යෙදුමෙන් කියවන්න

71. මහාකරුණාඤාණනිද‍්දෙසවණ‍්ණනා අට‍්ඨකථා

71. මහාකරුණාඤාණනිද‍්දෙසවණ‍්ණනා

71. මහා කරුණා ඤාණ නිර්දේශ වර්ණනාව

මහාකරුණාඤාණනිද‍්දෙසෙ බහුකෙහි ආකාරෙහීති ඉදානි වුච‍්චමානෙහි එකූනනවුතියා පකාරෙහි. පස‍්සන‍්තානන‍්ති ඤාණචක‍්ඛුනා ච බුද‍්ධචක‍්ඛුනා ච ඔලොකෙන‍්තානං. ඔක‍්කමතීති ඔතරති පවිසති. ආදිත‍්තොති දුක‍්ඛලක‍්ඛණවසෙන පීළායොගතො සන‍්තාපනට‍්ඨෙන ආදීපිතො. “යදනිච‍්චං, තං දුක‍්ඛ”න‍්ති (සං· නි· 3.15) වුත‍්තත‍්තා සබ‍්බසඞ‍්ඛතස‍්ස චෙව දුක‍්ඛලක‍්ඛණවසෙන පීළිතත‍්තා දුක‍්ඛස‍්ස ච කරුණාය මූලභූතත‍්තා පඨමං දුක‍්ඛලක‍්ඛණවසෙන “ආදිත‍්තො”ති වුත‍්තන‍්ති වෙදිතබ‍්බං. රාගාදීහි ආදිත‍්තතං පන උපරි වක‍්ඛති. අථ වා ආදිත‍්තොති රාගාදීහියෙව ආදිත‍්තො. උපරි පන “තස‍්ස නත්‍ථඤ‍්ඤො කොචි නිබ‍්බාපෙතා”ති අත්‍ථාපෙක‍්ඛනවසෙන පුන වුත‍්තන‍්ති වෙදිතබ‍්බං . ලොකසන‍්නිවාසොති පඤ‍්චක‍්ඛන්‍ධා ලුජ‍්ජනපලුජ‍්ජනට‍්ඨෙන ලොකො, තණ‍්හාදිට‍්ඨිවසෙන සන‍්නිවසන‍්ති එත්‍ථ සත‍්තාති සන‍්නිවාසො, ලොකොව සන‍්නිවාසො ලොකසන‍්නිවාසො. දුක‍්ඛිතං ඛන්‍ධසන‍්තානං උපාදාය සත‍්තවොහාරසබ‍්භාවතො ලොකසන‍්නිවාසයොගතො සත‍්තසමූහොපි ලොකසන‍්නිවාසො. සොපි ච සහඛන්‍ධකොයෙව. උය්‍යුත‍්තොති අනෙකෙසු කිච‍්චෙසු නිච‍්චබ්‍යාපාරතාය කතයොගො කතඋස‍්සාහො, සතතකිච‍්චෙසු සඋස‍්සුක‍්කොති අත්‍ථො. ඝට‍්ටනයුත‍්තොති වා උය්‍යුත‍්තො. පයාතොති පබ‍්බතෙය්‍යා නදී විය අනවට‍්ඨිතගමනෙන මරණාය යාතුං ආරද‍්ධො. කුම‍්මග‍්ගප‍්පටිපන‍්නොති කුච‍්ඡිතං මිච‍්ඡාමග‍්ගං පටිපන‍්නො. උපරි පන “විපථපක‍්ඛන්‍දො”ති නානාපදෙහි විසෙසෙත්‍වා වුත‍්තං.

මහා කරුණා ඤාණ නිර්දේශයෙහි, බහුකෙහි ආකාරෙහි යනු දැන් කියනු ලබන එකුන් අනූ ආකාරයන්ගෙන්, පසසන්තානං යනු නැණැසින්ද, බුදුඇසින්ද බලනවුන්ට, ඔක්කමති බසියි, පිවිසෙයි. ආදිත්තො යනු දුක් ස්වභාව වශයෙන්, පීඩා යෙදීමෙන් තැවීම් අර්ථයෙන් ඇවිලිණි. ‘යමක් අනිත්‍යයද, එය දුකයැයි කියන ලද හෙයින්, සියලු සංඛතයාගේම දුක් ස්වභාව වශයෙන් පීඩිත වූ හෙයින් දුකටද, කරුණාවටද මුල්වූ හෙයින් පළමුව දුක් ස්වභාව වශයෙන් ඇවිළුණේ යයි කියන ලදැයි දතයුතුය. රාගාදීන්ගෙන් ඇවිළුණු ස්වභාවය මත්තෙහි කියයි. නොහොත්, ආදිත්තො යනු රාගාදීන්ගෙන්ම ඇවිළුණේය. මත්තෙහි එයට අන්කිසි නිවීමක් නැතැයි අන්තය බැලීම් වශයෙන් නැවත කියන ලදැයි දතුයුතුය. ලොක සන්නිවාසො යනු පංචස්කන්ධය විනාශවීම් අර්ථයෙන් ලෝක නමැ. තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් මෙහි සත්ත්වයෝ වෙසෙත්නුයි සන්නිවාසයි. ලෝකයද සන්නිවාසයද එයමනුයි ලොකසන්නිවාසොයි. දුක්විඳින ස්කන්ධ පරම්පරාව දැඩිසේ ගෙන සත්ත්ව ව්‍යවහාරය යෙදෙන හෙයින් ලෝක සන්නිවාස යෝගයෙන් සත්ත්ව සමූහයද ලොක සන්නිවාසොයි. එයද ස්කන්ධ සහිතවමය. උය්‍යුත්තො යනු නොයෙක් කෘත්‍යයන්හි නිතර උත්සාහවත් වන හෙයින් කළ යෝග ඇත්තේ කළ උත්සාහ ඇත්තේ, නිතර කෘත්‍යයන්හි මනාව යෙදුණේයයි යනු කඳු මුදුන්හි සරන ගංගා මෙන් චංචල වූ ගමනින් මරණයට යන්ට අරඹන ලදි. කුම්මග්ග පටිපන්නො යනු පිළිකුල් මිථ්‍යා මාර්ගයට පිළිපන්නේ, මත්තෙහි වනාහි විපථ පටිපන්නොයි නොයෙක් පදයන්ගෙන් වෙසෙසා යූ.සේයි.

උපනීයතීති ජරාවසෙන මරණාය උපනීයති හරීයති. ජරා හි “ආයුනො සංහානී”ති (සං· නි· 2.2) වුත‍්තා. අද‍්ධුවොති න ථිරො, සදා තථෙව න හොති. යස‍්මා අද‍්ධුවො, තස‍්මා උපනීයතීති පුරිමස‍්ස කාරණවචනමෙතං. එතෙන සකාරණං ජරාදුක‍්ඛං වුත‍්තං. තං ජරාදුක‍්ඛං දිස‍්වා ජරාපාරිජුඤ‍්ඤරහිතාපි විඤ‍්ඤූ පබ‍්බජන‍්ති. අතාණොති තායිතුං රක‍්ඛිතුං සමත්‍ථෙන රහිතො, අනාරක‍්ඛොති වුත‍්තං හොති. අනභිස‍්සරොති අභිසරිත්‍වා අභිගන‍්ත්‍වා බ්‍යාහරණෙන අස‍්සාසෙතුං සමත්‍ථෙන රහිතො, අසහායොති වා අත්‍ථො. යස‍්මා අනභිස‍්සරො, තස‍්මා අතාණොති පුරිමස‍්ස කාරණවචනමෙතං. එතෙන සකාරණං පියවිප‍්පයොගදුක‍්ඛං වුත‍්තං. තං පියවිප‍්පයොගදුක‍්ඛං දිස‍්වා ඤාතිපාරිජුඤ‍්ඤරහිතාපි විඤ‍්ඤූ පබ‍්බජන‍්ති. අස‍්සකොති සකභණ‍්ඩරහිතො. සබ‍්බං පහාය ගමනීයන‍්ති සකභණ‍්ඩන‍්ති සල‍්ලක‍්ඛිතං සබ‍්බං පහාය ලොකෙන ගන‍්තබ‍්බං. යස‍්මා සබ‍්බං පහාය ගමනීයං, තස‍්මා අස‍්සකොති පුරිමස‍්ස කාරණවචනමෙතං. එතෙන සකාරණං මරණදුක‍්ඛං වුත‍්තං. තං දිස‍්වා භොගපාරිජුඤ‍්ඤරහිතාපි විඤ‍්ඤූ පබ‍්බජන‍්ති. අඤ‍්ඤත්‍ථ “කම‍්මස‍්සකා මාණවසත‍්තා”ති (ම· නි· 3.289) වුත‍්තං, ඉධ ච රට‍්ඨපාලසුත‍්තෙ ච “අස‍්සකො ලොකො”ති (ම· නි· 2.305) වුත‍්තං, තං කථං යුජ‍්ජතීති චෙ? පහාය ගමනීයං සන්‍ධාය “අස‍්සකො”ති වුත‍්තං, කම‍්මං පන න පහාය ගමනීයං. තස‍්මා “කම‍්මස‍්සකා”ති වුත‍්තං. රට‍්ඨපාලසුත‍්තෙයෙව ච එවමෙතං වුත‍්තං “ත්‍වං පන යථාකම‍්මං ගමිස‍්සසී”ති (ම· නි· 2.306). ඌනොති පාරිපූරිරහිතො. අතිත‍්තොති භිය්‍යො භිය්‍යො පත්‍ථනායපි න සුහිතො . ඉදං ඌනභාවස‍්ස කාරණවචනං. තණ‍්හාදාසොති තණ‍්හාය වසෙ වත‍්තනතො තණ‍්හාය දාසභූතො. ඉදං අතිත‍්තභාවස‍්ස කාරණවචනං. එතෙන ඉච‍්ඡාරොගාපදෙසෙන සකාරණං බ්‍යාධිදුක‍්ඛං වුත‍්තං. තං බ්‍යාධිදුක‍්ඛං දිස‍්වා බ්‍යාධිපාරිජුඤ‍්ඤරහිතාපි විඤ‍්ඤූ පබ‍්බජන‍්ති. අතායනොති පුත‍්තාදීහිපි තායනස‍්ස අභාවතො අතායනො අනාරක‍්ඛො, අලබ‍්භනෙය්‍යඛෙමො වා. අලෙණොති අල‍්ලීයිතුං නිස‍්සිතුං අනරහො අල‍්ලීනානම‍්පි ච ලෙණකිච‍්චාකාරකො. අසරණොති නිස‍්සිතානං න භයසාරකො න භයවිනාසකො. අසරණීභූතොති පුරෙ උප‍්පත‍්තියා අත‍්තනො අභාවෙනෙව අසරණො, උප‍්පත‍්තිසමකාලමෙව අසරණීභූතොති අත්‍ථො.

උපනීයති යනු දිරීම් වශයෙන් මරණයට පමුණුවයි. ගෙනයයි දිරීම වනාහි ආයුෂයාගේ හැකිළීමයයි යූ.සේයි. අද්ධුවො යනු ස්ථිර නොවේ. හැමකල්හි එක් ආකාරයකින් නොවේ. යම්හෙයකින් ස්ථිර නොවේද? එහෙයින් පමුණුවයි යනු එය ප්‍රථම වචනයට හේතුවචනයයි. එයින් කරුණු සහිත ජරා දුක යූ.සේයි. එම ජරා දුක දැක, ජරාවෙන් දිරායාම් රහිත නැණවත්හු පැවිදිවෙති. අතාණො යනු රකින්ට, ආරක්ෂා කරන්ට සමර්ථතායෙන් රහිත වූයේ අනාරක්‍ෂකයයි යූ.සේයි. අනභිස්සරො යනු මනාව සිහිකොට, ඉදිරියට ගොස්, ප්‍රකාශ කිරීමෙන්, සැනසවීමට අපොහොසත් වූයේ, සහායකයෙක් නොමැතියේ යන අර්ථයි. රැකවරණයක් නොමැතියේද එහෙයින් අතාණ යනු පළමු වචනයට එය හේතු වචනයකි. එයින් කරුණු සහිතව ප්‍රිය විප්‍රයෝග දුක යූ.සේයි. එම ප්‍රිය විප්‍රයෝග දුක දැක ඤාති ව්‍යසන රහිතවද නැණැතියෝ පැවිදි වෙති. අස්සකො යනු තම සතු කිසි ද්‍රව්‍යොපකරණයක් රහිත වූයේ, සබ්බං පහාය ගමනීයං යනු තම සතු භාණ්ඩයැයි සැලකූ සියල්ල හැර ලොවින් යා යුතුය. යම්හෙයකින් සියල්ල හැර යායුතුද එහෙයින් අස්සකො යන එය පළමු වචනයට අදාළ වේ. (න+සක = අස්සක) එයින් හේතු සහිත මරණ දුක යූ.සේයි. එය දැක භෝග ව්‍යසන රහිතවද, නැණැතියෝ පැවිදි වෙති. අනෙක් අර්ථයෙක්හි, මානවකය, සත්ත්වයෝ කර්මය ස්වකීය කොට ඇත්තාහුයයි යූ.සේයි. මෙහිද රට්ඨපාල සූත්‍රයෙහිද ස්වකීය නුවූ ලෝකයැයි යූ.සේයි. එය කෙසේ යෙදේද යත්? හැරයාම සඳහා අස්සකයැයි යූ.සේයි. කර්මය නොහැර යා යුතුය. එහෙයින් කර්මය ස්වකීයයැයි යූ.සේයි. රට්ඨපාල සූත්‍රයෙහිද එය එසේම යූ.සේයි. ‘නුඹ කම් වූ පරිද්දෙන් යන්නෙහි? ඌනො යනු සම්පූර්ණත්වය රහිත, අතිත්තො යනු වඩ වඩා ප්‍රාර්ථනා කිරීමෙහිද තෘප්තියට පත්නුවූයේ, මෙය ඌනතාවයට හේතු වචනයයි. තණ්හාදාසො යනු තෘෂ්ණාවගේ වසඟයෙහි පවත්නා හෙයින් තෘෂ්ණාවට දාස වූයේ. මෙය අතෘප්තිමත් භාවයට හේතු වචනයයි. එයින් කැමැතිවීම් රෝගය පෙන්වීමෙන් හේතුසහිත ව්‍යාධි දුක යූ.සේයි. එම ව්‍යාධි දුක දැක ව්‍යාධි ව්‍යසන රහිතවද නැණැතියෝ පැවිදි වෙති. අතායනො යනු පුත්‍රාදීන්ගෙන්ද, ආරක්‍ෂාව නොමැති හෙයින් අතායනයි, අනාරක්‍ෂිතයි. ක්‍ෂෙම නොලැබිය හැකිය යන අර්ථයි. අලෙණො යනු ඇලෙන්ට, ඇසුරුකරන්ට නුසුදුසු වූයේ ඇලුණවුන්ටද ආරක්ෂා කටයුතු නොකරන හෙයින්ද අසරණො යන නිශ්‍රිතයන්ගේ භය ඉවතට ගෙන නොයනුයේ, භය විනාශ නොකරනුයේ අසරණීභූතො උපතට පෙර තමාගේ අභාවයෙන්ම අසරණ වූයේ, උපත හා සම කාලයෙහිම අසරණ වූයේ යයි අර්ථයි.

උද‍්ධතොති සබ‍්බාකුසලෙසු උද‍්ධච‍්චස‍්ස උප‍්පජ‍්ජනතො සත‍්තසන‍්තානෙ ච අකුසලුප‍්පත‍්තිබාහුල‍්ලතො අකුසලසමඞ‍්ගීලොකො තෙන උද‍්ධච‍්චෙන උද‍්ධතො. අවූපසන‍්තොති අවූපසමනලක‍්ඛණස‍්ස උද‍්ධච‍්චස‍්සෙව යොගෙන අවූපසන‍්තො භන‍්තමිගපටිභාගො. “උපනීයති ලොකො”තිආදීසු චතූසු ච “උද‍්ධතො ලොකො”ති ච පඤ‍්චසු ඨානෙසු ලොකොති ආගතං, සෙසෙසු ලොකසන‍්නිවාසොති. උභයථාපි ලොකොයෙව. සසල‍්ලොති පීළාජනකතාය අන‍්තොතුදනතාය දුන‍්නීහරණීයතාය ච සල‍්ලාති සඞ‍්ඛං ගතෙහි රාගාදීහි සල‍්ලෙහි සහවත‍්තනකො. විද‍්ධොති මිගාදයො කදාචි පරෙහි විද‍්ධා හොන‍්ති, අයං පන ලොකො නිච‍්චං අත‍්තනාව විද‍්ධො. පුථුසල‍්ලෙහීති “සත‍්ත සල‍්ලානි – රාගසල‍්ලං, දොසසල‍්ලං, මොහසල‍්ලං, මානසල‍්ලං, දිට‍්ඨිසල‍්ලං, කිලෙසසල‍්ලං, දුච‍්චරිතසල‍්ල”න‍්ති (මහානි· 174) වුත‍්තෙහි සත‍්තහි සල‍්ලෙහි. තස‍්සාති තස‍්ස ලොකසන‍්නිවාසස‍්ස. සල‍්ලානං උද‍්ධතාති තෙසං සල‍්ලානං සත‍්තසන‍්තානතො උද‍්ධරිතා පුග‍්ගලො. අඤ‍්ඤත්‍ර මයාති මං ඨපෙත්‍වා. යෙපි භගවතො සාවකා සල‍්ලානි උද‍්ධරන‍්ති, තෙසං භගවතො වචනෙනෙව උද‍්ධරණතො භගවාව උද‍්ධරති නාම. අවිජ‍්ජන්‍ධකාරාවරණොති අවිජ‍්ජා එව සභාවදස‍්සනච‍්ඡාදනෙන අන්‍ධං විය කරොතීති අවිජ‍්ජන්‍ධකාරො, සොව සභාවාවගමනනිවාරණෙන ආවරණං එතස‍්සාති අවිජ‍්ජන්‍ධකාරාවරණො. කිලෙසපඤ‍්ජරපක‍්ඛිත‍්තොති කිලෙසා එව කුසලගමනසන‍්නිරුජ‍්ඣනට‍්ඨෙන පඤ‍්ජරොති කිලෙසපඤ‍්ජරො, අවිජ‍්ජාපභවෙ කිලෙසපඤ‍්ජරෙ පක‍්ඛිත‍්තො පාතිතො. ආලොකං දස‍්සෙතාති පඤ‍්ඤාලොකං දස‍්සනසීලො, පඤ‍්ඤාලොකස‍්ස දස‍්සෙතාති වා අත්‍ථො. අවිජ‍්ජාගතොති අවිජ‍්ජං ගතො පවිට‍්ඨො. න කෙවලං අවිජ‍්ජාය ආවරණමත‍්තමෙව, අථ ඛො ගහනගතො විය අවිජ‍්ජාකොසස‍්ස අන‍්තො පවිට‍්ඨොති පුරිමතො විසෙසො. අණ‍්ඩභූතොතිආදයො ච විසෙසායෙව. අණ‍්ඩභූතොති අණ‍්ඩෙ භූතො නිබ‍්බත‍්තො. යථා හි අණ‍්ඩෙ නිබ‍්බත‍්තා එකච‍්චෙ සත‍්තා “අණ‍්ඩභූතා”ති වුච‍්චන‍්ති, එවමයං ලොකො අවිජ‍්ජණ‍්ඩකොසෙ නිබ‍්බත‍්තත‍්තා “අණ‍්ඩභූතො”ති වුච‍්චති. පරියොනද‍්ධොති තෙන අවිජ‍්ජණ‍්ඩකොසෙන සමන‍්තතො ඔනද‍්ධො බද‍්ධො වෙඨිතො.

උද්ධතො යනු සියලු අකුසලයන්හි උද්ධච්චයාගේ උපදින හෙයින් සත්ත්ව සන්තානයෙහිද, අකුසල් ඉපදීම් බහුල හෙයින් අකුසලයන් සමග යුත් ලෝකයා ඒ නොසන්සුන්කමින් නොසන්සුන් වූයේ, අවුපසන්තො යනු නොසන්සුන් ලක්‍ෂණයට උද්ධච්චයාගේම යෝගයෙන් නොසන්සුන් වූයේ බියට පත් මුවෙකු සම වූයේ, ‘උපනීයති ලොකො’ ආදී සතරෙහිද, උද්ධතො ලොකො යන පංචස්ථානයන්හි ලොකො යයි සඳහන් විය. සෙස්සෙහි ලොක සන්නිවාසයැයි සඳහන් විය. දෙඅයුරින්ම සඳහන් වූයේ ලෝකයමය. සසල්ලො යනු පීඩාජනනය කරන හෙයින්ද, ඇතුළත විදින හෙයින්ද, ඉවත් කරලීම දුෂ්කර හෙයින්ද ‘සල්ල’ යැයි සංඛ්‍යාවට ගියා වූ සල්ලයන් සමග පවත්නා හෙයින්, විද්ධො මුව ආදීන් සමහරවිට අන්‍ය්‍යන් විසින් විදින ලද්දාහු වෙති. මෙම ලෝකය වනාහි නිතර තමාම විදින ලදි. පුථුසල්ලෙහි යනු රාග, ද්වේෂ, මෝහ, මාන, දිට්ඨි, ක්ලේශ, දුශ්චරිත යයි කියන ලද සත් සල්ලයන්ගෙන්, තස්ස යනු ඒ ලෝක සන්නිවාසයාගේ, සල්ලානං උද්ධුතා යනු සත්ත්ව සන්තානයෙන් ඒ සල්ලයන් උදුරන පුද්ගලයා, අඤ්ඤත්‍රමයා යනු මා හැර, භාග්‍යවතුන් වහන්සේගේ යම් ශ්‍රාවකයෝ හුල් උදුරත්ද, ඔවුන් භාග්‍යවතුන් වහන්සේගේ වචනයෙන්ම උදුරන හෙයින් භාග්‍යවතුන් වහන්සේ උදුරති නමැ. අවිජ්ජන්‍ධකාරාවරණො යනු අවිද්‍යාවම ස්වාභාවික දර්ශනය ආවරණය කිරීමෙන් අන්ධයෙකු මෙන් කෙරේනුයි අවිජ්ජන්‍ධකාරොයි. එයම ස්වභාවික ගමන වැළැක්වීමෙන් එය ආවරණය කෙරේනුයි අවිද්‍යාන්ධකාර ආවරණයි. කිලෙස පඤ්ජර පක්ඛිත්තො යනු කෙලෙසුන්ම කුසල් ගමන අවහිර කරන අර්ථයෙන් කූඩුවක් වූයේනුයි කෙලෙස් පඤ්ජරයි. අවිද්‍යා ප්‍රභව වූ කෙලෙස් කූඩුවෙහි බහාලන ලද්දේ, හෙළන ලද්දේ, ආලොකාං දස්සෙතා යනු ප්‍රඥාලෝකය දක්වන සුලුවූයේ. ප්‍රඥාලෝකයාගේ ස්වභාවය දක්වනසුලු වූයේ යයි අර්ථයි. අවිජ්ජාගතො යනු අවිද්‍යාවට ගියේ පිවිසියේ, හුදෙක් අවිද්‍යාවගේ ආවරණ මාත්‍රයම පමණෙක් නොවේ. තවද ග්‍රහණ වශයෙන් අවිද්‍යා කෝෂයෙහි ඇතුළට පිවිසියේයයි ප්‍රථම සඳහනට වඩා විශේෂයයි. අණ්ඩභූතො යනු බිජුවටක්වැ උපන්නේ යම්සේ වනාහි බිත්තරයෙහි උපන්නා වූ ඇතැම් සත්ත්වයෝ අණ්ඩභූතායි කියත්ද? එසේ මෙම ලෝකය අවිද්‍යා අණ්ඩකෝෂයෙහි උපන් හෙයින් අණ්ඩභූතයයි යූ.සේයි. පරියොනද්ධො යනු ඒ අවිද්‍යා අණ්ඩකෝෂයෙන් හාත්පසින් ඔතන ලද්දේ, බඳනා ලද්දේ වෙළන ලද්දේ වේ.

