69. ආසයානුසයඤාණනිද්දෙසවණ්ණනා අට්ඨකථා
69. ආසයානුසයඤාණනිද්දෙසවණ්ණනා
69. ආසයානුසය ඤාණ නිර්දේශ වර්ණනාව
ආසයානුසයඤාණනිද්දෙසෙ ඉධ තථාගතොතිආදි පඤ්චධා ඨපිතො නිද්දෙසො. තත්ථ ආසයානුසයා වුත්තත්ථා එව. චරිතන්ති පුබ්බෙ කතං කුසලාකුසලං කම්මං. අධිමුත්තින්ති සම්පති කුසලෙ අකුසලෙ වා චිත්තවොසග්ගො. භබ්බාභබ්බෙති භබ්බෙ ච අභබ්බෙ ච. අරියාය ජාතියා සම්භවන්ති ජායන්තීති භබ්බා. වත්තමානසමීපෙ වත්තමානවචනං. භවිස්සන්ති ජායිස්සන්තීති වා භබ්බා, භාජනභූතාති අත්ථො. යෙ අරියමග්ගපටිවෙධස්ස අනුච්ඡවිකා උපනිස්සයසම්පන්නා, තෙ භබ්බා. වුත්තපටිපක්ඛා අභබ්බා.
ආසයානුසය ඤාණ නිර්දේශයෙහි, ඉධ තථාගතො යන ආදී පංචාකාරයෙන් තබන ලද නිර්දේශයයි. එහි ආසයානුසය කියන ලද අර්ථමය. චරිතං පෙර කරන ලද කුසලාකුසල කර්ම, අධිමුත්ති යනු කුසල්, අකුසල් හැමතන්හි සිත්හි ඇල්ම අත්හැරීම, භබ්බා භබ්බෙ යනු සුදුසු නුසුදුසු, ආර්ය ජාතියෙහි හටගනිත්. උපදිත්නුයි භබ්බායි. සමීප වර්තමාන, වර්තමාන වචනයි. වන්නාහුය උපදින්නාහුයයි භබ්බායි. උපකාර වූයේ යයි යන අර්ථයි. ආර්ය මාර්ග ප්‍රතිවේධයට සුදුසු, උපනිශ්‍රය සම්පන්න යම්කෙනෙක් වෙත්ද? ඔව්හු භබ්බ නම් වෙති. කියන ලද්දට ප්රතිපක්ෂ වූයේ අභබ්බයි.
කතමො සත්තානං ආසයොතිආදි නිද්දෙසස්ස පටිනිද්දෙසො. තත්ථ සස්සතොති නිච්චො. ලොකොති අත්තා. ඉධ සරීරංයෙව නස්සති, අත්තා පන ඉධ පරත්ථ ච සොයෙවාති මඤ්ඤන්ති. සො හි සයංයෙව ආලොකෙතීති කත්වා “ලොකො”ති මඤ්ඤන්ති. අසස්සතොති අනිච්චො. අත්තා සරීරෙනෙව සහ නස්සතීති මඤ්ඤන්ති. අන්තවාති පරිත්තෙ කසිණෙ ඣානං උප්පාදෙත්වා තංපරිත්තකසිණාරම්මණං චිත්තං සපරියන්තො අත්තාති මඤ්ඤන්ති. අනන්තවාති න අන්තවා අප්පමාණෙ කසිණෙ ඣානං උප්පාදෙත්වා තංඅප්පමාණකසිණාරම්මණං චිත්තං අපරියන්තො අත්තාති මඤ්ඤන්ති. තං ජීවං තං සරීරන්ති ජීවො ච සරීරඤ්ච තංයෙව. ජීවොති අත්තා, ලිඞ්ගවිපල්ලාසෙන නපුංසකවචනං කතං. සරීරන්ති රාසට්ඨෙන ඛන්ධපඤ්චකං. අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති අඤ්ඤො ජීවො අඤ්ඤං ඛන්ධපඤ්චකං. හොති තථාගතො පරං මරණාති ඛන්ධා ඉධෙව විනස්සන්ති, සත්තො මරණතො පරං හොති විජ්ජති න නස්සති. “තථාගතො”ති චෙත්ථ සත්තාධිවචනන්ති වදන්ති. කෙචි පන “තථාගතොති අරහා”ති වදන්ති. ඉමෙ “න හොතී”ති පක්ඛෙ දොසං දිස්වා එවං ගණ්හන්ති. න හොති තථාගතො පරං මරණාති ඛන්ධාපි ඉධෙව නස්සන්ති, තථාගතො ච මරණතො පරං න හොති උච්ඡිජ්ජති විනස්සති. ඉමෙ “හොතී”ති පක්ඛෙ දොසං දිස්වා එවං ගණ්හන්ති. හොති ච න ච හොතීති ඉමෙ එකෙකපක්ඛපරිග්ගහෙ දොසං දිස්වා උභයපක්ඛං ගණ්හන්ති. නෙව හොති න න හොතීති ඉමෙ උභයපක්ඛපරිග්ගහෙ උභයදොසාපත්තිං දිස්වා “හොතීති ච න හොති, නෙව හොතීති ච න හොතී”ති අමරාවික්ඛෙපපක්ඛං ගණ්හන්ති.
‘කතමොච සත්තානං ආසයො’ යනාදී නිර්දේශයෙහි ප්රතිනිර්දේශය. එහි සස්සතො යනු ලෝකය නිත්‍යයයි යන අර්ථයි. මෙහි සිරුරම නැසේ. ආත්මය වනාහි මෙහිද අන් තන්හිද ඔහුම යැයි හඟත්. අසස්සතො යනු ආත්මය අනිත්‍යයි. ශරීරය සමගම නස්නේ යයි හඟිත්. අන්තවා යනු අල්ප කසිණයෙහි ධ්‍යාන උපදවා ඒ පරිත්ත කසිණය අරමුණු කොටගත් කසිණ සිත කෙළවර සහිත ආත්මයැයි හඟිත්. අනන්තවා යනු අප්‍රමාණ කසිණයෙහි ධ්‍යාන උපදවා, ඒ අප්‍රමාණ කසිණාරම්මණ සිත කෙළවර රහිත ආත්මයයි හඟිත්. තංජීවං තංසරීරං යනු ජීවයද ශරීරයද එයමය. ජීවය යනු ආත්මයයි ලිංග විපර්යාසයෙන් නපුංසක වචනයෙන් කරන ලදි. සරීරං යනු රාශ්යර්ථයෙන් ස්කන්ධ පංචකයයි. අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරං යනු ජීවය අනෙකකි. ස්කන්ධ පංචකය අනෙකකි. හොති තථාගතො පරම්මරණා යනු ස්කන්ධ මෙහිම විනාශ වේ. සත්ත්වයා මරණින් මතු විද්‍යමාන වේ. විනාශ නොවේ. තථාගත යනු සත්ත්වයාට විශේෂ නාමයකැයි සමහරු කියති. සමහරු වනාහි තථාගත යනු රහත්හු යැයි කියති. මේවා නොවේයයි එක් පක්ෂයක දොස් දැක මෙසේ ගනිත්. නහොති තථාගතො පරම්මරණා යනු ස්කන්ධයෝද මෙහිම නසිත්. සත්ත්වයාද මරණින් මතු නොවේ. සිඳෙන්නේය. විනාශ වන්නේය. මෙම ‘හොති’ යන පක්ෂයෙහි දොස් දැක මෙසේ ගනිත්. හොතිච නහොතිච මේ එක් එක් පක්ෂයක් දැඩිව ගැනීමෙහි දොස් දැක දෙපාර්ශ්වයම ගනිත්. නෙව හොති න නහොති යන මොවුහු දෙපාර්ශ්වයෙහි දැඩිව ගැනීමෙහි, දෙපාර්ශ්ව දොස් පැමිණීම දැක වූයේද නොවූයේද වේ. නොවන්නේද නොවේ. වන්නේද නොවේ යයි අමරා වික්ෂෙප පක්ෂය ගනිත්. මේ මෙහි අටුවා ක්‍රමයයි.
