යෙදුමෙන් කියවන්න

15-16. භවවිභවදිට‍්ඨිනිද‍්දෙසවණ‍්ණනා අට‍්ඨකථා

15-16. භවවිභවදිට‍්ඨිනිද‍්දෙසවණ‍්ණනා

15-16. භවවිභව දෘෂ්ටි නිර්දේශ වර්ණනාව

භවවිභවදිට‍්ඨීනං යථාවුත‍්තදිට‍්ඨිතො විසුං අභිනිවෙසාභාවතො විසුං නිද‍්දෙසං අකත්‍වා යථාවුත‍්තදිට‍්ඨීනංයෙව වසෙන “ඔලීයනං අතිධාවන”න‍්ති එකෙකං ආකාරං නිද‍්දිසිතුං පුච‍්ඡං අකත්‍වා ච ඔලීයනාභිනිවෙසො භවදිට‍්ඨි, අතිධාවනාභිනිවෙසො විභවදිට‍්ඨීති ආහ. තත්‍ථ “භවනිරොධාය ධම‍්මෙ දෙසියමානෙ චිත‍්තං න පක‍්ඛන්‍දතී”ති (ඉතිවු· 49) වුත‍්තඔලීයනාභිනිවෙසො, සස‍්සතසඤ‍්ඤාය නිබ‍්බානතො සඞ‍්කොචනාභිනිවෙසොති අත්‍ථො. “භවෙනෙව ඛො පනෙකෙ අට‍්ටීයමානා හරායමානා ජිගුච‍්ඡමානා විභවං අභිනන්‍දන‍්තී”ති වුත‍්තඅතිධාවනාභිනිවෙසො, උච‍්ඡෙදසඤ‍්ඤාය නිරොධගාමිනිපටිපදාතික‍්කමනාභිනිවෙසොති අත්‍ථො.

භව විභව දෘෂ්ටීන්ගේ, කියන ලද ආකාර ඇති දෘෂ්ටියෙන් වෙන්ව, අභිනිවෙස නොමැති හෙයින් වෙන්ව නිර්දේශ නොකොට කියන ලද දෘෂ්ටීන්ගේම වශයෙන් පසුබට වීම, අතිධාවනය යන එක් එක් ආකාර නිර්දේශ කරන්ට විමසුම් නොකොට, ඔලීයනාභිවෙසො භවදිට්ඨි අතිධාවනාභිනිවෙසො විභවදිට්ඨි වදාළහ. එහි භව නිරෝධය සඳහා ධර්මයන් දෙසනකල්හි සිත පැන නොයයි යයි යූ.සේයි. පසුබට වීම් ඇල්ම ශාශ්වත සංඥාවෙන් නිර්වාණයෙන් හැකිලෙන ඇල්මයයි අර්ථයි. ඇතැමෙක් භවයෙන්ම පීඩාවට පත්වන්නාහු, පිළිකුල් කරන්නාහු ජුගුප්සා කරන්නාහු විභවයට සතුටුවෙත්යයි යූ.සේයි. අතිධාවන ඇල්ම උච්ඡේද සංඥාවෙන් නිරෝධගාමිණී ප්‍රතිපදා ඉක්මවන ඇල්මයයි අර්ථයි.

ඉදානි තාව භවවිභවදිට‍්ඨියො සබ‍්බදිට‍්ඨීසු යොජෙත්‍වා දස‍්සෙතුං අස‍්සාදදිට‍්ඨියාතිආදිමාහ. තත්‍ථ යස‍්මා අස‍්සාදදිට‍්ඨිකා සස‍්සතං වා උච‍්ඡෙදං වා නිස‍්සාය “නත්‍ථි කාමෙසු දොසො”ති ගණ‍්හන‍්ති, තස‍්මා පඤ‍්චතිංසාකාරාපි අස‍්සාදදිට‍්ඨියො සියා භවදිට‍්ඨියො, සියා විභවදිට‍්ඨියොති වුත‍්තා. තත්‍ථ යස‍්මා එකෙකාපි දිට‍්ඨියො සස‍්සතග‍්ගාහවසෙන භවදිට‍්ඨියො භවෙය්‍යුං, උච‍්ඡෙදග‍්ගාහවසෙන විභවදිට‍්ඨියො භවෙය්‍යුන‍්ති අත්‍ථො. අත‍්තානුදිට‍්ඨියා රූපං අත‍්තතො සමනුපස‍්සති, වෙදනං… සඤ‍්ඤං… සඞ‍්ඛාරෙ… විඤ‍්ඤාණං අත‍්තතො සමනුපස‍්සතීති පඤ‍්චසු රූපාදිතො අත‍්තනො අනඤ‍්ඤත‍්තා තෙසු උච‍්ඡින‍්නෙසු අත‍්තා උච‍්ඡින‍්නොති ගහණතො පඤ‍්ච විභවදිට‍්ඨියොති වුත‍්තං. සෙසෙසු පඤ‍්චදසසු ඨානෙසු රූපාදිතො අත‍්තනො අඤ‍්ඤත‍්තා තෙසු උච‍්ඡින‍්නෙසුපි “අත‍්තා සස‍්සතොති ගහණතො පන‍්නරස භවදිට‍්ඨියොති වුත‍්තං.

දැන් භව විභව දෘෂ්ටීන්, සියලු දෘෂ්ටීන්හි යොදා දක්වන්ට අස්සාද දිට්ඨියායි ආදිය වදාළහ. එහි යම්හෙයකින් ආස්වාද දෘෂ්ටිකයෝ ශාශ්වත හෝ උච්ඡේදය හෝ හේතුයෙන් කාමයන්හි දොසක් නැතැයි ගනිත්ද? එහෙයින් තිස්පස් ආකාර වූද අස්සාද දිට්ඨියො සියා භවදිට්ඨියො සියා විභව දිට්ඨියො සියායි යූ.සේයි. එහි යම්හෙයකින් එක් එක්වූද දෘෂ්ටීහු ශෘශ්වත ග්‍රාහ වශයෙන් භව දෘෂ්ටීහු වන්නාහුද? උච්ඡේද ග්‍රාහ වශයෙන් විභව දෘෂ්ටීහු වන්නාහුයයි අර්ථයි. ආත්මානු දෘෂ්ටියෙහි, රූපං අත්තතො සමනුපස්සති වෙදනං සඤ්ඤං සංඛාරෙ විඤ්ඤාණං අත්තතො සමනුපස්සති යන රූපාදී පංචකයෙහි ආත්ම වශයෙන් නොදත් (නොගත්) හෙයින් ඒවා සිඳීගිය කල්හි ආත්මය සිඳීගියේ යැයි ග්‍රහණය හෙයින් විභව දෘෂ්ටියැයි යූ.සේයි. සෙස් පසළොස් ස්ථානයන්හි රූපාදී වශයෙන් ආත්මයෙන් අන්‍ය හෙයින් ඒවා සිඳීගිය කල්හිද, ආත්මය ශාශ්වතයැයි ග්‍රහණය හෙයින් පණ්ණරස භවදිට්ඨියොයි යූ.සේයි.

මිච‍්ඡාදිට‍්ඨියා “සබ‍්බාව තා විභවදිට‍්ඨියො”ති උච‍්ඡෙදවසෙන පවත‍්තත‍්තා අන‍්තවානන‍්තවාදිට‍්ඨීසු පරිත‍්තාරම‍්මණඅප‍්පමාණාරම‍්මණඣානලාභිනො දිබ‍්බචක‍්ඛුනා රූපධාතුයා චවිත්‍වා සත‍්තෙ අඤ‍්ඤත්‍ථ උපපන‍්නෙ පස‍්සිත්‍වා භවදිට‍්ඨිං අපස‍්සිත්‍වා විභවදිට‍්ඨිං ගණ‍්හන‍්ති. තස‍්මා තත්‍ථ සියා භවදිට‍්ඨියො, සියා විභවදිට‍්ඨියොති වුත‍්තං. හොති ච න ච හොතීති එත්‍ථ හොති චාති භවදිට‍්ඨි, න ච හොතීති විභවදිට‍්ඨි. නෙව හොති න න හොතීති එත්‍ථ නෙව හොතීති විභවදිට‍්ඨි, න න හොතීති භවදිට‍්ඨි. තස‍්මා තත්‍ථ “සියා”ති වුත‍්තං.

මිථ්‍යා දෘෂ්ටියෙහි සබ්බාව තා විභව දිට්ඨියො යනු උච්ඡේද වශයෙන් පැවැති හෙයින්, අන්තවා අනන්තවා ආදී දෘෂ්ටීන්හි, පරිත්තාම්මණ, අප්‍රමාණාරම්මණ ධ්‍යානලාභී වූ දිව්‍ය චක්‍ෂුසයෝ, රූපධාතුයෙන් චුතව, සත්ත්වයින් අන්තන්හි උපනවුන් දැක, භව දෘෂ්ටිය නොදැක විභව දෘෂ්ටිය ගනිති. එහෙයින් එහි, සියා භව දිට්ඨියො සියා විභව දිට්ඨියොයි යූ.සේයි. හොතිච න ච හොති යන මෙහි හොතිච යනු භව දෘෂ්ටියයි. නච හොතිච යනු විභව දෘෂ්ටියයි. නෙව හොති න නහොති යන මෙහි නෙව හොති යනු විභව දෘෂ්ටියයි. න න හොති යනු භව දෘෂ්ටියයි. එහෙයින් එහි ‘සියා’යි යූ.සේයි.

