යෙදුමෙන් කියවන්න

68. ඉන්‍ද්‍රියපරොපරියත‍්තඤාණනිද‍්දෙසවණ‍්ණනා අට‍්ඨකථා

68. ඉන්‍ද්‍රියපරොපරියත‍්තඤාණනිද‍්දෙසවණ‍්ණනා

68. ඉන්‍ද්‍රිය පරාවරතා ඤාණ නිර්දේශ වර්ණනාව

ඉන්‍ද්‍රියපරොපරියත‍්තඤාණනිද‍්දෙසෙ තථාගතස‍්සාති වචනෙ උද‍්දෙසෙ සරූපතො අවිජ‍්ජමානෙපි “ඡ ඤාණානි අසාධාරණානි සාවකෙහී”ති (පටි· ම· මාතිකා 1.73) වුත‍්තත‍්තා “තථාගතස‍්සා”ති වුත‍්තමෙව හොති. තස‍්මා උද‍්දෙසෙ අත්‍ථතො සිද‍්ධස‍්ස තථාගතවචනස‍්ස නිද‍්දෙසෙ ගහණං කතං. සත‍්තෙ පස‍්සතීති රූපාදීසු ඡන්‍දරාගෙන සත‍්තතාය ලග‍්ගතාය සත‍්තා, තෙ සත‍්තෙ ඉන්‍ද්‍රියපරොපරියත‍්තඤාණෙන චක‍්ඛුනා පස‍්සති ඔලොකෙති. අප‍්පරජක‍්ඛෙති පඤ‍්ඤාමයෙ අක‍්ඛිම‍්හි අප‍්පං රාගාදිරජො එතෙසන‍්ති අප‍්පරජක‍්ඛා, අප‍්පං රාගාදිරජො එතෙසන‍්ති වා අප‍්පරජක‍්ඛා. තෙ අප‍්පරජක‍්ඛෙ. මහාරජක‍්ඛෙති පඤ‍්ඤාමයෙ අක‍්ඛිම‍්හි මහන‍්තං රාගාදිරජො එතෙසන‍්ති මහාරජක‍්ඛා, මහන‍්තං රාගාදිරජො එතෙසන‍්ති වා මහාරජක‍්ඛා. තික‍්ඛින්‍ද්‍රියෙ මුදින්‍ද්‍රියෙති තික‍්ඛානි සද‍්ධාදීනි ඉන්‍ද්‍රියානි එතෙසන‍්ති තික‍්ඛින්‍ද්‍රියා, මුදූනි සද‍්ධාදීනි ඉන්‍ද්‍රියානි එතෙසන‍්ති මුදින්‍ද්‍රියා. ස‍්වාකාරෙ ද‍්වාකාරෙති සුන්‍දරා සද‍්ධාදයො ආකාරා කොට‍්ඨාසා එතෙසන‍්ති ස‍්වාකාරා, කුච‍්ඡිතා ගරහිතා සද‍්ධාදයො ආකාරා කොට‍්ඨාසා එතෙසන‍්ති ද‍්වාකාරා. සුවිඤ‍්ඤාපයෙ දුවිඤ‍්ඤාපයෙති යෙ කථිතං කාරණං සල‍්ලක‍්ඛෙන‍්ති සුඛෙන සක‍්කා හොන‍්ති විඤ‍්ඤාපෙතුං, තෙ සුවිඤ‍්ඤාපයා, තබ‍්බිපරීතා දුවිඤ‍්ඤාපයා. අප‍්පෙකච‍්චෙ පරලොකවජ‍්ජභයදස‍්සාවිනොති අපි එකෙ පරලොකඤ‍්චෙව රාගාදිවජ‍්ජඤ‍්ච භයතො පස‍්සන‍්තෙ, ඉමස‍්ස පන පදස‍්ස නිද‍්දෙසෙ පරලොකස‍්සෙව න වුත‍්තත‍්තා ඛන්‍ධාදිලොකෙ ච රාගාදිවජ‍්ජෙ ච පරං බාළ‍්හං භයං පස‍්සනසීලාති පරලොකවජ‍්ජභයදස‍්සාවිනො. තෙ පරලොකවජ‍්ජභයදස‍්සාවිනෙති එවමත්‍ථො ගහෙතබ‍්බො. අප‍්පෙකච‍්චෙ න පරලොකවජ‍්ජභයදස‍්සාවිනොති තබ‍්බිපරීතෙ. ලොකොති ච ලුජ‍්ජනපලුජ‍්ජනට‍්ඨෙන. වජ‍්ජන‍්ති ච වජ‍්ජනීයට‍්ඨෙන. එත‍්තාවතා උද‍්දෙසස‍්ස නිද‍්දෙසො කතො හොති.

