”ති; නපි සුවානදොණි ජානාති “මයි සුවානවමථු ඨිතො”ති. එවමෙව න උදරියං ජානාති “අහං ඉමස‍්මිං පරමදුග‍්ගන්‍ධජෙගුච‍්ඡෙ උදරෙ ඨිත”න‍්ති; නපි උදරං ජානාති “මයි උදරියං ඨිත”න‍්ති. ආභොගපච‍්චවෙක‍්ඛණවිරහිතා හි එතෙ ධම‍්මා…පෙ… න පුග‍්ගලොති. පරිච‍්ඡෙදතො උදරියං උදරියභාගෙන පරිච‍්ඡින‍්නන‍්ති වවත්‍ථපෙති. අයමෙතස‍්ස සභාගපරිච‍්ඡෙදො, විසභාගපරිච‍්ඡෙදො පන කෙසසදිසො එවාති එවං උදරියං වණ‍්ණාදිතො වවත්‍ථපෙති.

එහි යම්සේ ඉතාමත් පිළිකුල් සහගත බල්ලන්ට කෑම දෙන ඔරුවක පැවති බලු වමනය “මම බල්ලන්ට කෑම දෙන ඔරුවක සිටියේ වෙමි”යි නොදනී ද බල්ලන්ට කෑම දෙන ඔරුව ද “මා කෙරෙහි බලු වමනය සිටියේය”යි නොදනී ද ඒ ආකාරයට කුසෙහි නොදිරූ ආහාර පාන ද “මම මේ ඉතා දුගඳ පිළිකුල් සහගත උදරයේ සිටියේ වෙමි”යි නොදනී. උදරය ද “මා කෙරෙහි නොදිරූ ආහාරපාන සිටියේය”යි නොදනී. මෙනෙහි කිරීම් ප්‍රත්‍යවේක්ෂා කිරීම් විරහිත මේ ධර්‍මයෝ වනාහී -පෙ- පුද්ගලයෙක් නොවේ. පරිච්ඡේද වශයෙන් නොදිරූ ආහාර උදර භාගයෙන් පරිච්ඡින්නය. මේ මෙහි සභාග පරිච්ඡේදයයි. විසභාග පරිච්ඡේදය වනාහි කෙස් හා සමානමය. මෙසේ උදරයෙහි නොදිරූ ආහාර පාන වර්‍ණාදි වශයෙන් තීරණය කෙරේ.

තතො පරං අන‍්තොසරීරෙ කරීසං වණ‍්ණතො යෙභුය්‍යෙන අජ‍්ඣොහටාහාරවණ‍්ණන‍්ති වවත්‍ථපෙති. සණ‍්ඨානතො ඔකාසසණ‍්ඨානං, දිසතො හෙට‍්ඨිමාය දිසාය ජාතං, ඔකාසතො පක‍්කාසයෙ ඨිතන‍්ති. පක‍්කාසයො නාම හෙට‍්ඨා නාභිපිට‍්ඨිකණ‍්ටකමූලානං අන‍්තරෙ අන‍්තාවසානෙ උබ‍්බෙධෙන අට‍්ඨඞ‍්ගුලමත‍්තො වංසනළකබ‍්භන‍්තරසදිසො පදෙසො, යත්‍ථ සෙය්‍යථාපි නාම උපරිභූමිභාගෙ පතිතං වස‍්සොදකං ඔගළිත්‍වා හෙට‍්ඨාභූමිභාගං පූරෙත්‍වා තිට‍්ඨති, එවමෙව යංකිඤ‍්චි ආමාසයෙ පතිතං පානභොජනාදිකං උදරග‍්ගිනා ඵෙණුද‍්දෙහකං පක‍්කං පක‍්කං සණ‍්හකරණියා පිට‍්ඨමිව සණ‍්හභාවං ආපජ‍්ජිත්‍වා අන‍්තබිලෙන ඔගළිත්‍වා ඔමද‍්දිත්‍වා වංසනළකෙ පක‍්ඛිත‍්තපණ‍්ඩුමත‍්තිකා විය සන‍්නිචිතං හුත්‍වා තිට‍්ඨති.

ඉන් අනතුරුව ඇතුළත ශරීරයෙහි “කරීසං” අශුචි වර්‍ණ වශයෙන් බොහෝ සෙයින් වැළඳූ ආහාරයන්ගේ පාට යයි තීරණය කෙරේ. සටහන් වශයෙන් අවකාශ ස්ථානය බඳුය. දිශා වශයෙන් යට දිශාවෙහි හට ගත්තේය. අවකාශ වශයෙන් පක්වාශයෙහි පිහිටියේය. පක්වාශය නම් යට නාභියට හා පිටකටු මුලට අතර බඩවැල කෙළවර උසින් අටඟුලක් පමණ වූ උණ නළයක් ඇතුළත හා සමාන ප්‍රදේශයයි. එහි යම්සේ උඩ භූමිභාගයක වැටුණු වැසි ජලය ගිලිහී යට භූමි භාගය පුරා සිටීද ඒ ආකාරයට ආමාශයෙහි වැටුණු පාන භෝජන ආදිය බඩගින්නෙන් පෙණ නගමින් පැසි පැසී ඇඹරුම් ගලකින් පිටි අඹරන්නාක් මෙන් සියුම් බවට පැමිණ අතුනු සිදුරෙන් ගිලිහී අඹරා උණ නළයක දමන ලද පඬුවන් මැටි සේ රැස්ව සිටී.

තත්‍ථ යථා වංසනළකෙ ඔමද‍්දිත්‍වා පක‍්ඛිත‍්තපණ‍්ඩුමත‍්තිකා න ජානාති “අහං වංසනළකෙ ඨිතා”ති, නපි වංසනළකො ජානාති “මයි පණ‍්ඩුමත‍්තිකා ඨිතා”ති; එවමෙව න කරීසං ජානාති “අහං පක‍්කාසයෙ ඨිත”න‍්ති, නපි පක‍්කාසයො ජානාති “මයි කරීසං ඨිත”න‍්ති. ආභොගපච‍්චවෙක‍්ඛණවිරහිතා හි එතෙ ධම‍්මා…පෙ… න පුග‍්ගලොති. පරිච‍්ඡෙදතො කරීසං කරීසභාගෙන පරිච‍්ඡින‍්නන‍්ති වවත්‍ථපෙති. අයමෙතස‍්ස සභාගපරිච‍්ඡෙදො, විසභාගපරිච‍්ඡෙදො පන කෙසසදිසො එවාති එවං කරීසං වණ‍්ණාදිතො වවත්‍ථපෙති.

එහි යම් සේ උණ නළයක මිරිකා දමන ලද පඬුවන් මැටි “මම උණ නළයක සිටියේ වෙමි”යි නොදනී ද උණ නළය “මා කෙරෙහි පඬුවන් මැටි සිටියේය”යි නොදනීද ඒ ආකාරයට අශුචි “මම පක්වාශයෙහි පිහිටියේ වෙමි” යි නොදනී. පක්වාශය ද “මා කෙරෙහි අශුචි සිටියේය”යි නොදනී. මෙනෙහි කිරීම් ප්‍රත්‍යවේක්ෂා කිරීම් විරහිත මේ ධර්‍මයෝ වනාහී -පෙ- පුද්ගලයෙක් නොවේ. පරිච්ඡේද වශයෙන් අශුචි අශුචිභාගයෙන් පරිච්ඡින්න යයි තීරණය කෙරේ. මේ මෙහි සභාග පරිච්ඡේදයයි. විසභාග පරිච්ඡේදය වනාහි කෙස් හා සමානමය. මෙසේ අශූචි වර්‍ණාදි වශයෙන් තීරණය කෙරේ.

තතො පරං සරීරෙ සීසකටාහබ‍්භන‍්තරෙ මත්‍ථලුඞ‍්ගං වණ‍්ණතො සෙතං අහිඡත‍්තකපිණ‍්ඩිවණ‍්ණන‍්ති වවත්‍ථපෙති. පක‍්කුථිතදුද‍්ධවණ‍්ණන‍්තිපි එකෙ. සණ‍්ඨානතො ඔකාසසණ‍්ඨානං. දිසතො උපරිමාය දිසාය ජාතං. ඔකාසතො සීසකටාහස‍්ස අබ‍්භන‍්තරෙ චත‍්තාරො සිබ‍්බිනිමග‍්ගෙ නිස‍්සාය සමොධාය ඨපිතා චත‍්තාරො පිට‍්ඨපිණ‍්ඩිකා විය සමොහිතං චතුමත්‍ථලුඞ‍්ගපිණ‍්ඩප‍්පභෙදං හුත්‍වා ඨිතන‍්ති.

ඉන් අනතුරුව ශරීරයෙහි හිස් කබල අතර පිහිටි “මත්‍ථලුඞ්ගං” හිස් මොළය වර්‍ණ වශයෙන් සුදුය. නයිහතු පිඩක පාට යයි තීරණය කෙරේ. සමහරු නරක්වුණු දීකිරි පාට යයි කියති. සටහන් වශයෙන් අවකාශ ස්ථානයට බඳුය. දිශා වශයෙන් උඩ දිශාවෙහි හට ගත්තේය. අවකාශ වශයෙන් හිස් කබළ තුළ මැහුම් සතර මග ඇසුරු කොට එක්කොට තැබූ පිටි පිඩු හතරක් මෙන් එක්ව හිස් මොළ පිඩු හතරක්ව සිටියේය.

තත්‍ථ යථා පුරාණලාබුකටාහෙ පක‍්ඛිත‍්තපිට‍්ඨපිණ‍්ඩි පක‍්කුථිතදුද‍්ධං වා න ජානාති “අහං පුරාණලාබුකටාහෙ ඨිත”න‍්ති, නපි පුරාණලාබුකටාහං ජානාති “මයි පිට‍්ඨපිණ‍්ඩි පක‍්කුථිතදුද‍්ධං වා ඨිත”න‍්ති; එවමෙව න මත්‍ථලුඞ‍්ගං ජානාති “අහං සීසකටාහබ‍්භන‍්තරෙ ඨිත”න‍්ති, නපි සීසකටාහබ‍්භන‍්තරං ජානාති “මයි මත්‍ථලුඞ‍්ගං ඨිත”න‍්ති. ආභොගපච‍්චවෙක‍්ඛණවිරහිතා හි එතෙ ධම‍්මා…පෙ… න පුග‍්ගලොති. පරිච‍්ඡෙදතො මත්‍ථලුඞ‍්ගං මත්‍ථලුඞ‍්ගභාගෙන පරිච‍්ඡින‍්නන‍්ති වවත්‍ථපෙති. අයමෙතස‍්ස සභාගපරිච‍්ඡෙදො, විසභාගපරිච‍්ඡෙදො පන කෙසසදිසො එවාති එවං මත්‍ථලුඞ‍්ගං වණ‍්ණාදිතො වවත්‍ථපෙති.

එහි යම්සේ පැරණි ලබු කබලක දමන ලද පිටිපිඩු හෝ නරක් වූ දීකිරි හෝ “මම පැරණි ලබු කබලක සිටියේ වෙමි”යි නොදනී ද පැරණි ලබු කබල ද මා කෙරෙහි පිටි පිඩු හෝ නරක් වූ දී කිරි හෝ සිටියේය’යි නොදනී ද ඒ ආකාරයට හිස් මොළය “මම හිස් කබල තුළ සිටියේය”යි නොදනී. හිස් කබල ඇතුළත මා කෙරෙහි හිස් මොළය සිටියේය”යි නොදනී. මෙනෙහි කිරීම් ප්‍රත්‍යවේක්‍ෂා කිරීම් විරහිත මේ ධර්‍මයෝ වනාහී -පෙ- පුද්ගලයෙක් නොවේ. පරිච්ඡේද වශයෙන් හිස් මොළය හිස් මොළ භාගයෙන් පරිච්ඡින්න යයි තීරණය කෙරේ. මේ මෙහි සභාග පරිච්ඡේදයයි. විසභාග පරිච්ඡේදය වනාහි කෙස් සමානමය. මෙසේ හිස් මොළය වර්‍ණා වශයෙන් තීරණය කෙරේ.

තතො පරං සරීරෙ බද‍්ධාබද‍්ධභෙදතො දුවිධම‍්පි පිත‍්තං වණ‍්ණතො බහලමධුකතෙලවණ‍්ණන‍්ති වවත්‍ථපෙති. අබද‍්ධපිත‍්තං මිලාතබකුලපුප‍්ඵවණ‍්ණන‍්තිපි එකෙ. සණ‍්ඨානතො ඔකාසසණ‍්ඨානං. දිසතො ද‍්වීසු දිසාසු ජාතං. ඔකාසතො අබද‍්ධපිත‍්තං කෙසලොමනඛදන‍්තානං මංසවිනිමුත‍්තට‍්ඨානං ථද‍්ධසුක‍්ඛචම‍්මඤ‍්ච වජ‍්ජෙත්‍වා උදකමිව තෙලබින්‍දු අවසෙසසරීරං බ්‍යාපෙත්‍වා ඨිතං, යම‍්හි කුපිතෙ අක‍්ඛීනි පීතකානි හොන‍්ති භමන‍්ති, ගත‍්තං කම‍්පති කණ‍්ඩූයති. බද‍්ධපිත‍්තං හදයපප‍්ඵාසානමන‍්තරෙ යකනමංසං නිස‍්සාය පතිට‍්ඨිතෙ මහාකොසාතකිකොසකසදිසෙ පිත‍්තකොසකෙ ඨිතං, යම‍්හි කුපිතෙ සත‍්තා උම‍්මත‍්තකා හොන‍්ති, විපල‍්ලත්‍ථචිත‍්තා හිරොත‍්තප‍්පං ඡඩ‍්ඩෙත්‍වා අකත‍්තබ‍්බං කරොන‍්ති, අභාසිතබ‍්බං භාසන‍්ති, අචින‍්තිතබ‍්බං චින‍්තෙන‍්ති.

ඉන් අනතුරුව ශරීරයෙහි බද්ධ, අබද්ධ වශයෙන් දෙවැදෑරුම් වූ ද “පිත්තං” පිත වර්‍ණ වශයෙන් ඝන මී තෙල් පාට යයි තීරණය කෙරේ. සමහරු අබද්ධ පිත මැළවුණු රණවරා පාට යයි කියති. සටහන් වශයෙන් ස්වකීය අවකාශයට අනුකූල සටහන් ඇත්තේය. දිශා වශයෙන් (උඩ යට) දෙදිශාවෙහි හට ගත්තේය. අවකාශ වශයෙන් අබද්ධ පිත කෙස්, ලොම්, නිය, දත්, යන මේවායේ මසින් තොර තැන් ද තද වියලි සම ද හැර දියෙහි තෙල් බිංදුවක් මෙන් සෙසු සියලු ශරීරයෙහි පැතිරී සිටියේය. එය කිපුණු කල්හි ඇස් කහපාට වේ. කරකැවිල්ල සෑදේ. ශරීරය කම්පා වේ. කැසීම ඇති වේ. බද්ධ පිත හදවත හා පපුව අතර අක්මාව නිසා පිහිටි මහ වැටකොළු කොස්සක් බඳු පිත් කෝෂයෙහි පිහිටියේය. එය කිසි කල්හි සත්ත්වයෝ උමතු වෙති. සිහි විකල් වෙති. විලිබිය හැරපියා නොකළ යුතු දේ කරති. නොකිව යුතු දේ කියති. නොසිතිය යුතු දේ සිතති.