පුබ‍්බන‍්තානුදිට‍්ඨියා එකච‍්චසස‍්සතිකා සස‍්සතඤ‍්ච පඤ‍්ඤපෙන‍්ති, අසස‍්සතඤ‍්ච පඤ‍්ඤපෙන‍්ති. තස‍්මා සා භවදිට‍්ඨි ච විභවදිට‍්ඨි ච හොති. චත‍්තාරො අන‍්තානන‍්තිකා අන‍්තානන‍්තං අත‍්තානං පඤ‍්ඤපෙන‍්ති . තස‍්මා සා අත‍්තානුදිට‍්ඨිසදිසා භවදිට‍්ඨි ච විභවදිට‍්ඨි ච. චත‍්තාරො අමරාවික‍්ඛෙපිකා භවදිට‍්ඨිං වා විභවදිට‍්ඨිං වා නිස‍්සාය වාචාවික‍්ඛෙපං ආපජ‍්ජන‍්ති, අවසෙසා පන භවදිට‍්ඨියොව. තස‍්මා තෙ තෙ සන්‍ධාය “සියා”ති වුත‍්තං. අපරන‍්තානුදිට‍්ඨියා සත‍්ත උච‍්ඡෙදවාදා විභවදිට‍්ඨියො, අවසෙසා භවදිට‍්ඨියො. තස‍්මා තෙ තෙ සන්‍ධාය “සියා”ති වුත‍්තං. සඤ‍්ඤොජනිකදිට‍්ඨියා සබ‍්බදිට‍්ඨීනං වසෙන “සියා”ති වුත‍්තං. අහන‍්ති මානවිනිබන්‍ධාය දිට‍්ඨියා චක‍්ඛාදීනං අහන‍්ති ගහිතත‍්තා තෙසං විනාසෙ අත‍්තා විනට‍්ඨො හොතීති සබ‍්බාව තා විභවදිට‍්ඨියොති වුත‍්තං. අත‍්තානුදිට‍්ඨියො විය මමන‍්ති මානවිනිබන්‍ධාය දිට‍්ඨියා චක‍්ඛාදිතො අත‍්තනො අඤ‍්ඤත‍්තා තෙසං විනාසෙපි අත‍්තා න විනස‍්සතීති සබ‍්බාව තා භවදිට‍්ඨියොති වුත‍්තං. ලොකවාදපටිසංයුත‍්තාය දිට‍්ඨියා “සස‍්සතො අත‍්තා ච ලොකො චා”තිආදිනා (පටි· ම· 1.147) නයෙන වුත‍්තත‍්තා භවවිභවදිට‍්ඨි පාකටායෙව. එත‍්තාවතා අස‍්සාදදිට‍්ඨාදිකා විභවදිට‍්ඨිපරියොසානා සොළස දිට‍්ඨියො තීණිසතඤ‍්ච දිට‍්ඨාභිනිවෙසා නිද‍්දිට‍්ඨා හොන‍්ති. අත‍්තානුදිට‍්ඨි ච සක‍්කායදිට‍්ඨි ච අත‍්තවාදපටිසඤ‍්ඤුත‍්තා දිට‍්ඨි ච අත්‍ථතො එකා පරියායෙන තිවිධා වුත‍්තා. සඤ‍්ඤොජනිකා පන දිට‍්ඨි අවත්‍ථාභෙදෙන සබ‍්බාපි දිට‍්ඨියො හොන‍්ති.

පූර්වාන්තානු දෘෂ්ටියෙහි එකච්ච ශෘශ්වතිකයෝ ශාශ්වතයද, පනවති. අශාශ්වතයද පනවති. එහෙයින් එය භව දෘෂ්ටියද විභව දෘෂ්ටියද වේ. සිව් අන්තානන්තිකයෝ අන්තානන්ත වූ ආත්මය පනවති. එහෙයින් එය ආත්මානුදෘෂ්ටිය හා සමානය. භව දෘෂ්ටියද විභව දෘෂ්ටියද වේ. සිව් අමරා වික්‍ෂෙපිකයෝ භව දෘෂ්ටිය හෝ විභව දෘෂ්ටිය ආශ්‍රිතව වචන වික්‍ෂෙපයට පැමිණෙති. සෙස්ස භව දෘෂ්ටීහුමය. එහෙයින් ඒවා ඔවුන් සඳහා වන්නේ යයි යූ.සේයි. අපරාන්තානු දෘෂ්ටියෙහි සප්ත උච්ඡේදවාද විභව දෘෂ්ටීහුය. සෙස්ස භවදෘෂ්ටීහුය. එහෙයින් ඒවා ඔවුන් සඳහා වන්නේ යයි යූ.සේයි. සඤ්ඤොජනිත දෘෂ්ටියෙහි සියලු දෘෂ්ටීන්ගේ වශයෙන් වන්නේ යයි යූ.සේයි. මම යැයි මාන විනිබන්ධ දෘෂ්ටියෙහි චක්‍ෂුරාදීන්හි මම යැයි ගත් හෙයින් ඒවායි නැස්මෙහි ආත්මය විනාශ වේයැයි සබ්බාව තා විභව දිට්ඨියොයි යූ.සේයි. ආත්මානුදෘෂ්ටියෙහි මෙන්, මගේ යැයි මානය හා බැඳි දෘෂ්ටියෙහි චක්‍ෂුරාදියෙන් ආත්මය අනෙකක් බැවින් ඒවාහි විනාශයෙහිද ආත්මය විනාශ නොවන්නේ යැයි ඒ සියල්ලම භව දෘෂ්ටිය යැයි යූ.සේයි. ලෝක ප්‍රතිසංයුක්ත දෘෂ්ටියෙහි ‘සස්සතො අත්තාච ලොකොච’ ආදී ක්‍රමයෙන් කියන ලද හෙයින් භව විභව දෘෂ්ටි ප්‍රකටමය. මෙතෙකින් ආස්වාද දෘෂ්ටි ආදිකොට ඇති, විභව දෘෂ්ටි කෙළවර කොට ඇති, තුන්සිය සොළොසෙක් දෘෂ්ටාභිනිවෙස නිර්දේශිත වෙයි. ආත්මානු දෘෂ්ටියද, සක්කාය දෘෂ්ටියද, ආත්මවාද ප්‍රතිසංයුක්ත දෘෂ්ටියද අර්ථ වශයෙන් එකමය. සමානාර්ථ වශයෙන් ත්‍රිවිධව යූ.සේයි. සංයෝජනික දෘෂ්ටි අවස්ථා භේදයෙන් සියල්ලම දෘෂ්ටීහු වෙති.

ඉදානි සබ‍්බාව තා දිට‍්ඨියො අස‍්සාදදිට‍්ඨියොතිආදි අඤ‍්ඤෙන පරියායෙන යථායොගං දිට‍්ඨිසංසන්‍දනා. තත්‍ථ සබ‍්බාව තා දිට‍්ඨියොති යථාවුත‍්තා අනවසෙසා දිට‍්ඨියො. දිට‍්ඨිරාගරත‍්තත‍්තා තණ‍්හාස‍්සාදනිස‍්සිතත‍්තා ච අස‍්සාදදිට‍්ඨියො, අත‍්තසිනෙහානුගතත‍්තා අත‍්තානුදිට‍්ඨියො, විපරීතදස‍්සනත‍්තා මිච‍්ඡාදිට‍්ඨියො, ඛන්‍ධවත්‍ථුකත‍්තා සක‍්කායදිට‍්ඨියො, එකෙකස‍්ස අන‍්තස‍්ස ගහිතත‍්තා අන‍්තග‍්ගාහිකා දිට‍්ඨියො, අනත්‍ථසංයොජනිකත‍්තා සඤ‍්ඤොජනිකා දිට‍්ඨියො, අත‍්තවාදෙන යුත‍්තත‍්තා අත‍්තවාදපටිසංයුත‍්තා දිට‍්ඨියොති ඉමා සත‍්ත දිට‍්ඨියො සබ‍්බදිට‍්ඨිසඞ‍්ගාහිකා, සෙසා පන නව දිට‍්ඨියො න සබ‍්බදිට‍්ඨිසඞ‍්ගාහිකා.

දැන් සබ්බාව තා දිට්ඨියො අස්සාද දිට්ඨියො යනාදී අන් ක්‍රමයකින් සුදුසු පරිදි දෘෂ්ටි සංසන්දනයයි. එහි සබ්බාව තා දිට්ඨියො යනු කියන ලද පරිද්දෙන්, සියලු දෘෂ්ටීහු දෘෂ්ටි රාගයෙන් රත්වූ හෙයින්ද, තෘෂ්ණා ආස්වාද නිශ්‍රිත හෙයින්ද, අස්සාද දිට්ඨියොයි. ආත්ම ඇල්ම අනුගත හෙයින්ද, අත්තානු දිට්ඨියොයි විපර්යාස වූ දර්ශනය හෙයින්ද මිච්ඡාදිට්ඨියොයි. ස්කන්ධ වස්තුක හෙයින් සක්කාය දිට්ඨියොයි. එක් එක් අන්තයාගේ ග්‍රහණය කළ හෙයින් අන්තග්ගාහිකා දිට්ඨියොයි. අනර්ථයෙහි යොදවන හෙයින් සංයොජනිකා දිට්ඨියොයි. ආත්මවාදයෙන් යුක්ත හෙයින් අත්තවාද පටිසංයුත්තා දිට්ඨියොයි. මෙම සත් දෘෂ්ටීහු සියලු දෘෂ්ටීන්හි සංගෘහිතයි. සෙසු නව දෘෂ්ටීහු සියලු දෘෂ්ටීන්හි සංගෘහිත නොවේ.

