යෙදුමෙන් කියවන්න

72-73. සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණනිද‍්දෙසවණ‍්ණනා අට‍්ඨකථා

72-73. සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණනිද‍්දෙසවණ‍්ණනා

72-73. සර්වඥතා ඤාණ නිර්දේශ වර්ණනාව

සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණනිද‍්දෙසෙ කතමං තථාගතස‍්ස සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණන‍්ති පුච‍්ඡිත්‍වා තෙන සමගතිකත‍්තා තෙනෙව සහ අනාවරණඤාණං නිද‍්දිට‍්ඨං. න හි අනාවරණඤාණං ධම‍්මතො විසුං අත්‍ථි, එකමෙව හෙතං ඤාණං ආකාරභෙදතො ද‍්වෙධා වුච‍්චති සද‍්ධින්‍ද්‍රියසද‍්ධාබලාදීනි විය. සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණමෙව හි නත්‍ථි එතස‍්ස ආවරණන‍්ති, කෙනචි ධම‍්මෙන, පුග‍්ගලෙන වා ආවරණං කාතුං අසක‍්කුණෙය්‍යතාය අනාවරණන‍්ති වුච‍්චති ආවජ‍්ජනපටිබද‍්ධත‍්තා සබ‍්බධම‍්මානං. අඤ‍්ඤෙ පන ආවජ‍්ජිත්‍වාපි න ජානන‍්ති. කෙචි පනාහු “මනොවිඤ‍්ඤාණං විය සබ‍්බාරම‍්මණිකත‍්තා සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණං . තංයෙව ඤාණං ඉන්‍දවජිරං විය විසයෙසු අප‍්පටිහතත‍්තා අනාවරණඤාණං. අනුපුබ‍්බසබ‍්බඤ‍්ඤුතාපටික‍්ඛෙපො සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණං, සකිංසබ‍්බඤ‍්ඤුතාපටික‍්ඛෙපො අනාවරණඤාණං, භගවා සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණපටිලාභෙනපි සබ‍්බඤ‍්ඤූති වුච‍්චති, න ච අනුපුබ‍්බසබ‍්බඤ‍්ඤූ. අනාවරණඤාණපටිලාභෙනපි සබ‍්බඤ‍්ඤූති වුච‍්චති, න ච සකිංසබ‍්බඤ‍්ඤූ”ති.

සබ්බඤ්ඤුත ඤාණ නිර්දේශයෙහි, කතමං තථාගතස්ස සබ්බඤ්ඤුත ඤාණං යයි විචාරා ඒ හා සම ස්වභාව හෙයින් ඒ සමගම අනාවරණ ඤාණය දක්වන ලදි. අනාවරණ ඤාණය ස්වභාව වශයෙන් වෙන්ව නැත. එකම ඤාණය ආකාර භේදයෙන් දෙයාකාරයෙන් යූ.සේයි. ශ්‍රද්ධා ඉන්‍ද්‍රිය, ශ්‍රද්ධාබල ආදීන් මෙනි. සර්වඥතා ඤාණයම, එයට ආවරණයක් නැත්තේනුයිද, කිසි ස්වභාවයකින් හෝ පුද්ගලයෙකු විසින් හෝ ආවරණ කරන්ට නොහැකි හෙයින් අනාවරණයයි යූ.සේයි. සියලු ධර්මයන්ගේ ආවර්ජන ප්‍රතිබද්ධ හෙයිනි. අන්‍යයෝ වනාහි ආවර්ජනා කොටද නොදනිති. සමහරු කීහ. සියල්ල අරමුණු කළහැකි හෙයින් සර්වඥතා ඥානය මනො විඤ්ඤාණය මෙනි. එම ඤාණයම උසස් දියමන්තියක් මෙන් විෂයයන්හි නොගැටෙන හෙයින් අනාවරණ ඤාණයයි. සර්වඥතා ඥානය අනුපූර්ව සර්වඥතාව ප්‍රතික්‍ෂිප්තය. අනාවරණ ඤාණය සකිං සබ්බඤ්ඤුතාව ප්‍රතික්‍ෂිප්තය. භාග්‍යවතුන් වහන්සේ සර්වඥතා ඥාන ප්‍රතිලාභයෙන් සර්වඥයයි යූ.සේයි. අනුපූර්ව සර්වඥ නොවේ. අනාවරණ ඤාණ ලාභයෙන්ම සර්වඥයැයි යූ.සේයි. සකිං සර්වඥ නොවේ.

සබ‍්බං සඞ‍්ඛතමසඞ‍්ඛතං අනවසෙසං ජානාතීති එත්‍ථ සබ‍්බන‍්ති ජාතිවසෙන සබ‍්බධම‍්මානං නිස‍්සෙසපරියාදානං. අනවසෙසන‍්ති එකෙකස‍්සෙව ධම‍්මස‍්ස සබ‍්බාකාරවසෙන නිස‍්සෙසපරියාදානං. සඞ‍්ඛතමසඞ‍්ඛතන‍්ති ද‍්විධා පභෙදදස‍්සනං. සඞ‍්ඛතඤ‍්හි එකො පභෙදො, අසඞ‍්ඛතං එකො පභෙදො. පච‍්චයෙහි සඞ‍්ගම‍්ම කතන‍්ති සඞ‍්ඛතං. ඛන්‍ධපඤ‍්චකං. තථා න සඞ‍්ඛතන‍්ති අසඞ‍්ඛතං. නිබ‍්බානං. සඞ‍්ඛතං අනිච‍්චදුක‍්ඛානත‍්තාදීහි ආකාරෙහි අනවසෙසං ජානාති, අසඞ‍්ඛතං සුඤ‍්ඤතානිමිත‍්තඅප‍්පණිහිතාදීහි ආකාරෙහි අනවසෙසං ජානාති. නත්‍ථි එතස‍්ස සඞ‍්ඛතස‍්ස අසඞ‍්ඛතස‍්ස ච අවසෙසොති අනවසෙසං. සඞ‍්ඛතං අසඞ‍්ඛතඤ‍්ච. අනෙකභෙදාපි පඤ‍්ඤත‍්ති පච‍්චයෙහි අකතත‍්තා අසඞ‍්ඛතපක‍්ඛං භජති. සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණඤ‍්හි සබ‍්බාපි පඤ‍්ඤත‍්තියො අනෙකභෙදතො ජානාති. අථ වා සබ‍්බන‍්ති සබ‍්බධම‍්මග‍්ගහණං. අනවසෙසන‍්ති නිප‍්පදෙසග‍්ගහණං. තත්‍ථ ආවරණං නත්‍ථීති තත්‍ථ තස‍්මිං අනවසෙසෙ සඞ‍්ඛතාසඞ‍්ඛතෙ නිස‍්සඞ‍්ගත‍්තා සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණස‍්ස ආවරණං නත්‍ථීති තදෙව සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණං අනාවරණඤාණං නාමාති අත්‍ථො.

