යෙදුමෙන් කියවන්න

71. මහාකරුණාසමාපත‍්තිඤාණං

71. මහාකරුණාසමාපත‍්තිඤාණං.

71. මහාකරුණාසමාපත්තිඥානය

කතමං තථාගතස‍්ස මහාකරුණාසමාත‍්තියා ඤාණං:

තථාගතයන් වහන්සේගේ මහාකරුණාසමාපත්තිඥානය කවරෙ යත්:

බහුකෙහි ආකාරෙහි පස‍්සන‍්තානං බුද‍්ධානං භගවන‍්තානං සත‍්තෙසු මහාකරුණා ඔක‍්කමති: ‘ආදිත‍්තො ලොකසන‍්නිවාසො’ති පස‍්සන‍්තානං බුද‍්ධානං භගවන‍්තානං සත‍්තෙසු මහාකරුණා ඔක‍්කමති. ‘උය්‍යුත‍්තො ලොකසන‍්නිවාසො’ති පස‍්සන‍්තානං බුද‍්ධානං භගවන‍්තානං සත‍්තෙසු මහාකරුණා ඔක‍්කමති. ‘පයාතො ලොකසන‍්නිවාසො’ති පස‍්සන‍්තානං බුද‍්ධානං භගවන‍්තානං සත‍්තෙසු මහාකරුණා ඔක‍්කමති. ‘කුම‍්මග‍්ගපටිපන‍්නො. ‘ලොකසන‍්නිවාසො’ති පස‍්සන‍්තානං බුද‍්ධානං භගවන‍්තානං සත‍්තෙසු මහාකරුණා ඔක‍්කමති. ‘උපනීයති ලොකො අද‍්ධුවො’ති පස‍්සන‍්තානං බුද‍්ධානං භගවන‍්තානං සත‍්තෙසු මහාකරුණා ඔක‍්කමති, ‘අතාණො ලොකො අනභිස‍්සරො’ති පස‍්සන‍්තායං බුද‍්ධානං භගවන‍්තානං සත‍්තෙසු මහාකරුණා ඔක‍්කමති. ‘අස‍්සකො ලොකො සබ‍්බං පහාය ගමනීය’න‍්ති පස‍්සන‍්තානං බුද‍්ධානං භගවන‍්තානං සත‍්තෙසු මහාකරුණා ඔක‍්කමති. ‘ඌනො ලොකො අතිත‍්තො තණ‍්හාදාසො’ති පස‍්සන‍්තානං බුද‍්ධානං භගවන‍්තානං සත‍්තෙසු මහාකරුණා ඔක‍්කමති. ‘අතායනො ලොකසන‍්නිවාසො’ති පස‍්සන‍්තානං -පෙ- ‘අලෙණො ලොකසන‍්නිවාසො’ති පස‍්සන‍්තානං -පෙ- ‘අසරණො ලොකසන‍්නිවාසො’ති පස‍්සන‍්තානං -පෙ- ‘අසරණීභූතො ලොකසන‍්නිවාසො’ති පස‍්සන‍්තානං -පෙ-

බහුප්‍රකාරයෙන් (නුවණැසින් හා බුදු ඇසින් හා) බලන්නා වූ භාග්‍යවත් බුදුවරයන්ගේ මහාකරුණාව සත්ත්‍වයන් කෙරෙහි බැසැගනී: ‘ලෝකසන්නිවාසය තෙම (රාගාදීන් විසින්) ආදීප්ත යැ’යි දක්නා වූ භාග්‍යවත් බුදුවරයන්ගේ මහාකරුණාව සත්ත්‍වයන් කෙරෙහි බැසැගනී. ‘ලෝකසන්නිවාසය තෙම (නොයෙක් කටයුත්තෙහි) උත්සාහ සහිත යැ’යි දක්නා වූ භාග්‍යවත් බුදුවරයන්ගේ මහාකරුණාව සත්ත්‍වයන් කෙරෙහි බැසැගනී. ‘ලෝකසන්නිවාසය තෙම මරණයට නික්මැගියේ යැ’යි දක්නා වූ භාග්‍යවත් බුදුවරයන්ගේ මහාකරුණාව සත්ත්‍වයන් කෙරෙහි බැසැගනී. ‘ලෝකසන්නිවාසය තෙම නො මඟට පිළිපන්නේ යැ’යි දක්නා වූ භාග්‍යවත් බුදුවරයන්ගේ මහාකරුණාව සත්ත්‍වයන් කෙරෙහි බැසැගනී. ලෝවැසි තෙම අස්ථිර වූයේ ජරාවශයෙන් මරණයට ගෙනයනු ලැබේ ය’යි දක්නා වූ භාග්‍යවත් බුදුවරයන්ගේ මහාකරුණාව සත්ත්‍වයන් කෙරෙහි බැසැගනී. ‘ලෝවැසි තෙම අස්වසාලිය හැක්කෙක් නැත්තේ අනාරක්‍ෂක වූයේ යැ’යි දක්නා වූ භාග්‍යවත් බුදුවරයන්ගේ මහාකරුණාව සත්ත්‍වයන් කෙරෙහි බැසැගනී. ‘ලෝවැසි තෙම (අයැති යයි ගන්නාලද) සියල්ල හැරපියා යායුතු යැ (එහෙයින් මැ) තමා අයැතියක් නැත්තේ යැ’යි දක්නා වූ භාග්‍යවත් බුදුවරයන්ගේ මහාකරුණාව සත්ත්‍වයන් කෙරෙහි බැසැගනී. ‘ලෝවැසි තෙම තෘෂ්ණාවට දාස වූයේ නො තිත් වූයේ ඌන වූයේ යැ’යි දක්නා වූ භාග්‍යවත් බුදුවරයන්ගේ මහාකරුණාව සත්ත්‍වයන් කෙරෙහි බැසැගනී. ‘ලෝකසන්නිවාසය තෙම අනාරක්‍ෂක යැ’යි දක්නා වූ භාග්‍යවත් බුදුවරයන්ගේ මහාකරුණාව සත්ත්‍වයන් කෙරෙහි බැසැගනී. ලෝකසන්නිවාසය තෙම නිශ්‍රය රහිත යැ’යි දක්නා වූ … ‘ලෝකසන්නිවාසය තෙම අසරණැ යැ’යි දක්නා වූ ... ‘ලෝකසන්නිවාසය තෙම අසරණ වූයේ යැ’යි දක්නා වූ ...