ඉන්‍ද්‍රිය පරොපරියත්ත ඤාණ නිර්දේශයෙහි, තථාගතස්ස යන වචන උදෙසීමෙහි, ස්වරූපයෙන් අවිද්‍යමාන වූද, ශ්‍රාවකයින්ගෙන් අසාධාරණ ෂට් ඤාණයන්යැයි කියන ලද හෙයින්, තථාගතයන් වහන්සේටමැයි කියන ලද්දේම වේ. එහෙයින් උද්දේශයෙහි අර්ථ වශයෙන්, සිද්ධ වූ, තථාගත වචන නිර්දේශයෙහි ග්‍රහණය කරන ලදි. සත්තෙ පස්සති යනු රූපාදීන්හි කැමැත්ත හා ඇල්මෙන් ඇලුණු බැවින්, ඇලී සිටි හෙයින් සත්ත්වයෝය. එම සත්ත්වයින් ඉන්‍ද්‍රිය පරො පරියත්ත ඤාණ චක්‍ෂුසින් බලයි. අප්පරජක්ඛෙ යන ප්‍රඥාමය ඇසෙහි ස්වල්ප වූ රාගාදී රජස් ඔවුන්ටනුයි අල්ප රජස්කයි. එම අල්ප රජස්කයින්, මහා රජක්ඛෙ යනු ප්‍රඥාමය ඇසෙහි මහත් වූ රාගාදී රජස් ඔවුන්ටනුයි මහාරජස්කයි. මහත් වූ රාගාදී කෙලෙස් ඔවුන්ටනුයි හෝ මහා රජස්කයි. තික්ඛින්‍ද්‍රියෙ මුනින්‍ද්‍රියෙ යනු තීක්‍ෂණ ශ්‍රද්ධාදී ඉන්‍ද්‍රියයන් ඔවුන්ටනුයි තික්ඛින්‍ද්‍රියායි. මෘදු වූ ශ්‍රද්ධාදී ඉන්‍ද්‍රියයන් ඔවුන්ටනුයි මුදින්‍ද්‍රියායි. ස්වාකාරෙ ද්වාකාරෙ යනු සොඳුරු ශ්‍රද්ධාදී, ආකාර, කොටස් ඔවුන්ටනුයි ස්වාකාරයි. පිළිකුල් ගර්හා කරන ලද, ශ්‍රද්ධාදී ආකාර කොටස් ඔවුන්ටනුයි ද්වාකාරයි. සුවිඤ්ඤාපයෙ, දුවිඤ්ඤාපයෙ යනු යම්කෙනෙක් කියන ලද කරුණ, නිසිපරිදි විමසා වටහා ගනිත්ද? ඉතා පහසුවෙන් අවබෝධ කරවීමට හැකිවෙත්ද? ඔවුහු සුවිඤ්ඤාපයයි. ඉන් විපරීතය දුවිඤ්ඤාපයයි. අප්පෙකච්චෙ පරලොක වජ්ජභය දස්සාවිනො යනු ඇතැම්හු පරලොවදී, රාගාදී දොස්ද භය වශයෙන් දක්නාහු, මෙම පද විස්තරයෙහි, ලෝකය පිළිබඳවම කියන ලද හෙයින් ස්කන්ධාදී ලෝකයෙහිද, රාගාදී දෝෂයන්හි, දැඩිව භය දක්නා සුලුයයි හෝ පරලොක භය දස්සාවිනොයි. ඒ පරලොව දොස්හි බියදක්නා සුලුවූයේ යයි මෙසේ අර්ථගත යුතුය. අප්පෙකච්චෙ න පරලොක වජ්ජ භය දස්සාවිනො යනු ඉන් විපරීතයයි ලෝක යනු කැඩී බිඳී යන අර්ථයෙනි. වජ්ජං යනු දුරුකළයුතු අර්ථයෙනි. මෙතෙකින් උද්දෙසයෙහි නිර්දේශය කරන ලද්දේ වේ.