ඉදානි විත්‍ථාරතො වුත‍්තා සබ‍්බාව තා දිට‍්ඨියො ද‍්වීසුයෙව දිට‍්ඨීසු සඞ‍්ඛිපිත්‍වා සත‍්තානං දිට‍්ඨිද‍්වයනිස‍්සයං දස‍්සෙන‍්තො භවඤ‍්ච දිට‍්ඨින‍්තිගාථමාහ. සබ‍්බාපි හි තා දිට‍්ඨියො භවදිට‍්ඨී වා හොන‍්ති විභවදිට‍්ඨී වා. භවඤ‍්ච දිට‍්ඨිං විභවඤ‍්ච දිට‍්ඨින‍්ති එත්‍ථ පන ච-සද‍්දො දිට‍්ඨිමෙව සමුච‍්චිනොති, න නිස‍්සයං. න හි එකො භවවිභවදිට‍්ඨිද‍්වයං නිස‍්සයති. යථාහ – “ඉති භවදිට‍්ඨිසන‍්නිස‍්සිතා වා සත‍්තා හොන‍්ති විභවදිට‍්ඨිසන‍්නිස‍්සිතා වා”ති (පටි· ම· 1.113). තක‍්කිකාති තක‍්කෙන වදන‍්තීති තක‍්කිකා. තෙ හි දිට‍්ඨිගතිකා සභාවපටිවෙධපඤ‍්ඤාය අභාවා කෙවලං තක‍්කෙන වත‍්තන‍්ති. යෙපි ච ඣානලාභිනො අභිඤ‍්ඤාලාභිනො වා දිට‍්ඨිං ගණ‍්හන‍්ති, තෙපි තක‍්කෙත්‍වා ගහණතො තක‍්කිකා එව. නිස‍්සිතාසෙති නිස‍්සිතාති අත්‍ථො. එකමෙව පදං, “සෙ”ති නිපාතමත‍්තං වා. තෙසං නිරොධම‍්හි න හත්‍ථි ඤාණන‍්ති දිට‍්ඨිනිස‍්සයස‍්ස කාරණවචනමෙතං. සක‍්කායදිට‍්ඨිනිරොධෙ නිබ‍්බානෙ යස‍්මා තෙසං ඤාණං නත්‍ථි, තස‍්මා එතං දිට‍්ඨිද‍්වයං නිස‍්සිතාති අත්‍ථො. “න හි අත්‍ථි ඤාණ”න‍්ති එත්‍ථ හි-කාරො කාරණොපදෙසෙ නිපාතො. යත්‍ථායං ලොකො විපරීතසඤ‍්ඤීති යත්‍ථ සුඛෙ නිරොධම‍්හි අයං සදෙවකො ලොකො “දුක‍්ඛ”මිති විපරීතසඤ‍්ඤී හොති, තස‍්මිං නිරොධම‍්හි න හත්‍ථි ඤාණන‍්ති සම‍්බන්‍ධො. දුක‍්ඛමිති විපරීතසඤ‍්ඤිතාය ඉදං සුත‍්තං –

දැන් විස්තර වශයෙන් කියන ලද, සියලු දෘෂ්ටීහු ද්වි දෘෂ්ටීන්හිම හකුළුවා, සත්ත්වයින්ගේ දෘෂ්ටි ද්වයයෙහි නිශ්‍රය දක්වනුයේ, භවඤ්ච දිට්ඨිං යන ගාථාව වදාළහ. සියලුම එම දෘෂ්ටීහු භව දෘෂ්ටීහු හෝ විභව දෘෂ්ටීහු වෙති. භවඤ්ච දිට්ඨිං විභවඤ්ච දිට්ඨිං යන මෙහි ච ශබ්දය දෘෂ්ටියම එක්කරයි. නිශ්‍රය නොවේ. එක් අයෙක් භව විභව දෘෂ්ටි ද්වයය නිශ්‍රය නොකරයි. දෙසූ පරිදි, මෙසේ සත්ත්වයෝ භව දෘෂ්ටි ආශ්‍රිත වූවාහු හෝ වෙති. විභව දෘෂ්ටි ආශ්‍රිත වූවාහු හෝ වෙති. තක්කිකා යනු තර්කයෙන් කියත්නුයි තාර්කිකයෝය. ඔවුහු වනාහි දෘෂ්ටි ගතිකයෝය. ස්වභාව අවබෝධ ප්‍රඥාවගේ අභාවයෙන්, හුදෙක් තර්කයෙන් කරුණු දැක්වීම කෙරෙහි පවතිත්. යම් ධ්‍යානලාභීහුද, අභිඥාලාභීහුද දෘෂ්ටි ගනිති. ඔවුහුද තර්කකොට ග්‍රහණය කරන හෙයින් තාර්කිකයෝමය. නිස්සිතාසෙ යනු නිශ්‍රයකර යන අර්ථයි. එකම පදයයි. ‘සෙ’ යනු නිපාත මාත්‍රය හෝ. තෙසං නිරොධම්හි න හත්‍ථි ඤාණං යනු දෘෂ්ටි නිශ්‍රයට එය හේතුවචනයයි. යම් හෙයකින් ඔවුන්ට සක්කාය දෘෂ්ටි නිරෝධයෙහිද, නිර්වාණයෙහිද ඤාණයක් නැත්ද? එසේවන්නේ එම දෘෂ්ටි ද්වයය නිශ්‍රිත බැවින් යයි අර්ථයි. නහි අත්‍ථි ඤාණං යන්නෙහි හි කාරය කරුණු පෙන්වීමේ නිපාතයයි. යත්‍ථායං ලොකො විපරීත සඤ්ඤී යනු නිරෝධ සුවයෙහි මේ දෙවියන් සහිත ලෝකයා සුවයයි විපරීත හැඟීම් ඇත්තේ වේද? එම නිරෝධයෙහි ඤාණයක් නැත යයි සම්බන්ධයයි. දුකයයි විපරීත හැඟීම්තාවයට මේ සූත්‍රය කරුණු දක්වයි.

“රූපා සද‍්දා රසා ගන්‍ධා, ඵස‍්සා ධම‍්මා ච කෙවලා; ඉට‍්ඨා කන‍්තා මනාපා ච, යාවතත්‍ථීති වුච‍්චති.

රූපා සද්දා රසා ගන්‍ධා - ඵස්සා ධම්මාච කෙවලා, ඉට්ඨා කන්තා මනාපාච - යාවතත්‍ථිති වුච්චති

රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ හා ධර්මයන්හි, මනොඥ සිත් අලවන මනාපතාවන් යම් පමණ ඇතැයි කියයිද?

“සදෙවකස‍්ස ලොකස‍්ස, එතෙ වො සුඛසම‍්මතා; යත්‍ථ චෙතෙ නිරුජ‍්ඣන‍්ති, තං නෙසං දුක‍්ඛසම‍්මතං.

සදෙවකස්ස ලොකස්ස - එතෙ තෙ සුඛ සම්මතා, යත්‍ථ චෙතෙ නිරුජ්ඣන්ති - තං තෙසං දුක්ඛ සම්මතං

ඒවා, එම දෙවියන් සහිත ලෝකයා සුවයැයි සම්මත කර ගත්තාහු වෙති. ඒවා යම්තැනක නිරුද්ධ වෙත්ද, එය ඔවුන්ට දුකයැයි සම්මතය.

“සුඛන‍්ති දිට‍්ඨමරියෙහි, සක‍්කායස‍්සුපරොධනං; පච‍්චනීකමිදං හොති, සබ‍්බලොකෙන පස‍්සතං.

සුඛං තං දුක්ඛමරියෙහි - සක්කාය යස්සූපරොධනං, පච්චනීකමිදං හොති - සබ්බ ලොකෙන පස්සතං

යම් සුව දුක්හි වැළැක්ම ආර්යයන් විසින් කළහැකිද මෙය සියලු ලෝකයා විසින් දක්නා වූ ප්‍රත්‍යනීත තාවයකි.

“යං පරෙ සුඛතො ආහු, තදරියා ආහු දුක‍්ඛතො; යං පරෙ දුක‍්ඛතො ආහු, තදරියා සුඛතො විදූ.

යං පරෙ සුඛතො ආහු - තදරියා ආහු දුක්ඛතො, යං පරෙ දුක්ඛතො ආහු - තදරියා සුඛතොපිච

අන්‍යය යමක් සුව වශයෙන් කීවාහුද? ආර්යයෝ එය දුක් වශයෙන් කීවාහුය. අන්‍යයා යමක් දුක් වශයෙන් කීවාහුද ආර්යයෝ එය සුව වශයෙන් කීවාහුය.

“පස‍්ස ධම‍්මං දුරාජානං, සම‍්පමූළ‍්හෙත්‍ථවිද‍්දසු; නිවුතානං තමො හොති, අන්‍ධකාරො අපස‍්සතං.

පස්සධම්ම දුරාජානං - සම්මූළ්හෙත්‍ථ අවිද්දසු, නිවුතානං තමොහොති - අන්‍ධකාරො අපස්සතං

අවබෝධයට දුෂ්කර ධර්මය බලය. අඥානයා අර්ථයෙහි මුළාවේ. අන්ධකාරයෙහි බලන ප්‍රතිච්ඡන්න වූවන්ට අඳුරම වේ.

“සතඤ‍්ච විවටං හොති, ආලොකො පස‍්සතාමිව; සන‍්තිකෙ න විජානන‍්ති, මගා ධම‍්මස‍්සකොවිදා.

සතඤ්ච විවටංහොති - ආලොකො පස්සතා මිධ, සන්තිකෙ න විජානන්ති - මගා ධම්මස්ස කොවිදා

මෙහි ආලෝකය දක්නා මෙන් සත්පුරුෂයාට විවෘතය. ළඟ ඇසුරෙන් නොදනිත්. ධර්මයෙහි දක්‍ෂ වූවෝ නුවණ විහිදුවා බැලිය යුත්තාහුය.

