යෙදුමෙන් කියවන්න

2. අත‍්තානුදිට‍්ඨිනිද‍්දෙසවණ‍්ණනා අට‍්ඨකථා

2. අත‍්තානුදිට‍්ඨිනිද‍්දෙසවණ‍්ණනා

2. ආත්මානු දෘෂ්ටි නිර්දේශ වර්ණනාව

අත‍්තානුදිට‍්ඨියං අස‍්සුතවා පුථුජ‍්ජනොති ආගමාධිගමාභාවා ඤෙය්‍යො අස‍්සුතවා ඉති. යස‍්ස හි ඛන්‍ධධාතුආයතනසච‍්චපච‍්චයාකාරසතිපට‍්ඨානාදීසු උග‍්ගහපරිපුච‍්ඡාවිනිච‍්ඡයවිරහිතත‍්තා අත‍්තානුදිට‍්ඨිපටිසෙධකරො නෙව ආගමො, පටිපත‍්තියා අධිගන‍්තබ‍්බස‍්ස අනධිගතත‍්තා න ච අධිගමො අත්‍ථි, සො ආගමාධිගමානං අභාවා ඤෙය්‍යො අස‍්සුතවා ඉති. සුතන‍්ති හි බුද‍්ධවචනාගමො ච සුතඵලත‍්තා හෙතුවොහාරවසෙන අධිගමො ච, තං සුතං අස‍්ස අත්‍ථීති සුතවා, න සුතවා අස‍්සුතවා. ස‍්වායං –

ආත්මානු දෘෂ්ටියෙහි අස්සුතවා පුථුජ්ජනො යනු ඇදහීම්, අධිගම අභාවයෙන් අශ්‍රැතවතා යැයි දතයුතුය. යමෙකුට වනාහි ස්කන්ධ, ධාතු ආයතන, සත්‍ය, ප්‍රත්‍යයාකාර, සතිපට්ඨානාදීන්හි, ඉගෙනීම් විචාරීම් විනිශ්චය විරහිත හෙයින්, ආත්මානු දෘෂ්ටිය ප්‍රතිෂේධකාරිත්වය නොපැමිණේ. ප්‍රතිපත්තියෙන් අවබෝධ කොටගත යුතු දෑ අවබෝධ නොකළ හෙයින් අධිගමයද නොමැත. හෙතෙම ආගම අධිගම අභාවයෙන් අශ්‍රැතවතා යැයි දතයුතුය. සුතං යනු, බුදුවදන් ඉගෙනීමද, ශ්‍රැත ඵලය හෙයින්, හේතු ව්‍යවහාර වශයෙන් අධිගමයද, එම ශ්‍රැතය ඔහුට ඇත්තේනුයි ශ්‍රැතවායි. ශ්‍රැතයක් නොමැතියේ අශ්‍රැතවායි.

පුථූනං ජනනාදීහි, කාරණෙහි පුථුජ‍්ජනො; පුථුජ‍්ජනන‍්තොගධත‍්තා, පුථුවායං ජනො ඉති.

පුථූනං ජනනාදීහි - කාරණෙහි පුථුජ්ජනො, පුථුජ්ජන නෙතා ගධත්තා - පුථුවායං ජනො ඉති

ඒ මෙය බොහෝ පැතිර සිටි දෑහි ඉපදවීම් ආදී කාරණයන්ගෙන් පෘථග්ජනයි. පෘථග්ජනයන්ට ඇතුළත් හෙයින් මේ ජනයා පුථු නම් වේ.

සො හි පුථූනං නානප‍්පකාරානං කිලෙසාදීනං ජනනාදීහි කාරණෙහි පුථුජ‍්ජනො. යථාහ – “පුථු කිලෙසෙ ජනෙන‍්තීති පුථුජ‍්ජනා, පුථු අවිහතසක‍්කායදිට‍්ඨිකාති පුථුජ‍්ජනා, පුථු සත්‍ථාරානං මුඛුල‍්ලොකිකාති පුථුජ‍්ජනා, පුථු සබ‍්බගතීහි අවුට‍්ඨිතාති පුථුජ‍්ජනා, පුථු නානාභිසඞ‍්ඛාරෙ අභිසඞ‍්ඛරොන‍්තීති පුථුජ‍්ජනා, පුථු නානාඔඝෙහි වුය‍්හන‍්තීති පුථුජ‍්ජනා, පුථු නානාසන‍්තාපෙහි සන‍්තප‍්පෙන‍්තීති පුථුජ‍්ජනා, පුථු නානාපරිළාහෙහි පරිදය‍්හන‍්තීති පුථුජ‍්ජනා, පුථු පඤ‍්චසු කාමගුණෙසු රත‍්තා ගිද‍්ධා ගධිතා මුච‍්ඡිතා අජ‍්ඣොසන‍්නා ලග‍්ගා ලග‍්ගිතා පලිබුද‍්ධාති පුථුජ‍්ජනා, පුථු පඤ‍්චහි නීවරණෙහි ආවුතා නිවුතා ඔවුතා පිහිතා පටිච‍්ඡන‍්නා පටිකුජ‍්ජිතාති පුථුජ‍්ජනා”ති (මහානි· 94). පුථූනං වා ගණනපථමතීතානං අරියධම‍්මපරම‍්මුඛානං නීචධම‍්මසමුදාචාරානං ජනානං අන‍්තොගධත‍්තාපි පුථුජ‍්ජනා, පුථු වා අයං, විසුංයෙව සඞ‍්ඛං ගතො විසංසට‍්ඨො සීලසුතාදිගුණයුත‍්තෙහි අරියෙහි ජනොතිපි පුථුජ‍්ජනො. එවමෙතෙහි “අස‍්සුතවා පුථුජ‍්ජනො”ති ද‍්වීහි පදෙහි යෙ තෙ –

