8. නිධිකණ‍්ඩසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා
8. නිධිකණ්ඩ සූත්‍රය වර්ණනාව
නික‍්ඛෙපකාරණං
නික්ඛෙපකාරණං
ඉදානි යදිදං තිරොකුට‍්ටානන‍්තරං “නිධිං නිධෙති පුරිසො”තිආදිනා නිධිකණ‍්ඩං නික‍්ඛිත‍්තං, තස‍්ස –
දැන් ඉදින් මේ තිරොකුඩ්ඩ සූත්‍රයෙන් අනතුරුව “නිධිං නිධෙති පුරිසො” (පුරුෂතෙම නිධානයක් තැන්පත් කෙරේ) යි ආදී වශයෙන් නිධිකණ්ඩ සූත්‍රය ඇතුළත් කරන ලද්දේ ද එහි :
“භාසිත්‍වා නිධිකණ‍්ඩස‍්ස, ඉධ නික‍්ඛෙපකාරණං; අට‍්ඨුප‍්පත‍්තිඤ‍්ච දීපෙත්‍වා, කරිස‍්සාමත්‍ථවණ‍්ණනං”.
“නිධිකණ්ඩ සූත්‍රය මෙහි ඇතුළත් කිරීමට හේතුව කියා දේශනා කිරීමට හේතුව හෙවත් නිදානය පැහැදිලි කොට අර්‍ථ වර්ණනාව කරන්නෙමි”
තත්‍ථ ඉධ නික‍්ඛෙපකාරණං තාවස‍්ස එවං වෙදිතබ‍්බං. ඉදඤ‍්හි නිධිකණ‍්ඩං භගවතා ඉමිනා අනුක‍්කමෙන අවුත‍්තම‍්පි යස‍්මා අනුමොදනවසෙන වුත‍්තස‍්ස තිරොකුට‍්ටස‍්ස මිථුනභූතං, තස‍්මා ඉධ නික‍්ඛිත‍්තං. තිරොකුට‍්ටෙන වා පුඤ‍්ඤවිරහිතානං විපත‍්තිං දස‍්සෙත්‍වා ඉමිනා කතපුඤ‍්ඤානං සම‍්පත‍්තිදස‍්සනත්‍ථම‍්පි ඉදං ඉධ නික‍්ඛිත‍්තන‍්ති වෙදිතබ‍්බං. ඉදමස‍්ස ඉධ නික‍්ඛෙපකාරණං.
එහි පළමුකොට මේ ඛුද්දක පාඨයෙහි ඇතුළත් කිරීමට හේතුව මෙසේ දත යුතුය. මේ නිධිකණ්ඩ සූත්‍රය වනාහී භාග්‍යවතුන් වහන්සේ විසින් මේ පිළිවෙලට දේශනා නොකරන ලද්දේ නමුදු යම්හෙයකින් අනුමෝදනා වශයෙන් දේශනා කළ තිරොකුඩ්ඩ සූත්‍රයෙහි (මේ පුණ්‍ය නිධානය) නියම කරන ලද්දේ ද එහෙයින් මෙහි ඇතුළත් කරන ලදී. නැතහොත් තිරෝකුඩ්ඩ සූත්‍රයෙන් පිනෙන් තොර වූවන්ගේ විපත්තිය දක්වා මේ නිධිකණ්ඩ සූත්‍රයෙන් කළ පින් ඇත්තන්ගේ සම්පත්තිය දැක්වීම සඳහා ද මේ සූත්‍රය මෙහි ඇතුළත් කරන ලද්දේ යයි දත යුතුය. මේ මෙය මෙහි ඇතුළත් කිරීමේ හේතුවයි.
සුත‍්තට‍්ඨුප‍්පත‍්ති
සුත්තට්ඨුප්පත්ති
අට‍්ඨුප‍්පත‍්ති පනස‍්ස – සාවත්‍ථියං කිර අඤ‍්ඤතරො කුටුම‍්බිකො අඩ‍්ඪො මහද‍්ධනො මහාභොගො. සො ච සද‍්ධො හොති පසන‍්නො, විගතමලමච‍්ඡෙරෙන චෙතසා අගාරං අජ‍්ඣාවසති. සො එකස‍්මිං දිවසෙ බුද‍්ධප‍්පමුඛස‍්ස භික‍්ඛුසඞ‍්ඝස‍්ස දානං දෙති. තෙන ච සමයෙන රාජා ධනත්‍ථිකො හොති, සො තස‍්ස සන‍්තිකෙ පුරිසං පෙසෙසි “ගච‍්ඡ, භණෙ, ඉත්‍ථන‍්නාමං කුටුම‍්බිකං ආනෙහී”ති. සො ගන‍්ත්‍වා තං කුටුම‍්බිකං ආහ “රාජා තං ගහපති ආමන‍්තෙතී”ති. කුටුම‍්බිකො සද‍්ධාදිගුණසමන‍්නාගතෙන චෙතසා බුද‍්ධප‍්පමුඛං භික‍්ඛුසඞ‍්ඝං පරිවිසන‍්තො ආහ “ගච‍්ඡ, භො පුරිස, පච‍්ඡා ආගමිස‍්සාමි, ඉදානි තාවම‍්හි නිධිං නිධෙන‍්තො ඨිතො”ති. අථ භගවා භුත‍්තාවී පවාරිතො තමෙව පුඤ‍්ඤසම‍්පදං පරමත්‍ථතො නිධීති දස‍්සෙතුං තස‍්ස කුටුම‍්බිකස‍්ස අනුමොදනත්‍ථං “නිධිං නිධෙති පුරිසො”ති ඉමා ගාථායො අභාසි. අයමස‍්ස අට‍්ඨුප‍්පත‍්ති.
මේ සූත්‍රය දේශනා කිරීමේ හේතුව වනාහී :- සැවැත් නුවර වනාහි එක් කෙළෙඹියෙක් ආඪ්‍යය. මහත් ධන ඇත්තේය. මහත් භෝග ඇත්තේය. හෙතෙම සැදැහැති ද තෙරුවන් කෙරෙහි පැහැදුණේ ද වෙයි. පහ වූ මසුරු මල ඇති සිතින් යුතුව ගිහියෙහි වසයි. හෙතෙම එක් දිනක් බුද්ධ ප්‍රමුඛ භික්ෂු සංඝයාට දන් දෙයි. එකල්හි රජතුමාට ධනය අවශ්‍ය වූයේ වෙයි. රජු “බොල”, යව අසවල් නම් ඇති කෙළෙඹියා ගෙනෙව”යි කියා ඔහු සමීපයට පුරුෂයෙකු යැවීය. හෙතෙම ගොස් ඒ කෙළෙඹියාට “ගෘහපතිය, රජ නුඹ කැඳවයි” යයි කීවේය. කෙළෙඹියා ශ්‍රද්ධා ආදී ගුණයෙන් යුත් සිතින් බුද්ධ ප්‍රමුඛ භික්ෂු සංඝයා වළඳවන්නේ “එම්බා පුරුෂය, යව පසුව එන්නෙමි. දැන් මම නිධානයක් තැන්පත් කරමින් සිටියේ වෙමි” කීය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ දන් වළඳා අවසන් කළාහු ඒ පුණ්‍ය සම්පත්තියම පරමාර්ථ වශයෙන් “නිධානයකැ”යි දැක්වීමට ඒ කෙළෙඹියාට අනුමෝදනා පිණිස “නිධිං නිධෙති පුරිසො” යන මේ ගාථා වදාළහ. මේ මෙහි අර්ථොත්පත්ති කථාවයි.
එවමස‍්ස –
මෙසේ
“භාසිත්‍වා නිධිකණ‍්ඩස‍්ස, ඉධ නික‍්ඛෙපකාරණං; අට‍්ඨුප‍්පත‍්තිඤ‍්ච දීපෙත්‍වා, කරිස‍්සාමත්‍ථවණ‍්ණනං”.
මේ නිධිකණ්ඩ සූත්‍රය මෙහි ඇතුළත් කිරීමට හේතුව කියා අර්ථොත්පත්තිය හෙවත් නිදානය පැහැදිලි කොට දැන් අර්‍ථ වර්ණනාව කරන්නෙමි.
පඨමගාථාවණ‍්ණනා
පඨමගාථාවණ්ණනා
“නිධිං නිධෙති පුරිසො ගම්භීරෙ ඔදකන්තිකෙ අත්‍ථෙ කිච්චෙ සමුප්පන්නෙ අත්‍ථාය මෙ භවිස්සති”
“අභිවෘද්ධි දායක යම්කිසි කටයුත්තක් ඇති වූ කල්හි මාගේ ප්‍රයෝජනය පිණිස වන්නේ යයි සළකා පුරුෂයෙක් ජලය තාක් ගැඹුරු වූ තැනක නිධානයක් තැන්පත් කෙරෙයි.”
තත්‍ථ නිධිං නිධෙති පුරිසොති නිධීයතීති නිධි, ඨපීයති රක‍්ඛීයති ගොපීයතීති අත්‍ථො. සො චතුබ‍්බිධො ථාවරො, ජඞ‍්ගමො, අඞ‍්ගසමො, අනුගාමිකොති. තත්‍ථ ථාවරො නාම භූමිගතං වා වෙහාසට‍්ඨං වා හිරඤ‍්ඤං වා සුවණ‍්ණං වා ඛෙත‍්තං වා වත්‍ථු වා, යං වා පනඤ‍්ඤම‍්පි එවරූපං ඉරියාපථවිරහිතං, අයං ථාවරො නිධි. ජඞ‍්ගමො නාම දාසිදාසං හත්‍ථිගවස‍්සවළවං අජෙළකං කුක‍්කුටසූකරං යං වා පනඤ‍්ඤම‍්පි එවරූපං ඉරියාපථපටිසංයුත‍්තං. අයං ජඞ‍්ගමො නිධි අඞ‍්ගසමො නාම කම‍්මායතනං, සිප‍්පායතනං, විජ‍්ජාට‍්ඨානං, බාහුසච‍්චං, යං වා පනඤ‍්ඤම‍්පි එවරූපං සික‍්ඛිත්‍වා ගහිතං අඞ‍්ගපච‍්චඞ‍්ගමිව අත‍්තභාවප‍්පටිබද‍්ධං, අයං අඞ‍්ගසමො නිධි. අනුගාමිකො නාම දානමයං පුඤ‍්ඤං සීලමයං භාවනාමයං ධම‍්මස‍්සවනමයං ධම‍්මදෙසනාමයං, යං වා පනඤ‍්ඤම‍්පි එවරූපං පුඤ‍්ඤං තත්‍ථ තත්‍ථ අනුගන‍්ත්‍වා විය ඉට‍්ඨඵලමනුප‍්පදෙති, අයං අනුගාමිකො නිධි. ඉමස‍්මිං පන ඨානෙ ථාවරො අධිප‍්පෙතො.
එහි “නිධිං නිධෙති පුරිසො” යන්නෙහි නිදන් කරනු ලැබේනුයි = නිධි වේ. තබනු ලැබේ. රකිනු ලැබේ. ආරක්ෂා කරනු ලැබේ යන අර්‍ථයයි. ඒ නිධානය සතරාකාර වේ. ථාවර, ජඞ්ගම, අඞ්ගසම, අනුගාමික වශයෙනි. එහි ථාවර නිධානය නම්: භූමිගත හෝ ආකාශගත හෝ අමුරන් හෝ රන් හෝ කුඹුරු හෝ ඉඩම් හෝ වෙනත් යම් මෙබඳු වූ ඉරියව් පැවැත්මෙන් තොර යමක් වේ ද මේ ථාවර නිධානයයි. ජඞ්ගම නිධානය නම් : දැසිදස්, ඇත්ගව, අස් වෙළඹ, එළු කුකුල්, ඌරන් හෝ වෙනත් යම් මෙබඳු ඉරියව් පැවැත්මෙන් යුත් යමෙක් වේ ද මේ ජඞ්ගම නිධානයයි. අඞ්ගසම නිධානය නම් : කර්‍මාන්ත දැනුමක් හෝ ශිල්ප දැනුමක් හෝ විද්‍යා දැනුමක් හෝ බහුශ්‍රැත බවක් හෝ තම අඟ පසඟ මෙන් ආත්මභාවය හා බැඳුණු මෙබඳු ඉගෙන ගෙන ලබාගත් වෙනත් යමක් වේ ද මේ අඞ්ගසම නිධානයයි. අනුගාමික නිධානය නම් : දානමය, ශීලමය, භාවනාමය, ධර්‍මශ්‍රවණමය, ධර්‍ම දේශනාමය පිනක් හෝ යම් මෙබඳු වූ ඒ ඒ තන්හි තමා අනුව ගොස් ඉෂ්ට ඵල ලබාදෙන වෙනත් පිනක් වේ ද මෙය අනුගාමික නිධානයයි. මෙතැනදී වනාහී ථාවර නිධානය අදහස් කරන ලදී.
නිධෙතීති ඨපෙති පටිසාමෙති ගොපෙති. පුරිසොති මනුස‍්සො. කාමඤ‍්ච පුරිසොපි ඉත්‍ථීපි පණ‍්ඩකොපි නිධිං නිධෙති, ඉධ පන පුරිසසීසෙන දෙසනා කතා, අත්‍ථතො පන තෙසම‍්පි ඉධ සමොධානං දට‍්ඨබ‍්බං. ගම‍්භීරෙ ඔදකන‍්තිකෙති ඔගාහෙතබ‍්බට‍්ඨෙන ගම‍්භීරං, උදකස‍්ස අන‍්තිකභාවෙන ඔදකන‍්තිකං. අත්‍ථි ගම‍්භීරං න ඔදකන‍්තිකං ජඞ‍්ගලෙ භූමිභාගෙ සතිකපොරිසො ආවාටො විය, අත්‍ථි ඔදකන‍්තිකං න ගම‍්භීරං නින‍්නෙ පල‍්ලලෙ එකද‍්විවිදත්‍ථිකො ආවාටො විය, අත්‍ථි ගම‍්භීරඤ‍්චෙව ඔදකන‍්තිකඤ‍්ච ජඞ‍්ගලෙ භූමිභාගෙ යාව ඉදානි උදකං ආගමිස‍්සතීති, තාව ඛතො ආවාටො විය. තං සන්‍ධාය ඉදං වුත‍්තං “ගම‍්භීරෙ ඔදකන‍්තිකෙ”ති. අත්‍ථෙ කිච‍්චෙ සමුප‍්පන‍්නෙති අත්‍ථා අනපෙතන‍්ති අත්‍ථං, අත්‍ථාවහං හිතාවහන‍්ති වුත‍්තං හොති. කාතබ‍්බන‍්ති කිච‍්චං, කිඤ‍්චිදෙව කරණීයන‍්ති වුත‍්තං හොති. උප‍්පන‍්නං එව සමුප‍්පන‍්නං, කත‍්තබ‍්බභාවෙන උපට‍්ඨිතන‍්ති වුත‍්තං හොති. තස‍්මිං අත්‍ථෙ කිච්චෙ සමුප්පන්නෙ. අත්‍ථාය මෙ භවිස‍්සතීති නිධානප‍්පයොජනනිදස‍්සනමෙතං. එතදත්‍ථඤ‍්හි සො නිධෙති “අත්‍ථාවහෙ කිස‍්මිඤ‍්චිදෙව කරණීයෙ සමුප‍්පන‍්නෙ අත්‍ථාය මෙ භවිස‍්සති, තස‍්ස මෙ කිච‍්චස‍්ස නිප‍්ඵත‍්තියා භවිස‍්සතී”ති. කිච‍්චනිප‍්ඵත‍්තියෙව හි තස‍්ස කිච‍්චෙ සමුප‍්පන‍්නෙ අත්‍ථොති වෙදිතබ‍්බො.
