7. තිරොකුඩ්ඩසුත්තවණ්ණනා අට්ඨකථා
7. තිරොකුඩ්ඩ සූත්‍රය වර්ණනාව
නික්ඛෙපප්පයොජනං
නික්ඛෙපප්පයොජනං
ඉදානි “තිරොකුට්ටෙසු තිට්ඨන්තී”තිආදිනා රතනසුත්තානන්තරං නික්ඛිත්තස්ස තිරොකුට්ටසුත්තස්ස අත්ථවණ්ණනාක්කමො අනුප්පත්තො, තස්ස ඉධ නික්ඛෙපප්පයොජනං වත්වා අත්ථවණ්ණනං කරිස්සාම.
දැන් “තිරොකුඩ්ඩෙසු තිට්ඨන්ති” ආදී වශයෙන් රතන සූත්‍රයෙන් අනතුරුව ඇතුළත් කරන ලද තිරොකුඩ්ඩ සූත්‍රයෙහි වර්ණනා ක්‍රමය පැමිණියේය. එම සූත්‍රය මෙහි ඇතුළත් කිරීමේ ප්‍රයෝජනය කියා අර්ථ වර්ණනාව කරන්නෙමු.
තත්ථ ඉදඤ්හි තිරොකුට්ටං ඉමිනා අනුක්කමෙන භගවතා අවුත්තම්පි යායං ඉතො පුබ්බෙ නානප්පකාරෙන කුසලකම්මපටිපත්ති දස්සිතා, තත්ථ පමාදං ආපජ්ජමානො නිරයතිරච්ඡානයොනීහි විසිට්ඨතරෙපි ඨානෙ උප්පජ්ජමානො යස්මා එවරූපෙසු පෙතෙසු උප්පජ්ජති, තස්මා න එත්ථ පමාදො කරණීයොති දස්සනත්ථං, යෙහි ච භූතෙහි උපද්දුතාය වෙසාලියා උපද්දවවූපසමනත්ථං රතනසුත්තං වුත්තං, තෙසු එකච්චානි එවරූපානීති දස්සනත්ථං වා වුත්තන්ති.
එහිදී, මේ තිරෝකුඩ්ඩ සූත්‍රය වනාහී මේ පිළිවෙලින් භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා නොකරන ලද්දේ නමුදු “මෙයින් පෙර යම් මේ නොයෙක් ආකාරයෙන් කුශල කර්ම ප්‍රතිපත්ති දක්වන ලද්දේ ද එම කුශල කර්මයන්හි ප්‍රමාදයට පැමිණෙන තැනැත්තා නරක, තිරිසන් යෝනීන්ට වඩා උසස් තැනක උපදින කල්හි ද යම් හෙයකින් මෙබඳු වූ ප්‍රේතයන් අතර උපදී ද, එහෙයින් මේ කුශලකර්මයෙහි ප්‍රමාදවීම නොකළ යුතු යයි දැක්වීම සඳහාත් නැතහොත් යම් භූත කොට්ඨාසයන් විසින් උවදුරට ලක් කරන ලද විශාලාවේ එම උපද්‍රවය සංසිඳවීම සඳහා රතන සූත්‍රය දේශනා කරන ලද්දේ ද ඒ භූතයන් අතුරෙන් සමහරුන් මෙබඳු යයි දැක්වීම සඳහාත් දේශනා කරන ලද්දේය
ඉදමස්ස ඉධ නික්ඛෙපප්පයොජනං වෙදිතබ්බං.
යනුවෙන් මෙම සුත්‍රය මෙහි ඇතුළත් කිරීමේ ප්‍රයෝජනය දත යුතුය.
අනුමොදනාකථා
අනුමොදනාකථා
යස්මා පනස්ස අත්ථවණ්ණනා –
යම් හෙයකින් මෙහි අර්ථ වර්ණනාව:
“යෙන යත්ථ යදා යස්මා, තිරොකුට්ටං පකාසිතං; පකාසෙත්වාන තං සබ්බං, කයිරමානා යථාක්කමං; සුකතා හොති තස්මාහං, කරිස්සාමි තථෙව තං”.
“යමෙකු විසින් යම් තැනකදී යම් දිනක යම් හෙයකින් තිරෝකුඩ්ඩ සූත්‍රය දේශනා කරන ලද්දේ ද ඒ සියල්ල ප්‍රකාශ කොට පිළිවෙලින් අර්ථ වර්ණනාව කරනු ලබන්නේ මැනවින් කරන ලද්දේ වේ. එහෙයින් මම ඒ අර්ථ වර්ණනාව එලෙසින්ම කරන්නෙමි.”
කෙන පනෙතං පකාසිතං, කත්ථ කදා කස්මා චාති? වුච්චතෙ – භගවතා පකාසිතං, තං ඛො පන රාජගහෙ දුතියදිවසෙ රඤ්ඤො මාගධස්ස අනුමොදනත්ථං. ඉමස්ස චත්ථස්ස විභාවනත්ථං අයමෙත්ථ විත්ථාරකථා කථෙතබ්බා –
මේ තිරෝකුඩ්ඩ සූත්‍රය කවරෙකු විසින් ප්‍රකාශ කරන ලද්දේ ද? කොහිදී ද? කවදා ද? කුමක් හෙයින්දැයි කියනු ලැබේ. භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලදී. එය වනාහී රජගහ නුවරදී දෙවන දවසෙහි මගධ රජුට අනුමෝදනාව පිණිසය. මේ අර්ථය පැහැදිලිවීම සඳහා මෙහිදී මේ විස්තර කථාව කිව යුතුය.
ඉතො ද්වානවුතිකප්පෙ කාසි නාම නගරං අහොසි. තත්ථ ජයසෙනො නාම රාජා. තස්ස සිරිමා නාම දෙවී, තස්සා කුච්ඡියං ඵුස්සො නාම බොධිසත්තො නිබ්බත්තිත්වා අනුපුබ්බෙන සම්මාසම්බොධිං අභිසම්බුජ්ඣි. ජයසෙනො රාජා “මම පුත්තො අභිනික්ඛමිත්වා බුද්ධො ජාතො, මය්හමෙව බුද්ධො, මය්හං ධම්මො, මය්හං සඞ්ඝො”ති මමත්තං උප්පාදෙත්වා සබ්බකාලං සයමෙව උපට්ඨහති, න අඤ්ඤෙසං ඔකාසං දෙති.
මෙයින් කල්ප අනූ දෙකකට පෙර කාශි නම් නුවරක් විය. එහි ජයසේන නම් රජෙක් විය. ඔහුට සිරිමා නම් දේවියක් වූවාය. ඵුස්ස නම් බෝධි සත්වයෝ ඇයගේ කුසෙහි ඉපිද පිළිවෙලින් සම්මා සම්බෝධිය අවබෝධ කළහ. ජයසේන රජ “මගේ පුතා ගිහි ගෙයින් නික්ම බුදු විය. බුදුන් වහන්සේ මගේමය. ධර්මය මගේමය, සංඝයා මගේම යයි මමත්වය උපදවා සියලු කල්හි තෙමේම උපස්ථාන කරයි. අනෙක් අයට අවස්ථාවක් නොදෙයි.
භගවතො කනිට්ඨභාතරො වෙමාතිකා තයො භාතරො චින්තෙසුං – “බුද්ධා නාම සබ්බලොකහිතාය උප්පජ්ජන්ති, න චෙකස්සෙවත්ථාය, අම්හාකඤ්ච පිතා අඤ්ඤෙසං ඔකාසං න දෙති, කථං නු මයං ලභෙය්යාම භගවන්තං උපට්ඨාතු”න්ති. තෙසං එතදහොසි – “හන්ද මයං කිඤ්චි උපායං කරොමා”ති. තෙ පච්චන්තං කුපිතං විය කාරාපෙසුං. තතො රාජා “පච්චන්තො කුපිතො”ති සුත්වා තයොපි පුත්තෙ පච්චන්තවූපසමනත්ථං පෙසෙසි. තෙ වූපසමෙත්වා ආගතා, රාජා තුට්ඨො වරං අදාසි “යං ඉච්ඡථ, තං ගණ්හථා”ති. තෙ “මයං භගවන්තං උපට්ඨාතුං ඉච්ඡාමා”ති ආහංසු. රාජා “එතං ඨපෙත්වා අඤ්ඤං ගණ්හථා”ති ආහ. තෙ “මයං අඤ්ඤෙන අනත්ථිකා”ති ආහංසු. තෙන හි පරිච්ඡෙදං කත්වා ගණ්හථාති. තෙ සත්ත වස්සානි යාචිංසු, රාජා න අදාසි. එවං ඡ, පඤ්ච, චත්තාරි, තීණි, ද්වෙ, එකං, සත්ත මාසානි, ඡ, පඤ්ච, චත්තාරීති යාව තෙමාසං යාචිංසු. රාජා “ගණ්හථා”ති අදාසි.
භාග්‍යවතුන් වහන්සේගේ බාල සහෝදර වූ අන්‍ය මවකගේ දරුවන් වූ සොහොයුරෝ තිදෙනා මෙසේ සිතූහ. “බුදුවරු නම් සියලු ලෝකයාට හිත පිණිස උපදිති. එක් අයෙකු සඳහා නොවේ. අපගේ පියා ද අන්‍යයන්ට ඉඩක් නොදෙයි. අපි භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කිරීමට කෙසේ නම් ලබන්නෙමුද?” යනුවෙනි. ඔවුන්ට මෙසේ අදහස් විය. “එසේ නම් අපි යම්කිසි උපායක් කරමු” යනුවෙනි. ඔවුහු ප්රත්යන්තය (පිටිසර) කුපිත වූවක් මෙන් කරවූහ. ඉක්බිති රජතුමා ප්රත්යන්තය කිපියේයයි අසා පුතුන් තිදෙනාම ප්රත්යන්තය සංසිඳවීම සඳහා යැවීය. ඔවුහු සංසිඳවා ආහ. රජතුමා සතුටු වූයේය. “යමක් කැමැත්තෙහු නම් එය ගනිවු” යයි වරයක් දුනි. ඔවුහු “අපි භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කිරීමට කැමැත්තෙමු”යි කීහ. රජතුමා “එය හැර වෙනත් වරයක් ගනිවු” යයි කීය. ඔවුහු “අපි වෙනත් වරයක් ප්‍රයෝජන නැත්තෙමු”යි කීහ. එසේ නම් දින වෙන් කොට ගෙන ගනිවු යයි (රජු කීය). ඔවුහු සත්වසරක් ඉල්ලූහ. රජු නොදුනි. මෙසේ (වසර) හයක්, පහක්, හතරක්, තුනක්, දෙකක්, එකක්, මාස හතක්, හයක්, පහක්, හතරක් වශයෙන් තුන් මාසය දක්වා ඉල්ලූහ. රජතුමා “ගනිවු” යයි දුනි.
තෙ වරං ලභිත්වා පරමතුට්ඨා භගවන්තං උපසඞ්කමිත්වා වන්දිත්වා ආහංසු – “ඉච්ඡාම මයං, භන්තෙ, භගවන්තං තෙමාසං උපට්ඨාතුං, අධිවාසෙතු නො, භන්තෙ, භගවා ඉමං තෙමාසං වස්සාවාස”න්ති. අධිවාසෙසි භගවා තුණ්හීභාවෙන. තතො තෙ අත්තනො ජනපදෙ නියුත්තකපුරිසස්ස ලෙඛං පෙසෙසුං “ඉමං තෙමාසං අම්හෙහි භගවා උපට්ඨාතබ්බො, විහාරං ආදිං කත්වා සබ්බං භගවතො උපට්ඨානසම්භාරං කරොහී”ති. සො තං සබ්බං සම්පාදෙත්වා පටිනිවෙදෙසි. තෙ කාසායවත්ථනිවත්ථා හුත්වා අඩ්ඪතෙය්යෙහි පුරිසසහස්සෙහි වෙය්යාවච්චකරෙහි භගවන්තං සක්කච්චං උපට්ඨහමානා ජනපදං නෙත්වා විහාරං නිය්යාතෙත්වා වසාපෙසුං.
ඔවුහු වරය ලැබ අතිශයින් සතුටු වූවාහු. භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ වැඳ “ස්වාමීනි අපි භාග්‍යවතුන් වහන්සේට තුන් මසක් උපස්ථාන කිරීමට කැමැත්තෙමු. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මේ තුන්මස වස් විසීම ඉවසා වදාරණු මැනවැයි කීය. භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණීභාවයෙන් ඉවසා වදාළහ. ඉන්පසු ඔවුහු තම ජනපදයෙහි නියෝජිත පුරුෂයාට “මේ තුන් මාසය අප විසින් භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කළ යුතුය. විහාරය මුල්කොට භාග්‍යවතුන් වහන්සේට උපස්ථානයට අවශ්‍ය සියලු දේ කරවයි හස්නක් යැවූහ. හෙතෙම ඒ සියල්ල සම්පදනය කොට ආපසු දන්වා යැවීය. ඔවුහු කසාවත් හැඳ ගත්තෝ වී වතාවත් කරන පුරුෂයන් දහසක් සමඟ භාග්‍යවතුන් වහන්සේට මැනවින් උපස්ථාන කරමින් ජනපදයට වැඩමවා විහාරය පවරා දී වාසය කරවූහ.
