යෙදුමෙන් කියවන්න

1. අස‍්සාදදිට‍්ඨිනිද‍්දෙසවණ‍්ණනා අට‍්ඨකථා

1. අස‍්සාදදිට‍්ඨිනිද‍්දෙසවණ‍්ණනා

1. ආස්වාද දෘෂ්ටි නිර්දේශ වර්ණනාව

ඉදානි ඤාණකථානන‍්තරං කථිතාය දිට‍්ඨිකථාය අනුපුබ‍්බඅනුවණ‍්ණනා අනුප‍්පත‍්තා. අයඤ‍්හි දිට‍්ඨිකථා ඤාණකථාය කතඤාණපරිචයස‍්ස සමධිගතසම‍්මාදිට‍්ඨිස‍්ස මිච‍්ඡාදිට‍්ඨිමලවිසොධනා සුකරා හොති, සම‍්මාදිට‍්ඨි ච සුපරිසුද‍්ධා හොතීති ඤාණකථානන‍්තරං කථිතා. තත්‍ථ කා දිට‍්ඨීතිආදිකා පුච‍්ඡා. කා දිට‍්ඨීති අභිනිවෙසපරාමාසො දිට‍්ඨීතිආදිකං පුච‍්ඡිතපුච‍්ඡාය විස‍්සජ‍්ජනං. කථං අභිනිවෙසපරාමාසො දිට‍්ඨීතිආදිකො විස‍්සජ‍්ජිතවිස‍්සජ‍්ජනස‍්ස විත්‍ථාරනිද‍්දෙසො, සබ‍්බාව තා දිට‍්ඨියො අස‍්සාදදිට‍්ඨියොතිආදිකා දිට‍්ඨිසුත‍්තසංසන්‍දනාති එවමිමෙ චත‍්තාරො පරිච‍්ඡෙදා. තත්‍ථ පුච‍්ඡාපරිච‍්ඡෙදෙ තාව කා දිට‍්ඨීති ධම‍්මපුච‍්ඡා, සභාවපුච‍්ඡා. කති දිට‍්ඨිට‍්ඨානානීති හෙතුපුච‍්ඡා පච‍්චයපුච‍්ඡා, කිත‍්තකානි දිට‍්ඨීනං කාරණානීති අත්‍ථො. කති දිට‍්ඨිපරියුට‍්ඨානානීති සමුදාචාරපුච‍්ඡා විකාරපුච‍්ඡා. දිට‍්ඨියො එව හි සමුදාචාරවසෙන චිත‍්තං පරියොනන්‍ධන‍්තියො උට‍්ඨහන‍්තීති දිට‍්ඨිපරියුට‍්ඨානානි නාම හොන‍්ති. කති දිට‍්ඨියොති දිට‍්ඨීනං සඞ‍්ඛාපුච‍්ඡා ගණනාපුච‍්ඡා. කති දිට‍්ඨාභිනිවෙසාති වත්‍ථුප‍්පභෙදවසෙන ආරම‍්මණනානත‍්තවසෙන දිට‍්ඨිප‍්පභෙදපුච‍්ඡා. දිට‍්ඨියො එව හි තං තං වත්‍ථුං තං තං ආරම‍්මණං අභිනිවිසන‍්ති පරාමසන‍්තීති දිට‍්ඨිපරාමාසාති වුච‍්චන‍්ති. කතමො දිට‍්ඨිට‍්ඨානසමුග‍්ඝාතොති දිට‍්ඨීනං පටිපක‍්ඛපුච‍්ඡා පහානූපායපුච‍්ඡා. දිට‍්ඨිකාරණානි හි ඛන්‍ධාදීනි දිට‍්ඨිසමුග‍්ඝාතෙන තාසං කාරණානි න හොන‍්තීති තානි ච කාරණානි සමුග‍්ඝාතිතානි නාම හොන‍්ති. තස‍්මා දිට‍්ඨිට‍්ඨානානි සම‍්මා භුසං හඤ‍්ඤන‍්ති එතෙනාති දිට‍්ඨිට‍්ඨානසමුග‍්ඝාතොති වුච‍්චති.

දැන් ඤාණ කථා අනන්තරව ප්‍රකාශිත දෘෂ්ටිකථායෙහි අනුපූර්ව අනු වර්ණනාව පැමිණියේය. මේ දෘෂ්ටි කථාවය. ඤාණකථාවෙන් කරන ලද ඤාණ පුරුදු ඇති, අවබෝධ කළ සම්‍යග් දෘෂ්ටියෙන් මිථ්‍යා දෘෂ්ටි නමැති මල, පිරිසිදු කිරීම පහසු වේ. සම්‍යග් දෘෂ්ටියද මනාව පිරිසිදු වේයයි ඤාණ කථා, අනන්තරව කියන ලදි. එහි කා දිට්ඨි ආදිය විචාරීමයි. දිට්ඨිති අභිනිවෙස පරාමාසො දිට්ඨි යනාදී වූ විමසන ලද විමසුමෙහි විසඳුමයි. කථං අභිනිවෙස පරාමාසො දිට්ඨි යන ආදී වශයෙන් විසඳන ලද විසඳුමෙහි විස්තර නිර්දේශයයි. සබ්බාව තා දිට්ඨියො අස්සාද දිට්ඨියො යනාදී වූ දෘෂ්ටි සංසන්දනයයි මෙසේ මේ සිව් පරිච්ඡේදයයි. එහි විමසුම් පරිච්ඡේදයෙහි කා දිට්ඨි යනු ධර්ම විමසීම, ස්වභාව විමසීමයි. කති දිට්ඨිට්ඨානානි යනු හේතු විමසීම, ප්‍රත්‍යය විමසීම දෘෂ්ටීන්ට කෙතෙක් කාරණාදැයි අර්ථයි. කති දිට්ඨි පරියුට්ඨානානි යනු හැසිරීම් විමසුම්ය. දෘෂ්ටීහුම හැසිරීම් වශයෙන්, සිත හාත්පසින් වෙළමින් නැගිටිත්නුයි දෘෂ්ටි පරියුට්ඨානානි නම් වෙති. කති දිට්ඨියො යනු දෘෂ්ටීන්ගේ සංඛ්‍යා විමසීම, ගණන විමසීම. කති දිට්ඨාභිනිවෙසා යනු වස්තු ප්‍රභේද වශයෙන්ද, අරමුණු විවිධත්වය වශයෙන්ද දෘෂ්ටි ප්‍රභේද විමසුමයි. දෘෂ්ටීහුම ඒ ඒ වස්තුවෙහි ඒ ඒ අරමුණෙහි තදින් පිහිටති. ස්පර්ශ කෙරෙත්නුයි දෘෂ්ටි පරාමාසයැයි කියති. කතමො දිට්ඨිට්ඨාන සමුග්ඝාතො යනු දෘෂ්ටීන්ගේ ප්‍රතිපක්‍ෂ විමසුම, ප්‍රහාණ උපාය විමසුම, ස්කන්ධාදීහු දෘෂ්ටි හේතුකොට හටගනිත්. දෘෂ්ටි නැසීමෙන් එම ස්කන්ධයන්ගේ හටගැනීමට හේතු නොවෙති. එම හේතුද නැසුවාහු නම් වෙති. එහෙයින් දෘෂ්ටි කරුණු මනාව බොහෝ සේ එයින් නසත්නුයි දිට්ඨිට්ඨාන සමුද්ඝාතයයි යූ.සේයි.

ඉදානි එතාසං ඡන‍්නං පුච‍්ඡානං කා දිට‍්ඨීතිආදීනි ඡ විස‍්සජ‍්ජනානි. තත්‍ථ කා දිට‍්ඨීති විස‍්සජ‍්ජෙතබ‍්බපුච‍්ඡා. අභිනිවෙසපරාමාසො දිට‍්ඨීති විස‍්සජ‍්ජනං. සා පන අනිච‍්චාදිකෙ වත්‍ථුස‍්මිං නිච‍්චාදිවසෙන අභිනිවිසති පතිට‍්ඨහති දළ‍්හං ගණ‍්හාතීති අභිනිවෙසො. අනිච‍්චාදිආකාරං අතික‍්කමිත්‍වා නිච‍්චන‍්තිආදිවසෙන වත‍්තමානො පරතො ආමසති ගණ‍්හාතීති පරාමාසො. අථ වා නිච‍්චන‍්තිආදිකං පරං උත‍්තමං සච‍්චන‍්ති ආමසති ගණ‍්හාතීති පරාමාසො, අභිනිවෙසො ච සො පරාමාසො චාති අභිනිවෙසපරාමාසො. එවංපකාරො දිට‍්ඨීති කිච‍්චතො දිට‍්ඨිසභාවං විස‍්සජ‍්ජෙති. තීණි සතන‍්ති තීණි සතානි, වචනවිපල‍්ලාසො කතො. කතමො දිට‍්ඨිට‍්ඨානසමුග‍්ඝාතොති පුච‍්ඡං අනුද‍්ධරිත්‍වාව සොතාපත‍්තිමග‍්ගො දිට‍්ඨිට‍්ඨානසමුග‍්ඝාතොති විස‍්සජ‍්ජනං කතං.

දැන් ඒ ෂට් විමසීම්හි කා දිට්ඨි යනාදී ෂට් විසඳුම්ය. එහි කා දිට්ඨි යනු විසඳිය යුතු විසඳුම්ය. අභිනිවෙස පරාමාසො දිට්ඨි යනු විසඳුමයි. එය අනිත්‍යාදී වස්තුවෙහි නිත්‍යාදී වශයෙන් ඇලුම් කරයි. පිහිටුවයි. දැඩිව ගනීනුයි අභිනිවෙසොයි. අනිත්‍යාදී ආකාරය ඉක්මවා නිත්‍යයයි ආදී වශයෙන් පවත්නා මත්තෙහි (වැඩිපුර) ස්පර්ශ කරයි. ගනීනුයි පරාමාසොයි නොහොත් නිත්‍යයයි ආදී වශයෙන් මත්තෙහි උතුම් සත්‍යයයි ස්පර්ශ කරයි. ගනීනුයි පරාමාසොයි. තදින් ඇලුම් කිරීමද ස්පර්ශයද එය මනුයි. අභිනිවෙස පරාමාසොයි. මේ ආකාර වූ දෘෂ්ටිය යනු කෘත්‍යය වශයෙන් දෘෂ්ටි ස්වභාවය විසඳයි. තිණීසතං තුන්සියයයි. වචන විපර්යාසය කරන ලදි. කතමො දිට්ඨිට්ඨාන සමුග්ඝතොයි විමසීම නොඋදුරාම සොතාපත්ති මග්ගො දිට්ඨිට්ඨාන සමුග්ඝාතොයි විසඳුම කරන ලදි.

