9. මෙත්තසුත්තවණ්ණනා අට්ඨකථා
9. මෙත්ත සූත්‍රය වර්ණනාව
නික්ඛෙපප්පයොජනං
නික්ඛෙපප්පයොජනං
ඉදානි නිධිකණ්ඩානන්තරං නික්ඛිත්තස්ස මෙත්තසුත්තස්ස වණ්ණනාක්කමො අනුප්පත්තො. තස්ස ඉධ නික්ඛෙපප්පයොජනං වත්වා තතො පරං –
දැන් නිධිකණ්ඩ සූත්‍රයෙන් අනතුරුව ඇතුළත් කර ඇති මෙත්ත සූත්‍රයෙහි වර්ණනා ක්‍රමය පැමිණියේ ය. එම සූත්‍රය මෙහි ඇතුළත් කිරීමේ ප්‍රයෝජනය කියා ඉන් අනතුරුව
“යෙන වුත්තං යදා යත්ථ, යස්මා චෙතෙස දීපනා; නිදානං සොධයිත්වාස්ස, කරිස්සාමත්ථවණ්ණනං”.
“යමෙකු විසින් යම් දිනෙක යම් තැනකදී යම් හෙයකින් දේශනා කරන ලද්දේ ද යන මේ කරුණු විස්තර කෙරෙන නිදානය පැහැදිලි කොට මේ සූත්‍රයට අර්ථ වර්ණනාව කරන්නෙමි” යි
තත්ථ යස්මා නිධිකණ්ඩෙන දානසීලාදිපුඤ්ඤසම්පදා වුත්තා, සා ච සත්තෙසු මෙත්තාය කතාය මහප්ඵලා හොති යාව බුද්ධභූමිං පාපෙතුං සමත්ථා, තස්මා තස්සා පුඤ්ඤසම්පදාය උපකාරදස්සනත්ථං, යස්මා වා සරණෙහි සාසනෙ ඔතරිත්වා සික්ඛාපදෙහි සීලෙ පතිට්ඨිතානං ද්වත්තිංසාකාරෙන රාගප්පහානසමත්ථං, කුමාරපඤ්හෙන මොහප්පහානසමත්ථඤ්ච කම්මට්ඨානං දස්සෙත්වා, මඞ්ගලසුත්තෙන තස්ස පවත්තියා මඞ්ගලභාවො අත්තරක්ඛා ච, රතනසුත්තෙන තස්සානුරූපා පරරක්ඛා, තිරොකුට්ටෙන රත්තනසුත්තෙ වුත්තභූතෙසු එකච්චභූතදස්සනං වුත්තප්පකාරාය පුඤ්ඤසම්පත්තියා පමජ්ජන්තානං විපත්ති ච, නිධිකණ්ඩෙන තිරොකුට්ටෙ වුත්තවිපත්තිපටිපක්ඛභූතා සම්පත්ති ච දස්සිතා, දොසප්පහානසමත්ථං පන කම්මට්ඨානං අදස්සිතමෙව, තස්මා තං දොසප්පහානසමත්ථං කම්මට්ඨානං දස්සෙතුං ඉදං මෙත්තසුත්තං ඉධ නික්ඛිත්තං. එවඤ්හි සුපරිපූරො හොති ඛුද්දකපාඨොති ඉදමස්ස ඉධ නික්ඛෙපප්පයොජනං.
එහි යම් හෙයකින් නිධි කණ්ඩ සූත්‍රයෙන් දාන ශීල ආදී පුණ්‍ය සම්පත් කියන ලද්දේ ද එය ද සත්ත්වයන් කෙරෙහි මෛත්‍රියෙන් කළ හෙයින් බුද්ධ භූමියට පැමිණවීමට සමත් වීම තෙක් මහත්ඵල වේ. එබැවින් එම පුණ්‍ය සම්ප්‍රදාවට උපකාර දැක්වීම් වශයෙන් ද නැතහොත් යම් හෙයකින් සරණයන්ගෙන් ශාසනයට බැස ශික්ෂාපදයන්ගෙන් ශීලයෙහි පිහිටි අයට ද්වත්තිංසාකාරයෙන් රාගය ප්‍රහීණ කිරීමට සමත් වූ ද, කුමාර පඤ්හයෙන් මෝහය ප්‍රහීණ කිරීමට සමත් වු ද කමටහන් දක්වා මංගල සූත්‍රයෙන් ඔහුගේ පැවැත්මට හේතුවන මංගල කරුණු හා ආත්මාරක්ෂව ද රතන සූත්‍රයෙන් එයට අනුරූප වූ පරාරක්ෂාව ද තිරොකුඩ්ඩ සූත්‍රයෙන් රතන සූත්‍රයෙහි කියන ලද අමනුෂ්‍යයන් අතුරෙන් එක්තරා අමනුෂ්‍ය වර්ගයක් දැක්වීම හා කියන ලද ආකාරයේ පුණ්‍ය සම්පත්තියෙහි පමාවීමේ විපත්තිය ද නිධිකණ්ඩ සූත්‍රයෙන් තිරෝකුඩ්ඩ සූත්‍රයෙහි කියන ලද විපත්තීන්ට විරුද්ධ වූ සම්පත්තිය ද දක්වන ලද්දේ ද එසේ වුවත් ද්වේෂය ප්රහාණය කිරීමට සමත් කමටහනක් නොදක්වන ලද්දේය. එබැවින් ඒ ද්වේෂය ප්රහාණය කිරීමට සමත් කමටහනක් දැක්වීම් වශයෙන් ද මේ මෙත්ත සූත්‍රය මෙහි ඇතුළත් කරන ලදී. මෙසේ වීමෙන් වනාහී ඛුද්දක පාඨය සර්ව සම්පූර්ණ වෙයි යන මේ කාරණය මෙම සූත්‍රය මෙහි ඇතුළත් කිරීමේ ප්‍රයෝජනයයි.
නිදානසොධනං
නිදානසොධනං
ඉදානි යායං –
දැන් යම් ඒ
“යෙන වුත්තං යදා යත්ථ, යස්මා චෙතෙස දීපනා; නිදානං සොධයිත්වාස්ස, කරිස්සාමත්ථවණ්ණන”න්ති. –
“යෙන වුත්තං යදා යත්ථ යස්මා චෙතෙස දීපනා නිදානං සොධයිත්වාස්ස කරිස්සාමත්ථවණ්ණනං”
මාතිකා නික්ඛිත්තා, තත්ථ ඉදං මෙත්තසුත්තං භගවතාව වුත්තං, න සාවකාදීහි, තඤ්ච පන යදා හිමවන්තපස්සතො දෙවතාහි උබ්බාළ්හා භික්ඛූ භගවතො සන්තිකං ආගතා, තදා සාවත්ථියං තෙසං භික්ඛූනං පරිත්තත්ථාය කම්මට්ඨානත්ථාය ච වුත්තන්ති එවං තාව සඞ්ඛෙපතො එතෙසං පදානං දීපනා නිදානසොධනා වෙදිතබ්බා.
යයි මාර්තෘකා තබන ලද්දේ ද (එය දක්වනු ලැබේ.) එහි මේ මෙත්ත සූත්‍රය භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලදී. ශ්‍රාවකාදීන් විසින් නොවේ. එයද වනාහී යම් කලෙක්හි හිමාලය ප්‍රාන්තයෙහි දෙවියන් විසින් කරදරයට පත් කරන ලද භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ සමීපයට පැමිණියාහු ද එකල්හි සැවැත් නුවරදී ඒ භික්ෂූන්ට ආරක්ෂාව සඳහාත් කමටහන් සඳහාත් දේශනා කරන ලද්දේය යනුවෙන් පළමු කොට මෙසේ කෙටියෙන් මේ පදයන්ගේ පැහැදිලි කිරීම වූ නිදාන ශෝධනය දත යුතුය.
විත්ථාරතො පන එවං වෙදිතබ්බා – එකං සමයං භගවා සාවත්ථියං විහරති උපකට්ඨාය වස්සූපනායිකාය, තෙන ඛො පන සමයෙන සම්බහුලා නානාවෙරජ්ජකා භික්ඛූ භගවතො සන්තිකෙ කම්මට්ඨානං ගහෙත්වා තත්ථ තත්ථ වස්සං උපගන්තුකාමා භගවන්තං උපසඞ්කමන්ති. තත්ර සුදං භගවා රාගචරිතානං සවිඤ්ඤාණකඅවිඤ්ඤාණකවසෙන එකාදසවිධං අසුභකම්මට්ඨානං, දොසචරිතානං චතුබ්බිධං මෙත්තාදිකම්මට්ඨානං, මොහචරිතානං මරණස්සතිකම්මට්ඨානාදීනි, විතක්කචරිතානං ආනාපානස්සතිපථවීකසිණාදීනි, සද්ධාචරිතානං බුද්ධානුස්සතිකම්මට්ඨානාදීනි, බුද්ධිචරිතානං චතුධාතුවවත්ථානාදීනීති ඉමිනා නයෙන චතුරාසීතිසහස්සප්පභෙදචරිතානුකූලානි කම්මට්ඨානානි කථෙති.
විස්තර වශයෙන් වනාහී මෙසේ දත යුතුය - එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ වස් එළඹීමට ආසන්න කාලයෙහි සැවැත්නුවර වැඩ වෙසෙති. එකල්හි වනාහී නොයෙක් රාජ්‍යයන්ට අයත් බොහෝ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි කමටහන් ගෙන ඒ ඒ ස්ථානයන්හි වස් එළඹෙනු කැමැතිව භාග්‍යවතුන් වහන්සේ සමීපයට පැමිණෙති. එහිදී භාග්‍යවතුන් වහන්සේ රාග චරිත ඇත්තවුන්ට සවිඥානක අවිඥානක වශයෙන් එකොළොස් වැදෑරුම් අශුභ කර්ම ස්ථානයත් ද්වේෂ චරිත ඇත්තවුන්ට සතර වැදෑරුම් මෛත්‍රී ආදී කර්මස්ථානත් මෝහ චරිත ඇත්තවුන්ට මරණසති කර්ම ස්ථාන ආදියත් විතර්ක චරිත ඇත්තවුන්ට ආනාපානසති පඨවි කසිණ ආදී කර්මස්ථානත් ශ්‍රද්ධා චරිත ඇත්තවුන්ට බුද්ධානුස්සති කර්මස්ථාන ආදියත් බුද්ධි චරිත ඇත්තවුන්ට චතුධාතුවවත්ථානාදී කර්මස්ථාන ආදියත් යනාදී මේ ක්‍රමයට අසූහාර දහසක් ප්රභේදගත වූ චරිතයන්ට අනුකූල වූ කර්මස්ථාන දේශනා කරති.
අථ ඛො පඤ්චමත්තානි භික්ඛුසතානි භගවතො සන්තිකෙ කම්මට්ඨානං උග්ගහෙත්වා සප්පායසෙනාසනඤ්ච ගොචරගාමඤ්ච පරියෙසමානානි අනුපුබ්බෙන ගන්ත්වා පච්චන්තෙ හිමවන්තෙන සද්ධිං එකාබද්ධං නීලකාචමණිසන්නිභසිලාතලං සීතලඝනච්ඡායනීලවනසණ්ඩමණ්ඩිතං මුත්තාජාලරජතපට්ටසදිසවාලුකාකිණ්ණභූමිභාගං සුචිසාතසීතලජලාසයපරිවාරිතං පබ්බතමද්දසංසු. අථ තෙ භික්ඛූ තත්ථෙකරත්තිං වසිත්වා පභාතාය රත්තියා සරීරපරිකම්මං කත්වා තස්ස අවිදූරෙ අඤ්ඤතරං ගාමං පිණ්ඩාය පවිසිංසු. ගාමො ඝනනිවෙසනසන්නිවිට්ඨකුලසහස්සයුත්තො, මනුස්සා චෙත්ථ සද්ධා පසන්නා තෙ පච්චන්තෙ පබ්බජිතදස්සනස්ස දුල්ලභතාය භික්ඛූ දිස්වා එව පීතිසොමනස්සජාතා හුත්වා තෙ භික්ඛූ භොජෙත්වා “ඉධෙව, භන්තෙ, තෙමාසං වසථා”ති යාචිත්වා පඤ්ච පධානකුටිසතානි කාරෙත්වා තත්ථ මඤ්චපීඨපානීයපරිභොජනීයඝටාදීනි සබ්බූපකරණානි පටියාදෙසුං.
ඉක්බිති පන්සියයක් භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි කර්මස්ථාන ඉගෙන ගැළපෙන සෙනසුනක් හා ගොදුරු ගමක් ද සොයමින් පිළිවෙළින් ගොස් පිටිසර හිමාලය හා ඒකාබද්ධ වූ නිල් පළිගු වැනි ගල් තලා ඇති සිසිල් ගුණ සෙවන ඇති නිල් වන ලැහැබින් හොබනා වූ මුතු දැල් රිදී පට වැනි වැල්ලෙන් ගැවසී ගත් භූමිභාග ඇති පිරිසිදු සිසිල් ජලාශයෙන් පිරිවැරූ පර්වතයක් දුටහ. ඉක්බිති ඒ භික්ෂුහු එහි එක් රැයක් වැස රාත්‍රිය පහවු පසු ශරීරය පිළිදැගුම් කොට ඒ වන ලැහැබට නුදුරු එක් ගමකට පිඬු පිණිස වැඩියහ. ගම වනාහී රාශී භූතව වසන පවුල් දහසකින් යුක්තය. මෙහි මිනිස්සු ද සැදැහැයෙන් පැහැදුණෝ වෙති. ඔවුහු පිටිසර පැවිද්දන්ගේ දැකීම දුර්ලභ බැවින් භික්ෂූන් දැකීමෙන් ම හටගත් ප්‍රීතිසොම්නස් ඇත්තේ වී එම භික්ෂූන් වළඳවා “ස්වාමිනි, මෙහිම වසනු මැනවැයි ආරාධනා කොට භාවනා කුටි පන්සීයක් කරවා එහි ඇඳන් පුටු හා පානීය පරිභෝජනීය ජලය සහිත කළ ද සියලු උපකරණ ද පිළියෙල කර දුන්හ.
භික්ඛූ දුතියදිවසෙ අඤ්ඤං ගාමං පිණ්ඩාය පවිසිංසු. තත්ථපි මනුස්සා තථෙව උපට්ඨහිත්වා වස්සාවාසං යාචිංසු. භික්ඛූ “අසති අන්තරායෙ”ති අධිවාසෙත්වා තං වනසණ්ඩං පවිසිත්වා සබ්බරත්තින්දිවං ආරද්ධවීරියා යාමඝණ්ඩිකං කොට්ටෙත්වා යොනිසොමනසිකාරබහුලා විහරන්තා රුක්ඛමූලානි උපගන්ත්වා නිසීදිංසු. සීලවන්තානං භික්ඛූනං තෙජෙන විහතතෙජා රුක්ඛදෙවතා අත්තනො අත්තනො විමානා ඔරුය්හ දාරකෙ ගහෙත්වා ඉතො චිතො විචරන්ති. සෙය්යථාපි නාම රාජූහි වා රාජමහාමත්තෙහි වා ගාමකාවාසං ගතෙහි ගාමවාසීනං ඝරෙසු ඔකාසෙ ගහිතෙ ඝරමනුස්සකා ඝරා නික්ඛමිත්වා අඤ්ඤත්ර වසන්තා “කදා නු ගමිස්සන්තී”ති දූරතොව ඔලොකෙන්ති, එවමෙව දෙවතා අත්තනො අත්තනො විමානානි ඡඩ්ඩෙත්වා ඉතො චිතො ච විචරන්තියො දූරතොව ඔලොකෙන්ති “කදා නු භදන්තා ගමිස්සන්තී”ති. තතො එවං සමචින්තෙසුං “පඨමවස්සූපගතා භික්ඛූ අවස්සං තෙමාසං වසිස්සන්ති, මයං පන තාව චිරං දාරකෙ ගහෙත්වා ඔක්කම්ම වසිතුං න සක්කොම, හන්ද මයං භික්ඛූනං භයානකං ආරම්මණං දස්සෙමා”ති. තා රත්තිං භික්ඛූනං සමණධම්මකරණවෙලාය භිංසනකානි යක්ඛරූපානි නිම්මිනිත්වා පුරතො පුරතො තිට්ඨන්ති, භෙරවසද්දඤ්ච කරොන්ති. භික්ඛූනං තානි රූපානි දිස්වා තඤ්ච සද්දං සුත්වා හදයං ඵන්දි, දුබ්බණ්ණා ච අහෙසුං උප්පණ්ඩුප්පණ්ඩුකජාතා. තෙන තෙ භික්ඛූ චිත්තං එකග්ගං කාතුං නාසක්ඛිංසු, තෙසං අනෙකග්ගචිත්තානං භයෙන ච පුනප්පුනං සංවිග්ගානං සති සම්මුස්සි, තතො තෙසං මුට්ඨසතීනං දුග්ගන්ධානි ආරම්මණානි පයොජෙසුං, තෙසං තෙන දුග්ගන්ධෙන නිම්මථියමානමිව මත්ථලුඞ්ගං අහොසි, ගාළ්හා සීසවෙදනා උප්පජ්ජිංසු, න ච තං පවත්තිං අඤ්ඤමඤ්ඤස්ස ආරොචෙසුං.
භික්ෂූහු දෙවන දවස්හි වෙනත් ගමකට පිඬු පිණිස පිවිසියහ. එහි මිනිස්සු ද එසේම උපස්ථාන කොට වස් විසීම සඳහා ආරාධනා කළහ. භික්ෂූහු “අනතුරක් නැතැ”යි ආරාධනාව පිළිගෙන එම වන ලැහැබට පිවිස සියලු රෑ දවල් පටන් ගත් වීර්යය ඇතිව වේලාව දක්වන ගෙඩියක් කොටවා නුවණින් සිහි කිරීම බහුල කොට වසන්නාහු ගස් මුල්වලට එළඹ හිඳිති. සිල්වත් භික්ෂූන්ගේ තේජසින් පහ වූ තේජස් ඇති වෘක්ෂ දේවතාවෝ තම තමන්ගේ විමානයන්ගෙන් බැස දරුවන් රැගෙන එහෙ මෙහෙ හැසිරෙති. යම් සේ ගමක වාසය කිරීමට ගිය රජුන් විසින් හෝ රාජමහාමාත්‍යයන් විසින් හෝ ගම් වැසියන්ගේ ගෙවල්වල නවාතැන් ගත් කල්හි ගෘහවාසීහු ගෙවලින් නික්ම වෙනත් තැනක වසමින් “කවදා නම් යන්නාහුදැයි දුර සිට බලත් ද ඒ ආකාරයට දෙවියෝ තම තමන්ගේ විමානයන් අත්හැර එහෙ මෙහේ හැසිරෙන්නාහු “ස්වාමීන් වහන්සේලා කවදා නම් වඩින්නාහුදැ”යි දුර සිට බලති. පසුව ඔවුහු මෙසේ එක්ව සිතූහ. “පෙර වස් එළඹි භික්ෂූහු ඒකාන්තයෙන් තෙමසක් වසන්නාහ. අපි වනාහී ඒ තාක් බොහෝ කාලයක් දරුවන් රැගෙන විමානයෙන් ඉවත්ව විසීමට නොහැක්කෙමු අපි භික්ෂූන්ට භයජනක අරමුණු දක්වන්නෙමු නම් යෙහෙකි”යි යනුවෙනි. ඔවුහු රාත්‍රියෙහි භික්ෂූන් මහණදම් කරන වේලාවෙහි භය ජනක යක්ෂ රූප මවාගෙන ඉදිරියෙන් ඉදිරියෙන් සිටිති. භයජනක ශබ්ද කරති. එම රූප දැක එම ශබ්ද අසා භික්ෂූන්ගේ හදවත කම්පා විය. සුදුමැලි වී දුර්වර්ණ වූහ. එහෙයින් ඒ භික්ෂූහු සිත එකඟ කර ගැනීමට නොහැකි වුහ. එකඟ නොවූ සිත් ඇති එසේම බිය නිසා නැවත නැවත සංවේගයට පත් ඒ භික්ෂූන්ගේ සිහිය මුළා විය. ඉන්පසු මුළා වූ සිහි ඇති ඒ භික්ෂූන්ට දුඟද අරමුණු යොමු කළහ. ඒ දුගඳින් ඒ භික්ෂූන්ගේ හිස් මොළය පෙළනු ලබන්නාක් මෙන් විය. දැඩි හිසේ වේදනා ඇති විය. එහෙත් ඒ බව ඔවුනොවුන්ට නොදැන්වූහ.