“භවරාගපරෙතෙහි, භවසොතානුසාරිභි; මාරධෙය්‍යානුපන‍්නෙහි, නායං ධම‍්මො සුසම‍්බුධො.

භවරාග පරෙතෙහි - භවසොතානුසාරිභි, මාරධෙය්‍යාභිපන්නෙහි - නායං ධම්මො සුසම්බුධො

භව ආලයෙන් පීඩිත වූ, භවය නමැති දිය පහරට අනුව යන්නා වූ, ක්ලේශමාරයා විසින් යටපත් කරනු ලැබූවහු විසින් මෙම ධර්මය අවබෝධ කිරීම දුෂ්කරය.

“කො නු අඤ‍්ඤත්‍ර අරියෙභි, පදං සම‍්බුද‍්ධුමරහති; යං පදං සම‍්මදඤ‍්ඤාය, පරිනිබ‍්බන‍්ති අනාසවා”ති. (සු· නි· 764-771);

කොනු අඤ්ඤත්‍ර අරියෙහි - පදං සම්බුද්ධ මරහති, යං පදං සම්ම දඤ්ඤාය - පරිනිබ්බන්ති අනාසවා’ති

යම්බඳු වු නිර්වාණ ශාන්තිපදය මනාව දැන ආශ්‍රව රහිත වූවාහු පිරිනිවෙත්ද? එබඳු වූ සම්බුද්ධ පදවියට ආර්යයන්ගෙන් තොර කවරෙක් නම් සුදුසු වේද?

ඉදානි සබ‍්බාසං දිට‍්ඨීනං දිට‍්ඨිද‍්වයභාවං දිට‍්ඨිසමුග‍්ඝාතකඤ‍්ච සම‍්මාදිට‍්ඨිං සුත‍්තතො දස‍්සෙතුකාමො, ද‍්වීහි භික‍්ඛවෙති සුත‍්තං ආහරි. තත්‍ථ දෙවාති බ්‍රහ‍්මානොපි වුච‍්චන‍්ති. ඔලීයන‍්තීති සඞ‍්කුචන‍්ති. අතිධාවන‍්තීති අතික‍්කමිත්‍වා ගච‍්ඡන‍්ති. චක‍්ඛුමන‍්තොති පඤ‍්ඤවන‍්තො. ච-සද‍්දො අතිරෙකත්‍ථො. භවාරාමාති භවො ආරාමො අභිරමට‍්ඨානං එතෙසන‍්ති භවාරාමා. භවරතාති භවෙ අභිරතා. භවසම‍්මුදිතාති භවෙන සන‍්තුට‍්ඨා. දෙසියමානෙති තථාගතෙන වා තථාගතසාවකෙන වා දෙසියමානෙ. න පක‍්ඛන්‍දතීති ධම‍්මදෙසනං වා භවනිරොධං වා න පවිසති. න පසීදතීති තත්‍ථ පසාදං න පාපුණාති. න සන‍්තිට‍්ඨතීති තත්‍ථ න පතිට‍්ඨාති. නාධිමුච‍්චතීති තත්‍ථ ඝනභාවං න පාපුණාති. එත‍්තාවතා සස‍්සතදිට‍්ඨි වුත‍්තා.

දැන් සියලු දෘෂ්ටීන්ගේ සංක්‍ෂෙපය දෘෂ්ටි ද්වයයක් බවද, දෘෂ්ටි සහමුලින් උගුලුවා දැමීමද, සම්‍යග් දෘෂ්ටියද සූත්‍රයෙන් දක්වනු කැමැත්තේ, ද්වීහි භික්ඛවෙ යයි සූත්‍රය ගෙනහැර දැක්වීය. එහි දෙවා යයි බ්‍රහ්මයින්ද කියති. ඔලීයන්ති යනු හැකිළෙති. අතිධාවන්ති යනු ඉක්මවා යෙති. චක්ඛුමන්තො යනු ප්‍රඥාවන්තයෝ, ච ශබ්දය අතිරේක අර්ථයි. භවාරාමා යනු භවයෙහි ඇල්ම, ඇලීම් කරුණ ඔවුන්ටනුයි භවාරාමායි. භවරතා යනු භවයෙහි විශේෂයෙන් ඇල්මයි. භව සමුද්දිතා යනු භවයෙන් සතුටුවීමයි. දෙසියමානෙ යනු තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකයෙකු විසින් දෙසනු ලබන කල්හි, න පක්ඛන්‍දති යනු ධර්මදේශනයට හෝ භව නිරෝධයට නොපිවිසේ. නප්පසීදති යනු එහි ප්‍රසාදයට නොපැමිණේ. න සංතිට්ඨති යනු එහි නොපිහිටයි. නාධිමුච්චති යනු එහි ඝන භාවයට නොපැමිණේ. මෙතෙකින් ශාශ්වත දෘෂ්ටිය යූ.සේයි.

අට‍්ටීයමානාති දුක‍්ඛං පාපුණමානා. හරායමානාති ලජ‍්ජං පාපුණමානා. ජිගුච‍්ඡමානාති ජිගුච‍්ඡං පාපුණමානා. විභවං අභිනන්‍දන‍්තීති උච‍්ඡෙදං පටිච‍්ච තුස‍්සන‍්ති, උච‍්ඡෙදං පත්‍ථයන‍්තීති වා අත්‍ථො. කිරාති අනුස‍්සවනත්‍ථෙ නිපාතො. භොති ආලපනමෙතං. සන‍්තන‍්ති නිබ‍්බුතං. පණීතන‍්ති දුක‍්ඛාභාවතො පණීතං, පධානභාවං නීතන‍්ති වා පණීතං. යාථාවන‍්ති යථාසභාවං. එත‍්තාවතා උච‍්ඡෙදදිට‍්ඨි වුත‍්තා.

අට්ටියමානාය යනු දුකට පමුණුවනු ලබනුයේ, හරායමානා යනු ලජ්ජාවට පමුණුවනු ලබනුයේ, ඡිගුච්ඡමානා යනු පිළිකුලට පමුණුවනු ලබනුයේ, විභවං අභිනන්‍දන්ත යනු උච්ඡේද හේතුවෙන් සතුටුවෙති. උච්ඡේදය ප්‍රාර්ථනා කෙරෙත් යනු අර්ථයි. තිර යනු අනුශ්‍රවණාර්ථයෙහි නිපාතයි. භොති යනු ආලපන මාත්‍රයයි. සන්තං යනු නිවුණේය යන අර්ථයි. පණීතං යනු දුක් අභාවයෙන් ප්‍රණීතයි. ප්‍රධාන භාවයට ගෙන ගියේනුයිද පණීතංයි. යාථාවං යනු යථා ස්වභාවය මෙතෙකින් උච්ඡේද දෘෂ්ටිය යූ.සේයි.

ඉධාති ඉමස‍්මිං සාසනෙ. භූතන‍්ති හෙතුතො සඤ‍්ජාතං ඛන්‍ධපඤ‍්චකසඞ‍්ඛාතං දුක‍්ඛං. භූතතො පස‍්සතීති ඉදං භූතං දුක‍්ඛන‍්ති පස‍්සති. නිබ‍්බිදායාති විපස‍්සනත්‍ථාය. විරාගායාති අරියමග‍්ගත්‍ථාය. නිරොධායාති නිබ‍්බානත්‍ථාය. පටිපන‍්නො හොතීති තදනුරූපං පටිපදං පටිපන‍්නො හොති. එවං පස‍්සන‍්තීති ඉමිනා පකාරෙන පුබ‍්බභාගෙ ලොකියඤාණෙන, පටිවෙධකාලෙ ලොකුත‍්තරඤාණෙන පස‍්සන‍්ති. එත‍්තාවතා සම‍්මාදිට‍්ඨි වුත‍්තා.

ඉධ යනු මෙසස්නෙහි, භූතං යනු හේතුයෙන් හටගත් ස්කන්ධ පංචක සංඛ්‍යාත වූ දුකය. භූතතො පස්සති යනු මෙම භූතය දුකයැයි දකියි. නිබ්බිදාය යනු විදර්ශනාව සඳහා විරාගාය යනු ආර්ය මාර්ගය සඳහා. නිරොධාය යනු නිර්වාණය සඳහා පටිපන්නො හොති යනු ඊට අනුරූප වූ ප්‍රතිපදාවට පිළිපන්නේ වේ. එවං පස්සන්ති යනු මේ ආකාරයෙන් පූර්වභාග ලෞකික ඤාණයෙන්ද, ප්‍රතිවේධ කාලයෙහි ලෝකෝත්තර ඤාණයෙන්ද දකිත්. මෙතෙකින් සම්‍යග් දෘෂ්ටිය යූ.සේයි.