“නිධෙති” යනු තබයි, තැන්පත් කරයි. ආරක්ෂා කර තබයි; “පුරිසො” යනු මිනිසාය; ඒකාන්තයෙන් පුරුෂයා ද ස්ත්‍රිය ද නපුංසකයා ද නිධාන තැත්පත් කරති. මෙහි වනාහී පුරුෂ ශීර්ෂයෙන් දේශනාව කරන ලදී. අර්‍ථ වශයෙන් වනාහී ඔවුන් ද මෙහි ඇතුළත් බව දත යුතුය. “ගම්භීරෙ ඔදකන්තිකෙ” යනු බැස ගත යුතු බැවින් ගැඹුරු වූ; ජලය අවසන් කොට ඇති බැවින් “ඔදකන්තික” වේ. නිසරු භූමි භාගයක පුරුෂයන් සියයකගේ ගැඹුරු ඇති වළක් වැනි ගැඹුරු වූ එහෙත් ජලය අවසන් කොට නොමැති තැන් ඇත. පහත් මඩ වගුරු සහිත භූමියක එක් වියත් දෙවියත් පමණ වූ වළක් වැනි ජලය අවසන් කොට ඇති එහෙත් නොගැඹුරු තැන් ඇත. නිසරු භූමි භාගයක ජලය ලැබෙන තෙක් සාරන ලද වළක් වැනි ගැඹුරු වූ ද ජලය අවසන් කොට ඇත්තා වූ ද තැන් ඇත. එබඳු තැනක් සඳහා “ගම්භීරෙ ඔදකන්තිකෙ” යන මෙය කියන ලදී. “අත්‍ථෙ කිච්චෙ සමුප්පන්නෙ” යනු : අර්‍ථයෙන් ඉවත් නොවූයේනුයි = ‘අත්‍ථ’ වේ. අර්‍ථය ගෙන දෙන යහපත ගෙන දෙන යයි කියන ලද්දේ වෙයි. කළ යුත්තේනුයි =– කිච්ච වේ. කළ යුතු දේ යයි කියන ලද්දේ වෙයි. උපන් බවම = “සමුප්පන්න” යි. කළ යුතු වශයෙන් එළඹි යයි කියන ලද්දේ වෙයි. එබඳු කළ යුතු කාර්‍ය්‍යයක් එළඹි කල්හි; “අත්‍ථාය මෙ භවිස්සති” යන මෙය නිධානයෙහි ප්‍රයෝජන දක්වයි. අර්‍ථවත් කිසියම් කටයුත්තක් එළඹි කල්හි මට ප්‍රයෝජනය සඳහා වන්නේය. ඒ මාගේ කටයුත්ත නිමා කර ගැනීමට ප්‍රයෝජන වන්නේය” යන මෙම අර්‍ථය සදහා හෙතෙම නිදන් කරයි. ඔහුට කටයුත්තක් උපන් කල්හිම යනු “කිච්චෙ සමුප්පන්නෙ” යන්නෙහි අර්‍ථය බව දත යුතුය.
දුතියගාථාවණ‍්ණනා
දුතියගාථාවණ්ණනා
එවං නිධානප‍්පයොජනං දස‍්සෙන‍්තො අත්‍ථාධිගමාධිප‍්පායං දස‍්සෙත්‍වා ඉදානි අනත්‍ථාපගමාධිප‍්පායං දස‍්සෙතුමාහ –
මෙසේ නිධානයෙහි ප්‍රයෝජන දක්වන්නාහු අර්‍ථය ළඟාකර ගැනීමේ අභිප්‍රාය දක්වා දැන් අනර්ථය පහකර ගැනීමේ අභිප්‍රාය දැක්වීමට වදාළහ:
“රාජතො වා දුරුත‍්තස‍්ස, චොරතො පීළිතස්ස වා. ඉණස්ස වා පමොක්ඛාය, දුබ‍්භික‍්ඛෙ ආපදාසු වා”ති.
“රාජතොවා දුරුත්තස්ස චොරතො පීළිතස්ස වා ඉණස්ස වා පමොක්ඛාය දුබ්භික්ඛෙ ආපදාසුවා”
“නපුරු කොට කියන ලද්දහුට රජුගෙන් මිදීම පිණිස ද සොරුන් විසින් පෙළනු ලැබූවහුට ඔවුන්ගෙන් මිදීම පිණිස ද ණයෙන් මිදීම පිණිස ද දුර්භික්ෂ කාලයෙහි හෝ විපතක් පැමිණි කල්හි හෝ (ප්‍රයෝජන පිණිස වන්නේ යයි සළකා ධනය නිදන් කොට තබනු ලැබේ.)
තස‍්සත්‍ථො “අත්‍ථාය මෙ භවිස‍්සතී”ති ච “ඉණස‍්ස වා පමොක‍්ඛායා”ති ච එත්‍ථ වුත‍්තෙහි ද‍්වීහි භවිස‍්සතිපමොක‍්ඛාය-පදෙහි සද‍්ධිං යථාසම‍්භවං යොජෙත්‍වා වෙදිතබ‍්බො.
“අත්‍ථාය මෙ භවිස්සති” යයි ද “ඉණස්ස වා පමොක්ඛාය” යයි ද මෙහි කියන ලද “භවිස්සති” “පමොක්ඛාය” යන පද දෙක සමග සුදුසු පරිදි යොදා එහි අර්ථය දත යුතුය.
තත්‍ථායං යොජනා – න කෙවලං අත්‍ථාය මෙ භවිස‍්සතීති එව පුරිසො නිධිං නිධෙති, කින‍්තු “අයං චොරො”ති වා “පාරදාරිකො”ති වා “සුඞ‍්කඝාතකො”ති වා එවමාදිනා නයෙන පච‍්චත්‍ථිකෙහි පච‍්චාමිත‍්තෙහි දුරුත‍්තස‍්ස මෙ සතො රාජතො වා පමොක‍්ඛාය භවිස‍්සති, සන්‍ධිච‍්ඡෙදාදීහි ධනහරණෙන වා, “එත‍්තකං හිරඤ‍්ඤසුවණ‍්ණං දෙහී”ති ජීවග‍්ගාහෙන වා චොරෙහි මෙ පීළිතස‍්ස සතො චොරතො වා පමොක‍්ඛාය භවිස‍්සති. සන‍්ති මෙ ඉණායිකා, තෙ මං “ඉණං දෙහී”ති චොදෙස‍්සන‍්ති, තෙහි මෙ චොදියමානස‍්ස ඉණස‍්ස වා පමොක‍්ඛාය භවිස‍්සති. හොති සො සමයො, යං දුබ‍්භික‍්ඛං හොති දුස‍්සස‍්සං දුල‍්ලභපිණ‍්ඩං, තත්‍ථ න සුකරං අප‍්පධනෙන යාපෙතුං, තථාවිධෙ ආගතෙ දුබ‍්භික‍්ඛෙ වා මෙ භවිස‍්සති. යථාරූපා ආපදා උප‍්පජ‍්ජන‍්ති අග‍්ගිතො වා උදකතො වා අප‍්පියදායාදතො වා, තථාරූපාසු වා උප‍්පන‍්නාසු ආපදාසු මෙ භවිස‍්සතීතිපි පුරිසො නිධිං නිධෙතීති.
එහි යෙදීම මෙසේය: හුදෙක් පුරුෂයෙක් “මට අර්‍ථය පිණිස වන්නේ යයි සළකාම නිධාන තැත්පත් නොකෙරේ. තවද, “මොහු සොරෙකි”යි කියා හෝ අනුන්ගේ අඹුවන් කරා යන්නෙකි”යි කියා හෝ අයබදු නොගෙවන්නෙකි”යි කියා හෝ මේ ආදී ක්‍රමයට විරුද්ධකාරයන් විසින් පස මිතුරන් විසින් “දුරුත්තස්ස” නපුරු කොට කියනු ලබන්නාවූ මට “රාජතොවා” රජුගෙන් හෝ මිදීම පිණිස වන්නේය. ගෘහසන්ධි බිදීම් ආදියෙන් ධනය පැහැර ගැනීමෙන් හෝ “මෙපමණ අමුරන් හෝ රන් දෙව”යි පණ පිටින් අල්ලා ගැනීමෙන් හෝ සොරුන් විසින් පෙළනු ලබන කල්හි මට “චොරතොවා පමොක්ඛාය” සොරුන්ගෙන් මිදීම සඳහා වන්නේය. මට ණය හිමියෝ වන්නාහ. ඔවුහු “ණය දෙව”යි මට චෝදනා කරන්නාහ. ඔවුන් විසින් චෝදනා කරනු ලබන මට ”ඉණස්ස වා පමොක්ඛාය” ණයෙන් නිදහස් වීම සඳහා වන්නේය. ශස්‍ය ලබා ගැනීමට අපහසු, දුකසේ ලැබිය යුතු ආහාර ඇති යම් දුර්භික්ෂ කාලයක් වේ ද එම කාලයෙහි ස්වල්ප වූ ධනයෙන් යැපීම පහසු නොවේ. එබඳු “දුබ්භික්ඛෙවා” දුර්භික්ෂ කාලයක දී හෝ මට (යැපීම පිණිස) වන්නේය. යම් ඒ ආපදාවෝ ගින්නෙන් හෝ ජලයෙන් හෝ නොමනාප දායාද කෙරෙන් හෝ උපදිත් ද එබඳු වූ ‘වා’ හෝ “ආපදාසු” ආපදාවන් උපන් කල්හි මට (උපකාර පිණිස) වන්නේ යයි පුරුෂ තෙම නිධානයක් තැන්පත් කෙරේ යනුයි.
එවං අත්‍ථාධිගමාධිප‍්පායං අනත්‍ථාපගමාධිප‍්පායඤ‍්චාති ද‍්වීහි ගාථාහි දුවිධං නිධානප‍්පයොජනං දස‍්සෙත්‍වා ඉදානි තමෙව දුවිධං පයොජනං නිගමෙන‍්තො ආහ – “එතදත්‍ථාය ලොකස‍්මිං, නිධි නාම නිධීයතී”ති.
මෙසේ අර්‍ථයන් ළඟාකර ගැනීමේ අභිප්‍රාය හා අනර්ථයන් දුරු කිරිමේ අභිප්‍රාය යන නිධානයන්ගේ දෙආකාර වූ ප්‍රයෝජන ගාථා දෙකෙන් දක්වා දැන් - ඒ දෙ ආකාර වූ ප්‍රයෝජනම තහවුරු කරමින් “එතදත්‍ථය ලොකස්මිං නිධි නාම නිධීයති” යයි වදාළහ.
තස‍්සත්‍ථො – ය‍්වායං “අත්‍ථාය මෙ භවිස‍්සතී”ති ච “රාජතො වා දුරුත‍්තස‍්සා”ති එවමාදීහි ච අත්‍ථාධිගමො අනත්‍ථාපගමො ච දස‍්සිතො. එතදත්‍ථාය එතෙසං නිප‍්ඵාදනත්‍ථාය ඉමස‍්මිං ඔකාසලොකෙ යො කොචි හිරඤ‍්ඤසුවණ‍්ණාදිභෙදො නිධි නාම නිධීයති ඨපීයති පටිසාමීයතීති.
එහි අර්ථය : යම් මේ “අත්‍ථාය මෙ භවිස්සති” යයි ද “රාජතොවා දුරුත්තස්ස” යයි ද මේ ආදී වශයෙන් අර්ථාධිගමයක් හා අනර්ථාපගමයක් දක්වන ලද්දේ ද “එත දත්‍ථාය” මෙම ප්‍රයෝජනයක් නිපදවා ගැනීම සඳහා මේ අවකාශ “ලොකෙ” ලෝකයෙහි යම් කිසිවෙක් අමුරන්, රන්, ආදී ප්‍රභේද ගත වූ “නිධි නාම නිධීයති’’ නිධාන නම් වූවක් නිදන් කෙරේ. තබනු ලැබේ. තැත්පත් කරනු ලැබේ යනුයි.
තතියගාථාවණ‍්ණනා
තතියගාථාවණ්ණනා
ඉදානි යස‍්මා එවං නිහිතොපි සො නිධි පුඤ‍්ඤවතංයෙව අධිප‍්පෙතත්‍ථසාධකො හොති, න අඤ‍්ඤෙසං, තස‍්මා තමත්‍ථං දීපෙන‍්තො ආහ –
දැන් මෙසේ තැන්පත් කරන ලද්දේ නමුදු යම් හෙයකින් එම නිධානය පුණ්‍යවන්තයන්ටම බලාපොරොත්තු වූ අර්‍ථයන් සාධනය කරන්නේ වේ ද අන්‍යයන්ට එසේ නොවේද එහෙයින් එම අර්ථය පැහැදිලි කරමින් වදාළහ.
“තාවස‍්සුනිහිතො සන‍්තො, ගම්භීරෙ ඔදකන්තිකෙ. න සබ්බො සබ්බදා එව, තස්ස තං උපකප‍්පතී”ති.
“තාව සුනිහිතො සන්තො ගම්භීරෙ ඔදකන්තිකෙ න සබ්බො සබ්බදා එව තස්ස තං උපකප්පති”
“ජලයට සමීප තාක් ගැඹුරු තැනෙක්හි එතරම් සුරක්ෂිත කොට තබන ලද්දා වූ ඒ සියලු ධනය හැම කල්හිම ඔහුගේ කාර්‍ය්‍ය සිද්ධිය පිණිස නොවේ.
තස‍්සත්‍ථො – සො නිධි තාව සුනිහිතො සන‍්තො, තාව සුට‍්ඨු නිඛණිත්‍වා ඨපිතො සමානොති වුත‍්තං හොති. කීව සුට‍්ඨූති? ගම‍්භීරෙ ඔදකන‍්තිකෙ, යාව ගම‍්භීරෙ ඔදකන‍්තිකෙ නිහිතොති සඞ‍්ඛං ගච‍්ඡති, තාව සුට‍්ඨූති වුත‍්තං හොති. න සබ්බො සබ්බදා එව, තස්ස තං උපකප‍්පතීති යෙන පුරිසෙන නිහිතො, තස‍්ස සබ‍්බොපි සබ‍්බකාලං න උපකප‍්පති න සම‍්පජ‍්ජති, යථාවුත‍්තකිච‍්චකරණසමත්‍ථො න හොතීති වුත‍්තං හොති. කින‍්තු කොචිදෙව කදාචිදෙව උපකප‍්පති, නෙව වා උපකප‍්පතීති. එත්‍ථ ච න‍්ති පදපූරණමත‍්තෙ නිපාතො දට‍්ඨබ‍්බො “යථා තං අප්පමත්තස්ස ආතාපිනො”ති එවමාදීසු (ම· නි· 2.18-19; 3.154) විය. ලිඞ‍්ගභෙදං වා කත්‍වා “සො”ති වත‍්තබ‍්බෙ “ත”න‍්ති වුත‍්තං. එවං හි වුච‍්චමානෙ සො අත්‍ථො සුඛං බුජ‍්ඣතීති.