තෙසං භණ්ඩාගාරිකො එකො ගහපතිපුත්තො සපජාපතිකො සද්ධො අහොසි පසන්නො. සො බුද්ධප්පමුඛස්ස සඞ්ඝස්ස දානවත්තං සක්කච්චං අදාසි. ජනපදෙ නියුත්තකපුරිසො තං ගහෙත්වා ජානපදෙහි එකාදසමත්තෙහි පුරිසසහස්සෙහි සද්ධිං සක්කච්චමෙව දානං පවත්තාපෙසි. තත්ථ කෙචි ජානපදා පටිහතචිත්තා අහෙසුං. තෙ දානස්ස අන්තරායං කත්වා දෙය්යධම්මෙ අත්තනා ඛාදිංසු, භත්තසාලඤ්ච අග්ගිනා දහිංසු. පවාරිතෙ රාජපුත්තා භගවතො මහන්තං සක්කාරං කත්වා භගවන්තං පුරක්ඛත්වා පිතුනො සකාසමෙව අගමංසු. තත්ථ ගන්ත්වා එව භගවා පරිනිබ්බායි. රාජා ච රාජපුත්තා ච ජනපදෙ නියුත්තකපුරිසො ච භණ්ඩාගාරිකො ච අනුපුබ්බෙන කාලං කත්වා සද්ධිං පරිසාය සග්ගෙ උප්පජ්ජිංසු, පටිහතචිත්තජනා නිරයෙසු නිබ්බත්තිංසු. එවං තෙසං ද්වින්නං ගණානං සග්ගතො සග්ගං, නිරයතො නිරයං උපපජ්ජන්තානං ද්වානවුතිකප්පා වීතිවත්තා.
ඔවුන්ගේ භාණ්ඩගාරික වූ එක් ගෘහපති පුත්‍රයෙක් සිය බිරිඳ සහිතව සැදැහැති වූයේ තෙරුවන් කෙරෙහි පැහැදුණේ විය. හෙතෙම බුද්ධ ප්රමුඛ සංඝයාට දන්වැට සකසා දුන්නේය. ජනපදයෙහි නියෝජිත පුරුෂයා එම දන්වැට ගෙන ජනපද වාසී එකොළොස් දහසක් පමණ වූ පුරුෂයන් සමග සකසාම දානය පැවැත්වීය. එහි සමහර ජානපදිකයෝ (මෙයට) විරුද්ධ සිත් ඇත්තෝ වූහ. ඔවුහු දානයට අනතුරු කොට දිය යුතු දේ තමාම අනුභව කළහ. බත්හල ද ගින්නෙන් දැවූහ. වස් පවාරණය කළ කල්හි රාජ පුත්‍රයෝ භාග්‍යවතුන් වහන්සේට මහත් සත්කාර කොට භාග්‍යවතුන් වහන්සේ පෙරටු කොට පිය රජුගේ සමීපයට ගියහ. එහි ගොස් (කලකට පසු) භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑහ. රජතුමා ද රාජ පුත්‍රයෝ ද ජනපදයෙහි නියෝජිත පුරුෂයා ද භාණ්ඩාගාරික ද පිළිවෙලින් කළුරිය කොට පිරිස සමග ස්වර්ගයෙහි උපන්හ. විරුද්ධ සිත් ඇති ජනයෝ නිරයන්හි උපන්හ. මෙසේ ඒ ජන සමූහයන් දෙක ස්වර්ගයෙන් ස්වර්ගය, නිරයෙන් නිරය උපදින්නාහු කල්ප අනූ දෙකක් ඉක්ම ගියේය.
අථ ඉමස්මිං භද්දකප්පෙ කස්සපබුද්ධස්ස කාලෙ තෙ පටිහතචිත්තජනා පෙතෙසු උප්පන්නා. තදා මනුස්සා අත්තනො ඤාතකානං පෙතානං අත්ථාය දානං දත්වා උද්දිසන්ති “ඉදං අම්හාකං ඤාතීනං හොතූ”ති. තෙ සම්පත්තිං ලභන්ති. අථ ඉමෙපි පෙතා තං දිස්වා භගවන්තං කස්සපං උපසඞ්කමිත්වා පුච්ඡිංසු – “කිං නු ඛො, භන්තෙ, මයම්පි එවරූපං සම්පත්තිං ලභෙය්යාමා”ති? භගවා ආහ – “ඉදානි න ලභථ, අපිච අනාගතෙ ගොතමො නාම බුද්ධො භවිස්සති, තස්ස භගවතො කාලෙ බිම්බිසාරො නාම රාජා භවිස්සති, සො තුම්හාකං ඉතො ද්වානවුතිකප්පෙ ඤාති අහොසි, සො බුද්ධස්ස දානං දත්වා තුම්හාකං උද්දිසිස්සති, තදා ලභිස්සථා”ති. එවං වුත්තෙ කිර තෙසං පෙතානං තං වචනං “ස්වෙ ලභිස්සථා”ති වුත්තං විය අහොසි.
ඉක්බිති මේ භද්‍ර කල්පයෙහි කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි ඒ නැසුණු සිත් ඇති ජනයෝ ප්‍රේතයන් අතර උපන්හ. මිනිස්සු තමන්ගේ ඥාතීන් වූ ප්‍රේතයන් සඳහා දන් දී (මේ පින්) අපගේ ඥාතීන්ට වේවා”යි අනුමෝදන් කරති. ඔවුහු සම්පත් ලබති. ඉක්බිති මේ ප්‍රේතයෝ ද එය දැක කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ “ස්වාමීනි, කිම අපිද මෙබඳු වූ සම්පත් ලබන්නෙමුදැ”යි විචාළහ. භාග්‍යවතුන් වහන්සේ “දැන් නොලබවු, එසේ ද වුවත් අනාගතයෙහි ගෞතම නම් බුදු කෙනෙක් වන්නාහ. ඒ භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි බිම්බිසාර නම් රජෙක් වන්නේය. හෙතෙම මෙයින් කල්ප අනූ දෙකකට පෙර නුඹලාගේ ඥාතියෙක් විය. හෙතෙම බුදුරජාණන් වහන්සේට දානයක් දී නුඹලාට පිං දෙන්නේය. එකල ලබන්නෙහු යයි වදාළහ. මෙසේ වදාළ කල්හි වනාහී ඒ ප්‍රේතයන්ට එම වචනය “හෙට (සම්පත්) ලබන්නෙහුය’යි කියන ලද්දක් මෙන් විය.
අථ එකස්මිං බුද්ධන්තරෙ වීතිවත්තෙ අම්හාකං භගවා ලොකෙ උප්පජ්ජි. තෙපි තයො රාජපුත්තා තෙහි අඩ්ඪතෙය්යෙහි පුරිසසහස්සෙහි සද්ධිං දෙවලොකා චවිත්වා මගධරට්ඨෙ බ්රාහ්මණකුලෙ උප්පජ්ජිත්වා අනුපුබ්බෙන ඉසිපබ්බජ්ජං පබ්බජිත්වා ගයාසීසෙ තයො ජටිලා අහෙසුං, ජනපදෙ නියුත්තකපුරිසො, රාජා අහොසි බිම්බිසාරො, භණ්ඩාගාරිකො, ගහපති විසාඛො නාම මහාසෙට්ඨි අහොසි, තස්ස පජාපති ධම්මදින්නා නාම සෙට්ඨිධීතා අහොසි. එවං සබ්බාපි අවසෙසා පරිසා රඤ්ඤො එව පරිවාරා හුත්වා නිබ්බත්තා.
ඉක්බිති එක් බුද්ධාන්තරයක් ඉක්ම ගිය කල්හි අපගේ භාග්‍යවතුන් වහන්සේ ලොව උපන්හ. ඒ රාජ පුත්‍රයෝ තිදෙනා ද ඒ පුරුෂයන් දහසත් සමඟ දෙව්ලොවින් චුතව මගධ රට බ්‍රාහ්මණ කුලයෙහි ඉපිද පිළිවෙළින් සෘෂි ප්‍රව්‍රජ්‍යාවෙන් පැවිදිව ගයා ශීර්ෂයෙහි ජටිලයෝ තිදෙනා වූහ. ජනපදයෙහි නියෝජිත පුරුෂයා බිම්බිසාර රජු විය. භාණ්ඩාගාරික ගෘහපතියා විශාඛ මහ සිටුවරයා විය. ඔහුගේ බිරිඳ ධම්මදින්නා නම් සිටු දියණිය වූවාය. මෙසේ සියලු අවශේෂ පිරිස ද රජුගේ පිරිවර වී උපන්නේය.
අම්හාකං භගවා ලොකෙ උප්පජ්ජිත්වා සත්තසත්තාහං අතික්කමිත්වා අනුපුබ්බෙන බාරාණසිං ආගම්ම ධම්මචක්කං පවත්තෙත්වා පඤ්චවග්ගියෙ ආදිං කත්වා යාව අඩ්ඪතෙය්යසහස්සපරිවාරෙ තයො ජටිලෙ විනෙත්වා රාජගහං අගමාසි. තත්ථ ච තදහුපසඞ්කමන්තංයෙව රාජානං බිම්බිසාරං සොතාපත්තිඵලෙ පතිට්ඨාපෙසි එකාදසනවුතෙහි මාගධකෙහි බ්රාහ්මණගහපතිකෙහි සද්ධිං. අථ රඤ්ඤා ස්වාතනාය භත්තෙන නිමන්තිතො භගවා අධිවාසෙත්වා දුතියදිවසෙ සක්කෙන දෙවානමින්දෙන පුරතො පුරතො ගච්ඡන්තෙන –
අපගේ භාග්‍යවතුන් වහන්සේ ලොව ඉපිද සත් සතිය ගෙවා පිළිවෙළින් බරණැසට වැඩම කොට දම්සක් පවත්වා පඤ්ච වග්ගිය භික්ෂූන් ආදී කොට දහසක් පිරිවර ඇති ජටිලයන් තිදෙනා දක්වා (පිරිස) හික්මවා රජගහ නුවරට වැඩියහ. එහිදී ද එදිනම තමන් වහන්සේ වෙත පැමිණි බිම්බිසාර රජු මගධ වැසි එක් ලක්ෂ විසි දහසක් බ්‍රාහ්මණ ගෘහපතියන් සමග සෝවාන් ඵලයෙහි පිහිට වූහ. ඉක්බිති රජු විසින් හෙට දින සඳහා දානයෙන් ආරාධනා කරන ලද්දාහු එය පිළිගෙන දෙවන දවස්හි පෙරටුව යන්නාවූ සක්දෙව් රජු විසින්
“දන්තො දන්තෙහි සහ පුරාණජටිලෙහි, විප්පමුත්තො විප්පමුත්තෙහි; සිඞ්ගීනික්ඛසවණ්ණො, රාජගහං පාවිසි භගවා”ති. (මහාව· 58) –
“දැමුණු වෙසෙසින් මිදුණු භාග්‍යවතුන් වහන්සේ දඹරන් පැහැ ඇති සේක්, දමුණු වෙසෙසින් මිදුණු පුරාණ ජටිලයන් සමඟ රජගහ නුවරට වැඩියහ” යයි
එවමාදීහි ගාථාහි අභිත්ථවියමානො රාජගහං පවිසිත්වා රඤ්ඤො නිවෙසනෙ මහාදානං සම්පටිච්ඡි. තෙ පෙතා “ඉදානි රාජා අම්හාකං දානං උද්දිසිස්සති, ඉදානි උද්දිසිස්සතී”ති ආසාය පරිවාරෙත්වා අට්ඨංසු.
මේ ආදී ගාථාවන්ගෙන් ස්තූති කරනු ලබන්නාහු රජගහ නුවරට පිවිස රජුගේ නිවස්නේදී මහා දානය පිළිගත්හ. ඒ ප්‍රේතයෝ “රජතුමා දැන් අපට දානය අනුමෝදන් කරන්නේය, දැන් අනුමෝදන් කරන්නේය”යි ආශාවෙන් පිරිවරා සිටියහ.
රාජා දානං දත්වා “කත්ථ නු ඛො භගවා විහරෙය්යා”ති භගවතො විහාරට්ඨානමෙව චින්තෙසි, න තං දානං කස්සචි උද්දිසි. පෙතා ඡින්නාසා හුත්වා රත්තිං රඤ්ඤො නිවෙසනෙ අතිවිය භිංසනකං විස්සරමකංසු. රාජා භයසංවෙගසන්තාසමාපජ්ජි, තතො පභාතාය රත්තියා භගවතො ආරොචෙසි – “එවරූපං සද්දමස්සොසිං, කිං නු ඛො මෙ, භන්තෙ, භවිස්සතී”ති. භගවා ආහ – “මා භායි, මහාරාජ, න තෙ කිඤ්චි පාපකං භවිස්සති, අපිච ඛො තෙ පුරාණඤාතකා පෙතෙසු උප්පන්නා සන්ති, තෙ එකං බුද්ධන්තරං තමෙව පච්චාසීසමානා විචරන්ති ‘බුද්ධස්ස දානං දත්වා අම්හාකං උද්දිසිස්සතී’ති, න තෙසං ත්වං හිය්යො උද්දිසි, තෙ ඡින්නාසා තථාරූපං විස්සරමකංසූ”ති.
රජතුමා දන් දී “භාග්‍යවතුන් වහන්සේ කොහි නම් වසන්නාහුදැයි භාග්‍යවතුන් වහන්සේගේ විහාරස්ථානය ගැනම සිතීය. ඒ දානය කිසිවෙකුට අනුමෝදන් නොකළේය. ප්‍රේතයෝ සිඳුණු ආශා ඇත්තේ වී රාත්‍රියෙහි රජුන්ගේ නිවෙස්නේ අතිශයින් භය ජනක දුඃඛිත හඬක් කළහ. රජ භයට සංවේගයට හා සන්තාපයට පැමිණියේය. ඉක්බිති රාත්‍රිය පහවූ කල්හි “මෙබඳු ශබ්දයක් ඇසුවෙමි. ස්වාමීනි, මට කුමක් නම් වන්නේදැ’යි භාග්‍යවතුන් වහන්සේගෙන් විමසීය. භාග්‍යවතුන් වහන්සේ “මහරජ, බිය නොවෙව, කිසි නපුරක් නොවන්නේය. එසේ ද වුවත් නුඹගේ පෙර ඥාතීහු ප්‍රේතයන් අතර උපන්නාහු වෙති. ඔවුහු එක් බුද්ධාන්තරයක් “බුදුන් වහන්සේට දන් දී අපට පිං අනුමෝදන් කරන්නේ යයි නුඹම බලාපොරොත්තුවෙන් හැසිරෙති. නුඹ ඊයේ ඒ පිං අනුමෝදන් නොකළෙහිය. ඔවුහු සිඳුණු ආශා ඇත්තාහු එබඳු වූ දුඃඛිත ශබ්දයක් කළයි වදාළහ.
