යෙදුමෙන් කියවන්න

72-73. සබ‍්බඤ‍්ඤුත - අනාවරණඤාණානි

72-73. සබ‍්බඤ‍්ඤුත - අනාවරණඤාණානි

72-73. සර්‍වඥතා - අනාවරණඥානයෝ

කතමං තථාගතස‍්ස සබ‍්බඤ‍්ඤුතඤාණං:

තථාගතයන් වහන්සේගේ සර්‍වතාඥානය කවරෙ යත්:

සබ‍්බං සඞ‍්ඛතමසඞ‍්ඛතං අනවසෙසං ජානාතීති සබ‍්බඤ‍්ඤුතඤාණං, තත්‍ථ ආවරණං නත්‍ථීති අනාවරණඤාණං

හැම සඞ්ඛතය අසඞ්ඛතය නිරවශේෂ කොට දනී නු යි සර්‍වඥතාඥාන යැ, එහි ආවරණයෙක් නැත් නු යි අනාවරණඥාන යැ.

අතීතං සබ‍්බං ජානාතීති සබ‍්බඤ‍්ඤුතඤාණං, තත්‍ථ ආවරණං නත්‍ථීති අනාවරණඤාණං.

අතීත වූ සියල්ල දනී නු යි සර්‍වඥතාඥාන යැ, එහි ආවරණයෙක් නැත් නු යි අනාවරණඥාන යැ.

අනාගතං සබ‍්බං ජානාතීති සබ‍්බඤ‍්ඤුතඤාණං, තත්‍ථ ආවරණං නත්‍ථීති අනාවරණඤාණං.

අනාගත වූ සියල්ල දනී නු යි සර්‍වඥතාඥාන යැ, එහි ආවරණයෙක් නැත් නු යි අනාවරණඥාන යැ.

පච‍්චුප‍්පන‍්නං සබ‍්බං ජානාතීති සබ‍්බඤ‍්ඤුතඤාණං, තත්‍ථ ආවරණං නත්‍ථි අනාවරණඤාණං.

ප්‍රත්‍යුත්පන්න වූ සියල්ල දනී නු යි සර්‍වඥතාඥාන යැ, එහි ආවරණයෙක් නැත් නු යි අනාවරණඥාන යැ.

චක‍්ඛුඤ‍්චෙව රූපා ච එතං සබ‍්බං ජානාතීති සබ‍්බඤ‍්ඤුතඤාණං තත්‍ථ ආවරණං නත්‍ථි අනාවරණඤාණං, සොතඤ‍්චෙව සද‍්දා ච -පෙ- ඝානඤ‍්චෙව ගන්‍ධා ච -පෙ- ජිව‍්හා චෙව රසා ච -පෙ- කායො චෙව ඵොට‍්ඨබ‍්බා ච -පෙ- මනො චෙව ධම‍්මා ච එතං සබ‍්බං ජානාතීති සබ‍්බඤ‍්ඤුතඤාණං තත්‍ථ ආවරණං නත්‍ථි අනාවරණඤාණං,

ඇස ද රූපයෝ ද යන තෙල සියල්ල දනී නු යි සර්‍වඥතාඥාන යැ එහි ආවරණයෙක් නැත් නු යි අනාවරණඥානයැ. කන ද ශබ්දයෝ ද ... නැහැය ද ගන්‍ධයෝ ද ... දිව ද රසයෝ ද .. කය ද ස්ප්‍රෂ්ටව්‍යයෝ ද ... මනස ද ධර්‍මයෝ ද යන තෙල සියල්ල දනී නු යි සර්‍වඥාතාඥාන යැ, එහි ආවරණයෙක් නැත් නු යි අනාවරණඥාන යි.