තත්‍ථ යථා උදකං බ්‍යාපෙත්‍වා ඨිතං තෙලං න ජානාති “අහං උදකං බ්‍යාපෙත්‍වා ඨිත”න‍්ති, නපි උදකං ජානාති “තෙලං මං බ්‍යාපෙත්‍වා ඨිත”න‍්ති; එවමෙව න අබද‍්ධපිත‍්තං ජානාති “අහං සරීරං බ්‍යාපෙත්‍වා ඨිත”න‍්ති, නපි සරීරං ජානාති “අබද‍්ධපිත‍්තං මං බ්‍යාපෙත්‍වා ඨිත”න‍්ති. යථා ච කොසාතකිකොසකෙ ඨිතං වස‍්සොදකං න ජානාති “අහං කොසාතකිකොසකෙ ඨිත”න‍්ති, නපි කොසාතකිකොසකො ජානාති “මයි වස‍්සොදකං ඨිත”න‍්ති; එවමෙව න බද‍්ධපිත‍්තං ජානාති “අහං පිත‍්තකොසකෙ ඨිත”න‍්ති, නපි පිත‍්තකොසකො ජානාති “මයි බද‍්ධපිත‍්තං ඨිත”න‍්ති. ආභොගපච‍්චවෙක‍්ඛණවිරහිතා හි එතෙ ධම‍්මා…පෙ… න පුග‍්ගලොති. පරිච‍්ඡෙදතො පිත‍්තං පිත‍්තභාගෙන පරිච‍්ඡින‍්නන‍්ති වවත්‍ථපෙති. අයමෙතස‍්ස සභාගපරිච‍්ඡෙදො, විසභාගපරිච‍්ඡෙදො පන කෙසසදිසො එවාති එවං පිත‍්තං වණ‍්ණාදිතො වවත්‍ථපෙති.

එහි යම්සේ ජලයේ පැතිරී සිටි තෙල් “මම ජලයේ පැතිරී සිටියේ වෙමි”යි නොදනී ද ජලය ද “තෙල් මා කෙරෙහි පැතිර සිටියේය”යි නොදනී ද ඒ ආකාරයට අබද්ධ පිත “මම ශරීරයෙහි පැතිරී සිටියේ වෙමි”යි නොදනී. ශරීරය ද “අබද්ධ පිත මා කෙරෙහි පැතිරි සිටියේය”යි නොදනී. යම්සේ වැටකොළු කොස්සෙහි පැවති වැසි ජලය “මම වැටකොළු කොස්සෙහි සිටියේ වෙමි”යි නොදනී ද වැටකොළු කොස්ස ද “මා කෙරෙහි වැසි ජලය සිටියේය”යි නොදනී ද ඒ ආකාරයට බද්ධ පිත “මම පිත් කෝෂයෙහි පිහිටියේ වෙමි”යි නොදනී. පිත් කෝෂය ද “මා කෙරෙහි බද්ධ පිත පිහිටියේය”යි නොදනී. මෙනෙහි කිරීම් ප්‍රත්‍යවේක්ෂා කිරීම් විරහිත ධර්‍මයෝ වනාහී -පෙ- පුද්ගලයෙක් නොවේ. පරිච්ඡේද වශයෙන් පිත පිත් භාගයෙන් පරිච්ඡින්න යයි තීරණය කෙරේ. මේ මෙහි සභාග පරිච්ඡේදයයි. විසභාග පරිච්ඡේදය වනාහි කෙස් හා සමානමය. මෙසේ පිත වර්‍ණාදි වශයෙන් තීරණය කෙරේ.

තතො පරං සරීරබ‍්භන‍්තරෙ එකපත‍්තපූරප‍්පමාණං සෙම‍්හං වණ‍්ණතො සෙතං කච‍්ඡකපණ‍්ණරසවණ‍්ණන‍්ති වවත්‍ථපෙති. සණ‍්ඨානතො ඔකාසසණ‍්ඨානං. දිසතො උපරිමාය දිසාය ජාතං. ඔකාසතො උදරපටලෙ ඨිතන‍්ති. යං පානභොජනාදිඅජ‍්ඣොහරණකාලෙ සෙය්‍යථාපි නාම උදකෙ සෙවාලපණකං කට‍්ඨෙ වා කථලෙ වා පතන‍්තෙ ඡිජ‍්ජිත්‍වා ද‍්විධා හුත්‍වා පුන අජ‍්ඣොත්‍ථරිත්‍වා තිට‍්ඨති, එවමෙව පානභොජනාදිම‍්හි නිපතන‍්තෙ ඡිජ‍්ජිත්‍වා ද‍්විධා හුත්‍වා පුන අජ‍්ඣොත්‍ථරිත්‍වා තිට‍්ඨති, යම‍්හි ච මන්‍දීභූතෙ පක‍්කමිව ගණ‍්ඩං පූතිකමිව කුක‍්කුටණ‍්ඩං උදරපටලං පරමජෙගුච‍්ඡකුණපගන්‍ධං හොති. තතො උග‍්ගතෙන ච ගන්‍ධෙන උග‍්ගාරොපි මුඛම‍්පි දුග‍්ගන්‍ධං පූතිකුණපසදිසං හොති, සො ච පුරිසො “අපෙහි දුග‍්ගන්‍ධං වායසී”ති වත‍්තබ‍්බතං ආපජ‍්ජති, යඤ‍්ච අභිවඩ‍්ඪිතං බහලත‍්තමාපන‍්නං පටිකුජ‍්ජනඵලකමිව වච‍්චකුටියා උදරපටලබ‍්භන‍්තරෙ එව කුණපගන්‍ධං සන‍්නිරුම‍්භිත්‍වා තිට‍්ඨති.

ඉන් අනතුරුව ශරීරය ඇතුළත එක් පාත්‍රයක් පුරාලන තරම් “සෙම්හං” සෙම වර්‍ණ වශයෙන් සුදුය. කෑලිය කොළ මිරිකූ දියෙහි පාට යයි තීරණය කෙරේ. සටහන් වශයෙන් තමා සිටින අවකාශ ස්ථානය බඳුය. දිශා වශයෙන් උඩ දිශාවෙහි හටගත්තේය. අවකාශ වශයෙන් උදර පටලයෙහි පිහිටියේය. පාන භෝජනාදිය වළඳනා කල්හි යම්සේ ජලයෙහි දිය සෙවෙල් තට්ටුව දඬු හෝ කැබලිති හෝ වැටෙන කල්හි සිදී දෙබෑවී නැවත එක්වී සිටීද ඒ ආකාරයට පානභෝජන ආදිය වැටෙන කල්හි මේ සෙම ද සිඳී දෙබෑවී නැවත එක්වී සිටියි. මේ සෙම මඳ වූ කල්හි පැසුණු ගඩුවක් මෙන්ම කුණු වූ කිකිළි බිත්තරයක් මෙන් ද උදරය ඉතා පිළිකුල් කුණු ගඳින් යුක්ත වෙයි. එයින් නැගුණු ගඳින් ඔක්කාරය ද වේ. මුඛය ද දුගඳව පිළිකුල් කුණු වූ මළකුණක් බඳු වේ. ඒ පුරුෂයා ද ‘පිටව යව, කුණු ගඳ ගසහි” යයි කිව යුතු බවට පැමිණේ. මේ සෙම වනාහි වැඩී ඝන බවට පත්වූයේ වැසිකිළියේ පියන් පතින් මෙන් උදර පටලයේ ඇතුළතම කුණප ගඳ අනුරාගෙන සිටියි.

තත්‍ථ යථා චන්‍දනිකාය උපරිඵෙණපටලං න ජානාති “අහං චන්‍දනිකාය ඨිත”න‍්ති, නපි චන්‍දනිකා ජානාති “මයි ඵෙණපටලං ඨිත”න‍්ති; එවමෙව න සෙම‍්හං ජානාති “අහං උදරපටලෙ ඨිත”න‍්ති, නපි උදරපටලං ජානාති “මයි සෙම‍්හං ඨිතන‍්ති. ආභොගපච‍්චවෙක‍්ඛණවිරහිතා හි එතෙ ධම‍්මා…පෙ… න පුග‍්ගලොති. පරිච‍්ඡෙදතො සෙම‍්හං සෙම‍්හභාගෙන පරිච‍්ඡින‍්නන‍්ති වවත්‍ථපෙති. අයමෙතස‍්ස සභාගපරිච‍්ඡෙදො, විසභාගපරිච‍්ඡෙදො පන කෙසසදිසො එවාති එවං සෙම‍්හං වණ‍්ණාදිතො වවත්‍ථපෙති.

එහි යම්සේ ගවර වළෙහි උඩ පෙණ පටලය “මම ගවර වළෙහි සිටියේ වෙමි”යි නොදනී ද ගවර වළ ද “මා කෙරෙහි පෙණ පටල සිටියේය”යි නොදනී ද ඒ ආකාරයට සෙම “මම උදර පටලෙහි සිටියේ වෙමි”යි නොදනී. උදර පටලය ද “මා කෙරෙහි සෙම පිහිටියේය”යි නොදනී. මෙනෙහි කිරීම් ප්‍රත්‍යවේක්ෂා කිරීම් විරහිත මේ ධර්‍මයෝ වනාහී -පෙ- පුද්ගලයෙක් නොවේ. පරිච්ඡේද වශයෙන් සෙම සෙම් භාගයෙන් පරිච්ජින්න යයි තීරණය කෙරේ. මේ මෙහි සභාග පරිච්ඡේදයයි. විසභාග පරිච්ඡේදය වනාහි කෙස් සමානමය. මෙසේ සෙම වර්‍ණාදි වශයෙන් තීරණය කෙරේ.

තතො පරං සරීරෙ පුබ‍්බො වණ‍්ණතො පණ‍්ඩුපලාසවණ‍්ණොති වවත්‍ථපෙති. සණ‍්ඨානතො ඔකාසසණ‍්ඨානො. දිසතො ද‍්වීසු දිසාසු ජාතො. ඔකාසතො පුබ‍්බස‍්ස ඔකාසො නාම නිබද‍්ධො නත්‍ථි. යත්‍ථ පුබ‍්බො සන‍්නිචිතො තිට‍්ඨෙය්‍ය, යත්‍ර යත්‍ර ඛාණුකණ‍්ටකප‍්පහරණග‍්ගිජාලාදීහි අභිහතෙ සරීරප‍්පදෙසෙ ලොහිතං සණ‍්ඨහිත්‍වා පච‍්චති, ගණ‍්ඩපිළකාදයො වා උප‍්පජ‍්ජන‍්ති, තත්‍ර තත්‍ර තිට‍්ඨති.

ඉන් අනතුරුව ශරීරයෙහි “පුබ්බං” සැරව වර්‍ණ වශයෙන් ඉදුණු කොළයක පාට යයි තීරණය කෙරේ. සටහන් වශයෙන් අවකාශයට අනුකූල සටහන් ඇත්තේය. දිශා වශයෙන් (උඩ යට) දෙදිශාවෙහි හටගත්තේය. අවකාශ වශයෙන් සැරව සඳහා නිබඳ අවකාශ යයි කිවයුතු තැනක් නැත. යම්තැනක සැරව රැස්වී සිටියේ ද, යම් යම් තන්හි කණු, කටු, අවි, ගිනි දැල් ආදියෙන් පහර ලැබූ ශරීර ප්‍රදේශයෙහි ලේ නැග පැසේ ද ගඩු පිළිකා ආදිය හෝ උපදී ද ඒ ඒ තැන සිටී.

තත්‍ථ යථා රුක‍්ඛස‍්ස තත්‍ථ තත්‍ථ ඵරසුධාරාදීහි පහතප‍්පදෙසෙ අවගළිත්‍වා ඨිතො නිය්‍යාසො න ජානාති “අහං රුක‍්ඛස‍්ස පහතප‍්පදෙසෙ ඨිතො”ති, නපි රුක‍්ඛස‍්ස පහතප‍්පදෙසො ජානාති “මයි නිය්‍යාසො ඨිතො”ති; එවමෙව න පුබ‍්බො ජානාති “අහං සරීරස‍්ස තත්‍ථ තත්‍ථ ඛාණුකණ‍්ටකාදීහි අභිහතප‍්පදෙසෙ ගණ‍්ඩපිළකාදීනං උට‍්ඨිතප‍්පදෙසෙ වා ඨිතො”ති, නපි සරීරප‍්පදෙසො ජානාති “මයි පුබ‍්බො ඨිතො”ති. ආභොගපච‍්චවෙක‍්ඛණවිරහිතා හි එතෙ ධම‍්මා…පෙ… න පුග‍්ගලොති. පරිච‍්ඡෙදතො පුබ‍්බො පුබ‍්බභාගෙන පරිච‍්ඡින‍්නොති වවත්‍ථපෙති. අයමෙතස‍්ස සභාගපරිච‍්ඡෙදො, විසභාගපරිච‍්ඡෙදො පන කෙසසදිසො එවාති එවං පුබ‍්බං වණ‍්ණාදිතො වවත්‍ථපෙති.

එහි යම්සේ ගසෙහි ඒ ඒ තැන පොරෝ තල ආදියෙන් පහර ලැබූ පෙදෙසෙහි වැගිරී සිටි මැලියම් “මම ගසෙහි පහර ලැබූ පෙදෙසෙහි සිටියේ වෙමි”යි නොදනී ද ගසෙහි පහර ලැබූ ප්‍රදේශය “මා කෙරෙහි මැලියම් සිටියේය”යි නොදනී ද ඒ ආකාරයට සැරව “මම ශරීරයෙහි ඒ ඒ කණු කටු ආදියෙන් පහර ලැබූ ප්‍රදේශයෙහි හෝ ගඩු පිළිකා ආදිය නැගී සිටි ප්‍රදේශයෙහි හෝ සිටියේය”යි නොදනී. ශරීර ප්‍රදේශය ද “මා කෙරෙහි සැරව පිහිටියේය”යි නොදනී. මෙනෙහි කිරීම් ප්‍රත්‍යවේක්ෂා කිරීම් විරහිත මේ ධර්‍මයෝ වනාහී -පෙ- පුද්ගලයෙක් නොවේ. පරිච්ඡේද වශයෙන් සැරව සැරව භාගයෙන් පරිච්ඡින්න යයි තීරණය කෙරේ. මේ මෙහි සභාග පරිච්ඡේදයයි. විසභාග පරිච්ඡේදය වනාහි කෙස් සමානමය. මෙසේ සැරව වර්‍ණාදි වශයෙන් තීරණය කෙරේ.

තතො පරං සරීරෙ සන‍්නිචිතලොහිතං සංසරණලොහිතන‍්ති එවං දුවිධෙ ලොහිතෙ සන‍්නිචිතලොහිතං තාව වණ‍්ණතො බහලකුථිතලාඛාරසවණ‍්ණන‍්ති වවත්‍ථපෙති, සංසරණලොහිතං අච‍්ඡලාඛාරසවණ‍්ණන‍්ති. සණ‍්ඨානතො සබ‍්බම‍්පි අත‍්තනො ඔකාසසණ‍්ඨානං. දිසතො සන‍්නිචිතලොහිතං උපරිමාය දිසාය ජාතං, සංසරණලොහිතං ද‍්වීසුපීති. ඔකාසතො සංසරණලොහිතං කෙසලොමනඛදන‍්තානං මංසවිනිමුත‍්තට‍්ඨානඤ‍්චෙව ථද‍්ධසුක‍්ඛචම‍්මඤ‍්ච වජ‍්ජෙත්‍වා ධමනිජාලානුසාරෙන සබ‍්බං උපාදින‍්නකසරීරං ඵරිත්‍වා ඨිතං. සන‍්නිචිතලොහිතං යකනස‍්ස හෙට‍්ඨාභාගං පූරෙත්‍වා එකපත‍්තපූරණමත‍්තං වක‍්කහදයපප‍්ඵාසානං උපරි ථොකං ථොකං බින්‍දුං පාතෙන‍්තං වක‍්කහදයයකනපප‍්ඵාසෙ තෙමෙන‍්තං ඨිතං, යම‍්හි වක‍්කහදයාදීනි අතෙමෙන‍්තෙ සත‍්තා පිපාසිතා හොන‍්ති.