හෙතෙම වනාහි බොහෝ නානාප්‍රකාර කෙලෙසුන්ගේ ඉපදවීම් ආදී කාරණයන්ගෙන් පෘථග්ජනයි. දෙසූ පරිදි, බොහෝ කෙලෙස් උපදවත්නුයි පෘථග්ජනයි. බොහෝ පහනොකරන ලද සත්කාය දෘෂ්ටිකනුයි පෘථග්ජනයි. බොහෝ ශාස්තෲන්ගේ මුහුණු බලන්නේනුයි පෘථග්ජනයි. බොහෝ නොයෙක් උත්පත්තීන්ගෙන් නොනැගිටියේනුයි පෘථග්ජනයි. බොහෝ නොයෙක් අභිසංස්කාරයන් රැස් කෙරෙත්නුයි පෘථග්ජනයි. බොහෝ නොයෙක් ඕඝයන්ගෙන් පාවී යත්නුයි පෘථග්ජනයි. බොහෝ නොයේක සන්තාපයන්ගෙන් තැවෙත්නුයි පෘථග්ජනයි. බොහෝ නොයෙක් දාහයන්ගෙන් දැවෙත්නුයි පෘථග්ජනයි. බොහෝ පඤ්චකාම ගුණයන්හි ගැලුණාහු, මූර්ඡා වූවාහු, බැසගත්තාහු, ඇලුණේ, ඇලී සිටියේ, කිළිටි වූයේනුයි පෘථග්ජනයි. බොහෝ පඤ්ච නීවරණයන්ගෙන්, අමුණන ලදුයේ, වසන ලදුයේ, බාධාකරන ලදුයේ, ඡාදිත වූයේ, යටිකුරු කරන ලදුයේ නුයි පුථුජ්ජනයි. බොහෝ වූ ගණන් කළ නොහැකි තරම් ඉක්මුණු ආර්ය ධර්මයන් පරම්මුඛ වූ, නීච ධර්මයන්හි හැසිරීම්වලට ඇතුළත් වූ හෙයින්ද පෘථග්ජනයි. සීල ශ්‍රැත ආදී ගුණයුත් ආර්ය ජනයන් සමග සම්බන්ධ නුවූයේ, මෙතෙම බොහෝසෙයින් වෙන් වූයේම යැයි ජන සංඛ්‍යාවට ගිය හෙයින්ද පෘථග්ජනයි. මෙසේ එම ‘අස්සුතවා පුථුජ්ජනො’ යන දෙපදයෙන් යම් ඒ –

“දුවෙ පුථුජ‍්ජනා වුත‍්තා, බුද‍්ධෙනාදිච‍්චබන්‍ධුනා; අන්‍ධො පුථුජ‍්ජනො එකො, කල්‍යාණෙකො පුථුජ‍්ජනො”ති. –

දුවෙ පුථුජ්ජනා වුත්තා - බුද්ධෙනාදිච්ච බන්‍ධුනා, අන්‍ධො පුථුජ්ජනොඑකො - කල්‍යාණෙකො පුථුජ්ජනො

ද‍්වෙ පුථුජ‍්ජනා වුත‍්තා, තෙසු අන්‍ධපුථුජ‍්ජනො වුත‍්තො හොතීති වෙදිතබ‍්බො.

ආදිච්චබන්‍ධු බුදුරදුන් විසින් පෘථග්ජනයෝ දෙදෙනෙක් දේශනා කරන ලදහ. එක් අයෙක් අන්ධ පෘථග්ජනයාය. අනෙකා කල්‍යාණ පෘථග්ජනයායි යූ.සේයි.

අරියානං අදස‍්සාවීතිආදීසු අරියාති ආරකත‍්තා කිලෙසෙහි, අනයෙ න ඉරියනතො, අයෙ ච ඉරියනතො, සදෙවකෙන ච ලොකෙන අරණීයතො බුද‍්ධා ච පච‍්චෙකබුද‍්ධා ච බුද‍්ධසාවකා ච වුච‍්චන‍්ති, බුද‍්ධා එව වා ඉධ අරියා. යථාහ – “සදෙවකෙ, භික‍්ඛවෙ, ලොකෙ…පෙ… තථාගතො අරියොති වුච‍්චතී”ති (සං· නි· 5.1098).

අරියානං අදස්සාවි යනාදීන්හි, කෙලෙසුන්ගෙන් දුර හෙයින්ද, අක්‍රමවත් දෑහි ක්‍රියා නොපවත්වන හෙයින්ද, වර්ධනයෙහි ක්‍රියා පවත්වන හෙයින්ද, සදේවක ලෝකයා විසින් කෙලෙස් තොරතාවයෙන් සලකනු ලබන හෙයින් බුදු පසේබුදු ශ්‍රාවකයෝ යූ.සේයි. බුදුවරුම හෝ මෙහි ආර්යයෝය. දෙසූ පරිදි, මහණෙනි, දෙවියන් සහිත ලෝකයෙහි -පෙ- තථාගතයන් වහන්සේ ආර්යයැයි කියනු ලැබේ.

සප‍්පුරිසාති එත්‍ථ පන පච‍්චෙකබුද‍්ධා තථාගතසාවකා ච “සප‍්පුරිසා”ති වෙදිතබ‍්බා. තෙ හි ලොකුත‍්තරගුණයොගෙන සොභනා පුරිසාති සප‍්පුරිසා. සබ‍්බෙයෙව වා එතෙ ද‍්වෙධාපි වුත‍්තා. බුද‍්ධාපි හි අරියා ච සප‍්පුරිසා ච පච‍්චෙකබුද‍්ධා බුද‍්ධසාවකාපි. යථාහ –

සප්පුරිසං යන මෙහි පසේ බුදුවරු තථාගත ශ්‍රාවකයෝ සත්පුරුෂ යැයි දතයුත්තාහ. ඔවුහු වනාහි ලෝකෝත්තර ගුණ යෝගයෙන් යහපත් පුරුෂයෝ නුයි සත්පුරුෂයෝය. එම දෙයාකාරයෙන් කියන ලද සියලුම බුදුවරුද ආර්යයෝද, සත්පුරුෂයෝද, පසේබුදුවරුද, බුද්ධ ශ්‍රාවකයෝද වෙති. දෙසූ පරිදි –

“යො වෙ කතඤ‍්ඤූ කතවෙදි ධීරො, කල්‍යාණමිත‍්තො දළ‍්හභත‍්ති ච හොති; දුඛිතස‍්ස සක‍්කච‍්ච කරොති කිච‍්චං, තථාවිධං සප‍්පුරිසං වදන‍්තී”ති. (ජා· 2.17.78);

යොවෙ කතඤ්ඤු කතවෙදි ධීරො, කල්‍යාණ මිත්තො දළ්හභත්තීච හොති, දුඛිතස්ස සක්කච්ච කරොති කිච්චං, තථාවිධං සප්පුරිසං වදන්ති

යමෙක් ඒකාන්තයෙන්, කළගුණ දත්, කළ උපකාරය දත් ප්‍රඥාවෙන් යුත්, දැඩි භක්තිය ඇති කළණ මිතුරෙක් වේද, දුප්පතාගේ අවශ්‍ය කාර්යයන් සකස්ව කෙරේද? එබඳු ආකාර ඇත්තේ සත්පුරුෂයා යැයි කියති.

