7. තිරොකුඩ‍්ඩසුත‍්තං
7. තිරොකුඩ‍්ඩසුත‍්තං
7. තිරොකුඩ්ඩ සූත්‍රය
1. තිරොකුඩ‍්ඪෙසු තිට‍්ඨන‍්ති සන්‍ධිසිඞ‍්ඝාටකෙසු ච ද‍්වාරබාහාසු තිට‍්ඨන‍්ති ආගන‍්ත්‍වාන සකං ඝරං.
1. (ඥාතිප්‍රේතයෝ) තමන් පෙර වුසූ ගෙය කරා අවුත් බිත්තියෙන් පිටත්හි ද ගෘහසන්‍ධි භිත්තිසන්‍ධි සතරමංහන්දි තුන්මංහන්දි යන මේ තන්හි ද දොරබා නිසා ද සිටිත්.
2. පහූතෙ අන‍්නපානම‍්හි ඛජ‍්ජභොජ‍්ජෙ උපට‍්ඨිතෙ න තෙසං කොචි සරති සත‍්තානං කම‍්මපච‍්චයා.
2. බොහෝ වූ ආහාරපාන ද ඛාද්‍යභෝජ්‍ය ද පිළියෙල ව ඇති කල්හි (පවා) ඒ ප්‍රේතලෝකයෙහි උපන් සත්ත්‍වයන්ගේ අකුශලකර්‍ම හේතුවෙන් කිසි ම නෑදෑයෙක් ඔවුන් සිහි නො කෙරෙයි.
3. එවං දදන‍්ති ඤාතීනං යෙ හොන‍්ති අනුකම‍්පකා සුචිං පණීතං කාලෙන කප‍්පියං පානභොජනං.
3-5. නෑයන් අතුරෙන් යම් කෙනෙක් ඔවුනට අනුකම්පා කරන්නාහු වෙත් ද. ඔහු තුමූ “මේ පින පරලොව ගිය අප නෑයනට වේවා. ඒ නෑයෝ සුවපත් වෙත්වා”යි කියා, ඔවුන් අවුත් සිට කල්හි, ඒ නෑයන් උදෙසා පවිත්‍ර වූ ප්‍රණීත වූ කැප වූ ආහාර පාන දන් දෙත්. ඒ ඥාති ප්‍රේතයෝ ද ඒ දන් දෙන තැනට නොයෙක් දිශාභාගයෙන් අවුත් එක් රැස් වූවාහු, තමන් උදෙසා බොහෝ ආහාරපාන දෙනු ලබන කල්හි සකසා (කම් පල අදහා) පින් අනුමෝදන් කෙරෙත් (හෙවත් එය අනුව සතුටු වෙත්). “යම් කෙනෙකුන් නිසා (පින් අනුමෝදන් කළ) මෙ කෙණෙහි සම්පත් ලබමෝ ද, ඒ අප නෑයෝ බොහෝ කල් ජීවත් වෙත්වා. ඔවුන් විසින් දන් දී පින් පැමිණවීම් වශයෙන් අපට ද පූජා කරන ලදී” යී ද තුති කෙරෙත්. ඒ දන් දුන් දායකයෝ ද ඵල රහිතයෝ නො වෙති.
4. ඉදං වො ඤාතීනං හොතු, සුඛිතා හොන‍්තු ඤාතයො තෙ ච තත්‍ථ සමාගන‍්ත්‍වා ඤාතිපෙතා සමාගතා
5. පහූතෙ අන‍්නපානම‍්හි සක‍්කච‍්චං අනුමොදරෙ. “චිරං ජීවන‍්තු නො ඤාතී යෙසං හෙතු ලභාමසෙ අම‍්හාකං ච කතා පූජා” දායකා ච අනිප‍්ඵලා.
6. න හි තත්‍ථ කසී අත්‍ථි ගොරක‍්ඛෙත්‍ථ න විජ‍්ජති වණිජ‍්ජා ත දීසි නත්‍ථි හිරඤ‍්ඤෙන [කයාක‍්කයං ඉතො දින‍්නෙන යාපෙන‍්ති පෙතා කාලකතා තහිං.
6. ඒ ප්‍රේතලෝකයෙහි සී සෑමෙක් නැත්තේ ය. ගව පාලනයත් එහි නැත්තේ ය. (සම්පත් ලැබීමට හේතු වූ) එබඳු වෙළෙඳාමෙකුත් නැත්තේ ය. රන්රිදියෙන් කරණ ගණුදෙනුවෙක් ද නැත්තේ ය. (හුදෙක් ) මැරී ඒ ප්‍රේතවිෂයයට පැමිණියෝ මේ මිනිස්ලොව වසන නෑමිතුරන් විසින් දෙන ලද පිනෙකින් ඒ ප්‍රේතයෝනියෙහි යැපෙත්.
7. උන‍්නමෙ උදකං වට‍්ඨං යථා නින‍්නං පවත‍්තති එවමෙව ඉතො දින‍්නං පෙතානං උපකප‍්පති.