තන‍්තාකුලකජාතොති තන‍්තං විය ආකුලභූතො. යථා නාම දුන‍්නික‍්ඛිත‍්තං මූසිකච‍්ඡින‍්නං පෙසකාරානං තන‍්තං තහිං තහිං ආකුලං හොති, ඉදං අග‍්ගං ඉදං මූලන‍්ති අග‍්ගෙන වා අග‍්ගං, මූලෙන වා මූලං සමානෙතුං දුක‍්කරං හොති, එවමෙව සත‍්තා පච‍්චයාකාරෙ ඛලිතා ආකුලා බ්‍යාකුලා හොන‍්ති, න සක‍්කොන‍්ති පච‍්චයාකාරං උජුං කාතුං. තත්‍ථ තන‍්තං පච‍්චත‍්තපුරිසකාරෙ ඨත්‍වා සක‍්කාපි භවෙය්‍ය උජුං කාතුං, ඨපෙත්‍වා පන ද‍්වෙ බොධිසත‍්තෙ අඤ‍්ඤො සත‍්තො අත‍්තනො ධම‍්මතාය පච‍්චයාකාරං උජුං කාතුං සමත්‍ථො නාම නත්‍ථි. යථා පන ආකුලං තන‍්තං කඤ‍්ජිකං දත්‍වා කොච‍්ඡෙන පහටං තත්‍ථ තත්‍ථ කුලකජාතං හොති ගණ‍්ඨිබද‍්ධං, එවමයං ලොකො පච‍්චයෙසු පක‍්ඛලිත්‍වා පච‍්චයෙ උජුං කාතුං අසක‍්කොන‍්තො ද‍්වාසට‍්ඨිදිට‍්ඨිගතවසෙන කුලකජාතො හොති ගණ‍්ඨිබද‍්ධො. යෙ හි කෙචි දිට‍්ඨියො නිස‍්සිතා, සබ‍්බෙ තෙ පච‍්චයං උජුං කාතුං න සක‍්කොන‍්තියෙව. කුලාගණ‍්ඨිකජාතොති කුලාගණ‍්ඨිකං විය භූතො. කුලාගණ‍්ඨිකං වුච‍්චති පෙසකාරකඤ‍්ජිකසුත‍්තං. “කුලා නාම සකුණිකා, තස‍්සා කුලාවකො”තිපි එකෙ. යථා තදුභයම‍්පි ආකුලං අග‍්ගෙන වා අග‍්ගං, මූලෙන වා මූලං සමානෙතුං දුක‍්කරන‍්ති පුරිමනයෙනෙව යොජෙතබ‍්බං. මුඤ‍්ජපබ‍්බජභූතොති මුඤ‍්ජතිණං විය පබ‍්බජතිණං විය ච භූතො මුඤ‍්ජතිණපබ‍්බජතිණසදිසො ජාතො. යථා තානි තිණානි කොට‍්ටෙත්‍වා කොට‍්ටෙත්‍වා කතරජ‍්ජු ජිණ‍්ණකාලෙ කත්‍ථචි පතිතං ගහෙත්‍වා තෙසං තිණානං “ඉදං අග‍්ගං ඉදං මූල”න‍්ති අග‍්ගෙන වා අග‍්ගං, මූලෙන වා මූලං සමානෙතුං දුක‍්කරං, තම‍්පි පච‍්චත‍්තපුරිසකාරෙ ඨත්‍වා සක‍්කා භවෙය්‍ය උජුං කාතුං, ඨපෙත්‍වා පන ද‍්වෙ බොධිසත‍්තෙ අඤ‍්ඤො සත‍්තො අත‍්තනො ධම‍්මතාය පච‍්චයාකාරං උජුං කාතුං සමත්‍ථො නාම නත්‍ථි. එවමයං ලොකො පච‍්චයාකාරං උජුං කාතුං අසක‍්කොන‍්තො ද‍්වාසට‍්ඨිදිට‍්ඨිගතවසෙන ගණ‍්ඨිජාතො හුත්‍වා අපායං දුග‍්ගතිං විනිපාතං සංසාරං නාතිවත‍්තති.

තන්තාකුලක ජාතො යනු නූලක් අවුල් වුණාක් මෙන්, යම්සේ නම්, නොමනාව බහා තැබූ, මීයන් විසින් කපන ලද පේෂකාර්මිකයන්ගේ හූවට ඒ ඒ තන්හි ආකුල වේද? මේ අග කොටසය. මේ මුල කොටසයැයි, අගින් අග මුලින් මුල සම කරන්ට දුෂ්කර වේද? එපරිද්දෙන්ම සත්ත්වයෝ ප්‍රත්‍යයාකාරයන්හිද, පැකිළුණාහු ආකූල ව්‍යාකූල වෙත්ද? ප්‍රත්‍යයාකාරයන් සෘජු කරන්ට නොහැකි වෙති. එහි නූල එක් එක් පුද්ගලයාට, වෙන් වෙන් වූ පුරිස ක්‍රියාකාරිත්වයෙහි පිහිටා ප්‍රත්‍යයාකාර ඤාණය සෘජු කරන්ට හැකිවන්නේද? බෝධිසත්ත්ව දෙදෙනෙක් හැර අන් සත්ත්වයෙක් තමාගේ ශක්තියෙන් ප්‍රත්‍යයාකාර ඤාණය සෘජු කරන්ට සමර්ථයෙක් නම් නැත. යම්සේ නම් ආකූල වූ තන්තුව කැඳ දමා, බුරුසුවෙන් පහරනුයේ ඒ ඒ තන්හි අවුල් වූයේ ගැට බැඳුණේ වෙයි. එසේ මෙම ලෝකය ප්‍රත්‍යයන්හි පැකිළී ප්‍රත්‍යයෙහි සිත සෘජු කරන්ට නොහැකි වන්නාහු, දෙසැට දෘෂ්ටිගත වශයෙන් අවුල් වූයේ, ගැට බැඳුණේ වේ. යම් ආකාර දෘෂ්ටි නිශ්‍රිත ඒ සියල්ලෝම දෘෂ්ටි සෘජු කරන්ට නොහැක්කාහුමය. ගුලාගුණ්ඩිකජාතො යනු ගුලාගුණ්ඩිකයක් මෙන් වූයේ; පේෂකාර කැඳහුය; ගුලා ගුණ්ඩික යැයි කියනු ලැබේ. ගුලා නමැති පක්‍ෂීහු වර්ගයක් වෙති. එම පක්‍ෂියාගේ කැදැල්ල යයිද ඇතැමෙක් කියති. එම ද්වයයම ආකූලය. අගින් අග, මුලෙන් මුල සමකරන්ට දුෂ්කර යැයි පළමු ක්‍රමයෙන්ම යෙදිය යුතුය. මුඤ්ජබබ්බජභූතො යනු මුඤ්ජ තෘණ හා බබ්බජ තෘණ මෙන් වූයේ, මුඤ්ජතෘණ බබ්බජ තෘණ මෙන් හට ගත්තේය. යම්සේ වනාහි එම තෘණ කොටා (තළා) කළ රැහැණ දිරූ කල්හි කිසියම් තැනෙක්හි වැටුණේ ගෙන, එම තෘණවල මෙය අගය, මෙය මුලයැයි අගින් අග, මුලින් මුල සමකරන්ට දුෂ්කරය. එයද තම පුරුෂ වීර්යය යොදා සෘජු කරන්ට හැකිවන්නේය. බෝධිසත්ත්ව දෙදෙනෙකු හැර අන් සත්ත්වයෙක් තමාගේ ශක්තියෙන් ප්‍රත්‍යයාකාර ඤාණය සෘජු කරන්ට සමර්ථ වූයේ නම් නොවේ. මෙසේ මේ ලෝකයා ප්‍රත්‍යයාකාර ඤාණය සෘජු කරන්ට, නොහැකි වනුයේ දෙසැට දෘෂ්ටිගත වශයෙන්ම ගැට හටගත්තේ වී, සැපයෙන් පහවූ, දුකට හේතු වූ, විවසව පතිත වන සංසාරය නොඉක්මවයි.

තත්‍ථ අපායොති නිරයො තිරච‍්ඡානයොනි පෙත‍්තිවිසයො අසුරකායො. සබ‍්බෙපි හි තෙ වඩ‍්ඪිසඞ‍්ඛාතස‍්ස ආයස‍්ස අභාවතො “අපායො”ති වුච‍්චන‍්ති. තථා දුක‍්ඛස‍්ස ගතිභාවතො දුග‍්ගති. සුඛසමුස‍්සයතො විනිපතිතත‍්තා විනිපාතො. ඉතරො පන –

එහි අපායො යනු නිරය, තිරිසන් යෝනිය, ප්‍රේත විෂය, අසුරකාය යන සතරයි. සියළුම තිවෘත්ත සංඛ්‍යාත සුව දායකත්වයගේ අභාවය හෙයින් අපාය යැයි යූ.සේයි. එසේම දුක්ඛයාගේ ස්වභාව හෙයින් දුග්ගතියි. සුව ශරීරයෙන් විවසව පතිත වන හෙයින් විනිපාතො; අනෙකක් වනාහි,

“ඛන්‍ධානඤ‍්ච පටිපාටි, ධාතුආයතනාන ච; අබ‍්බොච‍්ඡින‍්නං වත‍්තමානා, සංසාරොති පවුච‍්චති”.

ඛන්‍ධානඤ්ච පටිපාටි - ධාතු ආයතනනානිච, අබ්බොච්ඡින්නං වත්තමානා - සංසාරොති පවුච්චති

තං සබ‍්බම‍්පි නාතිවත‍්තති නාතික‍්කමති. අථ ඛො චුතිතො පටිසන්‍ධිං, පටිසන්‍ධිතො චුතින‍්ති එවං පුනප‍්පුනං චුතිපටිසන්‍ධියො ගණ‍්හමානො තීසු භවෙසු චතූසු යොනීසු පඤ‍්චසු ගතීසු සත‍්තසු විඤ‍්ඤාණට‍්ඨිතීසු නවසු සත‍්තාවාසෙසු මහාසමුද‍්දෙ වාතුක‍්ඛිත‍්තනාවා විය යන‍්තගොණො විය ච පරිබ‍්භමතියෙව. අවිජ‍්ජාවිසදොසසල‍්ලිත‍්තොති අවිජ‍්ජායෙව අකුසලුප‍්පාදනෙන කුසලජීවිතනාසනතො විසන‍්ති අවිජ‍්ජාවිසං, තදෙව සන‍්තානදූසනතො අවිජ‍්ජාවිසදොසො, තෙන අනුසයපරියුට‍්ඨානදුච‍්චරිතභූතෙන භුසං ලිත‍්තො මක‍්ඛිතොති අවිජ‍්ජාවිසදොසසල‍්ලිත‍්තො. කිලෙසකලලීභූතොති අවිජ‍්ජාදිමූලකා කිලෙසා එව ඔසීදනට‍්ඨෙන කලලං කද‍්දමොති කිලෙසකලලං, තදස‍්ස අත්‍ථීති කිලෙසකලලී, එවංභූතො. රාගදොසමොහජටාජටිතොති ලොභපටිඝාවිජ‍්ජාසඞ‍්ඛාතා රාගදොසමොහා එව රූපාදීසු ආරම‍්මණෙසු හෙට‍්ඨුපරියවසෙන පුනප‍්පුනං උප‍්පජ‍්ජනතො සංසිබ‍්බනට‍්ඨෙන වෙළුගුම‍්බාදීනං සාඛාජාලසඞ‍්ඛාතා ජටා වියාති ජටා, තාය රාගදොසමොහජටාය ජටිතො. යථා නාම වෙළුජටාදීහි වෙළුආදයො, එවං තාය ජටාය අයං ලොකො ජටිතො විනද‍්ධො සංසිබ‍්බිතොති අත්‍ථො. ජටං විජටෙතාති ඉමං එවං තෙධාතුකං ලොකං ජටෙත්‍වා ඨිතං ජටං විජටෙතා සංඡින්‍දිතා සම‍්පදාලයිතා.

ස්කන්ධ, ධාතු, ආයතනයන්ගේ පිළිවෙල නොසිඳි පැවැත්ම සංසාරයැයි කියනු ලැබේ. ඒ සියල්ලම ඉකුත් නොකරයි. නොඉක්මවයි. තවද, චුතියෙන් ප්‍රතිසන්ධියද ප්‍රතිසන්ධියෙන් චුතියදැයි මෙසේ නැවත නැවත චුති ප්‍රතිසන්ධීන්ගනු ලබන්නේ, ත්‍රිවිධ භවයන්හි සිව් යෝනීන්හි, පඤ්ච ගතීන්හි, සප්ත විඤ්ඤාණස්ථිතීන්හි, නව සත්ත්වාසයන්හි, මහා සමුද්‍රයෙහි ඇතුල් කළ නැවක් මෙන්, යන්ත්‍රයෙහි යොදවන ලද ගොණෙකු මෙන්ද පරිභ්‍රමණය වේමැයි. අවිජ්ජා විසදොස සල්ලිත්තො යනු අවිද්‍යාවම අකුසල් ඉපැත්මෙන් කුසල් ජීවිත නසන හෙයින් විසනුයි අවිජ්ජා විසංයි. එය චිත්ත සන්තානය දූෂණය කරන හෙයින් අවිජ්ජා විසදොසොයි. ඉන් යටපත් වූ හා නැගී සිටුනා දුශ්චරිත ස්වභාවයෙන් බොහෝ තැවරුණේ, ආලේප කරන ලද්දේනුයි අවිජ්ජා විසදොස සල්ලිත්තොයි. කිලෙස කලලී භූතො අවිද්‍යාදී මූලිකකෙලෙස් ගිලාබැසීම් අර්ථයෙන් කලල, මඩනුයි කිලෙස කලලංයි. එය මොහුට ඇත්තේනුයි කිලෙස කලලියි. මෙසේ වූයේ. රාගදොස මොහ ජටා ජටිතො යනු ලෝභ, කෝප, අවිද්‍යා සංඛ්‍යාත - රාග, ද්වේෂ මෝහ යන මෙබඳු රූපාදී අරමුණුවල, යට මතු වශයෙන් නැවත නැවත උපත්නා හෙයින් එකට එකතුකොට මැසීම් (ගැටගැසීම්) අර්ථයෙන් උණපඳුරු ආදී, සාඛාජාල සංඛ්‍යාත ගෙතුම මෙනැයි ජටායි. ඒ රාග, ද්වේෂ, මෝහ ආදී ගෙතුමෙන් ගෙතුණේ (අවුලෙන් අවුලට පත්වූයේ) යම්සේ නම් උණපඳුරු ආදීන් සමග උණපඳුරු ආදීන් මෙන් මෙසේ ඒ අවුලෙන් මේ ලෝකය (ලෝවැසියා) ගැට ගැසුණේය. වෙළුණේය. මසන ලද්දේයයි අර්ථයි. ජටං විජටෙතා යනු මෙසේ මේ ත්‍රෛලෝක ධාතුව, ගැට ගසා සිටි ගැටය ලිහනුයේ, මනාව සිඳලනුයේ, මනාව ප්‍රදාලනය කරනුයේ.

තණ‍්හාසඞ‍්ඝාටපටිමුක‍්කොති තණ‍්හා එව අබ‍්බොච‍්ඡින‍්නං පවත‍්තිතො සඞ‍්ඝටිතට‍්ඨෙන සඞ‍්ඝාටොති තණ‍්හාසඞ‍්ඝාටො, තස‍්මිං තණ‍්හාසඞ‍්ඝාටෙ පටිමුක‍්කො අනුපවිට‍්ඨො අන‍්තොගතොති තණ‍්හාසඞ‍්ඝාටපටිමුක‍්කො. තණ‍්හාජාලෙන ඔත්‍ථටොති තණ‍්හා එව පුබ‍්බෙ වුත‍්තනයෙන සංසිබ‍්බනට‍්ඨෙන ජාලන‍්ති තණ‍්හාජාලං, තෙන තණ‍්හාජාලෙන ඔත්‍ථටො සමන‍්තතො ඡාදිතො පලිවෙඨිතො. තණ‍්හාසොතෙන වුය‍්හතීති තණ‍්හා එව සංසාරෙ ආකඩ‍්ඪනට‍්ඨෙන සොතොති තණ‍්හාසොතො, තෙන තණ‍්හාසොතෙන වුය‍්හති ආකඩ‍්ඪීයති. තණ‍්හාසඤ‍්ඤොජනෙන සඤ‍්ඤුත‍්තොති තණ‍්හා එව ලොකං වට‍්ටස‍්මිං සංයොජනතො බන්‍ධනතො සංයොජනන‍්ති තණ‍්හාසංයොජනං, තෙන තණ‍්හාසංයොජනෙන සඤ‍්ඤුත‍්තො බද‍්ධො. තණ‍්හානුසයෙන අනුසටොති තණ‍්හා එව අනුසයනට‍්ඨෙන අනුසයොති තණ‍්හානුසයො, තෙන තණ‍්හානුසයෙන අනුසටො අනුගතො ථාමගතො. තණ‍්හාසන‍්තාපෙන සන‍්තප‍්පතීති තණ‍්හා එව පවත‍්තිකාලෙ ඵලකාලෙ ච ලොකං සන‍්තාපෙතීති සන‍්තාපො, තෙන තණ‍්හාසන‍්තාපෙන සන‍්තප‍්පති සන‍්තාපීයති. තණ‍්හාපරිළාහෙන පරිඩය‍්හතීති තණ‍්හා එව බලවභූතා පවත‍්තිකාලෙ ඵලකාලෙ ච සමන‍්තතො දහනට‍්ඨෙන මහාපරිළාහොති තණ‍්හාපරිළාහො, තෙන තණ‍්හාපරිළාහෙන පරිඩය‍්හති සමන‍්තතො ඩහීයති. දිට‍්ඨිසඞ‍්ඝාටාදයො ඉමිනාව නයෙන යොජෙතබ‍්බා.

තණ්හා සංඝාට පටිමුක්කො යනු තෘෂ්ණාවම නොසිඳී පවත්නා හෙයින් එක්කොට බැඳීම් අර්ථයෙන් සංඝාටනුයි තෘෂ්ණා සංඝාටයි. ඒ තෘෂ්ණා බන්‍ධනයෙහි බැඳුණේ මනාව පිවිසියේ, ඇතුළත් වූයේනුයි තණ්හා සංඝාට පටිමුක්කො, තණ්හාජාලෙන ඔත්‍ථටො යනු තෘෂ්ණාවම පෙර කියන ලද ආකාරයෙන්, එකට එකතුකොට මැසීම් අර්ථයෙන් ජාලයනුයි තෘෂ්ණා ජාලයයි. ඒ තෘෂ්ණා ජාලයෙන් මඩනා ලද්දේ හාත්පසින් වසන ලද්දේ මනාව වෙළන ලද්දේ වේ. තණ්හා සොතෙන වුය්හති යනු තෘෂ්ණාවම සංසාරයෙහි ඇදගෙන යන අර්ථයෙන් ස්‍රෝතය නුයි තෘෂ්ණා ස්‍රෝතයි. ඒ තෘෂ්ණා ස්‍රෝතයෙන් පාවීයයි. ඇදගෙන යනු ලැබේ. තණ්හා සංයෝජනෙන සඤ්ඤුත්තො යනු තෘෂ්ණාව ලෝකයා සංසාර වෘත්තයෙහි එකට යොදන හෙයින්, බන්‍ධනය කරන හෙයින් තෘෂ්ණා සංයෝජනයි. එම තෘෂ්ණා සංයෝජනයෙන් යුක්ත වූයේ බද්ධ වූයේ, තණ්හානුසයෙන අනුසටො යනු තෘෂ්ණාවම අප්‍රකටව පැවතීම් අර්ථයෙන් අනුසය නුයි තෘෂ්ණානුසයොයි. ඒ තෘෂ්ණා අනුසයෙන් විසුරුවන ලද්දේ, අනුව ගියේ, ශක්තිමත් වූයේ, තණ්හා සන්තාපෙන, සන්තප්පති යනු තෘෂ්ණාවම ප්‍රවෘත්ති කාලයෙහිද ඵලකාලයෙහිද, ලෝකයා තවයි නුයි සන්තාපොයි. ඒ තෘෂ්ණා සන්තාපයෙන් තවයි තවනු ලැබේ. තණ්හා පරිළාහෙන පරිඩය්හතී යනු තෘෂ්ණාවම බලවත් වූයේ ප්‍රවෘත්ති කාලයෙහිද, ඵල කාලයෙහිද හාත්පසින් දවන අර්ථයෙන් මහා දාහයනුයි තණ්හා පරිළාහොයි. ඒ තෘෂ්ණා දාහයෙන් මනාව දවයි. හාත්පසින් දවයි. දෘෂ්ටි සංඝාටාදීහුද මෙම ක්‍රමයෙන්ම යෙදිය යුත්තාහ.

අනුගතොති අනුපවිට‍්ඨො. අනුසටොති අනුධාවිතො. අභිභූතොති පීළිතො. අබ‍්භාහතොති අභිආහතො අභිමුඛං භුසං පහතො. දුක‍්ඛෙ පතිට‍්ඨිතොති දුක‍්ඛෙ ඛන්‍ධපඤ‍්චකෙ සුඛවිපල‍්ලාසෙන පතිට‍්ඨිතො අභිනිවිට‍්ඨො.

අනුගතො යනු ඇතුළට වැදුණේ අනුසටො යනු ලුහුබඳිනුයේ, අභිභුතො යනු පීඩාවට පත්වූයේ, අබ්භාහතො යනු මනාසේ පහරදුන්, අබිමුව, බොහෝසේ පහරදෙන ලදුයේ, දුක්ඛෙ පතිට්ඨිතො යනු දුකෙහි පිහිටි ස්කන්ධ පංචකයෙහි සුවයැයි විපර්යාසයෙන් ගත් දෘස්ටියෙහි පිහිටියේ ඇතුළට බැස සිටියේ.

තණ‍්හාය උඩ‍්ඩිතොති තණ‍්හාය උල‍්ලඞ‍්ඝිතො. චක‍්ඛු හි තණ‍්හාරජ‍්ජුනා ආවුනිත්‍වා රූපනාගදන‍්තෙ උඩ‍්ඩිතං, සොතාදීනි තණ‍්හාරජ‍්ජුනා ආවුනිත්‍වා සද‍්දාදිනාගදන‍්තෙසු උඩ‍්ඩිතානි. තංසමඞ‍්ගීලොකොපි උඩ‍්ඩිතොයෙව නාම. ජරාපාකාරපරික‍්ඛිත‍්තොති අනතික‍්කමනීයට‍්ඨෙන පාකාරභූතාය ජරාය පරිවාරිතො. මච‍්චුපාසෙන පරික‍්ඛිත‍්තොති දුම‍්මොචනීයට‍්ඨෙන පාසභූතෙන මරණෙන බද‍්ධො. මහාබන්‍ධනබද‍්ධොති දළ‍්හත‍්තා දුච‍්ඡෙදත‍්තා ච මහන‍්තෙහි බන්‍ධනෙහි බද‍්ධො. රාගබන්‍ධනෙනාති රාගො එව බන්‍ධති සංසාරතො චලිතුං න දෙතීති රාගබන්‍ධනං. තෙන රාගබන්‍ධනෙන. සෙසෙසුපි එසෙව නයො. කිලෙසබන්‍ධනෙනාති වුත‍්තාවසෙසෙන කිලෙසබන්‍ධනෙන. දුච‍්චරිතබන්‍ධනෙනාති තිවිධෙන. සුචරිතං පන බන්‍ධනමොක‍්ඛස‍්ස හෙතුභූතං බන්‍ධනමොක‍්ඛභූතඤ‍්ච අත්‍ථි. තස‍්මා තං න ගහෙතබ‍්බං.