අථෙකදිවසං සඞ්ඝත්ථෙරස්ස උපට්ඨානකාලෙ සබ්බෙසු සන්නිපතිතෙසු සඞ්ඝත්ථෙරො පුච්ඡි “තුම්හාකං, ආවුසො, ඉමං වනසණ්ඩං පවිට්ඨානං කතිපාහං අතිවිය පරිසුද්ධො ඡවිවණ්ණො අහොසි පරියොදාතො, විප්පසන්නානි ච ඉන්ද්රියානි, එතරහි පනත්ථ කිසා දුබ්බණ්ණා උප්පණ්ඩුප්පණ්ඩුකජාතා, කිං වො ඉධ අසප්පාය”න්ති. තතො එකො භික්ඛු ආහ – “අහං, භන්තෙ, රත්තිං ඊදිසඤ්ච ඊදිසඤ්ච භෙරවාරම්මණං පස්සාමි ච සුණාමි ච, ඊදිසඤ්ච ගන්ධං ඝායාමි, තෙන මෙ චිත්තං න සමාධියතී”ති, එතෙනෙව උපායෙන සබ්බෙව තෙ තං පවත්තිං ආරොචෙසුං.
ඉක්බිති එක් දිනක් සංඝස්ථවිරයන් වහන්සේට උපස්ථාන කරන වේලාවෙහි සියල්ලන් රැස් වූ කල්හි සංඝස්ථවිරයෝ මෙසේ විමසූහ. “ඇවැත්නි, මේ වන ලැහැබට පිවිසි නුඹ වහන්සේලාගේ ඡවි වර්ණය දින කීපයක් ඉතාමත් පිරිසිදු විය. ඉන්ද්රියයෝ ප්‍රසන්නයහ. දැන් වනාහී කෘශව දුර්වර්ණ ව සුදුමැලි වූහ. කිම නුඹලාට මෙහි නොගැළපෙයි ද?” ඉන්පසු එක් භික්ෂුවක් මෙසේ කීහ. “ස්වාමීනි, මම රාත්‍රියට මෙබඳු වූ ද මෙබඳු වූ ද භයජනක අරමුණු දකිමි. අසමි. මෙබඳු ගඳ ආඝ්‍රාණය කරමි. එහෙයින් මගේ සිත සමාධිගත නොවේ” යනුවෙනි. මේ ආකාරයට සියල්ලෝම එම පුවත දැන්වූහ.
සඞ්ඝත්ථෙරො ආහ – “භගවතා, ආවුසො, ද්වෙ වස්සූපනායිකා පඤ්ඤත්තා, අම්හාකඤ්ච ඉදං සෙනාසනං අසප්පායං, ආයාමාවුසො, භගවතො සන්තිකං ගන්ත්වා අඤ්ඤං සප්පායසෙනාසනං පුච්ඡාමා”ති. “සාධු, භන්තෙ”ති තෙ භික්ඛූ ථෙරස්ස පටිස්සුණිත්වා සබ්බෙව සෙනාසනං සංසාමෙත්වා පත්තචීවරමාදාය අනුපලිත්තත්තා කුලෙසු කඤ්චි අනාමන්තෙත්වා එව යෙන සාවත්ථි තෙන චාරිකං පක්කමිංසු. අනුපුබ්බෙන සාවත්ථිං ගන්ත්වා භගවතො සන්තිකං ආගමිංසු.
සංඝ ස්ථවිරයන් වහන්සේ මෙසේ කීහ. “ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් වස් එළඹීම් දෙකක් පණවන ලදී. අපට ද මේ සෙනසුන නොගැළපේ. ඇවැත්නි, එවු. භාග්‍යවතුන් වහන්සේ සමීපයට ගොස් වෙනත් ගැළපෙන සෙනසුනක් අසමු” යනුවෙනි. “ස්වාමීනි, යහපතැයි ඒ භික්ෂුහු තෙරුන්ට පිළිතුරු දී සියල්ලෝම සෙනසුන තැන්පත් කොට තබා පා සිවුරු රැගෙන කුලයන්හි නොඇලුණු බැවින් කිසිවෙකුට නොකියාම සැවැත් නුවර බලා චාරිකාවෙහි නික්ම ගියහ. පිළිවෙළින් සැවැත් නුවරට ගොස් භාග්‍යවතුන් වහන්සේ සමීපයට ගියහ.
භගවා තෙ භික්ඛූ දිස්වා එතදවොච – “න, භික්ඛවෙ, අන්තොවස්සං චාරිකා චරිතබ්බාති මයා සික්ඛාපදං පඤ්ඤත්තං, කිස්ස තුම්හෙ චාරිකං චරථා”ති. තෙ භගවතො සබ්බමාරොචෙසුං. භගවා ආවජ්ජෙන්තො සකලජම්බුදීපෙ අන්තමසො චතුපාදපීඨකට්ඨානමත්තම්පි තෙසං සප්පායසෙනාසනං නාද්දස. අථ තෙ භික්ඛූ ආහ – “න, භික්ඛවෙ, තුම්හාකං අඤ්ඤං සප්පායසෙනාසනං අත්ථි, තත්ථෙව තුම්හෙ විහරන්තා ආසවක්ඛයං පාපුණිස්සථ, ගච්ඡථ, භික්ඛවෙ, තමෙව සෙනාසනං උපනිස්සාය විහරථ, සචෙ පන දෙවතාහි අභයං ඉච්ඡථ, ඉමං පරිත්තං උග්ගණ්හථ. එතඤ්හි වො පරිත්තඤ්ච කම්මට්ඨානඤ්ච භවිස්සතී”ති ඉදං සුත්තමභාසි.
භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂූන් දැක මෙසේ වදාළහ. “මහණෙනි, ඇතුල් වස චාරිකාවේ නොහැසිරිය යුතු යයි මා විසින් ශික්ෂා පදයක් පනවන ලදී. කුමක් හෙයින් නුඹලා චාරිකාවේ හැසිරෙවුද? යනුවෙනි. ඔවුහු භාග්‍යවතුන් වහන්සේට සියල්ල පැවසූහ. භාග්‍යවතුන් වහන්සේ සිහි කරන්නාහු සියලු දඹදිව යටත් පිරිසෙන් සතර පා පුටුවක් තබන තැනකුදු ඔවුන්ට ගැළපෙන වෙනත් සෙනසුනක් නොදැක්කාහ. ඉක්බිති ඒ භික්ෂූන්ට මෙසේ වදාළහ. “මහණෙනි, නුඹලාට වෙනත් ගැළපෙන සෙනසුනක් නැත. නුඹලා එහිම වසන්නාහු ආසවක්ෂයට පැමිණෙවු. මහණෙනි, යවු. ඒ සෙනසුනම ඇසුරු කොට වසවු. ඉදින් දෙවියන්ගෙන් අභය කැමති වෙහු නම් මේ පිරිත උගනිවු. මෙය වනාහි නුඹලාට ආරක්ෂාව ද කමටහන ද වන්නේ යයි වදාරා මේ සූත්‍රය දේශනා කළහ.
අපරෙ පනාහු – “ගච්ඡථ, භික්ඛවෙ, තමෙව සෙනාසනං උපනිස්සාය විහරථා”ති ඉදඤ්ච වත්වා භගවා ආහ – “අපිච ඛො ආරඤ්ඤකෙන පරිහරණං ඤාතබ්බං. සෙය්යථිදං – සායං පාතං කරණවසෙන ද්වෙ මෙත්තා ද්වෙ පරිත්තා ද්වෙ අසුභා ද්වෙ මරණස්සතී අට්ඨමහාසංවෙගවත්ථුසමාවජ්ජනඤ්ච, අට්ඨ මහාසංවෙගවත්ථූනි නාම ජාතිජරාබ්යාධිමරණං චත්තාරි අපායදුක්ඛානීති, අථ වා ජාතිජරාබ්යාධිමරණානි චත්තාරි, අපායදුක්ඛං පඤ්චමං, අතීතෙ වට්ටමූලකං දුක්ඛං, අනාගතෙ වට්ටමූලකං දුක්ඛං, පච්චුප්පන්නෙ ආහාරපරියෙට්ඨිමූලකං දුක්ඛ”න්ති. එවං භගවා පරිහරණං ආචික්ඛිත්වා තෙසං භික්ඛූනං මෙත්තත්ථඤ්ච පරිත්තත්ථඤ්ච විපස්සනාපාදකජ්ඣානත්ථඤ්ච ඉදං සුත්තමභාසීති.
සමහරු වනාහී මෙසේ කීහ. “මහණෙනි යවු. ඒ සේනාසනයම ඇසුරු කොට වසවු යයි කියා භාග්‍යවතුන් වහන්සේ මෙයද වදාළහ. “නැවත ආරණ්‍යක භික්ෂුව මේ සූත්‍රය පරිහරණය ද දත යුතුය. ඒ කෙසේද යත්? සවස උදේ කිරීම් වශයෙන් මෛත්‍රී දෙකක් ද පිරිත් දෙකක් ද අසුභ දෙකක් ද මරණ සති දෙකක් ද අෂ්ට මහා සංවේග වස්තූන්ට එළඹීම ද වශයෙනි. අෂ්ට මහා සංවේග වස්තු නම් ජාති, ජරා, ව්‍යාධි, මරණ හා සතර අපාය දුකයි. නැතහොත් ජාති, ජරා, ව්‍යාධි, මරණ යන සතරත් පස්වෙනුව අපාය දුකත්, අතීත සංසාරගත දුකත්, අනාගත සංසාරගත දුකත් වශයෙනි. මෙසේ භාග්‍යවතුන් වහන්සේ පරිහරණය දේශනා කොට ඒ භික්ෂූන්ට මෛත්‍රිය සඳහාත් ආරක්ෂාව සඳහාත් විදර්ශනා පාදක ධ්‍යාන සඳහාත් මේ සූත්‍රය දේශනා කළහ” යනුයි.
එවං විත්ථාරතොපි “යෙන වුත්තං යදා යත්ථ, යස්මා චෙ”ති එතෙසං පදානං දීපනා නිදානසොධනා වෙදිතබ්බා.
මෙසේ විස්තර වශයෙන් ද “යෙන වුත්තං යදා යත්ථ යස්මා චෙ” යන මේ පදයන්ගේ විස්තර කිරීම වන නිදානය පැහැදිලි කිරීම දත යුතුය.
එත්තාවතා ච යා සා “යෙන වුත්තං යදා යත්ථ, යස්මා චෙතෙස දීපනා. නිදානං සොධයිත්වා”ති මාතිකා ඨපිතා, සා සබ්බාකාරෙන විත්ථාරිතා හොති.
මෙපමණකින් යම් ඒ “යෙන වුත්තං යදා යත්ථ යස්මා චෙතෙස දීපනා නිදානං සොධයිත්වා” යයි මාතෘකාවක් තැබුවේ ද එය සියලු ආකාරයෙන් විස්තර කරන ලද්දේ වෙයි.
පඨමගාථාවණ්ණනා
පඨමගාථාවණ්ණනා
ඉදානි “අස්ස කරිස්සාමත්ථවණ්ණන”න්ති වුත්තත්තා එවං කතනිදානසොධනස්ස අස්ස සුත්තස්ස අත්ථවණ්ණනා ආරබ්භතෙ.
දැන් “අස්ස කරිස්සාමි අත්ථවණ්ණනං” යයි කී හෙයින් මෙසේ කළ නිදාන ශෝධනය ඇති මේ සූත්‍රයෙහි අර්ථ වර්ණනාව ආරම්භ කරනු ලැබේ.
තත්ථ කරණීයමත්ථකුසලෙනාති ඉමිස්සා පඨමගාථාය තාව අයං පදවණ්ණනා – කරණීයන්ති කාතබ්බං, කරණාරහන්ති අත්ථො. අත්ථොති පටිපදා, යං වා කිඤ්චි අත්තනො හිතං, තං සබ්බං අරණීයතො අත්ථොති වුච්චති, අරණීයතො නාම උපගන්තබ්බතො. අත්ථෙ කුසලෙන අත්ථකුසලෙන අත්ථඡෙකෙනාති වුත්තං හොති. යන්ති අනියමිතපච්චත්තං. න්ති නියමිතඋපයොගං, උභයම්පි වා යං තන්ති පච්චත්තවචනං. සන්තං පදන්ති උපයොගවචනං, තත්ථ ලක්ඛණතො සන්තං, පත්තබ්බතො පදං, නිබ්බානස්සෙතං අධිවචනං. අභිසමෙච්චාති අභිසමාගන්ත්වා. සක්කොතීති සක්කො, සමත්ථො පටිබලොති වුත්තං හොති. උජූති අජ්ජවයුත්තො. සුට්ඨු උජූති සුහුජු. සුඛං වචො තස්මින්ති සුවචො. අස්සාති භවෙය්ය. මුදූති මද්දවයුත්තො. න අතිමානීති අනතිමානි.
එහි “කරණීය මත්ථකුසලෙන” යන මේ ප්‍රථම ගාථාවේ පළමුකොට මේ පද වර්ණනාවයි: “කරණීයං” යනු කළ යුතුය, කිරීමට සුදුසුය යන අර්ථයයි. “අත්ථ” යනු ප්‍රතිපදාවයි. යම් කිසිවක් තමාට හිතවේද ඒ සියල්ල අරණීය හෙයින් අත්ථ යයි කියනු ලැබේ. “අරණීය හෙයින්” යනු සමීපයට යා යුතු යන අර්ථයයි. අත්ථෙ කුසලෙන - අත්ථකුසලෙන වේ. අර්ථයෙහි දක්ෂයා විසින් යයි කියන ලද්දේ වේ. “යං” යනු අනියමාර්ථයෙහි ප්‍රථම විභක්ති පදයි. “තං” යනු නියමාර්ථයෙහි දුතියා විභක්ති පදයි. නැතහොත් “යන්තං” යන පද දෙකම ගත් විට ප්‍රථමා විභක්ති පදයි. “සන්තං පදං” යනු දුතියා විභක්ති පදයි. එහි ලක්ෂණ වශයෙන් ශාන්ත ද පැමිණිය යුතු හෙයින් පද ද වේ. මෙය නිවනට පර්‍ය්‍යාය පදයකි. “අභිසමෙච්ච” යනු අවබෝධ කොට; හැක්කේනුයි. = “සක්කො” වේ. සමර්ථය, ප්රතිබලය යි කියන ලද්දේ වෙයි. “උජු” යනු සෘජු භාවයෙන් යුත් මැනවින් සෘජු වූයේ “සූජු” වේ. සුව වචන මොහු කෙරෙහි ඇත්තේනුයි “සුවචො” වේ. “අස්ස” යනු වන්නේය; “මුදු” යනු මෘදු භාවයෙන් යුත්; අතිමානී නොවේනුයි = අනතිමානී වේ.
අයං පනෙත්ථ අත්ථවණ්ණනා – කරණීයමත්ථකුසලෙන, යන්තං සන්තං පදං අභිසමෙච්චාති එත්ථ තාව අත්ථි කරණීයං, අත්ථි අකරණීයං. තත්ථ සඞ්ඛෙපතො සික්ඛත්තයං කරණීයං. සීලවිපත්ති, දිට්ඨිවිපත්ති, ආචාරවිපත්ති, ආජීවවිපත්තීති එවමාදි අකරණීයං. තථා අත්ථි අත්ථකුසලො, අත්ථි අනත්ථකුසලො. තත්ථ යො ඉමස්මිං සාසනෙ පබ්බජිත්වා න අත්තානං සම්මා පයොජෙති, ඛණ්ඩසීලො හොති, එකවීසතිවිධං අනෙසනං නිස්සාය ජීවිකං කප්පෙති. සෙය්යථිදං – වෙළුදානං පත්තදානං පුප්ඵදානං ඵලදානං දන්තකට්ඨදානං මුඛොදකදානං සිනානදානං චුණ්ණදානං මත්තිකාදානං චාටුකම්යතං මුග්ගසූප්යතං පාරිභටයතං ජඞ්ඝපෙසනිකං වෙජ්ජකම්මං දූතකම්මං පහිණගමනං පිණ්ඩපටිපිණ්ඩං දානානුප්පදානං වත්ථුවිජ්ජං නක්ඛත්තවිජ්ජං අඞ්ගවිජ්ජන්ති. ඡබ්බිධෙ ච අගොචරෙ චරති. සෙය්යථිදං – වෙසියාගොචරෙ විධවථුල්ලකුමාරිකපණ්ඩකභික්ඛුනීපානාගාරගොචරෙති. සංසට්ඨො ච විහරති රාජූහි රාජමහාමත්තෙහි තිත්ථියෙහි තිත්ථියසාවකෙහි අනනුලොමිකෙන ගිහිසංසග්ගෙන, යානි වා පන තානි කුලානි අස්සද්ධානි අප්පසන්නානි අනොපානභූතානි අක්කොසකපරිභාසකානි අනත්ථකාමානි අහිතඅඵාසුකයොගක්ඛෙමකාමානි භික්ඛූනං…පෙ… උපාසිකානං, තථාරූපානි කුලානි සෙවති භජති පයිරුපාසති. අයං අනත්ථකුසලො.
