1. ගණනවාරවණ්ණනා අට්ඨකථා
1. ගණනවාරවණ්ණනා
1. ගණනවාර වර්ණනාව
ඉදානි දිට්ඨිකථානන්තරං කථිතාය ආනාපානස්සතිකථාය අපුබ්බත්ථානුවණ්ණනා අනුප්පත්තා. අයඤ්හි ආනාපානස්සතිකථා දිට්ඨිකථාය සුවිදිතදිට්ඨාදීනවස්ස මිච්ඡාදිට්ඨිමලවිසොධනෙන සුවිසුද්ධචිත්තස්ස යථාභූතාවබොධාය සමාධිභාවනා සුකරා හොති, සබ්බසමාධිභාවනාසු ච සබ්බසබ්බඤ්ඤුබොධිසත්තානං බොධිමූලෙ ඉමිනාව සමාධිනා සමාහිතචිත්තානං යථාභූතාවබොධතො අයමෙව සමාධිභාවනා පධානාති ච දිට්ඨිකථානන්තරං කථිතා. තත්ථ සොළසවත්ථුකං ආනාපානස්සතිසමාධිං භාවයතො සමධිකානි ද්වෙ ඤාණසතානි උප්පජ්ජන්තීති ඤාණගණනුද්දෙසො, අට්ඨ පරිපන්ථෙ ඤාණානීතිආදි ඤාණගණනනිද්දෙසො, කතමානි අට්ඨ පරිපන්ථෙ ඤාණානීතිආදි. ඉමානි එකවීසති විමුත්තිසුඛෙ ඤාණානීතිපරියන්තං සබ්බඤාණානං විත්ථාරනිද්දෙසො, අන්තෙ සොළසවත්ථුකං ආනාපානස්සතිසමාධිං භාවයතොතිආදි නිගමනන්ති එවං තාව පාළිවවත්ථානං වෙදිතබ්බං.
දැන් දෘෂ්ටි කථානන්තරව කියන ලද, ආනාපාන සති කථාවෙහි පෙර සඳහන් නොකළ විරූ අර්ථ වර්ණනාව පැමිණියේය. මෙම ආනාපාන සති කථාව, දෘෂ්ටි කථාවෙන් මනාව දත් දෘෂ්ටි ආදීනවයන්ගේ, මිථ්‍යා දෘෂ්ටි මල, මනා සෝධනයෙන් සුවිසුද්ධ සිතැත්තහුට යථා ස්වභාව අවබෝධයෙන් සමාධි භාවනාව පහසු වේ. සියලු සර්වඥ බෝධිසත්ත්වයින්ට, බෝධි මූලයෙහිදී සියලු සමාධි භාවනාවන් අතර, මෙම භාවනා සමාධියෙන්ම සමාධිගත සිතැත්තේ, තත්වාකාරාවබෝධය වන හෙයින්, මෙම සමාධි භාවනාවම ප්‍රධානයැයි දෘෂ්ටිකථානන්තරව කියන ලදි. එහි, සොළස වත්ථුකං ආනාපාන සති සමාධිං භාවයතො සමධිකානි ද්වෙ ඤාණ සතානි උප්පජ්ජන්ති යනු ඤාණයන්හි ප්‍රමාණය උදෙසීමයි. අට්ඨ පරිපන්ථෙ ඤාණානි යන ආදිය ඤාණ ප්‍රමාණ නිර්දේශයයි. කතමානි අට්ඨ පරිපන්ථෙ ඤාණානි ආදියද ඉමානි එකවීසති විමුත්ති සුඛෙ ඤාණානි ආදිය කෙළවරකොට ඇති සියලු ඤාණයන්ගේ විස්තර නිර්දේශයයි. කෙළවරෙහි සොළස වත්ථුකං ආනාපාන සති සමාධිං භාවයතො යන ආදිය නිගමනයැයි මෙසේ පළමුව පෙළෙහි නියමකොට දැක්වීම දතයුතුය.