ඉදානි කථං අභිනිවෙසපරාමාසොතිආදි විත්‍ථාරනිද‍්දෙසො. තත්‍ථ රූපන‍්ති උපයොගවචනං. රූපං අභිනිවෙසපරාමාසොති සම‍්බන්‍ධො. රූපන‍්ති චෙත්‍ථ රූපුපාදානක‍්ඛන්‍ධො කසිණරූපඤ‍්ච. “එතං මමා”ති අභිනිවෙසපරාමාසො දිට‍්ඨි, “එසොහමස‍්මී”ති අභිනිවෙසපරාමාසො දිට‍්ඨි, “එසො මෙ අත‍්තා”ති අභිනිවෙසපරාමාසො දිට‍්ඨීති පච‍්චෙකං යොජෙතබ‍්බං. එතන‍්ති සාමඤ‍්ඤවචනං. තෙනෙව “වෙදනං එතං මම, සඞ‍්ඛාරෙ එතං මමා”ති නපුංසකවචනං එකවචනඤ‍්ච කතං. එසොති පන වත‍්තබ‍්බමපෙක‍්ඛිත්‍වා පුල‍්ලිඞ‍්ගෙකවචනං කතං. එතං මමාති තණ‍්හාමඤ‍්ඤනාමූලිකා දිට‍්ඨි. එසොහමස‍්මීති මානමඤ‍්ඤනාමූලිකා දිට‍්ඨි. එසො මෙ අත‍්තාති දිට‍්ඨිමඤ‍්ඤනා එව. කෙචි පන “එතං මමාති මමංකාරකප‍්පනා, එසොහමස‍්මීති අහංකාරකප‍්පනා, එසො මෙ අත‍්තාති අහංකාරමමංකාරකප‍්පිතො අත‍්තාභිනිවෙසොති ච, තථා යථාක‍්කමෙනෙව තණ‍්හාමූලනිවෙසො මානපග‍්ගාහො, තණ‍්හාමූලනිවිට‍්ඨො මානපග‍්ගහිතො, අත‍්තාභිනිවෙසොති ච, සඞ‍්ඛාරානං දුක‍්ඛලක‍්ඛණාදස‍්සනං, සඞ‍්ඛාරානං අනිච‍්චලක‍්ඛණාදස‍්සනං, සඞ‍්ඛාරානං තිලක‍්ඛණාදස‍්සනහෙතුකො අත‍්තාභිනිවෙසොති ච, දුක‍්ඛෙ අසුභෙ ච සුඛං සුභන‍්ති විපල‍්ලාසගතස‍්ස, අනිච‍්චෙ නිච‍්චන‍්ති විපල‍්ලාසගතස‍්ස, චතුබ‍්බිධවිපල‍්ලාසගතස‍්ස ච අත‍්තාභිනිවෙසොති ච, පුබ‍්බෙනිවාසඤාණස‍්ස ආකාරකප‍්පනා, දිබ‍්බචක‍්ඛුඤාණස‍්ස අනාගතපටිලාභකප‍්පනා, පුබ‍්බන‍්තාපරන‍්තඉදප‍්පච‍්චයතාපටිච‍්චසමුප‍්පන‍්නෙසු ධම‍්මෙසු කප‍්පනිස‍්සිතස‍්ස අත‍්තාභිනිවෙසොති ච, නන්‍දියා අතීතමන්‍වාගමෙති, නන්‍දියා අනාගතං පටිකඞ‍්ඛති, පච‍්චුප‍්පන‍්නෙසු ධම‍්මෙසු සංහීරති අත‍්තාභිනිවෙසොති ච, පුබ‍්බන‍්තෙ අඤ‍්ඤාණහෙතුකා දිට‍්ඨි, අපරන‍්තෙ අඤ‍්ඤාණහෙතුකා දිට‍්ඨි, පුබ‍්බන‍්තාපරන‍්තෙ ඉදප‍්පච‍්චයතාපටිච‍්චසමුප‍්පන‍්නෙසු ධම‍්මෙසු අඤ‍්ඤාණහෙතුකො අත‍්තාභිනිවෙසො”ති ච එතෙසං තිණ‍්ණං වචනානං අත්‍ථං වණ‍්ණයන‍්ති.

දැන් කෙසේ අභිනිවෙස පරාමාසො යනාදී විස්තර නිර්දේශය වේද? එහි රූපං යනු ද්විතියා වචනයි. රූපය අභිනිවෙස පරාමාසයයි සම්බන්ධයි. මෙහි රූපං යනු රූප උපාදානස්කන්ධයද කසිණ රූපයද, එය මාගේයයි ගැනීම අභිනිවෙස පරාමාස දෘෂ්ටියයි. එය මම වෙමියි යනුවෙන් ගැනීම අභිනිවෙස පරාමාස දෘෂ්ටියයි. එය මාගේ ආත්මයැයි ගැනීම අභිනිවෙස පරාමාස දෘෂ්ටියයි. වෙන වෙනම යෙදිය යුතුය. එතං යනු සමාන වචනයයි. එහෙයින්ම එම වේදනාව මාගේය. එම සංස්කාරයන් මාගේ යයි නපුංසක වචන හා ඒකවචන කරන ලදි. එසො යයි කිවයුත්ත අපේක්‍ෂාකොට පුල්ලිංග ඒකවචන කරන ලදි. එතංමම යනු තෘෂ්ණා හැඟීම මූලික දෘෂ්ටියයි. එසො හමස්මි යනු මාන හැඟීම් මූලික දෘෂ්ටියයි. එසො මෙ අත්තා යනු දෘෂ්ටි හැඟීමමය. සමහරු වනාහි ‘එතං මම’ යනු මගේ යන කල්පනයයි. ‘එසො හමස්මි’ මම යන කල්පනයයි. ‘එසො මෙ අත්තා’, මමය මාගේය යන කල්පිතයෙන් යුක්ත ආත්මයයි තදින් ගැනීමයි කියති. එසේම පිළිවෙලින් තෘෂ්ණාමූලික සිත පිහිටුවීම, මානය දැඩිව ගැනීම, තෘෂ්ණාමූලික ඇලීම සංස්කාරයන්හි මානයෙන් දැඩිව ගත් ආත්මය යන ඇල්ම, සංස්කාරයන්ගේ දුක්ඛ ලක්‍ෂණ දර්ශනයද, සංස්කාරයන්ගේ අනිත්‍ය ලක්‍ෂණ දර්ශනයද, ලක්‍ෂණ දැක්මට හේතුවූ ආත්මාභිනිවේශයද, දුකෙහි හා අසුභයෙහි, සුව ශුභයැයි විපර්යාස ග්‍රහණයෙහිද, අනිත්‍යයෙහි නිත්‍යයයි විපර්යාස ග්‍රහණයෙහිද යන චතුර්විධ විපර්යාස ග්‍රහණයෙහි ආත්මාභිනිවේසයද, පූර්වේ නිවාස ඤාණයාගේ ආකාර කල්පනයද, දිව්‍ය චක්‍ෂුර් ඤාණයාගේ අනාගත ප්‍රතිලාභ කල්පනයද, පූර්වාන්තාපරාන්ත හා මෙයින් මෙය හට ගත්තේය යන ප්‍රතීත්‍ය සමුත්පන්න ධර්මයන්හි විතර්ක මූලික ආත්මාභි නිවේසයද? තෘෂ්ණාවෙන් අතීතයට පමුණුවයි. තෘෂ්ණාවෙන් අනාගතය අපේක්‍ෂා කරයි. තෘෂ්ණාවෙන් වර්තමානයෙහි ගැළෙයි නුයි ආත්මාභි නිවේසයයි. පූර්වාන්තයෙහි නොදැනීම්හෙතුක දෘෂ්ටිය, අපරාන්තයෙහි නොදැනීම් හේතුක දෘෂ්ටිය පූර්වාන්තාපරන්තයන්හි, මෙයින් මෙය හටගත්තේය යන ප්‍රතීත්‍ය සමුත්පන්න ධර්මයන්හි නොදැනීම් හේතුක වූ අන්තයෙහි අභිනිවේසයදැයි එම ත්‍රිවිධ වචනයන්ගේ අර්ථ වර්ණනා කරති.

දිට‍්ඨියො පනෙත්‍ථ පඨමං පඤ‍්චක‍්ඛන්‍ධවත්‍ථුකා. තතො ඡඅජ‍්ඣත‍්තිකබාහිරායතනවිඤ‍්ඤාණ- කායසම‍්ඵස‍්සකායවෙදනාකායසඤ‍්ඤාකායචෙතනාකායතණ‍්හාකායවිතක‍්කවිචාරධාතුදසකසිණ- ද‍්වත‍්තිංසාකාරවත්‍ථුකා දිට‍්ඨියො වුත‍්තා. ද‍්වත‍්තිංසාකාරෙසු ච යත්‍ථ විසුං අභිනිවෙසො න යුජ‍්ජති, තත්‍ථ සකලසරීරාභිනිවෙසවසෙනෙව විසුං අභිනිවෙසො විය කතොති වෙදිතබ‍්බං. තතො ද‍්වාදසායතනඅට‍්ඨාරසධාතුඑකූනවීසතිඉන්‍ද්‍රියවසෙන යොජනා කතා. තීණි එකන‍්තලොකුත‍්තරින්‍ද්‍රියානි න යොජිතානි. න හි ලොකුත‍්තරවත්‍ථුකා දිට‍්ඨියො හොන‍්ති. සබ‍්බත්‍ථාපි ච ලොකියලොකුත‍්තරමිස‍්සෙසු ධම‍්මෙසු ලොකුත‍්තරෙ ඨපෙත්‍වා ලොකියා එව ගහෙතබ‍්බා. අනින්‍ද්‍රියබද‍්ධරූපඤ‍්ච න ගහෙතබ‍්බමෙව. තතො තෙධාතුකවසෙන නවවිධභවවසෙන ඣානබ්‍රහ‍්මවිහාරසමාපත‍්තිවසෙන පටිච‍්චසමුප‍්පාදඞ‍්ගවසෙන ච යොජනා කතා. ජාතිජරාමරණානං විසුං ගහණෙ පරිහාරො වුත‍්තනයො එව. සබ‍්බානි චෙතානි රූපාදිකානි ජරාමරණන‍්තානි අට‍්ඨනවුතිසතං පදානි භවන‍්ති.