ඉදානි ද‍්වීහි ගාථාහි තස‍්සා සම‍්මාදිට‍්ඨියා ආනිසංසං දස‍්සෙති. තත්‍ථ යො භූතං භූතතො දිස‍්වාති දුක‍්ඛං පරිඤ‍්ඤාභිසමයෙන අභිසමෙත්‍වාති අත්‍ථො. භූතස‍්ස ච අතික‍්කමන‍්ති නිරොධං සච‍්ඡිකිරියාභිසමයෙන අභිසමෙත්‍වාති අත්‍ථො. යථාභූතෙධිමුච‍්චතීති මග‍්ගභාවනාභිසමයවසෙන යථාසභාවෙ නිරොධෙ “එතං සන‍්තං, එතං පණීත”න‍්ති අධිමුච‍්චති. භවතණ‍්හා පරික‍්ඛයාති සමුදයස‍්ස පහානෙනාති අත්‍ථො. අසතිපි චෙත්‍ථ සච‍්චානං නානාභිසමයත‍්තෙ “දිස‍්වා”ති පුබ‍්බකාලිකවචනං සද‍්ධිං පුබ‍්බභාගපටිපදාය වොහාරවසෙන වුත‍්තන‍්ති වෙදිතබ‍්බං. න හි පුබ‍්බං පස‍්සිත්‍වා පච‍්ඡා අධිමුච‍්චති. චතුසච‍්චාභිසමයො සමානකාලමෙව හොති. සමානකාලෙපි වා පුබ‍්බකාලිකානි පදානි භවන‍්තීති න දොසො. ස වෙති එකංසෙන සො අරහං. භූතපරිඤ‍්ඤාතොති දුක‍්ඛං පරිඤ‍්ඤාතවා. වීතතණ‍්හොති විගතතණ‍්හො. භවාභවෙති ඛුද‍්දකෙ ච මහන‍්තෙ ච භවෙ. වුද‍්ධිඅත්‍ථෙපි හි අ-කාරස‍්ස සම‍්භවතො අභවොති මහාභවො. සො පන ඛුද‍්දකමහන‍්තභාවො උපාදායුපාදාය වෙදිතබ‍්බො. අථ වා භවෙති සස‍්සතෙ. අභවෙති උච‍්ඡෙදෙ. තදුභයෙපි දිට‍්ඨිරාගාභාවෙන වීතතණ‍්හො. භූතස‍්ස විභවාති වට‍්ටදුක‍්ඛස‍්ස සමුච‍්ඡෙදා. නාගච‍්ඡති පුනබ‍්භවන‍්ති අරහතො පරිනිබ‍්බානං වුත‍්තං.

දැන් ගාථා ද්වයයකින් ඒ සම්‍යග් දෘෂ්ටියෙහි අනුසස් දක්වයි. එහි යොභූතං භූතතො දිස්වා යනු දුක විශේෂ දැනීම් අවබෝධයෙන් අවබෝධ කොටයැයි අර්ථයි. භූතස්සච අතික්කමං යනු නිරෝධය සාක්‍ෂාත් කිරීම් අවබෝධයෙන් අවබෝධ කොට යැයි අර්ථයි. යථා භූතෙධිමුච්චති යනු මාර්ග භාවනා අවබෝධ වශයෙන්, යථා ස්වභාව නිරෝධයෙහි එය ශාන්තය. එය ප්‍රණීතයැයි ස්ථිර ලෙස සිතාගනියි. භව තණ්හා පරික්ඛයා යනු සමුදයෙහි ප්‍රහාණයෙන් යැයි අර්ථයි. සත්‍යයන්ගේ නොමැති කල්හිද, නොයෙක් අවබෝධයෙන් දැකයයි, පූර්වකාලික වචනය සමග පූර්වභාග ප්‍රතිපදාවගේ ව්‍යවහාර වශයෙන් යූ.සේයි. පූර්වයෙහි දැක පසුව නොඇලේ. සිව්සස් අවබෝධ කරන සමයට සමාන කාලයම වේ. සමාන කාලයෙහිද, පූර්වකාලික පදය වෙත් යනු නිදොස්ය. සවෙ යනු ඒකාන්තයෙන් ඒ රහතුන් වහන්සේ, භූත පරිඤ්ඤාතො යනු දුක විශේෂයෙන් දැන. වීත තණ්හො යනු පහවූ තෘෂ්ණා ඇතියේ. භවාභවෙ යනු කුඩා වූද, මහත් වූද භවයන් වෘද්ධි අර්ථයෙහිද අකාරයාගේ යෙදීමෙන් අභවො යනු මහාභවයයි. එහි කුඩා මහත් බව ආකාරය ගෙන දතයුතුය. නොහොත් භවෙ යනු ශාශ්වතයෙහි, අභවෙ යනු උච්ඡේදයෙහි, ඒ දෙක්හිම දෘෂ්ටි රාග අභාවයෙන් පහවූ තෘෂ්ණා ඇතියේ, භූතස්ස විභවා යනු සංසාර වෘත්ත දුක්ඛයාගේ මුළුමනින් සිඳීමෙහි, නාගච්ඡති පුනබ්භවං යනු රහතුන්ගේ පරිනිර්වාණය යූ.සේයි.

තයො පුග‍්ගලාතිආදි මිච‍්ඡාදිට‍්ඨිකගරහණත්‍ථං සම‍්මාදිට‍්ඨිකපසංසනත්‍ථං වුත‍්තං. තත්‍ථ විරූපභාවං පන‍්නා ගතා දිට‍්ඨි එතෙසන‍්ති විපන‍්නදිට‍්ඨී. සුන්‍දරභාවං පන‍්නා ගතා දිට‍්ඨි එතෙසන‍්ති සම‍්පන‍්නදිට‍්ඨී. තිත්‍ථියොති තිත්‍ථං වුච‍්චති දිට‍්ඨි, තං පටිපන‍්නත‍්තා තිත්‍ථෙ සාධු, තිත්‍ථං යස‍්ස අත්‍ථීති වා තිත්‍ථියො. ඉතො බහිද‍්ධා පබ‍්බජ‍්ජූපගතො. තිත්‍ථියසාවකොති තෙසං දිට‍්ඨානුගතිමාපන‍්නො ගහට‍්ඨො. යො ච මිච‍්ඡාදිට‍්ඨිකොති තදුභයභාවං අනුපගන‍්ත්‍වා යාය කායචි දිට‍්ඨියා මිච‍්ඡාදිට‍්ඨිකො.

තයො පුග්ගලා යන ආදිය මිථ්‍යා දෘෂ්ටිකත්වයට ගර්හා කිරීම සඳහාත්, සම්‍යක් දෘෂ්ටිකත්වයට ප්‍රශංසා කිරීම සඳහාත් යූ.සේයි. එහි විරූපභාවයට ඇතුළත් වූ, ගිය දෘෂ්ටිය ඔවුන්ටනුයි විපන්නදිට්ඨියි සුන්දර භාවයට ඇතුළත්ව ගිය දෘෂ්ටිය ඔවුන්ටනුයි සම්පන්න දිට්ඨියි තිත්‍ථියො යනු දෘෂ්ටිය තිත්‍ථියයි යූ.සේයි. එම දෘෂ්ටියෙහි පිළිපන් හෙයින් යහපත් දෘෂ්ටියක් යමෙකුට ඇත්තේනුයි හෝ තිත්‍ථියොයි. මෙ සස්නෙන් පිටත ප්‍රව්‍රජ්‍යාවට පැමිණියේ, තිත්‍ථිය සාවකො ඔවුන්ගේ දෘෂ්ටිය අනුව පැවැත්මට පැමිණි ගෘහස්ථයා යොච මිච්ඡාදිට්ඨිකො යනු එම ද්විස්වභාවයට නොපැමිණ යම්කිසි දෘෂ්ටියකින් මිථ්‍යා දෘෂ්ටික වූයේ.

තථාගතොති සම‍්මාසම‍්බුද‍්ධො. පච‍්චෙකබුද‍්ධොපි එත්‍ථෙව සඞ‍්ගහිතො. තථාගතසාවකොති මග‍්ගප‍්පත‍්තො ඵලප‍්පත‍්තො ච. යො ච සම‍්මාදිට‍්ඨිකොති තදුභයවිනිමුත‍්තො ලොකියසම‍්මාදිට‍්ඨියා සම‍්මාදිට‍්ඨිකො.

තථාගතො යනු සම්‍යක් සම්බුදුරදුන් පසේ බුදුන්ද එහිම සංග්‍රහ කරන ලදි. තථාගත සාවකො යනු මාර්ගයට හා ඵලයට පත්වූ තැනැත්තේ, යොච සම්මා දිට්ඨිකො යනු එම ද්වයයෙන් මිදුණු ලෞකික සම්‍යක් දෘෂ්ටියෙන් යුක්ත සම්‍යග් දෘෂ්ටිකයා.

ගාථාසු කොධනොති යො අභිණ‍්හං කුජ‍්ඣති, සො. උපනාහීති තමෙව කොධං වඩ‍්ඪෙත්‍වා උපනන්‍ධනසීලො. පාපමක‍්ඛීති ලාමකභූතමක‍්ඛවා. මායාවීති කතපාපපටිච‍්ඡාදනවා. වසලොති හීනජච‍්චො. විසුද‍්ධොති ඤාණදස‍්සනවිසුද‍්ධියා විසුද‍්ධො. සුද‍්ධතං ගතොති මග‍්ගඵලසඞ‍්ඛාතං සුද‍්ධභාවං ගතො. මෙධාවීති පඤ‍්ඤවා. ඉමාය ගාථාය ලොකුත‍්තරසම‍්මාදිට‍්ඨිසම‍්පන‍්නො එව ථොමිතො.

ගාථාවන්හි කොධනො යනු යමෙක් නිතර කෝපයට පත්වේද ඔහුය. උපනාහී යනු එම කෝපයම දියුණුකොට වෛර බඳනා සුලුවූයේ, පාපමක්ඛී යනු ලාමක වූ අන්ගුණ මැකීම, මායාවි යනු කළ පව් වසන සුලු බැව්. වසලො යනු පහත් ඉපදීම් ඇති, විසුද්ධො යනු ඤාණ දර්ශන විශුද්ධියෙන් පිරිසිදු වූ, සුද්ධතං ගතො යනු මාර්ගඵල සංඛ්‍යාත පිරිසිදුබවට ගියේ, මෙධාවී යනු ප්‍රඥාවත් වූයේ. මෙම ගියෙන් ලෝකෝත්තර සම්‍යග් දෘෂ්ටියෙන් යුක්ත වූවහුම ප්‍රශංසිතයි.