අයං පනෙත්ථ අට්ඨකථානයො – “සස්සතො ලොකොති වා”තිආදීහි දසහාකාරෙහි දිට්ඨිපභෙදොව වුත්තො. තත්ථ සස්සතො ලොකොති ච ඛන්ධපඤ්චකං ලොකොති ගහෙත්වා “අයං ලොකො නිච්චො ධුවො සබ්බකාලිකො”ති ගණ්හන්තස්ස සස්සතන්ති ගහණාකාරප්පවත්තා දිට්ඨි. අසස්සතොති තමෙව ලොකං “උච්ඡිජ්ජති විනස්සතී”ති ගණ්හන්තස්ස උච්ඡෙදග්ගහණාකාරප්පවත්තා දිට්ඨි. අන්තවාති පරිත්තකසිණලාභිනො සුප්පමත්තෙ වා සරාවමත්තෙ වා කසිණෙ සමාපන්නස්ස අන්තොසමාපත්තියං පවත්තිතරූපාරූපධම්මෙ “ලොකො”ති ච කසිණපරිච්ඡෙදන්තෙන “අන්තවා”ති ච ගණ්හන්තස්ස “අන්තවා ලොකො”ති ගහණාකාරප්පවත්තා දිට්ඨි. සා සස්සතදිට්ඨිපි හොති උච්ඡෙදදිට්ඨිපි. විපුලකසිණලාභිනො පන තස්මිං කසිණෙ සමාපන්නස්ස අන්තොසමාපත්තියං පවත්තිතරූපාරූපධම්මෙ “ලොකො”ති ච කසිණපරිච්ඡෙදන්තෙන “න අන්තවා”ති ච ගණ්හන්තස්ස “අනන්තවා ලොකො”ති ගහණාකාරප්පවත්තා දිට්ඨි. සා සස්සතදිට්ඨිපි හොති උච්ඡෙදදිට්ඨිපි. තං ජීවං තං සරීරන්ති භෙදනධම්මස්ස සරීරස්සෙව “ජීව”න්ති ගහිතත්තා “සරීරෙ උච්ඡිජ්ජමානෙ ජීවම්පි උච්ඡිජ්ජතී”ති උච්ඡෙදග්ගහණාකාරප්පවත්තා දිට්ඨි. දුතියපදෙ සරීරතො අඤ්ඤස්ස ජීවස්ස ගහිතත්තා “සරීරෙ උච්ඡිජ්ජමානෙපි ජීවං න උච්ඡිජ්ජතී”ති සස්සතග්ගහණාකාරප්පවත්තා දිට්ඨි. හොති තථාගතොතිආදීසු “සත්තො තථාගතො නාම, සො පරං මරණා හොතී”ති ගණ්හතො පඨමා සස්සතදිට්ඨි. “න හොතී”ති ගණ්හතො දුතියා උච්ඡෙදදිට්ඨි. “හොති ච න ච හොතී”ති ගණ්හතො තතියා එකච්චසස්සතදිට්ඨි. “නෙව හොති න න හොතී”ති ගණ්හතො චතුත්ථා අමරාවික්ඛෙපදිට්ඨීති.
සස්සතො ලොකොතිච යන ආදියෙහි දස ආකාරයන්ගෙන් දෘෂ්ටි ප්‍රභේදයම යූ.සේයි. එහි සස්සතො ලොකො යනු ස්කන්ධ පංචකය ලෝකයැයි ගෙන මේ ලෝකය නිත්‍යය, තිරය, සර්වකාලිකයැයි ගන්නහුට ශාස්වතැයි ග්‍රහණාකාරයෙන් පවත්නා දෘෂ්ටියයි. අසස්සතො යනු එම ලෝකයම නැසෙන්නේය. විනාශ වන්නේ යයි ගන්නහුට විනාශය ග්‍රහණාකාරයෙන් පවත්නා දෘෂ්ටියයි. අන්තවා යනු පරිතත කසිණලාභියා, කුල්ල පමණ නැළිය පමණ කසිණයෙහි සමවැදුණහුට, සමවත තුළ පවත්නා ලද, රූපාරූප ධර්මයන් ලෝකය යැයිද, කසිණ පරිච්ඡේදදාන්තයෙන් අන්තයැයි ගන්නහුට, ලෝකය අන්තවත්යැයි ග්‍රහණාකාරයෙන් පවත්නා දෘෂ්ටියයි. එය ශාස්වත දෘෂ්ටියද, උච්ඡේද දෘෂ්ටියද මේ එම කසිණයෙහි සමවැදුණු පැතිරුණු කසිණ ලාභිහුට, සමවත තුළ පැවැති රූපාරූප ධර්මයන් ලෝකයයැයිද, කසිණ පරිච්ඡේදාන්තයෙන්ද, අන්තයක් නැතැයි ගන්නහුට ලෝකය අනන්තයැයි ග්‍රහණාකාරයෙන් පැවැති දෘෂ්ටියයි. එය ශාස්වත දෘෂ්ටියද උච්ඡේද දෘෂ්ටියද වේ. තං ජීවංතං සරීරං යනු බිඳෙන ස්වභාවැති ශරීරයටම ජීවය යැයි ගත් හෙයින් ශරීරය විනාශවන කල්හි, ජීවයද විනාශ වේයැයි නැසීම් ග්‍රහණාකාරයෙන් පැවැති දෘෂ්ටියයි. දෙවන පදයෙහි, ශරීරයෙන් අන්‍ය ජීවයාගේ ග්‍රහණය කළ හෙයින්, ශරීරය විනාශවන කල්හිද ජීවය විනාශ නොවන්නේ යැයි ශාස්වත ග්‍රහණාකාරයෙන් පැවැති දෘෂ්ටියයි. හොති තථාගතො යනු ආදීන්හි සත්ත්වයා තථාගත නමැ. ඔහු මරණින් මතු වේයයි ගන්නා කල්හි ප්‍රථම ශාශ්වත දෘෂ්ටියයි. නොවේයයි ගන්නා කල්හි දෙවන උච්ඡේද දෘෂ්ටියයි. වෙයි, නොවෙයි ආකාරයෙන් ගන්නා කල්හි ඒකච්ච ශාශ්වත දෘෂ්ටියයි නොම වේ. නොවන්නේද නොවේයයි ගන්නා කල්හි සිව්වන වික්ෂෙප දෘෂ්ටියයි.
ඉතීති වුත්තප්පකාරදිට්ඨිනිස්සයනිදස්සනං. භවදිට්ඨිසන්නිස්සිතා වා සත්තා හොන්ති විභවදිට්ඨිසන්නිස්සිතා වාති භවො වුච්චති සස්සතො, සස්සතවසෙන උප්පජ්ජමානදිට්ඨි භවදිට්ඨි, භවොති දිට්ඨීති වුත්තං හොති. විභවො වුච්චති උච්ඡෙදො , උච්ඡෙදවසෙන උප්පජ්ජමානදිට්ඨි විභවදිට්ඨි, විභවොති දිට්ඨීති වුත්තං හොති. වුත්තප්පකාරා දසවිධා දිට්ඨි භවදිට්ඨි ච විභවදිට්ඨි චාති ද්විධාව හොති. තාසු ද්වීසු එකෙකං සන්නිස්සිතා අපස්සිතා අල්ලීනා සත්තා හොන්ති.
ඉති යනු කියන ලද ආකාර ඇති දෘෂ්ටි හේතු දැක්වීමයි. භව දිට්ඨි සන්නිස්සිතා වා සත්තා හොන්ති විභව දිට්ඨි සන්නිස්සිතාවා යනු භවය ශාශ්වතයැයි යූ.සේයි. ශාශ්වත වශයෙන් උපදිනු ලබන දෘෂ්ටිය භව දෘෂ්ටියයි. භව යනුද, දෘෂ්ටි යනුද යූ.සේයි. උච්ඡේදය විභවයැයි යූ.සේයි. උච්ඡේද වශයෙන් උපදිනු ලබන දෘෂ්ටිය විභව දෘෂ්ටියි. විභවයැයිද දෘෂ්ටියැයිද යූ.සේයි කියන ලද ආකාර ඇති දසවැදෑරුම් දෘෂ්ටිය, භව දෘෂ්ටියැයිද, විභව දෘෂ්ටියැයිද දෙයාකාරවම වේ. ඒ ද්වයය එකිනෙක ආශ්රිත වූවාහු, ආශ්රිත නොවූවාහු, එකට ඇලුණාහු වෙති.