සබ්බං සංඛත මසංඛතං අනවසෙසං ජානාති යන මෙහි සබ්බං ජාති වශයෙන් සියලු ධර්මයන්ගේ ශේෂ රහිත ගැනීමයි. අනවසෙසං යනු එක් එක් ධර්මයාගේ සියලු ආකාර වශයෙන් ශේෂ රහිතව ගැනීමයි. සංඛත මසංඛතං යනු සංඛත යන්නෙහි දෙයාකාර ප්‍රභේද දැක්වීමයි. ප්‍රත්‍යයන් එක්ව කරන ලද සංඛතය, ස්කන්ධ පංචකය එක් ප්‍රභේදයකි. එසේ සංඛත තත්ත්වයට පත්නුවූයේ අසංඛතංයි. නිර්වාණයයි. සංඛතය අනිත්‍ය දුක්ඛ අනාත්මතාදී ආකාරයන්ගෙන් ශේෂ රහිතව දනියි. අසංඛතය සුඤ්ඤත අනිමිත්ත අප්‍රණිහිතාදී ආකාරයන්ගෙන් ශේෂ රහිතව දනියි. ඒ සංඛතයට හා අසංඛතයට ශේෂයක් නැත්තේනුයි අනවශේෂයි. සංඛතය හා අසංඛතය නොයෙක් ප්‍රභේද වූද, ප්‍රඥප්තිය ප්‍රත්‍යයන්ගෙන් නොකළ හෙයින් අසංඛත පක්‍ෂය භජනය කරයි. සර්වඥතාඤාණය වනාහි සියලු ප්‍රඥප්තීන් නොයෙක් භේද වශයෙන් දනියි. නොහොත් සබ්බං යනු සියලු ධර්මයන්ගේ ග්‍රහණයයි. අනවසෙසං යනු ශේෂ රහිතව ගැනීමයි. තත්‍ථ ආවරණං නත්‍ථීති යනු එහි එම ශේෂ රහිත සංඛතා සංඛතයන්හි ඇලීම් නැති හෙයින් සර්වඥතා ඥානයට ආවරණ නැත්තේනුයි එම සර්වඥතා ඥානයම අනාවරණ ඤාණ නමැයි අර්ථයි.

ඉදානි අනෙකවිසයභෙදතො දස‍්සෙතුං අතීතන‍්තිආදිමාහ. තත්‍ථ අතීතං අනාගතං පච‍්චුප‍්පන‍්නන‍්ති කාලභෙදතො දස‍්සිතං, චක‍්ඛු චෙව රූපා චාතිආදි වත්‍ථාරම‍්මණභෙදතො. එවං තං සබ‍්බන‍්ති තෙසං චක‍්ඛුරූපානං අනවසෙසපරියාදානං. එවං සෙසෙසු. යාවතාති අනවසෙසපරියාදානං. අනිච‍්චට‍්ඨන‍්තිආදි සාමඤ‍්ඤලක‍්ඛණභෙදතො දස‍්සිතං. අනිච‍්චට‍්ඨන‍්ති ච අනිච‍්චාකාරං. පච‍්චත‍්තත්‍ථෙ වා උපයොගවචනං. එස නයො එදිසෙසු. රූපස‍්සාතිආදි ඛන්‍ධභෙදතො දස‍්සිතං. චක‍්ඛුස‍්ස…පෙ… ජරාමරණස‍්සාති හෙට‍්ඨා වුත‍්තපෙය්‍යාලනයෙන යොජෙතබ‍්බං. අභිඤ‍්ඤායාතිආදීසු හෙට‍්ඨා වුත‍්තඤාණානෙව. අභිඤ‍්ඤට‍්ඨන‍්ති අභිජානනසභාවං. එස නයො එදිසෙසු. ඛන්‍ධානං ඛන්‍ධට‍්ඨන‍්තිආදි හෙට‍්ඨා වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං. කුසලෙ ධම‍්මෙතිආදි කුසලත‍්තිකවසෙන භෙදො. කාමාවචරෙ ධම‍්මෙතිආදි චතුභූමකවසෙන. උභයත්‍ථාපි “සබ‍්බෙ ජානාතී”ති බහුවචනපාඨො සුන්‍දරො. එකවචනසොතෙ පතිතත‍්තා පන පොත්‍ථකෙසු එකවචනෙන ලිඛිතං. දුක‍්ඛස‍්සාතිආදි චුද‍්දසන‍්නං බුද‍්ධඤාණානං විසයභෙදො. ඉන්‍ද්‍රියපරොපරියත‍්තෙ ඤාණන‍්තිආදීනි චත‍්තාරි ඤාණානි වත්‍වා සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණං කස‍්මා න වුත‍්තන‍්ති චෙ? වුච‍්චමානස‍්ස සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණත‍්තා. විසයභෙදතො හි සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණෙ වුච‍්චමානෙ තං ඤාණං න වත‍්තබ‍්බං හොති, සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණං පන සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණස‍්ස විසයො හොතියෙව.