ඉන් අනතුරුව ශරීරයෙහි සන්නිචිත (එක්රැස් වූ) ලේ සහ සංසරණ (විසිරී පැවති) ලේ වශයෙන් දෙවැදෑරුම් වූ “ලොහිතෙ” ලෙයින් සන්නිචිත ලෙය වර්‍ණ වශයෙන් කැකෑරූ ඝන ලාකඩ දියර පාට යයි තීරණය කෙරේ. සංසරණ ලේ, පැහැදිලි ලාකඩ දිය පාටය. සටහන් වශයෙන් තමාගේ අවකාශයට අනුකූල සටහන් ඇත්තේය. දිශා වශයෙන් සන්නිචිත ලේ උඩ දිශාවෙහි හටගත්තේය. සංසරණ ලේ උඩ යට දෙදිශාවෙහිම වේ. අවකාශ වශයෙන් සංසරණ ලේ කෙස්, ලොම්, නිය, දත්හි මස් නොමැති තැන් ද තද වියලුණ සම ද හැර ධමනි ජාලාවේ අනුසාරයෙන් සියලු උපාදින්න ශරිරයෙහි පැතිරී සිටියේය. සන්නිචිත ලේ අක්මාවෙන් යට කොටස පුරා පාත්‍රයක් පිරෙන තරම්ව වකුගඩුව, හදවත, පපුමස යන මේවායේ මතුයෙහි ටික ටික බින්දු වැසෙමින් වකුගඩු හෘදය පපුව තෙමමින් සිටියේය. වකුගඩු හෘදය ආදිය නොතෙමෙන කල්හි සත්ත්වයෝ පිපාසිත වෙති.

තත්‍ථ යථා ජජ‍්ජරකපාලෙ ඨිතං උදකං හෙට‍්ඨා ලෙඩ‍්ඩුඛණ‍්ඩාදීනි තෙමෙන‍්තං න ජානාති “අහං ජජ‍්ජරකපාලෙ ඨිතං හෙට‍්ඨා ලෙඩ‍්ඩුඛණ‍්ඩාදීනි තෙමෙමී”ති, නපි ජජ‍්ජරකපාලං හෙට‍්ඨා ලෙඩ‍්ඩුඛණ‍්ඩාදීනි වා ජානන‍්ති “මයි උදකං ඨිතං, අම‍්හෙ වා තෙමෙන‍්තං ඨිත”න‍්ති; එවමෙව න ලොහිතං ජානාති “අහං යකනස‍්ස හෙට‍්ඨාභාගෙ වක‍්කහදයාදීනි තෙමෙන‍්තං ඨිත”න‍්ති, නපි යකනස‍්ස හෙට‍්ඨාභාගට‍්ඨානං වක‍්කහදයාදීනි වා ජානන‍්ති “මයි ලොහිතං ඨිතං, අම‍්හෙ වා තෙමෙන‍්තං ඨිත”න‍්ති. ආභොගපච‍්චවෙක‍්ඛණවිරහිතා හි එතෙ ධම‍්මා…පෙ… න පුග‍්ගලොති. පරිච‍්ඡෙදතො ලොහිතං ලොහිතභාගෙන පරිච‍්ඡින‍්නන‍්ති වවත්‍ථපෙති. අයමෙතස‍්ස සභාගපරිච‍්ඡෙදො, විසභාගපරිච‍්ඡෙදො පන කෙසසදිසො එවාති එවං ලොහිතං වණ‍්ණාදිතො වවත්‍ථපෙති.

එහි යම්සේ දිරාගිය ලබු කබලක වූ ජලය යට ගල් කැට කැබලි ආදිය තෙමෙන්නේ “මම දිරාගිය ලබු කබලක සිටියේ ගල්කැට කැබලි ආදිය තෙමමි”යි නොදනී ද දිරාගිය ලබු කබල හෝ යට ඇති ගල් කැට කැබලි ආදිය හෝ “මා කෙරෙහි ජලය පැවතියේය කියා හෝ අපව තෙමමින් සිටියේය”යි කියා හෝ නොදනී ද ඒ ආකාරයට ලෙය “මම අක්මාවට යට භාගයෙහි වකුගඩු හෘදය ආදිය තෙමමින් සිටියේ වෙමි”යි නොදනී. අක්මාවට යට භාගස්ථානය හෝ වකුගඩු හෘදය ආදිය හෝ “මා කෙරෙහි ලෙය පවතී කියා හෝ අපව තෙමමින් සිටියේය”යි කියා හෝ නොදනී. මෙනෙහි කිරීම් ප්‍රත්‍යවේක්ෂා කිරීම් විරහිත මේ ධර්‍මයෝ වනාහී -පෙ- පුද්ගලයෙක් නොවේ. පරිච්ඡේද වශයෙන් මෙය ලේ භාගයෙන් පරිච්ඡින්න යයි තීරණය කෙරේ. මේ මෙහි සභාග පරිච්ඡේදයයි. විසභාග පරිච්ඡේදය වනාහි කෙස් සමානමය. මෙසේ ලෙය වර්‍ණාදි වශයෙන් තීරණය කෙරේ.

තතො පරං සරීරෙ සෙදො වණ‍්ණතො පසන‍්නතිලතෙලවණ‍්ණොති වවත්‍ථපෙති. සණ‍්ඨානතො ඔකාසසණ‍්ඨානො. දිසතො ද‍්වීසු දිසාසු ජාතො. ඔකාසතො සෙදස‍්ස ඔකාසො නාම නිබද‍්ධො නත්‍ථි, යත්‍ථ සෙදො ලොහිතං විය සදා තිට‍්ඨෙය්‍ය. යස‍්මා වා යදා අග‍්ගිසන‍්තාපසූරියසන‍්තාපඋතුවිකාරාදීහි සරීරං සන‍්තපති, අථ උදකතො අබ‍්බූළ‍්හමත‍්තවිසමච‍්ඡින‍්නභිසමුළාලකුමුදනාලකලාපඋදකමිව සබ‍්බකෙසලොමකූපවිවරෙහි පග‍්ඝරති. තස‍්මා තෙසං කෙසලොමකූපවිවරානං වසෙන තං සණ‍්ඨානතො වවත්‍ථපෙති. “සෙදපරිග‍්ගණ‍්හකෙන ච යොගාවචරෙන කෙසලොමකූපවිවරෙ පූරෙත්‍වා ඨිතවසෙනෙව සෙදො මනසිකාතබ‍්බො”ති වුත‍්තං පුබ‍්බාචරියෙහි.

ඉන් අනතුරුව ශරීරයෙහි “සෙදං” ඩහදිය වර්‍ණ වශයෙන් ප්‍රසන්න තල තෙල් පාට යයි තීරණය කෙරේ. සටහන් වශයෙන් අවකාශයට අනුකූල සටහන් ඇත්තේය. දිශා වශයෙන් (උඩ යට) දෙදිශාවෙහි හටගත්තේය. අවකාශ වශයෙන් ඩහදියට නිබඳවම පිහිටි අවකාශයක් නම් නැත. ලේ මෙන් ඩහදිය ද හැම කල්හි හැමතැනම පවතින්නේය. ගිනි රශ්මියෙන් හෝ සූර්‍ය්‍ය රශ්මියෙන් හෝ සෘතු විපර්‍ය්‍යාසාදියෙන් හෝ ශරීරය තැවුණු කල්හි දියෙන් නගා ගත් ඇසිල්ලෙහි නොසම කොට කැඩූ නෙළුම් දඬු කුමුදු නාල කලඹකින් ජලය වැගිරෙන්නාක් මෙන් සියලු කෙස් ලොම් කූප විවරයන්ගෙන් වැගිරෙන්නේය. එබැවින් ඒ කෙස් ලෝම කූප විවරයන්ගේ වශයෙන් ඩහදියෙහි සටහන් තීරණය කෙරේ. ඩහදිය අරමුණු කොට භාවනා කරන යෝගාවචරයා විසින් කෙස් ලොම් කූප විවරයන් පුරවා සිටි වශයෙන්ම ඩහදිය මෙනෙහි කළ යුතුයයි පූර්‍වාචාර්‍ය්‍යයන් විසින් කියන ලදී.

තත්‍ථ යථා භිසමුළාලකුමුදනාලකලාපවිවරෙහි පග‍්ඝරන‍්තං උදකං න ජානාති “අහං භිසමුළාලකුමුදනාලකලාපවිවරෙහි පග‍්ඝරාමී”ති, නපි භිසමුළාලකුමුදනාලකලාපවිවරා ජානන‍්ති “අම‍්හෙහි උදකං පග‍්ඝරතී”ති; එවමෙව න සෙදො ජානාති “අහං කෙසලොමකූපවිවරෙහි පග‍්ඝරාමී”ති, නපි කෙසලොමකූපවිවරා ජානන‍්ති “අම‍්හෙහි සෙදො පග‍්ඝරතී”ති. ආභොගපච‍්චවෙක‍්ඛණවිරහිතා හි එතෙ ධම‍්මා…පෙ… න පුග‍්ගලොති. පරිච‍්ඡෙදතො සෙදො සෙදභාගෙන පරිච‍්ඡින‍්නොති වවත්‍ථපෙති. අයමෙතස‍්ස සභාගපරිච‍්ඡෙදො, විසභාගපරිච‍්ඡෙදො පන කෙසසදිසො එවාති එවං සෙදං වණ‍්ණාදිතො වවත්‍ථපෙති.

එහිදී යම්සේ නෙළුම් දඬු කුමුදු දඬු කලාප විවරයන්ගෙන් වැගිරෙන ජලය “මම නෙළුම් දඬු කුමුදු දඩු කලාප විවරයන්ගෙන් වැගිරෙමි”යි නොදනී ද නෙළුම් දඬු කුමුදු දඬු කලාප විවරයෝ ද “අපගෙන් ජලය වැගිරේ යයි නොදනිත් ද ඒ ආකාරයට ඩහදිය “මම කෙස් ලොම් විවරයන්ගෙන් වැගිරෙමි”යි නොදනී. කෙස් ලොම් විවරයෝ අපගෙන් ඩහදිය වැගිරේය”යි නොදනී. මෙනෙහි කිරීම් ප්‍රත්‍යවේක්ෂා කිරීම් විරහිත මේ ධර්‍මයෝ වනාහී -පෙ- පුද්ගලයෙක් නොවේ. පරිච්ඡේද වශයෙන් ඩහදිය ඩහදිය භාගයෙන් පරිච්ඡින්න යයි තීරණය කෙරේ. මේ මෙහි සභාග පරිච්ඡේදයයි. විසභාග පරිච්ඡේදය වනාහි කෙස් සමානමය. මෙසේ ඩහදිය වර්‍ණාදි වශයෙන් තීරණය කෙරේ.

තතො පරං සරීරෙ චම‍්මමංසන‍්තරෙ මෙදො වණ‍්ණතො ඵාලිතහලිද‍්දිවණ‍්ණොති වවත්‍ථපෙති. සණ‍්ඨානතො ඔකාසසණ‍්ඨානො. තථා හි සුඛිනො ථූලසරීරස‍්ස චම‍්මමංසන‍්තරෙ ඵරිත්‍වා ඨිතො හලිද‍්දිරත‍්තදුකූලපිලොතිකසණ‍්ඨානො, කිසසරීරස‍්ස ජඞ‍්ඝමංසඌරුමංසපිට‍්ඨිකණ‍්ටකනිස‍්සිතපිට‍්ඨිමංසඋදරපටලමංසානි නිස‍්සාය සංවෙල‍්ලිත්‍වා ඨපිතහලිද‍්දිරත‍්තදුකූලපිලොතිකඛණ‍්ඩසණ‍්ඨානො. දිසතො ද‍්වීසු දිසාසු ජාතො. ඔකාසතො ථූලසරීරස‍්ස සකලසරීරං ඵරිත්‍වා කිසස‍්ස ජඞ‍්ඝාමංසාදීනි නිස‍්සාය ඨිතො, යො සිනෙහසඞ‍්ඛාතොපි හුත්‍වා පරමජෙගුච‍්ඡත‍්තා න මත්‍ථකතෙලත්‍ථං න ගණ‍්ඩූසතෙලත්‍ථං න දීපජාලනත්‍ථං සඞ‍්ගය‍්හති.

ඉන් අනතුරුව ශරීරයෙහි සම් හා මස් අතර ඇති “මෙදං” මේදය වර්‍ණ වශයෙන් පළන ලද කහ ගැටයක පාට යයි තීරණය කෙරේ. සටහන් වශයෙන් අවකාශයට අනුකූල සටහන් ඇත්තේය. ඒ එසේය. සැපවත් මහත් ශරීර ඇත්තන්ගේ සම් මස් අතර පැතිරී සිටියේ කහපාටින් වර්ණ ගැන්වූ දුහුල් රෙදි කඩක සටහන් ඇත්තේය. කෘශ ශරීර ඇත්තාගේ කෙණ්ඩා මස්, කලවා මස්, හා පිටකටුව ඇසුරු කළ, පිටු මස හා උදරයේ මස නිසා ඔතා තබන ලද කහපාටින් වර්‍ණ ගැන්වූ දුහුල් රෙදි කඩක සටහන් ඇත්තේය. දිශා වශයෙන් (උඩ යට) දෙදිශාවෙහි හටගත්තේය. අවකාශ වශයෙන් මහත් ශරීර ඇත්තාගේ සියලු ශරීරයේ පැතිරී ද කෘශ ශරීර ඇත්තාගේ කෙණ්ඩා මස් ආදිය ඇසුරු කොට ද සිටියේය. මේ මේදය තෙලක් ලෙස සැලකුණත් ඉතාමත් පිළිකුල් සහගත බැවින් හිස ගානා තෙල් ලෙස හෝ කට පිනවීමට ගන්නා තෙල් වශයෙන් හෝ පහන් දැල්වීමට හෝ ගනු නොලැබේ.

තත්‍ථ යථා මංසපුඤ‍්ජං නිස‍්සාය ඨිතා හලිද‍්දිරත‍්තදුකූලපිලොතිකා න ජානාති “අහං මංසපුඤ‍්ජං නිස‍්සාය ඨිතා”ති, නපි මංසපුඤ‍්ජො ජානාති “හලිද‍්දිරත‍්තදුකූලපිලොතිකා මං නිස‍්සාය ඨිතා”ති; එවමෙව න මෙදො ජානාති “අහං සකලසරීරං ජඞ‍්ඝාදීසු වා මංසං නිස‍්සාය ඨිතො”ති, නපි සකලසරීරං ජානාති ජඞ‍්ඝාදීසු වා මංසං “මෙදො මං නිස‍්සාය ඨිතො”ති. ආභොගපච‍්චවෙක‍්ඛණවිරහිතා හි එතෙ ධම‍්මා…පෙ… න පුග‍්ගලොති. පරිච‍්ඡෙදතො මෙදො හෙට‍්ඨා මංසෙන, උපරි චම‍්මෙන, සමන‍්තතො මෙදභාගෙන පරිච‍්ඡින‍්නොති වවත්‍ථපෙති. අයමෙතස‍්ස සභාගපරිච‍්ඡෙදො, විසභාගපරිච‍්ඡෙදො පන කෙසසදිසො එවාති එවං මෙදං වණ‍්ණාදිතො වවත්‍ථපෙති.