පුන නිද‍්දෙසස‍්ස පටිනිද‍්දෙසං කරොන‍්තො අප‍්පරජක‍්ඛෙ මහාරජක‍්ඛෙතිආදිමාහ. තත්‍ථ තීසු රතනෙසු ඔකප‍්පනසඞ‍්ඛාතා සද‍්ධා අස‍්ස අත්‍ථීති සද‍්ධො. සො සද‍්ධාසම‍්පන‍්නො පුග‍්ගලො අස‍්සද‍්ධියරජස‍්ස චෙව අස‍්සද‍්ධියමූලකස‍්ස සෙසාකුසලරජස‍්ස ච අප‍්පකත‍්තා අප‍්පරජක‍්ඛො. නත්‍ථි එතස‍්ස සද‍්ධාති අස‍්සද‍්ධො. සො වුත‍්තප‍්පකාරස‍්ස රජස‍්ස මහන‍්තත‍්තා මහාරජක‍්ඛො. ආරද‍්ධං වීරියමනෙනාති ආරද‍්ධවීරියො. සො කොසජ‍්ජරජස‍්ස චෙව කොසජ‍්ජමූලකස‍්ස සෙසාකුසලරජස‍්ස ච අප‍්පකත‍්තා අප‍්පරජක‍්ඛො. හීනවීරියත‍්තා කුච‍්ඡිතෙන ආකාරෙන සීදතීති කුසීදො, කුසීදො එව කුසීතො. සො වුත‍්තප‍්පකාරස‍්ස රජස‍්ස මහන‍්තත‍්තා මහාරජක‍්ඛො. ආරම‍්මණං උපෙච‍්ච ඨිතා සති අස‍්සාති උපට‍්ඨිතස‍්සති. සො මුට‍්ඨස‍්සච‍්චරජස‍්ස චෙව මුට‍්ඨස‍්සච‍්චමූලකස‍්ස සෙසාකුසලරජස‍්ස ච අප‍්පකත‍්තා අප‍්පරජක‍්ඛො. මුට‍්ඨා නට‍්ඨා සති අස‍්සාති මුට‍්ඨස‍්සති. සො වුත‍්තප‍්පකාරස‍්ස රජස‍්ස මහන‍්තත‍්තා මහාරජක‍්ඛො. අප‍්පනාසමාධිනා උපචාරසමාධිනා වා ආරම‍්මණෙ සමං, සම‍්මා වා ආහිතො ඨිතොති සමාහිතො, සමාහිතචිත‍්තොති වා සමාහිතො. සො උද‍්ධච‍්චරජස‍්ස චෙව උද‍්ධච‍්චමූලකස‍්ස සෙසාකුසලරජස‍්ස ච අප‍්පකත‍්තා අප‍්පරජක‍්ඛො. න සමාහිතො අසමාහිතො. සො වුත‍්තප‍්පකාරස‍්ස රජස‍්ස මහන‍්තත‍්තා