මෙහි දෘෂ්ටීහු වනාහි පළමුව පංචස්කන්ධ වස්තුකය ඉක්බිති, ෂට් ආධ්‍යාත්මික හා බාහිරායතනයන්ද, විඤ්ඤාණ කාය, ස්පර්ශ කාය, වේදනා කාය, සංඥා කාය, චේතනා කාය, තෘෂ්ණා කාය, විතර්ක කාය, විචාර, ධාතු කසිණ, දෙතිස් ආකාර වස්තුක දෘෂ්ටීහු යූ.සේයි. දෙතිස් ආකාර කුණපයන්හි වෙන්ව ඇල්ම නොයෙදේ. මුළු ශරීරයෙහිම ඇලුම් කිරීම් වශයෙන්ම වෙන්ව කරන ඇලුම් කිරීම් මෙන් කරන ලදැයි දතයුතුය. ඉක්බිති ද්වාදසායතන, අටළොස් ධාතු, එකුන්විසි ඉන්ද්‍රිය වශයෙන් යෙදීම් කරන ලදි. ත්‍රිවිධ ඒකාන්ත ලෝකෝත්තර ඉන්‍ද්‍රිය නොයොදන ලදී, ලෝකෝත්තර වස්තුක දෘෂ්ටීහු නොවෙත්. හැමතන්හිම ලෞකික ලෝකොත්තර මිශ්‍ර ධර්මයන්හි ලෝකෝත්තර හැර ලෞකිකයන්ම ගතයුතුය. ඉන්‍ද්‍රිය බද්ධ නුවූ රූපයද නොගත යුතුමය. ඉක්බිති ත්‍රෛධාතුක වශයෙන්ද, නව වැදෑරුම් වශයෙන්ද ධ්‍යාන බ්‍රහ්ම විහාර සමවත් වශයෙන්ද, ප්‍රතීත්‍ය සමුත්පාදාංග වශයෙන්ද යෙදීම් කරන ලදි. ජාති ජරා මරණයන්ගේ වෙන්ව ග්‍රහණයෙහි යෙදෙන ක්‍රමය කියන ලද ක්‍රමයමය. එම සියලු ජරා මරණ අන්ත අන්ත කොට ඇති, රූපාදීු එක්සිය අනූඅටක් පද වෙයි.

දිට‍්ඨිට‍්ඨානෙසු ඛන්‍ධාපි දිට‍්ඨිට‍්ඨානන‍්ති වීසතිවත්‍ථුකායපි සක‍්කායදිට‍්ඨියා පඤ‍්චන‍්නං ඛන්‍ධානංයෙව වත්‍ථුත‍්තා “යෙ හි කෙචි, භික‍්ඛවෙ, සමණා වා බ්‍රාහ‍්මණා වා අත‍්තානං සමනුපස‍්සමානා සමනුපස‍්සන‍්ති, සබ‍්බෙ තෙ පඤ‍්චුපාදානක‍්ඛන්‍ධෙසුයෙව සමනුපස‍්සන‍්ති, එතෙසං වා අඤ‍්ඤතර”න‍්ති (සං· නි· 3.47) වුත‍්තත‍්තා ච පඤ‍්චුපාදානක‍්ඛන්‍ධා දිට‍්ඨීනං කාරණං. අවිජ‍්ජාපි දිට‍්ඨිට‍්ඨානන‍්ති අවිජ‍්ජාය අන්‍ධීකතානං දිට‍්ඨිඋප‍්පත‍්තිතො “යායං, භන‍්තෙ, දිට‍්ඨි ‘අසම‍්මාසම‍්බුද‍්ධෙසු සම‍්මාසම‍්බුද‍්ධා’ති, අයං නු ඛො, භන‍්තෙ, දිට‍්ඨි කිං පටිච‍්ච පඤ‍්ඤායතීති? මහතී ඛො එසා, කච‍්චාන, ධාතු, යදිදං අවිජ‍්ජාධාතු. හීනං, කච‍්චාන, ධාතුං පටිච‍්ච උප‍්පජ‍්ජති හීනා සඤ‍්ඤා හීනා දිට‍්ඨී”ති (සං· නි· 2.97) වචනතො ච අවිජ‍්ජා දිට‍්ඨීනං කාරණං. ඵස‍්සොපි දිට‍්ඨිට‍්ඨානන‍්ති තෙන ඵස‍්සෙන ඵුට‍්ඨස‍්ස දිට‍්ඨිඋප‍්පත‍්තිතො “යෙ තෙ, භික‍්ඛවෙ, සමණබ්‍රාහ‍්මණා පුබ‍්බන‍්තකප‍්පිකා පුබ‍්බන‍්තානුදිට‍්ඨිනො පුබ‍්බන‍්තං ආරබ‍්භ අනෙකවිහිතානි අධිවුත‍්තිපදානි අභිවදන‍්ති, තදපි ඵස‍්සපච‍්චයා”ති (දී· නි· 1.123) වචනතො ච ඵස‍්සො දිට‍්ඨීනං කාරණං. සඤ‍්ඤාපි දිට‍්ඨිට‍්ඨානන‍්ති ආකාරමත‍්තග‍්ගහණෙන අයාථාවසභාවගාහහෙතුත‍්තා සඤ‍්ඤාය –

දෘෂ්ටි කාරණයන්හි ඛන්‍ධාපි දිට්ඨිට්ඨානං යනු විසි ආකාර සක්කාය දෘෂ්ටියට පංචස්කන්ධයන්ම හේතුවන හෙයින්, ‘මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ ආත්මය බලන්නාහු බලන්නාහුය. ඒ සියල්ලෝම පංච උපාදානස්කන්ධයන්හි හෝ ඒවා අතුරින් එකකම බලන්නාහුය’ යයි දෙසූ හෙයින් පංච උපාදානස්කන්ධ දෘෂ්ටීන්ට හේතුයි. අවිජ්ජාපි දිට්ඨිට්ඨානං යනු අවිද්‍යාවෙන්, අන්‍ධීකෘතයින්ට දෘෂ්ටි උපදනා හෙයින්, ස්වාමීනි සම්‍යක් සම්බුද්ධත්වයට පත් නුවූවන් කෙරෙහි, සම්මා සම්බුද්ධ යැයි යම් ඒ දෘෂ්ටියක් වේද, ස්වාමීනි මේ දෘෂ්ටිය කුමක් නිසා පෙනේද? කච්චායතනය, යම් මේ අවිද්‍යා ධාතුවක් වේද, එම ධාතුව මහත්ය. කච්චායතනය, හීනධාතුව නිසා, හීන සංඥා, හීන දෘෂ්ටි උපදීයයි යන වචනයෙන් අවිද්‍යාව දෘෂ්ටීන්ට හේතුවේ. ඵස්සොපි දිට්ඨිට්ඨානං යනු එම ස්පර්ශයෙන් ස්පර්ශ වූවහුට දෘෂ්ටි උපදනා හෙයින්, මහණෙනි යම් ඒ මහණ බමුණෝ පූර්වාන්ත කල්පිත වූවාහු, පූර්වාන්තය අරබයා නොයෙක් ආකාර ඒ හා යෙදුණු පද ප්‍රකාශ කරති. එයද ස්පර්ශය හේතුවෙනි යන වචනයෙන්ද, ස්පර්ශය දෘෂ්ටීන්ට හේතුයි. සඤ්ඤාපි දිට්ඨිට්ඨානං යනු ආකාර මාත්‍ර ග්‍රහණයෙන් සංඥාවගේ අයථා ස්වභාව ග්‍රහණ හේතුව බැවින්,

“යානි ච තීණි යානි ච සට‍්ඨි, සමණප‍්පවාදසිතානි භූරිපඤ‍්ඤ; සඤ‍්ඤක‍්ඛරසඤ‍්ඤනිස‍්සිතානි, ඔසරණානි විනෙය්‍ය ඔඝතමගා”ති. (සු· නි· 543) –

යම් ඒ තෙසැටක් බාහිර ශ්‍රමණ ප්‍රවාද නිශ්‍රිත වූ, මහාප්‍රාඥ වූයේ සංඥාක්‍ෂර, සංඥා නිශ්‍රිත බැසගැනීම් දුරුකොට කාමෝඝ අඳුරට බරවේ,

වචනතො “සඤ‍්ඤානිදානා හි පපඤ‍්චසඞ‍්ඛා”ති (සු· නි· 880; මහානි· 109) වචනතො ච සඤ‍්ඤා දිට‍්ඨීනං කාරණං. විතක‍්කොපි දිට‍්ඨිට‍්ඨානන‍්ති ආකාරපරිවිතක‍්කෙන දිට‍්ඨිඋප‍්පත‍්තිතො –

යන වචනයෙන්ද, ප්‍රපංච සංඛ්‍යාතයෝ සංඥා නිදානයහයි, වචනයෙන්ද සංඥාව දෘෂ්ටීන්ට හේතුයි. විතක්කොපි දිට්ඨිට්ඨානං යනු ආකාර සිතා බැලීමෙන්ද දෘෂ්ටි උපදනා හෙයින්,

“නහෙව සච‍්චානි බහූනි නානා, අඤ‍්ඤත්‍ර සඤ‍්ඤාය නිච‍්චානි ලොකෙ; තක‍්කඤ‍්ච දිට‍්ඨීසු පකප‍්පයිත්‍වා, සච‍්චං මුසාති ද‍්වයධම‍්මමාහූ”ති. (සු· නි· 892) –

නහෙව සච්චානි බහූනි නානා, අඤ්ඤත්‍ර සඤ්ඤාය සච්චානි ලොකෙ, තක්කඤ්ච දිට්ඨි සු පකප්පයිත්‍වා, සච්චං මුසාති ද්වය ධම්මමාහු’ති

සංඥායෙන් තොර, බොහෝ නානාවිධ සත්‍යයෝ නොවේමය. දෘෂ්ටීන්හි තර්කය උපකල්පනය කොට සත්‍යය, මුසාවය යන දෙකරුණ කීහු,

වචනතො ච විතක‍්කො දිට‍්ඨීනං කාරණං. අයොනිසොමනසිකාරොපි දිට‍්ඨිට‍්ඨානන‍්ති අයොනිසො මනසිකාරස‍්ස අකුසලානං අසාධාරණහෙතුත‍්තා “තස‍්සෙවං අයොනිසො මනසිකරොතො ඡන‍්නං දිට‍්ඨීනං අඤ‍්ඤතරා දිට‍්ඨි උප‍්පජ‍්ජතී”ති (ම· නි· 1.19) වචනතො ච අයොනිසො මනසිකාරො දිට‍්ඨීනං කාරණං. පාපමිත‍්තොපි දිට‍්ඨිට‍්ඨානන‍්ති පාපමිත‍්තස‍්ස දිට‍්ඨානුගතිආපජ‍්ජනෙන දිට‍්ඨිඋප‍්පත‍්තිතො “බාහිරං, භික‍්ඛවෙ, අඞ‍්ගන‍්ති කරිත්‍වා න අඤ‍්ඤං එකඞ‍්ගම‍්පි සමනුපස‍්සාමි, යං එවං මහතො අනත්‍ථාය සංවත‍්තති. යථයිදං, භික‍්ඛවෙ, පාපමිත‍්තතා”ති (අ· නි· 1.110) වචනතො ච පාපමිත‍්තො දිට‍්ඨීනං කාරණං. පරතොපි ඝොසො දිට‍්ඨිට‍්ඨානන‍්ති දුරක‍්ඛාතධම‍්මස‍්සවනෙන දිට‍්ඨිඋප‍්පත‍්තිතො “ද‍්වෙමෙ, භික‍්ඛවෙ, හෙතූ ද‍්වෙ පච‍්චයා මිච‍්ඡාදිට‍්ඨියා උප‍්පාදාය පරතො ච ඝොසො අයොනිසො ච මනසිකාරො”ති (අ· නි· 2.126) වචනතො ච පරතො ඝොසො මිච‍්ඡාදිට‍්ඨිකතො මිච‍්ඡාදිට‍්ඨිපටිසඤ‍්ඤුත‍්තකථා දිට‍්ඨීනං කාරණං.