එතෙ වා පන උභො අන්තෙ අනුපගම්මාති එත්ථ “අග්ගිතො වා උදකතො වා මිථුභෙදා වා”තිආදීසු (දී· නි· 2.152) විය වා-සද්දො සමුච්චයත්ථො. එතෙ වුත්තප්පකාරෙ සස්සතුච්ඡෙදවසෙන ද්වෙ පක්ඛෙ ච න උපගන්ත්වා අනල්ලීයිත්වා පහායාති අත්ථො. “අනුලොමිකා වා ඛන්තී”ති විකප්පත්ථොව. ඉදප්පච්චයතාපටිච්චසමුප්පන්නෙසූති ඉමෙසං ජරාමරණාදීනං පච්චයා ඉදප්පච්චයා, ඉදප්පච්චයා එව ඉදප්පච්චයතා, ඉදප්පච්චයානං වා සමූහො ඉදප්පච්චයතා. ලක්ඛණං පනෙත්ථ සද්දසත්ථතො පරියෙසිතබ්බං. තෙ තෙ පච්චයෙ පටිච්ච සහ සම්මා ච උප්පන්නා පටිච්චසමුප්පන්නා. තස්සා ඉදප්පච්චයතාය ච තෙසු පටිච්චසමුප්පන්නෙසු ච ධම්මෙසු. අනුලොමිකාති ලොකුත්තරධම්මානං අනුලොමතො අනුලොමිකා. ඛන්තීති ඤාණං. ඤාණඤ්හි ඛමනතො ඛන්ති. පටිලද්ධා හොතීති සත්තෙහි අධිගතා හොති. ඉදප්පච්චයතාය ඛන්තියා උච්ඡෙදත්තානුපගමො හොති පච්චයුප්පන්නධම්මානං පච්චයසාමග්ගියං ආයත්තවුත්තිත්තා පච්චයානුපරමදස්සනෙන ඵලානුපරමදස්සනතො. පටිච්චසමුප්පන්නෙසු ධම්මෙසු ඛන්තියා සස්සතත්තානුපගමො හොති පච්චයසාමග්ගියං නවනවානං පච්චයුප්පන්නධම්මානං උප්පාදදස්සනතො. එවමෙතෙ උභො අන්තෙ අනුපගම්ම පටිච්චසමුප්පාදපටිච්චසමුප්පන්නධම්මදස්සනෙන න උච්ඡෙදො න සස්සතොති පවත්තං සම්මාදස්සනං “අනුලොමිකා ඛන්තී”ති වෙදිතබ්බං. එවඤ්හි තදුභයදිට්ඨිපටිපක්ඛභූතා සම්මාදිට්ඨි වුත්තා හොති. යථාභූතං වා ඤාණන්ති යථාභූතං යථාසභාවං නෙය්‍යං. තත්ථ පවත්තඤාණම්පි විසයවොහාරෙන “යථාභූතඤාණ”න්ති වුත්තං. තං පන සඞ්ඛාරුපෙක්ඛාපරියන්තං විපස්සනාඤාණං ඉධාධිප්පෙතං. හෙට්ඨා පන “යථාභූතඤාණදස්සන”න්ති භයතූපට්ඨානඤාණං වුත්තං. යථාභූතං වා ඤාණං සත්තෙහි පටිලද්ධං හොතීති සම්බන්ධො.
එතෙවා පන උභො අන්තෙ අනුපගම්ම යන මෙහි ‘අග්ගිතොවා උදකතොවා මිථුභෙදාවා’ යන ආදීන්හි මෙන් ‘වා’ ශබ්දය එක් කිරීම් අර්ථයෙහිය. ඒවා කියන ලද ආකාර ඇති ශාශ්වත උච්ඡේද වශයෙන්, පක්ෂ ද්වයයෙහි නොඑළඹී, නොඇලී, අත්හැර යන අර්ථයි. අනුලෝමික ක්ෂාන්තිය යනු විකල්පාර්ථයෙහි හෝ යෙත්. ඉදප්පච්චයතා පටිච්ච සමුප්පන්නෙසු මේ ජරාමරණාදීන්ට ප්‍රත්‍යය වූයේ, ඉදප්පච්චයායි. ඉදප්පච්චයම > ඉදප්පච්චයතායි. ඉදප්පච්චයන්ගේ සමූහය හෝ ඉදප්පච්චයතායි. මෙහි ලක්ෂණය ශබ්ද ශාස්ත්‍රයෙන් පර්යේෂණ කළයුතුයි. ඒ ඒ ප්‍රත්‍යයන් නිසා සමග මනාව උපන්නාහු පටිච්ච සමුප්පන්නයි. ඒ ප්‍රතීත්‍ය සමුත්පන්න ධර්මයන්හි ඒ ඉදප්පච්චයතාවයෙහි. අනුලොමිකාති ඛන්ති යනු ඤාණයයි. ඤාණය වනාහි ඉවසන හෙයින් ඛන්තියි. පටිලද්ධාහොති යනු සත්ත්වයන් විසින් අවබෝධ කරන ලද්දාහු වෙති. ප්‍රත්‍යයෙන් හටගත් ධර්මයන්ට, ප්‍රත්‍යය සාමාග්‍රිය අයත් බැවින් ඉදප්පච්චයතා ක්ෂාන්තියෙන් උච්ඡේදත්වයට නොපැමිණිම වේ. ප්‍රත්‍යයන් අනුව උසස් දැක්මෙන්, ඵලයන් අනුව උසස් දර්ශනයක් වන හෙයිනි. ප්‍රතීත්‍ය සමුත්පන්න ධර්මයන්හි ක්ෂාන්තියෙන් ශාශ්වතත්වයට නොඑළඹීම වේ. ප්‍රත්‍යය සාමග්රියෙහිදී අලුත් අලුත් ප්රත්යයන්ගෙන් හටගන්නා වූ ධර්මයන්ගේ ඉපැත්ම දක්නා හෙයිනි. මෙසේ මේ අන්තද්වයට නොපැමිණ, ප්‍රතීත්‍ය සමුත්පාද, ප්‍රතීත්‍ය සමුත්පන්න ධර්ම දැක්මෙන් උච්ඡේදය නොවේ. ශාශ්වත නොවේයැයි පවත්නා මනා දර්ශනය අනුලොම් ක්ෂාන්තිය යැයි දතයුත්තාහ. මෙසේ එම දෘෂ්ටි ද්වයට ප්රතිපක්ෂ වූ සම්‍යග් දෘෂ්ටිය යූ.සේයි. යථාභූතං වා ඤාණං යනු, තත් වූ පරිදි, ස්වභාව පරිදි, දතයුතු දෑ එහි පැවැති ඤාණයද, විෂය ව්‍යවහාරයෙන් යථාභූත ඤාණයයි යූ.සේයි. එය වනාහි සංස්කාරෝපේක්ෂා කෙළවර කොටැති විවසුන් නැණ මෙහි අදහස් කරන ලදි. යට වනාහි යථාභූත ඤාණ දර්ශනයැයි භයතුපට්ඨාන ඤාණය යූ.සේයි. තත්වූ පරිද්දෙන් දන්නා නුවණ සත්ත්වයන් විසින් ලබන ලද්දේ වේයයි සම්බන්ධයයි.