යාවතා අනිච‍්චට‍්ඨං දුක‍්ඛට‍්ඨං අනත‍්තට‍්ඨං, තං සබ‍්බං ජානාතීති සබ‍්බඤ‍්ඤුතඤාණං තත්‍ථ ආවරණං නත්‍ථීති අනාවරණඤාණං යාවතා රූපස‍්ස අනිච‍්චට‍්ඨං දුක‍්ඛට‍්ඨං අනත‍්තට‍්ඨං, තං සබ‍්බං ජානාතීති සබ‍්බඤ‍්ඤුතඤාණං තත්‍ථ ආවරණං නත්‍ථීති අනාවරණඤාණං. යාවතා වෙදනාය -පෙ- යාවතා සඤ‍්ඤාය -පෙ- යාවතා සඞ‍්ඛාරානං -පෙ- යාවතා විඤ‍්ඤාණස‍්ස -පෙ- යාවතා චක‍්ඛුස‍්ස -පෙ- යාවතා ජරාමරණස‍්ස අනිච‍්චට‍්ඨං දුක‍්ඛට‍්ඨං අනත‍්තට‍්ඨං, තං සබ‍්බං ජානාතීති සබ‍්බඤ‍්ඤුතඤාණං තත්‍ථ ආවරණං නත්‍ථීති අනාවරණඤාණං.

යම්තාක් අනිත්‍යස්වභාව දුඃඛස්වභාව අනාත්මස්වභාව වේ ද ඒ සියල්ල දනී නු යි සර්‍වඥතාඥාන යැ එහි ආවරණයෙක් නැත් නු යි අනාවරණඥාන යැ, යම්තාක් රූපයාගේ අනිත්‍යස්වභාව දුඃඛස්වභාව අනාත්මස්වභාව වේ ද ඒ සියල්ල දනී නු යි සර්‍වඥතාඥාන යැ එහි ආවරණයෙක් නැති නු යි අනාවරණඥාන යැ. යම්තාක් වේදනාවගේ ... යම්තාක් සංඥාවගේ ... යම්තාක් සංස්කාරයන්ගේ ... යම්තාක් විඥානයාගේ ... යම්තාක් චක්‍ෂුස්හුගේ ... යම්තාක් ජරාමරණයාගේ අනිත්‍යස්වභාව දුඃඛස්වභාව අනාත්මස්වභාව වේ ද ඒ සියල්ල දනී නු යි සර්‍වඥතාඥාන යැ, එහි ආවරණයෙක් නැති නු යි අනාවරණඥාන යි.

යාවතා අභිඤ‍්ඤාය අභිඤ‍්ඤට‍්ඨං, තං සබ‍්බං ජානාතීති සබ‍්බඤ‍්ඤුතඤාණං, තත්‍ථ ආවරණං නත්‍ථීති අනාවරණඤාණං, යාවතා පරිඤ‍්ඤාය පරිඤ‍්ඤට‍්ඨං -පෙ- යාවතා පහානස‍්ස පහානට‍්ඨං -පෙ- යාවතා භාවනාය භාවනට‍්ඨං -පෙ- යාවතා සච‍්ඡිකිරියාය සච‍්ඡිකිරියට‍්ඨං -පෙ-

යම්තාක් අභිඥාවගේ අභිඥාස්වභාව වේ ද එ හැම දනී නු යි සර්‍වඥතාඥාන යැ එහි ආවරණයෙක් නැත් නු යි අනාවරණ ඥාන යැ. යම්තාක් පරිඥාවගේ පරිඥාස්වභාව වේ ද ... යම්තාක් ප්‍රහාණයාගේ ප්‍රහාණස්වභාව .. යම්තාක් භාවනාවගේ භාවනාස්වභාව ... යම්තාක් සාක්‍ෂාත් ක්‍රියාවගේ සාක්‍ෂාත්ක්‍රියාස්වභාව ...

යාවතා ඛන්‍ධානං ඛන්‍ධට‍්ඨං -පෙ- යාවතා ධාතූනං ධාතුට‍්ඨං -පෙ- යාවතා ආයතනානං ආයතනට‍්ඨං -පෙ- යාවතා සඞ‍්ඛතානං සඞ‍්ඛතට‍්ඨං -පෙ- යාවතා අසඞ‍්ඛතස‍්ස අසඞ‍්ඛතට‍්ඨං. තං සබ‍්බං ජානාතීති සබ‍්බඤ‍්ඤුතඤාණං තත්‍ථ ආවරණං නත්‍ථීති අනාවරණඤාණං.

යම්තාක් ස්කන්‍ධයන්ගේ ස්කන්‍ධස්වභාව ... යම්තාක් ධාතූන්ගේ ධාතුස්වභාව ... යම්තාක් ආයතනයන්ගේ ආයතනස්වභාව ... යම්තාක් සඞ්ඛතයන්ගේ සඞ්ඛතස්වභාව ... යම්තාක් අසඞ්ඛතයාගේ අසඞ්ඛත ස්වභාව වේ ද එ හැම දනී නු යි සර්‍වඥතාඥාන යැ, එහි ආවරණයෙක් නැත් නු යි අනාවරණඥාන යි.