දැන් නොයෙක් විෂය භේද වශයෙන් දක්වන්ට, අතීතං යනාදිය වදාළහ. එහි අතීත, අනාගත, වර්තමාන යන කාලභේද වශයෙන් දක්වන ලදි. චක්ඛුඤ්චෙව රූපාච ආදිය වස්තු අරමුණු භේදයෙන්, එතං සබ්බං යනු ඒ චක්‍ෂු රූපාදීන්ගේ ශේෂරහිතව ගැන්මයි. සෙස්සෙහිද මෙසේය. යාවතා යනු ශේෂරහිතව ගැනීමයි. අනිච්චට්ඨං යන ආදිය සමාන ස්වභාව ලක්‍ෂණ භේදයෙන් දක්වන ලදි. අනිච්චට්ඨං යනු අනිත්‍යාකාරයයි. ප්‍රථමාර්ථයෙහි ද්විතියා වචනයි. ඒ ආකාරයන්හි එම ක්‍රමයමැයි. රූපස්ස යනු ස්කන්ධ භේදයෙන් දක්වන ලදී. චක්ඛුස්ස -පෙ- ජරා මරණස්ස යනු යට කියන ලද පෙය්‍යාලයෙන් යෙදිය යුතුය. අභිඤ්ඤාය යනු යට කියන ලද ඤාණයෙන්ම, අභිඤ්ඤට්ඨං යනු දැනගන්නා ස්වභාවය. ඒ ආකාරයන්හි එම ක්‍රමයමැයි. ඛන්‍ධානං ඛන්‍ධට්ඨං ආදිය යට කියන ලද ක්‍රමයෙන්ම දතයුතුය. කුසලෙ ධම්මෙ යන ආදිය කුසලත්‍රික වශයෙන් භේදයයි. කාමාවචර ධම්මෙ යන ආදිය සිව් භූමි වශයෙනි. දෙ අයුරින්ම සබ්බෙ ජානාති යන මෙහි බහුවචන පාඨය වඩා යහපත්ය. ඒකවචන ස්‍රොතයෙහි වැටුණු හෙයින් පොත්වල ඒකවචනයෙන් ලියන ලදි. දුක්ඛස්ස යන ආදිය තුදුස් බුද්ධ ඤාණයන්ගේ විෂය භේදයයි. ඉන්‍ද්‍රිය පරොපරියත්තෙ ඤාණං යනාදී සිව් ඤාණයන් කියා, සර්වඥතා ඥානය කවර හෙයින් නොකියන ලද්දේද යත්? කියනු ලබන කල්හි, සර්වඥතා ඥානත්වයෙහි විෂය භේදවන හෙයින්, සර්වඥතා ඥානය කියන කල්හි එම ඤාණය නොකිව යුතු වෙයි. සර්වඥතා ඤාණය වනාහි සර්වඥතා ඤාණයටම විෂය වේ.

පුන කාළකාරාමසුත‍්තන‍්තාදීසු (අ· නි· 4.24) වුත‍්තනයෙන සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණභූමිං දස‍්සෙන‍්තො යාවතා සදෙවකස‍්ස ලොකස‍්සාතිආදිමාහ. තත්‍ථ සහ දෙවෙහි සදෙවකස‍්ස. සහ මාරෙන සමාරකස‍්ස . සහ බ්‍රහ‍්මුනා සබ්‍රහ‍්මකස‍්ස ලොකස‍්ස. සහ සමණබ්‍රාහ‍්මණෙහි සස‍්සමණබ්‍රාහ‍්මණියා. සහ දෙවමනුස‍්සෙහි සදෙවමනුස‍්සාය පජාය. පජාතත‍්තා පජාති සත‍්තලොකස‍්ස පරියායවචනමෙතං. තත්‍ථ සදෙවකවචනෙන පඤ‍්චකාමාවචරදෙවග‍්ගහණං, සමාරකවචනෙන ඡට‍්ඨකාමාවචරදෙවග‍්ගහණං, සබ්‍රහ‍්මකවචනෙන බ්‍රහ‍්මකායිකාදිබ්‍රහ‍්මග‍්ගහණං, සස‍්සමණබ්‍රාහ‍්මණිවචනෙන සාසනස‍්ස පච‍්චත්‍ථිකපච‍්චාමිත‍්තසමණබ්‍රාහ‍්මණග‍්ගහණං සමිතපාපබාහිතපාපසමණබ්‍රාහ‍්මණග‍්ගහණඤ‍්ච, පජාවචනෙන සත‍්තලොකග‍්ගහණං, සදෙවමනුස‍්සවචනෙන සම‍්මුතිදෙවසෙසමනුස‍්සග‍්ගහණං වෙදිතබ‍්බං. එවමෙත්‍ථ තීහි පදෙහි ඔකාසලොකො, ද‍්වීහි පජාවසෙන සත‍්තලොකො ගහිතොති වෙදිතබ‍්බො.

නැවත කාලාකාරම සූත්‍රාදීන්හි කියන ලද ක්‍රමයෙන්ම සර්වඥතා ඤාණ භූමි දක්වන්නේ ‘යාවතා සදෙවකස්ස ලොකස්ස’ යනාදිය දෙසූහ. එහි දෙවියන් සහිත වූයේ සදෙවකස්සයි මාරයා සමග වූයේ සමාරකස්සයි. බ්‍රහ්මයා සමග වූයේ සබ්‍රහ්මකස්සයි. සමණ බ්‍රාහ්මණයන් සහිත ලෝකයාගේ, දෙව් මිනිසුන් සහිත වූයේ සදෙව මනුස්සාය යි. ප්‍රජාවගේ, ප්‍රජාවට අයත් බැවින් පජා යනු සත්ත්ව ලෝකයට එය සමාන වචනයකි. එහි සදෙවක වචනයෙන් පඤ්ච කාමාවචර දේව සමූහයයි. සමාරක වචනයෙන් ෂට් කාමාවචර දේව සමූහයයි. සබ්‍රහ්මක වචනයෙන් බ්‍රහ්ම කායිකාදී බ්‍රහ්ම ගහණයයි. සස්සමණ බ්‍රාහ්මණී වචනයෙන් සාසනයට විරුද්ධ, පසමිතුරු ශ්‍රමණ බ්‍රාහ්මණ සමූහයයි. සංසිඳවූ පාපයන් ඇති, යටපත් කළ පාපයන් ඇති ශ්‍රමණ බ්‍රාහ්මණ සමූහයාද ගැනේ. ප්‍රජා වචනයෙන් සත්ත්ව ලෝක සමූහයයි. සදෙව මනුස්ස වචනයෙන් සම්මුති දෙවිවරුද, සෙසු මිනිස් සමූහයාද වේ. මෙසේ මෙහි තෙපදයන්ගෙන් අවකාශ ලෝකයද, දෙපදයකින් ප්‍රජා වශයෙන් සත්ත්ව ලෝකය ගන්නා ලදි.

අපරො නයො – සදෙවකග‍්ගහණෙන අරූපාවචරලොකො ගහිතො, සමාරකග‍්ගහණෙන ඡකාමාවචරදෙවලොකො, සබ්‍රහ‍්මකග‍්ගහණෙන රූපාවචරබ්‍රහ‍්මලොකො, සස‍්සමණබ්‍රාහ‍්මණාදිග‍්ගහණෙන චතුපරිසවසෙන, සම‍්මුතිදෙවෙහි වා සහ මනුස‍්සලොකො, අවසෙසසත‍්තලොකො වා.