ඉදානි “සස්සතො ලොකො”තිආදීහි මිච්ඡාදිට්ඨිපරිභාවිතං “එතෙ වා පනා”තිආදීහි සම්මාදිට්ඨිපරිභාවිතං සත්තසන්තානං දස්සෙත්වා “කාමං සෙවන්තඤ්ඤෙවා”තිආදීහි සෙසාකුසලෙහි සෙසකුසලෙහි ච පරිභාවිතං සත්තසන්තානං දස්සෙති. තත්ථ කාමං සෙවන්තංයෙව පුග්ගලං තථාගතො ජානාතීති යොජනා කාතබ්බා. සෙවන්තන්ති ච අභිණ්හසමුදාචාරවසෙන සෙවමානං. පුබ්බෙ ආසෙවිතවසෙන කිලෙසකාමො ගරු අස්සාති කාමගරුකො. තථෙව කාමො ආසයෙ සන්තානෙ අස්සාති කාමාසයො. සන්තානවසෙනෙව කාමෙ අධිමුත්තො ලග්ගොති කාමාධිමුත්තො. සෙසෙසුපි එසෙව නයො. නෙක්ඛම්මාදීනි වුත්තත්ථානෙව. කාමාදීහි ච තීහි සෙසාකුසලා, නෙක්ඛම්මාදීහි තීහි සෙසකුසලා ගහිතාව හොන්තීති වෙදිතබ්බා. “අයං සත්තානං ආසයො”ති තිධා වුත්තං සන්තානමෙව දස්සෙති.
දැන් ‘සස්සතො ලොකො’ ආදීන්හි මිථ්‍යා දෘෂ්ටිය වඩන ලදි. ‘එතෙවා පන, ආදීන්හි සම්‍යග් දෘෂ්ටිය වඩනා ලද සත්ත්ව සන්තානය ගෙනහැර දක්වා ‘කාමං සෙවන්තඤ්ඤෙවා’ ආදී සෙසු අකුසලයන්ගෙන්ද, සෙසු කුසලයන්ගෙන්ද වඩන ලද සත්ත්ව සන්තානය දක්වයි. එයි කාමය සේවනය කරන්නා වූම පුද්ගලයා තථාගතයන් වහන්සේ දනීයයි යෙදීම කළයුත්තාහ. සෙවන්තං යනු නිතර හැසිරීම් වශයෙන් සෙවුනා. පෙර සේවනය කිරීම් වශයෙන් කෙලෙස් කාම බර මොහුට නුයි කාමගරුකොයි. එසේම කාමය චිත්ත සන්තානයෙහි වන්නේනුයි කාමාසයොයි. සිතෙහි පැතිරීම් වශයෙන්ම, කාමයෙහි අධික ලෙස ඇලුණේ, ලග්න වූයේනුයි කාමාධිමුත්තොයි. සෙස්සෙහිද එම ක්‍රමයමැයි. නෛෂ්ක්රම්යාදීහු කියන ලද අර්ථමය. කාමාදි ත්‍රයයෙන් සෙසු අකුසල්ද, නෛෂ්ක්‍රම්‍යාදී ත්‍රයයෙන් සෙසු කුසල්ද ගන්නා ලද්දේ හෝ වෙතියි දතයුත්තාහ. මෙම සත්ත්වයින්ගේ ආසය යැයි තෙඅයුරින් කියන ලද සන්තානයම දක්වයි.
අයං පනෙත්ථ අට්ඨකථානයො – “ඉති භවදිට්ඨිසන්නිස්සිතා වා”ති එවං සස්සතදිට්ඨිං වා සන්නිස්සිතා. සස්සතදිට්ඨි හි එත්ථ භවදිට්ඨීති වුත්තා, උච්ඡෙදදිට්ඨි ච විභවදිට්ඨීති. සබ්බදිට්ඨීනඤ්හි සස්සතුච්ඡෙදදිට්ඨීහි සඞ්ගහිතත්තා සබ්බෙපිමෙ දිට්ඨිගතිකා සත්තා ඉමාව ද්වෙ දිට්ඨියො සන්නිස්සිතා හොන්ති. වුත්තම්පි චෙතං “ද්වයනිස්සිතො ඛ්වායං, කච්චාන, ලොකො යෙභුය්යෙන අත්ථිතඤ්චෙව නත්ථිතඤ්චා”ති (සං· නි· 2.15). එත්ථ හි අත්ථිතාති සස්සතං. නත්ථිතාති උච්ඡෙදො. අයං තාව වට්ටනිස්සිතානං පුථුජ්ජනානං සත්තානං ආසයො. ඉදානි විවට්ටනිස්සිතානං සුද්ධසත්තානං ආසයං දස්සෙතුං “එතෙ වා පන උභො අන්තෙ අනුපගම්මා”තිආදි වුත්තං. තත්ථ “එතෙ වා පනා”ති එතෙයෙව. “උභො අන්තෙ”ති සස්සතුච්ඡෙදසඞ්ඛාතෙ ද්වෙ අන්තෙ. “අනුපගම්මා”ති න අල්ලීයිත්වා. “ඉදප්පච්චයතාපටිච්චසමුප්පන්නෙසු ධම්මෙසූ”ති ඉදප්පච්චයතාය චෙව පටිච්චසමුප්පන්නධම්මෙසු ච. “අනුලොමිකා ඛන්තී”ති විපස්සනාඤාණං. “යථාභූතං ඤාණ”න්ති මග්ගඤාණං. ඉදං වුත්තං හොති – යා පටිච්චසමුප්පාදෙ චෙව පටිච්චසමුප්පන්නධම්මෙසු ච එතෙ උභො සස්සතුච්ඡෙදඅන්තෙ අනුපගන්ත්වා විපස්සනා පටිලද්ධා, යඤ්ච තතො උත්තරි මග්ගඤාණං, අයං සත්තානං ආසයො. අයං වට්ටනිස්සිතානඤ්ච විවට්ටනිස්සිතානඤ්ච සබ්බෙසම්පි සත්තානං ආසයො ඉදං වසනට්ඨානන්ති. අයං ආචරියානං සමානට්ඨකථා.
මේ වනාහි මෙහි අටුවා ක්‍රමයයි. ‘ඉති භවදිට්ඨි සන්නිස්සිතාවා’ යනු ශාශ්වත දෘෂ්ටිය හෝ ආශ්රිතය. ශාශ්වත දෘෂ්ටිය වනාහි භව දෘෂ්ටිය යැයි යූ.සේයි. උච්ඡේද දෘෂ්ටියද විභව දෘෂ්ටිය යැයි කියන ලදි. සියලු දෘෂ්ටීන් ශාශ්වත, උච්ඡේද යන දෘෂ්ටීන්හි ඇතුළත්කොට ඇති හෙයින්, මේ සියලුම දෘෂ්ටිගතික සත්ත්වයෝ මේ දෘෂ්ටි ද්වයයෙහි ආශ්රිත වූවාහු (ඇතුළත් වූවාහු) වෙති. එය කියන ලද්දේමය. කච්චානය බොහෝසෙයින් ලෝකය ද්වයයක් ආශ්රිත වූයේ වේ. එය ඇත්තේමය. එය නැත්තේමය යන ද්වයයයි. මෙහි වනාහි අස්තිත්වය යනු ශාශ්වතයි. නාස්තිත්වය යනු උච්ඡේදයයි. මේ වෘත්ත නිශ්රිතයින්ගේ සිතෙහි පවත්නා ආකාරයයි. දැන් නිර්වාණ නිශ්රිත වූ ශුද්ධ සත්ත්වයින්ගේ සිතේ පවත්නා ආකාරය දක්වන්ට, ‘එතෙවා පන උභො අන්තෙ අනුපගම්ම ආදිය වදාරන ලදි. එහි එතෙවා පන යනු ඒවාම, උභො අන්තෙ යනු ශාශ්වත උච්ඡේද සංඛ්‍යාත ද්වයාන්තයෙහි, අනුපගම්ම යනු නොඇලී, ඉදප්පච්ච යතා පටිච්ච සමුප්පන්නෙසු ධම්මෙසු යනු ප්‍රතීත්‍ය සමුත්පන්න ධර්මයන්හි මෙය ප්රත්යවීමෙන්, අනුලොමිකා ඛන්ති යනු විදර්ශනා ඤාණයයි. යථාභූත ඤානං යනු මාර්ග ඤාණයයි. මෙය යූ.සේයි. යම් ඒ ප්‍රතීත්‍ය සමුත්පාදයෙහිද, ප්‍රතීත්‍ය සමුත්පන්න ධර්මයන්හිද යන එම ශාශ්වත-උච්ඡේද ද්වයන්තයට නොඑළඹ විදර්ශනා ලදහ. ඉන් මත්තෙහි යම් මාර්ග ඤාණයක් වේද, මේ සත්ත්වයින්ගේ ආසයයි. මෙය සංසාර වෘත්ත නිශ්රිත වූ සියලුම සත්ත්වයින්ගේ ආසයයි. මෙය වාසය කරන ස්ථානය යැයි ඇදුරන්ගේ සමාන අර්ථ කථනයයි.