විපන‍්නදිට‍්ඨියො සම‍්පන‍්නදිට‍්ඨියොති පුග‍්ගලවොහාරං පහාය ධම‍්මමෙව ගරහන‍්තො ථොමෙන‍්තො ච ආහ. එතං මමාති තණ‍්හාමඤ‍්ඤනවසෙන දිට‍්ඨි. එසොහමස‍්මීති මානමඤ‍්ඤනමූලිකා දිට‍්ඨි. එසො මෙ අත‍්තාති දිට‍්ඨිමඤ‍්ඤනමෙව.

විරූපභාවයට ගිය දෘෂ්ටිය, සුන්දරභාවයට ගිය දෘෂ්ටිය යැයි පුද්ගල ව්‍යවහාරය අත්හැර ධර්මයම ගරහන්නේ ප්‍රශංසා කරන්නේ යැයි වදාළහ. එතං මම යනු තෘෂ්ණා හැඟීම් වශයෙන් වන දෘෂ්ටියි. එසො හමස්මි යනු මැණීම් හැඟීම මූලික දෘෂ්ටියයි. එසො මෙ අත්තා යනු දෘෂ්ටි හැඟීමමය.

එතං මමාති කා දිට‍්ඨීතිආදීහි තිස‍්සන‍්නං විපන‍්නදිට‍්ඨීනං විභාගඤ‍්ච ගණනඤ‍්ච කාලසඞ‍්ගහඤ‍්ච පුච‍්ඡිත්‍වා විස‍්සජ‍්ජනං කතං. තත්‍ථ කා දිට‍්ඨීති අනෙකාසු දිට‍්ඨීසු කතමා දිට‍්ඨීති අත්‍ථො. කතමන‍්තානුග‍්ගහිතාති පුබ‍්බන‍්තාපරන‍්තසඞ‍්ඛාතකාලද‍්වයෙ කතමෙන කාලෙන අනුග‍්ගහිතා, අනුබද‍්ධාති අත්‍ථො. යස‍්මා “එතං මමා”ති පරාමසන‍්තො “එතං මම අහොසි, එවං මම අහොසි, එත‍්තකං මම අහොසී”ති අතීතං වත්‍ථුං අපදිසිත්‍වා පරාමසති, තස‍්මා පුබ‍්බන‍්තානුදිට‍්ඨි හොති. පුබ‍්බන‍්තානුග‍්ගහිතා ච තා දිට‍්ඨියො හොන‍්ති. යස‍්මා “එසොහමස‍්මී”ති පරාමසන‍්තො “ඉමිනාහං සීලෙන වා වතෙන වා තපෙන වා බ්‍රහ‍්මචරියෙන වා එසොස‍්මි විසුජ‍්ඣිස‍්සාමී”ති අනාගතඵලං උපාදාය පරාමසති, තස‍්මා අපරන‍්තානුදිට‍්ඨි හොති. අපරන‍්තානුග‍්ගහිතා ච තා දිට‍්ඨියො හොන‍්ති. යස‍්මා “එසො මෙ අත‍්තා”ති පරාමසන‍්තො අතීතානාගතං උපාදින‍්නසන‍්තතිං උපාදාය “එසො මෙ අත‍්තා”ති පරාමසති, සක‍්කායදිට‍්ඨිවසෙන ච පරාමසති, තස‍්මා සක‍්කායදිට‍්ඨි හොති. පුබ‍්බන‍්තාපරන‍්තානුග‍්ගහිතා ච තා දිට‍්ඨියො හොන‍්ති. යස‍්මා පන සක‍්කායදිට‍්ඨිප‍්පමුඛායෙව ද‍්වාසට‍්ඨි දිට‍්ඨියො හොන‍්ති, සක‍්කායදිට‍්ඨිසමුග‍්ඝාතෙනෙව ච ද‍්වාසට‍්ඨි දිට‍්ඨියො සමුග‍්ඝාතං ගච‍්ඡන‍්ති, තස‍්මා සක‍්කායදිට‍්ඨිප‍්පමුඛෙන ද‍්වාසට‍්ඨි දිට‍්ඨිගතානීති වුත‍්තා, සක‍්කායදිට‍්ඨිප‍්පමුඛෙන සක‍්කායදිට‍්ඨිද‍්වාරෙන ද‍්වාසට‍්ඨි දිට‍්ඨිගතානි හොන‍්තීති අත්‍ථො. සක‍්කායදිට‍්ඨිප‍්පමුඛානීති පාඨො සුන්‍දරතරො. සක‍්කායදිට‍්ඨි පමුඛා ආදි එතෙසන‍්ති සක‍්කායදිට‍්ඨිප‍්පමුඛානි. කානි තානි? ද‍්වාසට‍්ඨි දිට‍්ඨිගතානි.

එතං මමන්ති කාදිට්ඨි යන ආදීන්හි ත්‍රිවිධ විරූප භාවයට ගිය දෘෂ්ටීන්ගේ විභාගයද, ගණනද කාල සංග්‍රහයද විචාරා විසඳුම කරන ලදි. එහි කා දිට්ඨි යනු නොයෙක් දෘෂ්ටීන්හි කවර දෘෂ්ටියදැයි අර්ථයි. කතමන්තානුග්ගහීතා යනු පූර්වාන්ත අපරාන්ත සංඛ්‍යාත කාලද්වයයෙහි කවර අනුග්‍රහිතැයිද අනුබද්ධ යැයිද අර්ථයි. යම්හෙයකින් එය මගේයැයි පරාමර්ශනය කරනුයේ, එය මාගේ වූයේය මෙසේ මාගේ වූයේය. මෙතෙක් මාගේ වූයේයයි අතීත වස්තුව සාක්‍ෂ්‍යකොට දක්වා ස්පර්ශ කරයි. එහෙයින් පුබ්බන්තාදිට්ඨි වෙයි. පුබ්බන්තානුග්ගහිතාච පූර්වාන්තානුග්‍රහිතව ඒ දෘෂ්ටීහු වෙති. යම්හෙයකින් එය වෙමියි පරාමර්ශනය කරනුයේ මම මේ සීලයෙන් හෝ ව්‍රතයෙන් හෝ තපසින් හෝ ඒ මම වෙමි. පිරිසිදු වන්නෙමියි අනාගත ඵලය අපේක්‍ෂාවෙන් ස්පර්ශ කරයි. එහෙයින් අපරන්තානු දෘෂ්ටිය වේ. අපරන්තානුග්ගහිතාච අපරාන්තානුග්‍රහිතව ඒ දෘෂ්ටීහු වෙති. යම්හෙයකින් එය මාගේ ආත්මය යැයි ස්පර්ශ කරනුයේ අතීතානාගතය තෘෂ්ණාදීන් විසින් ගන්නා ලද, නොකඩවා පැවැත්ම සලකා ඒ මාගේ ආත්මය යැයි ස්පර්ශ කරයි. සක්කාය දෘෂ්ටි වශයෙන් ස්පර්ශ කරයි. එහෙයින් සක්කාය දෘෂ්ටිය වේ. පුබ්බන්තාපරන්තානුග්ගහිතාච පූර්වාන්ත අපරාන්ත අනුග්‍රහිතව ඒ දෘෂ්ටීහ් වෙති. යම්හෙයකින් වනාහි දෙසැට දෘෂ්ටීහු සක්කාය දෘෂ්ටි ප්‍රමුඛවම වෙත්ද? සක්කාය දෘෂ්ටිය සහමුලින් ඉදිරීමෙන්ම දෙසැට දෘෂ්ටීහු සහමුලින් ඉදිරීමට යෙති. එහෙයින් සක්කාය දිට්ඨි පමුඛෙන ද්වාසට්ඨි දිට්ඨිගතානියි යූ.සේයි. සක්කාය දෘෂ්ටි ප්‍රමුඛ සක්කාය දෘෂ්ටි ද්වාරයෙන් දෙසැට දෘෂ්ටිගතිකයෝ වෙත්යයි අර්ථයි. සක්කාය දිට්ඨි පමුඛානි යන පාඨය වඩා සුන්දරය. සක්කාය දෘෂ්ටි ප්‍රමුඛ ආදිය ඔවුන්ටනුයි සක්කාය දිට්ඨි පමුඛානියි. ඒ ඒ දෙසැට දෘෂ්ටිගතයෝ,

“කා දිට‍්ඨී”ති පුච‍්ඡාය වීසතිවත්‍ථුකා අත‍්තානුදිට‍්ඨි, වීසතිවත්‍ථුකා සක‍්කායදිට‍්ඨීති විස‍්සජ‍්ජනං. “කති දිට‍්ඨියො”ති පුච‍්ඡාය සක‍්කායදිට‍්ඨිප‍්පමුඛානි ද‍්වාසට‍්ඨි දිට‍්ඨිගතානීති විස‍්සජ‍්ජනං. සායෙව පන සක‍්කායදිට‍්ඨි “එසො මෙ අත‍්තා”ති වචනසාමඤ‍්ඤෙන අත‍්තානුදිට‍්ඨීති වුත‍්තා. තස‍්සා වුත‍්තාය අත‍්තවාදපටිසඤ‍්ඤුත‍්තා දිට‍්ඨිපි වුත‍්තායෙව හොති.

