2-13. අත්තවාදපටිසංයුත්තා දිට්ඨි
2-13. අත්තවාදපටිසංයුත්තා දිට්ඨි.
2-13. ආත්මවාදප්රතිසංයුක්තදෘෂ්ටිය
අත්තවාදපටිසංයුත්තාය දිට්ඨියා කතමෙහි වීසතියා ආකාරෙහි අභිනිවෙසො හොති:
ආත්මවාදප්‍රතිසංයුක්තදෘෂ්ටියෙහි කවර විසි අයුරෙකින් අභිනිවේශය වෙයි යත්:
ඉධ අස්සුතවා පුථුජ්ජනො අරියානං අදස්සාවී අරියධම්මස්ස අකොවිදො අරියධම්මෙ අවිනීතො, සප්පුරිසානං අදස්සාවී සප්පුරිසධම්මස්ස අකොවිදො සප්පුරිසධම්මෙ අවිනීතො, රූපං අත්තතො සමනුපස්සති, රූපවන්තං වා අත්තානං, අත්තනි වා රූපං, රූපස්මිං වා අත්තානං -පෙ- වෙදනං -පෙ- සඤ්ඤං -පෙ- සඞ්ඛාරෙ -පෙ- විඤ්ඤාණං අත්තතො සමනුපස්සති, විඤ්ඤාණවන්තං වා අත්තානං, අත්තනි වා විඤ්ඤාණං විඤ්ඤාණස්මිං වා අත්තානං -පෙ-
මෙලොව (බුද්ධාදී) ආර්‍ය්‍යයන් නො දක්නා සුලු ආර්ය්යධර්මයෙහි අදක්ෂ වූ ආර්ය්යධර්මයෙහි අවිනීත වූ සත්පුරුෂයන් නො දක්නා සුලු සත්පුරුෂධර්මයෙහි අදක්ෂ වූ සත්පුරුෂධර්මයෙහි අවිනීත වූ අශ්‍රැතවත් පෘථග්ජන තෙම රූපය ආත්මවශයෙන් දකී. ආත්මය රූපවත් කොට හෝ රූපය ආත්මයෙහි ලා හෝ ආත්මය රූපයෙහි ලා හෝ ... වේදනාව සංඥාව ... සංස්කාරයන් ... විඥානය ආත්මවශයෙන් දකී. ආත්මය රූපවත් කොට හෝ විඥානය ආත්මයෙහි ලා හෝ ආත්මය විඥානයෙහි ලා හෝ ...
කථං රූපං අත්තතො සමනුපස්සති:
කිසෙයින් රූපය ආත්මවශයෙන් දක්නේ ද යත්:
ඉධෙකච්චො පඨවීකසිණං -පෙ- ඔදාතකසිණං අත්තතො සමනුපස්සති, ‘යං ඔදාතකසිණං සො අහං, යො අහං තං ඔදාතකසිණ’න්ති ඔදාතකසිණඤ්ච අත්තඤ්ච අද්වයං සමනුපස්සති. සෙය්යථාපි ‘තෙලප්පදීපස්ස ඣායතො යා අච්චි, සො වණ්ණො යො වණ්ණො සා අච්චි’ති අච්චිඤ්ච වණ්ණඤ්ච අද්වයං සමනුපස්සති. එවමෙව ඉධෙකච්චො ඔදාතකසිණං අත්තතො සමනුපස්සති -පෙ- අයං පඨමා රූපවත්ථුකා අත්තවාදපටිසංයුත්තා දිට්ඨි අත්තවාදපටිසංයුත්තා දිට්ඨි මිච්ඡාදිට්ඨි -පෙ- ඉමානි සඤ්ඤොජනානි න ච දිට්ඨියො. එවං රූපං අත්තතො සමනුපස්සති -පෙ-
මෙලොව ඇතැමෙක් පඨවිකසිණය ... ඕදාතකසිණය ආත්මවශයෙන් දකී. “යමෙක් ඔදාතකසිණ වේ ද, හේ මම වෙමි. යමෙක් මම වේ ද හේ ඕදාතසකසිණ වේ”යයි ඕදාතකසිණයත් තමාත් එකක් මැ කොට දකී. යම්සේ දැල්වෙන තෙල්පහනක්හුගේ යම් සිළුවක් වේ ද හේ වර්ණ වෙයි, යමෙක් වර්ණ වේ ද හෝ සිළුව වේ” යයි සිළුවත් වර්ණයත් එකක් මැ කොට දක්නේ ද, එපරිද්දෙන් මැ මෙලොව ඇතැමෙක් ඕදාතකසිණය ආත්ම වශයෙන් දකී ... මේ පළමුවනු වූ රූපවස්තුකආත්මවාදප්රතිසංයුක්තදෘෂ්ටි වේ. ආත්මවාදප්රතිසංයුක්තදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි. මෙසෙයින් රූපය ආත්මවශයෙන් දකී ...
අත්තවාදපටිසංයුත්තාය දිට්ඨියා ඉමෙහි වීසතියා ආකාරෙහි අභිනිවෙසො හොති.
ආත්මවාදප්‍රතිසංයුක්තදෘෂ්ටියෙහි මේ විසිඅයුරින් අභිනිවේශය වේ.