2-4. සක්කායදිට්ඨි
2-4. සක්කායදිට්ඨි.
2-4. සත්කායදෘෂ්ටිය
‘සක්කායදිට්ඨියා කතමෙහි වීසතියා ආකාරෙහි අභිනිවෙසො හොති:
සත්කායදෘෂ්ටියෙහි කවර විසි අයුරෙකින් අභිනිවේශය වෙයි යත්:
ඉධ අස්සුතවා පුථුජ්ජනො අරියානං අදස්සාවී අරියධම්මස්ස අකොවිදො අරියධම්මෙ අවිනීතො සප්පුරිසානං අදස්සාවී සප්පුරිසධම්මස්ස අකොවිදො සප්පුරිසධම්මෙ අවිනීතො රූපං අත්තතො සමනුපස්සති, රූපවන්තං වා අත්තානං, අත්තනි වා රූපං, රූපස්මිං වා අත්තානං. වෙදනං -පෙ- සඤ්ඤං -පෙ- සඞ්ඛාරෙ -පෙ- විඤ්ඤාණං අත්තතො සමනුපස්සති, විඤ්ඤාණවන්තං වා අත්තානං, අත්තනි වා විඤ්ඤාණං, විඤ්ඤාණස්මිං වා අත්තානං.
මෙලොවැ (බුද්ධාදි) ආර්‍ය්‍යයන් නො දක්නාසුලු ආර්ය්යධර්මයෙහි අදක්ෂ වූ ආර්ය්යධර්මයෙහි අවිනීත වූ සත්පුරුෂයන් නො දක්නාසුලු සත්පුරුෂධර්මයෙහි අදක්ෂ වූ සත්පුරුෂධර්මයෙහි අවිනීත වූ අශ්‍රැතවත් පෘථග්ජන තෙම රූපය ආත්මවශයෙන් (විපරීතසංඥායෙන්) දකී. ආත්මය රූපවත් කොට හෝ, රූප ආත්මයෙහි ලා හෝ, ආත්මය රූපයෙහි ලා හෝ වේදනාව ... සංඥාව ... සංස්කාරයන් ... විඥානය ආත්මවශයෙන් දකී. ආත්මය විඥානවත් කොට හෝ, විඥානය ආත්මයෙහි ලා හෝ, ආත්මය විඥානයෙහි ලා හෝ දකී.
කථං රූපං අත්තතො සමනුපස්සති: ඉධෙකච්චො පඨවීකසිණං -පෙ- ඔදාතකසිණං අත්තතො සමනුපස්සති. ‘යං ඔදාතකසිණං සො අහං යො අහං තං ඔදාතකසිණන්ති ඔදාතකසිණඤ්ච අත්තඤ්ච අද්වයං සමනුපස්සති. සෙය්යථාපි තෙලප්පදීපස්ස ඣායතො -පෙ- එවමෙව ඉධෙකච්චො ඔදාතකසිණං අත්තනො සමනුපස්සති, අභිනිවෙසපරාමාසො දිට්ඨි -පෙ- අයං පඨමා රූපවත්ථුකා සක්කායදිට්ඨි සක්කායදිට්ඨි මිච්ඡාදිට්ඨි -පෙ- ඉමානි සඤ්ඤොජනානි න ච දිට්ඨියො. එවං රූපං අත්තනො සමනුපස්සති -පෙ- සක්කායදිට්ඨියා ඉමෙහි වීසතියා ආකාරෙහි අභිනිවෙසො හොති.
කිසෙයින් රූපය ආත්මවශයෙන් දකී ද යත්: මෙලොවැ ඇතැමෙක් පඨවිකසිණය ... ඕදාතකසිණය ආත්මවශයෙන් දකී. යමෙක් ඔදාතකසිණ වේ ද හේ මම් වෙමි, යමෙක් මම් වේ ද ඒ ඔදාතකසිණ වේ’යයි ඕදාතකසිණයත් තමාත් එකක් මැ කොට දකී. යම්සේ දැල්වෙන පහනක්හුගේ ... එපරිද්දෙන් මැ මෙලොව ඇතැමෛක් ඕදාතකසිණය ආත්මවශයෙන් දකී. අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ ... මේ පළමුවන වූ රූපවස්තුකසත්කායදෘෂ්ටි වේ. සත්කාය දෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි ය ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි මෙසෙයින් රූපය ආත්මවශයෙන් දකී. සත්කායදෘෂ්ටියෙහි මේ විසිඅයුරින් අභිනිවේශය වේ.