එත්‍ථ හි “කතඤ‍්ඤූ කතවෙදි ධීරො”ති පච‍්චෙකසම‍්බුද‍්ධො වුත‍්තො, “කල්‍යාණමිත‍්තො දළ‍්හභත‍්ති චා”ති බුද‍්ධසාවකො, “දුඛිතස‍්ස සක‍්කච‍්ච කරොති කිච‍්ච”න‍්ති සම‍්මාසම‍්බුද‍්ධොති. ඉදානි යො තෙසං අරියානං අදස‍්සනසීලො , න ච දස‍්සනෙ සාධුකාරී, සො “අරියානං අදස‍්සාවී”ති වෙදිතබ‍්බො. සො ච චක‍්ඛුනා අදස‍්සාවී ඤාණෙන අදස‍්සාවීති දුවිධො. තෙසු ඤාණෙන අදස‍්සාවී ඉධාධිප‍්පෙතො. මංසචක‍්ඛුනා හි දිබ‍්බචක‍්ඛුනා වා අරියා දිට‍්ඨාපි අදිට‍්ඨාව හොන‍්ති තෙසං චක‍්ඛූනං වණ‍්ණමත‍්තගහණතො න අරියභාවගොචරතො. සොණසිඞ‍්ගාලාදයොපි හි චක‍්ඛුනා අරියෙ පස‍්සන‍්ති, න ච තෙ අරියානං දස‍්සාවිනො, තස‍්මා චක‍්ඛුනා දස‍්සනං න දස‍්සනං, ඤාණෙන දස‍්සනමෙව දස‍්සනං. යථාහ – “කිං තෙ, වක‍්කලි, ඉමිනා පූතිකායෙන දිට‍්ඨෙන, යො ඛො, වක‍්කලි, ධම‍්මං පස‍්සති, සො මං පස‍්සතී”ති (සං· නි· 3.87). තස‍්මා චක‍්ඛුනා පස‍්සන‍්තොපි ඤාණෙන අරියෙහි දිට‍්ඨං අනිච‍්චාදිලක‍්ඛණං අපස‍්සන‍්තො අරියාධිගතඤ‍්ච ධම‍්මං අනධිගච‍්ඡන‍්තො අරියකරධම‍්මානං අරියභාවස‍්ස ච අදිට‍්ඨත‍්තා “අරියානං අදස‍්සාවී”ති වෙදිතබ‍්බො.

මෙහි වනාහි ‘කතඤ්ඤුකතවෙදි ධීරො’ පසේ බුදුරද යූ.සේ. කල්‍යාණ මිත්තො දළ්හ භත්ති යනු බුද්ධශ්‍රාවක තෙමේ, දුඛිතස්ස සක්කච්ච කරොති කිච්චං යනු සම්මා සම්බුදුරජාණන් වහන්සේයි. යමෙක් ඒ ආර්යයන්ගේ නොදක්නා සුලුවූයේ, දර්ශනයෙහිද යහපත් ප්‍රතිචාරයක් නොදක්වයිද? හෙතෙම අරියානං අදස්සාවී යයි දතයුතුය. එයද චක්‍ෂුසින් නොදැක්ම, නුවණින් නොදැක්ම යැයි දෙයාකාරය. ඒවා අතර නුවණින් නොදැක්ම මෙහි අදහස් කරන ලදි. මසැසින් හෝ දිවැසින් හෝ ආර්යයෝ දිටියේද නොදිටියේම වෙති. ඔවුන්ගේ ඇස්වලට වර්ණය පමණක් ග්‍රහණය වන හෙයින්, ආර්යභාවය ගෝචර නොවන හෙයිනි. බලු සිවල් ආදීහුද චක්‍ෂුසින් ආර්යයන් දකිති. එම සත්තු ආර්ය දර්ශකයෝ නොවෙති. එහෙයින් චක්‍ෂුසින් දැක්ම දර්ශනයක් නොවේ. නුවණින් දැක්මම දර්ශනයයි. දෙසූ පරිදි, වක්කලිය, නුඹට මේ කුණුකහ දැක්මෙන් කවර ප්‍රයෝජනයෙක්ද? වක්කලිය, යමෙක් වනාහි ධර්මය දකීද? හෙතෙම මා දකියි. එහෙයින් මසැසින් දක්නා ලද්දේද? නුවණින් ආර්යයන් විසින් දක්නා ලද අනිත්‍යාදී ලක්‍ෂණ නොදක්නේ, ආර්යයන් විසින් අවබෝධ කරන ලද ධර්මය අවබෝධ නොකරන්නේ, ආර්යභාවය හටගන්වන ධර්මයන්ද ආර්යභාවයද නොදුටු හෙයින් අරියානං අදස්සාවීයි දතයුතුය.

අරියධම‍්මස‍්ස අකොවිදොති සතිපට‍්ඨානාදිභෙදෙ අරියධම‍්මෙ අකුසලො. අරියධම‍්මෙ අවිනීතොති එත්‍ථ පන –

අරියධම්මස්ස අකොවිදො යනු සතිපට්ඨානාදී භේද වූ ආර්ය ධර්මයන්හි අදක්‍ෂ වූයේ, අරියධම්මෙ අවිනීතො යන මෙහි වනාහි,

දුවිධො විනයො නාම, එකමෙකෙත්‍ථ පඤ‍්චධා; අභාවතො තස‍්ස අයං, “අවිනීතො”ති වුච‍්චති.

දුවිධො විනයො නාම - එකමෙකත්‍ථ පඤ්චධා, අභාවතො තස්ස අයං - අවිනීතොති වුච්චති

විනය දෙයාකාරය. එම තෙවදෑරුම් විනය නැවත එකින් එක පස්වැදෑරුම්ය. එහි අභාවෙන් මෙතෙමේ අවිනීතයැයි යූ.සේයි.

අයඤ‍්හි සංවරවිනයො පහානවිනයොති දුවිධො විනයො. එත්‍ථ ච දුවිධෙපි විනයෙ එකමෙකො විනයො පඤ‍්චධා භිජ‍්ජති. සංවරවිනයොපි හි සීලසංවරො, සතිසංවරො, ඤාණසංවරො, ඛන‍්තිසංවරො, වීරියසංවරොති පඤ‍්චවිධො. පහානවිනයොපි තදඞ‍්ගප‍්පහානං, වික‍්ඛම‍්භනප‍්පහානං, සමුච‍්ඡෙදප‍්පහානං, පටිප‍්පස‍්සද‍්ධිප‍්පහානං, නිස‍්සරණප‍්පහානන‍්ති පඤ‍්චවිධො.

මෙය වනාහි, සංවර විනය, ප්‍රහාණ විනය යැයි විනය දෙවදෑරුම්ය. මෙහි දෙවදෑරුම් විනයෙහි එක් එක් විනය පස් ආකාරයකට බිඳේ. සංවර විනයද, සීල සංවරය, සති සංවරය, ඤාණ සංවරය, ක්‍ෂාන්ති සංවරය, වීර්ය සංවරයැයි පස්වැදෑරුම්ය. පහාන විනයද, තදංග, වික්ඛම්භන, සමුච්ඡේද, පටිප්පස්සද්ධි, නිස්සරණ යයි පස්වැදෑරුම්ය.

තත්‍ථ “ඉමිනා පාතිමොක‍්ඛසංවරෙන උපෙතො හොති සමුපෙතො”ති (විභ· 511) අයං සීලසංවරො. “රක‍්ඛති චක‍්ඛුන්‍ද්‍රියං චක‍්ඛුන්‍ද්‍රියෙ සංවරං ආපජ‍්ජතී”ති (දී· නි· 1.213; ම· නි· 1.295; සං· නි· 4.239; අ· නි· 3.16) අයං සතිසංවරො.

