යෙදුමෙන් කියවන්න

2-15, 2-16. භවදිට‍්ඨි - විභවදිට‍්ඨියො

2-15, 2-16. භවදිට‍්ඨි - විභවදිට‍්ඨියො.

2-15, 2-16. භව - විභව දෘෂ්ටි

ඔලීයනාභිනිවෙසො භවදිට‍්ඨි, අතිධාවනාභිනිවෙසො විභවදිට‍්ඨි, අස‍්සාදදිට‍්ඨියා පඤ‍්චතිංසාය අකාරෙහි අභිනිවෙසො කති භවදිට‍්ඨියො, කති විභවදිට‍්ඨියො: අත‍්තානුදිට‍්ඨියා වීසතියා ආකාරෙහි අභිනිවෙසො කති භවදිට‍්ඨියො, කති විභවදිට‍්ඨියො -පෙ- ලොකවාදපටිසංයුත‍්තාය දිට‍්ඨියා අට‍්ඨහි ආකාරෙහි අභිනිවෙසො කති භවදිට‍්ඨියො, කති විභවදිට‍්ඨියො:

(ශාශ්වතසංඥා හෙයින් නිර්‍වාණයෙන් සිත) හැකිළීමෙහි අභිනිවේශය භවදෘෂ්ටි නම. (උච්ඡේදසංඥා හෙයින් නිරොධගාමිනීප්‍රතිපදායෙහි) අතිධාවනයෙහි අභිනිවේශය විභවදෘෂ්ටි නමි. ආස්වාදදෘෂ්ටියෙහි පන්තිස් අයුරෙකින් අභිනිවේශය වෙයි. (එහි) භවදෘෂ්ටීහු කෙතෙක් ද, විභවදෘෂ්ටීහු කෙතෙක් ද, ආත්මානුදෘෂ්ටියෙහි විසිඅයුරෙකින් අභිනිවේශය වෙයි. (එහි) භවදෘෂ්ටීහු කෙතෙක් ද, විභවදෘෂ්ටීහු කෙතෙක් ද, ලෝකවාදප්‍රතිසංයුක්තදෘෂ්ටියෙහි අටඅයුරෙකින් අභිනිවේශය වෙයි. (එහි) භවදෘෂ්ටීහු කෙතෙක් ද, විභව දෘෂ්ටීහු කෙතෙක් ද යත්:

අස‍්සාදදිට‍්ඨියා පඤ‍්චතිංසාය ආකාරෙහි අභිනිවෙසො සියා භවදිට‍්ඨියො, සියා විභවදිට‍්ඨියො. අත‍්තානුදිට‍්ඨියා වීසතියා ආකාරෙහි අභිනිවෙසො පන‍්නරස භවදිට‍්ඨියො, පඤ‍්ච විභවදිට‍්ඨියො, මිච‍්ඡාදිට‍්ඨියා දසහි ආකාරෙහි අභිනිවෙසො සබ‍්බාව තා විභවදිට‍්ඨියො. සක‍්කායදිට‍්ඨියා වීසතියා ආකාරෙහි අභිනිවෙසො පන‍්නරස භවදිට‍්ඨියො, පඤ‍්ච විභවදිට‍්ඨියො. සක‍්කායවත්‍ථුකාය සස‍්සතදිට‍්ඨියා පන‍්නරසහි ආකාරෙහි අභිනිවෙසො සබ‍්බාව තා භවදිට‍්ඨියො. සක‍්කායවත්‍ථුකාය උච‍්ඡෙදදිට‍්ඨියා පඤ‍්චහාකාරෙහි අභිනිවෙසො, සබ‍්බාව තා විභදිට‍්ඨියො.

ආස්වාදදෘෂ්ටියෙහි පන්තිස් අයුරින් අභිනිවේශය භවදෘෂ්ටීහු ද වන්නාහ. විභවදෘෂ්ටීහු ද වන්නාහ. ආත්මානුදෘෂ්ටියෙහි විසිඅයුරෙකින් අභිනිවේශය වෙයි. (එහි) භවදෘෂ්ටි පසළොසෙක, විභවදෘෂ්ටි පසෙකි. මිථ්‍යාදෘෂ්ටියෙහි දසඅයුරෙකින් අභිනිවේශය වෙයි. එ හැම විභවදෘෂ්ටීහු වෙති සත්කායදෘෂ්ටියෙහි විසිඅයුරෙකින් අභිනිවේශය වෙයි. (එහි) භවදෘෂ්ටි පසළොසෙක, විභවදෘෂ්ටි පසෙකි. සත්කායවස්තුකශාශ්වතදෘෂ්ටියෙහි පසළොස්අයුරෙකින් අභිනිවේශය වෙයි. එ හැම භවදෘෂ්ටි වෙයි. සත්කායවස්තුකඋච්ඡේදදෘෂ්ටියෙහි පස්අයුරෙකින් අභිනිවේශය වෙයි. එහැම විභවදෘෂ්ටීහු වෙති.

