යෙදුමෙන් කියවන්න

3. මිච‍්ඡාදිට‍්ඨිනිද‍්දෙසවණ‍්ණනා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

3. මිච‍්ඡාදිට‍්ඨිනිද‍්දෙසවණ‍්ණනා

3. මිථ්‍යා දෘෂ්ටි නිර්දේශ වර්ණනාව

මිච‍්ඡාදිට‍්ඨි හෙට‍්ඨා වුත‍්තත්‍ථායෙව. අයං පන අපරො නයො – නත්‍ථි දින‍්නන‍්ති උච‍්ඡෙදදිට‍්ඨිකත‍්තා දානඵලං පටික‍්ඛිපති. නත්‍ථි යිට‍්ඨන‍්ති එත්‍ථ යිට‍්ඨන‍්ති ඛුද‍්දකයඤ‍්ඤො. හුතන‍්ති මහායඤ‍්ඤො. ද‍්වින‍්නම‍්පි ඵලං පටික‍්ඛිපති. නත්‍ථි සුකතදුක‍්කටානං කම‍්මානං ඵලං විපාකොති දානඵලස‍්ස පටික‍්ඛිත‍්තත‍්තා සීලාදීනං පුඤ‍්ඤකම‍්මානං, පාණාතිපාතාදීනං පාපකම‍්මානං ඵලං පටික‍්ඛිපති. නත්‍ථි අයං ලොකොති පුරෙ කතෙන කම‍්මුනා. නත්‍ථි පරො ලොකොති ඉධ කතෙන කම‍්මුනා. නත්‍ථි මාතා, නත්‍ථි පිතාති තෙසු කතකම‍්මානං ඵලං පටික‍්ඛිපති. නත්‍ථි සත‍්තා ඔපපාතිකාති කම‍්මහෙතුකං උපපත‍්තිං පටික‍්ඛිපති. නත්‍ථි ලොකෙ සමණබ්‍රාහ‍්මණා…පෙ… පවෙදෙන‍්තීති ඉධලොකපරලොකෙ පස‍්සිතුං අභිඤ‍්ඤාපටිලාභාය පටිපදං පටික‍්ඛිපති. ඉධ පාළියං පන නත්‍ථි දින‍්නන‍්ති වත්‍ථූති නත්‍ථි දින‍්නන‍්ති වුච‍්චමානං දානං, තස‍්සා දිට‍්ඨියා වත්‍ථූති අත්‍ථො . එවංවාදො මිච‍්ඡාති එවං නත්‍ථි දින‍්නන‍්ති වාදො වචනං මිච‍්ඡා විපරීතොති අත්‍ථො.

මිථයා දෘෂ්ටිය යට කියන ලද අර්ථමය. මේ වනාහි වෙනත් ක්‍රමයකි. නත්‍ථි දින්නං යන්නෙන් උච්ඡේද දෘෂ්ටි හෙයින් දානයන්හි විපාක ප්‍රතික්‍ෂෙප කරයි. නත්‍ථි යිට්ඨං යන මෙහි ‘යිට්ඨං’ යනු කුඩා යාගයයි. හුතං යනු මහා යාගයයි. ද්වයයෙහිම විපාක ප්‍රතික්‍ෂෙප කරයි. නත්‍ථි සුකට දුක්කටානං කම්මානං ඵලං විපාකො යනු දීමෙහි විපාක ප්‍රතික්‍ෂෙප කළ බැවින් සීලාදී පුණ්‍ය කර්මයන්ගේද ප්‍රාණඝාතාදී පාප කර්මයන්ගේද විපාක ප්‍රතික්‍ෂෙප කරයි. නත්‍ථි අයං ලොකො යනු පෙර කරන ලද කර්මයෙන් මෙලොව ඉපැත්මක් නැත. නත්‍ථි පරො ලොකො යනු මෙලොව කරන ලද කර්මයෙන් පරලොවක් නොලැබේ. නත්‍ථිමාතා නත්‍ථිපිතා යනු මව්පියවරුන් කෙරෙහි කරන ලද යහපත් අයහපත් කර්මයන්හි විපාක ප්‍රතික්‍ෂෙප කරයි. නත්‍ථි සත්තා ඔපපාතිකා යනු කර්මහේතුක උත්පත්තිය ප්‍රතික්‍ෂෙප කරයි. නත්‍ථි ලොකෙ සමණ බ්‍රාහ්මණා -පෙ- පවෙදෙන්ති මෙලෝ පරලෝ දක්නට සමත් අභිඥා ප්‍රතිලාභය සඳහා වන ප්‍රතිපදාව ප්‍රතික්‍ෂෙප කරයි. මෙහි පෙළෙහි, නත්‍ථි දින්නන්ති වත්‍ථුං යනු දුන් දැයෙහි විපාක නැතැයි කියන දානයයි. එම දෘෂ්ටියට හේතුව යැයි අර්ථයි. එවං වාදො මිච්ඡා යනු මෙසේ දුන් දෑහි විපාක නැතැයි කීමයි වචනයයි. වැරදි විපරීතතාවයයි.