අනෙක් ක්‍රමයක්, සදෙවක ග්‍රහණයෙන් අරූපාවචර ලෝකය ගන්නා ලදී. සමාරක ග්‍රහණයෙන් ෂට් කාමාවචර දේව ලෝකද, සබ්‍රහ්මක ග්‍රහණයෙන් රූපාවචර බ්‍රහ්ම ලෝකයද, සස්සමණ බ්‍රාහ්මණාදී ග්‍රහණයෙන් සිව් පිරිස් වශයෙන් සම්මුති දෙවියන් වශයෙන් හෝ මිනිස්ලොව සහිත සෙසු සත්ත්ව ලෝකය හෝ ගැනේ.

අපිචෙත්‍ථ සදෙවකවචනෙන උක‍්කට‍්ඨපරිච‍්ඡෙදතො සබ‍්බස‍්සපි ලොකස‍්ස දිට‍්ඨාදිජානනභාවං සාධෙති. තතො යෙසං සියා “මාරො මහානුභාවො ඡකාමාවචරිස‍්සරො වසවත‍්තී, කිං තස‍්සාපි දිට‍්ඨාදිං ජානාතී”ති, තෙසං විමතිං විධමන‍්තො “සමාරකස‍්සා”ති ආහ. යෙසං පන සියා “බ්‍රහ‍්මා මහානුභාවො එකඞ‍්ගුලියා එකස‍්මිං චක‍්කවාළසහස‍්සෙ ආලොකං ඵරති, ද‍්වීහි…පෙ… දසහි අඞ‍්ගුලීහි දසසු චක‍්කවාළසහස‍්සෙසු ආලොකං ඵරති, අනුත‍්තරඤ‍්ච ඣානසමාපත‍්තිසුඛං පටිසංවෙදෙති, කිං තස‍්සාපි දිට‍්ඨාදිං ජානාතී”ති, තෙසං විමතිං විධමන‍්තො “සබ්‍රහ‍්මකස‍්සා”ති ආහ. තතො යෙසං සියා “පුථූ සමණබ්‍රාහ‍්මණා සාසනස‍්ස පච‍්චත්‍ථිකා, කිං තෙසම‍්පි දිට‍්ඨාදිං ජානාතී”ති, තෙසං විමතිං විධමන‍්තො “සස‍්සමණබ්‍රාහ‍්මණියා පජායා”ති ආහ. එවං උක‍්කට‍්ඨානං දිට‍්ඨාදිජානනභාවං පකාසෙත්‍වා අථ සම‍්මුතිදෙවෙ අවසෙසමනුස‍්සෙ ච උපාදාය උක‍්කට‍්ඨපරිච‍්ඡෙදවසෙන සෙසසත‍්තලොකස‍්ස දිට‍්ඨාදිජානනභාවං පකාසෙති. අයමෙත්‍ථ අනුසන්‍ධික‍්කමො. පොරාණා පනාහු – සදෙවකස‍්සාති දෙවතාහි සද‍්ධිං අවසෙසලොකස‍්ස . සමාරකස‍්සාති මාරෙන සද‍්ධිං අවසෙසලොකස‍්ස. සබ්‍රහ‍්මකස‍්සාති බ්‍රහ‍්මෙහි සද‍්ධිං අවසෙසලොකස‍්ස. එවං සබ‍්බෙපි තිභවූපගෙ සත‍්තෙ තීහාකාරෙහි තීසු පදෙසු පක‍්ඛිපිත්‍වා පුන ද‍්වීහාකාරෙහි පරියාදාතුං සස‍්සමණබ්‍රාහ‍්මණියා පජාය සදෙවමනුස‍්සායාති වුත‍්තං. එවං පඤ‍්චහි පදෙහි තෙන තෙන ආකාරෙන තෙධාතුකමෙව පරියාදින‍්නං හොතීති.

තවද මෙහි සදෙවක වචනයෙන් උත්කෘෂ්ට පරිච්ඡේදයෙන් සියලු ලෝකයාගේ දැකීම් ආදිය දන්නා බැව් ඔප්පු කරයි. ඉන් සමහරුන්ට මෙසේ සිතක් වන්නේය. මාරදිව්‍ය පුත්‍රයා මහානුභාවය. ෂට් කාමාවචර ලෝකයන්ට ඓශ්වර්යයි. ලෝකය සිය වසයෙහි පවත්වයි. කිමෙක්ද, ඔහුගේද දැකීම් ආදිය දනීද, ඔවුන්ගේ විමතිය දුරුකරන්නේ මාරයා සහිතයයි දෙසූහ. යම් කෙනෙකුන්ට මෙබඳු අදහසක් විය හැකිය. බ්‍රහ්මයා මහානුභාවය. එක් ඇඟිල්ලකින් එක් සක්වළැ දහසෙක ආලෝකය පතුරුවයි. ඉතා උතුම් ධ්‍යාන සමාපත්ති සුවයද විඳියි. කිමෙක්ද, ඔහුගේද දැකීම් ආදිය දනීද? ඔවුන්ගේ විමතිය දුරුකරන්නේ (සබ්‍රහ්මකස්ස) බ්‍රහ්මයා සහිතයැයි වදාළහ. ඉක්බිති යමෙකුන්ට මෙබඳු අදහසක් විය හැකිය. බොහෝ මහණ බමුණෝ සාසනයට සතුරෝ වෙති. කිමෙක්ද ඔවුන්ගේද දැකීම් ආදිය දනීද? ඔවුන්ගේ විමතිය දුරුකරන්නේ ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ප්‍රජාවයයි වදාළහ. මෙසේ උත්කෘෂ්ටයන්ගේ දැකීම් ආදිය දන්නා බැව් ප්‍රකාශකොට නැවත සම්මුති දෙවිවරුන්ද සෙසු මිනිසුන්ද ගෙන, උත්කෘෂ්ට පරිච්ඡේද වශයෙන් සෙසු සත්ත්ව ලේකයාගේ දැකීම් ආදිය දන්නා බැව් ප්‍රකාශ කරයි. මේ මෙහි අනුසන්ධි ක්‍රමයයි. පෞරාණිකයෝ කීහු. සදෙවකස්ස යනු දෙවියන් සහිත ලෝකයා විසින්, සමාරකස්ස යනු මරුන් සහිත වූ සෙසු ලෝකයා විසින් සබ්‍රහ්මකස්ස යනු බඹුන් සහිත සෙසු ලෝකයා විසින්, මෙසේ සියලුම ත්‍රිභවයන්ට ඇතුළත් සත්ත්වයින් ත්‍රිවිධාකාරයන්ගෙන් තෙපදයන්හි බහා දෙයාකාරයන්ගෙන් ග්‍රහණයට සස්සමණ බ්‍රාහ්මණියා පජාය සදෙව මනුස්සාය යනාදිය යූ.සේයි. මේ පස්වැදෑරුම් පදයන්ගෙන් ඒ ඒ ආකාරයෙන් ත්‍රෛධාතුක ලෝකය හාත්පසින් ගන්නා ලද්දේ වේ.