විතණ්ඩවාදී පනාහ “මග්ගො නාම වාසං විද්ධංසෙන්තො ගච්ඡති, ත්වං මග්ගො වාසොති වදෙසී”ති? සො වත්තබ්බො “ත්වං අරියවාසභාණකො හොසි න හොසී”ති? සචෙ “න හොමී”ති වදති, “ත්වං අභාණකතාය න ජානාසී”ති වත්තබ්බො. සචෙ “භාණකොස්මී”ති වදති, “සුත්තං ආහරා”ති වත්තබ්බො. සචෙ ආහරති, ඉච්චෙතං කුසලං. නො චෙ ආහරති, සයං ආහරිතබ්බං “දසයිමෙ, භික්ඛවෙ, අරියාවාසා, යදරියා ආවසිංසු වා ආවසන්ති වා ආවසිස්සන්ති වා”ති (අ· නි· 10.19). එතඤ්හි සුත්තං මග්ගස්ස වාසභාවං දීපෙති. තස්මා සුකථිතමෙවෙතන්ති. ඉමං පන භගවා සත්තානං ආසයං ජානන්තො ඉමෙසඤ්ච දිට්ඨිගතානං ඉමෙසඤ්ච විපස්සනාඤාණමග්ගඤාණානං අප්පවත්තික්ඛණෙපි ජානාති එව. තස්මායෙව ච “කාමං සෙවන්තංයෙව ජානාතී”තිආදි වුත්තන්ති.
පරලොවක් නැතැයි කියන්නෝ වනාහි කීහු. මාර්ගය නම් වාසය නසමින් යයි. නුඹ මාර්ගය වාසය යැයි කියන්නෙහිද? ඔහුට කිවයුතුය. නුඹ ආර්ය වාසය කියන්නෙක් වෙහිද? නොවෙහිද? ඉදින් නොවෙමියි කියයිද? නුඹ අභාණකතායෙන් (කටපාඩම) නොදන්නෙහියයි කිවයුතුය. ඉදින් භාණකයෙක් වෙමියි කියයිද? සූත්‍රය ගෙනඑවයි කිවයුතුය. ඉදින් ගෙන එයිද? එසේනම් එය යහපති. ඉදින් ගෙන නොඑයිද? තෙමේ ගෙන ආ යුතුය. මහණෙනි, යම් ඒ ආර්යයෝ වාසය කළාහුද? වාසය කරත්ද? වාසය කරන්නාහුද? එබඳු වූ මේ දස ආර්ය වාස කෙනෙක් වෙති. එම සූත්‍රය මාර්ගයෙහි වාසභාවය දක්වයි. එහෙයින් එය මනාව කියන ලද්දේම වේ. මෙය වනාහි භාග්‍යවතුන් වහන්සේ සත්ත්වයින්ගේ ආසය දන්නේ, මෙම දෘෂ්ටිගතයන්ගේද, මෙම විදර්ශනා ඤාණ මාර්ග ඤාණයන්ගේ නොපවත්නා ක්ෂණයන්ද දනීමය. එහෙයින්ම කාමය සෙවුණාහුම දනීයයි ආදිය යූ.සේයි.
අනුසයනිද්දෙසෙ අනුසයාති කෙනට්ඨෙන අනුසයා? අනුසයනට්ඨෙන. කො එස අනුසයනට්ඨො නාමාති? අප්පහීනට්ඨො. එතෙ හි අප්පහීනට්ඨෙන තස්ස තස්ස සන්තානෙ අනුසෙන්ති නාම. තස්මා “අනුසයා”ති වුච්චන්ති. අනුසෙන්තීති අනුරූපං කාරණං ලභිත්වා උප්පජ්ජන්තීති අත්ථො. අථාපි සියා – අනුසයනට්ඨො නාම අප්පහීනාකාරො, සො ච උප්පජ්ජතීති වත්තුං න යුජ්ජති, තස්මා න අනුසයා උප්පජ්ජන්තීති. තත්රිදං පටිවචනං – න අප්පහීනාකාරො, අනුසයොති පන අප්පහීනට්ඨෙන ථාමගතකිලෙසො වුච්චති. සො චිත්තසම්පයුත්තො සාරම්මණො සප්පච්චයට්ඨෙන සහෙතුකො එකන්තාකුසලො අතීතොපි හොති අනාගතොපි පච්චුප්පන්නොපි, තස්මා උප්පජ්ජතීති වත්තුං යුජ්ජතීති. තත්රිදං පමාණං – ඉධෙව තාව අභිසමයකථාය (පටි· ම· 3.21) “පච්චුප්පන්නෙ කිලෙසෙ පජහතී”ති පුච්ඡං කත්වා අනුසයානං පච්චුප්පන්නභාවස්ස අත්ථිතාය “ථාමගතො අනුසයං පජහතී”ති වුත්තං. ධම්මසඞ්ගණියං මොහස්ස පදභාජනෙ “අවිජ්ජානුසයො අවිජ්ජාපරියුට්ඨානං අවිජ්ජාලඞ්ගී මොහො අකුසලමූලං, අයං තස්මිං සමයෙ මොහො හොතී”ති (ධ· ස· 390) අකුසලචිත්තෙන සද්ධිං මොහස්ස උප්පන්නභාවො වුත්තො . කථාවත්ථුස්මිං “අනුසයා අබ්යාකතා අනුසයා අහෙතුකා අනුසයා චිත්තවිප්පයුත්තා”ති සබ්බෙ වාදා පටිසෙධිතා. අනුසයයමකෙ සත්තන්නං මහාවාරානං අඤ්ඤතරස්මිං උප්පජ්ජනවාරෙ “යස්ස කාමරාගානුසයො උප්පජ්ජති, තස්ස පටිඝානුසයො උප්පජ්ජතී”තිආදි (යම· 2.අනුසයයමක.300) වුත්තං. තස්මා “අනුසෙන්තීති අනුරූපං කාරණං ලභිත්වා උප්පජ්ජන්තී”ති යං වුත්තං, තං ඉමිනා තන්තිප්පමාණෙන යුත්තන්ති වෙදිතබ්බං. යම්පි “චිත්තසම්පයුත්තො සාරම්මණො”තිආදි වුත්තං, තම්පි සුවුත්තමෙව. අනුසයො හි නාමෙස පරිනිප්ඵන්නො චිත්තසම්පයුත්තො අකුසලධම්මොති නිට්ඨමෙත්ථ ගන්තබ්බං.