එහි අර්‍ථය : - ඒ නිධානය “තාව සුනිහිතො සන්තො” එතරම් මනාකොට පොළොව සාරා තබන ලද්දේ නමුදු යයි කියන ලද්දේ වෙයි. කෙතරම් සුරක්‍ෂිතවද යත්? “ගම්භීරෙ ඔදකන්තිකෙ” යම් තාක් ජලයට සමීප ගැඹුරු තැනෙක්හි තැන්පත් කරන ලද්දේ යයි ගණන් ගැනේ ද ඒ තාක් සුරක්‍ෂිතව යයි කියන ලද්දේ වෙයි. “න සබ්බො සබ්බදා එව තස්ස තං උපකප්පති” යනු යම් පුරුෂයෙකු විසින් තැන්පත් කරන ලද්දේ ද ඔහුට සියල්ලම සියලු කල්හි සමීපයට නොපැමිණේ. කාර්‍ය්‍ය සිද්ධිය නොකරයි. කියන ලද කාර්‍ය්‍යන් කිරීමට සමත් නොවේ යයි කියන ලද්දේ වෙයි. කිම කිසිවෙක් වනාහී කිසිම දිනක සමීපයට පැමිණෙන්නේද? නැතහොත් කිසිම දිනක නොපැමිණෙන්නේද? එහි “තං” යනු “යථා තං අප්පමත්තස්ස ආතාපිනො” යනාදී තන්හි මෙන් පද පූරණ නිපාතයක් පමණක් බව දත යුතුය. නැතහොත් ලිඞ්ගය වෙනස් කොට “සො” යයි කිවයුතු කල්හි “තං” යයි කියන ලදී. මෙසේ කියනු ලබන කල්හි ඒ අර්‍ථය සුවසේ අවබෝධ වේ.
චතුත්‍ථපඤ‍්චමගාථාවණ‍්ණනා
චතුත්ථපඤ්චමගාථාවණ්ණනා
එවං “න සබ්බො සබ්බදා එව, තස්ස තං උපකප‍්පතී”ති වත්‍වා ඉදානි යෙහි කාරණෙහි න උපකප‍්පති, තානි දස‍්සෙන‍්තො ආහ –
මෙසේ “ඒ සියලු ධනය හැම කල්හිම ඔහුගේ කාර්‍ය්‍ය සිද්ධිය පිණිස ළගට නොපැමිණේ” යයි දේශනා කොට දැන් යම් හේතූන් නිසා නොපැමිණේ ද ඒවා දක්වන්නාහු වදාළහ.
“නිධි වා ඨානා චවති, සඤ්ඤා වාස්ස විමුය‍්හති. නාගා වා අපනාමෙන‍්ති, යස‍්මා වාපි හරන්ති නං. “අප‍්පියා වාපි දායාදා, උද්ධරන්ති අපස‍්සතො”ති.
“නිධි වා ඨානා චවති සඤ්ඤා වාස්ස විමුය්හති නාගවා අපනාමෙන්ති යක්ඛා වාපි හරන්ති නං අප්පියාවාපි දායාදා උද්ධරන්ති අපස්සතො” යනුයි.
“නිධානය හෝ තිබූ තැනින් ඉවත් වෙයි. නිදන් කළ තැන පිළිබඳ ඔහුගේ සංඥාව හෝ මුළා වෙයි. (තිබූ තැන හැඳින ගත නොහැකි වෙයි.) නාගයෝ හෝ නිධානය තිබූ තැනින් ඉවත් කෙරෙත්. යක්‍ෂයෝ හෝ එය හැරන්ගෙන යත්. අප්‍රිය වූ උරුමක්කාරයෝ හෝ ඔහු නොදැක්කදී පොළොව හාරා නිධානය ගොඩ ගනිති.”
තස‍්සත්‍ථො – යස‍්මිං ඨානෙ සුනිහිතො හොති නිධි, සො වා නිධි තම‍්හා ඨානා චවති අපෙති විගච‍්ඡති, අචෙතනොපි සමානො පුඤ‍්ඤක‍්ඛයවසෙන අඤ‍්ඤං ඨානං ගච‍්ඡති. සඤ‍්ඤා වා අස්ස විමුය‍්හති, යස‍්මිං ඨානෙ නිහිතො නිධි, තං න ජානාති, අස‍්ස පුඤ‍්ඤක‍්ඛයචොදිතා නාගා වා තං නිධිං අපනාමෙන‍්ති අඤ‍්ඤං ඨානං ගමෙන‍්ති. යක‍්ඛා වාපි හරන‍්ති යෙනිච‍්ඡකං ආදාය ගච‍්ඡන‍්ති. අපස‍්සතො වා අස‍්ස අප‍්පියා වා දායාදා භූමිං ඛණිත්‍වා තං නිධිං උද‍්ධරන‍්ති. එවමස‍්ස එතෙහි ඨානා චවනාදීහි කාරණෙහි සො නිධි න උපකප‍්පතීති.
එහි අර්ථය : යම් ස්ථානයක නිධානය මැනවින් තැන්පත් කරන ලද්දේ වේ ද එම “නිධි” නිධානය ඒ “ඨානා චවති” ස්ථානයෙන් චුත වේ. පහ වේ. ඉවත් වේ. අචේතනික වුව ද පින් ගෙවීම හේතුවෙන් වෙනත් තැනකට යයි. සඤ්ඤා වා අස්ස විමුය්හති” යම් ස්ථානයක නිධානය තැන්පත් කරන ලද්දේ වේ ද එම ස්ථානය නොදනී. මොහුගේ පුණ්‍යක්‍ෂය වීමෙන් මෙහෙය වන ලද “නාගාවා” නාගයෝ හෝ එම නිධානය “අපනාමෙන්ති” වෙනත් තැනකට ගෙන යති. “යක්ඛාවාපි හරන්ති” යක්‍ෂයෝ හෝ කැමති තැනකට ගෙන යති. “අපස්සතො” නොදකිද්දී හෝ මොහුගේ “අප්පියා වා දායාදා” අප්‍රිය උරුමක්කාරයෝ පොළොව සාරා එම නිධානය “උද්ධරන්ති” ගොඩ ගනිති. මෙසේ මෙම ස්ථානයෙන් චුතවීම් ආදී කාරණයන් කරණකොට ගෙන මොහුගේ ඒ නිධානය කාර්‍ය්‍ය සිද්ධිය පිණිස නොවේ.
එවං ඨානා චවනාදීනි ලොකසම‍්මතානි අනුපකප‍්පනකාරණානි වත්‍වා ඉදානි යං තං එතෙසම‍්පි කාරණානං මූලභූතං එකඤ‍්ඤෙව පුඤ‍්ඤක‍්ඛයසඤ‍්ඤිතං කාරණං, තං දස‍්සෙන‍්තො ආහ –
මෙසේ ස්ථානයෙන් ඉවත්වීම් ආදී තම කාර්‍ය්‍ය සිද්ධිය ඉටු නොවන ලෝක සම්මත කාරණයන් දේශනා කොට දැන් : මේ කාරණයන්ට මූල හේතුව වූ යම් ඒ පුණ්‍යක්‍ෂය සඞ්ඛ්‍යාත එකම කාරණයක් වේ ද එය දක්වන්නාහු :
“යදා පුඤ්ඤක්ඛයො හොති, සබ‍්බමෙතං විනස‍්සතී”ති.
“යදා පුඤ්ඤක්ඛයො හොති සබ්බමෙතං විනස්සති” යයි වදාළහ.
තස‍්සත්‍ථො – යස‍්මිං සමයෙ භොගසම‍්පත‍්තිනිප‍්ඵාදකස‍්ස පුඤ‍්ඤස‍්ස ඛයො හොති, භොගපාරිජුඤ‍්ඤසංවත‍්තනිකමපුඤ‍්ඤමොකාසං කත්‍වා ඨිතං හොති, අථ යං නිධිං නිධෙන‍්තෙන නිහිතං හිරඤ‍්ඤසුවණ‍්ණාදිධනජාතං, සබ‍්බමෙතං විනස‍්සතීති.
එහි අර්ථය : යම් කලෙක්හි භෝග සම්පත් නිපදවන්නාගේ “පුඤ්ඤස්ස ඛයො හොති” පින ක්‍ෂය වූයේ වේ ද භෝග පරිහානියට හේතුවන පාපයක් අවසර ලැබ සිටියේ වේ ද ඉක්බිති නිධානයක් තැන්පත් කරන්නා විසින් තැන්පත් කරන ලද යම් හිරණ්‍ය සුවර්ණාදී ධනයක් වේ ද “සබ්බමෙතං විනස්සති” ඒ සියල්ල විනාශ වේ යනුයි.
ඡට‍්ඨගාථාවණ‍්ණනා
ඡට්ඨගාථාවණ්ණනා
එවං භගවා තෙන තෙන අධිප‍්පායෙන නිහිතම‍්පි යථාධිප‍්පායං අනුපකප‍්පන‍්තං නානප‍්පකාරෙහි නස‍්සනධම‍්මං ලොකසම‍්මතං නිධිං වත්‍වා ඉදානි යං පුඤ‍්ඤසම‍්පදං පරමත්‍ථතො නිධීති දස‍්සෙතුං තස‍්ස කුටුම‍්බිකස‍්ස අනුමොදනත්‍ථමිදං නිධිකණ‍්ඩමාරද‍්ධං, තං දස‍්සෙන‍්තො ආහ –
මෙසේ භාග්‍යවතුන් වහන්සේ ඒ ඒ බලාපොරොත්තුවෙන් තැත්පත් කරන ලද්දේ නමුදු තම බලාපොරොත්තු ඉටු නොකරන, නොයෙක් ආකාරයෙන් වෙනස් වීම ස්වභාව කොට ඇති ලෝක සම්මත නිධානය දේශනා කොට දැන් යම් පුණ්‍ය සම්පත්තියක් පරමාර්ථ වශයෙන් නිධාන යයි දැක්වීමට ඒ කෙළෙඹියාට අනුමෝදනා වශයෙන් මේ නිධිකණ්ඩය ආරම්භ කළහ. එය දක්වන්නාහු වදාළහ :
“යස‍්ස දානෙන සීලෙන, සංයමෙන දමෙන ච. නිධී සුනිහිතො හොති, ඉත්‍ථියා පුරිසස‍්ස වා”ති.
“යස්ස දානෙන සීලෙන සඤ්ඤමෙන දමෙනච නිධී සුනිහිතො හොති ඉත්‍ථියා පුරිසස්සවා”
“යම් ස්ත්‍රියක විසින් හෝ පුරුෂයෙකු විසින් හෝ දානයෙන් ශීලයෙන් ද චිත්ත සංයම සඞ්ඛ්‍යාත සමාධියෙන් ද ක්ලේශෝපශම සඞ්ඛ්‍යාත ප්‍රඥාවෙන් ද මනාසේ නිධානයක් තැන්පත් කරන ලද්දේ වේ ද?
තත්‍ථ දානන‍්ති “දානඤ‍්ච ධම‍්මචරියා චා”ති එත්‍ථ වුත‍්තනයෙනෙව ගහෙතබ‍්බං. සීලන‍්ති කායිකවාචසිකො අවීතික‍්කමො. පඤ‍්චඞ‍්ගදසඞ‍්ගපාතිමොක‍්ඛසංවරාදි වා සබ‍්බම‍්පි සීලං ඉධ සීලන‍්ති අධිප‍්පෙතං. සංයමොති සංයමනං සංයමො, චෙතසො නානාරම‍්මණගතිනිවාරණන‍්ති වුත‍්තං හොති, සමාධිස‍්සෙතං අධිවචනං. යෙන සංයමෙන සමන‍්නාගතො “හත්‍ථසංයතො, පාදසංයතො, වාචාසංයතො, සංයතුත‍්තමො”ති එත්‍ථ සංයතුත‍්තමොති වුත‍්තො. අපරෙ ආහු “සංයමනං සංයමො, සංවරණන‍්ති වුත‍්තං හොති, ඉන්‍ද්‍රියසංවරස‍්සෙතං අධිවචන”න‍්ති. දමොති දමනං, කිලෙසූපසමනන‍්ති වුත‍්තං හොති, පඤ‍්ඤායෙතං අධිවචනං. පඤ‍්ඤා හි කත්‍ථචි පඤ‍්ඤාත්‍වෙව වුච‍්චති “සුස‍්සූසා ලභතෙ පඤ‍්ඤ”න‍්ති එවමාදීසු (සං· නි· 1.246; සු· නි· 188). කත්‍ථචි ධම‍්මොති “සච‍්චං ධම‍්මො ධිති චාගො”ති එවමාදීසු. කත්‍ථචි දමොති “යදි සච්චා දමා චාගා, ඛන්ත්යා භිය්‍යො න විජ‍්ජතී”තිආදීසු.
එහි “දානෙන” යනු “දානඤ්ච ධම්ම චරියාච” යන මෙහි කී අයුරින් ගත යුතුය. “සීලං” යනු කායික වාචසික වශයෙන් නොඉක්ම වීමයි. නැතහොත් පඤ්චඞ්ග, අට්ඨඞ්ග, පාතිමොක්ඛ සංවර ආදී සියලු ශීලය මෙහි “සීල” යයි අදහස් කරන ලදී. “සඤ්ඤමො” යනු සංවරයයි. සිතින් විවිධ අරමුණු කරා යාම වැළැක්වීම යයි කියන ලද්දේ වෙයි. මෙය සමාධියට නමකි. යම් සංයමයකින් යුත් තැනැත්තා “අතින් සංයත වූයේ පයින් සංයත වූයේ වචනයෙන් සංයත වූයේ හැම අතින්ම සංයත වුයේ (ධම්ම පද - 362) යනුවෙන් මෙහි හැම අතින්ම සංයුත වූයේ යයි දේශනා කරන ලද්දේ ද එම තැනැත්තාය. සමහරු “හික්මීම සංයමයයි. වැළැක්වීම යයි කියන ලද්දේ වෙයි. මෙය ඉන්ද්‍රිය සංවරයට නමකි”යි කීහ. “දමො” යනු දමනයයි. කෙලෙස් සංසිඳවීම යයි කියන ලද්දේ වෙයි. මෙය ප්‍රඥාවට නමකි. ප්‍රඥාව වනාහි කිසියම් තැනෙක්හි “පඤ්ඤා” යන්නෙන්ම කියනු ලැබේ. “සූස්සූසා ලභතෙ පඤ්ඤං” (අසනු කැමැත්ත හේතු කොට ගෙන ප්‍රඥාව ලබයි) යන මේ ආදී තන්හිය. කිසියම් තැනෙක්හි “ධර්‍මය” කියනු ලැබේ. “සච්චං ධම්මො ධිතී චාගො” යන මේ ආදී තන්හිය. කිසියම් තැනෙක්හි “දම” යයි කියනු ලැබේ. “යදි සච්චා දමා චාගා ඛන්ත්යා භිය්‍යො න විජ්ඡති” (සත්‍යයට, ඉන්ද්‍රිය දමනයට, පරිත්‍යාගයට, ඉවසීමට වඩා ලෞකික ලෝකෝත්තර ධනය ලබා දෙන අන් කිසිවක් නැත) ආදී තන්හිය.