මිච‍්ඡාදිට‍්ඨිනිද‍්දෙසවණ‍්ණනා නිට‍්ඨිතා.

4. සක‍්කායදිට‍්ඨිනිද‍්දෙසවණ‍්ණනා

4. සත්කාය දෘෂ්ටි නිර්දේශ වර්ණනාව

සක‍්කායදිට‍්ඨි පන අත‍්තානුදිට‍්ඨියෙව, අඤ‍්ඤත්‍ථ ආගතපරියායවචනදස‍්සනත්‍ථං වුත‍්තාති වෙදිතබ‍්බා.

සක්කාය දිට්ඨි යනු ආත්ම දෘෂ්ටියමය. අන් තන්හි පැමිණි ක්‍රමයට අනුව වචන දැක්වීම සඳහා යූ.සේයි.

සක‍්කායදිට‍්ඨිනිද‍්දෙසවණ‍්ණනා නිට‍්ඨිතා.

5. සස‍්සතදිට‍්ඨිනිද‍්දෙසවණ‍්ණනා

5. ශාශ්වත දෘෂ්ටි නිර්දේශ වර්ණනාව

සක‍්කායවත්‍ථුකාය සස‍්සතදිට‍්ඨියාති කම‍්මධාරයසමාසො. රූපවන‍්තං වා අත‍්තානන‍්තිආදීනං පන‍්නරසන‍්නං වචනානං අන‍්තෙ සමනුපස‍්සතීති සම‍්බන්‍ධො කාතබ‍්බො, පාඨො වා. අඤ‍්ඤථා හි න ඝටීයතීති. එවං “රූපවන‍්තං වා අත‍්තානං සමනුපස‍්සතී”ති එකමෙව දස‍්සෙත්‍වා සෙසා චුද‍්දස සංඛිත‍්තා.

ස්වකාය වස්තුක ශාශ්වත දෘෂ්ටිය යැයි කම්මධාරය සමාසයි. රූපවන්තං වා අත්තානං ආදී පසළොස් වචනයන්ගේ අන්තයෙහි මනාසේ බලයි යන්න සම්බන්ධ කළ යුතුය. පාඨය වෙනත් අයුරෙකින් නොගැළපේ. මෙසේ රූපවත් වූ ආත්මය මනාසේ බලයි යනුවෙන් එකක්ම ගෙනහැර දක්වා සෙසු තුදුස සංක්‍ෂිප්ත කරන ලදි.

සස‍්සතදිට‍්ඨිනිද‍්දෙසවණ‍්ණනා නිට‍්ඨිතා.

6. උච‍්ඡෙදදිට‍්ඨිනිද‍්දෙසවණ‍්ණනා

6. උච්ඡේද දෘෂ්ටි නිර්දේශ වර්ණනාව

සක‍්කායවත්‍ථුකාය උච‍්ඡෙදදිට‍්ඨියා එවං “රූපං අත‍්තතො සමනුපස‍්සතී”ති එකමෙව දස‍්සෙත්‍වා සෙසා චතස‍්සො සංඛිත‍්තා.

ස්වකාය වස්තුක උච්ඡේද දෘෂ්ටියෙහි ‘රූපය ආත්ම වශයෙන් මනාසේ බලයි. එකක්ම ගෙනහැර දක්වා සෙසු සතර සංක්‍ෂිප්ත කරන ලදි.’

උච‍්ඡෙදදිට‍්ඨිනිද‍්දෙසවණ‍්ණනා නිට‍්ඨිතා.

7. අන‍්තග‍්ගාහිකාදිට‍්ඨිනිද‍්දෙසවණ‍්ණනා

7. අන්තර්ග්‍රාහික දෘෂ්ටි නිර්දේශ වර්ණනාව

අන‍්තග‍්ගාහිකාය දිට‍්ඨියා පඨමවාරෙ ආකාරපුච‍්ඡා. දුතියෙ ආකාරගහණං. තතියෙ ආකාරවිස‍්සජ‍්ජනං. තත්‍ථ ලොකොති අත‍්තා. සො අන‍්තොති අඤ‍්ඤමඤ‍්ඤපටිපක‍්ඛෙසු සස‍්සතුච‍්ඡෙදන‍්තෙසු සස‍්සතග‍්ගාහෙ සස‍්සතන‍්තො, අසස‍්සතග‍්ගාහෙ උච‍්ඡෙදන‍්තො. පරිත‍්තං ඔකාසන‍්ති සුප‍්පමත‍්තං වා සරාවමත‍්තං වා ඛුද‍්දකං ඨානං. නීලකතො ඵරතීති නීලන‍්ති ආරම‍්මණං කරොති. අයං ලොකොති අත‍්තානං සන්‍ධාය වුත‍්තං. පරිවටුමොති සමන‍්තතො පරිච‍්ඡෙදවා. අන‍්තසඤ‍්ඤීති අන‍්තවාතිසඤ‍්ඤී. අන‍්තො අස‍්ස අත්‍ථීති අන‍්තොති ගහෙතබ‍්බං. යං ඵරතීති යං කසිණරූපං ඵරති. තං වත්‍ථු චෙව ලොකො චාති තං කසිණරූපං ආරම‍්මණඤ‍්චෙව ආලොකියට‍්ඨෙන ලොකො ච. යෙන ඵරතීති යෙන චිත‍්තෙන ඵරති. සො අත‍්තා චෙව ලොකො චාති අත‍්තානමපෙක‍්ඛිත්‍වා පුල‍්ලිඞ‍්ගං කතං, තං චිත‍්තං අත‍්තා චෙව ආලොකනට‍්ඨෙන ලොකො චාති වුත‍්තං හොති. අන‍්තවාති අන‍්තො. ඔකාසකතො ඵරතීති ආලොකකසිණවසෙන තෙජොකසිණවසෙන ඔදාතකසිණවසෙන වා ඔභාසොති ඵරති. නීලාදීනං පඤ‍්චන‍්නං පභස‍්සරකසිණානංයෙව ගහිතත‍්තා පථවීආපොවායොකසිණවසෙන අත‍්තාභිනිවෙසො න හොතීති ගහෙතබ‍්බං.