අනුසය නිර්දේශයෙහි අනුසය යනු කවරාර්ථයකින් අනුසය වේද? අනුසයනාර්ථයෙහි එම අනුසයනාර්ථය කිනම් වේද? අප්රහීණාර්ථයයි. ඒවා අප්රහීණාර්ථයෙන් ඒ ඒ සන්තානයෙහි අත්නොහැර පවතිත් නමැ. එහෙයින් අනුසය යැයි කියති. අනුසෙන්ති යනු අනුරූප කරුණක් ලැබ උපදිත් යයි අර්ථයි. එසේද වුවත් ප්‍රශ්නයක් වන්නේය. අනුසයනාර්ථය නම් අප්රහීණකාරයයි. එයද උපදීයයි කියන්ට නොයෙදේ. (කීම නුසුදුසුයි.) එහි මේ ප්රතිවචනයි. අප්රහීණාකාරය නොවේ. අනුසය යනු අප්රහීණාර්ථයෙන් බලවත් භාවයට පත් ක්ලේශය යූ.සේයි. එය සිත හා එකට යෙදුණේ අරමුණු සහිත වූයේ, ප්‍රත්‍යය සහිතාර්ථයෙන් සහේතුක ඒකාන්ත අකුසල් වූයේ, අතීත වූයේද අනාගත වූයේද වර්තමාන වූයේද වේ. එහෙයින් උපදීයයි කීම ගැලපේ. එහි මේ ප්‍රමාණයයි. පළමුව මෙහිම අභිසමය කථා වත්මන් කෙලෙස් දුරුකෙරේයයි විමසුම්කොට, අනුසයන්ගේ වර්තමාන භාවය ඇතිහෙයින්, ශක්තිමත් වූයේ අනුසය දුරුකරයි යයි යූ.සේයි. ධම්මසංගණියෙහි, මෝහයාගේ පද බෙ දුමෙහි, අවිද්‍යානුසය, අවිද්‍යාව මැඩගෙන නැගීසිටින, අවිද්‍යාවෙහි ඇලුණු මෝහය, අකුසල මූලයයි. මේ එසමයෙහි මෝහය වේයයි අකුසල් සිත සමග මෝහයෙහි උපන් බැව් යූ.සේයි. කථා වස්තුවෙහි අනුසය අව්‍යාකෘතය, අනුසය අහේතුකය. අනුසය සිතෙන් වෙන්වූවාහු යැයි සියලු වාද ප්රතික්ෂෙප කරන ලදහ. අනුසය යමකයෙහි සත්වාරයන් අතර, එක්තරා උපදින වාරයෙක්හි යමෙකුට කාමරාගානුසය උපදීද? ඔහුට ප්‍රතිඝානුසය උපදීයයි ආදිය යූ.සේයි. එහෙයින් අනුසෙන්ති යනු යෝග්‍ය කරුණක් ලැබ උපදිත් යයි යමක් කියන ලදද, එය මෙම පෙළෙහි ප්‍රමාණයෙන් යෝග්‍යයැයි දතයුතුය. යම් සිත හා එක්ව යෙදුණ අරමුණ යයි ආදිය කියන ලදද? එයද මනාව කියන ලද්දේමය. එම අනුසය නම් මනාව නිපන් සිත හා එකට යෙදුණු අකුසල ධර්මය යැයි මෙහි නිෂ්ඨාවට යායුතුය.
කාමරාගානුසයොතිආදීසු කාමරාගො ච සො අප්පහීනට්ඨෙන අනුසයො චාති කාමරාගානුසයො. සෙසපදෙසුපි එසෙව නයො. කාමරාගානුසයො චෙත්ථ ලොභසහගතචිත්තෙසු සහජාතවසෙන ආරම්මණවසෙන ච මනාපෙසු අවසෙසකාමාවචරධම්මෙසු ආරම්මණවසෙනෙව උප්පජ්ජමානො ලොභො. පටිඝානුසයො ච දොමනස්සසහගතචිත්තෙසු සහජාතවසෙන ආරම්මණවසෙන ච අමනාපෙසු අවසෙසකාමාවචරධම්මෙසු ආරම්මණවසෙනෙව උප්පජ්ජමානො දොසො. මානානුසයො දිට්ඨිගතවිප්පයුත්තලොභසහගතචිත්තෙසු සහජාතවසෙන ආරම්මණවසෙන ච දුක්ඛවෙදනාවජ්ජෙසු අවසෙසකාමාවචරධම්මෙසු රූපාරූපාවචරධම්මෙසු ච ආරම්මණවසෙනෙව උප්පජ්ජමානො මානො. දිට්ඨානුසයො චතූසු දිට්ඨිගතසම්පයුත්තෙසු. විචිකිච්ඡානුසයො විචිකිච්ඡාසහගතෙ. අවිජ්ජානුසයො ද්වාදසසු අකුසලචිත්තෙසු සහජාතවසෙන ආරම්මණවසෙන ච. තයොපි අවසෙසතෙභූමකධම්මෙසු ආරම්මණවසෙනෙව උප්පජ්ජමානා දිට්ඨිවිචිකිච්ඡාමොහා. භවරාගානුසයො චතූසු දිට්ඨිගතවිප්පයුත්තෙසු උප්පජ්ජමානොපි සහජාතවසෙන න වුත්තො, ආරම්මණවසෙනෙව පන රූපාරූපාවචරධම්මෙසු උප්පජ්ජමානො ලොභො වුත්තො.
කාමරාගානුසයො යනාදීන්හි කාමරාගයද, එය ප්‍රහීණ නොවූ අර්ථයෙන් අනුසයනුයි, කාමරාගානුසයයි. සෙසු පදයන්හිද එම ක්‍රමයමැයි. කාමරාගානුසය මෙහි ලෝභ සහගත චිත්තයන්හි සහජාත වශයෙන්ද, ආරම්මණ වශයෙන්ද, අමනාප සෙසු කාමාවචර ධර්මයන්හි ආරම්මණ වශයෙන්ම උපදිනු ලබන ලෝභයයි. පටිඝානුසයො යනු දොම්නස් සහගත චිත්තයන්හි සහජාත වශයෙන්ද, ආරම්මණ වශයෙන්ද, මනාප වූ සෙසු කාමාවචර ධර්මයන්හි ආරම්මණ වශයෙන් උපදිනු ලබන ද්වේෂයයි. මානානුසයො යනු දෘෂ්ටිගත විප්‍රයුක්ත ලෝභ සහගත චිත්තයන්හි සහජාත වශයෙන්ද, ආරම්මණ වශයෙන්ද, දුක් වේදනා අත්හළ සෙසු කාමාවචර ධර්මයන්හිද, රූපාවචර, අරූපාවචර ධර්මයන්හිද, ආරම්මණ වශයෙන්ම උපදිනු ලබන මානයයි. දිට්ඨානුසයො යනු සිව් දෘෂ්ටිය හා එක්ව යෙදුණු සිත්හි, විචිකිච්ඡානුසයො යනු විචිකිච්ඡාව සමග යෙදුණු සිත්හි, අවිජ්ජානුසයො දොළොස් අකුසල් සිත්වල සහජාත වශයෙන් හා ආරම්මණ වශයෙන්, දෘෂ්ටි, විචිකිච්ඡා මෝහ යන ත්රයයම සෙසු ත්‍රෛභූමික ධර්මයන්හි (ලෝකයන්හි) අරමුණු වශයෙන්ම උපදින්නාහුය. භවරාගානුසය සිව් දෘෂ්ටිගත විප්‍රයුක්ත සිත්වල උපදිනු ලබන්නේද සහජාත වශයෙන් නොකියන ලදි. රූපාවචර අරූපාවචර ධර්මයන්හි උපදිනු ලබන ලෝභය අරමුණු වශයෙන්ම යූ.සේයි.
