යෙදුමෙන් කියවන්න

2-3. මිච‍්ඡාදිට‍්ඨි

2-3. මිච‍්ඡාදිට‍්ඨි

2-3. මිථ්‍යාදෘෂ්ටිය

මිච‍්ඡාදිට‍්ඨියා කතමෙහි දසහාකාරෙහි අභිනිවෙසො හොති:

මිථ්‍යාදෘෂ්ටියෙහි කවර දස අයුරෙකින් අභිනිවේශ වෙයි යත්:

‘නත්‍ථි දින‍්න’න‍්ති වත්‍ථු එවංවාදො මිච‍්ඡාභිනිවෙසපරාමාසො දිට‍්ඨි, දිට‍්ඨි න වත්‍ථු, වත්‍ථු න දිට‍්ඨි; අඤ‍්ඤා දිට‍්ඨි, අඤ‍්ඤං වත්‍ථු; යා ච දිට‍්ඨි යඤ‍්ච වත්‍ථු, අයං පඨමා මිච‍්ඡාවත්‍ථුකා මිච‍්ඡාදිට‍්ඨි. මිච‍්ඡාදිට‍්ඨි දිට‍්ඨිවිපත‍්ති -පෙ- ඉමානි සඤ‍්ඤොජනානි, න ච දිට‍්ඨියො.

‘දානයෙහි ඵල නැත’ යනු වස්තු යැ. මෙ බඳු වාද ඇති මිථ්‍යාභිනිවේශයාගේ පරාමර්‍ශය දෘෂ්ටි නම. දෘෂ්ටිය වස්තු නො වෙයි, වස්තුව දෘෂ්ටි නො වෙයි. දෘෂ්ටිය අනෙකක, වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියක් හා යම් වස්තුවක් හා වේ ද, මේ පළමුවනු වූ මිථ්‍යාවස්තුක මිථ්‍යාදෘෂ්ටි වේ. මිථ්‍යාදෘෂ්ටිය දෘෂ්ටිවිපත්ති යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි.

‘නත්‍ථි යිට‍්ඨ’න‍්ති වත්‍ථු -පෙ- ‘නත්‍ථි හුත’න‍්ති වත්‍ථු -පෙ- ‘නත්‍ථි සුකටදුක‍්කටානං කම‍්මානං ඵලං විපාකො’ති වත්‍ථු -පෙ- ‘නත්‍ථි අයං ලොකො’ති වත්‍ථු -පෙ- නත්‍ථි පරො ලොකො’ති වත්‍ථු -පෙ- ‘නත්‍ථි මාතා’ති වත්‍ථු -පෙ- ‘නත්‍ථි පිතා’ති වත්‍ථු -පෙ- ‘නත්‍ථි සත‍්තා ඔපපාතිකා’ති වත්‍ථු -පෙ- ‘නත්‍ථි ලොකෙ සමණබ්‍රාහ‍්මණා සම‍්මග‍්ගතා සම‍්මාපටිපන‍්නා යෙ ඉමඤ‍්ච ලොකං පරඤ‍්ච ලොකං සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා පටිවෙදෙන‍්තී’ති වත්‍ථු, එවංවාදො මිච‍්ඡාභිනිවෙසපරාමාසො දිට‍්ඨි, දිට‍්ඨි න වත්‍ථු, වත්‍ථු න දිට‍්ඨි; අඤ‍්ඤා දිට‍්ඨි, අඤ‍්ඤං වත්‍ථු; යා ච දිට‍්ඨි යඤ‍්ච වත්‍ථු, අයං දසමා මිච‍්ඡාවත්‍ථුකා මිච‍්ඡාදිට‍්ඨි. මිච‍්ඡාදිට‍්ඨි දිට‍්ඨිවිපත‍්ති -පෙ- මිච‍්ඡාදිට‍්ඨිකස‍්ස පුරිසපුග‍්ගලස‍්ස ද‍්වෙව ගතියො -පෙ- ඉමානි සඤ‍්ඤොජනානි න ච දිට‍්ඨියො. මිච‍්ඡාදිට‍්ඨියා ඉමෙහි දසහාකාරෙහි අභිනිවෙසො හොති.

‘යාගයෙහි ඵල නැත’ යනු වස්තු යැ. ... ‘මහායාගයෙහි ඵල නැත’ යනු වස්තු යැ ... ‘සුකෘතදුෂ්කෘතකර්‍මයන්ගේ ඵල විපාක නැත’ යනු වස්තු යැ ... (පෙර කළ කර්‍මයෙන්) ‘මෙලොව නැත’ යනු වස්තු යැ ... (මෙහි කළ කර්‍මයෙන්) ‘පරලොව නැත’ යනු වස්තු යැ ... ‘මවු නැත’ යනු වස්තු යැ ... ‘පියා නැත’ යනු වස්තු යැ ... ‘ඕපපාතිකසත්ත්‍වයෝ නැත’ යනු වස්තු යැ ... ‘යම් කෙනෙක් මෙලොවත් පරලොවත් තුමූ අභිඥායෙන් ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කෙරෙත් නම් එ බඳු සම්‍යග්ගත සම්‍යක්ප්‍රතිපන්න ශ්‍රමණබ්‍රාහ්මණයෝ ලොවැ නැත’ යනු වස්තු යැ මෙ බඳු වාද ඇති මිථ්‍යාභිනිවේශයාගේ පරාමර්‍ශය දෘෂ්ටි නමි. දෘෂ්ටිය වස්තු නො වෙයි, වස්තුව දෘෂ්ටි නො වෙයි, දෘෂ්ටිය අනෙකක, වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියක් හා යම් වස්තුවක් හා වේ ද, මේ දසවනු වූ මිථ්‍යාවස්තුක මිථ්‍යාදෘෂ්ටි වේ. මිථ්‍යාදෘෂ්ටි දෘෂ්ටිවිපත්ති යැ ... මිථ්‍යාදෘෂ්ටි ඇති පුරුෂ පුද්ගලහට ගති දෙකෙක් මැ වෙයි ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි. මිථ්‍යාදෘෂ්ටියෙහි මේ දසඅයුරින් අභිනිවේශය වේ.