අන්තර්ග්‍රාහික දෘෂ්ටියෙහි ප්‍රථම වාරයෙහි ආකාර විමසීමයි. දෙවැන්නෙහි ආකාර ග්‍රහණයයි. තෙවැන්නෙහි ආකාර විසඳුමයි. එහි ලොකො යනු ආත්මයයි. නො අන්තො යනු ඔවුනොවුන්ට ප්‍රතිපක්‍ෂ වූ ශාශ්වත උච්ඡේද අන්තයන්හි ශාශ්වත ග්‍රාහයෙහි ශාශ්වතාන්තයද, අශාශ්වත ග්‍රාහයෙහි උච්ඡේදාන්තයද වේ. පරිත්තං ඔකාසං යනු කුල්ලක් පමණ හෝ නෑඹිලියක් පමණ, නීලකතො ඵරති යනු නිල්යැයි අරමුණු කරයි. අයං ලොකො යන ආත්මය සඳහා යූ.සේයි. පරිවටුමො යනු හාත්පස සීමාව, අන්තසඤ්ඤී අන්තයෙක් ඇත්තේයැයි හැඟීම කෙළවරක් මෙයට ඇත්තේනුයි අන්තයැයි ගතයුතුය. යංඵරති යනු යම් කසිණ රූපයක් පැතිරේද? තං වත්‍ථුං චෙව ලොකොච යනු එම කසිණරූප ආරම්මණයද, ආලෝකාර්ථයෙන් ලෝකය වේ. යෙන ඵරති යනු යම් සිතකින් පැතිරේද? සො අත්තා චෙව ලොකොච යනු ආත්මය අපේක්‍ෂා කොට පුංලිංග කරන ලදි. ඒ සිත ආ්තමයද ආලෝකාර්ථයෙන් ලෝකයදැයි යූ.සේයි. අන්තවා යනු අන්තයයි. ඔභාසකතො ඵරති යනු ආලෝක කසිණ වශයෙන්, තේජෝ කසිණ වශයෙන්, ශ්වේත කසිණ වශයෙන් හෝ ආලෝකය පතුරුවයි. නිල් ආදී පංචකය ප්‍රභාශ්වර කසිණයන්ගේ වශයෙන් ගත් හෙයින්, පෘථුවි, ආපො, වායො, කසිණ වශයෙන් ආත්මාභිනිවේසයක් නොවේයයි ගතයුතුය.