‘උද‍්ධතො ලොකො අවුපසන‍්තො’ති පස‍්සන‍්තානං -පෙ- ‘සසල‍්ලො ලොකසන‍්නිවාසෙ විද‍්ධො පුථුසල‍්ලෙහි, තස‍්ස නත්‍ථඤ‍්ඤො කොචි සල‍්ලානං උද‍්ධාතා අඤ‍්ඤත්‍ර මයා’ති පස‍්සන‍්තානං -පෙ- ‘අවිජ‍්ජන්‍ධකාරාවරණො ලොකසන‍්නිවාසො කිලෙසපඤ‍්ජරපක‍්ඛිත‍්තො, තස‍්ස නත්‍ථඤ‍්ඤො කොචි ආලොකං දස‍්සෙතා අඤ‍්ඤත්‍ර මයා’ති පස‍්සන‍්තානං -පෙ- ‘අවිජ‍්ජාගතො ලොකසන‍්නිවාසො අණ‍්ඩභූතො පරියොනද‍්ධො තන‍්තාකුලකජාතො ගුලාගුණ‍්ඨිකජාතො මුඤ‍්ජබබ‍්බජභූතො අපායං දුග‍්ගතිං විනිපාතං සංසාරං නාතිවත‍්තතී’ති පස‍්සන‍්තානං -පෙ- ‘අවිජ‍්ජාවිසදොසසංලිත‍්තො ලොකසන‍්නිවාසො කිලෙසකලලීභූතො’ති පස‍්සන‍්තානං -පෙ-

‘ලෝවැසි තෙම නො සන්හුන් වූයේ උද්ධත යැ’යි දක්නා වූ ... ‘ලෝකසන්නිවාසය තෙම බොහෝ වූ හුලින් විදුනා ලද්දේ සශල්‍ය වූයේ යැ. මා තබා ඒ ලෝකසන්නිවාසයාගේ හුල් උදුරන අන් කිසිවෙක් නැතැ’යි දක්නා වූ ... ලෝකසන්නිවාසය තෙම කෙලෙස්මැඳිරියෙහි බහාලන ලද්දේ අවිද්‍යාන්‍ධකාර නැමැති ආවරණ ඇත්තේ යැ, මා තබා ඒ ලෝකසන්නිවාසයට අලෝකය දක්වනසුලු අන් කිසිවෙක් නැතැ’යි දක්නා වූ ... ‘ලෝකසන්නිවාසය තෙම අවිද්‍යාවට පිවිසියේ අවිද්‍යාණ්ඩකෝෂයෙහි උපන්නේ හාත්පසින් බඳනාලද්දේ හූවටක් සෙයින් ආකූල වූයේ ලිහිණිකසල්ලක් බඳු වූයේ මුදුතණබබුස්තණ බඳු වූයේ අය සඞ්ඛ්‍යාත සැපයෙන් පහවූ දුකට ගති වූ විවස වැ පතිත වන සසර නො ඉක්මේ’යයි දක්නා වූ … ‘ලෝකසන්නිවාසය තෙම අවිද්‍යා සඞ්ඛ්‍යාත විෂදෝෂයෙන් මොනොවට තැවැරුණේ හටගත් කෙලෙස්කලල් ඇත්තේ යැ’යි දක්නා වූ ...

‘රාගදොසමොහජටාජටිතො ලොකසන‍්නිවාසො, තස‍්ස නත්‍ථඤ‍්ඤො කොචි ජටං විජටෙතා අඤ‍්ඤත්‍ර මයා’ති පස‍්සන‍්තානං -පෙ- ‘තණ‍්හා සඞ‍්ඝාටපටිමුක‍්කො ලොකසන‍්නිවාසො’ති පස‍්සන‍්තානං -පෙ- ‘තණ‍්හාජාලෙන ඔත්‍ථටො ලොකසන‍්නිවාසො’ති පස‍්සන‍්තානං -පෙ- ‘තණ‍්හාසො තෙන වුය‍්හති ලොකසන‍්නිවාසො’ති පස‍්සන‍්තානං -පෙ- ‘තණ‍්හාසංයොජනෙන සඤ‍්ඤුත‍්තො ලොකසන‍්නිවාසො’ති පස‍්සන‍්තානං -පෙ- ‘තණ‍්හානුසයෙන අනුසටො ලොකසන‍්නිවාසො’ති පස‍්සන‍්තානං -පෙ- ‘තණ‍්හාසන‍්තාපෙන සන‍්තප‍්පති ලොකසන‍්නිවාසො’ති පස‍්සන‍්තානං -පෙ- තණ‍්හාපරිළාහෙන පරිඩය‍්හති ලොසන‍්නිවාසො’ති පස‍්සන‍්තානං -පෙ-

