2-14. ලොකවාදපටිසංයුත‍්තා දිට‍්ඨි
2-14. ලොකවාදපටිසංයුත‍්තා දිට‍්ඨි
2-14. ලෝකවාදප්‍රතිසංයුක්තදෘෂ්ටිය
ලොකවාදපටිසංයුත‍්තාය දිට‍්ඨියා කතමෙහි අට‍්ඨහි ආකාරෙහි අභිනිවෙසො හොති.
ලෝකවාදප්‍රතිසංයුක්තදෘෂ්ටියෙහි කවර අටඅයුරෙකින් අභිනිවේශය වෙයි යත්:
‘සස‍්සතො අත‍්තා ච ලොකො චා’ති අභිනිවෙසපරාමාසො ලොකවාදපටිසංයුත‍්තා දිට‍්ඨි, දිට‍්ඨි න වත්‍ථු, වත්‍ථු න දිට‍්ඨි, අඤ‍්ඤා දිට‍්ඨි, අඤ‍්ඤං වත්‍ථු, යා ච දිට‍්ඨි, යඤ‍්ච වත්‍ථු. අයං පඨමා ලොකවාදපටිසංයුත‍්තා දිට‍්ඨි. ලොකවාදපටිසංයුත‍්තා දිට‍්ඨි මිච‍්ඡාදිට‍්ඨි -පෙ- ඉමානි සඤ‍්ඤොජනානි න ච දිට‍්ඨියො.
“ආත්මයත් ලෝකයත් ශාශ්වත යැ”යි අභිනිවේශපරාමර්‍ශය ලෝකවාදප්‍රතිසංයුක්තදෘෂ්ටි යැ. දෘෂ්ටිය වස්තු නො වෙයි, වස්තුව දෘෂ්ටි නො වෙයි. දෘෂ්ටිය අනෙකක, වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියකුත් යම් වස්තුවකුත් වේ ද, මේ පළමුවනු වූ ලෝකවාදප්‍රතිසංයුක්තදෘෂ්ටි වේ. ලෝකවාදප්‍රතිසංයුක්තදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි.
‘අසස‍්සතො අත‍්තා ච ලොකො චා’ති -පෙ- ‘සස‍්සතො ච අසස‍්සතො ච අත‍්තා ච ලොකො චා’ති -පෙ- ‘නෙව සස‍්සතො නාසස‍්සතො අත‍්තා ච ලොකො චා’ති -පෙ- ‘අන‍්තවා අත‍්තා ච ලොකො චා’ති -පෙ- ‘අනන‍්තවා අත‍්තා ච ලොකො චා’ති -පෙ- ‘අන‍්තවා ච අනන‍්තවා ච අත‍්තා ච ලොකො චා’ති -පෙ- ‘නෙව අන‍්තවා න අනන‍්තවා අත‍්තා ච ලොකො චා’ති අභිනිවෙසපරාමාසො ලොකවාදපටිසංයුත‍්තා දිට‍්ඨි, දිට‍්ඨි න වත්‍ථු, වත්‍ථු න දිට‍්ඨි, අඤ‍්ඤා දිට‍්ඨි, අඤ‍්ඤං වත්‍ථු. යා ච දිට‍්ඨි යඤ‍්ච වත්‍ථු, අයං අට‍්ඨමී ලොකවාදපටිසංයුත‍්තා දිට‍්ඨි, ලොකවාදපටිසංයුත‍්තා දිට‍්ඨි මිච‍්ඡාදිට‍්ඨි -පෙ- ඉමානි සඤ‍්ඤොජනානි න ච දිට‍්ඨියො.
“ආත්මයත් ලෝකයත් අශාශ්වත යැ”යි ... “ආත්මයත් ලෝකයත් ශාශ්වත ද අශාශ්වත ද වේ” යයි … “ආත්මයත් ලෝකයත් නො මැ ශාශ්වත වූයේ අශාශ්වත නො වේ” යයි ... “ආත්මයත් ලෝකයත් අන්ත ඇත්තේ යැ” යි ... “ආත්මයත් ලෝකයත් අන්ත නැත්තේ යැ” යි ... “ආත්මයත් ලෝකයත් අන්ත ඇත්තේ ද අන්ත නැත්තේ ද වේ” යයි ... ආත්මයත් ලෝකයත් නො මැ අන්ත ඇත්තේ අන්ත නැත්තේ නො වේ” යයි අභිනිවේශපරාමර්‍ශය ලෝකවාදප්‍රතිසංයුක්තදෘෂ්ටිය යැ. දෘෂ්ටිය වස්තු නො වෙයි, වස්තුව දෘෂ්ටි නො වෙයි. දෘෂ්ටිය අනෙකක, වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියකුත් යම් වස්තුවකුත් වේ ද මේ අටවනු වූ ලෝකවාදප්‍රතිසංයුක්ත දෘෂ්ටි වේ. ලෝකවාදප්‍රතිසංයුක්තදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි.
ලොකවාද පටිසංයුත‍්තාය දිට‍්ඨියා ඉමෙහි අට‍්ඨිහි ආකාරෙහි අභිනිවෙසො හොති.
ලෝකවාදප්‍රතිසංයුක්තදෘෂ්ටියෙහි මේ අටඅයුරින් අභිනිවේශය වේ.