යන වචනයෙන් විතර්කය දෘෂ්ටීන්ට හේතුයි. අයොනිසො මනසිකාරොපි දිට්ඨිට්ඨානං යනු නුනුවණින් මෙනෙහි කිරීම අකුසලයන්ට අසාධාරණ හේතුවන බැවින් එහිම, නුනුවණින් මෙනෙහි කරන්නහුට ෂට් දෘෂ්ටීන් අතර, එක්තරා දෘෂ්ටියක් උපදීයයි, වචනයෙන්ද, නුනුවණින් මෙනෙහි කිරීම දෘෂ්ටීන්ට හේතුයි. පාපමිත්තොපි දිට්ඨිට්ඨානං යනු පවිටු මිතුරාගේ දෘෂ්ටියට අනුව පැවැත්මට පැමිණීමෙන් දෘෂ්ටි උපදනා හෙයින් ‘මහණෙනි, යම් මේ පාපමිත්‍රතාවයක් (සේවනයක්) වේද? මහණෙනි, බාහිර කරුණක් සේ සලකා මහත් අනර්ථය සඳහා පවත්නා එබඳු වූ අන් එකද කරුණක්ව්ත මම නොදකින්නෙමියි යන වචනයෙන්ද පවිටු මිතුරා දෘෂ්ටීන්ට හේතුයි. පරතොපි ඝොසො දිට්ඨිට්ඨානං යනු නොමනාව දෙසන ලද ධර්ම ශ්‍රවණයෙන්ද දෘෂ්ටි උපදනා හෙයින් මහණෙනි, මිථ්‍යා දෘෂ්ටියගේ ඉපැත්ම සඳහා හේතු දෙකකි. ප්‍රත්‍යය දෙකකි. අන්‍යයාගෙන් ශ්‍රවණය කිරීමද, නුනුවණින් මෙනෙහි කිරීමද යන වචනයෙන්ද, අන්‍යයාගෙන් ශ්‍රවණය මිථ්‍යාදෘෂ්ටික වූයේ මිථ්‍යා දෘෂ්ටිය හා එකට යෙදුනේ දෘෂ්ටීන්ට හේතුයි.

ඉදානි දිට‍්ඨිට‍්ඨානන‍්ති පදස‍්ස අත්‍ථං විවරන‍්තො ඛන්‍ධා හෙතු ඛන්‍ධා පච‍්චයොතිආදිමාහ. ඛන්‍ධා එව දිට‍්ඨීනං උපාදාය, ජනකහෙතු චෙව උපත්‍ථම‍්භකපච‍්චයො චාති අත්‍ථො. සමුට‍්ඨානට‍්ඨෙනාති සමුට‍්ඨහන‍්ති උප‍්පජ‍්ජන‍්ති එතෙනාති සමුට‍්ඨානං, කාරණන‍්ති අත්‍ථො. තෙන සමුට‍්ඨානට‍්ඨෙන, දිට‍්ඨිකාරණභාවෙනාති අත්‍ථො.

දැන් දිට්ඨිට්ඨානං යන පදයට අර්ථ විවරණය කරනුයේ ඛන්‍ධා හෙතු ඛන්‍ධා පච්චයො යන ආදිය වදාළහ. ස්කන්ධයෝම දෘෂ්ටීන්ගේ උප්පාදාය ඉපැත්ම සඳහා ජනක හේතුවමද, උපස්ථම්භක ප්‍රත්‍යය යයිද අර්ථයි. සමුට්ඨානට්ඨෙන යනු එය කරණකොට හටගනිත්. උපදිත්නුයි සමුට්ඨානංයි. කරුණයැයි අර්ථයි. ඒ හටගැනීම් අර්ථයෙන් දෘෂ්ටි හේතු භාවයෙනැයි අර්ථයි.

ඉදානි කිච‍්චභෙදෙන දිට‍්ඨිභෙදං දස‍්සෙන‍්තො කතමානි අට‍්ඨාරස දිට‍්ඨිපරියුට‍්ඨානානීතිආදිමාහ. තත්‍ථ යා දිට‍්ඨීති ඉදානි වුච‍්චමානානං අට‍්ඨාරසන‍්නං පදානං සාධාරණං මූලපදං. යා දිට‍්ඨි, තදෙව දිට‍්ඨිගතං, යා දිට‍්ඨි, තදෙව දිට‍්ඨිගහනන‍්ති සබ‍්බෙහි සම‍්බන්‍ධො කාතබ‍්බො. අයාථාවදස‍්සනට‍්ඨෙන දිට‍්ඨි, තදෙව දිට‍්ඨීසු ගතං දස‍්සනං ද‍්වාසට‍්ඨිදිට‍්ඨිඅන‍්තොගධත‍්තාති දිට‍්ඨිගතං. හෙට‍්ඨාපිස‍්ස අත්‍ථො වුත‍්තොයෙව. ද‍්වින‍්නං අන‍්තානං එකන‍්තගතත‍්තාපි දිට‍්ඨිගතං. සා එව දිට‍්ඨි දුරතික‍්කමනට‍්ඨෙන දිට‍්ඨිගහනං තිණගහනවනගහනපබ‍්බතගහනානි විය. සාසඞ‍්කසප‍්පටිභයට‍්ඨෙන දිට‍්ඨිකන‍්තාරං චොරකන‍්තාරවාළකන‍්තාරනිරුදකකන‍්තාරදුබ‍්භික‍්ඛකන‍්තාරා විය. ධම‍්මසඞ‍්ගණියං “දිට‍්ඨිකන‍්තාරො”ති සකලිඞ‍්ගෙනෙව ආගතං. සම‍්මාදිට‍්ඨියා විනිවිජ‍්ඣනට‍්ඨෙන පටිලොමට‍්ඨෙන ච දිට‍්ඨිවිසූකං. මිච‍්ඡාදස‍්සනඤ‍්හි උප‍්පජ‍්ජමානං සම‍්මාදස‍්සනං විනිවිජ‍්ඣති චෙව විලොමෙති ච. ධම‍්මසඞ‍්ගණියං (ධ· ස· 392, 1105) “දිට‍්ඨිවිසූකායික”න‍්ති ආගතං. කදාචි සස‍්සතස‍්ස, කදාචි උච‍්ඡෙදස‍්ස ගහණතො දිට‍්ඨියා විරූපං ඵන්‍දිතන‍්ති දිට‍්ඨිවිප‍්ඵන්‍දිතං. දිට‍්ඨිගතිකො හි එකස‍්මිං පතිට‍්ඨාතුං න සක‍්කොති, කදාචි සස‍්සතං අනුස‍්සරති, කදාචි උච‍්ඡෙදං. දිට‍්ඨියෙව අනත්‍ථෙ සංයොජෙතීති දිට‍්ඨිසඤ‍්ඤොජනං. දිට‍්ඨියෙව අන‍්තොතුදනට‍්ඨෙන දුන‍්නීහරණීයට‍්ඨෙන ච සල‍්ලන‍්ති දිට‍්ඨිසල‍්ලං . දිට‍්ඨියෙව පීළාකරණට‍්ඨෙන සම‍්බාධොති දිට‍්ඨිසම‍්බාධො. දිට‍්ඨියෙව මොක‍්ඛාවරණට‍්ඨෙන පලිබොධොති දිට‍්ඨිපලිබොධො. දිට‍්ඨියෙව දුම‍්මොචනීයට‍්ඨෙන බන්‍ධනන‍්ති දිට‍්ඨිබන්‍ධනං. දිට‍්ඨියෙව දුරුත‍්තරට‍්ඨෙන පපාතොති දිට‍්ඨිපපාතො. දිට‍්ඨියෙව ථාමගතට‍්ඨෙන අනුසයොති දිට‍්ඨානුසයො. දිට‍්ඨියෙව අත‍්තානං සන‍්තාපෙතීති දිට‍්ඨිසන‍්තාපො. දිට‍්ඨියෙව අත‍්තානං අනුදහතීති දිට‍්ඨිපරිළාහො. දිට‍්ඨියෙව කිලෙසකායං ගන්‍ථෙතීති දිට‍්ඨිගන්‍ථො. දිට‍්ඨියෙව භුසං ආදියතීති දිට‍්ඨුපාදානං. දිට‍්ඨියෙව “සච‍්ච”න‍්තිආදිවසෙන අභිනිවිසතීති දිට‍්ඨාභිනිවෙසො. දිට‍්ඨියෙව ඉදං පරන‍්ති ආමසති, පරතො වා ආමසතීති දිට‍්ඨිපරාමාසො.