‘ලෝකසන්නිවාසය තෙම රාගද්වේෂමෝහ සඞ්ඛ්‍යාත ජටායෙන් මැසුණේ යැ, මා තබා ඒ ලෝකසන්නිවාසයාගේ (කෙලෙස්) ජටා සිඳුනා අන් කිසිවෙක් නැතැ’යි දක්නා වූ ... ‘ලෝකසන්නිවාසය තෙම තෘෂ්ණා නැමැති සගුළුයෙහි පිවිසියේ යැ’යි දක්නා වූ ... ‘ලෝකසන්නිවාසය තෙම තෘෂ්ණා නමැති දැලින් හාත්පසින් වෙළන ලද්දේ යැ’යි දක්නා වූ ... ‘ලෝකසන්නිවාසය තෙම තෘෂ්ණාස්‍රෝතසින් අදනාලැබේ ය’යි දක්නා වූ ... ‘ලෝකසන්නිවාසය තෙම තෘෂ්ණාසංයෝජනයෙන් බඳනාලදැ’යි දක්නා වූ ... ‘ලෝකසන්නිවාසය තෙම තෘෂ්ණානුශයයෙන් අනුගත යැ’යි දක්නා වූ ... ‘ලෝකසන්නිවාසය තෙම තෘෂ්ණාසන්තාපයෙන් තවනු ලැබේ’ යැයි දක්නා වූ ... ‘ලෝකසන්නිවාසය තෙම තෘෂ්ණාපරිදාහයෙන් දවනු ලැබේ’ යැයි දක්නා වූ ...

‘දිට‍්ඨිසඞ‍්ඝාටපටිමුක‍්කො ලොකසන‍්නිවාසො’ති පස‍්සන‍්තානං -පෙ- දිට‍්ඨිජාලෙන ඔත්‍ථටො ලොකසන‍්නිවාසො’ති පස‍්සන‍්තානං -පෙ- ‘දිට‍්ඨිසොතෙන වුය‍්හති ලොකසන‍්නිවාසො’ති පස‍්සන‍්තානං -පෙ- ‘දිට‍්ඨිසංයොජනෙන සඤ‍්ඤුත‍්තො ලොකසන‍්නිවාසො’ති පස‍්සන‍්තානං -පෙ- ‘දිට‍්ඨානුසයෙන අනුසටො ලොකසන‍්නිවාසො’ති පස‍්සන‍්තානං -පෙ- ‘දිට‍්ඨිසන‍්තාපෙන සන‍්තප‍්පති ලොකසන‍්නිවාසො’ති පස‍්සන‍්තානං -පෙ- දිට‍්ඨිපරිළාහෙන පරිඩය‍්හති ලොකසන‍්නිවාසො’ති පස‍්සන‍්තානං -පෙ-

‘ලෝකසන්නිවාසය තෙම දෘෂ්ටි නැමැති හඟුළුයෙහි පිවිසියේ යැ’යි දක්නා වූ … ‘ලෝකසන්නිවාසය තෙම දෘෂ්ටිජාලයෙන් වෙළනලදැ’යි දක්නා වූ … ‘ලෝකසන්නිවාසය තෙම දෘෂ්ටිස්‍රෝතසින් අඳනාලැබේ යැ’යි දක්නා වූ … ‘ලෝකසන්නිවාසය තෙම දෘෂ්ටිසංයෝජනයෙන් බඳනා ලදැ’යි දක්නා වූ ...‘ලෝකසන්නිවාසය තෙම දෘෂ්ට්‍යනුශයයෙන් අනුගත යැ’යි දක්නා වූ … ‘ලෝකසන්නිවාසය තෙම දෘෂ්ටිසන්තාපයෙන් තැවේ යැ’යි දක්නා වූ … ‘ලෝකසන්නිවාසය තෙම දෘෂ්ටිපරිදාහයෙන් දැවේ’ යයි දක්නා වූ ...

‘ජාතියා අනුගතො ලොකසන‍්නිවාසො’ති පස‍්සන‍්තානං -පෙ- ‘ජරාය අනුසටො ලොකසන‍්නිවාසො’ති පස‍්සන‍්තානං -පෙ- ‘බ්‍යාධිනා අභිභූතො ලොකසන‍්නිවාසො’ති පස‍්සන‍්තානං -පෙ- මරණෙන අබ‍්භාහතො ලොකසන‍්නිවාසො’ති පස‍්සන‍්තානං -පෙ- දුක‍්ඛෙ පතිට‍්ඨිතො ලොකසන‍්නිවාසො’ති පස‍්සන‍්තානං -පෙ-

‘ලෝකසන්නිවාසය තෙම ජාතියෙන් අනුගත වූයේ යැ’යි දක්නා වූ … ‘ලෝකසන්නිවාසය තෙම ජරායෙන් ලුහුබඳනා ලදැ’යි දක්නා වූ … ‘ලෝකසන්නිවාසය තෙම ව්‍යාධියෙන් මඬනාලද්දේ යැ’යි දක්නා වූ ... ‘ලෝකසන්නිවාසය තෙම මරණයෙන් පහරන ලද්දේ යැ’යි දක්නා වූ … ‘ලෝකසන්නිවාසය තෙම දුකෙහි පිහිටියේ යැ’යි දක්නා වූ ...