මහාරජක‍්ඛො. උදයත්‍ථගාමිනී පඤ‍්ඤා අස‍්ස අත්‍ථීති පඤ‍්ඤවා. සො මොහරජස‍්ස චෙව මොහමූලකස‍්ස සෙසාකුසලරජස‍්ස ච අප‍්පකත‍්තා අප‍්පරජක‍්ඛො. මොහමූළ‍්හත‍්තා දුට‍්ඨා පඤ‍්ඤා අස‍්සාති දුප‍්පඤ‍්ඤො. සො වුත‍්තප‍්පකාරස‍්ස රජස‍්ස මහන‍්තත‍්තා මහාරජක‍්ඛො. සද‍්ධො පුග‍්ගලො තික‍්ඛින්‍ද්‍රියොති බහුලං උප‍්පජ‍්ජමානාය බලවතියා සද‍්ධාය සද‍්ධො, තෙනෙව සද‍්ධින්‍ද්‍රියෙන තික‍්ඛින්‍ද්‍රියො. අස‍්සද‍්ධො පුග‍්ගලො මුදින්‍ද්‍රියොති බහුලං උප‍්පජ‍්ජමානෙන අස‍්සද‍්ධියෙන අස‍්සද‍්ධො, අන‍්තරන‍්තරා උප‍්පජ‍්ජමානෙන දුබ‍්බලෙන සද‍්ධින්‍ද්‍රියෙන මුදින්‍ද්‍රියො. එස නයො සෙසෙසුපි. සද‍්ධො පුග‍්ගලො ස‍්වාකාරොති තාය එව සද‍්ධාය සොභනාකාරො. අස‍්සද‍්ධො පුග‍්ගලො ද‍්වාකාරොති තෙනෙව අස‍්සද‍්ධියෙන විරූපාකාරො. එස නයො සෙසෙසුපි. සුවිඤ‍්ඤාපයොති සුඛෙන විඤ‍්ඤාපෙතුං සක‍්කුණෙය්‍යො. දුවිඤ‍්ඤාපයොති දුක‍්ඛෙන විඤ‍්ඤාපෙතුං සක‍්කුණෙය්‍යො. පරලොකවජ‍්ජභයදස‍්සාවීති එත්‍ථ යස‍්මා පඤ‍්ඤාසම‍්පන‍්නස‍්සෙව සද‍්ධාදීනි සුපරිසුද‍්ධානි හොන‍්ති, තස‍්මා සුපරිසුද‍්ධසද‍්ධාදිසම‍්පන‍්නො තංසම‍්පයුත‍්තාය, සුපරිසුද‍්ධසද‍්ධාදිසම‍්පන‍්නොපි වා තප‍්පච‍්චයාය පඤ‍්ඤාය පරලොකවජ‍්ජභයදස‍්සාවී හොති. තස‍්මා එව හි සද‍්ධාදයොපි චත‍්තාරො “පරලොකවජ‍්ජභයදස‍්සාවී”ති වුත‍්තා.