දැන් කෘත්‍ය භේදයෙන් දෘෂ්ටි භේදය දක්වනුයේ කතමානි අට්ඨාරස දිට්ඨි පරියුට්ඨානානි යනාදිය දෙසූහ. එහි යාදිට්ඨි යනු දැන් කියනු ලබන අටළොස් පදයන්ගේ සාධාරණ මූලපදයයි. යම් දෘෂ්ටියක් වේද, එයම දෘෂ්ටිගතයි. යම් දෘෂ්ටියක් වේද, එයම දෘෂ්ටි ග්‍රහණයැයි සියල්ලෙහි සම්බන්ධය කළයුතුය. අයථා දර්ශනාර්ථයෙන් දිට්ඨියි එම දෘෂ්ටීන්හිම ගිය දර්ශනයයි. දෙසැටක් දෘෂ්ටීන්හි ඇතුළත් වූයේනුයි දිට්ඨිගතංයි. යටද අර්ථය කියන ලද්දේමය. දෙඅන්තයන්ට ඒකාන්තයෙන් ගිය හෙයින්ද දිට්ඨිගතංයි. එම දෘෂ්ටියම ඉක්මවීම් දුෂ්කරාර්ථයෙන් දිට්ඨිගහනංයි. තෘණ ගහණය, වන ගහණය, පර්වත ගහනයන් මෙනි. සැක සහිත, බිය සහිත අර්ථයෙන් දිට්ඨි කන්තාරංයි. චෝර කාන්තාරය, වාළ (නපුරු සතුන් සහිත) කාන්තාරය, නිරුදක කාන්තාරය, දුර්භික්‍ෂ කාන්තාරය මෙනි. ධම්මසංගණියෙහි, දිට්ඨි කන්තාරොයි ස්වකීය ලිංගයෙන්ම ආයේය. සම්‍යග් දෘෂ්ටියගේ විනිවිද යන අර්ථයෙන් ප්‍රතිලෝම අර්ථයෙන් දිට්ඨි විසූකංයි. මිථ්‍යා දර්ශනය උපදිනු ලබන්නේ, සම්‍යක් දර්ශනය විනිවිද යයි, විරුද්ධ වූයේද වේ. ධම්මසංගණියෙහි දිට්ඨි විසකායිකං යයි ආයේය. කිසිකලෙකැ ශාශ්වතයාගේද, කිසිකලෙකැ උච්ඡේදයාගේද ග්‍රහණය හෙයින් දෘෂ්ටියගේ විරූප වූ චලනය නුයි දිට්ඨි විප්ඵන්‍දිතංයි. දෘෂ්ටිගතිකයා වනාහි එක් අරමුණෙක්හි පිහිටීමට නොහැකි වේ. කිසිකලෙකැ ශාශ්වතය සිහිකරයි. කිසිකලෙක උච්ඡේදය සිහිකරයි. දෘෂ්ටියම අනර්ථයෙහි යොදවයි නුයි දිට්ඨි සංයෝජනංයි. දෘෂ්ටියම ඇතුළත විදිය අර්ථයෙන් ඉවත්කරීම දුෂ්කර අර්ථයෙන්ද, දැඩි සම්බාධ යනුයි. දිට්ඨි සම්බාධොයි. දෘෂ්ටියම මෝක්‍ෂය ආවරණ කරන අර්ථයෙන් පරිබෝධ යනුයි දිට්ඨි පළිබොධොයි දෘෂ්ටියම ඉන් මිදීම දුෂ්කර අර්ථයෙන් බන්ධනයනුයි දිට්ඨි බන්‍ධනංයි. දෘෂ්ටියම එසවීම දුෂ්කර අර්ථයෙන් ප්‍රපාතයක් වැනිනුයි දිට්ඨි පපාතොයි. දෘෂ්ටියම බලවත් භාවයට පත් අර්ථයෙන් අප්‍රකටව පවතීනුයි දිට්ඨානුසයොයි. දෘෂ්ටියම තෙමේ මනාව තවයිනුයි දිට්ඨි සන්තාපොයි දෘෂ්ටියම තෙමේ දවයිනුයි දිට්ඨි පරිළාහොයි. දෘෂ්ටියම කෙලෙස් කය ගැටගසානුයි දිට්ඨි ගන්‍ථොයි දෘෂ්ටියම බොහෝ සේ ගනීනුයි දිට්ඨුපාදානංයි දෘෂ්ටියම සත්‍යයයි ආදී වශයෙන් ඇලේනුයි දිට්ඨාභිනිවෙසොයි. දෘෂ්ටියම මෙය ශ්‍රේෂ්ඨයයි ස්පර්ශ කෙරේ. තදින් ස්පර්ශ කෙරේනුයි දිට්ඨි පරාමාසොයි.

ඉදානි රාසිවසෙන සොළස දිට‍්ඨියො උද‍්දිසන‍්තො කතමා සොළස දිට‍්ඨියොතිආදිමාහ. තත්‍ථ සුඛසොමනස‍්සසඞ‍්ඛාතෙ අස‍්සාදෙ දිට‍්ඨි අස‍්සාදදිට‍්ඨි. අත‍්තානං අනුගතා දිට‍්ඨි අත‍්තානුදිට‍්ඨි. නත්‍ථීති පවත‍්තත‍්තා විපරීතා දිට‍්ඨි මිච‍්ඡාදිට‍්ඨි. සති කායෙ දිට‍්ඨි, සන‍්තී වා කායෙ දිට‍්ඨි සක‍්කායදිට‍්ඨි. කායොති චෙත්‍ථ ඛන්‍ධපඤ‍්චකං, ඛන්‍ධපඤ‍්චකසඞ‍්ඛාතො සක‍්කායො වත්‍ථු පතිට‍්ඨා එතිස‍්සාති සක‍්කායවත්‍ථුකා. සස‍්සතන‍්ති පවත‍්තා දිට‍්ඨි සස‍්සතදිට‍්ඨි. උච‍්ඡෙදොති පවත‍්තා දිට‍්ඨි උච‍්ඡෙදදිට‍්ඨි. සස‍්සතාදිඅන‍්තං ගණ‍්හාතීති අන‍්තග‍්ගාහිකා, අන‍්තග‍්ගාහො වා අස‍්සා අත්‍ථීති අන‍්තග‍්ගාහිකා. අතීතසඞ‍්ඛාතං පුබ‍්බන‍්තං අනුගතා දිට‍්ඨි පුබ‍්බන‍්තානුදිට‍්ඨි. අනාගතසඞ‍්ඛාතං අපරන‍්තං අනුගතා දිට‍්ඨි අපරන‍්තානුදිට‍්ඨි. අනත්‍ථෙ සංයොජෙතීති සඤ‍්ඤොජනිකා. අහඞ‍්කාරවසෙන අහන‍්ති උප‍්පන‍්නෙන මානෙන දිට‍්ඨියා මූලභූතෙන විනිබන්‍ධා ඝටිතා උප‍්පාදිතා දිට‍්ඨි අහන‍්ති මානවිනිබන්‍ධා දිට‍්ඨි. තථා මමඞ‍්කාරවසෙන මමන‍්ති උප‍්පන‍්නෙන මානෙන විනිබන්‍ධා දිට‍්ඨි මමන‍්ති මානවිනිබන්‍ධා දිට‍්ඨි. අත‍්තනො වදනං කථනං අත‍්තවාදො, තෙන පටිසඤ‍්ඤුත‍්තා බද‍්ධා දිට‍්ඨි අත‍්තවාදපටිසංයුත‍්තා දිට‍්ඨි. අත‍්තානං ලොකොති වදනං කථනං ලොකවාදො, තෙන පටිසඤ‍්ඤුත‍්තා දිට‍්ඨි ලොකවාදපටිසංයුත‍්තා දිට‍්ඨි. භවො වුච‍්චති සස‍්සතං, සස‍්සතවසෙන උප‍්පජ‍්ජනදිට‍්ඨි භවදිට‍්ඨි. විභවො වුච‍්චති උච‍්ඡෙදො, උච‍්ඡෙදවසෙන උප‍්පජ‍්ජනදිට‍්ඨි විභවදිට‍්ඨි.

දැන් රාසි වශයෙන් සොළොස් දෘෂ්ටීන් උදෙසනුයේ කතමා සොළස දිට්ඨියො යනාදිය වදාළහ. එහි සුව සොම්නස් සංඛ්‍යාත ආස්වාදයෙහි දෘෂ්ටිය අස්සාද දිට්ඨියි. අත්මානුගත දෘෂ්ටිය අත්තානු දිට්ඨියි. නැතයයි පවත්නා හෙයින් විපරීත දෘෂ්ටිය මිච්ඡා දිට්ඨියි. කයෙහි දෘෂ්ටිය ඇතිකල්හි, හෝ කාය දෘෂ්ටිය මෙහි කය යනු ස්ක්නධ පංචකයයි. ස්කන්ධ පංචක සංඛ්‍යාත සක්කාය වස්තුවෙහි පිහිටීම එයටනුයි සක්කාය වත්‍ථුකායි. ශාශ්වතයෙහි පැවැති දෘෂ්ටිය සස්සත දිට්ඨියි විනාශයැයි පැවැති දෘෂ්ටිය උච්ඡේද දිට්ඨියි. ශාශ්වතාදී අන්තය ගනීනුයි අන්තග්ගාහිකායි. අතීත සංඛ්‍යාත පූර්වාන්තය අනුව ගිය දෘෂ්ටිය පුබ්බන්තානු දිට්ඨියි. අනාගත සංඛ්‍යාත අපරාන්තය අනුව ගිය දෘෂ්ටිය අපරන්තානු දිට්ඨියි අනර්ථයෙහි මනාව යොදවයි නුයි සංයොජනිකායි මම යන හැඟීම් වශයෙන් මමයැයි උපන් මානයෙන්, දෘෂ්ටියෙහි මූල ස්වභාවයෙන්, මනාව බද්ධව ගැටී උපදවන ලද දෘෂ්ටිය අහන්ති මාන විනිබද්ධා දිට්ඨියි. මාගේ යන හැඟීම් වශයෙන් මාගේ යයි උපන් මානයෙන් මනාව බද්ධ වූ දෘෂ්ටිය මමන්ති මාන විනිබන්‍ධා දිට්ඨියි. ආත්මය ගැන කීම අත්තවාදයි. ඒ හා මනාව සංයුක්ත වූ, බද්ධ වූ දෘෂ්ටිය අත්තවාද පටිසඤ්ඤුත්තා දිට්ඨියි ආත්මය ලෝකය යැයි කීම, කථනය ලෝකවාදයයි. ඒ හා සමග යෙදුණු දෘෂ්ටිය ලොකවාද පටිසඤ්ඤුත්තා දිට්ඨියි. ශාශ්වතය භවයැයි කියනු ලැබේ. ශාශ්වත වශයෙන් උපදනා දෘෂ්ටිය භව දිට්ඨියි විනාශය විභවය යැයි කියනු ලැබේ. විනාශවීම් වශයෙන් උපදනා දෘෂ්ටිය විභව දිට්ඨියි.

ඉදානි තීණි සතං දිට‍්ඨාභිනිවෙසෙ නිද‍්දිසිතුකාමො කතමෙ තීණි සතං දිට‍්ඨාභිනිවෙසාති පුච‍්ඡිත්‍වා තෙ අවිස‍්සජ‍්ජෙත්‍වාව විසුං විසුං අභිනිවෙසවිස‍්සජ‍්ජනෙනෙව තෙ විස‍්සජ‍්ජෙතුකාමො අස‍්සාදදිට‍්ඨියා, කතිහාකාරෙහි අභිනිවෙසො හොතීතිආදිනා නයෙන සොළසන‍්නං දිට‍්ඨීනං අභිනිවෙසාකාරගණනං පුච‍්ඡිත්‍වා පුන අස‍්සාදදිට‍්ඨියා පඤ‍්චතිංසාය ආකාරෙහි අභිනිවෙසො හොතීති තාසං සොළසන‍්නං දිට‍්ඨීනං අභිනිවෙසාකාරගණනං විස‍්සජ‍්ජෙත්‍වා පුන තානි ගණනානි විස‍්සජ‍්ජෙන‍්තො අස‍්සාදදිට‍්ඨියා කතමෙහි පඤ‍්චතිංසාය ආකාරෙහි අභිනිවෙසො හොතීතිආදිමාහ. තත්‍ථ රූපං පටිච‍්චාති රූපක‍්ඛන්‍ධං පටිච‍්ච. උප‍්පජ‍්ජති සුඛං සොමනස‍්සන‍්ති “අයං මෙ කායො ඊදිසො”ති රූපසම‍්පදං නිස‍්සාය ගෙහසිතං රාගසම‍්පයුත‍්තං සුඛං සොමනස‍්සං උප‍්පජ‍්ජති. හෙට‍්ඨා වුත‍්තෙනට‍්ඨෙන සුඛඤ‍්ච සොමනස‍්සඤ‍්ච. තංයෙව රූපස‍්ස අස‍්සාදොති රූපනිස‍්සයො අස‍්සාදො. තඤ‍්හි සුඛං තණ‍්හාවසෙන අස‍්සාදීයති උපභුඤ‍්ජීයතීති අස‍්සාදො. අභිනිවෙසපරාමාසො දිට‍්ඨීති සො අස‍්සාදො සස‍්සතොති වා උච‍්ඡිජ‍්ජිස‍්සතීති වා සස‍්සතං වා උච‍්ඡිජ‍්ජමානං වා අත‍්තානං සුඛිතං කරොතීති වා අභිනිවෙසපරාමාසො හොති. තස‍්මා යා ච දිට‍්ඨි යො ච අස‍්සාදොති අස‍්සාදස‍්ස දිට‍්ඨිභාවාභාවෙපි අස‍්සාදං විනා සා දිට‍්ඨි න හොතීති කත්‍වා උභයම‍්පි සමුච‍්චිතං. අස‍්සාදදිට‍්ඨීති අස‍්සාදෙ පවත‍්තා දිට‍්ඨීති වුත‍්තං හොති.