මේ මෙහි අර්ථ වණනාවයි. “කරණීයං අත්ථකුසලෙන යන්තං සන්තං පදං අභිසමෙච්ච” යන මෙහි පළමු කොට කළ යුතු දේ ඇත. නොකළ යුතු දේ ඇත. එහි කෙටියෙන් ශික්ෂාත්රය කළ යුතු දේ වේ. ශීල විපත්ති, දිට්ඨි විපත්ති, ආචාර විපත්ති, ආජීව විපත්ති යන මේ ආදිය නොකළ යුතු දේය. එසේම “අත්ථ කුසලයෙක් මෙන්ම අනත්ථ කුසලයෙක් ද ඇත. එහි යමෙක් මේ ශාසනයෙහි පැවිදි වී තමා එම පැවිදෙහි මැනවින් නොයෙදෙන්නේ ද කඩ වූ සිල් ඇත්තේ වේ ද එක්විසි වැදෑරුම් අනේසනයන් නිසා ජීවිතය පවත්වයිද, ඒ කවරේද යත්? උණ ගස් දීම නිසා, කොළ දීම, මල් දීම, ගෙඩි දීම, දැහැටි දීම, මුවදෝනා දිය දීම, නෑමට දීම, හුණු දීම, මැටි දීම, ඉච්චා බස් කීමේ කැමැත්ත, සත්‍ය අසත්‍යය මිශ්‍ර කථාව, දරුවන් සුරතල් කිරීම, ලිපි හුවමාරු කිරීම, වෙදකම් කිරීම, දූත කාර්ය්යයේ යෙදීම, පණිවිඩ ගෙන යාම, ගිහියන් සමඟ පිඬු හුවමාරුව, දානයට අනුව දීම, වාස්තු විද්‍යාව, නක්ෂත්ර විද්‍යාව, අංග විද්‍යාව යනුයි. සය වැදෑරුම් අගෝචර ස්ථානවල හැසිරේද කවරේද යත්? වෙසඟනන් සිටින තැන, කණවැන්දුම් ස්ත්‍රීන් සිටින තැන, වැඩිවිය පත් යුවතීන් සිටින තැන, නපුංසකයන් සිටින තැන, භික්ෂූණීන් සිටින තැන, සුරා සැල් තිබෙන තැන යනුයි. රජුන් සමග හෝ රාජමහාමාත්‍යයන් සමග හෝ තීර්ථකයන් සමග හෝ තීර්ථක ශ්‍රාවකයන් සමග හෝ තමාට නොගැළපෙන ගිහියන් සමඟ හෝ සම්බන්ධව වසයි ද භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් පිළිබඳ ශ්‍රද්ධාව නැති, පැහැදීම නැති, පොකුණක් මෙන් නොවන හැම දෙනාගේ කැමැත්ත ඉටු නොකරන ආක්‍රෝස, අපහාස කරන, අනර්ථය කැමති අහිත අපහසුව හා කාමාදී බන්ධනයන්ගෙන් බැඳීම කැමති වන යම් ඒ කුලයෝ වෙත් නම් එබඳු වූ කුලයන් සේවනය කරයි ද භජනය කරයි ද ඇසුරු කරයි ද මේ අනර්ථකුශලයා ය.
යො පන ඉමස්මිං සාසනෙ පබ්බජිත්වා අත්තානං සම්මා පයොජෙති, අනෙසනං පහාය චතුපාරිසුද්ධිසීලෙ පතිට්ඨාතුකාමො සද්ධාසීසෙන පාතිමොක්ඛසංවරං සතිසීසෙන ඉන්ද්රියසංවරං වීරියසීසෙන ආජීවපාරිසුද්ධිං, පඤ්ඤාසීසෙන පච්චයපටිසෙවනං පූරෙති. අයං අත්ථකුසලො.
යමෙක් වනාහී මේ ශාසනයෙහි පැවිදිව එහි තමා මැනවින් යොදවයි ද අනේසනයන් දුරු කොට සිව් පිරිසිදු ශීලයෙහි පිහිටනු කැමතිව ශ්‍රද්ධා ශීර්ෂයෙන් ප්රාතිමෝක්ෂ සංවරයත් සති ශීර්ෂයෙන් ඉන්ද්රිය සංවරයත් වීර්‍ය්‍ය ශීර්ෂයෙන් ආජීව පාරිශුද්ධියත් ප්‍රඥා ශීර්ෂයෙන් ප්‍රත්‍ය ප්රතිසේවනයත් පුරයි ද මේ අර්ථ කුශලයාය.
යො වා සත්තාපත්තික්ඛන්ධසොධනවසෙන පාතිමොක්ඛසංවරං, ඡද්වාරෙ ඝට්ටිතාරම්මණෙසු අභිජ්ඣාදීනං අනුප්පත්තිවසෙන ඉන්ද්රිසංවරං, අනෙසනපරිවජ්ජනවසෙන විඤ්ඤුප්පසත්ථබුද්ධබුද්ධසාවකවණ්ණිතපච්චයපටිසෙවනෙන ච ආජීවපාරිසුද්ධිං, යථාවුත්තපච්චවෙක්ඛණවසෙන පච්චයපටිසෙවනං, චතුඉරියාපථපරිවත්තනෙ සාත්ථකතාදිපච්චවෙක්ඛණවසෙන සම්පජඤ්ඤඤ්ච සොධෙති. අයම්පි අත්ථකුසලො.
නැතහොත් යමෙක් සප්ත ආපත්ති ස්කන්ධ පිරිසිදු කිරීම් වශයෙන් ප්රාතිමෝක්ෂ සංවරයත් දොරටු සයෙහි ගැටෙන අරමුණුවල අභිධ්‍යා ආදිය නුපදවීම් වශයෙන් ඉන්ද්රිය සංවරයත් අනේසයන් දුරු කිරිම් වශයෙන් නුවණැත්තන් විසින් පසස්නා ලද බුද්ධ ශ්‍රාවකයන් විසින් වර්ණනා කරන ලද ආකාරයට සිව්පස පරිභෝග කිරීමෙන් ආජීව පාරිශුද්ධියත් කියන ලද අයුරින් ප්රත්යවේක්ෂා කිරීම් වශයෙන් ප්‍රත්‍යය සේවනයත් සිවු ඉරියව් පැවැත්වීමේ දී සාත්ථකාදීන් (සාත්ථක, සප්පාය, ගොචර, අසම්මොහ) ප්රත්යවේක්ෂා කිරීම් වශයෙන් සම්පජඤ්ඤය ද පිරිසිදු කරයි ද මෙතෙමේ ද අර්ථ කුශලයෙකි.
යො වා යථා ඌසොදකං පටිච්ච සංකිලිට්ඨං වත්ථං පරියොදාපයති, ඡාරිකං පටිච්ච ආදාසො, උක්කාමුඛං පටිච්ච ජාතරූපං, තථා ඤාණං පටිච්ච සීලං වොදායතීති ඤත්වා ඤාණොදකෙන ධොවන්තො සීලං පරියොදාපෙති. යථා ච කිකී සකුණිකා අණ්ඩං, චමරී මිගො වාලධිං, එකපුත්තිකා නාරී පියං එකපුත්තකං, එකනයනො පුරිසො තං එකනයනඤ්ච රක්ඛති, තථා අතිවිය අප්පමත්තො අත්තනො සීලක්ඛන්ධං රක්ඛති, සායං පාතං පච්චවෙක්ඛමානො අණුමත්තම්පි වජ්ජං න පස්සති. අයම්පි අත්ථකුසලො.
නැතහොත් යමෙක් යම්සේ කරමැටි සහිත ජලය හේතු කොට ගෙන කිළිටි වස්ත්‍රයක් සෝදයි ද අළු හේතු කොට ගෙන කණ්ණාඩියක් ගිනි උදුන හේතු කොට ගෙන රත්තරන් ද පිරිසිදු කරයි ද එසේම ඥානය හේතු කොට ගෙන ශීලය පිරිසිදු වේ යයි දැන ඥානය නැමති ජලයෙන් සෝදන්නේ ශීලය පිරිසිදු කරයි ද කිරල් දෙන බිත්තරය ද, සෙමර මුවා වලිගය ද එක් පුතෙකු ඇති ස්ත්‍රිය ප්‍රිය වූ එකම පුතා ද එක් ඇසක් ඇති පුරුෂයා ඒ එකම ඇස ද රකින්නේ යම් සේ ද එසේ අතිශයින් අප්‍රමාදීව තමාගේ ශීලස්කන්ධය රකී ද සවස හා උදෑසන සිහිපත් කරන්නේ ඉතා කුඩා වූ ද වරදක් නොදකියි ද මෙතෙමේ ද අර්ථ කුශලයෙකි.
යො වා පන අවිප්පටිසාරකරෙ සීලෙ පතිට්ඨාය කිලෙසවික්ඛම්භනපටිපදං පග්ගණ්හාති, තං පග්ගණ්හිත්‍වා කසිණපරිකම්මං කරොති, කසිණපරිකම්මං කත්වා සමාපත්තියො නිබ්බත්තෙති. අයම්පි අත්ථකුසලො.
යමෙක් වනාහී, විපිළිසරට පත් නොවන ශීලයක පිහිටා කෙළෙස් යටපත් කරන ප්‍රතිපදාවක් දැඩිව ගනී ද එය දැඩිව ගෙන කසිණ පරිකර්ම කරයි ද කසිණ පරිකර්ම කොට සමාපත්ති උපදවයි ද මෙතෙමේ ද අර්ථ කුශලයෙකි.
යො වා පන සමාපත්තිතො වුට්ඨාය සඞ්ඛාරෙ සම්මසිත්වා අරහත්තං පාපුණාති, අයං අත්ථකුසලානං අග්ගො. තත්ථ යෙ ඉමෙ යාව අවිප්පටිසාරකරෙ සීලෙ පතිට්ඨානෙන යාව වා කිලෙසවික්ඛම්භනපටිපදායපග්ගහණෙන වණ්ණිතා අත්ථකුසලා, තෙ ඉමස්මිං අත්ථෙ අත්ථකුසලාති අධිප්පෙතා. තථා විධා ච තෙ භික්ඛූ. තෙන භගවා තෙ භික්ඛූ සන්ධාය එකපුග්ගලාධිට්ඨානාය දෙසනාය “කරණීයමත්ථකුසලෙනා”ති ආහ.
යමෙක් වනාහී සමාපත්තියෙන් නැගිට සංස්කාරයන් සිහි කොට රහත් ඵලයට පත් වේ ද මෙතෙම අර්ථ කුශලයන් අතර අග්‍ර වේ. එහි මේ විපිළිසරයට පත් නොකරන ශීලයක පිහිටි තැනැත්තා දක්වා හෝ කෙලෙස් යටපත් කරන ප්‍රතිපදාවක් දැඩිව ගත් මාර්ග ඵලයෙන් වර්ණනා කළ යම් අර්ථ කුශලයෙක් වේ ද ඔවුහු මෙම අර්ථයෙහි “අත්ථ කුසලා” යයි අදහස් කරන ලදී. ඒ භික්ෂූහු එබඳු වුවෝ වෙති. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂූන් අරමුණු කොට ඒක පුද්ගලාධිෂ්ඨාන දේශනාවෙන් “කරණීයමත්ථ කුසලෙන” යයි වදාළහ.
තතො “කිං කරණීය”න්ති තෙසං සඤ්ජාතකඞ්ඛානං ආහ “යන්තං සන්තං පදං අභිසමෙච්චා”ති. අයමෙත්ථ අධිප්පායො – තං බුද්ධානුබුද්ධෙහි වණ්ණිතං සන්තං නිබ්බානපදං පටිවෙධවසෙන අභිසමෙච්ච විහරිතුකාමෙන යං කරණීයන්ති. එත්ථ ච යන්ති ඉමස්ස ගාථාපදස්ස ආදිතො වුත්තමෙව කරණීයන්ති අධිකාරතො අනුවත්තති, තං සන්තං පදං අභිසමෙච්චාති. අයං පන යස්මා සාවසෙසපාඨො අත්ථො, තස්මා විහරිතුකාමෙනාති වුත්තන්ති වෙදිතබ්බං.
ඉක්බිති කුමක් කළ යුතුදැයි නොදැන සිටි ඒ භික්ෂූන්ට “යන්තං සන්තං පදං අභිසමෙච්ච” යි වදාළහ. මේ මෙහි අදහසයි. බුද්ධානුබුද්ධයන් වහන්සේලා විසින් වර්ණනා කරන ලද ඒ ශාන්ත නිර්මාණ පදය අවබෝධ කිරීම් වශයෙන් එළඹ වාසය කරනු කැමැත්තා විසින් “යං කරණීයං” (යමක් කළ යුතු ද) යනුයි. මෙහිද “යං” යනු මේ ගාථා පදයෙහි ආරම්භයේ දී කියන ලද්දේමය. “කරණීයං” යනු ඒ ශාන්ත පදයට එළඹ (කරණීයං) යයි අධිකාර වශයෙන් අනුව පවතී. මෙය වනාහී යම් හෙයකින් ඉතිරියක් සහිත පාඨයක් වූයේ ද එහෙයින් එහි අර්ථය “එසේ වාසය කරනු කැමැත්තහු විසින්” යයි කියන ලද බව දත යුතුය.
අථ වා සන්තං පදං අභිසමෙච්චාති අනුස්සවාදිවසෙන ලොකියපඤ්ඤාය නිබ්බානපදං “සන්ත”න්ති ඤත්වා තං අධිගන්තුකාමෙන යන්තං කරණීයන්ති අධිකාරතො අනුවත්තති, තං කරණීයමත්ථකුසලෙනාති එවම්පෙත්ථ අධිප්පායො වෙදිතබ්බො. අථ වා “කරණීයමත්ථකුසලෙනා”ති වුත්තෙ “කි”න්ති චින්තෙන්තානං ආහ “යන්තං සන්තං පදං අභිසමෙච්චා”ති. තස්සෙවං අධිප්පායො වෙදිතබ්බො – ලොකියපඤ්ඤාය සන්තං පදං අභිසමෙච්ච යං කරණීයං කාතබ්බං, තං කරණීයං, කරණාරහමෙව තන්ති වුත්තං හොති.
නැතහොත් “සන්තං පදං අභිසමෙච්ච” යනු අනුශ්රවාදි වශයෙන් (අනුන්ගෙන් ඇසීම් වශයෙන්) ලෞකික ප්‍රඥාවෙන් නිර්වාණ පදය ශාන්ත යයි දැන එය අවබෝධ කර ගැනීමට කැමති තැනැත්තා විසින් “යමක් කළ යුතු ද එය” යයි සම්බන්ධතාව වේ. අර්ථ කුශලයා විසින් එය කළ යුතුය යනුවෙන් මෙසේද එහි අදහස දත යුතුය. නැතහොත් “කරණිය මත්ථ කුසලෙන” (අර්ථ කුශලයා විසින් කළ යුතුය) යයි කී කල්හි කුමක් කළ යුතුදැයි සිතන්නන්ට “යන්තං සන්තං පදං අභිසමෙච්ච” යයි වදාළහ. එහි අදහස මෙසේ දත යුතුය. ලෞකික ප්‍රඥාවෙන් ශාන්ත වූ නිර්මාණ පදයට එළඹ “යං කරණීයං තං” යනු යමක් කළ යුතු ද එය කළ යුතුය. එය කිරීමට සුදුසුමය යයි කියන ලද්දේ වෙයි.
කිං පන තන්ති? කිමඤ්ඤං සියා අඤ්ඤත්ර තදධිගමුපායතො, කාමඤ්චෙතං කරණාරහට්ඨෙන සික්ඛත්තයදීපකෙන ආදිපදෙනෙව වුත්තං. තථා හි තස්ස අත්ථවණ්ණනායං අවොචුම්හා “අත්ථි කරණීයං, අත්ථි අකරණීයං. තත්ථ සඞ්ඛෙපතො සික්ඛත්තයං කරණීය”න්ති. අතිසඞ්ඛෙපෙන දෙසිතත්තා පන තෙසං භික්ඛූනං කෙහිචි විඤ්ඤාතං, කෙහිචි න විඤ්ඤාතං. තතො යෙහි න විඤ්ඤාතං, තෙසං විඤ්ඤාපනත්ථං යං විසෙසතො ආරඤ්ඤකෙන භික්ඛුනා කාතබ්බං, තං විත්ථාරෙන්තො “සක්කො උජූ ච සුහුජූ ච, සුවචො චස්ස මුදු අනතිමානී”ති ඉමං තාව උපඩ්ඪගාථමාහ.
එය යනු කුමක්ද? ඒ නිවන අවබෝධ කර ගැනීමේ උපායයෙන් අන්‍ය වූ වෙනත් ක්‍රමයක් වේද? ඒකාන්තයෙන්ම මෙය කිරීමට සුදුසු බැවින් ශික්ෂාත්රය පැහැදිලි කිරීමේ දී මුල් පදයෙන්ම කියන ලදී. එසේම මෙහි අර්ථ වර්ණනාවේ දී කළ යුතු දේ ඇත. නොකළ යුතු දේ ඇතැයි කීවෙමු. එහි කෙටියෙන් ශික්ෂාත්රය, කළ යුතු දේ යයි ඉතාමත් කෙටියෙන් දේශනා කළ බැවින් ඒ භික්ෂූන්ගෙන් සමහරු එය තේරුම් ගත්හ. සමහරු තේරුම් නොගත්හ. යමෙකු විසින් තේරුම් නොගන්නා ලද ද ඔවුන්ගේ දැන ගැනීම සඳහා විශේෂයෙන් ආරණ්‍යක භික්ෂූන් විසින් යමක් කළ යුතු ද එය විස්තර කිරීම සඳහා “සක්කො උජූච සූජූච සුවචො චස්ස මුදු අනතිමානි” යන ගාථා අර්ධය වදාළහ.
කිං වුත්තං හොති? සන්තං පදං අභිසමෙච්ච විහරිතුකාමො, ලොකියපඤ්ඤාය වා තං අභිසමෙච්ච තදධිගමාය පටිපජ්ජමානො ආරඤ්ඤකො භික්ඛු දුතියචතුත්ථපධානියඞ්ගසමන්නාගමෙන කායෙ ච ජීවිතෙ ච අනපෙක්ඛො හුත්වා සච්චප්පටිවෙධාය පටිපජ්ජිතුං සක්කො අස්ස, තථා කසිණපරිකම්මවත්තසමාදානාදීසු අත්තනො පත්තචීවරප්පටිසඞ්ඛරණාදීසු ච යානි තානි සබ්රහ්මචාරීනං උච්චාවචානි කිං කරණීයානි, තෙසු අඤ්ඤෙසු ච එවරූපෙසු සක්කො අස්ස දක්ඛො අනලසො සමත්ථො. සක්කො හොන්තොපි ච තතියපධානියඞ්ගසමන්නාගමෙන උජු අස්ස. උජු හොන්තොපි ච සකිං උජුභාවෙන දහරකාලෙ වා උජුභාවෙන සන්තොසං අනාපජ්ජිත්වා යාවජීවං පුනප්පුනං අසිථිලකරණෙන සුට්ඨුතරං උජු අස්ස. අසඨතාය වා උජු, අමායාවිතාය සුහුජු. කායවචීවඞ්කප්පහානෙන වා උජු, මනොවඞ්කප්පහානෙන සුහුජු. අසන්තගුණස්ස වා අනාවිකරණෙන උජු, අසන්තගුණෙන උප්පන්නස්ස ලාභස්ස අනධිවාසනෙන සුහුජු. එවං ආරම්මණලක්ඛණූපනිජ්ඣානෙහි පුරිමද්වයතතියසික්ඛාහි පයොගාසයසුද්ධීහි ච උජු ච සුහුජු ච අස්ස.