නැවත නිර්දේශයෙහි, ප්‍රතිර්දේශය කරනුයේ ‘අප්පරජක්ඛෙ මහා රජක්ඛෙ’ ආදිය වදාළහ. එහි ත්‍රිවිධ රත්නයන්හි විශ්වාස කිරීම් සංඛ්‍යාත ශ්‍රද්ධාව මොහුට ඇත්තේනුයි සද්ධොයි. ඒ ශ්‍රද්ධා සම්පන්න පුද්ගලයා අශ්‍රද්ධා නමැති දුහුවිල්ලගේද, අශ්‍රද්ධාමූලික සෙසු අකුසල දුහුවිල්ලගේද, අල්ප බැවින් අප්පරජක්ඛොයි. ඔහුට ශ්‍රද්ධාව නැත්තේනුයි අස්සද්ධොයි. හෙතෙම කියන ලද ආකාර ඇති කෙලෙස් දුහුවිල්ලෙන් මහත් බැවින් මහා රජක්ඛොයි. මොහු විසින් වීර්යය අරඹන ලද්දේනුයි ආරද්ධවිරියොයි. හෙතෙම කුසීතකම නමැති දුහුවිල්ලගේද, කුසීතකම මූලිකකොට ඇති සෙසු අකුසල් දුහුවිල්ලගේද අල්ප බැවින් අප්පරජක්ඛොයි. දුර්වල වීර්යවත් බැවින්, පිළිකුල් ආකාරයෙන් ගිලාබසීනුයි කුසීදයි. කුසීදම කුසීතොයි. හෙතෙම කියන ලද ආකාර ඇති දුහුවිල්ලගේ මහත් බවින් මහරජක්ඛොයි. අරමුණට එළැඹ සිටි සිහිය මොහුටනුයි උපට්ඨිත සතියි. ඔහු සිහිමුළාව නමැති දුහුවිල්ලගේද, සිහිමුලාව මූලික සෙසු අකුසල් දුහුවිල්ලගේද, අල්පතාව බැවින් අප්පරජක්ඛොයි. මුළා වූ නට සිහිය මොහුටනුයි මුට්ඨස්සතියි. හෙතෙම කියන ලද ආකාර ඇති දුහුවිල්ලගේ මහත් බැවින් මහා රජක්ඛොයි අර්පණා සමාධියෙන් හෝ උපචාර සමාධියෙන් අරමුණෙහි සමව, මනාව, එළවන ලද්දේ සිටියේනුයි සමාහිතොයි. එය නොසන්සුන්කම නමැති දුහුවිල්ලගේද, නොසන්සුන්කම මූලික සෙසු අකුසල් දුහුවිල්ලගේද අල්ප බැවින් අප්පරජක්ඛොයි. තැන්පත් නුවූයේ අසමාහිතොයි. එය කියන ලද ආකාර ඇති දුහුවිල්ලගේ මහත් බැවින් මහාරජක්ඛොයි. හටගැනීම හා විනාශය දක්නා නුවණ මොහුට ඇත්තේනුයි පඤ්ඤවායි. එය මෝහ නමැති දුහුවිල්ලගේද, මෝහමූලික සෙසු අකුසල් දුහුවිල්ලගේද අල්ප බැවින් අප්පරජක්ඛොයි. මෝහයෙන් මුළාවූ හෙයින් දුෂ්ට ප්‍රඥාව මොහුටනුයි දුප්පඤ්ඤොයි. එය කියන ලද ආකාර ඇති දුහුවිල්ලගේ මහත් බැවින් මහාරජක්ඛොයි. සද්ධො පුග්ගලො තික්ඛින්‍ද්‍රියො යනු බහුලව උපදිනු ලබන බලවත් ශ්‍රද්ධාවෙන් ශ්‍රද්ධාවත් වූයේ, එම ශ්‍රද්ධා ඉන්‍ද්‍රියයෙන්ම තීක්‍ෂණ ඉන්‍ද්‍රිය ඇතියේ. අස්සද්ධො පුග්ගලො මුදින්‍ද්‍රියො යනු බහුලව උපදිනු ලබන අශ්‍රද්ධාවෙන් අශ්‍රද්ධාවත් වූයේ අතරින් පතර උපදිනු ලබන දුර්වල සද්ධින්‍ද්‍රියෙන් මුදින්‍ද්‍රියොයි. සෙස්සෙහිද එම ක්‍රමයමැයි. සද්ධො පුග්ගලො ස්වාකාරො යනු එම ශ්‍රද්ධාවගේම බබළන ආකාරයයි. අස්සද්ධො පුග්ගලො ද්වාකාරො යනු එම අශ්‍රද්ධාවෙන්ම විරූපාකාරයයි. සෙස්සෙහිද එම ක්‍රමයමැයි. සුවිඤ්ඤාපයො යනු පහසුවෙන් අවබෝධ කරවන්ට හැකිවන්නේය. දුවිඤ්ඤාපයො යනු දුකසේ අවබෝධ කරවන්ට හැකිවන්නේය යනුයි. පරලොව වජ්ජ භය දස්සාවී යන මෙහි නුවණැත්තහුගේම ශ්‍රද්ධාදීහු සුපිරිසිදු වෙති. එහෙයින් සුපිරිසිදු ශ්‍රද්ධාදියෙන් සමන්විත, ඒ හා යෙදුණු සුපිරිසිදු ශ්‍රද්ධාදියෙන්, සමන්විත වූයේද, ඒ හේතුයෙන් හටගත් ප්‍රඥාවෙන් පරලොව දොස් භය වශයෙන් දක්නේ වේ. එහෙයින්ම ශ්‍රද්ධාදී සතර, පරලෝ දොස් භය වශයෙන් දක්නේ යයි යූ.සේයි.