ඉදානි යථාවුත්තානං අනුසයානං අනුසයනට්ඨානං දස්සෙන්තො යං ලොකෙතිආදිමාහ. තත්ථ යං ලොකෙ පියරූපන්ති යං ඉමස්මිං ලොකෙ පියජාතිකං පියසභාවං. සාතරූපන්ති සාතජාතිකං අස්සාදපදට්ඨානං ඉට්ඨාරම්මණං. එත්ථ සත්තානං කාමරාගානුසයො අනුසෙතීති එතස්මිං ඉට්ඨාරම්මණෙ සත්තානං අප්පහීනට්ඨෙන කාමරාගානුසයො අනුසෙති. “පියරූපං සාතරූප”න්ති ච ඉධ කාමාවචරධම්මොයෙව අධිප්පෙතො. යථා නාම උදකෙ නිමුග්ගස්ස හෙට්ඨා ච උපරි ච සමන්තා ච උදකමෙව හොති, එවමෙව ඉට්ඨාරම්මණෙ රාගුප්පත්ති නාම සත්තානං ආචිණ්ණසමාචිණ්ණා. තථා අනිට්ඨාරම්මණෙ පටිඝුප්පත්ති. ඉති ඉමෙසු ද්වීසු ධම්මෙසූති එවං ඉමෙසු ද්වීසු ඉට්ඨානිට්ඨාරම්මණධම්මෙසු. අවිජ්ජානුපතිතාති කාමරාගපටිඝසම්පයුත්තා හුත්වා ආරම්මණකරණවසෙන අවිජ්ජා අනුපතිතා අනුගතා. විච්ඡෙදං කත්වාපි පාඨො. තදෙකට්ඨොති තාය අවිජ්ජාය සහජෙකට්ඨවසෙන එකතො ඨිතො. මානො ච දිට්ඨි ච විචිකිච්ඡා චාති නවවිධමානො, ද්වාසට්ඨිවිධා දිට්ඨි, අට්ඨවත්‍ථුකා විචිකිච්ඡා, තදෙකට්ඨො මානො ච තදෙකට්ඨා දිට්ඨි ච තදෙකට්ඨා විචිකිච්ඡා චාති යොජනා. දට්ඨබ්බාති පස්සිතබ්බා අවගන්තබ්බා. තයො එකතො කත්වා බහුවචනං කතං. භවරාගානුසයො පනෙත්ථ කාමරාගානුසයෙනෙව සඞ්ගහිතොති වෙදිතබ්බො.
දැන් කියන ලද පරිදි අනුසයයන්ගේ අනුසයනස්ථාන දක්වන්නේ ‘යං ලොකෙ’ යන ආදිය වදාළහ. එහි ‘යං ලොකෙ පියරූපං’ යනු මෙලොව යම් ප්‍රිය ජාතියට අයත් ප්‍රිය ස්වභාවයට අයත් සාතරූපං යනු සිසිල් ජාතියට අයත්, ආස්වාදය ආසන්න කරුණු වූ ඉටු අරමුණු. එත්ථ සත්තානං කාමරාගානුසයො අනුසෙති යනු එම මනොඥ අරමුණෙහි සත්ත්වයින්ගේ අප්රහීණාර්ථයෙන් කාමරාගානුසය අත්නොහැර පවතී. ‘පියරූපං සාතරූපං’ යනු මෙහි කාමාවචර ධර්මයම අදහස් කරන ලදි. යම්සේ නම් දියෙහි ගිලුණහුට, යටද, මත්තෙහිද, හාත්පසද ජලයම වේද? එපරිද්දෙන්ම මනොඥාරම්මණයෙහි රාග ඉපදීම නම් පුරුද්ද මනාව පුරුදුකළ බැවින් වෙයි. අමනොඥ අරමුණෙහි කෝපය ඉපදීමද එසේමය. ඉති ඉමෙසු ද්වීසු ධම්මෙසු යනු මෙසේ මෙම ඉටුඅනිටු අරමුණු ස්වභාවයන්හි, අවිජ්ජානුපතිතා යනු කාමරාග කෝප සම්ප්රයුක්තව අරමුණු කිරීම් වශයෙන් අවිද්‍යාව මත්තෙහි වැටුණාහු අනුව ගියාහු වෙති. විනාශකොට යනුද පාඨයි. තදෙකට්ඨො එම අවිද්‍යාව සමග එකට හටගෙන සිටීම් වශයෙන් එක්ව සිටියේ. මානොච දිට්ඨිච විචිකිච්ඡාච යනු නවවැදෑරුම් මානය, දෙසැට ආකාර දෘෂ්ටිය, අෂ්ට වස්තුක විචිකිච්ඡාව තදෙකට්ඨ මානය, තදෙකට්ඨ දිට්ඨිය, තදෙකට්ඨ විචිකිච්ඡා යයි යනු යෙදීම්ය. දට්ඨබ්බා දැකිය යුතුය. අවබෝධ කළයුතුය. ත්‍රයය එකතුකොට බහුවචන කරන ලදි. මෙහි භවරාගානුසය වනාහි කාමරාගානුසයෙන්ම සංග්‍රහ කරන ලදැයි දතයුතුය.
චරිතනිද්දෙසෙ තෙරස චෙතනා පුඤ්ඤාභිසඞ්ඛාරො. ද්වාදස අපුඤ්ඤාභිසඞ්ඛාරො. චතස්සො ආනෙඤ්ජාභිසඞ්ඛාරො. තත්ථ කාමාවචරො පරිත්තභූමකො. ඉතරො මහාභූමකො. තීසුපි වා එතෙසු යො කොචි අප්පවිපාකො පරිත්තභූමකො, මහාවිපාකො මහාභූමකොති වෙදිතබ්බො.
චරිත නිර්දේශයෙහි, තෙළෙස් චේතනා පුඤ්ඤාභිසංඛාරොයි. දොළොස් අපුඤ්ඤාභිසංඛාරොයි, සිව් ආනෙඤ්ජාභි සංඛාරොයි එහි කාමාවචරය පරිත්ත භුමකොයි අනෙක්වා මහා භුමකොයි, එම ත්රයයෙහි යම්කිසි අල්ප විපාක භූමියක් වේද? එය පරිත්ත භුමකොයි මහා විපාක ඇත්තේ මහා භුමකොයි දතයුතුය.
අධිමුත්තිනිද්දෙසෙ සන්තීති සංවිජ්ජන්ති. හීනාධිමුත්තිකාති ලාමකජ්ඣාසයා. පණීතාධිමුත්තිකාති කල්යාණජ්ඣාසයා. සෙවන්තීති නිස්සයන්ති අල්ලීයන්ති. භජන්තීති උපසඞ්කමන්ති. පයිරුපාසන්තීති පුනප්පුනං උපසඞ්කමන්ති. සචෙ හි ආචරියුපජ්ඣායා න සීලවන්තො හොන්ති, අන්තෙවාසිකසද්ධිවිහාරිකා සීලවන්තො, තෙ අත්තනො ආචරියුපජ්ඣායෙපි න උපසඞ්කමන්ති, අත්තනො සදිසෙ සාරුප්පෙ භික්ඛූයෙව උපසඞ්කමන්ති. සචෙපි ආචරියුපජ්ඣායා සාරුප්පා භික්ඛූ, ඉතරෙ අසාරුප්පා, තෙපි න ආචරියුපජ්ඣායෙ උපසඞ්කමන්ති, අත්තනො සදිසෙ හීනාධිමුත්තිකෙයෙව උපසඞ්කමන්ති. එවං උපසඞ්කමනං පන න කෙවලං එතරහියෙව, අතීතානාගතෙපීති දස්සෙතුං අතීතම්පි අද්ධානන්තිආදිමාහ. තත්ථ අතීතම්පි අද්ධානන්ති අතීතස්මිං කාලෙ, අච්චන්තසංයොගත්ථෙ වා උපයොගවචනං. සෙසං උත්තානත්ථමෙව. ඉදං පන දුස්සීලානං දුස්සීලසෙවනමෙව, සීලවන්තානං සීලවන්තසෙවනමෙව, දුප්පඤ්ඤානං දුප්පඤ්ඤසෙවනමෙව, පඤ්ඤවන්තානං පඤ්ඤවන්තසෙවනමෙව කො නියමෙතීති? අජ්ඣාසයධාතු නියමෙතීති.