සො ආහ “ඉදානි පන, භන්තෙ, දින්නෙ ලභෙය්යු”න්ති? “ආම, මහාරාජා”ති. “තෙන හි මෙ, භන්තෙ, අධිවාසෙතු භගවා අජ්ජතනාය දානං, තෙසං උද්දිසිස්සාමී”ති? භගවා අධිවාසෙසි. රාජා නිවෙසනං ගන්ත්වා මහාදානං පටියාදෙත්වා භගවතො කාලං ආරොචාපෙසි. භගවා රාජන්තෙපුරං ගන්ත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි සද්ධිං භික්ඛුසඞ්ඝෙන. තෙපි ඛො පෙතා “අපි නාම අජ්ජ ලභෙය්යාමා”ති ගන්ත්වා තිරොකුට්ටාදීසු අට්ඨංසු. භගවා තථා අකාසි, යථා තෙ සබ්බෙව රඤ්ඤො පාකටා අහෙසුං. රාජා දක්ඛිණොදකං දෙන්තො “ඉදං මෙ ඤාතීනං හොතූ”ති උද්දිසි, තඞ්ඛණඤ්ඤෙව තෙසං පෙතානං පදුමසඤ්ඡන්නා පොක්ඛරණියො නිබ්බත්තිංසු. තෙ තත්ථ න්හත්වා ච පිවිත්වා ච පටිප්පස්සද්ධදරථකිලමථපිපාසා සුවණ්ණවණ්ණා අහෙසුං. රාජා යාගුඛජ්ජකභොජනානි දත්වා උද්දිසි, තඞ්ඛණඤ්ඤෙව තෙසං දිබ්බයාගුඛජ්ජකභොජනානි නිබ්බත්තිංසු. තෙ තානි පරිභුඤ්ජිත්වා පීණින්ද්රියා අහෙසුං. අථ වත්ථසෙනාසනානි දත්වා උද්දිසි. තෙසං දිබ්බවත්ථදිබ්බයානදිබ්බපාසාදදිබ්බපච්චත්ථරණදිබ්බසෙය්යාදිඅලඞ්කාරවිධයො නිබ්බත්තිංසු. සාපි තෙසං සම්පත්ති යථා සබ්බාව පාකටා හොති, තථා භගවා අධිට්ඨාසි. රාජා අතිවිය අත්තමනො අහොසි. තතො භගවා භුත්තාවී පවාරිතො රඤ්ඤො මාගධස්ස අනුමොදනත්ථං “තිරොකුට්ටෙසු තිට්ඨන්තී”ති ඉමා ගාථා අභාසි.
හෙතෙම “ස්වාමීනි, දැන් දුන් කල්හි ලැබෙන්නෙහුදැයි ඇසීය. “මහරජ, එසේ යයි (භාග්‍යවතුන් වහන්සේ වදාළහ.) “ස්වාමීනි, එසේනම් භාග්‍යවතුන් වහන්සේ අද දින සඳහා මාගේ දානය පිළිගන්නා සේක්වා, ඔවුන්ට දානය අනුමෝදන් කරන්නෙමි’යි කීය. භාග්‍යවතුන් වහන්සේ පිළිගත්හ. රජතුමා නිවෙස්නට ගොස් මහා දානයක් පිළියෙල කොට භාග්‍යවතුන් වහන්සේට කාලය දන්වා යැවීය. භාග්‍යවතුන් වහන්සේ රජුගේ ඇතුල් පුරයට වැඩමකොට පනවන ලද අසුනෙහි භික්ෂු සංඝයා සමඟ වැඩ හුන්හ. ඒ ප්‍රේතයෝ ද “අදවත් ලබන්නෙමු නම් යෙහෙකැයි ගොස් බිත්තියෙන් පිට ආදී තැන්වල සිටියහ. භාග්‍යවතුන් වහන්සේ යම්සේ ඒ සියලු ප්‍රේතයෝ රජුට පෙනෙන්නෝ වූවාද එසේ කළහ. රජතුමා දානය සඳහා පැන් පූජා කරන්නේ “මේ පින ඒ ඥාතීන්ට වේවා”යි අනුමෝදන් කළේය. එකෙණෙහිම ඒ ප්‍රේතයන්ට පියුමෙන් ගැවසීගත් පොකුණු පහළ විය. ඔවුහු එහි නා පැන් පානය කොට සන්සිඳුණු දාහය ක්ලාන්තය හා පිපාසය ඇත්තාහු රන්වන් වුහ. රජතුමා කැඳ, කෑ යුතු දේ හා බොජුන් දී පිං අනුමෝදන් කළේය. එකෙණෙහිම ඔවුන්ට දිව්‍යමය කැඳ, කෑ යුතු දේ හා බොජුන් පහළ විය. ඔවුහු ඒවා අනුභව කොට පිණාගිය ඉන්ද්රිය ඇත්තෝ වූහ. ඉක්බිති වස්ත්‍ර හා සෙනසුන් පූජා කොට පිං අනුමෝදන් කළේය. ඔවුන්ට දිව්‍යමය වස්ත්‍ර, දිව්‍යමය යානා, දිව්‍යමය ප්‍රාසාද, දිව්‍යමය ඇතිරිලි, දිව්‍යමය සයනාදී අලංකාර නොයෙක් දේ පහළ විය. ඔවුන්ගේ ඒ සම්පත්ති යම් සේ සියල්ලම ප්‍රකට වේ ද භාග්‍යවතුන් වහන්සේ එසේ අධිෂ්ඨාන කළහ. රජතුමා අතිශයින් සතුටු සිත් ඇත්තේ විය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ දන් වළඳා අවසන් කළාහු මගධාධිපති රජුට අනුමෝදනාව පිණිස “තිරොකුඩ්ඩෙසු තිට්ඨන්ති’’ යන මේ ගාථා වදාළහ.
එත්තාවතා ච “යෙන යත්ථ යදා යස්මා, තිරොකුට්ටං පකාසිතං, පකාසෙත්වාන තං සබ්බ”න්ති අයං මාතිකා සඞ්ඛෙපතො විත්ථාරතො ච විභත්තා හොති.
මෙපමණකින්ම “යෙන යත්ථ යදා යස්මා තිරොකුඩ්ඩං පකාසිතං පකාසෙත්වාන තං සබ්බං” යන මේ මාතෘකා කෙටියෙන් ද විස්තර වශයෙන් ද පැහැදිලි කළේ වෙයි.
පඨමගාථාවණ්ණනා
පඨමගාථාවණ්ණනා
ඉදානි ඉමස්ස තිරොකුට්ටස්ස යථාක්කමං අත්ථවණ්ණනං කරිස්සාම. සෙය්යථිදං – පඨමගාථාය තාව තිරොකුට්ටාති කුට්ටානං පරභාගා වුච්චන්ති. තිට්ඨන්තීති නිසජ්ජාදිප්පටික්ඛෙපතො ඨානකප්පනවචනමෙතං. තෙන යථා පාකාරපරභාගං පබ්බතපරභාගඤ්ච ගච්ඡන්තං “තිරොපාකාරං තිරොපබ්බතං අසජ්ජමානො ගච්ඡතී”ති වදන්ති, එවමිධාපි කුට්ටස්ස පරභාගෙසු තිට්ඨන්තෙ “තිරොකුට්ටෙසු තිට්ඨන්තී”ති ආහ. සන්ධිසිඞ්ඝාටකෙසු චාති එත්ථ සන්ධියොති චතුක්කොණරච්ඡා වුච්චන්ති ඝරසන්ධිභිත්තිසන්ධිආලොකසන්ධියො චාපි. සිඞ්ඝාටකාති තිකොණරච්ඡා වුච්චන්ති, තදෙකජ්ඣං කත්වා පුරිමෙන සද්ධිං සඞ්ඝටෙන්තො “සන්ධිසිඞ්ඝාටකෙසු චා”ති ආහ. ද්වාරබාහාසු තිට්ඨන්තීති නගරද්වාරඝරද්වාරානං බාහා නිස්සාය තිට්ඨන්ති. ආගන්ත්වාන සකං ඝරන්ති එත්ථ සකං ඝරං නාම පුබ්බඤාතිඝරම්පි අත්තනා සාමිකභාවෙන අජ්ඣාවුත්ථපුබ්බඝරම්පි. තදුභයම්පි යස්මා තෙ සකඝරසඤ්ඤාය ආගච්ඡන්ති, තස්මා “ආගන්ත්වාන සකං ඝර”න්ති ආහ.
දැන් මේ තිරොකුඩ්ඩ සූත්‍රය පිළිවෙළින් අර්ථ වර්ණනාව කරන්නෙමු. ඒ කෙසේද යත්, පළමු ගාථාවෙහි ‘තිරොකුඩ්ඩ’ යනු බිත්තීන්ගේ පසුභාගය කියනු ලැබෙත්. ‘තිට්ඨන්ති’ යන මෙය හිදීම් ආදිය ප්‍රතික්ෂේප කළ හෙයින් සිටීම කියවෙන වචනයකි. එයින් යම්සේ ප්‍රාකාරයෙන් එහා පැත්තට පර්වතයෙන් එහා පැත්තට යන තැනැත්තා “තිරො පකාරං තිරො පබ්බතං අසජ්ජමානො ගච්ඡති” (බිත්තියෙන් පිටතට, පර්වතයෙන් පිටතට නොගැටමින් යයි) කියත් ද එලෙසින්ම මෙහි ද බිත්තියෙන් එහා පැත්තෙහි සිටින කල්හි “තිරොකුඩ්ඩෙසු තිට්ඨන්ති’’ යයි වදාළහ. “සන්ධිසිඞ්ඝාටකෙසුච” යන මෙහි “සන්ධියො” යන්නෙන් සතර මං සන්ධි කියනු ලැබෙත්. ගෘහසන්ධි, බිත්ති සන්ධි, ආලෝක සන්ධි ආදිය ද වේ. “සිඞ්ඝාටකා” යන්නෙන් තුං මං සන්ධි කියනු ලැබෙත්. එය එක්කොට මුල් පදය සමග ගළපන්නේ “සන්ධි සිඞ්ඝාටකෙසුච” යයි වදාළහ. “ද්වාරබාහාසු තිට්ඨන්ති” යනු නගර ද්වාර, ගෘහද්වාරයන්ගේ කණු ඇසුරු කොට සිටිත්, “ආගන්ත්වාන සකං ඝරං” යනු මෙහි ස්වකීය ගෘහය නම් පෙර ජාතියෙහි නෑ ගෙය ද තමා අධිපති භාවයෙන් විසූ පෙර ගෙය ද ඒ දෙකම ද යම් හෙයකින් ඒ ඥාතී ප්‍රේතයෝ ස්වකිය ගෘහය යන හැඟීමෙන් එත් ද එහෙයින් “ආගන්ත්වාන සකං ඝරං” යයි වදාළහ.
දුතියගාථාවණ්ණනා
දුතියගාථාවණ්ණනා
එවං භගවා පුබ්බෙ අනජ්ඣාවුත්ථපුබ්බම්පි පුබ්බඤාතිඝරං බිම්බිසාරනිවෙසනං සකඝරසඤ්ඤාය ආගන්ත්වා තිරොකුට්ටසන්ධිසිඞ්ඝාටකද්වාරබාහාසු ඨිතෙ ඉස්සාමච්ඡරියඵලං අනුභවන්තෙ, අප්පෙකච්චෙ දීඝමස්සුකෙසවිකාරධරෙ අන්ධකාරමුඛෙ සිථිලබන්ධනවිලම්බමානකිසඵරුසකාළකඞ්ගපච්චඞ්ගෙ තත්ථ තත්ථ ඨිතවනදාහදඩ්ඪතාලරුක්ඛසදිසෙ, අප්පෙකච්චෙ ජිඝච්ඡාපිපාසාරණිනිම්මථනෙන උදරතො උට්ඨාය මුඛතො විනිච්ඡරන්තාය අග්ගිජාලාය පරිඩය්හමානසරීරෙ, අප්පෙකච්චෙ සූචිඡිද්දාණුමත්තකණ්ඨබිලතාය පබ්බතාකාරකුච්ඡිතාය ච ලද්ධම්පි පානභොජනං යාවදත්ථං භුඤ්ජිතුං අසමත්ථතාය ඛුප්පිපාසාපරෙතෙ අඤ්ඤං රසමවින්දමානෙ, අප්පෙකච්චෙ අඤ්ඤමඤ්ඤස්ස අඤ්ඤෙසං වා සත්තානං පභින්නගණ්ඩපිළකමුඛා පග්ඝරිතරුධිරපුබ්බලසිකාදිං ලද්ධා අමතමිව සායමානෙ අතිවිය දුද්දසිකවිරූපභයානකසරීරෙ බහූ පෙතෙ රඤ්ඤො නිදස්සෙන්තො –
මෙසේ භාග්‍යවතුන් වහන්සේ පෙර නොවිසූ නමුදු පෙර ඥාතියෙකුගේ ගෘහයක් වන බැවින් බිම්බිසාර රජුගේ නිවෙස්නට ස්වකීය ගෘහය යන හැඟීමෙන් පැමිණ බිත්තියෙන් පිටත සතර මං සන්ධි තුන් මං සන්ධි දොර බා ආදී තැන්වල සිටි ඊර්ෂ්‍යාවේ හා මසුරුකමේ ඵල අනුභව කරන - විකාර වූ දික් රැවුල් හා කෙස් දරන අඳුරු වූ මුව ඇති ලිහිල්, බැඳුණු, එලෙන, කෘශ පරුෂ, කළු අඟ, පසඟ ඇති ඒ ඒ තැන්හි ලැව් ගින්නෙන් දැවුණු තල්ගස් වැනි සමහරෙකු ද - සාගිනි පිපාසා නැමති ගිනි ගන්නා දඬු ගැටීමෙන් උදරයෙන් පැන නැගී මුවෙන් නික්මෙන්නා වූ ගිනි ජාලාවෙන් හාත්පසින් දැවෙන ශරීර ඇති සමහරෙකු ද - ඉදි කටු සිදුරක් මෙන් ඉතාමත් කුඩා වූ ගලනාළයක් ද පර්වතයක් බඳු කුසක් ද ඇති බැවින්, ලැබුණා වූ ද පාන භෝජන ඇති පමණ අනුභව කිරීමට අසමත්කම නිසා සාපිපාසාවෙන් පෙළෙන්නා වූ අනෙක් රසයක් නොවිඳින්නා වූ සමහරෙකු ද - ඔවුන්නොවුන්ගේ ද අන්‍ය සත්ත්වයන්ගේ ද බිඳුණු ගඩු පිළිකා මුවෙන් වැගිරෙන ලේ, සැරව, සද මිදුළු ආදිය ලැබුණු අමෘතයක් මෙන් රස විඳින්නා වූ අතිශයින් දැකීමට අපහසු විරූපී භයානක ශරීර ඇත්තා වූ සමහරෙකු ද වශයෙන් බොහෝ ප්‍රේතයන් රජුට දක්වන සේක්;
“තිරොකුට්ටෙසු තිට්ඨන්ති, සන්ධිසිඞ්ඝාටකෙසු ච; ද්වාරබාහාසු තිට්ඨන්ති, ආගන්ත්වාන සකං ඝර”න්ති. –
“තිරොකුඩ්ඩෙසු තිට්ඨන්ති සන්ධිසිඞ්ඝාටකෙසුච ද්වාර බාහාසු තිට්ඨන්ති ආගන්ත්වාන සකං ඝරං”
“ඥාති ප්‍රේතයෝ තමන් පෙර විසූ ගෙය කරා අවුත් බිත්තියෙන් පිටත ද ගෘහ සන්ධි බිත්ති සන්ධි සතරමං සන්ධි තුන් මං සන්ධි ආදී තන්හි දී දොර බා සමීපයේ ද සිටිත්.” යයි
වත්වා පුන තෙහි කතස්ස කම්මස්ස දාරුණභාවං දස්සෙන්තො “පහූතෙ අන්නපානම්හී”ති දුතියගාථමාහ.