එහි ‘මේ ප්‍රාතිමෝක්‍ෂ සංවරයෙන් යුක්ත වූයේ, මනාව යුක්ත වූයේ යන මෙය සීල සංවරයයි. චක්‍ෂු ඉන්‍ද්‍රිය රකියි. චක්‍ෂුන්‍ද්‍රියෙහි සංවරයට පැමිණේ. මේ සති සංවරයයි.

“යානි සොතානි ලොකස‍්මිං, (අජිතාති භගවා) සති තෙසං නිවාරණං; සොතානං සංවරං බ්‍රූමි, පඤ‍්ඤායෙතෙ පිධීයරෙ”ති. (සු· නි· 1041; චූළනි· අජිතමාණවපුච‍්ඡානිද‍්දෙස 4) –

යානි සොතානි ලොකස්මිං (අජිතානි භගවා) සති තෙසං නිවාරණං, සොතානං සංවරං බ්‍රෑමි - පඤ්ඤායෙතෙ පිථීයරෙ’ති

බුදුරදුන් අජිතයැයි ඔහු අමතා, මෙසේ වදාළේය. ලෝකයෙහි යම් ශ්‍රෝතස්හු කෙනෙක් වෙත්ද? සිහිය ඒවාහි නොමග යාම්, වැලැක්මේ ආධාරකයයි. ශ්‍රෝතෑන්ගේ සංවරය වදාරමි. ප්‍රඥායේ ඒවා වසා දමනු ලැබේ.

අයං ඤාණසංවරො. “ඛමො හොති සීතස‍්ස උණ‍්හස‍්සා”ති (ම· නි· 1.24; අ· නි· 4.114; 6.58) අයං ඛන‍්තිසංවරො. “උප‍්පන‍්නං කාමවිතක‍්කං නාධිවාසෙතී”ති (ම· නි· 1.26; අ· නි· 4.114; 6.58) අයං වීරියසංවරො. සබ‍්බොපි චායං සංවරො යථාසකං සංවරිතබ‍්බානං විනෙතබ‍්බානඤ‍්ච කායදුච‍්චරිතාදීනං සංවරණතො “සංවරො”, විනයනතො “විනයො”ති වුච‍්චති. එවං තාව සංවරවිනයො පඤ‍්චධා භිජ‍්ජතීති වෙදිතබ‍්බො.

මේ ඤාණ සංවරයයි. සීතයාගේ උෂ්ණයාගේ ස්වභාවය (සීත ඌෂ්ණ) ඉවසන්නේ වේ. මේ ක්‍ෂාන්ති සංවරයයි. උපන් කාම විතර්කය නොඉවසයි. මේ වීර්ය සංවරයයි. මෙම සියලුම සංවරය තම තමාට හැකි පරිදි, සංවර විය යුතු හෙයින්ද, හික්මවිය යුතු හෙයින්ද, කාය දුශ්චරිතාදීන්ගේ හික්මීම කරන හෙයින්ද, සංවරයි. හික්මවන හෙයින් විනය යයි යූ.සේයි. මෙසේ සංවර විනය පස් ආකාරයට බිඳේයයි දතයුතුය.

තථා යං නාමරූපපරිච‍්ඡෙදාදීසු විපස‍්සනාඤාණෙසු පටිපක‍්ඛභාවතො දීපාලොකෙන විය තමස‍්ස තෙන තෙන විපස‍්සනාඤාණෙන තස‍්ස තස‍්ස අනත්‍ථස‍්ස පහානං, සෙය්‍යථිදං – නාමරූපවවත්‍ථානෙන සක‍්කායදිට‍්ඨියා, පච‍්චයපරිග‍්ගහෙන අහෙතුවිසමහෙතුදිට‍්ඨීනං, කඞ‍්ඛාවිතරණෙන කථංකථීභාවස‍්ස, කලාපසම‍්මසනෙන “අහං මමා”ති ගාහස‍්ස, මග‍්ගාමග‍්ගවවත්‍ථානෙන අමග‍්ගෙ මග‍්ගසඤ‍්ඤාය, උදයදස‍්සනෙන උච‍්ඡෙදදිට‍්ඨියා, වයදස‍්සනෙන සස‍්සතදිට‍්ඨියා, භයදස‍්සනෙන සභයෙ අභයසඤ‍්ඤාය, ආදීනවදස‍්සනෙන අස‍්සාදසඤ‍්ඤාය, නිබ‍්බිදානුපස‍්සනෙන අභිරතිසඤ‍්ඤාය, මුඤ‍්චිතුකම්‍යතාඤාණෙන අමුඤ‍්චිතුකම්‍යතාය, උපෙක‍්ඛාඤාණෙන අනුපෙක‍්ඛාය, අනුලොමඤාණෙන ධම‍්මට‍්ඨිතියං නිබ‍්බානෙ ච පටිලොමභාවස‍්ස, ගොත්‍රභුනා සඞ‍්ඛාරනිමිත‍්තගාහස‍්ස පහානං, එතං තදඞ‍්ගප‍්පහානං නාම.

එසේම මේ නාමරූප පිරිසිඳීම් ආදී විදර්ශනා ඤාණයන්හි ප්‍රතිපක්‍ෂ භාවයෙන්, අඳුරට ප්‍රදීපාලෝකය මෙන් ඒ ඒ විදර්ශනා ඤාණයෙන් ඒ ඒ අංගයාගේ ප්‍රහාණය වේ. ඒ කෙසේද යත් නාමරූප පිරිසිඳ දැනීමෙන් සක්කාය දෘෂ්ටියෙහිද, ප්‍රත්‍යය පරිග්‍රහණයෙන් අහේතු විෂම හේතු දෘෂ්ටීන්ගේද, කංඛාවිතරණයෙන් සැක සහිත භාවයාගේද කලාප සම්මර්ශනයෙන් මම මාගේ යන ග්‍රාහයාගේද, මාර්ගාමාර්ග පිරිසිඳ දැනීමෙන් නොමගෙහි මාර්ග සංඥාවගේද, උදය දර්ශනයෙන් උච්ඡේද දෘෂ්ටියගේද, ව්‍යය දර්ශනයෙන් ශාශ්වත දෘෂ්ටියගේද, භය දර්ශනයෙන් බියවිය යුත්තෙහි පවත්නා අභය සංඥාවගේද, ආදීනව දර්ශනයෙන් ආස්වාද සංඥාවගේද, නිර්වේදානුපස්සනාවෙන්, ඇලීම් සංඥාවගේද, මුඤ්චිතුකම්‍යතා ඤාණයෙන් අමුඤ්චිතු කම්‍යතාවගේද, උපේක්‍ෂා ඤාණයෙන් අනුපේක්‍ෂාවගේද, අනුලොම ඤාණයෙන් ධර්ම ස්ථිතියෙහිද, නිර්වාණයෙහිද ප්‍රතිලෝම භාව භාවයාගේද ගෝත්‍රභූ ඤාණයෙන් සංස්කාර නිමිති ග්‍රාහයාගේ ප්‍රහාණයද වේ. එය තදංග ප්‍රහාණ නමැ.