ඉදානි “පරලොකවජ‍්ජභයදස‍්සාවී”ති එත්‍ථ වුත‍්තං ලොකඤ‍්ච වජ‍්ජඤ‍්ච දස‍්සෙතුං ලොකොතිආදිමාහ. එත්‍ථ ඛන්‍ධා එව ලුජ‍්ජනපලුජ‍්ජනට‍්ඨෙන ලොකොති ඛන්‍ධලොකො. සෙසද‍්වයෙපි එසෙව නයො. විපත‍්තිභවලොකොති අපායලොකො. සො හි අනිට‍්ඨඵලත‍්තා විරූපො ලාභොති විපත‍්ති, භවතීති භවො, විපත‍්ති එව භවො විපත‍්තිභවො, විපත‍්තිභවො එව ලොකො විපත‍්තිභවලොකො. විපත‍්තිසම‍්භවලොකොති අපායූපගං කම‍්මං. තඤ‍්හි සම‍්භවති එතස‍්මා ඵලන‍්ති සම‍්භවො, විපත‍්තියා සම‍්භවො විපත‍්තිසම‍්භවො, විපත‍්තිසම‍්භවො එව ලොකො විපත‍්තිසම‍්භවලොකො. සම‍්පත‍්තිභවලොකොති සුගතිලොකො. සො හි ඉට‍්ඨඵලත‍්තා සුන්‍දරො ලාභොති සම‍්පත‍්ති, භවතීති භවො, සම‍්පත‍්ති එව භවො සම‍්පත‍්තිභවො, සම‍්පත‍්තිභවො එව ලොකො සම‍්පත‍්තිභවලොකො. සම‍්පත‍්තිසම‍්භවලොකොති සුගතූපගං කම‍්මං. තඤ‍්හි සම‍්භවති එතස‍්මා ඵලන‍්ති සම‍්භවො, සම‍්පත‍්තියා සම‍්භවො සම‍්පත‍්තිසම‍්භවො, සම‍්පත‍්තිසම‍්භවො එව ලොකො සම‍්පත‍්තිසම‍්භවලොකො. එකො ලොකොතිආදීනි හෙට‍්ඨා වුත‍්තත්‍ථානෙව.