දිට‍්ඨන‍්ති රූපායතනං. සුතන‍්ති සද‍්දායතනං. මුතන‍්ති පත්‍වා ගහෙතබ‍්බතො ගන්‍ධායතනං, රසායතනං, ඵොට‍්ඨබ‍්බායතනං. විඤ‍්ඤාතන‍්ති සුඛදුක‍්ඛාදිධම‍්මාරම‍්මණං. පත‍්තන‍්ති පරියෙසිත්‍වා වා අපරියෙසිත්‍වා වා පත‍්තං. පරියෙසිතන‍්ති පත‍්තං වා අප‍්පත‍්තං වා පරියෙසිතං. අනුවිචරිතං මනසාති චිත‍්තෙන අනුසඤ‍්චරිතං. සබ‍්බං ජානාතීති ඉමිනා එතං දස‍්සෙති – යං අපරිමානාසු ලොකධාතූසු ඉමස‍්ස සදෙවකස‍්ස ලොකස‍්ස “නීලං පීත”න‍්තිආදි (ධ· ස· 619) රූපාරම‍්මණං චක‍්ඛුද‍්වාරෙ ආපාථං ආගච‍්ඡති, අයං සත‍්තො ඉමස‍්මිං ඛණෙ ඉමං නාම රූපාරම‍්මණං දිස‍්වා සුමනො වා දුම‍්මනො වා මජ‍්ඣත‍්තො වා ජාතොති තං සබ‍්බං තථාගතස‍්ස සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණං ජානාති. තථා යං අපරිමාණාසු ලොකධාතූසු ඉමස‍්ස සදෙවකස‍්ස ලොකස‍්ස “භෙරිසද‍්දො, මුදිඞ‍්ගසද‍්දො”තිආදි සද‍්දාරම‍්මණං සොතද‍්වාරෙ ආපාථං ආගච‍්ඡති, “මූලගන්‍ධො තචගන්‍ධො”තිආදි (ධ· ස· 624-627) ගන්‍ධාරම‍්මණං ඝානද‍්වාරෙ ආපාථං ආගච‍්ඡති, “මූලරසො, ඛන්‍ධරසො”තිආදි (ධ· ස· 628-631) රසාරම‍්මණං ජිව‍්හාද‍්වාරෙ ආපාථං ආගච‍්ඡති, “කක‍්ඛළං, මුදුක”න‍්තිආදි (ධ· ස· 647-650) පථවීධාතුතෙජොධාතුවායොධාතුභෙදං ඵොට‍්ඨබ‍්බාරම‍්මණං කායද‍්වාරෙ ආපාථං ආගච‍්ඡති, අයං සත‍්තො ඉමස‍්මිං ඛණෙ ඉමං නාම ඵොට‍්ඨබ‍්බාරම‍්මණං ඵුසිත්‍වා සුමනො වා දුම‍්මනො වා මජ‍්ඣත‍්තො වා ජාතොති තං සබ‍්බං තථාගතස‍්ස සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණං ජානාති. තථා යං අපරිමාණාසු ලොකධාතූසු ඉමස‍්ස සදෙවකස‍්ස ලොකස‍්ස සුඛදුක‍්ඛාදිභෙදං ධම‍්මාරම‍්මණං මනොද‍්වාරෙ ආපාථං ආගච‍්ඡති, අයං සත‍්තො ඉමස‍්මිං ඛණෙ ඉමං නාම ධම‍්මාරම‍්මණං විජානිත්‍වා සුමනො වා දුම‍්මනො වා මජ‍්ඣත‍්තො වා ජාතොති තං සබ‍්බං තථාගතස‍්ස සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණං ජානාති. ඉමස‍්ස පන මහාජනස‍්ස පරියෙසිත්‍වා අප‍්පත‍්තම‍්පි අත්‍ථි, පරියෙසිත්‍වා පත‍්තම‍්පි අත්‍ථි. අපරියෙසිත්‍වා අප‍්පත‍්තම‍්පි අත්‍ථි, අපරියෙසිත්‍වා පත‍්තම‍්පි අත්‍ථි. සබ‍්බං තථාගතස‍්ස සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණෙන අප‍්පත‍්තං නාම නත්‍ථීති.