‘තණ‍්හාය උඩ‍්ඩිතො ලොකසන‍්නිවාසො’ති පස‍්සන‍්තානං -පෙ- ‘ජරාපාකාරපරික‍්ඛිත‍්තො ලොකසන‍්නිවාසො’ති පස‍්සන‍්තානං -පෙ- ‘මච‍්චුපාසෙන පරික‍්ඛිත‍්තො ලොකසන‍්නිවාසො’ති පස‍්සන‍්තානං -පෙ-. ‘මහාබන්‍ධනබද‍්ධො ලොකසන‍්නිවාසො රාගබන්‍ධනෙන දොසබන්‍ධනෙන මොහ බන්‍ධනෙන මානබන්‍ධනෙන දිට‍්ඨිබන්‍ධනෙන කිලෙසබන්‍ධනෙන දුච‍්චරිත බන්‍ධනෙන, තස‍්ස නත්‍ථඤ‍්ඤො කොචි බන්‍ධනං මොචෙතා අඤ‍්ඤත්‍ර මයා’ති පස‍්සන‍්තානං -පෙ- ‘මහාසම‍්බාධපටිපන‍්නො ලොකසන‍්නිවාසො, තස‍්ස නත්‍ථඤ‍්ඤො කොචි ඔකාසං දස‍්සෙතා අඤ‍්ඤත්‍ර මයා’ති පස‍්සන‍්තානං -පෙ- ‘මහාපළිබොධෙන පළිබුද‍්ධො ලොකසන‍්නිවාසො, තස‍්ස නත්‍ථඤ‍්ඤො කොචි පළිබොධං ඡෙත‍්තා අඤ‍්ඤත්‍ර මයා’ති පස‍්සන‍්තානං -පෙ- ‘මහාපපාතෙ පතිතො ලොකසන‍්නිවාසො, තස‍්ස නත්‍ථඤ‍්ඤො කොචි පපාතා උද‍්ධාතා අඤ‍්ඤත්‍ර මයා’ති පස‍්සන‍්තානං -පෙ- ‘මහාකන‍්තාරපටිපන‍්නො ලොකසන‍්නිවාසො, තස‍්ස නත්‍ථඤ‍්ඤො කොචි කන‍්තාරං තාරෙතා අඤ‍්ඤත්‍ර මයා’ති පස‍්සන‍්තානං -පෙ- ‘මහාසංසාරපටිපන‍්නො ලොකසන‍්නිවාසො, තස‍්ස නත්‍ථඤ‍්ඤො කොචි සංසාමොචෙතා අඤ‍්ඤත්‍ර මයා’ති පස‍්සන‍්තානං -පෙ- ‘මහාවිදුග‍්ගෙ සම‍්පරිවත‍්තති ලොකසන‍්නිවාසො, තස‍්ස නත්‍ථඤ‍්ඤො කොචි විදුග‍්ගා උද‍්ධාතා අඤ‍්ඤත්‍ර මයා’ති -පෙ- ‘මහාපළිපෙ පළිපන‍්නො ලොකසන‍්නිවාසො, තස‍්ස නත්‍ථඤ‍්ඤො කොචි පළිපා උද‍්ධාතා අඤ‍්ඤත්‍ර මයා’ති පස‍්සන‍්තානං -පෙ-

‘ලෝකසන්නිවාසය තෙම තෘෂ්ණායෙන් නඟනලදුයේ යැ’යි දක්නා වූ … ‘ලෝකසන්නිවාසය තෙම ජරා නැමැති ප්‍රාකාරයෙන් පරික්‍ෂිප්ත යැ’යි දක්නා වූ … ‘ලෝකසන්නිවාසය තෙම මරණපාශායෙන් පරික්‍ෂිප්ත යැ’යි දක්නා වූ ... ‘ලෝකසන්නිවාසය තෙම මහාබන්‍ධනයෙන් බැඳුණේ යැ රාගබන්‍ධනයෙන් ද්වේෂබන්‍ධනයෙන් මොහබන්‍ධනයෙන් මානබන්‍ධනයෙන් දෘෂ්ටිබන්‍ධනයෙන් ක්ලේශබන්‍ධනයෙන් දුශ්චරිතබන්‍ධනයෙන් බැඳුණේ යැ, මා තබා ඒ ලෝකසන්නිවාසයාගේ බන්‍ධනය මුදනා අන් කිසිවෙක් නැතැ’යි දක්නා වූ ... ‘ලෝකසන්නිවාසය තෙම මහත් වූ ක්ලේශසම්බාධයට පිළිපන්නේ යැ, මා තබා ඒ ලෝකසන්නිවාසයට අවකාශ දක්වන අන් කිසිවෙක් නැතැ’යි දක්නා වූ … ලෝකසන්නිවාසය තෙම මහාපළිබෝධයෙන් ඇවුරුණේ යැ, මා තබා ඒ ලෝකසන්නිවාසයාගේ පළිබෝධ සිඳුනා අන් කිසිවෙක් නැතැ’යි දක්නා වූ ... ‘ලෝකසන්නිවාසය තෙම පඤ්චගති සඞ්ඛ්‍යාත මහාප්‍රපාතයෙහි වැටුණේ යැ, මා තබා ඒ ලෝකසන්නිවාසය ප්‍රපාතයෙන් නඟන්නා වූ අන් කිසිවෙක් නැතැ’යි දක්නා වූ ... ලෝකසන්නිවාසය තෙම (ජාත්‍යාදි) මහකතරට පිළිපන්නේ යැ, මා තබා ඒ ලෝකසන්නිවාසය කතර තරවන්නා වූ අන් කිසිවෙක් නැතැ’යි දක්නා වූ ... ‘ලෝකසන්නිවාසය තෙම මහසසරට පිළිපන්නේ යැ, මා තබා ලෝකසන්නිවාසය සසරින් මුදන්නා වූ අන් කිසිවෙක් නැතැ’යි දක්නා වූ … ‘ලෝකසන්නිවාසය තෙම සංසාර සඞ්ඛ්‍යාත මහාදුර්‍ගයෙහි පරිවර්‍තන වෙයි, මා තබා ඒ ලෝකසන්නිවාසයය දුර්‍ගයෙන් නඟාලන්නා වූ අන් කිසිවෙක් නැතැ’යි දක්නා වූ … ‘ලෝකසන්නිවාසය තෙම මහමඩෙහි ලැගුණේ යැ, මා තබා එ ලෝකසන්නිවාසය මඬෙන් නඟාලන්නා වූ අන් කිසිවෙක් නැතැ’යි දක්නා වූ ...