දැන් තුන්සියයක් දෘෂ්ටාභිනිවේසයන් නිර්දේශ කරනු කැමැත්තේ කතමෙ තීණි සතං දිට්ඨාභි නිවෙසං යයි විචාරා, ඒවා නොවිසඳාම, වෙන් වෙන් අභිනිවෙස විසඳුමෙන්ම ඒවා විසඳනු කැමැත්තේ, අස්සාද දිට්ඨියා කතීහාකාරෙහි අභිනිවෙසො හොති යැයි ආදී ක්‍රමයෙන්, සොළොස් දෘෂ්ටීන්ගේ අභිනිවෙසාකාර ග්‍රහණය නොවිචාරා, නැවත අස්සාද දිට්ඨියා පංචතිංසාය ආකාරෙහි අභිනිවෙසො හොති යැයි ඒ සොළොස් දෘෂ්ටීන්ගේ අභිනිවෙසාකාර ග්‍රහණය විසඳා, නැවත එම ගණන් විසඳන්නේ අස්සාද දිට්ඨියා කතමෙහි පඤ්චතිංසාය ආකාරෙහි අභිනිවෙසො හොතියැයි ඒ සොළොස් දෘෂ්ටීන්ගේ අභිනිවෙසාකාර ග්‍රහණය විසඳා, නැවත එම ගණන් විසඳන්නේ අස්සාද දිට්ඨියා කතමෙහි පඤ්චතිංසාය ආකාරෙහි අභිනිවෙසො හොති යනාදිය වදාළහ. එහි රූපං පටිච්ච යනු රූපස්කන්ධ හේතුයෙන්, උප්පජ්ජති සුඛං සොමනස්සං යනු මාගේ මේ ශරීරය මේ ආකාරයැයි රූපසම්පත්තිය හේතුයෙන් ලෞකික දෑ හා සම්බන්ධ වූ, රාග සම්ප්‍රයුක්ත සුව සොම්නස උපදී. යට කියන ලද අර්ථයෙන් සුවයද, සොම්නසද, එයම රූපස්ස අස්සාදොයි රූප නිශ්‍රිත ආස්වාදයයි. එම සුවය තෘෂ්ණා වශයෙන් ආස්වාදනය කෙරේ. පරිභෝග කෙරේනුයි = ආස්වාදයයි. අභිනිවෙස පරාමාසො දිට්ඨි යනු එම ආස්වාදය ශාශ්වතයැයි හෝ විනාශ වන්නේ යැයි හෝ ශාශ්වත හෝ විනාශවන්නා වූ ආත්මය සුවපත් කෙරේනුයි හෝ අභිනිවෙස පරාමාසය වේ. එහෙයින් යම් දෘෂ්ටියක් වේද, යම් ආස්වාදයක් වේද, ආස්වාදයෙහි දෘෂ්ටි භාවයෙහිද අභාවයෙහිද, ආස්වාදයෙන් තොරව එම දෘෂ්ටිය නොවේ යයි කොට ද්වයයම එක්කරන ලදි. අස්සාද දිට්ඨි යනු ආස්වාදයෙහි පවත්නා දෘෂ්ටිය යැයි යූ.සේයි.

ඉදානි නානාසුත‍්තෙහි සංසන්‍දෙත්‍වා මිච‍්ඡාදිට‍්ඨිං මිච‍්ඡාදිට‍්ඨිකඤ‍්ච ගරහිතුකාමො අස‍්සාදදිට‍්ඨි මිච‍්ඡාදිට‍්ඨීතිආදිමාහ. තත්‍ථ දිට‍්ඨිවිපත‍්තීති සම‍්මාදිට‍්ඨිවිනාසකමිච‍්ඡාදිට‍්ඨිසඞ‍්ඛාතදිට‍්ඨියා විපත‍්ති. දිට‍්ඨිවිපන‍්නොති විපන‍්නා විනට‍්ඨා සම‍්මාදිට‍්ඨි අස‍්සාති දිට‍්ඨිවිපන‍්නො, විපන‍්නදිට‍්ඨීති වුත‍්තං හොති. මිච‍්ඡාදිට‍්ඨියා වා විපන‍්නො විනට‍්ඨොති දිට‍්ඨිවිපන‍්නො. න සෙවිතබ‍්බො උපසඞ‍්කමනෙන. න භජිතබ‍්බො චිත‍්තෙන. න පයිරුපාසිතබ‍්බො උපසඞ‍්කමිත්‍වා නිසීදනෙන. තං කිස‍්ස හෙතූති “තං සෙවනාදිකං කෙන කාරණෙන න කාතබ‍්බ”න‍්ති තස‍්ස කාරණපුච‍්ඡා. දිට‍්ඨි හිස‍්ස පාපිකාති කාරණවිස‍්සජ‍්ජනං. යස‍්මා අස‍්ස පුග‍්ගලස‍්ස දිට‍්ඨි පාපිකා, තස‍්මා තං සෙවනාදිකං න කාතබ‍්බන‍්ති අත්‍ථො. දිට‍්ඨියා රාගොති “සුන්‍දරා මෙ දිට‍්ඨී”ති දිට‍්ඨිං ආරබ‍්භ දිට‍්ඨියා උප‍්පජ‍්ජනරාගො . දිට‍්ඨිරාගරත‍්තොති තෙන දිට‍්ඨිරාගෙන රඞ‍්ගෙන රත‍්තං වත්‍ථං විය රත‍්තො. න මහප‍්ඵලන‍්ති විපාකඵලෙන. න මහානිසංසන‍්ති නිස‍්සන්‍දඵලෙන.

දැන් නොයෙක් සූත්‍රයන් සමග සංසන්දනය කොට මිථ්‍යා දෘෂ්ටියද, මිථ්‍යා දෘෂ්ටිත්වයද ගර්හා කරනු කැමැතියේ අස්සාද දිට්ඨි මිච්ඡා දිට්ඨි ආදිය වදාළහ. එහි දිට්ඨි විපත්ති යනු සම්‍යක් දෘෂ්ටිය විනාශ කරන මිථ්‍යා දෘෂ්ටි සංඛ්‍යාත දෘෂ්ටියෙහි විපතයි. දිට්ඨි විපන්නො යනු පෙරළුණු, නට සම්‍යක් දෘෂ්ටිය වන්නේනුයි දිට්ඨි විපන්නොයි. පෙරළුණු දෘෂ්ටිය යැයි යූ.සේයි. මිථ්‍යා දෘෂ්ටියෙහි හෝ පෙරළුණේ, නටුයේනුයිද දිට්ඨි විපත්නයි. නසෙවිතබ්බො යනු එළැඹීම් වශයෙන්, නභජිතබ්බො යනු සිතින්, නපයිරුපාසිතබ්බො යනු එළඹ හිඳීමෙන්. තං කිස්ස හෙතු එම සේවනාදීන් කවර කරුණෙකින් නොකටයුතුදැයි එහි කරුණු විමසීමයි. දිට්ඨිහිස්ස පාපිකාති යනු කරුණු විසඳීමයි. මෙම පුද්ගලයාගේ දෘෂ්ටිය පවිටුද? එහෙයින් ඔහු සෙවුණාදිය නොකටයුතුයැයි අර්ථයි. දිට්ඨියා රාගො යනු මාගේ දෘෂ්ටිය යහපත්යැයි දෘෂ්ටිය අරබයා උපදනා ඇල්මයි. දිට්ඨිරාග රත්තො යනු එම දෘෂ්ටි රාගය නමැති සායමින් රතු වූයේ රතු වස්ත්‍රයක් මෙනි. න මහප්ඵලං යනු විපාක ඵලයෙන් න මහානිසංසං යනු විපාක ඵලයෙන්,

පුරිසපුග‍්ගලස‍්සාති පුරිසසඞ‍්ඛාතස‍්ස පුග‍්ගලස‍්ස. ලොකියවොහාරෙන හි පුරි වුච‍්චති සරීරං, තස‍්මිං පුරිස‍්මිං සෙති පවත‍්තතීති පුරිසො, පුං වුච‍්චති නිරයො, තං පුං ගලති ගච‍්ඡතීති පුග‍්ගලො. යෙභුය්‍යෙන හි සත‍්තා සුගතිතො චුතා දුග‍්ගතියංයෙව නිබ‍්බත‍්තන‍්ති. තං කිස‍්ස හෙතූති තං න මහප‍්ඵලත‍්තං කෙන කාරණෙන හොති. දිට‍්ඨි හිස‍්ස පාපිකාති යස‍්මා අස‍්ස පුග‍්ගලස‍්ස දිට‍්ඨි පාපිකා, තස‍්මා න මහප‍්ඵලං හොතීති අත්‍ථො. ද‍්වෙව ගතියොති පඤ‍්චසු ගතීසු ද‍්වෙව ගතියො. විපජ‍්ජමානාය දිට‍්ඨියා නිරයො. සම‍්පජ‍්ජමානාය තිරච‍්ඡානයොනි. යඤ‍්චෙව කායකම‍්මන‍්ති සකලිඞ‍්ගධාරණපටිපදානුයොගඅභිවාදනපච‍්චුට‍්ඨානඅඤ‍්ජලිකම‍්මාදි කායකම‍්මං. යඤ‍්ච වචීකම‍්මන‍්ති සකසමයපරියාපුණනසජ‍්ඣායනදෙසනාසමාදපනාදි වචීකම‍්මං. යඤ‍්ච මනොකම‍්මන‍්ති ඉධලොකචින‍්තාපටිසංයුත‍්තඤ‍්ච පරලොකචින‍්තාපටිසංයුත‍්තඤ‍්ච කතාකතචින‍්තාපටිසංයුත‍්තඤ‍්ච මනොකම‍්මං. තිණකට‍්ඨධඤ‍්ඤබීජෙසු සත‍්තදිට‍්ඨිස‍්ස දානානුප‍්පදානපටිග‍්ගහණපරිභොගෙසු ච කායවචීමනොකම‍්මානි. යථාදිට‍්ඨීති යා අයං දිට‍්ඨි, තස‍්සානුරූපං. සමත‍්තන‍්ති පරිපුණ‍්ණං. සමාදින‍්නන‍්ති ගහිතං.