සස‍්සතො ලොකො’ති අන‍්තග‍්ගාහිකාය දිට‍්ඨියා පඤ‍්චහාකාරෙහි අභිනිවෙසො, සබ‍්බාව තා භවදිට‍්ඨියො. ‘අසස‍්සතො ලොකො’ති අන‍්තග‍්ගාහිකාය දිට‍්ඨියා පඤ‍්චහාකාරෙහි අභිනිවෙසො, සබ‍්බාව තා විභවදිට‍්ඨියො. ‘අන‍්තවා ලොකො’ති අන‍්තග‍්ගාහිකාය දිට‍්ඨියා පඤ‍්චහාකාරෙහි අභිනිවෙසො සියා භවදිට‍්ඨියො, සියා විභවදිට‍්ඨියො. ‘අන‍්තවා ලොකො’ති අන‍්තග‍්ගාහිකාය දිට‍්ඨියා පඤ‍්චහාකාරෙහි අභිනිවෙසො. සියා භවදිට‍්ඨියො, සියා විභවදිට‍්ඨියො. තං ජීවං තං සරීර’න‍්ති අන‍්තග‍්ගාහිකාය දිට‍්ඨියා පඤ‍්චහාකාරෙහි අභිනිවෙසො, සබ‍්බාව තා විභවදිට‍්ඨියො. ‘අඤ‍්ඤං ජීවං අඤ‍්ඤං සරීර’න‍්ති අන‍්තග‍්ගාහිකාය දිට‍්ඨියා පඤ‍්චහාකාරෙහි අභිනිවෙසො, සබ‍්බාව තා භවදිට‍්ඨියො. ‘හොති තථාගතො පරං මරණා’ති අන‍්තග‍්ගාහිකාය දිට‍්ඨියා පඤ‍්චහාකාරෙහි අභිනිවෙසො, සබ‍්බාව තා භවදිට‍්ඨියො. ‘න හොති තථාගතො පරං මරණා’ති අන‍්තග‍්ගාහිකාය දිට‍්ඨියා පඤ‍්චාහාකාරෙහි අභිනිවෙසො සබ‍්බාව තා විභවදිට‍්ඨියො. ‘හොති ච න ච හොති තථාගතො පරං මරණා’ති අන‍්තග‍්ගාහිකාය දිට‍්ඨියා පඤ‍්චහාකාරෙහි අභිනිවෙසො, සියා භවදිට‍්ඨියො, සියා විභවදිට‍්ඨියො. ‘නෙව හොති න න හොති තථාගතො පරං මරණා’ති අන‍්තග‍්ගාහිකාය දිට‍්ඨියා පඤ‍්චහාකාරෙහි අභිනිවෙසො, සියා භවදිට‍්ඨියො, සියා විභවදිට‍්ඨියො.

“ලෝකය ශාශ්වත යැ” යන අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි පස්අයුරෙකින් අභිනිවේශය වෙයි. එහැම භවදෘෂ්ටීහු යැ. “ලෝකය අශාශ්වත යැ” යන අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි පස්අයුරෙකින් අභිනිවේශය වෙයි. එහැම විභව දෘෂ්ටීහු යැ. “ලෝකය අන්ත ඇත්තේ යැ” යන අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි පස්අයුරින් අභිනිවේශය භවදෘෂ්ටි හු ද වන්නාහ. විභවදෘෂ්ටීහු ද වන්නාහ. “ලෝකය අන්ත නැත්තේ යැ” යන අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි පස්අයුරින් අභිනිවේශය භවදෘෂ්ටීහු ද වන්නාහ. විභවදෘෂ්ටීහු ද වන්නාහ. “හෙ මැ ජීව යැ හෙ මැ ශරීර යැ” යන අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි පස්අයුරෙකින් අභිනිවේශය වෙයි. එහැම විභවදෘෂ්ටීහු යැ. “ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකි” යන අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි පස්අයුරෙකින් අභිනිවේශය වෙයි. එහැම භවදෘෂ්ටීහු යැ. “සත්ත්‍ව තෙම මරණින් මත්තෙහි විද්‍යාමාන වෙයි” යන අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි පස්අයුරෙකින් අභිනිවේශය වෙයි. එහැම භවදෘෂ්ටීහු යැ. “සත්ත්‍ව තෙම මරණින් මත්තෙහි විද්‍යාමාන නො වෙයි” යන අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි පස්අයුරෙකින් අභිනිවේශය වෙයි. එහැම විභවදෘෂ්ටීහු යැ. “‘සත්ත්‍ව තෙම මරණින් මත්තෙහි වන්නේත් නො වන්නේත් වෙයි” යන අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි පස් අයුරින් අභිනිවේශය භවදෘෂ්ටීහු ද වන්නාහ. විභවදෘෂ්ටීහු ද වන්නාහ. “සත්ත්‍ව තෙම මරණින් මත්තෙහි නො මැ වෙයි නො ද නො වෙයි” යන අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි පස්අයුරින් අභිනිවේශය භවදෘෂ්ටීහු ද වන්නාහ. විභවදෘෂ්ටීහු ද වන්නාහු යැ.