දැන් ‘පරලොක භය දස්සාවී’ යන මෙහි කියන ලද, ලෝකයද, දොස්ද දක්වන්ට, ‘ලොකො’ යන ආදිය වදාළහ. එහි ස්කන්ධයෝම කැඩී බිඳී යන අර්ථයෙන් ලෝක යනුයි ඛන්‍ධලොකොයි. සෙස් ද්වයයෙහිම එම ක්‍රමයමැයි. විපත්ති භව ලොකො යනු අපාය ලෝකයයි. එය වනාහි අනිටුඵල හෙයින් විරූපී ලාභයනුයි විපත්තියි. වේනුයි භවයයි. විපතම භවයනුයි විපත්ති භවයි. විපත්තිභවයම ලෝකයනුයි විපත්ති භව ලොකො, විපත්ති සම්භව ලොකො යනු අපායට එළැඹෙන කර්මයයි. එය වනාහි එයින් ඵලය හටගනීනුයි සම්භවයි. විපතෙහි හටගැන්ම විපත්ති සම්භවයි. විපත්ති හටගැන්මම ලෝකයනුයි විපත්ති සම්භව ලොකො, සම්පත්ති භව ලොකො යනු සුගති ලෝකයයි. එය යහපත් ඵලදෙන හෙයින්, ලාභයනුයි සම්පත්තියි වේනුයි භවයි. සම්පත්තියම භවයනුයි සම්පත්ති භවයි. සම්පත්ති භවයම ලෝකයනුයි සම්පත්ති භව ලොකො, සම්පත්ති සම්භව ලොකො යනු සුගතියට එළැඹෙන කර්මයයි. එය වනාහි ඉන් ඵලය හටගනීනුයි සම්භවයි. සැපතෙහි හටගැන්ම සම්පත්ති සම්භවයි. සම්පත්ති සම්භවයම ලෝකයනුයි සම්පත්ති සම්භව ලොකො, එකො ලොකො යනාදිය යට කියන ලද අර්ථමය.

වජ‍්ජන‍්ති නපුංසකවචනං අසුකොති අනිද‍්දිට‍්ඨත‍්තා කතං. කිලෙසාති රාගාදයො. දුච‍්චරිතාති පාණාතිපාතාදයො. අභිසඞ‍්ඛාරාති පුඤ‍්ඤාභිසඞ‍්ඛාරාදයො. භවගාමිකම‍්මාති අත‍්තනො විපාකදානවසෙන භවං ගච‍්ඡන‍්තීති භවගාමිනො, අභිසඞ‍්ඛාරෙසුපි විපාකජනකානෙව කම‍්මානි වුත‍්තානි. ඉතීති වුත‍්තප‍්පකාරනිදස‍්සනං. ඉමස‍්මිඤ‍්ච ලොකෙ ඉමස‍්මිඤ‍්ච වජ‍්ජෙති වුත‍්තප‍්පකාරෙ ලොකෙ ච වජ‍්ජෙ ච. තිබ‍්බා භයසඤ‍්ඤාති බලවතී භයසඤ‍්ඤා. තිබ‍්බාති පරසද‍්දස‍්ස අත්‍ථො වුත‍්තො, භයසඤ‍්ඤාති භයසද‍්දස‍්ස, ලොකවජ‍්ජද‍්වයම‍්පි හි භයවත්‍ථුත‍්තා සයඤ‍්ච සභයත‍්තා භයං, භයමිති සඤ‍්ඤා භයසඤ‍්ඤා. පච‍්චුපට‍්ඨිතා හොතීති තං තං පටිච‍්ච උපෙච‍්ච ඨිතා හොති. සෙය්‍යථාපි උක‍්ඛිත‍්තාසිකෙ වධකෙති යථා නාම පහරිතුං උච‍්චාරිතඛග‍්ගෙ පච‍්චාමිත‍්තෙ තිබ‍්බා භයසඤ‍්ඤා පච‍්චුපට‍්ඨිතා හොති, එවමෙව ලොකෙ ච වජ‍්ජෙ ච තිබ‍්බා භයසඤ‍්ඤා පච‍්චුපට‍්ඨිතා හොති. ඉමෙහි පඤ‍්ඤාසාය ආකාරෙහීති අප‍්පරජක‍්ඛපඤ‍්චකාදීසු දසසු පඤ‍්චකෙසු එකෙකස‍්මිං පඤ‍්චන‍්නං පඤ‍්චන‍්නං ආකාරානං වසෙන පඤ‍්ඤාසාය ආකාරෙහි. ඉමානි පඤ‍්චින්‍ද්‍රියානීති සද‍්ධින්‍ද්‍රියාදීනි පඤ‍්චින්‍ද්‍රියානි . ජානාතීති තථාගතො පඤ‍්ඤාය පජානාති. පස‍්සතීති දිබ‍්බචක‍්ඛුනා දිට‍්ඨං විය කරොති. අඤ‍්ඤාතීති සබ‍්බාකාරමරියාදාහි ජානාති. පටිවිජ‍්ඣතීති එකදෙසං අසෙසෙත්‍වා නිරවසෙසදස‍්සනවසෙන පඤ‍්ඤාය පදාලෙතීති.

