යෙදුමෙන් කියවන්න

2-6. සක‍්කායවත්‍ථුකා උච‍්ඡෙදදිට‍්ඨි

2-6. සක‍්කායවත්‍ථුකා උච‍්ඡෙදදිට‍්ඨි.

2-6. සත්කාය වස්තුක උච්ඡේද දෘෂ්ටිය

සක‍්කායවත්‍ථුකාය උච‍්ඡෙදදිට‍්ඨියා කතමෙහි පඤ‍්චහි ආකාරෙහි අභිනිවෙසො හොති.

කවර පස් අයුරෙකින් සත්කාය වස්තුක උච්ඡේද දෘෂ්ටියෙහි අභිනිවේශය වේ ද යත්:

ඉධ අස‍්සුතවා පුථුජ‍්ජනො අරියානං අදස‍්සාවී අරියධම‍්මස‍්ස අකොවිදො අරියධම‍්මෙ අවිනීතො, සප‍්පුරිසානං අදස‍්සාවී සප‍්පුරිසධම‍්මස‍්ස අකොවිදො සප‍්පුරිසධම‍්මෙ අවිනීතො රූප අත‍්තතො සමනුපස‍්සති, වෙදනං අත‍්තතො සමනුපස‍්සති, සඤ‍්ඤං අත‍්තතො සමනුපස‍්සති, සඞ‍්ඛාරෙ අත‍්තතො සමනුපස‍්සති, විඤ‍්ඤාණං අත‍්තතො සමනුපස‍්සති.

මෙ ලොවැ ආර්‍ය්‍යයන් නො දක්නාසුලු ආර්‍ය්‍යධර්‍මයෙහි අදක්‍ෂ වූ ආර්‍ය්‍යධර්‍මයෙහි අවිනීත වූ සත්පුරුෂයන් නො දක්නාසුලු සත්පුරුෂධර්‍මයෙහි අදක්‍ෂ වූ සත්පුරුෂ ධර්‍මයෙහි අවිනීත වූ අශ්‍රැතවත් වූ පෘථග්ජන තෙම රූපය ආත්මවශයෙන් දකී. වේදනාව ආත්මවශයෙන් දකී, සංඥාව ආත්මවශයෙන් දකී, සංස්කාරයන් ආත්මවශයෙන් දකී, විඥානය ආත්මවශයෙන් දකී.

කථං රූපං අත‍්තතො සමනුපස‍්සති: ඉධෙකච‍්චො පඨවීකසිණං -පෙ- ඔදාතකසිණං අත‍්තතො සමනුපස‍්සති: යං ඔදාතකසිණං සො අහං යො අහං තං ඔදාතකසිණ’න‍්ති ඔදාතකසිණඤ‍්ච අත‍්තඤ‍්ච අද‍්වයං සමනුපස‍්සති. සෙය්‍යථාපි තෙලප‍්පදීපස‍්ස ඣායතො -පෙ- අයං පඨමා සස‍්සතවත්‍ථුකා උච‍්ඡෙදදිට‍්ඨි, උච‍්ඡෙදදිට‍්ඨි මිච‍්ඡාදිට‍්ඨි -පෙ- ඉමානි සඤ‍්ඤොජනානි න ච දිට‍්ඨියො. එවං රූපං අත‍්තතො සමනුපස‍්සති -පෙ- සක‍්කායවත්‍ථුකාය උච‍්ඡෙදදිට‍්ඨියා ඉමෙහි පඤ‍්චහි ආකාරෙහි අභිනිවෙසො හොති.

කිසෙයින් රූපය ආත්මවශයෙන් දක්නේ ද යත්: මෙලොවැ ඇතැමෙක් පඨවිකසිණය ... ඕදාතකසිණය ආත්මවශයෙන් දකී. යමෙක් ඕදාතකසිණය වේ ද හේ මම් වෙමි, යමෙක් මම් වේ ද ඒ ඔදාතකසිණ වේ’ යයි ඕදාතකසිණයත් තමාත් එකක් මැ කොට දකී. යම්සේ දැල්වෙන තෙල් පහනක්හු ගේ ... මේ පළමුවනු වු සත්කාය වස්තුක උච්ඡේදදෘෂ්ටි නම. උච්ඡේදදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි. මෙසෙයින් රූපය ආත්මවශයෙන් දකී ... මේ පස් අයුරින් සත්කායවස්තුක උච්ඡේදදෘෂ්ටියෙහි අභිනිවේශය වේ.