තණ්හාය උඩ්ඩීතො යනු තෘෂ්ණාවෙන් උඩින් පැන යන ලද්දේ (පියඹා ගිය්) ඇස වනාහි තෘෂ්ණා රැහැණින් අවුණා රූපය නමැති නාගදත්තයෙහි පියඹා ගියේ, ශ්‍රෝතාදීන් තෘෂ්ණා රැහැණින් අවුණා ශබ්දාදී නාගදන්තයන්හි පියඹා ගියාහු, එයින් යුක්ත ලෝකයාද පියඹා ගියේ නමැ. ජරා පාකාර පරික්ඛිත්තො යනු නොඉක්මවීම් අර්ථයෙන් ප්‍රාකාරයක් සමාන වූ ජරාවෙන් පිරිවරන ලද්දේ, මච්චුපාසෙන පරික්ඛිත්තො යනු මිදීම් දුෂ්කරාර්ථයෙන් මළපුඩුවක් බඳු වූ මරණයෙන් බඳනා ලද්දේ, මහා බන්‍ධන බද්ධොති යනු දැඩි බැවින්ද, සිඳීම දුෂ්කර හෙයින්ද, මහත් වූ බන්‍ධනයන්ගෙන් බද්ධ වූ, රාග බන්‍ධනෙන යනු රාගයම බඳියි. සංසාරයෙන් සෙලවෙන්ට නොදෙයිනුයි රාග බන්ධනයයි, ඒ රාග බන්ධනයෙන් සෙස්සෙහිද එම ක්‍රමයමැයි. කිලෙස බන්‍ධනෙන යනු දක්වන ලද ඒවායින් සෙසු ක්ලේශ බන්ධනයෙන්, දුච්චරිත බන්‍ධනෙන යනු ත්‍රිවිධ දුශ්චරිත බන්ධනයෙන්, සුචරිතය වනාහි බන්ධන මෝක්‍ෂයට හේතු වූවක්ද බන්ධන මෝක්‍ෂ වූවක්ද ඇත. එහෙයින් එය නොගත යුතුය.

බන්‍ධනං මොචෙතාති තස‍්ස බන්‍ධනං මොචෙතා. බන්‍ධනා මොචෙතාතිපි පාඨො, බන්‍ධනතො තං මොචෙතාති අත්‍ථො. මහාසම‍්බාධප‍්පටිපන‍්නොති කුසලසඤ‍්චාරපීළනෙන මහාසම‍්බාධසඞ‍්ඛාතං රාගදොසමොහමානදිට‍්ඨිකිලෙසදුච‍්චරිතගහනං පටිපන‍්නො. ඔකාසං දස‍්සෙතාති ලොකියලොකුත‍්තරසමාධිපඤ‍්ඤාඔකාසං දස‍්සෙතා. මහාපලිබොධෙන පලිබුද‍්ධොති මහානිවාරණෙන නිවුතො. මහාලෙපෙන වා ලිත‍්තො. පලිබොධොති ච රාගාදිසත‍්තවිධො එව. “තණ‍්හාදිට‍්ඨිපලිබොධො”ති එකෙ. පලිබොධං ඡෙතාති තං පලිබොධං ඡින්‍දිතා. මහාපපාතෙති පඤ‍්චගතිපපාතෙ, ජාතිජරාමරණපපාතෙ වා. තං සබ‍්බම‍්පි දුරුත‍්තරණට‍්ඨෙන පපාතො. පපාතා උද‍්ධතාති තම‍්හා පපාතතො උද‍්ධරිතා. මහාකන‍්තාරප‍්පටිපන‍්නොති ජාතිජරාබ්‍යාධිමරණසොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සුපායාසකන‍්තාරං පටිපන‍්නො. සබ‍්බම‍්පි තං දුරතික‍්කමනට‍්ඨෙන කන‍්තාරො, තං කන‍්තාරං තාරෙතා. කන‍්තාරා තාරෙතාති වා පාඨො. මහාසංසාරප‍්පටිපන‍්නොති අබ‍්බොච‍්ඡින‍්නං ඛන්‍ධසන‍්තානං පටිපන‍්නො. සංසාරා මොචෙතාති සංසාරතො මොචෙතා. සංසාරං මොචෙතාති වා පාඨො. මහාවිදුග‍්ගෙති සංසාරවිදුග‍්ගෙ. සංසාරොයෙව හි දුග‍්ගමනට‍්ඨෙන විදුග‍්ගො. සම‍්පරිවත‍්තතීති භුසං නිවත‍්තිත්‍වා චරති. මහාපලිපෙති මහන‍්තෙ කාමකද‍්දමෙ. කාමො හි ඔසීදනට‍්ඨෙන පලිපො. පලිපන‍්නොති ලග‍්ගො. මහාපලිපපලිපන‍්නොතිපි පාඨො.

බන්‍ධනං මොචෙතා යනු එම බන්‍ධනය මුදවන, බන්‍ධනයෙන් ඔහු මුදවයි යන අර්ථයි. මහා සම්බාධ පටිපන්නො යනු කුසල් හැසිරීම් පීඩනයෙන් මහා සම්බාධ සංඛ්‍යාත වූ, රාග, ද්වේෂ, මෝහ, මාන, දෘෂ්ටි ආදී කෙලෙස් දුශ්චරිත සමූහයට පිළිපන්නේ, ඔකාසං දස්සෙතා යනු ලෞකික ලෝකෝත්තර සමාධි ප්‍රඥා ප්‍රතිලාභ සඳහා අවකාශ දක්වනුයේ, මහා පළිබොධෙන පළිබුද්ධො යනු මහා වැළැක්මෙන් වටකරන ලද්දේ, මහාලේපයෙන් ආලේප කරන ලද්දේ, පළිබෝධ යනු රාගාදී සත්වැදෑරුම් වූයේමය. තෘෂ්ණා දෘෂ්ටි පළිබෝධයැයි ඇතැමෙක් දක්වති. පළිබොධං ජෙතා යනු ඒ පළිබෝධය සිඳුණා වූ, මහා පපාතෙ යනු පඤ්චගතික වූ ප්‍රපාතයෙහි, ජාති ජරා මරණ ප්‍රපාතයෙහි හෝ ඒ සියල්ල එතෙරවීම දුෂ්කර අර්ථයෙන් ප්‍රපාත නමැ. පපාතා උද්ධතා යනු ඒ ප්‍රපාතයෙන් උදුරනු ලැබුවාහු, මහා කන්තාර පටිපන්නො යනු ජාති, ජරා, මරණ, සෝක, පරිදේව, දුක්, දොම්නස්, උපායාස නමැති කාන්තාරයට පිළිපන්නේ, ඒ සියල්ලම ඉක්මවා යාම දුෂ්කර අර්ථයෙන් කාන්තාර නමැ. එම කාන්තාර එතෙර කරවන්නා වූ තං කන්තාරං තාරෙතා කන්තාර තාරෙතායිද පාඨයි. මහා සංසාර පටිපන්නො යනු නොසිඳී පවත්නා ස්කන්ධ සන්තානයට පිළිපන්. සංසාර මොචෙතා යනු සසරින් මුදවන්නා වූ, සංසාරා මොචෙතායිද පාඨයි. මහා විදුග්ගෙ යනු සංසාර නමැති දුර්ගමස්ථානයෙහි, සසරම ගමන් කිරීමට දුෂ්කර හෙයින් දුර්ගයැයි කියනු ලැබේ. සම්පරිවත්තති යනු බොහෝසෙයින් නැවති නැවතී හැසිරෙයි. එහිම කැරැකෙයි. මහා පලිපෙ යනු මහත් වූ කාම මඩ ගොහොරුවෙහි, කාමය වනාහි කිඳාබසින අර්ථයෙන් පලිප නමැ. පළිපන්නො යනු, ඇළුණේ, මහා පලිප පළිපන්නොයිද පාඨයි.

අබ‍්භාහතොති සබ‍්බොපද‍්දවෙහි අබ‍්භාහතො. රාගග‍්ගිනාති රාගාදයොයෙව අනුදහනට‍්ඨෙන අග‍්ගි, තෙන රාගග‍්ගිනා. සෙසෙසුපි එසෙව නයො. උන‍්නීතකොති උග‍්ගහෙත්‍වා නීතො, ජාතියා උග‍්ගහෙත්‍වා ජරාදිඋපද‍්දවාය නීතොති අත්‍ථො. ක-කාරො පනෙත්‍ථ අනුකම‍්පාය දට‍්ඨබ‍්බො. හඤ‍්ඤති නිච‍්චමතාණොති පරිත‍්තායකෙන රහිතො සතතං පීළීයති. පත‍්තදණ‍්ඩොති රාජාදීහි ලද‍්ධආණො. තක‍්කරොති චොරො. වජ‍්ජබන්‍ධනබද‍්ධොති රාගාදිවජ‍්ජබන්‍ධනෙහි බද‍්ධො. ආඝාතනපච‍්චුපට‍්ඨිතොති මරණධම‍්මගණ‍්ඨිකට‍්ඨානං උපෙච‍්ච ඨිතො. කොචි බන්‍ධනා මොචෙතා. කොචි බන්‍ධනං මොචෙතාතිපි පාඨො. අනාථොති නත්‍ථි එතස‍්ස නාථො ඉස‍්සරො, සයං වා න නාථො න ඉස‍්සරොති අනාථො, අසරණොති වා අත්‍ථො. පරමකාපඤ‍්ඤප‍්පත‍්තොති ජරාදිපටිබාහනෙ අප‍්පහුතාය අතීව කපණභාවං පත‍්තො. තායෙතාති රක‍්ඛිතා. තායිතාති වා පාඨො සුන්‍දරො . දුක‍්ඛාභිතුන‍්නොති ජාතිදුක‍්ඛාදීහි අනෙකෙහි දුක‍්ඛෙහි අභිතුන‍්නො අතිබ්‍යාධිතො අතිකම‍්පිතො ච. චිරරත‍්තං පීළිතොති දුක‍්ඛෙහෙව දීඝමද‍්ධානං පීළිතො ඝට‍්ටිතො. ගධිතොති ගෙධෙන ගිද‍්ධො, අභිජ‍්ඣාකායගන්‍ථෙන වා ගන්‍ථිතො. නිච‍්චං පිපාසිතොති පාතුං භුඤ‍්ජිතුං ඉච‍්ඡා පිපාසා, සා තණ‍්හා එව, තණ‍්හාපිපාසාය නිරන‍්තරං පිපාසිතො.

අබ්භාහතො යනු සියලු උපද්‍රවයන්ගෙන් මඩනා ලද්දේ, රාගගහිනා යනු රාගාදීහුම මනාකොට දවන අර්ථයෙන් අග්ගයි. එම රාග ගින්නෙන්, සෙස්සෙහිද එම ක්‍රමයමැයි. උන්නීතකො යනු ඔසවා ගෙනයන ලද්දේ, ජාතියෙන් ඔසවා ජරා ආදී උපද්‍රවයට ගෙනයන ලදැයි අර්ථයි. මෙහි ‘ක’ කාරය අනුකම්පා අර්ථයෙහි දතයුතුය. හඤ්ඤති නිච්ච මතාණො යනු ආරක්‍ෂකයෙකු රහිතව නිතර පෙළේ. පත්ත දණ්ඩො යනු රාජාදීන්ගෙන් ලද අණ ඇතියේ, තක්කරො යන සොරහු. වජ්ජ බන්‍ධන බද්ධො යනු රාගාදී දොස් බන්‍ධනයන්ගෙන් බද්ධ වූයේ, ආඝාත පච්චුපට්ඨිතො යනු මරණ ස්වභාවය නමැති දම්ගෙඩිය පිහිටි තැනට එළඹ සිටියේ, කිසියම් මුදවන්නෙක්, කොචි බන්‍ධනා මොචෙතායිද පාඨයි. අනාථො යනු ඔහුට පිහිටවන ස්වාමියෙක් නැත. තෙමේ හෝ තමාම පිහිටවූයේ, ස්වාමි වූයේ නොවේනුයි අනාථයි. අසරණයයි යනුද අර්ථයි. පරම කාපඤ්ඤප්පත්තො යනු ජරාදීන්ගේ ප්‍රතිබාහනයෙහි නොපොහොනා හෙයින් අතිශය දිළිඳු බවට පත්වූයේ, තායෙතා යනු රකින්නහු. තායිතා යන පාඨය වඩා යෝග්‍යයි. දුක්ඛාභිතුණ්ණො යනු ජාති දුක්ඛාදී නොයෙක් දුක්ඛයන්ගෙන් මඩනා ලද්දේ, අතිශයින් පීඩාවූයේ, අතිශයින් කම්පිත වූයේ වේ. චිරරත්ත පිළීතො යනු දුක්ඛයන්ගෙන්ම ඉතා දීර්ඝ කාලයක් පීඩිත වූයේ, ගැටුණේ වේ. ගධිතො යනු බලවත් ඇල්මෙන් ගිජුවූයේ අභිධ්‍යා කාය ග්‍රන්ථයෙන් හෝ වෙළනලදුයේ, නිච්චං පිපාසිතො යනු පානය කරන්ට, බුදින්ට කැමැත්ත පිපාසායි. තෘෂ්ණා පිපාසායෙන් නිරතුරු පිපාසිත වූයේ.

අන්‍ධොති දස‍්සනට‍්ඨෙන චක‍්ඛූති සඞ‍්ඛං ගතාය පඤ‍්ඤාය අභාවතො කාණො. පඤ‍්ඤා හි ධම‍්මසභාවං පස‍්සති. අචක‍්ඛුකොති තං පන අන්‍ධත‍්තං න පච‍්ඡා සම‍්භූතං, පකතියා එව අවිජ‍්ජමානචක‍්ඛුකොති තමෙව අන්‍ධත‍්තං විසෙසෙති. හතනෙත‍්තොති නයනට‍්ඨෙන නෙත‍්තන‍්ති සඞ‍්ඛං ගතාය පඤ‍්ඤාය අභාවතොයෙව විනට‍්ඨනෙත‍්තකො. සමවිසමං දස‍්සෙන‍්තං අත‍්තභාවං නෙතීති නෙත‍්තන‍්ති හි වුත‍්තං. පඤ‍්ඤාය සුගතිඤ‍්ච අගතිඤ‍්ච නයති. හතනෙත‍්තත‍්තායෙවස‍්ස නෙතුඅභාවං දස‍්සෙන‍්තො අපරිණායකොති ආහ, අවිජ‍්ජමානනෙත‍්තකොති අත්‍ථො. අඤ‍්ඤොපිස‍්ස නෙතා න විජ‍්ජතීති වුත‍්තං හොති. විපථපක‍්ඛන්‍දොති විපරීතො, විසමො වා පථො විපථො, තං විපථං පක‍්ඛන්‍දො පවිට‍්ඨො පටිපන‍්නොති විපථපක‍්ඛන්‍දො, මිච‍්ඡාපථසඞ‍්ඛාතං මිච‍්ඡාදිට‍්ඨිං පටිපන‍්නොති අත්‍ථො. අඤ‍්ජසාපරද‍්ධොති අඤ‍්ජසෙ උජුමග‍්ගස‍්මිං මජ‍්ඣිමපටිපදාය අපරද‍්ධො විරද‍්ධො. අරියපථං ආනෙතාති අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං උපනෙතා පටිපාදයිතා. මහොඝපක‍්ඛන්‍දොති යස‍්ස සංවිජ‍්ජන‍්ති, තං වට‍්ටස‍්මිං ඔහනන‍්ති ඔසීදාපෙන‍්තීති ඔඝා, පකතිඔඝතො මහන‍්තා ඔඝාති මහොඝා. තෙ කාමොඝො භවොඝො දිට‍්ඨොඝො අවිජ‍්ජොඝොති චතුප‍්පභෙදා. තෙ මහොඝෙ පක‍්ඛන්‍දො පවිට‍්ඨොති මහොඝපක‍්ඛන්‍දො, සංසාරසඞ‍්ඛාතං මහොඝං වා පක‍්ඛන්‍දොති.

අන්‍ධො යනු දර්ශනාර්ථයෙන් චක්‍ෂුයයි සංඛ්‍යාවට ගිය ප්‍රඥාවෙහි අභාවයෙන් කණවූ, ප්‍රඥාව වනාහි ධර්ම ස්වභාව දකියි. අචක්ඛුකො යනු එම අන්‍ධතාව පසුව ජනිත වූවක් නොව, ප්‍රකෘතියෙන්ම අවිද්‍යමාන චක්‍ෂුකයායි එයම අන්‍ධතාව විශේෂයෙන් දක්වයි. හත නෙත්තො යනු ගෙන යන අර්ථයෙන් නේත්‍රයයි සංඛ්‍යාවට ගිය ප්‍රඥාවගේ අභාවයෙන්ම නට නෙතැත්තහු, සම විසම දර්ශනය කරනුයේ ආත්මභාවය ගෙනයයි නුයි නෙත්‍රයයි යූ.සේයි. ප්‍රඥාවෙන් සුගතියටද, අගතියටද ගෙනයයි. නටනෙත් ඇත්තාවූම, මොහුගේ ගෙනයාමෙහි අභාවය දක්වන්නේ අපරිණායකයො යි දෙසූහ. අවිද්‍යමාන නෙතැත්තහුයැයි අර්ථයි. ඔහුට අන්‍ය වූද, නෙත්‍ර විද්‍යමාන නොවේයයි යූ.සේයි. විපථ පක්ඛන්තො විපරීත වූ, විසම වූ හෝ මාර්ගය විපථයි. එම විපරීත මාර්ගය ඇතුළට වැදුණේ. පිවිසියේ, පිළිපන්නේනුයි විපථ පක්ඛන්තොයි. මිථ්‍යා මාර්ග සංඛ්‍යාත මිථ්‍යා දෘෂ්ටියට පිළිපන්නේ යයි අර්ථයි. අඤ්ජසාපරද්ධො යනු මාර්ගයෙහි, සෘජු මාර්ගයෙහි මධ්‍යම ප්‍රතිපදාවෙහි වැරදි ලෙස කළේය. වැරැද්දේය. අරියපථං ආනෙතා යනු ආර්ය අෂ්ටාංගික මාර්ගයට ගෙනඑනු ලබන්නා වූ එළවනු ලබන්නා වූ මහොඝ පක්ඛන්තො යනු යමෙකුට එය විද්‍යමාන වේද? ඔහු සසර වෘත්තයෙහි ඇතුළට දමයි. ගිලාබස්වයිනුයි ඔඝායි. ප්‍රකෘති ඕඝයට වඩා මහත් වූ ඕඝයනුයි මහොඝායි. ඒවා කාමොඝ, භවොඝ, දිට්ඨිඕඝ, අවිජ්ජා ඕඝ යයි සතරාකාරයි. ඒ මහෝඝයන්හි ඇතුළට වැදුණේ පිවිසියේනුයි මහොඝ පක්ඛන්තොයි. සංසාර සංඛ්‍යාත වූ මහෝඝයෙහි හෝ ඇතුළට වැදුණේ වේ.

ඉදානි එකුත‍්තරිකනයො. තත්‍ථ ද‍්වීහි දිට‍්ඨිගතෙහීති සස‍්සතුච‍්ඡෙදදිට‍්ඨීහි. තත්‍ථ දිට‍්ඨියෙව දිට‍්ඨිගතං “ගූථගතං මුත‍්තගත”න‍්තිආදීනි (අ· නි· 9.11) විය. ගන‍්තබ‍්බාභාවතො වා දිට‍්ඨියා ගතමත‍්තමෙවෙතන‍්ති දිට‍්ඨිගතං, දිට‍්ඨීසු ගතං ඉදං දස‍්සනං ද‍්වාසට‍්ඨිදිට‍්ඨිඅන‍්තොගධත‍්තාතිපි දිට‍්ඨිගතං. ද‍්වාසට‍්ඨිතෙසට‍්ඨිදිට‍්ඨියොපි හි සස‍්සතදිට‍්ඨි උච‍්ඡෙදදිට‍්ඨීති ද‍්වෙව දිට‍්ඨියො හොන‍්ති. තස‍්මා සඞ‍්ඛෙපෙන සබ‍්බා දිට‍්ඨියො අන‍්තො කරොන‍්තො “ද‍්වීහි දිට‍්ඨිගතෙහී”ති වුත‍්තං . පරියුට‍්ඨිතොති පරියුට‍්ඨානං පත‍්තො සමුදාචාරං පත‍්තො, උප‍්පජ‍්ජිතුං අප‍්පදානෙන කුසලචාරස‍්ස ගහණං පත‍්තොති අත්‍ථො. වුත‍්තඤ‍්හෙතං භගවතා – “ද‍්වීහි, භික‍්ඛවෙ, දිට‍්ඨිගතෙහි පරියුට‍්ඨිතා දෙවමනුස‍්සා ඔලීයන‍්ති එකෙ, අතිධාවන‍්ති එකෙ, චක‍්ඛුමන‍්තො ච පස‍්සන‍්තී”තිආදි (ඉතිවු· 49).

දැන් එකින් එක මත්තෙහි වැඩිවන ක්‍රමයයි. එහි ද්වීහි දිට්ඨිගතෙහි යනු ශාශ්වත උච්ඡෙද දෘෂ්ටීන්ගෙන්, එහි දෘෂ්ටියම දෘෂ්ටිගතයි. අසූචි සමග මුත්‍ර සමග යුක්ත වූයේ යයි යන ආදීන්හි මෙනි. යායුතු දැයක් නොමැති හෙයින්ද එය දෘෂ්ටියගේම ගමන් මාත්‍රයමනුයිද දෘෂ්ටිගතයි. දෘෂ්ටීන්හි ඇතුළත් වූ මෙම දර්ශනය දෙසැටක් දෘෂ්ටීන්හි ඇතුළත් වූ හෙයින්ද දෘෂ්ටිගතයි. දෙසැටක්, තෙසැටක් දෘෂ්ටීහුද ශාශ්වත දෘෂ්ටි-උච්ඡේද දෘෂ්ටි යැයි දෘෂ්ටීහු ද්වයයක්ම වෙති. එහයෙින් සංක්‍ෂෙප වශයෙන් සියලු දෘෂ්ටීහු ඇතුළත් කරනුයේ ද්වි දෘෂ්ටි ගතයන්හි යැයි යූ.සේයි. පරියුට්ඨිතො යනු හාත්පසින් මැඩගෙන මතුවීමට පත්වූයේ නිතර පැවැත්මට පත්වූයේ, ඉපැත්මට නොදීමෙන් කුසල් වාරයෙහි ග්‍රහණයට පත්වූයේ යයි අර්ථයි. භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. මහණෙනි, දෙවැදෑරුම් දෘෂ්ටිගතයන්ගෙන් හාත්පසින් මැඩගෙන සිටියා වූ, දිව්‍ය මනුෂ්‍යයන් අතර ඇතැමෙක් පසුබසිති. ඇතැමෙක් අතිධාවනය කෙරෙති. චක්‍ෂුමත්හුම මනාසේ දකිත් ආදිය.