‘අබ‍්භාහතො ලොකසන‍්නිවාසො’ති පස‍්සන‍්තානං -පෙ- ‘ආදිත‍්තො ලොකසන‍්නිවාසො රාගග‍්ගිනා දොසග‍්ගිනා මොහග‍්ගිනා ජාතියා ජරාමරණෙන සොකෙහි පරිදෙවෙහි දුක‍්ඛෙහි දොමනස‍්සෙහි උපායාසෙහි, තස‍්ස නත්‍ථඤ‍්ඤො කොචි නිබ‍්බාපෙතා අඤ‍්ඤත්‍ර මයා’ති පස‍්සන‍්තානං -පෙ- උන‍්නීතකො ලොකසන‍්නිවාසො හඤ‍්ඤති නිච‍්චමතාණො පත‍්තදණ‍්ඩො

‘ලෝකසන්නිවාසය තෙම (හැම උවදුරින්) මඬනාලද්දේ යැ’යි දක්නා වූ ... ‘ලෝකසන්නිවාසය තෙම රාගාග්නියෙන් ද්වේෂාග්නියෙන් මොහාග්නියෙන් ජාතියෙන් ජරාමරණයෙන් ශෝකයෙන් පරිදේවයෙන් දුකින් දොම්නසින් දැඩිආයාසයෙන් ඇවිළගත්තේ යැ, මා තබා ඒ ලෝකසන්නිවාසය නිවාලන්නා වූ අන් කිසිවෙක් නැතැ’යි දක්නා වූ … ‘ලෝකසන්නිවාසය තෙම (ජාතිය විසින් ජරාදි උපද්‍රවයට) ඔසවාගෙනයනලද්දේ පැමිණි දඬුවම් ඇති සොර වූයේ නිරතුරු අනාරක්‍ෂකවැ පෙළේ යැ’යි දක්නා වූ ...

තක‍්කරො’ති පස‍්සන‍්තානං -පෙ- ‘වජ‍්ජබන්‍ධනබද‍්ධො ලොකසන‍්නිවාසො ආඝාතනපච‍්චුපට‍්ඨිතො, තස‍්ස නත්‍ථඤ‍්ඤො කොචි මොචෙතා අඤ‍්ඤත්‍ර මයා’ති පස‍්සන‍්තානං -පෙ- ‘අනාථො ලොකසන‍්නිවාසො පරමකාපඤ‍්ඤප‍්පත‍්තො තස‍්ස නත්‍ථඤ‍්ඤො කොචි තායෙතා අඤ‍්ඤත්‍ර මයා’ති පස‍්සන‍්තානං -පෙ- ‘දුක‍්ඛාභිතුන‍්නො ලොකසන‍්නිවාසො චිරරත‍්තපීළිතො’ති පස‍්සන‍්තානං -පෙ- ‘නිච‍්චගධිතො ලොකසන‍්නිවාසො නිච‍්චපිපාසිතො’ති පස‍්සන‍්තානං -පෙ-

ලෝකසන්නිවාසය තෙම (රාගාදි) වද්‍යබන්‍ධනයෙන් බඳනාලදුයේ දම්ගෙඩිය කරා එළඹ සිටියේ යැ, මා තබා ඒ ලෝකසන්නිවාසය මුදාලන අන් කිසිවෙක් නැතැ’යි දක්නා වූ ... ‘ලෝකසන්නිවාසය තෙම අනාථ වූයේ පරම දිළිඳු බවට පැමිණේ යැ, මා තබා ඒ ලෝකසන්නිවාසය රක්නා අන් කිසිවෙක් නැතැ’යි දක්නා වූ ... ‘ලෝකසන්නිවාසය තෙම දුකින් පෙළනලදුයේ දිගුකලක් පෙළුණේ යැ’යි දක්නා වූ ... ‘ලෝකසන්නිවාසය තෙම (තෘෂ්ණායෙන්) නිරතුරු ගිජු වූයේ නිරතුරු හටගත් පවස් ඇත්තේ යැ’යි දක්නා වූ ...