එහිදී යම්සේ මස් පිඩු ඇසුරු කොට සිටි කහ පාටින් වර්‍ණ ගැන් වූ දුහුල් රෙදිකඩ “මම මස් පිඩු ඇසුරු කොට සිටියේ වෙමි”යි නොදනී ද මස් පිඩ ද “කහ පාටින් වර්‍ණ ගැන්වූ දුහුල් රෙදි කඩ මා නිසා සිටියේය”යි නොදනී ද ඒ අයුරින් මේදය සියලු ශරීරයේ හෝ කෙණ්ඩාදියෙහි මස් හෝ ඇසුරු කොට සිටියේ වෙමි”යි නොදනී. සියලු ශරිරය හෝ කෙණ්ඩාදියෙහි මස් හෝ “මේදය මා ඇසුරු කොට සිටියේ යයි නොදනී. මෙනෙහි කිරීම් ප්‍රත්‍යවේක්ෂා කිරීම් විරහිත මේ ධර්‍මයෝ වනාහී -පෙ- පුද්ගලයෙක් නොවේ. පරිච්ඡේද වශයෙන් යට මසින් ද උඩ සමෙන් ද හාත්පසින් මේද භාගයෙන් ද පරිච්ඡින්නය. මේ මෙහි සභාග පරිච්ඡේදයයි. විසභාග පරිච්ඡේදය වනාහි කෙස් සමානමය. මෙසේ මේදය වර්‍ණාදි වශයෙන් තීරණය කෙරේ.

තතො පරං සරීරෙ අස‍්සු වණ‍්ණතො පසන‍්නතිලතෙලවණ‍්ණන‍්ති වවත්‍ථපෙති. සණ‍්ඨානතො ඔකාසසණ‍්ඨානං. දිසතො උපරිමාය දිසාය ජාතං. ඔකාසතො අක‍්ඛිකූපකෙසු ඨිතන‍්ති. න චෙතං පිත‍්තකොසකෙ පිත‍්තමිව අක‍්ඛිකූපකෙසු සදා සන‍්නිචිතං හුත්‍වා තිට‍්ඨති, කින‍්තු යදා සොමනස‍්සජාතා සත‍්තා මහාහසිතං හසන‍්ති, දොමනස‍්සජාතා රොදන‍්ති පරිදෙවන‍්ති, තථාරූපං විසමාහාරං වා හරන‍්ති, යදා ච තෙසං අක‍්ඛීනි ධූමරජපංසුකාදීහි අභිහඤ‍්ඤන‍්ති, තදා එතෙහි සොමනස‍්සදොමනස‍්සවිසමාහාරාදීහි සමුට‍්ඨහිත්‍වා අස‍්සු අක‍්ඛිකූපකෙසු පූරෙත්‍වා තිට‍්ඨති පග‍්ඝරති ච. “අස‍්සුපරිග‍්ගණ‍්හකෙන ච යොගාවචරෙන අක‍්ඛිකූපකෙ පූරෙත්‍වා ඨිතවසෙනෙව තං මනසිකාතබ‍්බ”න‍්ති පුබ‍්බාචරියා වණ‍්ණයන‍්ති.

ඉන් අනතුරුව ශරිරයෙහි “අස්සු” කඳුළු වර්‍ණ වශයෙන් පහන් තල තෙල් පාට යයි තීරණය කෙරේ. සටහන් වශයෙන් අවකාශයට අනුකූල සටහන් ඇත්තේය. දිශා වශයෙන් උඩ දිශාවෙහි හට ගත්තේය. අවකාශ වශයෙන් ඇස්වළ පිහිටියේය. මේ කඳුළු පිත් කෝෂයෙහි පිත මෙන් ඇස් වළෙහි නිතර රැස් වී නොසිටී. වැළිඳු යම් කලෙක්හි හටගත් සොම්නස් ඇත්තේ මහ හඬින් සිනාසෙත්ද හටගත් දොම්නස ඇත්තේ හඬත්ද වැළපෙත් ද එබඳු වූ විසම ආහාරයක් හෝ වළඳත්ද යම් කලෙක ඔවුන්ගේ ඇස් දුම් දූවිලි පස් ආදියෙන් විඩාවට පත්වේද එකල්හි මේ සොම්නස් දොම්නස් විසමාහාර ආදියෙන් පැන නැගී ඇස්වළ පුරවා කඳුළු සිටී. එසේම වැගිරීම ද වේ. කඳුළු අරමුණු කොට ගෙන භාවනා කරන යෝගාවචරයා විසින් ඇස් වළෙහි පුරවා සිටි වශයෙන්ම එය සිහිකළ යුතු යයි පූර්‍වාචාර්‍ය්‍යවරු වර්‍ණනා කරති.

තත්‍ථ යථා මත්‍ථකච‍්ඡින‍්නතරුණතාලට‍්ඨිකූපකෙසු ඨිතං උදකං න ජානාති “අහං මත්‍ථකච‍්ඡින‍්නතරුණතාලට‍්ඨිකූපකෙසු ඨිත”න‍්ති, නපි මත්‍ථකච‍්ඡින‍්නතරුණතාලට‍්ඨිකූපකා ජානන‍්ති “අම‍්හෙසු උදකං ඨිත”න‍්ති; එවමෙව න අස‍්සු ජානාති “අහං අක‍්ඛිකූපකෙසු ඨිත”න‍්ති, නපි අක‍්ඛිකූපකා ජානන‍්ති “අම‍්හෙසු අස‍්සු ඨිත”න‍්ති. ආභොගපච‍්චවෙක‍්ඛණවිරහිතා හි එතෙ ධම‍්මා…පෙ… න පුග‍්ගලොති. පරිච‍්ඡෙදතො අස‍්සු අස‍්සුභාගෙන පරිච‍්ඡින‍්නන‍්ති වවත්‍ථපෙති. අයමෙතස‍්ස සභාගපරිච‍්ඡෙදො, විසභාගපරිච‍්ඡෙදො පන කෙසසදිසො එවාති එවං අස‍්සුං වණ‍්ණාදිතො වවත්‍ථපෙති.

එහි යම්සේ මුදුන සිඳින ලද තරුණ තල් ගෙඩි තුළ ඇති ජලය “මම මුදුන සිඳින ලද තරුණ තල් ගෙඩි වළෙහි සිටියේ වෙමි”යි නොදනී ද මුදුන සිඳින ලද තල් ගෙඩිවල ද “අප කෙරෙහි ජලය පිහිටියේය”යි නොදනී ද මෙසේ කඳුළු “මම ඇස්වළෙහි සිටියේ වෙමි”යි නොදනී. ඇස්වළ ද “අප කෙරෙහි කඳුළු පිහිටියේය”යි නොදනී. මෙනෙහි කිරීම් ප්‍රත්‍යවේක්ෂා කිරීම් විරහිත මේ ධර්‍මයෝ වනාහි -පෙ පුද්ගලයෙක් නොවේ. පරිච්ඡේද වශයෙන් කඳුළු කඳුළු භාගයෙන් පරිච්ඡින්න යයි තීරණය කෙරේ. මේ මෙහි සභාග පරිච්ඡේදයයි. විසභාග පරිච්ඡේදය වනාහි කෙස් හා සමානමය. මෙසේ කඳුළු වර්‍ණාදි වශයෙන් තීරණය කෙරේ.

තතො පරං සරීරෙ විලීනසිනෙහසඞ‍්ඛාතා වසා වණ‍්ණතො ආචාමෙ ආසිත‍්තතෙලවණ‍්ණාති වවත්‍ථපෙති. සණ‍්ඨානතො ඔකාසසණ‍්ඨානා. දිසතො ද‍්වීසු දිසාසු ජාතා. ඔකාසතො හත්‍ථතලහත්‍ථපිට‍්ඨිපාදතලපාදපිට‍්ඨිනාසාපුටනලාටඅංසකූටෙසු ඨිතාති. න චෙසා එතෙසු ඔකාසෙසු සදා විලීනා එව හුත්‍වා තිට‍්ඨති, කින‍්තු යදා අග‍්ගිසන‍්තාපසූරියසන‍්තාපඋතුවිසභාගධාතුවිසභාගෙහි තෙ පදෙසා උස‍්මාජාතා හොන‍්ති, තදා තත්‍ථ විලීනාව හුත්‍වා පසන‍්නසලිලාසු උදකසොණ‍්ඩිකාසු නීහාරො විය සරති.

ඉන් අනතුරුව ශරීරයෙහි දිය වූ තෙල් බඳු “වසං” වුරුණු (තෙල්) වර්‍ණ වශයෙන් කැඳ වතුරෙහි ඉසින ලද තෙල් පාට යයි තීරණය කෙරේ. සටහන් වශයෙන් අවකාශයට අනුකූල සටහන් ඇත්තේය. දිශා වශයෙන් (උඩ යට) දෙදිශාවෙහි පිහිටියේය. අවකාශ වශයෙන් අත්තල, පිටි අත්, පා තල, පිටි පා, නාස් සිදුරු, නළල, උරහිස යන තැන්හි පිහිටියේය. මෙය මෙම අවකාශයන්හි සැම විට සැඟවීම නොසිටී. වැළිදු - ගිනි රශ්මියෙන්, සූර්‍ය්‍ය රශ්මියෙන්, විසභාග සෘතුයෙන්, විසභාග ධාතුවෙන්, ඒ ප්‍රදේශ උණුසුම් වේද එවිට ඒ තන්හි දියාරු වී ප්‍රසන්න ජලය ඇති දිය පොකුණුවල ජලය මෙන් හැසිරේ.

තත්‍ථ යථා උදකසොණ‍්ඩියො අජ‍්ඣොත්‍ථරිත්‍වා ඨිතො නීහාරො න ජානාති “අහං උදකසොණ‍්ඩියො අජ‍්ඣොත්‍ථරිත්‍වා ඨිතො”ති, නපි උදකසොණ‍්ඩියො ජානන‍්ති “නීහාරො අම‍්හෙ අජ‍්ඣොත්‍ථරිත්‍වා ඨිතො”ති; එවමෙව න වසා ජානාති “අහං හත්‍ථතලාදීනි අජ‍්ඣොත්‍ථරිත්‍වා ඨිතා”ති, නපි හත්‍ථතලාදීනි ජානන‍්ති “වසා අම‍්හෙ අජ‍්ඣොත්‍ථරිත්‍වා ඨිතා”ති. ආභොගපච‍්චවෙක‍්ඛණවිරහිතා හි එතෙ ධම‍්මා…පෙ… න පුග‍්ගලොති. පරිච‍්ඡෙදතො වසා වසාභාගෙන පරිච‍්ඡින‍්නාති වවත්‍ථපෙති. අයමෙතිස‍්සා සභාගපරිච‍්ඡෙදො, විසභාගපරිච‍්ඡෙදො පන කෙසසදිසො එවාති එවං වසං වණ‍්ණාදිතො වවත්‍ථපෙති.

එහි යම්සේ දිය පොකුණු වසා පැතිරී සිටි ජලය “මම දිය පොකුණු වසා පැතිරී සිටියේ වෙමි”යි නොදනී ද දිය පොකුණු ද ජලය අප කෙරෙහි පැතිරී සිටියේය”යි නොදනීද ඒ ආකාරයට වුරුණු තෙල “මම අත්තල ආදිය වසා පැතිරී සිටියේ වෙමි”යි නොදනී. අත්තල ආදිය ද “වුරුණු තෙල් අපව වසා පැතිරී සිටියේය”යි නොදනී. මෙනෙහි කිරීම් ප්‍රත්‍යවේක්ෂා කිරීම් විරහිත මේ ධර්‍මයෝ වනාහි -පෙ- පුද්ගලයෙක් නොවේ. පරිච්ඡේද වශයෙන් වුරුණු තෙල් වුරුණු තෙල් භාගයෙන් පරිච්ඡින්න යයි තීරණය කෙරේ. මේ මෙහි සභාග පරිච්ඡේදයයි. විසභාග පරිච්ඡේදය වනාහි කෙස් හා සමානමය. මෙසේ වුරුණු තෙල් වර්‍ණාදි වශයෙන් තීරණය කෙරේ.

තතො පරං සරීරෙ මුඛස‍්සබ‍්භන‍්තරෙ ඛෙළො වණ‍්ණතො සෙතො ඵෙණවණ‍්ණොති වවත්‍ථපෙති. සණ‍්ඨානතො ඔකාසසණ‍්ඨානොති, සමුද‍්දඵෙණසණ‍්ඨානොතිපි එකෙ. දිසතො උපරිමාය දිසාය ජාතො. ඔකාසතො උභොහි කපොලපස‍්සෙහි ඔරොහිත්‍වා ජිව‍්හාය ඨිතොති. න චෙසො එත්‍ථ සදා සන‍්නිචිතො හුත්‍වා තිට‍්ඨති, කින‍්තු යදා සත‍්තා තථාරූපං ආහාරං පස‍්සන‍්ති වා සරන‍්ති වා, උණ‍්හතිත‍්තකටුකලොණම‍්බිලානං වා කිඤ‍්චි මුඛෙ ඨපෙන‍්ති. යදා ච තෙසං හදයං ආගිලායති, කිස‍්මිඤ‍්චිදෙව වා ජිගුච‍්ඡා උප‍්පජ‍්ජති, තදා ඛෙළො උප‍්පජ‍්ජිත්‍වා උභොහි කපොලපස‍්සෙහි ඔරොහිත්‍වා ජිව‍්හාය සණ‍්ඨාති. අග‍්ගජිව‍්හාය චෙස ඛෙළො තනුකො හොති, මූලජිව‍්හාය බහලො, මුඛෙ පක‍්ඛිත‍්තඤ‍්ච පුථුකං වා තණ‍්ඩුලං වා අඤ‍්ඤං වා කිඤ‍්චි ඛාදනීයං නදිපුලිනෙ ඛතකූපසලිලමිව පරික‍්ඛයමගච‍්ඡන‍්තොව සදා තෙමනසමත්‍ථො හොති.

ඉන් අනතුරුව මුව තුළ “ඛෙළං” කෙළ වර්‍ණ වශයෙන් සුදු පෙණ පාට යයි තීරණය කෙරේ. සටහන් වශයෙන් අවකාශ ස්ථානයට අනුකූල සටහන් ඇත්තේය. සමහරු මුහුදු පෙණ බඳු සටහන් ඇත්තේ යයි කියති. දිශා වශයෙන් උඩ දිශාවෙහි හට ගත්තේය. අවකාශ වශයෙන් දෙකපොල් පෙදෙසින් බැස දිවෙහි පිහිටියේය. මේ කෙළ මෙහි හැම විටම රැස් වී නොසිටී. වැළිදු සත්ත්වයෝ යම් කලෙක උණු, තිත්ත, කටුක, ලුණු, ඇඹුල් අතුරෙන් යමක් මුවෙහි තබත් ද, එබඳු වූ ආහාරයක් දකිත් ද නැතහොත් සිහිකරත් ද, යම්කලෙක ඔවුන්ගේ හදවත ක්ලාන්ත වේ ද කිසියම් දෙයක් සඳහා පිළිකුලක් උපදී ද එකල්හි කෙළ ඉපදී දෙකපොලින් බැස දිවෙහි පිහිටයි. මේ කෙළ දිව අගදී තුනී වෙයි. දිව මුලදී ඝනය. මුවෙහි ලූ හබලපෙති හෝ හාල් හෝ වෙනත් කිසියම් කෑයුතු දෙයක් ගංගා වැල්ලක සෑරූ ළිඳක ජලය මෙන් අවසන් නොවීම හැමකල්හිම තෙමාලන්නට සමර්ථ වේ.