තීහි දුච‍්චරිතෙහීති තිවිධකායදුච‍්චරිතෙන චතුබ‍්බිධවචීදුච‍්චරිතෙන තිවිධමනොදුච‍්චරිතෙන. විප‍්පටිපන‍්නොති විරූපං පටිපන‍්නො, මිච‍්ඡාපටිපන‍්නොති අත්‍ථො. යොගෙහි යුත‍්තොති වට‍්ටස‍්මිං යොජෙන‍්තීති යොගා, ඊතිඅත්‍ථෙන වා යොගා, තෙහි යොගෙහි යුත‍්තො සමප‍්පිතො. චතුයොගයොජිතොති කාමයොගො, භවයොගො, දිට‍්ඨියොගො, අවිජ‍්ජායොගොති ඉමෙහි චතූහි යොගෙහි සකටස‍්මිං යොගො විය වට‍්ටස‍්මිං යොජිතො. පඤ‍්චකාමගුණිකො රාගො කාමයොගො. රූපාරූපභවෙසු ඡන්‍දරාගො, ඣානනිකන‍්ති ච, සස‍්සතදිට‍්ඨිසහජාතො රාගො භවවසෙන පත්‍ථනා භවයොගො. ද‍්වාසට‍්ඨි දිට‍්ඨියො දිට‍්ඨියොගො. අට‍්ඨසු ඨානෙසු අඤ‍්ඤාණං අවිජ‍්ජායොගො. තෙ එව චත‍්තාරො බලවභූතා ඔඝා, දුබ‍්බලභූතා යොගා.

තීහි දුච්චරිතෙහි යනු ත්‍රිවිධ කාය දුශ්චරිතයෙන්, සිව් වැදෑරුම් වාග් දුශ්චරිතයෙන්ද, ත්‍රිවිධ මනො දුශ්චරිතයෙන්ද වශයෙනි. විප්පටිපන්නො යනු නොමනා අයුරින් පිළිපන්නේ, වැරැදි අයුරින් පිළිපන්නේ යයි අර්ථයි. යොගෙහි යුත්තො යනු වෘත්තයෙහි යොදවත්නුයි යොගායි. විපත්ති අර්ථයෙන් හෝ යෝගායි. එම යෝගයන්ගෙන් යුක්ත වූයේ පෙළන ලද්දේ, චතුයොග යොජිතො යනු කාම, භව, දිට්ඨි, අවිජ්ජා යන මෙම සිව් යෝගයන්ගෙන්, ගැලෙහි යෙදුවාක් මෙන් සංසාර වෘත්තයෙහි යොදන ලද්දේ, පංචකාම ගුණයෙන් යුත් රාගය කාමයෝගයි. රූපාරූප භවයන්හි කැමැත්ත හා ඇල්මද, ධ්‍යාන තෘෂ්ණාවද ශාස්වත දෘෂ්ටිය සමග හටගත් රාගයද භව වශයෙන් ප්‍රාර්ථනාවද, භවයෝගයයි. දෙසැටක් දෘෂ්ටීහු දෘෂ්ටි යෝගයයි. බුද්ධාදී අටතැන්හි නොදැන්ම අවිද්‍යා යෝගයයි. එම සතරම බලවත් වූයේ ඕඝයැයිද ඒවා දුර්වල වූවාහු යෝග නමැ.

චතූහි ගන්‍ථෙහීති යස‍්ස සංවිජ‍්ජන‍්ති, තං චුතිපටිසන්‍ධිවසෙන වට‍්ටස‍්මිං ගන්‍ථෙන‍්ති ඝටෙන‍්තීති ගන්‍ථා. තෙ අභිජ‍්ඣා කායගන්‍ථො, බ්‍යාපාදො කායගන්‍ථො, සීලබ‍්බතපරාමාසො කායගන්‍ථො, ඉදංසච‍්චාභිනිවෙසො කායගන්‍ථොති චතුප‍්පභෙදා. අභිජ‍්ඣායන‍්ති එතාය, සයං වා අභිජ‍්ඣායති, අභිජ‍්ඣායනමත‍්තමෙව වා එසාති අභිජ‍්ඣා, ලොභොයෙව. නාමකායං ගන්‍ථෙති චුතිපටිසන්‍ධිවසෙන වට‍්ටස‍්මිං ඝටෙතීති කායගන්‍ථො. බ්‍යාපජ‍්ජති තෙන චිත‍්තං පූතිභාවං ගච‍්ඡති, බ්‍යාපාදයති වා විනයාචාරරූපසම‍්පත‍්තිහිතසුඛාදීනීති බ්‍යාපාදො. ඉතො බහිද‍්ධා සමණබ්‍රාහ‍්මණානං සීලෙන සුද‍්ධි වතෙන සුද‍්ධි සීලවතෙන සුද‍්ධීති පරාමසනං සීලබ‍්බතපරාමාසො. සබ‍්බඤ‍්ඤුභාසිතම‍්පි පටික‍්ඛිපිත්‍වා “සස‍්සතො ලොකො , ඉදමෙව සච‍්චං මොඝමඤ‍්ඤ”න‍්තිආදිනා ආකාරෙන අභිනිවිසතීති ඉදංසච‍්චාභිනිවෙසො. තෙහි චතූහි ගන්‍ථෙහි ගන්‍ථිතො, බද‍්ධොති අත්‍ථො.

චතූහි ගන්‍ථෙහි යනු යමෙකුට එය විද්‍යමාන වෙත්ද? ඔහු චුතිප්‍රතිසන්ධි වශයෙන් සසර වෘත්තයෙහි වෙළයි. ගළපයි නුයි ග්‍රන්ථයි. ඒවා අභිධ්‍යා, ව්‍යාපාද, සීලබ්බත පරාමාස, ඉදං සච්චාභිනිවෙස (මෙයම සත්‍යය. අනෙක් සියල්ලම බොරුය) වශයෙන් සිව්ආකාරය. දැඩි ලෙස ආශා කෙරේ. තෙමේ හෝ දැඩි ලෙස ආශා කෙරේ. දැඩි ලෙස ආශා කිරීම් මාත්‍රයම එයමනුයි අභිධ්‍යා නම් වන්නේය. ලෝභයමය. නාමකය වෙළයි. චුති ප්‍රතිසන්ධි වශයෙන් සසර වෘත්තයෙහි ගළපයිනුයි කාය ග්‍රන්ථයි. කේපයට පත්වේ. එයින් සිත කුණුවූ ස්වභාවයට පත්වේ. කෝපයට පත් කෙරේනුයි හෝ සංවරසීලි පැවතුම්, රූප සම්පත්ති හිතසුව ආදියි නොමගට පෙරළේනුයිද ව්‍යාපාදයි. මෙයින් බාහිර ශ්‍රමණ බ්‍රාහ්මණයින්ගේ සීලයෙන් ශුද්ධිය වේ. ව්‍රතයෙන් ශුද්ධිය වේ. සීල ව්‍රතයෙන් ශුද්ධිය වේයයි අල්ලාගැනීම සීලබ්බත පරාමාසයයි. සර්වඥ භාෂිතයද ප්‍රතික්‍ෂෙප කොට ලෝක ශාශ්වතය මෙයම සත්‍යය. අන් සියල්ල හිස්යැයි ආදී ආකාරයෙන් තදින් ඇලී පවතීනුයි ඉදං සච්චාභිනිවෙසයි. ඒ සිව් වෙළුම්වලින් වෙළන ලද්දේ බඳනා ලද්දේ යයි අර්ථයි.

චතූහි උපාදානෙහීති භුසං ආදියන‍්ති දළ‍්හග‍්ගාහං ගණ‍්හන‍්තීති උපාදානා. තෙ කාමුපාදානං දිට‍්ඨුපාදානං සීලබ‍්බතුපාදානං අත‍්තවාදුපාදානන‍්ති චතුප‍්පභෙදා. වත්‍ථුසඞ‍්ඛාතං කාමං උපාදියතීති කාමුපාදානං, කාමො ච සො උපාදානඤ‍්චාතිපි කාමුපාදානං. දිට‍්ඨි ච සා උපාදානඤ‍්චාති දිට‍්ඨුපාදානං, දිට‍්ඨිං උපාදියතීතිපි දිට‍්ඨුපාදානං. “සස‍්සතො අත‍්තා ච ලොකො චා”තිආදීසු (පටි· ම· 1.147) හි පුරිමදිට‍්ඨිං උත‍්තරදිට‍්ඨි උපාදියති. සීලබ‍්බතං උපාදියතීති සීලබ‍්බතුපාදානං, සීලබ‍්බතඤ‍්ච තං උපාදානඤ‍්චාතිපි සීලබ‍්බතුපාදානං. ගොසීලගොවතාදීනි හි එවං විසුද‍්ධීති අභිනිවෙසතො සයමෙව උපාදානානි. වදන‍්ති එතෙනාති වාදො, උපාදියන‍්ති එතෙනාති උපාදානං. කිං වදන‍්ති, උපාදියන‍්ති වා? අත‍්තානං. අත‍්තනො වාදුපාදානං අත‍්තවාදුපාදානං, අත‍්තවාදමත‍්තමෙව වා අත‍්තාති උපාදියන‍්ති එතෙනාති අත‍්තවාදුපාදානං. ඨපෙත්‍වා ඉමා ද‍්වෙ දිට‍්ඨියො සබ‍්බාපි දිට‍්ඨී දිට‍්ඨුපාදානං. තෙහි චතූහි උපාදානෙහි. උපාදීයතීති භුසං ගණ‍්හීයති. උපාදියතීති වා පාඨො, ලොකො උපාදානෙහි තං තං ආරම‍්මණං භුසං ගණ‍්හාතීති අත්‍ථො.

චතූහි උපාදානෙහීති යනු බොහෝ සේ ගනිත්. දැඩිව ගනිත්නුයි උපාදානයි. ඒවා කාම, දිට්ඨි, සීලබ්බත, අත්තවාද උපාදාන යැයි සිව් ප්‍රභේදයි. වස්තු සංඛ්‍යාත වූ කාමය තදින් අල්ලා ගනීනුයි කාමූපදානයි. කාමයද උපාදානයද එයම වූයේ නුයි කාමූපාදානයි. දෘෂ්ටියද උපාදානයද එයමනුයි දෘෂ්ටි උපාදාන නම් වේ. ආත්මයද ලෝකයද ශාශ්වත යැයි ආදීන්හි ප්‍රථම දෘෂ්ටිය මතු දෘෂ්ටිය තදින් ගනියි. සීල හා ව්‍රතය තදින් ගනීනුයි සීලබ්බතූපාදානයි. ගවසීල, ගවව්‍රත ආදීණ්ගෙන් මෙසේ විශුද්ධිය වේයයි තදින් එල්බ සිටීම තෙමේම තදින් ගනීනුයි උපාදානයෝයි. එය කරණකොට කථා කෙරේනුයි වාදයි. එයින් තදින් ගනීනුයි උපාදානයි. කුමක් කියයි හෝ තදින් ගනියි නම් වේද? ආත්මවාදයයි ආත්මවාද මාත්‍රයම හෝ එය කරණකොට ආත්මයයි තදින් ගැනීම හෝ ආත්මවාද උපාදානයයි. මෙම දෘෂ්ටිද්වයය හැර සියලුම දෘෂ්ටීහු දෘෂ්ටි උපාදානයි. එම සිව් උපාදානයන්ගෙන් තදින් ගනිත්නුයි බොහෝකොට ගනිත්නුයි උපාදානයි. උපාදියති යනුද පාඨයි. ලෝකයා තදින් ගැනීම්වලින් ඒ ඒ අරමුණු තදින් ගනී යන අර්ථයි.

පඤ‍්චගතිසමාරුළ‍්හොති සුකතදුක‍්කටකාරණෙහි ගම‍්මති උපසඞ‍්කමීයතීති ගති, සහොකාසකා ඛන්‍ධා. නිරයො තිරච‍්ඡානයොනි පෙත‍්තිවිසයො මනුස‍්සා දෙවාති ඉමා පඤ‍්ච ගතියො වොක‍්කමනභාවෙන භුසං ආරුළ‍්හො. පඤ‍්චහි කාමගුණෙහීති රූපසද‍්දගන්‍ධරසඵොට‍්ඨබ‍්බසඞ‍්ඛාතෙහි පඤ‍්චහි වත්‍ථුකාමකොට‍්ඨාසෙහි. රජ‍්ජතීති අයොනිසොමනසිකාරං පටිච‍්ච රාගුප‍්පාදනෙන තෙහි රඤ‍්ජීයති, සාරත‍්තො කරීයතීති අත්‍ථො. පඤ‍්චහි නීවරණෙහීති චිත‍්තං නීවරන‍්ති පරියොනන්‍ධන‍්තීති නීවරණා. කාමච‍්ඡන්‍දබ්‍යාපාදථිනමිද‍්ධඋද‍්ධච‍්චකුක‍්කුච‍්චවිචිකිච‍්ඡාසඞ‍්ඛාතෙහි පඤ‍්චහි නීවරණෙහි. ඔත්‍ථටොති උපරිතො පිහිතො.

පඤ්චගති සමාරූළ්හො යනු යහපත් අයහපත් කරුණුවලින් පමුණුවයි එළැඹේනුයි ගතියි. අවකාශ සහිත ස්කන්ධ නිරය, තිරිසන්යෝනිය, ප්‍රේත විෂය, මිනිස්ලොව, දෙව්ලොව යන මෙම පඤ්චගතීහු බැසගැනීම් භාවයෙන් බොහෝකොට නැගී සිටියේ; පඤ්ච කාම ගුණෙහි යනු රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ සංඛ්‍යාත වූ වස්තු කාම කොටස්වලින්, රජ්ජති නුනුවණින් මෙනෙහි කිරීම් හේතුයෙන් රාගය ඉපදීමෙන් ඒ හා සමග ඇලෙනු ලැබේ. තදින් ඇලීම් බව කෙරේයයි අර්ථයි. පඤ්චහි නීවරණෙහි යනු සිත වළක්වති. හාත්පසින් වෙළාගනිත්නුයි නීවරණයි. කාමච්ඡන්‍ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා සංඛ්‍යාත පංච නීවරණයන්ගෙන්; ඔත්‍ථටො යනු මතුයෙහි මඬනා ලද්දේ වසන ලදුයේ

ඡහි විවාදමූලෙහීති ඡහි විවාදස‍්ස මූලෙහි. යථාහ –

ඡහි විවාද මූලෙහි, යනු විවාදයට මුල්වූ කරුණු සයකින්, දෙසූ පරිදි –

“ඡයිමානි, භික‍්ඛවෙ, විවාදමූලානි. කතමානි ඡ? ඉධ, භික‍්ඛවෙ, භික‍්ඛු කොධනො හොති උපනාහී. යො සො, භික‍්ඛවෙ, භික‍්ඛු කොධනො හොති උපනාහී. සො සත්‍ථරිපි අගාරවො විහරති අප‍්පතිස‍්සො, ධම‍්මෙපි, සඞ‍්ඝෙපි, සික‍්ඛායපි න පරිපූරකාරී. යො සො, භික‍්ඛවෙ, භික‍්ඛු සත්‍ථරි අගාරවො විහරති අප‍්පතිස‍්සො, ධම‍්මෙපි, සඞ‍්ඝෙපි, සික‍්ඛායපි න පරිපූරකාරී, සො සඞ‍්ඝෙ විවාදං ජනෙති. යො හොති විවාදො බහුජනාහිතාය බහුජනාසුඛාය බහුනො ජනස‍්ස අනත්‍ථාය අහිතාය දුක‍්ඛාය දෙවමනුස‍්සානං. එවරූපං චෙ තුම‍්හෙ, භික‍්ඛවෙ, විවාදමූලං අජ‍්ඣත‍්තං වා බහිද‍්ධා වා සමනුපස‍්සෙය්‍යාථ, තත්‍ර තුම‍්හෙ, භික‍්ඛවෙ, තස‍්සෙව පාපකස‍්ස විවාදමූලස‍්ස පහානාය වායමෙය්‍යාථ. එවරූපං චෙ තුම‍්හෙ, භික‍්ඛවෙ, විවාදමූලං අජ‍්ඣත‍්තං වා බහිද‍්ධා වා න සමනුපස‍්සෙය්‍යාථ. තත්‍ර තුම‍්හෙ, භික‍්ඛවෙ, තස‍්සෙව පාපකස‍්ස විවාදමූලස‍්ස ආයතිං අනවස‍්සවාය පටිපජ‍්ජෙය්‍යාථ. එවමෙතස‍්ස පාපකස‍්ස විවාදමූලස‍්ස පහානං හොති. එවමෙතස‍්ස පාපකස‍්ස විවාදමූලස‍්ස ආයතිං අනවස‍්සවො හොති.

මහණෙනි, මේ විවාදමූල සයකි. කවර සයෙක්ද යත්? මහණෙනි, මෙ සස්නෙහි භික්‍ෂුව ක්‍රෝධ කරනුයේ, වෛර කරනුයේ වේද? මහණෙනි, යම් ආකාර වූ එම භික්‍ෂුව ක්‍රෝධ කරනුයේ වෛර කරනුයේ වේද? හෙතෙම ශාස්තෲන් වහන්සේ කෙරෙහිද, ධර්මයෙහිද, සංඝයා කෙරෙහිද ගෞරව රහිත වූයේ අකීකරු වූයේ, ශික්‍ෂාවෙහිද පරිපූර්ණත්වයට පත් නුවූයේ වෙසේ. මහණෙනි, යම් ඒ භික්‍ෂුවක් ශාස්තෲන් වහන්සේ කෙරෙහි, ධර්මය කෙරෙහි, සංඝයා කෙරෙහිද ගෞරව රහිත වූයේ අකීකරු වූයේ ශික්‍ෂාවෙහිද පරිපූර්ණත්වයට පත් නුවූයේ වෙසේද? හෙතෙම සංඝයා කෙරෙහි විවාද ජනනය කරයි. එම විවාදය බොහෝ ජනයාට අහිත පිණිස, බොහෝ ජනයාට නොසුව පිණිස, බොහෝ ජනයාට අනර්ථ පිණිස දෙව් මිනිසුන්ට අහිත පිණිස දුක් පිණිස පවතී. මහණෙනි, නුඹලා මෙබඳු වූ විවාද මූලයක් ආධ්‍යාත්මිකව හෝ බාහිරව දකින්නාහුද? මහණෙනි, නුඹලා එහිදී, එම පාපී වූ විවාද මූලයාගේම ප්‍රහාණය සඳහා උත්සාහ කෙරෙත්වා. මහණෙනි, නුඹලා මෙබඳු වූ විවාද මූලයක් ආධ්‍යාත්මිකව හෝ බාහිරව නොදක්නාහුද? මහණෙනි, නුඹලා එහිදී එම පාපී විවාද මූලයාගේ මතු නොවැගිරීම සඳහා පිළිපදිනු යෙහෙකි. මෙසේ එම පාපී විවාද මූලයෙහි ප්‍රහාණය වේ. මෙසේ එම පාපී විවාද මූලයාගේ මත්තෙහි නොවැගිරීම වේ.

“පුන චපරං, භික‍්ඛවෙ, භික‍්ඛු මක‍්ඛී හොති පළාසී. ඉස‍්සුකී හොති මච‍්ඡරී. සඨො හොති මායාවී. පාපිච‍්ඡො හොති මිච‍්ඡාදිට‍්ඨි. සන්‍දිට‍්ඨිපරාමාසී හොති ආධානග‍්ගාහී දුප‍්පටිනිස‍්සග‍්ගී. යො සො, භික‍්ඛවෙ, භික‍්ඛු සන්‍දිට‍්ඨිපරාමාසී හොති ආධානග‍්ගාහී දුප‍්පටිනිස‍්සග‍්ගී, සො සත්‍ථරිපි…පෙ… ආයතිං අනවස‍්සවො හොතී”ති (පරි· 272; අ· නි· 6.36).

නැවතද මහණෙනි, භික්‍ෂුව අන් ගුණ මැකීම් ස්වභාව ඇත්තේද අන්‍යයන්ගේ දොස් කියනුයේ, මායාකාරී වූයේ පවිටු අදහස් ඇත්තේ වේද, මිථ්‍යාදෘෂ්ටික වුයේ තම දෘෂ්ටියම ස්පර්ශ කර සිටින්නේ වේද, අත්නොහැර අල්ලාගන්නා කුම්භීලග්‍රාහී වේද? තම දෘෂ්ටිය අත්හැරීම දුෂ්කරද? මහණෙනි, යම් ඒ භික්‍ෂුවක් තම දෘෂ්ටියම ස්පර්ශ කර සිටීද? අත්නොහැර අල්ලාගන්නා ස්වභාවය වේද? තම දෘෂ්ටිය අත්හැරීම දුෂ්කර වේද, හෙතෙම බුදුරදුන් කෙරෙහිද -පෙ- මත්තෙහි

තත්‍ථ කොධනොති කුජ‍්ඣනලක‍්ඛණෙන කොධෙන සමන‍්නාගතො. උපනාහීති වෙරඅප‍්පටිනිස‍්සජ‍්ජනලක‍්ඛණෙන උපනාහෙන සමන‍්නාගතො. අහිතාය දුක‍්ඛාය දෙවමනුස‍්සානන‍්ති ද‍්වින‍්නං භික‍්ඛූනං විවාදො කථං දෙවමනුස‍්සානං අහිතාය දුක‍්ඛාය සංවත‍්තතීති? කොසම‍්බකක‍්ඛන්‍ධකෙ (මහාව· 451 ආදයො) විය ද‍්වීසු භික‍්ඛූසු විවාදං ආපන‍්නෙසු තස‍්මිං විහාරෙ තෙසං අන‍්තෙවාසිකා විවදන‍්ති, තෙසං ඔවාදං ගණ‍්හන‍්තො භික‍්ඛුනිසඞ‍්ඝො විවදති, තතො තෙසං උපට‍්ඨාකාපි විවදන‍්ති. අථ මනුස‍්සානං ආරක‍්ඛදෙවතා ද‍්වෙ කොට‍්ඨාසා හොන‍්ති. ධම‍්මවාදීනං ආරක‍්ඛදෙවතා ධම‍්මවාදිනියො හොන‍්ති අධම‍්මවාදීනං අධම‍්මවාදිනියො. තතො ආරක‍්ඛදෙවතානං මිත‍්තා භුම‍්මට‍්ඨදෙවතා භිජ‍්ජන‍්ති. එවං පරම‍්පරාය යාව බ්‍රහ‍්මලොකා ඨපෙත්‍වා අරියසාවකෙ සබ‍්බෙ දෙවමනුස‍්සා ද‍්වෙ කොට‍්ඨාසා හොන‍්ති. ධම‍්මවාදීහි පන අධම‍්මවාදිනොව බහුතරා හොන‍්ති. තතො යං බහුකෙහි ගහිතං, සබ‍්බං තං සච‍්චන‍්ති ධම‍්මං විස‍්සජ‍්ජෙත්‍වා බහුතරාව අධම‍්මං ගණ‍්හන‍්ති. තෙ අධම‍්මං පුරක‍්ඛත්‍වා විහරන‍්තා අපායෙසු නිබ‍්බත‍්තන‍්ති. එවං ද‍්වින‍්නං භික‍්ඛූනං විවාදො දෙවමනුස‍්සානං අහිතාය දුක‍්ඛාය හොති. අජ‍්ඣත‍්තං වාති තුම‍්හාකං අබ‍්භන‍්තරපරිසාය වා. බහිද‍්ධා වාති පරෙසං පරිසාය වා. මක‍්ඛීති පරෙසං ගුණමක‍්ඛණලක‍්ඛණෙන මක‍්ඛෙන සමන‍්නාගතො. පළාසීති යුගග‍්ගාහලක‍්ඛණෙන පළාසෙන සමන‍්නාගතො. ඉස‍්සුකීති පරෙසං සක‍්කාරාදිඉස‍්සායනලක‍්ඛණාය ඉස‍්සාය සමන‍්නාගතො. මච‍්ඡරීති ආවාසමච‍්ඡරියාදීහි පඤ‍්චහි මච‍්ඡරියෙහි සමන‍්නාගතො. සඨොති කෙරාටිකො. මායාවීති කතපාපපටිච‍්ඡාදකො. පාපිච‍්ඡොති අසන‍්තසම‍්භාවනිච‍්ඡකො දුස‍්සීලො. මිච‍්ඡාදිට‍්ඨීති නත්‍ථිකවාදී අහෙතුකවාදී අකිරියවාදී. සන්‍දිට‍්ඨිපරාමාසීති සයං දිට‍්ඨිමෙව පරාමසති. ආධානග‍්ගාහීති දළ‍්හග‍්ගාහී. දුප‍්පටිනිස‍්සග‍්ගීති න සක‍්කා හොති ගහිතං විස‍්සජ‍්ජාපෙතුං. ඛුද‍්දකවත්‍ථුවිභඞ‍්ගෙ පන “තත්‍ථ කතමානි ඡ විවාදමූලානි? කොධො මක‍්ඛො ඉස‍්සා සාඨෙය්‍යං පාපිච‍්ඡතා සන්‍දිට‍්ඨිපරාමාසිතා, ඉමානි ඡ විවාදමූලානී”ති (විභ· 944) පධානවසෙන එකෙකොයෙව ධම‍්මො වුත‍්තො.