කා දිට්ඨි යන විමසුම්හි, විසිවස්තුක ආත්මානු දෘෂ්ටිය, විසිවස්තුක සක්කාය දෘෂ්ටිය යැයි විසඳුමයි. කති දිට්ඨියො යන විමසුම්හි සක්කාය දෘෂ්ටි ප්‍රමුඛ, දෙසැටක් දෘෂ්ටිගතයන් යැයි විසඳුමයි. එම සක්කාය දෘෂ්ටිය එය මාගේ ආත්මයැයි වචන සමානතාවයෙන් ආත්මානු දෘෂ්ටිය යැයි යූ.සේයි. එය කී කල්හි ආත්මවාද ප්‍රතිසංයුක්ත දෘෂ්ටියද කියන ලද්දේම වේ.

යෙ කෙචි, භික‍්ඛවෙතිආදිසුත‍්තාහරණං සම‍්පන‍්නදිට‍්ඨිපුග‍්ගලසම‍්බන්‍ධෙන සම‍්පන‍්නදිට‍්ඨිපුග‍්ගලවිභාගදස‍්සනත්‍ථං කතං. තත්‍ථ නිට‍්ඨං ගතාති මග‍්ගඤාණවසෙන සම‍්මාසම‍්බුද‍්ධො භගවාති නිච‍්ඡයං ගතා, නිබ‍්බෙමතිකාති අත්‍ථො. නිට‍්ඨාගතාති පාඨො සමාසපදං හොති, අත්‍ථො පන සොයෙව. දිට‍්ඨිසම‍්පන‍්නාති දිට‍්ඨියා සුන්‍දරභාවං ගතා. ඉධ නිට‍්ඨාති ඉමිස‍්සා කාමධාතුයා පරිනිබ‍්බානං. ඉධ විහාය නිට‍්ඨාති ඉමං කාමභවං විජහිත්‍වා සුද‍්ධාවාසබ්‍රහ‍්මලොකෙ පරිනිබ‍්බානං. සත‍්තක‍්ඛත‍්තුපරමස‍්සාති සත‍්තක‍්ඛත‍්තුංපරමා සත‍්තවාරපරමා භවූපපත‍්ති අත‍්තභාවග‍්ගහණං අස‍්ස, තතො පරං අට‍්ඨමං භවං නාදියතීති සත‍්තක‍්ඛත‍්තුපරමො. තස‍්ස සත‍්තක‍්ඛත‍්තුපරමස‍්ස සොතාපන‍්නස‍්ස. කොලංකොලස‍්සාති කුලතො කුලං ගච‍්ඡතීති කොලංකොලො. සොතාපත‍්තිඵලසච‍්ඡිකිරියතො හි පට‍්ඨාය නීචෙ කුලෙ උපපත‍්ති නාම නත්‍ථි, මහාභොගකුලෙසුයෙව නිබ‍්බත‍්තතීති අත්‍ථො. තස‍්ස කොලංකොලස‍්ස සොතාපන‍්නස‍්ස. එකබීජිස‍්සාති ඛන්‍ධබීජං නාම කථිතං. යස‍්ස හි සොතාපන‍්නස‍්ස එකංයෙව ඛන්‍ධබීජං අත්‍ථි, එකං අත‍්තභාවග‍්ගහණං, සො එකබීජී නාම. තස‍්ස එකබීජිස‍්ස සොතාපන‍්නස‍්ස. භගවතා ගහිතනාමවසෙනෙවෙතානි එතෙසං නාමානි. එත‍්තකඤ‍්හි ඨානං ගතො සත‍්තක‍්ඛත‍්තුපරමො නාම හොති, එත‍්තකං කොලංකොලො, එත‍්තකං එකබීජීති භගවතා එතෙසං නාමං ගහිතං. භගවා හි “අයං එත‍්තකං ඨානං ගමිස‍්සති, අයං එත‍්තකං ඨානං ගමිස‍්සතී”ති ඤත්‍වා තෙසං තානි තානි නාමානි අග‍්ගහෙසි. මුදුපඤ‍්ඤො හි සොතාපන‍්නො සත‍්ත භවෙ නිබ‍්බත‍්තෙන‍්තො සත‍්තක‍්ඛත‍්තුපරමො නාම, මජ‍්ඣිමපඤ‍්ඤො පරං ඡට‍්ඨං භවං නිබ‍්බත‍්තෙන‍්තො කොලංකොලො නාම , තික‍්ඛපඤ‍්ඤො එකං භවං නිබ‍්බත‍්තෙන‍්තො එකබීජී නාම. තං පනෙතං තෙසං මුදුමජ‍්ඣිමතික‍්ඛපඤ‍්ඤතං පුබ‍්බහෙතු නියමෙති. ඉමෙ තයොපි සොතාපන‍්නා කාමභවවසෙන වුත‍්තා, රූපාරූපභවෙ පන බහුකාපි පටිසන්‍ධියො ගණ‍්හන‍්ති. සකදාගාමිස‍්සාති පටිසන්‍ධිවසෙන සකිං කාමභවං ආගච‍්ඡතීති සකදාගාමී. තස‍්ස සකදාගාමිස‍්ස. දිට‍්ඨෙව ධම‍්මෙ අරහාති ඉමස‍්මිංයෙව අත‍්තභාවෙ අරහා. අරහන‍්තිපි පාඨො. ඉධ නිට‍්ඨාති කාමභවං සංසරන‍්තෙයෙව සන්‍ධාය වුත‍්තං. රූපාරූපභවෙ උප‍්පන‍්නා පන අරියා කාමභවෙ න උප‍්පජ‍්ජන‍්ති, තත්‍ථෙව පරිනිබ‍්බායන‍්ති.

‘යෙ කෙචි භික්ඛවෙ’ ආදී සූත්‍ර ගෙනහැර දැක්වීම සුන්දර දෘෂ්ටි යුත් පුද්ගලයා සම්බන්ධයෙන්, සුන්දර දෘෂ්ටි යුත් පුද්ගලයාගේ බෙදීම දැක්වීම සඳහා කරන ලදි. එහි නිට්ඨංගතා යනු මාර්ග ඤාණ වශයෙන් සම්‍යක් සම්බුද්ධ භාග්‍යවතුන් වහන්සේ නිශ්චයට ගියාහුය. විමතියක් නැත්තේයයි අර්ථයි. නිට්ඨාගතා යන පාඨය සමාස පදයක් වේ. අර්ථය වනාහි එයමය. දිට්ඨි සම්පන්නා යනු දෘෂ්ටියෙන් සුන්දරභාවයට ගියාහු ඉධනිට්ඨා යනු මෙම කාමධාතුයෙන් පිරිනිවීමයි. ඉධ විහාය නිට්ඨා යනු මෙම කාමභවය අත්හැර සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයෙහි පිරිනිවීමයි. සත්තක්ඛත්තුපරමස්ස යනු සත්වරක් උපරිම වූයේ, සත්වරක් උපරිම භව උපත්, ආත්මභාව ග්‍රහණය වන්නේය. ඉන් මත්තෙහි අටවන භවය නොගනීනුයි සත්තක්ඛත්තු පරමොයි. ඒ සත්වරක් උපරිම සෝවාන් වූවහුට, කොලං කොලස්ස යනු කුලයෙන් කුලයට යේනුයි කොලං කොලොයි. සෝවාන්ඵල සාක්‍ෂාත් කිරීමෙහි සිට පහත් කුලයෙහි උපතක් නම් නැත. මහා භෝග කුලයන්හිම උපදීයයි අර්ථයි. ඒ කොලං කොල සෝවාන් වූවහුට ඒකබීජිස්ස යනු ස්කන්ධ බීජ නමැයි කියන ලදි. යම් සෝවාන් වූවහුට එකම ස්කන්ධ බීජයක්, එක් ආත්මභාව ග්‍රහණය්ක ඇත්ද? හෙතෙම ඒකබීජි නමැ. එම ඒකබීජි සෝවාන් වූවහුට, භාග්‍යවතුන් වහන්සේ විසින් ගන්නා ලද නම් වශයෙන්ම ඒවා ඔවුන්ගේ නාමයෝය. මෙපමණ ස්ථානයට ගියේ සත්තක්ඛත්තු පරම නම් වේ. මෙපමණ කොලංකොලය. මෙපමණ ඒකබීජීයයි භාග්‍යවතුන් වහන්සේ විසින් ඔවුන්ට නාමයන් ගන්නා ලදි. භාග්‍යවතුන් වහන්සේ වනාහි මෙතෙමේ මෙපමණ තැන් යන්නේය. මෙතෙමේ මෙපමණ තැන් යන්නේයැයි දැන ඔවුන්ට ඒ ඒ නම් ගත් සේක. මෘදු ප්‍රඥා ඇති සෝවාන් වූවහු සත් භවයෙක්හි උපදින්නේ සත්තක්ඛත්තු පරම නමැ. මධ්‍යම ප්‍රාඥයා මත්තෙහි ෂට් භවයක් උපදින්නේ කොලං කෙල නමැ. තීක්‍ෂණ ප්‍රාඥයා එක් භවයක් උපදින්නේ ඒකබීජී නමැ. එය වනාහි ඔවුන්ගේ මෘදු, මධ්‍යම, තීක්‍ෂණ ප්‍රාඥතාවය පූර්වහේතු නියමයෙනි. මෙම ත්‍රිවිධ සෝවාන්හු කාමභව වශයෙන් යූ.සේයි. රූප අරූප භවයන්හි බොහෝ වශයෙන් ප්‍රතිසන්ධි ගනිති. සකදාගාමිස්ස යනු ප්‍රතිසන්ධි වශයෙන් එක්වරක් කාම භවයට පැමිණේනුයි සකෘදාගාමියි. ඒ සකෘදාගාමිහුට දිට්ඨෙව ධම්මෙ අරහා යනු මෙම ආත්ම භවයෙහිම අර්හත්වයට පත්වන අරහං යනුද පාඨයි. ඉධ නිට්ඨා යනු කාමභවයෙහි හැසිරෙන්නවුන්ම සඳහා යූ.සේයි. රූප අරූප භවයන්හි උපන්නා වූ ආර්යයෝ වනාහි කාම භවයෙහි නූපදිති. එහිම පිරිනිවෙත්.