තත්‍ථ යථා නදිපුලිනෙ ඛතකූපතලෙ සණ‍්ඨිතං උදකං න ජානාති “අහං කූපතලෙ සණ‍්ඨිත”න‍්ති, නපි කූපතලං ජානාති “මයි උදකං ඨිත”න‍්ති; එවමෙව න ඛෙළො ජානාති “අහං උභොහි කපොලපස‍්සෙහි ඔරොහිත්‍වා ජිව‍්හාතලෙ සණ‍්ඨිතො”ති, නපි ජිව‍්හාතලං ජානාති “මයි උභොහි කපොලපස‍්සෙහි ඔරොහිත්‍වා ඛෙළො සණ‍්ඨිතො”ති. ආභොගපච‍්චවෙක‍්ඛණවිරහිතා හි එතෙ ධම‍්මා…පෙ… න පුග‍්ගලොති. පරිච‍්ඡෙදතො ඛෙළො ඛෙළභාගෙන පරිච‍්ඡින‍්නොති වවත්‍ථපෙති. අයමෙතස‍්ස සභාගපරිච‍්ඡෙදො, විසභාගපරිච‍්ඡෙදො පන කෙසසදිසො එවාති එවං ඛෙළං වණ‍්ණාදිතො වවත්‍ථපෙති.

එහි යම්සේ ගංගා වැල්ලෙහි සෑරූ ළිඳෙහි පතුලේ පිහිටි ජලය මම ළිං පතුලේ පිහිටියේ වෙමි”යි නොදනීද ලිං පතුල ද කෙරෙහි ජලය පිහිටියේය”යි නොදනී ද එසේම කෙළ ද “මම දෙකපොල් පෙදෙසින් බැස දිව මත පිහිටියේ වෙමි”යි නොදනී. දිව්තලය ද “මා කෙරෙහි දෙකපොලින් බැස කෙළ පිහිටියේය”යි නොදනී. මෙනෙහි කිරිම් ප්‍රත්‍යවේක්ෂා කිරීම් විරහිත මේ ධර්‍මයෝ වනාහි -පෙ- පුද්ගලයෙක් නොවේ. පරිච්ඡේද වශයෙන් කෙළ කෙළ භාගයෙන් පරිච්ඡින්න යයි තීරණය කෙරේ. මේ මෙහි සභාග පරිච්ඡේදයයි. විසභාග පරිච්ඡේදය වනාහි කෙස් හා සමානමය. මෙසේ කෙළ වර්‍ණාදි වශයෙන් තීරණය කෙරේ.

තතො පරං සරීරෙ සිඞ‍්ඝාණිකා වණ‍්ණතො සෙතා තරුණතාලමිඤ‍්ජවණ‍්ණාති වවත්‍ථපෙති. සණ‍්ඨානතො ඔකාසසණ‍්ඨානා, සෙදෙත්‍වා සෙදෙත්‍වා නාසාපුටෙ නිරන‍්තරං පක‍්ඛිත‍්තවෙත‍්තඞ‍්කුරසණ‍්ඨානාතිපි එකෙ. දිසතො උපරිමාය දිසාය ජාතා. ඔකාසතො නාසාපුටෙ පූරෙත්‍වා ඨිතාති. න චෙසා එත්‍ථ සදා සන‍්නිචිතා හුත්‍වා තිට‍්ඨති, කින‍්තු සෙය්‍යථාපි නාම පුරිසො පදුමිනිපත‍්තෙ දධිං බන්‍ධිත්‍වා හෙට‍්ඨා පදුමිනිපත‍්තං කණ‍්ටකෙන විජ‍්ඣෙය්‍ය, අථ තෙන ඡිද‍්දෙන දධිපිණ‍්ඩං ගළිත්‍වා බහි පපතෙය්‍ය; එවමෙව යදා සත‍්තා රොදන‍්ති, විසභාගාහාරඋතුවසෙන වා සඤ‍්ජාතධාතුක‍්ඛොභා හොන‍්ති, තදා අන‍්තොසීසතො පූතිසෙම‍්හභාවං ආපන‍්නං මත්‍ථලුඞ‍්ගං ගළිත්‍වා තාලුමත්‍ථකවිවරෙන ඔතරිත්‍වා නාසාපුටෙ පූරෙත්‍වා තිට‍්ඨති.

ඉන් අනතුරුව ශරීරයෙහි “සිඞ්ඝාණිකා” සොටු වර්‍ණ වශයෙන් සුදුය. ලා තල්ලො ද පාට යයි තීරණය කෙරේ. සටහන් වශයෙන් අවකාශ ස්ථානයට අනුරූප සටහන් ඇත්තේය. සමහරු හුමාලයෙන් තම්බා නාස් සිදුරෙහි නිරතුරුව බහාලන ලද වේවැල් ගොබයක සටහන් ඇත්තේ යයි කියති. දිශා වශයෙන් උඩ දිශාවෙහි හට ගත්තේය. අවකාශ වශයෙන් නාස් සිදුරු පුරවා සිටියේය. මෙය මෙහි හැමවිටම රැස්වී නොසිටී. වැලිදු - යම්සේ පුරුෂයෙක් නෙලුම් කොළයක දී කිරි බැඳ නෙලුම් කොළය යටින් කටුවකින් සිඳින්නේ ද ඉක්බිති ඒ සිදුරෙන් දී පිඬු ගිලිහී පිටතට වැටෙන්නේ ද ඒ අයුරින් යම් කලෙක සත්ත්වයෝ හඬත් ද විසභාග ආහාර වශයෙන් හෝ සෘතු වශයෙන් හෝ හටගත් ධාතු කැළඹීම් ඇත්තේ වේ ද එහිදී හිස තුළින් නරක් වූ සෙම බවට පැමිණි හිස් මොළය ගිලිහී තල්ලේ උඩ සිදුරෙන් බැස නාස් සිදුරු පුරවා සිටී.

තත්‍ථ යථා සිප‍්පිකාය පක‍්ඛිත‍්තං පූතිදධි න ජානාති “අහං සිප‍්පිකාය ඨිත”න‍්ති, නපි සිප‍්පිකා ජානාති “මයි පූතිකං දධි ඨිත”න‍්ති; එවමෙව න සිඞ‍්ඝාණිකා ජානාති “අහං නාසාපුටෙසු ඨිතා”ති, නපි නාසාපුටා ජානන‍්ති “අම‍්හෙසු සිඞ‍්ඝාණිකා ඨිතා”ති. ආභොගපච‍්චවෙක‍්ඛණවිරහිතා හි එතෙ ධම‍්මා…පෙ… න පුග‍්ගලොති. පරිච‍්ඡෙදතො සිඞ‍්ඝාණිකා සිඞ‍්ඝාණිකභාගෙන පරිච‍්ඡින‍්නාති වවත්‍ථපෙති. අයමෙතිස‍්සා සභාගපරිච‍්ඡෙදො, විසභාගපරිච‍්ඡෙදො පන කෙසසදිසො එවාති එවං සිඞ‍්ඝාණිකං වණ‍්ණාදිතො වවත්‍ථපෙති.

එහිදී යම්සේ බෙලි කටුවක දමන ලද කුණු දී කිරි “මම බෙලිකටුවේ සිටියේ වෙමි”යි නොදනී ද බෙලි කටුව ද “මා කෙරෙහි නරක් වූ දී කිරි පිහිටියේය”යි නොදනී ද ඒ ආකාරයට සොටු “මම නාස් සිදුරුවල සිටියේ වෙමි”යි නොදනී. නාස් සිදුරු ද අප කෙරෙහි සොටු පිහිටියේ යයි නොදනී. මෙනෙහි කිරීම් ප්‍රත්‍යවේක්ෂා කිරීම් විරහිත මේ ධර්‍මයෝ වනාහි -පෙ- පුද්ගලයෙක් නොවේ. පරිච්ඡේද වශයෙන් සොටු සොටු භාගයෙන් පරිච්ඡින්න යයි තීරණය කෙරේ. මේ මෙහි සභාග පරිච්ඡේදයයි. විසභාග පරිච්ඡේදය වනාහි කෙස් හා සමානමය. මෙසේ සොටු වර්‍ණාදි වශයෙන් තීරණය කෙරේ.

තතො පරං අන‍්තොසරීරෙ ලසිකාති සරීරසන්‍ධීනං අබ‍්භන‍්තරෙ පිච‍්ඡිලකුණපං. සා වණ‍්ණතො කණිකාරනිය්‍යාසවණ‍්ණාති වවත්‍ථපෙති. සණ‍්ඨානතො ඔකාසසණ‍්ඨානා. දිසතො ද‍්වීසු දිසාසු ජාතා. ඔකාසතො අට‍්ඨිසන්‍ධීනං අබ‍්භඤ‍්ජනකිච‍්චං සාධයමානා අසීතිසතසන්‍ධීනං අබ‍්භන‍්තරෙ ඨිතාති. යස‍්ස චෙසා මන්‍දා හොති, තස‍්ස උට‍්ඨහන‍්තස‍්ස නිසීදන‍්තස‍්ස අභික‍්කමන‍්තස‍්ස පටික‍්කමන‍්තස‍්ස සමිඤ‍්ජන‍්තස‍්ස පසාරෙන‍්තස‍්ස අට‍්ඨිකානි කටකටායන‍්ති, අච‍්ඡරිකාසද‍්දං කරොන‍්තො විය විචරති, එකයොජනද‍්වියොජනමත‍්තම‍්පි අද‍්ධානං ගතස‍්ස වායොධාතු කුප‍්පති, ගත‍්තානි දුක‍්ඛන‍්ති යස‍්ස පන චෙසා බහුකා හොති, තස‍්ස උට‍්ඨානනිසජ‍්ජාදීසු න අට‍්ඨීනි කටකටායන‍්ති, දීඝම‍්පි අද‍්ධානං ගතස‍්ස න වායොධාතු කුප‍්පති, න ගත‍්තානි දුක‍්ඛන‍්ති.

ඉන් අනතුරුව ශරීරය ඇතුළත “ලසිකා” සඳමිදුළුයි. එනම් ශරීර සන්‍ධීන්ගේ ඇතුළත ලිස්සන ස්වාභාවය ඇති කුණපයයි. එය වර්‍ණ වශයෙන් කිණිහිරි ලාටු පාට යයි තීරණය කෙරේ. සටහන් වශයෙන් අවකාශ ස්ථානයට අනුකූල සටහන් ඇත්තේය. දිශා වශයෙන් (උඩයට) දෙදිශාවෙහි හට ගත්තේය. අවකාශ වශයෙන් ඇට සන්‍ධිවල තෙල් ගැල්වීම් කාර්‍ය්‍ය සිදුකරමින් එකසිය අසූවක් සන්‍ධි අතරෙහි පිහිටියේය. යමෙකුගේ මේ සඳමිදුළු මඳ වේ ද නැගී සිටින්නාවූ ද හිඳගන්නා වූ ද ඉදිරියට යන්නාවූ ද ආපසු එන්නාවූ ද (අත්පා) හකුලන්නාවූ ද දිග හරින්නාවූ ද ඔහුගේ ඇට කට කට ගායි. අසුරු ගසන්නෙක් මෙන් හැසිරේ. එක් යොදුනක් හෝ යොදුන් දෙකක් පමණ හෝ ගමන් කළ විට වායෝ ධාතුව කිපේ. ශරීරය දුකට පත්වේ. යමෙකුගේ මේ සඳ මිදුළු අධික වේද ඔහුගේ නැගිටීම් හිඳගැනීම් ආදියේ දී ඇට කට කට නොගායි. දිග ගමනක් ගිය තැනැත්තාගේ වුව ද වායෝ ධාතුව නොකිපේ. ශරීරය දුකට පත් නොවේ.

තත්‍ථ යථා අබ‍්භඤ‍්ජනතෙලං න ජානාති “අහං අක‍්ඛං අබ‍්භඤ‍්ජිත්‍වා ඨිත”න‍්ති, නපි අක‍්ඛො ජානාති “මං තෙලං අබ‍්භඤ‍්ජිත්‍වා ඨිත”න‍්ති; එවමෙව න ලසිකා ජානාති “අහං අසීතිසතසන්‍ධියො අබ‍්භඤ‍්ජිත්‍වා ඨිතා”ති, නපි අසීතිසතසන්‍ධියො ජානන‍්ති “ලසිකා අම‍්හෙ අබ‍්භඤ‍්ජිත්‍වා ඨිතා”ති. ආභොගපච‍්චවෙක‍්ඛණවිරහිතා හි එතෙ ධම‍්මා…පෙ… න පුග‍්ගලොති. පරිච‍්ඡෙදතො ලසිකා ලසිකභාගෙන පරිච‍්ඡින‍්නාති වවත්‍ථපෙති. අයමෙතිස‍්සා සභාගපරිච‍්ඡෙදො, විසභාගපරිච‍්ඡෙදො පන කෙසසදිසො එවාති එවං ලසිකං වණ‍්ණාදිතො වවත්‍ථපෙති.

එහිදී යම්සේ රථයේ අලවංගුවේ ගල්වාන තෙල් “මම අලවංගුවේ ගැල්වී සිටියේ වෙමි”යි නොදනී ද අලවංගුව ද “මා තෙල් ගැල්වී සිටියේය”යි නොදනී ද ඒ ආකාරයට සඳ මිදුළු ද “මම එකසිය අසූවක් සන්‍ධීන්හි ගැල්වී සිටියේ වෙමි”යි නොදනී. එකසිය අසූවක් සන්ධීහු ද “සඳමිදුළු අපව ගල්වාගෙන සිටියේය”යි නොදනිති. මෙනෙහි කිරීම් ප්‍රත්‍යවේක්ෂා කිරීම් විරහිත මේ ධර්‍මයෝ වනාහි -පෙ- පුද්ගලයෙක් නොවේ. පරිච්ඡේද වශයෙන් සඳමිදුළු සඳමිදුළු භාගයෙන් පරිච්ඡින්න යයි තීරණය කෙරේ. මේ මෙහි සභාග පරිච්ඡේදයයි. විසභාග පරිච්ඡේදය වනාහි කෙස් හා සමානමය. මෙසේ සඳමිදුළු වර්‍ණාදි වශයෙන් තීරණය කෙරේ.

තතො පරං අන‍්තොසරීරෙ මුත‍්තං වණ‍්ණතො මාසඛාරොදකවණ‍්ණන‍්ති වවත්‍ථපෙති. සණ‍්ඨානතො උදකං පූරෙත්‍වා අධොමුඛඨපිතඋදකකුම‍්භඅන‍්තරගතඋදකසණ‍්ඨානං. දිසතො හෙට‍්ඨිමාය දිසාය ජාතං. ඔකාසතො වත්‍ථිස‍්සබ‍්භන‍්තරෙ ඨිතන‍්ති. වත්‍ථි නාම වත්‍ථිපුටො වුච‍්චති, යත්‍ථ සෙය්‍යථාපි නාම චන්‍දනිකාය පක‍්ඛිත‍්තෙ අමුඛෙ පෙළාඝටෙ චන්‍දනිකාරසො පවිසති, න චස‍්ස පවිසනමග‍්ගො පඤ‍්ඤායති; එවමෙව සරීරතො මුත‍්තං පවිසති, න චස‍්ස පවිසනමග‍්ගො පඤ‍්ඤායති නික‍්ඛමනමග‍්ගො එව තු පාකටො හොති, යම‍්හි ච මුත‍්තස‍්ස භරිතෙ “පස‍්සාවං කරොමා”ති සත‍්තානං ආයූහනං හොති.