එවං දානාදීනි ඤත්‍වා ඉදානි එවං ඉමිස‍්සා ගාථාය සම‍්පිණ‍්ඩෙත්‍වා අත්‍ථො වෙදිතබ‍්බො – යස‍්ස ඉත්‍ථියා වා පුරිසස්ස වා දානෙන සීලෙන සංයමෙන දමෙන චාති ඉමෙහි චතූහි ධම‍්මෙහි යථා හිරඤ‍්ඤෙන සුවණ‍්ණෙන මුත‍්තාය මණිනා වා ධනමයො නිධි තෙසං සුවණ‍්ණාදීනං එකත්‍ථ පක‍්ඛිපනෙන නිධීයති, එවං පුඤ‍්ඤමයො නිධි තෙසං දානාදීනං එකචිත‍්තසන‍්තානෙ චෙතියාදිම‍්හි වා වත්‍ථුම‍්හි සුට‍්ඨු කරණෙන සුනිහිතො හොතීති.
මෙසේ දානාදිය දැන දැන් මේ ගාථාවෙහි අර්‍ථය මෙසේ පිඬුකොට දත යුතුය. “යස්ස ඉත්‍ථියා වා පුරිසස්ස වා දානෙන සීලෙන සඤ්ඤමෙන දමෙනච” යම් ස්ත්‍රියකට හෝ පුරුෂයෙකුට හෝ දානයෙන් ශීලයෙන් සංයමයෙන් දමනයෙන් යන මේ සතර ධර්‍මයන්ගෙන් - යම් සේ අමු රනින් හෝ රනින් හෝ මුතුවලින් හෝ මැණිකෙන් හෝ ධනමය නිධානයක් වේ ද ඒ රන් ආදිය එක් තැනක තැන්පත් කිරීමෙන් නිදන් කෙරේද, ඒ ආකාරයට පුණ්‍යමය “නිධි” නිධානයක් ඔවුන්ගේ දානාදිය එක් චිත්ත සන්තානයක හෝ චෛත්‍ය ආදී වස්තුවක් කෙරෙහි හෝ මැනවින් කිරීම් වශයෙන් “සුනිහිතො හොති” මනා ලෙස තැන්පත් කරන ලද්දේ වෙයි යනුයි.
සත‍්තමගාථාවණ‍්ණනා
සත්තමගාථාවණ්ණනා
එවං භගවා “යස‍්ස දානෙනා”ති ඉමාය ගාථාය පුඤ‍්ඤසම‍්පදාය පරමත්‍ථතො නිධිභාවං දස‍්සෙත්‍වා ඉදානි යත්‍ථ නිහිතො, සො නිධි සුනිහිතො හොති, තං වත්‍ථුං දස‍්සෙන‍්තො ආහ –
මෙසේ භාග්‍යවතුන් වහන්සේ “යස්ස දානෙන” යන මේ ගාථාවෙන් පුණ්‍ය සම්පත්තියෙහි පරමාර්ථ වශයෙන් නිධානයක් බව දේශනා කොට දැන් යම් තැනක තැන්පත් කළ ඒ නිධානය මැනවින් තැන්පත් කළේ වන්නේ ද ඒ වස්තුව දක්වන්නාහු
“චෙතියම‍්හි ච සඞ‍්ඝෙ වා, පුග‍්ගලෙ අතිථීසු වා. මාතරි පිතරි චාපි, අථො ජෙට්ඨම්හි භාතරී”ති.
“චෙතියම්හිච සංඝෙ වා පුග්ගලෙ අතිථිසු වා මාතරි පිතරි වාපි අථො ජෙට්ඨම්හි භාතරී”
“චෛත්‍යය කෙරෙහි ද සංඝයා කෙරෙහි ද යම් පුද්ගලයෙකු කෙරෙහි ද ආගන්තුකයෙකු කෙරෙහි ද මව කෙරෙහි ද පියා කෙරෙහි ද නැවත වැඩිමහළු සහෝදරයා හෝ (සහෝදරිය) කෙරෙහිද”
තත්‍ථ චයිතබ‍්බන‍්ති චෙතියං, පූජෙතබ‍්බන‍්ති වුත‍්තං හොති, චිතත‍්තා වා චෙතියං. තං පනෙතං චෙතියං තිවිධං හොති පරිභොගචෙතියං, උද‍්දිස‍්සකචෙතියං, ධාතුකචෙතියන‍්ති. තත්‍ථ බොධිරුක‍්ඛො පරිභොගචෙතියං, බුද‍්ධපටිමා උද‍්දිස‍්සකචෙතියං, ධාතුගබ‍්භථූපා සධාතුකා ධාතුකචෙතියං. සඞ‍්ඝොති බුද‍්ධප‍්පමුඛාදීසු යො කොචි. පුග‍්ගලොති ගහට‍්ඨපබ‍්බජිතෙසු යො කොචි. නත්‍ථි අස‍්ස තිථි, යම‍්හි වා තම‍්හි දිවසෙ ආගච‍්ඡතීති අතිථි. තඞ‍්ඛණෙ ආගතපාහුනකස‍්සෙතං අධිවචනං. සෙසං වුත‍්තනයමෙව.
එහි පිදිය යුතු හෙයින් = චෙතිය වේ. පූජා කළ යුතු යයි කියන ලද්දේ වෙයි. නැතහොත් රැස් කළ හෙයින් = චෙතිය වේ. එය වනාහී පාරිභෝගික චෛත්‍යය, උද්දිස්සක චෛත්‍යය, ධාතු චෛත්‍යය වශයෙන් ත්‍රිවිධ වේ. එහි බෝධි වෘක්‍ෂය පාරිභෝගික චෛත්‍යයි. බුද්ධ ප්‍රතිමාව උද්දිස්සක චෛත්‍යයයි. සධාතුක ධාතු ගර්භ ස්තූප ධාතුක චෛත්‍යයයි. “සංඝො” යනු බුද්ධ ප්‍රමුඛාදීන් අතුරෙන් යම් කිසිවෙක්, “පුග්ගලො” යනු ගිහි හා පැවිද්දන් අතුරෙන් යම් කිසිවෙක්; මොහුට වේලාවක් නැත්තේනුයි දවසේ යම් ඒ වේලාවක්හි පැමිණෙනුයි = “අතිථි” වේ. එකෙණෙහිම පැමිණි ආගන්තුකයාට මෙය නමකි. ඉතිරි පද කියන ලද අයුරින්මය.
එවං චෙතියාදීනි ඤත්‍වා ඉදානි එවං ඉමිස‍්සා ගාථාය සම‍්පිණ‍්ඩෙත්‍වා අත්‍ථො වෙදිතබ‍්බො – යො සො නිධි “සුනිහිතො හොතී”ති වුත‍්තො, සො ඉමෙසු වත්‍ථූසු සුනිහිතො හොති. කස‍්මා? දීඝරත‍්තං ඉට‍්ඨඵලානුප‍්පදානසමත්‍ථතාය. තථා හි අප‍්පකම‍්පි චෙතියම‍්හි දත්‍වා දීඝරත‍්තං ඉට‍්ඨඵලලාභිනො හොන‍්ති. යථාහ –
මෙසේ චෛත්‍යය ආදිය දැන; දැන් මෙසේ මේ ගාථාවෙහි අර්‍ථය පිඬුකොට දත යුතුය. යමෙක් වනාහී ඒ නිධානය මැනවින් තැන්පත් කළේ වේ යයි කියන ලද්දේ ද හෙතෙම මේ වස්තූන්හි මැනවින් තැන්පත් කළේ වෙයි. කුමක් හෙයින්ද යත්? බොහෝ කලක් ඉෂ්ට ඵල ලබා දීමෙහි සමත් බැවිනි. ඒ එසේමය. චෛත්‍යයක් විෂයෙහි ස්වල්පයක් නමුත් දී බොහෝ කලක් ඉෂ්ට ඵල ලබන්නෝ වෙති. යම් සේ කියන ලද්දේ ද ?
“එකපුප‍්ඵං යජිත්‍වාන, අසීතිකප‍්පකොටියො; දුග‍්ගතිං නාභිජානාමි, පුප‍්ඵදානස‍්සිදං ඵල”න‍්ති ච.
“එක් මලක් පූජා කොට කල්ප අසූ කෝටියක් දුගතියක නූපන්නෙමි. මේ පුෂ්පදානයෙහි ඵලයයි” යනු ද
“මත‍්තාසුඛපරිච‍්චාගා, පස‍්සෙ චෙ විපුලං සුඛ”න‍්ති ච. (ධ· ප· 290);
“ස්වල්ප මාත්‍ර වූ සැප පරිත්‍යාගයෙන් මහත් සැපයක් ලැබෙන බව පෙනේ” යනු ද වේ.
එවං දක‍්ඛිණාවිසුද‍්ධිවෙලාමසුත‍්තාදීසු වුත‍්තනයෙන සඞ‍්ඝාදිවත්‍ථූසුපි දානඵලවිභාගො වෙදිතබ‍්බො. යථා ච චෙතියාදීසු දානස‍්ස පවත‍්ති ඵලවිභූති ච දස‍්සිතා, එවං යථායොගං සබ‍්බත්‍ථ තං තං ආරභිත්‍වා චාරිත‍්තවාරිත‍්තවසෙන සීලස‍්ස, බුද‍්ධානුස‍්සතිවසෙන සංයමස‍්ස, තබ‍්බත්‍ථුකවිපස‍්සනාමනසිකාරපච‍්චවෙක‍්ඛණවසෙන දමස‍්ස ච පවත‍්ති තස‍්ස තස‍්ස ඵලවිභූති ච වෙදිතබ‍්බා.
මෙසේ දක්‍ෂිණා විසුද්ධිය - වෙලාම සූත්‍රාදීන්හි දේශනා කළ අයුරින්ම සංඝාදි වස්තූන්හි ද දානයෙහි ආනිසංස විභාගය දත යුතුය. යම් සේ චෛත්‍යය ආදියෙහි දානයාගේ පැවැත්මෙහි ඵල සම්පත්තිය දක්වන ලද්දේ ද ඒ ආකාරයට සුදුසු පරිදි සියලු තන්හි ඒ ඒ දෙය අරමුණු කොට චාරිත්‍ර වාරිත්‍ර වශයෙන් ශීලයෙහි ද බුද්ධානුස්සති වශයෙන් සංයමයෙහි ද ඒ ඒ වස්තූන් පිළිබඳ විදර්ශනා මනසිකාර ප්‍රත්‍යවේක්ෂා වශයෙන් දමනයෙහි ද පැවැත්ම ද එහි ඵල සම්පත් ද දත යුතුය.
අට‍්ඨමගාථාවණ‍්ණනා
අට්ඨමගාථාවණ්ණනා
එවං භගවා දානාදීහි නිධීයමානස‍්ස පුඤ‍්ඤමයනිධිනො චෙතියාදිභෙදං වත්‍ථුං දස‍්සෙත්‍වා ඉදානි එතෙසු වත්‍ථූසු සුනිහිතස‍්ස තස‍්ස නිධිනො ගම‍්භීරෙ ඔදකන‍්තිකෙ නිහිතනිධිතො විසෙසං දස‍්සෙන‍්තො ආහ –
මෙසේ භාග්‍යවතුන් වහන්සේ දානාදියෙන් නිදන් කරනු ලබන පුණ්‍යමය නිධානයෙහි චෛත්‍ය ආදී ප්‍රභේද ගත වස්තූන් දක්වා දැන් මේ වස්තූන්හි මැනවින් තැන්පත් කළ ඒ පුණ්‍ය නිධානයෙහි ගැඹුරු වූ ද ජලය අවසන් කොට ඇත්තා වූ ද තැන්හි නිදන් කළ නිධානයට වඩා ඇති විශේෂත්වය දක්වන්නාහු වදාළහ :
“එසො නිධි සුනිහිතො, අජෙය්‍යො අනුගාමිකො. පහාය ගමනීයෙසු, එතං ආදාය ගච‍්ඡතී”ති.
“එසො නිධි සුනිහිතො අජෙය්‍යො අනුගාමිකො පහාය ගමනීයෙසු එත මාදාය ගච්ඡති”
“මනා සේ තැන්පත් කළ මේ පුණ්‍ය නිධානය අන්‍යයන් විසින් දිනා ගන්නට නොහැකිය. පරලොව යන විට තමා අනුව යන්නේ වෙයි. මැරෙන අවස්ථාවෙහි හැර දමා යා යුතු වස්තු ඇති කල්හි මේ පුණ්‍ය නිධානය රැගෙන (පරලොව) යයි යනුයි.
තත්‍ථ පුබ‍්බපදෙන තං දානාදීහි සුනිහිතනිධිං නිද‍්දිසති “එසො නිධි සුනිහිතො”ති. අජෙය්‍යොති පරෙහි ජෙත්‍වා ගහෙතුං න සක‍්කා, අච‍්චෙය්‍යොතිපි පාඨො, තස‍්ස අච‍්චිතබ‍්බො අච‍්චනාරහො හිතසුඛත්‍ථිකෙන උපචිතබ‍්බොති අත්‍ථො. එතස‍්මිඤ‍්ච පාඨෙ එසො නිධි අච‍්චෙය්‍යොති සම‍්බන්‍ධිත්‍වා පුන “කස‍්මා”ති අනුයොගං දස‍්සෙත්‍වා “යස‍්මා සුනිහිතො අනුගාමිකො”ති සම‍්බන්‍ධිතබ‍්බං. ඉතරථා හි සුනිහිතස‍්ස අච‍්චෙය්‍යත‍්තං වුත‍්තං භවෙය්‍ය, න ච සුනිහිතො අච‍්චනීයො. අච‍්චිතො එව හි සොති. අනුගච‍්ඡතීති අනුගාමිකො, පරලොකං ගච‍්ඡන‍්තම‍්පි තත්‍ථ තත්‍ථ ඵලදානෙන න විජහතීති අත්‍ථො.
එහි පූර්‍ව පදයෙන් දානාදියෙන් මැනවින් තැන්පත් කළ ඒ පුණ්‍ය නිධානය “එසො නිධි සුනිහිතො” යනුවෙන් දක්වයි. “අජෙය්‍යො” යනු අනුන් විසින් පරාජය කොට ගත නොහැකි බැවින් “අජෙය්‍යො” වේ. “අජ්ජෙය්‍යො” යයි ද පාඨයකි. එහි රැස් කළ යුතු, රැස් කර ගැනීමට සුදුසු, හිතසුව කැමැත්තා විසින් සමීපයට ගත යුතු යන අර්‍ථය වේ. නැතහොත් එම පාඨයෙහි “මේ නිධානය රැස් කර ගත යුතු යයි සම්බන්ධ කොට නැවත කුමක් නිසා දැයි ප්‍රශ්න කිරීම දක්වා යම් හෙයකින් මනාව තැන්පත් කරන ලද දෙය තමා අනුව යන්නේ ද ඒ නිසා යයි සම්බන්ධ කළ යුතුය. අනෙක් අතට වනාහි මැනවින් තැන්පත් කළ නිධානයාගේ රැස් කර ගත් බවද කියන ලද්දේ වන්නේය. මැනවින් තැන්පත් කළ නිධානය රැස් කර ගත යුතු දෙයක් නොවේ. එය වනාහි රැස් කර ගත් දෙයක්මය. අනුව යන්නේනුයි “අනුගාමිකො” වේ. ඒ ඒ භවයන්හි ඵල ප්‍රදානය කිරීම කරණ කොට ගෙන පරලොව යන තැනැත්තා ද අත් නොහරී යන අර්‍ථයයි.
