64-67. සුද්ධිකපටිසම්භිදාඤාණනිද්දෙසවණ්ණනා අට්ඨකථා
64-67. සුද්ධිකපටිසම්භිදාඤාණනිද්දෙසවණ්ණනා
64-67. සුද්ධික ඤාණ නිර්දේශ වර්ණනාව
සුද්ධිකපටිසම්භිදාඤාණනිද්දෙසෙ ඉමෙසං ඤාණානං පභෙදාභාවතොයෙව හෙට්ඨා විය පභෙදං අදස්සෙත්වායෙව අත්ථෙසු ඤාණං අත්ථපටිසම්භිදාතිආදි වුත්තං. පඤ්ඤාපභෙදාභාවෙපි අත්තනා පටිවිද්ධචතුසච්චධම්මමත්තවසෙන නානත්තසබ්භාවතො අත්ථනානත්තෙ පඤ්ඤා අත්ථපටිසම්භිදෙ ඤාණන්තිආදි වුත්තං. තත්ථ නානත්තෙති අත්ථාදීනං අනෙකභාවෙ. වවත්ථානෙති අත්ථාදීනං නිච්ඡයනෙ. සල්ලක්ඛණෙති අත්ථාදීනං සම්මාදස්සනෙ. උපලක්ඛණෙති අත්ථාදීනං භුසංදස්සනෙ. පභෙදෙති අත්ථාදීනං නානාභෙදෙ. පභාවනෙති අත්ථාදීනං පාකටීකරණෙන උප්පාදනෙ. ජොතනෙති අත්ථාදීනං දීපනෙ. විරොචනෙති අත්ථාදීනං විවිධා දීපනෙ. පකාසනෙති අත්ථාදීනං පභාසනෙ . “නානත්තෙ”ති මූලපදං කත්වා සබ්බසාධාරණවසෙන වුත්තං. “වවත්ථානෙ”ති සොතාපන්නස්ස වසෙන, “සල්ලක්ඛණෙ උපලක්ඛණෙ”ති සකදාගාමිස්ස වසෙන, “පභෙදෙ පභාවනෙ”ති අනාගාමිස්ස වසෙන, “ජොතනෙ විරොචනෙ පකාසනෙ”ති අරහතො වසෙන වුත්තන්ති එවම්පෙත්ථ යොජනා කාතබ්බාති.
සුද්ධික ප්‍රතිසම්භිදා නිර්දේශයෙහි, මෙම ඤාණයන්ගේ ප්‍රභේද නොමැති හෙයින්ම, යට මෙන් ප්‍රභේද නොදක්වාම ‘අර්ථයන්හි ඤාණ අර්ථ ප්‍රතිසම්භිදා’ යයි ආදිය යූ.සේයි. ප්‍රඥා ප්‍රභේද නොමැති කල්හිද, තමා විසින් අවබෝධ කරන ලද සිව්සස් දම් මාත්‍ර වශයෙන් වෙනස් බව යෙදෙන හෙයින් ‘අර්ථ නානත්වයෙහි ප්‍රඥාව අර්ථ ප්‍රතිසම්භිදා ඤාණයයි’ ආදිය යූ.සේයි. නානත්තෙ යනු අර්ථාදීන්ගේ විවිධාකාර භාවයෙහි, වවත්ථානෙ යනු අර්ථාදීන්ගේ නිශ්චය කිරීමෙහි, සල්ලක්ඛණෙ යනු අර්ථාදීන් මනාව දැක්මෙහි, උපලක්ඛණෙ යනු අර්ථාදීන්හි වැඩිමනත් දැක්මෙහි, පභෙදෙ යනු අර්ථාදීන්හි නොයෙක් භේදයන්හි, පභාවනෙ යනු අර්ථාදීන්හි ප්‍රකට කිරීමෙන් හටගැන්වීමෙහි, ජොතනෙ යනු අර්ථාදීන්ගේ දැක්වීමෙහි, විරොචනෙ යනු අර්ථාදීන්ගේ විවිධාකාරයෙන් දැක්වීමෙහි, පකාසනෙ යනු අර්ථාදීන්ගේ බැබළවීමෙහි නානත්තෙයයි මුල්පදය කොට සියල් සාධාරණ වශයෙන් යූ.සේයි. වවත්ථානෙ යනු සෝවාන් වූවහුගේ වශයෙන්, සල්ලක්ඛණෙ, උපලක්ඛණෙ යනු සකෘදාගාමිහුගේ වශයෙන්, ‘පභෙදෙ පභාවනෙ’ අනාගාමිහුගේ වශයෙන්, ‘ජොතනෙ විරොචනෙ පකාසනෙ’ යනු අර්හත්හුගේ වශයෙන් කියන ලදැයි මෙසේද මෙහි යෙදීම් කළයුත්තාහ.
සුද්ධිකපටිසම්භිදාඤාණනිද්දෙසවණ්ණනා නිට්ඨිතා.
සුද්ධික ඤාණ නිර්දේශ වර්ණනාව නිමි.
ඉති සද්ධම්මප්පකාසිනියා පටිසම්භිදාමග්ග-අට්ඨකථාය
පඨමො භාගො නිට්ඨිතො.
(දුතියො භාගො)
(දෙවන භාගය)