8. නිධිකණ‍්ඩසුත‍්තං
8. නිධිකණ‍්ඩසුත‍්තං
8. නිධිකණ්ඩ සූත්‍රය
1. නිධිං නිධෙති පුරිසො ගම‍්භීරෙ ඔදකන‍්තිකෙ අත්‍ථෙ කිච‍්චෙ සමුප‍්පන‍්නෙ අත්‍ථාය මෙ භවිස‍්සති.
1. “අභිවෘද්ධිදායක යම් කිසි කටයුත්තක් ඇති වූ කල්හි මගේ ප්‍රයෝජනය පිණිස වන්නේ ය”යි සලකා පුරුෂයෙක් ජලය තාක් ගැඹුරු වූ තැනෙක්හි නිධානයක් කෙරෙයි.
2. රාජතො වා දුරුත‍්තස‍්ස චොරතො පීළිතස‍්ස වා ඉණස‍්ස වා පමොක‍්ඛාය දුබ‍්භික‍්ඛෙ ආපදාසු වා, එතදත්‍ථාය ලොකස‍්මිං නිධි නාම නිධීයති.
2. ‘මෙ තෙමේ සොරෙක අපරාධකාරයෙකැ’යි සතුරන් විසින් රජුට දැන්වූ කල්හි (එසේ දෝෂාරෝපණ වශයෙන්) නපුරු කොට කියන ලද්දහුට රජුගෙන් මිදීම පිණිස ද, සොරුන් විසින් පෙළන ලද්දහුට ඔවුන්ගෙන් මිදීම පිණිස ද, (නයහිමියන් තමන්ගේ නයමුදල් ඉල්ලා බල කරණ කල්හි ඒ) නයින් මිදීම පිණිස ද, දුර්භික්‍ෂ කාලයෙක්හි හෝ විපතක් පැමිණි කල්හි හෝ ප්‍රයෝජනය පිණිස වන්නේ ය යි සලකා ලෝකයෙහි (රන්රුවන් ආදි) ධනය නිධාන කොට තබනු ලැබේ.
3. තාව සුනිහිතො සන‍්තො ගම‍්භීරෙ ඔදකන‍්තිකෙ න සබ‍්බො සබ‍්බදා එව තස‍්ස තං උපකප‍්පති.
3. ජලයට සමීප තාක් ගැඹුරු වූ තැනෙක්හි එතරම් සුරක්‍ෂිත ලෙස තැන්පත් කොට තබන ලද්දාවූ ඒ සියලු ධනය හැම කල්හි ම ඔහුගේ කාර්‍ය්‍යසිද්ධිය පිණිස නො වෙයි.
4. නිධි වා ඨානා චවති සඤ‍්ඤා වාස‍්ස විමුය‍්හති. නාගා වා අපනාමෙන‍්ති යක‍්ඛා වාපි හරන‍්ති නං.
4. නිධානය හෝ තුබූතැනින් ඉවත් වෙයි. නිධාන කළ තැන පිළිබඳ ඔහුගේ සංඥාව හෝ මුළා වෙයි. (තුබූ තැන හැඳින ගත නොහැකි වෙයි.) නාගයෝ හෝ නිධානය තුබූ තැනින් ඉවත් කෙරෙත්. යක්‍ෂයෝ හෝ එය හැර ගෙණ යත්.
5. අප‍්පියා වාපි දායාදා උද‍්ධරන‍්ති අපස‍්සතො යදා පුඤ‍්ඤක‍්ඛයො හොති සබ‍්බමෙතං විනස‍්සති
5. අප්‍රිය වූ දායාදයෝ (උරුමක්කාරයෝ) හෝ ඔහු නො දැක්කදී පොළොව සාරා නිධානය ගොඩ ගණිත්. යම් කලෙක්හි පින් ගෙවී යෑමක් වේ ද, එකල්හි මේ සියල්ල වැනසෙයි.