යාවතා කුසලෙ ධම‍්මෙ සබ‍්බං ජානාතීති සඤ‍්ඤුබ‍්බතඤාණං, තත්‍ථ ආවරණං නත්‍ථීති අනාවරණඤාණං. යාවතා අකුසලෙ ධම‍්මෙ -පෙ- යාවතා අබ්‍යාකතෙ ධම‍්මෙ -පෙ-

යම්තාක් කුශලධර්‍මය වේ ද එ හැම දනී නු යි සර්‍වඥතාඥාන යැ එහි ආවරණයෙක් නැත් නු යි ආවරණඥාන යැ. යම්තාක් අකුශලධර්‍මය ... යම්තාක් අව්‍යාකෘතධර්‍මය ...

යාවතා කාමාවචරෙ ධම‍්මෙ -පෙ- යාවතා රූපාවචරෙ ධම‍්මෙ -පෙ- යාවතා අරූපාවචරෙ ධම‍්මෙ -පෙ- යාවතා අපරියාපන‍්නෙ ධම‍්මෙ සබ‍්බං ජානාතීති සබ‍්බඤ‍්ඤුතඤාණං, තත්‍ථ ආවරණං නත්‍ථීති අනාවරණඤාණං.

යම්තාක් කාමාවචරධර්‍මය ... යම්තාක් රූපාවචරධර්‍මය ... යම්තාක් අරූපාවචරධර්‍මය ... යම්තාක් අපර්‍ය්‍යාපන්නධර්‍මය වේ ද එ හැම දනී නු යි සර්‍වඥතාඥාන යැ, එහි ආවරණයෙක් නැත් නු යි ආනාවරණඥාන යි.

යාවතා දුක‍්ඛස‍්ස දුක‍්ඛට‍්ඨං -පෙ- යාවතා සමුදයස‍්ස සමුදයට‍්ඨං -පෙ- යාවතා නිරොධස‍්ස නිරොධට‍්ඨං -පෙ- යාවතා මග‍්ගස‍්ස මග‍්ගට‍්ඨං තං සබ‍්බං ජානාතීති සඤ‍්ඤුබ‍්බතඤාණං, තත්‍ථ ආවරණං නත්‍ථීති අනාවරණඤාණං.

යම්තාක් දුඃඛයාගේ දුඃඛස්වභාව ... යම්තාක් සමුදයාගේ සමුදය ස්වභාව ... යම්තාක් නිරෝධයාගේ නිරෝධස්වභාව ... යම්තාක් මාර්‍ගයාගේ මාර්‍ගස්වභාවය වේ ද එ හැම දනී නු යි සර්‍වඥතාඥාන යැ, එහි ආවරණයෙක් නැත් නු යි අනාවරණඥාන යි.

යාවතා අත්‍ථපටිසම‍්භිදාය අත්‍ථපටිසම‍්භිදට‍්ඨං -පෙ- යාවතා ධම‍්මපටිසම‍්භිදාය ධම‍්මපටිසම‍්භිදට‍්ඨ -පෙ- යාවතා නිරුත‍්තිපටිසම‍්භිදාය නිරුත‍්තිපටිසම‍්භිදට‍්ඨං -පෙ- යාවතා පටිභානපටිසම‍්භිදාය පටිභානපටිසම‍්භිදට‍්ඨං, තං සබ‍්බං ජානාතීති සඤ‍්ඤුබ‍්බතඤාණං, තත්‍ථ ආවරණං නත්‍ථීති අනාවරණඤාණං.

යම්තාක් අත්‍ථපටිසම්භිදාවගේ අත්‍ථපටිසම්භිදා ස්වභාව ... යම්තාක් ධම්මපටිසම්භිදාවගේ ධම්මපටිසම්භිදා ස්වභාව ... යම්තාක් නිරුත්තිපටිසම්භිදාවගේ නිරුත්තිපටිසම්භිදා ස්වභාව ... යම්තාක් පටිභානපටිසම්භිදාවගේ පටිභානපටිසම්භිදාස්වභාව වේ ද එ හැම දනී නු යි සර්‍වඥතාඥාන යැ, එහි ආවරණයෙක් නැති නු යි අනාවරණඥාන යි.