පහාය ගමනීයෙසු එතං ආදාය ගච‍්ඡතීති මරණකාලෙ පච‍්චුපට‍්ඨිතෙ සබ‍්බභොගෙසු පහාය ගමනීයෙසු එතං නිධිං ආදාය පරලොකං ගච‍්ඡතීති අයං කිර එතස‍්ස අත්‍ථො. සො පන න යුජ‍්ජති. කස‍්මා? භොගානං අගමනීයතො. පහාතබ‍්බා එව හි තෙ තෙ භොගා, න ගමනීයා, ගමනීයා පන තෙ තෙ ගතිවිසෙසා. යතො යදි එස අත්‍ථො සියා, පහාය භොගෙ ගමනීයෙසු ගතිවිසෙසෙසු ඉති වදෙය්‍ය. තස‍්මා එවමෙත්‍ථ අත්‍ථො වෙදිතබ‍්බො – “නිධි වා ඨානා චවතී”ති එවමාදිනා පකාරෙන පහාය මච‍්චං භොගෙසු ගච‍්ඡන‍්තෙසු එතං ආදාය ගච‍්ඡතීති. එසො හි අනුගාමිකත‍්තා තං නප‍්පජහතීති.
“පහාය ගමනීයෙසු එතමාදාය ගච්ඡති” යනු මැරෙන කාලය එළඹි කල්හි, සියලු භෝගයන් අත්හැර යන කල්හි, මේ පුණ්‍ය නිධානය රැගෙන පරලොව යන්නේය යන මෙය වනාහි එහි අර්‍ථයයි. එම අර්ථය වනාහි නොගැළපෙන්නේ නොවේද? කුමක් හෙයින් ද යත්? භෝගයන් (පරලොව) නොයන හෙයිනි. ඒ ඒ භෝගයෝ දුරු කළ යුත්තෝමය. ඒ ඒ ගති විශේෂයෝ යා යුතු ස්ථාන වන්නෝය. යම් හෙයකින් - ඉදින් මේ අර්‍ථය වන්නේ නම් “භෝගයන් අත්හැර සුගති විශේෂයකට යා යුතු කල්හි” යයි කියන්නේය. එහෙයින් මෙසේ මෙහි අර්‍ථය දත යුතුය. “නිධානය තිබූ ස්ථානයෙන් ඉවත්වීම හෝ වේ” යන මේ ආදී ක්‍රමයෙන් මිනිසා භෝගයන් අත්හැර යන කල්හි මේ (පුණ්‍ය නිධානය) රැගෙන යයි. මේ නිධානය වනාහි අනුගාමික බැවින් ඔහු අත් නොහරී” යනුයි.
තත්‍ථ සියා “ගමනීයෙසූති එත්‍ථ ගන‍්තබ‍්බෙසූති අත්‍ථො, න ගච‍්ඡන‍්තෙසූ”ති. තං න එකංසතො ගහෙතබ‍්බං. යථා හි “අරියා නිය්‍යානිකා”ති (දී· නි· 2.141) එත්‍ථ නිය්‍යන‍්තාති අත්‍ථො, න නිය්‍යාතබ‍්බාති, එවමිධාපි ගච‍්ඡන‍්තෙසූති අත්‍ථො, න ගන‍්තබ‍්බෙසූති.
“ගමනීයෙසු” යන මෙහි “යා යුතු කල්හි” යන අර්‍ථයයි. “යන කල්හි” යන අර්‍ථය නොවේ යයි අදහසක් වේ නම් එය ඒකාන්ත වශයෙන් නොගත යුතුය. “අරියා නිය්‍යාණිකා” (ආර්‍ය්‍යයෝ නිවනට පමුණුවන්නෝය) යන මෙහි “ගෙන යන්නෝ” යන අර්‍ථය මිස “ගෙන යා යුත්තෝ” යන අර්‍ථය නොවන්නේ යම්සේ ද එසේම මෙහි ද “යන කල්හි” යන අර්‍ථය මිස “යා යුතු කල්හි” යන අර්‍ථය නොවේ.
අථ වා යස‍්මා එස මරණකාලෙ කස‍්සචි දාතුකාමො භොගෙ ආමසිතුම‍්පි න ලභති, තස‍්මා තෙන තෙ භොගා පුබ‍්බං කායෙන පහාතබ‍්බා, පච‍්ඡා විහතාසෙන චෙතසා ගන‍්තබ‍්බා, අතික‍්කමිතබ‍්බාති වුත‍්තං හොති. තස‍්මා පුබ‍්බං කායෙන පහාය පච‍්ඡා චෙතසා ගමනීයෙසු භොගෙසූති එවමෙත්‍ථ අත්‍ථො දට‍්ඨබ‍්බො. පුරිමස‍්මිං අත්‍ථෙ නිද‍්ධාරණෙ භුම‍්මවචනං, පහාය ගමනීයෙසු භොගෙසු එකමෙවෙතං පුඤ‍්ඤනිධිවිභවං තතො නීහරිත්‍වා ආදාය ගච‍්ඡතීති. පච‍්ඡිමෙ අත්‍ථෙ භාවෙනභාවලක‍්ඛණෙ භුම‍්මවචනං. භොගානඤ‍්හි ගමනීයභාවෙන එතස‍්ස නිධිස‍්ස ආදාය ගමනීයභාවො ලක‍්ඛීයතීති.
නැතහොත් මෙතෙම මැරෙන කාලයෙහි කිසිවෙකුට (යමක්) දෙනු කැමැත්තේ භෝගයන් ස්පර්‍ශ කිරීමටවත් නොලබයි. එහෙයින් ඔහු විසින් ඒ භෝගයෝ මුලින් කයින් දුරු කළ යුතුය. පසුව පහ වූ ආශා ඇති සිතින් (දුරු කොට) යන කල්හි යයි මෙසේ මෙහි අර්‍ථය දත යුතුය. භෝගයන් අත්හැර යන කල්හි මෙසේ පුණ්‍ය නිධි විභාගය එයින් බැහැර කොට රැගෙන යයි යනුවෙන් මුලින් කී අර්‍ථයේ දී නිර්ධාරණාර්ථයේ සත්තමී විභක්තියි. භෝගයන්ගේ ගමනීය භාවයෙන් මේ නිධානය රැගෙන යන බව කියවෙන හෙයින් පසු අර්‍ථයෙහි භාවාර්ථය කරණ කොට ගෙන භාව ලක්‍ෂණයෙහි සන්තමී විභක්තියි.
නවමගාථාවණ‍්ණනා
නවමගාථාවණ්ණනා
එවං භගවා ඉමස‍්ස පුඤ‍්ඤනිධිනො ගම‍්භීරෙ ඔදකන‍්තිකෙ නිහිතනිධිතො විසෙසං දස‍්සෙත්‍වා පුන අත‍්තනො භණ‍්ඩගුණසංවණ‍්ණනෙන කයජනස‍්ස උස‍්සාහං ජනෙන‍්තො උළාරභණ‍්ඩවාණිජො විය අත‍්තනා දෙසිතපුඤ‍්ඤනිධිගුණසංවණ‍්ණනෙන තස‍්මිං පුඤ‍්ඤනිධිම‍්හි දෙවමනුස‍්සානං උස‍්සාහං ජනෙන‍්තො ආහ –
මෙසේ භාග්‍යවතුන් වහන්සේ පුණ්‍ය නිධානයෙහි ගැඹුරු ජලය අන්තකොට ඇති භූමියෙහි නිදන් කළ නිධානයට වඩා ඇති විශේෂයෙන් දක්වා නැවත තමාගේ භාණ්ඩයන්හි ගුණ වර්ණනා කිරීමෙන් මිළදී ගන්නා ජනයා තුළ උනන්දුව ඇති කරන උසස් භාණ්ඩ වෙළෙන්දෙකු මෙන් තමන් වහන්සේ විසින් දේශනා කරන ලද පුණ්‍ය නිධානයෙහි ගුණ වර්ණා කිරීමෙන් එම පුණ්‍ය නිධානයෙහි දෙවි මිනිසුන්ගේ උත්සාහය ඇති කරමින් වදාළහ.
“අසාධාරණමඤ‍්ඤෙසං, අචොරාහරණො නිධි. කයිරාථ ධීරො පුඤ්ඤානි, යො නිධි අනුගාමිකො”ති.
“අසාධාරණ මඤ්ඤෙසං අචොරහරණො නිධි කයිරාථ ධීරො පුඤ්ඤානි යො නිධි අනුගාමිකො”
“පුණ්‍ය නිධානය අන්‍යයන්ට සාධාරණ නොවේ. සොරුන් විසින් පැහැර ගත නොහැකිය. පරලොව යන කල්හි ද තමා අනුව යන්නා වූ යම් පුණ්‍ය නිධානයක් වේ ද නුවණැත්තේ ඒ පින්කම් කරන්නේය.”
තත්‍ථ අසාධාරණමඤ‍්ඤෙසන‍්ති අසාධාරණො අඤ‍්ඤෙසං, මකාරො පදසන්‍ධිකරො “අදුක‍්ඛමසුඛාය වෙදනාය සම‍්පයුත‍්තා”තිආදීසු විය. න චොරෙහි ආහරණො අචොරාහරණො, චොරෙහි ආදාතබ‍්බො න හොතීති අත්‍ථො. නිධාතබ‍්බොති නිධි. එවං ද‍්වීහි පදෙහි පුඤ‍්ඤනිධිගුණං සංවණ‍්ණෙත්‍වා තතො ද‍්වීහි තත්‍ථ උස‍්සාහං ජනෙති “කයිරාථ ධීරො පුඤ්ඤානි, යො නිධි අනුගාමිකො”ති. තස‍්සත්‍ථො – යස‍්මා පුඤ‍්ඤානි නාම අසාධාරණො අඤ‍්ඤෙසං, අචොරාහරණො ච නිධි හොති. න කෙවලඤ‍්ච අසාධාරණො අචොරාහරණො ච නිධි, අථ ඛො පන “එසො නිධි සුනිහිතො, අජෙය්‍යො අනුගාමිකො”ති එත්‍ථ වුත‍්තො යො නිධි අනුගාමිකො. සො ච යස‍්මා පුඤ‍්ඤානියෙව, තස‍්මා කයිරාථ කරෙය්‍ය ධීරො බුද‍්ධිසම‍්පන‍්නො ධිතිසම‍්පන‍්නො ච පුග‍්ගලො පුඤ‍්ඤානීති.
එහි “අසාධාරණ මඤ්ඤෙසං” යනු අන්‍යයන්ට සාධාරණ නොවූ; මකාරය “අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තා” ආදී තැන්හි මෙන් පද සන්ධිකර අක්‍ෂරයකි. සොරුන් නොගන්නේ = “අචොරහරණො”යි සොරුන් විසින් ගත යුත්තක් නොවේ යන අර්‍ථයයි. නිදන් කළ යුතු බැවින් “නිධි” වේ. මෙසේ පද දෙකෙන් පුණ්‍ය නිධානයෙහි ගුණ වර්ණනා කොට ඉන් අනතුරු පද දෙකෙන් “කයිරාථ ධීරො පුඤ්ඤානි යො නිධි අනුගාමිකො” යනුවෙන් එම පුණ්‍ය නිධානයෙහි උත්සාහය උපදවයි. එහි අර්ථය : යම් හෙයකින් පින නම් අන්‍යයන්ට අසාධාරණ වූ ද සොරුන් විසින් ගත නොහැකි වූ ද නිධානයක් වේ ද, හුදෙක් අසාධාරණ හා සොරුන් විසින් ගත නොහැකි පමණක් ම නොවේ. තවද “එසො නිධි සුනිහිතො අජෙය්‍යො අනුගාමිකො” යයි මෙහි කියන ලද්දේ ද “යො නිධි අනුගාමිකො” යම් නිධානයක් අනුගාමික වේ ද එය ද යම් හෙයකින් පිනම වේ ද එහෙයින් “ධීරො” බුද්ධියෙන් යුත් ධෛර්‍ය්‍යයෙන් යුත් පුද්ගලයා “පුඤ්ඤානි” පින් “කයිරාථ” කරන්නේය යනුයි.
දසමගාථාවණ‍්ණනා
දසමගාථාවණ්ණනා
එවං භගවා ගුණසංවණ‍්ණනෙන පුඤ‍්ඤනිධිම‍්හි දෙවමනුස‍්සානං උස‍්සාහං ජනෙත්‍වා ඉදානි යෙ උස‍්සහිත්‍වා පුඤ‍්ඤනිධිකිරියාය සම‍්පාදෙන‍්ති, තෙසං සො යං ඵලං දෙති, තං සඞ‍්ඛෙපතො දස‍්සෙන‍්තො ආහ –
මෙසේ භාග්‍යවතුන් වහන්සේ ගුණ වර්ණනාවෙන් පුණ්‍ය නිධානයෙහි දෙවි මිනිසුන්ගේ උත්සාහය උපදවා දැන් යමෙක් උත්සාහවත් වී පුණ්‍ය නිධානය ක්‍රියාවෙන් සම්පාදනය කරත් ද ඔවුන්ට ඒ පුණ්‍ය නිධානය යම් ඵලයක් දෙයි ද එය කෙටියෙන් දක්වන්නාහු
“එස දෙවමනුස‍්සානං, සබ‍්බකාමදදො නිධී”ති.
“එස දෙවමනුස්සානං සබ්බකාම දදො නිධි” යයි වදාළහ.
ඉදානි යස‍්මා පත්‍ථනාය පටිබන්‍ධිතස‍්ස සබ‍්බකාමදදත‍්තං, න විනා පත්‍ථනං හොති. යථාහ –
දැන් යම් හෙයකින් ප්‍රාර්ථනාව හා ප්‍රතිබද්ධ වූ පුණ්‍ය නිධානය සියලු කැමති දේ දීම ප්‍රාර්ථනාවෙන් තොරව සිදු නො වේද? යම් සේ වදාළේද?
“ආකඞ‍්ඛෙය්‍ය චෙ ගහපතයො ධම‍්මචාරී සමචාරී ‘අහො වතාහං කායස‍්ස භෙදා පරං මරණා ඛත‍්තියමහාසාලානං සහබ්‍යතං උපපජ‍්ජෙය්‍ය’න‍්ති, ඨානං ඛො පනෙතං විජ‍්ජති යං සො කායස‍්ස භෙදා පරං මරණා ඛත‍්තියමහාසාලානං සහබ්‍යතං උපපජ‍්ජෙය්‍ය. තං කිස‍්ස හෙතු? තථා හි සො ධම‍්මචාරී සමචාරී” (ම· නි· 1.442).
“ගෘහපතියෙනි, ධම්මචාරි සමචාරි පුද්ගල තෙමේ “මම කයෙහි බිදීමෙන් මරණින් මතු ක්ෂත්රිය මහාසාල කුලයන්හි හෝ - පෙ - සහභාවයට පැමිණෙම් නම් මැනවැයි කැමති වේ නම් හෙතෙම කයෙහි බිඳීමෙන් මරණින් පසු ක්‍ෂත්‍රිය මහාසාල කුලයන්හි සහභාවයට පැමිණේ යන කරුණ සිදු වන්නේය. ඒ කවර හෙයින්ද යත්? හෙතෙම ධම්මචාරී සමචාරි වන හෙයිනි”
එවං “අනාසවං චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරෙය්‍ය. තං කිස‍්ස හෙතු? තථා හි සො ධම‍්මචාරී සමචාරී”ති (ම· නි· 1.442).