පුරිස පුග්ගලස්ස යනු පුරිස සංඛ්‍යාත වූ පුද්ගලයාගේ, ලෞකික ව්‍යවහාරයෙන් ශරීරය පුරියැයි යූ.සේයි. එම ශරීරයෙහි සයනය කරයි. පවතීනුයි පුරිස නමැ. නිරය පුං යැයි යූ.සේයි. එම නිරයට ගිලිහේ යෙයිනුයි පුද්ගලයි. බොහෝසෙයින් සත්ත්වයෝ සුගතියෙන් චුතව දුගතියෙහිම උපදිති. තං කිස්ස හෙතු එය මහත්ඵල නොවේ. කවර කරුණෙකින් වේද? දිට්ඨි හිස්ස පාපිකා යනු මෙම පුද්ගලයාගේ දෘෂ්ටිය පාපීද? එහෙයින් මහත්ඵල නොවේයයි අර්ථයි. ද්වෙච ගතියො යනු පඤ්ච ගතීන්හි දෙගතියක්ම, විද්‍යමාන දෘෂ්ටියෙන් නිරයොයි. දියුණුවට පත්වනු ලබන දෘෂ්ටියෙන් තිරච්ඡානයොනියි යඤ්චෙව කාය කම්මං යනු තම ස්වභාවය දැරීම, ප්‍රතිපදාවන්හි යෙදීම, වැඳීම, එළඹ සිටීම, ඇඳිලි බැඳීම් ආදී කාය කර්මයි. යඤ්ච වචී කම්මං යනු තම ආගම පුහුණු කරන පාඩම් කීම දේශනා සමාදන් කරවීම් ආදී වාග්කර්මයි. යඤ්ච මනොකම්මං යනු මෙලොව චින්තාවන් හා ප්‍රතිසංයුක්ත වූද, පරලොව චින්තාවන් හා ප්‍රතිසංයුක්ත වූද, කළ නොකළ චින්තාවන් හා ප්‍රතිසංයුක්ත වූද, තෘණ, කාෂ්ඨ, ධාන්‍ය බීජයන්හි සත්ත්වයෙක් යන දෘෂ්ටියද, දීම් මනාව දීම්. ප්‍රතිග්‍රහණ, පරිභෝගයන්හිද වූ කාය, වාග්, මනො කර්මයි. යථාදිට්ඨි යනු යම් මේ දෘෂ්ටියක් වේද, එයට අනුරූපව, සමත්තං යනු පරිපූර්ණ, සමාදින්නං යනු ගන්නා ලද,

අට‍්ඨකථායං පන වුත‍්තං – තදෙතං යථාදිට‍්ඨියං ඨිතකායකම‍්මං, දිට‍්ඨිසහජාතකායකම‍්මං, දිට‍්ඨානුලොමිකකායකම‍්මන‍්ති තිවිධං හොති. තත්‍ථ “පාණං හනතො අදින‍්නං ආදියතො මිච‍්ඡාචරතො නත්‍ථි තතොනිදානං පාපං, නත්‍ථි පාපස‍්ස ආගමො”ති යං එවං දිට‍්ඨිකස‍්ස සතො පාණාතිපාතඅදින‍්නාදානමිච‍්ඡාචාරසඞ‍්ඛාතං කායකම‍්මං, ඉදං යථාදිට‍්ඨියං ඨිතකායකම‍්මං නාම. “පාණං හනතො අදින‍්නං ආදියතො මිච‍්ඡාචරතො නත්‍ථි තතොනිදානං පාපං, නත්‍ථි පාපස‍්ස ආගමො”ති යං ඉමාය දිට‍්ඨියා ඉමිනා දස‍්සනෙන සහජාතං කායකම‍්මං, ඉදං දිට‍්ඨිසහජාතකායකම‍්මං නාම. තදෙව පන සමත‍්තං සමාදින‍්නං ගහිතං පරාමට‍්ඨං දිට‍්ඨානුලොමිකකායකම‍්මං නාම. වචීකම‍්මමනොකම‍්මෙසුපි එසෙව නයො. එත්‍ථ පන මුසා භණතො පිසුණං භණතො ඵරුසං භණතො සම‍්ඵං පලපතො අභිජ‍්ඣාලුනො බ්‍යාපන‍්නචිත‍්තස‍්ස මිච‍්ඡාදිට‍්ඨිකස‍්ස සතො නත්‍ථි තතොනිදානං පාපං, නත්‍ථි පාපස‍්ස ආගමොති යොජනා කාතබ‍්බා. ලිඞ‍්ගධාරණාදිපරියාපුණනාදිලොකචින‍්තාදිවසෙන වුත‍්තනයො චෙත්‍ථ සුන්‍දරො.

අටුවායෙහි වනාහි යූ.සේයි. යම් ඒ දෘෂ්ටියක් වේද, එය දෘෂ්ටියට අනුව සිටි කායකර්මය දෘෂ්ටිය අනුව එකට හටගත් කායකර්මය, දෘෂ්ටියට අනුලොම් කාය කර්මය යයි තෙවදෑරුම් වේ. එහි ප්‍රාණය නසන්නහුට, නුදුන් දැය ගන්නහුට, මිථ්‍යා කාමයෙහි හැසිරෙන්නහුට, ඒ හේතුයෙන් පාපයෙක් නැත. පවෙහි පැමිණීමෙක් නැතැයි යම් මෙබඳු වූ දෘෂ්ටිකයෙකුව ඇතිකල්හි, ප්‍රාණඝාත, අදින්නාදාන, මිථ්‍යාචාර සංඛ්‍යාත කායකර්මයන්හි යෙදේ. මෙය දෘෂ්ටිය අනුව සිටි කායකර්මය නමැ. ප්‍රාණය නසන්නහුට, නුදුන් දෑ ගන්නහුට, මිථ්‍යා කාමයෙහි හැසිරෙන්නහුට, ඒ හේතුයෙන් පාපයෙක් නැත. පවෙහි පැමිණීමෙක් නැතැයි යම් මෙබඳු දෘෂ්ටියෙන්, මේ දර්ශනයෙන් සමග හටගත් කායකර්මයක් වේද? මෙය දෘෂ්ටිය හා එකට හටගත් කායකර්මය නමැ. එයම සම්පූර්ණයෙන් සමාදන් වූයේ ගන්නා ලද්දේ ස්පර්ශ කරන ලද්දේ දෘෂ්ටි අනුලෝමික කායකර්මය නමැ. වාක් කර්ම මනෝ කර්මයන්හිද එම ක්‍රමයමැයි. මෙහි වනාහි අසත්‍යය තෙපලන්නහුට, කේළාම් තෙපලන්නහුට, කර්කශ වචන තෙපලන්නහුට, හිස් ප්‍රලාප දොඩවන්නහුට අභිධ්‍යාවෙහි ගැලුනා වූ, ක්‍රෝධ සිතැති මිථ්‍යා දෘෂ්ටිකත්වයෙහි පැවතීම වූයේ නමුදු, ඒ හේතුයෙන් පාපයෙක් නැත. පාපයෙහි පැමිණීමෙක් නැතැයි යෙදීම් කළයුත්තාහ. ආකාර, දැරීම්, පුරුදු කිරීම් ආදී ලෝක සිතිවිලි ආදී වශයෙන් කියන ලද ක්‍රමය වඩා සුන්දරයි.

චෙතනාදීසු දිට‍්ඨිසහජාතා චෙතනා චෙතනා නාම. දිට‍්ඨිසහජාතා පත්‍ථනා පත්‍ථනා නාම. චෙතනාපත්‍ථනානං වසෙන චිත‍්තට‍්ඨපනා පණිධි නාම. තෙහි පන චෙතනාදීහි සම‍්පයුත‍්තා ඵස‍්සාදයො සඞ‍්ඛාරක‍්ඛන්‍ධපරියාපන‍්නා ධම‍්මා සඞ‍්ඛාරා නාම. අනිට‍්ඨායාතිආදීහි දුක‍්ඛමෙව වුත‍්තං. දුක‍්ඛඤ‍්හි සුඛකාමෙහි සත‍්තෙහි න එසිතත‍්තා අනිට‍්ඨං. අප‍්පියත‍්තා අකන‍්තං. මනස‍්ස අවඩ‍්ඪනතො, මනසි අවිසප‍්පනතො ච අමනාපං. ආයතිං අභද‍්දතාය අහිතං. පීළනතො දුක‍්ඛන‍්ති. තං කිස‍්ස හෙතූති තං එවං සංවත‍්තනං කෙන කාරණෙන හොතීති අත්‍ථො. ඉදානිස‍්ස කාරණං දිට‍්ඨි හිස‍්ස පාපිකාති. යස‍්මා තස‍්ස පුග‍්ගලස‍්ස දිට‍්ඨි පාපිකා ලාමකා, තස‍්මා එවං සංවත‍්තතීති අත්‍ථො. අල‍්ලාය පථවියා නික‍්ඛිත‍්තන‍්ති උදකෙන තින‍්තාය භූමියා රොපිතං. පථවීරසං ආපොරසන‍්ති තස‍්මිං තස‍්මිං ඨානෙ පථවියා ච සම‍්පදං ආපස‍්ස ච සම‍්පදං. බීජනික‍්ඛිත‍්තට‍්ඨානෙ හි න සබ‍්බා පථවී න සබ‍්බො ආපො ච බීජං ඵලං ගණ‍්හාපෙති. යො පන තෙසං පදෙසො බීජං ඵුසති, සොයෙව බීජං ඵලං ගණ‍්හාපෙති. තස‍්මා බීජපොසනාය පච‍්චයභූතොයෙව සො පදෙසො පථවීරසො ආපොරසොති වෙදිතබ‍්බො. රසසද‍්දස‍්ස හි සම‍්පත‍්ති ච අත්‍ථො. යථාහ “කිච‍්චසම‍්පත‍්තිඅත්‍ථෙන රසො නාම පවුච‍්චතී”ති. ලොකෙ ච “සුරසො ගන්‍ධබ‍්බො”ති වුත‍්තෙ සුසම‍්පන‍්නො ගන්‍ධබ‍්බොති අත්‍ථො ඤායති. උපාදියතීති ගණ‍්හාති. යො හි පදෙසො පච‍්චයො හොති, තං පච‍්චයං ලභමානං බීජං තං ගණ‍්හාති නාම. සබ‍්බං තන‍්ති සබ‍්බං තං රසජාතං. තිත‍්තකත‍්තායාති සො පථවීරසො ආපොරසො ච අතිත‍්තකො සමානොපි තිත‍්තකං බීජං නිස‍්සාය නිම‍්බරුක‍්ඛාදීනං තෙසං ඵලානඤ‍්ච තිත‍්තකභාවාය සංවත‍්තති. කටුකත‍්තායාති ඉදං පුරිමස‍්සෙව වෙවචනං.