පුබ‍්බන‍්තානුදිට‍්ඨියා අට‍්ඨාරසහි ආකාරෙහි අභිනිවෙසො, සියා භවදිට‍්ඨියො, සියා විභවදිට‍්ඨියො. අපරන‍්තානුදිට‍්ඨියා චතුචත‍්තාලීසාය ආකාරෙහි අභිනිවෙසො, සියා භවදිට‍්ඨියො, සියා විභවදිට‍්ඨියො. සඤ‍්ඤොජනිකාය දිට‍්ඨියා අට‍්ඨාරසහි ආකාරෙහි අභිනිවෙසො, සියා භවදිට‍්ඨියො, සියා විභවදිට‍්ඨියො. ‘අහ’න‍්ති මානවිනිබන්‍ධාය දිට‍්ඨියා අට‍්ඨාරසහි ආකාරෙහි අභිනිවෙසො, සබ‍්බාව තා විභවදිට‍්ඨියො. ‘මම’න‍්ති මානවිනිබන්‍ධාය දිට‍්ඨියා අට‍්ඨාරසහි ආකාරෙහි අභිනිවෙසො. සබ‍්බාව තා භවදිට‍්ඨියො. අත‍්තවාදපටිසංයුත‍්තාය දිට‍්ඨියා වීසතියා ආකාරෙහි අභිනිවෙසො, පන‍්නරස භවදිට‍්ඨියො, පඤ‍්ච විභවදිට‍්ඨියො. ලොකවාදපටිසංයුත‍්තාය දිට‍්ඨියා අට‍්ඨහි ආකාරෙහි අභිනිවෙසො සියා භවදිට‍්ඨියො, සියා විභවදිට‍්ඨියො.

පූර්‍වාන්තානුදෘෂ්ටියෙහි අටළොස් අයුරින් අභිනිවේශය භවදෘෂ්ටිහු ද වන්නාහ. විභවදෘෂ්ටිහු ද වන්නාහ. අපරාන්තානුදෘෂ්ටියෙහි සියුසාලිස් අයුරින් අභිනිවේශය භවදෘෂ්ටිහු ද වන්නාහ. විභවදෘෂ්ටිහු ද වන්නාහ. සංයෝජනිකදෘෂ්ටියෙහි අටළොස් අයුරින් අභිනිවේශය භවදෘෂ්ටිහු ද වන්නාහ. විභවදෘෂ්ටිහු ද වන්නාහ. “මම” යි මානයෙන් බැඳුණු දෘෂ්ටියෙහි අටළොස් අයුරින් අභිනිවේශය වෙයි. එ හැම විභවදෘෂ්ටිහු යැ. “මාගේ යැ”යි මානයෙන් බැඳුණු දෘෂ්ටියෙහි අටළොස් අයුරෙකින් අභිනිවේශය වෙයි. එ හැම භවදෘෂ්ටිහු යැ ආත්මවාද ප්‍රතිසංයුක්තදෘෂ්ටියෙහි විසිඅයුරෙකින් අභිනිවේශය වෙයි. (එහි) භවදෘෂ්ටි පසළොසෙක. විභවදෘෂ්ටි පසෙකි. ලෝකවාදප්‍රතිසංයුක්තදෘෂ්ටියෙහි අට අයුරින් අභිනිවේශය භවදෘෂ්ටිහු ද වන්නාහ. විභවදෘෂ්ටීහු ද වන්නාහු ය.

සබ‍්බාව තා දිට‍්ඨියො අස‍්සාදදිට‍්ඨියො. සබ‍්බාව තා දිට‍්ඨියො අත‍්තානු දිට‍්ඨියො. සබ‍්බාව තා දිට‍්ඨියො මිච‍්ඡාදිට‍්ඨියො. සබ‍්බාව තා දිට‍්ඨියො සක‍්කායදිට‍්ඨියො. සබ‍්බාව තා දිට‍්ඨියො අන‍්තග‍්ගාහිකා දිට‍්ඨියො. සබ‍්බාව තා දිට‍්ඨියො සඤ‍්ඤොජනිකා දිට‍්ඨියො. සබ‍්බාව තා දිට‍්ඨියො අත‍්තවාදපටිසංයුත‍්තා දිට‍්ඨියො.

එහැම දෘෂ්ටිහු ආස්වාද දෘෂ්ටි වෙති. එහැම දෘෂ්ටීහු ආත්මානුදෘෂ්ටි වෙති. එහැම දෘෂ්ටීහු මිථ්‍යාදෘෂ්ටි වෙති. එහැම දෘෂ්ටීහු සත්කායදෘෂ්ටි වෙති. එහැම දෘෂ්ටීහු අන්තග්‍රාහිකදෘෂ්ටි වෙති. එහැම දෘෂ්ටීහු සංයොජනික දෘෂ්ටි වෙති. එහැම දෘෂ්ටීහු ආත්මවාදප්‍රතිසංයුක්ත දෘෂ්ටි වෙත්.