එසේම “අනාශ්‍රව වූ චේතෝ විමුක්ති, ප්‍රඥා විමුක්ති මෙලොවදීම තමා විසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එළඹ වාසය කෙරෙයි. ඒ කවර හෙයින්ද යත්? හෙතෙම ධම්මචාරී සමචාරී වන හෙයිනි”
තථා චාහ –
එසේම වදාළහ -
“ඉධ, භික‍්ඛවෙ, භික‍්ඛු සද‍්ධාය සමන‍්නාගතො හොති, සීලෙන, සුතෙන, චාගෙන, පඤ‍්ඤාය සමන‍්නාගතො හොති, තස‍්ස එවං හොති ‘අහො වතාහං කායස‍්ස භෙදා පරං මරණා ඛත‍්තියමහාසාලානං සහබ්‍යතං උපපජ‍්ජෙය්‍ය’න‍්ති. සො තං චිත‍්තං පදහති, තං චිත‍්තං අධිට‍්ඨාති, තං චිත‍්තං භාවෙති. තස‍්ස තෙ සඞ‍්ඛාරා ච විහාරා ච එවං භාවිතා එවං බහුලීකතා තත්‍රූපපත‍්තියා සංවත‍්තන‍්තී”ති (ම· නි· 3.161) එවමාදි.
“මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව ශ්‍රද්ධාවෙන් යුක්ත වේ ද ශීලයෙන්, ශ්‍රැතයෙන්, ත්‍යාගයෙන්, ප්‍රඥාවෙන් යුක්ත වේ ද ඔහුට මෙසේ සිත් වෙයි. “මම ඒකාන්තයෙන් කයෙහි බිඳීමෙන් මරණින් මතු ක්ෂත්රිය මහාසාල කුලයන්හි හෝ - පෙ- සහභාවයට පැමිණෙම් නම් යෙහෙකි” යනුවෙනි. හෙතෙම එම සිත ස්ථිර ලෙස පිහිටුවයි. එම සිත අධිෂ්ඨාන කරයි. එම සිත වඩයි. ඔහුගේ එම සංස්කාරයෝ ද විහරණයෝ ද මෙසේ වඩා මෙසේ බහුලව කොට එහි ඉපදීමට හේතු වෙති” යන මේ ආදියයි.
තස‍්මා තං තථා තථා ආකඞ‍්ඛපරියායං චිත‍්තපදහනාධිට‍්ඨානභාවනාපරික‍්ඛාරං පත්‍ථනං තස‍්ස සබ‍්බකාමදදත‍්තෙ හෙතුං දස‍්සෙන‍්තො ආහ –
එහෙයින් එසේ එසේ කැමැත්තට අනුකූල වූ චිත්ත, පදහන, අධිෂ්ඨාන, භාවනා පිරිකර කොට ඇති ඒ ප්‍රාර්ථනාව ඔහුට කැමති දේ දීමෙහි හේතුව දක්වන්නාහු -
“යං යදෙවාභිපත්ථෙන්ති, සබ‍්බමෙතෙන ලබ‍්භතී”ති.
“යං යදෙවාභි පත්‍ථෙන්ති සබ්බමෙතෙන ලබ්භති” යයි වදාළහ.
එකාදසමගාථාවණ‍්ණනා
එකාදසමගාථාවණ්ණනා
ඉදානි යං තං සබ‍්බං එතෙන ලබ‍්භති, තං ඔධිසො ඔධිසො දස‍්සෙන‍්තො “සුවණ‍්ණතා සුසරතා”ති එවමාදිගාථායො ආහ.
දැන් මේ පුණ්‍ය නිධානයෙන් යම් ඒ සියල්ලක් ලැබේ ද එය සීමා වශයෙන් දක්වන්නාහු “සුවණ්ණතා සුස්සරතා” යන මේ ආදී ගාථාවන් වදාළහ.
තත්‍ථ පඨමගාථාය තාව සුවණ‍්ණතා නාම සුන්‍දරච‍්ඡවිවණ‍්ණතා කඤ‍්චනසන‍්නිභත‍්තචතා, සාපි එතෙන පුඤ‍්ඤනිධිනා ලබ‍්භති. යථාහ –
එහි පළමු ගාථාවෙහි පළමු කොට “සුවණ්ණතා” නම් සුන්දර ඡවි වර්ණ ඇති බවයි. රන්වන් සමක් ඇති බවයි. එය ද මේ පුණ්‍ය නිධානයෙන් ලබයි. යම්සේ වදාළේ ද
“යම‍්පි, භික‍්ඛවෙ, තථාගතො පුරිමං ජාතිං…පෙ… පුබ‍්බෙ මනුස‍්සභූතො සමානො අක‍්කොධනො අහොසි අනුපායාසබහුලො, බහුම‍්පි වුත‍්තො සමානො නාභිසජ‍්ජි න කුප‍්පි න බ්‍යාපජ‍්ජි න පතිත්‍ථීයි, න කොපඤ‍්ච දොසඤ‍්ච අප‍්පච‍්චයඤ‍්ච පාත්‍වාකාසි, දාතා ච අහොසි සුඛුමානං මුදුකානං අත්‍ථරණානං පාවුරණානං ඛොමසුඛුමානං කප‍්පාසික…පෙ… කොසෙය්‍ය…පෙ… කම‍්බලසුඛුමානං. සො තස‍්ස කම‍්මස‍්ස කතත‍්තා උපචිතත‍්තා…පෙ… ඉත්‍ථත‍්තං ආගතො සමානො ඉමං මහාපුරිසලක‍්ඛණං පටිලභති. සුවණ‍්ණවණ‍්ණො හොති කඤ‍්චනසන‍්නිභත‍්තචො”ති (දී· නි· 3.218).
“මහණෙනි, තථාගත තෙමේ යම් පූර්ව ජාතියෙහි - පෙ - පෙර මිනිස් වූයේ නොකිපෙන සුළු වූයේ උපාය බහුල කොට ඇත්තේ විය. බොහෝ සේම කියන ලද්දේ නමුදු ක්‍රෝධ වශයෙන් නොගැටුණේය. නොකිපුණේය. ව්‍යාපාදයට නොපැමිණියේ ය. ක්‍රෝධය සිත නොපිහිටුවීය. කෝපයත්, ද්වේෂයත් නොසතුටත් පහළ නොකළේය. සියුම් වූ මොළොක් වූ ඇතිරිලි ද පොරෝනා ද සියුම් කොමු පිළි ද සියුම් කපු පිළි ද - පෙ - සියුම් පට පිළි හා පලස් ද දෙන්නෙක් විය. හෙතෙම ඒ කර්මය කළ බැවින් රැස් කළ බැවින් - පෙ - මේ මිනිස් බවට ආයේම මේ මහා පුරුෂ ලක්‍ෂණ ලබයි. හේ රන්වන් වෙයි. රන්බඳු පැහැ ඇති සිවිය ඇත්තේ වෙයි” යනුවෙනි.
සුසරතා නාම බ්‍රහ‍්මස‍්සරතා කරවීකභාණිතා, සාපි එතෙන ලබ‍්භති. යථාහ –
“සුස්සරතා” නම් බ්‍රහ්ම ස්වර ඇති බවයි. කුරවි කොවුලෙකුගේ බඳු මිහිරි හඬ ඇති බවයි. එය ද මෙයින් ලැබේ. යම් සේ වදාළේ ද?
“යම‍්පි, භික‍්ඛවෙ, තථාගතො පුරිමං ජාතිං…පෙ… ඵරුසං වාචං පහාය ඵරුසාය වාචාය පටිවිරතො අහොසි, යා සා වාචා නෙලා කණ‍්ණසුඛා…පෙ… තථාරූපිං වාචං භාසිතා අහොසි. සො තස‍්ස කම‍්මස‍්ස කතත‍්තා උපචිතත‍්තා…පෙ… ඉත්‍ථත‍්තං ආගතො සමානො ඉමානි ද‍්වෙ මහාපුරිසලක‍්ඛණානි පටිලභති. පහුතජිව‍්හො ච හොති බ්‍රහ‍්මස‍්සරො ච කරවීකභාණී”ති (දී· නි· 3.236).
“මහණෙනි තථාගත තෙමේ යම් පූර්‍ව ජාතියක - පෙ - ඵරුෂ වචනය අත්හැර ඵරුෂ වචනයෙන් වැළකුණේ වේ ද නිදොස් වූ කණට සැප වූ - පෙ - යම් වචනයක් වේ ද එබඳු වූ වචන කීවේ වේ ද හෙතෙම එම කර්මය කළ බැවින් රැස් කළ බැවින් - පෙ - මේ මිනිස් බවට ආයේම මේ මහා පුරුෂ ලක්‍ෂණ දෙක ලබයි. දික් පුළුල් දිව ඇත්තේ වෙයි. බ්‍රහ්ම ස්වර ඇත්තේ ද කුරවි කොවුලෙකුගේ බඳු මිහිරි හඬ ඇත්තේ ද වෙයි” යනුවෙනි.
සුසණ‍්ඨානාති සුට‍්ඨු සණ‍්ඨානතා, සමචිතවට‍්ටිතයුත‍්තට‍්ඨානෙසු අඞ‍්ගපච‍්චඞ‍්ගානං සමචිතවට‍්ටිතභාවෙන සන‍්නිවෙසොති වුත‍්තං හොති. සාපි එතෙන ලබ‍්භති. යථාහ –
“සුසණ්ඨාන” යනු යහපත් සටහන් ඇති බවයි. සුදුසු ස්ථානයන්හි අඟපසඟ සුදුසු පරිදි මැනවින් පිහිටියේ යයි කියන ලද්දේ වෙයි. එය ද මෙයින් ලැබේ. යම්සේ වදාළේ ද
“යම‍්පි, භික‍්ඛවෙ, තථාගතො පුරිමං ජාතිං…පෙ… පුබ‍්බෙ මනුස‍්සභූතො සමානො බහුජනස‍්ස අත්‍ථකාමො අහොසි හිතකාමො ඵාසුකාමො යොගක‍්ඛෙමකාමො ‘කින‍්ති මෙ සද‍්ධාය වඩ‍්ඪෙය්‍යුං, සීලෙන සුතෙන චාගෙන පඤ‍්ඤාය ධනධඤ‍්ඤෙන ඛෙත‍්තවත්‍ථුනා ද‍්විපදචතුප‍්පදෙහි පුත‍්තදාරෙහි දාසකම‍්මකරපොරිසෙහි ඤාතීහි මිත‍්තෙහි බන්‍ධවෙහි වඩ‍්ඪෙය්‍යු’න‍්ති, සො තස‍්ස කම‍්මස‍්ස…පෙ… සමානො ඉමානි තීණි මහාපුරිසලක‍්ඛණානි පටිලභති, සීහපුබ‍්බඩ‍්ඪකායො ච හොති චිතන‍්තරංසො ච සමවට‍්ටක‍්ඛන්‍ධො චා”ති (දී· නි· 3.224) එවමාදි.
“මහණෙනි, තථාගත තෙමේ පෙර ජාතියෙහි - පෙ මිනිස් වූයේම “මේ සත්ත්වයෝ කෙසේ නම් සැදැහැයෙන් වැඩෙන්නාහුද? ශීලයෙන්, ශ්‍රැතයෙන්, ත්‍යාගයෙන්, ප්‍රඥාවෙන් ධන ධාන්‍යයෙන් කෙත්වතුවලින් දෙපා සිවුපා සතුන්ගෙන් අඹු දරුවන්ගෙන්, දැසි කම්කරු පුරුෂයගෙන්, නැදෑයන්ගෙන්, මිතුරන්ගෙන්, බන්ධුන්ගෙන් වැඩෙන්නාහුදැයි බොහෝ දෙනාට වැඩ කැමති වුයේ හිත කැමති වුයේ පහසුව කැමති වූයේ නිරුපද්‍රැත බව කැමති වූයේ විය. හෙතෙම ඒ කර්මය (කළ බැවින්) - පෙ - මේ මහා පුරුෂ ලක්ෂණ තුන ලබයි. සිංහයාගේ පෙරඩ කය මෙන් පරිපූර්ණ වූ සිරුර ඇත්තේ වෙයි. මසින් පිරුණ පිටිකර ඇත්තේ වෙයි. සම වූ වට වූ කඳ ඇත්තේ වෙයි.” යන මේ ආදියයි.
ඉමිනා නයෙන ඉතො පරෙසම‍්පි ඉමිනා පුඤ‍්ඤනිධිනා පටිලාභසාධකානි සුත‍්තපදානි තතො තතො ආනෙත්‍වා වත‍්තබ‍්බානි. අතිවිත්‍ථාරභයෙන තු සංඛිත‍්තං, ඉදානි අවසෙසපදානං වණ‍්ණනං කරිස‍්සාමි.
මේ ක්‍රමයට මෙයින් පසුවද මේ පුණ්‍ය නිධානයේ ප්‍රතිලාභ පිළිබඳ සාධක වූ දේශනා පාඨයෝ ඒ ඒ තැන්වලින් ගෙන කිව යුත්තාහ. විස්තර අධික වේය යන භයින් වනාහී කෙටි කරන ලදී. දැන් ඉතිරි පදයන්ගේ වර්ණනාව කරන්නෙමි.
සුරූපතාති එත්‍ථ සකලසරීරං රූපන‍්ති වෙදිතබ‍්බං “ආකාසො පරිවාරිතො රූපංත්‍වෙව සඞ‍්ඛං ගච‍්ඡතී”තිආදීසු (ම· නි· 1.306) විය, තස‍්ස රූපස‍්ස සුන්‍දරතා සුරූපතා නාතිදීඝතා නාතිරස‍්සතා නාතිකිසතා නාතිථූලතා නාතිකාළතා නච‍්චොදාතතාති වුත‍්තං හොති. ආධිපච‍්චන‍්ති අධිපතිභාවො, ඛත‍්තියමහාසාලාදිභාවෙන සාමිකභාවොති අත්‍ථො. පරිවාරොති අගාරිකානං සජනපරිජනසම‍්පත‍්ති, අනගාරිකානං පරිසසම‍්පත‍්ති, ආධිපච‍්චඤ‍්ච පරිවාරො ච ආධිපච‍්චපරිවාරො. එත්‍ථ ච සුවණ‍්ණතාදීහි සරීරසම‍්පත‍්ති, ආධිපච‍්චෙන භොගසම‍්පත‍්ති, පරිවාරෙන සජනපරිජනසම‍්පත‍්ති වුත‍්තාති වෙදිතබ‍්බා. සබ‍්බමෙතෙන ලබ‍්භතීති යං තං “යං යදෙවාභිපත්ථෙන්ති, සබ‍්බමෙතෙන ලබ‍්භතී”ති වුත‍්තං, තත්‍ථ ඉදම‍්පි තාව පඨමං ඔධිසො වුත‍්තසුවණ‍්ණතාදි සබ‍්බමෙතෙන ලබ‍්භතීති වෙදිතබ‍්බන‍්ති දස‍්සෙති.