තත්ථ ගණනුද්දෙසෙ ගණනවාරෙ තාව සොළසවත්ථුකන්ති දීඝං රස්සං සබ්බකායපටිසංවෙදී පස්සම්භයං කායසඞ්ඛාරන්ති කායානුපස්සනාචතුක්කං, පීතිපටිසංවෙදී සුඛපටිසංවෙදී චිත්තසඞ්ඛාරපටිසංවෙදී පස්සම්භයං චිත්තසඞ්ඛාරන්ති වෙදනානුපස්සනාචතුක්කං, චිත්තපටිසංවෙදී අභිප්පමොදයං චිත්තං සමාදහං චිත්තං විමොචයං චිත්තන්ති චිත්තානුපස්සනාචතුක්කං, අනිච්චානුපස්සී විරාගානුපස්සී නිරොධානුපස්සී පටිනිස්සග්ගානුපස්සීති ධම්මානුපස්සනාචතුක්කන්ති ඉමෙසං චතුන්නං චතුක්කානං වසෙන සොළස වත්ථූනි පතිට්ඨා ආරම්මණානි අස්සාති සොළසවත්ථුකො. තං සොළසවත්ථුකං. සමාසවසෙන පනෙත්ථ විභත්තිලොපො කතො. ආනන්ති අබ්භන්තරං පවිසනවාතො. අපානන්ති බහිනික්ඛමනවාතො. කෙචි පන විපරියායෙන වදන්ති. අපානඤ්හි අපෙතං ආනතොති අපානන්ති වුච්චති, නිද්දෙසෙ (පටි· ම· 1.160) පන නා-කාරස්ස දීඝත්තමජ්ඣුපෙක්ඛිත්වා ආපානන්ති. තස්මිං ආනාපානෙ සති ආනාපානස්සති, අස්සාසපස්සාසපරිග්ගාහිකාය සතියා එතං අධිවචනං. ආනාපානස්සතියා යුත්තො සමාධි, ආනාපානස්සතියං වා සමාධි ආනාපානස්සතිසමාධි. භාවයතොති නිබ්බෙධභාගියං භාවෙන්තස්ස. සමධිකානීති සහ අධිකෙන වත්තන්තීති සමධිකානි, සාතිරෙකානීති අත්ථො. ම-කාරො පනෙත්ථ පදසන්ධිකරො. කෙචි පන “සංඅධිකානී”ති වදන්ති. එවං සති ද්වෙ ඤාණසතානියෙව අධිකානීති ආපජ්ජති, තං න යුජ්ජති. ඉමානි හි වීසතිඅධිකානි ද්වෙ ඤාණසතානි හොන්තීති.
එහි ප්‍රමාණ උදෙසීම් ගණන් වාරයෙහි, පළමුව සොළස වත්ථුකං යන්නෙහි, දීර්ඝ, හ්‍රස්ව, සබ්බකාය පටිසංවෙදී පස්සම්භයං කායසංඛාරං යනු කායානුපස්සනා චතුෂ්කයයි. ප්‍රීති පටිසංවෙදී, සුඛ පටිසංවෙදී, චිත්ත සංඛාර පටිසංවෙදී පස්සම්භයං චිත්ත සංඛාරං යනුවෙන් වේදනානුපස්සනා චතුෂ්කයයි. චිත්ත පටිසංවෙදී, අභිප්පමොදයං චිත්තං සමාදහං චිත්තං විමොචයං චිත්තං යනු චිත්තානුපස්සනා චතුෂ්කයයි. අනිච්චානුපස්සී, විරාගානුපස්සී, නිරොධානුපස්සී, පටිනිස්සග්ගානුපස්සී යනු ධම්මානුපස්සනා චතුෂ්කයයි යන මේ සිව් චතුෂ්කයන්ගේ වශයෙන් සොළොස් වස්තූන් ආධාරය අරමුණු මෙයටනුයි සොළොස් වස්තුකයි. ඒ සොළොස් වස්තුකය මෙහි සමාස වශයෙන් විභක්ති ලෝපය කරන ලදි. ආන යනු අභ්‍යන්තරයට පිවිසෙන වාතයයි. අපාන යනු පිටත නික්මෙන වාතයයි. සමහරු වනාහි වෙනස් ක්‍රමයෙන් කියති. අපානං යනු ආශ්වාසයෙන් පහවූයේ අපානයැයි කියති. නිර්දේශයෙහි වනාහි, නකාරයෙහි, දීර්ඝත්වය අධ්යුපේක්ෂණය කොට ආනයැයි යූ.සේයි. එම ආනාපානයෙහි සිහිය ආනාපාන සතියි. ආස්වාස පරිග්රාහික සිහියට එය විශේෂ නාමයකි. ආනාපාන සිහියෙන් යුත් සමාධිය, ආනාපාන සතියෙහි හෝ සමාධිය ආනාපාන සති සමාධියි. භාවයතො යනු තියුණු අවබෝධයෙන් වඩන්නහුට, සමධිකානි යනු අධිකය සමග පවතිත්නුයි සමධිකානියි අතිරේක සහිතයැයි අර්ථයි. මෙහි මකාරය පදසන්ධිකාරකයි. සමහරු සමධික යැයි කියති. මෙසේ ඇති කල්හි ඤාණ දෙසියයක්ම අධික කොටයැයි කීමට පත්වේ. එය නොයෙදේ. මෙම ඤාණ දෙසිය විස්සක්ම වේ.