යං පන උපචාරප‍්පනාභෙදෙන සමාධිනා පවත‍්තිභාවනිවාරණතො ඝටප‍්පහාරෙන විය උදකපිට‍්ඨෙ සෙවාලස‍්ස තෙසං තෙසං නීවරණාදිධම‍්මානං පහානං, ඉදං වික‍්ඛම‍්භනප‍්පහානං නාම. යං චතුන‍්නං අරියමග‍්ගානං භාවිතත‍්තා තංතංමග‍්ගවතො අත‍්තනො සන‍්තානෙ “දිට‍්ඨිගතානං පහානායා”තිආදිනා (ධ· ස· 277; විභ· 628) නයෙන වුත‍්තස‍්ස සමුදයපක‍්ඛිකස‍්ස කිලෙසග‍්ගණස‍්ස අච‍්චන‍්තඅප‍්පවත‍්තිභාවෙන පහානං, ඉදං සමුච‍්ඡෙදප‍්පහානං නාම. යං පන ඵලක‍්ඛණෙ පටිප‍්පස‍්සද‍්ධත‍්තං කිලෙසානං, ඉදං පටිප‍්පස‍්සද‍්ධිප‍්පහානං නාම. යං සබ‍්බසඞ‍්ඛතනිස‍්සටත‍්තා පහීනසබ‍්බසඞ‍්ඛතං නිබ‍්බානං, ඉදං නිස‍්සරණප‍්පහානං නාම. සබ‍්බම‍්පි චෙතං පහානං යස‍්මා චාගට‍්ඨෙන පහානං, විනයනට‍්ඨෙන විනයො, තස‍්මා “පහානවිනයො”ති වුච‍්චති, තංතංපහානවතො වා තස‍්ස තස‍්ස විනයස‍්ස සම‍්භවතොපෙතං “පහානවිනයො”ති වුච‍්චති. එවං පහානවිනයොපි පඤ‍්චධා භිජ‍්ජතීති වෙදිතබ‍්බො.

යම් ඒ උපචාර අර්පණා භේද සමාධියගේ ප්‍රවෘත්තිභාවය වළක්වන හෙයින්, විලෙහි දිය මතුපිට සෙවෙල, කළය දියට දැමූ විට වේගයෙන් ඉවත් වන්නාක් මෙන් තාවකාලිකව ඒ ඒ නීවරණාදීන්ගේ ප්‍රහාණ්‍යක් වේද මෙය විෂ්කම්භන ප්‍රහාණ නමැ. යම් ආකාර සිව් ආර්ය මාර්ගයන්ගේ වඩනා ලද හෙයින්, ඒ එ් මාර්ගවත් වූ, තම සන්තානයෙහි ‘දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය’ සඳහායි ආදී ක්‍රමයෙන් කියන ලද සමුදය පාක්‍ෂික වූ කෙලෙස් සමූහයාගේ අත්‍යන්ත නොපැවැත්වීම් භාවයෙන් ප්‍රහාණයයි. මේ සමුච්ඡේද ප්‍රහාණ නාමැ එලක්‍ෂණයෙහි කෙලෙසුන්ගේ සංසුන් භාවයට පත්වීම මෙය පටිප්පස්සද්ධි ප්‍රහාණ නමැ. සියලු සංඛතයන් ඉවත්කරන හෙයින්, සියලු සංඛතයන්ගේ ප්‍රහීණ සංඛ්‍යාත නිර්වාණයක් වේද? මෙය නිස්සරණ ප්‍රහාණයයි. මෙම සියලුම ප්‍රහාණයන් අත්හැරීම් අර්ථයෙන් ප්‍රහාණයි. හික්මවීම් අර්ථයෙන් විනයයි. එහෙයින් ප්‍රහාණ විනය යැයි යූ.සේයි. ඒ ඒ ප්‍රහාණයට ඇතුළත් වූයේ හෝ ඒ ඒ දෑහි හික්මවීම හටගන්නා හෙයින්ද ප්‍රහාණ විනයයැයි යූ.සේයි. මෙසේ ප්‍රහාණ විනයද පස් ආකාරයකට බිඳේයයි දතයුතුය.

එවමයං සඞ‍්ඛෙපතො දුවිධො, පභෙදතො ච දසවිධො විනයො භින‍්නසංවරත‍්තා පහාතබ‍්බස‍්ස ච අප‍්පහීනත‍්තා යස‍්මා එතස‍්ස අස‍්සුතවතො පුථුජ‍්ජනස‍්ස නත්‍ථි, තස‍්මා අභාවතො තස‍්ස අයං “අවිනීතො”ති වුච‍්චතීති. එස නයො සප‍්පුරිසානං අදස‍්සාවී සප‍්පුරිසධම‍්මස‍්ස අකොවිදො සප‍්පුරිසධම‍්මෙ අවිනීතොති එත්‍ථාපි. නින‍්නානාකාරණඤ‍්හි එතං අත්‍ථතො. යථාහ – “යෙව තෙ අරියා, තෙව තෙ සප‍්පුරිසා. යෙව තෙ සප‍්පුරිසා, තෙව තෙ අරියා. යොව සො අරියානං ධම‍්මො, සොව සො සප‍්පුරිසානං ධම‍්මො. යොව සො සප‍්පුරිසානං ධම‍්මො, සොව සො අරියානං ධම‍්මො. යෙව තෙ අරියවිනයා, තෙව තෙ සප‍්පුරිසවිනයා. යෙව තෙ සප‍්පුරිසවිනයා, තෙව තෙ අරියවිනයා. අරියෙති වා සප‍්පුරිසෙති වා, අරියධම‍්මෙති වා සප‍්පුරිසධම‍්මෙති වා, අරියවිනයෙති වා සප‍්පුරිසවිනයෙති වා එසෙසෙ එකෙ එකට‍්ඨෙ සමෙ සමභාගෙ තජ‍්ජාතෙ තඤ‍්ඤෙවා”ති.