එයින් කුමක් කියන ලද්දේ වෙයිද? ශාන්ත පදයට එළඹ වාසය කරනු කැමැති නැතහොත් ලෞකික ප්‍රඥාවෙන් එයට එළඹ එය අවබෝධ කර ගැනීම සඳහා පිළිපදිනු ලබන ආරණ්‍යක භික්ෂුව දෙවෙනි හා සතරවෙනි පධානාංගයන්ගෙන් සමන්විතව කයෙහි හා ජීවිතයෙහි අපේක්ෂා රහිතයෙක් වී සත්‍යය අවබෝධ කර ගැනීම පිණිස පිළිපැදීමට “සක්කො” හැකි කෙනෙක් වන්නේය. එසේම කසිණ පරිකර්ම හා වත් සමාදන් වීම් ආදියෙහි ද තමාගේ පා සිවුරු නැවත පිළියෙල කර ගැනීම් ආදියෙහි ද යම් සබ්‍රහ්මචාරීන්ගේ ලොකු කුඩා යහපත් කටයුතු වේ ද ඒවායේ ද වෙනත් මෙබඳු කාර්‍ය්‍යයන්හි ද හැක්කෙක් දක්ෂයෙක් අනලස් පුද්ගලයෙක් සමර්ථයෙක් වන්නේය. හැක්කෙකු වන අතරම තුන්වන ප්රධානියංගයෙන් යුක්ත වීමෙන් “උජු” සෘජු වන්නේ ය. සෘජු වන්නේ ද වරක් සෘජු වීමෙන් සතුටට පත් නොවී දිවි ඇති තෙක් නැවත නැවත ලිහිල් නොකරමින් මැනවින් සෘජු වන්නේ ය. නැතහොත් කපටි නොවීමෙන් උජු වේ. මායාවෙන් තොර වීමෙන් සූජු වේ. නැතහොත් කායික හා වාචසික වැරදි දුරු කිරීමෙන් උජු වේ. මානසික වැරදි දුරුකිරීමෙන් සූජු වේ. නැතහොත් තමා ළඟ නොමැති ගුණ ප්‍රකාශ නොකිරීමෙන් උජු වේ. නැති ගුණයෙන් උපන් ලාභ නොඉවසීමෙන් සූජු වේ. මෙසේ ආරම්මණ ලක්ඛණ උපනිජඣානයන්ගෙන්ද පළමු දෙවන හා තුන්වන ශික්ෂාවන්ගෙන් ද පයෝග හා ආසය ශුද්ධියෙන් ද උජු ද සූජු ද වන්නේය.
න කෙවලඤ්ච උජු ච සුහුජු ච, අපිච පන සුවචො ච අස්ස. යො හි පුග්ගලො “ඉදං න කත්තබ්බ”න්ති වුත්තො “කිං තෙ දිට්ඨං, කිං තෙ සුතං, කො මෙ සුත්වා වදසි, කිං උපජ්ඣායො ආචරියො සන්දිට්ඨො සම්භත්තො වා”ති වදෙති, තුණ්හීභාවෙන වා තං විහෙසෙති, සම්පටිච්ඡිත්වා වා න තථා කරොති, සො විසෙසාධිගමස්ස දූරෙ හොති. යො පන ඔවදියමානො “සාධු, භන්තෙ සුට්ඨු වුත්තං, අත්තනො වජ්ජං නාම දුද්දසං හොති, පුනපි මං එවරූපං දිස්වා වදෙය්යාථ අනුකම්පං උපාදාය, චිරස්සං මෙ තුම්හාකං සන්තිකා ඔවාදො ලද්ධො”ති වදති, යථානුසිට්ඨඤ්ච පටිපජ්ජති, සො විසෙසාධිගමස්ස අවිදූරෙ හොති. තස්මා එවං පරස්ස වචනං සම්පටිච්ඡිත්වා කරොන්තො සුවචො ච අස්ස.
හුදෙක් උජු ද සූජු ද වීම ප්‍රමාණවත් නොවේ. නැවත වනාහී “සුවචො චස්ස” සුවචයෙක් ද වන්නේය. යම්කිසි පුද්ගලයෙක් වනාහී මෙය නොකළ යුතුයයි කියන ලද්දේ “කිම නුඹ විසින් දකින ලද්දේ ද? කිම නුඹ විසින් අසන ලදේ ද? මාගේ කවුරුන් වී මෙසේ කියන්නෙහිද? කිම (මාගේ) උපාධ්යායද? ආචාර්ය්යද? දුටු මිතුරෙක් ද? භක්තිමත් මිත්රයෙක්දැයි කියයි. නිශ්ශබ්දව සිටීමෙන් හෝ වෙහෙසට පත් කරයි. නැතහොත් පිළිගෙන එසේ නොපිළිපදී. හෙතෙම විශේෂ අධිගමයන්ගෙන් දුරස්ථය. යමෙක් වනාහී අවවාද දෙන විට “ස්වාමීනි මැනවි, යහපත් දෙයක් කියන ලදී. තමාගේ වරද වනාහී දැකීම දුෂ්කරය. නැවත මෙබඳු වරදක් දැක (මා කෙරෙහි) අනුකම්පා උපදවා කියනු මැනව. මා විසින් නුඹ වහන්සේගේ සමීපයෙන් අවවාද ලැබුවේ බොහෝ කලකිනි” යි කියයි ද අනුශාසනා කළ අයුරින් පිළිපදී ද හෙතෙම විශේෂ අධිගමයන්ගේ නුදුරෙහි වේ. එහෙයින් මෙසේ අනුන්ගේ වචන පිළිගෙන පිළිපදින්නා සුවචයෙක් වන්නේය.
යථා ච සුවචො, එවං මුදු අස්ස. මුදූති ගහට්ඨෙහි දූතගමනපහිණගමනාදීසු නියුජ්ජමානො තත්ථ මුදුභාවං අකත්වා ථද්ධො හුත්වා වත්තපටිපත්තියං සකලබ්රහ්මචරියෙ ච මුදු අස්ස සුපරිකම්මකතසුවණ්ණං විය තත්ථ තත්ථ විනියොගක්ඛමො. අථ වා මුදූති අභාකුටිකො උත්තානමුඛො සුඛසම්භාසො පටිසන්ථාරවුත්ති සුතිත්ථං විය සුඛාවගාහො අස්ස. න කෙවලඤ්ච මුදු, අපිච පන අනතිමානී අස්ස, ජාතිගොත්තාදීහි අතිමානවත්ථූහි පරෙ නාතිමඤ්ඤෙය්ය, සාරිපුත්තත්ථෙරො විය චණ්ඩාලකුමාරකසමෙන චෙතසා විහරෙය්යාති.
යම්සේ සුවචයෙක් වේ ද එසේම මෘදු පුද්ගලයෙක් වේ. ‘මුදු’ යනු ගිහියන් විසින් දූත ගමන් හා පණිවිඩ ගමන් සඳහා යොදවනු ලබන්නේ එහි මෘදු බවක් නොකොට තද පුද්ගලයෙක් වී වත් පිළිවෙත්වල ද සියලු බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි ද මෘදු වන්නේ ය. මැනවින් පිරියම් කළ රන් කැබැල්ලක් මෙන් ඒ ඒ තන්හි යෙදවීමට හැකි පුද්ගලයෙක් වේ. නැතහොත් ‘මුදු’ යනු බැම හකුළුවන ස්වභාව නැත්තේ උඩුකුරු කළ මුව ඇත්තේ සුවදායක කථා බස් ඇත්තේ පිළිසඳර කථා ඇත්තේ මනා තොටක් මෙන් මැනවින් බැස ගත හැකි තැනැත්තෙක් වන්නේය. හුදෙක් මෘදු පුද්ගලයෙක් පමණක් නොවන්නේය. තවද “අනතිමානි” නිහතමානී වන්නේය. ජාති ගෝත්‍ර ආදී අධික මානය සඳහා හේතු වන කාරණයන්ගෙන් අනුන් ඉක්මවා නොසිතන්නේය. සැරියුත් තෙරුන් මෙන් සැඬොල් දරුවෙකුට සමාන සිතින් යුතුව වසනේනේය යනුයි.
දුතියගාථාවණ්ණනා
දුතියගාථාවණ්ණනා
එවං භගවා සන්තං පදං අභිසමෙච්ච විහරිතුකාමස්ස තදධිගමාය වා පටිපජ්ජමානස්ස විසෙසතො ආරඤ්ඤකස්ස භික්ඛුනො එකච්චං කරණීයං වත්වා පුන තතුත්තරිපි වත්තුකාමො “සන්තුස්සකො චා”ති දුතියගාථමාහ.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ ශාන්ත පදයට එළඹ වාසය කිරීමට කැමති තැනැත්තාට හෝ එය අවබෝධ කර ගැනීම සඳහා පිළිපදිනු කැමැත්තාට විශේෂයෙන් ආරණ්‍යක භික්ෂුවට කිරීමට සුදුසු සමහරක් දේශනා කොට නැවත තව දුරටත් දේශනා කරනු කැමැත්තේ “සන්තුස්සකො” යනාදී දෙවන ගාථාව වදාළහ.
තත්ථ “සන්තුට්ඨී ච කතඤ්ඤුතා”ති එත්ථ වුත්තප්පභෙදෙන ද්වාදසවිධෙන සන්තොසෙන සන්තුස්සතීති සන්තුස්සකො. අථ වා තුස්සතීති තුස්සකො, සකෙන තුස්සකො, සන්තෙන තුස්සකො, සමෙන තුස්සකොති සන්තුස්සකො. තත්ථ සකං නාම “පිණ්ඩියාලොපභොජනං නිස්සායා”ති එවං උපසම්පදමණ්ඩලෙ උද්දිට්ඨං අත්තනා ච සම්පටිච්ඡිතං චතුපච්චයජාතං, තෙන සුන්දරෙන වා අසුන්දරෙන වා සක්කච්චං වා අසක්කච්චං වා දින්නෙන පටිග්ගහණකාලෙ පරිභොගකාලෙ ච විකාරං අදස්සෙත්වා යාපෙන්තො “සකෙන තුස්සකො”ති වුච්චති. සන්තං නාම යං ලද්ධං හොති අත්තනො ‘විජ්ජමානං, තෙන සන්තෙනෙව තුස්සන්තො තතො පරං න පත්ථෙන්තො අත්රිච්ඡතං පජහන්තො “සන්තෙන තුස්සකො”ති වුච්චති. සමං නාම ඉට්ඨානිට්ඨෙසු අනුනයපටිඝප්පහානං, තෙන සමෙන සබ්බාරම්මණෙසු තුස්සන්තො “සමෙන තුස්සකො”ති වුච්චති.
එහි “සන්තුට්ඨි ච කතඤ්ඤුතා” යනුවෙන් වදාළ ආකාරයට දොළොස් වැදෑරුම් සන්තෝෂයෙන් සතුටු වන්නේනුයි “සන්තුස්සකො” වේ. නැතහොත් සතුටුවේනුයි - තුස්සක වේ. ස්වකීය දෙයින් සතුටු වේනුයි. තමාට අයත් දෙයින් සතුටු වේනුයි, සමව සතුටු වේනුයි “සන්තුස්සක” වේ එහි “සක” නම් “පිණ්ඩියා ලොප භොජනං නිස්සාය” ආදී වශයෙන් උපසම්පදා මණ්ඩපයෙහි උදෙසන ලද තමා විසින් ද පිළිගන්නා ලද සිව්පස පිළිබඳ හටගත් දෙයයි. සුන්දර වූ හෝ අසුන්දර වූ හෝ සකසා දුන් හෝ නොසකසා දුන් දෙයින් එය පිළිගන්නා කල්හි හෝ පරිභෝග කරන කල්හි හෝ වෙනසක් නොදක්වා යැපෙන්නේ “ස්වකීය දෙයින් සතුටු වන්නා” යයි කියනු ලැබේ. “සන්තක” නම් තමාට ලැබුණු, තමා ළඟ ඇති යමක් වේ ද එයයි. තමා සතු එයින්ම සතුටු වන්නේ එයින් වැඩි යමක් නොපතන්නේ අධිකාශා ඇති බව දුරු කරන්නේ “සන්තක දෙයින් සතුටු වන්නා” යයි කියනු ලැබේ. “සම” නම් ඉටු අනිටු දෙයෙහි ඇලීම් ගැටීම් දුරු කිරීමයි. එයින් සමව සියලු අරමුණුවල සතුටු වන්නේ “සමව සතුටු වන්නා” යයි කියනු ලැබේ.
සුඛෙන භරීයතීති සුභරො, සුපොසොති වුත්තං හොති. යො හි භික්ඛු මනුස්සෙහි සාලිමංසොදනාදීනං පත්තෙ පූරෙත්වා දින්නෙපි දුම්මුඛභාවං අනත්තමනභාවමෙව ච දස්සෙති, තෙසං වා සම්මුඛාව තං පිණ්ඩපාතං “කිං තුම්හෙහි දින්න”න්ති අපසාදෙන්තො සාමණෙරගහට්ඨාදීනං දෙති, එස දුබ්භරො. එතං දිස්වා මනුස්සා දූරතොව පරිවජ්ජෙන්ති “දුබ්භරො භික්ඛු න සක්කා පොසෙතු”න්ති.
සුවසේ පෝෂණය කෙරේනුයි - “සුභරො” වේ. පෝෂණය කිරීමට පහසු යයි කියන ලද්දේ වේ. යම් භික්ෂුවක් වනාහී ඇල්හාල් මස් සහිත බත් ආදියෙන් පාත්‍රය පුරවා දුන් කල්හි ද දුර්මුඛ භාවයක් නොසතුටු බවක්ම දක්වන්නේ ද ඔවුන්ගේ ඉදිරියේදී ම ඒ පිණ්ඩපාතය “නුඹලා විසින් මේ දුන්නේ මොනවාදැයි අප්‍රසාදය පළ කරන්නේ සාමණේර ගිහි ආදින්ට ඒවා දෙයි ද හෙතෙම දූභරයෙකි. එවැන්නකු දැක මිනිස්සු “මේ භික්ෂුව දුභරයෙකි. පෝෂණය කිරීමට නොහැකිය” කියා දුරදීම දුරු කරති.
යො පන යං කිඤ්චි ලූඛං වා පණීතං වා අප්පං වා බහුං වා ලභිත්වා අත්තමනො විප්පසන්නමුඛො හුත්වා යාපෙති, එස සුභරො. එතං දිස්වා මනුස්සා අතිවිය විස්සත්ථා හොන්ති, “අම්හාකං භදන්තො සුභරො, ථොකථොකෙනාපි තුස්සති, මයමෙව නං පොසෙස්සාමා”ති පටිඤ්ඤං කත්වා පොසෙන්ති. එවරූපො ඉධ සුභරොති අධිප්පෙතො.
යම් භික්ෂුවක් වනාහි යම්කිසි අමිහිරි හෝ මිහිරි හෝ ස්වල්ප හෝ බොහෝ හෝ යමක් ලැබ සතුටු සිත් ඇත්තේ ප්‍රසන්න මුහුණ ඇත්තෙක්ව යන්නේ ද මෙතෙම සුභරයෙකි. එවැන්නකු දැක මිනිස්සු අතිශයින් විශ්වාසවන්ත වෙති. “අපගේ ස්වාමීන් වහන්සේ සුභරය, ස්වල්ප දෙයින් පවා සතුටු වෙති. අපිම උන්වහන්සේ පෝෂණය කරමු” යි ප්‍රතිඥා දී පෝෂණය කරති. එබඳු තැනැත්තා මෙහි සුභර යන්නෙන් අදහස් කරන ලදී.
අප්පං කිච්චමස්සාති අප්පකිච්චො, න කම්මාරාමතාභස්සාරාමතාසඞ්ගණිකාරාමතාදිඅනෙකකිච්චබ්යාවටො, අථ වා සකලවිහාරෙ නවකම්මසඞ්ඝපරිභොගසාමණෙරආරාමිකවොසාසනාදිකිච්චවිරහිතො, අත්තනො කෙසනඛච්ඡෙදනපත්තචීවරකම්මාදිං කත්වා සමණධම්මකිච්චපරො හොතීති වුත්තං හොති.
ස්වල්ප වූ කෘත්‍ය ඇත්තේනුයි - “අප්පකිච්ව” වේ. කම්මාරාමතා (විවිධ කර්මාන්තයන්හි ඇලීම) භස්සාරාමතා (කථාවෙහි ඇලීම) සඞ්ගනිකාරාමතා (රංචු ගැසීමෙහි ඇලීම) ආදී විවිධ කාර්‍ය්‍යයන්හි ව්‍යාවෘත වූයේ වේ ද නැතහොත් සියලු විහාරයෙහි නව කර්ම, සංඝ, භෝග, සාමණේර, ආරාමික, වොසාසන ආදී කටයුතුවලින් තොර වූයේ තමාගේ කෙස්, නිය සිදීම, පා සිවුරු පිළියම් කිරීම් ආදී කොට මහණ කමට අයත් කටයුතුවල නිරත වූයේ යයි කියන ලද්දේ වෙයි.
සල්ලහුකා වුත්ති අස්සාති සල්ලහුකවුත්ති. යථා එකච්චො බහුභණ්ඩො භික්ඛු දිසාපක්කමනකාලෙ බහුං පත්තචීවරපච්චත්ථරණතෙලගුළාදිං මහාජනෙන සීසභාරකටිභාරාදීහි උබ්බහාපෙත්වා පක්කමති, එවං අහුත්වා යො අප්පපරික්ඛාරො හොති, පත්තචීවරාදිඅට්ඨසමණපරික්ඛාරමත්තමෙව පරිහරති, දිසාපක්කමනකාලෙ පක්ඛී සකුණො විය සමාදායෙව පක්කමති, එවරූපො ඉධ සල්ලහුකවුත්තීති අධිප්පෙතො. සන්තානි ඉන්ද්රියානි අස්සාති සන්තින්ද්රියො, ඉට්ඨාරම්මණාදීසු රාගාදිවසෙන අනුද්ධතින්ද්රියොති වුත්තං හොති. නිපකොති විඤ්ඤූ විභාවී පඤ්ඤවා, සීලානුරක්ඛණපඤ්ඤාය චීවරාදිවිචාරණපඤ්ඤාය ආවාසාදිසත්තසප්පායපරිජානනපඤ්ඤාය ච සමන්නාගතොති අධිප්පායො.