යාවතා ඉන්‍ද්‍රියපරොපරියත‍්තෙ ඤාණං -පෙ- යාවතා සත‍්තානං ආසයානුසයෙ ඤාණං -පෙ- යාවතා යමකපාටිහීරෙ ඤාණං -පෙ- යාවතා මහාකරුණාසමාපත‍්තියා ඤාණං, තං සබ‍්බං ජානාතීති සබ‍්බඤ‍්ඤුතඤාණං, තත්‍ථ ආවරණං නත්‍ථීති අනාවරණ ඤාණං.

යම්තාක් ඉන්‍ද්‍රියපරාවරතාඥානය ... යම්තාක් සත්ත්‍වයන්ගේ ආශයානුශයඥානය ... යම්තාක් යමකප්‍රාතිහාර්‍ය්‍යඥානය ... යම්තාක් මහාකරුණාසමාපත්තිඥානය වේ ද එ හැම දනී නු යි සර්‍වඥතාඥාන යැ, එහි අවරණයෙක් නැත් නු යි අනාවරණඥාන යි.

යාවතා සදෙවකස‍්ස ලොකස‍්ස සමාරකස‍්ස සබ්‍රහ‍්මකස‍්ස සස‍්සමණබ්‍රාහ‍්මණියා පජාය සදෙවමනුස‍්සාය දිට‍්ඨං සුතං මුතං විඤ‍්ඤාතං පත‍්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, සබ‍්බං ජානාතීති සබ‍්බඤ‍්ඤුතඤාණං, තත්‍ථ ආවරණං නත්‍ථීති අනාවරණ ඤාණං.

යම්තාක් මරුන් සහිත වූ බඹුන් සහිත වූ සදේවක ලෝකයා විසින් මහණබමුණන් සහිත වූ දෙවිමිනිසුන් සහිත ප්‍රජාව විසින් දක්නාලද රූපායතනයෙක් ශබ්දායතනයෙක් ගන්‍ධරසස්ප්‍රෂ්ටව්‍යායතනයෙක් ධර්‍මායතනයෙක් පැමිණෙන ලද රූපාදියෙක් සොයනලද රූපාදියෙක් මනසින් විමසන ලද රූපාදියෙක් වේ ද එ හැම දනී නු යි සර්‍වඥතාඥාන යැ, එහි ආවරණයෙක් නැත් නු යි අනාවරණඥාන යි.

1. ‘න තස‍්ස අද‍්දිට‍්ඨමිධත්‍ථි කිඤ‍්චි අථො අවිඤ‍්ඤාතමජානිතබ‍්බං, සබ‍්බං අභිඤ‍්ඤාසි යදත්‍ථි නෙය්‍යං තථාගතො තෙන සමන‍්තචක‍්ඛූ’ති.

1. ඒ තථාගතයන් විසින් මේ ත්‍රෛධාතුක ලෝකයෙහි (මෙකල හෝ) පැනැසින් නුදුටු කිසිවෙක් නැත. යළි (අතීත වූ) නො දත් කිසිවෙක් නැත, (අනාගත වූ) නො දැනෙන කිසි (ධර්‍මජාතයෙකු) දු නැත, දතයුතු වු යම් ධර්‍මජාතයෙක් වේ නම් ඒ සියල්ල අවබෝධ කළහ. එහෙයින් තථාගතයෝ සමන්තචක්ඛු වූහ.

සමන‍්තචක‍්ඛූති කෙනට‍්ඨෙන සමන‍්තචක‍්ඛු:

සමන්තචක්ඛු යනු: කවර අර්‍ත්‍ථයෙන් සමන්තචක්ඛු වේ ද යත්:

චුද‍්දස බුද‍්ධඤාණානි: දුක‍්ඛෙ ඤාණං බුද‍්ධඤාණං, දුක‍්ඛසමුදයෙ ඤාණං බුද‍්ධඤාණං, දුක‍්ඛනිරොධෙ ඤාණං බුද‍්ධඤාණං, දුක‍්ඛනිරොධගාමිනියා පටිපදාය ඤාණං බුද‍්ධඤාණං, අත්‍ථපටිසම‍්භිදෙ ඤාණං බුද‍්ධඤාණං, ධම‍්මපටිසම‍්භිදෙ ඤාණං බුද‍්ධඤාණං, නිරුත‍්තිපටිසම‍්භිදෙ ඤාණං බුද‍්ධඤාණං, පටිභානපටිසම‍්භිදෙ ඤාණං බුද‍්ධඤාණං, ඉන්‍ද්‍රියපරොපරියත‍්තෙ ඤාණං බුද‍්ධඤාණං, ආසයානුසයෙ ඤාණං බුද‍්ධඤාණං, යමකපාටිහීරෙ ඤාණං බුද‍්ධඤාණං, මහාකරුණාසමාපත‍්තියා ඤාණං බුද‍්ධඤාණං, සබ‍්බඤ‍්ඤුතඤාණං බුද‍්ධඤාණං අනාවරණඤාණං බුද‍්ධඤාණං, ඉමානි චුද‍්දස බුද‍්ධඤාණානි. ඉමෙසං චුද‍්දසන‍්නං බුද‍්ධඤාණානං අට‍්ඨ ඤාණානි සාවකසාධාරණානි, ඡ ඤාණානි අසාධාරණානි සාවකෙහි.

බුද්ධඥාන තුදුසෙකි: දුඃඛසත්‍යයෙහි ඥානය බුද්ධඥාන යැ දුඃඛසමුදයසත්‍යයෙහි ඥානය බුද්ධඥාන යැ දුඃඛනිරෝධසත්‍යයෙහි ඥානය බුද්ධඥාන යැ දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාසත්‍යයෙහි ඥානය බුද්ධඥාන යැ අත්‍ථපටිසම්භිදායෙහි ඥානය බුද්ධඥාන යැ ධම්මපටිසම්භිදායෙහි ඥානය බුද්ධඥාන යැ නිරුත්තිපටිසම්භිදායෙහි ඥානය බුද්ධඥාන යැ පටිභානපටිසම්භිදායෙහි ඥානය බුද්ධඥාන යැ ඉන්‍ද්‍රියපරාවරාතාඥානය බුද්ධඥාන යැ ආශයානුශයඥානය බුද්ධඥාන යැ යමකප්‍රාතිහාර්‍ය්‍යඥානය බුද්ධඥාන යැ මහාකරුණාසමාපත්තියෙහි ඥානය බුද්ධඥාන යැ සර්‍වඥතාඥානය බුද්ධඥාන යැ අනාවරණඥානය බුද්ධඥාන යි. මොහු තුදුස් බුද්ධඥානයෝ යි. මේ තුදුස් බුද්ධඥානයන් අතුරෙන් ඥානයෝ අටදෙනෙක් ශ්‍රාවකසාධාරණ වෙති. ඥානයෝ සදෙනෙක් ශ්‍රාවකයන් හා සමග අසාධාරණ වෙත්.

යාවතා දුක‍්ඛස‍්ස දුක‍්ඛට‍්ඨො සබ‍්බො ඤාතො, අඤ‍්ඤාතො දුක‍්ඛට‍්ඨො නත්‍ථීති සබ‍්බඤ‍්ඤුතඤාණං. තත්‍ථ ආවරණං නත්‍ථීති අනාවරණඤාණං.

යම්තාක් දුඃඛයාගේ දුඃඛස්වභාවයෙක් වේ ද සියල්ල නුවණින් දන්නාලද්දේ යැ අඥාත වූ දුඃඛස්වභාවයෙක් නැත් නු යි සර්‍වඥතාඥාන යැ එහි ආවරණයෙක් නැත් නු යි අනාවරණඥාන යි.

යාවතා දුක‍්ඛස‍්ස දුක‍්ඛට‍්ඨො සබ‍්බො දිට‍්ඨො -පෙ- සබ‍්බො විදිතො -පෙ- සබ‍්බො සච‍්ඡිකතො -පෙ- සබ‍්බො ඵස‍්සිතො පඤ‍්ඤාය, අඵස‍්සිතො පඤ‍්ඤාය දුක‍්ඛට‍්ඨො නත්‍ථීති සබ‍්බඤ‍්ඤුතඤාණං. තත්‍ථ ආවරණං නත්‍ථීති අනාවරණඤාණං.