’අන්‍ධො ලොකසන‍්නිවාසො අචක‍්ඛුකො’ති පස‍්සන‍්තානං -පෙ- ‘හතනෙත‍්තො ලොකසන‍්නිවාසො අපරිනායකො’ති පස‍්සන‍්තානං -පෙ- ‘විපථපක‍්ඛන‍්නො ලොකසන‍්නිවාසො අඤ‍්ජසාපරද‍්ධො, තස‍්ස නත්‍ථඤ‍්ඤො කොචි අරියපථං ආනෙතා අඤ‍්ඤත්‍ර මයා’ති පස‍්සන‍්තානං -පෙ- ‘මහොඝපක‍්ඛන‍්නො ලොකසන‍්නිවාසො, තස‍්ස නත්‍ථඤ‍්ඤො කොචි ඔඝා උද‍්ධාතා අඤ‍්ඤත්‍ර මයා’ති පස‍්සන‍්තානං -පෙ-

‘ලෝකසන්නිවාසය තෙම (ප්‍රඥාවගේ අභාවයෙන්) අන්‍ධ වූයේ යැ ඇස් නැත්තේ යැ’යි දක්නා වූ ... ලෝකසන්නිවාසය තෙම නට ඇස් ඇත්තේ පරිනායකයකු රහිත වූයේ යැ’යි දක්නා වූ … ‘ලෝකසන්නිවාසය තෙම විපරීතමාර්‍ගයට බටුයේ ඍජුමාර්‍ගයෙහි වැරැද්දේ යැ, මා තබා ඒ ලෝකසන්නිවාසය ආර්‍ය්‍යමාර්‍ගයට ගෙන එන්නා වූ අන් කිසිවෙක් නැතැ’යි දක්නා වූ … ‘ලෝකසන්නිවාසය තෙම (කාමාදි) මහාඕඝයට පිවිසියේ යැ, මා තබා ඒ ලෝකසන්නිවාසය ඕඝයෙන් නඟාලන්නා වූ අන් කිසිවෙක් නැතැ’යි දක්නා වූ ...

’ද‍්වීහි දිට‍්ඨිගතෙහි පරියුට‍්ඨිතො ලොකසන‍්නිවාසො’ති පස‍්සන‍්තානං -පෙ- ‘තීහි දුච‍්චරිතෙහි විප‍්පටිපන‍්නො ලොකසන‍්නිවාසො’ති පස‍්සන‍්තානං -පෙ- ‘චතූහි යොගෙහි යුත‍්තො ලොකසන‍්නිවාසො චතුයොගයොජිතො’ ති පස‍්සන‍්තානං -පෙ- ‘චතූහි ගන්‍ථෙහි ගන්‍ථිතො ලොකසන‍්නිවාසො’ති පස‍්සන‍්තානං -පෙ- ‘චතූහි උපාදානෙහි උපාදීයති ලොකසන‍්නිවාසො’ති පස‍්සන‍්තානං -පෙ- ‘පඤ‍්චගතිසමාරුළ‍්හො ලොකසන‍්නිවාසො’ති පස‍්සන‍්තානං -පෙ- ‘පඤ‍්චහි කාමගුණෙහි රජ‍්ජති ලොකසන‍්නිවාසො’ ති පස‍්සන‍්තානං -පෙ- ‘පඤ‍්චහි නීවරණෙහි ඔත්‍ථටො ලොකසන‍්නිවාසො’ති පස‍්සන‍්තානං -පෙ- ‘ඡහි විවාදමූලෙහි විවදති ලොකසන‍්නිවාසො’ති පස‍්සන‍්තානං -පෙ- ‘ඡහි තණ‍්හාකායෙහි රජ‍්ජති ලොකසන‍්නිවාසො’ති පස‍්සන‍්තානං -පෙ- ‘ඡහි දිට‍්ඨිගතෙහි පරියුට‍්ඨිතො ලොකසන‍්නිවාසො’ති පස‍්සන‍්තානං -පෙ- ‘සත‍්තහි අනුසයෙහි අනුසටො ලොකසන‍්නිවාසො’ති පස‍්සන‍්තානං -පෙ- සත‍්තහි සංයොජනෙහි සඤ‍්ඤුත‍්තො ලොකසන‍්නිවාසො’ති පස‍්සන‍්තානං -පෙ- ‘සත‍්තහි මානෙහි උන‍්නතො ලොකසන‍්නිවාසො’ති පස‍්සන‍්තානං -පෙ- ‘අට‍්ඨහි ලොකධම‍්මෙහි සම‍්පරිවත‍්තති ලොකසන‍්නිවාසො’ති පස‍්සන‍්තානං -පෙ- ‘අට‍්ඨහි මිච‍්ඡත‍්තෙහි නිය්‍යාතො ලොකසන‍්නිවාසො’ති පස‍්සන‍්තානං -පෙ- ‘අට‍්ඨහි පුරිසදොසෙහි දුස‍්සති ලොකසන‍්නිවාසො’ති පස‍්සන‍්තානං -පෙ- ‘නවහි ආඝාතවත්‍ථූහි ආඝාතිතො ලොකසන‍්නිවාසො’ති පස‍්සන‍්තානං -පෙ- ‘නවවිධමානෙහි උන‍්නතො ලොකසන‍්නිවාසො’ති පස‍්සන‍්තානං -පෙ- ‘නවහි තණ‍්හාමූලකෙහි ධම‍්මෙහි රජ‍්ජති ලොකසන‍්නිවාසො’ති පස‍්සන‍්තානං -පෙ- ‘දසහි කිලෙසවත්‍ථූ කිලිස‍්සති ලොකසන‍්නිවාසො’ති පස‍්සන‍්තානං -පෙ- ‘දසහි ආඝාතවත්‍ථූහි ආඝාතිතො ලොකසන‍්නිවාසො’ති පස‍්සන‍්තානං -පෙ- ‘දසහි අකුසලකම‍්මපථෙහි සමන‍්නාගතො ලොකසන‍්නිවාසො’ති පස‍්සන‍්තානං -පෙ- ‘දසහි සඤ‍්ඤොජනෙහි සඤ‍්ඤුත‍්තො ලොකසන‍්නිවාසො’ති -පෙ-