මොහුට සැහැල්ලු පැවතුම් ඇත්තේනුයි - “සල්ලහුකවුත්ති” වේ. යම් සේ ඇතැම් බහු භාණ්ඩික භික්ෂුවක් දිශාවන්ට පිටත් ව යන කල්හි බොහෝ පා සිවුරු ඇතිරිලි තෙල් ගුලා ආදිය මහජනයා ලවා විසින් හා කරින් ඔසවාගෙන පිටත්ව යයි ද එවැන්නෙකු නොවී යම් භික්ෂුවක් ස්වල්ප පිරිකර ඇත්තේ වේ ද පා සිවුරු ආදී ශ්‍රමණ පරිස්කාර අට පමණක්ම පරිහරණය කරයි ද දිශාවන්ට පිටත්ව යන කල්හි කුරුල්ලෙකු (පියාපත් බර පමණක් රැගෙන යන්නාක්) මෙන් අට පිරිකර පමණක් රැගෙන පිටත්ව යයි ද එබඳු භික්ෂුවක් මෙහි “සල්ලහුකවුත්ති” යයි අදහස් කරන ලදී. මොහුට ශාන්ත ඉඳුරන් ඇත්තේනුයි - “සන්තින්ද්රියො” වේ. කැමති අරමුණු වල රාගාදී වශයෙන් නොබැඳුණ ඉඳුරන් ඇත්තේ යයි කියන ලද්දේ වෙයි. “නිපකො” යනු පණ්ඩිත, ඥානවන්ත, ප්‍රඥාවන්ත පුද්ගලයාය. ශීලය ආරක්ෂ කිරීම පිළිබඳ නුවණින් ද චීවරාදිය විමසීම පිළිබඳ නුවණින් ද ආවාස ආදී සප්ත සප්පායන් මැනවින් දැන ගැනීමේ නුවණින් ද යුක්ත වුයේ ය යන අදහසයි.
න පගබ්භොති අප්පගබ්භො, අට්ඨට්ඨානෙන කායපාගබ්භියෙන චතුට්ඨානෙන වචීපාගබ්භියෙන අනෙකෙන ඨානෙන මනොපාගබ්භියෙන ච විරහිතොති අත්ථො.
ප්රගල්භ (ගරු සරු නැති බව, සාහසික) නොවූයේ “අප්පගබ්භ” වේ. අට තැනෙක්හි කාය ප්‍රගල්භයෙන් ද සතර තැනක් හි වචී ප්‍රගල්භයෙන් ද නොයෙක් තැන්හි මනෝ ප්‍රගල්භයෙන් ද තොර වූයේ යන අර්ථයයි.
අට්ඨට්ඨානං කායපාගබ්භියං (මහානි· 87) නාම සඞ්ඝගණපුග්ගලභොජනසාලාජන්තාඝරන්හානතිත්ථභික්ඛාචාරමග්ගඅන්තරඝරප්පවෙසනෙසු කායෙන අප්පතිරූපකරණං. සෙය්යථිදං – ඉධෙකච්චො සඞ්ඝමජ්ඣෙ පල්ලත්ථිකාය වා නිසීදති පාදෙ පාදමොදහිත්වා වාති එවමාදි. තථා ගණමජ්ඣෙ චතුපරිසසන්නිපාතෙ, තථා වුඩ්ඪතරෙ පුග්ගලෙ. භොජනසාලායං පන වුඩ්ඪානං ආසනං න දෙති, නවානං ආසනං පටිබාහති. තථා ජන්තාඝරෙ, වුඩ්ඪෙ චෙත්ථ අනාපුච්ඡා අග්ගිජාලනාදීනි කරොති. න්හානතිත්ථෙ ච යදිදං “දහරො වුඩ්ඪොති පමාණං අකත්වා ආගතපටිපාටියා න්හායිතබ්බ”න්ති වුත්තං, තම්පි අනාදියන්තො පච්ඡා ආගන්ත්වා උදකං ඔතරිත්වා වුඩ්ඪෙ ච නවෙ ච බාධෙති. භික්ඛාචාරමග්ගෙ පන අග්ගාසනඅග්ගොදකඅග්ගපිණ්ඩත්ථං වුඩ්ඪානං පුරතො පුරතො යාති, බාහාය බාහං පහරන්තො. අන්තරඝරප්පවෙසනෙ වුඩ්ඪානං පඨමතරං පවිසති, දහරෙහි කායකීළනං කරොතීති එවමාදි.
අට තැනෙක්හි කාය ප්රගල්භ වීම නම් : සංඝ, ගණ, පුද්ගල, භෝජන ශාලා, ජන්තාඝර (ගිනිහල් ගෙය), නාන තොට, පිඬුසිඟා යන මග, ඇතුල් ගෙට පිවිසීම යන ස්ථානයන්හි කයින් නුසුදුසු දේ කිරීමයි. ඒ කෙසේද යත්? මේ ශාසනයෙහි සමහරක් සංඝයා මැද පාදය මත අනෙක් පය තබා දෙ අත් බැඳගෙන හිඳිති. මේ ආදී වශයෙනි. ගණයා මැද ද එසේමය. “ගණමජ්ඣෙ” යනු සිවු පිරිස රැස් වූ තැනයි. වැඩිහිටි පුද්ගලයන් අතර ද එසේය. භෝජන ශාලාවෙහි වනාහී වැඩිහිටියන්ට ආසන නොදෙයි. නවකයන්ගේ ආසන වළක්වයි. ජන්තාඝරයෙහි ද එසේය. වැඩිහිටියන්ගෙන් නොවිමසා ගිනි දැල්වීම් ආදිය කරයි. නාන තොටේදී ද බාලයාය. වැඩිහිටියාය යනුවෙන් ප්‍රමාණ නොකොට පැමිණි පිළිවෙළින් නෑම කළ යුතු යයි කියන ලදී. එයද නොසළකන්නේ පසුව පැමිණ ජලයට බැස වැඩිහිටියන්ට ද බාලයන්ට ද බාධා කරයි. පිඬු සිඟා යන මාර්ගයේ දී වනාහී මුල් අසුන්, මුල් පැන්, මුල් පිඬු බලාපොරොත්තුවෙන් වැඩිහිටියන්ට පෙරටුව පෙරටුව අතින් අත ගටමින් යයි. ඇතුගෙට පිවිසීමේ දී වැඩිහිටියන්ට පෙරටුව පිවිසෙයි ද බාලයන් සමග කයින් කෙළිකවටකම් කරයි ද යන මේ ආදියයි.
චතුට්ඨානං වචීපාගබ්භියං (මහානි· 87) නාම සඞ්ඝගණපුග්ගලඅන්තරඝරෙසු අප්පතිරූපවාචානිච්ඡාරණං. සෙය්යථිදං – ඉධෙකච්චො සඞ්ඝමජ්ඣෙ අනාපුච්ඡා ධම්මං භාසති, තථා පුබ්බෙ වුත්තප්පකාරෙ ගණෙ වුඩ්ඪතරෙ පුග්ගලෙ ච, තත්ථ මනුස්සෙහි පඤ්හං පුට්ඨො වුඩ්ඪතරං අනාපුච්ඡා විස්සජ්ජෙති, අන්තරඝරෙ පන “ඉත්ථන්නාමෙ කිං අත්ථි, කිං යාගු උදාහු ඛාදනීයං වා භොජනීයං වා, කිං මෙ දස්සසි, කිං අජ්ජ ඛාදිස්සාමි, කිං භුඤ්ජිස්සාමි, කිං පිවිස්සාමී”ති එවමාදිං භාසති.
සතර තැනෙක්හි වාක් ප්රගල්භ වීම නම් : සංඝ, ගණ, පුද්ගල, අන්තරඝර යන තැන්හි නුසුදුසු වචන කථා කිරීමයි. ඒ කෙසේ ද යත්? මේ ශාසනයෙහි සමහරෙක් සංඝයා මැද (වැඩිහිටියන්ගෙන්) නොවිමසා බණ කියති. එසේම පෙර කියන ලද ආකාරයට ගණයා අතර ද වැඩිහිටියන් අතර ද පුද්ගලයන් අතර ද එසේ කරති. එහිදී මිනිසුන් විසින් ප්‍රශ්නයක් විමසන ලද්දේ වැඩිහිටියන් නොවිමසා විසඳති. ඇතුල් ගෙයි දී වනාහී “අසවල් නම් ඇති තැනැත්ත, කුමක් ඇත්තේද? කිම කැඳ තිබේද? නැතිනම් කවර නම් කෑ යුතු දේ තිබේද? කවර නම් බුදිය යුතු දේ තිබේද? කවරක් මට දෙන්නේ ද? මම අද කුමක් කන්නෙම් ද? කුමක් බුදින්නෙම් ද? කුමක් බොන්නෙම් ද? යනුවෙන් මේ ආදිය කියයි.
අනෙකට්ඨානං මනොපාගබ්භියං (මහානි· 87) නාම තෙසු තෙසු ඨානෙසු කායවාචාහි අජ්ඣාචාරං අනාපජ්ජිත්වාපි මනසා එව කාමවිතක්කාදිනානප්පකාරං අප්පතිරූපවිතක්කනං.
නොයෙක් තන්හි මනෝ ප්‍රගල්භයෙන් යුක්ත වීම නම් : ඒ ඒ තන්හි කාය වාග් දෙකෙන් වැරදි නොකොට මනසින්ම කාම විතර්ක ආදී නොයෙක් ආකාරයේ නුසුදුසු දේ සිතීමයි.
කුලෙස්වනනුගිද්ධොති යානි තානි කුලානි උපසඞ්කමති, තෙසු පච්චයතණ්හාය වා අනනුලොමිකගිහිසංසග්ගවසෙන වා අනනුගිද්ධො, න සහසොකී, න සහනන්දී, න සුඛිතෙසු සුඛිතො, න දුක්ඛිතෙසු දුක්ඛිතො, න උප්පන්නෙසු කිච්චකරණීයෙසු අත්තනා වා උය්යොගමාපජ්ජිතාති වුත්තං හොති. ඉමිස්සාය ච ගාථාය යං “සුවචො චස්සා”ති එත්ථ වුත්තං අස්සාති වචනං, තං සබ්බපදෙහි සද්ධිං සන්තුස්සකො ච අස්ස, සුභරො ච අස්සාති එවං යොජෙතබ්බං.
“කුලෙසු අනනුගිද්ධො” යනු යම් කුලයන්ට එළඹේද එම කුලයන් කෙරෙහි සිවු පසය පිළිබඳ තෘෂ්ණාවෙන් හෝ නොගැළපෙන ගිහියන් සමග එකතුවීම් වශයෙන් හෝ නොඇළුණේ; ශෝක වන්නන් සමග ශෝක නොවන්නේ සතුටු වන්නන් සමග සතුටු නොවන්නේ සුව ඇත්තන් කෙරෙහි සුවයට පත් නොවූයේ දුකට පත් වූවන් කෙරෙහි දුකට පත් නොවූයේ ඔවුන් කෙරෙහි කළ යුතු කාර්ය්යයන් එළඹි කල්හි තමාම ඒ පිළිබඳව උද්යෝගයට පත් නොවූයේ යයි කියන ලද්දේ වෙයි. මේ ගාථාවෙහි “සුවචො චස්ස” යයි යමක් කියන ලද්දේ ද ඒ “අස්ස” යන වචනය සියලු පදයන් සමග “සන්තුස්සකොච අස්ස, සුභරොච අස්ස” යයි මෙසේ යෙදිය යුතුය.
තතියගාථාවණ්ණනා
තතියගාථාවණ්ණනා
එවං භගවා සන්තං පදං අභිසමෙච්ච විහරිතුකාමස්ස තදධිගමාය වා පටිපජ්ජිතුකාමස්ස විසෙසතො ආරඤ්ඤකස්ස භික්ඛුනො තදුත්තරිපි කරණීයං ආචික්ඛිත්වා ඉදානි අකරණීයම්පි ආචික්ඛිතුකාමො “න ච ඛුද්දමාචරෙ කිඤ්චි, යෙන විඤ්ඤූ පරෙ උපවදෙය්යු”න්ති ඉමං උපඩ්ඪගාථමාහ.
භාග්‍යවතුන් වහන්සේ මෙසේ ශාන්ත පදයට එළඹ වසනු කැමැත්තා හට නැතහොත් ඒ ශාන්ත පදය අවබෝධ කර ගැනීම සඳහා පිළිපදිනු කැමැත්තාහට විශේෂයෙන් ආරණ්‍යක භික්ෂුවට එයට වඩාත් කළ යුතු දේ දේශනා කොට දැන් නොකළ යුතු දේ ද දේශනා කරනු කැමතිව “නච ඛුද්දං සමාචරෙ කිඤ්චි යෙන විඤ්ඤු පරෙ උපවදෙය්‍යුං” යන මේ ගාථා අර්ධය වඳාළහ.
තස්සත්ථො – එවමිමං කරණීයං කරොන්තො යං තං කායවචීමනොදුච්චරිතං ඛුද්දං ලාමකන්ති වුච්චති, තං න ච ඛුද්දං සමාචරෙ, අසමාචරන්තො ච න කෙවලං ඔළාරිකං, කින්තු කිඤ්චි න සමාචරෙ, අප්පමත්තකම්පි අණුමත්තකම්පි න සමාචරෙති වුත්තං හොති.
එහි අර්ථය මෙසේය. මෙසේ මේ කළ යුතු දේ කරන තැනැත්තා යම් කාය වචී මනෝ දුශ්චරිතයක් කුඩා යයි ලාමක යයි කියනු ලැබේ ද එය “නච ඛුද්දං සමාචරෙ” නොහැසිරෙන්නේ; හුදෙක් ලාමක වූ දෙය පමණක් නොවේ. “කිඤ්චි” කිසිවක නොහැසිරෙන්නේය. අල්පමාත්‍ර වූ ද අණුමාත්‍ර වූ ද කිසිවක නොහැසිරෙන්නේ යයි කියන ලද්දේ වෙයි.
තතො තස්ස සමාචාරෙ සන්දිට්ඨිකමෙවාදීනවං දස්සෙති “යෙන විඤ්ඤූ පරෙ උපවදෙය්යු”න්ති. එත්ථ ච යස්මා අවිඤ්ඤූ පරෙ අප්පමාණං. තෙ හි අනවජ්ජං වා සාවජ්ජං කරොන්ති, අප්පසාවජ්ජං වා මහාසාවජ්ජං. විඤ්ඤූ එව පන පමාණං. තෙ හි අනුවිච්ච පරියොගාහෙත්වා අවණ්ණාරහස්ස අවණ්ණං භාසන්ති, වණ්ණාරහස්ස වණ්ණං භාසන්ති. තස්මා “විඤ්ඤූ පරෙ”ති වුත්තං.
ඉන්පසු එසේ හැසිරීමෙහි සාන්දෘෂ්ටිකවූම (තමා විසින්ම දැකිය යුතු) ආදීනව “යෙන විඤ්ඤු පරෙ උපවදෙය්‍යුං” යනුවෙන් දක්වයි. මෙහිදී අන්‍ය වූ නුවණ නැත්තෝ ප්‍රමාණ නොවෙති. ඔවුහු වනාහී නිවැරද්ද වැරැද්ද කරති. අල්ප වූ වරද මහ වරදක් කරති. එබැවින් නුවණැත්තාම මෙහිදී ප්‍රමාණ වේ. ඔවුහු වනාහී සම්පුර්ණයෙන් අවබෝධ කොට ගෙන දෝෂාරෝපණය කළ යුතු අයට දොස් ද ප්‍රශංසා කළ යුතු අයට ප්‍රශංසා ද කියති. එබැවින් “විඤ්ඤු පරෙ” යයි කියන ලද්දේ වෙයි.
එවං භගවා ඉමාහි අඩ්ඪතෙය්යාහි ගාථාහි සන්තං පදං අභිසමෙච්ච විහරිතුකාමස්ස තදධිගමාය වා පටිපජ්ජිතුකාමස්ස විසෙසතො ආරඤ්ඤකස්ස, ආරඤ්ඤකසීසෙන ච සබ්බෙසම්පි කම්මට්ඨානං ගහෙත්වා විහරිතුකාමානං කරණීයාකරණීයභෙදං කම්මට්ඨානූපචාරං වත්වා ඉදානි තෙසං භික්ඛූනං තස්ස දෙවතාභයස්ස පටිඝාතාය පරිත්තත්ථං විපස්සනාපාදකජ්ඣානවසෙන කම්මට්ඨානත්ථඤ්ච “සුඛිනොව ඛෙමිනො හොන්තූ”තිආදිනා නයෙන මෙත්තකථං කථෙතුමාරද්ධො.
භාග්‍යවතුන් වහන්සේ මෙසේ ගාථා දෙක හමාරකින් ශාන්ත පදයට එළඹ වසනු කැමැත්තා හට නැතහොත් ඒ ශාන්ත පදය අවබෝධ කර ගැනීම සඳහා පිළිපදිනු කැමැත්තාහට විශේෂයෙන් ආරණ්‍යක භික්ෂුවට ආරණ්‍යක ශීර්ෂයෙන් ද කමටහන් ගෙන වසනු කැමති සියල්ලන්ට ද කළ යුතු නොකළ යුතු දේ ඇතුළත් කම්මට්ඨාන උපචාර දේශනා කොට දැන් ඒ භික්ෂූන්ට ඒ දෙවියන්ගෙන් වූ භය දුරු කිරිම සඳහා පිරිතක් වශයෙන් ද විදර්ශනාවට පාදක වූ ධ්‍යාන වශයෙන් කමටහනක් ලෙස ද “සුඛිනො වා ඛෙමිනො හොන්තු” යනාදී ක්‍රමයට මෛත්‍රී කථාව දේශනා කිරීමට පටන් ගත්හ.
තත්ථ සුඛිනොති සුඛසම්පන්නා. ඛෙමිනොති ඛෙමවන්තො, අභයා නිරුපද්දවාති වුත්තං හොති. සබ්බෙති අනවසෙසා. සත්තාති පාණිනො. සුඛිතත්තාති සුඛිතචිත්තා. එත්ථ ච කායිකෙන සුඛෙන සුඛිනො, මානසෙන සුඛිතත්තා, තදුභයෙනාපි සබ්බභයුපද්දවවිගමෙන වා ඛෙමිනොති වෙදිතබ්බො. කස්මා පන එවං වුත්තං? මෙත්තාභාවනාකාරදස්සනත්ථං. එවඤ්හි මෙත්තා භාවෙතබ්බා “සබ්බෙ සත්තා සුඛිනො හොන්තූ”ති වා, “ඛෙමිනො හොන්තූ”ති වා, “සුඛිතත්තා හොන්තූ”ති වා.