6. යස‍්ස දානෙන සීලෙන සංයමෙන දමෙන ච නිධී සුනිහිතො හොති ඉත්‍ථියා පුරිසස‍්ස වා
6. යම් ස්ත්‍රියක විසින් හෝ පුරුෂයකු විසින් හෝ දානයෙන් ද ශීලයෙන්ද චිත්තසංයම සඞ්ඛ්‍යාත සමාධියෙන් ද ක්ලේශෝපශම සඞ්ඛ්‍යාත ප්‍රඥායෙන් ද මනා සේ නිධානයක් කරණ ලද්දේ වේ ද,
7. චෙතියම‍්හි ච සඞ‍්ඝෙ වා පුග‍්ගලෙ අතිථීසු වා මාතරි පිතරි වාපි අථො ජෙට‍්ඨම‍්හි භාතරි
7. චෛත්‍යය කෙරෙහිද, සඞ්ඝයා කෙරෙහි ද, යම් පුද්ගලයකු ද කෙරෙහි ද, ආගන්තුකයකු කෙරෙහි ද, මව කෙරෙහි ද, පියා කෙරෙහි ද, නැවත වැඩි මහලු සහෝදරයා (හෝ සහෝදරිය) කෙරෙහි ද,
8. එසො නිධි සුනිහිතො අජෙය්‍යො අනුගාමිකො පහාය ගමනීයෙසු එතං ආදාය ගච‍්ඡති.
8. දානාදි විධියෙන් මනා සේ තැන්පත් කරණ ලද මේ නිධානය ද, අන්‍යයන් විසින් දිනා ගන්නට නො හැකි ය. පරලොව යන කල්හි ද විපාක දීම් වශයෙන් තමා අනු ව යන්නේ වෙයි. මරණාවස්ථාවෙහි හැර දමා යෑ යුතු වස්තූන් ඇති කල්හි මේ පුණ්‍යානිධානය රැගෙණ පර ලොව යෙයි.
9. අසාධාරණමඤ‍්ඤෙසං අචොරහරණො නිධි කයිරාථ ධීරො පුඤ‍්ඤානි යො නිධී අනුගාමිකො
9. පුණ්‍යානිධානය තෙමේ අන්‍යයන්ට සාධාරණ නොවේ. සොරුන් විසින් පැහැර ගත නො හැකිය. (පරලොව යන කල්හි ද) තමා අනුව යන්නා වු යම් පුණ්‍යනිධානයෙක වේ ද, නුවණැත්තේ ඒ පින්කම කරන්නේ ය.
10. එස දෙවමනුස‍්සානං සබ‍්බකාමදදො නිධි යං යදෙවාහිපත්‍ථෙන‍්ති සබ‍්බමෙතෙන ලබ‍්භති.
10. මේ පුණ්‍යකර්‍මය තෙමේ දෙවිමිනිසුන්ට සියලු කැමැති සම්පත් දෙන නිධානය යි. ඔහු යමක් යමක් ප්‍රාර්‍ත්‍ථනා කෙරෙද්ද ඒ සියල්ල මේ පුණ්‍ය නිධානය කරණ කොට ගෙණ ලැබේ.
11. සුවණ‍්ණතා සුස‍්සරතා සුසණ‍්ඨාන සුරූපතා ආධිපච‍්චපරිවාරං සබ‍්බමෙතෙන ලබ‍්භති.
11. සුන්‍දර ඡවිවර්‍ණ ඇති බව ද, මධුර වූ ස්වර ඇති බව ද, අඟපසඟ පිළිබඳ මනා සටහන් ඇති බව ද, සුන්‍දර ශරීර ඇති බව ද, අධිපතිභාවය හා පිරිවර ජනයා (පිරිස්) ද යන සියල්ල මේ පුණ්‍යනිධානය කරණ කොට ගෙණ ලැබේ.
12. පදෙසරජ‍්ජං ඉස‍්සරිය, චක‍්කවත‍්තිසුඛං පියං දෙවරජ‍්ජම‍්පි දිබ‍්බෙසු සබ‍්බමෙතෙන ලබ‍්භති.
