70. යමකපාටිහීරඤාණනිද්දෙසවණ්ණනා අට්ඨකථා
70. යමකපාටිහීරඤාණනිද්දෙසවණ්ණනා
70. යමක ප්රාතිහාර්ය ඤාණ නිර්දේශ වර්ණනාව
යමකපාටිහීරඤාණනිද්දෙසෙ අසාධාරණං සාවකෙහීති සෙසාසාධාරණඤාණනිද්දෙසෙ අඤ්ඤවචනෙහි ඔකාසාභාවතො න වුත්තං, ඉධ පන අඤ්ඤවචනාභාවතො වුත්තන්ති වෙදිතබ්බං. උපරිමකායතොති නාභියා උද්ධං සරීරතො. අග්ගික්ඛන්ධො පවත්තතීති තෙජොකසිණාරම්මණං පාදකජ්ඣානං සමාපජ්ජිත්වා වුට්ඨාය “උපරිමකායතො අග්ගිජාලා වුට්ඨාතූ”ති ආවජ්ජිත්වා පරිකම්මං කත්වා අනන්තරං අභිඤ්ඤාඤාණෙන “උපරිමකායතො අග්ගිජාලා වුට්ඨාතූ”ති අධිට්ඨිතෙ සහ අධිට්ඨානා උපරිමකායතො අග්ගිජාලා වුට්ඨාති. සා හි ඉධ රාසට්ඨෙන ඛන්ධොති වුත්තා. හෙට්ඨිමකායතොති නාභිතො හෙට්ඨා සරීරතො. උදකධාරා පවත්තතීති ආපොකසිණාරම්මණං පාදකජ්ඣානං සමාපජ්ජිත්වා වුට්ඨාය “හෙට්ඨිමකායතො උදකධාරා වුට්ඨාතූ”ති ආවජ්ජිත්වා පරිකම්මං කත්වා අනන්තරං අභිඤ්ඤාඤාණෙන “හෙට්ඨිමකායතො උදකධාරා වුට්ඨාතූ”ති අධිට්ඨිතෙ සහ අධිට්ඨානා හෙට්ඨිමකායතො උදකධාරා වුට්ඨාති. උභයත්ථාපි අබ්බොච්ඡෙදවසෙන පවත්තතීති වුත්තං. අධිට්ඨානස්ස ආවජ්ජනස්ස ච අන්තරෙ ද්වෙ භවඞ්ගචිත්තානි වත්තන්ති. තස්මායෙව යුගලා හුත්වා අග්ගික්ඛන්ධඋදකධාරා පවත්තන්ති, අන්තරං න පඤ්ඤායති. අඤ්ඤෙසං පන භවඞ්ගපරිච්ඡෙදො නත්ථි . පුරත්ථිමකායතොති අභිමුඛපස්සතො. පච්ඡිමකායතොති පිට්ඨිපස්සතො. දක්ඛිණඅක්ඛිතො වාමඅක්ඛිතොතිආදි සමාසපාඨොයෙව, න අඤ්ඤො. දක්ඛිණනාසිකාසොතතො වාමනාසිකාසොතතොති පාඨො සුන්දරො. රස්සං කත්වාපි පඨන්ති. අංසකූටතොති එත්ථ අබ්භුග්ගතට්ඨෙන කූටො වියාති කූටො, අංසොයෙව කූටො අංසකූටො. අඞ්ගුලඞ්ගුලෙහීති අඞ්ගුලීහි අඞ්ගුලීහි. අඞ්ගුලන්තරිකාහීති අඞ්ගුලීනං අන්තරිකාහි. එකෙකලොමතො අග්ගික්ඛන්ධො පවත්තති, එකෙකලොමතො උදකධාරා පවත්තතීති උභයත්ථාපි ආමෙඩිතවචනෙන සබ්බලොමානං පරියාදින්නත්තා එකෙකලොමතොව අග්ගික්ඛන්ධඋදකධාරා යුගලා යුගලා හුත්වා පවත්තන්තීති වුත්තං හොති. ලොමකූපතො ලොමකූපතො අග්ගික්ඛන්ධො පවත්තති, ලොමකූපතො ලොමකූපතො උදකධාරා පවත්තතීති එත්ථාපි එසෙව නයො. කෙසුචි පොත්ථකෙසු “එකෙකලොමතො අග්ගික්ඛන්ධො පවත්තති. ලොමකූපතො ලොමකූපතො උදකධාරා පවත්තති, ලොමකූපතො ලොමකූපතො අග්ගික්ඛන්ධො පවත්තති, එකෙකලොමතො උදකධාරා පවත්තතී”ති ලිඛිතං. තම්පි යුජ්ජතියෙව. පාටිහීරස්ස අතිසුඛුමත්තදීපනතො පන පුරිමපාඨොයෙව සුන්දරතරො.