“සුරූපතා” යන මෙහි සියලු ශරීරය රූපය යයි දත යුතුය. “පරිවරන ලද ආකාශය රූපය යයි ව්‍යවහාරයට යේ” ආදියෙහි මෙනි. එම රූපයෙහි සුන්දර බව, සුරුපී බව, ඉතා දිර්ඝ නොවන බව, ඉතා කොට නොවන බව, ඉතා කෘෂ නොවන බව, ඉතා මහත් නොවන බව, ඉතා කළු නොවන බව, ඉතා සුදු නොවන බව යයි කියන ලද්දේ වෙයි. “ආධිපච්චං” යනු අධිපතිභාවයි. ක්‍ෂත්‍රිය මහාසාර ආදී වශයෙන් අධිපතිභාවය යයි කියන ලද්දේ වෙයි. “පරිවාරො” යනු අගාරිකයන්ගේ (ගෘහවාසීන්ගේ) නෑජන පිරිවර ජන සම්පත්තියත් අනගාරිකයන්ගේ පිරිස් සම්පත්තියත්ය. ආධිපච්චඤ්ච පරිවාරොච “ආධිපච්ච පරිවාරා” වේ. මෙහිද සුවණ්ණතා ආදියෙන් ශරීර සම්පත්තියත් “ආධිපච්ච” යන්නෙන් භෝග සම්පත්තියත් “පරිවාරා” යන්නෙන් සජන පරිජන සම්පත්තියත් කියන ලද්දේ යයි දත යුතුය. “සබ්බමෙතෙන ලබ්භති” යනු “යං යදෙවාපත්‍ථෙන්ති සබ්බමෙතෙන ලබ්භති” යයි යමක් කියන ලද්දේ ද එය ද මෙහි සීමා වශයෙන් කියන ලද සුවණ්ණතා ආදී හයට අයත් සියල්ල ද යන මේවා මේ පුණ්‍ය නිධානයෙන් ලැබේ යයි දත යුතු බව දක්වයි.
ද‍්වාදසමගාථාවණ‍්ණනා
ද්වාදසමගාථාවණ්ණනා
එවමිමාය ගාථාය පුඤ‍්ඤානුභාවෙන ලභිතබ‍්බං රජ‍්ජසම‍්පත‍්තිතො ඔරං දෙවමනුස‍්සසම‍්පත‍්තිං දස‍්සෙත්‍වා ඉදානි තදුභයරජ‍්ජසම‍්පත‍්තිං දස‍්සෙන‍්තො “පදෙසරජ‍්ජ”න‍්ති ඉමං ගාථමාහ.
මෙසේ මෙම ගාථාවෙන් පුණ්‍යානුභාවයෙන් ලැබිය යුතු රාජ්‍ය සම්පත්තියෙන් මෙහා දෙව් මිනිස් සම්පත් දක්වා දැන් ඒ රාජ්‍ය සම්පත් දෙක දක්වන්නාහු “පදෙස රජ්ජං” යන මේ ගාථාව වදාළහ.
තත්‍ථ පදෙසරජ‍්ජන‍්ති එකදීපම‍්පි සකලං අපාපුණිත්‍වා පථවියා එකමෙකස‍්මිං පදෙසෙ රජ‍්ජං. ඉස‍්සරභාවො ඉස‍්සරියං, ඉමිනා දීපචක‍්කවත‍්තිරජ‍්ජං දස‍්සෙති. චක‍්කවත‍්තිසුඛං පියන‍්ති ඉට‍්ඨං කන‍්තං මනාපං චක‍්කවත‍්තිසුඛං. ඉමිනා චාතුරන‍්තචක‍්කවත‍්තිරජ‍්ජං දස‍්සෙති. දෙවෙසු රජ‍්ජං දෙවරජ‍්ජං, එතෙන මන්‍ධාතාදීනම‍්පි මනුස‍්සානං දෙවරජ‍්ජං දස‍්සිතං හොති. අපි දිබ‍්බෙසූති ඉමිනා යෙ තෙ දිවි භවත‍්තා “දිබ‍්බා”ති වුච‍්චන‍්ති, තෙසු දිබ‍්බෙසු කායෙසු උප‍්පන‍්නානම‍්පි දෙවරජ‍්ජං දස‍්සෙති. සබ‍්බමෙතෙන ලබ‍්භතීති යං තං “යං යදෙවාභිපත්ථෙන්ති, සබ‍්බමෙතෙන ලබ‍්භතී”ති වුත‍්තං, තත්‍ථ ඉදම‍්පි දුතියං ඔධිසො පදෙසරජ‍්ජාදි සබ‍්බමෙතෙන ලබ‍්භතීති වෙදිතබ‍්බන‍්ති දස‍්සෙති.
එහි “පදෙස රජ්ජං” යනු එක් දිවයිනක සම්පූර්ණ රාජ්‍යයට නොපැමිණ පොළොවෙහි එක් එක් ප්‍රදේශයක පවත්නා රාජ්‍යයි. ඉසුරුමත් බව “ඉස්සරිය” වේ. මෙයින් දීපචක්‍රවර්ති රාජ්‍යය දක්වයි. “චක්කවත්ති සුඛං පියං” යනු මනොඥ වූ ප්‍රිය වූ මනා වූ සක්විති සැපයයි. මෙයින් සතර දික් කෙළවර කොට ඇති චක්‍රවර්ති රාජ්‍යය දක්වයි. දෙවියන් අතර රාජ්‍ය: දෙවරජ්ජ වේ. මෙයින් මන්ධාතු ආදී මිනිසුන්ගේ ද දේව රාජ්‍යය දක්වන ලද්දේ වෙයි. “අපි දිබ්බෙසු” යන මෙයින් යමෙක් දිව්‍යභාවය නිසා “දිබ්බ” යයි කියත් ද ඒ දිව්‍යමය භවයන්හි උපන්නවුන්ගේ දේව රාජ්‍යය දක්වයි. “සබ්බ මෙතෙන ලබ්භති” යන්නෙන් යමක් “යං යදෙවාභිපත්ථෙන්ති සබ්බමෙතෙන ලබ්භති” යයි කියන ලද්දේ ද එහි සීමා වශයෙන් ප්‍රදේශ රාජ්‍යා දී මේ දෙවෙනි සියල්ල මෙයින් ලැබේ යයි දත යුතු බව දක්වයි.
තෙරසමගාථාවණ‍්ණනා
තෙරසමගාථාවණ්ණනා
එවමිමාය ගාථාය පුඤ‍්ඤානුභාවෙන ලභිතබ‍්බං දෙවමනුස‍්සරජ‍්ජසම‍්පත‍්තිං දස‍්සෙත්‍වා ඉදානි ද‍්වීහි ගාථාහි වුත‍්තං සම‍්පත‍්තිං සමාසතො පුරක‍්ඛත්‍වා නිබ‍්බානසම‍්පත‍්තිං දස‍්සෙන‍්තො “මානුස‍්සිකා ච සම‍්පත‍්තී”ති ඉමං ගාථමාහ.
මෙසේ මේ ගාථාවෙන් පුණ්‍යානුභාවයෙන් ලැබිය යුතු දෙව් මිනිස් රජ සම්පත් දක්වා දැන් ගාථා දෙකෙන් කියන ලද සම්පත් කෙටියෙන් පෙරටු කොට ගෙන නිර්‍වාණ සම්පත්තිය දක්වන්නාහු “මානුසිකාච සම්පත්ති” යන මේ ගාථාව වදාළහ.
තස‍්සායං පදවණ‍්ණනා – මනුස‍්සානං අයන‍්ති මානුස‍්සී, මානුස‍්සී එව මානුස‍්සිකා. සම‍්පජ‍්ජනං සම‍්පත‍්ති. දෙවානං ලොකො දෙවලොකො. තස‍්මිං දෙවලොකෙ. යාති අනවසෙසපරියාදානං, රමන‍්ති එතාය අජ‍්ඣත‍්තං උප‍්පන‍්නාය බහිද‍්ධා වා උපකරණභූතායාති රති, සුඛස‍්ස සුඛවත්‍ථුනො චෙතං අධිවචනං. යාති අනියතවචනං චසද‍්දො පුබ‍්බසම‍්පත‍්තියා සහ සම‍්පිණ‍්ඩනත්‍ථො. නිබ‍්බානංයෙව නිබ‍්බානසම‍්පත‍්ති.
මේ එහි පද වර්ණනාවයි. මිනිසුන්ට අයත් දේ = මානුසී වේ. එයම “මානුසිකා” වේ. සමෘද්ධ වීම : සම්පත්ති වේ. දෙවියන්ගේ ලෝකය = දෙව ලොක වේ. එහි “දෙව ලොකෙච යා රති” යනු ඉතිරියක් නොකොට ගැනීමයි. අධ්‍යාත්මයෙහි හටගත් දෙයින් හෝ බාහිර උපකරණ වූ යමකින් ප්‍රීතිමත් වෙත්නුයි = රති වේ. සැපයට සැප වස්තුවට මෙය නමකි. “යා” යනු අනියත වචනයකි. “ච” ශබ්දය මුලින් සඳහන් කළ සම්පත් සමඟ සම්පිණ්ඩනාර්ථ කොට ඇත්තේය. නිර්වාණයම = “නිබ්බාණසම්පත්ති” වේ.
අයං පන අත්‍ථවණ‍්ණනා – යා එසා “සුවණ‍්ණතා”තිආදීහි පදෙහි මානුස‍්සිකා ච සම‍්පත‍්ති දෙවලොකෙ ච යා රති වුත‍්තා, සා ච සබ‍්බා, යා චායමපරා සද‍්ධානුසාරිභාවාදිවසෙන පත‍්තබ‍්බා නිබ‍්බානසම‍්පත‍්ති, සා චාති ඉදං තතියම‍්පි ඔධිසො සබ‍්බමෙතෙන ලබ‍්භතීති.
මේ වනාහී අර්ථ වර්ණනාවයි. මේ “සුවණ්ණතා” ආදී පදයන්ගෙන් යම් මානුෂික සම්පත්තියක් හා දේව ලෝකයෙහි යම් රතියක් කියන ලද්දේ ද ඒ සියල්ල ද යම් මේ සද්ධානුසාරිභාව වශයෙන් පැමිණිය යුතු නිර්වාණ සම්පත්තියක් වේ ද එයද වශයෙන් මේ තුන්වෙනි පියවරට අයත් සම්පත් ද සීමා වශයෙන් “සබ්බමෙතෙන ලබ්භති” සියල්ල මේ පුණ්‍ය නිධානයෙන් ලබයි යනුයි.
අථ වා යා පුබ‍්බෙ සුවණ‍්ණතාදීහි අවුත‍්තා “සූරා සතිමන‍්තො ඉධ බ්‍රහ‍්මචරියවාසො”ති එවමාදිනා (අ· නි· 9.21) නයෙන නිද‍්දිට‍්ඨා පඤ‍්ඤාවෙය්‍යත‍්තියාදිභෙදා ච මානුස‍්සිකා සම‍්පත‍්ති, අපරා දෙවලොකෙ ච යා ඣානාදිරති, යා ච යථාවුත‍්තප‍්පකාරා නිබ‍්බානසම‍්පත‍්ති චාති ඉදම‍්පි තතියං ඔධිසො සබ‍්බමෙතෙන ලබ‍්භතීති. එවම‍්පෙත්‍ථ අත්‍ථවණ‍්ණනා වෙදිතබ‍්බා.
නැතහොත් පෙර සුවණ්ණතාදියෙහි යමක් නොකියන ලද ද “සුසතීමන්තො පෙ - ඉධ බ්‍රහ්මචරිය වාසො” යන මේ ආදී ක්‍රමයෙන් දක්වන ලද පඤ්ඤාවෙය්‍යත්ති ආදී භේදයෝ ද මානුෂික සම්පත් ද අනෙක් දිව්‍ය ලෝකයෙහි යම් ධ්‍යානාදී රතියක් වේ ද එය ද යම් ඒ කියන ලද ආකාර ඇති නිර්වාණ සම්පත්තිය ද යන මේ සියල්ල ද තුන්වෙනුව සීමා වශයෙන් මෙයින් ලැබේ යයි මෙසේ ද මෙහි අර්ථ වර්ණනාව දත යුතුය.
චුද‍්දසමගාථාවණ‍්ණනා
චුද්දසමගාථාවණ්ණනා
එවමිමාය ගාථාය පුඤ‍්ඤානුභාවෙන ලභිතබ‍්බං සද‍්ධානුසාරීභාවාදිවසෙන පත‍්තබ‍්බං නිබ‍්බානසම‍්පත‍්තිම‍්පි දස‍්සෙත්‍වා ඉදානි තෙවිජ‍්ජඋභතොභාගවිමුත‍්තභාවවසෙනපි පත‍්තබ‍්බං තමෙව තස‍්ස උපායඤ‍්ච දස‍්සෙන‍්තො “මිත‍්තසම‍්පදමාගම‍්මා”ති ඉමං ගාථමාහ.
මෙසේ මේ ගාථාවෙන් පුණ්‍යානුභාවයෙන් ලැබිය යුතු සද්ධානුසාරීභාව ආදී වශයෙන් පැමිණිය යුතු නිර්වාණ සම්පත්තිය ද දක්වා දැන් - ත්‍රිවිද්‍යා උභතො භාග විමුත්තභාව වශයෙන් ද පැමිණිය යුතු ඒ නිර්වාණයම එයට එළඹෙන උපාය ද දක්වමින් “මිත්තසම්පදමාගම්ම’’ යන මේ ගාථාව වදාළහ.
තස‍්සායං පදවණ‍්ණනා – සම‍්පජ‍්ජති එතාය ගුණවිභූතිං පාපුණාතීති සම‍්පදා, මිත‍්තො එව සම‍්පදා මිත‍්තසම‍්පදා, තං මිත‍්තසම‍්පදං. ආගම‍්මාති නිස‍්සාය. යොනිසොති උපායෙන. පයුඤ‍්ජතොති යොගානුට‍්ඨානං කරොතො. විජානාති එතායාති විජ‍්ජා, විමුච‍්චති එතාය, සයං වා විමුච‍්චතීති විමුත‍්ති, විජ‍්ජා ච විමුත‍්ති ච විජ‍්ජාවිමුත‍්තියො, විජ‍්ජාවිමුත‍්තීසු වසීභාවො විජ‍්ජාවිමුත‍්තිවසීභාවො.
මේ එහි පද වර්ණනාවයි: මෙයින් සමෘද්ධ වේ. ගුණ සමූහයට පැමිණෙනුයි = සම්පදා වේ. මිත්‍රයාම සම්පදාව වූයේ = මිත්ත සම්පදා වේ. එය “මිත්තසම්පදං” වේ. “ආගම්ම” යනු හේතු කොට ගෙන; “යොනිසො” යනු උපායෙන්; “පයුඤ්ජතො” යනු යෝගයෙන් නොනැගීටීම කරන්නාහට; මෙයින් දැන ගනීනුයි = විජ්ජා වේ. මෙයින් මිදේ හෝ තෙමේ මිදුණේනුයි = විමුත්ති වේ. විජ්ජාව විමුත්තීච = විජ්ජා විමුත්තියො වේ. විද්‍යා විමුක්තීන්හි වශීභාවය = “විජ්ජා විමුත්තිවසීභාවො” වේ.