ඉන් අනතුරුව ශරීරය ඇතුළත “මුත්තං” මුත්‍ර වර්‍ණ වශයෙන් උඳු ගැරූ දියට බඳු වර්‍ණ යයි තීරණය කෙරේ. සටහන් වශයෙන් ජලය පුරවා යටිකුරු කර තබන ලද කළයක ඇතුළත් ජලයේ සටහන් ඇත්තේය. දිශා වශයෙන් යට දිශාවෙහි හටගත්තේය. අවකාශ වශයෙන් වස්තිය තුළ පිහිටියේය. වස්ති නාමයෙන් වස්ති කෝෂය කියනු ලැබේ. එහි යම්සේ ගවරවළෙක බහාලන ලද යටිකුරු කළ පැස සහිත කළයකට ගවර වළෙහි ජලය පිවිසෙයිද එයට ජලය පිවිසෙන මග නොපෙනේද ඒ ආකාරයට ශරීරයෙන් මුත්‍ර පිවිසෙයි. එහෙත් එහි මුත්‍ර පිවිසෙන මග නොපෙනේ. මුත්‍ර නික්මෙන මාර්‍ගය පමණක්ම ප්‍රකට වේ. වස්ති කෝෂයෙහි මුත්‍ර පිරුණු කල්හි මුත්‍රා කරමි”යි සත්ත්වයන්ට අදහස් පහළවෙයි.

තත්‍ථ යථා චන්‍දනිකාය පක‍්ඛිත‍්තෙ අමුඛෙ පෙළාඝටෙ ඨිතො චන්‍දනිකාරසො න ජානාති “අහං අමුඛෙ පෙළාඝටෙ ඨිතො”ති, නපි පෙළාඝටො ජානාති “මයි චන්‍දනිකාරසො ඨිතො”ති; එවමෙව මුත‍්තං න ජානාති “අහං වත්‍ථිම‍්හි ඨිත”න‍්ති, නපි වත්‍ථි ජානාති “මයි මුත‍්තං ඨිත”න‍්ති. ආභොගපච‍්චවෙක‍්ඛණවිරහිතා හි එතෙ ධම‍්මා…පෙ… න පුග‍්ගලොති. පරිච‍්ඡෙදතො වත්‍ථිඅබ‍්භන‍්තරෙන චෙව මුත‍්තභාගෙන ච පරිච‍්ඡින‍්නන‍්ති වවත්‍ථපෙති. අයමෙතස‍්ස සභාගපරිච‍්ඡෙදො, විසභාගපරිච‍්ඡෙදො පන කෙසසදිසො එවාති එවං මුත‍්තං වණ‍්ණාදිතො වවත්‍ථපෙති. එවමයං ඉමං ද‍්වත‍්තිංසාකාරං වණ‍්ණාදිතො වවත්‍ථපෙති.

එහි යම්සේ ගවර වළෙහි බහාලන ලද මුව යටිකුරු කළ පැස සහිත කළයෙහි පැවති ගවර ජලය “මම මුව යටිකුරු කළ පැස සහිත කළයෙහි සිටියේ වෙමි”යි නොදනීද පැස සහිත කළය ද “මා කෙරෙහි ගවර ජලය පිවිසියේය”යි නොදනීද ඒ ආකාරයට මුත්‍ර “මම වස්තියෙහි සිටියේ වෙමි”යි නොදනී. වස්තිය ද “මා කෙරෙහි මුත්‍ර සිටියේය”යි නොදනී. මෙනෙහි කිරීම් ප්‍රත්‍යවේක්ෂා කිරීම් විරහිත මේ ධර්‍මයෝ වනාහි -පෙ- පුද්ගලයෙක් නොවේ. පරිච්ඡේද වශයෙන් වස්ති අභ්‍යන්තරයෙන් ද මුත්‍ර භාගයෙන් ද පරිච්ජින්න යයි තීරණය කෙරේ. මේ මෙහි සභාග පරිච්ඡේදයයි. විසභාග පරිච්ඡේදය වනාහි කෙස් හා සමානමය. මෙසේ මුත්‍ර වර්‍ණාදි වශයෙන් තීරණය කෙරේ.

තස‍්සෙවං ඉමං ද‍්වත‍්තිංසාකාරං වණ‍්ණාදිවසෙන වවත්‍ථපෙන‍්තස‍්ස තං තං භාවනානුයොගං ආගම‍්ම කෙසාදයො පගුණා හොන‍්ති, කොට‍්ඨාසභාවෙන උපට‍්ඨහන‍්ති. තතො පභුති සෙය්‍යථාපි නාම චක‍්ඛුමතො පුරිසස‍්ස ද‍්වත‍්තිංසවණ‍්ණානං පුප‍්ඵානං එකසුත‍්තගන්‍ථිතං මාලං ඔලොකෙන‍්තස‍්ස සබ‍්බපුප‍්ඵානි අපුබ‍්බාපරියමිව පාකටානි හොන‍්ති; එවමෙව “අත්‍ථි ඉමස‍්මිං කායෙ කෙසා”ති ඉමං කායං සතියා ඔලොකෙන‍්තස‍්ස සබ‍්බෙ තෙ ධම‍්මා අපුබ‍්බාපරියමිව පාකටා හොන‍්ති. කෙසෙසු ආවජ‍්ජිතෙසු අසණ‍්ඨහමානාව සති යාව මුත‍්තං, තාව පවත‍්තති. තතො පභුති තස‍්ස ආහිණ‍්ඩන‍්තා මනුස‍්සතිරච‍්ඡානාදයො ච සත‍්තාකාරං විජහිත්‍වා කොට‍්ඨාසරාසිවසෙනෙව උපට‍්ඨහන‍්ති, තෙහි ච අජ‍්ඣොහරියමානං පානභොජනාදි කොට‍්ඨාසරාසිම‍්හි පක‍්ඛිප‍්පමානමිව උපට‍්ඨාතීති.

මේ ද්වත්තිංසාකාරය මෙසේ වර්‍ණාදි වශයෙන් තීරණය කෙරේ. මේ ද්වත්තිංසාකාරය මෙසේ වර්‍ණාදි වශයෙන් ව්‍යවස්ථා කරන්නා වූ ඔහුට ඒ ඒ භාවනානුයෝගයට එළඹ කේශාදීහු ප්‍රගුණ වෙති. කොටස් වශයෙන් වැටහේ. එතැන් පටන් - යම්සේ එක් නූලක අමුණන ලද පාට තිස් දෙකකින් යුත් මල් මාලාවක් බලන්නා වූ ඇස් ඇති පුරුෂයෙකුට සියලු මල් පෙර පසු නොවී ප්‍රකට වේද ඒ ආකාරයට “අත්‍ථි ඉමස්මිං කායෙ කෙසා” මේ ශරීරයෙහි කේශයෝ වෙති”යි ආදී වශයෙන් මේ ශරීරය සිහියෙන් බලන තැනැත්තා හට ඒ සියලු ධර්‍මයෝ පෙර පසු නොවී ප්‍රකට වෙති. කේශයන් පිළිබඳව සිහිකළ කල්හි නූලකින් අමුණන්නාක් මෙන් සිහිය මුත්‍රා දක්වා පිහිටයි. එතැන් පටන් එහි ඇවිදින්නාවූ මිනිස්සු තිරිසන්නු ආදීහුද සත්ත්ව ස්වභාවය අත්හැර කොටස් රාශියක් වශයෙන්ම වැටහෙත්. ඔවුන් විසින් වළඳනු ලබන පානභෝජනාදිය කොටස් රාශියෙක්හි බහාලනු ලබන්නාක් මෙන් වැටහේ.

එත්‍ථාහ “අථානෙන තතො පරං කිං කාතබ‍්බ”න‍්ති? වුච‍්චතෙ – තදෙව නිමිත‍්තං ආසෙවිතබ‍්බං භාවෙතබ‍්බං බහුලීකාතබ‍්බං සුවවත්‍ථිතං වවත්‍ථපෙතබ‍්බං. කථං පනායං තං නිමිත‍්තං ආසෙවති භාවෙති බහුලීකරොති සුවවත්‍ථිතං වවත්‍ථපෙතීති? අයඤ‍්හි තං කෙසාදීනං කොට‍්ඨාසභාවෙන උපට‍්ඨානනිමිත‍්තං ආසෙවති, සතියා අල‍්ලියති භජති උපගච‍්ඡති, සතිගබ‍්භං ගණ‍්හාපෙති. තත්‍ථ ලද‍්ධං වා සතිං වඩ‍්ඪෙන‍්තො තං භාවෙතීති වුච‍්චති. බහුලීකරොතීති පුනප‍්පුනං සතිසම‍්පයුත‍්තං විතක‍්කවිචාරබ‍්භාහතං කරොති. සුවවත්‍ථිතං වවත්‍ථපෙතීති යථා සුට‍්ඨු වවත්‍ථිතං හොති, න පුන අන‍්තරධානං ගච‍්ඡති, තථා තං සතියා වවත්‍ථපෙති, උපධාරෙති උපනිබන්‍ධති.

ඉක්බිති මේ යෝගාවචරයා විසින් ඉන් අනතුරුව කුමක් කළ යුතුද? කියනු ලැබේ. ඒ නිමිත්තම ඇසුරු කළ යුතුය. වැඩිය යුතුය. බහුල වශයෙන් කළ යුතුය. මනාසේ වෙන්කොට තීරණය කළ යුතුය. මේ යෝගාවචරයා ඒ නිමිත්ත කෙසේ සේවනය කරයිද? වඩයිද? බහුල වශයෙන් කරයිද? මනාලෙස වෙන්කොට තීරණය කෙරේද? මේ යෝගාවචරයා වනාහී කෙශාදීන්ගේ කොට්ඨාස භාවයෙන් උපට්ඨාන නිමිත්ත සේවනය කරයි. සිහියෙන් ඇලේ. භජනය කරේ. එළඹේ. සිහිය ගැබ් ගන්වයි. නැතහොත් එහි ලැබූ සිහිය වර්‍ධනය කරන්නේ එය වඩන්නේ යයි කියනු ලැබේ. බහුල වශයෙන් කරයි යනු නැවත නැවත සිහිය හා යෙදුණු විතක්ක විචාරයන් මඩින ලද්දක් කෙරේ. මනාලෙස වෙන්කොට ව්‍යවස්ථා කෙරේ යනු යම්සේ මැනවින් ව්‍යවස්ථා කළේ වේ ද නැවත අතුරුදහන්වීමට නොයෙදේ ද එසේ එය සිහියෙන් ව්‍යවස්ථා කෙරේ. සලකා බැලේ. සමීපව බැඳේ.

අථ වා යං පුබ‍්බෙ අනුපුබ‍්බතො, නාතිසීඝතො, නාතිසණිකතො, වික‍්ඛෙපප‍්පහානතො, පණ‍්ණත‍්තිසමතික‍්කමනතො, අනුපුබ‍්බමුඤ‍්චනතො, ලක‍්ඛණතො, තයො ච සුත‍්තන‍්තාති එවං දසවිධං මනසිකාරකොසල‍්ලං වුත‍්තං. තත්‍ථ අනුපුබ‍්බතො මනසිකරොන‍්තො ආසෙවති, නාතිසීඝතො නාතිසණිකතො ච මනසිකරොන‍්තො භාවෙති, වික‍්ඛෙපප‍්පහානතො මනසිකරොන‍්තො බහුලී කරොති, පණ‍්ණත‍්තිසමතික‍්කමනාදිතො මනසිකරොන‍්තො සුවවත්‍ථිතං වවත්‍ථපෙතීති වෙදිතබ‍්බො.

නැතහොත් යමක් පූර්‍වයෙහි “අනුපූර්‍ව වශයෙන් අතිසීඝ්‍ර නොවෙමින් අතිසනික නොවෙමින් වික්‍ෂේප දුරු කරමින් ප්‍රඥප්ති ඉක්මවීම් වශයෙන් අනුපිළිවෙළ අත්හැරීම් වශයෙන් ලක්‍ෂණ වශයෙන් (අධිචිත්ත, සීතිභාව, බොජඣඞ්ග, කොසල්ල) යන සූත්‍ර තුන වශයෙන්” යන මෙසේ වූ දශවිධ මනසිකාර කෞශල්‍යයක් කියන ලද්දේ ද එහි අනුපිළිවෙළින් සිහිකරන්නේ සේවනය කරයි. ඉතා සීඝ්‍ර නොවීම් වශයෙන් ඉතා සනික ද නොවීම් වශයෙන් සිහි කරන්නේ වඩයි. වික්ෂේප ප්‍රහාණ වශයෙන් සිහිකරන්නෝ බහුල වශයෙන් කරයි. ප්‍රඥප්ති ඉක්මවීම් ආදී වශයෙන් සිහි කරන්නේ මනාසේ වෙන්කොට තීරණය කෙරේ යයි දත යුතුය.

එත්‍ථාහ “කථං පනායං අනුපුබ‍්බාදිවසෙන එතෙ ධම‍්මෙ මනසි කරොතී”ති? වුච‍්චතෙ – අයඤ‍්හි කෙසෙ මනසි කරිත්‍වා තදනන‍්තරං ලොමෙ මනසි කරොති, න නඛෙ. තථා ලොමෙ මනසි කරිත්‍වා තදනන‍්තරං නඛෙ මනසි කරොති, න දන‍්තෙ. එස නයො සබ‍්බත්‍ථ. කස‍්මා? උප‍්පටිපාටියා හි මනසිකරොන‍්තො සෙය්‍යථාපි නාම අකුසලො පුරිසො ද‍්වත‍්තිංසපදං නිස‍්සෙණිං උප‍්පටිපාටියා ආරොහන‍්තො කිලන‍්තකායො තතො නිස‍්සෙණිතො පපතති, න ආරොහනං සම‍්පාදෙති; එවමෙව භාවනාසම‍්පත‍්තිවසෙන අධිගන‍්තබ‍්බස‍්ස අස‍්සාදස‍්ස අනධිගමනතො කිලන‍්තචිත‍්තො ද‍්වත‍්තිංසාකාරභාවනාතො පපතති, න භාවනං සම‍්පාදෙතීති.

මෙහි “කෙසේ නම් මේ යෝගාවචරයා අනුපූර්‍වාදී වශයෙන් මේ ධර්‍මයන් සිහිකෙරේදැයි කීවේද එය කියනු ලැබේ. මේ යෝගාවචරයා වනාහී කේශයන් පිළිබඳව සිහි කොට ඉන් අනතුරුව ලෝමයන් සිහි කරයි. නිය පිළිබඳව නොවේ. එසේම ලෝමයන් පිළිබඳව සිහිකොට ඉන් අනතුරුව නිය පිළිබඳව සිහි කෙරේ. දත් පිළිබඳව නොවේ. සියලු තන්හි මේ ක්‍රමයමය. කුමක් හෙයින්ද? අපිළිවෙළින් සිහිකරන්නා යම්සේ අදක්‍ෂ පුරුෂයෙක් පාපුවරු දෙතිසක් ඇති හිණිමගක අපිළිවෙලින් නගින්නේ වෙහෙසට පත්වූ ශරීරය ඇතිව ඒ හිණිමගෙන් වැටේද හිණිමග නැගීම සම්පූර්‍ණ නොකරයි ද ඒ අයුරින් භාවනා සම්පත්ති වශයෙන් එළඹිය යුතු ආස්වාදයට නොඑළඹීම් වශයෙන් ක්ලාන්ත වූ සිත් ඇත්තේ ද්වත්තිංසාකාර භාවනාවෙන් වැටේ. භාවනාව සම්පූර්‍ණ නොවේ.