එහි “සුඛිනො” යනු සැපයෙන් යුත් තැනැත්තාය. “ඛෙමිනො” යනු ක්ෂේමවන්තයාය. භය රහිත උපද්‍රව රහිත තැනැත්තා යයි කියන ලද්දේ වෙයි. “සබ්බෙ’’ යනු ඉතිරියක් නොවූවෝ, “සත්තා” යනු ප්‍රාණීහු, “සුඛිතත්තා” යනු සුවපත් වූ සිත් ඇත්තෝ; මෙහිද කායික සුවයෙන් “සුඛිනො” වේ. මානසික සුවයෙන් “සුඛිතත්තා” වේ. ඒ දෙකෙන් ද සියලු භය උපද්‍රව දුරුවීමෙන් හෝ “ඛෙමිනො” වේ යයි දත යුතුය. කුමක් හෙයින් මෙසේ කියන ලද්දේ ද? මෛත්‍රී භාවනාවේ ස්වභාවය දැක්වීම සඳහාය. මෛත්‍රිය මෙසේ වැඩිය යුතුය; “සබ්බේ සත්තා සුඛිනො හොන්තු” (සියලු සත්ත්වයෝ සැප ඇත්තෝ වෙත්වා) නැතහොත් “සුඛිතත්තා හොන්තු” (සුවපත් වූ සිත් ඇත්තෝ වෙත්වා) යි
චතුත්ථගාථාවණ්ණනා
චතුත්ථගාථාවණ්ණනා
එවං යාව උපචාරතො අප්පනාකොටි, තාව සඞ්ඛෙපෙන මෙත්තාභාවනං දස්සෙත්වා ඉදානි විත්ථාරතොපි තං දස්සෙතුං “යෙ කෙචී”ති ගාථාද්වයමාහ. අථ වා යස්මා පුථුත්තාරම්මණෙ පරිචිතං චිත්තං න ආදිකෙනෙව එකත්තෙ සණ්ඨාති ආරම්මණප්පභෙදං පන අනුගන්ත්වා අනුගන්ත්වා කමෙන සණ්ඨාති, තස්මා තස්ස තසථාවරාදිදුකතිකප්පභෙදෙ ආරම්මණෙ අනුගන්ත්වා අනුගන්ත්වා සණ්ඨානත්ථම්පි “යෙ කෙචී”ති ගාථාද්වයමාහ. අථ වා යස්මා යස්ස යං ආරම්මණං විභූතං හොති, තස්ස තත්ථ චිත්තං සුඛං තිට්ඨති, තස්මා තෙසං භික්ඛූනං යස්ස යං විභූතං ආරම්මණං, තස්ස තත්ථ චිත්තං සණ්ඨාපෙතුකාමො තසථාවරාදිදුකතිකාරම්මණභෙදදීපකං “යෙ කෙචී”ති ඉමං ගාථාද්වයමාහ.
මෙසේ උපචාරයේ සිට අර්පණා කෙළවර දක්වා කෙටියෙන් මෛත්‍රී භාවනාව දක්වා දැන් විස්තර වශයෙන් ද එය දැක්වීමට “යෙ කෙචි” යනාදී ගාථා දෙක වදාළහ. නැතහොත් යම් හෙයකින් මහත් අරමුණුවල පුරුදු කළ සිත ආරම්භයේදීම එක් අරමුණක නොපිහිටයිද විවිධ අරමුණු අනුව ගොස් ක්‍රමයෙන් එක් අරමුණක පිහිටයිද එහෙයින් ඒ සිතට තස ථාවර ආදී දුක (දෙකේ කොටස) හා තික (තුන් කොටස) වශයෙන් ප්‍රභේද ගත අරමුණු අනුව ගොස් එක් අරමුණක පිහිටනු සඳහා ද “යෙ කෙචි” යන ගාථා දෙක වදාළහ. නැතහොත් යම් හෙයකින් යමෙකුට යම් අරමුණක් ප්‍රකට වේ ද ඔහුගේ සිත එහි පහසුවෙන් පිහිටයි ද එහෙයින් ඒ භික්ෂූන් අතුරෙන් යමෙකුට යමක් ප්‍රකට අරමුණක් වේ ද ඔහුගේ සිත එහි පිහිටුවනු කැමැත්තේ තස ථාවර ආදී දුක තික වශයෙන් ප්‍රභේද ගත වූ අරමුණු දැක්වීමට “යෙ කෙචි” යන මේ ගාථා දෙක වදාළහ.
එත්ථ හි තසථාවරදුකං දිට්ඨාදිට්ඨදුකං දූරසන්තිකදුකං භූතසම්භවෙසිදුකන්ති චත්තාරො දුකෙ, දීඝාදීහි ච ඡහි පදෙහි මජ්ඣිමපදස්ස තීසු අණුකපදස්ස ච ද්වීසු තිකෙසු අත්ථසම්භවතො දීඝරස්සමජ්ඣිමතිකං මහන්තාණුකමජ්ඣිමතිකං ථූලාණුකමජ්ඣිමතිකන්ති තයො තිකෙ ච දීපෙති. තත්ථ යෙ කෙචීති අනවසෙසවචනං. පාණා එව භූතා පාණභූතා. අථ වා පාණන්තීති පාණා, එතෙන අස්සාසපස්සාසප්පටිබද්ධෙ පඤ්චවොකාරසත්තෙ ගණ්හාති. භවන්තීති භූතා, එතෙන එකවොකාරචතුවොකාරසත්තෙ ගණ්හාති. අත්ථීති සන්ති සංවිජ්ජන්ති.
මෙහි වනාහී තසථාවර දුකය, දිට්ඨ අදිට්ඨ දුකය, දූර සන්තික දුකය, භූත සම්භවෙයි දුකය වශයෙන් දුක (දෙකේ කොටස්) හතරක් ද දීඝාදි පද හයෙන් මජ්ඣිම පදය තික තුනක ද අණුක පදය තික දෙකක ද අර්ථවත් වන බැවින් දිඝ රස්ස මජ්ඣිම තිකය, මහන්ත අණුක මජ්ඣිම තිකය, ථූල අණුක මජ්ඣිම තිකය යයි තික (තුන් කොටස්) තුනක් ද විස්තර කෙරේ. එහි “යෙ කෙචි” යනු නිරවශේෂ වචනයකි; පාණා එව භූතා = පාණභූතා; (ප්රාණයෝම භූත වූයේනුයි - ප්‍රාණභූත වේ). නැතහොත් ආශ්වාස කෙරේනුයි - පාණ වේ. මෙයින් ආශ්වාස ප්‍රශ්වාස ප්‍රතිබද්ධ ස්කන්ධ පහෙන් යුත් සත්ත්වයන් ගනී. වෙත්නුයි - භූතා වේ. මෙයින් ස්කන්ධ එකකින් හා ස්කන්ධ හතරකින් යුත් සත්ත්වයන් ගනී. “අත්ථි” යනු වෙති. විද්‍යාමාන වෙති;
එවං “යෙ කෙචි පාණභූතත්ථී”ති ඉමිනා වචනෙන දුකතිකෙහි සඞ්ගහෙතබ්බෙ සබ්බසත්තෙ එකතො දස්සෙත්වා ඉදානි සබ්බෙපි තෙ තසා වා ථාවරා ව නවසෙසාති ඉමිනා දුකෙන සඞ්ගහෙත්වා දස්සෙති.
මෙසේ “යෙ කෙචි පාණ භූතත්ථි” යන මේ වචනයෙන් දුක තිකයන්ගෙන් සංග්‍රහ කළ යුතු සියලු සත්ත්වයන් එක්කොට දක්වා දැන් ඒ සියල්ලෝම “තසාවාථාවරාවා අනවසෙසා” යන මේ දෙකේ කොටසින් සංග්‍රහ කොට දක්වයි.
තත්ථ තසන්තීති තසා, සතණ්හානං සභයානඤ්චෙතං අධිවචනං. තිට්ඨන්තීති ථාවරා, පහීනතණ්හාභයානං අරහතං එතං අධිවචනං. නත්ථි තෙසං අවසෙසන්ති අනවසෙසා, සබ්බෙපීති වුත්තං හොති. යඤ්ච දුතියගාථාය අන්තෙ වුත්තං, තං සබ්බදුකතිකෙහි සම්බන්ධිතබ්බං “යෙ කෙචි පාණභූතත්ථි තසා වා ථාවරා වා අනවසෙසා, ඉමෙපි සබ්බෙ සත්තා භවන්තු සුඛිතත්තා. එවං යාව භූතා වා සම්භවෙසී වා, ඉමෙපි සබ්බෙ සත්තා භවන්තු සුඛිතත්තා”ති.
එහි බියට පත්වේනුයි. “තසා” වේ. තණ්හාව සහිත, භය සහිත සත්ත්වයන්ට මෙය නාමයකි. සිටිත්නුයි - “ථාවර” වේ. ප්‍රහීණ කළ මහා භය ඇති රහතන් වහන්සේට මෙය නාමයකි. ඔවුන්ගේ ඉතිරියක් නැත්තේනුයි - අනවසෙසා වේ. සියල්ලෝම යයි කියන ලද්දේ වේ. දෙවන ගාථාවේ අග යමක් කියන ලද්දේ ද එය සියලු දුක තිකයන්ට සම්බන්ධ කළ යුතුයි. “යෙකෙචි පාණභූතත්ථි තසාවා ථාවරා අනවසෙසා ඉමෙපි සබ්බෙ සත්තා භවන්තු සුඛිතත්තා” ආදී වශයෙනි. මෙසේ “භූතා වා සම්භවෙසී වා ඉමෙපි සබ්බෙ සත්තා භවන්තු සුඛිතත්තා” දක්වා සම්බන්ධ වේ.
ඉදානි දීඝරස්සමජ්ඣිමාදිතිකත්තයදීපකෙසු දීඝා වාතිආදීසු ඡසු පදෙසු දීඝාති දීඝත්තභාවා නාගමච්ඡගොධාදයො. අනෙකබ්යාමසතප්පමාණාපි හි මහාසමුද්දෙ නාගානං අත්තභාවා අනෙකයොජනප්පමාණා ච මච්ඡගොධාදීනං අත්තභාවා හොන්ති. මහන්තාති මහන්තත්තභාවා ජලෙ මච්ඡකච්ඡපාදයො, ථලෙ හත්ථිනාගාදයො, අමනුස්සෙසු දානවාදයො. ආහ ච “රාහුග්ගං අත්තභාවීන”න්ති (අ· නි· 4.15). තස්ස හි අත්තභාවො උබ්බෙධෙන චත්තාරි යොජනසහස්සානි අට්ඨ ච යොජනසතානි, බාහූ ද්වාදසයොජනසතපරිමාණා, පඤ්ඤාසයොජනං භමුකන්තරං, තථා අඞ්ගුලන්තරිකා, හත්ථතලානි ද්වෙ යොජනසතානීති. මජ්ඣිමාති අස්සගොණමහිංසසූකරාදීනං අත්තභාවා. රස්සකාති තාසු තාසු ජාතීසු වාමනාදයො දීඝමජ්ඣිමෙහි ඔමකප්පමාණා සත්තා. අණුකාති මංසචක්ඛුස්ස අගොචරා දිබ්බචක්ඛුවිසයා උදකාදීසු නිබ්බත්තා සුඛුමත්තභාවා සත්තා ඌකාදයො වා. අපිච යෙ තාසු තාසු ජාතීසු මහන්තමජ්ඣිමෙහි ථූලමජ්ඣිමෙහි ච ඔමකප්පමාණා සත්තා, තෙ අණුකාති වෙදිතබ්බා. ථූලාති පරිමණ්ඩලත්තභාවා සිප්පිකසම්බුකාදයො සත්තා.
දැන් දීඝ රස්ස මජ්ඣිම ආදී තික තුන පැහැදිලි කිරීමේදී “දීඝා වා” යනාදී පද හය අතුරෙන් “දීඝ” යනු දීර්ඝ ශරීර ඇති නාග, මත්ස්‍ය, තලගොයි ආදීහුය. මහා සමුද්‍රයෙහි නාගයගේ ශරීරයන් නොයෙක් බඹ සිය ගණන් පමණ වේ. මත්ස්‍ය, තලගොයි ආදීන්ගේ ශරීරයන් නොයෙක් යොදුන් පමණ වේ. “මහන්තා” යනු මහත් ශරීර ඇති ආත්ම භාවයෝය. ජලයෙහි මත්ස්යදීහුය. ගොඩබිම ඇත්තු ආදීහුය. අමනුෂ්‍යයන් අතර දානවාදීහුය. “ශරීර ඇත්තන් අතර රාහු අග්‍රය” යි කියන ලද්දේමය. ඔහුගේ ශරීරය වනාහී උසින් යොදුන් හාර දහස් අටසීයකි. අත් යොදුන් එක් දහස් දෙසීයක් පමණ වේ. දෙබැම අතර යොදුන් පණහකි. ඇඟිලි අතර ද එපමණ වේ. අත් තල යොදුන් දෙසීයකි. “මජ්ඣිමා” යනු අශ්ව, ගව, මී හරක්, ඌරු ආදින්ගේ ආත්ම භාවයෝය. “රස්සක” යනු ඒ ඒ ජාතීන්හි දීඝ, මජ්ඣිම සත්ත්වයන්ට වඩා ප්‍රමාණයෙන් කුඩා වාමන ආදී සත්ත්වයෝය. “අණුක” යනු මසැසට ගොදුරු නොවන දිවැසට ගොදුරුවන ජලය ආදියෙහි හටගත් සියුම් ආත්මභාව ඇති සත්ත්වයෝය. නැතහොත් උකුණන් ආදී සත්ත්වයෝය. තවද ඒ ඒ ජාතීන්හි මහන්ත මධ්‍යම සත්ත්වයන්ට හා ථූල මධ්‍යම සත්ත්වයන්ට වඩා ප්‍රමාණයෙන් කුඩා යම් සත්ත්ව කෙනෙක් වෙත් නම් එම සත්ත්වයෝ “අණුක” යයි දත යුතුය. “ථූලා” යනු රවුම් ආත්මභාව ඇති සත්ත්වයෝය. මාළු, ඉදිබු, සිප්පි, බෙල්ලෝ ආදී සත්ත්වයෝ ය.
පඤ්චමගාථාවණ්ණනා
පඤ්චමගාථාවණ්ණනා
එවං තීහි තිකෙහි අනවසෙසතො සත්තෙ දස්සෙත්වා ඉදානි “දිට්ඨා වා යෙ ව අදිට්ඨා”තිආදීහි තීහි දුකෙහිපි තෙ සඞ්ගහෙත්වා දස්සෙති.
මෙසේ තික තුනෙන් අනවශේෂයෙන් සත්ත්වයන් දක්වා දැන් “දිට්ඨා වා යෙව” “අද්දිට්ඨා” යනාදියෙන් දුක තුනකින් ද ඔවුන් සංග්‍රහ කොට දක්වයි.
තත්ථ දිට්ඨාති යෙ අත්තනො චක්ඛුස්ස ආපාථමාගතවසෙන දිට්ඨපුබ්බා. අදිට්ඨාති යෙ පරසමුද්දපරසෙලපරචක්කවාළාදීසු ඨිතා. “යෙ වා දූරෙ වසන්ති අවිදූරෙ”ති ඉමිනා පන දුකෙන අත්තනො අත්තභාවස්ස දූරෙ ච අවිදූරෙ ච වසන්තෙ සත්තෙ දස්සෙති, තෙ අපදද්විපදවසෙන වෙදිතබ්බා. අත්තනො හි කායෙ වසන්තා සත්තා අවිදූරෙ, බහිකායෙ වසන්තා සත්තා දූරෙ. තථා අන්තොඋපචාරෙ වසන්තා අවිදූරෙ, බහිඋපචාරෙ වසන්තා දූරෙ. අත්තනො විහාරෙ ගාමෙ ජනපදෙ දීපෙ චක්කවාළෙ වසන්තා අවිදූරෙ, පරචක්කවාළෙ වසන්තා දූරෙ වසන්තීති වුච්චන්ති.
එහි “දිට්ඨ” යනු තමාගේ ඇසට අරමුණු වීම් වශයෙන් දුටු විරූ සත්ත්වයෝය. “අද්දිට්ඨා” යනු යමෙක් මුහුදෙන්, පර්වතයෙන්, සක්වළින් එහා ආදී තන්හි සිටිත්ද ඒ සත්ත්වයෝය. “යෙච දුරෙ වසන්ති අවිදුරෙ” යන මේ දෙකේ කොටසින් තම ආත්ම භාවයට දුරින් ද නුදුරින් ද වසන සත්ත්වයන් දක්වයි. ඔවුන් පා නැති, දෙපා ආදී වශයෙන් දත යුතුය. එසේම තමාගේ ශරීරයේ වසන සත්ත්වයෝ “අවිදුරෙ” වේ. ශරීරයෙන් පිටත වසන සත්ත්වයෝ “දුරෙ” වේ. එසේම සීමාව ඇතුළත වසන සත්ත්වයෝ “අවිදුරෙ” වේ. සීමාවෙන් පිටත වසන සත්ත්වයෝ “දුරෙ” වේ. තමාගේ විහාරයෙහි, ගමෙහි, ජනපදයෙහි දිවයිනෙහි, සක්වළෙහි වසන්නෝ “අවිදුරෙ” වේ. පර සක්වළ වසන්නෝ දුර වසතියි කියනු ලැබේ.
භූතාති ජාතා අභිනිබ්බත්තා. යෙ භූතා එව, න පුන භවිස්සන්තීති සඞ්ඛ්‍යං ගච්ඡන්ති, තෙසං ඛීණාසවානං එතං අධිවචනං. සම්භවමෙසන්තීති සම්භවෙසී. අප්පහීනභවසංයොජනත්තා ආයතිම්පි සම්භවං එසන්තානං සෙඛපුථුජ්ජනානමෙතං අධිවචනං. අථ වා චතූසු යොනීසු අණ්ඩජජලාබුජා සත්තා යාව අණ්ඩකොසං වත්ථිකොසඤ්ච න භින්දන්ති, තාව සම්භවෙසී නාම, අණ්ඩකොසං වත්ථිකොසඤ්ච භින්දිත්වා බහි නික්ඛන්තා භූතා නාම. සංසෙදජා ඔපපාතිකා ච පඨමචිත්තක්ඛණෙ සම්භවෙසී නාම, දුතියචිත්තක්ඛණතො පභුති භූතා නාම. යෙන වා ඉරියාපථෙන ජායන්ති, යාව තතො අඤ්ඤං න පාපුණන්ති, තාව සම්භවෙසී නාම, තතො පරං භූතාති.
“භූතා” යනු හටගත්, උපන්, සත්ත්වයෝය. යමෙක් “භූත” වූවාහු ද ඔවුහු නැවත නොවන්නාහ’යි නිගමනය කෙරෙති. ඒ ක්ෂීණාශ්රව රහතන් වහන්සේලාට නාමයකි. නැවත භවයක් සොයත්නුයි. සම්භවෙසී වේ. ප්‍රහීණ නොකළ භව සංයෝජන ඇති හෙයින් නැවත භවයක් සොයන සේඛ පුථුජ්ජනයන්ට මෙය නමකි. නැතහොත් සතර යෝනීන් අතුරෙන් අණ්ඩජ, ජලාබුජ සත්ත්වයෝ අණ්ඩ කෝෂය (බිත්තරය) හෝ වස්ති කෝෂය (වැදෑමහ) යම්තාක් නොබිඳිත් ද ඒ තාක් “සම්භවෙසී” වේ. අණ්ඩ කෝෂය හෝ වස්ති කෝෂය බිඳ පිටතට නික්මෙන්නෝ “භූතා” නම් වෙති. සංසේදජ හා ඕපපාතික සත්ත්වයෝ පළමු චිත්තක්ෂණයෙහි “සම්භවෙසී” නම් වේ. දෙවෙනි චිත්තක්ෂණයේ පටන් “භූතා” නම් වේ. නැතහොත් යම් ඉරියව්වකින් උපදිත් ද එයින් වෙනත් ඉරියව්වකට යම්තාක් නොපැමිණෙත් ද ඒ තාක් “සම්භවෙසී” වේ. එයින් පසුව “භූතා” වේ.