අයං පන අත්‍ථවණ‍්ණනා – ය‍්වායං මිත‍්තසම‍්පදමාගම‍්ම සත්‍ථාරං වා අඤ‍්ඤතරං වා ගරුට‍්ඨානියං සබ්‍රහ‍්මචාරිං නිස‍්සාය තතො ඔවාදඤ‍්ච අනුසාසනිඤ‍්ච ගහෙත්‍වා යථානුසිට‍්ඨං පටිපත‍්තියා යොනිසො පයුඤ‍්ජතො පුබ‍්බෙනිවාසාදීසු තීසු විජ‍්ජාසු “තත්‍ථ කතමා විමුත‍්ති? චිත‍්තස‍්ස ච අධිමුත‍්ති නිබ‍්බානඤ‍්චා”ති (ධ· ස· 1381) එවං ආගතාය අට‍්ඨසමාපත‍්තිනිබ‍්බානභෙදාය විමුත‍්තියා ච තථා තථා අදන්‍ධායිතත‍්තෙන වසීභාවො, ඉදම‍්පි චතුත්‍ථං ඔධිසො සබ‍්බමෙතෙන ලබ‍්භතීති.
මේ වනාහී අර්ථ වර්ණනාවයි. යම් මේ මිත්‍ර සම්පත්තියකට පැමිණ ශාස්තෲන් වහන්සේ හෝ වෙනත් ගරු කටයුතු සබ්‍රහ්මචාරීන් වහන්සේ නමක් ඇසුරු කොට උන්වහන්සේගෙන් අවවාද අනුශාසනා ද ලැබ අනුශාසනා පරිදි ප්‍රතිපත්තියෙහි නුවණින් යෙදෙන්නේ පුබ්බෙනිවාස ආදී ත්‍රිවිද්‍යාවන්හි “එහි විමුක්තිය කවරේද? සිතෙහි මිදීමයි. “නිවන” ද යනුවෙන් මෙසේ සඳහන් වන අෂ්ට සමාපත්තියෙහි හා නිර්වාණ සංඛ්‍යාත විමුක්තියෙහි ද එසේ එසේ දක්ෂ ලෙස වශීභාවයට පත්වීමයි. මෙය ද සතර වෙනුවට ප්‍රමාණ වශයෙන් මේ පුණ්‍ය නිධානයෙන් ලැබේ” යනුයි.
පන‍්නරසමගාථාවණ‍්ණනා
පන්නරසමගාථාවණ්ණනා
එවමිමාය ගාථාය පුබ‍්බෙ කථිතවිජ‍්ජාවිමුත‍්තිවසීභාවභාගියපුඤ‍්ඤානුභාවෙන ලභිතබ‍්බං තෙවිජ‍්ජඋභතොභාගවිමුත‍්තභාවවසෙනපි පත‍්තබ‍්බං නිබ‍්බානසම‍්පත‍්තිං දස‍්සෙත්‍වා ඉදානි යස‍්මා විජ‍්ජාවිමුත‍්තිවසීභාවප‍්පත‍්තා තෙවිජ‍්ජා උභතොභාගවිමුත‍්තාපි සබ‍්බෙ පටිසම‍්භිදාදිගුණවිභූතිං ලභන‍්ති, ඉමාය පුඤ‍්ඤසම‍්පදාය ච තස‍්සා ගුණවිභූතියා පදට‍්ඨානවසෙන තථා තථා සාපි ලබ‍්භති, තස‍්මා තම‍්පි දස‍්සෙන‍්තො “පටිසම‍්භිදා විමොක‍්ඛා චා”ති ඉමං ගාථමාහ.
මෙසේ මේ ගාථාවෙන් පෙර කියන ලද විජ්ජාවිමුත්තිවසීභාව හා සම්බන්ධ වූ පුණ්‍යානුභාවයෙන් ලැබිය යුතු ත්‍රිවිද්‍යා උභතොභාග විමුක්ත වශයෙන් ද පැමිණිය යුතු නිර්වාණ සම්පත්තිය දක්වා දැන් යම් හෙයකින් විද්‍යා විමුක්ති වශීභාවයට පත් වූවෝ ද ත්‍රිවිද්‍යා උභතොභාග විමුක්ත වූවෝ ද යන සියල්ලෝ පටිසම්භිදා ආදී ගුණ සම්පත්ති ලබත්ද, මේ පුණ්‍ය සම්පත්තියෙන් ද ඒ සම්පත්තියට පදස්ථාන වශයෙන් එසේ එසේ ඒ සම්පත්තිය ද ලබයි. එහෙයින් එයද දක්වන්නාහු “පටිසම්භිදා විමොක්ඛාච” යන මේ ගාථාව වදාළහ.
“යතො සම‍්මා කතෙන යා චායං ධම‍්මත්‍ථනිරුත‍්තිපටිභානෙසු පභෙදගතා පඤ‍්ඤා පටිසම‍්භිදා”ති වුච‍්චති, යෙ චිමෙ “රූපී රූපානි පස‍්සතී”තිආදිනා (දී· නි· 2.129; 3.339) නයෙන අට‍්ඨ විමොක‍්ඛා, යා චායං භගවතො සාවකෙහි පත‍්තබ‍්බා සාවකසම‍්පත‍්තිසාධිකා සාවකපාරමී, යා ච සයම‍්භුභාවසාධිකා පච‍්චෙකබොධි, යා ච සබ‍්බසත‍්තුත‍්තමභාවසාධිකා බුද‍්ධභූමි, ඉදම‍්පි පඤ‍්චමං ඔධිසො සබ‍්බමෙතෙන ලබ‍්භතීති වෙදිතබ‍්බං.
යම් හෙයකින් මනාකොට කළ ධර්ම, අර්ථ, නිරුක්ති, ප්‍රතිභානයන්හි ප්‍රභේදගත ප්‍රඥාව “පටිසම්භිදා” යයි කියනු ලැබේ ද යම් මේ “රූපී වූයේ රූප දකී” යනාදී ක්‍රමයට අෂ්ට විමෝක්‍ෂයෝ වෙත් ද යම් මේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයන් විසින් පැමිණිය යුතු ශ්‍රාවක සම්පත්තිය ඇති කරන ශ්‍රාවක පාරමී වෙත් ද ස්වයම්භූභාවය ඇති කරන යම් ප්‍රත්‍යෙක බෝධියක් වේ ද සියලු සත්ත්වයන්ට උත්තමභාවය ඇති කරන යම් බුද්ධ භූමියක් වේ ද මේ සියල්ල ද පස් වෙනුව ප්‍රමාණ වශයෙන් මේ පුණ්‍ය නිධානයෙන් ලැබේ යයි දත යුතුය.
සොළසමගාථාවණ‍්ණනා
සොළසමගාථාවණ්ණනා
එවං භගවා යං තං “යං යදෙවාභිපත්ථෙන්ති, සබ‍්බමෙතෙන ලබ‍්භතී”ති වුත‍්තං, තං ඉමාහි පඤ‍්චහි ගාථාහි ඔධිසො ඔධිසො දස‍්සෙත්‍වා ඉදානි සබ‍්බමෙවිදං සබ‍්බකාමදදනිධිසඤ‍්ඤිතං පුඤ‍්ඤසම‍්පදං පසංසන‍්තො “එවං මහත්‍ථිකා එසා”ති ඉමාය ගාථාය දෙසනං නිට‍්ඨපෙසි.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ යමක් “යං යදෙවාභිපත්ථෙන්ති සබ්බමෙතෙන ලබ්භති” යයි දේශනා කරන ලද්දේ ද එය මේ ගාථාවන්ගෙන් දක්වා දැන් - මේ සියලු කැමති දේ දෙන නිධානයක් බඳු වූ පුණ්‍ය සම්පත්තියට ප්‍රශංසා කරන්නාහු “එවං මහිද්ධිකා එසා” යන මේ ගාථාවෙන් දේශනාව නිමා කළහ.
තස‍්සායං පදවණ‍්ණනා – එවන‍්ති අතීතත්‍ථනිදස‍්සනං. මහන‍්තො අත්‍ථො අස‍්සාති මහත්‍ථිකා, මහතො අත්‍ථාය සංවත‍්තතීති වුත‍්තං හොති, මහිද‍්ධිකාතිපි පාඨො. එසාති උද‍්දෙසවචනං, තෙන “යස‍්ස දානෙන සීලෙනා”ති ඉතො පභුති යාව “කයිරාථ ධීරො පුඤ‍්ඤානී”ති වුත‍්තං පුඤ‍්ඤසම‍්පදං උද‍්දිසති. යදිදන‍්ති අභිමුඛකරණත්‍ථෙ නිපාතො, තෙන එසාති උද‍්දිට‍්ඨං නිද‍්දිසිතුං යා එසාති අභිමුඛං කරොති. පුඤ‍්ඤානං සම්පදා පුඤ‍්ඤසම‍්පදා. තස‍්මාති කාරණවචනං. ධීරාති ධිතිමන‍්තො. පසංසන‍්තීති වණ‍්ණයන‍්ති. පණ‍්ඩිතාති පඤ‍්ඤාසම‍්පන‍්නා. කතපුඤ‍්ඤතන‍්ති කතපුඤ‍්ඤභාවං.
මේ එහි පද වර්ණනාවයි. “එවං” යනු අතීතාර්ථය දැක්වීමයි. මහත් වූ අර්ථයක් මෙහි ඇත්තේනුයි: “මහත්‍ථිකා” වේ. මහත් වූ අර්‍ථයක් සදහා හේතු වේ යයි කියන ලද්දේ වෙයි. “මහිද්ධිකා” යයි ද පාඨයකි. “එසා” යනු උද්දේස වචනයකි. එයින් “යස්ස දානෙන සීලෙන” යන මේ ගාථාවේ සිට “කයිරාථ ධීරො පුඤ්ඤාති” දක්වා කියන ලද පුණ්‍ය සම්පත්තිය දක්වයි. “යදිදං” යනු අභිමුඛකරණාර්ථයෙහි නිපාතයක් පමණි. එයින් “එසා” යයි දක්වන ලද දෙය පෙන්වා දීමට “යා එසා”යි අභිමුඛ කරයි. “පුඤ්ඤානං සම්පදා” = පුඤ්ඤසම්පදා” වේ. “තස්මා” යනු හේතුව දක්වන වචනයකි. “ධීරා” යනු උත්සාහවන්තයෝ ය. ‘පසංසන්ති’ යනු වර්ණනා කරති. පණ්ඩිතා යනු ප්‍රඥාවෙන් යුක්ත වූවෝය. “කත පුඤ්ඤතං” යනු කළ පින් ඇති බවයි.
අයං පන අත්‍ථවණ‍්ණනා – ඉති භගවා සුවණ‍්ණතාදිං බුද‍්ධභූමිපරියොසානං පුඤ‍්ඤසම‍්පදානුභාවෙන අධිගන‍්තබ‍්බමත්‍ථං වණ‍්ණයිත්‍වා ඉදානි තමෙවත්‍ථං සම‍්පිණ‍්ඩෙත්‍වා දස‍්සෙන‍්තො තෙනෙවත්‍ථෙන යථාවුත‍්තප‍්පකාරාය පුඤ‍්ඤසම‍්පදාය මහත්‍ථිකත‍්තං ථුනන‍්තො ආහ – එවං මහතො අත්‍ථස‍්ස ආවහනෙන මහත්‍ථිකා එසා, යදිදං මයා “යස‍්ස දානෙන සීලෙනා”තිආදිනා නයෙන දෙසිතා පුඤ‍්ඤසම‍්පදා, තස‍්මා මාදිසා සත‍්තානං හිතසුඛාවහාය ධම‍්මදෙසනාය අකිලාසුතාය යථාභූතගුණෙන ච ධීරා පණ‍්ඩිතා “අසාධාරණමඤ‍්ඤෙසං, අචොරාහරණො නිධී”තිආදීහි ඉධ වුත‍්තෙහි ච, අවුත‍්තෙහි ච “මා, භික‍්ඛවෙ, පුඤ‍්ඤානං භායිත්‍ථ, සුඛස‍්සෙතං, භික‍්ඛවෙ, අධිවචනං, යදිදං පුඤ‍්ඤානී”තිආදීහි (අ· නි· 7.62; ඉතිවු· 22; නෙත‍්ති· 121) වචනෙහි අනෙකාකාරවොකාරං කතපුඤ‍්ඤතං පසංසන‍්ති, න පක‍්ඛපාතෙනාති.
මේ වනාහි අර්ථ වර්ණනාවයි - මෙසේ භාග්‍යවතුන් වහන්සේ “සුවණ්ණතා” මුල්කොට ඇති බුද්ධ භූමිය අවසන් කොට ඇති පුණ්‍ය සම්පදාවේ ආනුභාවයෙන් ලැබිය යුතු අර්ථය වර්ණනා කොට දැන් - එම අර්ථයම පිඬුකොට දක්වන්නාහු එම අර්ථයෙන්ම කියන ලද ස්වභාවය ඇති පුණ්‍ය සම්පදාවෙහි මහත් අර්ථවත් බව වර්ණනා කරන්නාහු වදාළහ. මෙසේ මහත් අර්ථයක් ගෙන දීම කරණකොට ගෙන මහත්‍ථික වූ මේ පුණ්‍ය සම්පදාව ඉදින් මා විසින් “යස්ස දානෙන සීලෙන” ආදී ක්‍රමයට දක්වන ලද්දාහු ද එහෙයින් සත්ත්වයන්ට හිත සුව ගෙන දෙන ධර්ම දේශනාවෙහි පසුබට නොවීමෙන් හා තත්වූ පරිදි ගුණයන් කරණ කොට ගෙන ද මා වැනි ධෛර්‍ය්‍යවත් පණ්ඩිතයෝ “අසාධාරණ මඤ්ඤෙසං අචොරහරණො නිධි” යනාදියෙන් මෙහි කියන ලද කරුණුවලින් ද “මහණෙනි පිනට බිය නොවවු, මහණෙනි, යම් මේ පින යයි යමක් වේ ද එය සැපයට නමකි” ආදී වචනයන්ගෙන් ද නොයෙක් ආකාරයන්ගෙන් කළ පින් ඇති බව ප්‍රශංසා කරති. පක්ෂපාතිභාවයෙන් නොවේ.
දෙසනාපරියොසානෙ සො උපාසකො බහුජනෙන සද‍්ධිං සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨාසි, රඤ‍්ඤො ච පසෙනදිකොසලස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා එතමත්‍ථං ආරොචෙසි, රාජා අතිවිය තුට‍්ඨො හුත්‍වා “සාධු, ගහපති, සාධු ඛො ත්‍වං, ගහපති, මාදිසෙහිපි අනාහරණීයං නිධිං නිධෙසී”ති සංරාධෙත්‍වා මහතිං පූජමකාසීති.
දේශනාව කෙළවර ඒ උපාසකයා බොහෝ ජනයා සමඟ සෝවාන් ඵලයෙහි පිහිටියේය. පසේ නදී කොසොල් රජුගේ සමීපයට ගොස් මේ කාරණය දැන්වීය. රජතුමා අතිශයින් සතුටු වී ගෘහපතිය, මැනවි. ගෘහපතිය නුඹ මා වැන්නන් විසින් ද ගෙන්වා ගත නොහැකි නිධානයක් නිදන් කෙළෙහි යයි සතුටු කරවා මහත් පූජාවක් කළේය.
පරමත්‍ථජොතිකාය ඛුද‍්දකපාඨ-අට‍්ඨකථාය නිධිකණ‍්ඩසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.
නිධිකණ්ඩ සූත්‍ර වර්ණනාව නිමියේය.