විපුලං ඔකාසන‍්ති ඛලමණ‍්ඩලමත‍්තාදිවසෙන මහන‍්තං ඨානං. අනන‍්තවාති වුද‍්ධඅනන‍්තවා. අපරියන‍්තොති වුද‍්ධඅපරියන‍්තො. අනන‍්තසඤ‍්ඤීති අනන‍්තොතිසඤ‍්ඤී. තං ජීවන‍්ති සො ජීවො. ලිඞ‍්ගවිපල‍්ලාසො කතො. ජීවොති ච අත‍්තා එව. රූපාදීනි පඤ‍්චපි පරිවටුමට‍්ඨෙන සරීරං. ජීවං න සරීරන‍්ති අත‍්තසඞ‍්ඛාතො ජීවො රූපසඞ‍්ඛාතං සරීරං න හොති. එස නයො වෙදනාදීසු. තථාගතොති සත‍්තො. අරහන‍්ති එකෙ. පරං මරණාති මරණතො උද‍්ධං, පරලොකෙති අත්‍ථො. රූපං ඉධෙව මරණධම‍්මන‍්ති අත‍්තනො පාකටක‍්ඛන්‍ධසීසෙන පඤ‍්චක‍්ඛන්‍ධග‍්ගහණං, තං ඉමස‍්මිංයෙව ලොකෙ නස‍්සනපකතිකන‍්ති අත්‍ථො. සෙසක‍්ඛන්‍ධෙසුපි එසෙව නයො. කායස‍්ස භෙදාති ඛන්‍ධපඤ‍්චකසඞ‍්ඛාතස‍්ස කායස‍්ස භෙදතො පරං. ඉමිනා වචනෙන “පරං මරණා”ති එතස‍්ස උද‍්දෙසස‍්ස අත්‍ථො වුත‍්තො. හොතිපීතිආදීසු හොතීති මූලපදං. චතූසුපි අපි-සද‍්දො සමුච‍්චයත්‍ථො. තිට‍්ඨතීති සස‍්සතත‍්තා තිට‍්ඨති, න චවතීති අත්‍ථො. “හොතී”ති පදස‍්ස වා අත්‍ථවිසෙසනත්‍ථං “තිට‍්ඨතී”ති පදං වුත‍්තන‍්ති වෙදිතබ‍්බං. උප‍්පජ‍්ජතීති අණ‍්ඩජජලාබුජයොනිපවෙසවසෙන උප‍්පජ‍්ජති නාම, නිබ‍්බත‍්තතීති සංසෙදජඔපපාතිකයොනිපවෙසවසෙන නිබ‍්බත‍්තති නාමාති අත්‍ථයොජනා වෙදිතබ‍්බා. උච‍්ඡිජ‍්ජතීති පබන්‍ධාභාවවසෙන. විනස‍්සතීති භඞ‍්ගවසෙන. න හොති පරං මරණාති පුරිමපදානං අත්‍ථවිවරණං, චුතිතො උද‍්ධං න විජ‍්ජතීති අත්‍ථො. හොති ච න ච හොතීති එකච‍්චසස‍්සතිකානං දිට‍්ඨි, එකෙන පරියායෙන හොති, එකෙන පරියායෙන න හොතීති අත්‍ථො. ජීවභාවෙන හොති, පුබ‍්බජීවස‍්ස අභාවෙන න හොතීති වුත‍්තං හොති. නෙව හොති න න හොතීති අමරාවික‍්ඛෙපිකානං දිට‍්ඨි, හොතීති ච නෙව හොති, න හොතීති ච න හොතීති අත්‍ථො. අනුවාදභයා මුසාවාදභයා ච මන්‍දත‍්තා මොමූහත‍්තා ච පුබ‍්බවුත‍්තනයස‍්ස පටික‍්ඛෙපමත‍්තං කරොති. ඉමෙහි පඤ‍්ඤාසාය ආකාරෙහීති යථාවුත‍්තානං දසන‍්නං පඤ‍්චකානං වසෙන පඤ‍්ඤාසාය ආකාරෙහීති.

විපුලං ඔකාසං යනු ගොයම් මැඩීම සඳහා සාදාගත් බිම (කමත) තරම් ආදී වශයෙන් විශාලස්ථානයක් නොවේ. අනන්තවා යනු බුද්ධ අනන්තවත් භාවයයි. අපරියන්තො යනු බුද්ධ අපරියන්තතාවයි. අනන්තසඤ්ඤී යනු අනන්ත සංඥාවයි. තංජීවං යනු එය ජීවයයි. ලිංග විපර්යාසය කරන ලදි. ජීව යනුද ආත්මයමය. රූපාදී පංචකයම වෘත්තාකාර අර්ථයෙන් ශරීරයයි. ජීවං න සරීරං යනු ආත්ම සංඛ්‍යාත ජීවය රූප සංඛ්‍යාත ශරීරය නොවේ. වේදනාදීන්හිද එම ක්‍රමයමැයි. තථාගතො යනු සත්ත්වයායි. රහත්හුයැයි ඇතැමෙක් කියති. පරම්මරණා යනු මරණින් මත්තහෙි, පරලෙව්හිය යන අර්ථයි. රූපං ඉධෙව මරණ ධම්මං යනු තමාට ප්‍රකට ස්කන්ධ ශීර්ෂයෙන් පංචස්කන්ධ ග්‍රහණයයි. එය මෙලෙව්හිම නස්නා ස්වභාවයැයි අර්ථයි. සෙසු ස්කන්ධයන්හිද එම ක්‍රමයමැයි. කායස්සභෙදා යනු ස්කන්ධ පංචක සංඛ්‍යාත වූ ශරීරයාගේ බිඳීමෙන් මත්තෙහි මෙම වචනයෙන් මරණින් මත්තෙහි යැයි යන එම උද්දේශයාගේ අර්ථය යූ.සේයි. ප්‍රීති ආදීන්හි වේයැයි මුල්පදයයි. සතරෙහිම අපි ශබ්දය එක්කිරීම් අර්ථයෙහිය. තිට්ඨති යනු ශාශ්වත බැවින් සිටී. චුත නොවේයයි අර්ථයි. (හොති) වේ. පදයට අර්ථ විශේෂණ සඳහා (තිට්ඨති) සිටී යන පදය යූ.සේයි. උපපජ්ජති බිජුවට හා ගර්භාෂ උපතට පිවිසීම් වශයෙන් පැමිණේ නමැ. නිබ්බත්තතී යනු සංසේදජ, ඕපපාතික උපතට පිවිසීම් වශයෙන් උපදී නමැයි අර්ථ යෙදීම් දතයුතුය. උච්ඡිජ්ජති යනු නොසිඳී පැවැත්ම නොමැතිවීම් වශයෙන්, විනස්සති යනු විනාශවීම් වශයෙන්, න හොති පරම්මරණා යන පළමු පදයන්ගේ අර්ථ විවරණයයි. චුතියෙන් මත්තෙහි විද්‍යමාන නොවේ යයි අර්ථයි. හොතිච න ච හොති යනු ඒකාන්ත ශාශ්වතිකයින්ගේ දෘෂ්ටියයි. එක් ක්‍රමයකින් වෙයි. එක් ක්‍රමයකින් නොවේයයි අර්ථයි. ජීව ස්වභාවයෙන් වෙයි. පූර්ව ජීවයෙහි අභාවයෙහි නොවේයයි යූ.සේයි. නෙව හොති න නහොති යනු අමරා වික්‍ෂෙපයින්ගේ (ආඳා මෙන් ලිස්සා පැන යනවුන්ගේ) දෘෂ්ටියයි. විය හැකිද නොවිය හැකිද වේ. නොවිය හැකිද වියහැකිද වේ යන අර්ථයි. දෝෂාරෝපණ බියද, මුසාවාද බියද, අඥාන බැවින්ද, මෝහයෙන් මුළාවූ බැවින්ද, පෙර කියන ලද ක්‍රමයෙහි ප්‍රතික්‍ෂෙප මාත්‍රයක් කරයි. ඉමෙහි පඤ්ඤාසාය ආකාරෙහි යනු කියන ලද ආකාර ඇති දස පඤ්චකයන්ගේ වශයෙන්, පණස් ආකාරයන්ගෙන් යනුයි.