මෙසේ මේ සංක්‍ෂේප වශයෙන් දෙවදෑරුම් වූද, ප්‍රභේද වශයෙන්, දසවැදෑරුම් වූ, හික්මීම බිඳුණු සංවර හෙයින්ද ප්‍රහාතව්‍යයාගේ අප්‍රහීන හෙයින්ද, අශ්‍රැතවත් පෘථග්ජනයාට නැත. එහි අභාවය හෙයින් මෙතෙමේ අවිනීතයැයි යූ.සේයි. සප්පුරිසානං අදස්සාවී සප්පුරිස ධම්මස්ස අකොවිදො සප්පුරිස ධම්මෙ අවිනීතො යන මෙහි එය අර්ථ වශයෙන් සත්පුරුෂ ධර්මයන්ට නොනැමුණු යනුයි. දෙසූ පරිදි, යමෙක්ම එම ආර්යයෝද, ඔවුහුම එම සත්පුරුෂයෝය. යමෙක්ම එම සත්පුරුෂයෝද ඔවුහුම එම ආර්යයෝය. යමෙක්ම එම සත්පුරුෂයෝද ඔවුහුම එම ආර්යයෝය. යමක්ම එම ආර්යයන්ගේ ධර්මයද, එයම ඒ ආර්යයන්ගේ ධර්මයයි. යමක්ම ඒ ආර්ය විනයද, එයම ඒ සත්පුරුෂ විනයයි. යමක්ම ඒ සප්පුරිස විනයද, එයම ඒ ආර්ය විනයයි. ආර්යයන් කෙරෙහි, සත්පුරුෂයන් කෙරෙහි හෝ ආර්ය ධර්මයෙහි හෝ සත්පුරුස ධර්මයෙහි හෝ, ආර්ය විනයෙහි හෝ සත්පුරුෂ විනයෙහි හෝ ඒ ඒ ඒකාර්ථයෙහි සම තත්ත්වයෙහි සමභාගයෙහි, එයින් හටගත්තේ හෝ එයම වූයේ යන අර්ථයි.

කස‍්මා පන ථෙරො අත‍්තානුදිට‍්ඨියා කතමෙහි වීසතියා ආකාරෙහි අභිනිවෙසො හොතීති පුච‍්ඡිත්‍වා තං අවිස‍්සජ‍්ජෙත්‍වාව “ඉධ අස‍්සුතවා පුථුජ‍්ජනො”ති එවං පුථුජ‍්ජනං නිද‍්දිසීති? පුග‍්ගලාධිට‍්ඨානාය දෙසනාය තං අත්‍ථං ආවිකාතුං පඨමං පුථුජ‍්ජනං නිද‍්දිසීති වෙදිතබ‍්බං.

කවර හෙයින් වනාහි තෙරහු, අත්තානුදිට්ඨියා කතමෙහි වීසතියා ආකාරෙහි අභිනිවෙසා හොතියි විචාරා එය නොවිසඳාම, ‘ඉධ අස්සුතවා පුථුජ්ජනො’යි මෙසේ පෘථග්ජනයා නිර්දේශ කළේද යත්? පුද්ගලාධිෂ්ඨාන දේශනායෙන් එම අර්ථය ප්‍රකට කරන්ට ප්‍රථමයෙන් පෘථග්ජනයා නිර්දේශ කළේ යයි දතයුතුය.

එවං පුථුජ‍්ජනං නිද‍්දිසිත්‍වා ඉදානි අභිනිවෙසුද‍්දෙසං දස‍්සෙන‍්තො රූපං අත‍්තතො සමනුපස‍්සතීතිආදිමාහ . තත්‍ථ රූපං අත‍්තතො සමනුපස‍්සතීති රූපක‍්ඛන්‍ධං කසිණරූපඤ‍්ච “අත‍්තා”ති දිට‍්ඨිපස‍්සනාය සමනුපස‍්සති. නිද‍්දෙසෙ පනස‍්ස රූපක‍්ඛන්‍ධෙ අභිනිවෙසො පඤ‍්චක‍්ඛන්‍ධාධිකාරත‍්තා පාකටොති තං අවත්‍වා කසිණරූපමෙව “රූප”න‍්ති සාමඤ‍්ඤවසෙන වුත‍්තන‍්ති වෙදිතබ‍්බං. රූපවන‍්තං වා අත‍්තානන‍්ති අරූපං “අත‍්තා”ති ගහෙත්‍වා තං අත‍්තානං රූපවන‍්තං සමනුපස‍්සති. අත‍්තනි වා රූපන‍්ති අරූපමෙව “අත‍්තා”ති ගහෙත්‍වා තස‍්මිං අත‍්තනි රූපං සමනුපස‍්සති. රූපස‍්මිං වා අත‍්තානන‍්ති අරූපමෙව “අත‍්තා”ති ගහෙත්‍වා තං අත‍්තානං රූපස‍්මිං සමනුපස‍්සති.

මෙසේ පෘථග්ජනයා නිර්දේශකොට දැන් අභිනිවෙස උද්දේශය දක්වන්නේ, ‘රූපං අත්තතො සමනුපස්සති’ ආදිය දෙසූහ. එහි, රූපං අත්තතො සමනුපස්සති යනු රූපස්කන්ධයද කසිණ රූපයද, ආත්මයැයි මිථ්‍යා දෘෂ්ටි දැක්මෙන් දකියි. නිර්දේශයෙහි වනාහි රූපස්කන්ධයෙහි සිත පිහිටුවීම, පංචස්කන්ධයන්ට ඇතුළත් හෙයින් ප්‍රකටයයි එය නොකියා, කසිණ රූපයම රූපයයි සමාන වශයෙන් යූ.සේයි. රූපවන්තංවා අත්තානං යනු අරූපය ආත්මයැයි ගෙන එම ආත්මයෙහි රූපය දකී. රූපස්සංවා අත්තානං යනු අරූපය ආත්මයැයි ගෙන එම ආත්මයෙහි රූපය දකී. රූපස්සංවා අත්තානං අරූපයම ආත්මයයි ගෙන එම ආත්මය රූපයෙහි දකී.

තත්‍ථ රූපං අත‍්තතො සමනුපස‍්සතීති සුද‍්ධරූපමෙව “අත‍්තා”ති කථිතං. රූපවන‍්තං වා අත‍්තානං, අත‍්තනි වා රූපං, රූපස‍්මිං වා අත‍්තානං, වෙදනං අත‍්තතො සමනුපස‍්සති, සඤ‍්ඤං, සඞ‍්ඛාරෙ, විඤ‍්ඤාණං අත‍්තතො සමනුපස‍්සතීති ඉමෙසු සත‍්තසු ඨානෙසු අරූපං “අත‍්තා”ති කථිතං. වෙදනාවන‍්තං වා අත‍්තානං, අත‍්තනි වා වෙදනං, වෙදනාය වා අත‍්තානන‍්ති එවං චතූසු ඛන්‍ධෙසු තිණ‍්ණං තිණ‍්ණං වසෙන ද‍්වාදසසු ඨානෙසු රූපාරූපමිස‍්සකො අත‍්තා කථිතො. තා පන වීසතිපි දිට‍්ඨියො මග‍්ගාවරණා, න සග‍්ගාවරණා, සොතාපත‍්තිමග‍්ගවජ‍්ඣා.