යමක ප්රාතිහාර්ය ඤාණ නිර්දේශයෙහි, අසාධාරණං සාවකෙහි යනු සෙසු ශ්‍රාවක අසාධාරණ ඤාණ නිර්දේශයෙහි අන්‍ය වචනයන්ගෙන් අවකාශ අභාව හෙයින් නොයූ.සේයි. මෙහි වනාහි අන්‍ය වචන අභාව හෙයින් යූ.සේයි. උපරිමකායතො යනු ශරීරයෙහි නාභියෙන් මතුයෙහි, අග්ගික්ඛන්ධො පවත්තති යනු තේජෝ කසිණ අරමුණු කොට, පාදක ධ්‍යානයට සමවැද නැගිට, මතු ශරීරයෙන් ගිනිදැල් නැගී සිටීවායි ආවර්ජනය කොට පරිකර්මකොට අභිඥා ඤාණයෙන් මතු කයින් ගිනිදැල් නැගී සිටීවායි අධිෂ්ඨාන කළ කල්හි අධිෂ්ඨානය සමග මතු කයින් ගිනිදැල් නැගී සිටියි. ඕ වනාහි රාශ්යර්ථයෙන් ඛන්ධයැයි යූ.සේයි. හෙට්ඨිම කායතො යනු නාභියෙන් යට ශරීරයෙන්, උදකධාරා පවත්තති යනු ආපො කසිණාරම්මණ පාදක ධ්‍යානයට සමවැද නැගිට යමකයෙන් දියදහරා නැගී සිටීවායි, ආවර්ජනය කොට, පරිකර්ම කොට අභිඥා ඤාණයෙන් යට කයෙන් දියදහරා නැගී සිටීවායි අධිෂ්ඨාන කළ කල්හි, අධිෂ්ඨානය සමගම යට කයෙන් දියදහරා නැගී සිටියි. ද්විපාර්ශ්වයෙන්ම නොසිඳීම් වශයෙන්ම පවතීයයි යූ.සේයි. අධිෂ්ඨානයෙහිද, ආවර්ජනයෙහිද, අතරත භවංග චිත්තද්වයයක් පවතී. එහෙයින්ම යුගලව ගිනිකඳ හා දියදහරා පවතිත්. අතරක් නොපෙනේ. අන්‍යයන්ට වනාහි භවංග පිරිසිඳීමක් නැත. පුරත්ථිමකායතො යනු ඉදිරිපසින්, පච්ඡිම කායතො යනු පසුපසින්, දක්ඛිණ අක්ඛිතො වාම අක්ඛිතො යන ආදිය සමාස පාඨයමය. අනෙකක් නොවේ. දකුණු නාස්පුඩුවෙන්, වම්නාසා පුඩුවෙන් යයි පාඨය සුන්දරය. හ්‍රස්ව කොටද කියවති. අංසකූටතො යනු මෙහි ඉහළ නැගි අර්ථයෙන් කුළක් මෙනැයි කූටොයි. උරහිසම කුළක් වූයේ අංසකූටයි. අංගුලංගුලෙහ එකෙකි ඇඟිල්ලෙන්, අංකුලන්තරිකාහි යනු ඇඟිලි අතරින් එකෙක ලොමතො අග්ගික්ඛන්ධො පවත්තති එකෙක ලොමතො උදකධාරා පවත්තති යනු දෙඅයුරින්ම ආමෙණ්ඩිත වචනයෙන් සියලු ලෝමයන්ගේ හාත්පසින් ගැනීම කළ හෙයින්, එක එක ලෝමයෙන්ම ගිනිකඳ, දියදහර යුගල යුගලව පවත්වතියි යූ.සේයි. ලෝම (රෝම) කූපයෙන්, ලෝමකූපයෙන් දියදහර පවත්වයි යන මෙහිද එම ක්‍රමයමැයි. සමහර පුස්තකයන්හි එක් එක් ලෝම (රෝම)යෙන් ගිනිකඳ පවත්වයි. ලෝමකූපයෙන් ලෝමකූපයෙන් දියදහර පවත්වයි. ලෝම කූපයෙන්, ලෝමකූපයෙන් ගිනිකඳ පවත්වයි. එක් එක් ලෝමයෙන් දියදහර පවත්වයි යයි ලියන ලදි. එයද යෙදේමය. ප්රාතිහාර්යයාගේ ඉතා සියුම් බව දක්වන හෙයින් ප්‍රථම පාඨයම වඩා සුන්දරය.