යම්තාක් දුඃඛයාගේ දුඃඛස්වභාවයෙක් වේ ද සියල්ල (ඇසින් මෙන් නුවණින්) දක්නා ලද්දේ යැ ... සියල්ල ප්‍රකට කොට දන්නාලද්දේ යැ ... සියල්ල සාක්‍ෂාත් කරනලද්දේ යැ ... සියල්ල නුවණින් ස්පර්‍ශ කරනලද්දේ යැ, නුවණින් ස්පර්‍ශ නො කරනලද දුඃඛාර්‍ත්‍ථයෙක් නැති නු යි සර්‍වඥතාඥාන යැ, එහි ආවරණයෙක් නැත් නු යි අනාවරණඥාන යි.

යාවතා සමුදයස‍්ස සමුදයට‍්ඨො -පෙ- යාවතා නිරොධස‍්ස නිරොධට‍්ඨො -පෙ- යාවතා මග‍්ගස‍්ස මග‍්ගට‍්ඨො -පෙ- යාවතා අත්‍ථපටිසම‍්භිදාය අත්‍ථ පටිසම‍්භිදට‍්ඨො -පෙ- යාවතා ධම‍්මපටිසම‍්භිදාය ධම‍්මපටිසම‍්භිදට‍්ඨො -පෙ- යාවතා නිරුත‍්තිපටිසම‍්භිදාය නිරුත‍්තිපටිසම‍්භිදට‍්ඨො -පෙ- යාවතා පටිභානපටිසම‍්භිදාය පටිභානපටිසම‍්භිදට‍්ඨො සබ‍්බො ඤාතො -පෙ- සබ‍්බො දිට‍්ඨො -පෙ- සබ‍්බො විදිතො -පෙ- සබ‍්බො සච‍්ඡිකතො -පෙ- සබ‍්බො ඵස‍්සිතො පඤ‍්ඤාය, අඵස‍්සිතො පඤ‍්ඤාය පටිභානපටිසම‍්භිදට‍්ඨො නත්‍ථීති සබ‍්බඤ‍්ඤුතඤාණං, තත්‍ථ ආවරණං නත්‍ථීති අනාවරණඤාණං.

යම්තාක් සමුදයාගේ සමුදයස්වභාවයෙක් ... යම්තාක් නිරෝධයාගේ නිරෝධස්වභාවයෙක් ... යම්තාක් මාර්‍ගයාගේ මාර්‍ගස්වභාවයෙක් ... යම්තාක් අත්‍ථපටිසම්භිදාවගේ අත්‍ථපටිසම්භිදාස්වභාවයෙක් ... යම්තාක් ධම්මපටිසම්භිදාවගේ ධම්මපටිසම්භිදාස්වභාවයෙක් ... යම්තාක් නිරුත්තිපටිසම්භිදාවගේ නිරුත්තිපටිසම්භිදාස්වභාවයෙක් ... යම්තාක් පටිභානපටිසම්භිදාවගේ පටිභානපටිසම්භිදා ස්වභාවයෙක් වේ ද සියල්ල නුවණින් දන්නා ලද්දේ යැ - සියල්ල නුවණින් දක්නාලද්දේ යැ - සියල්ල ප්‍රකට කොට දන්නාලද්දේ යැ - සියල්ල සාක්‍ෂාත් කරනලද්දේ යැ - සියල්ල නුවණින් ස්පර්‍ශ කරනලද්දේ යැ - නුවණින් ස්පර්‍ශ නො කරනලද පටිභානසම්භිදාස්වභාවයෙක් නැත් නු යි සර්‍වඥතාඥාන යැ. එහි ආවරණයෙක් නැත් නු යි අනාවරණඥාන යි.

යාවතා ඉන්‍ද්‍රියපරොපරියත‍්තෙ ඤාණං -පෙ- යාවතා සත‍්තානං ආසයානුසයෙ ඤාණං -පෙ- යාවතා යමකපාටිහීරෙ ඤාණං -පෙ- යාවතා මහාකරුණාසමාපත‍්තියා ඤාණං සබ‍්බං ඤාතං -පෙ- සබ‍්බං දිට‍්ඨං -පෙ- සබ‍්බං විදිතං -පෙ- සබ‍්බං සච‍්ඡිකතං -පෙ- සබ‍්බං ඵස‍්සිතං පඤ‍්ඤාය, අඵස‍්සිතං පඤ‍්ඤාය මහාකරුණාසමාපත‍්තියා ඤාණං නත්‍ථීති සබ‍්බඤ‍්ඤුතඤාණං, තත්‍ථ ආවරණං නත්‍ථීති අනාවරණඤාණං.

