69 ආසයානුසයඤාණං
69 ආසයානුසයඤාණං.
69. ආශයානුශයඥානය
කතමං තථාගතස්ස සත්තානං ආසයානුසයඤාණං:
තථාගතයන් වහන්සේ සත්ත්වයන් පිළිබඳ ආශයඅනුශය දන්නා නුවණ කවරෙ යත්:
ඉධ තථාගතො සත්තානං ආසයං ජානාති, අනුසයං ජානාති, චරිතං ජානාති, අධිමුත්තිං ජානාති, භබ්බාභබ්බෙ සත්තෙ ජානාති.
මෙහි තථාගත තෙම සත්ත්වයන්ගේ ආශය (සන්තානය) දැනැගනී. අනුශය (ථාමගත කාමරාගාදිය) දැනැගනී. චරිතය (පූර්‍වකෘතකර්‍ම) දැනැගනී. අධිමුක්තිය දැනැගනී. භව්යාභව්යසත්ත්වයන් දැනැගනී.
කතමො ච සත්තානං ආසයො: ‘සස්සතො ලොකො’ති වා ‘අසස්සතො ලොකො’ති වි’ අන්තවා ලොකො’ති වි ‘අනන්තවා ලොකො’ති වා තං ජීවං තං සරීරන්ති වා ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීර’න්ති වා ‘හොති තථාගතො පරම්මරණාති’ වා ‘න හොති තථාගතො පරම්මරණා’ති වා ‘හොති ච න හොති ච තථාගතො පරම්මරණා’ති වා ‘නෙව හොති න න හොති තථාගතො පරම්මරණා’ති වා. ඉති භවදිට්ඨිසන්නිස්සිතා වා සත්තා හොන්ති විභවදිට්ඨිසන්තිස්සීතා වා.
සත්ත්වයන්ගේ ආශය කවරෙ යත්: ‘ලෝකය ශාශ්වතැ’ යි හෝ ‘ලෝකය අශාශ්වතැ’ යි හෝ ‘ලෝකය අන්ත ඇත්තේ යැ’යි හෝ ‘ලෝකය අන්ත නැත්තේ යැ’යි හෝ ‘එ මැ ජීව යැ එ මැ ශරීර යැ’යි හෝ ‘ජීවය අනෙකෙකැ ශරීරය අනෙකෙකැ’යි හෝ ‘සත්ත්ව තෙම මරණින් මත්තෙහි විද්‍යාමාන වේ’ යයි හො ‘සත්ත්ව තෙම මරණින් මත්තෙහි විද්‍යාමාන නො වේ’ යයි හෝ ‘සත්ත්ව තෙම මරණින් මත්තෙහි විද්‍යාමාන වන්නේත් නො වන්නේත් වේ’ යයි හෝ ‘සත්ත්ව තෙම මරණින් මත්තෙහි නො මැ වෙයි නො ද නො වේ’යයි හෝ මෙසෙයින් සත්ත්වයෝ ශාශ්වතදෘෂ්ටිය ඇසිරි කළාහු හෝ වෙති. උච්ඡේදදෘෂ්ටිය ඇසිරි කළාහු හෝ වෙත්.
එතෙ වා පන උභො අන්තෙ අනුපගම්ම ඉදප්පච්චයතා පටිච්චසමුප්පන්නෙසු ධම්මෙසු අනුලොමිකා ඛන්ති පටිලද්ධා හොති, යථාභූතං වා ඤාණං.
මේ උභයාන්තයට ද නො පැමිණ ඉදම්ප්රත්යතාප්රතීත්යසමුත්පන්නධර්මයන්හි අනුලෝමඥානය ලබනලද වෙයි. යථාභූතඥානය හෝ ලබන ලද්දේ වේ.
කාමං සෙවන්තඤ්ඤෙව ජානාති ‘අයං පුග්ගලො කාමගරුකො කාමාසයො කාමාධිමුත්තො’ති, කාමං සෙවන්තඤ්ඤෙව ජානාති අයං පුග්ගලො නෙක්ඛම්මගරුකො නෙක්ඛම්මාසයො නෙක්ඛම්මාධිමුත්තො’ති, නෙක්ඛම්මං සෙවන්තඤ්ඤෙව ජානාති ‘අයං පුග්ගලො නෙක්ඛම්මගරුකො නෙක්ඛම්මාසයො නෙක්ඛම්මාධිමුත්තො’ති, නෙක්ඛම්මං සෙවන්තඤ්ඤෙව ජානාති ‘අයං පුග්ගලො කාමගරුකො කාමාසයො කාමාධිමුත්තො’ති.