ඡට්ඨගාථාවණ්ණනා
ඡට්ඨගාථාවණ්ණනා
එවං භගවා “සුඛිනො වා”තිආදීහි අඩ්ඪතෙය්යාහි ගාථාහි නානප්පකාරතො තෙසං භික්ඛූනං හිතසුඛාගමපත්ථනාවසෙන සත්තෙසු මෙත්තාභාවනං දස්සෙත්වා ඉදානි අහිතදුක්ඛානාගමපත්ථනාවසෙනාපි තං දස්සෙන්තො ආහ “න පරො පරං නිකුබ්බෙථා”ති. එස පොරාණො පාඨො, ඉදානි පන “පරං හී”තිපි පඨන්ති, අයං න සොභනො.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ “සුඛිනො වා” ආදී ගාථා දෙක හමාරෙන් නොයෙක් ආකාරයෙන් ඒ භික්ෂූන්ට හිත සුවයට පැමිණීම ප්‍රාර්ථනා කිරීම් වශයෙන් සත්ත්වයන් කෙරෙහි මෛත්‍රිය වැඩීම දක්වා දැන් අහිත, දුක නොපැමිණීම ප්‍රාර්ථනා කිරීම් වශයෙන් ද එය දක්වන්නාහු. “න පරො පරං නිකුබ්බෙථ” යයි වදාළහ. මේ පැරණි පාඨයයි. දැන් වනාහී “පරංහි” යයි ද ශබ්ද කරති. එය ශෝභන නොවේ.
තත්ථ පරොති පරජනො. පරන්ති පරජනං. න නිකුබ්බෙථාති න වඤ්චෙය්ය. නාතිමඤ්ඤෙථාති න අතික්කමිත්වා මඤ්ඤෙය්ය. කත්ථචීති කත්ථචි ඔකාසෙ, ගාමෙ වා ගාමඛෙත්තෙ වා ඤාතිමජ්ඣෙ වා පූගමජ්ඣෙ වාතිආදි. නන්ති එතං. කඤ්චීති යං කඤ්චි ඛත්තියං වා බ්රාහ්මණං වා ගහට්ඨං වා පබ්බජිතං වා සුඛිතං වා දුක්ඛිතං වාතිආදි. බ්යාරොසනා පටිඝසඤ්ඤාති කායවචීවිකාරෙහි බ්යාරොසනාය ච මනොවිකාරෙන පටිඝසඤ්ඤාය ච. “බ්යාරොසනාය පටිඝසඤ්ඤායා”ති හි වත්තබ්බෙ “බ්යාරොසනා පටිඝසඤ්ඤා”ති වුච්චති, යථා “සම්මදඤ්ඤාය විමුත්තා”ති වත්තබ්බෙ “සම්මදඤ්ඤා විමුත්තා”ති, යථා ච “අනුපුබ්බසික්ඛාය අනුපුබ්බකිරියාය අනුපුබ්බපටිපදායා”ති වත්තබ්බෙ “අනුපුබ්බසික්ඛා අනුපුබ්බකිරියා අනුපුබ්බපටිපදා”ති. නාඤ්ඤමඤ්ඤස්ස දුක්ඛමිච්ඡෙය්යාති අඤ්ඤමඤ්ඤස්ස දුක්ඛං න ඉච්ඡෙය්ය. කිං වුත්තං හොති? න කෙවලං “සුඛිනො වා ඛෙමිනො වා හොන්තූ”තිආදිමනසිකාරවසෙනෙව මෙත්තං භාවෙය්ය, කින්තු “අහොවත යො කොචි පරපුග්ගලො යං කඤ්චි පරපුග්ගලං වඤ්චනාදීහි නිකතීහි න නිකුබ්බෙථ, ජාතිආදීහි ච නවහි මානවත්ථූහි කත්ථචි පදෙසෙ කඤ්චි පරපුග්ගලං නාතිමඤ්ඤෙය්ය, අඤ්ඤමඤ්ඤස්ස ච බ්යාරොසනාය වා පටිඝසඤ්ඤාය වා දුක්ඛං න ඉච්ඡෙය්යා”ති එවම්පි මනසිකරොන්තො භාවෙය්යාති.
එහි “පරො” යනු අන්‍ය ජනයාය. (කර්තෘ) “පරං” යනු අන්‍ය ජනයාය (කර්ම) “න නිකුබ්බෙථ” යනු වංචා නොකරන්නේය. “නාතිමඤ්ඤෙථ” යනු තමා ඉක්මවා නොසිතන්නේය. “කත්ථචි” යනු කිසියම් අවකාශයෙක්හි; ගමේ හෝ කුඹුරේ හෝ ඥාතීන් මැද හෝ සමූහය මැද හෝ ආදී වශයෙනි. “නං” යනු ඔහුය. “කඤ්චි” යනු යම්කිසි ක්ෂත්රියයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ගිහියෙක් හෝ පැවිද්දෙක් හෝ සැපවත් කෙනෙක් හෝ දුකට පත් කෙනෙක් හෝ ආදී වශයෙනි. “ඛ්‍යාරොසනා පටිඝසඤ්ඤ” යනු කයින් හා වචනයෙන් කෙරෙන වෙනස්කම්වලින් හෙවත් ඛ්යාරෝසනයෙන් ද මනසින් කෙරෙන වෙනස් කමින් හෙවත් පටිඝසංඥාවෙන්ද; යම්සේ “සම්මදඤ්ඤාය විමුත්තා”යි කිවයුතු තන්හි “සම්මදඤ්ඤා විමුත්තා”යයි ද “අනුපුබ්බසික්ඛාය අනුපුබ්බකිරියාය අනුපුබ්බපටිදාය” යයි කිවයුතු තන්හි “අනුපුබ්බසික්ඛා අනුපුබ්බකිරියා අනුපුබ්බපටිදා” යයි ද කියනු ලැබේ ද එසේම “ඛ්යාරොසනාය පටිඝසඤ්ඤා” යයි කිව යුතු තන්හි “ඛ්‍යාරොසනා පටිඝසඤ්ඤා” යයි කියනු ලැබේ. “නාඤ්ඤමඤ්ඤස්ස දුක්ඛමිචෙඡය්ය” යනු ඔවුනොවුන්ට දුකක් කැමති නොවන්නේ ය. කුමක් කියන ලද්දේ වේද? හුදෙක් සුව ඇත්තෝ හෝ භය නැත්තෝ හෝ වෙත්වායි ආදී වශයෙන් සිහි කිරීම් පමණකින්ම මෛත්‍රිය වැඩුවා නොවන්නේ ය. කුමක් කළ යුත්තේද? අහෝ ඒකාන්තයෙන් යම් අන්‍ය පුද්ගලයෙක් යම්කිසි අන්‍ය පුද්ගලයෙකු වංචා කිරීම් ආදී කපටිකම්වලින් නොරවටත්වා, ජාති ආදී නව විධ මාන වස්තූන්ගෙන් කිසියම් ප්‍රදේශයක කිසියම් අන්‍ය පුද්ගලයෙකු ඉක්මවා නොසිතත්වා, ඛ්යාරොසනයෙන් හෝ පටිඝ සංඥාවෙන් හෝ ඔවුනොවුන්ට දුකක් කැමති නොවෙත්වා යි මෙසේ ද සිහි කරන්නේ (මෛත්‍රිය) වඩන්නේය යනුවෙනි.
සත්තමගාථාවණ්ණනා
සත්තමගාථාවණ්ණනා
එවං අහිතදුක්ඛානාගමපත්ථනාවසෙන අත්ථතො මෙත්තාභාවනං දස්සෙත්වා ඉදානි තමෙව උපමාය දස්සෙන්තො ආහ “මාතා යථා නියංපුත්ත”න්ති.
මෙසේ අහිත දුක නොපැමිණීම ප්‍රාර්ථනා කිරිම් අර්ථයෙන් ද මෛත්‍රී භාවනාව දක්වා දැන් : එයම උපමාවෙන් දක්වන්නාහු “මාතා යථා නියං” යයි වදාළහ.
තස්සත්ථො – යථා මාතා නියං පුත්තං අත්තනි ජාතං ඔරසං පුත්තං, තඤ්ච එකපුත්තමෙව ආයුසා අනුරක්ඛෙ, තස්ස දුක්ඛාගමප්පටිබාහනත්ථං අත්තනො ආයුම්පි චජිත්වා තං අනුරක්ඛෙ, එවම්පි සබ්බභූතෙසු ඉදං මෙත්තාඛ්යං මානසං භාවයෙ, පුනප්පුනං ජනයෙ වඩ්ඪයෙ, තඤ්ච අපරිමාණසත්තාරම්මණවසෙන එකස්මිං වා සත්තෙ අනවසෙසඵරණවසෙන අපරිමාණං භාවයෙති.
එහි අර්ථය මෙසේය. යම් සේ මවක් තමා කෙරෙහි උපන් ඖරස වු සිය පුතා ඔහු ද “එක පුත්තං” එකම පුතා වේ ද “ආයුසා අනුරක්ඛෙ” ඔහුට දුක් පැමිණීම වැළකීම සඳහා තමාගේ ආයුෂ ද පරිත්‍යාග කොට ඔහු රකින්නී ද “එවම්පි සබ්බභූතෙසු” මෙසේ සියලු සත්ත්වයන් කෙරෙහි මේ මෛත්‍රිය “මානසං භාවයෙ” නැවත නැවත උපදවන්නේය. වඩන්නේය. එයද අප්‍රමාණ සත්ත්වයන් අරමුණු කිරිම් වශයෙන් හෝ එකම සත්ත්වයෙකු කෙරෙහි නිරවශේෂයෙන් පැතිරවීම් වශයෙන් හෝ “අපරිමානං” අප්‍රමාණව වඩන්නේය යනුවෙනි.
අට්ඨමගාථාවණ්ණනා
අට්ඨමගාථාවණ්ණනා
එවං සබ්බාකාරෙන මෙත්තාභාවනං දස්සෙත්වා ඉදානි තස්සෙව වඩ්ඪනං දස්සෙන්තො ආහ “මෙත්තඤ්ච සබ්බලොකස්මී”ති.
මෙසේ සියලු ආකාරයෙන් මෛත්‍රී භාවනාව දක්වා දැන් - එම මෛත්‍රී භාවනාවගේම වැඩීම දක්වන්නාහු “මෙත්තඤ්ච සබ්බ ලොකස්මිං” යයි වදාළහ.
තත්ථ මිජ්ජති තායති චාති මිත්තො, හිතජ්ඣාසයතාය සිනිය්හති, අහිතාගමතො රක්ඛති චාති අත්ථො. මිත්තස්ස භාවො මෙත්තං. සබ්බලොකස්මීති අනවසෙසෙ සත්තලොකෙ. මනසි භවන්ති මානසං. තඤ්හි චිත්තසම්පයුත්තත්තා එවං වුත්තං. භාවයෙති වඩ්ඪයෙ. න අස්ස පරිමාණන්ති අපරිමාණං, අප්පමාණසත්තාරම්මණතාය එවං වුත්තං. උද්ධන්ති උපරි, තෙන අරූපභවං ගණ්හාති. අධොති හෙට්ඨා, තෙන කාමභවං ගණ්හාති. තිරියන්ති වෙමජ්ඣං, තෙන රූපභවං ගණ්හාති. අසම්බාධන්ති සම්බාධවිරහිතං, භින්නසීමන්ති වුත්තං හොති. සීමා නාම පච්චත්ථිකො වුච්චති, තස්මිම්පි පවත්තන්ති අත්ථො. අවෙරන්ති වෙරවිරහිතං, අන්තරන්තරාපි වෙරචෙතනාපාතුභාවවිරහිතන්ති අත්ථො. අසපත්තන්ති විගතපච්චත්ථිකං. මෙත්තාවිහාරී හි පුග්ගලො මනුස්සානං පියො හොති, අමනුස්සානං පියො හොති, නාස්ස කොචි පච්චත්ථිකො හොති, තෙනස්ස තං මානසං විගතපච්චත්ථිකත්තා අසපත්තන්ති වුච්චති. පරියායවචනඤ්හි එතං, යදිදං පච්චත්ථිකො සපත්තොති. අයං අනුපදතො අත්ථවණ්ණනා.
එහි ස්නේහ උපදවයි, රකිනුයි = මිත්ත වේ. හිතධ්යාශය වශයෙන් ස්නේහ කරයි හෝ අහිත දුරු කිරීම් වශයෙන් රකියි යන අර්ථයයි. මිත්තස්සභාවො = මෙත්තං (මිත්‍රයාගේ ස්වභාවය මෛත්‍රියයි). “සබ්බ ලොකස්මිං” යනු නිරවශේෂ සත්ත්ව ලෝකයෙහි; මනසෙහි වුයේනුයි = මානස වේ. ඒ මෛත්‍රිය සිත හා පවතින බැවින් එසේ කියන ලදී. “භාවයෙ” යනු වඩන්නේය. මෙයට ප්‍රමාණයක් නැත්තේනුයි. “අපරිමාණං” වේ. අප්‍රමාණ සත්ත්වයන් අරමුණු වන බැවින් මෙසේ කියන ලදී. “උද්ධං” යනු උඩයි. එයින් අරූප භවය ගනී. “අධො” යනු යටයි. එයින් කාම භවය ගනී. “තිරියං” යනු මැදයි. එයින් රූප භවය ගනී. “අසම්බාධං” යනු අවහිර නැති බවයි. බිඳුණු සීමා ඇත්තේ යයි කියන ලද්දේ වෙයි. සීමා නම් පසමිතුරා යයි කියනු ලැබේ. ඔහු කෙරෙහිද පැවැත්තේ යයි කියන ලද්දේ වෙයි. “අවෙරං” යනු වෛරයෙන් තොර බවයි. අතරතුර වෛර චේතනා පහළවීමෙන් තොර වූ යයි කියන ලද්දේ වෙයි. “අසපත්තං” යනු පහ වූ සතුරන් ඇති බවයි. මෛත්‍රී විහරණයෙන් යුත් තැනැත්තා වනාහී මිනිසුන්ට ප්‍රිය වෙයි. අමනුෂ්‍යන්ට ප්‍රිය වෙයි. ඔහුට කිසිම පස මිතුරෙක් නොමැත. එබැවින් ඔහුගේ ඒ මෛත්‍රී සහගත මනස පහ වූ සතුරන් ඇති බැවින් “අසපත්තං” යයි කියනු ලැබේ. මේ “පච්චත්තිකො” යන වචනය “සපත්තො” යන්නට පර්යාය වචනයකි. මේ පද පිළිවෙළින් අර්ථ වර්ණනාවයි.
අයං පනෙත්ථ අධිප්පෙතත්ථදීපනා – යදිදං “එවම්පි සබ්බභූතෙසු මානසං භාවයෙ අපරිමාණ”න්ති වුත්තං, තඤ්චෙතං අපරිමාණං මෙත්තං මානසං සබ්බලොකස්මිං භාවයෙ වඩ්ඪයෙ, වුඩ්ඪිං විරූළ්හිං වෙපුල්ලං ගමයෙ පාපයෙ. කථං? උද්ධං අධො ච තිරියඤ්ච, උද්ධං යාව භවග්ගා, අධො යාව අවීචිතො, තිරියං යාව අවසෙසදිසා. උද්ධං වා ආරුප්පං, අධො කාමධාතුං, තිරියං රූපධාතුං අනවසෙසං ඵරන්තො. එවං භාවෙන්තොපි ච තං යථා අසම්බාධං අවෙරං අසපත්තඤ්ච හොති, තථා සම්බාධවෙරසපත්තානං අභාවං කරොන්තො භාවයෙ. යං වා තං භාවනාසම්පදං පත්තං සබ්බත්ථ ඔකාසලොකවසෙන අසම්බාධං, අත්තනො පරෙසු ආඝාතප්පටිවිනයනෙන අවෙරං, අත්තනි ච පරෙසං ආඝාතවිනයනෙන අසපත්තං හොති. තං අසම්බාධමවෙරමසපත්තං අපරිමාණං මෙත්තං මානසං උද්ධං අධො තිරියඤ්චාති තිවිධපරිච්ඡෙදෙ සබ්බලොකස්මිං භාවයෙ වඩ්ඪයෙති.
මේ වනාහී මෙහි අදහස් කළ අර්ථ වර්ණනාවයි. මෙසේද සියලු සත්ත්වයන් කෙරෙහි අප්‍රමාණ වූ මෛත්‍රී සිත වඩන්නේය යන යමක් කියන ලද්දේ ද ඒ මේ අප්‍රමාණ වූ මෛත්‍රී සිත සියලු ලෝකයෙහි දියුණු කරන්නේය, වඩන්නේය, අභිවෘද්ධියට, දියුණුවට විපුල බවට ගෙන යන්නේය, පමුණුවන්නේය. ඒ කෙසේද යත්? උඩ ද යට ද සරස ද වශයෙනි. උඩින් භවාග්‍රය දක්වාත් යටින් අවීචිය දක්වාත් සරසින් සෙසු දිශාවන්හිත්ය. නැතහොත් උඩින් අරූපී බඹලොව දක්වාත් යටින් කාම ලෝක දක්වාත් සරසින් රූපී බඹලොව දක්වාත් නිරවශේෂව පතුරුවන්නේ මෙසේ වඩන්නේ ද ඒ මෛත්‍රී භාවනාව යම් සේ සම්බාධ නොමැති වෛර නොමැති සතුරන් නොමැති මෛත්‍රියක් වේ ද එසේ සම්බාධ වෛර සපත්තයන් දුරු කරමින් වඩන්නේය. නැතහොත් යම් ඒ භාවනා සම්ප්‍රදාවට පත් මෛත්‍රියක් වේ ද එය සියලු තන්හි අවකාශ ලැබීම් වශයෙන් අසම්බාධ වූයේ ද අනුන් කෙරෙහි තමාගේ ක්‍රෝධය දුරු කිරීම් වශයෙන් අවේර වූයේ ද තමා කෙරෙහි අනුන්ගේ ක්‍රෝධය දුරු කිරීම් වශයෙන් අසපත්ත වූයේ ද ඒ අසබාධ අවේර අසපත්ත වූ අප්‍රමාණ මෛත්‍රී මනස උඩද යට ද සරස ද යන කොටස් තුනකින් යුත් සියලු ලෝකයෙහි දියුණු කරන්නේ ය. වඩන්නේ ය යනුවෙනි.