12. ප්‍රදේශරාජ්‍යය ද, එක් එක් දිවයිනෙහි අණසක පැවැත්වීම නම් වූ ද්වීපචක්‍රවර්තිරාජ්‍යය ද, ප්‍රිය වූ මුළු සතර මහ දිවයිනේ අණසක පැවැත්වීම සඞ්ඛ්‍යාත චක්‍රවර්තිරාජ්‍ය සැපය ද දෙව්ලොව දිව්‍ය සැපය ද යන සියල්ල මේ පුණ්‍යනිධානය කරණ කොට ගෙණ ලැබේ.
13. මානුසිකා ච සම‍්පත‍්ති දෙවලොකෙ ච යා රති යා ච නිබ‍්බාණසම‍්පත‍්ති සබ‍්බමෙතෙන ලබ‍්භති.
13. යම් මනුෂ්‍ය සම්පත්තියක් ඇද්ද, දෙව්ලොව යම් සුඛයක් හා සුඛ වස්තුවකුත් ඇද්ද, යම් නිර්‍වාණසම්පත්තියකුත් ඇද්ද, ඒ සියල්ල මේ පුණ්‍යනිධානයකරණ කොට ගෙණ ලැබේ.
14. මිත‍්තසම‍්පදමාගම‍්ම යොනිසොව පයුඤ‍්ජතො. විජ‍්ජාවිමුත‍්තිවසීභාවො සබ‍්බමෙතෙන ලබ‍්භති.
14. කල්‍යාණමිත්‍රසම්පත්තිය නිසා උපායමනස්කාරයෙන් භාවනායෝගයෙහි යෙදෙන්නහුට පූර්වේනිවාසානුස්මෘතිඥානාදි ත්‍රිවිද්‍යාවෝ ය, අෂ්ටසමාපත්ති හා නිර්‍වාණධර්‍මසඞ්ඛ්‍යාත විමුක්තිය යන මොවුන් කෙරෙහි වශීභාවය ද යන සියල්ල මේ පුණ්‍යනිධානය කරණ කොට ගෙණ ලැබේ.
15. පටිසම‍්භිදා විමොක‍්ඛා ච යා ච සාවකපාරමී පච‍්චෙකබොධි බුද‍්ධභූමි සබ‍්බමෙතෙන ලබ‍්භති.
15. අර්‍ත්‍ථ - ධර්‍ම - නිරුක්ති - ප්‍රතිභානප්‍රඥාසඞ්ඛ්‍යාත පටිසම්භිදාවන් ද, අෂ්ටවිධවිමෝක්‍ෂයන් ද, බුද්ධශ්‍රාවකයන් විසින් ලැබිය යුතු වූ ශ්‍රාවකසම්පත්තිය සිද්ධ කර්‍ණ යම් ශ්‍රාවකපාරමිතාවක් ඇත් නම් එය ද, ස්වයම්භූභාවය සිද්ධ කරණ යම් ප්‍රත්‍යෙකබෝධියක් (පසේ බුදුබවක්) ඇත් නම් එය ද, සියලු සත්ත්‍වයන්ට උතුම් බව සිද්ධ කරණ අනුත්තර බුද්ධභූමියක් (ලොව්තුරා බුදු බවක්) ඇත් නම් එය ද යන සියල්ල මේ පුණ්‍යනිධානය කරණ කොට ගෙණ ලැබේ.
16. එවං මහත්‍ථිකා එසා යදිදං පුඤ‍්ඤසම‍්පදා තස‍්මා ධීරා පසංසන‍්ති පණ‍්ඩිතා කතපුඤ‍්ඤතං.
16. යම් මේ පුණ්‍යසම්පත්තියක් වේ ද, එය මෙසේ මහත් අභිවෘද්ධිය පිණිස පවත්නේ ය. එහෙයින් ධීර ගුණයෙන් යුත් පණ්ඩිතයෝ කළ පින් ඇති බව පසසත්.
නිධිකණ‍්ඩසුත‍්තං.
නිධිකණ්ඩ සූත්‍රය යි.