‘ලෝකසන්නිවාසය තෙම (ශාශ්වත - උච්ඡේද) දෘෂ්ටි දෙකින් පර්‍ය්‍යුත්‍ථිත වූයේ (හාත්පසින් ගෙන සිටියේ) යැ’යි දක්නා වූ ... ලෝකසන්නිවාසය තෙම තුන් දුශ්චරිතයන් විසින් විප්‍රතිපන්න යැ’යි දක්නා වූ ... ලෝකසන්නිවාසය තෙම (කාමාදි) සතර යෝගයන් ගෙන් යුක්ත වූයේ සතර යෝගයන් විසින් බඳනා ලද්දේ යැ’යි දක්නා වූ … ‘ලෝකසන්නිවාසය තෙම සතර ග්‍රන්‍ථයන් විසින් ගෙතුණේ යැ’යි දක්නා වූ … ‘ලෝකසන්නිවාසය තෙම සතර උපාදානයන් විසින් දැඩි කොට ගන්නාලැබේ’ යයි දක්නා වූ ... ‘ලෝකසන්නිවාසය තෙම පඤ්චගතියට සමාරූඪ වූයේ යැ’යි දක්නා වූ … ‘ලෝකසන්නිවාසය තෙම පඤ්චකාමගුණයන් විසින් රඳනා ලැබේ’යයි දක්නා වූ ... ‘ලෝකසන්නිවාසය තෙම පඤ්චනීවරණයන් විසින් වතුරුවනලදැ’යි දක්නා වූ … ‘ලෝකසන්නිවාසය තෙම සවැදෑරුම් විවාදමූලයන්ගෙන් විවාද කෙරේ’යි දක්නා වූ ... ‘ලෝකසන්නිවාසය තෙම සවැදෑරුම් තෘෂ්ණාකායයෙන් ඇලේ’යයි දක්නා වූ … ‘ලෝකසන්නිවාසය තෙම ෂඩ්දෘෂ්ටීන් විසින් පර්‍ය්‍යුත්‍ථිත යැ’යි දක්නා වූ ... ‘ලෝකසන්නිවාසය තෙම සප්ත අනුශයයන් විසින් ලුහුබඳනාලද යැ’යි දක්නා වූ … ‘ලෝකසන්නිවාසය තෙම සත් සංයෝජනයන් විසින් සංයුක්ත යැ’යි දක්නා වූ ... ‘ලෝකසන්නිවාසය තෙම සප්තවිධ මානයන් විසින් උන්නත වූයේ යැ’යි දක්නා වූ … ‘ලෝකසන්නිවාසය තෙම අෂ්ටලෝකධර්‍මයෙන් පෙරැළේ’යයි දක්නා වූ ... ‘ලෝකසන්නිවාසය තෙම අෂ්ටමිථ්‍යාත්‍ථයෙන් නිර්‍ය්‍යාත යැ’යි දක්නා වූ ... ‘ලෝකසන්නිවාසය තෙම අටවැදෑරුම් පුරුෂදෝෂයෙන් දූෂ්‍ය වේ’යයි දක්නා වූ … ‘ලෝකසන්නිවාසය තෙම නවවිධ ආඝාතවස්තුයෙන් ගැටුණේ යැ’යි දක්නා වූ ... ලෝකසන්නිවාසය තෙම නවවිධ මානයෙන් උන්නත වූයේ යැ’යි දක්නා වූ … ලෝකසන්නිවාසය තෙම නව තෘෂ්ණාමූලකධර්‍මයන්ගෙන් ඇලේ’ යයි දක්නා වූ ... ‘ලෝකසන්නිවාසය තෙම දශ ක්ලේශවස්තුයෙන් කෙලෙසේ’යයි දක්නා වූ … ‘ලෝකසන්නිවාසය තෙම දශආඝාතවස්තුයෙන් ගැටුණේ යැ’යි දක්නා වූ … ‘ලෝකසන්නිවාසය තෙම දශඅකුශලකර්‍මපථයෙන් සමන්‍වාගත යැ’යි දක්නා වූ … ‘ලෝකසන්නිවාසය තෙම දශ සංයෝජනයෙන් බැඳුනේ යැ’යි දක්නා වූ …