නවමගාථාවණ්ණනා
නවමගාථාවණ්ණනා
එවං මෙත්තාභාවනාය වඩ්ඪනං දස්සෙත්වා ඉදානි තං භාවනමනුයුත්තස්ස විහරතො ඉරියාපථනියමාභාවං දස්සෙන්තො ආහ “තිට්ඨං චරං…පෙ… අධිට්ඨෙය්යා”ති.
මෙසේ මෛත්‍රී භාවනාවේ වැඩීම දක්වා දැන් එම භාවනාවේ යෙදී වසන තැනැත්තාට ඉරියව් පැවැත්වීමේ නියමයක් නොමැති බව දක්වමින් “තිට්ඨං චරං - පෙ - අධිට්ඨෙය්‍ය” යි වදාළහ.
තස්සත්ථො – එවමෙතං මෙත්තං මානසං භාවෙන්තො සො “නිසීදති පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධායා”තිආදීසු විය ඉරියාපථනියමං අකත්වා යථාසුඛං අඤ්ඤතරඤ්ඤතරඉරියාපථබාධනවිනොදනං කරොන්තො තිට්ඨං වා චරං වා නිසින්නො වා සයානො වා යාවතා විගතමිද්ධො අස්ස, අථ එතං මෙත්තාඣානසතිං අධිට්ඨෙය්‍ය.
එහි අර්ථය : මෙසේ මේ මෛත්‍රී සිත වඩන්නාවූ ඔහු “කය සෘජුව පිහිටුවා පළඟක් බැඳ හිඳියි” ආදී තන්හි මෙන් ඉරියව් නියමයක් නොකොට සුව පරිදි එක් එක් ඉරියව්වෙහි අපහසුතාවයන් දුරු කරමින් “තිට්ඨං” සිටිමින් හෝ “චරං” ඇවිදිමින් හෝ “නිසින්නොවා සයානොවා යාවතා විගතමිද්ධො අස්ස” හිඳිමින් හෝ නිදමින් හෝ යම්තාක් පහ වූ නිදි ඇත්තේ වේ ද ඒ තාක් “එතං” මේ මෛත්‍රී ධ්‍යාන “සතිං” සිහිය “අධිට්ඨෙය්‍ය” අධිෂ්ඨාන කරන්නේය.
අථ වා එවං මෙත්තාභාවනාය වඩ්ඪනං දස්සෙත්වා ඉදානි වසීභාවං දස්සෙන්තො ආහ “තිට්ඨං චර”න්ති. වසිප්පත්තො හි තිට්ඨං වා චරං වා නිසින්නො වා සයානො වා යාවතා ඉරියාපථෙන එතං මෙත්තාඣානසතිං අධිට්ඨාතුකාමො හොති, අථ වා තිට්ඨං වා චරං වා…පෙ… සයානො වාති න තස්ස ඨානාදීනි අන්තරායකරානි හොන්ති, අපිච ඛො යාවතා එතං මෙත්තාඣානසතිං අධිට්ඨාතුකාමො හොති, තාවතා විගතමිද්ධො හුත්වා අධිට්ඨාති, නත්ථි තස්ස තත්ථ දන්ධායිතත්තං. තෙනාහ “තිට්ඨං චරං නිසින්නො ව, සයානො යාවතාස්ස විතමිද්ධො. එතං සතිං අධිට්ඨෙය්යා”ති.
නැතහොත් මෙසේ මෛත්‍රී භාවනාවේ වැඩීම දක්වා දැන් - වශීභාවය දක්වන්නාහු “තිට්ඨං චරං” යයි වදාළහ. වශීතාවයට පැමිණි තැනැත්තා වනාහි “තිට්ඨං” සිටිමින් හෝ “චරං” ඇවිදිමින් හෝ -පෙ යම්තාක් යම් ඉරියව්වකින් මේ මෛත්‍රී ධ්‍යාන සතිය වඩනු කැමැත්තේ වේ ද නැතහොත් “තිට්ඨං වා චරං වා” යනු ඔහුට ස්ථානාදිය අන්තරාය කර නොවේ ද තවද යම්තාක් මෙසේ ඒ මෛත්‍රී ධ්‍යාන සතිය වඩනු කැමැත්තේ වේ ද ඒතාක් පහ වූ නිදි ඇත්තෙක්ව මෛත්‍රී සිත අදිටන් කරයි. ඔහුට සිහි විකළ වූ බවක් නැත. “තිට්ඨං චරං නිසිනොවා සයනොවා යාවතස්ස විගතමිද්ධො එතං සතිං අධිට්ඨෙය්‍ය” යයි එහෙයින් වදාළහ.
තස්සායමධිප්පායො – යං තං “මෙත්තඤ්ච සබ්බලොකස්මි, මානසං භාවයෙ”ති වුත්තං, තං යථා භාවෙය්ය, යථා ඨානාදීසු යාවතා ඉරියාපථෙන ඨානාදීනි වා අනාදියිත්වා යාවතා එතං මෙත්තාඣානසතිං අධිට්ඨාතුකාමො අස්ස, තාවතා විගතමිද්ධොව හුත්වා එතං සතිං අධිට්ඨෙය්යාති.
එහි අදහස : සිතෙහි වූ මෛත්‍රිය ද සියලු සත්ත්ව ලෝකයෙහි වඩන්නේ යයි යමක් දේශනා කරන ලද්දේ ද එය එසේ වඩන්නේ ය. යම්සේ ස්ථානාදියෙහි එම ස්ථානාදිය ග්‍රහණය නොකොට යම් ඉරියව්වකින් යම්තාක් මේ මෛත්‍රී ධ්‍යාන සතිය අදිටන් කරනු කැමැත්තේ වේ ද ඒ තාක් පහවූ නිදි ඇත්තෙක්ව මේ සතිය අදිටන් කරන්නේය යනුයි.
එවං මෙත්තාභාවනාය වසීභාවං දස්සෙන්තො “එතං සතිං අධිට්ඨෙය්යා”ති තස්මිං මෙත්තාවිහාරෙ නියොජෙත්වා ඉදානි තං විහාරං ථුනන්තො ආහ “බ්‍රහ්මමෙතං විහාරමිධමාහූ”ති.
මෙසේ මෛත්‍රී භාවනාවෙහි වශී භාවය දක්වන්නාහු “එතං සතිං අධිට්ඨෙය්‍ය” යනුවෙන් එම මෛත්‍රී විහාරයෙහි යොදවා දැන් - එම විසීම පසසන්නාහු “බ්‍රහ්මමෙතං විහාරං ඉධමාහු” යයි වදාළහ.
තස්සත්ථො – ය්වායං “සුඛිනො වා ඛෙමිනො වා හොන්තූ”තිආදි කත්වා යාව “එතං සතිං අධිට්ඨෙය්යා”ති වණ්ණිතො මෙත්තාවිහාරො. එතං චතූසු දිබ්බබ්රහ්මඅරියඉරියාපථවිහාරෙසු නිද්දොසත්තා අත්තනොපි පරෙසම්පි අත්ථකරත්තා ච ඉධ අරියස්ස ධම්මවිනයෙ බ්රහ්මවිහාරමාහු සෙට්ඨවිහාරමාහූති, යතො සතතං සමිතං අබ්බොකිණ්ණං තිට්ඨං චරං නිසින්නො වා සයානො වා යාවතාස්ස විගතමිද්ධො, එතං සතිං අධිට්ඨෙය්යාති.
එහි අර්ථය : යම් මේ “සුඛිනො වා ඛෙමිනො හොන්තු” යන්නෙහි සිට “එතං සතිං අධිට්ඨෙය්‍ය”දක්වා වර්ණනා කරන ලද මෛත්‍රී විහාරයක් වේ ද “එතං” එය දිව්‍ය, බ්‍රහ්ම, ආර්‍ය්‍ය, ඉරියාපථ යන සිව් විහරණයන්හි නිදොස් බැවින් ද තමාට ද අනුන්ට ද අර්ථය සිදු කරන බැවින් ද “ඉධ” මේ ආර්‍ය්‍ය ධර්ම විනයෙහි “බ්‍රහ්ම විහාරමාහු” ශ්‍රේෂ්ඨ විහාර යයි කීහ යනුයි. යම් හෙයකින් නිරන්තරයෙන් සිටිමින් හෝ ඇවිදිමින් හෝ හිදිමින් හෝ නිදමින් හෝ යම්තාක් පහ වූ නිදි ඇත්තේ වේ ද ඒතාක් අමිශ්‍ර වූ මේ මෛත්‍රී සතිය අදිටන් කරන්නේ ද එහෙයිනි.
දසමගාථාවණ්ණනා
දසමගාථාවණ්ණනා
එවං භගවා තෙසං භික්ඛූනං නානප්පකාරතො මෙත්තාභාවනං දස්සෙත්වා ඉදානි යස්මා මෙත්තා සත්තාරම්මණත්තා අත්තදිට්ඨියා ආසන්නා හොති, තස්මා දිට්ඨිගහනනිසෙධනමුඛෙන තෙසං භික්ඛූනං තදෙව මෙත්තාඣානං පාදකං කත්වා අරියභූමිප්පත්තිං දස්සෙන්තො “දිට්ඨිඤ්ච අනුපග්ගම්මා”ති ඉමාය ගාථාය දෙසනං සමාපෙසි.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂූන්ට නොයෙක් ආකාරයෙන් මෛත්‍රී භාවනාව දක්වා දැන් - යම් හෙයකින් මේ මෛත්‍රීය සත්ත්වයන් අරමුණු කරන හෙයින් ආත්ම දෘෂ්ටියට ආසන්න වේ ද එහෙයින් දෘෂ්ටි ග්‍රහණය වැළැක්වීම් වශයෙන් ඒ භික්ෂූන්ට එම මෛත්‍රී ධ්‍යානයම පාදක කොට ආර්‍ය්‍ය භූමියට පැමිණීම දක්වන්නාහු “දිට්ඨිඤ්ච අනුපගම්ම” යන මේ ගාථාවෙන් දේශනාව අවසන් කළහ.
තස්සත්ථො – ය්වායං “බ්‍රහ්මමෙතං විහාරමිධමාහූ”ති සංවණ්ණිතො මෙත්තාඣානවිහාරො, තතො වුට්ඨාය යෙ තත්ථ විතක්කවිචාරාදයො ධම්මා, තෙ තෙසඤ්ච වත්ථාදිඅනුසාරෙන රූපධම්මෙ පරිග්ගහෙත්වා ඉමිනා නාමරූපපරිච්ඡෙදෙන “සුද්ධසඞ්ඛාරපුඤ්ජොයං, නයිධ සත්තූපලබ්භතී”ති (සං· නි· 1.171; මහානි· 186) එවං දිට්ඨිඤ්ච අනුපග්ගම්ම අනුපුබ්බෙන ලොකුත්තරසීලෙන සීලවා හුත්වා ලොකුත්තරසීලසම්පයුත්තෙනෙව සොතාපත්තිමග්ගසම්මාදිට්ඨිසඤ්ඤිතෙන දස්සනෙන සම්පන්නො, තතො පරං යොපායං වත්ථුකාමෙසු ගෙධො කිලෙසකාමො අප්පහීනො හොති, තම්පි සකදාගාමිඅනාගාමිමග්ගෙහි තනුභාවෙන අනවසෙසප්පහානෙන ච කාමෙසු ගෙධං විනෙය්ය විනයිත්වා වූපසමෙත්වා න හි ජාතු ගබ්භසෙය්යං පුන රෙති එකංසෙනෙව පුන ගබ්භසෙය්යං න එති. සුද්ධාවාසෙසු නිබ්බත්තිත්වා තත්ථෙව අරහත්තං පාපුණිත්වා පරිනිබ්බාතීති.
එහි අර්ථය : යම් මේ “බ්‍රහ්මමෙතං විහාරං ඉධමාහු” යයි වර්ණනා කළ මෛත්‍රී ධ්‍යාන විහාරයක් වේ ද එයින් නැගිට එහි යම් විතර්ක විචාර ආදී ධර්මයෝ වෙත් ද ඒවා ඔවුන්ගේ ද නියම කිරීම් අනුසාරයෙන් රූප ධර්මයන් විමසා බලා මේ නාම රූප බෙදා වෙන් කිරීම මගින් “මේ ශුද්ධ සංස්කාර ගොඩක් පමණි. මෙහි සත්ත්වයෙක් නොලැබේ” යයි මෙසේ “දිට්ඨිඤ්ච අනුපගම්ම” දෘෂ්ටියට නොඑළඹ පිළිවෙලින් ලෝකොත්තර ශීලයෙන් “සීලවා” සිල්වතෙක් වී ලෝකොත්තර ශීලයෙන් යුක්ත වීමෙන්ම සොතාපත්ති මග්ග සම්මා දිට්ඨි සඞ්ඛ්‍යාත “දස්සනෙන සම්පන්නො” දර්ශනයෙන් යුක්ත වූයේ ඉන් අනතුරුව යම් මේ වස්තු කාමයෙහි තෘෂ්ණාවක් වේ ද යම් ක්ලේශ කාමයක් ප්‍රහීණ නොවූයේ වේ ද එය ද සකදාගාමී, අනාගාමී මාර්ගයන්ට පැමිණීම් වශයෙන් නිරවශේෂ ප්‍රහාණයෙන් ද “කාමෙසු ගෙධං විනෙය්ය” කාමයන්හි තෘෂ්ණාව දුරු කරන්නේය. දුරුකොට සන්සිඳුවා “නහි ජාතු ගබ්භය්යෙං පුනරෙති” ඒකාන්ත වශයෙන්ම නැවත ගැබක සැතපීමට නොඑයි. සුද්ධාවාස බ්‍රහ්මලෝකයන්හි ඉපිද එහිම රහත් ඵලයට පත්ව පිරිනිවන් පායි යනුයි.
එවං භගවා දෙසනං සමාපෙත්වා තෙ භික්ඛූ ආහ – “ගච්ඡථ, භික්ඛවෙ, තස්මිංයෙව වනසණ්ඩෙ විහරථ, ඉමඤ්ච සුත්තං මාසස්ස අට්ඨසු ධම්මස්සවනදිවසෙසු ඝණ්ඩිං ආකොටෙත්වා උස්සාරෙථ, ධම්මකථං කරොථ සාකච්ඡථ අනුමොදථ, ඉදමෙව කම්මට්ඨානං ආසෙවථ භාවෙථ බහුලීකරොථ, තෙපි වො අමනුස්සා තං භෙරවාරම්මණං න දස්සෙස්සන්ති, අඤ්ඤදත්ථු අත්ථකාමා හිතකාමා භවිස්සන්තී”ති. තෙ “සාධූ”ති භගවතො පටිස්සුණිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා තත්ථ ගන්ත්වා තථා අකංසු. දෙවතායො ච “භදන්තා අම්හාකං අත්ථකාමා හිතකාමා”ති පීතිසොමනස්සජාතා හුත්වා සයමෙව සෙනාසනං සම්මජ්ජන්ති, උණ්හොදකං පටියාදෙන්ති, පිට්ඨිපරිකම්මං පාදපරිකම්මං කරොන්ති, ආරක්ඛං සංවිදහන්ති. තෙපි භික්ඛූ තමෙව මෙත්තං භාවෙත්වා තමෙව ච පාදකං කත්වා විපස්සනං ආරභිත්වා සබ්බෙ තස්මිංයෙව අන්තොතෙමාසෙ අග්ගඵලං අරහත්තං පාපුණිත්වා මහාපවාරණාය විසුද්ධිපවාරණං පවාරෙසුන්ති.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ දේශනාව නිමාකොට ඒ භික්ෂූන්ට වදාළහ. “මහණෙනි, යවු, එම වන ලැහැබෙහිම වසවු. මේ සූත්‍රය ද මාසයෙහි බණ අසන දින අටෙහි ගෙඩිය ගසා ශබ්ද නගා කියවු. ධර්ම කථා කරවු. සාකච්ඡා කරවු. අනුමෝදන් වවු. මේ කමටහන සේවනය කරවු. වඩවු. බහුල වශයෙන් කරවු. ඒ අමනුෂ්‍යයෝ ද තොපට ඒ භය ජනක අරමුණු නොදක්වන්නාහ. අනෙක් අතට අර්ථය කැමැත්තෝ හිත කැමැත්තෝ වන්නාහ යනුවෙනි. ඔවුහු යහපතැයි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී ආසනවලින් නැගිට භාග්‍යවතුන් වහන්සේට වන්දනා කොට ප්රදක්ෂිණා කොට එහි ගොස් එසේ කළහ. දේවතාවෝ ස්වාමීන් වහන්සේලා අපගේ අර්ථය කැමැත්තෝය. හිත කැමැතෝ යයි හටගත් ප්‍රීති සොම්නස් ඇත්තෝ වී තමාම සෙනසුන් අමදිති. උණුදිය පිළියෙල කොට දෙති. පිට පිරිමැදීම, පා පිරිමැදීම කරති. ආරක්ෂාව සංවිධානය කරති. ඒ භික්ෂුහු ද එසේම මෛත්‍රිය වඩා එයම පාදක කොට විදර්ශනාව ආරම්භ කොට සියල්ලෝම ඒ වස් තුන් මස ඇතුළතදීම අග්‍ර ඵලය වූ රහත් ඵලයට පත්ව මහා පවාරණයෙන් විසුද්ධි පවාරණය පැවරූහ යනුයි.
එවම්පි අත්ථකුසලෙන තථාගතෙන, ධම්මිස්සරෙන කථිතං කරණීයමත්ථං; කත්වානුභුය්ය පරමං හදයස්ස සන්තිං, සන්තං පදං අභිසමෙන්ති සමත්තපඤ්ඤා.
මෙසේ ධර්මයට අධිපති අර්ථයෙහි දක්ෂ තථාගතයන් වහන්සේ විසින් දේශිත කළ යුතු අර්ථයන් අනුගමනය කොට හදවතෙහි පරම ශාන්තිය වින්දනය කොට පුරන ලද ප්‍රඥා ඇත්තේ ශාන්ත පදය අවබෝධ කරති.
තස්මා හි තං අමතමබ්භුතමරියකන්තං, සන්තං පදං අභිසමෙච්ච විහරිතුකාමො; විඤ්ඤූ ජනො විමලසීලසමාධිපඤ්ඤා- භෙදං කරෙය්ය සතතං කරණීයමත්ථන්ති.
එබැවින් ඒ අමෘත වූ අද්භූත වූ ආර්‍ය්‍යකාන්ත වූ ශාන්ත පදයට එළඹ වසනු කැමති නිර්මල ශීල සමාධි ප්‍රඥාවෙන් යුත් නුවණැති ජනයා කළ යුතු අර්ථයන් විශේෂයෙන් ක්‍රියාත්මක කරන්නේය.
පරමත්ථජොතිකාය ඛුද්දකපාඨ-අට්ඨකථාය මෙත්තසුත්තවණ්ණනා නිට්ඨිතා.
මෙත්ත සුත්ත වර්ණනාව නිමියේය.