එහි රූපං අත්තතො සමනුපස්සති යනු ශුද්ධ රූපයම ආත්මයැයි කියන ලදි. රූපං වන්තං වා අත්තානං අත්තනිවාරූපං, රූපස්මිං වා අත්තානං වෙදනං අත්තතො සමනුපස්සති, සඤ්ඤං, සංඛාරෙ, විඤ්ඤාණං අත්තතො සමනුපස්සති යන මේ සත් තන්හි අරූපය ආත්මයැයි කියන ලදි. වෙදනාවන්තං වා අත්තානං, අත්තනිවා වෙදනං වෙදනායවා අත්තානං යනු මෙසේ සිව් ස්කන්ධයන්හි ත්‍රයයක් ත්‍රයයක් වශයෙන් දොළොස් තන්හි රූපරූප මිශ්‍රක ආත්මය කියන ලද්දේය. එම විසි දෘෂ්ටීහුම මාර්ගාවරණයි. ස්වර්ගාවරණ නොවේ. සෝවාන් මාර්ගයෙන් නැසිය යුතුය.

ඉදානි තං නිද‍්දිසන‍්තො කථං රූපන‍්තිආදිමාහ. තත්‍ථ පථවීකසිණන‍්ති පථවීමණ‍්ඩලං නිස‍්සාය උප‍්පාදිතං පටිභාගනිමිත‍්තසඞ‍්ඛාතං සකලඵරණවසෙන පථවීකසිණං. අහන‍්ති අත‍්තානමෙව සන්‍ධාය ගණ‍්හාති. අත‍්තන‍්ති අත‍්තානං. අද‍්වයන‍්ති එකමෙව. තෙලප‍්පදීපස‍්සාති තෙලයුත‍්තස‍්ස පදීපස‍්ස. ඣායතොති ජලතො. යා අච‍්චි, සො වණ‍්ණොතිආදි අච‍්චිං මුඤ‍්චිත්‍වා වණ‍්ණස‍්ස අභාවතො වුත‍්තං. යා ච දිට‍්ඨි යඤ‍්ච වත්‍ථූති තදුභයං එකතො කත්‍වා රූපවත්‍ථුකා අත‍්තානුදිට‍්ඨි වුච‍්චතීති අත්‍ථො.

දැන් එය නිර්දේශ කරනුයේ. කථං රූපං ආදිය දෙසූහ. එහි පඨවි කසිණං යනු පෘථුවි මණ්ඩලයයි. එය ආශ්‍රයෙන් උපදවන ලද ප්‍රතිභාග නිමිත්තයයි කියනු ලබන, සම්පූර්ණ පැතිරීම් වශයෙන් පෘථුවි කසිණය මමයයි තමා සඳහාම ගනියි. අත්තං යනු තෙමේ, අද්වයං යනු එකම. තෙලප්පදීපස්ස තෙල් සහිත පහනෙහි, ඣායතො යනු දැල්වෙන කල්හි යා අච්චි සො වණ්ණො යන ආදී දැල්ල අත්හැර, වර්ණයෙහි අභාවය යූ.සේයි. යාච දිට්ඨි යඤ්ච වත්‍ථුං එම ද්වය එකතුකොට රූප වස්තුක ආත්මානු දෘෂ්ටිය යූ.සේයි.

ආපොකසිණාදීනි ආපාදීනි නිස‍්සාය උප‍්පාදිතකසිණනිමිත‍්තානෙව. පරිච‍්ඡින‍්නාකාසකසිණං පන රූපජ‍්ඣානස‍්ස ආරම‍්මණං හොන‍්තම‍්පි ආකාසකසිණන‍්ති වුච‍්චමානෙ අරූපජ‍්ඣානාරම‍්මණෙන කසිණුග‍්ඝාටිමාකාසෙන සංකිණ‍්ණං හොතීති න ගහිතන‍්ති වෙදිතබ‍්බං. රූපාධිකාරත‍්තා විඤ‍්ඤාණකසිණං න ගහෙතබ‍්බමෙවාති. ඉධෙකච‍්චො වෙදනං සඤ‍්ඤං සඞ‍්ඛාරෙ විඤ‍්ඤාණං අත‍්තතො සමනුපස‍්සතීති චත‍්තාරො ඛන්‍ධෙ අභින්‍දිත්‍වා එකතො ගහණවසෙන වුත‍්තං. සො හි චිත‍්තචෙතසිකානං විසුං විසුං කරණෙ අසමත්‍ථත‍්තා සබ‍්බෙ එකතො කත්‍වා “අත‍්තා”ති ගණ‍්හාති. ඉමිනා රූපෙන රූපවාති එත්‍ථ සරීරරූපම‍්පි කසිණරූපම‍්පි ලබ‍්භති. ඡායාසම‍්පන‍්නොති ඡායාය සම‍්පන‍්නො අවිරළො. තමෙනාති එත්‍ථ එන-සද‍්දො නිපාතමත‍්තං, තමෙතන‍්ති වා අත්‍ථො. ඡායාවාති විජ‍්ජමානච‍්ඡායො . රූපං අත‍්තාති අග‍්ගහිතෙපි රූපං අමුඤ‍්චිත්‍වා දිට‍්ඨියා උප‍්පන‍්නත‍්තා රූපවත්‍ථුකාති වුත‍්තං.

ආපොකසිණාදීන්, ජල ආදීන් ආධාරකොට උපදවන ලද කසිණ නිමිතිමය. පිරිසිඳි ආකාස කසිණය වනාහි රූපධ්‍යානයට අරමුණු වනුයේද, ආකාස කසිණයයි කියනු ලබන කල්හි, අරූප ධ්‍යානාරම්මණයෙන් කසිණය උගුලුවාගත් ආකාසයෙන් සංකීර්ණ වේයයි නොගත්තේ යයි දතයුතුය. රූපාවචර කොටස බැවින් විඤ්ඤාණ කසිණය නොගත යුතුමය. ඉධෙ කච්චො වෙදනං - සඤ්ඤං - සංඛාරං - විඤ්ඤාණං අත්තතො සමනුපස්සති යනු සතර ස්කන්ධයන්හි සතුටුවී එකට ගැනීම් වශයෙන් යූ.සේයි. එය වනාහි චිත්ත චෛතසිකයන්ගේ වෙන් වෙන්ව ගැන්මෙහි අසමත් හෙයින් සියල්ල එකක් වශයෙන් ගෙන ආත්මයයි ගනී. ඉමිනා රූපෙන රූපවා යන මෙහි ශරීර රූපයද, කසිණ රූපයද ලැබේ. ඡායා සම්පන්නො යනු ඡායාවෙන් යුත්, තමෙනං යන මෙහි එන ශබ්දය නිපාත මාත්‍රයයි. එය යනු අර්ථයි. ඡායාවා යනු විද්‍යමාන ඡායාවන් වූයේ, රූපය ආත්මයැයි නොගත්තේ නමුදු, රූපය අත්නොහැර දෘෂ්ටිය උපන් හෙයින් රූපවස්තුක යැයි යූ.සේයි.