අන‍්තග‍්ගාහිකාදිට‍්ඨිනිද‍්දෙසවණ‍්ණනා නිට‍්ඨිතා.

අන්තර්ග්‍රාහික දෘෂ්ටිය නිමි.

8. පුබ‍්බන‍්තානුදිට‍්ඨිනිද‍්දෙසවණ‍්ණනා

8. පූර්‍වාන්ත දෘෂ්ටි නිර්දේශ වර්ණනාව

පුබ‍්බන‍්තාපරන‍්තානුදිට‍්ඨීසු සස‍්සතං වදන‍්තීති සස‍්සතවාදා. අථ වා වදන‍්ති එතෙනාති වාදො, දිට‍්ඨිගතස‍්සෙතං අධිවචනං. සස‍්සතන‍්ති වාදොපි සස‍්සතයොගෙන සස‍්සතො, සස‍්සතො වාදො එතෙසන‍්ති සස‍්සතවාදා. තථා එකච‍්චං සස‍්සතන‍්ති වාදො එකච‍්චසස‍්සතො, සො එතෙසං අත්‍ථීති එකච‍්චසස‍්සතිකා. තථා අන‍්තවා, අනන‍්තවා, අන‍්තවා ච අනන‍්තවා ච, නෙවන‍්තවා නානන‍්තවාති පවත‍්තො වාදො අන‍්තානන‍්තො, සො එතෙසං අත්‍ථීති අන‍්තානන‍්තිකා. න මරතීති අමරා. කා සා? “එවම‍්පි මෙ නො”තිආදිනා (දී· නි· 1.62-63) නයෙන පරියන‍්තරහිතස‍්ස දිට‍්ඨිගතිකස‍්ස දිට‍්ඨි චෙව වාචා ච. විවිධො ඛෙපො වික‍්ඛෙපො, අමරාය දිට‍්ඨියා, වාචාය වා වික‍්ඛෙපො අමරාවික‍්ඛෙපො, සො එතෙසං අත්‍ථීති අමරාවික‍්ඛෙපිකා. අපරො නයො – අමරා නාම මච‍්ඡජාති , සා උම‍්මුජ‍්ජනනිමුජ‍්ජනාදිවසෙන උදකෙ සන්‍ධාවමානා ගහෙතුං න සක‍්කා හොති, එවමෙවං අයම‍්පි වාදො ඉතො චිතො ච සන්‍ධාවති, ගාහං න උපගච‍්ඡතීති අමරාවික‍්ඛෙපොති වුච‍්චති, සො එතෙසං අත්‍ථීති අමරාවික‍්ඛෙපිකා. අධිච‍්චසමුප‍්පන‍්නොති අකාරණසමුප‍්පන‍්නො අත‍්තා ච ලොකො චාති දස‍්සනං අධිච‍්චසමුප‍්පන‍්නං, තං එතෙසං අත්‍ථීති අධිච‍්චසමුප‍්පන‍්නිකා.