කාමය සෙවුණහු මැ ‘මේ පුද්ගල තෙම කාමගරුක යැ කාමාශය ඇත්තේ යැ කාමාධිමුක්ත යැ’යි දැනගනියි. කාමය සෙවුණහු මැ මේ පුද්ගල තෙම නෛෂ්ක්‍රම්‍යගරුක යැ නෛෂ්ක්රම්යාශය ඇත්තේ යැ නෛෂ්ක්‍රම්‍යාධිමුක්ත යැ’යි දැනගනියි. නෛෂ්ක්‍රම්‍යය සෙවුණහු මැ ‘මේ පුද්ගල තෙම නෛෂ්ක්‍රම්‍යගරුක යැ නෛෂ්ක්රම්යාශ ඇත්තේ යැ නෛෂ්ක්‍රම්‍යාධිමුක්ත යැ’යි දැනගනියි. නෛෂ්ක්‍රම්‍යය සෙවුණහු මැ ‘මේ පුද්ගල තෙම කාම ගරුක යැ කාමාශය ඇත්තේ යැ කාමාධිමුක්ත යැ’යි දැනගනී.
බ්යාපාදං සෙවන්තඤ්ඤෙව ජානාති ‘අයං පුග්ගලො බ්යාපාදගරුකො බ්යාපාදාසයො බ්යාපාදාධිමුත්තො’ති, බ්යාපාදං සෙවන්තඤ්ඤෙව ජානාති ‘ අයං පුග්ගලො අබ්යාපාදගරුකො අබ්යාපාදාසයො අබ්යාපාදාධිමුත්තො’ති, අබ්යාපාදං සෙවන්තඤ්ඤෙව ජානාති ‘අයං පුග්ගලො අබ්යාපාදගරුකො අබ්යාපදාසයො අබ්යාපාදාධිමුත්තො’ති, අබ්යාපාදං සෙවන්තමෙව ජානාති ‘අයං පුග්ගගලා බ්යාපාදගරුකො බ්යාපාදාසයො බ්යාපාදාධිමුත්තො’ති.
ව්‍යාපාදය සෙවුණහු මැ ‘මේ පුද්ගල තෙම ව්‍යාපාදගරුක යැ ව්‍යාපාදාශය ඇත්තේ යැ ව්‍යාපාදාධිමුක්ත යැ’යි දැනගනියි. ව්‍යාපාදය සෙවුණහු මැ ‘මේ පුද්ගල තෙම අව්‍යාපාදගරුක යැ අව්යාපාදාශ ඇත්තේ යැ අව්‍යාපාදාධිමුක්ත යැ’යි දැනගනියි. අව්‍යාපාදය සෙවුණහු මැ ‘මේ පුද්ගල තෙම අව්‍යාපාදගරුක යැ අව්යාපාදාශය ඇත්තේ යැ අව්‍යාපාදාධිමුක්ත යැ’යි දැනගනියි. අව්‍යාපාදය සෙවුණහු මැ ‘මේ පුද්ගල තෙම ව්‍යාපාදගරුක යැ ව්‍යාපාදාශය ඇත්තේ යැ ව්‍යාපාදාධිමුක්ත යැ’යි දැනගනී.
ථීනමිද්ධං සෙවන්තඤ්ඤෙව ජානාති ‘අයං පුග්ගලො ථිනමිද්ධගරුකො ථීනමිද්ධාසයො ථීනමිද්ධාධිමුත්තො’ති, ථීනමිද්ධං සෙවන්තඤ්ඤෙව ජානාති ‘අයං පුග්ගලො ආලොකසඤ්ඤාගරුකො ආලොකසඤ්ඤාසයො ආලොකසඤ්ඤාධිමුත්තො’ති, ආලොකසඤ්ඤං සෙවන්තඤ්ඤෙව ජානාති ‘අයං පුග්ගලො ආලොකසඤ්ඤාගරුකො ආලොකසඤ්ඤාසයො ආලොකසඤ්ඤාධිමුත්තො’ති, ආලොකසඤ්ඤං සෙවන්තඤ්ඤෙව ජානාති ‘අයං පුග්ගලො ථීනමිද්ධගරුකො ථීනමිද්ධාසයො ථීනමිද්ධාධිමුත්තො’ති. අයං සත්තානං ආසයො.