දිට්ඨං යනු රූපායතනයයි. සුතං යනු ශබ්දායතනයයි. මුතං යනු වෙත පැමිණ ගතයුතු හෙයින්, ගන්ධ, රස, ස්පර්ශයෝය. විඤ්ඤාතං යනු සුවදුක් ආදී ධර්මාරම්මණයි. පත්තං යනු සොයා හෝ නොසොයා පැමිණෙන ලද, පරියෙසිතං යන පැමිණි හෝ නොපැමිණි සොයන ලද. අනුවිචරිතං මනසා මනසින් විමසන ලද, (හැසිරෙන ලද) සබ්බං ජානාති මෙයින් එය දක්වයි. මේ සදේවක ලෝකයෙහි යම් පමණ අප්‍රමාණ ලෝකධාතූන්හි නිල්, කහ ආදී රූපාරම්මණයක් චක්‍ෂුද්වාරයෙහි හමුවට ඒද? මෙම සත්ත්වයා මෙම ක්‍ෂණයෙහි මෙනම් රූපාරම්මණයක් දැක සුන්දර මනසක් හෝ අසුන්දර මනසක් හෝ මධ්‍යස්ථ හෝ වූයේයයි ඒ සියල්ල තථාගතයන් වහන්සේගේ සර්වඥතා ඤාණය දනී. එසේම මේ සදේවක ලෝකයෙහි යම්පමණ අප්‍රමාණ ලෝකධාතූන්හි බෙර ශබ්දය ආදි ශබ්දාරම්මණයක් ශ්‍රෝතද්වාරයෙහි හමුවට එයිද? මුලෙහි ගද, පොත්තෙහි ගඳ ආදී (සුගඳ-දුගඳ) ගන්ධාරම්මණයක් ඝ්‍රාණද්වාරයෙහි හමුවට එයිද? මුලෙහි රස, කඳෙහි රසයැයි රසාරම්මණයක් ජිව්හා ද්වාරයෙහි හමුවට එයිද? කර්කශ, මොළොක් ආදී පෘථුවි ධාතු, තේජෝ ධාතු, වායො ධාතු ආදී භේද වූ ස්පර්ශාරම්මණය කාය ද්වාරයෙහි හමුවට එයිද? මෙම සත්ත්වයා මෙම ක්‍ෂණයෙහි මෙනම් ස්පර්ශාරම්මණය ස්පර්ශකොට සුන්දර මනසක් හෝ අසුන්දර මනසක් හෝ මධ්‍යස්ථ හෝ වූයේ යයි සියල්ල තථාගතයන් වහන්සේගේ සර්වඥතා ඤාණ දනියි. එසේම මේ සදේවක ලෝකයෙහි, යම් පමණ අප්‍රමාණ ලෝකධාතූන්හි සුවදුක් ආදී භේද වූ ධර්මාරම්මණයක මනෝද්වාරයෙහි හමුවට එයිද මෙම සත්ත්වයා මෙම ක්‍ෂණයෙහි මෙනම් ස්පර්ශාරම්මණය ස්පර්ශකොට සුන්දර මනසක් හෝ අසුන්දර මනසක් හෝ මධ්‍යස්ථ හෝ වූයේයයි සියල්ල තථාගතයන් වහන්සේගේ සර්වඥතා ඤාණය දනියි. එසේම මේ සදේවක ලෝකයෙහි, යම් පමණ අප්‍රමාණ ලෝක ධාතූන්හි සුවදුක් ආදී භේද වූ ධර්මාරම්මණයක් මනෝද්වාරයෙහි හමුවට එයිද? මේ සත්ත්වයා මෙම ක්‍ෂණයෙහි මෙනම් ධර්මාරම්මණයක් දැන, සුන්දර මනසක් හෝ අසුන්දර මනසක් හෝ මධ්‍යස්ථ හෝ වූයේ යයි සියල්ල තථාගතයන් වහන්සේගේ සර්වඥතා ඤාණය දනියි.

පුන අපරෙන පරියායෙන සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණභාවසාධනත්‍ථං න තස‍්සාති ගාථමාහ. තත්‍ථ න තස‍්ස අද‍්දිට‍්ඨමිධත්‍ථි කිඤ‍්චීති තස‍්ස තථාගතස‍්ස ඉධ ඉමස‍්මිං තෙධාතුකෙ ලොකෙ, ඉමස‍්මිං පච‍්චුප‍්පන‍්නකාලෙ වා පඤ‍්ඤාචක‍්ඛුනා අද‍්දිට‍්ඨං නාම කිඤ‍්චි අප‍්පමත‍්තකම‍්පි න අත්‍ථි න සංවිජ‍්ජති. අත්‍ථීති ඉදං වත‍්තමානකාලිකං ආඛ්‍යාතපදං. ඉමිනා පච‍්චුප‍්පන‍්නකාලිකස‍්ස සබ‍්බධම‍්මස‍්ස ඤාතභාවං දස‍්සෙති. ගාථාබන්‍ධසුඛත්‍ථං පනෙත්‍ථ ද-කාරො සංයුත‍්තො. අථො අවිඤ‍්ඤාතන‍්ති එත්‍ථ අථොඉති වචනොපාදානෙ නිපාතො. අවිඤ‍්ඤාතන‍්ති අතීතකාලිකං අවිඤ‍්ඤාතං නාම කිඤ‍්චි ධම‍්මජාතං. නාහොසීති පාඨසෙසො. අබ්‍යයභූතස‍්ස අත්‍ථිසද‍්දස‍්ස ගහණෙ පාඨසෙසං විනාපි යුජ‍්ජතියෙව. ඉමිනා අතීතකාලිකස‍්ස සබ‍්බධම‍්මස‍්ස ඤාතභාවං දස‍්සෙති . අජානිතබ‍්බන‍්ති අනාගතකාලිකං අජානිතබ‍්බං නාම ධම‍්මජාතං න භවිස‍්සති, නත්‍ථි වා. ඉමිනා අනාගතකාලිකස‍්ස සබ‍්බධම‍්මස‍්ස ඤාතභාවං දස‍්සෙති. ජානනකිරියාවිසෙසනමත‍්තමෙව වා එත්‍ථ අ-කාරො. සබ‍්බං අභිඤ‍්ඤාසි යදත්‍ථි නෙය්‍යන‍්ති එත්‍ථ යං තෙකාලිකං වා කාලවිමුත‍්තං වා නෙය්‍යං ජානිතබ‍්බං කිඤ‍්චි ධම‍්මජාතං අත්‍ථි, තං සබ‍්බං තථාගතො අභිඤ‍්ඤාසි අධිකෙන සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණෙන ජානි පටිවිජ‍්ඣි. එත්‍ථ අත්‍ථිසද‍්දෙන තෙකාලිකස‍්ස කාලවිමුත‍්තස‍්ස ච ගහණා අත්‍ථි-සද‍්දො අබ්‍යයභූතොයෙව දට‍්ඨබ‍්බො. තථාගතො තෙන සමන‍්තචක‍්ඛූති කාලවසෙන ඔකාසවසෙන ච නිප‍්පදෙසත‍්තා සමන‍්තා සබ‍්බතො පවත‍්තං ඤාණචක‍්ඛු අස‍්සාති සමන‍්තචක‍්ඛු. තෙන යථාවුත‍්තෙන කාරණෙන තථාගතො සමන‍්තචක‍්ඛු, සබ‍්බඤ‍්ඤූති වුත‍්තං හොති. ඉමිස‍්සා ගාථාය පුග‍්ගලාධිට‍්ඨානාය දෙසනාය සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණං සාධිතං.

