යෙදුමෙන් කියවන්න

2-5. සක‍්කායවත්‍ථුකා සස‍්සතදිට‍්ඨි

2-5. සක‍්කායවත්‍ථුකා සස‍්සතදිට‍්ඨි.

2-5. සත්කායවස්තුකශාශ්වතදෘෂ්ටිය

සක‍්කායවත්‍ථුකාය සස‍්සතදිට‍්ඨියා කතමෙහි පන‍්නරසහි ආකාරෙහි අභිනිවෙසො හොති:

සත්කායවස්තුකශාශ්වතදෘෂ්ටියෙහි කවර පසළොස් අයුරෙකින් අභිනිවේශය වෙයි යත්:

ඉධ අස‍්සුතවා පුථුජ‍්ජනො අරියානං අදස‍්සාවී අරියධම‍්මස‍්ස අකොවිදො අරියධම‍්මෙ අවිනීතො, සප‍්පුරිසානං අදස‍්සාවී සප‍්පුරිසධම‍්මස‍්ස අකොවිදො සප‍්පුරිසධම‍්මෙ අවිනීතො රූපවන‍්තං වා අත‍්තානං, අත‍්තනි වා රූපං, රූපස‍්මිං වා අත‍්තානං. වෙදනාවන‍්තං වා අත‍්තානං -පෙ- සඤ‍්ඤාවන‍්තං වා අත‍්තානං -පෙ- සඞ‍්ඛාරවන‍්තං වා අත‍්තානං -පෙ- විඤ‍්ඤාණවන‍්තං වා අත‍්තානං, අත‍්තනි වා විඤ‍්ඤාණං, විඤ‍්ඤාණස‍්මිං වා අත‍්තානං.

මෙලොවැ ආර්‍ය්‍යයන් නො දක්නාසුලු ආර්‍ය්‍යධර්‍මයෙහි අදක්‍ෂ වූ ආර්‍ය්‍යධර්‍මයෙහි අවිනීත වූ සත්පුරුෂයන් නො දක්නාසුලු සත්පුරුෂධර්‍මයෙහි අදක්‍ෂ වූ සත්පුරුෂධර්‍මයෙහි අවිනීත වූ අශ්‍රැතවත් පෘථග්ජන තෙම ආත්මය රූපවත් කොට හෝ රූපය ආත්මයෙහි ලා හෝ ආත්මය රූපයෙහි ලා හෝ ආත්මය වේදනාවත් කොට හෝ ... ආත්මය සංඥාවත් කොට හෝ ... ආත්මය සංස්කාරවත් කොට හෝ ... ආත්මය විඥානවත් කොට හෝ ... විඥානය ආත්මයෙහි ලා හෝ .. ආත්මය විඥානයෙහි ලා හෝ දකී.

කථං රූපවන‍්තං අත‍්තානං සමනුපස‍්සති: ඉධෙකච‍්චො වෙදනං සඤ‍්ඤං සඞ‍්ඛාරෙ විඤ‍්ඤාණං අත‍්තතො සමනුපස‍්සති, තස‍්ස එවං හොති: ‘අයං ඛො මෙ අත‍්තා, සො ඛො පන මෙ අයං අත‍්තා ඉමිනා රූපෙන රූපවා’ති රූපවන‍්තං අත‍්තානං සමනුපස‍්සති. සෙය්‍යථාපි රුක‍්ඛො ඡායාසම‍්පන‍්නො අස‍්ස, තමෙනපුරිසො එවං වදෙය්‍ය: ‘අයං රුක‍්ඛො, අයං ඡායා, අඤ‍්ඤො රුක‍්ඛො, අඤ‍්ඤා ඡායා. සො ඛො පනායං රුක‍්ඛො ඉමාය ඡායාය ඡායාවා’ති ඡායාවන‍්තං රුක‍්ඛං සමනුපස‍්සති, එවමෙව ඉධෙකච‍්චො වෙදනං -පෙ- අයං පඨමා සක‍්කායවත්‍ථුකා සස‍්සතදිට‍්ඨි සස‍්සතදිට‍්ඨි මිච‍්ඡාදිට‍්ඨි -පෙ- ඉමානි සඤ‍්ඤොජනානි න ච දිට‍්ඨියො. එවං රූපවන‍්තං අත‍්තානං සමනුපස‍්සති. -පෙ- සක‍්කායවත්‍ථුකාය සස‍්සතදිට‍්ඨියා ඉමෙහි පන‍්නරසහි ආකාරෙහි අභිනිවෙසො හොති.

කිසෙයින් ආත්මය රූපවත් කොට දකී ද යත්: මෙලොවැ ඇතැමෙක් වේදනාව සංඥාව සංස්කාරයන් විඥානය ආත්මවශයෙන් දකී. ඔහුට මෙබඳු සිතෙක් වෙයි ‘මේ වූකලි මාගේ ආත්ම යැ, වැළිත් මාගේ මේ ආත්මය තෙම මේ රූපයෙන් රූපවත් වේ’යයි ආත්මය රූපවත් කොට දකී. යම්සේ ඡායාසම්පන්න වෘක්‍ෂයෙක් වන්නේ ද, එය ගැන පුරුෂයෙක් මෙසේ කියන්නේ ද: ‘මේ වෘක්‍ෂ යැ, මේ ඡායා යැ, වෘක්‍ෂය අනෙකෙක, ඡායාව අනෙකෙකි. වැළිත් ඒ මේ වෘක්‍ෂය මේ ඡායායෙන් ඡායාවත් වේ’යයි (මෙසේ) වෘක්‍ෂය ඡායාවත් කොට දකී ද, එපරිද්දෙන් මැ මොලොව ඇතැමෙක් වේදනාව ... මේ පළමුවනු වූ සත්කායවස්තුක ශාශ්වතදෘෂ්ටි නම. ශාශ්වතදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි. මෙසෙයින් ආත්මය රූපවත් කොට දකී ... සත්කායවස්තුක ශාශ්වතදෘෂ්ටියෙහි මේ පසළොස් අයුරින් අභිනිවේශය වේ.