වජ්ජං යනු අසවලා යැයි අනිර්දිෂ්ටහෙයින් නපුංසක වචනය කරන ලදි. කිලෙසා යනු රාගාදීහුය. දුච්චරිතා යනු ප්‍රාණඝාතාදීහුය. අභිසංඛාරා යනු පුණ්‍යාභිසංස්කාරාදීහුය. භවගාමි කම්මා යනු තමාට විපාකදීම් වශයෙන් භවයට යෙත්නුයි භවගාමිනො; අභිසංස්කාරයන්හිද විපාක හටගන්වන්නා වූම කර්ම යූ.සේයි. ඉති යනු කියන ලද ආකාර දැක්වීමයි. ඉමස්මිං ච ලොකෙ ඉමස්මිං ච වජ්ජෙ යනු කියන ලද ආකාර ඇති ලෝකයෙහි ද, වද්‍යයෙහිද, තිබ්බාභය සඤ්ඤා බලවත් භය සංඥාව, තිබ්බා පර ශබ්දයෙහි අර්ථය යූ.සේයි. ‘භය සඤ්ඤා’ යනු භය ශබ්දයෙහි ලෝක වද්‍ය ද්වයයද භය හේතු හෙයින් භයද, බිය හෙයින් බියවූයේ බියවෙමියි සංඥාව භය සංඥායි. පච්චුපට්ඨිතා හොති ඒ ඒ කරුණ හේතුකොට එළඹ සිටියාහු වේ. සෙය්‍යථාපි උක්ඛිත්තාසිකෙ වධකෙ යනු යම්සේ නම් පහරදෙන්ට ඔසවන ලද කඩුව සහිත පසමිතුරා කෙරෙහි තියුණු බිය හැඟීම එළඹ සිටියාහු වේද? එපරිද්දෙන් ලෝකයෙහිද වද්‍යයෙහිද තියුණු බිය හැඟීම එළඹ සිටියාහු වේ. ඉමෙහි පඤ්ඤාසාය ආකාරෙහි යනු අල්ප රජස්ක පංචකාදීන්හි, දස පඤ්චකයන් වශයෙන්, එකිනෙකෙහි පහක් පහක් බැගින් වූ ආකාර වශයෙන් ‘පණස් ආකාරයන්ගෙන්’ ඉමානි පඤ්චින්‍ද්‍රියානි යනු සද්ධින්‍ද්‍රිය ආදී පඤ්චෙන්‍ද්‍රියයන්, ජානාති යනු තථාගතයන් වහන්සේ ප්‍රඥාවෙන් දැනගනිති. පස්සති යනු දිවැසින් දිටියේ මෙන් කරයි. අඤ්ඤාති යනු සියලු ආකාරයන්ගෙන් වැළඳගෙන දනියි. පටිවිජ්ඣති එක් කොටසක් හෝ ඉතිරි නොකොට නිරවශේෂ දර්ශන වශයෙන් ප්‍රඥාවෙන් පළයි යන අර්ථයි.

ඉන්‍ද්‍රියපරොපරියත‍්තඤාණනිද‍්දෙසවණ‍්ණනා නිට‍්ඨිතා.

ඉන්‍ද්‍රිය පරාවරතා ඤාණ නිර්දේශ වර්ණනාව නිමි.