දේශනා කොට නැවත ඔවුන් විසින් කරන ලද කර්මයෙහි දරුණු බව දක්වන්නාහු “පහුතෙ අන්නපානම්හි” යන දෙවෙනි ගාථාව වදාළහ.
තත්ථ පහූතෙති අනප්පකෙ බහුම්හි, යාවදත්ථිකෙති වුත්තං හොති. භ-කාරස්ස හි හ-කාරො ලබ්භති “පහු සන්තො න භරතී”තිආදීසු (සු· නි· 98) විය. කෙචි පන “බහූතෙ” ඉති ච “බහූකෙ” ඉති ච පඨන්ති. පමාදපාඨා එතෙ. අන්නෙ ච පානම්හි ච අන්නපානම්හි. ඛජ්ජෙ ච භොජ්ජෙ ච ඛජ්ජභොජ්ජෙ, එතෙන අසිතපීතඛායිතසායිතවසෙන චතුබ්බිධං ආහාරං දස්සෙති. උපට්ඨිතෙති උපගම්ම ඨිතෙ, සජ්ජිතෙ පටියත්තෙ සමොහිතෙති වුත්තං හොති. න තෙසං කොචි සරති, සත්තානන්ති තෙසං පෙත්තිවිසයෙ උප්පන්නානං සත්තානං කොචි මාතා වා පිතා වා පුත්තො වා න සරති. කිං කාරණා? කම්මපච්චයා, අත්තනා කතස්ස අදානදානප්පටිසෙධනාදිභෙදස්ස කදරියකම්මස්ස පච්චයා. තඤ්හි තෙසං කම්මං ඤාතීනං සරිතුං න දෙති.
එහි “පහුතෙ” යනු අල්ප නොවූ, බොහෝ, ඇති පමණ යයි කියන ලද්දේ වෙයි. “පහුසන්තො නභරති” ආදී තන්හි මෙන් “බ” කාරයට “ප” කාරය ලැබේ. සමහරු වනාහී “පහුතෙ” යයි ද “පහූතං” යයි ද ශබ්ද කරති. මේවා ප්‍රමාද පාඨයෝ වෙති. අන්නෙච පානම්හිච = (ආහාර ද පාන ද ඇති කල්හි) අන්නපානම්හි; ඛජ්ජෙච භොජ්ජෙච = (කෑ යුතු දේ ද බුදිය යුතු දේ ද) ඛජ්ජභොජ්ජෙ වේ; එයින් අනුභව කරන, පානය කරන, කන, රස විඳින වශයෙන් චතුර්විධ ආහාර දක්වයි. “උපට්ඨිතෙ” යනු සමීපයට පැමිණ සිටි කල්හි; සකස් කළ කල්හි, පිළියෙල කළ කල්හි, මනාකොට තැබූ කල්හි, යයි කියන ලද්දේ වෙයි. “න තෙසං කොචි සරති සත්තානං” යනු ඒ ප්‍රේත විෂයෙහි උපන් සත්ත්වයන්ගේ කිසියම් මවක් හෝ පියෙක් පුතෙක් හෝ (ඔවුන්) සිහි නොකරයි. කුමන කරුණක් නිසාද? “කම්මපච්චයා” තමා විසින් කරන ලද දන් නොදීම්, දන් වැළැක්වීම් ආදී ප්‍රභේද ඇති තද මසුරුකම හේතු කොට ගෙනය. ඒ කර්මය වනාහී ඔවුන්ගේ ඥාතීන්ට (ඔවුන් ගැන) සිහි කිරීමට නොදෙයි.
තතියගාථාවණ්ණනා
තතියගාථාවණ්ණනා
එවං භගවා අනප්පකෙපි අන්නපානාදිම්හි පච්චුපට්ඨිතෙ “අපි නාම අම්හෙ උද්දිස්ස කිඤ්චි දදෙය්යු”න්ති ඤාතී පච්චාසීසන්තානං විචරතං තෙසං පෙතානං තෙහි කතස්ස අතිකටුකවිපාකකරස්ස කම්මස්ස පච්චයෙන කස්සචි ඤාතිනො අනුස්සරණමත්තාභාවං දස්සෙන්තො –
මෙසේ භාග්‍යවතුන් වහන්සේ ආහාරපානාදිය බොහෝ සෙයින් පිළියෙල කර ඇති කල්හි අප උදෙසා ද කිසිවක් දෙන්නේ නම් මැනැවැයි ඥාතීන් ගැන බලාපොරොත්තුවෙන් හැසිරෙන ඒ ප්‍රේතයන්ට ඔවුන් විසින් කරන ලද ඉතාමත් කටුක විපාක ගෙන දෙන කර්මයාගේ හේතුවෙන් කිසිම ඥාතියෙකුට සිහි කිරීම් මාත්‍රයක්වත් නොමැති බව දක්වමින්,
“පහූතෙ අන්නපානම්හි, ඛජ්ජභොජ්ජෙ උපට්ඨිතෙ; න තෙසං කොචි සරති, සත්තානං කම්මපච්චයා”ති. –
“පහුතෙ අන්නපානම්හි ඛජ්ජභොජ්ජෙ උපට්ඨිතෙ න තෙසං කොචි සරති සත්තානං කම්ම පච්චයා”
“බොහෝ ආහාර පාන ද ඛාද්‍ය භොජ්‍ය ද පිළියෙලව ඇති කල්හි පවා ඒ ප්‍රේත ලෝකයෙහි උපන් සත්ත්වයන්ගේ අකුශල කර්ම හේතුවෙන් කිසිම නෑදෑයෙක් ඔවුන් සිහි නොකෙරෙයි”
වත්වා පුන රඤ්ඤො පෙත්තිවිසයූපපන්නෙ ඤාතකෙ උද්දිස්ස දින්නං දානං පසංසන්තො “එවං දදන්ති ඤාතීන”න්ති තතියගාථමාහ.
යනුවෙන් වදාරා නැවත රජු විසින් ප්‍රේත විෂයෙහි උපන් ඥාතීන් උදෙසා දුන් දානය පසසමින් “එවං දදන්ති ඤාතීනං” යන තෙවැනි ගාථාව වදාළහ.
තත්ථ එවන්ති උපමාවචනං. තස්ස ද්විධා සම්බන්ධො – තෙසං සත්තානං කම්මපච්චයා අසරන්තෙපි කිස්මිඤ්චි දදන්ති, ඤාතීනං, යෙ එවං අනුකම්පකා හොන්තීති ච යථා තයා, මහාරාජ, දින්නං, එවං සුචිං පණීතං කාලෙන කප්පියං පානභොජනං දදන්ති ඤාතීනං, යෙ හොන්ති අනුකම්පකාති ච. දදන්තීති දෙන්ති උද්දිසන්ති නිය්යාතෙන්ති. ඤාතීනන්ති මාතිතො ච පිතිතො ච සම්බන්ධානං. යෙති යෙ කෙචි පුත්තා වා ධීතරො වා භාතරො වා හොන්තීති භවන්ති. අනුකම්පකාති අත්ථකාමා හිතෙසිනො. සුචින්ති විමලං දස්සනෙය්යං මනොරමං ධම්මිකං ධම්මලද්ධං. පණීතන්ති උත්තමං සෙට්ඨං. කාලෙනාති ඤාතිපෙතානං තිරොකුට්ටාදීසු ආගන්ත්වා ඨිතකාලෙන. කප්පියන්ති අනුච්ඡවිකං පතිරූපං අරියානං පරිභොගාරහං. පානභොජනන්ති පානඤ්ච භොජනඤ්ච. ඉධ පානභොජනමුඛෙන සබ්බොපි දෙය්යධම්මො අධිප්පෙතො.
එහි “එවං” යනු උපමාවාචී පදයකි. එහි සම්බන්ධය දෙආකාරයකින් වේ; ඒ සත්ත්වයන්ගේ කර්මය හේතුවෙන් සිහි නොකරන කල්හිද යමෙක් අනුකම්පා කරන්නෝ වෙත් ද ඔවුහු මෙසේ ඥාතීන්ට කිසිවක් නමුදු දෙති යයි ද “මහරජ, නුඹ විසින් යම්සේ දෙන ලද්දේ ද යමෙක් (ඥාතීන් කෙරෙහි) අනුකම්පා කරන්නෝ වෙත් ද ඔවුහු මෙසේ පිරිසිදු වූ ප්‍රණීත වූ කැප වූ පාන භෝජන ඔවුන් පැමිණ සිටි කල්හි දෙති” යයි ද වේ. “දදන්ති’’ යනු දෙති, නියම කොට දෙති, පවරා දෙති. “ඤාතීනං” යනු මව්පසින් ද පියපසින් ද සම්බන්ධ වූවනට; “යෙ” යනු යම්කිසි පුත්‍රයෝ හෝ දූවරු හෝ සහෝදරයෝ හෝ; “හොන්ති” යනු වෙති. “අනුකම්පකා” යනු අර්ථය කැමති, හිතවත්තු, “සුචිං” යනු පිරිසිදු වූ දර්ශනීය වූ, මනහර වූ, ධාර්මික වූ, ධර්මානුකූලව ලැබුණු; ‘පණිතං’ යනු උතුම් ශ්‍රේෂ්ඨ; ‘කාලෙන’ යනු ඥාතී ප්‍රේතයන් පැමිණ බිත්තියෙන් පිටත ආදී තන්හි සිටි කල්හි; “කප්පියං” යනු යෝග්‍ය, සුදුසු, ආර්‍ය්‍යයන්ට පරිභෝගයට සුදුසු; “පානභොජනං” යනු පාන ද භෝජන ද; මෙහි “පානභොජන” යන්නෙන් සියලුම දිය යුතු දේ අදහස් කරන ලදී.
චතුත්ථගාථාපුබ්බද්ධවණ්ණනා
චතුත්ථගාථාපුබ්බද්ධවණ්ණනා
එවං භගවා රඤ්ඤා මාගධෙන පෙතභූතානං ඤාතීනං අනුකම්පාය දින්නං පානභොජනං පසංසන්තො –
මෙසේ භාග්‍යවතුන් වහන්සේ මගධාධිපති රජු විසින් ප්‍රේත වූ ඥාතීන්ට අනුකම්පාවෙන් දෙන ලද පානභෝජන පසසන්නාහු:
“එවං දදන්ති ඤාතීනං, යෙ හොන්ති අනුකම්පකා; සුචිං පණීතං කාලෙන, කප්පියං පානභොජන”න්ති. –
“එවං දදන්ති ඤාතීනං යෙ හොන්ති අනුකම්පකා සුචිං පණීතං කාලෙන කප්පියං පානභොජනං”
“නෑයන් අතුරෙන් යම් කෙනෙක් ඔවුනට අනුකම්පා කරන්නාහු වෙත් ද, ඔහු තුමු ඔවුන් පැමිණ සිටි කල්හි පිරිසිදු වූ ප්‍රණීත වූ, කැප වූ පාන භෝජන නෑයන් උදෙසා මෙසේ දෙත්”
වත්වා පුන යෙන පකාරෙන දින්නං තෙසං හොති, තං දස්සෙන්තො “ඉදං වො ඤාතීනං හොතූ”ති චතුත්ථගාථාය පුබ්බද්ධමාහ තං තතියගාථාය පුබ්බද්ධෙන සම්බන්ධිතබ්බං –
යයි දේශනා කොට නැවත යම් ආකාරයකින් දෙන ලද දෙය ඔවුනට අයත් වේ ද එය දක්වන්නාහු “ඉදං වො ඤාතීනං හොතු” යන සතරවෙනි ගාථාවේ පූර්ව අර්ධය වදාළහ. එය තුන්වෙනි ගාථාවේ පූර්ව අර්ධය සමග “එවං දදන්ති ඤාතීනං යෙ හොන්ති අනුකම්පකා ඉදංවො ඤාතීනං හොතු සුඛිතා හොන්තු ඤාතයො” යයි සම්බන්ධ කළ යුතුය.