“භවඤ‍්ච දිට‍්ඨිං විභවඤ‍්ච දිට‍්ඨිං එතං ද‍්වයං තක‍්කිකා නිස‍්සිතා සෙ තෙසං නිරොධම‍්හි න හත්‍ථි ඤාණං යත්‍ථායං ලොකො විපරීතසඤ‍්ඤී”ති.

“තාර්කිකයෝ තුමූ භවදෘෂ්ටිය ද, විභවදෘෂ්ටිය ද යන මෙ දෙක ඇසුරු කළාහු වෙති. යම් කරුණෙකින් මේ ලෝවැසි තෙම යම් නිරෝධ සුඛයෙක්හි විපරීතසංඥා ඇත්තේ ද, ඔවුනට ඒ නිරෝධයෙහි ඥානයෙක් නැද්ද එහෙයිනි.”

“ද‍්වීහි භික‍්ඛවෙ දිට‍්ඨිගතෙහි පරියුට‍්ඨිතා දෙවමනුස‍්සා ඔලීයන‍්ති එකෙ, අතිධාවන‍්ති එකෙ, චක‍්ඛුමන‍්තො ච පස‍්සන‍්ති.

“මහණෙනි, ද්විවිධ දෘෂ්ටිගතයන් විසින් සමුදාචාරයට පත් දෙවිමිනිස්සු ඇතැම් කෙනෙක් ඔලීයන (ශාශ්වත සංඥා හෙයින් නිර්‍වාණයෙන් හැකිළීම) කෙරෙති. ඇතැම් කෙනෙක් (උච්ඡේද හෙයින් නිරොධගාමිනීප්‍රතිපදායෙහි) අතිධාවන කෙරෙත්. නුවණැස් ඇත්තාහු මැ දකිත්.

කථඤ‍්ච භික‍්ඛවෙ, ඔලීයන‍්ති එකෙ: භවාරාමා භික‍්ඛවෙ, දෙවමනුස‍්සා භවරතා භවසම‍්මුදිතා, තෙසං භවනිරොධාය ධම‍්මෙ දෙසියමානෙ චිත‍්තං න පක‍්ඛන්‍දති නප‍්පසීදති න සන‍්තිට‍්ඨති නාධිමුච‍්චති. එවං ඛො භික‍්ඛවෙ ඔලීයන‍්ති එකෙ.

මහණෙනි, කිසෙයින් ඇතැම් කෙනෙක් ඔලීයන කෙරෙති යත් මහණෙනි, දෙවිමිනිස්සු භවය අභිරමණස්ථානය කොට ඇත්තාහු යැ. භවයෙහි ඇලුණාහු යැ, භවයෙන් සතුටු වූවාහු යැ. භවනිරෝධය පිණිස දහම් දෙසනු ලබන කල්හි ඔවුන්ගේ සිත (ධර්‍මදේශනාවට හෝ භව නිරෝධයට) නො පිවිසෙයි. නො පහදී. නො පිහිටයි. අධිමුක්ත නො වේ. මහණෙනි, මෙසෙයින් ඇතැම් කෙනෙක් ඔලීයන කෙරෙත්.

කථඤ‍්ච භික‍්ඛවෙ, අතිධාවන‍්ති එකෙ: භවෙනෙව ඛො පනෙකෙ අට‍්ටීයමානා. හරායමානා ජිගුච‍්ඡමානා විභවං අභිනන්‍දන‍්ති: ‘යතො කිර භො අයං අත‍්තා කායස‍්ස භෙදා උච‍්ඡිජ‍්ජති විනස‍්සති න හොති පරං මරණා, එතං සන‍්තං එතං පණීතං එතං යාථාවන‍්ති එවං ඛො භික‍්ඛවෙ අතිධාවන‍්ති එකෙ.

මහණෙනි, කිසෙයින් ඇතැම් කෙනෙක් අතිධාවන කෙරෙති යත්: තවද අතැම් කෙනෙක් භවයෙන් මැ පෙළෙනු ලබන්නාහු ලජ්ජාවට පැමිණෙන්නාහු ජුගුප්සාවට පැමිණෙන්නාහු උච්ඡේදයට සතුටු වෙත්. භවත්නි, යම් තැනක පටන් මේ ආත්මය කාබුන් මරණින් මත්තෙහි සිඳේ ද වැනැසේ ද මරණින් මත්තෙහි විද්‍යාමාන නො වේ ද තෙල (සිඳීම) ශාන්ත යැ තෙල ප්‍රණීත යැ තෙල යථාස්වාභාවය ල’යි. මහණෙනි, මෙසෙයින් ඇතැම් කෙනෙක් අතිධාවන කෙරෙත්.