පූර්වාන්තාපරන්ත දෘෂ්ටීන්හි ශාශ්වතය කියත්නුයි ශාශ්වතවාදයි. සස්සතවාදායි. නොහොත් මෙය කරණ කොටගෙන කියත්නුයි වාදොයි. එය දෘෂ්ටි සහගතයට විශේෂ නාමයකි. ශාශ්වතයැයි කීමද, ශාශ්වත යෝගයෙන් ශාශ්වතයි. ශාශ්වත වාදය ඔවුන්ටනුයි ශාශ්වත වාදයයි. එසේම ඇතැම් කොටසක් ශාශ්වතයැයි කීම ඒකච්ච ශාශ්වතයි. එය ඔවුන්ගේ ඇත්තේනුයි එකච්ච සස්සතිකායි. එසේම කෙළවරක් ඇත්තේ හෝ කෙළවරක් නැත්තේ, කෙළවරක් ඇත්තේද, කෙළවරක් නැත්තේද? කෙළවරක් නොමැත්තේ කෙළවරක් ඇත්තේ නොවේයයි පැවැති වාදය, අන්තානන්තයි එය ඔවුන්ට ඇත්තේනුයි අන්තානන්තිකායි නොමැරේනුයි අමරායි. ඒ කවරෙක්ද? මෙසේ මාහට, අප හට ආදී ක්‍රමයෙන් කෙළවර රහිත දෘෂ්ටිගතිකයාගේ දෘෂ්ටියද වචනයද, විවිධ වූ අවුල = වික්‍ෂෙපයයි. නොමැරෙන දෘෂ්ටියෙන් හෝ වචනයෙන් වන අවුල අමරා වික්‍ෂෙපයයි. එය ඔවුන්ට ඇත්තේනුයි අමරා වික්ඛෙපිකායි. වෙනත් ක්‍රමයක් අමරා නමැති මත්ස්‍ය ජාතියකි. එම මත්ස්‍යයා දිය මතුපිටට ඒම හා කිමිදීම් වශයෙන් දවනු ලබන්නේ අල්ලාගන්ට නොහැකි වේ. එපරිද්දෙන්ම මෙම වාදයද ඔබිනොබ දුවයි. ග්‍රහණයට නොඑළඹේනුයි අමරා වික්‍ෂෙපයි. එය ඔවුන්ට ඇත්තේනුයි අමරා වික්‍ෂෙපිකායි. අධිච්ච සමුප්පන්නො යනු අහේතුකව, ආත්මයද ලෝකයද, හටගත්තේය යන දර්ශනයයි. එය ඔවුන්ට ඇත්තේනුයි අධිච්ච සමුප්පන්නිකායි.

පුබ‍්බන‍්තානුදිට‍්ඨිනිද‍්දෙසවණ‍්ණනා නිට‍්ඨිතා.

9. අපරන‍්තානුදිට‍්ඨිනිද‍්දෙසවණ‍්ණනා

9. අපරාන්තානු දෘෂ්ටි නිර්දේශ වර්ණනාව

සඤ‍්ඤිං වදන‍්තීති සඤ‍්ඤීවාදා. අසඤ‍්ඤිං වදන‍්තීති අසඤ‍්ඤීවාදා. නෙවසඤ‍්ඤීනාසඤ‍්ඤිං වදන‍්තීති නෙවසඤ‍්ඤීනාසඤ‍්ඤීවාදා. අථ වා සඤ‍්ඤීති පවත‍්තො වාදො සඤ‍්ඤීවාදො, සො යෙසං අත්‍ථීති තෙ සඤ‍්ඤීවාදා, තථා අසඤ‍්ඤීවාදා, නෙවසඤ‍්ඤීනාසඤ‍්ඤීවාදා ච. උච‍්ඡෙදං වදන‍්තීති උච‍්ඡෙදවාදා. දිට‍්ඨධම‍්මොති පච‍්චක‍්ඛධම‍්මො, තත්‍ථ තත්‍ථ පටිලද‍්ධඅත‍්තභාවස‍්සෙතං අධිවචනං. දිට‍්ඨධම‍්මෙ නිබ‍්බානං දිට‍්ඨධම‍්මනිබ‍්බානං, ඉමස‍්මිංයෙව අත‍්තභාවෙ දුක‍්ඛවූපසමොති අත්‍ථො, තං වදන‍්තීති දිට‍්ඨධම‍්මනිබ‍්බානවාදා. ඉමස‍්මිං පනත්‍ථෙ විත්‍ථාරියමානෙ සාට‍්ඨකථං සකලං බ්‍රහ‍්මජාලසුත‍්තං වත‍්තබ‍්බං හොති. එවඤ‍්ච සති අතිපපඤ‍්චො හොතීති න විත්‍ථාරිතො. තදත්‍ථිකෙහි තං අපෙක‍්ඛිත්‍වා ගහෙතබ‍්බො.

සංඥාව කියත්නුයි සඤ්ඤීවාදායි අසංඥීභාවය කියත්නුයි අසඤ්ඤීවාදයි. නේවසඤ්ඤීනාසඤ්ඤී භාවය කියත්නුයි නේවසඤ්ඤී නාසඤ්ඤීවාදායි. නොහොත් සංඥායයි පැවැති වාදය සඤ්ඤීවාදයයි. එය යම් කෙනෙකුන්ට ඇත්ද? ඔවුහු සංඥීවාදීහුය. අසංඥීවාදී, නෙවසඤ්ඤී, නාසඤ්ඤීවාදීහුද එසේමය. විනාශය කියත්නුයි උච්ඡෙදවාදායි දිට්ඨධම්මො යනු ප්‍රත්‍යක්‍ෂ ධර්මයයි. ඒ ඒ තන්හි ලද ආත්ම භාවයට එය විශේෂ නාමයකි. ඉහාත්මයෙහි නිර්වාණය දිට්ඨධම්ම නිර්වාණයයි. මේ අත්බැව්හි දුක් සංසිඳීම යැයි අර්ථයි. එය කියත්නුයි දිට්ඨධම්ම නිබ්බානවාදායි. මෙහි මෙය විස්තර කරනු ලබන කල්හි අටුවා සහිත සමස්ත බ්‍රහ්මජාල සූත්‍රයම කිවයුතු වේ. මෙසේ ඇතිකල්හි ඉතාමත් ප්‍රමාද වේයයි විස්තර නොකරන ලදි. එය කැමතියවුන් විසින් එය අපේක්‍ෂාකොට (සොයා) ගතයුතුය.