පරිපන්ථෙ ඤාණානීති පරිපන්ථං ආරම්මණං කත්වා පවත්තඤාණානි. තථා උපකාරෙ උපක්කිලෙසෙ ඤාණානි. වොදානෙ ඤාණානීති වොදායති, තෙන චිත්තං පරිසුද්ධං හොතීති වොදානං. කිං තං? ඤාණං. “වොදානඤාණානී”ති වත්තබ්බෙ “සුතමයෙ ඤාණ”න්තිආදීසු (පටි· ම· මාතිකා 1.1; පටි· ම· 1.1) විය “වොදානෙ ඤාණානී”ති වුත්තං. සතො සම්පජානො හුත්වා කරොතීති සතොකාරී, තස්ස සතොකාරිස්ස ඤාණානි. නිබ්බිදාඤාණානීති නිබ්බිදාභූතානි ඤාණානි. නිබ්බිදානුලොමඤාණානීති නිබ්බිදාය අනුකූලානි ඤාණානි. නිබ්බිදානුලොමිඤාණානීතිපි පාඨො, නිබ්බිදානුලොමො එතෙසං අත්ථීති නිබ්බිදානුලොමීති අත්ථො. නිබ්බිදාපටිප්පස්සද්ධිඤාණානීති නිබ්බිදාය පටිප්පස්සද්ධියං ඤාණානි. විමුත්තිසුඛෙ ඤාණානීති විමුත්තිසුඛෙන සම්පයුත්තානි ඤාණානි.
පරිපන්ථෙ ඤාණානි යනු උවදුරු අරමුණුකොට පැවැති ඤාණ උපක්ලේශ උපකාරයෙහි ඤාණද එසේය. වොදානෙ ඤාණානි යනු පිරිසිදු කෙරේ. එයින් සිත පිරිසිදු වේයයි = වොදානංයි. එය කිමෙක්ද? ඤාණයයි. වොදාන ඤාණානියි කිවයුතු කල්හි, ‘සුතමයෙ ඤාණං’ ආදීන්හි මෙන් ‘වොදානෙ ඤාණානි’යි යූ.සේයි. සිහියෙන් මනා නුවණින් කෙරේනුයි සතොකාරියි. ඒ සතොකාරිස්ස ඤාණානි, නිබ්බිදා ඤාණානි නිර්වේදයට හේතුවූ ඤාණ. නිබ්බිදානුලොම ඤාණානි යනු නිර්වේදයට අනුකූල ඤාණ, නිබ්බිදානුලොම් ඤාණයයිද පාඨයි. නිර්විදානුලෝමය ඔවුන්ට ඇත්තේනුයි නිබ්බිදානුලොමියි අර්ථයි. නිබ්බිදා පටිප්පස්සද්ධි ඤාණානි යනු නිර්වේදයාගේ සංසිඳීමෙහි ඤාණ. විමුත්ති සුඛෙ ඤාණානි යනු විමුක්ති සුවය හා සම්ප්‍රයුක්ත ඤාණ.
කතමානි අට්ඨාතිආදීහි පරිපන්ථඋපකාරානං පටිපක්ඛවිපක්ඛයුගලත්තා තෙසු ඤාණානි සහෙව නිද්දිට්ඨානි. කාමච්ඡන්දනෙක්ඛම්මාදීනි හෙට්ඨා වුත්තත්ථානි. උපකාරන්ති ච ලිඞ්ගවිපල්ලාසවසෙන නපුංසකවචනං කතං. සබ්බෙපි අකුසලා ධම්මාති වුත්තාවසෙසා යෙ කෙචි අකුසලා ධම්මා. තථා සබ්බෙපි නිබ්බෙධභාගියා කුසලා ධම්මා. “පරිපන්ථො උපකාර”න්ති ච තං තදෙව අපෙක්ඛිත්වා එකවචනං කතං. එත්ථ ච පරිපන්ථෙ ඤාණානි ච උපකාරෙ ඤාණානි ච පුච්ඡිත්වා තෙසං ආරම්මණානෙව විස්සජ්ජිත්වා තෙහෙව තානි විස්සජ්ජිතානි හොන්තීති තදාරම්මණානි ඤාණානි නිගමෙත්වා දස්සෙසි. උපක්කිලෙසෙ ඤාණාදීසුපි එසෙව නයො.
කතමානි අට්ඨ යනාදීන්හි උවදුරු උපකාරයන්ගේ ප්රතිපක්ෂ, විපක්ෂ යුගල හෙයින් එම ඤාණයෝ එකටම නිර්දේශ කරන ලදහ. කාමච්ඡන්ද නෙක්ඛම්මාදීනි යට කියන ලද අර්ථමය. උපකාරං යනු ලිංග විපර්යාස වශයෙන් නපුංසක වචනය කරන ලදි. සබ්බෙපි අකුසලා ධම්මා යනු දක්වන ලද්දෙන් ශේෂ යම්කිසි අකුසල් ධර්ම කෙනෙක් වෙත්ද ඒවා, සියලුම නිර්වේදභාගී කුසල්දම් ද එසේමය. කුසලා ධම්මා උවදුර, උපකාරය යන එය එයම අපේක්ෂාකොට ඒකවචන කරන ලදි. මෙහිද උවදුරු ඤාණද, උපකාර ඤාණද විචාරා, ඒවාහි ආරම්මණයන්ම විසඳා, ඒවායින්ම ඒවා විසඳන ලද්දේ වෙත්යැයි, තදාරම්මණයන් නිගමනයකොට දැක්වීය. උපක්කිලෙසෙ ඤාණාදීන් හිද එම ක්‍රමයමැයි.
ගණනවාරවණ්ණනා නිට්ඨිතා.
ගණන් වාර වර්ණනාව නිමි.