මෙයට මහජනයාගේ සොයා නොපැමිණියේද ඇත. සොයා පැමිණියේද ඇත. නොසොයා නොපැමිණියේද ඇත. නොසොයා පැමිණියේද ඇත. සියල්ල තථාගතයන් වහන්සේගේ සර්වඥතා ඥානයෙන් නොපැමිණියේ නම් නැතැයි වෙනත් ක්‍රමයකින් සර්වඥභාවය දැක්වීම සඳහා ‘න තස්ස’ යන ගාථාව වදාළහ. එහි න තස්ස අදිට්ඨමිධත්‍ථි කිඤ්චි යනු ඒ තථාගතයන් වහන්සේට මෙහි මෙම ත්‍රෛලෝක ධාතුයෙහි මෙම වත්මනැ පැනැසින් නුදුටු ස්වල්පමාත්‍ර වූද කිසිවක් නොමැත. විද්‍යමාන නොවේ. අර්ථ යන මෙය වර්තමානකාලික ආඛ්‍යාත පදයයි. මින් වර්තමාන කාලයට අයත් සියලු ධර්මයන්ගේ දත්බව දක්වයි. ගාථා බන්ධන පහසුව සඳහා ‘ද’ කාරය එක්කරන ලදි. අථො අවිඤ්ඤාතං යනු මෙහි ‘අථො’ යනු වචන ගැන්මෙහි නිපාතයි. අවිඤ්ඤාතං යනු අතීතකාලික නොදත් කිසි ධර්ම සමූහයක් නාහොසි යනු පාඨ ශේෂයයි. අව්‍යය වූ අත්‍ථි ශබ්දයාගේ ග්‍රහණයෙහි පාඨශේෂය නොමැතිවද යෙදේමය. මින් අතීතකාලික සියලු ධර්මයෙහි දත්බව දක්වයි. අජානි තබ්බං යනු අනාගතකාලික නොදතයුතු ධර්ම සමූයක් නම් නොවන්නේය. නොමැති හෝ වෙයි. මෙයින් අනාගතකාලික සියලු ධර්මයාගේ දත්බව දක්වයි. මෙහි අකාරය දැනුම් ක්‍රියා විශේෂණ මාත්‍රයක්මය. සබ්බං අභිඤ්ඤායි යදථි නෙය්‍යං යනු මෙහි යම් ත්‍රෛකාලික හේ කාලවිමුක්ත හෝ දතයුතු - දැනගත යුතු කිසි ධර්ම සමූහයක් ඇත්ද? ඒ සියල්ල තථාගතයන් වහන්සේ මනාව දැනගත් සේක. සර්වඥතා ඥානයෙන් දැනගත් සේක. ප්‍රතිවේධ කළ සේක. මෙහි අත්‍ථි ශබ්දයෙන් ත්‍රෛකාලිකද කාලවිමුක්තද ග්‍රහණය කළේය. අත්‍ථි ශබ්දය ක්‍ෂය නුවූයේම යයි දතයුතුයි. තථාගතො තෙන සමන්ත චක්ඛු යනු කාල වශයෙන්ද, අවකාශ වශයෙන්ද, (සීමා) ශේෂ රහිතව, හාත්පස සර්වාකාරයෙන් පවත්නා නැණැස වූයේනුයි සමන්ත චක්ඛුයි. ඒ කියන ලද කාරණයෙන් තථාගතයන් වහන්සේ ඒ සමන්ත චක්ඛුයි. සියල්ල දත් සේකැයි යූ.සේයි. මෙම ගාථාවෙහි පුද්ගලාධිෂ්ඨාන දේශනාවෙන් සර්වඥතා ඥානය සිද්ධය.

පුන බුද‍්ධඤාණානං විසයවසෙන සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණං දස‍්සෙතුකාමො සමන‍්තචක‍්ඛූති කෙනට‍්ඨෙන සමන‍්තචක‍්ඛූතිආදිමාහ. තත්‍ථ ගාථාය සමන‍්තචක‍්ඛූති වුත‍්තපදෙ යං තං සමන‍්තචක‍්ඛු, තං කෙනට‍්ඨෙන සමන‍්තචක‍්ඛූති අත්‍ථො. අත්‍ථො පනස‍්ස යාවතා දුක‍්ඛස‍්ස දුක‍්ඛට‍්ඨොතිආදීහි වුත‍්තොයෙව හොති. සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණඤ‍්හි සමන‍්තචක‍්ඛු. යථාහ – “සමන‍්තචක‍්ඛු වුච‍්චති සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණ”න‍්ති (චූළනි· ධොතකමාණවපුච‍්ඡානිද‍්දෙස 32). තස‍්මිං සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණට‍්ඨෙ වුත‍්තෙ සමන‍්තචක‍්ඛුට‍්ඨො වුත‍්තොයෙව හොතීති. බුද‍්ධස‍්සෙව ඤාණානීති බුද‍්ධඤාණානි. දුක‍්ඛෙ ඤාණාදීනිපි හි සබ‍්බාකාරෙන බුද‍්ධස‍්සෙව භගවතො පවත‍්තන‍්ති, ඉතරෙසං පන එකදෙසමත‍්තෙනෙව පවත‍්තන‍්ති. සාවකසාධාරණානීති පන එකදෙසෙනාපි අත්‍ථිතං සන්‍ධාය වුත‍්තං. සබ‍්බො ඤාතොති සබ‍්බො ඤාණෙන ඤාතො. අඤ‍්ඤාතො දුක‍්ඛට‍්ඨො නත්‍ථීති වුත‍්තමෙව අත්‍ථං පටිසෙධෙන විභාවෙති. සබ‍්බො දිට‍්ඨොති න කෙවලං ඤාතමත‍්තොයෙව, අථ ඛො චක‍්ඛුනා දිට‍්ඨො විය කතො. සබ‍්බො විදිතොති න කෙවලං දිට‍්ඨමත‍්තොයෙව, අථ ඛො පාකටො. සබ‍්බො සච‍්ඡිකතොති න කෙවලං විදිතොයෙව, අථ ඛො තත්‍ථ ඤාණපටිලාභවසෙන පච‍්චක‍්ඛීකතො. සබ‍්බො ඵස‍්සිතොති න කෙවලං සච‍්ඡිකතොයෙව, අථ ඛො පුනප‍්පුනං යථාරුචි සමුදාචාරවසෙන ඵුට‍්ඨොති. අථ වා ඤාතො සභාවලක‍්ඛණවසෙන. දිට‍්ඨො සාමඤ‍්ඤලක‍්ඛණවසෙන. විදිතො රසවසෙන. සච‍්ඡිකතො පච‍්චුපට‍්ඨානවසෙන . ඵස‍්සිතො පදට‍්ඨානවසෙන. අථ වා ඤාතො ඤාණුප‍්පාදවසෙන. දිට‍්ඨො චක‍්ඛුප‍්පාදවසෙන. විදිතො පඤ‍්ඤුප‍්පාදවසෙන. සච‍්ඡිකතො විජ‍්ජුප‍්පාදවසෙන. ඵස‍්සිතො ආලොකුප‍්පාදවසෙන. “යාවතා දුක‍්ඛස‍්ස දුක‍්ඛට‍්ඨො, සබ‍්බො දිට‍්ඨො, අදිට‍්ඨො දුක‍්ඛට‍්ඨො නත්‍ථී”තිආදිනා නයෙන ච “යාවතා සදෙවකස‍්ස ලොකස‍්ස…පෙ… අනුවිචරිතං මනසා, සබ‍්බං ඤාතං, අඤ‍්ඤාතං නත්‍ථී”තිආදිනා නයෙන ච විත්‍ථාරො වෙදිතබ‍්බො. පඨමං වුත‍්තගාථා නිගමනවසෙන පුන වුත‍්තා. තංනිගමනෙයෙව හි කතෙ ඤාණනිගමනම‍්පි කතමෙව හොතීති.