යම්තාක් ඉන්‍ද්‍රියපරාවරතාඥානයෙක් ... යම්තාක් සත්ත්‍වයන්ගේ ආශයානුශයඥානයෙක් ... යම්තාක් යමකප්‍රාතිහාර්‍ය්‍යඥානයෙක් ... යම්තාක් මහාකරුණාසමාපත්තිඥානයෙක් වේ ද සියල්ල නුවණින් දන්නාලද යැ ... සියල්ල නුවණින් දක්නාලද යැ ... සියල්ල ප්‍රකට කොට දන්නා ලද යැ ... සියල්ල සාක්‍ෂාත් කරන ලද යැ … සියල්ල නුවණින් ස්පර්‍ශ කරන ලද යැ. නුවණින් ස්පර්‍ශ නො කරන ලද මහාකරුණාසමාපත්තිඥානයෙක් නැත් නු යි සර්‍වඥතාඥාන යැ. එහි ආවරණයෙක් නැත් නු යි අනාවරණඥාන යි.

යාවතා සදෙවකස‍්ස ලොකස‍්ස සමාරකස‍්ස සබ්‍රහ‍්මකස‍්ස සස‍්සමණබ්‍රාහ‍්මණියා පජාය සදෙවමනුස‍්සාය දිට‍්ඨං සුතං මුතං විඤ‍්ඤාතං පත‍්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, සබ‍්බං ඤාතං -පෙ- සබ‍්බං දිට‍්ඨං -පෙ- සබ‍්බං විදිතං -පෙ- සබ‍්බං සච‍්ඡිකතං -පෙ- සබ‍්බං ඵස‍්සිතං පඤ‍්ඤාය, අඵස‍්සිතං පඤ‍්ඤාය නත්‍ථීති සබ‍්බඤ‍්ඤුතඤාණං, තත්‍ථ ආවරණං නත්‍ථීති අනාවරණඤාණං.

යම්තාක් මරුන් සහිත වූ බඹුන් සහිත වූ සදේවකලෝකයා විසින් මහණබමුණන් සහිත වූ දෙවිමිනිසුන් සහිත ප්‍රජාව විසින් දක්නා ලද රූපායතනයෙක් ශබ්දායතනයෙක් ගන්‍ධ-රස-ස්ප්‍රෂ්ටව්‍යායතනයෙක් ධර්‍මායතනයෙක් පැමිණෙනලද රූපාදියෙක් සොයනලද රූපාදියෙක් මනසින් විමසනලද රූපාදියෙක් වේ ද සියල්ල නුවණින් දන්නාලද යැ ... සියල්ල නුවණින් දක්නාලද යැ ... සියල්ල ප්‍රකට කොට දක්නාලද යැ ... සියල්ල සාක්‍ෂාත් කරන ලද යැ ... සියල්ල නුවණින් ස්පර්‍ශ කරන ලද යැ. නුවණින් ස්පර්‍ශ නො කරන ලද රූපාදියෙක් නැත් නු යි සර්‍වඥතාඥාන යැ. එහි ආවරණයෙක් නැත් නු යි අනාවරණඥාන යි.

න තස‍්ස අද‍්දිට‍්ඨමිධත්‍ථි කිඤ‍්චි අථො අවිඤ‍්ඤාතමජානිතබ‍්බං, සබ‍්බං අභිඤ‍්ඤාසි යදත්‍ථි නෙය්‍යං තථාගතො තෙන සමන‍්තචක‍්ඛූ’ති

ඒ තථාගතයන් විසින් මේ ත්‍රෛධාතුකලෝකයෙහි (මෙකල හෝ) පැනැසින් නුදුටු කිසිවෙක් නැත. යළි (අතීත වූ) නො දත් කිසිවෙක් නැත. (අනාගත වූ) නො දැනෙන කිසි (ධර්‍මජාතයෙකු) දු නැත. දතයුතු වු යම් ධර්‍මජාතයෙක් වේ නම් ඒ සියල්ල අවබෝධ කළහ, එහෙයින් තථාගතයෝ ‘සමන්තචක්ඛු’ වූහ’යි.

සබ‍්බඤ‍්ඤුතඤාණනිද‍්දෙසො.

සර්‍වඥතාඥානනිර්දේශ යි.

ඤාණකථාසමත‍්තා.

ඥානකථා නිමි.