අනුපුබ‍්බතො මනසිකරොන‍්තොපි ච කෙසා ලොමාති නාතිසීඝතොපි මනසි කරොති. අතිසීඝතො හි මනසිකරොන‍්තො සෙය්‍යථාපි නාම අද‍්ධානං ගච‍්ඡන‍්තො පුරිසො සමවිසමරුක‍්ඛථලනින‍්නද‍්වෙධාපථාදීනි මග‍්ගනිමිත‍්තානි උපලක‍්ඛෙතුං න සක‍්කොති, තතො න මග‍්ගකුසලො හොති, අද‍්ධානඤ‍්ච පරික‍්ඛයං නෙති; එවමෙව වණ‍්ණසණ‍්ඨානාදීනි ද‍්වත‍්තිංසාකාරනිමිත‍්තානි උපලක‍්ඛෙතුං න සක‍්කොති, තතො න ද‍්වත‍්තිංසාකාරෙ කුසලො හොති, කම‍්මට‍්ඨානඤ‍්ච පරික‍්ඛයං නෙති.

අනුපිළිවෙලින් සිහිකරන්නේ ද කෙසා ලොමා යයි අති සීඝ්‍රයෙන් මෙනෙහි නොකෙරේ. ඉතා සීඝ්‍ර වශයෙන් මෙනෙහි කරන්නා “යම්සේ මහමග යන්නාවූ පුරුෂයෙක් සමවිසම තැන්, ගස්, ගොඩබිම්, පහත් බිම්, දෙමංහන්දි ආදි මග නිමිති වෙන්කොට සලකා ගැනීමට නොහැකිවේ ද ඒ හේතුවෙන් මාර්‍ගය පිළිබඳ දක්ෂයෙක් බවට පත්නොවේද ගමනද නිමාවට පත්වේද ඒ ආකාරයට වර්‍ණ සණ්ඨාන ආදි ද්වත්තිංසාකාර නිමිති වෙන්කොට සලකා ගැනීමට නොහැකි වේ. ඒ හේතුවෙන් ද්වත්තිංසාකාරයෙහි දක්‍ෂයෙක් බවට පත් නොවේ. කමටහන ද නිමාවට පත්වේ.

යථා ච නාතිසීඝතො, එවං නාතිසණිකතොපි මනසි කරොති. අතිසණිකතො හි මනසිකරොන‍්තො සෙය්‍යථාපි නාම පුරිසො අද‍්ධානමග‍්ගං පටිපන‍්නො අන‍්තරාමග‍්ගෙ රුක‍්ඛපබ‍්බතතළාකාදීසු විලම‍්බමානො ඉච‍්ඡිතප‍්පදෙසං අපාපුණන‍්තො අන‍්තරාමග‍්ගෙයෙව සීහබ්‍යග‍්ඝාදීහි අනයබ්‍යසනං පාපුණාති; එවමෙව ද‍්වත‍්තිංසාකාරභාවනාසම‍්පදං අපාපුණන‍්තො භාවනාවිච‍්ඡෙදෙන අන‍්තරායෙව කාමවිතක‍්කාදීහි අනයබ්‍යසනං පාපුණාති.

ඉතා වේගවත්ව සිහි නොකරන්නේ යම්සේද එසේම ඉතා සෙමින් ද සිහි නොකරයි. ඉතා සෙමින් සිහිකරන්නා “යම්සේ පුරුෂයෙක් දික් මගට පිළිපන්නේ අතරමග ගස්, පර්‍වත, පොකුණු ආදියෙහි නිකරුණේ කාලය ගත කරන්නේ අභිමත ප්‍රදේශයට නොපැමිණෙන්නේ අතරමගදීම සිංහ ව්‍යාඝ්‍රාදීන්ගෙන් නොයෙක් විපතීන්ට පැමිණේද ඒ අයුරින්ම ද්වත්තිංසාකාර භාවනා සම්පත්තියට නොපැමිණෙන්නේ භාවනාව සිඳීමෙන් අතරදීම කාම විතර්‍කාදි නොයෙක් විපත්තීන්ට පැමිණේ.

නාතිසණිකතො මනසිකරොන‍්තොපි ච වික‍්ඛෙපප‍්පහානතොපි මනසි කරොති. වික‍්ඛෙපප‍්පහානතො නාම යථා අඤ‍්ඤෙසු නවකම‍්මාදීසු චිත‍්තං න වික‍්ඛිපති, තථා මනසි කරොති. බහිද‍්ධා වික‍්ඛෙපමානචිත‍්තො හි කෙසාදීස‍්වෙව අසමාහිතචෙතොවිතක‍්කො භාවනාසම‍්පදං අපාපුණිත්‍වා අන‍්තරාව අනයබ්‍යසනං ආපජ‍්ජති තක‍්කසිලාගමනෙ බොධිසත‍්තස‍්ස සහායකා විය. අවික‍්ඛිපමානචිත‍්තො පන කෙසාදීස‍්වෙව සමාහිතචෙතොවිතක‍්කො භාවනාසම‍්පදං පාපුණාති බොධිසත‍්තො විය තක‍්කසිලරජ‍්ජසම‍්පදන‍්ති. තස‍්සෙවං වික‍්ඛෙපප‍්පහානතො මනසිකරොතො අධිකාරචරියාධිමුත‍්තීනං වසෙන තෙ ධම‍්මා අසුභතො වා වණ‍්ණතො වා සුඤ‍්ඤතො වා උපට‍්ඨහන‍්ති.

සෙමින් මෙනෙහි කරන්නාද වික්ෂේප ප්‍රහාණ වශයෙන් මෙනෙහි කරයි. වික්ෂේප ප්‍රහාණ වශයෙන් යනු යම්සේ වෙනත් නවකර්‍ම ආදියෙහි සිත වික්‍ෂිප්ත නොවේද එසේ සිහි කිරීමයි. පිටත් අරමුණු කෙරෙහි වික්ෂිප්ත වූ සිත් ඇති තැනැත්තේ වනාහි කෙස් ආදියෙහිම තැන්පත් නොවූ සිත් හා සිතුවිලි ඇත්තේ භාවනා සම්පත්තියට නොපැමිණ අතරමගදීම තක්‍ෂලා ගමනේ දී බෝධිසත්වයන්ගේ සහායකයෝ මෙන් නොයෙක් විපත්තීන්ට පැමිණේ. වික්‍ෂිප්ත නොවූ සිත් ඇති තැනැත්තේ වනාහි කේශාදියෙහිම තැන්පත් වූ සිත් හා සිතුවිලි ඇත්තේ බෝධිසත්වයන් තක්ෂලාවේ රාජ්‍ය සම්පත්තියට පත්වීම මෙන් භාවනා සම්පත්තියට පැමිණේ. මෙසේ වික්ෂේප දුරුකිරීම් වශයෙන් මෙනෙහි කරන්නා වූ ඒ යෝගාවචරයා හට අධිකාර, චර්‍ය්‍යා, අධිමුත්ති වශයෙන් ඒ ධර්‍මයෝ අසුභ වශයෙන් හෝ වර්‍ණ වශයෙන් හෝ ශුන්‍යතා වශයෙන් හෝ වැටහෙති.

අථ පණ‍්ණත‍්තිසමතික‍්කමනතො තෙ ධම‍්මෙ මනසි කරොති. පණ‍්ණත‍්තිසමතික‍්කමනතොති කෙසා ලොමාති එවමාදිවොහාරං සමතික‍්කමිත්‍වා විස‍්සජ‍්ජෙත්‍වා යථූපට‍්ඨිතානං අසුභාදීනංයෙව වසෙන මනසි කරොති. කථං ? යථා අරඤ‍්ඤනිවාසූපගතා මනුස‍්සා අපරිචිතභූමිභාගත‍්තා උදකට‍්ඨානසඤ‍්ජානනත්‍ථං සාඛාභඞ‍්ගාදිනිමිත‍්තං කත්‍වා තදනුසාරෙන ගන‍්ත්‍වා උදකං පරිභුඤ‍්ජන‍්ති, යදා පන පරිචිතභූමිභාගා හොන‍්ති, අථ තං නිමිත‍්තං විස‍්සජ‍්ජෙත්‍වා අමනසිකත්‍වාව උදකට‍්ඨානං උපසඞ‍්කමිත්‍වා උදකං පරිභුඤ‍්ජන‍්ති, එවමෙවායං කෙසා ලොමාතිආදිනා තංතංවොහාරස‍්ස වසෙන පඨමං තෙ ධම‍්මෙ මනසාකාසි, තෙසු ධම‍්මෙසු අසුභාදීනං අඤ‍්ඤතරවසෙන උපට‍්ඨහන‍්තෙසු තං වොහාරං සමතික‍්කමිත්‍වා විස‍්සජ‍්ජෙත්‍වා අසුභාදිතොව මනසි කරොති.

ඉක්බිති ප්‍රඥප්තිය ඉක්මවීම් වශයෙන් ඒ ධර්‍මයන් සිහි කෙරේ. ප්‍රඥප්ති ඉක්මවීම් වශයෙන් යනු “කෙස්ය, ලොම්ය යන මේ ආදී ව්‍යවහාරයන් ඉක්මවා අත්හැර යම්සේ එළඹ සිටි අශුභාදීන්ගේ වශයෙන් සිහි කිරීමයි. කෙසේද? :- යම් සේ වනයෙහි වාසයට එළඹි මිනිස්සු පිරිසිඳ නොදත් භූමිභාග ඇති හෙයින් ජලස්ථාන හඳුනාගැනීම සඳහා අතු බිඳීම් ආදි නිමිති තබා ඒ අනුසාරයෙන් ගොස් ජලය පරිභෝග කරන්නේ ද යම් කලෙක්හි වනාහි මැනවින් දත් භූමිභාග ඇත්තාහු වෙත්ද ඉක්බිති ඒ නිමිති අත්හැර සිහි නොකරම ජල ස්ථානයට එළඹ ජලය පරිභෝග කරත්ද ඒ අයුරින්ම මේ යෝගාවචරයා “කේසා ලොමා” ආදී ඒ ඒ ව්‍යවහාරයට අනුව පළමුව ඒ ධර්‍මයන් මෙනෙහි කළේ ද ඒ ධර්‍මයන්හි අශුභාදීන් අතුරින් එක් ස්වභාවයකට අනුව වැටහෙන කල්හි එම ව්‍යවහාරය ඉක්මවා අත්හැර අශුභාදි වශයෙන් සිහි කෙරේ.

එත්‍ථාහ “කථං පනස‍්ස එතෙ ධම‍්මා අසුභාදිතො උපට‍්ඨහන‍්ති, කථං වණ‍්ණතො, කථං සුඤ‍්ඤතො වා, කථඤ‍්චායමෙතෙ අසුභතො මනසි කරොති, කථං වණ‍්ණතො, කථං සුඤ‍්ඤතො වා”ති? කෙසා තාවස‍්ස වණ‍්ණසණ‍්ඨානගන්‍ධාසයොකාසවසෙන පඤ‍්චධා අසුභතො උපට‍්ඨහන‍්ති, පඤ‍්චධා එව අයමෙතෙ අසුභතො මනසි කරොති. සෙය්‍යථිදං – කෙසා නාමෙතෙ වණ‍්ණතො අසුභා පරමප‍්පටිකූලජෙගුච‍්ඡා. තථා හි මනුස‍්සා දිවා පානභොජනෙ පතිතං කෙසවණ‍්ණං වාකං වා සුත‍්තං වා දිස‍්වා කෙසසඤ‍්ඤාය මනොරමම‍්පි පානභොජනං ඡඩ‍්ඩෙන‍්ති වා ජිගුච‍්ඡන‍්ති වා. සණ‍්ඨානතොපි අසුභා. තථා හි රත‍්තිං පානභොජනෙ පතිතං කෙසසණ‍්ඨානං වාකං වා සුත‍්තං වා ඵුසිත්‍වා කෙසසඤ‍්ඤාය මනොරමම‍්පි පානභොජනං ඡඩ‍්ඩෙන‍්ති වා ජිගුච‍්ඡන‍්ති වා. ගන්‍ධතොපි අසුභා. තථා හි තෙලමක‍්ඛනපුප‍්ඵධූමාදිසඞ‍්ඛාරෙහි විරහිතානං කෙසානං ගන්‍ධො පරමජෙගුච‍්ඡො හොති, අග‍්ගීසු පක‍්ඛිත‍්තස‍්ස කෙසස‍්ස ගන්‍ධං ඝායිත්‍වා සත‍්තා නාසිකං පිධෙන‍්ති, මුඛම‍්පි විකුජ‍්ජෙන‍්ති. ආසයතොපි අසුභා. තථා හි නානාවිධෙන මනුස‍්සාසුචිනිස‍්සන්‍දෙන සඞ‍්කාරට‍්ඨානෙ තණ‍්ඩුලෙය්‍යකාදීනි විය පිත‍්තසෙම‍්හපුබ‍්බලොහිතනිස‍්සන්‍දෙන තෙ ආචිතා වුද‍්ධිං විරූළ‍්හිං වෙපුල‍්ලං ගමිතාති. ඔකාසතොපි අසුභා. තථා හි සඞ‍්කාරට‍්ඨානෙ විය තණ‍්ඩුලෙය්‍යකාදීනි පරමජෙගුච‍්ඡෙ ලොමාදිඑකතිංසකුණපරාසිමත්‍ථකෙ මනුස‍්සානං සීසපලිවෙඨකෙ අල‍්ලචම‍්මෙ ජාතාති. එස නයො ලොමාදීසු. එවං තාව අයමෙතෙ ධම‍්මෙ අසුභතො උපට‍්ඨහන‍්තෙ අසුභතො මනසි කරොති.