අපරන‍්තානුදිට‍්ඨිනිද‍්දෙසවණ‍්ණනා නිට‍්ඨිතා.

10-12. සඤ‍්ඤොජනිකාදිදිට‍්ඨිනිද‍්දෙසවණ‍්ණනා

10-12. සංයෝජනික ආදී දෘෂ්ටි නිර්දේශ වර්ණනාව

යස‍්මා සඤ‍්ඤොජනිකා දිට‍්ඨි සබ‍්බදිට‍්ඨිසාධාරණා, තස‍්මා තස‍්සා සබ‍්බදිට‍්ඨිසඤ‍්ඤොජනත‍්තා සබ‍්බදිට‍්ඨිසාධාරණො අත්‍ථො නිද‍්දිට‍්ඨො. සො හෙට‍්ඨා වුත‍්තදිට‍්ඨිපරියුට‍්ඨානානෙව.

සංයෝජනික දෘෂ්ටි, සර්ව දෘෂ්ටි සාධාරණවෙත්ද? එනිසා සියලු දෘෂ්ටි සංයෝජන හෙයින්, හැම දෘෂ්ටි සාධාරණයයි අර්ථය නිර්දේශ කරන ලදි. එය යට කියන ලද දෘෂ්ටි මැඩගෙන නැගී සිටින්නේමය.

මානවිනිබන්‍ධදිට‍්ඨීසු චක‍්ඛු අහන‍්ති අභිනිවෙසපරාමාසොති මානපුබ‍්බකො අභිනිවෙසපරාමාසො. න හි දිට‍්ඨි මානසම‍්පයුත‍්තා හොති. තෙනෙව ච මානවිනිබන්‍ධාති වුත‍්තං, මානපටිබන්‍ධා මානමූලකාති අත්‍ථො.

මානය හා බැඳී පවත්නා දෘෂ්ටීන්හි, චක්ඛු අහන්ති අභිනිවෙස පරාමාසො යන මැනීම් පූර්ව ඇලීම් ස්පර්ශ කිරීමයි. දෘෂ්ටිය මාන සම්ප්‍රයුක්ත නොවේ. එහෙයින්ම මාන විනිබන්‍ධායි යූ.සේයි. මානය හා බැඳී, මානමූලිකයයි අර්ථයි.

චක‍්ඛු මමන‍්ති අභිනිවෙසපරාමාසොති එත්‍ථාපි එසෙව නයො. එත්‍ථ පන “මමා”ති වත‍්තබ‍්බෙ “මම”න‍්ති අනුනාසිකාගමො වෙදිතබ‍්බො. “අහ”න‍්ති මානවිනිබන්‍ධාය රූපාදීනිපි අජ‍්ඣත‍්තිකානෙව. න හි කසිණරූපං විනා බාහිරානි “අහ”න‍්ති ගණ‍්හාති. “මම”න‍්ති මානවිනිබන්‍ධාය පන බාහිරානිපි ලබ‍්භන‍්ති. බාහිරානිපි හි “මම”න‍්ති ගණ‍්හාති. යස‍්මා පන දුක‍්ඛා වෙදනා අනිට‍්ඨත‍්තා මානවත්‍ථු න හොති, තස‍්මා ඡ වෙදනා තාසං මූලපච‍්චයා ඡ ඵස‍්සා ච න ගහිතා. සඤ‍්ඤාදයො පන ඉධ පච‍්ඡින‍්නත‍්තා න ගහිතාති වෙදිතබ‍්බා.

චක්ඛු මමන්ති අභිනිවෙස පරාමාසො යන මෙහිද එම ක්‍රමයමැයි. මෙහි වනාහි මමා යයි කිවයුතු කල්හි මමං යයි අනුනාසික ආගමය දතයුතුය. අහන්ති මාන විනිබන්‍ධාය යනු රූපාදීන්ද, ආධ්‍යාත්මිකවමය. කසිණ රූපයෙන් තොර බාහිරයක් මමයයි නොගනී. මමන්ති මාන විනිබන්‍ධාය බාහිරයන්ද ලැබෙත්. බාහිරයන්ද මගේ යයි ගනියි. දුක්වේදනා අනිෂ්ට හෙයින් මානවස්තු නොවේද? ෂට් වේදනාවන්ද එහි මූලප්‍රත්‍යය වූ ෂට් ස්පර්ශද නොගන්නා ලදි. සංඥාදීහු මෙහි සිඳලන ලද හෙයින් නොගන්නා ලදැයි දතයුතුය.