කථඤ‍්ච භික‍්ඛවෙ චක‍්ඛුමන‍්තො ච පස‍්සන‍්ති: ඉධ භික‍්ඛවෙ භික‍්ඛූ භූතං භූතතො පස‍්සති, භූතං භූතතො දිස‍්වා භූතස‍්ස නිබ‍්බිදාය විරාගාය නිරොධාය පටිපන‍්නො හොති. එවං ඛො භික‍්ඛවෙ චක‍්ඛුමන‍්තො ච පස‍්සන‍්ති.

මහණෙනි, කිසෙයින් ඇස් අත්තාහු මැ දකිති යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ තෙම භූතය (හේතුයෙන් උපන් ස්කන්‍ධපඤ්චක සඞ්ඛ්‍යාත දුඃඛය) භූත (දුඃඛ) වශයෙන් දකී. භූතය භූතවශයෙන් දැක භූතයාගේ නිර්වේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වේ. මහණෙනි, මෙසෙයින් ඇස් ඇත්තාහු මැ දකිත්.

‘යො භූතං භූතතො දිස‍්වා භූතස‍්ස ච අතික‍්කමං, යථාභූතෙ’ධිමුච‍්චති භවතණ‍්හා පරික‍්ඛයා’ (1)

“යමෙක් භූතය භූතවශයෙන් දැක භූතයාගේ ඉක්මවීම (නිරෝධය) ද දැක භවතෘෂ්ණාවගේ ක්‍ෂය කිරීමෙන් යථාස්වභාව වූ නිරෝධයෙහි අධිමුක්ත වේ ද, (1)

ස චෙ භූත පරිඤ‍්ඤාතො වීතතණ‍්හො භවාභවෙ භූතස‍්ස විභවා භික‍්ඛු නාගච‍්ඡති පුනබ‍්භව”න‍්ති (2)

ඒ අර්‍හත් තෙමේ ඒකාන්තයෙන් භූත සඞ්ඛ්‍යාත දුඃඛය පිරිසිඳ දත්තේ කුදුමහත් භවයෙහි පහවූ තෘෂ්ණා ඇත්තේ භූත සඞ්ඛ්‍යාත වර්‍තත දුඃඛයාගේ සිඳීමෙන් පුනර්‍භවයට නො පැමිණේ’ යයි. (2)

තයො පුග‍්ගලා විපන‍්නදිට‍්ඨි, තයො පුග‍්ගලා සම‍්පන‍්නදිට‍්ඨි.

පුද්ගලයෝ තිදෙනෙක් විරූපභාවයට ගිය දෘෂ්ටි ඇත්තාහු යැ පුද්ගලයෝ තිදෙනෙක් සුන්‍දරභාවයට ගිය දෘෂ්ටි ඇත්තාහු යැ.

කතමෙ තයො පුග‍්ගලා විපන‍්නදිට‍්ඨි. තිත්‍ථියො ච තිත්‍ථියසාවකො ච යො ච මිච‍්ඡාදිට‍්ඨිකො. ඉමෙ තයො පුග‍්ගලා විපන‍්නදිට‍්ඨි.

කවර පුද්ගලයෝ තිදෙනෙක් විරූපභාවයට ගිය දෘෂ්ටි ඇත්තාහු ද යත්: තීර්‍ත්‍ථක යැ තීර්‍ත්‍ථකශ්‍රාවක යැ යමෙකුත් මිථ්‍යාදෘෂ්ටි ඇත්තේ නම් හේ යැ. මොහු විරූපභාවයට ගිය දෘෂ්ටි ඇති තුන් පුඟුලෝ යි.

කතමෙ තයො පුග‍්ගලා සම‍්පන‍්නදිට‍්ඨි. තථාගතො ච තථාගතසාවකො ච යො ච සම‍්මාදිට‍්ඨිකො, ඉමෙ තයො පුග‍්ගලා සම‍්පන‍්නදිට‍්ඨි.

කවර පුද්ගලයෝ තිදෙනෙක් සුන්‍දරභාවයට ගිය දෘෂ්ටි ඇත්තාහු ද යත්: තථාගත යැ තථාගතශ්‍රාවක යැ යමෙකුත් සම්‍යග්දෘෂ්ටි ඇත්තේ නම් හේ යැ. මොහු සුන්‍දරභාවයට ගිය දෘෂ්ටි ඇති තුන් පුඟුලෝ යි.