මෙහිදී මෙසේ කීය :- මේ ධර්‍මයෝ මේ යෝගාවචරයා හට අශුභාදි වශයෙන් කෙසේ වැටහෙත්ද? වර්‍ණ වශයෙන් කෙසේ වැටහෙත්ද? ශුන්‍යතා වශයෙන් කෙසේ වැටහෙත්ද? මෙතෙම මේ ධර්‍මයන් අශුභ වශයෙන් කෙසේ මෙනෙහි කරයිද? වර්‍ණ වශයෙන් කෙසේ මෙනෙහි කරයිද? ශුන්‍යතා වශයෙන් කෙසේ මෙනෙහි කරයිද? මොහුගේ කේශයෝ වර්‍ණ, සණ්ඨාන, ගන්‍ධ, ආසය, අවකාශ වශයෙන් පස් ආකාරයකින් අශුභ වශයෙන් වැටහේ. මෙතෙම මේ ධර්‍මයන් පස් ආකාරයකින්ම අශුභ වශයෙන් මෙනෙහි කරයි. ඒ කෙසේද යත්? කෙස් නම් වූ මේවා වර්‍ණ වශයෙන් අශුභය. ඉතාමත් පිළිකුල්ය. ඒ එසේමය. මිනිස්සු දහවල් ආහාර පානයෙහි වැටුණු කෙස් පැහැ ඇති කෙන්දක් හෝ නූලක් හෝ දැක කෙස් ගසක් යන හැඟීමෙන් මනරම් වුව ද ආහාර පාන ඉවත දමති. නැතහොත් පිළිකුල් කරති. කේශයෝ සණ්ඨාන වශයෙන් ද අශුභය. ඒ එසේමය. රාත්‍රියෙහි ආහාරපානයෙහි වැටුණු කෙස් ගසක සටහන් ඇති කෙන්දක් හෝ නූලක් හෝ හැපී කෙස් ගසක් යන හැඟීමෙන් මනහර වුවද ආහාර පාන ඉවත දමති. නැතහොත් පිළිකුල් කරති. කේශයෝ ගන්‍ධ වශයෙන් ද අශුභය. ඒ එසේමය. තෙල් ගැල්වීම්, මල් පැළඳීම්, දුම් ඇල්ලීම් ආදී සංස්කාරයන්ගෙන් තොර කේශයන්ගේ ගඳ පිළිකුල්ය. ගින්නෙහි දමන ලද කේශයන්ගේ ගඳ ආඝ්‍රාණය කොට සත්ත්වයෝ නාසය වසා ගනිති. මුවද හකුලා ගනිති. ආශය වශයෙන් ද අශුභය. ඒ එසේමය. මිනිස්සු නොයෙක් ආකාර වූ අපවිත්‍ර දේ බැහැර කිරීමෙන් කුණු දමන තැනක කුර ගස් ආදිය මෙන් පිත්, සෙම්, සැරව, ලේ වැගිරීමෙන් ඒ කේශයෝ රැස් වූවාහු, වර්‍ධනයට, අභිවෘද්ධියට, විපුල බවට ගියාහු වෙති. අවකාශ වශයෙන් ද අශුභය. ඒ එසේමය. කුණු ගොඩක කුරගස් ආදිය මෙන් ඉතාමත් පිළිකුල් සහගත ලොම් ආදි එක් රැස් කුණපයන් එක්රැස් වූ මිනිසුන්ගේ හිස වෙළා ඇති තෙත් හමෙහි හටගත්තේය. ලෝම ආදියෙහි ද මේ ක්‍රමයමය. මෙසේ පළමුකොට මේ ධර්‍මයන් අශුභ වශයෙන් වැටහෙන කල්හි අශුභ වශයෙන් සිහි කරති.

යදි පනස‍්ස වණ‍්ණතො උපට‍්ඨහන‍්ති, අථ කෙසා නීලකසිණවසෙන උපට‍්ඨහන‍්ති. තථා ලොමා දන‍්තා ඔදාතකසිණවසෙනාති. එස නයො සබ‍්බත්‍ථ. තංතංකසිණවසෙනෙව අයමෙතෙ මනසි කරොති, එවං වණ‍්ණතො උපට‍්ඨහන‍්තෙ වණ‍්ණතො මනසි කරොති. යදි පනස‍්ස සුඤ‍්ඤතො උපට‍්ඨහන‍්ති, අථ කෙසා ඝනවිනිබ‍්භොගවවත්‍ථානෙන ඔජට‍්ඨමකසමූහවසෙන උපට‍්ඨහන‍්ති. තථා ලොමාදයො, යථා උපට‍්ඨහන‍්ති. අයමෙතෙ තථෙව මනසි කරොති. එවං සුඤ‍්ඤතො උපට‍්ඨහන‍්තෙ සුඤ‍්ඤතො මනසි කරොති.

ඉදින් මේ යෝගාවචරයා හට වර්‍ණ වශයෙන් වැටහෙත් ද ඉක්බිති කේශයෝ නීලකසිණ වශයෙන් වැටහෙත්. එසේ ලොම් සහ දත් ඕදාත කසිණ වශයෙන් වැටහෙත්. සියලු තන්හි මේ ක්‍රමයමය. ඒ ඒ කසිණ වශයෙන්ද මේ යෝගාවචරයා මේ ධර්‍මයන් සිහි කරයි. මෙසේ වර්‍ණ වශයෙන් වැටහෙන කල්හි වර්‍ණ වශයෙන් සිහි කරයි. ඉදින් මොහුට ශුන්‍යතා වශයෙන් වැටහෙත් ද ඉක්බිති කේශයෝ කොටස්වලට බෙදා සලකා බැලීමෙන් ඕජස් අටවෙනි කොට ඇති සමූහයක් වශයෙන් වැටහෙත්. ලෝමාදිය ද එසේමය. මේ ධර්‍මයෝ යම්සේ වැටහෙත් ද යෝගාවචර තෙමේ එසේම සිහි කරයි. මෙසේ ශුන්‍යතා වශයෙන් වැටහෙන කල්හි ශුන්‍යතා වශයෙන් සිහි කෙරේ.

එවං මනසිකරොන‍්තො අයමෙතෙ ධම‍්මෙ අනුපුබ‍්බමුඤ‍්චනතො මනසි කරොති. අනුපුබ‍්බමුඤ‍්චනතොති අසුභාදීනං අඤ‍්ඤතරවසෙන උපට‍්ඨිතෙ කෙසෙ මුඤ‍්චිත්‍වා ලොමෙ මනසිකරොන‍්තො සෙය්‍යථාපි නාම ජලූකා නඞ‍්ගුට‍්ඨෙන ගහිතප‍්පදෙසෙ සාපෙක‍්ඛාව හුත්‍වා තුණ‍්ඩෙන අඤ‍්ඤං පදෙසං ගණ‍්හාති, ගහිතෙ ච තස‍්මිං ඉතරං මුඤ‍්චති, එවමෙව කෙසෙසු සාපෙක‍්ඛොව හුත්‍වා ලොමෙ මනසි කරොති, ලොමෙසු ච පතිට‍්ඨිතෙ මනසිකාරෙ කෙසෙ මුඤ‍්චති. එස නයො සබ‍්බත්‍ථ. එවං හිස‍්ස අනුපුබ‍්බමුඤ‍්චනතො මනසිකරොතො අසුභාදීසු අඤ‍්ඤතරවසෙන තෙ ධම‍්මා උපට‍්ඨහන‍්තා අනවසෙසතො උපට‍්ඨහන‍්ති, පාකටතරූපට‍්ඨානා ච හොන‍්ති.

මෙසේ සිහි කරන්නේ මෙතෙම මේ ධර්‍මයන් අනුපූර්‍ව මුඤ්චන වශයෙන් ද සිහි කරයි. අනුපූර්‍ව මුඤ්චන වශයෙන් යනු අශුභාදීන් අතුරෙන් එක් ස්වභාවයකට අනුව වැටහෙන කල්හි කෙස් අර ලෝමයන් සිහිකරන්නේ - යම්සේ කූඩැල්ලෙක් නගුටින් ගත් ප්‍රදේශයෙහි සාපේක්ෂව තුඩින් වෙනත් ප්‍රදේශයක් අල්ලාගනී ද ඒ ආකාරයට කෙස් පිළිබඳව සාපේක්ෂව සිට ලෝම සිහි කරයි. ලෝමයන්හි ද සිහිය පිහිටි කල්හි කෙස්වලින් සිහිය මුදයි. සියලු තන්හි මේ ක්‍රමයමය. මෙසේ අනුපූර්‍ව මුඤ්චන වශයෙන් සිහි කරන්නා වූ මේ යෝගාවචරයා හට අශුභාදිය අතරින් එක් ආකාරයකට අනුව ඒ ධර්‍මයෝ වැටහෙන්නාහු නිරවශේෂ වශයෙන් වැටහෙත්. ප්‍රකට වූ රූපස්ථානයෝ වෙති.

අථ යස‍්ස තෙ ධම‍්මා අසුභතො උපට‍්ඨහන‍්ති, පාකටතරූපට‍්ඨානා ච හොන‍්ති, තස‍්ස සෙය්‍යථාපි නාම මක‍්කටො ද‍්වත‍්තිංසතාලකෙ තාලවනෙ බ්‍යාධෙන පරිපාතියමානො එකරුක‍්ඛෙපි අසණ‍්ඨහන‍්තො පරිධාවිත්‍වා යදා නිවත‍්තො හොති කිලන‍්තො, අථ එකමෙව ඝනතාලපණ‍්ණපරිවෙඨිතං තාලසුචිං නිස‍්සාය තිට‍්ඨති; එවමෙව චිත‍්තමක‍්කටො ද‍්වත‍්තිංසකොට‍්ඨාසකෙ ඉමස‍්මිං කායෙ තෙනෙව යොගිනා පරිපාතියමානො එකකොට‍්ඨාසකෙපි අසණ‍්ඨහන‍්තො පරිධාවිත්‍වා යදා අනෙකාරම‍්මණවිධාවනෙ අභිලාසාභාවෙන නිවත‍්තො හොති කිලන‍්තො. අථ ය‍්වාස‍්ස කෙසාදීසු ධම‍්මො පගුණතරො චරිතානුරූපතරො වා, යත්‍ථ වා පුබ‍්බෙ කතාධිකාරො හොති, තං නිස‍්සාය උපචාරවසෙන තිට‍්ඨති. අථ තමෙව නිමිත‍්තං පුනප‍්පුනං තක‍්කාහතං විතක‍්කාහතං කරිත්‍වා යථාක‍්කමං පඨමං ඣානං උප‍්පාදෙති, තත්‍ථ පතිට‍්ඨාය විපස‍්සනමාරභිත්‍වා අරියභූමිං පාපුණාති.

“යම්සේ වඳුරෙක් තල් ගස් තිස් දෙකක් ඇති තල් වනයක වැද්දෙකු විසින් පහර දෙනු ලබන්නේ එකම ගසකවත් සිටිය නොහැකි වන්නේ හාත්පස දුව යම් කලෙක්හි වෙහෙසට පත්ව නැවතුණේ වේ ද ඉක්බිති එකම ඝන තල් කොළයෙන් වෙළුණු තල් ගොබයක් ඇසුරු කොට සිටී ද ඒ ආකාරයට ඒ යෝගාවචරයාගේ සිත නැමති වඳුරා දෙතිස් කොටසකින් සමන්විත මේ ශරීරයෙහි ඒ යෝගියා විසින් පහර දෙනු ලබන්නේ එක් කොටසෙක්හි ද රැඳි සිටිනු නොහැකි වන්නේ හාත්පස දුව යම් කලෙක්හි වෙහෙසට පත්ව, නොයෙක් අරමුණුවල දිවීමෙහි කැමැත්ත නොමැතිවීම හේතුවෙන් නැවතුණේ වේ ද ඉක්බිති යෝගාවචරයා හට කේශාදීන් අතුරෙන් යම් ධර්‍මයක් වඩා ප්‍රගුණ වූයේ වේ ද නැතහොත් යම් ධර්‍මයෙක්හි පෙර කළ පාලනය ඇත්තේ වේ ද එය ඇසුරු කොට උපචාර වශයෙන් සිටී. ඉක්බිති ඒ නිමිත්තම නැවත නැවත තර්‍කයට නගා විතර්‍කයට නගා පිළිවෙලින් ප්‍රථම ධ්‍යානය උපදවයි. එහි පිහිටා විදර්‍ශනාව අරඹා ආර්‍ය්‍යභූමියට පැමිණේ.

යස‍්ස පන තෙ ධම‍්මා වණ‍්ණතො උපට‍්ඨහන‍්ති, තස‍්සාපි සෙය්‍යථාපි නාම මක‍්කටො…පෙ… අථ ය‍්වාස‍්ස කෙසාදීසු ධම‍්මො පගුණතරො චරිතානුරූපතරො වා, යත්‍ථ වා පුබ‍්බෙ කතාධිකාරො හොති, තං නිස‍්සාය උපචාරවසෙන තිට‍්ඨති. අථ තමෙව නිමිත‍්තං පුනප‍්පුනං තක‍්කාහතං විතක‍්කාහතං කරිත්‍වා යථාක‍්කමං නීලකසිණවසෙන පීතකසිණවසෙන වා පඤ‍්චපි රූපාවචරජ‍්ඣානානි උප‍්පාදෙති, තෙසඤ‍්ච යත්‍ථ කත්‍ථචි පතිට‍්ඨාය විපස‍්සනං ආරභිත්‍වා අරියභූමිං පාපුණාති.

යමෙකුට වනාහී ඒ ධර්‍මයෝ වර්‍ණ වශයෙන් වැටහෙත් ද ඔහුට ද යම්සේ වඳුරෙක් -පෙ- ඉක්බිති මේ යෝගාවචරයා හට කේශාදිය අතුරින් යම් ධර්‍මයක් වඩා ප්‍රගුණවේද නැතහොත් චරිතයට වඩා සුදුසු වේද, නැතහොත් යම් ධර්‍මයෙක්හි පෙර කළ පාලනය ඇත්තේ වේ ද එය ඇසුරු කොට උපචාර වශයෙන් සිටී. ඉක්බිති ඒ නිමිත්තම නැවත නැවත තර්‍කයට නගා විතර්‍කයට නගා පිළිවෙළින් නීලකසිණ වශයෙන් හෝ පීත කසිණ වශයෙන් හෝ රූපාවචර ධ්‍යාන පහද උපදවයි. ඔවුන් අතුරින් ද යම් කිසිවක පිහිටා විදර්‍ශනාව අරඹා ආර්‍ය්‍ය භූමියට පැමිණේ.

යස‍්ස පන තෙ ධම‍්මා සුඤ‍්ඤතො උපට‍්ඨහන‍්ති, සො ලක‍්ඛණතො මනසි කරොති, ලක‍්ඛණතො මනසිකරොන‍්තො තත්‍ථ චතුධාතුවවත්‍ථානවසෙන උපචාරජ‍්ඣානං පාපුණාති. අථ මනසිකරොන‍්තො තෙ ධම‍්මෙ අනිච‍්චදුක‍්ඛානත‍්තසුත‍්තත‍්තයවසෙන මනසි කරොති. අයමස‍්ස විපස‍්සනානයො. සො ඉමං විපස‍්සනං ආරභිත්‍වා යථාක‍්කමඤ‍්ච පටිපජ‍්ජිත්‍වා අරියභූමිං පාපුණාතීති.

යමෙකුට වනාහී ඒ ධර්‍මයෝ ශූන්‍යතා වශයෙන් වැටහෙත් ද හෙතෙම ලක්‍ෂණ වශයෙන් මෙනෙහි කරයි. ලක්‍ෂණ වශයෙන් මෙනෙහි කරන්නේ එහි සතර ධාතූන් වෙන්කොට දැක්වීම් වශයෙන් උපචාර ධ්‍යානයට පැමිණේ. ඉක්බිති මෙනෙහි කරන්නේ ඒ ධර්‍මයන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන සූත්‍ර තුනට අනුව මෙනෙහි කරයි. මේ මෙහි විදර්‍ශනා ක්‍රමයයි. හෙතෙම මෙම විදර්‍ශනාව අරඹා පිළිවෙළින් පිළිපැද ආර්‍ය්‍ය භූමියට පැමිණේ.

එත‍්තාවතා ච යං වුත‍්තං – “කථං පනායං අනුපුබ‍්බාදිවසෙන එතෙ ධම‍්මෙ මනසි කරොතී”ති, තං බ්‍යාකතං හොති. යඤ‍්චාපි වුත‍්තං – “භාවනාවසෙන පනස‍්ස එවං වණ‍්ණනා වෙදිතබ‍්බා”ති, තස‍්සත්‍ථො පකාසිතො හොතීති.

මෙපමණකින් “කෙසේ නම් මේ යෝගාවචරයා, අනුපූර්‍වාදි වශයෙන් මේ ධර්‍මයන් සිහි කරන්නේද?” යනුවෙන් යමක් කියන ලද්දේ ද එය විස්තර කරන ලද්දේ වෙයි. “භාවනා වශයෙන් මේ ද්වත්තිංසාකාරයෙහි වර්‍ණනාව මෙසේ දත යුතුය”යි යමක් කියන ලද්දේ ද එහි අර්‍ථය ද ප්‍රකාශ කරන ලද්දේ වෙයි.