එහි ‘කොධනො’ යනු කිපීම් ලක්‍ෂණයෙන් යුත් ක්‍රෝධයෙන් යුක්ත වූයේ, ‘උපනාහී’ යනු වෛරය අත්නොහරින ලක්‍ෂණයෙන් යුත් වෛරයෙන් යුක්ත වූයේ, ‘අහිතාය දුක්ඛාය දෙවමනුස්සානං’ යනු භික්‍ෂූන් දෙනමකගේ විවාදය කෙසේ දෙව් මිනිසුන්ට අහිත පිණිස දුක් පිණිස පවතීද? කොසම්බක්ඛන්‍ධකයෙහි මෙන් භික්‍ෂූන් දෙනමක් විවාදයට පත් කල්හි, එම විහාරයෙහි ඔවුන්ගේ අතවැස්සෝ විවාද කරති. ඔවුන්ගේ අවවාද ගන්නා වූ භික්‍ෂුණී සංඝයාද විවාද කරයි. ඉන්පසු ඔවුන්ගේ උපස්ථායකයෝ විවාද කරති. ඉක්බිති මිනිසුන්ගේ ආරක්‍ෂක දේවතාවෝ දෙකොටස් වෙති. ධර්මවාදීන්ගේ ආරක්‍ෂක දේවතාවෝ ධර්මවාදිනියෝ වෙති. අධර්මවාදීන්ගේ අධර්මවාදිනියෝ වෙති. ඉක්බිති ආරක්‍ෂක දේවතාවන්ගේ මිත්‍රවූ භූම්‍යස්ථ දේවතාවෝ බිඳෙති. මෙසේ පරම්පරාවෙන් බ්‍රහ්මලෝකය තෙක් ආර්ය ශ්‍රාවකයින් හැර සියලු දෙව් මිනිස්සු දෙකොටස් වෙති. ධර්මවාදීන්ගෙන් බලනවිට අධර්මවාදීහුම බහුතරයක් වෙති. ඉන් යමක් බොහෝ දෙනෙකු විසින් ගන්නා ලද්දේද? එය සත්‍යයයි ගෙන ධර්මය අත්හැර බොහෝ දෙනෙක් අධර්මය ගනිති. ඔවුහු අධර්මය පෙරටුකොට වසන්නාහු අපායයන්හි උපදිති. මෙසේ භික්‍ෂූන් දෙදෙනෙකුගේ විවාදය දෙව් මිනිසුන්ට අහිත පිණිස දුක් පිණිස වේ. ආධ්‍යාත්මිකව හෝ යනු ඔබගේ අභ්‍යණ්තර පිරිස සමග බාහිර හෝ යනු අන්‍යයාගේ පිරිස සමග ‘මක්ඛී’ යනු අන්‍යයන්ගේ ගුණ මැකීම් ලක්‍ෂණ වූ මක්ඛයෙන් යුක්ත වූයේ, ‘පලාසී’ යනු තරගකාරී ලක්‍ෂණයෙන් යුත් අන් දොස් කියන්නා ‘ඉස්සුකී’ යනු අනුන්ගේ ලාභ සත්කාර නොඉවසීම් ලක්‍ෂණයෙන් යුත් ඊර්ෂ්‍යාවෙන් යුක්ත වූයේ, මච්ඡරී යනු ආවාස මාත්සර්යාදී පස්වැදෑරුම් මාත්සර්යයන්ගෙන් යුක්ත වූයේ. ‘සඨො’ යනු කපටිවූයේ, ‘මායාවී’ යනු කළ පව් වසනසුලු වූයේ, ‘පාපිච්ඡො’ යනු තමා ළඟ නොමැති ගුණවත් භාවයන් වෙනුවෙන් ජනතාවගේ පුදසත්කාර අපේක්‍ෂා කරන දුසිල් තැනැත්තේ. ‘මිච්ඡා දිට්ඨි’ යනු නාස්තිකවාද, අහේතුකවාද, කර්මඵල නැතැයි යන වාද, ‘සන්‍දිට්ඨිපරාමාසි’ යන තම දෘෂ්ටියම නිවැරදියයි පරාමර්ශනය කිරීම, ‘ආධානගාහී, දෘඪග්‍රාහිත්වය, කුම්භීලග්‍රාහිත්වය ‘දුප්පටි නිස්සග්ගි’ යනු ගත් දෑ අත්හැර දැමීමට නොහැකි වේ. ඛුද්දක වස්තු විභංගයෙහි වනාහි, එහි විවාදමූල සය කවරහුද? ක්‍රෝධය, ගුණමකු බව, ඊර්ෂ්‍යාව, කපටිකම, පාපිච්ඡතාව, තම දෘෂ්ටියෙහි පිහිටීම යන මේවා ෂට් විවාද මුලයැයි ප්‍රධාන වශයෙන් එකිනෙකවම ධර්ම කියන ලද්දේය.

ඡහි තණ‍්හාකායෙහීති “රූපතණ‍්හා, සද‍්දතණ‍්හා, ගන්‍ධතණ‍්හා, රසතණ‍්හා, ඵොට‍්ඨබ‍්බතණ‍්හා, ධම‍්මතණ‍්හා”ති (විභ· 944) වුත‍්තාහි ඡහි තණ‍්හාහි. තත්‍ථ යස‍්මා එකෙකායෙව තණ‍්හා අනෙකවිසයත‍්තා එකෙකස‍්මිම‍්පි විසයෙ පුනප‍්පුනං උප‍්පත‍්තිතො අනෙකා හොන‍්ති, තස‍්මා සමූහට‍්ඨෙන කායසද‍්දෙන යොජෙත්‍වා තණ‍්හාකායාති වුත‍්තං. තණ‍්හාකායාති වුත‍්තෙපි තණ‍්හා එව. රජ‍්ජතීති සයං ආරම‍්මණෙ රජ‍්ජති, සාරත‍්තො හොති.

ඡහි තණ්හාකායෙහි යනු රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්මයයි කියන ලද ෂට් තෘෂ්ණාවන්ගෙන්, එක් එක් ආකාර වූම තෘෂ්ණාව විවිධ විෂය බැවින්, එක් එක් විෂයයෙහි නැවත නැවත උපදනා හෙයින් නානාවිධ වෙති. එහෙයින් සමූහාර්ථයෙන් කාය ශබ්දය සමග යොදා තෘෂ්ණා කාය යැයි යූ.සේයි. තෘෂ්ණා කාය යැයි කියන ලදුයේද, තෘෂ්ණාවමය. රජ්ජති යනු තෙමේ අරමුණෙහි ඇලෙයි. මනාව ඇලුණේ වේ.

ඡහි දිට‍්ඨිගතෙහීති සබ‍්බාසවසුත‍්තෙ වුත‍්තෙහි. වුත‍්තඤ‍්හි තත්‍ථ –

ඡහි දිට්ඨිගතෙහි යනු සබ්බාසව සූත්‍රයෙහි කියන ලද ආකාරයන් අනුව, එහි කියන ලද්දේමය –

“තස‍්ස එවං අයොනිසො මනසිකරොතො ඡන‍්නං දිට‍්ඨීනං අඤ‍්ඤතරා දිට‍්ඨි උප‍්පජ‍්ජති. ‘අත්‍ථි මෙ අත‍්තා’ති වා අස‍්ස සච‍්චතො ථෙතතො දිට‍්ඨි උප‍්පජ‍්ජති, ‘නත්‍ථි මෙ අත‍්තා’ති වා අස‍්ස සච‍්චතො ථෙතතො දිට‍්ඨි උප‍්පජ‍්ජති, ‘අත‍්තනාව අත‍්තානං සඤ‍්ජානාමී’ති වා අස‍්ස සච‍්චතො ථෙතතො දිට‍්ඨි උප‍්පජ‍්ජති, ‘අත‍්තනාව අනත‍්තානං සඤ‍්ජානාමී’ති වා අස‍්ස සච‍්චතො ථෙතතො දිට‍්ඨි උප‍්පජ‍්ජති, ‘අනත‍්තනාව අත‍්තානං සඤ‍්ජානාමී’ති වා අස‍්ස සච‍්චතො ථෙතතො දිට‍්ඨි උප‍්පජ‍්ජති. අථ වා පනස‍්ස එවං දිට‍්ඨි හොති ‘යො මෙ අයං අත‍්තා වදො වෙදෙය්‍යො තත්‍ර තත්‍ර කල්‍යාණපාපකානං කම‍්මානං විපාකං පටිසංවෙදෙති, සො ච ඛො පන මෙ අයං අත‍්තා නිච‍්චො ධුවො සස‍්සතො අවිපරිණාමධම‍්මො සස‍්සතිසමං තථෙව ඨස‍්සතී’”ති (ම· නි· 1.19).

‘මෙසේ ඔහුට නුනුවණින් මෙනෙහි කරන කල්හි, ෂට් දෘෂ්ටීන්හි එක්තරා දෘෂ්ටියක් උපදී. මට ආත්මයක් ඇතැයි ඔහුට සත්‍ය වශයෙන් ඇදහිය යුතු ලෙසින් දෘෂ්ටිය උපදී. මට ආත්මයක් නැතැයි ඔහුට සත්‍ය වශයෙන් ඇදහිය යුතු ලෙසින් දෘෂ්ටිය උපදී. ආත්මය විසින් ආත්මය හඳුනාගනිමියි ඔහුට සත්‍ය වශයෙන්, ඇදහිය යුතු ලෙසින් දෘෂ්ටිය උපදී. ආත්මය නොවූයේම ආත්මය හඳුනා ගනිමියි ඔහුට, සත්‍යය වශයෙන් ඇදහිය යුතු ලෙසින් දෘෂ්ටිය උපදී. තවද ඔහුට මෙසේ දෘෂ්ටිය වේ. ඒ ඒ තන්හි යහපත් හා පාපී කර්මයන්ගේ විපාක විඳීද, එබඳු වූ මාගේ යම් ආත්මයක් වේද? එය කියන්නාද විඳින්නාද වේ. ඒ මාගේ ආත්මය වනාහි නිත්‍යය. ස්ථිරය. ශාශ්වතය. නොවෙනස්වන සුළුය. ශාශ්වතයන් හා සමව වෙනස් නොවී සිටින්නේය.

තත්‍ථ අත්‍ථි මෙ අත‍්තාති සස‍්සතදිට‍්ඨි සබ‍්බකාලෙසු අත‍්තනො අත්‍ථිතං ගණ‍්හාති. සච‍්චතො ථෙතතොති භූතතො ච ථිරතො ච, “ඉදං සච‍්ච”න‍්ති සුට‍්ඨු දළ‍්හභාවෙනාති වුත‍්තං හොති. නත්‍ථි මෙ අත‍්තාති උච‍්ඡෙදදිට‍්ඨි සතො සත‍්තස‍්ස තත්‍ථ තත්‍ථ විභවග‍්ගහණතො. අථ වා පුරිමාපි තීසු කාලෙසු අත්‍ථීති ගහණතො සස‍්සතදිට‍්ඨි, පච‍්චුප‍්පන‍්නමෙව අත්‍ථීති ගණ‍්හන‍්තී උච‍්ඡෙදදිට‍්ඨි, පච‍්ඡිමාපි අතීතානාගතෙසු නත්‍ථීති ගහණතො “භස‍්සන‍්තා ආහුතියො”ති ගහිතදිට‍්ඨිගතිකානං විය උච‍්ඡෙදදිට‍්ඨි. අතීතෙ එව නත්‍ථීති ගණ‍්හන‍්තී අධිච‍්චසමුප‍්පන‍්නකස‍්ස විය සස‍්සතදිට‍්ඨි. අත‍්තනාව අත‍්තානං සඤ‍්ජානාමීති සඤ‍්ඤාක‍්ඛන්‍ධසීසෙන ඛන්‍ධෙ අත‍්තාති ගහෙත්‍වා සඤ‍්ඤාය අවසෙසක‍්ඛන්‍ධෙ සඤ‍්ජානතො ඉමිනා අත‍්තනා ඉමං අත‍්තානං සඤ‍්ජානාමීති හොති. අත‍්තනාව අනත‍්තානන‍්ති සඤ‍්ඤාක‍්ඛන්‍ධංයෙව අත‍්තාති ගහෙත්‍වා, ඉතරෙ චත‍්තාරොපි අනත‍්තාති ගහෙත්‍වා සඤ‍්ඤාය තෙ සඤ‍්ජානතො එවං හොති. අනත‍්තනාව අත‍්තානන‍්ති සඤ‍්ඤාක‍්ඛන්‍ධං අනත‍්තාති ගහෙත්‍වා, ඉතරෙ චත‍්තාරොපි අත‍්තාති ගහෙත්‍වා සඤ‍්ඤාය තෙ සඤ‍්ජානතො එවං හොති. සබ‍්බාපි සස‍්සතුච‍්ඡෙදදිට‍්ඨියොව. වදො වෙදෙය්‍යොතිආදයො පන සස‍්සතදිට‍්ඨියා එව අභිනිවෙසාකාරා. තත්‍ථ වදතීති වදො, වචීකම‍්මස‍්ස කාරකොති වුත‍්තං හොති. වෙදයතීති වෙදෙය්‍යො, ජානාති අනුභවති චාති වුත‍්තං හොති. කිං වෙදෙතීති? තත්‍ර තත්‍ර කල්‍යාණපාපකානං කම‍්මානං විපාකං පටිසංවෙදෙති . තත්‍ර තත්‍රාති තෙසු තෙසු යොනිගතිඨිතිනිවාසනිකායෙසු ආරම‍්මණෙසු වා. නිච‍්චොති උප‍්පාදවයරහිතො. ධුවොති ථිරො සාරභූතො. සස‍්සතොති සබ‍්බකාලිකො. අවිපරිණාමධම‍්මොති අත‍්තනො පකතිභාවං අවිජහනධම‍්මො, කකණ‍්ටකො විය නානප‍්පකාරතං නාපජ‍්ජති. සස‍්සතිසමන‍්ති චන්‍දසූරියසමුද‍්දමහාපථවීපබ‍්බතා ලොකවොහාරෙන සස‍්සතියොති වුච‍්චන‍්ති. සස‍්සතීහි සමං සස‍්සතිසමං. යාව සස‍්සතියො තිට‍්ඨන‍්ති, තාව තථෙව ඨස‍්සතීති ගණ‍්හතො එවං දිට‍්ඨි හොති.

එහි ‘මට ආත්මයක් ඇතැයි’ යනු හැමකල්හි තමාගේ (ආත්මයෙහි) අස්ථිත්වය ගනී. එය ශාශ්වත දෘෂ්ටියයි. සත්‍ය වශයෙන් තිර වශයෙන් යනු සත්‍ය වශයෙන් හා ස්ථිර වශයෙන්, මෙය සත්‍යයයි මනාව දැඩිභාවයෙන් යයි යූ.සේයි. ‘මට ආත්මයක් නැත යනු උච්ඡේද දෘෂ්ටිය සහිත සත්ත්වයාගේ ඒ ඒ විභව ග්‍රහණ වශයෙනි. තවද පූර්වයන්ද තෙකල්හිම විද්‍යමානයයි ග්‍රහණය කරන හෙයින් ශාශ්වත දෘෂ්ටියයි. වර්තමානය පමණෙක් ඇතැයි ගනු ලබනුයේ උච්ඡේද දෘෂ්ටියයි. පශ්චිමයන්ද අතීත, අනාගතයන්හි නැතයයි ග්‍රහණය කරන හෙයින් පුදපූජා අළුධූලි වීමෙන් අභාවයට යෙති. එහි ප්‍රතිඵල නැතැයි ගත් දෘෂ්ටිගතිකයින්ගේ මෙන් උච්ඡේද දෘෂ්ටියි. අතීතයෙහිම නැතැයි ගනු ලබන්නී හේතුවක් නොමැතිව හටගත්තේය යන, දෘෂ්ටිකයාගේ මෙන් ශාශ්වත දෘෂ්ටියයි. ‘අත්තනාව අත්තානං පඤ්ජානාමි’ යනු සංඥා ස්කන්ධ ශීර්ෂයෙන් ස්කන්ධයන් ආත්මයයි ගෙන, සංඥාවගෙන් අවශේෂ ස්කන්ධයන් දැනගන්නා හෙයින් මේ ආත්මයෙන් මේ ආත්මය දැනගනිමියි වේ. ‘අත්තනාව අනත්තානං’ යනු සංඥා ස්කන්ධයම ආත්මයයි ගෙන අනෙක් සතර ස්කන්ධයන්ම අනාත්මයැයි ගෙන සංඥාවෙන් ඒවා හඳුනා ගන්නා කල්හි මෙසේ සිතක් වේ. ‘අනත්තනාව අත්තානං’ යනු සංඥා ස්කන්ධය අනාත්මයැයි ගෙන, අනෙක් සතර ස්කන්ධයන් ආත්මයැයි ගෙන එම හැඟීමෙන් ඒවා හඳුනනවිට මෙසෙ සිතක් වේ. සියල්ලම ශාශ්වත උච්ඡේද දෘෂ්ටීහුමය. ‘වදොවෙදෙය්‍යො’ යනාදීහු වනාහි ශාශ්වත දෘෂ්ටියෙහිම තදින් සිත පිහිටුවා ගැනීමයි. එහි කියානුයි වදො නමැ. වාග් කර්මයෙහි කාරකයායි යූ.සේයි. විඳීනුයි වෙදෙය්‍ය නමැ. දනියි අනුභව කරයි යයි යූ.සේයි. කුමක් විඳීද? ඒ ඒ තන්හි යහපත් හා පාපී කර්මයන්ගේ විපාක මනාව විඳියි. ‘තත්‍ර තත්‍ර’ යනු, ඒ ඒ යෝනි-ගති-ඨිති-නිවාස, නිකාය හෝ ආරම්මණයන්හි, ‘නිච්චො’ යනු උත්පාද ව්‍යය රහිත, ‘ධුවො’ යනු ස්ථිර, සාර වූ, ‘සස්සතො’ යනු සර්වකාලික ‘අවිපරිණාම ධම්මො’ යනු තමාගේ ප්‍රකෘති ස්වභාවය අත්නොහරින ස්වභාවය අතියේ, කටුස්සා මෙන් විවිධාකාරත්වයට නොපැමිණේ. ‘සස්සති සමං’ සඳ හිරු, සමුද්‍ර, මහා පෘථුවිය, පර්වත ලෝක ව්‍යවහාරයෙන් සස්සති යයි කියති. එම සස්සතීන් සමග සම වූයේ සස්සති සමංයි. යම්තාක් කල් සස්සතීහු පවතිත්ද ඒතාක් එසේම සිටීයයි ගන්නා කල්හි මෙබඳු දෘෂ්ටි වේ.

ඛුද‍්දකවත්‍ථුවිභඞ‍්ගෙ පන “තත්‍ර තත්‍ර දීඝරත‍්තං කල්‍යාණපාපකානං කම‍්මානං විපාකං පච‍්චනුභොති, න සො ජාතො නාහොසි, න සො ජාතො න භවිස‍්සති, නිච‍්චො ධුවො සස‍්සතො අවිපරිණාමධම‍්මොති වා පනස‍්ස සච‍්චතො ථෙතතො දිට‍්ඨි උප‍්පජ‍්ජතී”ති (විභ· 948) ඡ දිට‍්ඨී එවං විසෙසෙත්‍වා වුත‍්තා.

ඛුද්දක වස්තු විභංගයෙහි, වනාහි ඒ ඒ තන්හි බොහෝ කාලයක් යහපත් හා පාපී කර්මයන්ගේ විපාක අනුභව කරයි. හෙතෙම නූපන්නේය (හට නොගත්තේය) එහෙයින් නුවූයේය. හෙතෙම නූපන්නේය. (හට නොගත්තේය) එහෙයින් නොවන්නේය. නිත්‍යය, සැමදා පවත්නේය, ශාශ්වතය, වෙනස් නොවන ස්වභාව ඇත්තේ යයි මොහුට සත්‍ය වශයෙන්, තිර වශයෙන් දෘෂ්ටි උපදීයයි ෂට් දෘෂ්ටීන් මෙසේ වෙසෙසා යූ.සේයි.

තත්‍ථ න සො ජාතො නාහොසීති සො අත‍්තා අජාතිධම‍්මතො න ජාතො නාම, සදා විජ‍්ජමානොයෙවාති අත්‍ථො. තෙනෙව අතීතෙ නාහොසි, අනාගතෙ න භවිස‍්සති. යො හි ජාතො, සො අහොසි. යො ච ජායිස‍්සති, සො භවිස‍්සතීති වුච‍්චති. අථ වා න සො ජාතො නාහොසීති සො සදා විජ‍්ජමානත‍්තා අතීතෙපි න ජාතු න අහොසි, අනාගතෙපි න ජාතු න භවිස‍්සති. අනුසයා වුත‍්තත්‍ථා.

එහි ‘න සොජාතො නාහොසි’ යනු එම ආත්මය හට නොගන්නා ස්වභාවයෙන් හට නොගත්තේ නමැ. සදාකල්හි විද්‍යමාන වේමයැයි අර්ථයි. එහෙයින්ම අතීතයෙහි නුවූයේය. අනාගතයෙහි නොවන්නේය. යමෙක් වනාහි හටගත්තේද (උපන්නේද) ඔහු වූයේය. යමෙක් හටගත්තේද? (උපදින්නේද) ඔහු වන්නේ යයි යූ.සේයි. නොහොත් ‘නසො ජාතො නාහොසි’ යනු හෙතෙම හැමකල්හි විද්‍යමාන හෙයින් අතීතයෙහිද, ඒකාන්තයෙන් නුවූයේය. අනාගතයෙහිද ඒකාන්තයෙන් නොවන්නේය. අනුසය කියන ලද අර්ථමය.

සත‍්තහි සඤ‍්ඤොජනෙහීති සත‍්තකනිපාතෙ වුත‍්තෙහි. වුත‍්තඤ‍්හි තත්‍ථ –

සත්තහි සඤ්ඤොජනෙහි යනු සූත්‍ර නිපාතයෙහි කියන ලද ආකාරයන්ගෙන්, එහි කියන ලද්දේමය –

“සත‍්තිමානි, භික‍්ඛවෙ, සංයොජනානි. කතමානි සත‍්ත? අනුනයසංයොජනං, පටිඝසංයොජනං, දිට‍්ඨිසංයොජනං, විචිකිච‍්ඡාසංයොජනං, මානසංයොජනං, භවරාගසංයොජනං, අවිජ‍්ජාසංයොජනං. ඉමානි ඛො, භික‍්ඛවෙ, සත‍්ත සංයොජනානී”ති (අ· නි· 7.8).