‘කොධනො උපනාහී ච පාපමක‍්ඛී ච යො නරො, විපන‍්නදිට‍්ඨි මායාවී තං ජඤ‍්ඤා වසලො ඉති, (1)

යම් මිනිසෙක් කිපෙනසුලු ද බද්ධවෛර ඇත්තේ ද ලාමක වූ මකුගුණ ඇත්තේ ද විරූපභාවයට ගිය දෘෂ්ටි ඇත්තේ ද කළ වරද වසනසුලු ද ඔහු ‘වසල’ යයි දන්නේ යැ. (1)

අක‍්කොධනො අනුපනාහී විසුද‍්ධො සුද‍්ධතං ගතො, සම‍්පන‍්නදිට‍්ඨි මෙධාවී තං ජඤ‍්ඤා අරියො ඉතී’ති, (2)

(යමෙක්) නො කිපෙනසුලු ද බද්ධවෛර නැත්තේ ද (ඥානදර්‍ශනවිශුද්ධියෙන්) විශුද්ධ වූයේ ද, (මාර්‍ගඵල සඞ්ඛ්‍යාත) ශුද්ධභාවයට ගියේ ද සුන්‍දරභාවයට ගිය දෘෂ්ටි ඇත්තේ ද ප්‍රඥා ඇත්තේ ද ඔහු ‘ආර්‍ය්‍ය’ යයි දන්නේ ය’යි. (2)

තිස‍්සො විපන‍්නදිට‍්ඨියො, තිස‍්සො සම‍්පන‍්නදිට‍්ඨියො.

විපන්නදෘෂ්ටීහු තිදෙනෙක, සම්පන්නදෘෂ්ටීහු තිදෙනෙකි.

කතමා තිස‍්සො විපන‍්නදිට‍්ඨියො: ‘එතං මමා’ති විපන‍්නදිට‍්ඨි ‘එසො’හමස‍්මීති විපන‍්නදිට‍්ඨි, ‘එසො මෙ අත‍්තා’ති විපන‍්නදිට‍්ඨි, ඉමා තිස‍්සො විපන‍්නදිට‍්ඨියො.

තුන් විපන්නදෘෂ්ටීහු කවරහ යත්: ‘තෙල මාගේ යැ’ යනු විපන්නදෘෂ්ටි යැ “තෙල මම වෙමි” යනු විපන්නදෘෂ්ටි යැ “තෙල මාගේ ආත්ම යැ” යනු විපන්නදෘෂ්ටි යි. මොහු තුන් විපන්නදෘෂ්ටීහු වෙත්.

කතමා තිස‍්සො සම‍්පන‍්නදිට‍්ඨියො. ‘නෙතං මමා’ති සම‍්පන‍්නදිට‍්ඨි, ‘නෙසො හමස‍්මී’ති සම‍්පන‍්නදිට‍්ඨි, ‘න මෙසො අත‍්තා’ති සම‍්පන‍්නදිට‍්ඨි, ඉමා තිස‍්සො සම‍්පන‍්නදිට‍්ඨියො.

තුන් සම්පන්නදෘෂ්ටීහු කවරහ යත්: “තෙල මාගේ නො වෙයි” යනු සම්පන්නදෘෂ්ටි යැ, “තෙල මම නො වෙමි” යනු සම්පන්නදෘෂ්ටි යැ. “තෙල මාගේ ආත්මය නො වෙයි” යනු සම්පන්නදෘෂ්ටි යි. මොහු තුන් සම්පන්නදෘෂ්ටීහු වෙත්.

‘එතං මමා’ති කා දිට‍්ඨි. කති දිට‍්ඨියො: කතමන‍්තානුග‍්ගහිතා තා දිට‍්ඨියො. ‘එසො හමස‍්මී’ති කා දිට‍්ඨි. කති දිට‍්ඨියො. කතමන‍්තානුග‍්ගහිතා තා දිට‍්ඨියො. ‘එසො මෙ අත‍්තා’ති කා දිට‍්ඨි. කති දිට‍්ඨියො. කතමන‍්තානුග‍්ගහිතා තා දිට‍්ඨියො.

“තෙල මාගේ යැ” යනු කවර දෘෂ්ටි ද, දෘෂ්ටීහු කෙතෙක් ද, ඒ දෘෂ්ටීහු කවර අන්තයෙකින් අනුගෘහීත වූවාහු ද, “තෙල මම වෙමි” යනු කවර දෘෂ්ටි ද, දෘෂ්ටීහු කෙතෙක් ද, ඒ දෘෂ්ටීහු කවර අන්තයෙකින් අනුගෘහීත වූවාහු ද, “තෙල මාගේ ආත්ම යැ” යනු කවර දෘෂ්ටි ද, දෘෂ්ටීහු කෙතෙක් ද, ඒ දෘෂ්ටීහු කවර අන්තයෙකින් අනුගෘහීත වූවාහු ද යත්:

‘එතං මමා’ති පුබ‍්බන‍්තානුදිට‍්ඨි, අට‍්ඨාරස දිට‍්ඨියො, පුබ‍්බන‍්තානුග‍්ගහිතා තා දිට‍්ඨියො, ‘එසො හමස‍්මී’ති අපරන‍්තානුදිට‍්ඨි, චතුචත‍්තාළීසං දිට‍්ඨියො, අපරාන‍්තනුග‍්ගහිතා තා දිට‍්ඨියො, ‘එසො මෙ අත‍්තා’ති වීසතිවත්‍ථුකා අත‍්තානුදිට‍්ඨි, වීසති වත්‍ථුකා සක‍්කායදිට‍්ඨි, සක‍්කායදිට‍්ඨිප‍්පමුඛානි ද‍්වාසට‍්ඨිදිට‍්ඨිගතානි, පුබ‍්බන‍්තාපරන‍්තානුග‍්ගහිතා තා දිට‍්ඨියො.