“එවං දදන්ති ඤාතීනං, යෙ හොන්ති අනුකම්පකා ; ඉදං වො ඤාතීනං හොතු, සුඛිතා හොන්තු ඤාතයො”ති.
තෙන “ඉදං වො ඤාතීනං හොතූති එවං දදන්ති, නො අඤ්ඤථා”ති එත්ථ ආකාරත්ථෙන එවංසද්දෙන දාතබ්බාකාරනිදස්සනං කතං හොති.
එයින් “ඉදං වො ඤාතීනං හොතු” (මේ පින (පරලොව ගිය) ඥාතීන්ට වේවා) යයි මෙසේ දෙති. වෙනත් අයුරකින් නොවේ. මෙහි ආකාරාර්ථය ඇති “එවං” ශබ්දයෙන් දිය යුතු ආකාරය නිදසුන් කළේ වෙයි.
තත්ථ ඉදන්ති දෙය්යධම්මනිදස්සනං. වොති “කච්චි පන වො අනුරුද්ධා සමග්ගා සම්මොදමානා”ති ච (ම· නි· 1.326; මහාව· 466), “යෙහි වො අරියා”ති ච එවමාදීසු විය කෙවලං නිපාතමත්තං, න සාමිවචනං. ඤාතීනං හොතූති පෙත්තිවිසයෙ උප්පන්නානං ඤාතකානං හොතු. සුඛිතා හොන්තු ඤාතයොති තෙ පෙත්තිවිසයූපපන්නා ඤාතයො ඉදං පච්චනුභවන්තා සුඛිතා හොන්තූති.
එහි “ඉදං” යනු දිය යුතු දෙය දැක්වීමයි. “වො” යනු “කච්චි පන වො අනුරුද්ධා සම්මග්ගා සම්මොදමානා” යයි ද “යෙහි වො අරියා” යයි ද මේ ආදී තන්හි මෙන් හුදෙක් නිපාතයක් පමණි. ඡට්ඨි විභක්ති පදයක් නොවේ. “ඤාතීනං හොතු” යනු ප්‍රේත විෂයෙහි උපන් ඥාතීන්ට වේවා; “සුබිතා හොන්තු ඤාතයො” යනු ප්‍රේත විෂයෙහි උපන් ඥාතීහු මේ පින් පරිභෝග කරන්නාහු සුවපත් වූවෝ වෙත්වා යනුයි.
චතුත්ථගාථාපරද්ධපඤ්චමගාථාපුබ්බද්ධවණ්ණනා
චතුත්ථගාථාපරද්ධපඤ්චමගාථාපුබ්බද්ධවණ්ණනා
එවං භගවා යෙන පකාරෙන පෙත්තිවිසයූපපන්නානං ඤාතීනං දාතබ්බං, තං දස්සෙන්තො “ඉදං වො ඤාතීනං හොතු, සුඛිතා හොන්තු ඤාතයො”ති වත්වා පුන යස්මා “ඉදං වො ඤාතීනං හොතූ”ති වුත්තෙපි න අඤ්ඤෙන කතං කම්මං අඤ්ඤස්ස ඵලදං හොති, කෙවලන්තු තථා උද්දිස්ස දිය්යමානං තං වත්ථු ඤාතීනං කුසලකම්මස්ස පච්චයො හොති. තස්මා යථා තෙසං තස්මිංයෙව වත්ථුස්මිං තඞ්ඛණෙ ඵලනිබ්බත්තකං කුසලකම්මං හොති, තං දස්සෙන්තො “තෙ ච තත්ථා”ති චතුත්ථගාථාය පච්ඡිමද්ධං “පහූතෙ අන්නපානම්හී”ති පඤ්චමගාථාය පුබ්බද්ධඤ්ච ආහ.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ ප්‍රේත විෂයෙහි උපන් ඥාතීන්ට යම් ආකාරයකින් ඒ පින දිය යුතු ද එය “ඉදං වො ඤාතීනං හොතු සුඛිතා හොන්තු ඤාතයො” යනුවෙන් දේශනා කොට නැවත යම් හෙයකින් “ඉදං වො ඤාතීනං හොතු” යයි කී කල්හි ද අනෙකෙකු විසින් කරන ලද කර්මය වෙන කෙනෙකුට ඵල දෙන්නේ නොවේද හුදෙක් වනාහී එසේ උදෙසනු ලබන ඒ පින පරලොව ගිය ඥාතීන්ට කුශල කර්මයකට හේතු වේ ද එහෙයින් යම් සේ ඒ ඤාතී ප්‍රේතයන්ට ඒ පින පදනම් කොට ගෙනම එකෙණෙහිම ඵල උපදවන කුශල කර්මයක් වේ ද එය දක්වන්නාහු; “තෙච තත්ථ” යන සතරවෙනි ගාථාවේ පසු අඩ ද “පහුතෙ අන්න පානම්හි” යන පස්වෙනි ගාථාවේ පෙර අඩ ද වදාළහ.
තෙසං අත්ථො – තෙ ඤාතිපෙතා යත්ථ තං දානං දීයති, තත්ථ සමන්තතො ආගන්ත්වා සමාගන්ත්වා, සමොධාය වා එකජ්ඣං හුත්වාති වුත්තං හොති, සම්මා ආගතා සමාගතා “ඉමෙ නො ඤාතයො අම්හාකං අත්ථාය දානං උද්දිසිස්සන්තී”ති එතදත්ථං සම්මා ආගතා හුත්වාති වුත්තං හොති. පහූතෙ අන්නපානම්හීති තස්මිං අත්තනො උද්දිස්සමානෙ පහූතෙ අන්නපානම්හි. සක්කච්චං අනුමොදරෙති අභිසද්දහන්තා කම්මඵලං අවිජහන්තා චිත්තීකාරං අවික්ඛිත්තචිත්තා හුත්වා “ඉදං නො දානං හිතාය සුඛාය හොතූ”ති මොදන්ති අනුමොදන්ති, පීතිසොමනස්සජාතා හොන්තීති.
ඒ පදයන්ගේ අර්ථය:- “තෙ ඤාතිපෙතා” (ඒ ඤාති ප්‍රේතයෝ) යම් තැනක ඒ දානය දෙනු ලැබේද “තත්ථ” (එහි) හාත්පසින් පැමිණ; “සමාගන්ත්වා” එක්රැස් වී හෝ එක් තැනකට එකතු වි යයි කියන ලද්දේ වෙයි. සමං ආගතා = සමාගතා; (සමව ආවාහු = සමාගතා වේ) අපේ මේ ඥාතීහු අප සඳහා දානයක් නියම කොට දෙතියි යන මේ කාරණය සඳහා සමව ආවෝ වී යයි කියන ලද්දේ වෙයි. “පහුතෙ අන්නපානම්හි” යනු එහි තමා සඳහා උදෙසනු ලබන බොහෝ ආහාර පාන ඇති කල්හි; “සක්කච්චං අනුමොදරෙ” යනු කර්මඵල අදහමින් බුහුමන් කිරීම් අත් නොහරිමින් විසුරුණු සිත් ඇත්තෝ නොවී “මේ දානය අපට හිත සුව පිණිස වේවායි සතුටු වෙති. අනුමෝදන් වෙති. හටගත් ප්‍රීති සොම්නස් ඇත්තෝ වෙති” යනුයි.
පඤ්චමගාථාපරද්ධඡට්ඨගාථාපුබ්බද්ධවණ්ණනා
පඤ්චමගාථාපරද්ධඡට්ඨගාථාපුබ්බද්ධවණ්ණනා
එවං භගවා යථා පෙත්තිවිසයූපපන්නානං තඞ්ඛණෙ ඵලනිබ්බත්තකං කුසලං කම්මං හොති, තං දස්සෙන්තො –
මෙසේ භාග්‍යවතුන් වහන්සේ ප්‍රේත විෂයෙහි උපන් අයට යම් සේ එකෙණෙහිම ඵල උපදවන කුශල කර්මයක් වේ ද එය දක්වන්නාහු;
“තෙ ච තත්ථ සමාගන්ත්වා, ඤාතිපෙතා සමාගතා; පහූතෙ අන්නපානම්හි, සක්කච්චං අනුමොදරෙ”ති. –
“තෙච තත්ථ සමාගන්ත්වා ඤාතිපෙතා සමාගතා පහුතෙ අන්නපානම්හි සක්කච්චං අනුමොදරෙ”
“ඒ ඥාති ප්‍රේතයෝ ඒ දන් දෙන තැනට නොයෙක් දිශා භාගයෙන් අවුත් එක්රැස් වූවාහු තමන් උදෙසා බොහෝ ආහාර පාන දෙනු ලබන කල්හි සකසා පින් අනුමෝදන් වෙත් හෙවත් එය අනුව සතුටු වෙත්ය”යි
වත්වා පුන ඤාතකෙ නිස්සාය නිබ්බත්තකුසලකම්මඵලං පච්චනුභොන්තානං තෙසං ඤාතී ආරබ්භ ථොමනාකාරං දස්සෙන්තො “චිරං ජීවන්තූ”ති පඤ්චමගාථාය පච්ඡිමද්ධං “අම්හාකඤ්ච කතා පූජා”ති ඡට්ඨගාථාය පුබ්බද්ධඤ්ච ආහ.
දේශනා කොට නැවත ඥාතීන් නිසා හටගත් කුශල කර්ම ඵලය අනුභව කරන ඔවුන් ඥාතීන් උදෙසා ස්තූති කරන ආකාරය දක්වන්නාහු “චිරං ජීවන්තු” යන පස්වෙනි ගාථාවේ පසු අඩ ද “අම්හාකඤ්ච කතා පූජා” යන සයවෙනි ගාථාවේ පෙර අඩ ද වදාළහ.
තෙසං අත්ථො – චිරං ජීවන්තූති චිරජීවිනො දීඝායුකා හොන්තු. නො ඤාතීති අම්හාකං ඤාතකා. යෙසං හෙතූති යෙ නිස්සාය යෙසං කාරණා. ලභාමසෙති ලභාම. අත්තනා තඞ්ඛණං පටිලද්ධසම්පත්තිං අපදිසන්තා භණන්ති. පෙතානඤ්හි අත්තනො අනුමොදනෙන, දායකානං උද්දෙසෙන, දක්ඛිණෙය්යසම්පදාය චාති තීහි අඞ්ගෙහි දක්ඛිණා සමිජ්ඣති, තඞ්ඛණෙ ඵලනිබ්බත්තිකා හොති. තත්ථ දායකා විසෙසහෙතු. තෙනාහංසු “යෙසං හෙතු ලභාමසෙ”ති. අම්හාකඤ්ච කතා පූජාති “ඉදං වො ඤාතීනං හොතූ”ති එවං ඉමං දානං උද්දිසන්තෙහි අම්හාකඤ්ච පූජා කතා. දායකා ච අනිප්ඵලාති යම්හි සන්තානෙ පරිච්චාගමයං කම්මං කතං, තස්ස තත්ථෙව ඵලදානතො දායකා ච අනිප්ඵලාති.
ඒ පදයන්ගේ අර්ථය “චිරං ජිවන්තු” යනු බොහෝ කල් ජීවත් වන්නෝ වෙත්වා, “නො ඤාති” යනු අපගෙ ඥාතීහු; “යෙසං හෙතු” යනු යමෙක් නිසා, යමකගේ හේතුවෙන්, ‘ලාභාමසෙ’ යනු ලබමු; තමා විසින් එකෙණෙහි ලබන ලද සම්පත් සාක්ෂ්‍ය කොට දක්වමින් කියති; ප්‍රේතයන්ට වනාහී තමාගේ අනුමෝදන් වීමෙන් ද දායකයන්ගේ උදෙසීමෙන් ද දක්ෂිණාවට සුදුසු සම්පත්තියෙන් ද යන අඞ්ග තුනෙන් දක්ෂිණාව සමෘද්ධ වේ. එකෙණෙහිම ඵල උපදවන්නේ වේ. එහි දායකයෝ විශේෂ හේතුව වෙති. එහෙයින් “යෙසං හෙතු ලභාමසෙ” යයි කීහ. “අම්හාකඤ්ච කතා පූජා” යනු “ඉදං වො ඤාතීනං හොතු” යයි මෙසේ මේ දානය උදෙසන්නන් විසින් අපට ද පූජා කරන ලදී. “දායකාච අනිප්ඵලා” යනු යමෙකුගේ සිතෙහි පරිත්‍යාගමය කර්මයක් කරන ලද්දේ ද ඔහුට එහිදීම ඵලය ලබාදීම මගින් දායකයෝ ද ඵල රහිත වූවෝ නොවෙති; යනුයි.
එත්ථාහ – “කිං පන පෙත්තිවිසයූපපන්නා එව ඤාතයො ලභන්ති, උදාහු අඤ්ඤෙපි ලභන්තී”ති ? වුච්චතෙ – භගවතා එවෙතං බ්යාකතං ජාණුස්සොණිනා බ්රාහ්මණෙන පුට්ඨෙන, කිමෙත්ථ අම්හෙහි වත්තබ්බං අත්ථි. වුත්තං හෙතං –
මෙහි කීය: කිම ප්‍රේත විෂයෙහි උපන්නා වූ ඥාතීහු පමණක්ම (පින්) ලබන්නාහු ද නැතහොත් අනෙකුත් ඥාතීහු ද ලබත්ද? යනුයි. මෙහිදී අප කිවයුතු කුමක් මෙහි ඇත්තේද? ජාණුස්සෝනී බ්‍රාහ්මණයා විසින් විමසන ලද භාග්‍යවතුන් වහන්සේ ම මෙය ප්‍රකාශ කරන ලදී. මෙය වනාහී මෙසේ කියන ලද්දේ වෙයි.