මහණෙනි, මේ සංයෝජන සත්දෙනෙකි. කවර සත්දෙනෙක්ද යත්? අනුනය, පටිඝ, දෘෂ්ටි, විචිකිච්ඡා, මාන, භවරාග, අවිද්‍යා යන සතයි. මහණෙනි, මේවා වනාහි සත් සංයෝජනයෝය.

තත්‍ථ අනුනයසංයොජනන‍්ති කාමරාගසංයොජනං. සබ‍්බානෙවෙතානි බන්‍ධනට‍්ඨෙන සංයොජනානි.

එහි අනුනය සංයෝජන යනු කාමරාග සංයෝජනයයි. ඒ සියල්ලම බන්‍ධනාර්ථයෙන් සංයෝජනයෝය.

සත‍්තහි මානෙහීති ඛුද‍්දකවත්‍ථුවිභඞ‍්ගෙ වුත‍්තෙහි. වුත‍්තඤ‍්හි තත්‍ථ –

සත්තහි මානෙහි යනු ඛුද්දක වස්තු විභංගයෙහි කියන ලද ආකාරයන්ගෙන්, එහි කියන ලද්දේමය –

“මානො , අතිමානො, මානාතිමානො, ඔමානො, අධිමානො, අස‍්මිමානො, මිච‍්ඡාමානො”ති (විභ· 950).

මානය, අතිමානය, මානාතිමානය, ඔමානය, අධිමානය, අස්මිමානය, මිච්ඡාමානය යන සතයි.

තත්‍ථ මානොති සෙය්‍යාදිවසෙන පුග‍්ගලං අනාමසිත්‍වා ජාතිආදීසු වත්‍ථුවසෙනෙව උන‍්නති. අතිමානොති ජාතිආදීහි “මයා සදිසො නත්‍ථී”ති අතික‍්කමිත්‍වා උන‍්නති. මානාතිමානොති “අයං පුබ‍්බෙ මයා සදිසො, ඉදානි අහං සෙට‍්ඨො, අයං හීනතරො”ති උප‍්පන‍්නමානො. ඔමානොති ජාතිආදීහි අත‍්තානං හෙට‍්ඨා කත්‍වා පවත‍්තමානො, හීනොහමස‍්මීති මානොයෙව. අධිමානොති අනධිගතෙයෙව චතුසච‍්චධම‍්මෙ අධිගතොති මානො. අයං පන අධිමානො පරිසුද‍්ධසීලස‍්ස කම‍්මට‍්ඨානෙ අප‍්පමත‍්තස‍්ස නාමරූපං වවත්‍ථපෙත්‍වා පච‍්චයපරිග‍්ගහෙන විතිණ‍්ණකඞ‍්ඛස‍්ස තිලක‍්ඛණං ආරොපෙත්‍වා සඞ‍්ඛාරෙ සම‍්මසන‍්තස‍්ස ආරද‍්ධවිපස‍්සකස‍්ස පුථුජ‍්ජනස‍්ස උප‍්පජ‍්ජති, න අඤ‍්ඤෙසං. අස‍්මිමානොති රූපාදීසු ඛන්‍ධෙසු අස‍්මීති මානො, “අහං රූප”න‍්තිආදිවසෙන උප‍්පන‍්නමානොති වුත‍්තං හොති. මිච‍්ඡාමානොති පාපකෙන කම‍්මායතනාදිනා උප‍්පන‍්නමානො.

එහි ‘මානො’ යනු මම ශ්‍රේෂ්ඨයෙක් වෙමියි පුද්ගලයෙකු නොසලකා ජාති ආදී වස්තු වශයෙන්ම උසස් හැඟීමයි. ‘අතිමානො’ යනු ජාති ආදීන්ගෙන් මා හා සමානයෙක් නැතයයි අන්‍යයා ඉක්මවා උසස් හැඟීමයි. ‘මානාති මානො’ යනු පෙර මෙතෙමේ මා හා සමානය. දැන් මම ශ්‍රේෂ්ඨයෙක් වෙමි. මෙතෙමේ ඉතා පහත් යයි උපන් මානයයි. ‘ඔමානො යනු ජාති ආදීන්ගෙන් තමා පහත් තත්ත්වයේ කොට පවත්නා මානයයි. මම හීනයෙක් වෙමියි මානයමය. (මැනීමය) ‘අධිමානො’ යනු සිව් සස්දම් අවබෝධ නොකළේම අවබෝධ කළෙමියි මානයයි. මෙම අධිමානය සුපිරිසිදු ශීලයෙන් යුත්, කර්මස්ථානයෙහි අප්‍රමාද වූ, නාමරූප පිරිසිඳ දැන ප්‍රත්‍යය පරිග්‍රහණයෙන් ඉක්මවූ සැක ඇති, ත්‍රිලක්‍ෂණ ආරෝපණය කොට සංස්කාරයන් සම්මර්ශනය කරන්නා වූ, ආරබ්ධ විදර්ශක පෘථග්ජනයාට උපදියි. අන්‍යයන්ට නූපදියි. ‘අස්මිමානො’ යනු රූපාදී ස්කන්ධයන්හි මම වෙමියි මානයයි. රූපය මම වෙමියි ආදී වශයෙන් උපන් මානය යූ.සේයි. ‘මිච්ඡාමානො’ යනු පාපී කර්මාන්තයතනාදියෙන් උපන් මානය.

ලොකධම‍්මා වුත‍්තත්‍ථා. සම‍්පරිවත‍්තතීති ලොකධම‍්මෙහි හෙතුභූතෙහි ලාභාදීසු චතූසු අනුරොධවසෙන, අලාභාදීසු චතූසු පටිවිරොධවසෙන භුසං නිවත‍්තති, පකතිභාවං ජහාතීති අත්‍ථො. මිච‍්ඡත‍්තාපි වුත‍්තත්‍ථා. නිය්‍යාතොති ගතො පක‍්ඛන්‍දො, අභිභූතොති අත්‍ථො.

ලෝක ධර්මයයි කියන ලද අර්ථමය. සංපරිවත්තති යනු ලෝක ස්වභාවයන්ට අදාළ වූ ලාභාදී චතුෂ්කයෙහි අනුකූලතා වශයෙන්ද, අලාභාදී චතුෂ්කයෙහි විරුද්ධතා වශයෙන් බොහෝ නවතියි. ප්‍රකෘති ස්වභාවය අත්හරී යන අර්ථයි. මිච්ඡත්ත කියන ලද අර්ථමය. නීය්‍යාතො යනු ගියේ, පැනගියේ මඩනා ලදුයේ යන අර්ථයි.

අට‍්ඨහි පුරිසදොසෙහීති අට‍්ඨකනිපාතෙ උපමාහි සහ, ඛුද‍්දකවත්‍ථුවිභඞ‍්ගෙ උපමං විනා වුත‍්තෙහි. වුත‍්තඤ‍්හි තත්‍ථ –

අට්ඨහි පුරිස දොසෙහි යනු අෂ්ටක නිපාතයෙහි උපමා සහිතවද, ඛුද්දක වස්තු විභංගයෙහි උපමා තොරව කියන ලද අයුරින්, එහි කියන ලදී.

“කතමෙ අට‍්ඨ පුරිසදොසා? ඉධ භික‍්ඛූ භික‍්ඛුං ආපත‍්තියා චොදෙන‍්ති. සො භික‍්ඛු භික‍්ඛූහි ආපත‍්තියා චොදියමානො ‘න සරාමි න සරාමී’ති අස‍්සතියාව නිබ‍්බෙඨෙති. අයං පඨමො පුරිසදොසො.

අෂ්ට පුරිස දෝෂයෝ කවරහුද? මෙසස්නෙහි භික්‍ෂූහු භික්‍ෂුවකට ඇවැතින් චෝදනා කරති. ඒ භික්‍ෂුව භික්‍ෂූන් විසින් ඇවැතින් චෝදනා කරනු ලබන්නේ සිහි නොකරමි. සිහිනොකරමියි සිහිනැතිකමින්ම අවුල් බේරයි. මේ පළමු පුරිස දෝෂයයි.

“පුන චපරං භික‍්ඛූ භික‍්ඛුං ආපත‍්තියා චොදෙන‍්ති. සො භික‍්ඛු භික‍්ඛූහි ආපත‍්තියා චොදියමානො චොදකංයෙව පටිප‍්ඵරති ‘කිං නු ඛො තුය‍්හං බාලස‍්ස අබ්‍යත‍්තස‍්ස භණිතෙන, ත්‍වම‍්පි නාම මං භණිතබ‍්බං මඤ‍්ඤසී’ති? අයං දුතියො පුරිසදොසො.

නැවතද භික්‍ෂූහු භික්‍ෂුවකට ඇවැතින් චෝදනා කරති. එම භික්‍ෂුව භික්‍ෂූන් විසින් ඇවැතින් චෝදනා කරනු ලබන්නේ චෝදකයාටම ආපසු පතුරුවයි. (යොමුකරයි.) බාල අඥාන අව්‍යක්ත නුඹගේ කියමනෙන් කවර ඵලයෙක්ද? නුඹ නම් මා විසින් කිවයුතු යයි (චෝදනා කළයුතුයයි) හඟින්නෙමි. මේ දෙවන පුරිස දෝෂයයි.

“පුන චපරං භික‍්ඛූ භික‍්ඛුං ආපත‍්තියා චොදෙන‍්ති. සො භික‍්ඛු භික‍්ඛූහි ආපත‍්තියා චොදියමානො චොදකංයෙව පච‍්චාරොපෙති ‘ත්‍වම‍්පි ඛොසි ඉත්‍ථන‍්නාමං ආපත‍්තිං ආපන‍්නො, ත්‍වං තාව පඨමං පටිකරොහී’ති. අයං තතියො පුරිසදොසො.

නැවතද භික්‍ෂූහු භික්‍ෂුවකට ඇවැතින් චෝදනා කරති. ඒ භික්‍ෂුව භික්‍ෂූන් විසින් ඇවැතින් චෝදනා කරනු ලබන්නේ, චෝදකයාටම ප්‍රත්‍යාරෝපණය කරයි. නුඹද මෙනම් ඇවැතකට පැමිණියේ වෙහිය. නුඹ පළමුව ප්‍රතිකර්ම කරව යනුවෙන් කියයිද? මේ තෙවන පුරිස දෝෂයයි.

“පුන චපරං භික‍්ඛූ භික‍්ඛුං ආපත‍්තියා චොදෙන‍්ති. සො භික‍්ඛු භික‍්ඛූහි ආපත‍්තියා චොදියමානො අඤ‍්ඤෙනඤ‍්ඤං පටිචරති, බහිද‍්ධා කථං අපනාමෙති, කොපඤ‍්ච දොසඤ‍්ච අප‍්පච‍්චයඤ‍්ච පාතුකරොති. අයං චතුත්‍ථො පුරිසදොසො.

නැවතද භික්‍ෂූහු භික්‍ෂුවකට ඇවැතින් චෝදනා කරති. එම භික්‍ෂුව භික්‍ෂූන් විසින් ඇවැතින් චෝදනා කරනු ලබන්නේ අනෙකකින් අනෙකක් වශයෙන් හසුනොවී කථාකරයි. (ලිස්සා යයි) කතාව වෙනතකට යොමුකරයි. කෝපයද ද්වේෂයද අහේතුකත්වයද (නොසතුට පළකරයි) ප්‍රකට කරයි. මේ සිව්වන පුරිස දෝෂයයි.

“පුන චපරං භික‍්ඛූ භික‍්ඛුං ආපත‍්තියා චොදෙන‍්ති. සො භික‍්ඛු භික‍්ඛූහි ආපත‍්තියා චොදියමානො සඞ‍්ඝමජ‍්ඣෙ බාහාවික‍්ඛෙපකං භණති. අයං පඤ‍්චමො පුරිසදොසො.

නැවතද භික්‍ෂූහු භික්‍ෂුවකට ඇවැතින් චෝදනා කරති. ඒ භික්‍ෂුව භික්‍ෂූන් විසින් ඇවැතින් චෝදනා කරනු ලබන කල්හි සඟමැද අත් විසුරුවමින් කථාකරයි. මේ පස්වන පුරිස දෝෂයයි.

“පුන චපරං භික‍්ඛූ භික‍්ඛුං ආපත‍්තියා චොදෙන‍්ති. සො භික‍්ඛු භික‍්ඛූහි ආපත‍්තියා චොදියමානො අනාදියිත්‍වා සඞ‍්ඝං අනාදියිත්‍වා චොදකං සාපත‍්තිකොව යෙන කාමං පක‍්කමති. අයං ඡට‍්ඨො පුරිසදොසො.

නැවතද භික්‍ෂූහු භික්‍ෂුවකට ඇවැතින් චෝදනා කරති. ඒ භික්‍ෂුව භික්‍ෂූන් විසින් ඇවැතින් චෝදනා කරනු ලබන කල්හි, සංඝයා නොගෙන, චෝදකයා නොගෙන (නොසලකා හැර) කැමැති අතක් බලා ඉවත්ව යයි. මේ සවන පුරිස දෝෂයයි.

“පුන චපරං භික‍්ඛූ භික‍්ඛුං ආපත‍්තියා චොදෙන‍්ති. සො භික‍්ඛු භික‍්ඛූහි ආපත‍්තියා චොදියමානො ‘නෙවාහං ආපන‍්නොම‍්හි, න පනාහං අනාපන‍්නොම‍්හී’ති සො තුණ‍්හීභූතො සඞ‍්ඝං විහෙසෙති. අයං සත‍්තමො පුරිසදොසො.

නැවතද භික්‍ෂූහු භික්‍ෂුවකට ඇවැතින් චෝදනා කරති. ඒ භික්‍ෂුව, භික්‍ෂූන් විසින් ඇවැතින් චෝදනා කරනු ලබන කල්හි, මම ඇවැතට පැමිණියේ නොවෙමි. මම ඇවැතට නොපැමිණියේද නොවෙමියි හෙතෙම තුෂ්ණීම්භූත වූයේ සංඝයා වෙහෙසයි. මේ සත්වන පුරිස දෝෂයයි.

“පුන චපරං භික‍්ඛූ භික‍්ඛුං ආපත‍්තියා චොදෙන‍්ති. සො භික‍්ඛු භික‍්ඛූහි ආපත‍්තියා චොදියමානො එවමාහ – ‘කිං නු ඛො තුම‍්හෙ ආයස‍්මන‍්තො අතිබාළ‍්හං මයි බ්‍යාවටා? ඉදානාහං සික‍්ඛං පච‍්චක‍්ඛාය හීනායාවත‍්තිස‍්සාමී’ති. සො සික‍්ඛං පච‍්චක‍්ඛාය හීනායාවත‍්තිත්‍වා එවමාහ ‘ඉදානි ඛො තුම‍්හෙ ආයස‍්මන‍්තො අත‍්තමනා හොථා’ති. අයං අට‍්ඨමො පුරිසදොසො. ඉමෙ අට‍්ඨ පුරිසදොසා”ති (විභ· 957; අ· නි· 8.14).

නැවතද භික්‍ෂූහු භික්‍ෂුවකට ඇවැතින් චෝදනා කරති. ඒ භික්‍ෂුව භික්‍ෂූන් විසින් ඇවැතින් චෝදනා කරනු ලබන කල්හි මෙසේ කියයි. කිමෙක්ද, ආයුෂ්මත්නි, නුඹලා ඉතා තදින් මා ගැන ව්‍යාවෘත වන්නේ ඇයි? දැන් මම ශික්‍ෂා ප්‍රතික්‍ෂේපකොට ගිහියෙකු බවට පරිවර්තනය වන්නෙමියි හෙතෙම ශික්‍ෂා ප්‍රතික්‍ෂේප කොට ගිහියෙකු බවට පරිවර්තනය වී මෙසේ කියයි. ඇවැත්නි, නුඹලා දැන් වනාහි සතුටුවනු මැනැවැයි. මේ අටවන පුරිස දෝෂයයි. මේ පුරිස දෝෂ අටය.

තත්‍ථ පුරිසදොසාති පුරිසානං දොසා, තෙ පන පුරිසසන‍්තානං දූසෙන‍්තීති දොසා. න සරාමි න සරාමීති “මයා එතස‍්ස කම‍්මස‍්ස කතට‍්ඨානං නස‍්සරාමි න සල‍්ලක‍්ඛෙමී”ති එවං අස‍්සතිභාවෙන නිබ‍්බෙඨෙති මොචෙති. චොදකංයෙව පටිප‍්ඵරතීති පටිවිරුද‍්ධො හුත්‍වා ඵරති, පටිආණිභාවෙන තිට‍්ඨති. කිං නු ඛො තුය‍්හන‍්ති තුය‍්හං බාලස‍්ස අබ්‍යත‍්තස‍්ස භණිතෙන නාම කිං, යො ත්‍වං නෙව වත්‍ථුං, න ආපත‍්තිං, න චොදනං ජානාසීති දීපෙති. ත්‍වම‍්පි නාම එවං කිඤ‍්චි අජානන‍්තො භණිතබ‍්බං මඤ‍්ඤසීති අජ‍්ඣොත්‍ථරති. පච‍්චාරොපෙතීති “ත්‍වම‍්පි ඛොසී”තිආදීනි වදන‍්තො පතිආරොපෙති. පටිකරොහීති දෙසනාගාමිනිං දෙසෙහි, වුට‍්ඨානගාමිනිතො වුට‍්ඨාහි, තතො සුද‍්ධන‍්තෙ පතිට‍්ඨිතො අඤ‍්ඤං චොදෙස‍්සසීති දීපෙති. අඤ‍්ඤෙනඤ‍්ඤං පටිචරතීති අඤ‍්ඤෙන කාරණෙන, වචනෙන වා අඤ‍්ඤං කාරණං, වචනං වා පටිච‍්ඡාදෙති. “ආපත‍්තිං ආපන‍්නොසී”ති වුත‍්තො “කො ආපන‍්නො, කිං ආපන‍්නො, කිස‍්මිං ආපන‍්නො, කථං ආපන‍්නො, කං භණථ, කිං භණථා”ති භණති. “එවරූපං කිඤ‍්චි තයා දිට‍්ඨ”න‍්ති වුත‍්තෙ “න සුණාමී”ති සොතං උපනෙති. බහිද‍්ධා කථං අපනාමෙතීති “ඉත්‍ථන‍්නාමං ආපත‍්තිං ආපන‍්නොසී”ති පුට‍්ඨො “පාටලිපුත‍්තං ගතොම‍්හී”ති වත්‍වා පුන “න තව පාටලිපුත‍්තගමනං පුච‍්ඡාමා”ති වුත‍්තෙ තතො රාජගහං ගතොම‍්හීති. “රාජගහං වා යාහි බ්‍රාහ‍්මණගෙහං වා, ආපත‍්තිං ආපන‍්නොසී”ති. “තත්‍ථ මෙ සූකරමංසං ලද‍්ධ”න‍්තිආදීනි වදන‍්තො කථං බහිද‍්ධා වික‍්ඛිපති. කොපන‍්ති කුපිතභාවං, දොසන‍්ති දුට‍්ඨභාවං. උභයම‍්පෙතං කොධස‍්සෙව නාමං. අප‍්පච‍්චයන‍්ති අසන‍්තුට‍්ඨාකාරං, දොමනස‍්සස‍්සෙතං නාමං. පාතුකරොතීති දස‍්සෙති පකාසෙති. බාහාවික‍්ඛෙපකං භණතීති බාහං වික‍්ඛිපිත්‍වා වික‍්ඛිපිත්‍වා අලජ‍්ජිවචනං වදති. අනාදියිත්‍වාති චිත‍්තීකාරෙන අග‍්ගහෙත්‍වා අවජානිත්‍වා, අනාදරො හුත්‍වාති අත්‍ථො. විහෙසෙතීති විහෙඨෙති බාධති. අතිබාළ‍්හන‍්ති අතිදළ‍්හං අතිප‍්පමාණං. මයි බ්‍යාවටාති මයි බ්‍යාපාරං ආපන‍්නා. හීනායාවත‍්තිත්‍වාති හීනස‍්ස ගිහිභාවස‍්ස අත්‍ථාය ආවත‍්තිත්‍වා, ගිහී හුත්‍වාති අත්‍ථො. අත‍්තමනා හොථාති තුට‍්ඨචිත‍්තා හොථ, “මයා ලභිතබ‍්බං ලභථ, මයා වසිතබ‍්බට‍්ඨානෙ වසථ, ඵාසුවිහාරො වො මයා කතො”ති අධිප‍්පායෙන වදති. දුස‍්සතීති දුට‍්ඨො හොති.

එහි ‘පුරිස දොසා’ යනු පුරුෂයින්ගේ දොස්, ඒවා වනාහි පුරිස සන්තානය දූෂණය කෙරෙත්නුයි = දොසායි ‘න සරාමි’ යනු මාම එම කර්මයෙහි කළ ස්ථානයක් සිහි නොකරමි. නොසලකමියි මෙසේ නොමැති බැවින් ඉවත් කරයි. මුදයි. ‘චොදකං යෙව පටිප්ඵරති’ ප්‍රතිවිරුද්ධව එය පතුරුවයි. ප්‍රතිවිරුද්ධතායෙන් සිටියි ‘කින්නුඛො තුය්හං’ අඥාන අව්‍යක්ත නුඹගේ කීමනම් කිමෙක්ද? එබඳු වූ ඔබ චෝදනා වස්තුව නොදනී. ඇවැති නොදනී. චෝදනාව නොදන්නෙහියි දක්වයි. මෙසේ කිසිත් නොදන්නා ඔබනම් චෝදකයෙකුගේ තත්ත්වයේ සිට, කිවයුතු අයෙක් ලෙස හඟින්නෙහිදැයි ඔහු වසාගෙන පැතිරෙයි. ‘පච්චාරොපෙති, නුඹද එවැනි වරදකට පත්වූයේ නොවෙහිදැයි ආදිය කියමින් ඔහු කෙරෙහිම එය ආරෝපණය කරයි. ‘පටිකරොහී’ යනු දේශනාගාමී ඇවැත් දෙසව, නැගීසිටිය හැකි ඇවැත්වලින් නැගී සිටුව. ඉක්බිති පිරිසිදු භාවයෙහි පිහිටියේ, අන්‍යයෙකුට චෝදනා කරන්නේ යයි දක්වයි. ‘අඤ්ඤෙනඤ්ඤං පටිචරති’ යනු අනෙක් කරුණකින් හෝ වචනයකින් හෝ අනෙක් කරුණක් හෝ වචනයක් වසයි. ඇවැතට පැමිණියෙහියැයි කියන ලද්දේ කවරෙක් පැමිණියේද? කුමක් පැමිණියේද? කුමක් කෙරෙහි පැමිණියේද? කෙසේ පැමිණියේද? කවරක්හු කියහුද? කුමක් කියහුදැයි කියයි. මෙබඳු වූ කිසිවක් නුඹ දිටීදැයි (කණ ලංකරයි) ‘බහිද්ධා කථං අපනාමෙති’ යනු මෙනම් ඇවතකට පැමිණියෙහිදැයි විමසන ලදුයේ, පැලලුප් නුවරට ගියෙමියි කියා නැවත නුඹගේ පැලලුප් නුවර යාමක් ගැන අපි නොවිමසුවෙමු ඇවැත විමසුවෙමුයි කී කල්හි ඉක්බිති රජගහ නුවරට ගියෙමියි කී කල්හි රාජගහට හෝ බ්‍රාහ්මණගහට යව. ඇවතකට පැමිණියෙහිද? එහි මට ඌරුමස් ලදැයි ආදිය කියමින් කථාව පිටත විසුරුවයි. ‘කොපං’ යනු කිපීම් ස්වභාවයයි. ‘දොසං’ යනු දුෂ්ට ස්වභාවයයි. ඒ ද්වයය ක්‍රෝධයටම නාමයෝ වෙත්. ‘පාතුකරොති’ දක්වයි. ප්‍රකාශ කරයි. ‘බාහාවික්ඛෙපකං භණති’ අත් විසුරුව විසුරුවා ලජ්ජා නැති වදන් කියයි. ‘අනාදියිත්‍වා’ යනු ගෞරවයෙන් නොගෙන අවමන්කොට, නොසැලකිලිමත් වී යන අර්ථයි. ‘විහෙසෙති’ වෙහෙසයි. බාධාකරයි. ‘අතිබාළ්හං’ ඉතා දැඩි, ප්‍රමාණය ඉක්මවා. ‘මයි බ්‍යාවටා’ මා කෙරෙහි උත්සාහවත්ව, ‘හීනායාවත්තිත්‍වා’ හීනවූ ගිහිභාවය සඳහා පෙරැළී, ගිහියෙකු වී යන අර්ථයි. ‘අත්තමනා හොථ’ සතුටුසිත් ඇත්තෝ වවු. මවිසින් ලැබිය යුත්තක් ලබවු. මා විසූ ස්ථානයෙහි වාසය කරවු. මවිසින් ඔබලාට පහසු විහරණ කරන ලදැයි අදහසින් කියයි. දුස්සති යනු දුෂ්ට වේ.