අධිමුත්ති නිර්දේශයෙහි, සන්ති යනු විද්‍යමාන වෙති. හීනාධිමුත්තිතා යනු ලාමක අදහස්, පණීතාධිමුත්තිකතා යනු යහපත් අදහස්, සෙවන්ති යනු ආශ්‍රය කරත්. ඇලෙත්. භජන්ති යනු එළැඹෙත්. පයිරුපාසන්ති යනු නැවත නැවත එළැඹෙත්. ඉදින් ආචාර්ය උපාධ්‍යායයෝ සිල්වත්හු නොවෙත්ද? අන්තෙවාසික හා සද්ධිවිහාරිකයෝ සිල්වත්හු වෙත්ද? ඔවුහු තමාගේ ආචාර්ය උපාධ්‍යායයන් වෙතද නොඑළඹෙත්. තමා හා සමාන ගැළපෙන භික්ෂූන් වෙතම එළැඹෙති. ඉදින් ආචාර්ය උපාධ්යාදීහු යෝග්‍ය අය වෙත්ද? අනෙක් භික්ෂූහු අයෝග්‍ය අය වෙත්ද? ඔවුහු ආචාර්ය උපාධ්යාදීන් වෙත නොඑළැඹෙති. තමා හා සම ලාමක අදහස් ඇතියවුන් වෙතම එළැඹෙති. මෙවැනි එළැඹීම් හුදෙක් දැන් පමණක් නොව අතීතානාගතයන්හිද වීම් හා වියහැකි බැව් දක්වන්ට අතීතම්පි අද්ධානං ආදිය වදාළහ. එහි අතීතම්පි අද්ධානං යනු අතීත කාලයෙහි, අත්‍යන්ත සංයෝගාර්ථයෙහි ද්විතියා වචනයි. සෙස්ස නොගැඹුරු අර්ථමය. මෙය දුසිලන්ට දුසිල් සේවනයමය. සුසිලන්ට සුසිල් සේවනයමය. දුෂ්ප්රාඥයින්ට, දුෂ්ප්රාඥසේවනයමය. ප්‍රඥාවන්තයින්ට ප්‍රඥාවන්ත සේවනයමයැයි කවරෙක් නියම කෙරේද, අදහස් ස්වභාවය නියම කරයි.
භබ්බාභබ්බනිද්දෙසෙ ඡඩ්ඩෙතබ්බෙ පඨමං නිද්දිසිත්වා ගහෙතබ්බෙ පච්ඡා නිද්දිසිතුං උද්දෙසස්ස උප්පටිපාටියා පඨමං අභබ්බා නිද්දිට්ඨා. උද්දෙසෙ පන ද්වන්දසමාසෙ අච්චිතස්ස ච මන්දක්ඛරස්ස ච පදස්ස පුබ්බනිපාතලක්ඛණවසෙන භබ්බසද්දො පුබ්බං පයුත්තො. කම්මාවරණෙනාති පඤ්චවිධෙන ආනන්තරියකම්මෙන. සමන්නාගතාති සමඞ්ගීභූතා. කිලෙසාවරණෙනාති නියතමිච්ඡාදිට්ඨියා. ඉමානි ද්වෙ සග්ගමග්ගානං ආවරණතො ආවරණානි. භික්ඛුනීදූසකාදීනි කම්මානිපි කම්මාවරණෙනෙව සඞ්ගහිතානි. විපාකාවරණෙනාති අහෙතුකපටිසන්ධියා. යස්මා පන දුහෙතුකානම්පි අරියමග්ගපටිවෙධො නත්ථි, තස්මා දුහෙතුකා පටිසන්ධිපි විපාකාවරණමෙවාති වෙදිතබ්බා, අස්සද්ධාති බුද්ධාදීසු සද්ධාරහිතා. අච්ඡන්දිකාති කත්තුකම්යතාකුසලච්ඡන්දරහිතා. උත්තරකුරුකා මනුස්සා අච්ඡන්දිකට්ඨානං පවිට්ඨා. දුප්පඤ්ඤාති භවඞ්ගපඤ්ඤාය පරිහීනා. භවඞ්ගපඤ්ඤාය පන පරිපුණ්ණායපි යස්ස භවඞ්ගං ලොකුත්තරස්ස පාදකං න හොති, සොපි දුප්පඤ්ඤොයෙව නාම. අභබ්බා නියාමං ඔක්කමිතුං කුසලෙසු ධම්මෙසු සම්මත්තන්ති කුසලෙසු ධම්මෙසු සම්මත්තනියාමසඞ්ඛාතං අරියමග්ගං ඔක්කමිතුං අභබ්බා. අරියමග්ගො හි සම්මා සභාවොති සම්මත්තං, සොයෙව අනන්තරඵලදානෙ, සයමෙව වා අචලභාවතො නියාමො, තං ඔක්කමිතුං පවිසිතුං අභබ්බා. න කම්මාවරණෙනාතිආදීනි වුත්තවිපරියායෙනෙව වෙදිතබ්බානීති.
භව්‍යාභව්‍ය නිර්දේශයෙහි, හැරදැමිය යුතු දෑ පළමුව නිර්දේශකොට ගතයුතු දෑ පසුව නිර්දේශ කරන්ට, උද්දේශයාගේ උපිළිවෙලින් පළමුව අභව්‍යතා නිර්දේශ කරන ලදහ. උද්දේශයෙහි වනාහි ද්වන්ධ සමාසයෙහි අච්චිතස්සච මන්දක්ඛරස්ස යන පදයෙහි පූර්වනිපාත ලක්ෂණ වශයෙන් ‘භබ්බ ශබ්දය’ පෙරටුයෙහි යොදන ලදි. කම්මාවරණෙන යනු පස්වැදෑරුම් ආනන්තරිය කර්මයෙන්, සමන්නාගතා යනු යුක්තවූවාහු, කිලෙසාවරණෙන යනු නියත මිථ්‍යා දෘෂ්ටියෙන් මෙම ද්වයය ස්වර්ග මාර්ගයන්ට ආවරණ හෙයින් ආවරණයෝය. භික්ෂුණී දූෂකාදී කර්මයෝද, කර්මාවරණයෙහිම සංග්‍රහ කරන ලදහ. විපාකාවරණෙන යනු අහේතුක ප්රතිසන්ධියෙන්, ද්විහේතුකයින්ටද ආර්යමාර්ග ප්රතිවේධයක් නොමැත. එහෙයින් ද්විහේතුක ප්රතිසන්ධි විපාකාවරණමයැයි දතයුත්තාහ. අස්සද්ධා යනු බුද්ධාදී උතුමන් කෙරෙහි ශ්‍රද්ධා රහිත භාවයයි. අච්ඡන්දිකා යනු කුසල් කරනු කැමැත්තෙහි ඇල්ම රහිත භාවයයි. උතුරුකුරු දිවයින් වැසි මනුෂ්‍යයෝ අච්ඡන්දික ස්ථානයට පිවිසියාහුය. දුප්පඤ්ඤා යනු භවංග ප්‍රඥාවෙන් පිරිහුණා වූ භවංග ප්‍රඥාවගේ පරිපූර්ණත්වයට පත්වූයේ වී නමුදු, යමෙකුගේ භවංගය ලෝකෝත්තර මාර්ග ඵලයන්ට පාදක නොවේද? එයද දුෂ්ප්රාඥම නමැ. අභබ්බො නියාමං ඔක්කමිතුං කුසලෙසු ධම්මෙසු සම්මත්තං යනු කුසල්දම්හි නිවැරදි ස්වභාවානුකූල නියමිත පිළිවලෙ සංඛ්‍යාත ආර්ය මාර්ගයට අවතීර්ණ වීමට නුසුදුසුය. ආර්ය මාර්ගය යහපත් ස්වභාවය බැවින් සම්මත්තංයි. එයම අනන්තරව ඵල දානයෙහි තෙමේම හෝ අචල භාවයෙන් නියම කරන්ට, අවතීර්ණ වන්ට පිවිසෙන්ට නුසුදුසුයි. න කම්මා වරණෙන ආදිය කියන ලද්දට, වෙනස් ආකාරයෙන් දතයුත්තාහ.
ආසයානුසයඤාණනිද්දෙසවණ්ණනා නිට්ඨිතා.
ආසයානුසය ඤාණ නිර්දේශ වර්ණනාව නිමි.