“මයමස්සු, භො ගොතම, බ්රාහ්මණා නාම දානානි දෙම, සද්ධානි කරොම ‘ඉදං දානං පෙතානං ඤාතිසාලොහිතානං උපකප්පතු, ඉදං දානං පෙතා ඤාතිසාලොහිතා පරිභුඤ්ජන්තූ’ති, කච්චි තං, භො ගොතම, දානං පෙතානං ඤාතිසාලොහිතානං උපකප්පති, කච්චි තෙ පෙතා ඤාතිසාලොහිතා තං දානං පරිභුඤ්ජන්තීති. ඨානෙ ඛො, බ්‍රාහ්මණ, උපකප්පති, නො අට්ඨානෙති.
“පින්වත්, ගෞතමයන් වහන්ස, බ්‍රාහ්මණ නම් වූ අපි “මේ දානය පරලොව ගිය සහලේ නෑයන් වෙත පැමිණේවා. මේ දානය පරලොව ගිය සහලේ නෑයෝ පරිභෝග කරත්වා”යි දන්නෙමු. ශ්‍රාද්ධ (මළවුන් පිණිස දෙන දානය) කරමු. කිම, භවත් ගෞතමයන් වහන්ස, ඒ දානය පරලොව ගිය සහලේ ඥාතීන්ට පැමිණේද? කිම, ඒ පරලොව ගිය සහලේ ඥාතීහු ඒ දානය පරිභෝග කරත්ද? බ්‍රාහ්මණය, ස්ථානයෙහි පැමිණෙයි. අස්ථානයෙහි නොපැමිණෙයි.
“කතමං පන තං, භො ගොතම, ඨානං, කතමං අට්ඨානන්ති? ඉධ, බ්‍රාහ්මණ, එකච්චො පාණාතිපාතී හොති…පෙ… මිච්ඡාදිට්ඨිකො හොති, සො කායස්ස භෙදා පරං මරණා නිරයං උපපජ්ජති. යො නෙරයිකානං සත්තානං ආහාරො, තෙන සො තත්ථ යාපෙති, තෙන සො තත්ථ තිට්ඨති. ඉදං ඛො, බ්‍රාහ්මණ, අට්ඨානං, යත්ථ ඨිතස්ස තං දානං න උපකප්පති.
භවත් ගෞතමයන් වහන්ස ස්ථානය කවරේද? අස්ථානය කවරේද? බ්‍රාහ්මණය, මේ ලෝකයෙහි ඇතමෙක් පරපණ නසන්නාහු වෙති. - පෙ - මිථ්‍යා දෘෂ්ටික වෙති. හෙතෙම කය බිඳීන්ගෙන් මරණින් පසු නිරයෙහි උපදියි. නිරිසතුන්ගේ යම් ආහාරයක් වේ නම් එයින් ඔහු එහි යැපෙයි. එයින් ඔහු එහි සිටියි. බ්‍රාහ්මණය, යම් තැනක සිටියහුට ඒ දානය නොපැමිණේ නම් මෙයද (එබඳු) අස්ථානයකි.
“ඉධ පන, බ්‍රාහ්මණ, එකච්චො පාණාතිපාතී හොති…පෙ… මිච්ඡාදිට්ඨිකො හොති, සො කායස්ස භෙදා පරං මරණා තිරච්ඡානයොනිං උපපජ්ජති. යො තිරච්ඡානයොනිකානං සත්තානං ආහාරො, තෙන සො තත්ථ යාපෙති, තෙන සො තත්ථ තිට්ඨති. ඉදම්පි ඛො, බ්‍රාහ්මණ, අට්ඨානං, යත්ථ ඨිතස්ස තං දානං න උපකප්පති.
බ්‍රාහ්මණය, මෙලොව ඇතමෙක් ප්‍රාණඝාතී වෙති. - පෙ - මිථ්‍යාදෘෂ්ටික වෙති. හෙතෙම කාබුන් මරණින් මතු තිරිසන් යෝනියට එළඹෙයි. තිරිසන් යෝනියේ සත්ත්වයන්ට යම් ආහාරයක් වේ නම් හෙතෙම එහි එයින් යැපෙයි. එයින් හෙතෙම එහි සිටියි. බ්‍රාහ්මණය, යම් තැනක සිටි තැනැත්තාට ඒ දානය නොපැමිණේ නම් මෙය ද ඒ අස්ථානයකි.
“ඉධ පන, බ්‍රාහ්මණ, එකච්චො පාණාතිපාතා පටිවිරතො හොති…පෙ… සම්මාදිට්ඨිකො හොති, සො කායස්ස භෙදා පරං මරණා මනුස්සානං සහබ්යතං උපපජ්ජති…පෙ… දෙවානං සහබ්යතං උපපජ්ජති. යො දෙවානං ආහාරො, තෙන සො තත්ථ යාපෙති, තෙන සො තත්ථ තිට්ඨති. ඉදම්පි ඛො, බ්‍රාහ්මණ, අට්ඨානං, යත්ථ ඨිතස්ස තං දානං න උපකප්පති.
බ්‍රාහ්මණය මෙලොව ඇතමෙක් ප්‍රාණඝාතයෙන් වැළකුණාහු වෙති. - පෙ - සම්‍යක් දෘෂ්ටික වෙති. හෙතෙම කාබුන් මරණින් මතු මිනිසුන්ගේ සහභාවයට පැමිණෙයි. - පෙ - දෙවියන්ගේ සහභාවයට පැමිණෙයි. දෙවියන්ගේ යම් ආහාරයක් වේ නම් ඔහු එහි එයින් යැපෙයි. ඔහු එහි එයින් සිටියි. බ්‍රාහ්මණය, යම් තැනක සිටියහුට ඒ දානය නොඑළඹේ නම් මෙය ද ඒ අස්ථානයකි.
“ඉධ පන, බ්‍රාහ්මණ, එකච්චො පාණාතිපාතී හොති…පෙ… මිච්ඡාදිට්ඨිකො හොති, සො කායස්ස භෙදා පරං මරණා පෙත්තිවිසයං උපපජ්ජති. යො පෙත්තිවෙසයිකානං සත්තානං ආහාරො, තෙන සො තත්ථ යාපෙති, තෙන සො තත්ථ තිට්ඨති. යං වා පනස්ස ඉතො අනුපවෙච්ඡන්ති මිත්තාමච්චා වා ඤාතිසාලොහිතා වා, තෙන සො තත්ථ යාපෙති, තෙන සො තත්ථ තිට්ඨති. ඉදං ඛො, බ්‍රාහ්මණ, ඨානං, යත්ථ ඨිතස්ස තං දානං උපකප්පතීති.
බ්‍රාහ්මණය මේ ලෝකයෙහි ඇතමෙක් ප්‍රාණඝාතයෙන් යුක්ත වූවෝ වෙති. - පෙ - මිථ්‍යාදෘෂ්ටික වූවෝ වෙති. හෙතෙම කාබුන් මරණින් මතු ප්‍රේත විෂයට එළඹෙයි. හෙතෙම ප්‍රේත විෂයට අයත් සත්ත්වයන්ගේ යම් ආහාරයක් වේ නම් එයින් එහි යැපෙයි. එයින් ඔහු එහි සිටියි. ඔහුට මිත්‍රයෝ හෝ සගයෝ හෝ සහලේ නෑයෝ හෝ යමක් මෙහෙන් දෙත් නම් එයින් ඔහු එහි යැපෙයි. එයින් ඔහු එහි සිටියි. බ්‍රාහ්මණය, යම් තැනක සිටියහුට ඒ දානය එළඹේ නම් මේ ඒ ස්ථානය වෙයි.
“සචෙ පන, භො ගොතම, සො පෙතො ඤාතිසාලොහිතො තං ඨානං අනුපපන්නො හොති, කො තං දානං පරිභුඤ්ජතීති? අඤ්ඤෙපිස්ස, බ්‍රාහ්මණ, පෙතා ඤාතිසාලොහිතා තං ඨානං උපපන්නා හොන්ති, තෙ තං දානං පරිභුඤ්ජන්තීති.
පින්වත්, ගෞතමයන් වහන්ස, ඉදින් ඒ පරලොව ගිය සහලේ නෑයා එම ස්ථානයට නොපැමිණියේ නම් කවරෙක් ඒ දානය පරිභෝග කෙරේ ද? බ්‍රාහ්මණය, පරලොව ගිය අනෙක් සහලේ නෑයෝ ද එතැනට පැමිණියාහු වෙත් ද ඔවුහු ඒ දානය පරිභෝග කරත්.
“සචෙ පන, භො ගොතම, සො චෙව පෙතො ඤාතිසාලොහිතො තං ඨානං අනුපපන්නො හොති, අඤ්ඤෙපිස්ස පෙතා ඤාතිසාලොහිතා තං ඨානං අනුපපන්නා හොන්ති, කො තං දානං පරිභුඤ්ජතීති? අට්ඨානං ඛො එතං බ්‍රාහ්මණ අනවකාසො, යං තං ඨානං විවිත්තං අස්ස ඉමිනා දීඝෙන අද්ධුනා යදිදං පෙතෙහි ඤාතිසාලොහිතෙහි. අපිච බ්‍රාහ්මණ දායකොපි අනිප්ඵලො”ති (අ· නි· 10.177).
පින්වත් ගෞතමයන් වහන්ස, ඒ සහලේ නෑයා ද එතනට නොපැමිණියේ වේ ද අන්‍ය සහලේ නෑයෝ ද එතනට නොපැමිණියාහු වෙත් ද (එහිදී) කවරෙක් ඒ දානය පරිභෝග කරත් ද? බ්‍රාහ්මණය, යම් කරුණකින් මේ දීර්ඝ කාලයෙහි පරලොව ගිය සහලේ නෑයන්ගෙන් ඒ ස්ථානය තොර වන්නේය යන මේ කාරණය අස්ථාන වෙයි. අනවකාශ වෙයි. බ්‍රාහ්මණය, තවද දායක තෙමේ ද අනිෂ්ඵල වෙයි” යනුයි.
ඡට්ඨගාථාපරද්ධසත්තමගාථාවණ්ණනා
ඡට්ඨගාථාපරද්ධසත්තමගාථාවණ්ණනා
එවං භගවා රඤ්ඤො මාගධස්ස පෙත්තිවිසයූපපන්නානං පුබ්බඤාතීනං සම්පත්තිං නිස්සාය ථොමෙන්තො “එතෙ තෙ, මහාරාජ, ඤාතී ඉමාය දානසම්පදාය අත්තමනා එවං ථොමෙන්තී”ති දස්සෙන්තො –
මෙසේ භාග්‍යවතුන් වහන්සේ මගධාධිපති රජුට ප්‍රේත විෂයෙහි උපන් පූර්ව ඥාතීන්ගේ සම්පත්තිය නිසා ස්තුති කරන්නාහු “මහරජ, නුඹගේ මේ ඥාතීහු මේ දාන සම්පත්තියෙන් සතුටු සිත් ඇත්තෝ වී මෙසේ ස්තූති කෙරෙති”යි දක්වන සේක් :
“චිරං ජීවන්තු නො ඤාතී, යෙසං හෙතු ලභාමසෙ; අම්හාකඤ්ච කතා පූජා, දායකා ච අනිප්ඵලා”ති. –
“චිරං ජීවන්තු නො ඤාති යෙසං හෙතු ලභාමසෙ අම්හාකඤ්ච කතා පූජා දායකාච අනිප්ඵලා”
“යම් කෙනෙකුන් නිසා පින් අනුමෝදන් කළ මෙකෙණෙහි සම්පත් ලබමෝද ඒ අප නෑයෝ බොහෝ කල් ජීවත් වෙත්වා. ඔවුන් විසින් අපට ද පූජා කරන ලදී. ඒ දන් දුන් දායකයෝ ද ඵල රහිතයෝ නොවෙති”
වත්වා පුන තෙසං පෙත්තිවිසයූපපන්නානං අඤ්ඤස්ස කසිගොරක්ඛාදිනො සම්පත්තිපටිලාභකාරණස්ස අභාවං ඉතො දින්නෙන යාපනභාවඤ්ච දස්සෙන්තො “න හි තත්ථ කසී අත්ථී”ති ඡට්ඨගාථාය පච්ඡිමද්ධං “වණිජ්ජා තාදිසී”ති ඉමං සත්තමගාථඤ්ච ආහ.
යනුවෙන් දේශනා කොට නැවත ප්‍රේත විෂයෙහි උපන්නාවූ ඔවුන්ට සම්පත් ප්‍රතිලාභයට හේතුවන ගොවිතැන, ගවපාලනය ආදී අනෙකක් නොමැති බවත් මෙලොවින් දුන් දෙයින් යැපෙන බවත් දක්වන්නාහු “නහි තත්ථ කසී” යන සයවෙනි ගාථාවේ පසු අඩ ද “වණිජ්ජා තාදිසී” යන මේ සත්වෙනි ගාථාවත් දේශනා කළහ.
තත්රායං අත්ථවණ්ණනා – න හි, මහාරාජ, තත්ථ පෙත්තිවිසයෙ කසි අත්ථි, යං නිස්සාය තෙ පෙතා සම්පත්තිං පටිලභෙය්යුං. ගොරක්ඛෙත්ථ න විජ්ජතීති න කෙවලං කසි එව, ගොරක්ඛාපි එත්ථ පෙත්තිවිසයෙ න විජ්ජති, යං නිස්සාය තෙ සම්පත්තිං පටිලභෙය්යුං. වණිජ්ජා තාදිසී නත්ථීති වාණිජ්ජාපි තාදිසී නත්ථි, යා තෙසං සම්පත්තිපටිලාභහෙතු භවෙය්ය. හිරඤ්ඤෙන කයාකයන්ති හිරඤ්ඤෙන කයවික්කයම්පි තත්ථ තාදිසං නත්ථි, යං තෙසං සම්පත්තිපටිලාභහෙතු භවෙය්ය. ඉතො දින්නෙන යාපෙන්ති, පෙතා කාලගතා තහින්ති කෙවලං පන ඉතො ඤාතීහි වා මිත්තාමච්චෙහි වා දින්නෙන යාපෙන්ති, අත්තභාවං ගමෙන්ති. පෙතාති පෙත්තිවිසයූපපන්නා සත්තා. කාලගතාති අත්තනො මරණකාලෙන ගතා, “කාලකතා”ති වා පාඨො, කතකාලා කතමරණාති අත්ථො. තහින්ති තස්මිං පෙත්තිවිසයෙ.