නැවත බුද්ධ ඤාණයන්ට විෂය වශයෙන් සර්වඥතා ඥානය දක්වනු කැමැත්තේ, සමන්ත චක්ඛූති, කෙනට්ඨෙන සමන්ත චක්ඛූ යන ආදිය දෙසූහ. එහි ගාථාවෙහි සමන්ත චක්ඛුයි කියන ලද පදයෙහි යම් ඒ සමන්ත චක්‍ෂුවක් වේද? එය කවරාර්ථයෙන් සමන්ත චක්‍ෂුද යන අර්ථයි. එහි අර්ථය වනාහි යාවතා දුක්ඛස්ස දුක්ඛට්ඨො ආදීන්හි කියන ලද්දේම වේ. සර්වඥතා ඥානය වනාහි සමන්ත චක්‍ෂුයි. දෙසූ පරිදි, සමන්ත චක්‍ෂුයයි සර්වඥතා ඥානය කියනු ලැබේ. එහි සර්වඥතා ඥානාර්ථය කී කල්හි සමන්ත චක්‍ෂු අර්ථය කියන ලද්දේම වේ. බුදුන්ගේම ඤාණ නුයි බුද්ධ ඤාණානියි. දුක්ඛෙ ඤාණාදීනිපි දුක්ඛෙ ඤාණාදීහුද සර්වප්‍රකාරයෙන්ම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේටම පවතිත්. අනෙක් අයට එක් කොටස් මාත්‍රයක් වශයෙන්ම (ඉතා සුළුවෙන්) පවතිත්. සාවක සාධාරණානි යනු එක් කොටසක් වශයෙන් ඇත. ඒ සඳහා යූ.සේයි. සබ්බො ඤාතො යනු සියල්ල ඤාණයෙන් දත්තේය. අඤ්ඤාතො දුක්ඛට්ඨො නත්‍ථි යනු කියන ලද අර්ථයම වැළැක්මෙන් පැහැදිලි කරයි. සබ්බො දිට්ඨො යනු හුදෙක් දැනගත් පමණම නොවේ. තව, ඇසින් දුටුවාක් මෙන් කරන ලදි. සබ්බො විදිතො යනු හුදෙක් දිටි මාත්‍රයම නොවේ. තවද එය ප්‍රකටය. සබ්බො සච්ඡිකතො යනු හුදෙක් දත්තේම පමණෙක් නොවේ. වැලිත් එහි නුවණ ප්‍රතිලාභ වශයෙන් ප්‍රත්‍යක්‍ෂ කරන ලදී. සබ්බො ඵස්සිතො යනු හුදෙක් සාක්‍ෂාත් කරන ලද්දේම නොවේ. වැලිත් කැමැති පරිද්දෙන් නැවත නැවත නිතර හැසිරීම් වශයෙන් ස්පර්ශ කරන ලද්දේ වේ. නොහොත් ඤාතො ස්වභාව ලක්‍ෂණ වශයෙන් දතුයේ, දිට්ඨො ස්වභාව ලක්‍ෂණ වශයෙන් දිටියේ, විදිතො රස වශයෙන් විඳිනා ලදුයේ, සච්ඡිකතො වැටහීම් වශයෙන් සාක්‍ෂාත් කරන ලදුයේ. ඵස්සිතො ආසන්න කරුණ වශයෙන් ස්පර්ශ කරන ලදුයේ නොහොත්. ඤාණෝත්පාද වශයෙන් දන්නා ලදුයේ, චක්‍ෂුත් පාද වශයෙන් දක්නා ලදුයේ, ප්‍රඥොත්පාද වශයෙන් දන්නා ලදුයේ, විද්‍යෝත්පාද වශයෙන් සාක්‍ෂාත් කරන ලදුයේ, ආලෝකෝත්පාද වශයෙන් ස්පර්ශ කරන ලදුයේ, යාවතා දුක්ඛස්ස දුක්ඛට්ඨො සබ්බො දිට්ඨො, අදිට්ඨො දුක්ඛට්ඨො නත්‍ථි දුක්ඛයාගේ යම්පමණ දුක්ඛාර්ථයක් වේද, ඒ සියල්ල දුටුයේය. නොදිටි දුක්ඛාර්ථයක් නැතැයි ආදි ක්‍රමයෙන්ද, යාවතා සදෙවකස්ස ලොකස්ස -පෙ- අනුවිචරිතං මනසා සබ්බං ඤාතං අඤ්ඤතං නත්‍ථිති යනාදී ක්‍රමයෙන් යම්පමණ දෙවියන් සහිත ලෝකයා විසින් -පෙ- සිතින් හැසිරිණිද? ඒ සියල්ල දතුයේය. නොදත් දැයක් නැත්තේයයි ආදී ක්‍රමයෙන් විස්තරය දතයුත්තේය. ප්‍රථමයෙන් කියන ලද ගාථාවෙහි නිගමන වශයෙන් නැවත යූ.සේයි. එහි නිගමනය කළ කල්හි ඤාණ නිගමනයද කරන ලද්දේම වේ.

සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණනිද‍්දෙසවණ‍්ණනා නිට‍්ඨිතා.

සර්වඥතා ඤාණ නිර්දේශ වර්ණනාව නිමි.

සද‍්ධම‍්මප‍්පකාසිනියා පටිසම‍්භිදාමග‍්ග-අට‍්ඨකථාය

සද්ධර්ම ප්‍රකාශනී නම් වූ ප්‍රතිසම්භිදා මාර්ග අර්ථ කථාවෙහි

ඤාණකථාවණ‍්ණනා නිට‍්ඨිතා.

ඤාණ කථා වර්ණනාව නිමි.