ඉදානි ඡන්නං වණ්ණානන්ති කො සම්බන්ධො? හෙට්ඨා “උපරිමකායතො”තිආදීහි අනෙකෙහි සරීරාවයවා වුත්තා. තෙන සරීරාවයවසම්බන්ධො පවත්තතීති වචනසම්බන්ධෙන ච යමකපාටිහීරාධිකාරෙන ච ඡන්නං වණ්ණානං සරීරාවයවභූතානං රස්මියො යමකා හුත්වා පවත්තන්තීති වුත්තං හොති. සාමිවචනසම්බන්ධෙන ච අවස්සං “රස්මියො”ති පාඨසෙසො ඉච්ඡිතබ්බොයෙව. නීලානන්ති උමාපුප්ඵවණ්ණානං. පීතකානන්ති කණිකාරපුප්ඵවණ්ණානං. ලොහිතකානන්ති ඉන්දගොපකවණ්ණානං. ඔදාතානන්ති ඔසධිතාරකවණ්ණානං. මඤ්ජිට්ඨානන්ති මන්දරත්තවණ්ණානං. පභස්සරානන්ති පභාසනපකතිකානං පභස්සරවණ්ණානං. පභස්සරවණ්ණෙ විසුං අවිජ්ජමානෙපි වුත්තෙසු පඤ්චසු වණ්ණෙසු යෙ යෙ පභා සමුජ්ජලා, තෙ තෙ පභස්සරා. තථා හි තථාගතස්ස යමකපාටිහීරං කරොන්තස්ස යමකපාටිහීරඤාණබලෙනෙව කෙසමස්සූනඤ්චෙව අක්ඛීනඤ්ච නීලට්ඨානෙහි නීලරස්මියො නික්ඛමන්ති, යාසං වසෙන ගගනතලං අඤ්ජනචුණ්ණසමොකිණ්ණං විය උමාපුප්ඵනීලුප්පලදලසඤ්ඡන්නං විය වීතිපතන්තමණිතාලවණ්ටං විය පසාරිතමෙචකපටං විය ච හොති. ඡවිතො චෙව අක්ඛීනඤ්ච පීතකට්ඨානෙහි පීතරස්මියො නික්ඛමන්ති, යාසං වසෙන දිසාභාගා සුවණ්ණරසනිසිඤ්චමානා විය සුවණ්ණපටපසාරිතා විය කුඞ්කුමචුණ්ණකණිකාරපුප්ඵසම්පරිකිණ්ණා විය ච විරොචන්ති. මංසලොහිතෙහි චෙව අක්ඛීනඤ්ච රත්තට්ඨානෙහි ලොහිතරස්මියො නික්ඛමන්ති, යාසං වසෙන දිසාභාගා චිනපිට්ඨචුණ්ණරඤ්ජිතා විය සුපක්කලාඛාරසනිසිඤ්චමානා විය රත්තකම්බලපරික්ඛිත්තා විය ජයසුමනපාලිභද්දකබන්ධුජීවකකුසුමසම්පරිකිණ්ණා විය ච විරොචන්ති. අට්ඨීහි චෙව දන්තෙහි ච අක්ඛීනඤ්ච සෙතට්ඨානෙහි ඔදාතරස්මියො නික්ඛමන්ති, යාසං වසෙන දිසාභාගා රජතකුටෙහි ආසිඤ්චමානඛීරධාරාසම්පරිකිණ්ණා විය පසාරිතරජතපට්ටවිතානා විය වීතිපතන්තරජතතාලවණ්ටා විය කුන්දකුමුදසින්දුවාරසුමනමල්ලිකාදිකුසුමසඤ්ඡන්නා විය ච විරොචන්ති. හත්ථතලපාදතලාදීහි මන්දරත්තට්ඨානෙහි මඤ්ජිට්ඨරස්මියො නික්ඛමන්ති, යාසං වසෙන දිසාභාගා පවාළජාලපරික්ඛිත්තා විය රත්තකුරවකකුසුමසමොකිණ්ණා විය ච විරොචන්ති. උණ්ණානඛාදීහි පභස්සරට්ඨානෙහි පභස්සරරස්මියො නික්ඛමන්ති, යාසං වසෙන දිසාභාගා ඔසධිතාරකපුඤ්ජපුණ්ණා විය විජ්ජුපටලාදිපරිපුණ්ණා විය ච විරොචන්ති.