මේ එහි අර්ථ වර්ණනාවයි! මහරජ, “තත්ථ” ඒ ප්‍රේත විෂයෙහි යමක් හේතු කොට ගෙන ඒ ප්‍රේතයෝ සම්පත් ලබන්නෙහු ද “නහි කසී අත්ථි” එබඳු ගොවිතැනක් නැත්තේමය. “ගොරක්ඛෙත්ථ න විජ්ජති” හුදෙක් ගොවිතැන පමණක් නොවේ. යමක් නිසා ඔවුහු සම්පත් ලබන්නෙහුද ඒ ගව පාලනය ද මේ ප්‍රේත විෂයෙහි නොපවතී. “වණිජ්ජා තාදීසි නත්ථි” යමක් ඔවුන්ට සම්පත් ප්‍රතිලාභය සඳහා හේතු වන්නේ ද එබඳු වූ වෙළඳාමක් ද නැත. “හිරඤ්ඤෙන කයාක්කයං” යමක් ඔවුන්ට සම්පත් ප්‍රතිලාභය සඳහා හේතු වන්නේ ද එබඳු අමුරන් වලින් මිළදී ගැනීමක් විකිණීමක් (වෙළහෙළදාමක්) ද එහි නැත. “ඉතො දින්නෙන යාපෙන්ති පෙතා කලකතා තහිං” යනු හුදෙක් වනාහී මෙලොවින් ඥාතීන් විසින් හෝ මිත්රාමාත්යන් විසින් හෝ දෙන ලද දෙයින් යැපෙති. ආත්මභාවය පවත්වති. “පෙතා” යනු ප්‍රේත විෂයෙහි උපන් සත්ත්වයෝය. ‘කාලකතා’ යනු තමාගේ මරණ කාලය කරණ කොට ගෙන ගිය; නැතහොත් “කාලගතා” යයි ද පාඨයකි. කළකල් ඇත්තේ, කළ මරණ ඇත්තේ යන අර්ථයයි. “තහිං”යනු ඒ ප්‍රේත විෂයෙහි;
අට්ඨමනවමගාථාද්වයවණ්ණනා
අට්ඨමනවමගාථාද්වයවණ්ණනා
එවං “ඉතො දින්නෙන යාපෙන්ති, පෙතා කාලගතා තහි”න්ති වත්වා ඉදානි උපමාහි තමත්ථං පකාසෙන්තො “උන්නමෙ උදකං වුට්ඨ”න්ති ඉදං ගාථාද්වයමාහ.
මෙසේ “ඉතො දින්නෙන යාපෙන්ති පෙතා කාලකතා තහිං” යයි දේශනා කොට දැන් උපමාවන්ගෙන් එම අර්ථය ප්‍රකාශ කරන්නාහු “උන්නමෙ උදකං වට්ටං” යන මේ ගාථා දෙක වදාළහ.
තස්සත්ථො – යථා උන්නතෙ ථලෙ උස්සාදෙ භූමිභාගෙ මෙඝෙහි අභිවුට්ඨං උදකං නින්නං පවත්තති, යො යො භූමිභාගො නින්නො ඔණතො, තං තං පවත්තති ගච්ඡති පාපුණාති, එවමෙව ඉතො දින්නං දානං පෙතානං උපකප්පති නිබ්බත්තති, පාතුභවතීති අත්ථො. නින්නමිව හි උදකප්පවත්තියා ඨානං පෙතලොකො දානුපකප්පනාය. යථාහ – “ඉදං ඛො, බ්‍රාහ්මණ, ඨානං, යත්ථ ඨිතස්ස තං දානං උපකප්පතී”ති (අ· නි· 10.177). යථා ච කන්දරපදරසාඛාපසාඛකුසොබ්භමහාසොබ්භසන්නිපාතෙහි වාරිවහා මහානජ්ජො පූරා හුත්වා සාගරං පරිපූරෙන්ති, එවම්පි ඉතො දින්නදානං පුබ්බෙ වුත්තනයෙනෙව පෙතානං උපකප්පතීති.
එහි අර්ථය යම් සේ “උන්නමෙ” ගොඩබිම උස් භූමි භාගයක වර්ෂාව විසින් වස්සවන ලද; “උදකං නින්තං පවත්තති” යම් භූමි භාගයක් පහත් බිමක් වේ ද පහතට නැමුණේ වේ ද ඒ ඒ තැනට (ඒ ජලය) ගලා බසී, යයි, පැමිණේද; ‘එවමෙව ඉතො දින්නං’ එලෙසින්ම මෙලොවින් දුන් දානය; “පෙතානං උපකප්පති” ප්‍රේතයන් ළඟට පැමිණේ. උපදී. පහළ වේ යන අර්ථයයි. ජලය බැස යාමට පහත් බිම ස්ථාන වන්නාක් මෙන් ප්‍රේත ලෝකය දානය ළඟට පැමිණීම සඳහා ස්ථාන වේ. යම් සේ වදාළේද; “බ්‍රාහ්මණය, යම් තැනක සිටියහුට ඒ දානය ළඟට පැමිණේ ද මේ ඒ ස්ථානය යි” යනුවෙනි. යම් සේ කඳුරු විවර ශාඛා උප ශාඛා කුඩා විල්, මහ විල් ආදියෙහි රැස් වූ (ජලය) “වාරිවහා” මහා ගඞ්ගා “පූරා” පිරුණාහු වී “සාගරං පරිපූරෙන්ති” සාගර පුරවත්ද; “එවම්පි ඉතො දින්නං” මෙසේ මෙලොවින් දෙන ලද දානය පෙර කියන ලද ආකාරයටම “පෙතානං උපකප්පති” ප්‍රේතයන් වෙත පැමිණේ.
දසමගාථාවණ්ණනා
දසමගාථාවණ්ණනා
එවං භගවා “ඉතො දින්නෙන යාපෙන්ති, පෙතා කාලගතා තහි”න්ති ඉමං අත්ථං උපමාහි පකාසෙත්වා පුන යස්මා තෙ පෙතා “ඉතො කිඤ්චි ලච්ඡාමා”ති ආසාභිභූතා ඤාතිඝරං ආගන්ත්වාපි “ඉදං නාම නො දෙථා”ති යාචිතුං අසමත්ථා, තස්මා තෙසං ඉමානි අනුස්සරණවත්ථූනි අනුස්සරන්තො කුලපුත්තො දක්ඛිණං දජ්ජාති දස්සෙන්තො “අදාසි මෙ”ති ඉමං ගාථමාහ.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ “ඉතො දින්නෙන යාපෙන්ති පෙතාකාලකතා තහිං” යයි මේ අර්ථය උපමාවන්ගෙන් දේශනා කොට නැවත - යම් හෙයකින් ඒ ප්‍රේතයෝ “මෙතනින් කිසිවක් ලබන්නෙමු” යි ආශාවන්ගෙන් මැඩුණාහු ඥාති ගෙවලට පැමිණ ද “මෙනම් දෙය අපට දෙවු” යයි ඉල්ලීමට අසමත් වෙත් ද එහෙයින් ඔවුන්ගේ මේ සිහි කටයුතු වස්තූන් සිහි කරමින් කුල පුත්‍ර තෙම දක්ෂිණාව දෙන්නේ යයි දක්වමින් “අදාසි මෙ” යන මේ ගාථාව වදාළහ.
තස්සත්ථො – “ඉදං නාම මෙ ධනං වා ධඤ්ඤං වා අදාසී”ති ච, “ඉදං නාම මෙ කිච්චං අත්තනා උය්යොගමාපජ්ජන්තො අකාසී”ති ච, “අමු මෙ මාතිතො වා පිතිතො වා සම්බන්ධත්තා ඤාතී”ති ච සිනෙහවසෙන තාණසමත්ථතාය “මිත්තා”ති ච, “අසුකො මෙ සහ පංසුකීළකො සඛා”ති ච එවං සබ්බමනුස්සරන්තො පෙතානං දක්ඛිණං දජ්ජා, දානං නිය්යාතෙය්යාති. අපරො පාඨො “පෙතානං දක්ඛිණා දජ්ජා”ති. තස්සත්ථො – දාතබ්බාති දජ්ජා. කා සා? පෙතානං දක්ඛිණා, තෙනෙව “අදාසි මෙ”තිආදිනා නයෙන පුබ්බෙ කතමනුස්සරං අනුස්සරතාති වුත්තං හොති. කරණවචනප්පසඞ්ගෙ පච්චත්තවචනං වෙදිතබ්බං.
එහි අර්ථය “මේ” මට මෙ නම් වූ ධනයක් හෝ ධාන්‍යක් හෝ “අදාසි” දුන්නේ යයි ද “මේ” මට මෙබඳු කාර්ය්යයක් තමා උයෝගයට පැමිණෙමින් “අකාසි” කළේ යයි ද අසවලා මගේ මව්පසින් හෝ පියපසින් සම්බන්ධ බැවින් “ඤාති” නැදැයෙක් යයි ද සෙනෙහෙ වශයෙන් ආරක්ෂා කිරීමට සමත් බැවින් “මිත්තා” මිත්‍රයෝ යයි ද අසවලා “මේ” මාගේ වැලි සෙල්ලම් කළ “සඛා” යහළුවා යයි ද මෙසේ සියල්ල සිහි කරන්නේ “පෙතානං දක්ඛිණං දජජා” ප්‍රේතයන්ට දානය පවරා දෙන්නේය යනුවෙනි. “පෙතානං දක්ඛිණා දජ්ජා” යයි අන්‍ය පාඨයක් ද ඇත. එහි අර්ථය: දිය යුතු බැවින් = දජ්ජා වේ ඒ කවරී ද යත්? ප්‍රේතයන්ගේ දක්ෂිණාවයි. එයින් “අදාසි මෙ” යනාදී ක්‍රමයෙන් “පුබ්බෙ කතමනුස්සරං” (ඒ ඥාති ප්‍රේතයන්) පෙර කළ උපකාර සිහි කරන්නා විසින් යයි කියන ලද්දේ වෙයි. කරණ විභක්තිය වෙනුවට ප්‍රථමා විභක්තිය (යෙදුණු බව) දත යුතුය.
එකාදසමගාථාවණ්ණනා
එකාදසමගාථාවණ්ණනා
එවං භගවා පෙතානං දක්ඛිණානිය්යාතනෙ කාරණභූතානි අනුස්සරණවත්ථූනි දස්සෙන්තො –
මෙසේ භාග්‍යවතුන් වහන්සේ ප්‍රේතයන්ට දක්ෂිණා පිරිනැමීමෙහි හේතු වූ සිහි කළ යුතු වස්තු දක්වන්නාහු;
“අදාසි මෙ අකාසි මෙ, ඤාතිමිත්තා සඛා ච මෙ; පෙතානං දක්ඛිණං දජ්ජා, පුබ්බෙ කතමනුස්සර”න්ති. –
“අදාසි මෙ අකාසි මෙ ඤාතිමිත්තා සඛා ච මෙ පෙතානං දක්ඛිණං දජ්ජා පුබ්බෙ කත මනුස්සරං”
“මට මෙබඳු ධනයක් හෝ ධාන්‍යයක් හෝ දුන්නේ යයි ද මේ කටයුත්ත කළේ යයි ද මොහු මගේ නෑයා යයි ද මිත්‍රයෝ යයි ද (වැලි කෙළියේ පටන්) මගේ යහළුවා යයි ද මෙසේ පෙර කරන ලද උපකාර සිහි කරමින් මිය පරලොව ගියවුන් උදෙසා දන් දිය යුත්තේය”යි.
වත්වා පුන යෙ ඤාතිමරණෙන රුණ්ණසොකාදිපරා එව හුත්වා තිට්ඨන්ති, න තෙසං අත්ථාය කිඤ්චි දෙන්ති, තෙසං තං රුණ්ණසොකාදි කෙවලං අත්තපරිතාපනමෙව හොති, න පෙතානං කිඤ්චි අත්ථං නිප්ඵාදෙතීති දස්සෙන්තො “න හි රුණ්ණං වා”ති ඉමං ගාථමාහ.
වදාරා නැවත - යමෙක් ඥාති මරණයෙන් හැඩීම් ශෝක කිරීම් ආදියෙහි නිතර වූවෝ ව වී සිටිත් ද ඒ ඥාතීන් උදෙසා කිසිවක් නොදත් ද ඔවුන්ගේ ඒ හැඩීම් ශෝක කිරීම් ආදිය හුදෙක් තමා තැවීමක් පමණක් ම වේ ද ප්‍රේතයන්ට කිසිදු අර්ථයක් සිදු නොකෙරේය යි දක්මින් “නහි රුණ්ණංව” යන මේ ගාථාව වදාළහ.
තත්ථ රුණ්ණන්ති රොදනා රොදිතත්තං අස්සුපාතනං, එතෙන කායපරිස්සමං දස්සෙති. සොකොති සොචනා සොචිතත්තං, එතෙන චිත්තපරිස්සමං දස්සෙති. යා චඤ්ඤාති යා ච රුණ්ණසොකෙහි අඤ්ඤා. පරිදෙවනාති ඤාතිබ්යසනෙන ඵුට්ඨස්ස ලාලප්පනා, “කහං එකපුත්තක පිය මනාපා”ති එවමාදිනා නයෙන ගුණසංවණ්ණනා, එතෙන වචීපරිස්සමං දස්සෙති.
එහි “රුණ්ණං” යනු හැඬීම, හැඬූ බව, කඳුළු හෙළීමයි; මෙයින් කායික පරිශ්රමය දැක්වේ. ‘සොකො’ යනු ශෝක කිරිමයි. ශෝක කළ බවයි. මෙයින් චිත්ත පරිශ්රමය දක්වයි. “පරිදෙවනා” යනු ඥාති ව්‍යසනයෙන් ස්පර්ශ වූවහුගේ දෙඩවීමයි. “ප්‍රිය මනාප වූ එකම දරුව, නුඹ කොහේද?” මේ ආදී වශයෙන් ගුණ වැණීමයි. මෙයින් වචී පරිශ්රමය දක්වයි.