නවහි ආඝාතවත්‍ථූහීති සත‍්තෙසු උප‍්පත‍්තිවසෙනෙව කථිතානි. යථාහ –

නවහි ආඝාත වත්‍ථුහි යනු සත්ත්වයින් කෙරෙහි උත්පත්ති වශයෙන්ම දෙසන ලදි –

“නවයිමානි, භික‍්ඛවෙ, ආඝාතවත්‍ථූනි. කතමානි නව? ‘අනත්‍ථං මෙ අචරී’ති ආඝාතං බන්‍ධති, ‘අනත්‍ථං මෙ චරතී’ති ආඝාතං බන්‍ධති, ‘අනත්‍ථං මෙ චරිස‍්සතී’ති ආඝාතං බන්‍ධති, ‘පියස‍්ස මෙ මනාපස‍්ස අනත්‍ථං අචරි, අනත්‍ථං චරති, අනත්‍ථං චරිස‍්සතී’ති ආඝාතං බන්‍ධති, ‘අප‍්පියස‍්ස මෙ අමනාපස‍්ස අත්‍ථං අචරි, අත්‍ථං චරති, අත්‍ථං චරිස‍්සතී’ති ආඝාතං බන්‍ධති. ඉමානි ඛො, භික‍්ඛවෙ, නව ආඝාතවත්‍ථූනී”ති (අ· නි· 9.29).

දෙසූපරිදි, මහණෙනි, මේ නව ආඝාත වස්තූහු වෙති. කවර නවයෙක්ද? මට අනර්ථ පිණිස හැසිරිණියි ක්‍රෝධය බඳියි. මට අනර්ථ පිණිස හැසිරේයයි ක්‍රෝධ බඳියි. මට අනර්ථ පිණිස හැසිරෙන්නේ යයි ක්‍රෝධය බඳියි. මාගේ ප්‍රියමනාපයාගේ අනර්ථය පිණිස හැසිරිණි. අනර්ථය පිණිස හැසිරේ. අනර්ථය පිණිස හැසිරෙන්නේ යයි ක්‍රෝධය බඳියි. මාගේ අප්‍රිය අමනාපයාගේ අර්ථය පිණිස හැසිරිණි. අර්ථය පිණිස හැසිරේ. අර්ථය පිණිස හැසිරෙන්නේ යයි ක්‍රෝධය බඳියි. මහණෙනි, මේ නවය වනාහි ක්‍රෝධ වස්තූහුය.

තත්‍ථ ආඝාතවත්‍ථූනීති ආඝාතකාරණානි. ආඝාතන‍්ති චෙත්‍ථ කොපො, සොයෙව උපරූපරි කොපස‍්ස වත්‍ථුත‍්තා ආඝාතවත්‍ථු. ආඝාතං බන්‍ධතීති කොපං බන්‍ධති කරොති උප‍්පාදෙති. “අත්‍ථං මෙ නාචරි, න චරති, න චරිස‍්සති. පියස‍්ස මෙ මනාපස‍්ස අත්‍ථං නාචරි, න චරති, න චරිස‍්සති. අප‍්පියස‍්ස මෙ අමනාපස‍්ස අනත්‍ථං නාචරි, න චරති, න චරිස‍්සතී”ති (මහානි· 85; විභ· 960; ධ· ස· 1066) නිද‍්දෙසෙ වුත‍්තානි අපරානිපි නව ආඝාතවත්‍ථූනි ඉමෙහෙව නවහි සඞ‍්ගහිතානි. ආඝාතිතොති ඝට‍්ටිතො.

එහි ‘ආඝාත වත්‍ථූනි’ ක්‍රෝධ කාරණාය. මෙහි ආඝාත යනු කෝපයයි. එයම මතු මතු කෝපයට වස්තු බැවින් ආඝාත වස්තු නමැ. ‘ආඝාතං බන්‍ධති’ යනු ක්‍රෝධය බඳියි. කරයි. උපදවයි. මාගේ අභිවෘද්ධිය පිණිස නොහැසිරිණි. නොහැසිරේ. නොහැසිරෙන්නේය. මාගේ ප්‍රියමනාපයාගේ අභිවෘද්ධිය පිණිස නොහැසිරිණි. නොහැසිරෙයි. නොහැසිරෙන්නේය. මාගේ අප්‍රිය අමනාපයාගේ අනර්ථය සඳහා නොහැසිරිණි. නොහැසිරේ. නොහැසිරෙන්නේයයි නිර්දේශයෙහි කියන ලද අන්‍ය වූද, නව ආඝාත වස්තූහු මේවා සමගම සංග්‍රහ කරන ලද්දාහුය. ආඝාතිතො යනු ගටනා ලද්දේ.

නවවිධමානෙහීති කතමෙ නවවිධමානා? සෙය්‍යස‍්ස සෙය්‍යොහමස‍්මීති මානො, සෙය්‍යස‍්ස සදිසොහමස‍්මීති මානො, සෙය්‍යස‍්ස හීනොහමස‍්මීති මානො. සදිසස‍්ස සෙය්‍යොහමස‍්මීති මානො, සදිසස‍්ස සදිසොහමස‍්මීති මානො, සදිසස‍්ස හීනොහමස‍්මීති මානො. හීනස‍්ස සෙය්‍යොහමස‍්මීති මානො, හීනස‍්ස සදිසොහමස‍්මීති මානො, හීනස‍්ස හීනොහමස‍්මීති මානො. ඉමෙ නවවිධමානා (විභ· 962).

නවවිධමානෙහි යනු නවවිධ මාන කවරහුද? ශ්‍රේෂ්ඨයාට ශ්‍රේෂ්ඨ වෙමියි මානය, ශ්‍රේෂ්ඨයාට සමානවෙමියි මානය ශ්‍රේෂ්ඨයාට පහත්වෙමියි මානය, සමානයාට ශ්‍රේෂ්ඨවෙමියි මානය සමානයාට සමාන වෙමියි මානය සමානයාට පහත්වෙමියි මානය පහත් තැනැත්තාට ශ්‍රේෂ්ඨ වෙමියි මානය පහත් තැනැත්තාට සමාන වෙමියි මානය පහත් තැනැත්තාට පහත් වෙමියි මානය මේවා නවවිධ මානයෝය.

එත්‍ථ පන සෙය්‍යස‍්ස සෙය්‍යොහමස‍්මීති මානො රාජූනඤ‍්චෙව පබ‍්බජිතානඤ‍්ච උප‍්පජ‍්ජති. රාජා හි “රට‍්ඨෙන වා ධනෙන වා වාහනෙහි වා කො මයා සදිසො අත්‍ථී”ති එතං මානං කරොති, පබ‍්බජිතොපි “සීලධුතඞ‍්ගාදීහි කො මයා සදිසො අත්‍ථී”ති එතං මානං කරොති.

මෙහි වනාහි ශ්‍රේෂ්ඨයාට ශ්‍රේෂ්ඨ වෙමියි මානය රජවරුන්ටද, ප්‍රව්‍රජිතයින්ටද උපදී. රජු වනාහි රටින් හෝ ධනයෙන් හෝ වාහනයන්ගෙන් හෝ මා හා සමකවරෙක් ඇත්දැයි එම මානය කරයි. ප්‍රව්‍රජිතයාද සීල ධුතංගාදීන්ගෙන් මා හා සම කවරෙක් ඇත්දැයි එම මානය කරයි.

සෙය්‍යස‍්ස සදිසොහමස‍්මීති මානොපි එතෙසංයෙව උප‍්පජ‍්ජති. රාජා හි “රට‍්ඨෙන වා ධනෙන වා වාහනෙහි වා අඤ‍්ඤරාජූහි සද‍්ධිං මය‍්හං කිං නානාකරණ”න‍්ති එතං මානං කරොති, පබ‍්බජිතොපි “සීලධුතඞ‍්ගාදීහි අඤ‍්ඤෙන භික‍්ඛුනා මය‍්හං කිං නානාකරණ”න‍්ති එතං මානං කරොති.

ශ්‍රේෂ්ඨයාට සමානවෙමියි යන මානයද, ඔවුන්ටම උපදී. රජු වනාහි රටින් හෝ ධනයෙන් හෝ වාහනයන්ගෙන් අන් රජවරුන් සමග මාගේ වෙනස්වීමක්දැයි එම මානය කරයි. ප්‍රව්‍රජිතයාද සීල ධුතංගාදියෙන් අනෙක් භික්‍ෂූන් සමග මාගේ කවර වෙනස්වීමක්දැයි එම මානය කරයි.

සෙය්‍යස‍්ස හීනොහමස‍්මීති මානොපි එතෙසංයෙව උප‍්පජ‍්ජති. යස‍්ස හි රඤ‍්ඤො රට‍්ඨං වා ධනං වා වාහනාදීනි වා නාතිසම‍්පන‍්නානි හොන‍්ති, සො “මය‍්හං රාජාති වොහාරසුඛමත‍්තකමෙව, කිං රාජා නාම අහ”න‍්ති එතං මානං කරොති, පබ‍්බජිතොපි අප‍්පලාභසක‍්කාරො “අහං ධම‍්මකථිකො බහුස‍්සුතො මහාථෙරොති කථාමත‍්තමෙව, කිං ධම‍්මකථිකො නාමාහං, කිං බහුස‍්සුතො නාමාහං, කිං මහාථෙරො නාමාහං, යස‍්ස මෙ ලාභසක‍්කාරො නත්‍ථී”ති එතං මානං කරොති.

ශ්‍රේෂ්ඨයාට පහත්වෙමියි යන මානයද ඔවුන්ටම උපදී. යම් රජෙකුගේ රට හෝ ධනය හෝ වාහනාදිය අතිශය සමෘද්ධිමත් වූවාහු නොවෙති. එබඳු වූ මාහට රජුයයි ව්‍යවහාර සුව මාත්‍රයක්මය. මම කවර රජෙක්දැයි එම මානය කරයි. ප්‍රව්‍රජිතයාද අල්ප ලාභසත්කාර ඇතියේ මම ධර්මකථිකයෙකි. බහුශ්‍රැතයෙකි. මහතෙර කෙනෙකැයි කථා මාත්‍රයක්මය. මම කවරනම් ධර්මකථිකයෙක්ද? මම කවරනම් බහුශ්‍රැතයෙක්ද? මම කවරනම් මහතෙර කෙනෙක්ද? එබඳු තත්ත්වයක් ඇති යමෙකුට ලැබෙන ලාභසත්කාර මට නැතැයි එම මානය කරයි.

සදිසස‍්ස සෙය්‍යොහමස‍්මීති මානාදයො අමච‍්චාදීනං උප‍්පජ‍්ජන‍්ති. අමච‍්චො වා හි රට‍්ඨියො වා “භොගයානවාහනාදීහි කො මයා සදිසො අඤ‍්ඤො රාජපුරිසො අත්‍ථී”ති වා, “මය‍්හං අඤ‍්ඤෙහි සද‍්ධිං කිං නානාකරණ”න‍්ති වා, “අමච‍්චොති නාමමෙව මය‍්හං, ඝාසච‍්ඡාදනමත‍්තම‍්පි මෙ නත්‍ථි, කිං අමච‍්චො නාමාහ”න‍්ති වා එතං මානං කරොති.

සමානයාට ශ්‍රේෂ්ඨ වෙමියි යන මානාදීහු අමාත්‍යාදීන්ට උපදිති. අමාත්‍යයා වනාහි රටවල් ඇත්තෙක් හෝ භෝග යානවාහනාදින්ගෙන් පරිපූර්ණයෙකි. මා සමාන අන් රාජපුරුෂයෙක් ඇත්දැයි හෝ මගේ අන්‍යයන් සමග සසඳා බැලීමෙහිදී කවර වෙනස්කමක්ද? මට ඇත්තේ අමාත්‍යයාය යන නාමමාත්‍රය පමණෙකි. කෑම ඇඳීම මාත්‍ර වූවක්ද මට නැත. මම කවරනම් අමාත්‍යයෙක් දැයි එම මානය කරයි.

හීනස‍්ස සෙය්‍යොහමස‍්මීති මානාදයො දාසාදීනං උප‍්පජ‍්ජන‍්ති. දාසො හි “මාතිතො වා පිතිතො වා කො මයා සදිසො අඤ‍්ඤො දාසො නාම අත්‍ථි, අඤ‍්ඤෙ ජීවිතුං අසක‍්කොන‍්තා කුච‍්ඡිහෙතු දාසා නාම ජාතා, අහං පන පවෙණිආගතත‍්තා සෙය්‍යො”ති වා, “පවෙණිආගතභාවෙන උභතොසුද‍්ධිකදාසත‍්තෙන අසුකදාසෙන නාම සද‍්ධිං මය‍්හං කිං නානාකරණ”න‍්ති වා, “කුච‍්ඡිවසෙනාහං දාසබ්‍යං උපගතො, මාතාපිතුකොටියා පන මෙ දාසට‍්ඨානං නත්‍ථි, කිං දාසො නාම අහ”න‍්ති වා එතං මානං කරොති. යථා ච දාසො, එවං පුක‍්කුසචණ‍්ඩාලාදයොපි එතං මානං කරොන‍්තියෙව. එත්‍ථ ච සෙය්‍යස‍්ස සෙය්‍යොහමස‍්මීති උප‍්පන‍්නමානොව යාථාවමානො, ඉතරෙ ද‍්වෙ අයාථාවමානා. තථා සදිසස‍්ස සදිසොහමස‍්මීති හීනස‍්ස හීනොහමස‍්මීති උප‍්පන‍්නමානොව යාථාවමානො, ඉතරෙ ද‍්වෙ අයාථාවමානා. තත්‍ථ යාථාවමානා අරහත‍්තමග‍්ගවජ‍්ඣා, අයාථාවමානා සොතාපත‍්තිමග‍්ගවජ‍්ඣාති.

හීනයාට ශ්‍රේෂ්ඨ වෙමියි යන මානාදීහු මෙහෙකරු ආදීන්ට උපදිති. මවගෙන් හෝ පියාගෙන් ප්‍රවෙණි වශයෙන් වූ දාසයා මා හා සමාන අන් කවරනම් දාසයෙක් ඇත්ද? අන්‍යයෝ ජීවත්වීමට නොහැකි වන්නාහු කුස් හේතුයෙන් දාස නම් වූහ. මම වනාහි ප්‍රවේණියෙන් පැමිණි හෙයින් ශ්‍රේෂ්ඨ වෙමියි ප්‍රවේණියෙන් ආ ස්වභාවයෙන් මව්පිය උභය පාරිශුද්ධ දාසත්වයෙන් අසවල් නම් දාසයා සමග මාගේ කවරනම් වෙනස්කමක්දැයි මව්කුසින් බිහිවීම් වශයෙන්ම මම දාසත්වයට එළැඹියෙමි. මව්පිය කෙළවරින් මට දාසස්ථානයක් නම් නැත. මම කවරනම් දාසයෙක්දැයි හෝ එම මානය කරයි. දාසයා යම්සේද, මෙසේ කසලසෝධ, සැඩොල් ආදීහුද එම මානය කෙරෙත්මය. මෙහිද ශ්‍රේෂ්ඨයාට ශ්‍රේෂ්ඨ වෙමියි උපන් මානයම තත්වූ පරිදි වූ මානයයි. අනෙක් ද්වයය තත්වූ පරිදි නොවන මානයෝය. එසේම සමානයට සමානවෙමියි, හීනයාට හීනවෙමියි උපන් මානයම තත්වූ පරිදි වන මානයයි. අනෙක් ද්වයය අයථා මානයි. තත්වූ පරිදි නොවන මානයෝය. එහි තත්වූ පරිදි වන මානයෝ අර්හත් මාර්ගයෙන් නැසිය යුත්තාහ. තත්වූ පරිදි නොවන මානයෝ සෝවාන් මාර්ගයෙන් නැසිය යුත්තාහ.

තණ‍්හාමූලකා වුත‍්තායෙව. රජ‍්ජතීති න කෙවලං රාගෙනෙව රජ‍්ජති, අථ ඛො තණ‍්හාමූලකානං පරියෙසනාදීනම‍්පි සම‍්භවතො තණ‍්හාමූලකෙහි සබ‍්බෙහි අකුසලධම‍්මෙහි රජ‍්ජති, යුජ‍්ජති බජ‍්ඣතීති අධිප‍්පායො.

තණ්හාමූලකා කියන ලද්දේමය. රජ්ජතී හුදෙක් රාගයෙන්ම නොඇලේ. තවද තෘෂ්ණාමූලික සෙවීම්ද, හටගන්නා හෙයින්, තෘෂ්ණා මූලික සියලු ධර්මයන්ගෙන් ඇලේ. යෙදේ. බැඳේ යයි අදහසයි.

දසහි කිලෙසවත්‍ථූහීති කතමානි දස කිලෙසවත්‍ථූනි? ලොභො, දොසො, මොහො, මානො, දිට‍්ඨි, විචිකිච‍්ඡා, ථිනං, උද‍්ධච‍්චං, අහිරිකං, අනොත‍්තප‍්පන‍්ති ඉමානි දස කිලෙසවත්‍ථූනි (විභ· 966).

දසහි කිලෙස වත්‍ථුහි යනු කවර දස ක්ලේශ වස්තූහුද? ලෝභය, ද්වේෂය, මෝහය, මානය, දෘෂ්ටිය, විචිකිච්ඡාව, ථීනය, උද්ධච්චය, අහිරිකය, අනොත්තප්පය යන මේවා දස ක්ලේශ වස්තුය.

තත්‍ථ කිලෙසා එව කිලෙසවත්‍ථූනි, වසන‍්ති වා එත්‍ථ අඛීණාසවා සත‍්තා ලොභාදීසු පතිට‍්ඨිතත‍්තාති වත්‍ථූනි, කිලෙසා ච තෙ තප‍්පතිට‍්ඨානං සත‍්තානං වත්‍ථූනි චාති කිලෙසවත්‍ථූනි. යස‍්මා චෙත්‍ථ අනන‍්තරපච‍්චයාදිභාවෙන උප‍්පජ‍්ජමානාපි කිලෙසා වසන‍්ති එව නාම, තස‍්මා කිලෙසානං වත්‍ථූනීතිපි කිලෙසවත්‍ථූනි. ලුබ‍්භන‍්ති තෙන, සයං වා ලුබ‍්භති, ලුබ‍්භනමත‍්තමෙව වා තන‍්ති ලොභො. දුස‍්සන‍්ති තෙන, සයං වා දුස‍්සති, දුස‍්සනමත‍්තමෙව වා තන‍්ති දොසො. මුය‍්හන‍්ති තෙන, සයං වා මුය‍්හති, මුය‍්හනමත‍්තමෙව වා තන‍්ති මොහො. මඤ‍්ඤතීති මානො. දිට‍්ඨිආදයො වුත‍්තත්‍ථාව . න හිරීයතීති අහිරිකො, තස‍්ස භාවො අහිරිකං. න ඔත‍්තප‍්පතීති අනොත‍්තප‍්පී, තස‍්ස භාවො අනොත‍්තප‍්පං. තෙසු අහිරිකං කායදුච‍්චරිතාදීහි අජිගුච‍්ඡනලක‍්ඛණං, අනොත‍්තප‍්පං තෙහෙව අසාරජ‍්ජනලක‍්ඛණං, කිලිස‍්සතීති උපතාපීයති විබාධීයති.

එහි කෙලෙස්ම ක්ලේශ වස්තුය. මෙහි වාසය කරත්, ක්‍ෂීණාශ්‍රව නුවූ සත්ත්වයෝ ලෝභාදීන්හි පිහිටි හෙයින් වස්තූහුය. කෙලෙස්ම ඒවා වූයේ, එය පිහිටන්නා වූ සත්ත්වයින්ට වස්තූන් වූයේම නුයිද, ක්ලේශ වස්තුය. මෙහි අනන්තර ප්‍රත්‍යයාදී භාවයෙන් උපදිනු ලබන්නා වූද කෙලෙස් වසන්නාහුම නමැ. එහෙයින් කෙලෙසුන්ට වස්තු වූයේනුයිද කෙලෙස් වස්තුය. ඇලෙත්. ඉන් තෙමේම හෝ ඇලෙයි. ඇලීම් මාත්‍රයම හෝ එයනුයි ලෝභයි. දූෂ්‍ය වෙත්. ඉන් තෙමේ හෝ දූෂ්‍ය වේ. දූෂ්‍යවීම් මාත්‍රයම හෝ එයනුයි දෝෂයි. මුළාවෙත්. තෙමේ හෝ ඉන් මුළාවේ. මුළාවීම් මාත්‍රයම හෝ එයනුයි මෝහයි. හඟීනුයි මානයි. දෘෂ්ටි ආදීහු කියන ලද අර්ථමය. ලජ්ජා නොවේනුයි අහිරිකයි. එහි ස්වභාවය අහිරිකයි. පවට බිය නොවේනුයි අනොත්තාපියි. එහි ස්වභාවය අනොත්තප්පයි. එහි අහිරිකය කාය දුශ්චරිතාදීන්හි පිළිකුල් නොවීම් ලක්‍ෂණයි. අනොත්තප්පය ඒවාහිම නොඇලීම් ලක්‍ෂණයි. කිලිස්සති යනු තවයි. ප්‍රකට කරයි.

දසහි ආඝාතවත්‍ථූහීති පුබ‍්බෙ වුත‍්තෙහි නවහි ච “අට‍්ඨානෙ වා පනාඝාතො ජායතී”ති (ධ· ස· 1066) වුත‍්තෙන චාති දසහි. අනත්‍ථං මෙ අචරීතිආදීනිපි හි අවිකප‍්පෙත්‍වා ඛාණුකණ‍්ටකාදිම‍්හිපි අට‍්ඨානෙ ආඝාතො උප‍්පජ‍්ජති.