දැන් ඡන්නං වණ්ණානං යනු යට, මතුකයෙන් යැයි ආදී නොයෙක් ආකාරයන්ගෙන් ශරීරාවයව යූ.සේයි. ඒ ශරීරාවයව සම්බන්ධව පවත්වයි යන වචන සම්බන්ධයෙන් යමක ප්රාතිහාර්යාධිකාරයෙන්ද, ෂට් වර්ණයන්ගේ, ශරීරාවයව වූ, රශ්මීන් යුග්මවැ පවතිත්යැයි යූ.සේයි. ෂෂ්ඨි වචන සම්බන්ධයෙන්ද, ඒකාන්තයෙන් රශ්මීහුයැයි පාඨශේෂ කැමැති විය යුතුය. නීලානං යනු නිල්වන් උම්මා පුෂ්ප වර්ණයන්ගේ, පීතකානං යනු කිණිහිරි පුෂ්ප වර්ණයන්ගේ, ලොහිතකානං යනු උඳුගොව් වර්ණයන්ගේ, ඔදාතානං යනු ඔසධී නමැති තාරක වර්ණයන්ගේ මඤ්ජිට්ඨානං යනු මඳ රත් වර්ණයන්ගේ, පභස්සරානං යනු ඉතා බබළන ප්රකෘතික වර්ණයන්ගේ, ප්‍රභාස්වර වර්ණය වෙන්ව අවිද්‍යමාන වූයේද, කියන ලද පංච වර්ණයන්හි, යම් යම් ආලෝක බබළනුයේද, ඒ ඒ ආලෝක ප්‍රභාස්වර නමැ. එසේමැයි. යමක මහා ප්රාතිහාර්ය කරන්නා වූ, තථාගතයන් වහන්සේට, යමක මහා ප්රාතිහාර්ය බලයෙන්ම, කෙහෙ, රැවුල්, අක්ෂි ආදී නිල් ස්ථානයන්ගෙන් නිල් රශ්මීහු නික්මෙති. අහස්තලය අඳුන් සුණු විසුරුවන ලද්දක් මෙන්ද, නිල්පැහැති උම්මා පුෂ්ප හා නිලුපුල් පෙතිවලින් වැසුණාක් මෙන්ද, සෙලවී වැටෙන මැණික් තල් නටුවක් මෙන්ද, විසුරුවන ලද මොණර ඇස් පිලෙන් තැනූ වස්ත්‍රයක් මෙන්ද වේ. චර්මයෙන්ද, අක්ෂීන්ගේද කහපැහැති ස්ථානයන්ගෙන් කහ රශ්මීහු නික්මෙති. දිසා ප්‍රදේශ රන්රස විසුරුවන්නාක් මෙන් රන් වස්ත්‍ර දිගහරින ලද්දාක් මෙන්ද කොකුම් චූර්ණ කිණිහිරි මලින් ගැවැසී ගත්තාක් මෙන්ද බබළති. මස් ලේ හා අක්ෂන්හි රත් ස්ථානයන්ගෙන් ලෝහිත(රත්) රශ්මීහු නික්මෙති. යමකගේ වශයෙන් දිසා ප්‍රදේශ රත්සිරියල් චූර්ණයෙන් වර්ණගැන්වූ ආකාරයෙන්, මනාව ඉදුණු, දියකළ ලාකඩ රස ඉසින්නාක් මෙන්, රත් කම්බිලියකින් වටකළාක් මෙන්ද, දෑසමන් එරබදු වද යන මල්වලින් ගැවසී ගත්තාක් මෙන්ද, බබළති. අස්ථීන්ගෙන්ද, දන්තයන්ගෙන්ද, නේත්‍රයන්හි ශ්වේතස්ථානයන්ගෙන් ශ්වේත රශ්මීහු නික්මෙති. යමකගේ වශයෙන් දිශා ප්‍රදේශ රිදී පර්වත මුදුන්වලින් ඉසිනු ලබන ක්ෂීරධාරා ගැවසී ගත්තාක් මෙන්ද, දිගහරින ලද