ද්වාදසමගාථාවණ්ණනා
ද්වාදසමගාථාවණ්ණනා
එවං භගවා “රුණ්ණං වා සොකො වා යා චඤ්ඤා පරිදෙවනා, සබ්බම්පි තං පෙතානං අත්ථාය න හොති, කෙවලන්තු අත්තානං පරිතාපනමත්තමෙව, එවං තිට්ඨන්ති ඤාතයො”ති රුණ්ණාදීනං නිරත්ථකභාවං දස්සෙත්වා පුන මාගධරාජෙන යා දක්ඛිණා දින්නා, තස්සා සාත්ථකභාවං දස්සෙන්තො “අයඤ්ච ඛො දක්ඛිණා”ති ඉමං ගාථමාහ.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ - හැඬීමක් හෝ ශෝක කිරීමක් හෝ “යා චඤ්ඤා” යම් වෙනත් වැළපීමක් වේ ද ඒ සියල්ලම “තං පෙතානං අත්ථාය න” ප්‍රේතයන්ට ප්‍රයෝජනය සඳහා නොවේ. හුදෙක් වනාහී තමාගේ තැවීම පමණක්මය. “එවං තිට්ඨන්ති ඤාතයො” ඥාතීහු සිටි අයුරින්ම සිටිත් යයි හැඬීම් ආදියෙහි නිරර්ථකභාවය දක්වා නැවත මගධ රජු විසින් යම් දක්ෂිණාවක් දෙන ලද්දේ ද එහි සාර්ථකභාවය දක්වන සේක් “අයඤ්ච ඛො දක්ඛිණා” යන මේ ගාථාව වදාළහ.
තස්සත්ථො – අයඤ්ච ඛො, මහාරාජ, දක්ඛිණා තයා අජ්ජ අත්තනො ඤාතිගණං උද්දිස්ස දින්නා, සා යස්මා සඞ්ඝො අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස, තස්මා සඞ්ඝම්හි සුප්පතිට්ඨිතා අස්ස පෙතජනස්ස දීඝරත්තං හිතාය උපකප්පති සම්පජ්ජති ඵලතීති වුත්තං හොති. උපකප්පතීති ච ඨානසො උපකප්පති, තංඛණංයෙව උපකප්පති, න චිරෙන. යථා හි තංඛණඤ්ඤෙව පටිභන්තං “ඨානසොවෙතං තථාගතං පටිභාතී”ති වුච්චති, එවමිධාපි තංඛණංයෙව උපකප්පන්තා “ඨානසො උපකප්පතී”ති වුත්තා. යං වා තං “ඉදං ඛො, බ්‍රාහ්මණ, ඨානං, යත්ථ ඨිතස්ස තං දානං උපකප්පතී”ති (අ· නි· 10.177) වුත්තං, තත්ථ ඛුප්පිපාසිකවන්තාසපරදත්තූපජීවිනිජ්ඣාමතණ්හිකාදිභෙදභින්නෙ ඨානෙ උපකප්පතීති වුත්තං යථා කහාපණං දෙන්තො “කහාපණසො දෙතී”ති ලොකෙ වුච්චති. ඉමස්මිඤ්ච අත්ථවිකප්පෙ උපකප්පතීති පාතුභවති, නිබ්බත්තතීති වුත්තං හොති.
එහි අර්ථය : “මහරජ, නුඹ විසින් අද තමාගේ ඥාතී සමූහයා උදෙසා “අයඤ්ච ඛො දක්ඛිණා” මේ දක්ෂිණාවක් “දින්නා” දෙන ලද්දේ ද එය - යම් හෙයකින් සංඝයා ලෝකයාට අනුත්තර පුණ්‍ය ක්ෂේත්රයක් වේ ද එහෙයින් “සංඝම්හි සුප්පතිට්ඨිතා අස්ස” සංඝයා කෙරෙහි මැනවින් පිහිටියා වන්නීය. ප්‍රේත ජනයාට “දීඝ රතනං හිතාය උපකප්පති” බොහෝ කාලයක් හිත පිණිස එළඹේ. (ඔවුන්ගේ බලාපොරොත්තු) සමෘද්ධ වේ. ඵල දරයි යනුවෙන් වදාරන ලද්දේ වෙයි. එළඹෙන්නේ ද “ඨානසො” ස්ථාන වශයෙන් එළඹේ. එකෙණහිම එළඹේ. බොහෝ කලකින් නොවේ. යම් සේ එකෙණහිම වැටහෙන්නේ “ඨානසො චෙතං තථාගතං පටිභාති” යයි කියනු ලැබේ ද ඒ අයුරින්ම මෙහිද එකෙණෙහිම එළඹීම “ඨානසො උපකප්පති” යයි කියන ලදී. නැතහොත් “බ්‍රාහ්මණය, යම් තැනක සිටියහුට ඒ දානය එළඹේ ද මේ ඒ ස්ථානය යයි යමක් වදාරන ලද්දේ ද එහි ඛුප්පිපාසික, වන්තාස, පරදත්තූපජීවි, නිජ්ඣාමතණ්හිකා ආදී ප්‍රභේද ගත ස්ථානයන්හි එළඹේ යයි කියන ලද්දේ වෙයි. යම්සේ කහවණුවක් දෙන්නේ “කහපණසො දදාති” යයි ලෝකයෙහි කියනු ලැබේ ද එලෙසිනි. මේ විකල්පාර්ථයෙහි ද “උපකප්පති” යන්නෙන් පහළ වේ. උපදී යයි කියන ලද්දේ වෙයි.
තෙරසමගාථාවණ්ණනා
තෙරසමගාථාවණ්ණනා
එවං භගවා රඤ්ඤා දින්නාය දක්ඛිණාය සාත්ථකභාවං දස්සෙන්තො –
මෙසේ භාග්‍යවතුන් වහන්සේ රජතුමා විසින් දෙන ලද දක්ෂිණාවෙහි සාර්ථකභාවය දක්වන්නාහු :
“අයඤ්ච ඛො දක්ඛිණා දින්නා, සඞ්ඝම්හි සුප්පතිට්ඨිතා; දීඝරත්තං හිතායස්ස, ඨානසො උපකප්පතී”ති. –
“අයඤ්ච ඛො දක්ඛිණා දින්නා සංඝම්හි සුප්පතිට්ඨිතා දීඝරත්තං හිතාය’ස්ස ඨානසො උපකප්පති”
“මේ දක්ෂිණාව සංඝයා කෙරෙහි මැනවින් පිහිටියේ වන්නේය. එහෙයින් එය ප්‍රේත සමූහයාට දීර්ඝ කාලයක් හිත සැප පිණිස විපාක දෙයි. එකෙණෙහිම පහළවීම් වශයෙන් විපාක දෙයි”
වත්වා පුන යස්මා ඉමං දක්ඛිණං දෙන්තෙන ඤාතීනං ඤාතීහි කත්තබ්බකිච්චකරණවසෙන ඤාතිධම්මො නිදස්සිතො, බහුජනස්ස පාකටීකතො, නිදස්සනං වා කතො, තුම්හෙහිපි ඤාතීනං එවමෙව ඤාතීහි කත්තබ්බකිච්චකරණවසෙන ඤාතිධම්මො පරිපූරෙතබ්බො, න නිරත්ථකෙහි රුණ්ණාදීහි අත්තා පරිතාපෙතබ්බොති ච පෙතෙ දිබ්බසම්පත්තිං අධිගමෙන්තෙන පෙතානං පූජා කතා උළාරා, බුද්ධප්පමුඛඤ්ච භික්ඛුසඞ්ඝං අන්නපානාදීහි සන්තප්පෙන්තෙන භික්ඛූනං බලං අනුපදින්නං, අනුකම්පාදිගුණපරිවාරඤ්ච චාගචෙතනං නිබ්බත්තෙන්තෙන අනප්පකං පුඤ්ඤං පසුතං, තස්මා භගවා ඉමෙහි යථාභුච්චගුණෙහි රාජානං සම්පහංසෙන්තො –
යයි වදාරා නැවත - යම් හෙයකින් මේ දක්ෂිණාව දෙන තැනැත්තා විසින් ඥාතීන්ට ඥාතීන් විසින් කළ යුතු කාර්යය කිරීම් වශයෙන් ඥාති ධර්මය නිදර්ශනය කළේ ද බොහෝ ජනයාට ප්‍රකට කළේ ද නැතහොත් “නුඹලා විසින් ඥාතින්ට මේ ආකාරයට ඥාතීන් විසින් කළ යුතු කාර්ය්ය කිරීම් වශයෙන් ඥාති ධර්මය සම්පූර්ණ කළ යුතුය, නිරර්ථක හැඬීම් ආදියෙන් තමා තැවීමට පත් නොකළ යුතු යයි පෙන්වා දීමක් කරන ලද්දේ ද, ඒ ප්‍රේතයන්ට දිව්‍ය සම්පත් ලබා දෙන්නා විසින් ප්‍රේතයන්ට උදාර පූජාවක් කරන ලද්දේ ද බුද්ධ ප්රමුඛ සංඝයාට ආහාර පාන ආදියෙන් සන්තර්පනය කරන්නා විසින් භික්ෂූන්ට බලයක් දෙන ලද්දේ ද අනුකම්පා ආදී ගුණයන්ගෙන් පිරිවරන ලද පරිත්‍යාග චේතනාව උපදවා ගත් තැනැත්තා විසින් අනල්ප වූ පිනක් උපදවා ගන්නා ලද්දේ ද එහෙයින් භාග්‍යවතුන් වහන්සේ මේ සත්‍ය වූ ගුණයන් කරණ කොට ගෙන රජතුමාට ප්‍රශංසා කරන්නාහු
“සො ඤාතිධම්මො ච අයං නිදස්සිතො, පෙතාන පූජා ච කතා උළාරා; බලඤ්ච භික්ඛූනමනුප්පදින්නං, තුම්හෙහි පුඤ්ඤං පසුතං අනප්පක”න්ති. –
ඉමාය ගාථාය දෙසනං පරියොසාපෙති.
අථ වා “සො ඤාතිධම්මො ච අයං නිදස්සිතො”ති ඉමිනා ගාථාපදෙන භගවා රාජානං ධම්මියා කථාය සන්දස්සෙති. ඤාතිධම්මනිදස්සනමෙව හි එත්ථ සන්දස්සනං පෙතාන පූජා ච කතා උළාරාති ඉමිනා සමාදපෙති. උළාරාති පසංසනමෙව හි එත්ථ පුනප්පුනං පූජාකරණෙ සමාදපනං. බලඤ්ච භික්ඛූනමනුප්පදින්නන්ති ඉමිනා සමුත්තෙජෙති. බලානුප්පදානමෙව හි එත්ථ එවං දානං, බලානුප්පදානතාති තස්ස උස්සාහවඩ්ඪනෙන සමුත්තෙජනං. තුම්හෙහි පුඤ්ඤං පසුතං අනප්පකන්ති ඉමිනා සම්පහංසෙති. පුඤ්ඤප්පසුතකිත්තනමෙව හි එත්ථ තස්ස යථාභුච්චගුණසංවණ්ණනභාවෙන සම්පහංසනජනනතො සම්පහංසනන්ති වෙදිතබ්බං.
“සො ඤාති ධම්මොච අයං නිදස්සිතො” යන මේ ගාථා පදයෙන් රජුට; දැහැමි කථාවෙන් මැනවින් (කරුණු) දක්වති. ඥාතිධර්ම නිදර්ශනයම මෙහි සංදර්ශනයයි. “පෙතනං පූජා ච කතා උළාරා” යන මෙයින් සමාදන් කරවති. “උළාරා” යයි ප්‍රශංසා කිරිමට මෙහි නැවත නැවත පූජා කිරීමෙහි යෙදවීමයි. “බලඤ්ච භික්ඛුනමනුප්පදින්නං” යන මෙයින් උත්සාහවත් කරයි. බලය දීමම වන මෙහි වනාහී මෙසේ ප්‍රකාශ කිරීම බලය දීමෙහි උත්සාහය වර්ධනය කිරීමෙන් උත්තේජනයට පත් කිරීමයි. “තුම්හෙහි පුඤ්ඤං පසුතං අනප්පකං” යන මෙයින් සතුටු කරවයි. පින්රැස් කිරීම පසසන්නා වූ ම මෙහි වනාහි ඔහුගේ පවතින ගුණ සංවර්ණනා කිරීම් වශයෙන් සතුට ඇති කිරීමෙන් සතුටට පත් කිරීම යයි දත යුතුය.
දෙසනාපරියොසානෙ ච පෙත්තිවිසයූපපත්තිආදීනවසංවණ්ණනෙන සංවිග්ගානං යොනිසො පදහතං චතුරාසීතියා පාණසහස්සානං ධම්මාභිසමයො අහොසි. දුතියදිවසෙපි භගවා දෙවමනුස්සානං ඉදමෙව තිරොකුට්ටං දෙසෙසි, එවං යාව සත්තමදිවසා තාදිසො එව ධම්මාභිසමයො අහොසීති.
දේශනාව කෙළවර ප්‍රේත විෂයෙහි ඉපදීමේ ආදීනව වර්ණනා කිරිමෙන් සංවේගයට පත් නුවණින් ස්ථිරව පිහිටි අසූහාර දහසක් ප්‍රාණින්ට ධර්මාවබෝධය විය. දෙවන දවසේ ද භාග්‍යවතුන් වහන්සේ දෙවි මිනිසුන්ට මේ තිරොකුඩ්ඩ සූත්‍රයම දේශනා කළහ. මෙසේ සත්වෙනි දින දක්වා එබඳුම ධර්මාවබෝධයක් විය.
පරමත්ථජොතිකාය ඛුද්දකපාඨ-අට්ඨකථාය තිරොකුට්ටසුත්තවණ්ණනා නිට්ඨිතා.
තිරොකුඩ්ඩ සූත්‍ර වර්ණනාව නිමියේය.