අන‍්තරාපරිනිබ‍්බායිස‍්සාති ආයුවෙමජ‍්ඣස‍්ස අන‍්තරායෙව කිලෙසපරිනිබ‍්බානෙන පරිනිබ‍්බායනතො අන‍්තරාපරිනිබ‍්බායී. සො පන උප‍්පන‍්නසමනන‍්තරා පරිනිබ‍්බායී, ආයුවෙමජ‍්ඣං අප‍්පත්‍වා පරිනිබ‍්බායී, ආයුවෙමජ‍්ඣං පත්‍වා පරිනිබ‍්බායීති තිවිධො හොති. තස‍්ස අන‍්තරාපරිනිබ‍්බායිස‍්ස අනාගාමිනො. උපහච‍්චපරිනිබ‍්බායිස‍්සාති ආයුවෙමජ‍්ඣං අතික‍්කමිත්‍වා වා කාලකිරියං උපගන‍්ත්‍වා වා කිලෙසපරිනිබ‍්බානෙන පරිනිබ‍්බායන‍්තස‍්ස අනාගාමිනො. අසඞ‍්ඛාරපරිනිබ‍්බායිස‍්සාති අසඞ‍්ඛාරෙන අප‍්පයොගෙන අධිමත‍්තප‍්පයොගං අකත්‍වාව කිලෙසපරිනිබ‍්බානෙන පරිනිබ‍්බායනධම‍්මස‍්ස අනාගාමිනො. සසඞ‍්ඛාරපරිනිබ‍්බායිස‍්සාති සසඞ‍්ඛාරෙන දුක‍්ඛෙන කසිරෙන අධිමත‍්තප‍්පයොගං කත්‍වාව කිලෙසපරිනිබ‍්බානෙන පරිනිබ‍්බායනධම‍්මස‍්ස අනාගාමිනො. උද‍්ධංසොතස‍්ස අකනිට‍්ඨගාමිනොති උද‍්ධංවාහිභාවෙන උද‍්ධමස‍්ස තණ‍්හාසොතං වට‍්ටසොතං වාති උද‍්ධංසොතො, උද‍්ධං වා ගන‍්ත්‍වා පටිලභිතබ‍්බතො උද‍්ධමස‍්ස මග‍්ගසොතන‍්ති උද‍්ධංසොතො, අකනිට‍්ඨං ගච‍්ඡතීති අකනිට‍්ඨගාමී. තස‍්ස උද‍්ධංසොතස‍්ස අකනිට‍්ඨගාමිනො අනාගාමිස‍්ස. අයං පන අනාගාමී චතුප‍්පභෙදො – යො අවිහතො පට‍්ඨාය චත‍්තාරො බ්‍රහ‍්මලොකෙ සොධෙත්‍වා අකනිට‍්ඨං ගන‍්ත්‍වා පරිනිබ‍්බායති, අයං උද‍්ධංසොතො අකනිට‍්ඨගාමී නාම. යො හෙට‍්ඨා තයො බ්‍රහ‍්මලොකෙ සොධෙත්‍වා සුදස‍්සීබ්‍රහ‍්මලොකෙ ඨත්‍වා පරිනිබ‍්බායති, අයං උද‍්ධංසොතො න අකනිට‍්ඨගාමී නාම. යො ඉතො අකනිට‍්ඨමෙව ගන‍්ත්‍වා පරිනිබ‍්බායති, අයං න උද‍්ධංසොතො අකනිට‍්ඨගාමී නාම. යො හෙට‍්ඨා චතූසු බ්‍රහ‍්මලොකෙසු තත්‍ථ තත්‍ථෙව පරිනිබ‍්බායති, අයං න උද‍්ධංසොතො න අකනිට‍්ඨගාමී නාමාති. ඉමෙ පඤ‍්ච අනාගාමිනො සුද‍්ධාවාසං ගහෙත්‍වා වුත‍්තා. අනාගාමිනො පන රූපරාගාරූපරාගානං අප‍්පහීනත‍්තා ආකඞ‍්ඛමානා සෙසරූපාරූපභවෙසුපි නිබ‍්බත‍්තන‍්ති. සුද‍්ධාවාසෙ නිබ‍්බත‍්තා පන අඤ‍්ඤත්‍ථ න නිබ‍්බත‍්තන‍්ති. අවෙච‍්චප‍්පසන‍්නාති අරියමග‍්ගවසෙන ජානිත්‍වා බුජ‍්ඣිත්‍වා අචලප‍්පසාදෙන පසන‍්නා. සොතාපන‍්නාති අරියමග‍්ගසොතං ආපන‍්නා. ඉමිනා සබ‍්බෙපි අරියඵලට‍්ඨා පුග‍්ගලා ගහිතාති.

අන්තරා පරිනිබ්බායිස්ස යනු ආයුෂ මධ්‍යයෙහි අතරතුරම ක්ලේශ පරිනිර්වාණයෙන් පිරිනිවෙන හෙයින් අන්තරා පරිනිබ්බායි නමැ. එය වනාහි උපත හා සමනන්තරව පිරිනිවෙයි. ආයුෂ මධ්‍යයට නොපැමිණ පිරිනිවෙයි. ආයුෂ මධ්‍යයට පැමිණ පිරිනිවෙයි යයි තෙවදෑරුම් වෙයි. එහි අන්තරා පරිනිබ්බායිස්ස යනු අනාගාමීහුය. උපහච්ච පරිනිබ්බායිස්ස යනු ආයුෂ මධ්‍යය ඉක්මවා කාලක්‍රියාවට එළඹෙන්නා වූ ක්ලේශ පරිනිර්වාණයෙන් පිරිනිවන්පානා අනාගාමීහුට, අසංඛාර පරිනිබ්බායිස්ස යනු අසංස්කාරයෙන් අප්‍රයෝගයෙන් අධිමාත්‍ර යෝගයක් නොකොටම ක්ලේශ පරිනිර්වාණයෙන් පිරිනිවෙන ස්වභාව ඇති අනාගාමීහුට, සසංඛාර පරිනිබ්බායිස්ස යනු උත්සාහයෙන් දුකින්, කරදරයෙන්, අධිමාත්‍ර යෝග කරන ලදුයේම ක්ලේශ පරිනිර්වාණයෙන් පිරිනිවෙන ස්වභාව වූ අනාගාමීහුට, උද්ධං සොතස්ස අකනිට්ඨගාමිනො යනු ඉහළට ගෙන යන ස්වභාවයෙන් තෘෂ්ණා ස්‍රෝතස්, වෘත්ත ස්‍රෝතස් මත්තෙහි වන්නේනුයි උද්ධංසොතයි. ඉහළට ගොස් ලැබිය යුතු හෙයින් මාර්ග ස්‍රෝතස මත්තෙහි වන්නේනුයි උද්ධංස්‍රොතයි. අකනිට්ඨගාමි අනාගාමීහුට මේ අනගැමි සිව් අයුරුයි. යමෙක් අවිහයෙහි පටන් සිව්බඹලෝ පිරිසිදුකොට අකනිට්ඨයට ගොස්, පිරිනිවේද මේ උද්ධං සෝත අකනිට්ඨගාමී නමැ. යමෙක් යට තෙඹමලෝ පිරිසිදුකොට, සුදස්සී බ්‍රහ්ම ලෝකයෙහි සිට පිරිනිවේද? මේ උද්ධං ස්‍රෝතයි. අකනිට්ඨගාමි නම් නොවේ. යමෙක් මෙයින් කෙළින්ම අකනිට්ඨයටම ගොස් පිරිනිවේද, මේ උද්ධංස්‍රෝත නොවේ. අකනිට්ඨගාමී නමැ. යමෙක් යට සිව් බ්‍රහ්ම ලෝකයන්හි ඒ ඒ තන්හිම පිරිනිවේද? මේ උද්ධංස්‍රෝත නොවේ. අකනිට්ඨගාමීද නොවේ නමැ. මෙම පඤ්ච අනාගාමීහු සුද්ධාවාසය අරබයා යූ.සේයි. අනාගාමීහු වනාහි රූප රාග අරූප රාගයන්ගේ අප්‍රහීන හෙයින් කැමැති වන්නාහු නම් සෙසු රූපාරූප භවයන්හිද උපදිති. සුද්ධාවාසයෙහි උපන්නා වූ වනාහි අන් තන්හි නූපදිති. අවෙච්චප්ප සන්නා යනු ආර්යමාර්ග වශයෙන් දැන, අවබෝධ කොට, අචල ප්‍රසාදයෙන් ප්‍රසන්න වූවාහු, සොතාපන්නා යනු ආර්යමාර්ග ස්‍රෝතයට පැමිණියාහු. මෙයින් සියලුම ආර්ය ඵලස්ථ පුද්ගලයෝ ගන්නා ලද්දාහුය.

භවවිභවදිට‍්ඨිනිද‍්දෙසවණ‍්ණනා නිට‍්ඨිතා.

සද‍්ධම‍්මප‍්පකාසිනියා පටිසම‍්භිදාමග‍්ගට‍්ඨකථාය

සද්ධර්ම ප්‍රකාශනී ප්‍රතිසම්භිදා මාර්ග අර්ථ කථායෙහි

දිට‍්ඨිකථාවණ‍්ණනා නිට‍්ඨිතා.

දෘෂ්ටිකථා වර්ණනාව නිමි.