ථීනමිද්ධය සෙවුණහු මැ ‘මේ පුද්ගල තෙම ථීනමිද්ධයගරුක යැ ථීනමිද්ධාසය ඇත්තේ යැ ථීනමිද්ධාධිමුත්ත යැ’යි දැනගනියි. ථීනමිද්ධය සෙවුණහු මැ ‘මේ පුද්ගල තෙම අලෝකසංඥාගරුක යැ අලොකසංඥාශය ඇත්තේ යැ අලෝකසංඥාධිමුක්ත යැ’යි දැනගනියි. අලෝකසංඥාව සෙවුණහු මැ ‘මේ පුද්ගල තෙම අලෝකසංඥාගරුක යැ අලොකසංඥාශය ඇත්තේ යැ අලෝකසංඥාධිමුක්ත යැ’යි දැනගනියි. අලෝකසංඥාව සෙවුණහු මැ ‘මේ පුද්ගල තෙම ථීනමිද්ධගරුක යැ ථීනමිද්ධාසය ඇත්තේ යැ ථීනමිද්ධාධිමුත්ත යැ’යි දැනැගනී. මේ සත්ත්වයන්ගේ ආශය වේ.
කතමො ච සත්තානං අනුසයො: සත්තානුසයා, කාමරාගානුසයො, පටිඝානුසයො, මානානුසයො, දිට්ඨානුසයො, විචිකිච්ඡානුසයො, භවරාගානුසයො, අවිජ්ජානුසයො.
සත්ත්වයන්ගේ අනුශය කවරෙ යත්: අනුශයයෝ සත්දෙනෙකි: කාමරාගානුශය යැ ප්‍රතිඝානුශය යැ මානානුශය යැ දෘෂ්ට්‍යනුශය යැ විචිකිත්සානුශය යැ භවරාගානුශය යැ අවිද්‍යානුශය යි.
යං ලොකෙ පියරූපං සාතරූපං, එත්ථ සත්තානං කාමරාගානුසයො අනුසෙති; යං ලොකෙ අප්පියරූපං අසාතරූපං, එත්ථ සත්තානං පටිඝානුසයො අනුසෙති; ඉති ඉමෙසු ද්වීසු ධම්මෙසු අවිජ්ජා අනුපතිතා තදෙකට්ඨො මානො ච දිට්ඨි ච විචිකිච්ඡා ච දට්ඨබ්බා. අයං සත්තානං අනුසයො.
යමක් ලෝකයෙහි ප්‍රියස්වභාව සාතස්වභාව ඇත්තේ ද මෙහි සත්ත්වයන්ගේ කාමරාගානුශය ලැගසිටී යමෙක් ලෝකයෙහි අප්රියස්වභාව අසාතස්වභාව ඇත්තේ ද මෙහි සත්ත්වයන්ගේ ප්‍රතිඝානුශය ලැගසිටී. මෙසෙයින් මේ දෙදහම්හි අවිද්‍යාව අනුවගියා ය. ඒ අවිද්‍යාව හා සමග (සහජෙකට්ඨවශයෙන්) එක් වැ සිටි මානය ද දෘෂ්ටි ද විචිකිත්සාව ද දතයුත්තාහ. මේ සත්ත්වයන්ගේ අනුශය වේ.
කතමං ච සත්තානං චරිතං: පුඤ්ඤාභිසඞ්ඛාරො, අපුඤ්ඤාභිසඞ්ඛාරො, ආනෙඤ්ජාභිසඞ්ඛාරො පරිත්තභුමකො වා මහාභූමකො වා, ඉදං සත්තානං චරිතං.
සත්ත්වයන්ගේ චරිතය කවරෙ යත්: පරිත්තභූමක වූ හෝ මහාභූමක වූ හෝ පුණ්‍යාභිසංස්කාර යැ අපුණ්‍යාභිසංස්කාර යැ ආනෙඤ්ජාභිසංස්කාර යි. මේ සත්ත්වයන්ගේ චරිත යි.
කතමා ච සත්තානං අධිමුත්ති: සන්ති සත්තා හීනාධිමුත්තිකා, සන්ති සත්තා පණීතාධිමුත්තිකා, හීනාධිමුත්තිකා සත්තා හීනාධිමුත්තිකෙ සත්තෙ සෙවන්ති භජන්ති පයිරුපාසන්ති, පණීතාධිමුත්තිකා සත්තා පණීතාධිමුත්තිකෙ සත්තෙ සෙවන්ති භජන්ති පයිරුපාසන්ති. අතීතම්පි අද්ධානං හීනාධිමුත්තිකා සත්තා හීනාධිමුත්තිකෙ සත්තෙ සෙවිංසු භජිංසු පයිරුපාසිංසු, පණීතාධිමුත්තිකා සත්තා පණීතාධිමුත්තිකෙ සත්තෙ සෙවිංසු භජිංසු පයිරුපාසිංසු, අනාගතම්පි අද්ධානං හීනාධිමුත්තිකා සත්තා හීනාධිමුත්තිකෙ සත්තෙ සෙවිස්සන්ති භජිස්සන්ති පයිරුපාසිස්සන්ති, පණීතාධිමුත්තිකා සත්තා පණීතාධිමුත්තිකෙ සත්තෙ සෙවිස්සන්ති භජිස්සන්ති පයිරුපාසිස්සන්ති. අයං සත්තානං අධිමුත්ති.