රිදී තහඩු වියනක් මෙන්ද, පතිතවන රිදී තල් නැටි මෙන්ද, කොඳ, සුදු මානෙල්, නික, සමන්, දෑසමන් ආදී පුෂ්පයන්ගෙන් ගැවසී ගත්තාක් මෙන්ද බබළති. අත්ල, පතුල ආදී මඳ රත් ස්ථානයන්ගෙන් මදටිය පැහැති රශ්මීහු නික්මෙති. යමකගේ වශයෙන් දිසා ප්‍රදේශ පබළු දැලකින් වටකළාක් මෙන්ද, රතු කටුකරඬු විසිරවූවා මෙන්ද බබලති. සියුම් රෝම නිය ආදී ප්‍රභාස්වර ස්ථානයන්ගෙන් ප්‍රභාශ්වර රශ්මීහු නික්මෙති. යමකගේ වශයෙන් දිසා ප්‍රදේශ දවහත් තරු රාශියකින් පිරුණාක් මෙන්ද විදුලි පටලයකින් පිරුණාක් මෙන්ද බබළති.
භගවා චඞ්කමතීතිආදි “භගවතො ච නිම්මිතානඤ්ච නානාඉරියාපථකරණං යමකපාටිහීරෙනෙව හොතී”ති දස්සනත්ථං වුත්තං. තෙසඤ්හි නිම්මිතානං ඉරියාපථා යුගලාව හුත්වා වත්තන්ති. යදි නිම්මිතා බහුකා හොන්ති, “නිම්මිතො”තිආදි කස්මා එකවචනං කතන්ති චෙ? නිම්මිතෙසුපි එකෙකස්ස නානාඉරියාපථභාවදස්සනත්ථං. බහුවචනෙන හි වුත්තෙ සබ්බෙපි නිම්මිතා සකිං එකෙකඉරියාපථිකා විය හොන්ති. එකවචනෙන පන වුත්තෙ නිම්මිතෙසු එකෙකො නානාඉරියාපථිකොති ඤායති. තස්මා එකවචනනිද්දෙසො කතො. චූළපන්ථකත්ථෙරොපි තාව නානාඉරියාපථිකභික්ඛූනං සහස්සං මාපෙසි, කිං පන භගවා යමකපාටිහීරෙ බහූ නිම්මිතෙ න කරිස්සති. චූළපන්ථකත්ථෙරං මුඤ්චිත්වා අඤ්ඤෙසං සාවකානං එකාවජ්ජනෙන නානාඉරියපථිකානං නානාරූපානඤ්ච නිම්මානං න ඉජ්ඣති. අනියමෙත්වා හි නිම්මිතා ඉද්ධිමතා සදිසාව හොන්ති. ඨානනිසජ්ජාදීසු වා භාසිතතුණ්හීභාවාදීසු වා යං යං ඉද්ධිමා කරොති, තං තදෙව කරොන්ති, විසදිසකරණං නානාකිරියාකරණඤ්ච “එත්තකා ඊදිසා හොන්තු, එත්තකා ඉමං නාම කරොන්තූ”ති විසුං විසුං ආවජ්ජිත්වා අධිට්ඨානෙන ඉජ්ඣති. තථාගතස්ස පන එකාවජ්ජනාධිට්ඨානෙනෙව නානප්පකාරනිම්මානං ඉජ්ඣති. එවමෙව අග්ගික්ඛන්ධඋදකධාරානිම්මානෙ ච නානාවණ්ණනිම්මානෙ ච වෙදිතබ්බං. තත්ථ භගවා චඞ්කමතීති ආකාසෙ වා පථවියං වා චඞ්කමති. නිම්මිතොති ඉද්ධියා මාපිතබුද්ධරූපං. තිට්ඨති වාතිආදීනිපි ආකාසෙ වා පථවියං වා. කප්පෙතීති කරොති. භගවා තිට්ඨතීතිආදීසුපි එසෙව නයොති.