දසහි ආඝාත වත්‍ථූහි යනු පෙර කියන ලද නවයෙන්ද, ‘අට්ඨානෙ වා පනාඝාතො ජායති’ කියන ලද්දෙන් දැයි යන දහයෙන්. අනත්‍ථං මෙ අචරීති ආදීන්හි විකල්පනයක් නොකොටද, කණු, කටු ආදියෙහි හැපීමෙන් අස්ථානයෙහි ක්‍රෝධය උපදී.

දසහි අකුසලකම‍්මපථෙහීති කතමෙ දස අකුසලකම‍්මපථා (දී· නි· 3.360)? පාණාතිපාතො, අදින‍්නාදානං, කාමෙසුමිච‍්ඡාචාරො, මුසාවාදො, පිසුණා වාචා, ඵරුසා වාචා, සම‍්ඵප‍්පලාපො, අභිජ‍්ඣා, බ්‍යාපාදො, මිච‍්ඡාදිට‍්ඨි. ඉමෙ දස අකුසලකම‍්මපථා. තත්‍ථ අකුසලකම‍්මානි ච තානි පථා ච දුග‍්ගතියාති අකුසලකම‍්මපථා. සමන‍්නාගතොති සමඞ‍්ගීභූතො.

දසහි අකුසල කම්මපථෙහි යනු දස අකුසල කර්මපථ කවරහුද? ප්‍රාණඝාතය, අදින්නාදානය, කාමයන්හි මිථ්‍යාචාරය, මුසාවාදය, කේලාම් කීම, ඵරුසවචන-හිස්වචන-අභිධ්‍යාව-ව්‍යාපාදය-මිථ්‍යා දෘෂ්ටිය යන මෙම දහය අකුසල කර්මපථ නම් වේ. සමන්නාගතො යුක්ත වූයේ.

දසහි සඤ‍්ඤොජනෙහීති කතමානි දස සංයොජනානි (ධ· ස· 1118)? කාමරාගසංයොජනං, පටිඝසංයොජනං, මානසංයොජනං, දිට‍්ඨිසංයොජනං, විචිකිච‍්ඡාසංයොජනං, සීලබ‍්බතපරාමාසසංයොජනං, භවරාගසංයොජනං, ඉස‍්සාසංයොජනං, මච‍්ඡරියසංයොජනං, අවිජ‍්ජාසංයොජනං, ඉමානි දස සංයොජනානි. මිච‍්ඡත‍්තා වුත‍්තායෙව.

දසහි සඤ්ඤොජනෙහි යනු කවර දස සංයෝජනද? කාමරාග, ප්‍රතිඝ, මාන, දෘෂ්ටි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, භවරාග, ඊර්ෂ්‍යා, මච්ඡරිය, අවිද්‍යා - මේවා දස සංයෝජනා නමැ. මිච්ඡත්ත කියන ලද්දීමය.

දසවත්‍ථුකාය මිච‍්ඡාදිට‍්ඨියාති කතමා දසවත්‍ථුකා මිච‍්ඡාදිට‍්ඨි (විභ· 971)? නත්‍ථි දින‍්නං, නත්‍ථි යිට‍්ඨං, නත්‍ථි හුතං, නත්‍ථි සුකතදුක‍්කටානං කම‍්මානං ඵලං විපාකො, නත්‍ථි අයං ලොකො, නත්‍ථි පරො ලොකො, නත්‍ථි මාතා, නත්‍ථි පිතා, නත්‍ථි සත‍්තා ඔපපාතිකා, නත්‍ථි ලොකෙ සමණබ්‍රාහ‍්මණා සම‍්මග‍්ගතා සම‍්මාපටිපන‍්නා යෙ ඉමඤ‍්ච ලොකං පරඤ‍්ච ලොකං සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා පවෙදෙන‍්ති. අයං දසවත්‍ථුකා මිච‍්ඡාදිට‍්ඨි.

දස වත්‍ථුකාය මිච්ඡාදිට්ඨියා යනු කවර දසවස්තුක මිථ්‍යාදෘෂ්ටියක්ද? නත්‍ථි දින්නං, නත්‍ථියිට්ඨං, නත්‍ථිහුතං, නත්‍ථි සුකට දුක්කටානං කම්මානං ඵලං විපාකො, නත්‍ථි අයංලොකො, නත්‍ථි පරො ලොකො. නත්‍ථිමාතා. නත්‍ථිපිතා. නත්‍ථි සත්තා, ඔපපාතිකා. නත්‍ථි ලොකෙ සමණ බ්‍රාහ්මණ සම්මග්ගතා සම්මා පටිපන්නා යෙ ඉමඤ්ච ලොකං පරඤ්ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්‍වා පවෙදෙති. මේ දසවස්තුක මිථ්‍යා දෘෂ්ටියයි.

තත්‍ථ දසවත්‍ථුකාති දස වත්‍ථූනි එතිස‍්සාති දසවත්‍ථුකා. නත්‍ථි දින‍්නන‍්ති දින‍්නං නාම අත්‍ථි, සක‍්කා කස‍්සචි කිඤ‍්චි දාතුන‍්ති ජානාති. දින‍්නස‍්ස පන ඵලං විපාකො නත්‍ථීති ගණ‍්හාති. නත්‍ථි යිට‍්ඨන‍්ති යිට‍්ඨං වුච‍්චති මහායාගො, තං යජිතුං සක‍්කාති ජානාති. යිට‍්ඨස‍්ස පන ඵලං විපාකො නත්‍ථීති ගණ‍්හාති. හුතන‍්ති ආහුනපාහුනමඞ‍්ගලකිරියා, තං කාතුං සක‍්කාති ජානාති. තස‍්ස පන ඵලං විපාකො නත්‍ථීති ගණ‍්හාති. සුකතදුක‍්කටානන‍්ති එත්‍ථ දස කුසලකම‍්මපථා සුකතකම‍්මානි නාම, දස අකුසලකම‍්මපථා දුක‍්කටකම‍්මානි නාම. තෙසං අත්‍ථිභාවං ජානාති. ඵලං විපාකො පන නත්‍ථීති ගණ‍්හාති. නත්‍ථි අයං ලොකොති පරලොකෙ ඨිතො ඉමං ලොකං නත්‍ථීති ගණ‍්හාති. නත්‍ථි පරො ලොකොති ඉධලොකෙ ඨිතො පරලොකං නත්‍ථීති ගණ‍්හාති. නත්‍ථි මාතා නත්‍ථි පිතාති මාතාපිතූනං අත්‍ථිභාවං ජානාති. තෙසු කතප‍්පච‍්චයෙන කොචි ඵලං විපාකො නත්‍ථීති ගණ‍්හාති. නත්‍ථි සත‍්තා ඔපපාතිකාති චවනකඋපපජ‍්ජනකසත‍්තා නත්‍ථීති ගණ‍්හාති. සම‍්මග‍්ගතා සම‍්මාපටිපන‍්නාති අනුලොමපටිපදං පටිපන‍්නා ධම‍්මිකසමණබ්‍රාහ‍්මණා ලොකස‍්මිං නත්‍ථීති ගණ‍්හාති. යෙ ඉමඤ‍්ච ලොකං…පෙ… පවෙදෙන‍්තීති ඉමඤ‍්ච පරඤ‍්ච ලොකං අත‍්තනාව අභිවිසිට‍්ඨෙන ඤාණෙන ඤත්‍වා පවෙදනසමත්‍ථො සබ‍්බඤ‍්ඤූ බුද‍්ධො නත්‍ථීති ගණ‍්හාති.

එහි ‘දසවත්‍ථුකා’ වස්තූන් දහයක් එයටනුයි දසවස්තුකායි. නත්‍ථි දින්නං යනු දුන් දෙයනම් ඇත. කිසිවෙකුට කිසිවක් දෙන්ට හැකි බව දනියි. දුන් දෑහි ඵලය නැතැයි ගනී. ‘නත්‍ථි යිට්ඨං’ යනු මහායාගය යිට්ඨං යැයි යූ.සේයි. එය යාග කරන්ට හැකියයි දනියි. යාගයාගේ ඵලය විපාකය නැතැයි ගනියි. ‘හුතං’ යනු පූජා පඬුරු යැවීම් ආදී මංගල ක්‍රියාය. එය කරන්ට හැකි බව දනී. එහි ඵලය විපාකය නැතැයි ගනියි. ‘සුකට දුක්කටානං’ යන මෙහි දසකුසල කර්මපථ යහපත් කර්ම නමැ. දස අකුසල කර්මපථ අයහපත් කර්ම නමැ. ඒවාහි අස්තිත්‍වය දනී. ඵලය විපාකය නැතැයි ගනී. ‘නත්‍ථි අයං ලොකො’ යනු පරලෙව්හි සිටියහුට මෙලොව නැතැයි ගනී. ‘නත්‍ථි පරොලොකො’ යනු මෙලොව සිටියහුට පරලොව නැතැයි ගනී. ‘නත්‍ථි මාතා නත්‍ථි පිතා’ යනු මව්පියවරුන්ගේ අස්ථිත්‍වය දනී. ඔවුන් කෙරෙහි ආහාරපානාදී ප්‍රත්‍යයන්ගේ ඇප උපස්ථාන කිරීමෙහි කිසි ඵල විපාකයක් නැතැයි ගනී. ‘නත්‍ථි සත්තා ඔපපාතිකා’ යනු චුතවන හා උපදනා සත්ත්වයෝ නැතැයි ගනී. ‘සම්මග්ගතා සම්මා පටිපන්නා’ යනු අනුලෝම ප්‍රතිපදාවට පිළිපන් ධාර්මික මහණ බමුණෝ ලොව නැතැයි ගනී. යෙ ඉමඤ්ච ලොකං -පෙ- පවෙදෙන්ති යනු මෙලොව පරලොව තමා විසින්ම අති විශිෂ්ට ඤාණයෙන් දැන, අන්‍යයාට දැන්වීමෙහි සමත් සර්වඥ බුදුවරයෙක් නැතැයි දෘෂ්ටි ගනී.

අන‍්තග‍්ගාහිකාය දිට‍්ඨියාති “සස‍්සතො ලොකො”තිආදිකං එකෙකං අන‍්තං භාගං ගණ‍්හාතීති අන‍්තග‍්ගාහිකා. අථ වා අන‍්තස‍්ස ගාහො අන‍්තග‍්ගාහො, අන‍්තග‍්ගාහො අස‍්සා අත්‍ථීති අන‍්තග‍්ගාහිකා. තාය අන‍්තග‍්ගාහිකාය. සා පන වුත‍්තායෙව.

අන්තග්ගාහිකාය දිට්ඨියා යනු ලෝකය ශාශ්වතය යන ආදී වූ එක් එක් අන්ත කොටස් ගනීනුයි අන්තග්ගාහිකායි. නොහොත් අන්තයෙහි ග්‍රහණය අන්තග්‍රාහයි. අන්තග්‍රාහය එයට ඇත්තේනුයි අන්තග්‍රාහිකායි. ඒ අන්තග්‍රාහිකාවෙන් එය වනාහි යූ.සේයි.

අට‍්ඨසතතණ‍්හාපපඤ‍්චසතෙහීති අට‍්ඨුත‍්තරං සතං අට‍්ඨසතං. සංසාරෙ පපඤ‍්චෙති චිරං වසාපෙතීති පපඤ‍්චො, තණ‍්හා එව පපඤ‍්චො තණ‍්හාපපඤ‍්චො, ආරම‍්මණභෙදෙන පුනප‍්පුනං උප‍්පත‍්තිවසෙන ච තණ‍්හානං බහුකත‍්තා බහුවචනං කත්‍වා තණ‍්හාපපඤ‍්චානං සතං තණ‍්හාපපඤ‍්චසතං. තෙන “තණ‍්හාපපඤ‍්චසතෙනා”ති වත‍්තබ‍්බෙ වචනවිපල‍්ලාසවසෙන “තණ‍්හාපපඤ‍්චසතෙහී”ති බහුවචනනිද‍්දෙසො කතො. අට‍්ඨසතන‍්ති සඞ‍්ඛාතෙන තණ‍්හාපපඤ‍්චසතෙනාති අත්‍ථො දට‍්ඨබ‍්බො. අට‍්ඨ අබ‍්බොහාරිකානි කත්‍වා සතමෙව ගහිතන‍්ති වෙදිතබ‍්බං. ඛුද‍්දකවත්‍ථුවිභඞ‍්ගෙ පන තණ‍්හාවිචරිතානීති ආගතං. යථාහ –

අට්ඨ සත තණ්හා පපඤ්ච සතෙහි යනු එක්සිය අටක් තෘෂ්ණා සසරෙහි ප්‍රමාද කරයි. බොහෝ කලක් වාසය කරවයිනුයි පපඤ්චයි. තෘෂ්ණාවම ප්‍රපංචය වූයේ තණ්හා පපංචයි. අරමුණු භේදයෙන් නැවත නැවත ඉපදීම් වශයෙන්ද, තෘෂ්ණාවන්ගේ, බොහෝ බැවින් බහුවචන කොට, තෘෂ්ණා ප්‍රපංචයන්ගේ සියය තෘෂ්ණා ප්‍රපංච සියයයි. එම තෘෂ්ණා ප්‍රපංච සියයෙන් යැයි කිවයුතු කල්හි වචන විපර්යාස වශයෙන් තෘෂ්ණා ප්‍රපංච සිය ගණනකින්යැයි බහුවචන නිර්දේශය කරන ලදි. අට්ඨසතං යනු සංඛ්‍යාත්මකව තෘෂ්ණා ප්‍රපංච සියයෙන් යයි අර්ථය දතයුතුය. අට ගණන් නොගතයුතු සේ සලකා සියයම ගන්නා ලදැයි දතයුතුය. ඛුද්දක වස්තු විභංගයෙහි තෘෂ්ණා ප්‍රපංච යැයි ආයේය. දෙසූ පරිදි –

“අට‍්ඨාරස තණ‍්හාවිචරිතානි අජ‍්ඣත‍්තිකස‍්ස උපාදාය, අට‍්ඨාරස තණ‍්හාවිචරිතානි බාහිරස‍්ස උපාදාය, තදෙකජ‍්ඣං අභිසඤ‍්ඤුහිත්‍වා අභිසඞ‍්ඛිපිත්‍වා ඡත‍්තිංස තණ‍්හාවිචරිතානි හොන‍්ති. ඉති අතීතානි ඡත‍්තිංස තණ‍්හාවිචරිතානි, අනාගතානි ඡත‍්තිංස තණ‍්හාවිචරිතානි, පච‍්චුප‍්පන‍්නානි ඡත‍්තිංස තණ‍්හාවිචරිතානි තදෙකජ‍්ඣං අභිසඤ‍්ඤුහිත්‍වා අභිසඞ‍්ඛිපිත්‍වා අට‍්ඨතණ‍්හාවිචරිතසතං හොතී”ති (විභ· 842).

ආධ්‍යාත්මිකව දැඩිසේ ගෙන තෘෂ්ණා ප්‍රපංච අටළොසකි. බාහිරව දැඩිව ගෙන තෘෂ්ණා ප්‍රපංච අටළොසකි. එය එකට මනාව සම්බන්ධකොට මනාව සංක්‍ෂෙප කොට සතිස් තෘෂ්ණා ප්‍රපංචයෝ වෙති. මෙසේ අතීත සතිස් තෘෂ්ණා ප්‍රපංචයෝය. අනාගත සතිස් තෘෂ්ණා ප්‍රපංචයෝය. වර්තමාන සතිස් තෘෂ්ණා ප්‍රපංචයෝය. එය එකට මනාව සම්බන්ධකොට මනාව සංක්‍ෂෙප කොට එක්සිය අටක් තෘෂ්ණා ප්‍රපංච වේ.

තණ‍්හාපපඤ‍්චායෙව පනෙත්‍ථ තණ‍්හාවිචරිතානීති වුත‍්තා. තණ‍්හාසමුදාචාරා තණ‍්හාපවත‍්තියොති අත්‍ථො. අජ‍්ඣත‍්තිකස‍්ස උපාදායාති අජ‍්ඣත‍්තිකං ඛන්‍ධපඤ‍්චකං උපාදාය. ඉදඤ‍්හි උපයොගත්‍ථෙ සාමිවචනං. විත්‍ථාරො පනස‍්ස තස‍්ස නිද‍්දෙසෙ (විභ· 973) වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බො. අයං පන අපරො නයො – රූපාරම‍්මණායෙව කාමතණ‍්හා, භවතණ‍්හා, විභවතණ‍්හාති තිස‍්සො තණ‍්හා හොන‍්ති, තථා සද‍්දාදිආරම‍්මණාති ඡසු ආරම‍්මණෙසු අට‍්ඨාරස තණ‍්හා හොන‍්ති, අජ‍්ඣත‍්තාරම‍්මණා අට‍්ඨාරස, බහිද‍්ධාරම‍්මණා අට‍්ඨාරසාති ඡත‍්තිංස හොන‍්ති. තා එව අතීතාරම‍්මණා ඡත‍්තිංස, අනාගතාරම‍්මණා ඡත‍්තිංස, පච‍්චුප‍්පන‍්නාරම‍්මණා ඡත‍්තිංසාති අට‍්ඨතණ‍්හාවිචරිතසතං හොති. පපඤ‍්චිතොති ආරම‍්මණෙ, සංසාරෙ වා පපඤ‍්චිතො චිරවාසිතො.

මෙහි තෘෂ්ණා ප්‍රපංචයන්ම තෘෂ්ණා විචරිතයැයි යූ.සේයි. තෘෂ්ණා හැසිරීම, තෘෂ්ණා පැවැත්ම යයි අර්ථයි. අජ්ඣත්තිකස්ස උපාදාය යනු අධ්‍යාත්මික ස්කන්ධ පංචකය තෘෂ්ණාවෙන් දැඩිසේ ගෙන මෙය වනාහි ද්විතීයාර්ථයෙහි ෂෂ්ඨි වචනයි. මෙහි විස්තරය වනාහි එම නිර්දේශයෙහි කියන ලද අයුරින්ම දතයුතුයි. මේ වනාහි වෙනත් ක්‍රමයෙකි. රූපාරම්මණ වූම කාම තෘෂ්ණා, භව තෘෂ්ණා, විභව තෘෂ්ණා යැයි තෘෂ්ණාවෝ ත්‍රිවිධ වෙති. එසේම ශබ්දාදී අරමුණුදැයි ෂඩාරම්මණයන්හි අටළොස් තෘෂ්ණාවෝ වෙති. ආධ්‍යාත්මිකාරම්මණ අටළොසෙකි. බාහිරාරම්මණ අටළොසෙකැයි සතිසක් වෙති. ඒවාම අතීතාරම්මණ සතිසෙක. අනාගතාරම්මණ සතිසෙක. වර්තමානාරම්මණ සතිසෙකැයි එක්සිය අටක් තෘෂ්ණා විචරිත වේ. පපඤ්චිතො යනු අරමුණෙහි හෝ සසරෙහි ප්‍රමාද වූයේ, බොහෝ කල් වසන්නේ වේ.

ද‍්වාසට‍්ඨියා දිට‍්ඨිගතෙහීති “කතමානි ද‍්වාසට‍්ඨි දිට‍්ඨිගතානි බ්‍රහ‍්මජාලෙ වෙය්‍යාකරණෙ වුත‍්තානි භගවතා? චත‍්තාරො සස‍්සතවාදා, චත‍්තාරො එකච‍්චසස‍්සතවාදා, චත‍්තාරො අන‍්තානන‍්තිකා , චත‍්තාරො අමරාවික‍්ඛෙපිකා, ද‍්වෙ අධිච‍්චසමුප‍්පන‍්නිකා, සොළස සඤ‍්ඤීවාදා, අට‍්ඨ අසඤ‍්ඤීවාදා, අට‍්ඨ නෙවසඤ‍්ඤීනාසඤ‍්ඤීවාදා, සත‍්ත උච‍්ඡෙදවාදා, පඤ‍්ච දිට‍්ඨධම‍්මනිබ‍්බානවාදාති ඉමානි ද‍්වාසට‍්ඨි දිට‍්ඨිගතානි බ්‍රහ‍්මජාලෙ වෙය්‍යාකරණෙ වුත‍්තානි භගවතා”ති (විභ· 977). විත්‍ථාරො පනෙත්‍ථ බ්‍රහ‍්මජාලසුත‍්තෙ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බො.

ද්වාසට්ඨියා දිට්ඨිගතෙහි යනු කවර දෙසැටක් දෘෂ්ටිගතයෝද? භාග්‍යවතුන් වහන්සේ විසින්, බ්‍රහ්මජාල විස්තර දේශනාවෙහි වදාරන ලද, ශාශ්වතවාද සතරෙකැ. ඒකාන්ත ශාශ්වත වාද සතරෙකැ. අත්තානන්තික සතරෙකැ. අමරා වික්‍ෂෙපිත සතරෙකැ. අධිච්ච සමුප්පන්නික දෙකෙකැ. සඤ්ඤීවාද සොළසෙකැ, අසංඥීවාද අටෙකැ. නෙවසඤ්ඤීනාසඤ්ඤීවාද අටෙකැ. උච්ඡේදවාද සතෙකැ. දිට්ඨධම්ම නිබ්බානවාද පසෙකැයි මෙම දෙසැටක් වූ දෘෂ්ටිගතයෝ බ්‍රහ්මජාල විස්තර දේශනාවෙහි බුදුරදුන් විසින් වදාරන ලදහ. මෙහි විස්තරය වනාහි බ්‍රහ්මජාල සූත්‍රයෙහි කියන ලද ක්‍රමයෙන්ම දතයුතුයි.

අහඤ‍්චම‍්හි තිණ‍්ණොති අහඤ‍්ච චතුරොඝං, සංසාරසමුද‍්දං වා තිණ‍්ණො අම‍්හි භවාමි. මුත‍්තොති රාගාදිබන්‍ධනෙහි මුත‍්තො. දන‍්තොති නිබ‍්බිසෙවනො නිප‍්පරිප‍්ඵන්‍දො. සන‍්තොති සීතීභූතො. අස‍්සත්‍ථොති නිබ‍්බානදස‍්සනෙ ලද‍්ධස‍්සාසො. පරිනිබ‍්බුතොති කිලෙසපරිනිබ‍්බානෙන පරිනිබ‍්බුතො. පහොමීති සමත්‍ථොම‍්හි. ඛොඉති එකංසත්‍ථෙ නිපාතො. පරෙ ච පරිනිබ‍්බාපෙතුන‍්ති එත්‍ථ පරෙ ච-සද‍්දො “පරෙ ච තාරෙතු”න‍්තිආදීහිපි යොජෙතබ‍්බොති.

අහඤ්චම්හි තිණ්ණො යනු මමද සිව් සැඩපහර සහිත සංසාර නමැති මහා සමුද්‍රය තරණය කළේ අම්හි වෙමි. මුත්තො යනු රාගාදී බන්‍ධනයන්ගෙන් මිදුණේ, දන්තො යනු මෘදු වූයේ නොවෙවුලනුයේ, සන්තො යනු සිසිල් වූයේ, අස්සත්‍ථො යනු නිර්වාණ දර්ශනයෙහි ලද ආස්වාස ඇතියේ, පරිනිබ්බුතො යනු කෙලෙස් පරිනිර්වාණයෙන් පිරිනිවියේ, පහොමි යනු සමර්ථවෙමි. ඛො යනු ඒකංශාර්ථයෙහි නිපාතයි. පරෙච පරිනිබ්බාපෙතුං යන මෙහි පරෙච ශබ්දය, අන්‍යයාද එතෙර කරන්ට ආදීන්හි යෙදිය යුත්තේය.

මහාකරුණාඤාණනිද‍්දෙසවණ‍්ණනා නිට‍්ඨිතා.

මහා කරුණා ඤාණ නිර්දේශ වර්ණනා නිමි.