අත‍්තනි රූපං සමනුපස‍්සතීති සරීරරූපස‍්ස කසිණරූපස‍්ස ච චිත‍්තනිස‍්සිතත‍්තා තස‍්මිං අරූපසමුදායෙ අත‍්තනි තං රූපං සමනුපස‍්සති. අයං ගන්‍ධොති ඝායිතගන්‍ධං ආහ. ඉමස‍්මිං පුප‍්ඵෙති පුප‍්ඵනිස‍්සිතත‍්තා ගන්‍ධස‍්ස එවමාහ.

අත්තනි රූපං සමනුපස්සති යනු ශරීර රූපයාගේද කසිණ රූපයාගේද, සිත නිශ්‍රිත හෙයින් එම අරූප සමුදාමය ආත්මයෙහි ඒ රූපය දකී. අයංගන්‍ධො යනු ආඝ්‍රාණය කළයුත්ත කීහ. ඉමස්මිං පුප්ඵෙ යනු මල් නිශ්‍රිත සුවඳට මෙසේ කීහ.

රූපස‍්මිං අත‍්තානං සමනුපස‍්සතීති යත්‍ථ රූපං ගච‍්ඡති, තත්‍ථ චිත‍්තං ගච‍්ඡති. තස‍්මා රූපනිස‍්සිතං චිත‍්තං ගහෙත්‍වා තං අරූපසමුදායං අත‍්තානං තස‍්මිං රූපෙ සමනුපස‍්සති. ඔළාරිකත‍්තා රූපස‍්ස ඔළාරිකාධාරං කරණ‍්ඩකමාහ.

රූපස්මිං අත්තානං සමනුපස්සති යනු යම්තැනක රූපය යයිද එහි සිත යයි. එහෙයින් රූප නිශ්‍රිත සිත ගෙන එම අරූප සමුද්‍රය ආත්මයකොට එම රූපය දකී. දළහෙයින් රූපයාගේ දළ දහරාව කරඬුවකැයි කීහ.

ඉධෙකච‍්චො චක‍්ඛුසම‍්ඵස‍්සජං වෙදනන‍්තිආදීසු විසුං විසුං වෙදනාය දිට‍්ඨිගහණෙ අසතිපි වෙදනාති එකග‍්ගහණෙන ගහිතෙ සබ‍්බාසං වෙදනානං අන‍්තොගධත‍්තා විසුං විසුං ගහිතා එව හොන‍්තීති විසුං විසුං යොජනා කතාති වෙදිතබ‍්බා. සො හි අනුභවනවසෙන වෙදනාය ඔළාරිකත‍්තා වෙදනංයෙව “අත‍්තා”ති ගණ‍්හාති. සඤ‍්ඤං සඞ‍්ඛාරෙ විඤ‍්ඤාණං රූපං අත‍්තතො සමනුපස‍්සතීති සඤ‍්ඤාදයො අරූපධම‍්මෙ රූපඤ‍්ච එකතො කත්‍වා “අත‍්තා”ති සමනුපස‍්සති. උම‍්මත‍්තකො විය හි පුථුජ‍්ජනො යථා යථා උපට‍්ඨාති, තථා තථා ගණ‍්හාති.

ඉධෙකච්චො චක්ඛුසම්ඵස්සජං වෙදනං යනාදීන්හි වෙන් වෙන්ව දෘෂ්ටි ග්‍රහණයෙහි අවශ්‍යතාවක් නොමැති කල්හිද, වේදනායයි එක් ග්‍රහණයෙන් ගත් කල්හි සියලු වේදනාවන්, ඇතුළත්ව ඇති හෙයින් වෙන් වෙන්ව ගන්නා ලද්දේම වෙත් යයි වෙන් වෙන්ව යෙදීම් කරන ලදැයි දතයුත්තාහ. එය වනාහි විඳීම් වශයෙන් වේදනාවගේ දළ හෙයින් වේදනාවම ආත්මයැයි ගනියි. සඤ්ඤං, සංඛාරෙ විඤ්ඤාණං රූපං අත්තතො සමනුපස්සති යනු සංඥාදී අරූපධර්මයන්ද, රූපයද එකක් සේ සලකා මනාව බලයි. පෘථග්ජනයා උමතු වූවකු ලෙසින් යම් යම් ආකාරයකින් වැටහෙයිද ඒ ඒ අයුරින් ගනී.

චක‍්ඛුසම‍්ඵස‍්සජං සඤ‍්ඤන‍්තිආදීසු සඤ‍්ජානනවසෙන සඤ‍්ඤාය පාකටත‍්තා සඤ‍්ඤං “අත‍්තා’ති ගණ‍්හාති. සෙසං වෙදනාය වුත‍්තනයෙන වෙදිතබ‍්බං.

චක්ඛු සම්ඵස්සජං සඤ්ඤං ආදීන්හි, හැඳිනීම් වශයෙන් සංඥාව ප්‍රකට හෙයින් සංඥාව ආත්මයැයි ගනියි. සෙස්ස වේදනාවෙහි කියන ලද අයුරින් දතයුතුය.

චක‍්ඛුසම‍්ඵස‍්සජං චෙතනන‍්තිආදීසු සඞ‍්ඛාරක‍්ඛන්‍ධපරියාපන‍්නෙසු ධම‍්මෙසු චෙතනාය පධානත‍්තා පාකටත‍්තා ච චෙතනා එව නිද‍්දිට‍්ඨා. තාය ඉතරෙපි නිද‍්දිට‍්ඨාව හොන‍්ති. සො පන චෙතසිකභාවවසෙන පාකටත‍්තා චෙතනං “අත‍්තා”ති ගණ‍්හාති. සෙසං වුත‍්තනයමෙව.

චක්ඛු සම්ඵස්සජං චෙතනං ආදීන්හි සංස්කාර ස්කන්ධයන්ට ඇතුළත් ධර්මයන්හි, චේතනාවගේ ප්‍රධානත්වය ප්‍රකට හෙයින්ද චේතනාවම නිර්දේශ කරන ලදි. ඒ සමග අනෙක්වාද නිර්දේශ කරන ලද්දේම වෙයි. එය වනාහි චෛතසික භාව වශයෙන් ප්‍රකට හෙයින් චේතනාව ආත්මයැයි ගනී. සෙස්ස කියන ලද ක්‍රමයමැයි.

චක‍්ඛුවිඤ‍්ඤාණන‍්තිආදීසු විජානනවසෙන චිත‍්තස‍්ස පාකටත‍්තා චිත‍්තං “අත‍්තා”ති ගණ‍්හාති. සෙසමෙත්‍ථාපි වුත‍්තනයමෙව.

චක්ඛු විඤ්ඤාණං ආදීන්හි දැනගැනීම් වශයෙන් සිතෙහි ප්‍රකටතාව හෙයින් සිත ආත්මයැයි ගනී. මෙහි සෙස්ස කියන ලද ක්‍රමයමැයි.

අත‍්තානුදිට‍්ඨිනිද‍්දෙසවණ‍්ණනා නිට‍්ඨිතා.

ආත්මානුදෘෂ්ටිය නිමි.