දසහි මිච‍්ඡත‍්තෙහි නිය්‍යාතො ලොකසන‍්නිවාසො’ති පස‍්සන‍්තානං -පෙ- ‘දසවත්‍ථුකාය මිච‍්ඡාදිට‍්ඨියා සමන‍්නාගතො ලොකසන‍්නිවාසො’ති -පෙ- ‘දසවත්‍ථුකාය අන‍්තග‍්ගාහිකාය දිට‍්ඨියා සමන‍්නාගතො ලොකසන‍්නිවාසො’ති පස‍්සන‍්තානං -පෙ- ‘අට‍්ඨසතතණ‍්හාපපඤ‍්චසතෙහි පපඤ‍්චිතො ලොකසන‍්නිවාසො’ති පස‍්සන‍්තානං -පෙ- ‘ද‍්වාසට‍්ඨියා දිට‍්ඨිගතෙහි පරියුට‍්ඨිතො ලොකසන‍්නිවාසො’ති පස‍්සන‍්තානං බුද‍්ධානං භගවන‍්තානං සත‍්තෙසු මහාකරුණා ඔක‍්කමති.

‘ලෝකසන්නිවාසය තෙම දශවිධමිථ්‍යාත්‍ථයන් විසින් නිර්‍ය්‍යාත යැ’යි දක්නා වූ … ‘ලෝකසන්නිවාසය තෙම දශවස්තුක මිථ්‍යාදෘෂ්ටියෙන් සමන්‍වාගත යැ’යි දක්නා වූ … ‘ලෝකසන්නිවාසය තෙම දශවස්තුක වූ අන්තග්‍රාහිකදෘෂ්ටියෙන් සමන්‍වාගත යැ’යි දක්නා වූ … ‘ලෝකසන්නිවාසය තෙම ‘අටතුරාසියකැ’යි සලකනලද තෘෂ්ණාප්‍රපඤ්චසතයෙන් ප්‍රපඤ්ච කරනලද්දේ යැ’යි දක්නා වූ … ‘ලෝකසන්නිවාසය තෙම දෙසැටමිසදිටුයෙන් පර්‍ය්‍යුත්‍ථිත යැ’යි දක්නා වූ භාග්‍යවත් බුදුවරයන්ගේ මහාකරුණාව සත්ත්‍වයන් කෙරෙහි බැසැගනී.

‘අහඤ‍්චම‍්හි තිණ‍්ණො, ලොකො ච අතිණ‍්ණො; අහඤ‍්චම‍්හි මුත‍්තො, ලොකො ච අමුත‍්තො; අහඤ‍්චම‍්හි දන‍්තො, ලොකො ච අදන‍්තො; අහඤ‍්චම‍්හි සන‍්තො, ලොකො ච අසන‍්තො; අහඤ‍්චම‍්හි අස‍්සත්‍ථො, ලොකො ච අනස‍්සත්‍ථො; අහඤ‍්චම‍්හි පරිනිබ‍්බුතො, ලොකො ච අපරිනිබ‍්බුතො. පහොමි ඛ‍්වාහං තිණ‍්ණො තාරෙතුං, මුත‍්තො මොචෙතුං, දන‍්තො දමෙතුං, සන‍්තො සමෙතුං, අස‍්සත්‍ථො අස‍්සාසෙතුං, පරිනිබ‍්බුතො පරිනිබ‍්බාපෙතු’න‍්ති පස‍්සන‍්තානං බුද‍්ධානං භගවන‍්තානං සත‍්තෙසු මහාකරුණා ඔක‍්කමති.

මම් වූකලි තරණය කෙළෙම් වෙමි, ලෝවැසි තෙමේ වැළිත් තරණය නො කෙළේ යැ, මම් වූකලි මිදුණෙම් වෙමි, ලෝවැසි තෙමේ වැළිත් නො මිදුණේ යැ; මම් වූකලි දැමුණෙම් වෙමි, ලෝවැසි තෙමේ වැළිත් නො දැමුණේ යැ; මම් වූකලි සිහිල් වූයෙම් වෙමි, ලෝවැසි තෙමේ වැළිත් නො සිහිල් වූයේ යැ, මම් වූකලි අස්වැසුණෙම් වෙමි, ලෝවැසි තෙමේ වැළිත් නො අස්වැසුණේ යැ; මම් වූකලි පිරිනිවියෙම් වෙමි, ලෝවැසි තෙමේ වැළිත් නො පිරිනිවියේ යැ; එකත්නෙන් මම් තරණය කෙළෙම් මෙරමා තරවන්නට, මිදුනෙම් මෙරමා මුදන්නට, දැමුණෙම් මෙරමා දමන්නට, සිහිල් වූයෙම් මෙරමා සිහිල් කරන්නට, අස්වැසුණෙම් මෙරමා අස්වසාලන්නට, පිරිනිවියෙම් මෙරමා පිරිනිවාලන්නට සමර්‍ත්‍ථයෙමි දක්නා වූ භාග්‍යවත් බුදුවරයන්ගේ කරුණාව සත්ත්‍වයන් කෙරෙහි බැසැගනී.

ඉදං තථාගතස‍්ස මහාකරුණාසමාපත‍්තියා ඤාණං.

මේ තථාගතයන් වහන්සේගේ මහාකරුණාසමාපත්තියෙහි ඥාන යි.

මහාකරුණාසමාපත‍්තිඤාණ නිද‍්දෙසො.

මහාකරුණාසමාපත්තිඥානනිර්දේශ යි.