සංයොජනිකාදිදිට‍්ඨිනිද‍්දෙසවණ‍්ණනා නිට‍්ඨිතා.

13. අත‍්තවාදපටිසංයුත‍්තදිට‍්ඨිනිද‍්දෙසවණ‍්ණනා

13. ආත්මවාදප්‍රතිසංයුක්ත දෘෂ්ටි නිර්දේශ වර්ණනාව

අත‍්තවාදපටිසංයුත‍්තා දිට‍්ඨි අත‍්තානුදිට‍්ඨියෙව. අත‍්තාති වාදෙන පටිසංයුත‍්තත‍්තා පුන එවං වුත‍්තා.

අත්තවාද පටිසඤ්ඤුත්තා දිට්ඨි යනු ආත්මානු දෘෂ්ටියමය. ආත්මයැයි වාදයෙන් යුක්තවූ හෙයින් නැවැතැ මෙසේ යූ.සේයි.

අත‍්තවාදපටිසංයුත‍්තදිට‍්ඨිනිද‍්දෙසවණ‍්ණනා නිට‍්ඨිතා.

14. ලොකවාදපටිසංයුත‍්තදිට‍්ඨිනිද‍්දෙසවණ‍්ණනා

14. ලොකවාදප්‍රතිසංයුක්ත දෘෂ්ටි නිර්දේශ වර්ණනාව

අත‍්තා ච ලොකො චාති සො එව අත‍්තා ච ආලොකනට‍්ඨෙන ලොකො චාති අත්‍ථො. සස‍්සතොති සස‍්සතවාදානං දිට‍්ඨි. අසස‍්සතොති උච‍්ඡෙදවාදානං. සස‍්සතො ච අසස‍්සතො චාති එකච‍්චසස‍්සතිකානං. නෙව සස‍්සතො නාසස‍්සතොති අමරාවික‍්ඛෙපිකානං. අන‍්තවාති පරිත‍්තකසිණලාභීනං තක‍්කිකානඤ‍්ච නිගණ‍්ඨාජීවිකානඤ‍්ච. අථ වා උච‍්ඡෙදවාදිනො “සත‍්තො ජාතියා පුබ‍්බන‍්තවා, මරණෙන අපරන‍්තවා”ති වදන‍්ති. අධිච‍්චසමුප‍්පන‍්නිකා “සත‍්තො ජාතියා පුබ‍්බන‍්තවා”ති වදන‍්ති. අනන‍්තවාති අප‍්පමාණකසිණලාභීනං. සස‍්සතවාදිනො පන “පුබ‍්බන‍්තාපරන‍්තා නත්‍ථි, තෙන අනන‍්තවා”ති වදන‍්ති. අධිච‍්චසමුප‍්පන‍්නිකා “අපරන‍්තෙන අනන‍්තවා”ති වදන‍්ති.

අත්තාච ලොකොච යනු එයම ආත්මයය. බැලීම් අර්ථයෙන් ලෝකයැයි අර්ථයි. සස්සතො යනු ශාශ්වත වාදයන්ගේ දෘෂ්ටියයි. අසස්සතො යනු උච්ඡේද වාදයන්ගේ සස්සතොච අසස්සතොච යනු ඇතැම් ශාශ්වතිකයන්ගේ, නෙව සස්සතො නාසස්සතො යනු අමරා වික්‍ෂෙිපිකයන්ගේ, අන්තවා යනු ස්වල්ප කසිණ ලාභීන්ගේද, තාර්කිකයින්ගේද, නිඝණ්ඨ ආජීවිකයන්ගේද නොහොත් උච්ඡේදවාදීහු, සත්ත්වයා උපතින් පූර්වාන්තවත්ය. මරණයෙන් අපරාන්තවත් යැයි කියති. අධිච්ච සමුප්පන්නිකයෝ සත්ත්වයා උපතින් පූර්වාන්තවත් යැයි කියති. අනන්තවා යනු අප්‍රමාණ කසිණලාභීන්ගේ, ශාශ්වතවාදීහු වනාහි පූර්වාන්තයක් හෝ අපරාන්තයක් නොමැත. එහෙයින් අනන්තවත්යැයි කියති. අධිච්ච සමුප්පන්නිකයෝ අපරාන්තයෙන් අනන්තවත් යැයි කියති.

අන‍්තවා ච අනන‍්තවා චාති උද‍්ධමධො අවඩ‍්ඪිත්‍වා තිරියං වඩ‍්ඪිතකසිණානං. නෙව අන‍්තවා න අනන‍්තවාති අමරාවික‍්ඛෙපිකානං.

අන්තවාච අනන්තවාච යනු උඩයට නොවඩා සරස්ව වඩනා ලද කසිණයන්ගේ, නෙව අන්තවා නානන්තවා යනු එය අමරා වික්‍ෂෙපිකයන්ගේ

ලොකවාදපටිසංයුත‍්තදිට‍්ඨිනිද‍්දෙසවණ‍්ණනා නිට‍්ඨිතා.