චේතනාවන්හි, දෘෂ්ටිය සමග හටගත් චේතනාව චෙතනා නමැ. දෘෂ්ටිය සමග හටගත් ප්‍රාර්ථනාව පත්‍ථනා නමැ. චේතනා ප්‍රාර්ථනාවන්ගේ වශයෙන් සිතෙහි තැබීම පණිධි නම. ඒ චේතනාදීන් හා සම්ප්‍රයුක්ත ස්පර්ශාදී සංස්කාරස්කන්ධයන්ට ඇතුළත් ධර්ම සංඛාරා නමැ. අනිට්ඨාය ආදීන්ගෙන් දුක්ඛයම යූ.සේයි. දුක වනාහි සුව කැමැති සත්ත්වයින් විසින් නොසොයන ලද හෙයින් අනිට්ඨංයි. අප්‍රිය බැවින් අකන්තංයි. චිත්තයාගේ අනභිවෘද්ධිය හෙයින්ද, සිතෙහි නොදැඟලීම හෙයින්ද අමනාපංයි. මත්තෙහි අයහපත්භාවය සඳහා පැවැත්තේ අහිතංයි. පීඩා ගෙනදෙන හෙයින් දුක්ඛංයි. තං කිස්ස හෙතු යනු එය මෙසේ පැවැත්ම කවර කරුණෙකින් වේදැයි අර්ථයි. දැන් මෙයට කාරණයයි. දිට්ඨි හිස්ස පාපිකා යනු යම්හෙයකින් එම පුද්ගලයාගේ දෘෂ්ටිය පාපී ලාමකද? එහෙයින් මෙසේ පවතීයයි අර්ථයි. අලලාය පඨවියං නික්ඛිත්තං යනු ජලයෙන් තෙත්වූ භූමියෙහි රෝපණය කරන ලද පඨවිරසං ආපොරසං ඒ ඒ තන්හි පෘථුවියෙහිද, ජලයෙහිද සමෘද්ධත්වය, බීජ නික්‍ෂිප්ත හැම පෘථුවි ස්ථානයක හා හැම ජල ස්ථානයක බීජ ඵල නොගනී. යම් ප්‍රදේශයක් එම බීජ ස්පර්ශ කරයිද? එම ප්‍රදේශයම බීජ ඵල ගන්වයි. එහෙයින් බීජ පෝෂණයට ප්‍රත්‍යය වූම එම ප්‍රදේශය පෘථුවි රසය, ජල රසයයි දතයුතුය. රස ශබ්දයෙහි සම්පත්ති යන අර්ථයද වේ. දෙසූ පරිදි, ‘කෘත්‍ය සම්පත්ති අර්ථයෙන් රසය නමැයි කියනු ලැබේ. ලෝකයෙහිද, සූරස ගන්‍ධර්වයායි කී කල්හි මනා ගුණ යුත් ගාන්ධර්වයායි අර්ථය හැඟේ. උපාදියති යනු ගනී. එම ප්‍රදේශය වනාහි ප්‍රත්‍යය වේ. එම ප්‍රත්‍යය ලබන්නා වූ බීජය එය ගනී නමැ. සබ්බං තෙ යනු ඒ සියලු රසජාතය. තිත්තකත්තාය යනු, එම පෘථුවි රසයද, ජල රසයද තිත්ත රස නොවූයේ නමුදු, තිත්ත බීජය හේතුයෙන්, කොහොඹ රුක් ආදීන්ගේද, ඒවාහි ඵලයන්ගේද තිත්තභාවය පවත්වයි. කටුකත්තාය යනු මෙය පළමු පදයටම පර්යාය වචනයකි.

“වණ‍්ණගන්‍ධරසූපෙතො, අම‍්බොයං අහුවා පුරෙ; තමෙව පූජං ලභමානො, කෙනම‍්බො කටුකප‍්ඵලො”ති. (ජා· 1.2.71) –

වණ්ණ ගන්‍ධ රසූපෙතො - අම්බායං අහුවා පුරෙ, තමෙව පූජං ලභමානො - කෙනම්බො කටුකප්ඵලො’ති

‘පෙර මේ අඹ වර්ණ, ගන්ධ, රසයන්ගෙන් යුක්ත වූයේ විය. එම පූජාවම ලබනුයේ, කවර හෙයින් අඹ කටුක ඵල විණිද?

ආගතට‍්ඨානෙ විය හි ඉධාපි තිත‍්තකමෙව අප‍්පියට‍්ඨෙන කටුකන‍්ති වෙදිතබ‍්බං. අසාතත‍්තායාති අමධුරභාවාය. අසාදුත‍්තායාතිපි පාඨො, අසාදුභාවායාති අත්‍ථො. සාදූති හි මධුරං. බීජං හිස‍්සාති අස‍්ස නිම‍්බාදිකස‍්ස බීජං. එවමෙවන‍්ති එවං එවං. යස‍්මා සුඛා වෙදනා පරමො අස‍්සාදො, තස‍්මා මිච‍්ඡාදිට‍්ඨියා දුක‍්ඛවෙදනාවසෙන ආදීනවො දස‍්සිතොති. පුන අට‍්ඨාරසභෙදෙන දිට‍්ඨියා ආදීනවං දස‍්සෙතුං අස‍්සාදදිට‍්ඨි මිච‍්ඡාදිට‍්ඨීතිආදිමාහ. තං වුත‍්තත්‍ථමෙව. ඉමෙහි අට‍්ඨාරසහි ආකාරෙහි පරියුට‍්ඨිතචිත‍්තස‍්ස සඤ‍්ඤොගොති දිට‍්ඨියා එව සංසාරෙ බන්‍ධනං දස‍්සෙති.

ආ තන්හි මෙන්, මෙහිද, තිත්තම, අප්‍රියාර්ථයෙන් කටුකැයි දතයුතුය. අසාතත්තාය යනු අමිහිරි භාවය සඳහා, අසාදූත්තාය යනුද පාඨයි. අමිහිරි භාවය යයි අර්ථයි. සාදු යනු මිහිරියි. බීජං හිස්ස යනු කොසොඹ ආදී බිජුවටෙහි, එවමෙවං යනු මෙසේ, මෙසේ, යම්හෙයකින් සුව වේදනාව උතුම් ආස්වාදයද? එහෙයින් මිථ්‍යා දෘෂ්ටියෙහි දුක් වේදනා වශයෙන් ආදීනව දක්වන ලදි. නැවත අටළොස් භේදයෙන් දෘෂ්ටියෙහි ආදීනව දක්වන්ට අස්සාද දිට්ඨි මිච්ඡා දිට්ඨියි ආදිය වදාළහ. එය කියන ලද අර්ථමය. ඉමෙහි අට්ඨාරසහි ආකාරෙහි පරියුට්ඨිත චිත්තස්ස සංයොගො යනු දෘෂ්ටියෙන්ම සංසාරයෙහි බන්ධනය දක්වයි.

යස‍්මා පන දිට‍්ඨිභූතානිපි සඤ‍්ඤොජනානි අත්‍ථි අදිට‍්ඨිභූතානිපි, තස‍්මා තං පභෙදං දස‍්සෙන‍්තො අත්‍ථි සඤ‍්ඤොජනානි චෙවාතිආදිමාහ. තත්‍ථ යස‍්මා කාමරාගසඤ‍්ඤොජනස‍්සෙව අනුනයසඤ‍්ඤොජනන‍්ති ආගතට‍්ඨානම‍්පි අත්‍ථි, තස‍්මා අනුනයසඤ‍්ඤොජනන‍්ති වුත‍්තං. කාමරාගභාවං අප‍්පත්‍වා පවත‍්තං ලොභං සන්‍ධාය එතං වුත‍්තන‍්ති වෙදිතබ‍්බං. සෙසඛන්‍ධායතනාදිමූලකෙසුපි වාරෙසු ඉමිනාව නයෙන අත්‍ථො වෙදිතබ‍්බො. වෙදනාපරමත‍්තා ච අස‍්සාදස‍්ස වෙදනාපරියොසානා එව දෙසනා කතා. සඤ‍්ඤාදයො න ගහිතා. ඉමෙහි පඤ‍්චතිංසාය ආකාරෙහීති පඤ‍්චක‍්ඛන්‍ධා අජ‍්ඣත‍්තිකායතනාදීනි පඤ‍්ච ඡක‍්කානි චාති ඉමානි පඤ‍්චතිංස වත්‍ථූනි නිස‍්සාය උප‍්පන‍්නඅස‍්සාදාරම‍්මණවසෙන පඤ‍්චතිංසාය ආකාරෙහි.

යම්හෙයකින් වනාහි දෘෂ්ටිභූත වූද, අදෘෂ්ටි භූත වූද සංයෝජන ඇත. එහෙයින් ඒ ප්‍රභේද දක්වනුයේ, අත්‍ථි සංයොජනානිචෙව ආදිය වදාළහ. එහි යම්හෙයකින් කාමරාග සංයෝජනයටම අනුනය සංයෝජනයයි ආ ස්ථානද ඇත. එහෙයින් අනුනය සංයොජනං යයි යූ.සේයි. කාමරාග භාවයට, නොපත්ව පැවැති ලෝභය සඳහා මෙසේ යූ.සේයි. සෙසු ස්කන්ධ ආයතන මුල්කොට ඇති වාරයන්හි මෙම ක්‍රමයෙන්ම අර්ථය දතයුතුය. වේදනා කෙළවරකොට ඇති ආස්වාදයාගේ වේදනා අවසන්කොටම දේශනය කරන ලදි. සංඥාදීහු නොගන්නා ලදහ. ඉමෙහි පඤ්චතිංසාය ආකාරෙහි යනු ආධ්‍යාත්මිකාදී පංචස්කන්ධයන්ද, පස්වැදෑරුම් ෂට්කයන්ද යන මේ තිස්පස් වස්තූන් නිශ්‍රයකොට, උපන් ආස්වාද අරමුණ වශයෙන් තිස්පස් ආකාරයන්ගෙන්

අස‍්සාදදිට‍්ඨිනිද‍්දෙසවණ‍්ණනා නිට‍්ඨිතා.

ආස්වාද දෘෂ්ටි වර්ණනාව නිමි.