සත්ත්වයන්ගේ අධිමුක්ති කවර යත්: හීන වූ අධිමුක්ති (අදහස්) ඇති සත්ත්වයෝ ඇත්තාහ. ප්‍රණීත වූ අධිමුක්ති ඇති සත්ත්වයෝ ඇත්තාහ. හීනාධිමුක්තික සත්ත්වයෝ හීනාධිමුක්තික සත්ත්වයන් සේවන - භජන - පර්‍ය්‍යුපාසන කෙරෙති. ප්රණීතාධිමුක්තිසත්ත්වයෝ ප්රණීතාධිමුක්තිසත්ත්වයන් සේවන භජන පර්‍ය්‍යුපාසන කෙරෙති. අතීතකාලයෙහි දු හීනාධිමුක්තිසත්ත්වයෝ හීනාධිමුක්තිසත්ත්වයන් සේවන - භජන - පර්‍ය්‍යුපාසන කළහ. අනාගතකාලයෙහි දු හීනාධිමුක්තිසත්ත්වයෝ හීනාධිමුක්තිසත්ත්වයන් සේවන - භජන - පර්‍ය්‍යුපාසන කරන්නාහ. ප්රණීතාධිමුක්තිසත්ත්වයෝ ප්රණීතාධිමුක්තිසත්ත්වයන් සේවන - භජන - පර්‍ය්‍යුපාසන කරන්නාහු යි. මේ සත්ත්වයන්ගේ අධිමුක්ති යි.
කතමෙ සත්තා අභබ්බා: යෙ තෙ සත්තා කම්මාවරණෙන සමන්නාගතා, කිලෙසාවරණෙන සමන්නාගතා, විපාකාවරණෙන සමන්නාගතා, අසද්ධා අච්ඡන්දිකා, දුප්පඤ්ඤා අභබ්බා නියාමං ඔක්කමිතුං කුසලෙසු ධම්මෙසු සම්මත්තං. ඉමෙ තෙ සත්තා අභබ්බා.
අභව්යසත්ත්වයෝ කවරහ යත්: යම් සත්ත්ව කෙනෙක් කර්මාවරණයෙන් සමන්වාගතයෝ ද ක්ලේශාවරණයෙන් සමන්වාගතයෝ ද විපාකාවරණයෙන් සමන්වාගතයෝ ද සැදැහැ නැත්තාහු ද කර්තුකම්යතාකුශලච්ඡන්ද නැත්තාහු ද භවාඞ්ගප්රඥා රහිතයෝ ද කුශලධර්මයන්හි සම්යක්ත්වනියාම සඞ්ඛ්‍යාත ආර්ය්යමාර්ගයට බැසැගන්නට අභව්‍යයෝ ද මේ සත්ත්වයෝ අභව්‍යයෝ යි.
කතමෙ සත්තා භබ්බා: යෙ තෙ සත්තා න කම්මාවරණෙන සමන්නාගතා, න කිලෙසාවරණෙන සමන්නාගතා, න විපාකාවරණෙන සමන්නාගතා, සද්ධා ඡන්දිකා පඤ්ඤාවන්තො, භබ්බා නියාමං ඔක්කමිතුං කුසලෙසු ධම්මෙසු සම්මත්තං. ඉමෙ තෙ සත්තා භබ්බා.
භව්යසත්ත්වයෝ කවරහ යත්: යම් සත්ත්ව කෙනෙක් කර්මාවරණයෙන් සමන්වාගත නො වූවාහු ක්ලේශාවරණයෙන් සමන්වාගත නො වූවාහු විපාකාවරණයෙන් සමන්වාගත නො වූවාහු සැදැහැ ඇත්තාහු කර්තුකම්යතාකුශලච්ඡන්ද ඇත්තාහු ද භවාඞ්ගප්රඥා ඇත්තාහු කුශලධර්මයන්හි සම්යක්ත්වනියාම සඞ්ඛ්‍යාත ආර්ය්යමාර්ගයට බැසැගන්නට භව්‍ය වෙත් ද මේ සත්ත්වයෝ භව්‍යයෝ යි.
ඉදං තථාගතස්ස සත්තානං ආසයානුසයෙ ඤාණං.
මේ තථාගතයන් වහන්සේගේ සත්ත්වයන් පිළිබඳ ආශය අනුශය දන්නා නුවණ යි.
ආසයානුසයඤාණනිද්දෙසො.
ආශයානුශයඥානනිර්දේශ යි.