භගවා චංකමති ආදීන්ගෙන්, බුදුරදුන්ගේද, නිර්මිතයන්ගේද, විවිධ ඉරියව් පැවැත්වීම යමක මහා ප්රාතිහාර්යයෙන්ම වේයයි දැක්වීම සඳහා යූ.සේයි. එම නිර්මිතයන්ගේ ඉරියව් යුගලව පවතී. ඉදින් නිර්මිතයෝ බොහෝ ප්‍රමාණ වෙත්ද? ‘නිර්මිතයා ආදි වශයෙන් කවර හෙයින් ඒකවචන කරන ලද්දේද යත්?’ නිර්මිතයන්හිද එකිනෙකාගේ විවිධ ඉරියව්භාවය දැක්වීම සඳහායි. බහුවචනයෙන් කී කල්හි සියලුම නිර්මිතයෝ එක්වර එකිනෙක ඉරියව් පවත්වන්නාහු වෙති. ඒකවචනයෙන් කී කල්හි නිර්මිතයින් වෙන වෙනම නොයෙක් ඉරියව් පවත්වන්නෙකු මෙන් හැඟේ. (සිවුරු පඬු පොවනවිට සියල්ලෝම සිවුරු පඬු පොවති. එක් අයෙක් පඬු පොවයි. එක් අයෙක් සක්මන් කරයි. එක් අයෙක් බවුන් වඩයි ආදී වශයෙනි) එහෙයින් ඒකවචන නිර්දේශය කරන ලදි. චූලපන්ථක තෙරද විවිධ ඉරියව්වලින් යුත් භික්ෂූන් දහසක් මැවීය. කිමෙක්ද බුදුරජ, යමක මහා ප්‍රාතිහාර්යයෙහිදී බහු නිර්මිතයන් නොකරන්නේද? කරන්නේමය. චූලපන්ථක තෙරුන් හැර අනෙක් ශ්රාවකයින් එක් ආවර්ජනයෙන්, විවිධ ඉරියව් සමන්විතයින්ගේද විවිධ රූපයන්ගේද නිර්මාණය සිදුනොවේ. නියම නොකොට නිර්මිත කරන ලද්දාහු සෘද්ධිමතා සමාන වූවාහුම වෙති. සිටීම් හිඳීම්, කථාකිරීම්, තෘෂ්ණීම්භූතාදියෙහි සෘද්ධිමතා යම් යම් දැයක් කරයිද, නිර්මිතයද ඒ ඒ දැයම කරයි. විසදෘශකරණයද, විවිධ ක්‍රියා කරණයද මෙතෙක් මේ ආකාර වෙත්වා. මෙතෙක් මෙනම් දෑ කරත්වායි වෙන් වෙන්ව ආවර්ජනා කොට අදිටන් කිරීමෙන් ඉටුවේ. තථාගතයන් වහන්සේට වනාහි ඒකාවර්ජන අධිෂ්ඨානයෙන්ම නානාප්‍රකාර නිර්මාණ සිදුවේ. එපරිද්දෙන්ම ගිනිකඳ, දියදහර නිමැවුමෙහිද, විවිධ වර්ණ නිමැවුමෙහිද සිදුවේයයි දතයුතුය. එහි භගවා චංකමති යනු ආකාශයෙහි හෝ පෘථුවියෙහි සක්මන් කරයි. නිම්මිතො යනු සෘද්ධියෙන් මවන ලද බුදුරුව. තිට්ඨතිවා යන ආදියද ආකාශයෙහි හෝ පෘථුවියෙහි, කප්පෙති යනු කරයි. භගවා තිට්ඨති ආදීන්හිද එම ක්‍රමයමැයි.
යමකපාටිහීරඤාණනිද්දෙසවණ්ණනා නිට්ඨිතා.
යමක ප්රාතිහාර්ය ඤාණ නිර්දේශ වර්ණනාව නිමි.