“තෙල මාගේ යැ” යනු පූර්‍වාන්තානුදෘෂ්ටි යැ දෘෂ්ටි අටළොසෙකි. ඒ දෘෂ්ටීහු පූර්‍වාන්තයෙන් අනුගෘහිතයහ. “තෙල මම වෙමි” යනු අපරාන්තානුදෘෂ්ටි යැ. දෘෂ්ටි සියුසාලිසෙකි. ඒ දෘෂ්ටීහු අපරාන්තයෙන් අනුගෘහිතයහ. “තෙල මාගේ ආත්ම යැ” යනු විංශද්වස්තුක ආත්මානුදෘෂ්ටි යැ. විංශද්වස්තුක සත්කායදෘෂ්ටි යැ, සත්කායදෘෂ්ටිය ප්‍රමුඛ කොට ඇති දෘෂ්ටිගත දෙසැටෙකි. ඒ දෘෂ්ටීහු පූර්‍වාන්තාපරාන්තයෙන් අනුගෘහීත වෙත්.

‘යෙ කෙචි භික‍්ඛවෙ, මයි නිට‍්ඨං ගතා, සබ‍්බෙ තෙ දිට‍්ඨිසම‍්පන‍්නා, තෙසං දිට‍්ඨිසම‍්පන‍්නාය පඤ‍්චන‍්නං ඉධ නිට‍්ඨා, පඤ‍්චන‍්නං ඉධ විහාය නිට‍්ඨා.

මහණෙනි, යම් කිසි කෙනෙක් මා කෙරෙහි (‘භාග්‍යවත්හු සම්‍යක්සම්බුද්ධයහ’යි) මාර්‍ගඥානවශයෙන් නිෂ්ඨාවට ගියාහු ද ඒ සියල්ලෝ දෘෂ්ටිසම්පන්නයෝ යි. එ දෘෂ්ටිසම්පන්නයන් අතුරින් පස්දෙනකුන්හට මේ කාමධාතුයෙහි නිෂ්ඨා (පරිනිර්‍වාණය) වෙයි. පස්දෙනෙකුන්හට මේ කාමභවය හැරපියා නිෂ්ඨා වෙයි.

කතමෙසං පඤ‍්චන‍්නං ඉධ නිට‍්ඨා: සත‍්තක‍්ඛත‍්තුපරමස‍්ස, කොලංකොලස‍්ස, එකබීජිස‍්ස, සකදාගාමිස‍්ස, යො ච දිට‍්ඨෙව ධම‍්මෙ අරහා. ඉමෙසං පඤ‍්චන‍්නං ඉධ නිට‍්ඨා.

කවර පස්දෙනෙකුන්හට මෙහි නිෂ්ඨා වේ ද යත්: සත්තක්ඛත්තුපරමහට යැ කොලංකොලහට යැ ඒකබීජහට යැ සකෘදගාමීහට යැ යමෙකුත් මේ අත්බැව්හි මැ අර්‍හත් වේ ද ඔබට යැ යන මේ පස්දෙනාහට මෙහි නිෂ්ඨා වේ.

කතමෙසං පඤ‍්චන‍්නං ඉධ විහාය නිට‍්ඨා: අන‍්තරාපරිනිබ‍්බායිස‍්ස, උපහච‍්චපරිනිබ‍්බායිස‍්ස, අසඞ‍්ඛාරපරිනිබ‍්බායිස‍්ස, සසඞ‍්ඛාරපරිනිබ‍්බායිස‍්ස, උද‍්ධංසොතස‍්ස අකනිට‍්ඨගාමිනො, ඉමෙසං පඤ‍්චන‍්නං ඉධ විහාය නිට‍්ඨා.

කවර පස්දෙනකුන්හට මේ කාමධාතුව හැරපියා නිෂ්ඨා වේ ද යත්: අන්තරාපරිනිබ්බායීහට යැ උපහච්චපරිනිබ්බායීහට යැ අසඞ්කාරපරිනිබ්බායීහට යැ සසඞ්කාරපරිනිබ්බායීහට යැ උද්ධංසෝත අකනිට්ඨාගාමීහට යැ යන මේ පස්දෙනාහට මේ කාමධාතුව හැරපියා නිෂ්ඨාව වේ.

යෙ කෙචි භික‍්ඛවෙ මයි නිට‍්ඨං ගතා, සබ‍්බෙ තෙ දිට‍්ඨිසම‍්පන‍්නා, තෙසං දිට‍්ඨිසම‍්පන‍්නානං ඉමෙසං පඤ‍්චන‍්නං ඉධ නිට‍්ඨා, ඉමෙසං පඤ‍්චන‍්නං ඉධ විහාය නිට‍්ඨා.