7. යම්සේ උස් බිමෙක් වට ජලය මිටි බිම කරා ගලා බසී ද, එ පරිද්දෙන් ම මේ මිනිස්ලොවෙහි දී ඥාත්‍යාදීන් විසින් දුන් දානය (එහි විපාක වශයෙන්) ප්‍රේතයන්හට පැමිණේ (ලැබේ).
8. යථා වාරිවහා පූරා පරිපූරෙන‍්ති සාගරං එවමෙව ඉතො දින‍්නං, පෙතානං උපකප‍්පති.
8. යම් සේ මහා නදීහු කුඩා ගං හෝ ආදියෙහි රැස් වන දියෙන් පිරුණාහු සාගරය පුරාලත් ද, එ පරිද්දෙන් ම මේ මිනිස්ලොවෙහිදී ඥාත්‍යාදීන් විසින් දුන් දානය (එහි විපාක වශයෙන්) ප්‍රේතයන්හට පැමිණේ (ලැබේ).
9. අදාසි මෙ අකාසි මෙ ඤාතිමිත‍්තා සඛා ච මෙ පෙතානං දක‍්ඛිණං දජ‍්ජා පුබ‍්බෙ කතමනුස‍්සරං.
9. “මට මෙ බඳු ධනයක් හෝ ධාන්‍යයක් හෝ දුන්නේ ය යි ද, මගේ මේ කටයුත්ත කෙළේ ය යි ද, මොහු තුමූ මගේ නෑයෝ ය යි ද, මිත්‍රයෝ ය යි ද (අසුවලා වැළි කෙළියෙහි පටන්) මාගේ යහළුවා ය”යි ද මෙසේ පෙර කරණ ලද උපකාර සිහි කෙරෙමින් මිය පරලොව ගියවුන් උදෙසා දන් දිය යුත්තේ ය.
10. න හි රුන‍්නං ව සොකො වා යා චඤ‍්ඤා පරිදෙවනා න තං පෙතානමත්‍ථාය එවං තිට‍්ඨන‍්ති ඤාතයො.
10. හැඬීමක් හෝ ශෝක කිරීමක් හෝ යම් අනෙක් වැලැපීමෙක් හෝ වේ ද, එය පරලොව ගියවුන්ගේ ප්‍රයෝජනය පිණිස නො වේ. ඒ ප්‍රෙතයෝ එහි උපන් පරිද්දෙන් ම සිටිත්. (මේ ඇඩුම්වැලැපුම්වලින් වැඩෙක් නො වේ.)
11. අයං ඛො දක‍්ඛිණා දින‍්නා සඞ‍්ඝම‍්හි සුප‍්පතිට‍්ඨිතා, දීඝරත‍්තං හිතායස‍්ස ඨානසො උපකප‍්පති.
11. (මහරජ, ඔබ විසින් අද තමන්ගේ ඥාතිසමූහයා උදෙසා) යම් දානයෙක් දෙන ලද්දේ ද, ඒ මේ දක්‍ෂිණාව (නිරුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර හෙයින්) සඞ්ඝයා කෙරෙහි සුපිහිටියේ වන්නේ ය. එ හෙයින් එය ඒ ප්‍රේතසමුහයාට දීර්‍ඝ කාලයක් හිත සැප පිණිස විපාක දෙයි. එ කෙණෙහි ම (පහළ වීම් වශයෙන්) විපාක දෙයි.
12. සො ඤාතිධම‍්මො ච අයං නිදස‍්සිතො පෙතාන පූජා ච කතා උළාරා. බලඤ‍්ච භික‍්ඛූනමනුප‍්පදින‍්නං තුම‍්හෙහි පුඤ‍්ඤං පසුතං අනප‍්පකං.
12. (මේ දක්‍ෂිණාවදෙන්නාවූ ඔබ විසින්) නෑයන් විසින් නෑයන් සඳහා කට යුතු වූ ඥාතිධර්‍මය දක්වන ලදි. (නිරර්‍ත්‍ථක වූ හැඬීම් වැලපීම් ආදිය ඥාතිධර්‍මය නො වෙයි.) (ප්‍රෙතයන් ප්‍රේතභාවයෙන් මුදවා දිව්‍යසම්පත්තියට පමුණවන්නාවු ඔබ විසින්) ප්‍රේතයනට මහත් වු පූජාවෙක් ද කරණ ලදී. (බුද්ධප්‍රමුඛ සඞ්ඝයා ආහාරපානාදීන් සන්තර්‍පණය කරවන්නාවූ ඔබ විසින්) භික්‍ෂූන්හට ශක්තිය ද දෙන ලදී. ඔබ විසිනුදු මහත් වූ පිනෙක් රැස් කර ගන්නා ලදී.
තිරොකුඩ‍්ඩසුත‍්තං.
තිරොකුඩ්ඩ සූත්‍රය යි.