මහණෙනි, යම් කිසි කෙනෙක් මා කෙරෙහි නිෂ්ඨාවට ගියාහු ද එහැම දෙන දෘෂ්ටියෙන් සුන්‍දර බවට ගියාහු යැ. ඒ දෘෂ්ටියෙන් සුන්‍දර බවට ගියවුන් අතුරින් මොවුන් පස්දෙනහට ඉධනිෂ්ඨා යැ මොවුන් පස්දෙනහට ඉධවිහාය නිත්මා යි.

යෙ කෙචි භික‍්ඛවෙ මයි අවෙච‍්චප‍්පසන‍්නා, සබ‍්බෙ තෙ සොතාපන‍්නා, තෙසං සොතාපන‍්නානං පඤ‍්චන‍්නං ඉධ නිට‍්ඨා, පඤ‍්චන‍්නං ඉධ විහාය නිට‍්ඨා.

මහණෙනි, යම් කිසි කෙනෙක් මා කෙරෙහි අචල ප්‍රසාදයෙන් ප්‍රසන්නයෝ වෙත් ද, එහැම දෙන ආර්‍ය්‍යමාර්‍ගශ්‍රෝතසට පැමිණියාහු යැ. ඒ ආර්‍ය්‍යමාර්‍ගශ්‍රෝතසට පැමිණියවුන් අතුරින් පස්දෙනකුන්හට මේ කාමධාතුයෙහි නිෂ්ඨා වෙයි. පස් දෙනකුන්හට මේ කාමධාතුව හැරපියා නිෂ්ඨා වෙයි.

කතමෙසං පඤ‍්චන‍්නං ඉධ නිට‍්ඨා: සත‍්තක‍්ඛත‍්තුපරමස‍්ස, කොලංකොලස‍්ස, එකබීජිස‍්ස, සකදාගාමිස‍්ස, යො ච දිට‍්ඨෙව ධම‍්මෙ අරහා, ඉමෙසං පඤ‍්චන‍්නං ඉධ නිට‍්ඨා.

කවර පස් දෙනකුන්හට මේ කාමධාතුයෙහි නිෂ්ඨා වෙයි යත්: සත්තක්ඛත්තුපරමහට යැ. කොලංකොලහට යැ ඒකබීජිහට යැ සකෘදගාමීහට යැ යමෙකුත් මේ අත්බැව්හි මැ අර්‍හත් වේ ද ඔබට යැ යන මොවුන් පස්දෙනහට මේ කාමධාතුයෙහි නිෂ්ඨා වේ.

කතමෙසං පඤ‍්චන‍්නං ඉධ විහාය නිට‍්ඨා: අන‍්තරාපරිනිබ‍්බායිස‍්ස, උපහච‍්චපරිනිබ‍්බායිස‍්ස, අසඞ‍්ඛාරපරිනිබ‍්බායිස‍්ස, සසඞ‍්ඛාර පරිනිබ‍්බායිස‍්ස, උද‍්ධංසොතස‍්ස අකනිට‍්ඨගාමිනො, ඉමෙසං පඤ‍්චන‍්නං ඉධ විහාය නිට‍්ඨා.

කවර පස්දෙනකුන්හට මේ කාමධාතුව හැරපියා නිෂ්ඨා වෙයි යත්: අන්තරාපරිනිබ්බායීහට යැ උපහච්චපරිනිබ්බායීහට යැ අසඞ්කාරපරිනිබ්බායීහට යැ සසඞ්කාරපරිනිබ්බායීහට යැ උද්ධංසෝතඅකනිට්ඨගාමීහට යැ යන මොවුන් පස්දෙනහට මේ කාමධාතුව හැරපියා නිෂ්ඨාව වේ.

යෙ කෙචි භික‍්ඛවෙ මයි අවෙච‍්චප‍්පසන‍්නා, සබ‍්බෙ තෙ සොතාපත‍්තා, තෙසං සොතාපන‍්නානං ඉමෙසං පඤ‍්චන‍්නං ඉධ නිට‍්ඨා, ඉමෙසං පඤ‍්චන‍්නං ඉධ විහාය නිට‍්ඨා.”

මහණෙනි, යම් කිසි කෙනෙක් මා කෙරෙහි අචල ප්‍රසාදයෙන් ප්‍රසන්නයෝ වෙත් ද එහැම දෙන ආර්‍ය්‍යමාර්‍ගශ්‍රොත්‍රසට පැමිණියාහු වෙති. ඒ ආර්‍ය්‍යමාර්‍ගශ්‍රොත්‍රසට පැමිණියවුන් අතුරෙන් මොවුන් පස්දෙනහට මේ කාමධාතුයෙහි නිෂ්ඨා වෙයි. මොවුන් පස්දෙනහට මේ කාමධාතුව හැරපියා නිෂ්ඨා වේ යයි.

දිට‍්ඨිකතා සමත‍්තා.

දෘෂ්ටිකථා නිමි.